චිත්‍රය ඇන්දේ සහ කතාව ලිව්වේ,
"මට හිතෙන හැටි" සහ "HeyDude " (ඉංග්‍රීසි)
බ්ලොග් ලියන, හෙන්රි බ්ලොග් වෝකර් විසිනි.
කොමෙන්ට් සඳහා පිළිතුරු ලිවීම අවශ්‍ය වූ විට, එය හෙන්රි විසින්ම ඉටු කරනු
ඇත.
කෘතිම සිංචනයේ වාසි ගැන බර තාක්ෂනික වචන යොදාගෙන දීර්ඝ විස්තරයක් කරපු පශු
වෛද්‍යවරයා, "මොකුත් ප්‍රශ්න හෙම තියෙනවද?" කියලා ඇහුවා. ප්‍රශ්නදත් අහනවා. ඒ මුලු
දේශනාවම ඒක අහගෙන හිටපු ගැමි කිරි ගොවියන්ට ප්‍රශ්නයක් තමයි. එතකොටම කිරිහොඳා
නැගිටලා,
"සර්, අපේ හරක් පට්ටි වලටත් ඔය කුරුතිම සිං.. අහවල් එක කොරගන්න පුලුවන්ද?" කියලා ඇහුවා.
"ඇයි බැරි? අපි පටන් ගනිමු කිරි ගොවි සමිතියේ සභාපති තුමාගෙ ගව පට්ටියෙන්ම."
පශු වෛද්‍යවරයා මෙහෙම කිව්වෙ ඔය සභාපති නොම්බර එකේ ගොවියෙක් විතරක් නෙවෙයි, කොයි වැඩේ කලත් හොඳ පිළිවෙලට කරන, අර සිංහලෙන් attention to the last detail කියනව වගෙ වැඩ කරන චරිතයක් නිසා.
"සර්, අපේ හරක් පට්ටි වලටත් ඔය කුරුතිම සිං.. අහවල් එක කොරගන්න පුලුවන්ද?" කියලා ඇහුවා.
"ඇයි බැරි? අපි පටන් ගනිමු කිරි ගොවි සමිතියේ සභාපති තුමාගෙ ගව පට්ටියෙන්ම."
පශු වෛද්‍යවරයා මෙහෙම කිව්වෙ ඔය සභාපති නොම්බර එකේ ගොවියෙක් විතරක් නෙවෙයි, කොයි වැඩේ කලත් හොඳ පිළිවෙලට කරන, අර සිංහලෙන් attention to the last detail කියනව වගෙ වැඩ කරන චරිතයක් නිසා.
මෙහෙම කියපු පශු වෛද්‍ය වරයා මෙන්න මෙහෙම පොදු උපදෙසකුත් දුන්නා.
"එහෙනම් අපි හෙට උදේට පළවෙනි කෘතිම සිංචනය කරමු. සභාපතිතුමා එහෙනම් ගහක් වටේට ඔය පොල් අතු වලින් හරි ටෙන්ට් රෙද්දකින් හරි ආවරනයක් හදලා, තෝරාගත් එළදෙනක් හොඳට නාවලා පිරිසිදු කරලා ගහේ කෙටියට බඳින්න. ඊට පස්සෙ ඔය ටීපෝ එකකුයි, තව පිරිසිදු වතුර බේසමකුයි සබන් කෑල්ලකුයි ආවරණය ඇතුලෙන්ම තියලා තියන්නකො.
ඔන්න පහුවදා උදෙන්ම පශු වෛද්‍යවරයා ජීප් එකෙන් බැහැලා වෛද්‍ය උපකරණ තියෙන අර ලොකු බෑග් එකත් අරගෙන එනකොට, සභාපතිලගෙ ගෙදර ගොවියො පිරිලා හිටියා මේ අලුත්ම කෘතිම ගැබ් ගැන්වීම කෙරෙන හැටි බලාගන්න.
සභාපතිතුමාගෙ බිරිඳ පිලිගන්වපු වැල්පෙනෙල කැඳ කෝප්පයත් බීපු පශු වෛද්‍යවරයා, "හා එහෙනම් යමු බලන්න." කිව්වා.
ඔන්න කට්ටියම පශුවෛද්‍යවරයා පස්සෙන් වැටිලා පෙරහැරේ වගේ ගියා ආවරණය කරල තිබ්බ ස්ථානයට. ඇත්තෙන්ම සභාපතිතුමා ආවරණය නම් නියමෙට හදලා තිබ්බා.
එළදෙනත් බැඳලා හිටියා ගහේ.
"කට්ටිය දැන් ටිකක් ඈතින් හිටියානම් හොඳයි, මොකත එළදෙන කළබල වෙන්න පුලුවන් නිසා." පශු වෛද්‍යවරයා මෙහෙම කිව්වම කට්ටියම තරමක් ඈතට පසු බැස්සා.
පශු වෛද්‍යවරයා බෑග් එකත් අරන් ඇතුලට ගියා.ඔය සභාපතිතුමාගෙ සංවිධාන ශක්තිය වගෙමයි අපේ පශු වෛද්‍යතුමාගෙ නිරීක්ෂන ශක්තියත්.
ඇතුලෙ කිව්වත් වගෙ සුදු රෙද්දකින් ආවරණය කරපු ටීපෝවක්, තව උණුසුම් වතුර බේසමක්, ඩෙටෝල් සබන් කෑල්ලක් වගේම හොඳ පිරිසිදු සුදු තුවායකුත් තිබ්බා. ඒ ඔක්කොටම අමතරව ගහේ අලුත් පරාල ඇණේකුත් ගහල තිබ්බා.
බෑග් එක ටීපෝ එක උඩ තියලා පශු වෛදවරයා ලේටෙක්ස් අත් වැසුම් ඇඳ ඇඳ ආවරණයේ දොරකඩ ලඟට ගියා. සභාපති තුමා ඉන්නෙ ඔය නොඉවසිල්ලෙන්.
"හැම දේම හිතුවටත් වඩා හොඳට ලෑස්ති කරලා තියෙන්නෙ සභාපති තුමා."
"එහෙමයි සර්."
ආපහු ඇතුලට යන්න හැරුනු පශු වෛදවරයා පොඩ්ඩක නැවතිලා සභාපති තුමාගෙන් මෙහෙම ඇහුවා.
"මං මේ අහන්නමයි හිටියෙ. අර ගහේ ඇණයක් ගහලා තියෙන්නෙ මොකටද සභාපතිතුමා?"
"ආ ඒකද?" සභාපති ගොයියා කියනවා."ඒ සර්ගෙ කලිසම එල්ලන්ට."
DISCLAIMER:මෙවර කතාවට කිසිම පුද්ගලයකුගේ හෝ නම් ගම් භාවිතා කර නොමැති අතර අදාල පින්තූරය දෙස බලා නොයෙකුත් මනස්ගාත සිතෙන් මවාගත්තාට කතුවරයාට කල හැකි දෙයක් නොමැත. මේ අහවලා යයි යම්කුට සිතේ නම් එය හුදු මනෝ විකාරයක් පමණි
කොමෙන්ට් සඳහා පිළිතුරු ලිවීම අවශ්‍ය වූ විට, එය හෙන්රි විසින්ම ඉටු කරනු ඇත
තේරුන්නෑ...
ReplyDeleteෆොටෝ එක නම් කව්දැයි දන්නවා . ඒත් බොලේ රස්සාව වෙනස් නේ . අහලම නැති කතාවක් හි හි
ReplyDeleteපින්තූරෙ ඉන්නෙ නම් ඔබා අයියම තමා ෂුවර් එකට! ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුනේ පශු වෛද්‍යවරයෙක් කියලද???
ReplyDeleteවැල් පෙනෙලත් දීලා. :P . සභාපති නෝනගේ සංවිධාන ශක්තිය...
ReplyDeleteමන් මෙච්චර කල් හිතන් හිටියේ ඔබා සහෝදරයා ඉංජිනේරු අන්සේ වැඩකලා කියලා. දැන් බැලුවම වයිද්යවරයෙක්නේ.. ඔබා අක්කගේ කොළ කැඳ කෝප්පේ රස ඇති..
ReplyDeleteමේකත් අහපු කතාවක්නේ ඔබා මාමා. බයි ද වේ බැරිද මගේ කතා දෙක තුනකුත් මාමාට කියලා පබ්ලිශ් කොරගන්න. වෙලාවක් නෑ අප්පා කොටන්න.
ReplyDeleteආ මන් හිතුවෙ මේ කතා එන්න යන්නෙ ඩූඩ් ගෙ බ්ලොග් එකේ හරි, අ.පේ හරි කියලයි. හිකිස් ! බලන්නකො ගොවියො කෘතීම සිංචනය ගැන තේරුම් ගත්ත අපූරුව !
ReplyDeleteඉතිං ඔබා අයියේ එදා වැඩේ එළටම කෙරෙන්න ඇති නේද..? ඇනේ විතරක්නං මදෑ..වැල්පෙනෙලත් පොවලනේ...
ReplyDeleteපින්තූරේ දිහා බලලා ඒ වගේ අඳුරන අය ගැන මුකුත් හිතන්න එපා කියලා කලින්ම කියලනේ,, මම දන්න කෙනෙක් ඉන්නවා හැබැයි එයා පශු වෛද්‍ය කෙනෙක් නෙමේ. ඒ නිසා මේ එයාට වෙච්චි වැඩක් වෙන්න බෑ බෑමයි :D
ReplyDeleteමම හිනා වුණා අයියා ගම් හතකට ඇහෙන්න .! පට්ටයි ඈ
ReplyDeleteගමේ අය පොඩ්ඩක් ඔවුවා ගැන දන්නවා මදි .
අපේ ගමට ඉස්සර කක්කුස්සි නොතිබුනු කාලේ රජයෙන් ඒවා හදා දුන්නලු ගැමියෝ ඒවගේ සත්තු ගාල් කරාලු සමහරු දර අඩුක් කරාලු . ඉන් එලි බහින්න පසු පරන පුරුදු කැලේටම ගෑටුවාලු
මේ පින්තූරෙ අනුව හිතෙනව මේක පිටරටකදි වෙච්චි දෙයක් කියලත්, අර එළදෙන හිතන්නෙ ඉංග්‍රීසියෙන් :D
ReplyDeleteඅනේ අප්පේ ඇත්තට ඔබා අයියත් කොරන වැඩ. දැන් ඇත්තට කලිසම අර ඇනේ එල්ලලා ඊට පස්සේ කොහොමද කෘතික සිංචනේ කොරන්නෙ...........
ReplyDeleteකොහොම හරි දන්නවද අපේ රටේ තමයි ඔය කෘතිම සිංචන ක්‍රමය මුලින්ම ඇති වෙලා තියන්නේ. කරලා තියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා. මෙතුමාගේ අශ්වයන් හදලා තියන්නේ මේ ක්‍රමයෙන්. ඒ කාලේ ලෝකෙ සිටි හොඳම අශ්වයන් ඉදලා තියන්නේ මෙතුමාට. උන්ට කියලා තියන්නේ "සෛන්දව" අශ්වයෝ කියලා. සෛන්දව කියන්නේ කුරුදුවලට කියන නමක්. එහෙමත් නැත්නම් කුරුදු ඇති සිංහළ දේශයේ අශ්වයෝ කියලා.
හෙහ් හෙහ් හෙහ් චිත්‍රෙයි කතාවයි දෙකම මරු! :D
ReplyDeleteමම නම් කෘතීම සිංචනයට විරුද්ධයි.. පවු අප්පා...ඒ සත්තු ! ඒක උන්ගේ ලිංගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් !
ReplyDeleteමට නම් මනෝ විකාරයක්ද මන්ද අර එළදෙනගෙ මූන දැක්කම කවුදෝ මතක් වෙනවා.....?
ReplyDeleteහැබෑටම වෙනිය මොකද මේ ලිංගික අයිතිවාසිකම් ගැන උඩ පනින්නෙ හරියට තමන්ට වෙච්ච දෙයක් වගෙ?
සිත්තරේ ඉන්න කෙනා 'ඔබා' වගේ...:D
ReplyDeleteඑළකිරි කතාව..නොහිතනා කාරණාවක් නොවැ
ReplyDeleteමම ඔය පිංතූරෙට දාන්න ඕනෙ කොමෙන්ට් එක ඔය කතාව ගැන පොඩි හින්ට් එකකුත් එක්ක හෙන්රි ගෙ බ්ලොග් පෝස්ට් එකට කොමෙන්ට් එකක් විදියට දැම්ම.
ReplyDeleteප.ලි.
මට මතක විදියට ඔය කතාව අ.පේ. ගියා
හක් හක්... වැල් පෙනළත් දීලා....
ReplyDeleteඅර ඉන්න එළදෙන නං අපි දැකල තියෙන කෙනෙක් වගේ! :D
ReplyDelete"මොකද මචං වුනේ" පෝස්ට් එකට හෙන්රි එවූ අලුත්ම චිත්‍රයක් අමුණන ලදී.
ReplyDeleteඑළදෙනට කෙසේ වෙතත් ඩොකාටනම් කෘතිම සිං එක වෙන්න ඇති...
ReplyDeleteතැන්කියු කිව්වා කතාවට. බොහොම කාලෙකට පෙර අහලා තිබුනා නමුත් ඔබා ලියලා තියන විධිය මරු.
ReplyDeleteමම ඔය ගොවිකම් සෑස්තරේ හදාරන කාලේ ගන්නොරුවේ ෆාර්ම් එකේ දවසක් කෲතිම සිංචනය කොරන්න පුරුදු පුහුණු වෙන්ට ගියා කස්ටියම. අපේ පොරක් හිටියා කොට ජීවිතයක් වැඩිම උනොත් අඩි 5යි. දැන් පොරගේ වාරේ ආවා. මූ උස නැති හින්දා උපදේශක තුමා කියපි 'ඔයාට මේ වැඩේ කරන්න අමාරුයි, අනික ඉනිමං බැඳලා කරන්න පුළුවන් වැඩකුත් නෙවේනේ මේක' කියලා. කරුමෙට එළදෙන දඩ ෆොරීන් එකියක්.
ඔකේ තව වැඩි දුර විස්තරයක් තියෙනවා...
ReplyDeleteමේක අපේ වැම්පා මලයා ලිව්වේ ටික කලකට කලින්..
http://blogvampa.blogspot.com/2010/07/harak-katha.html
අනේ මන්දා....මේ ටිකේම ඔබා මාමා ලිව්වොත් මේ වගේ දෙයක් තමා ඉතින්....අර කිව්වත් වගේ පින්තූරයේ ඉන්න කෙනා නම් අඳුනනවා වගේ...
ReplyDeleteමරු කතාව.. තම මට හිනාව නවත්තගන්න බැරි උනා... කට්ටිය කියන්නත් වගේ පින්තූරේ ඉන්නෙනම් අයියම තමයි...
ReplyDeleteසභාපති නෝනා වැල්පෙනෙලත් බීලා වැඩේ හරියට කලාද මන්දා????
ඔය ක තාව ප්‍රා /වොර්ක්ෂොප් එකේ කාලේ එකක්ද මට ඒ වාගේ මතක
ReplyDeleteආනමාළු තිබ්බෙ නැද්ද කෑමට?
ReplyDeleteකට්ටියට ඇයි මේ පින්තූරෙ ඉන්නේ ඔබා මාම මයි කියල හිතෙන්නේ..?? :D
ReplyDeleteහි හි ...... මොකද කියන්නේ පින්තුරු ඉන්න කෙනාට සම්පූර්න සුදු අන්දල , රැවුලයි කොන්ඩෙයි පොඩ්ඩක් ගනකම කරල , රතු රෙද්දක් බෙල්ල වටේ දාල ගමුද ?
ReplyDeleteමේක සහමුලින්ම සත්තව අයිතිවාසිකම් විනාශ කර දැමීමක්! පව් එළදෙන...
ReplyDeleteමොකටදෑ ඔබෝ ඔය වැඩේට කලිසම ගලවන්නේ?
ReplyDeleteපින්තුරේ ඉන්නේ එක්කෙනා නෙමෙයි.. දෙන්නම හොදට දැකල පුරුදුයි වගේනේ..
ReplyDeleteවැල්පෙනෙල දීල ඔක්කොම කරලා ඇනේකුත් ගහල කලිසම එල්ලන්න කියල.. හික්.. මරු.. චිත්රේ දැක්කම මට හිතුනේ ඔබා අයියා මොකද මේ එළදෙනක් තියාගෙන ඉන්නේ කියල.. පස්සෙනේ දැක්කේ හෙන්රි බ්ලොග්වොකර් ගේ කතාව සහ චිත්රේ කියල.. හෙන්රි ඔබාවම ඇන්දේ ඇයි අප්පා මේකට??
ReplyDeleteඑළදෙන පව්ව්ව්ව්ව්ව්ව්...
ReplyDeleteඇත්ත ඇතිසැටියෙන් ඇදපු සෝයි චිත්තරයක්නෙ.. :P
ඩිපෝ එකේ පුරුද්දට ඔබා වැස්සි ලඟට ගියේ පරන ශොක් ඇබ්සෝබර් එකක් වත් අරන්ද මන්ද.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවැල්පෙනෙල කැඳත් දීලනේ
ReplyDeleteඔබා වැඩේ ගොඩ දාගන්න ඇති නේ
සී ටී බී එකේ පශු වෛද්‍යවරුත් ඉන්නවද ඈ...?
ReplyDelete"එළ කිරි " කතා පොජ්ජ.
ReplyDeletepissu ekai! hina godai! mmm ohoma wada wenawa thamai minissunta! mmm art wada kida nam maxxx! mmm ee wagena dan blog 1 lassanai! mm :)
ReplyDeleteniyama kathawa!
රායිට්, මේ පෝස්ට් එකට වැටෙන කොමෙන්ට් වලට උත්තර ලියන්න ඕනෙ හරි නම් ලීව සහ චිත්‍රය ඇන්ද හෙන්රි මිස මං නෙමේ. ඒක තුන් පාරක්ම දැනුන් දීලත් ලියපු එක්කෙනා නිකම්ම කොමෙන්ට් එකක් දාල ශේප් වෙලා ගිහිං. කොහොමටත් පෝස්ට් එක පබ්ලිෂ් කලේ මගේ බ්ලොග් එකේ නිසා, හැමෝටම උත්තර දෙන එක මගේ වග කීමක් හැටියට මං භාර ගන්නවා.
ReplyDeleteපළමුවෙන්ම කියන්න ඕනෙ, මගේ ප්‍රොෆයිල් ෆොටෝ ඒක ඇරෙන්න, හෙන්රි කවදාවත් මාව දැකල නැහැ, ඒ වගේම වෙනි නොහොත් ලියන්නගෙ අන්තිම පේලියෙ අවතාරෙ දැකල තියෙනවා ඇරෙන්න වෙනිය කළුද සුදුද කියලවත් හෙන්රි දන්නෙ නැහැ කියලය් මගේ විශ්වාසය.
ඉතින් කොහොමද මේ කොමෙන්ට් දැනට දාල තියෙන 42 න්නගෙන් 19 දෙනෙක් වෙටාට හරි වැස්සිට හරි ඇක්ට් කොරන්නෙ "අහිංසක ඔබා" හෝ අහිංසක නොවන "වෙනිය" කියල කියන්නෙ? ඒක අන්තිමම "අහිංසක" මට නං හෙන ප්‍රශ්නයක්. මට නිකමට හිතෙනව මේක බහු ජාතික කුමන්ත්‍රනයක්ද කියල, මොකද අර "මගේ කොම්පියුටරේ කැඩිල" ආදී වශයෙන් අහිංසක මාව රැවැට්ටු හෙන්රි සහ "ඕනය" දැන් ඉන්නෙ එකම කරෝල වාඩියේ නිසා සහ මෙම රැවටිල්ලට ලංකා රජය මෙන්ම මාල දිවයින් රජයත් සමහර විට ඇමෙරිකාවත්, ඔස්ට්‍රේලියාවත්, සම්භන්ධ ඇති කියල හිතෙන නිසා.
කෝම වුනත් කොමෙන්ට් දැමු , කියැවූ හැමෝටම ස්තුතිය්.
(දැන් තේරෙනව නේද කොම්පියුටරේ කැඩුන කියන යාලුවෙකුට උදව් කොරන්න ගිය අහිංසකයෙකුට වෙච්ච දේ)
පුල් ආතල්... :D
ReplyDelete@ඔබා:
ReplyDeleteඔය බොලාට වෙච්චි වැඩේ තියරි දෙක තුනකිංම විස්තර කරන්න පුලුවං . . .
- මනුස්සකමට රෙද්ද ඉස්සුවාම ** ඇරියා වගේ
- නිකං තියන ** අතිං අරං තියාගත්තා වගේ
- ** තියෙද්දි ** දෙකෙං **** ගියා වගේ
ප.ලි.
තව ගොඩක් තියනව . . . එවුව ලියන්න ගියොත් තරු විතරයි දාන්න වෙන්නෙ
ප.ප.ලි.
@හෙන්රි:
විහිලුවට හොඳේ
අනේ ඔබා අයියේ . . . මොනාද මේ අකුරු වලට කරල තියෙන්නෙ ???
ReplyDeleteඇය් උඹට කියවන්න අමාරුද? ඔන්න පොඩ්ඩක් ලොකු කළා.
ReplyDeleteඕක තමයි කියන්නෙ ඔබා අයියෙ හිත හොඳ ගෑනි හැමදාම බඩින් කියලා! ඕක පිරුල ටිකක් මොඩිෆයි කරලා ගම්මුකො.. මේ සීන් එකට හරි යන්න !
ReplyDelete@ Weni,
ReplyDeleteමොඩිෆය් කලැකි, ඕනය කිව්ව වගේ තරු තමය් දාන්න වෙන්නේ ...හික්z...
ඕනයා දැන් ඩූඩ් ව ශේප් කරගන්න ට්‍රයි එක ! හුහ් හබ්බේ !!!! මෙහෙදි ඩූඩ් ගැන කිව්ව කතා... දුන්න පොර ටෝක් !!!මොනා හරි ටෝක් දාන්න ආවොත් උම්බලකඩ විදියට වේලලා අ.පේ. සෙට් එකට ලන්කාවට එවන්නම් කිව්වා.. !!!දැන් කෝ සද්ද ???
ReplyDelete@ Weni,
ReplyDeleteඋගෙ අන්තිම කොමෙන්ට් එකේ යටින් දාල තියෙන ප.ලි. කෑල්ල උගෙ "මයින්ඩ් සෙට්" එක ගැන සෑහෙන විග්‍රයකට ඉඩ තියල තියෙනව.
ආයෙත් කියෝල බලන්න මෙන්න උපුටල පෙන්නුව
//ප.ප.ලි.
@හෙන්රි:
විහිලුවට හොඳේ//
@ Weni,
ReplyDeleteOne of them is watching what's going on even though not coming forward and making a comment....heh..heh..heh...
A visitor from Male
viewed ""OBSERVER": ඇණේ" 32 mins ago
ඔබා අයියෙ පොඩ්ඩක් ඔන්ලයින් කැම් එකක්වත් ඔන් කරල බලකො ඕනයා මූන අත පය වෙලාගෙනද ඉන්නෙ කියල.. නැත්නම් තව පැස්ටෝල් ටිකක් දමමු !
ReplyDelete//"මයින්ඩ් සෙට්" එක ගැන සෑහෙන විග්‍රයකට ඉඩ තියල තියෙනව.//
ReplyDeleteයකෝ . . . මූ දන්න දේවල් . ...
හෆොයි ඩොකාට වහ කාලා මැරෙන්න හිතෙන්න ඇති . . හික් හික් හික්
ReplyDelete@ දුකා,
ReplyDeleteකාලෙකින් මේ පැත්තෙ ආවෙ , තෑන්ක් යූ ගොඩ වුනාට.
ඇත්තටම ඩොකාට මරු වැඩේ වෙලා තියෙන්නෙ .....
ReplyDeleteමේ උඩ කොල්ලො කියන කතා ඇත්තද ඔබා මාමේ .....
මේ කතාව මීට කලින් අහල තිබුනත් දැන් තමයි දන්නේ ඒක උනේ ඔයාට කියලා...
ReplyDelete