My followers

Thursday 10 May 2012

සත්තයි කුණුහරප නෙමේ....


Photo courtesy Google free images  

දැන් චුට්ටකට ඉස්සෙල්ල ඊයකින් ආව පණිවිඩයක්.

විසි එක් හැවිරිදි තරුණෙයක් දිනක් ස්පර්ශ කාච (contact lenses) පැළද තම
යාළුවන් සමග පොඩි උත්සවයකට සහභාගී වී සිටින අවස්ථාවක ඔවුන්
විනෝදයට BBQ එකක් දමන්නට වුහ. Grill එක මත ඇති චාර්කෝල් ගිනි මෙලවීමට 
ඔහු ඉදිරිපත් වූ අතර මිනිතු කිහිපයකින් ඔහු ඇස් වසාගන උදව්
ඉල්ලමින් කෑගසන්නට විය, උත්සවෙයේ  සිටි කිසිදු කෙනකුට  ඔහුට සිදුවූයේ කුමක්දැයි  කියා සිතාගැනීමට
නොහැකි විය.

පසුව රෝහල් ගත කිරීෙමන් පසු වයිද්‍යවරයා පැවසුයේ  ඔහු ස්පර්ශ කාච
(contact lenses) පැළද සිටි නිසා සදාකල් ඇස් නොපෙනන තත්වයට පත් වී
ඇති බවයි. ස්පර්ශ කාච (contact lenses) නිපදවන්නේ  ප්ලාස්ටික් වලිනි,  ඔහු
Grill එක මතට මුහුණ ලං කිරීමේදී චාර්කෝල් වල ඇති තද රස්නය නිසා
ඔහුගේ කාච ඇස් තුලදීම උණු වී  ගොස් ඇත.

 තද රස්නය ඇති අවස්ථාවල, ගිනිදැල් ඇති තැන් වල හා ඉවුම් පිසුම්
කරන අවස්ථා වල ස්පර්ශ කාච (contact lenses) පැලදීෙමන් වලකින්න!!
ඔබේ  යහළු යෙහළියන් මෙවැනි  කාච අලංකාරයට හෝ ඇස් දුර්වල
තත්වයන්ට පළදිනවා නම් ඔවුන් මේ  පිළිබද දැනුවත් කරන්න. ඔවුන් එය

269 comments:

  1. මමත් ලෙන්සස් දානවා ඔබා මාමේ... ( ඇස් පේන්නෙ නැති හින්දා )
    ගොඩා.....ක් ස්තූතී සටහනට.

    ReplyDelete
    Replies
    1. හරි....හරි...බොරු ඕන් නෑ, ඉට්ටයිල් එකට තමා දාන්නෙ...ඒ වුනාට කමක් නෑ ඇස් දෙක පරිස්සං කොර ගනිං පුතා :-))

      Delete
  2. ස්තුතියි ඔබා අය්යා, මේක මට කලිනුත් ඊයකින් හම්බවුනා, නමුත් වැදගත් කම අඩු වෙන්නෙ නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
  3. ඇත්තමයි කුණුහරුපයක් නෙමේ තමා..

    ReplyDelete
  4. හොඳ උපදේසෙ...මමත් මේ කතාව අහල තියනව

    ReplyDelete
  5. මේක බුකියේ දාල තියෙනවා මම දැක්ක ;)
    කැන්ගරු මාමා කස්ටියන්ගේ ඇස් පරිස්සම් කරන්න හදන එක හොඳ වැඩක් නෙව :ප
    ජය වේවා !!!

    ReplyDelete
  6. අලුත් යුගයක ආරම්භය...ඔබාඔප්ටිකල්,ස්....(මාමේ කෙල්ලන්ට විශේෂයි කියල දාන්න)

    ReplyDelete
    Replies
    1. Dude ,
      Senna ,
      කස්ස,
      පුබුදු,
      විමුක්ති,
      පොස්ට් එකේ උඩින්ම සඳහන් කරලා තියෙනවා වගේ මට ඊයකින් ආව පණිවිඩයක් හැමෝටම වැදගත් වෙයි කියලයි ඉදිරිපත් කලේ. නුමුත් කොමෙන්ට් වලින් දැනගන්න ලැබුන විධියට මේක නගරබද මිත්‍යාවක් [urban myth ]වගේ. එසේ වුවත් කොමෙන්ට් වලින් මා ඇතුළු සියලු දෙනාම දැනුවත් කල අයට ස්තුතියි.

      Delete
  7. වැදගත් උපදෙසක් මගේ අම්මත් ලෙන්ස් දාලා ඉන්නේ මේ ගැන දැනුවත් කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. උඩ තියෙන කොමෙන්ට් එක වගේම 'කතන්දර' ෆේස් බුක් එකේ දාපු සටහනකුත් 'පූස' පහල කොමෙන්ට් එකක උපුටල දක්වල තියෙනව, ඒවත් කියවල බලලම ඉන්න.

      Delete
  8. මදර්ස් ඩේ සටහන හරිම අනර්ඝයි...

    ReplyDelete
    Replies
    1. කමලිකා වෙනුවෙන් මගේ ස්තුතිය පිළිගන්න

      Delete
  9. මමත් ඔය සීන් එක අහලා තියෙනවා.. ඒක හින්දා පිටින් දාන කණ්ණාඩි දෙකක්ම දානව.. බිලා බිලා වෙරි උන වෙලවක ඔය වගේ මගුල් කරොත් තියන පෙනීමත් නෑ...

    ReplyDelete
    Replies
    1. වියපත් බඹරා, පුසා ඇතුළු මෙය බොරු කතාවක් බව කියපු අයගෙ කොමෙන්ට්ස් කියවල බලන්න, මම හිතන්නෙ ඒ අයගෙ අදහස හරි කියල {:-)

      Delete
  10. ඔබා, මේක ඌන සත්‍යයක්. මේ Hoax ඊය කාලයක් තිස්සේ පාවෙමින් තියෙනවා.
    මෙතන තාක්ෂණික හා ප්‍රයෝගික විස්තර ඔක්කොම තියෙනවා.
    http://www.hoax-slayer.com/melted-contact-lens-bbq.shtml
    අවිශ්වාස ප්‍රවූත්ති සෝදිසි කරලා බලන්න හොඳ තැනක් www.hoax-slayer.com

    ReplyDelete
    Replies
    1. @ වියපත් බඹරා,
      දුන්න සයිට් චෙක් කළා, මේ වගේ කථාවක් යනව කියල මිසක් ඒක බොරුය කියල තැනක් මට තාම අහු වුනේ නෑ, හැබැයි සමහර සයිට් වලට මේ වෙලාවෙ යන්න බෑ, හුඟක් සයිට් OPSM වගේ ඇස කන්නාඩි විකුණන සමාගම් වලින් දෙන විස්තර දාල තිබුනේ, කෝකටත් මම ආයෙ චෙක් කරන්නම්. දැන් අපේ වෙලාව රා 11.30 යි ඒ නිසා හෙට උදේ තමා චෙක් කරන්නෙ.

      නැවතත් ස්තුතියි මේ ගැන අවධානය යොමු කරල විස්තර දුන්නට.

      Delete
    2. දැනට වැටිල තියෙන කොමෙන්ට් සහ වෙනත් සයිට් චෙක් කලාට පසු ඔබ හරි කියල හිතනව.

      Delete
  11. මේකට කතන්දර රිප්ලයි කරල තියෙනව දැක්කද?? මම හිතන්නෙ කතන්දර කියන කතාව හරි...කතන්දර කියන විදියට මේක වෙන්න බෑ ... මෙහෙම රස්නයක් වදින කොට එක පාරටම් අපේ ඇස් පියවෙනවා... අපේ ඇහි පිහාටු හැදිල තියෙන්න ඒ විදියටයි... මමුලින්ම පිච්චෙන්න ඕනෙ ඇහි බැම ..

    ඒක නිසා මම හිතන්නෙ මේක ඇත්ත කතාවක් නෙවෙයි කියලයි

    ReplyDelete
    Replies
    1. දැක්කෙ නෑ, කොහෙද කතන්දරගේ රිප්ලයි එක තිබ්බෙ? වියපත් බඹරත් මේක වැරදි කථාවක් කියල කොමෙන්ට් එකක් දාල තියෙනවා. [මටත් අද ඊයකින් ආව එකක්]

      Delete
    2. @ Podi Man,
      දැනට වැටිල තියෙන කොමෙන්ට් සහ වෙනත් සයිට් චෙක් කලාට පසු ඔබ හරි කියල හිතනව.

      Delete
  12. Replies
    1. අනෙත් කොමෙන්ට් කියෙව්වම නැහැ කියල හිතෙයි, කොමෙන්ට් නිසා සත්‍ය අවභෝධ වුනා කියල හිතෙනව.

      Delete
  13. වැදගත් පණිවුඩයක්. තව එකක් ඔබා මාමේ, ඔය සැන්ට් වර්ග වහා ගිනි ගන්නා සුලුයිනේ. සමහර ඒවගේ ප්‍රොපේන් , බියුටේන් (ඒ කියන්නේ LP ගෑස් නේ )වගේ තව එක ජාති තියෙනවා. අයින් කරපු බෝතලයක් ගිනි ගොඩකට දැම්මොත් .. මේ ළඟදී එහෙම ගිණි ගොඩක් ළඟ ඉඳලා, මට සුළු තුවාල වුනා. සුන් බුන් (මගේ නෙවෙයි) අල්ලපු ගෙදරට පවා විසි වුනා. ඔය බැටරි වර්ගත් එහෙමයි කියනවානේ. නිකන් මේ මතක වෙලා කිව්වේ.. :)

    ReplyDelete
    Replies
    1. මගේ පොස්ට් එකට වඩා, ඉන්දුනිල්ගේ කොමෙන්ට් එකෙන් දැනගන්න දෙයක් ලැබුන. [අනිත් අයගෙ කොමෙන්ට්ස් කියවන්න ඇතිනෙ]

      Delete
  14. කතාව විද්‍යාත්මකව ඇත්ත උනත් බොරු උනත් prevention is always better! සයිබර් උළෙලෙ පිංතූර වල ඔබා මාම ඉන්නව දැක්කා..hoping to meet you smday smwhr in this small world :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත හෝ බොරු හෝ සබිත් කියන එක මමත් පිළිගන්නවා. ඕක ඇත්තම වෙන්න ඕනෙ නැහැ. ඉන් කියවෙන පණිවිඩය අපූරුයි. අපි දන්නේ නැහැ ඇහි බැම පිලිස්සුනාද කියලා. මේ වැනි ප්ලාස්ටික ඇත්තටම ඉතාම විශේෂී දේවල්. තාපාංකය ඉතාමත් ඉහළයි. කෙසේ හෝ මෙහි දෙන පණිවිඩයයි වැදගත්.

      Delete
    2. සාබිත් සහ වෙද මහත්මයා,
      දෙදෙනාගේම අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි. වෙද මහත්මයා නම් හමු වුනා, සාබිත්වත් මේ පුංචිලෝකේ ඇතුලෙ හමුවෙන්න සෑහෙන්න ඉඩ තියෙනව {:-)

      Delete
  15. ඔබා මලයා ...
    හුඟ කාලෙකින් නේ ...[ කණගාටුයි .. එදා කියල එන්නවත් බැරි වුනා]
    මේ ගැන අපිව දැණුවත් කළාට ස්තූතියි. [මමත් ඔයින් දෙකක් දාන්න හිතාගෙනයි ඉන්නෙ.. හෙ .. හෙ ... ]
    නමුත් .... මමත් මේකෙදි පොඩි මෑන්ට සහ කතන්දරට එකඟ වෙනවා.

    ReplyDelete
    Replies
    1. කියල යන්න බැරි වුනාට දුක් වෙන්න එපා, හමුවීම තමා වැදගත්. අනික කවදාවත් අපිට හැමෝටම කියල යන්න නං ලැබෙන්නෙ නැහැ. {:-)

      මමත් වියපත් බඹරට, පොඩි මෑන්ට සහ කතන්දරට එකඟ වෙනව.

      Delete
    2. නොකියා ගියාට දුකක් නැත්තෙමත් නෑ..
      එත් තියලා ගිය මතක ගැන ඊට වඩා සතුටුයි ඔබා මාමේ...

      Delete
  16. http://www.hoax-slayer.com/melted-contact-lens-bbq.shtml

    ReplyDelete
  17. ඔබා මහත්තයාගේ වගේ බ්ලොග් රාජයෙක් තුලින් මේ වගේ දැනුවත් කිරීමක් සිදුකිරීම ඉතාමත් අගය කරමි.

    ReplyDelete
  18. කස්ටිය කුනු හරප බලාපොරොත්තුවෙන් එනව වගේ බොල ඔබා මාමා ටොපික් එක දාල තියෙන්නේ. හරියට අපි වල් කොල්ලෝ වගේ..

    වැදගත් ලිපියක්.

    ජය !

    ReplyDelete
    Replies
    1. පොත්ගුල්ලා සහ සෑම්,
      අනිත් කොමෙන්ට්ස් කියවල බලන්න.

      Delete
    2. ඇත්තටම තේරුනේ නැහැ ඔබා මාමේ. කමෙන්ට්ස් බැලුවත් තේරුනේ නැහැ.. :((

      Delete
  19. අපේ ෆාමසියෙන් මේ ගැන අහලා බලන්න ඕන.. මෙහෙම වෙන්න බැරි කමකුත් නෑනේ..

    ReplyDelete
  20. ඔබාගෙ බ්ලොග් එක හැක් කරලා වෙන කවුදෝ පෝස්ට් එකක් දාලයි කියන ආරංචියටයි මං මේ තකහනියක් මේ පැත්තෙ ආවෙ.. කතාව ඇත්ත වගේ, මේ පෝස්ට් එකනං ඔබා දාපු එකක් වෙන්න බෑ.. ;)

    ReplyDelete
    Replies
    1. අපි නැග්ගොත් ගහේ දෙබලක්. තොප්පි හදන්න පටන් ගත්තම උපදින්නෙ ඔළු නැති එවුං.

      මදෑ......කුණුහබ්බ එහෙම නැතුව වැදගත් කියල පොස්ට් එකක් ලිව්ව.....

      Delete
  21. දෙය්යනෙ කියලා මගෙ නම් නෑ ඕවා දාන්න බලා පොරොත්තුවක් . මටත් ඔය පනිවිඩෙ FB එකෙන් ලැබුනා බ්ලොග් අවකාසෙ දැනුවත් කරාට ඔබා මාමට ස්තුතියි. ඒත් කුනුහරුපයක් නැති එකට නම් ...............#$%#@& . වෙසක් එකටත් කුනුහරුප දාපු මනුස්සයා කුනුහරුප නොලීවම කාටද තද නොවෙන්නෙ ...

    ReplyDelete
    Replies
    1. බුරාට දීපු උත්තරේම තමා ලොකු ජෝන්ටත් :-)

      Delete
  22. තරහ වෙන්න එපා ඔබා මාමේ මම නම් මේක විස්වාස කරන්නේ නෑ. වියපත් බඹරා වගේම ඇනෝ කෙනෙකුත් කියල තිබ්බ ටිකම තමයි මමත් කියන්නේ මේ ගැන. මේක බොරුවක්. මේ සයිට් එකේ තියනවා අන්තර්ජාලේ බොහොම ජයටම පැතිරෙන බොරු කෙප්ප ඊ මේල් ගැන. ඉතින් ඔවුන් මේකත් එයින් එකක් කියල හඳුනාගෙන තියනවා.
    http://www.hoax-slayer.com/melted-contact-lens-bbq.shtml මෙන්න ලින්ක් එක මේ ගැන තියන.

    ReplyDelete
  23. සමහර විට වෙන්නත් ඉඩ තියෙනවා.රස්නේ වැදුනට අහ පිය වෙනවා තමා ඒත් මොකටද ඉල්ලගෙන කන්නේ.

    ReplyDelete
  24. අර වතුර වීදුරුවේ දාලා තිබුණ ලෙන්ස් එක වැරදිලා පෙවුන මිනිහාගේ කතාවත් මේකට ඇමිණුවේ නැත්තේ අමතක වුන නිසාද, නැත්තං කුණුහරුප එපාම හින්දද..? :P

    ReplyDelete
    Replies
    1. බීටලේ...බීටලේ...බොටත් කුණුහරප නැතුවම බෑ නේද ? {:-)

      Delete
  25. මාමේ ගොඩක් ස්තුතියි. නමුත් මේ කතාව කලින් අහපු වෙලාවක මම ටිකක් හොයල බැලුව මොකද මමත් contacts දාන නිසා. ලැබුණු විස්තර අනුව නම් මේක urban legend එකක්. මොනා උනත් මේ මාසේ අන්තිමට මම contact lense එකක් අරන් ලිප ගාවට ලං කරලා බලන්න ඉන්නේ. එතකොට ඒක දියවේවිද නැද්ද කියල කතාවේ ඇත්ත නැත්ත හරියටම දැන ගන්න පුළුවන් :D

    ReplyDelete
    Replies
    1. ඕනේ නැති වැඩ කරන්ට නම් හදන්ට එපා නීරෝ.
      ඔන්න ඔහේ කියන දෙයක් අහගෙන ඉන්ට හොඳ ලමයෙක් වගේ. :D

      Delete
    2. Niroshini,
      It's not a urban legend, it's a urban myth {:-)

      Delete
  26. මමත් මේ ඇස් දෙක නිල් හරි කොල පාට හරි කරගන්ට බැලුවේ contacts දාලා. වැඩේ අත් ඇරියා මේක දැකලා.:)

    Mother's Day සටහන ලස්සනයි.

    'Like father, like daughter' කියලා කවුදෝ කියලා තියනවලු නේද? :D:D:D

    ReplyDelete
  27. සත්තයි කුණුහරුප නෙවෙයි කියල ලියල තිබ්බ හින්දයි ආවේ.. එත් සැකෙන්.. අපි එයිද මෙවුවට නැත්නම් ..

    ReplyDelete
    Replies
    1. කමලිගෙනුත් තෑන්ක් යූ එකක්, මෙච්චර දවස් එයාගෙ වෙබ් සයිට් එක විසිට් කලේ දවසට 60 දෙනෙක් විතරලු, ඊයේ ඉඳල අදට 200 පැනලලු :-)

      Delete
  28. කොහොම උනත් contact lenses දාන එක නම් මල වදයක්..

    ReplyDelete
  29. මේක කතාව අපි දන්න අඳුනන අක්කා කෙනෙක් ඊයේ පෙරේදා දවසක එක ගෲප් එකක දැම්ම වෙලේ අපේ කතන්දර අංකල් ඔය කතාව බොරුයි කියලා පෙන්නුවා! ඉන්න මං එයා කිව්ව එක මෙතන දාන්නම්. අනවසරයෙන් කොපි කරලා බැණුම් අහන්න වෙයිද මන්දා! ඔන්න ඔහේ ඕන එකක්! :D

    This is silly.

    While contact lenses can melt / burn when exposed to heat. at that
    level of heat your entire face will be in fire as well and most
    probably you will die or end up with third degree burns.

    Even wit hor withoust contact lenses - the eye sight may be lost completely.

    A simple search produced this:
    http://www.thatsnonsense.com/view.php?id=1416

    ReplyDelete
    Replies
    1. පූසට තෑන්ක් යූ වේවා...!!!

      Delete
  30. සත්තයි කුණුහරුප නෙවෙයි කිව්වම මම හිතුවෙ ඔබා මාම ඉතිහාසෙට කියපු ලොකුම කුණුහරුපෙ කියන්න ලැහැස්ති වෙනව කියල. මමත් විගහට දුවගෙන ආවා. මැදෑ කොළා .... ඒ පාර ඔබා මාම වෛද්‍ය උපදෙස් දෙන්නත් අරන්.
    කතන්දරේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඔය ඇස්වලට කාච දාන අය ඒ පිළිබඳ සිහිකල්පනාවෙන්, ප්‍රවේශම් වෙන එක කෝකටත් හොඳයි. කොහොමටත් ලස්සන වෙන්න ඇහැට කාච දාන එකනම් මහ මෝඩ වැඩක්. අපිට ස්වභාවිකව ලැබිල තියෙන දේවල් කෘත්‍රිමව වෙනස් කරගන්න දඟලන මිනිස්සුන්ගෙ මොකක්දෝ ලොකු අඩුපාඩුවක් තියෙනව කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ''අපිට ස්වභාවිකව ලැබිල තියෙන දේවල් කෘත්‍රිමව වෙනස් කරගන්න දඟලන මිනිස්සුන්ගෙ මොකක්දෝ ලොකු අඩුපාඩුවක් තියෙනව කියල මට හිතෙනව''

      සහතික ඇත්ත

      Delete
  31. මටත් මේක ඊයකින් මේ දැන් හම්බුනා ඔබා..

    ReplyDelete
    Replies
    1. පේනව නේද ඊයකින් ආව එකක් පත්තරේ දාල මං කන මඩක්...

      Delete
  32. මාතෘකාව දැක්කම මතක් වුනේ
    අර රත්තරං ආකරේ වැඩේ කොහොමෙයි?

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ මතක් කලාට, සම්පුර්නේම්ම අමතක වෙලා තිබුනෙ. ළඟදීම ලියල දාන්න ඕනෙ, ඊට ඉස්සෙල්ල ලියන්නම ඕනෙ ලංගම කථාවක් තියෙනව.

      Delete
    2. ඒ ලංගම කතාව කියවන්න අපි කල පින් මදි වෙන්නැති.

      Delete
  33. දෙයියනේ ඔබා අයියා මට මොහොතකටවත් නොහිතුන දෙයක්. බොහෝම පිං මම මේක හැකි හැම කෙනෙක්ටම පෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. අනෙත් කොමෙන්ට් ටිකත් කියවලම හිටියනං....

      Delete
  34. ඔබා මාම ඕව දාල නෑ නේද?

    ReplyDelete
    Replies
    1. නහින දෙහින කාලෙ මොන 'ස්පර්ශ කාච' ද ?

      Delete
  35. කුණුහබ්බ නෑ කිව්වට කොහොමෙයි විස්වාස කරන්නෙ.මම කෝකටත් කියලා එක පාරක් ඇස් වහගෙන කියවලා බැලුවා.කුණුහබ්බ තියෙනවද කියලා.සබිත් කිව්වා වගේ කෝකටත් අවදානමක් ගන්නෙ මක්කටෙයි.

    ReplyDelete
    Replies
    1. ඇස් වහගෙන කියෙව්වෙ ස්පර්ශ කාච දාල වෙන්නැති. නැතිනම් බ්‍රේල් ක්‍රමේටද ? ඔය ඇඟිලි වලින් කියෝන එක ඩේන්ජරස්...

      Delete
  36. බොහොම ස්තූතියි දැනුවත් කලාට ..

    ReplyDelete
    Replies
    1. අනෙත් කොම්න්ට්ස් කියවල බැලුවනං ගිම්හානි...

      Delete
  37. ඕක ඇත්ත හරි බොරු හරි ටෙස්ට් කරලා බලන්න එහෙම යන්න එපා කට්ටිය.

    ReplyDelete
    Replies
    1. වඳුරට වෙච්චදේ වෙයි කියල වෙන්නැති...අර ලී ඉරන්න ගිය එකා මං කිව්වෙ...

      Delete
  38. අම්මා ගැන ලියලා තියෙන සටහන උපරිමයි ඔබා මාමේ

    ඒ වගේමයි මේකතාව මටත් ඊයෙන් ආවා

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක බැලුවට කමලිගෙන් ලොකු තෑන්ක් යූ එකක්.

      බලනකොට මේ hoax ඊමේල් එක ලෝකෙ පුරාම කැරකෙන එකක් වගේ...මාත් හිතුව ඇත්තක් කියල...සොරි...

      Delete
  39. හත්තිලව්වට ගහපු කලාබරේ වගේ.. මදෑ කොලා.. එහෙනම් ඉතින් contact lenses දාන එවුන් alert එකේ ඉන්නවා හොඳා..

    ReplyDelete
    Replies
    1. උඩ තියෙන කොමෙන්ට් කියවල බලන්න, මේක බොරු කතාවක් කියලයි හැමෝම කියන්නෙ.

      Delete
  40. මේ ඊයේ අත්තක් වෙලාද බොරුවක් වෙලාද කවුදෝ දන්නේ. ඔබා මාමා දැනුවත් කරපු එක හොඳයි

    ReplyDelete
  41. අඩේ අප්පා එහෙම වෙනවද. දන්නා කියන උන්ට කියන්න ඕනේ.

    ReplyDelete
  42. කෝම වුනත් දන්න දෙයක් තව කෙනෙක්ට කියල දෙන එක හොඳා :)

    ReplyDelete
  43. මොකද්ද හත්තිලව්වේ දාලා තියෙන මාතෘකාව...

    ReplyDelete
  44. read the post and coment. lucky ..I came last

    ReplyDelete
  45. මේක ඇත්තක් වෙන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන් නමුත් දැනුවත් වෙලා ඉන්න එක හොදානේ
    මතකද අර ලංකා ඊ නිව්ස් එක ගිනි තිබ්බ වෙලාවේ යකඩ හිටන් ඇබරිලා ගිහින් තිබුන වෙලාවේ පිච්චිච නැති කොන්ඩම් /කාන්තා යට ඇදුම් තිබුනේ ?

    ReplyDelete
  46. ඔබාමාමාට නිවන් සුව ලැබේවා!!!!

    ReplyDelete
  47. ඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  48. මා මේ දැන් සනත් විජේවර්ධන ගේ දියණියස සමග කතා කළා.

    බ්ලොග් ලිවීම සහ ඒ මහින් ඇතිවූ සියළු මිතුරු සම්බන්ධකම් ගැන තම පියා ඉතාමත්ම සන්තෝශයෙන් හිටි බව ඇය මට කීවා.

    පරමායුෂ නොගෙවා මිය යාම ඥාති මිත්‍රාදීන්ට දුකක් වුනත් මෙලෙස රෝගී දුක් නොවිඳ, සිතේ සතුටින් ම මොලොව හැර යන්න ලැබීමත් එක්තරා වාසනාවක්.

    නුදුටු මිතුර, සනත්, ඔබට නිවන් සුව!

    පන නම් තණ අග පිණි බිඳු වැන්නේ
    අද අද එයි මරු පින්කර ගන්නේ.

    ReplyDelete
    Replies
    1. //බ්ලොග් ලිවීම සහ ඒ මහින් ඇතිවූ සියළු මිතුරු සම්බන්ධකම් ගැන තම පියා ඉතාමත්ම සන්තෝශයෙන් හිටි බව ඇය මට කීවා.//

      ඔහු අපිවත් ජීවත් කරෙව්වා..

      ඔබට නිවන් සුව !

      Delete
  49. ඔබාමාමාට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  50. ඔබතුමාට නිවන් සුව පතමි ...නමුඳු තවමත් මෙය මෙසේ වුවා යැයි සිතන්නට මා සිත් නොදෙන බවයි හැඟෙනුයේ ..

    ReplyDelete
  51. පුරුද්දක් විදියට කමෙන්ට් නොකලත් මම බොහොම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්.හරිම කම්පනයකට ලක් උනා මාරයා අයියාගෙ පෝස්ට් එකෙන් ඔබා මාමාගේ අභාවය දැකලා.ඊයෙත් මම දැක්කා ඔබා මාමා කගේදෝ පෝස්ට් එකක කමෙන්ට් කරල තියෙනවත්.අදහස්නම් ගොඩක් හිතට දැනෙනවා,ඒත් ගොනු කරගන්න බෑ.

    ආදරණීය ඔබා මාමේ...ඔබට නිවන් සුව!!!

    ~ආදී~

    ReplyDelete
  52. මම මේ දැන් මාරයගෙ බ්ලොග් එකෙන් තමයි ඒ කණගාටුදායක ආරංචිය දැන ගත්තෙ. සිංහල බ්ලොග් අවකාශයෙ හැමෝම හිනැස්සූ ඒ සුන්දර මනුස්සය කාටත් නොකියම, අද අපිව හඬවල නික්මී ගිහින්. මේ අවුරුද්දෙ ඔබ මාතර ආවත් මුණගැහෙන්න බැරිවුණ නිසා ලබන අවුරුද්දෙ අනිවාර්යයෙන්ම හමුවෙන්න හිටියෙ. ඒත් නොසිතූ දේ ම අද සිද්ධවෙල.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  53. ඔබා මාමාට නිවන් සුව අත්වේවා......!

    ReplyDelete
  54. හැබැහින් දැකල කතා කරල නැති උනත් හිත හොඳ මිනිහෙක් වග සයිබරය හරහා තේරුම් අරං හිටියෙ. මෙච්චර ඉක්මනින් වෙන්වෙලා යයි කියල හිතාගන්න බෑ.
    මාරය කියල තියෙනව වගේ ඔබ පැරදිච්ච මනුස්සයෙක් නෙමෙයි.

    ආදරණීය ඔබා මාමේ (සනත් අයියේ) ඔබට නිවන් සුව..!

    විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  55. බ්ලොග්ලෝකයේ යළිමුණනොගැසෙන සොඳුරුසිතැත්තාණෙනි, ඔබට නිවන් සුවඅත්වේවා...

    ReplyDelete
  56. කවදාවත් මුණගැහිලා නැති උනත් ඔබ හොඳ මිනිසෙක් බව හඳුනාගත්තා... ඔබට නිවන් සුව අත් වේවා...

    ReplyDelete
  57. නිතරම මේ බ්ලොගයට ආවද කිසිදා කොමෙන්ටුවක් නොදමුවෙමි.ඔබ වෙනුවෙන් ශෝකවෙමි.පවුලේ සියලු දෙන වෙත ශෝකය පලකරමි.ඔබ්සවර් මහතාණෙනි ඔබට නිවන්සුව අත්වේවා.

    ReplyDelete
  58. ආදරණීය ඔබා,
    අද උදේ 7.43 ට මගේ අඩවියට ඇවිත් කොමෙන්ටුවක් දාල ඔබ ගිහින් නොකියාම ගිහින්. කොහොම විශ්වාස කරන්නද? ඔබ කුමාරයට මේ දුන්න පිළිතුර පොඩි ඉඟියක්ද?

    kumarayaThursday, 10 May 2012 21:26:00 GMT+05:30
    ඔබා මලයා ...
    හුඟ කාලෙකින් නේ ...[ කණගාටුයි .. එදා කියල එන්නවත් බැරි වුනා]
    මේ ගැන අපිව දැණුවත් කළාට ස්තූතියි. [මමත් ඔයින් දෙකක් දාන්න හිතාගෙනයි ඉන්නෙ.. හෙ .. හෙ ... ]
    නමුත් .... මමත් මේකෙදි පොඩි මෑන්ට සහ කතන්දරට එකඟ වෙනවා.
    Reply
    Replies

    ObserverFriday, 11 May 2012 11:53:00 GMT+05:30
    කියල යන්න බැරි වුනාට දුක් වෙන්න එපා, හමුවීම තමා වැදගත්. අනික කවදාවත් අපිට හැමෝටම කියල යන්න නං ලැබෙන්නෙ නැහැ. {:-)

    ඇනෝ ප්‍රහාරයකට ලක්වෙච්චි "ප්‍රීති වෙසක්" පොස්ටුවේ කිරි පුතාට දුන්න උත්තරේ බලන්න,

    කිරිපුතාTuesday, 8 May 2012 22:24:00 GMT+05:30
    අප්පට සිරි ඔබා මාමා එදා දැක්කට පස්සෙ. වෙසක් එකේදිවත් මුන්දැට කට පියන් ඉන්න බෑනෙ.
    Reply
    Replies

    ObserverWednesday, 9 May 2012 13:44:00 GMT+05:30
    තව ඉතිං වැඩි කාලයක් නෑ පියාගන්න :-))

    ඔබ යන බව දැනන් ඉඳල.
    කාලෙක ඉඳන් ඔබ ලියල තුබුන යන්න සුදානම් වෙනවා කියා. එත් ඉතින් මෙච්චර ඉක්මනින්?
    ඔබ ආදර්ශයට ගතයුතු චරිතයක්, අන්තිමට යනකොටත් අපිට පාඩම් ගොඩක් ඉතිරිකර ගිහින්.
    ඔබට නිවන් පතනවා හැර වෙන කොහොම හිත හදාගන්නද?

    ReplyDelete
  59. obata niwan suwa pathanawa

    ReplyDelete
  60. //කියල යන්න බැරි වුනාට දුක් වෙන්න එපා, හමුවීම තමා වැදගත්. අනික කවදාවත් අපිට හැමෝටම කියල යන්න නං ලැබෙන්නෙ නැහැ.//


    ඔබේ මේ වදන් කලින්ම අපෙන් සමුගැනීමක්වගේ ...

    "ඔබට නිවන්සුව"

    ReplyDelete
  61. ඔබට නිවන් සුව අත්වේවා!!!

    ReplyDelete
  62. කාලෙකට පස්සෙ බ්ලොග් එකට එන්න ලැබුණු ගමන්ම දැක්කෙ මේක. ඇත්තටම මං මුලින්ම හිතුවෙ මඩක් කියලා. පස්සෙයි දැක්කෙ තව බ්ලොග්ස් මේක ගැන කියලා තියෙනවා. කොහොම විශ්වාස කරන්නද දෙයියනේ ඊයෙ රෑත් මට මේල් එකක් දාල තිබුණු මනුස්සයා සදහටම අපෙන් වෙන්වෙලා ගිහින් කියලා. දැනගත්තු ගමන් වටෙන් පිටෙන් ආරංචි කරලා බැලුවත් ඒ හැමෝම දැනගත්තෙ මං කියනකොට.

    ආදරණීය ඔබා මාමේ, ඔබට නිවන් සුව පතනවා ඇරෙන්නට වෙන මොනවා කරන්නද දැන්. ඒත් ජීවතුන් අතර සිටියදී දැක ගන්නට බැරිවෙච්චි ඔබේ මුහුණ අන්තිම මොහොතේ හරි දැක ගන්නට එනවා මං.

    Miyuru

    ReplyDelete
  63. සෑම මුවට සිනහවක් එක්කර දී........
    සමුගත්....... ඔබට නිවන් සුව අත්වේවා‍!

    ReplyDelete
  64. ඔබට නිවන් සුව අත්වේවා!!!

    ReplyDelete
  65. නැගෙන කදුලු බිදු අතරින් මෙ කොමෙන්ටුව තබමි ...... කිසිදා හැබහින් දැක නැති උනත් කිසිදා කතා කර නැති උනත් බ්ලොග් පිටු අතරින් සමීප වූ ඒ සොදුරු හිතවතාට සියලු පින් බලෙන් යහපත් උපතක් පතමි....

    ReplyDelete
  66. තාමත් ගලන කඳුලු මැදින් මේ සටහන තබමි.
    ඔබට නිවන් සුව අත්වේවා!!!

    ReplyDelete
  67. විශ්වාස කරන්න අමාරු උනත් ඇත්තක්යැයි පිලිගමි... ජීවිතය නම් එසේමැයි..
    ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්න හැකිය...
    ඉක්මනින් ගිය ඔබට නිවන් සුව පතමු.. කවදාකවත් නොදුටුව මුත් ඔබේ හිතවත් කමක් සොඳුරු සිතත් මතකයේ සදා රැදේ..

    ReplyDelete
  68. හරිම හිතට අමාරුයි. කවදාවත් දැකල නෑ, ආශ්‍රය කරලත් නෑ. ඒත් මිනිසුන් යැයි කියාගන්නා සත්තුන්ගෙන් පිරුණු මේ ලෝකයේ, ඔහු හිත හොඳ මිනිසෙක් බව නං පැහැදිලියි. හොඳ මිනිස්සු ඉක්මණට යනවා කියනවානෙ. ඔබ නැති අඩුව මේ බ්ලොග් අවකාශයේ හැමදාම තියේවි.

    ඔබට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  69. ජීවිතේටම හැබහින් නොදුටු ඔබා මාමේ.. ඒත් ඔඹේ වියෝව මගේ දෑස් කඳුලින් තෙත් කළා.. ඒ නුඹ තුල තිබුනු ලෙන්ගතුකම් නිසා වෙන්ඩ ඇති.

    නිවනින් නිවෙනා තුරු ඔබ අප සමඟ මෙවන් සොයුරු, මිතුරු සබඳතාවයකින් බැඳේවා !

    ReplyDelete
  70. ඔබට නිවන් සුව ලැබේවා. සනත් අයියා ඔබ සදාකල් අප හදවත් තුල ජිවත් වෙනු ඇත .මා ලියු අද නොලියන blog එකේ පළමු comment දැමුවේ ඔබයි අයියේ. dharshana bandara

    ReplyDelete
  71. ගිහින් එන්න ඔබා අයියෙ..
    නැත්නම්..
    අපි එනකම් ඉන්න..

    ReplyDelete
  72. විශ්වාස කරන්නත් බැහැ මේක වුනා කියලා.අපි කවුරුවත් හීනෙකින්වත් හිතපු දෙයක් නෙවේ මේ.ගහක් ගලක් වගේ හිටපු මනුස්සයා එක පාරට මෙහෙම වෙලා කියලා දැනුනම හිතට ලොකු දුකක් ආවා.මාමේ පෞද්ගලිකව ඔබව නොදැන සිටියත් ඔබ තරම් සැහැල්ලුවෙන් විනෝදෙන් මේ බ්ලොග් අවකාශේ පොරක් වෙලා හිටපු කෙනෙක් ගැන මං තවත් දැකලා නැහැ.මගේ බ්ලොග් එකට මුලින්ම ඔයා ආපු දවසේ තමා මට හරියටම දැනුනේ මාත් බ්ලොග් කාරයෙක් කියලා.ඔබ වගේ චරිතයක් ආයේ කවදාවත් දකින්න ලැබෙන එකක් නැහැ.ඒක මේ බ්ලොග් අවකාශේ නම් වූ මල් යායට ලස්සන එළියක්‌ දුන්න සදු වගේ නැවත ඔබ එනවා නම් ඒක අපි ලද බාග්‍යවන්ත කමක්.

    ඔබට මොක් සුව පතමි.

    ReplyDelete
  73. ආදරණීය සොහොයුර.. ඔබ දුටු නොදුටු සියල්ලන්ගේම සිත් පහන් කර සතුටු කල උතුම් මනුස්යයෙක් .. අපි හැමෝම කවදාහෝ යායුතුයි එත් ඔබ තව බොහෝකල් අපි අතර ජීවත්වියයුතුව තිබුණු අසමාන ගනයේ මනුස්යයෙක්.. අවසන් ගමන් යන්නට පෙර මගේ නිවහනේ මොහොතක් ගත කල ඔබ අපේ හදවත්වල සටහන් කල අමරණීය සිහිවටන එසේම තබා යන්නටම ගිහින්..එසේ හෝ ඔබ දැකීමට ඇසුරු කිරීමට ලැබීම මගේ වාසනාවක්.. ඔබේ මතකය රැගෙන අපි ඉතිරි ටික කාලය ගෙවන්නම් .. එත් බ්ලොග් අවකාශය තවදුරටත් එතරම් ආලෝකමත් නැහැ.. සසර වසනාතුරා අකල් මරණයක් ඔබට නොවේවා. සුගතියක නැවත ඉපදේවා ඉපදී මියෙන මේ සංසාරයෙන් එතෙර වීමට ඔබට හැකිවේවා.

    ReplyDelete
  74. ඊළඟ පොස්ට් එක එනකන් බලන හිටපු අපි අයෙත් ඔබ එනකන් බලන ඉන්නවා.

    ඔබා මාමේ ඔබට නිවන්සුව ලැබේවා!!

    ReplyDelete
  75. ඔබා මාමට නිවන් සුව පතනවා!!!!

    ReplyDelete
  76. මට තවමත් මේක අදහාගන්න බැරි ගානයි.. ඇයි දෙයියනේ මේ ගහෙන් ගෙඩි එන්නා වගේ..

    ඔබට නිවන් සුව අපේ සොදුරු මිත්‍රයා..!!

    ReplyDelete
  77. කිසිදිනෙක හමුවී නැති කතාකර නැතිවුවත්, බ්ලොග් අඩවි අතර සැරිසරනවිට දැකපු කොමන්ටුවලින් විතරක් ඔබ හඳුනාගෙන සිටියෙමි.

    ඔබට නිවන් සුව..!

    ReplyDelete
  78. සුහද ඔබේ මතකය සඳා රැඳේවා!

    ජීවිතය කඳුළු, සිනහ හා මතකයන් ඇති කරයි. කඳුළු වේලි යයි. සිනාව මැකී යයි. එහෙත් මතකය සැමදා රැඳේවි!

    Life brings tears, smiles and memories. The tears dry, the smile fades, but the memories live on forever. With deepest sympathy, Aruni

    ReplyDelete
  79. This comment has been removed by the author.

    ReplyDelete
  80. උදේ මේ පනිවිඩය දැන ගත් මොහොතේ ඉඳලා හිත ව්‍යාකූලයි. දැන් හවස් වෙලා. මේ වෙද්දි මේ සත්‍ය තහවුරු කරගැනීමට ගත් උත්සහයෙන් සිත වෙහෙසට පත්වෙලා.

    ඔබා මාමා බ්ලොග් කාරයින්ට දුන් දිරිය කවදාවත් අමතක කළ නොහැකියි.

    “උඔගෙ බ්ලොග් එකට ඇවිල්ලා මොකවත් නොලියා ගිහින් තියෙනවද මීට කලින්?“ දවසක් මට කිව්වා මතකයි.

    කරණා ලද කුසල කර්ම නිවන් මඟට යාමට හේතු වාසනා වේවා!

    ReplyDelete
  81. ආයෙත් ඉතින්
    …මෙ හරිත පිටුව මත
    …ඔබේ නිර්ව්‍යාජ හැඟුමන්
    …සටහන් නොවනු ඇත
    "…ඔබා" ඔබ වෙනුවෙන්
    …හදවත් තුලින් පතිත
    …මේ දසටහන් වලට
    කොහේ හෝ ඔබ ඉඳන්
    …තබනු මැන සටහනක් .....

    …කිසිදා මුන නොගැසුන,
    …ආයෙත් කිසි දිනක මුන නොගැසෙන,
    …සදාදරනීය මිතුර,
    …ඔබට නිවන් සුව !!!

    ReplyDelete
  82. බ්ලොග් එකක් පටන් අරන් මාස නවයකින් 67000ට අධික හිට්ස් සංඛ්‍යාවක් වාර්තා කිරීමෙන්ම ඔබා අයියා කොතරම් ජනප්‍රිය චරිතයක්ද වුනාද කියලා හිතාගන්න පුලුවන්. වෙනදා වගේ මේ කමෙන්ට් එකට ඔබා අයියා පිළිතුරු දෙන්නෙ නෑ කියලා දැනගෙන ලියන්නෙ හිතේ පුදුමාකාර බරකින්. "හෙන්රි, මට චිත්‍රයක් ඇඳලා දෙන්න පුලුවන්ද?" කියලා ආයෙ අහන්නෙ නැතිවේවි.
    ඉතින් සමුගමු නොදු‍ටු හිතවත.
    ඔබට නිවන් සුව.
    පවුලේ සැමට අපගේ සාතිශය සංවේගය.

    henryblogwalker the Dude

    ReplyDelete
  83. ඔබට නිවන් සුව අත්වේවා‍!

    ReplyDelete
  84. ඔබට නිවන් සුව අත්වේවා ඔබා මාමේ..........!!!

    :-( :-(

    ReplyDelete
  85. හෙට ඔබ නෑ කියල හිතෙනකොට ජීවිතේම මහා පාලුවකින් වෙලී යනවා.
    ඔබ නැති බ්ලොග් ලොව පාලුයි අඳුරුයි.
    ............................................................
    අනේ මන්ද! හැමෝම මෙතන සටහන් දාල තියෙන්නේ හරියට ඔබා මාම කොහේ හරි ඉඳන් මේවා කියවයි වගේ හිතාගෙන. මටත් හිතෙන්නේ ඒ වගේ තමා. පොකු ලඟදි මරණින් මතු ජීවිතය ගැන කතා කළා. මට හිතෙනවා ඔබා මාම ගන්ධබ්බයෙක් වෙලා ඇවිත් සයිබර් අවකාසෙට ඇතුල් වෙලා මේ සියල්ල කියවල අපිට ආයුබෝවන් කියයි කියල; මීළඟ භවයේ උපදින්න කලින්. මරණින් මතු ජීවිතයක් තිබේ නම් ඔබ හොඳ භවයක් ලබන බව අප සැමගේ විශ්වාසයයි; අප සැමගේ ඒකායන පැතුමයි.
    .............................................................
    ඔබා මාමාගෙ භවගාමී ජීවිතය යහපත් වේවා!
    සසර ගමන කෙටි වී නිවන් සුවයෙන් සැනසේවා!

    ReplyDelete
  86. බොහෝ අය යති , එති
    හදවත සිතුවම් අඳිති ..
    එහෙත් කැටයමක් කල අය
    බොහෝ හිග වෙති
    ...ඔහු අප හදෙහි ඇඳි
    කැටයම් සදා නොමැකෙති..

    ඔබා මාමා දැනන් හිටියද අපි එයාට මෙච්චර ආදරෙයි කියල .
    මගේ ජිවිතයේ හමු වූ සොඳුරුම මිනිසෙක් . කෝ ඉතුරු ලංගම කතා ..කෝ රත්තරන් ආකාරය ගැන ලියනවා කිව්ව ඉතුරු ටික ...පර්ත් නගරය පුරා අපව ගෙනියන ගමන් කිව්වේ පර්ත් ගැන හරියකට ලියන්න බැරි වුන නිසා මට ඒ ගැන ලියන්න කියල . නිවාඩු අරගෙන පුළුවන් හැම තැනකටම අපිව එක්ක ගියා . මොන නෑ කමකටද ..සංසාරයේ නෑ කමක් වෙන්න ඇති . අද වෙන මුකුත් කියන්න බැහැ . මට හරිම දුකයි

    ReplyDelete
  87. ඔබා මාමෙ ඔබට නිවන් සුව...!

    ReplyDelete
  88. මේ දාන කොමෙන්ට් එක බලන්න ඔබා මාමා නෑ කියලා කොහොම හිතන්නද.... මට මේ පෝස්ට් එක බලන්න එන්නවත් ලැබුනේ නෑ මට ඒකට සෑහෙන්න දුකයි.මේ දැන් දැනගත්තේ මන්ඩිපාලගෙන් විශ්වාස කරන්නත් බෑ එදා අවුරුදු උත්සවේදි කතා බහ කරලා තරුණ වෙලා හිටිය ඔබා මාමා කාටත් නොකියා ගිහින්...

    //දාන්න මාමේ දාන්න මේක ඔබා මාමගේ බ්ලොග් එක නොවැ... අනික් ඉතින් ඔබා මාමගේ මෙව්වා කතාවක් ඇහුවේ නැත්තම් ඔබා මාමා බ්ලොග් ලියලා නෑ වගේ තමා

    ObserverWednesday, 9 May 2012 20:44:00 GMT+05:30
    @ ගැමියාගේ පත් ඉරුව,
    තව දවස් දෙක තුනකින් දාන්නං//

    ඒ දවස් දෙක තුන කවදාවත් එන්නේ නෑ කියලා කොහොම පිළිගන්නද ඔබා මාමේ.ඔබතුමාට නිවන් සුව!!!

    ReplyDelete
  89. අයෙත් ඉතින් ඔබා මාමා මේ කොමෙන්ට් එක කියවන්නෙවත් රිප්ලයි කරන්නේවත් නෑ කියල හිතෙද්දි පපුව පිච්චෙනවා. කවදාවත් දැකල නැති උනත් දන්නා කියන කෙනෙක්ට වඩා ඩිජිටල් අකුරු වලින් අපිට සමීප ඔබා මාමා, ඊයෙත් මට ඊයක් දාපු ඔබා මාමා, අපෙන් වෙන්වුනා කියල කොහොම අදහන්නද? කඳුළු කඩාගෙන වැටෙනවා. කවද්ද අපි හිතුවේ ඔබා මාමගේ බ්ලොගේ මෙහෙම කොමෙන්ට් එකක් දාන්න? බ්ලොග් වල තිබ්බත් මඩක් කියල හිතල රීඩරේ බලද්දී ගොඩක් අය මේ ගැන ලියල තිබ්බා. අයෙත් ලංගම කතාවක් කියකියා පඳුර වටේ තලන්න, ගෝල්ඩ් නගට් එකක් ගැන කියන්න.. කුරුණෑගල ඩිපෝවේ, අලව්ව ඩිපෝවේ කතා කියන්න ඔබා මාමා එන්නේ නෑ කියල හිතන්න මටනම් හිත දෙන්නේ නෑ. අද ඔබා මාමා කොහේ නමුත් හොඳ තැනක ඇති. ඉතින් සමුගන්න අවසරයි ඔබා මාමේ..

    ඔබට අමා මහා නිවන්සුව ලැබේවා...

    ReplyDelete
  90. සොඳුරු සහෘදයාණෙනි ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  91. ඔබා මාමා මාව දන්නෙවත් නෑ නේද? ඒත් බ්ලොග් අවකාෂයේ හැම තැනම දැක්ක "ඔබා මාමා" කියන නම මගෙ හිතට ගෙනාවෙ සමීපතමයෙකු පිළිබඳව හැඟීමක්. උදේම මාර අයියාගෙ බ්ලොග් එක දැක්කාම දැනුන හැඟීම මට විස්තර කරන්න බෑ. පුදුමාකාර දුකක් දැනුනෙ. මේ තමයි ජීවිතේ. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා කිවුවා වගේ "නොගොස් එන්න බැරිය, ලොව ඇත්තේ යාම් සහ ඒම් ය" ඒ නිසා නිවන් දකිනා තුරු ඔබා මාමා නැවතත් අපි අතරම ඉපිදේවා. !!!

    ReplyDelete
  92. "ජීවත්වීම සඳහා යුහුසුළුවන්න" ඔශු අපට නොකියූ පණ්ව්ඩය එයයි....

    පරිපූර්ණ ජීවිතයක් ගෙවා ඉක්මනින්ම නික්ම ගිය සොඳුරු මිතුරාණනි, ඔබට සුබ සැන්දෑවක්....!!!!

    ReplyDelete
  93. Observer ge Hema post ekakma kiyewwath mama kawadaawath comment kale ne...
    Ada Maraya ge post eka dekkama hengunu de kiyaaganna be..

    Sonduru minisaneni..Obata niwan suwa...!!!

    ReplyDelete
  94. හොඳ මිනිස්සුන්ව දෙවියෝ ඉක්මනින් එයා ගාවට ගනන්වාලු.
    ඔබා මාමේ ඔබට මොක් සුව

    ReplyDelete
  95. සුමිත් අයියා කිව්වා වගේ, ඔහු පරිපුර්ණ ජීවිතයක් ගත කල කෙනෙක්. ලත වෙවී ඉන්න හේතු ඔහුට තිබුනේ නැහැ. ඒත් තවම ඔබා මාමාගේ නික්ම යාම දරා ගන්නට බැහැ.

    ReplyDelete
  96. දයාබර ඹබා මාමේ,
    ඹබ නැති අඩුව කවදා කවුරු මකන්නද...?
    සොඳුරු සහෘදයාණෙනි ඔබට නිවන්
    සුව!!!

    ReplyDelete
  97. මේ පොස්ටුවට දෙපාරක් කමෙන්ට් කරන්න වෙයි කියලා මම හිතුවේ නෑ....

    ඔබට සුබ ගමන් ඔබා මාමේ....ඊට වැඩි දෙයක් කියන්න මට හිතා ගන්න බෑ :(

    ReplyDelete
  98. මෙවැනි අකල් වියෝවන් මතු සසරේ කිසිදා නොම වේවා ඔබා මාමේ...ඔබට නිවන් සුව පතමි!!!

    ReplyDelete
  99. සහෘදයාණෙනී ඔබට නිවන් සුව!

    ReplyDelete
  100. බ්ලොග් අඩවියකට ලිපියක් කියවන්න ආවම ඔබ්සවර් නමින් කමෙන්ට් එකක් දාල තිබුනොත් ලිපිය කියවන්න කලින් කමෙන්ට් එකයි බැලෙන්නේ. අපක්ෂපාතී අව්‍යාජ මනුස්සයෙක්ගේ නික්ම යාම කදුළින් සනිටුහන් කරන්නෙමි!!!

    ReplyDelete
  101. ගිය අවුරුද්දේ මැයි මාසෙ "දිළුම්" ගියා....
    මේ අවුරුද්දේ මැයි මාසෙ "උඹ" ගියා මාමේ....

    ඉතින් කවමදාකවත් මම මැයි මාසෙට බය නොවී ඉදියිද????

    ReplyDelete
  102. ඔබා මාමේ...ඔබට නිවන් සුව.......නොදුටු කෙනෙකු වෙනුවෙන් මෙපමණ දුකක් මට දැනෙයි කියල හිතුවේ නෑ කවදාවත්...ඒත් ඔබා මාමේ ඔබ ඒ තරමටම සොඳුරු වූ අපේ ආදරය දිනාගත් මිනිසෙක්.....ඔබේ මතකය හැමදාමත් අපි ලඟ තියෙනවා....... ඔබට නිවන් සුව.......!

    ReplyDelete
  103. ඔබා අයියාට නිවන් සුව පතමු!

    ReplyDelete
  104. ඔබා මාමේ, මේ මම උඹේ බ්ලොග් එකේ දාන පළවෙනි සහ අන්තිම කමෙන්ට් එක(මම හිතන්නෙ ). අනේ උඹට ආයෙත් නැගිටලා එන්න පුලුවන්නම් මෙහෙම අහය්..
    "යකෝ මට මේච්චර කොල්ලෙ කෙල්ලො ගොඩක් ආදරෙය් කියලා දන්නව නම් මම මැරෙනවා තියා හිතන්නෙවත් නැහැ"
    හැමදාම මොනව හරි කියලා අපිව හිනස්සපු උඹ අද අපි ඔක්කොම අඬවලා සුර ලෝකෙට ගිහින්.

    එක්කො නිවන් දකින එක පැත්තක දාලා ආයෙ ඉක්මනට වරෙන් බන් අපි ගාවට , එතකොට අපි උඹේ වයසෙ ඉඳීවි.
    එදාට උඹ මෙහෙම කියාවි.." හූ හූ එදා බොලා මටය් චමින්ද කීවෙ, දැන් බොලානෙ චමින්දලා"

    ReplyDelete
  105. අනේ අය්යේ උදේ පාන්දර ආවා පුරුද්දට ඔබව බලල යන්න . කොහොම හිත හදාගන්නද ?
    …ඔබට නිවන් සුව පතලා යන්නම් .

    ReplyDelete
  106. සැමගේම ආදරණීය
    'ඔබා මාමා'...
    මුව පුරා සිනාසෙන
    හද පුරා හිතවත්කම බෙදන
    නුඹේ හද තුල සැඟව හිඳ
    අපව හිනැස්සූ
    ඒ සොඳුරු තරුණයා
    අද නිහඬ වීද? සැබැවින්ම?
    ඇදැහිය නොහැක...
    හොර රහසේම ඔබ නික්ම ගිය වග
    සැලවූ මොහොතේ දෑසට නැගි කඳුළ
    තවමත් එලෙසමය...
    ආදරණීය ඔබ්සවර් මාමේ
    නිර්වාණය නම් වූ ගමනාන්තය තෙක්
    පතනෙමි ඔබට සුභ ගමන්...

    ඔබ්සවර් නැන්දා ඇතුළු පවුලේ සමීපතමයින් සැම වෙත හද පිරි ශෝකය...

    ReplyDelete
  107. මේ පෝස්ට් එකට දාන කමෙන්ට් එක මෙච්චර දුක හිතෙන කමෙන්ට් එකක් කියලා මට හීනෙකින්වත් හිතුනේ නෑ....
    ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  108. ්‍ඔබා මාමට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  109. ඔබට නිවන් සුව ආදරනීය ඔබා මාමේ

    ReplyDelete
  110. සනත් විජේවර්ධන AKA "OBSERVER" එහෙමත් නැත්නම් ඔබා යනුවෙන් බ්ලොග් අවකාශයේ අපව සතුටින් තැබූ ඒ වැඩිහිටියාට ඒ නිහතමානි මහත්මයාට RADiUM88 කණ්ඩායම නිවන්සුව පතමු. ඔහු බ්ලොග් අවකාශයට එද්දී මිතුරන් කිහිප දෙනෙකි. නමුත් එයින් නික්ම යද්දී සිංහල බ්ලොග් අවකාශයේම නම රැන්දු පුද්ගලයෙක් ලෙස නික්ම ගියේය.

    ReplyDelete
  111. ආයේ ආවහම මාව බලන්න එනවා කියපු ඔබා මාම ...නොයෙන්නම ගිහින්; එත් දවසක නොවැරදීම මම ඔයාව බල්ලන්න එන්නම් ....
    ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා !!

    ReplyDelete
  112. A learned gentleman indeed who had lot of wisdom and satire to look at life and write his thoughts for the use of people like us. Seems he lived his life to the fullest.

    May you attain Nibbana one fine day and gather lot of merit whenever you are born again in order to fulfill that ultimate bliss of Same!

    -Jayawardana

    ReplyDelete
  113. ඔබට න๢වන๞ ස๤ව ආදරන๣ය ඔබ๟ ම๟๧໦

    ReplyDelete
  114. ඔබ ජීවිතේටම හැබහින් නොදුටු මුත් ඔබේ වියෝව මා මෙන්ම බ්ලොග් අවකාශයේ සියලු දෙනාම බොහෝ සේ කම්පාවට පත් කලා..ඇත්තටම ඔබතුමා හරිම සරළ සුන්දර මේ මහ පොළවෙ පය ගහල ජීවත් වුනු ශ්‍රේෂ්ඨ මිනිසෙක්..මේ සියලුම සහෝදර සහෝදරියන්ගෙ තෙත් වුනු ඇස් ඒකට සාක්ෂියි..

    ආදරණීය ඔබා මාමේ..ඔබ මතු මතුත් අප අතරම ඉපදේවා..අවසන අමා මහ නිවනින් සැනසෙත්වා..!!!

    ReplyDelete
  115. ඔබා මාමේ මැරුණාම මොනවා වෙනවද කියන්ඩ මම දන්නෙ නෑ.මොනවා උනත් යන තැනක කට්ටිය විනෝදෙන් තියන්න මාමට පුළුවං කියලා අපිට විශ්වාසයි.පුංචි අපේ බ්ලොග්වලටත් ඇවිත් කොමෙන්ට් දාලා අපිව දිරිමත් කරපු අපිව හිනස්සපු ඔබා මාමා දැං අපිට නොපෙනෙන නොදැනෙන දිහාවකට ගිහිල්ලා.මට ඇත්තටම දුක හිතුණු අවස්ථා කීපයෙං එකක් තමයි මේ.

    ReplyDelete
  116. සිංහල බොලොග් කියවන්න පටන්ගත්ත කාලෙ ඉදල නිතරම බොලග් වල නිතරම කමෙන්ට් කරන කෙනෙක් හින්ද අදුරනව මිසක් කවදාවත් පුද්ගලකව කතාබහ කරල නැති වුනාට මේ ආරංචිය ඇහුන වෙලෙ මට දැනුනේ මගේ ලගම කෙනෙක් නැති වුනා වගේ කියල. ආයේ කවදාවත් Observer කියල කමෙන් ‍වැටෙන්නෑ කියල දැනෙනකොට අයෙත් මේ බොලොග් එකේ ලිපි ලියවෙන්‍ නෑ කියල මතක් වෙනකොට ඇස් දෙකට කදුළු එනව.
    මොනව කරන්නද ජීවිතේ හැටි තමයි. ඉන්නා තැනක සතුටෙන් ඉන්න ඔබා මාමේ.

    ReplyDelete
  117. සුභ ගමන් ඔබා මාමේ!

    ReplyDelete
  118. ඔබා සීයේ මතු ආත්මේ පිංවන්ත තැනක උපදින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව!! නිවන් සුව ඔබා සියේ ඔයාට :(

    ReplyDelete
  119. Dear Kamalika,

    Please accept my condolences on your beloved dad’s premature death. My dad passed away in 2007 a few months before my graduation. He was eager to visit me for my graduation. Just like your dad, he passed away suddenly without suffering or being a burden to anyone. I think that is how the good people depart.

    I am not a blogger, but I had commented on his comments on other blogs. I called him Oba Ayya, because I was only a few years younger than him (Yes I was an adult student.) He invited me to visit Perth if I ever come to AU. Last month, I was checking US Air Force flight schedule for flights to AU. I was planning to take a Space Available seat to AU.

    One day, I hope I could visit you all, not to have a drink with a friend I met only via blog comments, but to pay my tribute to a good father and for the best husband. (That is how your mom described him to another blogger)

    I don’t know how to express my sadness about Oba Ayya, but I am surprised that he linked your blog on his last post. Was that a coincident? Is there something behind all of us controlling, directing us?

    Please carry on his legacy. Please take care of your mom. She needed you now more than ever before.

    ReplyDelete
  120. මේ බ්ලොග් එකට ආපු මම හැමදාමත් පිට වෙලා ගියේ සතුටෙන් . ඒත් අද හිතාගන්නවත් බැරි තරම් ලොකු දුකක් මේ බ්ලොග් එකට ආවම හිතට දැනෙනවා .මේ බ්ලොග් එකේ මම ලියන අන්තිම කමෙන්ට් එක නේද මේ ..?

    සනත් මහත්තයෝ ඔබතුමාට නිවන් සුව අත් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මොකක්ද මේ සිද්ධ වුනේ....
      අහින්සක අ.පේ.

      Delete
  121. The first and last comment on our beloved Observer's blog..
    ඔබා අයියේ.. ඔබට නිවන් සුව පතමි...
    Thusitha Dhammika aka Marumoos

    ReplyDelete
  122. බ්ලොග් කියවන්න ආවට තාමත් වෙනත් දෙයක් කියවන්න තරම් හිතක් නැහැ.....ඒ නිසයි ඔබ නැති බව දැන දැනත් ඔබා අයියගේ බ්ලොග් එකටම ආවේ.....ඒත්....

    ReplyDelete
  123. මිනිසුන් අතර මිනිසුන් හිග මිනිස් ලොවේ
    මිනිසෙකු මල නිසයි දුක මරනයම නොවේ

    ReplyDelete
  124. ඔබ අපි අතර නැතිඋනත් ඔබ අපි හැමෝගෙම හදවතේ හැමදාම ඉඳීවි. ඔබට සුභ ගමන්. සංසාරේ කොතනකදී හෝ නැවත හමුවෙයි.

    ප.ලි. මේ බ්ලොග් එකට නෑවිල්ලා ඉන්නෑ. මුල ඉඳන් ආපහු කියවනවා. එතකොට ඔබා නැහැයි කියලා හිතෙන්නේ නැතිවෙයි!

    ReplyDelete
  125. ඔබා මාමගේ අන්තිම පෝස්ට් එකට කමෙන්ට් කරන්න උනේ ඔබා මාම අපෙන් සමු ගත්තට පස්සේ
    හැමදාම වගේ මේ පැත්තට ආවොත් ඇඟේ ලේ ටික පිරිසිදු කරගෙන ගියා ඔබා මාමට පිං සිද්ධ වෙන්න.
    දැන් ඉතින් ආපහු ඔබා මාම අපි අතරට එන්නේ නැහැ
    මේක තමයි යථාර්තය.
    ඔබට නිවන් සුව ලැබේවා...!

    ReplyDelete
  126. we love you forever oba mame....
    may you attain nibbana.....

    ReplyDelete
  127. Kamalika Wijewardene (Oba's Daughter)Wednesday 16 May 2012 at 10:26:00 GMT+5:30

    Hi all, Please note that "Observer/"Oba maama" Sanath(my father's) funeral arrangements are as follow:

    • Viewing on Thursday 17 May 2012 starting at 6pm to 8pm – Bowra & O’Dea Chapel, 1307 Albany Highway Cannington.

    • Cremation at Fremantle Cemetery West Chapel Friday 18 May 2012 4pm to 5pm – Fremantle Cemetery Carrington Street Palmyra.

    All welcome :)

    ReplyDelete
  128. කාමලිකා දුව ඔබට හැකියි අප හා බැඳී ඉන්නට. අපගේ ආදරය ඔබ පවුලේ සැමට............

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
  129. මම එන්න කලින් ඔහු ගිහින්...

    ඔබා මාමාට නිවන් සුව !

    ReplyDelete
  130. ආවා.... කියෙවුවා.... හිනාවුනා......
    ආවා... බැලුවා... උඹ ගිහින්....
    ඇඩුනා.... ඇත්තටම ඇඩුනා...

    ReplyDelete
  131. පරිණත, සරල, සොඳුරු, තරුණ හිතවතෙකුගේ නික්මීම. ඉතින් නුඹ කොහේ හෝ සිට දිගටම සිංහල බ්ලොග් අවකාශය නිරීක්ෂණය කරනවාද?
    නුදුටු සොයුර, ඔබට සසර ගමන දිගු නොවේවා. උපනුපන් භවයන්හි නිරතුරුවම සතුට, වාසනාව රැඳේවා. යළි යළිත් අපට ඔබ හමුවීමට ලැබේවා.
    නිවනින් නිවී සැනසෙනතුරු සුභ ගමන්...

    ReplyDelete
  132. සරල, අව්‍යාජ මිනිසෙකු ලෙස නුදු‍ටු ඔබ හඳුනා ගතිමි. නිවන් සුව පතමි.
    මැණික්

    ReplyDelete
  133. සරල සැහල්ලුවෙන් හිටිය සින්හල බොලගයෙ කවුරුත් හදුනන නිතර කමෙන්ට් අතරින් අපට සිනවක් ගෙන දුන් ඔබා මහත්මයා තව දුරටත් අප අතර නැති ඒක ලොකු හිදැසක් අඩුවක් සින්හල බොලගයෙ කා අතරත් අදරය දිනා තියෙනවා ඔබා මහත්මයා සෙවයක් කර සොදුරු මිනිසෙක් මෙ විශ්ව වාතලය සමග ඒක් වුවා....

    ReplyDelete
  134. Dear Sanath, today is your 59th Birthday. Although you are not with us anymore, you will always be remembered and always be in our hearts!

    ReplyDelete
  135. oba mame, me blog loketa oya nethi aduwa kawadawath purawanna be. katawath be. ikmanata apahu enna mame.

    ReplyDelete
  136. """කියල යන්න බැරි වුනාට දුක් වෙන්න එපා, හමුවීම තමා වැදගත්. අනික කවදාවත් අපිට හැමෝටම කියල යන්න නං ලැබෙන්නෙ නැහැ."""

    මාමේ, මාමගේ මේ වචන ටික නම් හිතට තදින්ම වැදුනා. හරිම දුකයි මේ හදිස්සි වෙන් වීම ගැන. නිවන් සුව ලබන්න කලින් තව එක පාරක් අපි අතරම ඉපදෙන්න


    - සමනලී (අන්තිම පේලිය) -

    ReplyDelete
    Replies
    1. ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා...

      Delete
  137. I came to see your smile oba mame.....

    ReplyDelete
  138. ඔබට නිවන් සුව ලැබේවා!!!!!!!!!

    ReplyDelete
  139. ඔබා මාමේ ඔබට නිවන් සුව

    ReplyDelete
  140. "රූපං ජීරති මච්චානං - නාම ගොත්තං නජීරති"

    :(

    ReplyDelete
  141. මෙන්න ඔබාගේ චූටි දූ තැබූ සටහනක්:
    http://www.lankansinperth.com/11/post/2012/05/a-tribute-to-my-amma-for-mothers-day1.html#comments

    Dearest Thaththa,
    Tell me you love me one last time. Give me one last bear hug, tell me good bye. Tell me one of your stories, it doesnt matter if I've heard it a million times. I would give anything just to hear your voice one more time.

    I want to know that it didnt hurt. That you suffered not. That you left this world according to how you wanted, and nothing less.

    Alas, these are but pleas of a broken hearted daughter, pleas that will go unheard and unanswered. You are no longer here to touch our hearts, to make us laugh, to take away the pain.

    All we have are your stories now. But, I know, they will touch the hearts of many, they will make thousands laugh and they will take away not only my pain, but the pain of all those that loved you.

    Thaththa, you have given Amma, Akka and I more than you'll ever know. For that, we thank you.
    Your darling,
    Theru(wa)

    Theruni Wijewardene06/03/2012 12:05am

    ReplyDelete
  142. I'm not a blogger.I have'nt commented any blogger.but I'm reading all.Oba Mama ....
    I've read your blog & comments.I cant believe that you've gone along & far away..
    today I came here to see whether you have come back.
    no..you have'nt come,but I'll come soon to see you OBA MAME..

    ReplyDelete
  143. නිකන් ගොඩවැදිලා යන්න ආවා ඔබා.

    ReplyDelete
  144. ගිය නොවැම්බරයේ අවාට පස්සේ මේ අවේ.... අදහා ගන්නත් බෑ ..ඔබා මමා ඔබට නිවන් සුව..!

    ReplyDelete
  145. පුරුද්දට අවේ ඔබා මාමේ.

    ReplyDelete
  146. කිව්වත් වගෙ පුරුද්දට එනවා මාමේ බුක්මාක් එක මකන්න හිත දෙන්නැහැ.........
    අහින්සක අ.පේ.

    ReplyDelete
  147. I came to see you oba mame...

    ReplyDelete
  148. Oba mame.......
    I came today too..but you didn't reply me
    never mind,,I'll come back to see you.

    ReplyDelete
  149. මම බ්ලොග් අවකාශයට පය ගහන්න කලින්ම දිලුම් හිස් අවකාශයට ගිහින් තිබ්බා. ඒත් දිලුම් ගැන තාමත් තැන තැන කථා කරනව දැක්කා.

    ඇවිත් සති කීපයක් සයිබර් ආශ්‍රය කරපු ඔබා මාමා ත් අපිව දාල යන්න ගියා. ඔබාගේ බ්ලොග් එක දාල යන්න එකෙක් වත් කැමති නෑ.

    බ්ලොග් අවකාශය කියන්නේ මේ සමාජ රාමුව ඇතුලේ එක පැති කඩක් විතරයි. යන්නේ කවුද එන්න කවුද තීරණය කරන්නේ නොදන්නා, නොතේරෙන බලවේගයක්. මේ ලියන අපිත් මේ බලවේගයට අභියෝග කරන්න ශක්තිමත් නැහැ.

    හැබැයි අභියෝගය බාර ගත්ත ඔය දෙන්නවම අපි තනි කරන්නේත් නැහැ

    ReplyDelete
  150. ඇවිත් යන්න ආවා ඔබා. අපි දෙන්න මඩ ගහ ගත්ත කාලේ මතක් උනා. මගේ බ්ලොග් එකේ කියවන පිටු අතරේ උඩින්ම ඉන්නේ ඔබ..

    ReplyDelete
  151. නිකමට බලල යන්න ආවෙ. මොකක්ද පාළුවක් තියෙනවා බ්ලොග් අවකාශයේ.

    ReplyDelete
  152. මේ සොන්ඳුරු හිතවතා නික්ම ගිහින් අගෝස්තු 13 වෙනිදට මාස 3 ක් පිරෙනවා.
    පාලුව වගේම තනිකමක් දැනෙනවා.
    ලියන්න හිතපුවාම මුලින්ම මතක්වෙන්නේ ඔබාව.

    ReplyDelete