My followers

Tuesday 11 October 2011

"මොකද මචං වුනේ"

චිත්‍රය ඇන්දේ මට හිතෙන හැටි  සහ  HeyDude ලියන "හෙන්රි බ්ලොග් වෝකර්" විසිනි



කුරුණෑගල කාලයක් වැඩ කොලාට පස්සෙ,ප්‍රොමෝෂන් එකක් හම්බවෙලා, ගිරිඋල්ල, මාහෝ, තව මෙකී, නොකී, ඩිපෝ වලත් කරක් ගහල මම  අන්තිමට ලංගොම වැඩ කොලේ අලව්ව ඩිපෝවෙ. ලංගම කෂ්ටියගෙ කතාවක් තියෙනව, ලංගම අයට පැන්ෂන් යනකොට ඉතුරු වෙන්නෙ "තට්ටෙය්, ලොකුවයින් ලබ්බකුය්" විතරය් කියල. ඉස්කෝලෙ යන කාලෙ ගණන් ඔක්කොම වැරදිලා, බිංදුවක් හම්බ වුනාම කියන ලබ්බද වෙන ලබ්බක්ද කියන්න නං, ඕන් මං දන්නෙ නැහැ.

ඔබීගෙද, කෙල්ලො දෙන්නගෙද, මගෙද, දන්නැහැ ග්‍රහයෙක් මාරු වෙලා හරි වෙන මොකක් හරි වෙලා හරි, මට පැන්ෂන් යනකන් ලංගමේ ඉඳල තට්ටෙය්, බිංදුවය් දාගන්න තිබිච්ච චෑන්ස් එක නැති වුනා. මගෙ වයස 34-35 විතර කාලේ වෙනකොට, ඊට ඉස්සර ධාවන අංශෙ සේවකයන්ට විතරක් දීල තිබුන, වන්දි මුදලක් එක්ක "ස්ව-කැමැත්තෙන් ඉල්ලා අස්වීමේ, පරිපාටියද" මොකද්ද නමකින් හැඳින්වුන ලංගම ස්කීම් එකට ඉංජිනේරු අංශෙ සේවකයන් වත් හදිසියෙම ඇතුල් කළා. ඔය කාලෙම ගුරුවරුන්ට, ගුරුවරියන්ටත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම පැන්ෂන් යන්න ස්කීම් එකක් ගෙනාව. ඉතින් අපි දෙන්න, ලංගමේටය්, ගුරුසේවෙටය් ආය්බෝං කියල, ගම්පහ ටවුමෙ, පොඩි කරල වලං කඩයක් නෙමේ, ග්රොසරියක් දාගෙන ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනකන්, මාස හයක් විතර මුදලාලිල වුනා. මුදලාලි වැඩෙත් හැබය්, තට්ටෙය් බින්දුවය් හම්බෙනකන් කොරන්න ලැබුන් නැහැ.

මං අලව්ව ඩිපෝවෙ වැඩ කරන කාලෙ සිද්ධ වුන දෙයක් තමා කියන්න යන්නෙ අද. ලංගම රියදුරු, කොන්දොස්තර මහත්තුරුන්ට, තියෙනව, සේවා මුර ක්‍රමයක් මෙන්න මෙහෙම. දවල්ට වැඩ පටන් අරන්, අන්තිම ට්‍රිප් එක වෙනකම් බස් එක දුවල, රෑට ඩිපෝවෙ නිදා ගන්නව. ඩිපෝවෙ, විවේකාගාර ඒ කියන්නෙ සිංහලෙම්ම කිව්වොත් "රෙස්ට් රූම්" තියෙනව ඇඳන් සහ අනිත් පහසුකන් එක්ක එයාලට රාත්‍රිය ගත කරන්න. ඒ අන්තිම ට්‍රිප් එක දුවපු අයම, පහුවදා පාන්දර පළවෙනි ට්‍රිප් එකේ ඉඳල දවල් වෙනකම් බස් එක දුවල, දවල්ට ඕෆ් වෙලා ගෙදර යනව. ආයෙත් වැඩට එන්නෙ පහුවදා දවල්ට.

මෙහෙම රෑ කාලෙ, ඩිපෝවෙ විවේකාගාරෙ නිදාගත්ත රියදුරු මහත්තයෙක් පාන්දර නැගිටල ලොකු ඈනුමක් අරින ගමං අත් දෙක ඉහලටම ඉස්සුව හිරි අරින්න. අහල ඇතිනෙ සමහරුන්ට ඈනුම් ඇරියම හක්ක පැනල, කට වහගන්න බැරුව යනව. ඒවගේම සමහරුන්ගෙ අත් උඩටම ඉස්සුවම, උරහිස් ජොයින්ට් පැනල, අත් දෙක පහලට දාගන්න බැරුව යනව කියල. අපේ ඩ්‍රයිවර් මහත්තයගෙ වාසනාවට හක්ක පැන්නෙ නැහැ, ඒ වුනාට අවාසනාවට උරහිස් ජොයින්ට් පැන්න.

විවේකාගාරෙ හිටිය අනිත් කොන්දොස්තර, ඩ්‍රයිවර්, මහත්තුරු ෆුල් ට්‍රය් එකක් දුන්න පොරගෙ අත් දෙක පහලට දාගන්න. ම්හු....මොන සෙල්ලං දැම්මත්, අත් දෙක පහලට දාගන්න බැරි වුනා. වෙලාවට අලව්ව ඩිපෝවට අල්ලපු වැටේ තියෙන්නෙ, රජයේ රෝහල. කට්ටිය ලෙඩාව අරන්  ගිහිං  තියෙනව රෝහලට.

අලව්ව රජයේ රෝහල කිව්වට, කාලෙ ගැහැණු වාට්ටුවකුය්, පිරිමි වාට්ටුවකුය්, තිබුන එක දොස්තර කෙනෙක් හිටිය, පොඩි රෝහලක් ඒක. ඒ දවස් වල ඒ රෝහලේ හිටියෙ, අපේ නලිනි චන්දිමා දොස්තරනෝන  වගේ තරුණ දොස්තර නෝන කෙනෙක්. මට මතක විධියට මූණුවරත්, අපේ දොස්තර නෝනගෙ වගේ. ඒ කාලෙ හිටිය දොස්තර නෝන කසාද බැඳපු කෙනෙක් නෙමේ. අම්මය් තාත්තය් එක්ක ඉස්පිරිතාලේ ඉස්සරහම, පාරෙන් අනිත් පැත්තෙ තිබුන නිල නිවාසෙ පදිංචි වෙලා හිටියෙ.

අල්ලපු වැටේ තියෙන ආයතන දෙකක් හන්ද ඉස්පිරිතාලෙය්, ඩිපෝවය් අතරෙ සෑහෙන සම්භන්ද කමක් තිබුන. ඉස්පිරිතාලෙ ට්‍රොලි, ඇඳන්, එහෙම කැඩුනම කිසිම පැකිලීමක් නැතුව ඩිපෝවෙන් ඒව රෙපෙයාර් කරල දෙනව. ඒ වගේම ඩිපෝවෙ කාට හරි බෙහෙත් ගන්න, තුවාලෙකට බේත් දාගන්න, එහෙම ඕනෙ වුනොත් ඉස්පිරිතාලෙ අයිතිකාරයො වගේ තමා එහෙ යන්නෙ, ගියාම උපරිම සපෝර්ට් එක ලැබෙනව. ඉතින් අපේ ලෙඩාව පාන්දර හතරට විතර අරං ගියාම, නයිට් ඩියුටි හිටිය ඇටෙන්ඩන් මහත්තය දුවල ගිහිං දොස්තර නෝනව අවදි කෙරෙව්වලු. දොස්තර නෝනත් a.s.a.p. ඒ කියන්නෙ සිංහලෙන් කිව්වොත් "ඈස් සූන් ඈස් පොසිබල්" දුවගෙන ආවලු.

ඉතින්  දොස්තර නෝන එලිය වැටෙන්නත් ඉස්සෙල්ල ඇවිල්ල, එයා දන්න ශිල්ප ඔක්කොම භාවිතා කරල, ඩ්‍රයිවර් උන්නැහෙගෙ අත් දෙක පාතට දාගන්න ෆුල් ට්‍රය් එකක් දුන්නට, දෙකම තියා, එකක් වත් පාතට දාන්න පුළුවන් වුනේ නැහැලු. දැන් ලෙඩාව කෑගල්ලෙ හරි කුරුණෑගල හරි රෝහලකට ගෙනියන්න සාකච්චාව යන අතරේ, දවල් ඩියුටියට නියමිත ඇටෙන්ඩන් ගොය්යත් ආවලු සීන් එකට. පොර අපේ "ලෙඩා ඩ්‍රයිවර් උන්නැහෙගෙත්" හිතවතෙක්ලු. ළඟටම ඇවිල්ල, "මොකද මචං වුනේ" කියල විස්තරේ අහන ගමං, කැඩුවලු ලෙඩාගෙ සරම, දොස්තර නෝනත් ඉන්න තැනම.

ලෙඩා ක්ෂණිකව අත් දෙකම පාත් කරල සරම අල්ල ගත්තලු.

74 comments:

  1. ඔව් ඉතින් නැගිට්ට ගමන් නේ ආවේ...ෆුල් සිවිල් පිට....

    ReplyDelete
  2. @ මය්යා,
    නැස්තන්....... නැස්තන්

    ReplyDelete
  3. ඔබා අය්ය හිතනවද හැමෝම එහෙම කරයි කියල සරම කැඩුවම...හොඳ ශෝක් එකට ඉඳීවි උඹ කැඩුවනම් උඹම අන්දවපන් කියල...

    ReplyDelete
  4. පලවෙනි එක මකපු හෙතුව අයිය දන්නවනේ.
    දැන් ආයිත් මේක ලියන්නම්,
    ඔන්න මේ වැඩේ මෙයිට කලින් වෙලාතියනවා තරුණ ගෑනු ලමේක්ට. වතුර කල ගෙඩිය උස්සලා ගනිද්දි නාන වෙලාවේ. එතකොට එතැනට ආපු වෙද මහතැන් කෙනෙක් තමයි ඔය වැඩේ කලින්ම අත්හදා බලල තියන්නේ. දිය රෙද්ද කැඩුව ගමන ලමයගේ අත හරි.

    දෙවනි කථාව මටමයි වුනේ. ඒ මම කුරුණැගල වෙලගෙදර රෝහලේ වැඩ කරන කාලේ. දවසක් පාන්දරින්ම රෝගියෙක් ගෙනාව. අයියගේ රෝගියා වගේම අත් පැනලා. මේකෙදි මම එදා ප්‍රධාන වෛද්‍ය වැඩ බලන. කරුමේ මටමයි යන්න වුනේ මේක දමන්න. අත දැම්මා හරියට. හැබැයි මම හිටියෙ වැරදි ඉරියව්වක. කෙලින්ම රෝගියා ඉදිරිපිට ඒක වැරදි. අත නිසි විදියට සකස් වෙත්දි එන වේදනාවට මේක දුන්න මට පයිං පාරක්, මම බිම දොයි. තව නූලෙන් දුවෙක් හදාගන්න වෙන්නෙත් නැහැ.

    ReplyDelete
  5. ඒ ඇටෙන්ඩන් ගොය්යට ප්‍රොමෝෂන් එකක් ඒ වෙලාවෙම ලැබෙන්ට ඇතිනේ?...:D

    ReplyDelete
  6. හික් හික්...

    ඔය වගේ ක්‍රම දේශීය වෛද්‍යවරු පාවිච්චි කරනව කියල අහලා තියෙනවා.

    ReplyDelete
  7. ඔබා මාමගෙ යාලුවො ගැන කවර කතාද?... ඔබා මාම වගේම නැතෑ...

    ReplyDelete
  8. අත් දෙකනං පාත දා ගත්තා කියමුකෝ... එතකොට...

    ReplyDelete
  9. පෙනේද ගිම්හානි කියලා තියෙන කතාව. දෙන්න බලන්න උදාහරණ කීපයක්.
    henryblogwalker the Dude

    ReplyDelete
  10. ඕං ඉතිං බලන්න ඔබා මාමාටත් වෙලා තියන දේවල්! :D

    ReplyDelete
  11. @Dude
    අපි ට්‍රිප් එකක් ගියපු වෙලාවක ඔහොම අත් උස්සගෙන කොල්ලෙක් නැටුවා
    සරම ඇඳල හිටියෙ රෑ කට්ටිය සෙට් උන වෙලාවෙ. එතන හිටපු එකෙක් කැඩුව සරම. මූ කිසි ගානක් නැතුව නැටුවනෙ කෙල්ලො ඉස්සරහ.. පස්සෙ කඩපු එකාම සරම ඇන්දුවා සික් විතරක්...

    ReplyDelete
  12. ඒ ඩ්‍රයිවර මහත්තය පැන්ෂන් යන්න කිට්ටු වෙලාද හිටියේ? එහෙමනම් සමහර විට අර දොස්තර නෝනා ජල පුඤ්ඡයට ( http://cmprs.me/x5gb ) ප්‍රතිකාර කොරන්නත් උදේ පාන්දරම පටන් ගන්න ඇති.

    ReplyDelete
  13. @ගිම්හානි : ඉතින් කෙල්ලෝ ටිකට අහක බලාගෙනම ඉන්න ඇති නේද ?

    :D

    ReplyDelete
  14. අර කීවත් වගේ උඹම සරම කැඩුවානම් උඹම අන්දවපන් කියන ඩයල් නම් ඉන්නවා තමයි. දවසක් දහම් පාසලේ පන්සිල් ගනිද්දි කොල්ලෙක්ගේ සරමක් කඩලා මුගෙ සරම නෙවෙයි වගේ හිටියානොවෑ........ අන්තිමට කඩපු එකාට ලැජ්ජා හිතිලා ඌම ඇන්දුවා.

    ReplyDelete
  15. ඔය ගිම්හානි කියන්නැහේ අපේ සෙට් එකෙත් හිටිය පොරක් ඌටත් හෙලුවැල්ල කියන එක ගානක් නැහැ.. අපි උගෙ සරම කඩනවා තියා සරම බුරුල් වෙලා තිබ්බත් ටක් ගාලා ගිහින් අන්දවනවා..
    ඔබා අයියෙ..තට්ටෙ නම් පෑදි ගෙන එනවා පෙනේ..ලබ්බ නම් මන් දන්නෙ නැහැ..ඒත් අර සයිබර සැනකෙලියෙ ෆොටෝ වල තියෙන විදියට නම්..තට්ටෙයි, බඩයි නම් ඉතුරු වෙයි වගේ !!!

    ReplyDelete
  16. ගිම්හානී හරියටම හරි.. දැන් ඔය වැඩේ කරලා අත පහලට දම්මන්න බැහැ.. ඔය වැඩේ කරන්න ඇත්තේ අපේ ඔබා උන්නැහේ තමයි.. සොරි සොරි .. ඔය වැඩේ වෙන්න ඇත්තේ ඔබාටමයි..

    ReplyDelete
  17. අපෝ අපේ හොස්ටල් එකෙත් ඉන්නවා මාතර ඩයල් එකක්. දෙකක් දාගත්තම ඇඟේ ඇඳුම් නැහැ. නටනවා ඉවරයක් නැහැ. රෙදි නැහැ කියල ඌට ගානකුත් නැහැ.. :D

    ReplyDelete
  18. ඔය ලොකු ලොකු දොස්තරලට කරන්න බැරි දේවල් කරන්න සමහර ඇටෙන්ඩන්ලට පුලුවං තමයි.
    හොද වෙලාවට දොස්තර නෝන කෙනෙක් හිටියෙ. පිරිමි දොස්තර කෙනෙක් හිටියනං ඔය ක්‍රමේ හරියන්නෙ නෑ.

    ReplyDelete
  19. තමන්ගෙ අත්දැකීම් අනුන්ට උනා වගේ රසවත්ව ලියන එකත් දක්ශතාවයක්, අපි අගයන්න ඕනෙ මෙන්න මේ වගේ අය. :D :D

    ReplyDelete
  20. අවුරුදු 50ක් ඉක්මවූ රසබර අත්දැකීම්....

    ReplyDelete
  21. ශික් මේ අපේ පැත්තේ උන් ඔහොමම තමා.. (මම මේ කිවේ වයබ පලතේ උන්).. කොහොම හරි මේකත් ඔබා මාමාටම උන කථාවක් තමා... ඒකනේ ඉක්මනට පැන්ශන් එකත් ගත්තේ.........

    ReplyDelete
  22. මේ කියන සරම කඩන වැඩේ මං නම් දැකලා තියනවා! ඒක සිංහල වෙද මහත්තුරු පාවිච්චි කරනවා තමයි!

    නියම කතාව ඔබා මාමා!වෙනදා වගේම එළ!

    ReplyDelete
  23. බලන්න ඉතින් දේශීය වෛද්‍ය ක්‍රමයක් නේ ඔය කරලා තියෙන්නේ...නික්මටද මං අහන්නේ දේශීය "ක්‍රම" අගය කරන්න කියලා කට්ටිය කියන්නේ..

    ReplyDelete
  24. එල ක්‍රමේ ඔබා මාමේ

    ReplyDelete
  25. අපි ඔය සමහරුන්ගෙ ෆොටෝ දැකලා තියනවා..ඒවායෙ හැටියට ඔය ප්‍රතිකර්මය අහවලුන්ට හරි යන එකක් නැහැ. සරම නැති වුනාට බඩට වැහිලානෙ තියෙන්නෙ..

    ReplyDelete
  26. අර ඇටන්ඩන්ව දොස්තර කමට උසස් කලාද දන්නෑ නේ...

    ReplyDelete
  27. ඔය සිද්දියෙන් පස්සේ දොස්තර නෝනට නූල් බඳින්න වුණා කියලා ආරංචි වුනේ නැත්ද ඔබා අයියේ ?

    ReplyDelete
  28. @ ගිම්හානි,
    ඇත්ත තමා ඒවගෙ කුපාඩිත් නැත්තෙ නැහැ.

    @ වෙද ගෙදර මහ වෙදනා
    අපරාදෙ කලෙත් බිඳුනද දන්නැහැ...හික්ස්....

    කොය් කාලේද කුරුනෑගල හිටියෙ? ගම්පහ මිරිස්වත්ත, යක්කල, පැත්තෙ මම ඉස්සර අඳුනන වයිද්‍ය ජෝඩුවක් කුරුනෑගල වැඩ කලා.
    මැකුව කොමෙන්ට් එකේ තිබ්බ එකෙන් ගැහුව නං ඌ අදහන්න වටිනව....හෙහ්.....හෙහ්...හෙහ්....

    @ Podi Kumarihami
    ඇටෙන්ඩන් ගොය්යට ප්‍රොමෝෂන් දෙන්න වටිනව නං තමා, ඒ වුනාට ලෙඩා ඩ්‍රයිවර් උන්නැහෙට ඒ වෙලාවෙ හරියට අත් දෙක කොන්ට්‍රෝල් නැති හින්ද තමා ගුටි නොකා බේරුනේ කියලය් ආරංචි වුනේ, මහ ඉස්පිරිතාලෙන් මෙහා නවතින්න බැරි ලෙඩක් සුව කරලා දීලත්.....හික්ස්....

    @ ගීතක,
    ඇත්ත වෙන්නැති, මීයගෙ බෝලෙ කරකෝගෙන පොඩ්ඩක් උඩට ගිහින් අපේ වෙද මහත්තයගෙ කොමෙන්ට් එකත් බලන්නකො. හැබය් වෙද මහත්තය මකපු කොමෙන්ට් එකේ තමා කතාවෙ හොඳ හරිය තිබුනෙ හෙහ්...හෙහ්...

    ReplyDelete
  29. @ සාතන්,
    හපෝ, ඔතන හිටිය එක චරිතයක් වත් මං හරියට අඳුනන අය නෙමේ. අඳුනගන්නව නං අඳුනගන්න තිබුනෙ දොස්තර නෝනව, ඒ වුනාට මං ඒ වෙනකොටත් බැඳල, දරුවො දෙන්නෙකුත් ඉන්න තාත්තෙක්

    @ මාරයා,
    එතකොට නින්දෙන් නැගිටලා හුඟක් වෙලා, වෙන මුකුත් (# බරට වත්) ඉස්සිලා තිබුන් නැහැ කියල තමා ආරංචි වුනේ

    @ Dude,
    බලමු ගිම්හානි දෙන උදාහරණ මොනවද කියල එහෙනං

    @ පුසා,
    මට වෙච්ච මගුලක් නෙමේ බොලේ, මං ඒ පළාතෙ වත් හිටියෙ නෑ... නෑ..මය්

    ReplyDelete
  30. @ ගිම්හානි,
    ඉතින් "සික් විතරක්" කිව්වෙ ඇය් ?

    @ ඉඳුනිල්,
    දීල තිබ්බ වෙබ් සයිට් එකටත් ගිහින් බැලුව, ඒත් "ජල පුඤ්ඡය" ගැන තාම ටියුබ් ලයිට් එක පත්තු වුනේ නැහැ

    හා..හා...ගිම්හානිල ලජ්ජා බයට හැදිච්ච කෙල්ලො

    @ ගොඩයා,
    උඹ එහෙම ඔතන අන්දපු හෝ ඇන්දිච්ච එකා නෙමේ නේද?

    @ වෙනි,
    මගේ ෆේස් බුක් පේජ් එකට ගිහින් බලහං, යාලුවෙක් වෙඩිමක් වෙලාවක ලඟදි ගත්ත, මගෙ පින්තුරයක් දාල තියෙනවා, කොහොම හැන්ඩියෙක්ද කියල

    @ සරත් ලංකාප්‍රිය,
    වුනේ මට වුනත්, කාට වුනත්, අර වෙද මහත්තයත් කියල තියෙන්නෙ එහෙම කොරල පාතට දාන්න පුළුවන් කියල. වෙන එකක් තියා වෙද මහත්තය මකපු කොමෙන්ට් එකේ තියෙනව ලෙඩා කරපු තව වැඩකුත්. පුළුවන් ඒ වැඩේ ගෙස් කොරන්න බැලුවනං, ඕන්නං සහයට Dany හැටියට Dude, වෙනියා මදි පාඩුවට ඕනෙ නං ඕනය වත් අඬගහගත්තත් කමක් නැහැ

    ReplyDelete
  31. @ චන්දික,
    චන්දිකත් මාතර පැත්තෙ කියල මං හිතා හිටියෙ...හික්ස්...

    @ ප්‍රසන්න,
    ඔන්න මං වගේ ලැජ්ජ බයට හැදිච්ච එහෙකුට නං පිරිමි දොස්තර කෙනෙක් හිටියත් වැඩේ හරි යනවා

    @ හරී-පිණිපලස,
    මං ඉක්මනට පිණිපලස පැත්තෙ ගිහිනුත් ආව, තමන්ට වෙච්ච දෙයක් අනුන්ට වුනා වගේ ලියල එහෙම තියෙනවද බලන්න. හදිසියට හොයා ගන්න නං බැරි වුනා, ආයෙත් ගිහින් හෙමීට ටයිම් අරන් චෙක් කරලා බලන්නන්කෝ....හිකිස්....

    @ අභීත,
    තාම 88 ක් නැහැ බන්, 58 ය්

    @ දේවා,
    දේවාත් වයඹද? කොය් හරියෙද, මං කුරුණෑගල, ගිරිඋල්ල, කෑගල්ල,අලව්ව, මාහෝ, පැති වල වැඩ කරල තියෙනව. හලාවත, පුත්තලම, නිකවැරටිය,රඹුක්කන,මාවනැල්ල, වාරියපොළ, ගල්ගමුව, අනුරාධපුරේ, මැදවච්චිය පළාත් වල සෑහෙන්න කරක් ගහල තියෙනව රස්සාවේ වැඩ වලට.

    මට වෙච්ච මගුලක් නෙමේ බොලේ, මං ඒ පළාතෙ වත් හිටියෙ නෑ... නෑ..මය්

    ReplyDelete
  32. @ මාධව,
    මං නං වැඩේ කෙරෙනවා දැකල නැහැ. අපේ වෙද මහත්තය ඇරෙන්න ඔයත් තව සාක්කියක් මේ සැක පහල කරන එවුන්ට

    @ Chamma,
    හ්ම්...දේශීය "ක්‍රම" අගය කරන්න ඕනෙ හැබය් වැඩිය තියෙන්නෙ, "ක්‍රම සහ විධි" නෙ

    @ ඇනෝ,
    ඔය උඩින් Chamma ට දීල තියෙන පිළිතුරත් බලන්නකො

    @ ලකී,
    මේ....මේ....ලකී, දුමියට මඩ ගහනවනං උගෙ බ්ලොගේටම ගිහිල්ල මඩ ගහන එක නේද හරි, නැත්තං ඌ තරහ වෙන්නෙ මාත් එක්ක...හික්ස්....

    ReplyDelete
  33. @ දිනේෂ්,
    ඇටෙන්ඩන්ට දොස්තොර කමක් දෙන්න වටිනව නං තමා, ඒ වුනාට ඩ්‍රයිවර් උන්නැහෙට ඒ වෙලාවෙ හරියට අත් දෙක වාරු නැති හිංද, ගුටි නොකා බේරුනේ කියලය් ආරංචි වුනේ, හික්ස්

    @ සඳරු,
    ඒ මොකෝ බං? උඹ හිතන්නෙ දොස්තර නෝනල මහත්තුරු දොස්තර විබාග පාස් කොරන්නෙ පොත් කට පාඩං කොරල කියලද? හික්ස්... එයාල දැකල ඇති අපි උඹල දැකල තියෙන ඒවට වඩා දේවල්.

    ReplyDelete
  34. අනුල එකේ ස්ටේජ් එකේ දාපු ගෙඹි ඩාන්ස් එක මතක් උනා :D

    ReplyDelete
  35. එතකොට ඔබ අයියා ඔය සීන් එකට පස්සේ නේද අර කලින් පැන්ෂන් යන ස්කීම් එකෙන් පැන්ෂන් ගිහින් රටෙනුත් පැන්නේ? ඔන්න මාට්ටු උණා...

    ReplyDelete
  36. මට මැවිලා පේනවා ඩැයිවර් මචංගෙයි දොස්තර නෝනගෙයි මූණවල්. හැබෑටම දොස්තර නෝනගේ හක්ක පැන්නානම් තමයි වැඩේ.

    ReplyDelete
  37. @ ඉන්දික උපශාන්ත,
    දන්නෙ නැහැ ඒ සීන් කෝන් එක. කොමෙන්ට් එකකට දිග වැඩි නං, පෝස්ට් එකක් දාන්න වටින වැඩක් වත්ද කියල හිතුන. එහෙමවත් කළා නං හුදී ජන පහන් සංවේගය පිණිස....


    @ ක්සැන්ඩර්,
    ඕවත් වැඩද ක්සැන්ඩර්....
    ඕවත් වැඩද ..........?

    ඔය්ට වඩා වෙරි සීරියස් වැඩ වෙලා තියෙනවා, ඒවට රටින් ගියෙ නැති එකේ ක්සැන්ඩර් ....ඔය වගේ සිම්පල් කේස් එහෙකට යය්ද?
    මේක වුනේ මට නෙමේ, මට වෙච්ච සිම්පල් කේස් එකක් මතක නැද්ද කිව්වා "තෝර බලය්" පෝස්ට් එකේ. මට වෙච්ච ඒවත් වෙලාව තියෙන විදියට ටිකින් ටික එලියට දාන්නං

    ReplyDelete
  38. මේක සුවර් එකටම ඔබාට වෙච්චි වැඩක් නෙමේ . . . මෙහෙම වෙලා ඔබාගෙ සරම කැඩුවනං අර දොස්තර නෝන ඉස්සරහ. . . . සරම බිම වැටෙන්නෙ නෑ . . . මග ‍රැ‍ඳෙනව . . .

    ReplyDelete
  39. අපොයි... දැන් නම් ඔව්ව අරියන්නෙ නෑ... කඩපු එකාම අන්දනකන් ඉදියි....

    ReplyDelete
  40. ජල පුඤ්ඡය = http://en.wikipedia.org/wiki/Hydrocele_testis

    ReplyDelete
  41. @ ඕනයා,
    ඒ කතාවට නං බං ෆුල්ම ටියුබ් ලයිට්, ඒ මොකෑ ඒ සරම මග රැඳෙන්නෙ?

    @ පිස්සා පලාමල්ල,
    ගිම්හානිත් ඇතුළුව කීප දෙනෙක්ම ඔය කතාව කියල තිබ්බ, අනේ මන්ද දැන් කාලෙ හැදෙන එවුන් නං, උංට ඔය වගේ හදිසි අනතුරක් වුනොත් ඉතින් සනීප කොරන්න ශල්‍ය කරුමයක්ම කොරන්න වෙය්ද මන්ද, ඔය කියන හැටියට.

    @ ඉඳුනිල්,
    ගිහින් කියෝල බැලුව. මං අදමය් ඇහුවෙ ඔය ලෙඩේ ගැන. ඔය කියල තියෙන්නෙ "අන්ඩවාතෙ" කියන එක නෙමේ නේද?

    ReplyDelete
  42. @ Kandyan,
    සොරි, කැන්ඩියන්ගෙ කොමෙන්ට් එක දැක්කෙ දැන්.
    අහල නැද්ද කතාවක් හක්ක පැනපු පොරකගේ හක්ක ආපහු සෙට් කරපු දොස්තර දුන්න බිල දැකල ලෙඩාට කට ඇරිච්ච පාර ආයෙ හක්ක පැන්න කියල.

    ReplyDelete
  43. ඕනය,

    ඔන්න බලහං මෙයාට ඒක් තේරෙන්නෙ නැති හැටි! මට දැන් හිතෙනව "ඔබා ගෙ අනිත් වැඩත්" අර කුඩෙං වෙඩි තිබ්බ දඩයක්කාරයගෙ වැඩ වගෙද කියල?

    ReplyDelete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. ඕනය තමා මසුරං කතාව කියල තියෙන්නෙ. හෙහ් හෙහ්!

    ReplyDelete
  46. @ ඉන්දික උපශාන්ත,
    Already tested & proven mate

    @ මුහුදු කොල්ලකාරයා,
    ඕක කට ඇරියොත් වලත්ත කතාවක් කියන්නෙ, බෝ පැලෑටියක් වගේ ඉන්න, ඇල්වතුරත් නිවල බොන මං වගේ එවුං වත් නරක් කොරනව....හික්ස්...

    @ තාරක Dilsh@n,
    ඕකගෙ පස්සෙන් ගියොත් නං පුතේ උඹත් අමාරුවෙ, ඕකව රටිනුත් පිටුවහල් කරල කියල ආරංචි වුනේ නැද්ද? + + නෙමේ - - - - - දැම්ම නං යාන්තමට ගොඩ යන්න තිබ්බ

    ReplyDelete
  47. ඕක බෙහෙත ඔය ලෙඩේට ඉස්සරකාලෙ ඉඳන් පාවිච්චි කරලා තියෙනව. මමත් පරණ කතන්දර දෙක තුනක් අහලා තියෙනවා ඔය ගැන.

    දැන්නම් ඔය බේත හරියන් නෑ. සරම අඳින උන් දැන් ටික ටික අඩු වේගෙන එනවනෙ

    ReplyDelete
  48. @ඉන්දික:
    නෑ නෑ . . . ඔය ඔබා ම කියල තියෙන්නෙ ටියුබ් ලයිට් කියල . . . පත්තු වෙන්න පොඩ්ඩක් ඩිලේ එච්චරයි . . . ස්ටාටරේට තට්‍ටු දෙක දැම්මාම ගොඩ.

    @මුහුදු කොල්ලකාරයා:
    උඹ අහල තියනවද මචං "කාක බෝ" කියල ජාතියක් ???

    @තාරක:
    උඹ සැලෙන්න එපා මචං . . . ඔය චමියා උඹවයි මාවයි බිඳුවන්න කියන බලු කතා.

    ReplyDelete
  49. අර කිව්වහෙ දැන් ගොඩාක් අය අදින්නෙ පිජාමා කිට් හෝ ශෝට් නිසා.. අනේ මන්දා මේ දවස්වල තියෙන රස්නෙට රෑට කොහොමෙයි සරමක් වත් ඇඳගෙන නිදා ගන්නෙ?

    වෙද මහත්තය කිව්ව කතාව මොකද්ද ඔබා අයියෙ? හෆොයි මට බෑ ජයියගෙ සහායට ඩැනී යන්න !!!

    ReplyDelete
  50. OB: no problem at all.

    "අහල නැද්ද කතාවක් හක්ක පැනපු පොරකගේ හක්ක ආපහු සෙට් කරපු දොස්තර දුන්න බිල දැකල ලෙඩාට කට ඇරිච්ච පාර ආයෙ හක්ක පැන්න කියල."

    ඔව් ඔව් අහලා තියනවා. දැන් නම් දොස්තරලා ලඟට ගියාම හක්ක විතරක් නෙවේ වෙන වෙන ඒවත් පනින්ට ගනියි! :-)

    ReplyDelete
  51. @ හේරත්,
    ඇය් කොමෙන්ට් එක අයින් කලේ?

    @ විසිතුරු,
    ඉනෙන් ගැලවිලා වැටෙන සයිස් එකේ අලුත් ස්ටයිල් කලිසන් අඳින කට්ටියක් ඉන්නව, එයාලට නං වැඩ කොරන්න ඉඩ තියෙනවා, හැබය් ලැජ්ජාව කියන එකත් චුට්ටක් විතර තියෙන්න ඕනෙ

    @ ඕනයා,
    උඹට නං කරෝල වාඩියෙ , වැඩ හොඳටම මදි වගේ, ඉන්දහන් අර Dude ව වත් එවන්න බෝගේ වැඩ බලන්න කියල.

    ප.ලි.
    Dude ඇඳපු චිත්‍රයක් එක්ක, Dude ගෙම පොස්ට් එකක් "ඔබ්සර්වර්" සයිට් එකේ තව පැය බාගෙකින් විතර පබ්ලිෂ් වෙනව, මේ වෙලාවෙ "ෆයිනල් ටච්" ස්ටේජ් එකේ.

    @ තාරක,
    :-(

    @ Weni,
    එහෙනං මේ දවස් වල නිදා ගන්නෙ සරම නැතුව, වැඩට යන්නෙ ඇතා පිටේ එහෙම වෙන්නැති.

    වෙද මහත්තයට චුටි මුද්‍රණ දෝසයක් සිද්ධ වෙලා, "පයින් ගැහුව" කියන එකට, වෙන මොකද්ද එකකින් ගැහුව කියල ලියවෙලා...හික්ස්...
    ඔව්.....වොව්...... ජය්යත් එක්ක වැඩ කොරන කොට බෝම පරෙස්සමෙන්....අහල ඇතිනෙ පුතයගෙ ක්‍රියා කලාපෙ...

    @ Kandyan,
    සැටිපිකේට් ට්රූ ....හිකිස්....

    ReplyDelete
  52. චී, මේ ඕනයාට කොහෙන්ද ඔයවගෙ ජරා කටක් හම්බවුනේ?

    ReplyDelete
  53. ඕනෙ අයියාගේ කතාව සැටිපිකෙට් ඇත්ත... සරම මග රැඳිලා හරහට ටෙන්ට් ගහනව අම්මපා... මේක නම් ඔබා මාමට වෙච්ච දෙයක් වෙන්න බෑ :P :P :P

    ReplyDelete
  54. හක හක!පින්තුරේ කොහෙන්ද හොයා ගත්තේ කතාවටම හරියන්න??

    ReplyDelete
  55. වෙදමහත්තුරු ඔය වැඩේ කරනවා කියල මාත් අහල තියෙනවා..

    ReplyDelete
  56. This comment has been removed by the author.

    ReplyDelete
  57. @ Dude,
    කියල වැඩක් නැහැ හෙන්රි

    @ Sanjaya,
    තෑන්ක් යූ

    @ පැට්ටා,
    උඹත් පැනල දීපන් ඕනයටම

    @ වැප්,
    කොහොමද මංගල කොමෙන්ට් එක

    @ වසුන්දරා,
    වෙදගෙදර මහ වෙදනත් කොමෙන්ට් එකක් දාල තියෙන්නේ එහෙමය් කියල

    ReplyDelete
  58. අපොයි ඕක මොකක්ද අපේ ඔෆීස් එකේ හිටිය පියදාස කියල පියන් කෙනෙක් දවසක් තේ දීල හිස් කෝප්ප ටික අරන් පඩිපෙල නගිනකොට එකෙක් සරම ගැලෙව්ව කිසි ගානක් නැතුව ට්‍රේ එකත් අරන් මිනිහ ගියා සරම ගලවපු එකා අපූරුවට සරමත් අරන් ගිහිල්ල ඇන්දුවා. අන්දල ඉවර උනාම තමයි ලස්සන කුනුහරුප වැලක් ඇහුනෙ.

    ReplyDelete
  59. ඔබා ගෙ බ්ලොග් එක නියමයි. අන්තිම පේළියට යන එක නවත්තල මේ පැත්තෙ එන්න හිතෙනව හැමදාම. ජයවේවා.

    ReplyDelete
  60. සබීත්,
    සමාවෙන්න, ඔයාගෙ කොමෙන්ට් ඒක දැක්ක ඒ වුනාට පිළිතුරු ලියාගෙන යනකොට ඔයාව මග ඇරිල.
    පින්තුරේ හෙන්රි කියල මාල දිවයිනේ පාසලක ඉංග්‍රීසි උගන්නන බ්ලොග් යාලුවෙක් ඇඳල එව්වෙ. එයාගෙ නමය් බ්ලොග් එකට ලින්ක් එකය් පින්තුරේ යටින් දාල තියෙනව ගිහින් බලන්නකො එයාගෙ බ්ලොග් එකටත්.
    සබීත්ගේ බ්ලොග් ඒක චෙක් කලේ නැහැ මේ දවස් ටිකේම, අද බැරි වුනොත් හෙට ගිහින් බලන්නම්.

    @ රංජා,
    පියදාස යටට මුකුත් ඇඳල හිටියද? නැත්තන් ඇතා පිටේද? ඔෆිස් එකේ කාන්තා පක්ෂේත් හිටියද?

    @ නිහාල්,
    ස්තුතිය් මේ පැත්තේ ගොඩ වුනාට. ඒක පාරටම කව්ද මේ නිහාල් කියල හිතුව, "අන්තිම පේලිය" මතක් කරල තියෙනව දැක්කම තමා අර අපේ කට්ටිය කියනව වගේ "මීටර්" වුනේ.

    ReplyDelete
  61. එතකොට දොස්තර නෝනා ඔබා අයියගේ බින්දුව දැක්කා ඈ . . හික්ස්

    ReplyDelete
  62. @ දුකා,
    මට නෙමේ බොලේ වැඩේ වුනේ

    ReplyDelete
  63. මාර දේශීය වෛද්‍ය ක්‍රමයක්නෙ ......
    එතකොට දොස්තර නෝනට තොයිලයක් කලා ද .....

    ReplyDelete
  64. @ පන්සල් හංදිය,
    මං තුමා ඔය පලාතෙවත් හිටියෙ නැහැ ඔය දේ සිද්ධ වෙනකොට

    ReplyDelete
  65. ඔබ්සර්වර් පිජාමා කලිසමක් ඇඳල නිදියන්න පටන් ගත්තෙ එදා ඉඳලලු... :D

    ReplyDelete
  66. @ දොස්තර නෝනා,
    පොඩි කාලේ නං පිජාම කලිසන් ඇන්ද, හැබැය් ඒවයෙත් තිබුනෙ ඉලාස්ටික්, පිජාම කලිසම නං වැඩේට විසඳුමක් වෙය් කියල හිතන්න අමාරුය්

    ReplyDelete
  67. හහා.... නියම කතාව, අදමයි මේ පැත්තේ ආවේ. කියවන්නනම් දේවල් බොහෝමයි

    ReplyDelete
  68. හපොයි :D......ඒක නම් හොඳ ගොඩ වෙද කමක් වගේ. මේවා කියල දෙන එකනම් ගොඩක් හොඳයි..කාට උනත් ප්‍රයෝජනවත් වෙන්න බැරි නැහැ

    ReplyDelete
  69. @ සයුරි,
    ඔන්න සයුරි විතරද මන්ද කතාවෙන් මොනා හරි ඉගෙන ගත්තෙ. අනිත් හැමෝම අහන්නෙ ඔබාටද මේක වුනේ කියල.

    ReplyDelete