පහතින් තියෙන්නෙ පර්ත් පන්සලේදි වෙසක් දවසෙ ගත්ත තව චායාරූප කීපයක්.
මෙවර වෙසක් පහන් කූඩුව පටිගත කරල ඉන්දරේට සහාය වුන අයගේ නම් එහෙම ඇතුලත් කල වීඩියෝව තාම පිට වුනේ නැහැ. මෙතන ඉදිරිපත් කරල තියෙන්නෙ ආධුනික චායාරූප සහ වීඩියෝ. ඔෆීෂියල් වර්ෂන් එක පිට වුනාම 'යූ ටියුබ්' ලින්ක් එක ප්‍රසිද්ධ කරන්නම්.
පර්ත් වෙසක් උත්සවේ වෙසක් කූඩුව ඇරෙන්න තව දකින්න ලැබුන ප්‍රධාන අංග හැටියට නම් කරන්න පුළුවන් 80 දෙනෙකුට වඩා පිරිසක් සිල් සමාදන් වීම, දහම් පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ භක්ති ගීත ගායනා වැඩ සටහන වගේම දහම් පාසැල් සිසු සිසුවියන්ගෙ දෙමව්පියන් ප්‍රධානත්වයෙන් පැවැත්වුන දන්සැල. දන්සැලෙන් දහසක් පමණ පිරිසක් සංග්‍රහ වින්ද බව දැනගන්න ලැබුන.
තවත් කිව යුතු විශේෂ කාරනාවක් තියෙනව. මෙවර පර්ත් පන්සලේ වෙසක් උත්සවයට, විශේෂ පුහුණුවක් සඳහා ලංකාවෙන් පර්ත් නුවරට පැමිණි ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වුනා.
පර්ත් වෙසක් ගැන විස්තර දැනට එපමණයි. මෙතනින් ඉදිරියට කියවන්න අවසර තියෙන්නෙ මාතෘකාවෙනුත් කිව්ව වගේ වැඩිහිටියන්ට පමණයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වෙසක් පහන් කූඩුව විවෘත්ත කරන මොහොත එළඹෙන තුරු පන්සලේ දායක පිරිස තැන් තැන් වල තුන් හතර දෙනා එකතු වෙලා ධර්ම සාකච්චා පවත්වමින් ඉන්න අතරෙ අර මං කලින් සඳහන් කළ ක්‍රීඩිකා කණ්ඩායම පන්සලට ආව. ඒ ක්‍රීඩිකාවන් සාමාන්‍යයෙන් සෑහෙන්න උස අය. ඒ අතරෙනුත් කැපිල පේන කෙනෙක් හිටිය අඩි හතකට වඩා උස. මේ උස ගෑල්ලමය දැක්ක කෙනෙකුට නිකම්ම කියවුනා, එයාට කසාද බඳින්න පිරිමියෙක් හොයන එක නම් ලේසි වෙන එකක් නෑ කියල. ඒ කියමන අහල තවත් සැදැහැවතෙක් කියපි 'බැන්ද එකාට බාල්දියක පිහිට තමා' කියල.
ඒ පාර එතන ධර්ම සාකච්චාවට සහභාගි වෙමින් හිටිය අනෙත් තුන් හතර දෙනාටම ඕනෙ වුනා 'බාල්දි' කථාවෙ තේරුම දැනගන්න. කට්ටියගෙ බලවත් පෙරැත්තය නිසාම ඉන්දරේගෙ මල්ලි 'බාල්දි' කතාව කිව්ව.
උසාවියට ඉදිරිපත් වුනාලු මහජන වැසිකිළියකදි කාන්තාවක් දුෂණය කිරීම පිළිබඳව නඩුවක්. මේ නඩුවෙ පැමිණිලිකාරිය අසාමාන්‍ය විධියට උස කාන්තාවක්ලු. පැමිණිලිකාරියට සාපේක්ෂව විත්තිකාරය අඟුටුමිට්ටෙක් කියල කියන්න පුළුවන්ලු . විත්තියෙ නීතීඥය කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරල තියෙනව තමන්ගෙ සේවාදායකය බේරගන්න.
ප්‍රධාන තර්කය වුනේ, මහජන වැසිකිළි කාමරයක් වගේ ඉඩකඩ නැති තැනක මේ වගේ දෙයක් විත්තිකාරයට හිටගෙන ක්‍රියාත්මක කරන්න බැරිකම. නඩුකාරයට මේ තර්කය පිළිගන්න සිද්ධ වුන නිසා විත්තිකාරය නිදහස් කරන්න සිද්ධ වුනාලු.
විත්තිකාරය නිදහස් කරගත්තට නීතීඥ මහත්තයට 100% ක් ෂුවර්, මේකා මොන ජාතියෙන් හරි වැඩේ කොරල තියෙනව කියල. ඒ හින්දම මේක කොරාපු හැටි දැනගන්නකම් නීතීඥ මහත්තයට 100% ෂුවර් තමන්ට නින්ද යන්නෙ නැති බව. මිට්ට සල්ලි ගෙවන්න ආවම නීතීඥ මහත්තය කිව්වලු, මට සල්ලි එපා, තමුසෙ ඔය වැඩේ කොරාපු හැටි විතරක් මට කියනව කියල.
'අයියෝ සර් සිම්පල්නෙ, කක්කුස්සියෙ තිබ්බ බාල්දිය මුනින් අතට දැම්ම ඔළුවට, එල්ලුනා කොක්කෙ, එච්චරයි'
මම 1,
ReplyDeleteකාලෙකට පස්සේ ඔබා මාමා ඇවිත්, අනේ මන්ද, පන්සලකට ගියත් ඔය වල්කම නම් තියල යන්න බැරි හැටි. හිකිස් ...
වල් වැඩේ කොරල තියෙන්නෙ මිට්ටනෙ, මම කථාව කිව්ව විතරනෙ :-))
Deleteඔබා මාම කාලෙකට පස්සේ ඇවිල්ල. ආව ගමන් වෙසක් එකට ගැලපෙන පොස්ට් එකක් දාල. සිත් සතන් නිවී පහන් වෙනවා මේවා කියෙව්වම.. :))) ජය වේවා ..!!!
ReplyDeleteමාත් ඉතින් ඉඳල හිටල හරි පිනක් දහමක් කොරගන්න කැමති මනුස්සයනෙ
Deleteඒ කියන්නේ "පසුපස ආර" විතරයි ක්‍රීඩා කොරලා තියෙන්නේ .....
ReplyDeleteඒ හරුපෙ නං තේරුං නෑ රොබින්
Deleteඔබා මාමේ ඕක බාල්දි කක්කුස්සියක බාල්දියක් නෙමේ නේද ?
ReplyDeleteමම පහුගිය මාසෙ කම්මල පැත්තෙ ගියා, ඉන්න දිහෑ හෝඩුවාවක් කියල තිබ්බ නං හමුවෙන්නත් තිබුන.
Deleteමම හිතුව ගම් පළාතේ එන්නේ නෑ කියල. අර මරණ පරීක්ෂක තුමාලගේ පුත්ත්‍රරත්න දෙකගේ ගෙදරට එහා ගෙදර තමයි මගේ පැල,අපරාදේ මම අහන්නත් හදල එහෙම අහනෙක හොදද කියල නිකා උන්න,
Deleteඅපරාදෙ ගනේගොඩලගෙ ගෙදරත් ඇවිල්ල, පොඩි දුවට අපි ඉස්සර හිටපු ගෙදර [අංක 106, පල්ලිය පාර] පෙන්නන්න තව දවසකත් ඔය පැත්තෙ ආව.
Deleteමාතලනුත් ඔය වගේ උපත් පාලන ක්‍රමයක් කියල තිබුන කාලෙකට කලින්. මේකත් නරමක නැහැ.
ReplyDeleteමේක උපත් පාලන ක්‍රමයක් නෙමේ, උපත් ඇති කොරන ක්‍රමයක් කියලයි කථාව ඇහුවම මට නං හිතුනෙ
Deleteවෙල්කම්බැක්!
ReplyDeleteමමත් කියන්න හිටියෙ වෙල්කම් බැක් කියලා විතරයි..
Deleteවෙසක් කූඩුව නම් මාර ලස්සනයි..
දෙන්නටම ස්තුතියි
Deleteමොනා උනත් අන්න මිනිස්සු...!! අදහන්න වටිනවා නේ... තව එකක් වෙසක් කුඩු ව නම් පට්ටයි ලොවෙත් නෑ
ReplyDeleteඉන්දරේගෙන් තෑන්ක් යූ එකක්
Deleteඔබා මාමා ඇවිල්ලත් අවුරුදු උත්සවේදී කතා කරන්න බැරි උනානේ. කොහෙද ඉතින් ස්ටෙලා වෙලානේ හිටියේ කස්ටිය
ReplyDeleteඅයියෝ මම ළඟ හිටිය විතරයි :-))
Deleteමම හිතුවේ වෙන විදියකටනේ... බාල්දිය අනික් පැත්ත නමලා ඒක උඩ නැග්ගනම් අඩි දෙකක් විතර කවර් කරගන්න තිබ්බනේ.... පට්ට සිද්ධිය වෙසක් කූඩුව නම් පට්ට ඈ ඔබා මාමේ.
ReplyDeleteමට හිතුනෙත් එහෙම තමා.
Deleteඉන්දරේගෙන් තෑන්ක් යූ එකක්.
Deleteබාල්දි පාවිච්චි කොරන්න තව ක්‍රමයක් දෙන්නම ඉගෙන ගත්ත එහෙනං :-))
ඔබා ටයිප් කතාවක් කාලෙකින් :)
ReplyDeleteඑදා ඔබා මාම එක්ක කතා කරා.ගොඩක් සතුටුයි ඔබ මාම එක්ක කතා කරන්න ලැබුණු 1:)
මටත් නුවන් ඇතුළු බොහෝ දෙනෙක් එදා හමු වීම ගැන ඇත්තට හරිම සන්තෝෂයි.
Deleteජුගුප්සාජනකයි!
ReplyDeleteඒක බාල්දි කක්කුස්සියක්ද? මොන බාල්දියද දන්නෑ ඔලුවේ නැමුවේ.
අර කූඩුව හදපු කෙනා පාපන්දු ලෝලියෙක් වෙන්ඩ ඇති ෂුවර් එකටම.
පාපන්දු ලෝලයෙක් :-)) ලෝලියෙක් නෙමේ...හෙහ්...හෙහ්...
Deleteකුඩුවලස්සනයි,අරලංකාවෙන් ළමයිආපු කතාවමමත් පත්තරෙන්දැක්ක.
ReplyDeleteඒවෙලාවෙ ඔබාමාමවත් මතක්උනා,පර්ත්කියද්දී.ඒත්එතකොට ඔයාලංකාවේ,,,ඒවෙලාවෙ නිකමටවත් හිතුනෙනෑනෙ මේවගේ පෝස්ට්එකක් වැටෙයිකියල...
මම එහෙම කට්ටියක් එන බව කලින් දැනගෙන හිටියෙ නෑ. එයාලට ගුවන් ටිකට් පත් ඇරෙන්න මොනවත් දීල නෑ. පුහුණු වීම් වලට ප්‍රවාහන පහසුකම් සහ කෑම බීම සපයගන්න වගේම අනිත් අවශ්‍යතා වලට පර්ත් ශ්‍රී ලාංකික ප්‍රජාව උදව් වෙනව
Deleteකූඩුව නම් එළZ.....මාර ලස්සනයි...
ReplyDeleteඔය කියන ක්‍රීඩිකාව තර්ජනී ශිවලිංගම් නේද...එයගෙ දෙමව්පියෝ එයාට මනමාලයෙක් හොයනවලු ...දුක තමයි ඉතින්....
පට්ටම නමක් නේ බං එක !!!!
Deleteශිව ලින්ගෙට තර්ජනය කොරපු නිසා ඉතින් මනමාලයෙක් හොයන එක ලේසි වෙන එකක් නෑ.........ශිව ලින්ගයක්ම තමයි පාවිච්චි කරන්න වෙන්නේ.....
Deleteමෙයා ඉස්සර වැල්ලවත්තේ හිටියේ.ලංකාවේ ඉන්න දක්ෂ නෙට් බෝල් ක්‍රීඩිකාවක්.
Deleteසුමිත්, ක්සැන්ඩර්, ඇනෝ සහ අසරණයා,
Deleteනම සහ වෙනත් විස්තර ඉදිරිපත් කලාට ස්තුතියි.
අෆොයි..... අර ගෑණීගෙ ඔලුව ඉතුරු වුනාද දන්නෙ නෑ...
ReplyDeleteඔලුව විතරද ?
Deleteඔළුව විතරක් නෙමේ බෙල්ලත් උලුක් වෙන්න ඇති :-))
Deleteකවද්දැ..පර්ත් වලට සම්ප්‍රාප්ත උනේ..ඔය බාල්දි කතාව අපේ ගැමිකතාවකත් තියෙනව නේව වෙනස් විදිහකට....
ReplyDeleteහික්ස් මට මතක්වෙන්නේම ඒදා අවුරුදු උත්සවේ දවසේ ඔබා මාමා කියපු කතාව
// ඇත්තු කවද්ද හයියෙන් ඇවිද්දේ...//
ඒ කථාවත් නිකමට වගේ කියලම දැම්ම නං :-))
Delete//ඇත්තු කවද්ද හයියෙන් ඇවිද්දේ...// Heh...Heh..
හොඳයි.. හොඳයි වෙසක් උණුසුම යන්න කලින්ම වැඩේ දුන්න එකට..
ReplyDeleteතෑන්ක් යූ මේ පැත්තෙ ආවට තාම ඒ පැත්තෙ ගොඩවෙලා බලන්නත් බැරි වුනා
Deleteකට්ටිය සිල් අරන් තියන හැටි තමයි ඔය...... වෙනත් රටකදී මෙවැනි වැඩසටහන් පැවැත්වීමත් සතුටක්.
ReplyDeleteමං නං සිල් ගත්තෙ නෑ :-)
Delete//වෙනත් රටකදී මෙවැනි වැඩසටහන් පැවැත්වීමත් සතුටක්//
අපි එහෙමයි ඈ....!!!
මෙන්න ඔබා මාමා පන්සල් ගිහිල්ලා.......
ReplyDeleteදන්සැල නියමෙට තිබ්බ. අල තෙල් දාල, පරිප්පු හිඳේන්න උයල, තක්කාලි හොද්දක් සහ පපඩම් එක්ක බත්.
Deleteමතක්වෙන කොටත් කටට කෙළ උනන සයිස් එකට උයල තිබ්බ.
ආ කියන්න බැරි වුනා නියම පොල් සම්බෝලෙකුත් තිබුන
Deleteඒත් පස්සෙ ඔය සීන් එක ඇදිල ඇවිත් විත්ති කාරයට ආයෙත් නඩුව වැටුනලු... ඇසින් දුටු සාක්ෂි නැති නිසා තර්ක මත තමයිලු නඩුව ගියේ... ඔන්න පැමිනිල්ලෙ නීතීඥ මහත්තය කියනවලු බලන්න ස්වාමීනි මේ වගේ පොඩි මනුස්සයෙක් පොඩි අවයව වලින් කොහොමද ඔහොම වැඩක් කරන්නෙ කියල... ඒ පාර නඩුකාරයා මිනිහගෙ අවයව පරික්ෂා කරන්න වෛද්‍යවරයෙක් ගෙන්නුවලු... නීතීඥ මහත්තය විත්ති කාරයට කලින්ම උපදෙස් දීලලු තිබුනෙ අයිස් තියල බඩු හොදටම පොඩි කරගෙන ඉන්න කියල......
ReplyDeleteඔන්න දැන් දොස්තර ආවලු දොස්තර ලේඩි ඩොක්ට කෙනෙක්ලු...... මිනිහත් තම න්ගෙ පෞද්ගලික අවයව ටික එලිට දාගෙන ඉන්නවලු... ශරීරේ තමටත් වඩා ඉතා කුඩයිලු.. දොස්තර නෝන වැඩි දුර පරික්ශාවට අත් වැස්මක් එහෙම දාගෙන අල්ලල පරික්ෂා කරල බලන්න හදනකොටම මිනිහ කිවුවලු
" හපෝ දොස්තර නෝනා.. අල්ලන්න එපා මල්ලි නැගිට්ටොත් නඩුව පරාදයි .. "
චුට්ටක් විතර වෙනස් වර්ෂන් එකක් අහල තියෙනව. පොඩි මෑන්ගේ වර්ෂන් එක ඊට හොඳා වගේ
Deleteවෙල්කම් බැක්.. බොස්ගෙන් කාලෙකට පස්සේ දැවැන්ත බැනුමක් අහලා ඊ ලඟට මේ පැත්තේ ආවේ.. :)
ReplyDeleteBoss is like a nappy, always at your back and full of shit.
Deleteබොස් වනාහි පොඩි එවුන්ට අන්දන නැපියක් වගේය......
අර කූඩුව නම සුපරිය් ඔබා මාමේ මාර ලස්සනය් :)
ReplyDeleteවැඩිහිටියන්ට පමනය් ලු නේ ඔන්න මම නම කියෙව්වේ නෑ :ඩ්
ඉන්දරේගෙන් තෑන්ක් යූ එකක්
Delete//වැඩිහිටියන්ට පමනය් ලු නේ ඔන්න මම නම කියෙව්වේ නෑ//
කියෙව්වෙ නැත්තං කොහොමද යාළුවො එක්ක කතාව කිව්වෙ ? අතටම අහුවුනා බොරුව...හෙහ්...හෙහ්...
පොඩිමෑන්,එතකොටබං පැමිණිල්ල දාලතියෙන්නෙ කොල්ලද?
ReplyDeleteඑහෙම නැත්නම් ලෝයර් ජරාවකාලද කොහෙද..හික් හික්
විමුක්තිට පොඩිමෑන් ගෙ වර්ෂන් එක තේරුං නෑ වගේ...හෙහ්...හෙහ්...
Deleteලියන්න හිතුන අදහස නොලියා ඉන්න එක ඇඟට ගුණයි කියල හිතුනා.
ReplyDeleteඊයකින් වත් එව්ව නං :-))
Deleteඅම්මේ... ඔබා මාමව දැක්ක කල්... ආපු ගමන් දාපු කතාව ඉක්කේයියා,,,,,,,,,
ReplyDeleteදැක්ක එකද ? කථාවද ?
Deleteඔන්න අග කොටස කියෙව්වේ නෑ!!
ReplyDeleteඑහෙනං කොහොමද හැමතැනම කථාව කිය කිය ඇවිදින්නෙ ?
Deleteඔබා මාමා ආයෙම ඇවිල්ලා.. ජය වේවා..
ReplyDeleteවෙසක් කූඩුව ලස්සනයි.. අර ඔෆීශියල් ෆොටො ආවම දාන්න බලන්න..
ඔන්න මම අන්තිම කොටස කියෙවුවේ නෑ..
අඹයට දුන්නු උත්තරේම තමා.
Deleteඑහෙනං කොහොමද හැමතැනම කථාව කිය කිය ඇවිදින්නෙ ?
:D මිනිහා ජපනෙක් වෙන්න ඇති නැත්තම් කොහොමද එල්ලිලා ඕවා කරන්නේ
ReplyDeleteජපන්නු ඇඳ යටින් බල්ටි ගහපු කථාව මතක් වුනා නේද ?
Deleteපර්ත් පන්සලේදි වෙසක් දවසෙ ලංකාවෙ දන්සැල් පිළිබඳව අහපු කතාවක් නිසා ජීවිතේට ලංකාවෙ දන්සැලකින් නං කන්නෙ බොන්නෙ නෑ කියල හිතාගත්ත.
ReplyDeleteකතාව කීවේ මෙහෙ ඉගෙන ගන්න ආව තරුණයෙක්. එයාලගෙ යාළුවො කට්ටියක් සිසිල් බීම දන්සලක් දෙන්න වෙසක් දවසෙ හවස පහට විතර තීරණය කලාලු. ඇරල තිබ්බ කඩේකින් 'සන්ක්වික්' කෝඩියල් බෝතල් කීපයක් ගත්තලු. ගෙවල් කීපෙකින් අයිස් කැට එකතු කර ගත්තලු. ඒ වුනාට භාජනයක් තිබ්බෙ නෑලු ඩ්‍රින්ක් එක හදන්න. එක්කෙනෙකුගේ අක්ක කෙනෙකුට ට්වින්ස් ල හම්බ වෙලා කක්ක රෙදි හෝදන්න ගෙනාපු ලොකු පේල් එකක් තිබ්බලු, එක හොඳට හෝදල අරගෙනලු දන්සැලට බීම හැදුවෙ.
ඉතිං බං ඒක හොඳට හෝදලනෙ අරන් තියෙන්නෙ.. ඒකෙ මක්කැයි තියෙන වැරැද්ද..!!?? :)
Deleteඔක මොකද්ද ඔබා අයියෙ අපි එදා "අරවා" බිව්වෙ ටොයිලට් එකේදිම..නෙ...
Deleteහරියට හරි....අනේ අනේ ඔබා මාමේ.. ඌරංට මොටැ සෞඛ්‍ය පාඩම් කිව්වලු....
Delete@ බුරා,
Deleteඅපි බොහොම පිරිසිදුවට වැඩ කොරන මිනිස්සු හරිද ?
@ සුමිත්,
ඔය ඉතිං ගම කනවනෙ, එතන නොහිටපු කී දෙනෙක් මේක කියෝනව ඇද්ද ? ශි...
@ Raj ,
හ්ම්...බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවම තමා...හෙහ්..හෙහ්...හෙහ්...
මේ ඇවිල්ලා ඉන්නෙ අපේ ඔබා. අපි හිතුවෙ අර කලින් කිව්වා වගෙ බ්ලොග් පෝස්ට් වලින් මඩ කාපු උන් පැහැරගෙන ගිහිල්ලා ඇති කියලා.
ReplyDeletehenryblogwalker the Dude
මට මඩ ගහල මිසක් මං කාටවත් මඩ ගහල තියෙනවද ?
Deleteදන්සල් දෙන එක නම් මහා පුණ්‍යවන්ත ක්‍රියාවක්
ReplyDelete.
.
.
.
අඩේ ඔබා මාමේ බාල්දියෙන් ඒවගේ ප්‍රොයෝජන ගන්නත් පුළුවන් කියල මං දැනන් උන්නේ නෑනේ....
//අඩේ ඔබා මාමේ බාල්දියෙන් ඒවගේ ප්‍රොයෝජන ගන්නත් පුළුවන් කියල මං දැනන් උන්නේ නෑනේ....//
Deleteදැන් දන්නවනෙ...මතු පොරෝජනේට :-))
අම්මෝ පන්සල් ගිහිල්ල ඕපාදුප හොයන්නේ වයසක උපාසක අම්මල කියලයි කියන්නේ . වෙසක් නම් හරිම ලස්සනයි
ReplyDeleteකව්ද ඕපදුප හෙව්වෙ ? ඕපදුප මාව හොයං ආව මිසක්...හෙහ්...හෙහ්..
Deleteවියට්නාම් වෙසක් එකත් ලස්සනට තියෙන්න ඇති නේද ?
කතාව නම් පට්ටය...
ReplyDeleteThank you very much...!!!
Deleteකලකට පස්සෙ වෙලකට බැහැල තියෙන්නෙ...
ReplyDeleteවෙලකට කොහොම වුනත් මඩ වලකට බැස්ස වගේ දැනෙන්නෙ...හෙහ්...හෙහ්...
Deleteඅප්පට සිරි ඔබා මාමා එදා දැක්කට පස්සෙ. වෙසක් එකේදිවත් මුන්දැට කට පියන් ඉන්න බෑනෙ.
ReplyDeleteතව ඉතිං වැඩි කාලයක් නෑ පියාගන්න :-))
Deleteඉන්දරේගේ වැඩ ඉතින් අපි මිට කලිනුත් දැකල තියෙනවා නේ.
ReplyDelete'මර දූ වරු තිදෙනා' එහෙම වෙන්නැති :-))
Deleteඇති යන්තම් ආයේ ඇවිල්ලා.
ReplyDelete'මැණිකෙ මම ආයෙ ගෙදර එනවා'
Deleteකියන සිංදුවත් කියාගෙනමනේ ගියෙ...හෙහ්...හෙහ්..
නිවාඩුවට පස්සේ හොද ආරම්භයක්...
ReplyDeleteThank you very much sAm :-))
Deleteකූඩුව නියමයි..ඔයිට වඩා සවුත්තුවට හදපු කූඩු බොහොමයක් මෙහෙ තිබුනෙ...
ReplyDeleteබාල්ඩි කතාවට මුකුත් නොකියමි..වෙසක් සතියෙවත් තුන් දොර හික්මවා ගෙන ඉන්ඩ ඕනි !
එතකොට අනිත් දොරවල් හය ?
Deleteඔය කියන සැදැහැවතුන් අතරෙ දන්සල් බත් පින්ගානකුත් අතේ තියන් එදා උගු සීයත් ඔබා ළමය ලඟින් වාඩි වෙලා ඉද්දි තමයි පින්වතුනේ ඔය කියන දැල් පන්දු ක්‍රීඩිකාව ඔතනින් ඇවිද යන්නත් ඔබා මාමට ඔය කතාව මතක් වෙන්ටත් කරුණු කාරනා යෙදුනේ...සීයට තව ටිකෙන් ඉස්මොල්ලේ යනව ඔබා ළමය එදා අර දරිවිව දැකල කතාව කියපු වෙලාවෙ ..!
ReplyDeleteඋගුසිඤ්ඤොටත් දන්සල් බත් කාල ඇති වෙලා වගේ... :-))
Deleteලස්සණ වෙසක් කූඩු ටික.:)
ReplyDeleteඅනෙක් වැඩිහිටි කතාවේ ඔය බාල්දිය නමන්නේ කාගේ ඔලුවෙද?
වෙසක් දවසෙත් මෙයාලා පන්සල් ගිහින් කියන කතා. :D:D:D
//ලස්සණ වෙසක් කූඩු ටික.:)//
DeleteA big thank you from Indare.
මිට්ටගේ ඔළුවෙ නං නෙමේ කියල ෂුවර්.
කථාව මගෙ නං නෙමේ....DDD
හැබෑට ඔය උස ලමයට මනමාලයෙක් හොයන්නම බෑද, ඔබා මාමලත් පන්සල් ගිහින් හොයන දේවල්
ReplyDeleteඔබා මාම ධර්ම සාකච්චාවක යෙදිල ඉන්දැද්දි ඇහුනු කථාවක් මේක :-))
Deleteනාකි වෙලත් වල්කම හිතේ එහෙමමයි. ගම්පහ ඉඳිගොල්ලේ තමුන්ගේ ගමේ නම කන්න එපා. බුද්ධාගමේ කතා එක්ක කුණුහරප ලියන්න එපා. දුවවත් ලංකාවට එවලා දැන් තමුසේ කරන්නේ බාල්දි ඔලුවට දැමීමද? මොකද තමුසෙගෙ කෝච්චි සමාගමේ සුද්දියෝ තමුසෙට වඩා උසයිනේ.
ReplyDeleteමේ මනුස්සයා හිතේ සැහැල්ලුවෙන් කියන දේ එච්චර ගණන් ගන්න එපා
Deleteනානාථ කායා, නානාථ සනයා කියනවනේ.
Deleteමිනිස්සු විවිධාකාරයි. ඒ අයට ඇතිවෙන හැගීම්, සිතුම්, පැතුම් එක විදියම නෑ.
මේ යථාර්තය ඔබාටත්, ඔබටත්, මටත් පොදුයි. කේන්චි අරන් සිත දූශ්ය කරගන්න තරම් දෙයක් මෙතන නෑ.
හිත පිරිසිදුවෙන්න පොඩි කතාවක් කියන්නම්. මේක පහුගිය දවසක බණකට අහපු කතාවක්.
ඔන්න බොහොම සිල්වත් ලොකු හාමුදුරුවෝ නමක් එක්ක සාමනේර නමක් දානෙකට වඩිනවලු.
මේ දෙන්නට පොඩි ඔයකින් එගොඩ වෙන්න තියෙනවලු. වතුර පාර සැර නිසා පොඩි ගෑනු ළමයෙක් එගොඩ වෙන්න බයේ ඉන්නවලු.
ලොකු හාමුදුරුවෝ මේ ලමයව උස්සගෙන ගිහින් එගොඩ කරාලු.
මේ වැඩේ සාමනේර නමට ඇල්ලුවේ නැතිලු. ලොකු හමුදුරෝවෝ ගැන හොඳටම කලකිරුනලු.
එදා දවසෙම පොඩි හාමුදුරුවන්ගේ මූන හරි නැතිලු. ලොකු හාමුදුරුවොත් මේ වෙනස දැක්කලු.
පොඩි හාමුදුරුවන්ගෙන් ඇහුවලු මොකද මුණ එල්ලන් ඉන්නේ කියා. ලොකු හාමුදුරුවන්ට කන පුරා හම්බ උනාලු.
"ඔබ වහන්සේ කොච්චර කැත වැඩක්ද අර උදේ කලේ ගැණු ළමයෙක්ව ගඟ හරහා උස්සන් ගිහින්.
කරපු දේ ඔබවහන්සේගේ සීලේට ගැලපෙනවද?වයසට ගැලපෙනවද?" එව්වා මෙව්වා ගොඩයි.
ලොකු හාමුදුරුවෝ බොහොම සන්සුන්ව කිව්වලු,
"මම නම් ඒ ලමයව ගෙනිහුන් එගොඩින් තිබ්බ. සාමනේර ඒක අද දවසෙම කර ගහ ගෙනනෙ ඉඳල තියෙන්නේ."
ඒ වගත් එසේම, ඔබා තුමා බ්ලොග් කැල්ලක් අමුණලා ගිහින් වයින් එකක් බීල ආතල් එකේ ඇති. අපි මෙතන හිත පුළුටු කරන් ලත වෙනවා.
ඔබට අවවාදයක් දෙන්න අවශ්‍යම උනානම් මහත්තයෝ, මාමේ, අය්යේ කියල ආදරයෙන් අමතලා කියන්න තිබුණා ඔය කාරණාවම.
මොකද ඔබ කියන දේත් පොඩි ඇත්තක් තියෙනවා.
@ වියපත් බඹරා,
Deleteඔය කතාව මම දන්න හැටියට ඊසොප්ගෙ උපමා කථාවක්. ඒ වර්ශන් එක පොඩ්ඩක් වෙනස්. ඒත් හරය එකයි.
@ ඔබා මාමා,
වෙසක් කූඩුව නම් ඇත්තටම ලස්සනයි. කූඩුවෙ තව ෆොටෝස් ටිකක් දැම්මනම් හොඳයි කියල හිතෙනව.
DST...
පළවෙනි ඇනෝට උත්තර දුන්නු දෙවැනි ඇනෝට [DST] සහ වියපත් බඹරට හද පතුලෙන්ම තුති.
Deleteඔය ලොකු හාමුදුරුවො කිව්ව කතාවම පොඩි හාමුදුරු කෙනෙකුට කියනව අශෝක හඳගමගෙ 'නැගෙනහිරින් ඇසෙන' කියන ටෙලි නාට්‍යයෙ.
වෙසක් කූඩුවේ සහ පර්ත් ශ්‍රී ලංකා විහාරයේ වෙසක් උත්සවය පිලිබඳ ප්‍රොෆෙෂනල් ෆොටෝ ලැබුන ගමන් බ්ලොග් එකේ දාන්නම්.
ඕක ඊසොප්ගෙ කතාවක් නෙවේ, ජපන් සෙන් කතාවක්.. අනික කවුද මෙතන බුද්ධාගමේ කතා හෝ කුණුහරුප කතා හෝ කියලා තියෙන්නෙ..!!?? ඔබා කියලා තියෙන්නෙ පන්සල් ගිය වෙලාවෙ ඇතිවුන කතාබහකදි ඇහුන කතාවක්.. මොකක්ද ඒකෙ ඇති වැරැද්ද..??
Delete@ Buratheno,
Deleteගණන් ගන්න එපා, ඒක මොකක් හරි හිතේ ක්‍රොදෙකින් දාපු කොමෙන්ට් එකක් කියල හොඳට පේනව.
දැම්මා ඔලුවට, එල්ලුනා කොක්කේ!!
ReplyDeleteඔන්න බාල්දියක ෆොටෝ එකක් ඇඩ් කලා ටික වෙලාවකට කළින් හෙහ්...හෙහ්..
Deleteවෙසක් කූඩුව නම් ඇත්තටම ලස්සනයි.........
ReplyDeleteනිශ්ටත් ඉන්දරේගෙන් තෑන්ක් යූ එකක් :-))
Delete22 හමු වීම ගැන සතුටුයි.
ආයෙත් දිගටම ලියනවා ඇතැයි සිතමි. කූඩුව නම් ඇත්තටම ලස්සනයි තව ෆොටො ටිකක් දැම්මනම් අපිටත් එකක් හදාගන්න තිබුනා බලාගෙන.
ReplyDeleteකලිනුත් කිව්ව වගේ වෙසක් කූඩුවේ සහ පර්ත් ශ්‍රී ලංකා විහාරයේ වෙසක් උත්සවය පිලිබඳ ප්‍රොෆෙෂනල් ෆොටෝ ලැබුන ගමන් බ්ලොග් එකේ දාන්නම්.
Deleteඔබා බනක් කිව්වත් ඉතිං අග හරියෙදි 18+ වෙනවනේ. ;-)
ReplyDeleteතව කථාවක් තියෙනව පංසල් සම්භන්දයක් නං නෑ, ඒත් දාන්න බයයි අර ඇනෝ කෙනෙක් බනිනවනෙ
Deleteදාන්න මාමේ දාන්න මේක ඔබා මාමගේ බ්ලොග් එක නොවැ... අනික් ඉතින් ඔබා මාමගේ මෙව්වා කතාවක් ඇහුවේ නැත්තම් ඔබා මාමා බ්ලොග් ලියලා නෑ වගේ තමා
Delete@ ගැමියාගේ පත් ඉරුව,
Deleteතව දවස් දෙක තුනකින් දාන්නං
වෙසක් එකටවත් පොඩි එකෙක්ට කියවන්න පුලුවන් පෝස්ට් එකක් දාන්න බැරි හැටි..
ReplyDeleteපුංචි මල් වගේ අහිංසක ලමයෙක් වන මම අග කොටස (බාල්දි සීන් එක ) කියව්වේ නැත
උඹ එහෙනං කොහොමද ඒ කථාව යාළුවන්ට කිය කිය ඇවිදින්නෙ ?
Deleteමම වෙන එකෙක්ට කියවන්න කියලා උගෙන් අහගත්තා :ඩී
Deleteවෙල්කම් බැක් :)
ReplyDeleteතෑන්ක් යූ වෙරි මච්...!!!
Deleteප්‍රීති වෙසක්වලට ප්‍රීති කතාවක්.ඔන්න ඉතිං මටනං තේරුණේ නෑ.අපි අහිංසකයි රටක් වටී නෙ.
ReplyDeleteප්‍රීති පාවිච්චි කළා කියල නඩුවේදි කියවුනෙ නං නැතිලු :-))
Deleteඅප්පේ දැක්ක කල්. අවුරුදු උත්සවේ දවසෙ කතා ඔබා මාමා එක්ක කතා කරන්න හිටියා. බැරි උනානෙ.
ReplyDeleteඅපරාදෙ එතන ඉඳලත් කතා කරන්න බැරි වුන එක නම් දුකයි. පිණිබිඳු නෙරංජි සුලක්ඛනා නෙමේ නේද ?
Deleteහපොයි නෑ නෑ
Deleteඑයා එනවුන්ස් කරන්න හිටිය නිසා කථා කරන්න ලැබුනෙ නෑ. ඒ නිසයි හිතුවෙ ඒ ඔයාවත්ද දන්නෙ නෑ කියල :-))
Deleteවෙසක් කූඩුවනං මාර ලස්සනයි.
ReplyDeleteඔබා මාමා දාල තියෙන ෆොටෝ එකේ තියෙන ජාතියෙ බාල්දියක් නං දැම්මත් කමක් නෑ. ලංකාවෙ තියෙන බාල්දි දැම්මොත් වැඩේ කරල ඉවර වෙනකොට ගෑනු මනුස්සයත් ඉවර වෙලා තියෙයි.
බාල්දියේ ෆොටෝ එක එල්ලුවේ අද හවස. මෙහෙ යකඩ බඩු කඩේකට ගිය වෙලාවෙ දැකල බාල්දියේ ෆොටෝ එක ගත්තෙ ෆෝන් එකෙන්...හෙහ්..හෙහ්...ඔය විධියෙ බාල්දියක් මෙහෙදි දැක්කමයි
Deleteඔන්න මේක පත්තරෙත් වැටිල
ReplyDeleteඔහෙ පලයං කොයි පත්තරේද ?
Deleteමෙන්න මෙයා සයිබරේ ඉවර වෙලා ආපහු ගම් බිම් වලටත් ගිහින්...අඩේ මම හිතුවෙත් බාල්දියට නැගල කරන සීන් එකක් කියල..ඉතින් පැමිණිලි පාර්ශවයෙන් සිද්ධිය වුනේ කොහොමද අහද්දි අර ගැනිට ඕක කියන්න තිබ්බ නෙ..එහෙනම් පන්සලේ ඔය වගේ කතාවක් ඇදෙන්නෙ නැනෙ..ඔබා මාම ල වල් කතා වලින් තොරව ධාර්මිකව සාකච්Jආවක් කරල එනවනෙ...
ReplyDeleteදැන් දන්නවනෙ වැඩේ කරන හැටි, අලුත් යමක් ඉගෙනගත්ත කියල සන්තෝෂ වෙන එකයි තියෙන්නෙ :-))
ReplyDeleteඅනාගතේදි පොරෝජනවත් වෙන්න බැරි නෑ.
මුල්ලටික කියවල පහන් වෙච්ච හිත අගට එනකොට නිවී සැනසුනා......
ReplyDeleteබාල්දියකින් කොච්චර ප්‍රයෝජන තියනවද කියල හිතුනා
(ඕන් අදයි මේ පැත්තට ආවේ)
මේ පැත්තෙ ආවට තෑන්ක් යූ, සිත පිරිසිදු කර ගත් එක කොයි තරං දෙයක්ද ? :-))
Deleteමේ අහක තිබුන වාල්දියක් නිසා කියන්න ගිය එකට වෙලාව නැති උනා.
ReplyDeleteමම නම් නෙට්බෝල් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. ඔය තර්ජනී අපේ උතුරු ප්‍රදේශයෙන් හොයාගත්ත මැණිකක්. අසාමාන්‍ය උසක් තියෙන්නේ. එයාගේ අහලකට බෝලේ ආවනම් ගෝල් එකක් වරදින්නේ නෑ. හැබැය් එයා සෙල්ලම් කරන විලාසේ බැලුවහම කම්මැලි හිතෙනවා. මට මතකයි එක තරඟාවලියකදී ලංකාව ගත්තු ගෝල 297 න් 290 ක්ම තනියම ගත්තේ තර්ජනී.
මේ කාණ්ඩයම අපරාදේ කියන්න, රටෙන් පිට ගියාම ඒ අයගේ අඩුපාඩු මදී නොකියන්න ලෝකේ පුරා ප්‍රචාර කරනවා. මේ ළමයින්ට කන්ට වත් පිළිවෙලකට නැතිලු. කණ්ඩායමෙන් වැඩි දෙනා පිටපලත්වලින් ආපු කට්ටිය. ඒ අයට කොළඹදී නතරවෙන්න වැඩපිළිවෙලක් නැතිලු. පුහුණුවීම් කරන්න යන්න එන්න විදිහක් නැතිලු. අනේ මන්දන්නේ නෑ ඔය නෙට්බෝල් සංගමය හරි ක්‍රීඩා අමාත්යංශය හරි මේ ගැන මොනා හරි කරන්න ඕනි.
මේ පොඩි අවුලක් තියෙනව...තරහකින් වත් මොකකින්වත් නෙවෙයි කියන්නෙ, ඉස්කෝලවල දැන් Internet තියෙනවා පොඩි ලඹයි පාවිච්චි කරනවා, ගෙවල්වලත් එහෙමයි. මම මෙතෙන්ට ආවෙ "වෙසක්" කියල google search එකකින්. පොඩි ළමයි උනත් මේ විදිහට එන්න පුළුවන්. මේ පෝද්ට් එකේ 18+ කතාව නං පොඩි අයට එච්චරම තේරෙන්නෙ නැති වෙයි ඒත් තේරෙන ඒවත් මේ බ්ලොග් එකේ තියෙන බව දැක්කා. පොඩි අය ගැනත් හිතන්න. තාත්ත කෙනෙක් නේ... ඊට වඩා දෙයක් මං කියන්නෙ නෑ. ඇනෝ කමෙන්ට් එකක් දාන්න උනාට කණගාටුයි. මම මීට කලිනුත් මේක බලල තියෙනවා. අහඹු ලෙස google search එකකින් ආව නිසා මේ විදිහට පොඩි ළමයි උනත් එන්න පුළුවන් නිසයි කියන්න හිතුවෙ
ReplyDeleteහික්.. හික්.. දැන් කාලේ ඉන්නපොඩි ළමයි ‘වෙසක්‘ කියන වචනෙට වඩා වචන සර්ච් කරනව ආයුබොවන්ඩ.
Deleteඔබා මාමා වෙසක් පෝය ප්‍රතිපත්ති පූජාවෙන්ම සමරලා තියෙනවා වගේ... අනේ සාදු... එදා අවුරුදු කුමාරි තෝරනකොටත් ඔහොම හිතක් තිබුනද දන්නෙ නෑ...
ReplyDeleteඔබා මාමා අයියාට නිවන් සුව අත්වේවා......!
ReplyDeleteඅනිච්චාවත සංඛාර
ReplyDeleteමේ 'බලොග්' ලියන, ඉතාමත් සංවේදී හදවතක් හ්ටිබු 'ඔබා' මහතා අද උදේ හදිස්සියේ අබවප්‍රර්ත් වූ වග සොන්වෙදයෙන් දැනුම් දෙමි
13/05/2012
හිතාදර සනත් හෙවත් ඔබා....ඔබට නිවන් සුව පතමි!
ReplyDelete-Kandyan-
ඔබ මියැදුන වග දැන් බොහෝ කල් ගතවූවද ,., ඔබගේ පිටුවට ගොඩ වූයේ අදයි,., මට දුකයි මොකද මගේ මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්නට ඔබා මාමේක් නොමැති නිසා,.,.,
ReplyDeleteme baldiye katawa wenas widiyakata dawasak sannasgala sir clz 1di kiyala dunna matakai,,,, et katawa nam ela
ReplyDeleteThanks and that i have a keen supply: Where To Learn Home Renovation victorian renovation
ReplyDelete