පහතින් තියෙන්නෙ පර්ත් පන්සලේදි වෙසක් දවසෙ ගත්ත තව චායාරූප කීපයක්.
මෙවර වෙසක් පහන් කූඩුව පටිගත කරල ඉන්දරේට සහාය වුන අයගේ නම් එහෙම ඇතුලත් කල වීඩියෝව තාම පිට වුනේ නැහැ. මෙතන ඉදිරිපත් කරල තියෙන්නෙ ආධුනික චායාරූප සහ වීඩියෝ. ඔෆීෂියල් වර්ෂන් එක පිට වුනාම 'යූ ටියුබ්' ලින්ක් එක ප්‍රසිද්ධ කරන්නම්.
පර්ත් වෙසක් උත්සවේ වෙසක් කූඩුව ඇරෙන්න තව දකින්න ලැබුන ප්‍රධාන අංග හැටියට නම් කරන්න පුළුවන් 80 දෙනෙකුට වඩා පිරිසක් සිල් සමාදන් වීම, දහම් පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ භක්ති ගීත ගායනා වැඩ සටහන වගේම දහම් පාසැල් සිසු සිසුවියන්ගෙ දෙමව්පියන් ප්‍රධානත්වයෙන් පැවැත්වුන දන්සැල. දන්සැලෙන් දහසක් පමණ පිරිසක් සංග්‍රහ වින්ද බව දැනගන්න ලැබුන.
තවත් කිව යුතු විශේෂ කාරනාවක් තියෙනව. මෙවර පර්ත් පන්සලේ වෙසක් උත්සවයට, විශේෂ පුහුණුවක් සඳහා ලංකාවෙන් පර්ත් නුවරට පැමිණි ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වුනා.
පර්ත් වෙසක් ගැන විස්තර දැනට එපමණයි. මෙතනින් ඉදිරියට කියවන්න අවසර තියෙන්නෙ මාතෘකාවෙනුත් කිව්ව වගේ වැඩිහිටියන්ට පමණයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වෙසක් පහන් කූඩුව විවෘත්ත කරන මොහොත එළඹෙන තුරු පන්සලේ දායක පිරිස තැන් තැන් වල තුන් හතර දෙනා එකතු වෙලා ධර්ම සාකච්චා පවත්වමින් ඉන්න අතරෙ අර මං කලින් සඳහන් කළ ක්‍රීඩිකා කණ්ඩායම පන්සලට ආව. ඒ ක්‍රීඩිකාවන් සාමාන්‍යයෙන් සෑහෙන්න උස අය. ඒ අතරෙනුත් කැපිල පේන කෙනෙක් හිටිය අඩි හතකට වඩා උස. මේ උස ගෑල්ලමය දැක්ක කෙනෙකුට නිකම්ම කියවුනා, එයාට කසාද බඳින්න පිරිමියෙක් හොයන එක නම් ලේසි වෙන එකක් නෑ කියල. ඒ කියමන අහල තවත් සැදැහැවතෙක් කියපි 'බැන්ද එකාට බාල්දියක පිහිට තමා' කියල.
ඒ පාර එතන ධර්ම සාකච්චාවට සහභාගි වෙමින් හිටිය අනෙත් තුන් හතර දෙනාටම ඕනෙ වුනා 'බාල්දි' කථාවෙ තේරුම දැනගන්න. කට්ටියගෙ බලවත් පෙරැත්තය නිසාම ඉන්දරේගෙ මල්ලි 'බාල්දි' කතාව කිව්ව.
උසාවියට ඉදිරිපත් වුනාලු මහජන වැසිකිළියකදි කාන්තාවක් දුෂණය කිරීම පිළිබඳව නඩුවක්. මේ නඩුවෙ පැමිණිලිකාරිය අසාමාන්‍ය විධියට උස කාන්තාවක්ලු. පැමිණිලිකාරියට සාපේක්ෂව විත්තිකාරය අඟුටුමිට්ටෙක් කියල කියන්න පුළුවන්ලු . විත්තියෙ නීතීඥය කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරල තියෙනව තමන්ගෙ සේවාදායකය බේරගන්න.
ප්‍රධාන තර්කය වුනේ, මහජන වැසිකිළි කාමරයක් වගේ ඉඩකඩ නැති තැනක මේ වගේ දෙයක් විත්තිකාරයට හිටගෙන ක්‍රියාත්මක කරන්න බැරිකම. නඩුකාරයට මේ තර්කය පිළිගන්න සිද්ධ වුන නිසා විත්තිකාරය නිදහස් කරන්න සිද්ධ වුනාලු.
විත්තිකාරය නිදහස් කරගත්තට නීතීඥ මහත්තයට 100% ක් ෂුවර්, මේකා මොන ජාතියෙන් හරි වැඩේ කොරල තියෙනව කියල. ඒ හින්දම මේක කොරාපු හැටි දැනගන්නකම් නීතීඥ මහත්තයට 100% ෂුවර් තමන්ට නින්ද යන්නෙ නැති බව. මිට්ට සල්ලි ගෙවන්න ආවම නීතීඥ මහත්තය කිව්වලු, මට සල්ලි එපා, තමුසෙ ඔය වැඩේ කොරාපු හැටි විතරක් මට කියනව කියල.
'අයියෝ සර් සිම්පල්නෙ, කක්කුස්සියෙ තිබ්බ බාල්දිය මුනින් අතට දැම්ම ඔළුවට, එල්ලුනා කොක්කෙ, එච්චරයි'

