My followers

Sunday 30 October 2011

'අපේ බුන්ට වැඩකාරය'


කොමෙන්ට් එකකට උත්තරයක් හැටියට මගෙ අතින් කියවුනා අපේ  'උයාසේන බුන්ටා' ඔය පුස් කාපු කළු දොදොල් එහෙම කෑවට, පොර මොළකාරය කියල. මොළකාරය වගේම බුන්ටා වැඩකාරය.



බුන්ටට පොඩි අඩු පාඩුවක් තිබුන. අනිත් මිනිස්සු මොනාද කොරන්නෙ, අවට පරිසරේ මොනාද වෙන්නෙ, වගේ දේවල් ඌට ගානක් වත් නැහැ. ඌ ජීවත් වුනේ උගේම ලෝකෙක. එහෙම කිව්වට බුන්ට ආත්මාර්ථකාමී, නරක පොරක් හෙම නෙමේ, හරිම හිත හොඳ යාලුවෙක්. ඌ ගැන සිංහලෙන් කිව්වොත් ඌ හුඟක් වෙලාවට "ඇබ්සන්ට් මයින්ඩඩ්"
 


විච්චුරන පැත්තක තියල කතාවට බහිමුකො.


ඔය වටේටම කැරකෙන්න පුළුවන්, ඉඳ ගත්තම, පස්ස පැත්තට සනීප විදියට සස්පෙන්ෂන් තියෙන, කාර්යාලීය පුටු, අපි වගේ පුඟුලන්ට ඒ කාලෙ දකින්න ලැබුනෙ, කණ කැස්බෑව විය සිදුරෙන් මොකද්ද එක දැක්ක වගේ, කළාතුරකින්. චෙයාර්මන්ගෙ එයාර් කන්ඩිෂන් කොරපු කාර්යාලෙට ඇතුල් වෙන්න ලැබුන වගේ වෙලාවකට විතරය්.


එහෙම ඇතුල් වෙන්න වුනේ මොකක් හරි රියල් සීරියස් ලෙඩක් දාගෙන මිසක්, සේවය අගය කිරීමකට හෙම නෙමේ කවදාවත්. ඒ හිංද වායු සමීකරණෙ සැප විඳින්ට නෙමේ, ගොතා ගත්ත බොරුව, පැටලවෙන්නෙ නැතුව කියාගන්න එක තමා, වගේ වෙලාවට, ඔලු කට්ට ඇතුලෙ වැඩ කොලේ. අනෙක අපි වැඩ කොලේ කුරුණෑගල. මේ කියන කාලෙ, ලංගම වයඹ, අරව, මේව, කියල බෙදල නැහැ. හෙඩ් ඔෆීස් එක තිබ්බෙ නාරාහේන්පිට. බටා එහෙම ලැබුනත්, කොළඹ යනව කියන්නෙ, දවසක්ම ගත වෙන, හෙන දුෂ්කර ක්‍රියාවක්.


මොනා හරි වැඩකට, හෙඩ් ඔෆිස් ගියා බුන්ට. එහෙදි දැක්ක චෙයාර්මන්ගෙ පුටුව. ඒ ජාතියෙම එකක් ඌටත් ඕනේ කියල අපේ අනුමැතිය නැතුවම ඌ තීරණය කලා.


බුන්ට හිතා ගත්තොත් ඒක මොන ජාතියෙන් හරි කොරන ජාතියේ පොරක්. බේස් එකට පරණ රිම් එකක්, සස්පෙන්ෂන් ක්‍රියාදාමයට ඌම රෙපෙයාර් කොර ගත්ත ෂොක් ඇබ්සෝබර් එකක්, සීට් එකට අයින් කොරපු මර්සෙඩස් බෙන්ස්  ඩ්‍රයිවින් සීට් එකක සීට් එක සහ සීට් බැක් එක, කැරකෙන කොටසට බෙයාරින්, එහෙම දාල බුන්ට දවස් දෙකෙන් හැදුව පුටුවක්. ඒක චෙයාර්මන්ගෙ කැරකෙන පුටුවට වඩා හැම අතින්ම ඉස්තරං එකක් කියන්න පුළුවන්.


මලකඩ හුරලා, ස්ප්‍රේ පේන්ට් ගහල, පොලිෂ් කරන්න ඕනෙ හරිය පොලිෂ් කරල ගත්තම, අපිට එහෙම බුන්ටගෙ එන්ඩ් ප්‍රොඩක්ට් එක ගැන පොඩ්ඩක් වත් ඊරිසියාවක් නං ඇති උනේ නැහැ.
බොරුනං එහෙම, මේක  කියවන කට්ටිය පරිස්සං වෙන එක හොඳා අකුණු වලින්.

උයාසේන බුන්ටගෙ ඇත්ත නම, දයාසේන බණ්ඩා. බුන්ට ස්ටෙන්සිල් එකක් කපල, සීට් එකේ පිට හේත්තු වෙන පැත්තෙ, පිටිපස්සෙ ස්ප්‍රේ කලා උගේ ඇත්ත නමෙන් කෑල්ලක් DAYA කියල. හරියට උගෙ පුටුව අපි හොරකං කරය් වගේ.

වැඩපොලේ හිටිය බල්ලෙක්, ඌට හැමෝම ඉතුරු වෙන කෑම දීල, බල්ලෙක් නෙමේ, ඌරෙක් වගේ. උගෙ නම "ටොමිය" (ඌට නම ලැබුන හැටි වෙන පෝස්ට් එකකින් බලාපොරොත්තු වෙන්න -දැම්ම කප් එක ගැහුවෙ නැත්තන්, කියන්න කතා නැවකට).  ටොමිය
බල්ලෙක් නෙමේ වැකියුම් ක්ලීනරයක්. කෑමක් උගෙ ලඟින් ගියත් ඌ ඇදල ගන්නව

අපි දන්නෙත් නැහැ, අපේ කිසි සම්භන්දෙකුත් නැහ, පහුවෙනිද ටොමිය දයා වෙලා. බුන්ටගෙම භාෂාවෙන් කිව්වොත් කව්ද "### පුතෙක්" අර ස්ටෙන්සිල් එක පාවිච්චි කොරල සිල්වගෙ ඇඟ දෙපැත්තෙම, DAYA කියල ගහල.

නම් වෙනස් කිරීම,  ටොමිය නං පය්සෙකට ගනං ගත්තෙ නැහැ.

74 comments:

  1. හිංචි මල්ලිSunday 30 October 2011 at 06:08:00 GMT+5:30

    හුරේ පළවෙනි කමෙන්ටුව මගෙන් ඔබා මාමේ අර දවස් වල කැම්පස් වල SB බල්ලෝ හිටියේ මේ වැඩේ කොරපු පොරගේ දරුවෙක් මුණුබුරෙක් වෙන්න ඇති නේද?පහළ ලින්ක් එකෙන් බලන්ටකෝ ෆොටෝ එක
    http://1.bp.blogspot.com/-OhTHyvPANXs/Ta1E_ZvAk4I/AAAAAAAAGEQ/xFxvuzF--Tk/s1600/sbdogs34.jpg
    http://1.bp.blogspot.com/-0I83rxa8pF0/Ta1IsYyzjPI/AAAAAAAABwQ/BdnLDuQJpT8/s1600/sb-dog-0.bmp

    ReplyDelete
  2. දයා බල්ලා පව්! :-P

    ReplyDelete
  3. අනේ දැම්ම කප් එක ගහන්න නම් එපෝ. කතා ටික ලියල ඉවර වෙනකම් ඉන්ට .

    ReplyDelete
  4. අනෙ අප්පෝ... මේකෙ අනුන්ට ගහන කාඩ්වලට ඒ ඒ ඇත්තො අනුමෝදන් කරන පින්වල ආනිසංසයෙන් ඔය කතා ටික ඔක්කොම කියල ඉවර වෙනකම් කප් එක ගහන්න එපෝ....

    ඉන්නකො උයාසේන බුන්ටටම ආරංචි වෙනකම්.... සනුහරේටම අනුමෝදන් කොරයි....

    ReplyDelete
  5. බුන්ට වැඩ කාරයෙක් නේන්නම්. හොඳ වෙලාවට 'ඔබා' කියලා පුටුවක් හදවා ගත්තේ නැත්තේ...:D

    ReplyDelete
  6. ela :))) mama hitan unne buntayi obayi kiyanne ekkakenaata ma kiyala...

    ReplyDelete
  7. අයියා..ෂුදු අයියා...බල්ලා යකාට ගියාවේ..නිකමට හරි කප් එක ළගයි ළගයි වගේ දැනෙනවනං ලංකාවටම වරෙං මගෙ දෙයියා ෆයිනල් එකට..මොකද නයිටක් ගහන්ට කියලවත් අපි එන්න කියලද ඔහේ...

    ReplyDelete
  8. බලාපල්ලකෝ ඔක්කොම කරලා තව බ්ලොග් පොස්ටුත් දාන හැටි ..

    ReplyDelete
  9. ඔබා මාමා මොකෝ ගොක් කොළවත් පෙනුනද හීනේන්, කප් ගහන එක ගැන කියන්නේ ??? පික්ශු නම් කතා කරන්න එපා ඕං...... මොනවා වුනත් අහක යන කෑලි බෑලි වලින් එන්ඩ් ප්‍රොඩක්ට් එකක් කරපු බුන්ටා නම් සිරා වැඩ කරුවෙක් වෙන්න ඕනේ.

    ReplyDelete
  10. මොකද අර අන්තිමට ටොමිය සිල්ව වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  11. මටනම් වැඩිය වටින්නෙ අහක දමපු බඩු වලින් හදපු බුන්ටගේ ඉස්තරම් පුටුවට වඩා විසිකරපු ස්ටෙන්සිල් එකෙන් නිර්මාණාත්මක අදහසක් ඔළුවට ආපු හාදයාගෙ වැඩ තමයි !
    බ්ලොග් ලියන 18-20 උන් සේරගේම ආයුෂත් අරන් උඹ හිටින් අයියෙ කප් ගහන්න ලෑස්ති නොවී දැන්ම !

    ReplyDelete
  12. මගේ ලෙඩ්ඩු යකාට ගියාවේ. මමද මාරයා සමග නයිටට එක් වෙමි.

    ReplyDelete
  13. මේ ඔබා මාමේ පොරට කියලා මටත් අඩු වියදම් ෆුල් කම්ෆටබල් පුටුවක් හදාගන්න බැරි වෙයිද ......
    වෙලාවට බල්ලට අකුරු බැරි උනේ ....

    මොන කප්ද ඔබා මාමේ,
    චිරං ජීවතු ...... චිරං ජීවතු .........
    ආයු රක්ඛන්තු ආවඩා ......

    ReplyDelete
  14. බුන්ට එල පොරක් නේ.. ඔබා මාමා පිස්සුද දැන්ම කප් ගැන හිතන්නේ.. තවම කොලු වයස නේ. ආයු රක්ඛන්තු ආවඩා තමා මටත් කියන්න තියෙන්නේ...

    ReplyDelete
  15. // අපිට එහෙම බුන්ටගෙ එන්ඩ් ප්‍රොඩක්ට් එක ගැන පොඩ්ඩක් වත් ඊරිසියාවක් නං ඇති උනේ නැහැ.බොරුනං එහෙම, මේක කියවන කට්ටිය පරිස්සං වෙන එක හොඳා අකුණු වලින්.//

    මම ආසම කෑල්ල ඒක.. බලන්න පින්වතුනී ඇත්තම ලියා තිබෙන ලස්සන. ටොමියා සිල්වා උනේ කොහෙමෙයි..

    මගෙනුත් 10 විතර අරන් තව විඳවපන් මාමේ..

    ReplyDelete
  16. මේවා මෙහෙම වෙන්න දෙන්න බෑ...අපි වර්ජනය කරමු ඔබා මාමෙ..මාරයියයි ..මහ වෙදනයි දෙන්නත් එක්ක බලන් ඉන්න මොකටද කියලා බලන්නකො.... ගෙඩිය පිටින්ම වයසයි කියලා......

    ReplyDelete
  17. දැන් බුන්ට දන්නවනම් මෙව්වා හොයාන පයින් එනවා ඔස්ට්‍රේලියාවට. පිස්සුද අය්යේ කප් ගහන්න? මේ දැන්ම? මොකද බුන්ට ඇතුළු කට්ටිය ලඟදි එනවා කිව්වද?

    ReplyDelete
  18. අර මිසිස් සිංහය කිව්වේ මොනාද වේලෙන්න කලින් පත්තරේ දාලා කියලා . .ඒ වගේ ඔබා මාමා අයියා XX වැඩේ කරලා තව බ්ලොග් එකෙත් දාලා . . හි හි හී

    ReplyDelete
  19. හික්ස්!අරුට පොඩ්ඩක් වත් කේන්ති යන්න නැතුව ඇති!

    ReplyDelete
  20. අසරණය බුන්ට අමාරුවෙන් හදාගත්තු පුටුව හින්දනෙ මේ ඔක්කොම...

    ඇත්තට ඔබා මාමා ගොක් කොළවත් පෙනුනැයි...

    ReplyDelete
  21. අර මාරයා කිව්ව වගේ කප්ගහනවනං වහාම නැවු නගලා ලංකාව බලා යාත්‍රා කොරන එකයි ඇත්තේ....එව කොහොම උනත් තව අවුරුදු 75 ක් වත් අඩුම ගානේ ඉන්ටඔන...ඔං 100 ක් කියලා අමරුවෙ දැම්මෙ නැ...
    අර දයාසෙන මහත්තයනං එල නිර්මාණ කරුවෙක්....කොහොමත් ඔය වගේ තක්කඩි වැඩක් කොරනව මනේ කොල්ලො සෙට් එක ආදරෙට....හි..හි

    ReplyDelete
  22. //-දැම්ම කප් එක ගැහුවෙ නැත්තන්,//

    අපෝ බයවෙන්න එපා . . . උඹ කොහොමත් අපි දෙතුං දෙනෙක්ගෙ තුම්මාසෙ දානෙත් කාලම තමයි යන්නෙ . . .

    ReplyDelete
  23. කොහෙ වුණත් වැඩක් කරන්න පුඵවන් එකාට කාඩ් ගහන්න, කොලොප්පම් කරන්න එවුන් ඉන්නවනෙ.
    හැබැයි ටොමියට කතා කරන්න පුඵවන් වුණානම් එදා ඔබා තුමා ඉවරයි.

    ReplyDelete
  24. කතාව අවසානයේ වැරදීමකින් හෝ ටොමියා සිල්වා වීමෙන් අදහස් වන්නේ, කාට හෝ මඩ ගැසීම පිණිස ඌට සිල්වා යනුවෙන් භාවිතා කර ඇති බවය....

    ReplyDelete
  25. අයියෝ දැම්ම කප් ගහන්න හිතන්න එපෝ.... කොමෙන්ට් නොකලට හැමදාම එනවා ලේ ටිකක් පිරිසිදු කරගන්ට.......

    ReplyDelete
  26. මම නිවාඩුවටා ආවම ඔය කෑලි ටික හොයලා තිබ්බොත් බැරි වෙයිද අර වගෙ පු‍ටුවක් හදාගන්න? දැන් තියෙන එව්ව කමකට නෑ ඔබා ටික ටික පාත් වෙනව බිමටම?

    henryblogwalker the Dude

    ReplyDelete
  27. ඔබා මාමත් කරලා තියෙන්නේ පුදුම වැඩ නෙවෑ.

    ReplyDelete
  28. අනේ ඔබා මාමෙ කප් එක ගහන්න එපා දැන්ම.. තව කොච්චර කල් අපිට කතා අහන්න තියෙනවද...

    ReplyDelete
  29. ඇත්තමයි තමන් කරපු වැඩ අනුන් කළා වගේ ලියන්න මේ ඔබා තුමා වගේ දස්සයෙක් මගේ ජීවිතේටම දැකල නැහැ
    (මම කිව්වේ මේ පුටුව හදපු එක ගැන නෙමෙයි, අර බල්ලව හන ගහපු එක ගැන)
    ඔබා තුමාව අඳුන ගත්තෙත් අද ඊයේ, මෙයා ඒ පාර කප් එකක් ගහන්න කල්පනා කරනවා
    මෙව්ව හොඳ වැඩද මන් අහන්නේ...

    ReplyDelete
  30. ඔබා මාමේ..........ඔන්න අපිත් මේ පැත්තේ ආවා..
    හිකිස්..බොන්ටා නම් සුපිරි වැඩ කාරයෙක්..ඒත් අර වැඩේ කරලා සද්ද නැතුව හිටපු xxxx මාමාත් මරු වැඩ කාරයෙක්....
    ම්ම්ම් අර කප් කතාව ඇහුවම මම ඉස්පීං වුනා..ඇදලා අත ඇරියා වගේ...
    මම අලුත් හින්දා වෙන්ටැ මේකට...හි හී
    ඔන්න අද ඉඳලා මේක අස්සෙත් රිංගනවා නිතර දෙවේලේ...
    ජය කිව්වලු ඕං...
    බල්ලට මොන නම තිබ්බත් මොකෑ කෑම ටික හම්බුවෙනව නම්..

    ReplyDelete
  31. බුන්ටාගේ පුටුව වගේ තමයි, සමහර ත්‍රීවීලර් වල ඩ්‍රයිවින් සීට් තියෙනවා ජම්බෝ ජෙට්වල පයිලට්ලට වත් නැතුව ඇති එහෙම සීට්...

    කප් ගහන්න..? පික්සු කතාකරන්න එපා... කිරි වේලිලා එපැයි ගහ මැරෙන්න... එහෙම අවුලක් නෑනේ..?

    ReplyDelete
  32. මගෙත් පුටු කබල දැන් දවස් දෙක තුනක ඉඳන් ඇජස්ට් කරන්න බෑ මොන මගුලක් වෙලාද මන්ද... සාජා පැත්තෙ ගරාජ් එකකට ගිහින් ඔය ඩෙෆිනිශන් ටික දීල පුටුවක් හදාහන්න බැරිවෙයිද දන්නෙ නෑ...

    ReplyDelete
  33. @ හිංචි මල්ලි,
    පාන්දරම අවදි වෙලා වගේ.

    දීල තියෙන ලින්ක් එක කීප සැරයක් ට්‍රය් කළා, හරි ගියෙ නැහැ. පොඩි වැඩක් අහල ඊයක් එව්ව, උත්තරයක් ලැබුනෙ නැහැ. මං හිතුව තරහ වෙලා වත්ද කියල.

    @ විසිතුරු,
    ඌ ඕනෙ එකකට ඔට්ටු සතෙක්.

    @ ගිම්හානි,
    එව ඉතිං අපිට ඕනෙ විදියට කෙරෙන වැඩ නෙමේනෙ. ඒකනෙ මේ අද, අද, පින් කර ගන්නෙ පුළුවන් තරං....

    @ මියුරු,
    කාර්ඩ් නෙමේ, ඔක්කොම වගේ ඇත්ත කතා. දයාසේනට නං දැන්මම ආරංචි වෙලා ඇති සමහර විට. පරණ යාළුවො දෙතුන් දෙනෙක් බ්ලොග් කියවන්න විතරක් නෙමේ, කොමෙන්ට් එහෙමත් දාන්න පටං අරං

    @ පොඩි කුමාරිහාමි,
    ඒක නං සහතික ඇත්ත. හැබය් ඒ කාලෙවත් මට නං සල්ලි දීලවත් උගෙන් වැඩක් ගන්න බැහැ.

    ReplyDelete
  34. @ මය්යා,
    මොකෝ මේ ඉරිදත් සින්ග්රීසියෙන් කොටන්නෙ, ඔෆීස් එකේ වත්ද?
    බුන්ටගෙ කිට්ටුවෙන් වත් යන්න පුළුවන් වැඩකාරයෙක් නෙමේ මං

    @ මාරයා,
    බොලාට පච හලන්න, බීගන්න, මල් අදින්න, මං කෝම හරි වියදං කොරල ඇට කටු ටික හලල යන්න පලයන්කො ලංකාවට.
    බලං ඉඳහල්ල කට ඇරගෙන. ඕනය එහෙම කරෝල වාඩියෙන් හොරෙං පැනල එන්නත් බැරි නැහැ.

    @ රොබින්,
    බෝ පැලෑටියක් වගේ ඉන්න මං ඒ වගේ වරත්තු වැඩක් කොරන්න කියල හීනෙන් වත් හිතුවෙ නෑ

    @ ගොඩයා,
    ගොක් කොළ නං දැක්කෙ නැහැ. මෙහෙ ගොක් කොලයක් තියෙන පළාතකට යන්න කි. මී.2000 විතර යන්න ඕනෙ. ඒ වුනාට ඉඳල හිටල වත් අනිත්‍ය මෙනෙහි කරන එක නරක නැහැනෙ.
    ඔව්..වොව් බුන්ට නියම වැඩර්, ඒකනේ මාතෘකාවෙන්ම ඌට ගැහුරව දක්කල තියෙන්නෙ.

    @ ප්‍රසන්න,
    ඇත්තටම බල්ලගෙ නම සිල්වා. පෝස්ට් එක ලියනකොට ඇත්ත නම ලිව්වට, කාටවත් හිත රිදීමක් ඇති වෙය්ද කියල උගෙ නම වෙනස් කලා. එක තැනක වෙනස් කිරීම මිස් වෙලා.

    ReplyDelete
  35. @ වෙනි,
    ඒකත් ඇත්ත තමා.
    මොකෝ බං අනුන්ගෙ ආයුෂ කාටවත් පූජ කොරන්නේ...හිකිස්...

    @ වෙද ගෙදර මහ වෙදනා,
    වෙද මහත්තය ඉස්සෙල්ල පාර නයිටක් ගහපු වෙලාවෙ දුවල බේරුනා, මං ආපහු නැගිට්ටොත් එහෙම මාරයටය්, වෙද මහත්තයටය් දුවල නං බේරෙන්න හම්බ වෙන්නෑ

    @ පන්සල් හන්දිය,
    ඌට ඕව මතක් කරන්න ගියොත් බෙල්ලට පුටු මාලයක් දා ගන්න තමා වෙන්නෙ.
    ඉඳල හිටලවත් අනිත්‍ය මතක් කොරන එක නරකවෑ

    @ ඉඳුනිල්,
    ඒකනේ බුන්ටට මාතෘකාවෙන්ම සුදුසු ගව්රව දක්කල තියෙන්නෙ.
    අනිත්‍ය මතක් කොරන එක ඉඳල හිටලවත් කොරන්න එපායැ

    @ මාතලන්,
    අපි ලියන බොරු කියවන කෂ්ටිය කොහොමත් පරිස්සං වෙන්න නං ඕනෙ තමා.
    විඳවන්නේ නැතුව යන්න තියෙනව කොය් තරං ලොකු දෙයක්ද, මොකෝ දහයක්? එතනත් තන්හාව, 'තණ්හාය ජායතී සෝකෝ'

    ReplyDelete
  36. @ දිල්,
    මරණය නං වර්ජනය කරන්න ලැබෙන නැහැ මාරයය්, වෙද මහත්තයය්, තව ඕනෙ නං දොස්තර නෝනත්, එකතු වෙලා ට්‍රය් කෙරුවත්. මරුවා ලඟම එන බව හිතන එක නරක නැහැනෙ. මේ හෝ ගාල පින් රැස් කරන්නෙ එහෙම හිතල.

    @ ක්සැන්ඩර්,
    බුන්ට කොහොම වෙතත් වෙන පෝස්ට් වල සිහිපත් කල කෙනෙක් නං කි.මී. 20 කටත් අඩු දුරක ඉන්නෙ, මෑන්ස් බ්ලොග් කියවන්නේ නැහැ වගේ, මං කියන්න යන්නෙත් නැහැ බ්ලොග් ගැන, මොකද මගේ ඊළඟ පෝස්ට් ඒකත් පොර ගැන.
    කව්රුත් කැප එක ගහන්නම එපෑ, ඒ හින්ද ඒකත් මතක තියා ගෙන ඉන්න එක හොඳානෙ.

    @ දුකා,
    ඌ දැන ගත්තම නං අකුරු දෙකේ වචන වලිං නවතින්නෙ නැහැ. බුන්ටගෙ ඒ කාලේ ඉඳන්ම ස්පෙෂලිටි එකක් තමා එක වර එවැනි වදන් දිගම දිග වැලක් වැමෑරීම.

    @ සාබිත්,
    හප්පා, ඌට ගිය කේන්ති ගැන කියල වැඩක් නැහැ, බල්ලව බේර ගත්තෙ හරිම අමාරුවෙන්

    @ සාතන්,
    මොකෙක් නොවුනත් බුන්ට අසරණයෙක් නං නෙමේ.
    ගොක් කොළ දැක්කෙ නං නැහැ තාම. ඒ වුනාට ජීවිතේ අනියත බව ඉඳල හිටල වත් මෙනෙහි කොරන්න එපෑ.

    ReplyDelete
  37. @ රාජ්,
    ඇට කටු ටික හලල දාන්න විතරක් මොකට ලංකාවට යනවද?
    දැනුත් හැටකට කිට්ටුය්, තව හැත්තා පහක් හිටියොත් නං හෙණම රෙකෝර්ඩ් එකක්, රෙකෝර්ඩ් කඩන්න නං කිසිම බලාපොරොත්තුවක් නැහැ

    @ ඕනයා,
    හ්ම්.....ඊට ඉස්සෙල්ල බොලා මාව කෑවෙ නැත්තං....

    @ අවුට්සයිඩර්,
    ඇත්ත තමා, ටොමියට කතා කොරන්න පුළුවන් කමක් තිබ්බ නං වැඩේ කොරපු අතේ කෝට්.

    @ නලිනි චන්දිමා,
    ඇත්තටම බල්ලගෙ නම සිල්වා. පෝස්ට් එක ලියනකොට ඇත්ත නම ලිව්වට, කාටවත් හිත රිදීමක් ඇති වෙය්ද කියල උගෙ නම වෙනස් කලා. එක තැනක වෙනස් කිරීම මිස් වෙලා.

    @ ඇනොපිලිස්,
    කලින් දැකල නැති මදුරුවෙක් ලේ බොන්ඩ ආවම, පොඩ්ඩක් හොයල බැලුව. එතකොටනෙ දැක්කෙ ගම්පහ මදුරුවෙක් කියල. ගහට ගහක් නං හම්බවෙන්නේ මොරටුවෙදී. ඔබ්සර්වර්ට මදුරුවෙක් හම්බවෙන්නේ බ්ලොග් ලෝකෙදි වෙන්නැති

    ReplyDelete
  38. @ හෙන්රි,
    හ්ම්....දැන් ටික ටික පාත් වෙනව නං, ලංකාවට ආවම පුටු හදනව නෙමේ, වෙද ගෙදර මහ වෙදන මීට් වෙන එක හොඳය්, එතකං රට ඒව අත ඇරල 'කතන්දර' මතක් කරල තිබ්බ වවුල්ලු වත් පාවිච්චිය පටං ගන්න වෙය් මයෙ හිතේ

    @ මධුරංග,
    මං නෙමේ බොලේ, ටොමියට කතා කොරන්න පුළුවන් නං අහගන්න තිබ්බ කව්ද කියල

    @ නිසූපා,
    ' බෑ කියල බැරිය' නිසුපා, වෙලාව ආවම කව්රුත් යන්න ඕනෙ. නිකමට වගේ ජීවිතේ අනියත බව මතක් කලේ.
    ප.ලි.
    කොමෙන්ට් මොඩරේට් කරන්න වෙලා තියෙනව දැක්ක, හේතුවත් දැක්ක. ඔය වගේ කාලකන්නි පුද්ගලයො ඉන්නව, මොනා කරන්නද?

    @ ලොකු පුතා,
    කප් එක ඉතිං කව්රුත් ගහන්න එපෑ.ජීවිතේ අනියත බව මතක් කලේ නිකමට.

    @ ගලයා,
    සාදරයෙන් පිලිගන්නව.
    ස්තුතිය් කියවල කොමෙන්ට් එකකුත් දැම්මට
    කව්ද මේ ගලය කියල පොඩ්ඩක් හොයල බලන කොට ගලයගේ බ්ලොගෙත් දැක්ක.

    ReplyDelete
  39. @ බීට්ල්,
    කවද හිටියත්, කව්රුත් කප් එක ගහන්න එපෑ.
    ත්‍රී වීල් ඩ්‍රයිවරල කෝමත් ජෙට් පයිලට්ල කියල තමා හිතං ඉන්නෙ

    @ සපතේරු උන්නැහේ,
    සාජා ගැරේජ් ගැන නං කියන්න දන්නැහැ, ලංගම ඩිපෝවකට, වැඩ පොළකට, ගෙනිච්චොත් නං එකක් වැඩ දාල හදා ගත්තෑකි.

    ReplyDelete
  40. ඔබා මාමගේ නමේ සිල්වා කියල කෑල්ලකුත් තියනවය? දැන්ම මැරෙන්න එපෝ. ලෝකේ විනාස වෙනකල් හිටපියෝ.

    ReplyDelete
  41. තව කතා ටිකක් අහගන්න පුලුවන් වගෙ...ඔබා ස්තූතියි

    ReplyDelete
  42. දැන්මම කප් එක ගහන්න... හිතන් ඇති... එව්ව කොහෙද... ඔය කතා ටික ඉවරයක්ම කරලා... අර අවුරුදු උත්සවෙ දා වගේ තව 10 - 12 ගමනක් වත් සෙට් වෙලා... ඈ....

    ReplyDelete
  43. @ ඇනෝ,
    මේ ඇනෝ නං අන්තිම පේලියෙ ඇනෝ කෙනෙක් කියල හිතෙනව ඇය් දන් නැහැ....

    @ රංජා,
    මගේ කතා කියෝනවට තෑන්ක් යූ...

    @ පිස්සා,
    'සිතු දේ නොම වෙය් නොසිතු දේම වෙය්' කෝකටත් අනිත්‍ය මෙනෙහි කොරගෙනම ඉන්න එක ඇඟට ගුනය්නෙ

    ReplyDelete
  44. ඔබා ඔය කියන කාලේ ලංකාවේ ටොමියෝ වැහි වහලා හිටියා. බල්ලන්ගෙන සීයට පනහක්වත් ටොමියෝ තමයි. එත් මේ බල්ලා සිල්වා උනේ කොහොමද කියල නම් අහන්න ඕන..

    ReplyDelete
  45. දැම්ම කප්ගහන්න හිතුනෙ ළගදි ලංකාවටවත් එන්න බලාපොරොත්තුවක් තියනවද ? මට හිතුනා බුන්ටට කාඩ් ගහනකොට හිතාගෙ න ඉන්න ඇති ඌට ඉන්ටනෙට් නෑ කියලා. දැන් ලංකාව දියුනුයි මාමෙ

    ReplyDelete
  46. එක නෙම්යි කවුද සිල්වා ?

    ReplyDelete
  47. බල්ලා අපහාස නඩුවක් දැම්මෙ නැද්ද?

    ReplyDelete
  48. @ සරත් ලංකාප්‍රිය,
    ඇත්තටම බල්ලගෙ නම සිල්වා. පෝස්ට් එක ලියනකොට ඇත්ත නම ලිව්වට, කාටවත් හිත රිදීමක් ඇති වෙය්ද කියල උගෙ නම වෙනස් කලා. එක තැනක වෙනස් කරන්න අමතක වෙලා, එතකොටත් දෙන්නෙක් එක ගැනත් කොමෙන්ට් කරලා තිබ්බ නිසා, එතන වෙනස් කරන්න ගියේ නැහැ ආයෙමත්.

    @ ලොකු ජෝන්,
    බුන්ටට නෙමෙය් නං දරුවන්ට වත් ෂුවර් එකටම ඉන්ටර්නෙට් ඇති.
    සිල්ව කව්ද කියල උඩින් සරත් ලංකාප්‍රියට දීල තියෙන උත්තරේ බලන්නකො.
    බල්ලට නම වැටුන සිල්වා ගැනත් ලියන්න පුළුවන් හැබය් ඒක හෙණ මඩක් වෙනව.

    @ හසලක
    ඌ බල්ලෙක් හින්දම හොඳය්

    ReplyDelete
  49. මම කමෙන්ට් දාන්නෙ ලිපිය කියවලා විතරයි ක්මෙන්ට් කියවන්නෙ පස්සෙ නැත්නම් මගෙ හිතෙ තියනදෙ අනිත් කමෙන්ට් එක්ක අච්චරු වෙලා කමෙන්ට් ඔලුවට එන්නෙ නෑ ! සමාවෙන්න ඔනෙ කමෙන්ට් වල සිල්වා ගැන තියනවානෙ !

    ReplyDelete
  50. @ ලොකු ජෝන්,
    ඒ වුනාට සිල්ව කෑල්ල අහු වෙලා තියෙන්නෙ බොහොම ටික දෙනාටය්

    ReplyDelete
  51. අනේ අපොයි සීටීබියේ බල්ලෝ ටික :-)
    එතකොට ඩොගී ගේ නම 'ටොමි සිල්වා'?

    පබ්ලිස් කොරන්න කලින් නෝනා මහත්තයාට වත් දුන්නානම් පෘෆ් රීඩ් කොරන්න?????

    ReplyDelete
  52. හැබැහින් කරපු දේවල් හීනෙන් නොකරන එක හොදා තමා .ඔබාගේ මුනුපුරෙක්ද මන්දා රුහුණේ ඉන්නේ ?

    ReplyDelete
  53. 23/10/2011: "උයාසේන බුන්ටා" නම් බ්ලොග් ලිපිය පළවේ
    27/10/2011: ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ලැබෙන නිර්නාමික දුරකථන ඇමතුමකි. "‍තෝ එන්න එපා ලංකාවට. %$# #$%7%"
    30/10/2011 : "අපේ බුන්ටා වැඩ කාරයා" නම් බ්ලොග් ලිපිය පලවේ.
    31/10/2011: ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ලැබෙන තවත් නිර්නාමික තර්ජනාත්මක දුරකථන ඇමතුමකි. "‍%$# #$%7% වරෙංකො බලන්න තොට කරන දේ. තොගෙ &^5$%%$$%%"
    10/04/2012: Qantas ගුවන්යානාවකින් පැමිනෙන බ්ලොග් රචකයකු ශ්‍රි ලංකාවට සැපත් වේ
    11/04/2010: ඕස්ට්‍රේලියාවේ සිට පැමිනි බ්ලොගර් කෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
    12/04/2010: අතුරු දහන් වූ බ්ලොගර් අමාරුවෙන් කොරගසමින් පාලු මාවතක ඇවිදිමින් සිටියදී පොලෝසියට හමුවෙයි. ප්‍රශ්න කිරීමේදී ඔහුව පැහැරගෙන ගිය පිරිසා ඔහුව කැරකෙන පු‍ටුවක බැඳදමා පුස් කෑ කලු දොදොල් හා බිත්තර නොමැති පුඩිමක් බලහත් කාරයෙන් කවා ඇති බව හෙලිවේ.
    13/04/2012: අතුරුදහන් වූ බ්ලොගර්ට ලිංගික අතවරයක් වීදැයි සැකයක් ඇතිවී ඇති බැවින් ඔහු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

    ReplyDelete
  54. ඔබාට හෙන කතා ගොඩක් නේ තියෙන්නේ. මොනව වුනත් අර අහින්සක බවුවාට අපහාස කරපු එකට නම් සපුරා විරුද්ධයි.

    ReplyDelete
  55. අනේ මන්දා හිනාව තවම නවත්ත ගන්න බැරිව ඉන්නේ. මටත් ඔහොම සිද්දියක් මතක් වුනා.
    මැණික්

    ReplyDelete
  56. හෙහ් හෙහ් බල්ලොත් එක්ක පැටලිච්ච කතානම් අපේ පැත්තෙත් ඕන තරම් .

    අපේ ඔෆිස් එකේ ඉවත දාන දේ කමින් හිටියා බල්ලෙක් උගේ නම "බින්දු" . අපි පස්සේ ආදරේට අපි ඌට "බන්දු" කියලා කිවුවා .. තව ටිකක් ආදරේ වැඩි වෙච්ච අවස්ථාවක අපි ඌට "බන්දු ළමයෝ" කියලත් කිවුවා . පස්සේ ලේසිවට "බින්දුල" කීවා ..

    අන්තිමට අපිටත් හොරෙන්ම ඌ "බන්දුල" වෙලා !!

    ඉස්කෝලේ යන කොල්ලෝ වගේ තමයි මේ ලොකු අයියලත් .යකෝ මම හිතුවේ ඔය ලොකු ඔෆිස් වල කට්ටිය සෝක් එකට ඉන්නවා ඇති කියලා බලා පල්ලකෝ මුං ඉන්න හැටි

    ReplyDelete
  57. @ කැන්ඩියන්,
    ෂ්...ෂ්...කට...කට...ඕව ඇහුනොත් පබ්ලිෂ් කොරන්න ඉස්සෙල්ල පෙන්නන්න කියය් හැම පෝස්ට් එකම. එතකොට අර පුඩින් රෙසිපි කතා වගේ එව්ව ආත්මෙට දාන්න ලබෙය්ද ?

    @ රොබින්,
    "ඔබාගේ මුනුපුරෙක්ද මන්දා රුහුණේ ඉන්නේ ?"
    ඒ කතාව මට ටියුබ් ලයිට් රොබින්.

    @ හෙන්රි,
    "13/04/2012: අතුරුදහන් වූ බ්ලොගර්ට ලිංගික අතවරයක් වීදැයි සැකයක් ඇතිවී ඇති බැවින් ඔහු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග පවසයි."

    මළ කෙලියය්, ජය්ය ලංකාවට ඇවිත්ද?

    @ Il mondo di una povera pazza,
    බුන්ට ගැන විතරක් බ්ලොග් එකක් ලියන්න පුළුවන්, ඌට ඒ තරං දේවල් වෙලා තියෙනව. ළඟ ලඟම දෙකක් දැම්ම හිංද වෙන ඒව ටිකක් ලියල, පස්සෙ ආයේ බුන්ටව සීන් එකට ගේන්නං.

    මං ඒත් හොඳට බැලුව බුන්ට ගැනද, බව්ව ගැනද කියන්නෙ කියල. බව්ව ගැන හිංද සම්පුර්ණයෙන්ම එකඟ වෙනව.

    @ මැණික්,
    හෙහ්...හෙහ්...ඇය් ඔයාගෙ ඇඟේ කව්රුවත් ස්ටෙන්සිල් එකකින් 'මැණික්' කියල ගැහුවද?
    (තව පාරක් කොමෙන්ට් එක කියෙව්වම හිතුන වෙන කාට හරි වෙච්ච සිද්ධියක් වෙන්නැති කියල).

    @ සඳරු,
    අපි හිටියේ ඔෆිස් එකක නෙමේ බොලේ, ලංගම වැඩ පොලක.
    සඳරු ටිකක්, ටිකක්, හරි දන්නවනෙ ලංගම කෂ්ටිය ගැන.
    මට හිතුන විධියට සඳරුගෙ ඥාතීන් නං වැඩ කරන්න ඇත්තෙ ධාවන අංශෙ.

    ඔය කියන කාලෙ අපේ සෙට් එකම වයස 22 -27 අතරෙ කට්ටිය.

    ReplyDelete
  58. ලගදි රුහුණ කැම්පස් එකට ආපු SB ලොක්කව පිලි අරගෙන තිබුනෙත් ඔය විදියටම තමා ,
    එකයි මම එහෙම කිඋවේ

    ReplyDelete
  59. ඔන්න බලාපල්ලා ඒකෙත් හැටි, ගිම්හානි, නිසූපා දෙන්නම කියන්නේ කතා ටික කියලා ඉවර වෙලා කප් එක ගැහුවට කමක් නෑ කියලා, ඕන් බලන්ටකෝ ඉතින් මිනිස්සුන්ගේ හැටි , ඈ!
    ඔබා මාමා සැලෙන්න එපා ඕවට, මගෙනුත් ගනිං කෝ 10ක් විතර..

    ReplyDelete
  60. @ රොබින්,
    ආ..ඒක තමා, මං ඒක පාරටම ටියුබ් ලයිට් වුනා... ෂුවර් එකටම කැම්පස් බල්ලන්ට SB නම වැටෙන්න ඇති... පව් අප්පා අසරණ බල්ලො.

    ReplyDelete
  61. @ අන්තිම ඇනෝ,
    මට හිතෙන්නෙම උඹ නං පුතෝ 'අන්තිම පේලියෙ' එකෙක් කියලමය් (වෙන කොහෙවත් ඒ තරං කපටි යක්කු මං දැකල නැහැ).

    බොට උත්තරයක් ලිව්ව, ඒක බලන්නම ඕනෙ නං වම් පැත්තෙ උඩ හරියෙ මගේ ප්‍රොෆයිල් එකේ තියෙන ඊමේල් ලිපිනයට ඊයක් එවහන්

    ReplyDelete
  62. @ Dude
    පොඩි අවුලක් තියනවනේ??
    //10/04/2012: Qantas ගුවන්යානාවකින් පැමිනෙන බ්ලොග් රචකයකු ශ්‍රි ලංකාවට සැපත් වේ
    11/04/2010: ඕස්ට්‍රේලියාවේ සිට පැමිනි බ්ලොගර් කෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
    12/04/2010: අතුරු දහන් වූ බ්ලොගර් අමාරුවෙන් කොරගසමින් පාලු මාවතක ඇවිදිමින් සිටියදී පොලෝසියට හමුවෙයි. ප්‍රශ්න කිරීමේදී ඔහුව පැහැරගෙන ගිය පිරිසා ඔහුව කැරකෙන පු‍ටුවක බැඳදමා පුස් කෑ කලු දොදොල් හා බිත්තර නොමැති පුඩිමක් බලහත් කාරයෙන් කවා ඇති බව හෙලිවේ.//
    මේකේ දින එකපාර කොහොමද අවුරුදු 2ක් පස්සට ගියේ? ක්වන්ටස් එක බෑවම ඔබා ටයිම් ට්‍රැවල් කරලද?

    ReplyDelete
  63. @ ක්සැන්ඩර්,
    හෙන්රිට පයිංඩයක් යැව්ව, බලමු පොර මොකද කියන්නෙ කියල?

    ReplyDelete
  64. @ Xander
    දෙයියනේ කියලා මඩ හරියට වදිනවද කියලා හොයලා බලනක්සැන්ඩර් වගේ යාලුවො ඉන්නකල් ඔබාට වරදීන්නෙ නෑ. Thanks Xander.

    අම්මප ඇත්ත නේන්නම්. පොඩි අවුලක් නෙවෙයි. ලොකු අවුලක්.
    මෙන්න හැදුවා. අලුත්ම අප්ඩේට් එකත් එක්ක.
    23/10/2011: "උයාසේන බුන්ටා" නම් බ්ලොග් ලිපිය පළවේ
    27/10/2011: ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ලැබෙන නිර්නාමික දුරකථන ඇමතුමකි. "‍තෝ එන්න එපා ලංකාවට. %$# #$%7%"
    30/10/2011 : "අපේ බුන්ටා වැඩ කාරයා" නම් බ්ලොග් ලිපිය පලවේ.
    31/10/2011: ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ලැබෙන තවත් නිර්නාමික තර්ජනාත්මක දුරකථන ඇමතුමකි. "‍%$# #$%7% වරෙංකො බලන්න තොට කරන දේ. තොගෙ &^5$%%$$%%"
    10/04/2012: Qඅන්ටස් ගුවන්යානාවකින් පැමිනෙන බ්ලොග් රචකයකු ශ්‍රි ලංකාවට සැපත් වේ
    11/04/2012: ඕස්ට්‍රේලියාවේ සිට පැමිනි බ්ලොගර් කෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
    12/04/2012: අතුරු දහන් වූ බ්ලොගර් අමාරුවෙන් කොරගසමින් පාලු මාවතක ඇවිදිමින් සිටියදී පොලෝසියට හමුවෙයි. ප්‍රශ්න කිරීමේදී ඔහුව පැහැරගෙන ගිය පිරිසා ඔහුව කැරකෙන පු‍ටුවක බැඳදමා පුස් කෑ කලු දොදොල් හා බිත්තර නොමැති පුඩිමක් බලහත් කාරයෙන් කවා ඇති බව හෙලිවේ.
    13/04/2012: අතුරුදහන් වූ බ්ලොගර්ට ලිංගික අතවරයක් වීදැයි සැකයක් ඇතිවී ඇති බැවින් ඔහු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
    15/04/2012: පුවත්පතේ ශීර්ෂ පාඨයෙන්. " පුස් කෑ දොදොල් කවා ඇත්තේ පරීක්ෂන නොමග යවන අදහසින්"
    "පැහැරගෙන යාමට බිරියගේ සම්බන්දයක් නෑ"
    16/04/2012: DNA පරීක්ෂන්න ඇන හිටී. උයාසේන බුන්ටා අතුරුදහන්.
    BLOGWALKER INVESTIGATIONS:
    henryblogwalker the Dude.

    ReplyDelete
  65. අර ඇනෝගෙ ඇක්සෙන්ට් එක අවංක පැට්ටගෙ වගේ කියලා ඔබාට හිතෙන්නෙ නැත්ද?
    "ඔන්න බලාපල්ලා ඒකෙත් හැටි, ගිම්හානි, නිසූපා දෙන්නම කියන්නේ කතා ටික කියලා ඉවර වෙලා කප් එක ගැහුවට කමක් නෑ කියලා, ඕන් බලන්ටකෝ ඉතින් මිනිස්සුන්ගේ හැටි , ඈ!
    ඔබා මාමා සැලෙන්න එපා ඕවට, මගෙනුත් ගනිං කෝ 10ක් විතර.. "

    හොඳට බලන්න.
    BLOGWALKER INVESTIGATIONS

    ReplyDelete
  66. ඩූඩ් //අමාරුවෙන් කොර ගසමින් පාලු මාවතක ඇවිදිමින් // ඩීඑන් ඒ පරීක්ශනය ඇණහිටල නම් කොහොමද කොර ගහ ගහ එන්න තරම් දරුණුවට කරපු දේට වගකිවයුත්තා හොයා ගන්නෙ ? පොලිස් කට උත්තරේදි ඔබා අයියා කියලද ? "පැහැර ගෙන ගිය අය ශෝයි.. ආයි පැහැර ගෙන යයිද දන්නෙ නෑ? යන්න ඉස්සෙල්ල ?" කියල ?

    ReplyDelete
  67. @ Dude,
    පැට්ට කිව්වා නං මෙහෙමනේ කියන්නෙ.
    "යේක බලපල්ලා යේකෙත් හෙටි, යිම්හානි, නිෂූපා දෙන්නම තමා කීනවා යේක කතා ටික කීල යිවර වෙලා යේක කප් යේක ගැහුවට තමා කම නේ තමා කීල, යේක බලන්ට යප්පා යිතින් යේක ගානුලාගේ හෙටි තමා, ඈ!

    ReplyDelete
  68. වැරදියිනෙ ඔබා අයියා. බලන්ට මේ උදාහරණය.

    අවංක පැට්ටා

    21/10/2011 at ප.ව. 2:14 මට හිතෙන හැටි ප්‍රතිචාරය

    අනේ ඉතින් එහෙම කියන්ටෙපා මේ අහින්සකයට… ;)
    ජයියා අයියට දෙන්නෙ නෑ කියල පොරොන්දු වෙනව නම් විතරක් පොටෝ කෑල්ලක් දෙන්නම්.. ඒක ඉටිකිරිස් වගේ ගෑල්ලමයින්ට පෙන්නුවට නම් කමක් නැහැ හොඳේ… :P

    මේකටත් DNA පරීක්ෂණයක් තියන්න වෙයිද දන්නෙ නෑ.

    henryblogwalker the Dude

    HENRYBLOGWALKER INVESTIGATES

    ReplyDelete
  69. "සිල්වගෙ ඇඟ දෙපැත්තෙම, DAYA කියල ගහල" ???????????

    ReplyDelete
  70. @ Weni,
    මං ටියුබ් ලයිට් පැට්ටේරියක් වෙලාද මන්ද? වෙනිය කීව දේත් තේරුං නැහැ නොවෑ

    @ Dude,
    අල්ලාහ්...දාන්ඩ හෙන්රි, හෙට උදේට අලුත් පෝස්ට් එකක් දානවා, බලමු එකටත් පැට්ට කොමෙන්ට් කෑල්ලක් නියම සිංහලෙන්, උගේ නමින් දාවිද කියල, ඇනෝ එන්නෙ නැතුව.

    ReplyDelete
  71. @ ඉන්දික උපශාන්ත
    ඇත්තටම බල්ලගෙ නම සිල්වා. පෝස්ට් එක ලියනකොට ඇත්ත නම ලිව්වට, කාටවත් හිත රිදීමක් ඇති වෙය්ද කියල උගෙ නම වෙනස් කලා. එක තැනක වෙනස් කරන්න අමතක වෙලා, එතකොටත් දෙන්නෙක් එක ගැනත් කොමෙන්ට් කරලා තිබ්බ නිසා, එතන වෙනස් කරන්න ගියේ නැහැ ආයෙමත්.

    ReplyDelete
  72. ඕක ගැන පැහැදිලි කරලා මන් ඊ මේල් එකක් දමන්නම් අයියට...

    ReplyDelete
  73. @ Weni,
    O.K. Thanx.
    Expect a new post tomorrow, around 0630 Hrs.

    ReplyDelete