My followers

Wednesday 12 October 2011

ඇණේ

චිත්‍රය ඇන්දේ සහ කතාව ලිව්වේ, 
"මට හිතෙන හැටි" සහ "HeyDude " (ඉංග්‍රීසි) බ්ලොග් ලියන, හෙන්රි බ්ලොග් වෝකර් විසිනි.
කොමෙන්ට් සඳහා පිළිතුරු ලිවීම අවශ්‍ය වූ විට, එය හෙන්රි විසින්ම ඉටු කරනු ඇත.
 
කෘතිම සිංචනයේ වාසි ගැන බර තාක්ෂනික වචන යොදාගෙන දීර්ඝ විස්තරයක් කරපු පශු වෛද්‍යවරයා, "මොකුත් ප්‍රශ්න හෙම තියෙනවද?" කියලා ඇහුවා. ප්‍රශ්නදත් අහනවා. ඒ මුලු දේශනාවම ඒක අහගෙන හිටපු ගැමි කිරි ගොවියන්ට ප්‍රශ්නයක් තමයි. එතකොටම කිරිහොඳා නැගිටලා,
"සර්, අපේ හරක් පට්ටි වලටත් ඔය කුරුතිම සිං.. අහවල් එක කොරගන්න පුලුවන්ද?" කියලා ඇහුවා.
"ඇයි බැරි? අපි පටන් ගනිමු කිරි ගොවි සමිතියේ සභාපති තුමාගෙ ගව පට්ටියෙන්ම."
පශු වෛද්‍යවරයා මෙහෙම කිව්වෙ ඔය සභාපති නොම්බර එකේ ගොවියෙක් විතරක් නෙවෙයි, කොයි වැඩේ කලත් හොඳ පිළිවෙලට කරන, අර සිංහලෙන් attention to the last detail කියනව වගෙ වැඩ කරන චරිතයක් නිසා.

මෙහෙම කියපු පශු වෛද්‍ය වරයා මෙන්න මෙහෙම පොදු උපදෙසකුත් දුන්නා.

"එහෙනම් අපි හෙට උදේට පළවෙනි කෘතිම සිංචනය කරමු. සභාපතිතුමා එහෙනම් ගහක් වටේට ඔය පොල් අතු වලින් හරි ටෙන්ට් රෙද්දකින් හරි ආවරනයක් හදලා, ‍තෝරාගත් එළදෙනක් හොඳට නාවලා පිරිසිදු කරලා ගහේ කෙටියට බඳින්න. ඊට පස්සෙ ඔය ටීපෝ එකකුයි, තව පිරිසිදු වතුර බේසමකුයි සබන් කෑල්ලකුයි ආවරණය ඇතුලෙන්ම තියලා තියන්නකො.

ඔන්න පහුවදා උදෙන්ම පශු වෛද්‍යවරයා ජීප් එකෙන් බැහැලා වෛද්‍ය උපකරණ තියෙන අර ලොකු බෑග් එකත් අරගෙන එනකොට, සභාපතිලගෙ  ගෙදර ගොවියො පිරිලා හිටියා මේ අලුත්ම කෘතිම ගැබ් ගැන්වීම කෙරෙන හැටි බලාගන්න.

සභාපතිතුමාගෙ බිරිඳ පිලිගන්වපු වැල්පෙනෙල කැඳ කෝප්පයත් බීපු පශු වෛද්‍යවරයා, "හා එහෙනම් යමු බලන්න." කිව්වා.

ඔන්න කට්ටියම පශුවෛද්‍යවරයා පස්සෙන් වැටිලා පෙරහැරේ වගේ ගියා ආවරණය කරල තිබ්බ ස්ථානයට. ඇත්තෙන්ම සභාපතිතුමා ආවරණය නම් නියමෙට හදලා තිබ්බා.
එළදෙනත් බැඳලා හිටියා ගහේ.
"කට්ටිය දැන් ටිකක් ඈතින් හිටියානම් හොඳයි, මොකත එළදෙන කළබල වෙන්න පුලුවන් නිසා." පශු වෛද්‍යවරයා මෙහෙම කිව්වම කට්ටියම තරමක් ඈතට පසු බැස්සා.

පශු වෛද්‍යවරයා බෑග් එකත් අරන් ඇතුලට ගියා.ඔය සභාපතිතුමාගෙ සංවිධාන ශක්තිය වගෙමයි අපේ පශු වෛද්‍යතුමාගෙ නිරීක්ෂන ශක්තියත්.
ඇතුලෙ කිව්වත් වගෙ සුදු රෙද්දකින් ආවරණය කරපු ටීපෝවක්, තව උණුසුම් වතුර බේසමක්, ඩෙටෝල් සබන් කෑල්ලක් වගේම හොඳ පිරිසිදු සුදු තුවායකුත් තිබ්බා. ඒ ඔක්කොටම අමතරව ගහේ අලුත් පරාල ඇණේකුත් ගහල තිබ්බා.

බෑග් එක ටීපෝ එක උඩ තියලා පශු වෛදවරයා ලේටෙක්ස් අත් වැසුම් ඇඳ ඇඳ ආවරණයේ දොරකඩ ලඟට ගියා. සභාපති තුමා ඉන්නෙ ඔය නොඉවසිල්ලෙන්.
"හැම දේම හිතුවටත් වඩා හොඳට ලෑස්ති කරලා තියෙන්නෙ සභාපති තුමා."
"එහෙමයි සර්."
ආපහු ඇතුලට යන්න හැරුනු පශු වෛදවරයා පොඩ්ඩක නැවතිලා සභාපති තුමාගෙන් මෙහෙම ඇහුවා.
"මං මේ අහන්නමයි හිටියෙ. අර ගහේ ඇණයක් ගහලා තියෙන්නෙ මොකටද සභාපතිතුමා?"
"ආ ඒකද?" සභාපති ගොයියා කියනවා."ඒ සර්ගෙ කලිසම එල්ලන්ට."


DISCLAIMER:මෙවර කතාවට කිසිම පුද්ගලයකුගේ හෝ නම් ගම් භාවිතා කර නොමැති අතර අදාල පින්තූරය දෙස බලා නොයෙකුත් මනස්ගාත සිතෙන් මවාගත්තාට කතුවරයාට කල හැකි දෙයක් නොමැත. මේ අහවලා යයි යම්කුට සිතේ නම් එය හුදු මනෝ විකාරයක් පමණි

කොමෙන්ට් සඳහා පිළිතුරු ලිවීම අවශ්‍ය වූ විට, එය හෙන්රි විසින්ම ඉටු කරනු ඇත

58 comments:

  1. ෆොටෝ එක නම් කව්දැයි දන්නවා . ඒත් බොලේ රස්සාව වෙනස් නේ . අහලම නැති කතාවක් හි හි

    ReplyDelete
  2. පින්තූරෙ ඉන්නෙ නම් ඔබා අයියම තමා ෂුවර් එකට! ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුනේ පශු වෛද්‍යවරයෙක් කියලද???

    ReplyDelete
  3. වැල් පෙනෙලත් දීලා. :P . සභාපති නෝනගේ සංවිධාන ශක්තිය...

    ReplyDelete
  4. මන් මෙච්චර කල් හිතන් හිටියේ ඔබා සහෝදරයා ඉංජිනේරු අන්සේ වැඩකලා කියලා. දැන් බැලුවම වයිද්යවරයෙක්නේ.. ඔබා අක්කගේ කොළ කැඳ කෝප්පේ රස ඇති..

    ReplyDelete
  5. මේකත් අහපු කතාවක්නේ ඔබා මාමා. බයි ද වේ බැරිද මගේ කතා දෙක තුනකුත් මාමාට කියලා පබ්ලිශ් කොරගන්න. වෙලාවක් නෑ අප්පා කොටන්න.

    ReplyDelete
  6. ආ මන් හිතුවෙ මේ කතා එන්න යන්නෙ ඩූඩ් ගෙ බ්ලොග් එකේ හරි, අ.පේ හරි කියලයි. හිකිස් ! බලන්නකො ගොවියො කෘතීම සිංචනය ගැන තේරුම් ගත්ත අපූරුව !

    ReplyDelete
  7. ඉතිං ඔබා අයියේ එදා වැඩේ එළටම කෙරෙන්න ඇති නේද..? ඇනේ විතරක්නං මදෑ..වැල්පෙනෙලත් පොවලනේ...

    ReplyDelete
  8. පින්තූරේ දිහා බලලා ඒ වගේ අඳුරන අය ගැන මුකුත් හිතන්න එපා කියලා කලින්ම කියලනේ,, මම දන්න කෙනෙක් ඉන්නවා හැබැයි එයා පශු වෛද්‍ය කෙනෙක් නෙමේ. ඒ නිසා මේ එයාට වෙච්චි වැඩක් වෙන්න බෑ බෑමයි :D

    ReplyDelete
  9. මම හිනා වුණා අයියා ගම් හතකට ඇහෙන්න .! පට්ටයි ඈ

    ගමේ අය පොඩ්ඩක් ඔවුවා ගැන දන්නවා මදි .

    අපේ ගමට ඉස්සර කක්කුස්සි නොතිබුනු කාලේ රජයෙන් ඒවා හදා දුන්නලු ගැමියෝ ඒවගේ සත්තු ගාල් කරාලු සමහරු දර අඩුක් කරාලු . ඉන් එලි බහින්න පසු පරන පුරුදු කැලේටම ගෑටුවාලු

    ReplyDelete
  10. මේ පින්තූරෙ අනුව හිතෙනව මේක පිටරටකදි වෙච්චි දෙයක් කියලත්, අර එළදෙන හිතන්නෙ ඉංග්‍රීසියෙන් :D

    ReplyDelete
  11. අනේ අප්පේ ඇත්තට ඔබා අයියත් කොරන වැඩ. දැන් ඇත්තට කලිසම අර ඇනේ එල්ලලා ඊට පස්සේ කොහොමද කෘතික සිංචනේ කොරන්නෙ...........
    කොහොම හරි දන්නවද අපේ රටේ තමයි ඔය කෘතිම සිංචන ක්‍රමය මුලින්ම ඇති වෙලා තියන්නේ. කරලා තියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා. මෙතුමාගේ අශ්වයන් හදලා තියන්නේ මේ ක්‍රමයෙන්. ඒ කාලේ ලෝකෙ සිටි හොඳම අශ්වයන් ඉදලා තියන්නේ මෙතුමාට. උන්ට කියලා තියන්නේ "සෛන්දව" අශ්වයෝ කියලා. සෛන්දව කියන්නේ කුරුදුවලට කියන නමක්. එහෙමත් නැත්නම් කුරුදු ඇති සිංහළ දේශයේ අශ්වයෝ කියලා.

    ReplyDelete
  12. හෙහ් හෙහ් හෙහ් චිත්‍රෙයි කතාවයි දෙකම මරු! :D

    ReplyDelete
  13. මම නම් කෘතීම සිංචනයට විරුද්ධයි.. පවු අප්පා...ඒ සත්තු ! ඒක උන්ගේ ලිංගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් !

    ReplyDelete
  14. මට නම් මනෝ විකාරයක්ද මන්ද අර එළදෙනගෙ මූන දැක්කම කවුදෝ මතක් වෙනවා.....?
    හැබෑටම වෙනිය මොකද මේ ලිංගික අයිතිවාසිකම් ගැන උඩ පනින්නෙ හරියට තමන්ට වෙච්ච දෙයක් වගෙ?

    ReplyDelete
  15. සිත්තරේ ඉන්න කෙනා 'ඔබා' වගේ...:D

    ReplyDelete
  16. එළකිරි කතාව..නොහිතනා කාරණාවක් නොවැ

    ReplyDelete
  17. මම ඔය පිංතූරෙට දාන්න ඕනෙ කොමෙන්ට් එක ඔය කතාව ගැන පොඩි හින්ට් එකකුත් එක්ක හෙන්රි ගෙ බ්ලොග් පෝස්ට් එකට කොමෙන්ට් එකක් විදියට දැම්ම.

    ප.ලි.
    මට මතක විදියට ඔය කතාව අ.පේ. ගියා

    ReplyDelete
  18. හක් හක්... වැල් පෙනළත් දීලා....

    ReplyDelete
  19. අර ඉන්න එළදෙන නං අපි දැකල තියෙන කෙනෙක් වගේ! :D

    ReplyDelete
  20. "මොකද මචං වුනේ" පෝස්ට් එකට හෙන්රි එවූ අලුත්ම චිත්‍රයක් අමුණන ලදී.

    ReplyDelete
  21. හැක් හැක් හැක් ..... මම හිතන්නෙ ඕක වෙන්න ඇත්තෙ ඩිපෝවෙන් අයින් උනාට පස්සෙ. මොකද එතකොට එතුමට වයසයි වගේම වේලෙන කාලෙ නේ.. ඒ කාලෙට වැස්සියක් නෙවෙයි දියසෙවල බැඳිල තියෙන බෝක්කු කටක් උනත් මහ මෙරක් වගේ ලු නෙ. :D :D :P

    ReplyDelete
  22. එළදෙනට ​කෙසේ වෙතත් ඩොකාටනම් කෘතිම සිං එක වෙන්න ඇති...

    ReplyDelete
  23. තැන්කියු කිව්වා කතාවට. බොහොම කාලෙකට පෙර අහලා තිබුනා නමුත් ඔබා ලියලා තියන විධිය මරු.

    මම ඔය ගොවිකම් සෑස්තරේ හදාරන කාලේ ගන්නොරුවේ ෆාර්ම් එකේ දවසක් කෲතිම සිංචනය කොරන්න පුරුදු පුහුණු වෙන්ට ගියා කස්ටියම. අපේ පොරක් හිටියා කොට ජීවිතයක් වැඩිම උනොත් අඩි 5යි. දැන් පොරගේ වාරේ ආවා. මූ උස නැති හින්දා උපදේශක තුමා කියපි 'ඔයාට මේ වැඩේ කරන්න අමාරුයි, අනික ඉනිමං බැඳලා කරන්න පුළුවන් වැඩකුත් නෙවේනේ මේක' කියලා. කරුමෙට එළදෙන දඩ ෆොරීන් එකියක්.

    ReplyDelete
  24. ඔකේ තව වැඩි දුර විස්තරයක් තියෙනවා...
    මේක අපේ වැම්පා මලයා ලිව්වේ ටික කලකට කලින්..

    http://blogvampa.blogspot.com/2010/07/harak-katha.html

    ReplyDelete
  25. අනේ මන්දා....මේ ටිකේම ඔබා මාමා ලිව්වොත් මේ වගේ දෙයක් තමා ඉතින්....අර කිව්වත් වගේ පින්තූරයේ ඉන්න කෙනා නම් අඳුනනවා වගේ...

    ReplyDelete
  26. මරු කතාව.. තම මට හිනාව නවත්තගන්න බැරි උනා... කට්ටිය කියන්නත් වගේ පින්තූරේ ඉන්නෙනම් අයියම තමයි...
    සභාපති නෝනා වැල්පෙනෙලත් බීලා වැඩේ හරියට කලාද මන්දා????

    ReplyDelete
  27. ඔය ක තාව ප්‍රා /වොර්ක්ෂොප් එකේ කාලේ එකක්ද මට ඒ වාගේ මතක

    ReplyDelete
  28. ආනමාළු තිබ්බෙ නැද්ද කෑමට?

    ReplyDelete
  29. කට්ටියට ඇයි මේ පින්තූරෙ ඉන්නේ ඔබා මාම මයි කියල හිතෙන්නේ..?? :D

    ReplyDelete
  30. හි හි ...... මොකද කියන්නේ පින්තුරු ඉන්න කෙනාට සම්පූර්න සුදු අන්දල , රැවුලයි කොන්ඩෙයි පොඩ්ඩක් ගනකම කරල , රතු රෙද්දක් බෙල්ල වටේ දාල ගමුද ?

    ReplyDelete
  31. මේක සහමුලින්ම සත්තව අයිතිවාසිකම් විනාශ කර දැමීමක්! පව් එළදෙන...

    ReplyDelete
  32. මොකටදෑ ඔබෝ ඔය වැඩේට කලිසම ගලවන්නේ?

    ReplyDelete
  33. පින්තුරේ ඉන්නේ එක්කෙනා නෙමෙයි.. දෙන්නම හොදට දැකල පුරුදුයි වගේනේ..

    ReplyDelete
  34. වැල්පෙනෙල දීල ඔක්කොම කරලා ඇනේකුත් ගහල කලිසම එල්ලන්න කියල.. හික්.. මරු.. චිත්රේ දැක්කම මට හිතුනේ ඔබා අයියා මොකද මේ එළදෙනක් තියාගෙන ඉන්නේ කියල.. පස්සෙනේ දැක්කේ හෙන්රි බ්ලොග්වොකර් ගේ කතාව සහ චිත්රේ කියල.. හෙන්රි ඔබාවම ඇන්දේ ඇයි අප්පා මේකට??

    ReplyDelete
  35. එළදෙන පව්ව්ව්ව්ව්ව්ව්...
    ඇත්ත ඇතිසැටියෙන් ඇදපු සෝයි චිත්තරයක්නෙ.. :P

    ReplyDelete
  36. ඩිපෝ එකේ පුරුද්දට ඔබා වැස්සි ලඟට ගියේ පරන ශොක් ඇබ්සෝබර් එකක් වත් අරන්ද මන්ද.

    ReplyDelete
  37. වැල්පෙනෙල කැඳත් දීලනේ
    ඔබා වැඩේ ගොඩ දාගන්න ඇති නේ

    ReplyDelete
  38. සී ටී බී එකේ පශු වෛද්‍යවරුත් ඉන්නවද ඈ...?

    ReplyDelete
  39. "එළ කිරි " කතා පොජ්ජ.

    ReplyDelete
  40. pissu ekai! hina godai! mmm ohoma wada wenawa thamai minissunta! mmm art wada kida nam maxxx! mmm ee wagena dan blog 1 lassanai! mm :)

    niyama kathawa!

    ReplyDelete
  41. රායිට්, මේ පෝස්ට් එකට වැටෙන කොමෙන්ට් වලට උත්තර ලියන්න ඕනෙ හරි නම් ලීව සහ චිත්‍රය ඇන්ද හෙන්රි මිස මං නෙමේ. ඒක තුන් පාරක්ම දැනුන් දීලත් ලියපු එක්කෙනා නිකම්ම කොමෙන්ට් එකක් දාල ශේප් වෙලා ගිහිං. කොහොමටත් පෝස්ට් එක පබ්ලිෂ් කලේ මගේ බ්ලොග් එකේ නිසා, හැමෝටම උත්තර දෙන එක මගේ වග කීමක් හැටියට මං භාර ගන්නවා.

    පළමුවෙන්ම කියන්න ඕනෙ, මගේ ප්‍රොෆයිල් ෆොටෝ ඒක ඇරෙන්න, හෙන්රි කවදාවත් මාව දැකල නැහැ, ඒ වගේම වෙනි නොහොත් ලියන්නගෙ අන්තිම පේලියෙ අවතාරෙ දැකල තියෙනවා ඇරෙන්න වෙනිය කළුද සුදුද කියලවත් හෙන්රි දන්නෙ නැහැ කියලය් මගේ විශ්වාසය.

    ඉතින් කොහොමද මේ කොමෙන්ට් දැනට දාල තියෙන 42 න්නගෙන් 19 දෙනෙක් වෙටාට හරි වැස්සිට හරි ඇක්ට් කොරන්නෙ "අහිංසක ඔබා" හෝ අහිංසක නොවන "වෙනිය" කියල කියන්නෙ? ඒක අන්තිමම "අහිංසක" මට නං හෙන ප්‍රශ්නයක්. මට නිකමට හිතෙනව මේක බහු ජාතික කුමන්ත්‍රනයක්ද කියල, මොකද අර "මගේ කොම්පියුටරේ කැඩිල" ආදී වශයෙන් අහිංසක මාව රැවැට්ටු හෙන්රි සහ "ඕනය" දැන් ඉන්නෙ එකම කරෝල වාඩියේ නිසා සහ මෙම රැවටිල්ලට ලංකා රජය මෙන්ම මාල දිවයින් රජයත් සමහර විට ඇමෙරිකාවත්, ඔස්ට්‍රේලියාවත්, සම්භන්ධ ඇති කියල හිතෙන නිසා.

    කෝම වුනත් කොමෙන්ට් දැමු , කියැවූ හැමෝටම ස්තුතිය්.

    (දැන් තේරෙනව නේද කොම්පියුටරේ කැඩුන කියන යාලුවෙකුට උදව් කොරන්න ගිය අහිංසකයෙකුට වෙච්ච දේ)

    ReplyDelete
  42. @ඔබා:
    ඔය බොලාට වෙච්චි වැඩේ තියරි දෙක තුනකිංම විස්තර කරන්න පුලුවං . . .
    - මනුස්සකමට රෙද්ද ඉස්සුවාම ** ඇරියා වගේ
    - නිකං තියන ** අතිං අරං තියාගත්තා වගේ
    - ** තියෙද්දි ** දෙකෙං **** ගියා වගේ

    ප.ලි.
    තව ගොඩක් තියනව . . . එවුව ලියන්න ගියොත් තරු විතරයි දාන්න වෙන්නෙ

    ප.ප.ලි.
    @හෙන්රි:
    විහිලුවට හොඳේ

    ReplyDelete
  43. අනේ ඔබා අයියේ . . . මොනාද මේ අකුරු වලට කරල තියෙන්නෙ ???

    ReplyDelete
  44. ඇය් උඹට කියවන්න අමාරුද? ඔන්න පොඩ්ඩක් ලොකු කළා.

    ReplyDelete
  45. ඕක තමයි කියන්නෙ ඔබා අයියෙ හිත හොඳ ගෑනි හැමදාම බඩින් කියලා! ඕක පිරුල ටිකක් මොඩිෆයි කරලා ගම්මුකො.. මේ සීන් එකට හරි යන්න !

    ReplyDelete
  46. @ Weni,
    මොඩිෆය් කලැකි, ඕනය කිව්ව වගේ තරු තමය් දාන්න වෙන්නේ ...හික්z...

    ReplyDelete
  47. ඕනයා දැන් ඩූඩ් ව ශේප් කරගන්න ට්‍රයි එක ! හුහ් හබ්බේ !!!! මෙහෙදි ඩූඩ් ගැන කිව්ව කතා... දුන්න පොර ටෝක් !!!මොනා හරි ටෝක් දාන්න ආවොත් උම්බලකඩ විදියට වේලලා අ.පේ. සෙට් එකට ලන්කාවට එවන්නම් කිව්වා.. !!!දැන් කෝ සද්ද ???

    ReplyDelete
  48. @ Weni,
    උගෙ අන්තිම කොමෙන්ට් එකේ යටින් දාල තියෙන ප.ලි. කෑල්ල උගෙ "මයින්ඩ් සෙට්" එක ගැන සෑහෙන විග්‍රයකට ඉඩ තියල තියෙනව.
    ආයෙත් කියෝල බලන්න මෙන්න උපුටල පෙන්නුව

    //ප.ප.ලි.
    @හෙන්රි:
    විහිලුවට හොඳේ//

    ReplyDelete
  49. @ Weni,
    One of them is watching what's going on even though not coming forward and making a comment....heh..heh..heh...


    A visitor from Male
    viewed ""OBSERVER": ඇණේ" 32 mins ago

    ReplyDelete
  50. ඔබා අයියෙ පොඩ්ඩක් ඔන්ලයින් කැම් එකක්වත් ඔන් කරල බලකො ඕනයා මූන අත පය වෙලාගෙනද ඉන්නෙ කියල.. නැත්නම් තව පැස්ටෝල් ටිකක් දමමු !

    ReplyDelete
  51. //"මයින්ඩ් සෙට්" එක ගැන සෑහෙන විග්‍රයකට ඉඩ තියල තියෙනව.//

    යකෝ . . . මූ දන්න දේවල් . ...

    ReplyDelete
  52. හෆොයි ඩොකාට වහ කාලා මැරෙන්න හිතෙන්න ඇති . . හික් හික් හික්

    ReplyDelete
  53. @ දුකා,
    කාලෙකින් මේ පැත්තෙ ආවෙ , තෑන්ක් යූ ගොඩ වුනාට.

    ReplyDelete
  54. ඇත්තටම ඩොකාට මරු වැඩේ වෙලා තියෙන්නෙ .....
    මේ උඩ කොල්ලො කියන කතා ඇත්තද ඔබා මාමේ .....

    ReplyDelete
  55. මේ කතාව මීට කලින් අහල තිබුනත් දැන් තමයි දන්නේ ඒක උනේ ඔයාට කියලා...

    ReplyDelete