My followers

Thursday 27 October 2011

" තෝ හින්ද මං "


දැන්නම් කොහොමද දන්නෙ නැහැ, ඉස්සර කොය් තරං පළපුරුදු රියදුරෙක් වුනත්, ලංගම සේවයට බැඳෙනවා නං අනිවා, ඩෙෆා, ලංගම රියදුරු පුහුණුවට ගිහින් පාඨමාලාව අවසානෙ පවත්වන ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ වලින් සමත් වෙන්නම ඕනෙ. ඒ කාලේ බස් එකේ කොය් තරං ලයිට් සිග්නල් තිබුනත්, හරවනකොට, වේගය අඩු කරන කොට එහෙම, "හෑන්ඩ් සිග්නල් " භාවිතා කරන එකත් අනිවාර්යය්. ඒ කාලෙ ඔය පුහුණුවට මට මතක විදියට මාස තුනක විතර කාලයක් ගන්නව. හැබය් පුහුණුවෙන් පස්සෙ පිට වෙන්නෙ සුපිරි රියදුරු මහත්තුරු. "දෝවේ අනතුර" වගේ දෙක තුනක් ඇරුනම, ලංගම බස්රථ, ඒ කාලෙ හරිම අඩුවෙන් අනතුරකට භාජනය වුනේ. ඒකට හේතුව අර සුපිරි පුහුණුව වෙන්න ඕනෙ.

පසු කාලෙක Hazard Signal ආදී නවතම සිග්නල් එහෙම තියෙන බස්රථ ලංගමට එන්න පටන් ගත්තම, ලංගම ව්‍යවස්ථා වල අකුරටම කියල තිබුනත්, රියදුරු මහත්තුරු ඔය හෑන්ඩ් සිග්නල් භාවිතාව එහෙම ටිකෙන් ටික අත හැරල ලයිට් සිග්නල් විතරක් පාවිච්චි කරන්න ගත්ත. හැබය්, කව්රු හරි ලංගම ඉහල නිලධාරියෙක් එහෙම බස් එකට ගොඩ වුනොත් යස අගේට උගන්නල තියෙන විදියට, ලෙසටම සිග්නල් දානව විතරක් නෙමේ, හරිම විනීත රියදුරන් බවට පත් වෙනව, අඩු ගානේ අර මනුස්සය බැහැල යනකම් වත්.

ඔය කියන කාලෙ එක්තරා ශ්‍රේනියකින් ඉහල නිලධාරීන්ට, ලංගමෙන් අවරුද්දකට සැරයක් නිකුත් කරනවා, සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලෙන් නිෂ්පානය කල, විධායක ශ්‍රේණියේ හොඳ හම් බෑග් එකක්.  ඒක දෙන්නෙ, ලියකියවිලි අඩංගු ෆයිල් එහෙම දාගෙන යන්න. බත් මුලත් යන්නෙ ඔය බෑග් එකේම තමා හැබැය්.  දැන් බෑග් වල වගේ zip එකක් නෙමේ ඒ බෑග් වල තිබුනෙ, බකල් එක්ක පටි දෙකක්.  ඉහලම ශ්‍රේණි වල අයට  ලැබුනෙ සාක්කු පහේ ඒව, යන්තන් විධායක කට්ටියට, සාක්කු තුනේ ඒව. ඔය ජාතියෙ බෑග් එකක් අරගෙන බස් එකට නැගල, "පාස් එකක්" කිව්වම සාමන්යෙන් කොන්දොස්තර මහත්තුරු, "පාස් එක" කියල ලංගම කට්ටිය හඳුන්වන, "නිදහස් ගමන් බලපත්‍රය" බලන්න ඉල්ලන්නෙත් නැහැ. බොරු නං මාරයගෙන් අහල බලන්න.

මං විස්තර කරපු ඒ බෑග් එකක්, ඒ කාලෙ සෑහෙන්න ගණන්. සාමාන්‍ය  ලංගම සේවකයෙක්ගෙ මාසෙ පඩිය විතර ඕනෙ, එයින් එකක් ගන්න. අනික හැම තැනම ගන්නත් නැහැ, සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලේ ප්‍රදර්ශනාගාරෙ වගේ තැන්වල විතරය් ඒව විකුණන්න තිබ්බෙ. අව්රුද්දකට සැරයක් වගේ අලුතෙන් එකක් ලැබුන හින්ද, සමහර නිලධාරි මහත්තුරු, පරණ බෑග් එක හිතවත් ක්ලාක් මහත්තුරුන්ට එහෙම දීල දානව. සමහරු පරණ එකම තියාගෙන අලුත් එක විකුණල දානව කියලත් අහල තියෙනව.

විධායක ශ්‍රේණි වල නොවුන සමහරුත්, කොහොම හරි හොයාගෙන ඔය ජාතියෙ බෑග් එකක් එකක් එල්ලගෙන වැඩට යනව, එනව, මං ලංගම සේවය කරන කාලෙ, අනන්ත දැකල තියෙනව. සමහර තරුණ වයසෙ කට්ටිය, ඇතුලෙ කරන්නෙ මොන වගේ රස්සාවක් වුනත්, ෆුල් කිට ගහල, executive බෑග් එකක් අරගෙන, පුතය වගේ, වැඩට එන්නෙ.

ලංගම සේවකයන්ගෙ තිබුන, අඳුනන්නෙ නැති රියදුරු මහත්තයෙකුට වුනත්, තමං ලංගම සේවකයෙක් කියල දන්වන සිග්නල් එකක්. ඒක හරිම ප්‍රයෝජනවත්, කට කැපෙන්න ලෝඩ් වෙලා, බෙල් තුන ගහල, ඇඟිල්ලක් ගහන්න ඉඩ නැතුව, එන බස් එකක් නවත්ත ගන්න. ඔය සිග්නල් එක දාන්නෙ, සෙනග පිරිල ඉන්න බස් හෝල්ට් එකේ ඉඳල හෙම නෙමේ. හෝල්ට් එකට මීටර් විස්සක් තිහක් ඉස්සෙල්ල හරි, ඒ වගේ දුරකින් හෝල්ට් ඒක පහු කරල ඉඳල. සිග්නල් එක දැක්කම ඩ්‍රයිවර් උන්නැහෙ, කෙනෙකුට බස් එකට නගින්න බැරි පුළුවන් ගානට බස් එක ස්ලෝ කරනව. එතකොට සුටුස් ගාල එල්ලෙන්න ඕනෙ, හුඟක් වෙලාවට ඉස්සරහ දොරෙන්. හෝල්ට් එකේ කට්ටිය දුවගෙන එනකොට, බස් එකේ දුම් පාරවත් ඒ හරියෙ නැහැ. ඔය වැඩේට හෝල්ට් එකක් අත්‍යාවශ්‍යම නැහැ, සමහරු තමංගෙම ගේ ගාවින් බස් එකට නගින්නෙ.

මේ කියන සිද්ධිය වුන කාලෙ වෙනකොට දේශපාලන උසස් වීම්, ස්ථාන මාරු, නව පත්වීම්, එහෙම ලංගමේට ටික ටික බෝවෙන්න පටං අරං.  අලව්ව ඩිපෝවෙන්, කොළඹ - කුරුණෑගල, දුවපු බස් කීපෙන් එකක් එලෙව්වෙ, දැන් මට නම මතක නැති, ටිකක් වයසක, පළපුරුදු ඩ්‍රයිවර් උන්නැහෙ කෙනෙක්. කොළඹ ඉදල දවල් මධ්‍යාන කාලෙ කුරුණෑගල එන ට්‍රිප් එකේදි, නිට්ටඹුව බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එක හොඳටම පිරිල තියෙනව. ස්ටෑන්ඩ් එකෙන් බස් එක එලියට දානකොට, හොඳට ඇඳ පැළඳ ගත්ත මහත්තයෙක්, අර මං කලින් කිව්ව ලංගම සිග්නල් එක දාල. පොරගෙ අතේ executive බෑග් එකකුත් තිබිල තියෙනව. අපේ ඩ්‍රයිවර් උන්නැහෙත් බ්රේක් පාරක් ගහල, මහත්තයව ඉස්සර ෆුට් බෝඩ් එකෙන් බස් එකට නග්ග ගෙන.

අපේ ඩ්‍රයිවර් උන්නැහෙ කෝකටත් හරියටම මාර්ග නීති වලට එහෙම එකඟව, සිග්නල් ඔක්කොම දාල කරල, ඉතාම විනීත විදියට බස් එක එලෝගෙන ගිහින් තියෙනව. අර මහත්තය බොහොම විනීත හිනාවකුත් දාල, අලව්වෙන් බැහැල ගියාලු. ඩ්‍රයිවර් උන්නැහෙ ඊට පස්සෙ පුරුදු විදියට, පාරෙ යන ඔක්කොම වාහන ඉස්සර කරගෙන, වංගු එහෙම කන බිම ගෑවෙන සයිස් එකෙන් අරගෙන, කුරුණෑගල ගිහින්, ආපහු අලව්ව ලෝඩ් එකක් ගහන් ආවලු.

බස් එක ඩිපෝ ආවම හැමදාම කරන විදියටම, ඉන්ධන පුරවන තැනට අරං ගිහින් තියෙනව අපේ ඩ්‍රයිවර් උන්නැහෙ. මොකද කොන්දොස්තර මහත්තය ඩිපෝවට සල්ලි බැඳල, ලියකියවිලි රාජකාරි ඉෂ්ට කරන කම් රියදුරුගෙ රාජකාරිය තමා, බස් එකට ඩීසල් ගහල, තෙල් වතුර චෙක් කරල, හවස මුරය ධාවනය කරන ඩ්‍රයිවර් උන්නැහෙට භාර දෙන එක. ඩීසල් පුරවල, එන්ජින් ඔයිල් එහෙම චෙක් කරන්න ඉන්නව, "ඉන්ධන පිරවුම් කරු" කියල රාජකාරියක් කරන කට්ටිය හැම ඩිපෝවෙම.

අපේ කොළඹ - කුරුණෑගල ධාවනය ඉවර කරපු රියදුරු මහත්තයා, ඉස්සරහ බස් එකට ඩීසල් ගහන පුද්ගලයාව දැක්කම මතක් වුනා, මෑන්ස් ව කොහේදි හරි දැකල පුරුදු බව. මජං තැවරුණු කාකි කොට කලිසමක් ගහගෙන, ඉරුන කමිසයක් ඇඳගෙන, ඩීසල් ගහන්නෙ, නිට්ටඹුවෙ ඉඳල ආපු මහත්තය කියල මීටර් වුනේ තත්පර ගානක් ගියාට පස්සෙ.

ඩ්‍රයිවර් උන්නැහෙ හිතල නෙමේ, පොරට නිකම්ම කියවුනාලු හෙන සද්දෙන් "ඈ...බොල ### පුතෝ, තෝ හින්ද මං දාපු සිග්නල් කැටියක්" කියල.
http://observer-nireekshaka-observer.blogspot.com/2011/10/blog-post_11.html

79 comments:

  1. ඩ්‍රයිවර මහත්තයා ඊට පස්සේ ඇර පොරට තෙල් ගැහැව්වලු......

    ReplyDelete
  2. ඔය කොරලා තියෙන්නේ ලෙසටම..... :D

    ReplyDelete
  3. පින්තූරයේ තියන විදිහටද අර "හෑන්ඩ් සිග්නල්" එක දාන්නේ?

    ReplyDelete
  4. ඇත්තටම මටත් ආවා ප්‍රශ්නෙ කොහොමද ඕක දමන්නෙ කියලා.. දැන් ඉන්න කොන්දලයි ඩ්‍රයිවරලයි නම් දමන්නෙ අර සෙනඟ වැඩී කියන සිග්නල් එකනෙ !

    ReplyDelete
  5. @ඉඳුනිල්,
    ස්තුතිය් පාන්දරින්ම කොමෙන්ට් එකක් දැම්මට.
    ඔයාගේ බ්ලොග් ඔයාගේ බ්ලොග් එක පැත්තෙත් ගිහින් බැලුව.

    @ First Ano,
    Thank You

    @ ගොඩයා,
    මොනවද බං ලෙසටම කොරල තියෙන්නෙ?

    @ Second Ano,
    හරියට හරි. දැන් වැඩිය ලංගම බස් නැති හින්දත්, ලංගමේ පරණ උදවිය නැති හින්දත්, තාම ඕක වැඩ කරනවද කියල නං ෂුවර් නැහැ.

    ReplyDelete
  6. පට්ට සීන් එක..කමක් නැ ඒ කොලුවට පින්සිද්ද වෙන්ට...ගමන්ගත් මගියො ටික, පොර බහින කං වත් සලාද නොවි එන්ට ඇති නේව...
    හැබැ මොනා උනත් අර ප්‍රයිවෙට් උන්නැහැලට වැඩිය ලංගමේ තවම හොඳා....

    ReplyDelete
  7. ඔය මල්ල අරන් ගියාම එක කෙල්ලෙක්වත් බලන්නේ නැහැ.. ඒ මොකද උන් දැනගන්නවා මු ආණ්ඩුවේ කුක්කෙක් කියල.. අපි ඕකට කිවුවේ හචා බැග් එක කියලයි.. ඔය ලොකු පිස්සුව තිබ්බ එකෙක් හිටිය අපේ මිත්රයෙක්. ඊ කාලේ අපි අබ්යාසලාබීන්. ඌ ඔය හචා බැග් එකක් සල්ලි දීල අරන් ගෙදරින් පිට වෙන්නේ ටයි පටියක් දාගෙන මිනිස්සුන්ට පේන්න. බස් එකෙන් බහිනකොට ඕක ගලවලා ඔබාගන්නවා මල්ලේ. ආයිත් ගෙදර යනකොට ඕක මගදී දාගන්නවා. ඌට කිවුවේ ටයි පොල්ලා කියල..

    ReplyDelete
  8. ඕට්ටේලියාවට එනකොටත් ඔබා මාමා අර කිව්ව ජාතියෙ executive බෑග් එකක් අරන් ඇවිල්ල වගේ.... ඒක වෙන්නැති ඔය පින්තූරෙ තියෙන්නෙ...

    ReplyDelete
  9. 'බස් රස බස්' කියලා පොතක් කලොත් මොකද? ඉන්නේ ලංකාවේ නෙමේනේ.....:D:D:D

    ReplyDelete
  10. ඔහොම සිග්නල් එකක් මටත් මතකයි. තව එකක්, ඔය ජාතියෙ බෑග් අපේ තාත්තාත් පාවිච්චි කලා. මම හිතුවෙ පඩි පෙලේ ඉහලට යන්න යන්න බෑග් එක පුංචි වෙනවා, හීනි වෙනවා කියලා.
    henryblogwalker the Dude

    ReplyDelete
  11. ඇත්තටම මොකක්ද ඒ ලංගම සිග්නල් එක?? :)

    මම බස් වල ටියුෂන් ගියපු කාලේ පුළුවන් තරම් ගියේ ලංගම බස් වල. මොකද අනිත් අය ඒවායේ යන්නේ වෙන බස් එකක් නැතිම උනොත් නිසා ටිකක් ඉඩ කඩ තියනවා. අනිත් එක සල්ලිත් රජයට නේ...

    ReplyDelete
  12. ඉස්සර ඔය බෑග් එක වගේ දැන් කාලේ ලැපා නේද ? අපේ කාර්යාලෙ ඉන්න දෙන්නෙක් ඉන්නව එකම බෝඩිමේ . එක්කෙනෙක්ට ලැප් ටොප් එකක් තියනවා . ඒත් එක ගෙනියන්නෙ අනිත් එක්කෙනා අයිති කාරයා නෙමෙ . මොනව හරි අතුරු වාසි ඇති . කව්ද දන්නෙ ඕවා නේද ?

    ReplyDelete
  13. "දෝවේ අනතුර"
    මේක ලංකාවෙ වෙච්ච ඇත්තම අනතුරක්ද .......

    “සිග්නල් කැටියක්" කියන්නෙ මොකක්ද .......

    මේ ඔය හෑන්ඩ් සිග්නල් එක දාන්නෙ කොහොමද ....

    ReplyDelete
  14. ඔය ලියල තියෙන්නෙ නියමෙට.බෑග්එක ගැන තව එකක් කියන්නද? ඕකෙ ඝණකම හරියට ගල් බෝතලේ ඝනකම...හික්.

    ReplyDelete
  15. හප්පා ඔයවගේ ඩයල් නම් ඕනතරම් දෑනුත් ඉන්නවා.හොදට ඇදලා පෑලදලා යන ඒකේ වෑරෑද්දක් කියන්වා නම් නෙමෙයි,නමුත් ලංකාවේ මිනිස්සුන්ගේ දුපත් මානසිකත්වය කියලා තමයි මට නම් හිතෙන්නේ,රක්සාව කුමක් වුවත් සමාජයට පලදායි මිනිහෙක් ලෙස ජීවත් වෙනවානම් එච්චරයි,අනික තමන්ට නෑති පෞර්ශත්වයක් ඇදුමෙන් ගන්න උත්සහ කරන අයත් ඉන්නවා,මොන්වා කරන්නද ඒ ඉතින් එ අයගේ මානසිකත්වයනේ...

    ReplyDelete
  16. අපි පාසැල් කාලයේ අපේ පාරෙ යන ලංගම බස් අපිට නවත්තන්නේ නැහැ. දව්සක් අපි කොහොම හරි බස් එකක් නවත්ත ගත්ත. දැන හොදටම සෙනග ඉන්න තැනකදි කොන්දොස්තර මහත්මයා බස් එකෙන් බැස්සම අපි දුන්නා ලෙසටම බෙල් තුන මේ යන්නේ බස් එක හැටට. දැන් එන එන හෝල්ට් එකෙදි අපි ගහනවා බෙල් තුන වැඩි සද්දයක් නැතුව. ඔන්න එක පාරටම මොටෝ සයිකලයක් උඩින් ඇවිත් නැවැත්තුවා බස් එක හරස් කරලා. බැලින්නම් කොන්දොස්තර මහත්තයා. බයිසිකල් කාරයෙක්ට කියලා ගෙනත් දම්මවාගෙන. මුන් දෙන්නා අපිව අපේ විදුහල්පති සහෝදර තුමාට අල්ලලා දීල තමයි ආපහු ගියේ. දවසක් විතර කට්ටිය දණ ගහන් හිටියා. හැබැයි මම ඕකට නැහැ. මම හොද ලමේක්නෙ. ඕක කරපු එකා අද අප අතර නැහැ. පලවෙනි පාර අලිමංකඩ සටනෙදි වෙඩි වැදලා මැරුණා.

    ReplyDelete
  17. හික් හික් නියම කතාව.උදේ පාන්දරම බැලුව පළවෙනි පෝස්ට් එක. දිගටම ලියන්න

    ReplyDelete
  18. observer ayya...can't read your blog from the office PC..why don't you add sinhala converter , which was developed by Dhanika, to this blog..it will really helpful to those guys like me who not have sinhala fonts in office computers...cheers!!!

    ReplyDelete
  19. හැක් හැක් හැක් ... අර ඩීසල් ගහන පොරව දකිද්දි පට්ට මලක් ඇවිල්ල ඇති ඩ්‍රයිවරයට... ලොල්

    ReplyDelete
  20. දැන්නම් පාරේ කොච්චර හිටගෙන උන්නත් ලංගම බස් එකක් දකින්නෙ හාව හඳ දකිනවා වගේනෙ.... ඔය වගේ බෑග් දැක්ක ගමන් කියත් හැකි ආණ්ඩුවේ රාජකාරිය කියලා ... inland revenue වැඩ කරන අන්කල් ටයිප් අය ලඟ තාමත් ඔය බෑග් තියෙනවා

    ReplyDelete
  21. //හැබය් පුහුණුවෙන් පස්සෙ පිට වෙන්නෙ සුපිරි රියදුරු මහත්තුරු //

    ඔය කිව්වට මම නම් අහල තියෙන්නෙ ලංගම බස් වල මුල් කාලේ රතු පාට ගාලා තිබුනෙ ඒවායි වෙන අනතුරු වැඩි නිසා කියලයි.

    දැන් නම් ඔය සිග්නල් වැඩක් වෙන එකක් නැහැ ඔබා අයියෙ, දැන් ඉන්න එව්වො යන රේස් වල හැටියට අම්ම තාත්තා හිටියත් පේන්නෙ නැහැ..

    ReplyDelete
  22. අපේ අප්පච්චිත් ඔය වගේ හචා බෑග් එකක් අරන් වැඩට ගියේ. ඩීඅයි එකෙන් හදාපු මලු.. හැබැයි එක මාරම හයියයි.. හ්ම්ම්...

    ReplyDelete
  23. අර කවුද කිව්ව වගේ බස් රස බස් කියල පොතක් ගැහුවොත් මොකද? කතා බස් කියල වුනත් දැම්මෑකි.
    මම දන්න කොන්දොස්තර මහත්තෙක් හිටිය. මිනිහ රෑට හීනෙන් දවල් වෙන සීන් ඔක්කොම කියවනව. " තව ඉස්සරහට යන්න... ටිකට්.. ටිකට්..- ඒ වගේ ඒව.

    මේ ෆොන්ට් වල ප්‍රශ්නයක් තියෙනව වාගෙ. පොඩි කුමාරිහාමිට කියලදීලත් තාම බැහැනෙ හරියට හිනා මූන දාගන්න. නිකම් D D D ගහනව

    ReplyDelete
  24. දැන් ලංගම බස්වල හෑන්ඩ් සිග්නල් තියා ලයිට් සිග්නල් වත් නෑ. බස් කොම්පැනියෙන් හයිකරල එන සිග්නල් බල්බ් එක පිච්චුනාම ඒක එතනිංම ඉවරයි.

    ReplyDelete
  25. හරිම රසවත් කතාව

    ReplyDelete
  26. ඉස්කෝලෙ යන කාලෙ ලංගම බස් කියන්නෙ අපේ ජීවිතේ වගේ තමා. දැනුත් ලංගමක් දැක්කාම වෙන ඒවගෙ යන්න හිතෙන්නෙත් නැති තරම්...:))

    ReplyDelete
  27. එළමකිරි කතාව.ෂුවර් එකටම ඊලගට මෑන්ස් තෙල් ගහන්න ඇත්තේ ඩ‍්‍රයිවර් ලොක්කාට
    හී........හී..........

    කෝලන් ඩී (පැලෙන්න හින) සහ කෝලන් පී (දිව දොට්ට)

    ReplyDelete
  28. කේන්තිය සාධාරණයිනේ! ඇති ඔය "### පුතෝ" වචන ටිකෙන් බේරුණා.

    ඔය බෑග් එකක් මටත් හම්බ උනා බැංකු රස්සාවකට ගියාම. හැබැයි කවදාවත්ම පාවිච්චි කරේ නෑ. අපේ මහ ගෙදර තාම ඒක කිරි ටොයියා වගේ තියනවා. ඕකට කච්චේරි බෑග් කියලත් කිව්වා. ඔය බෑග් All Purpose!

    ReplyDelete
  29. ඔය හචා බෑග් එකට LV හරි TB වගේ අකුරු දෙකක් ගහල ගත්ත නං බලන්න තිබ්බ හචා වෙන තරම. :D :D

    ReplyDelete
  30. ඒකනෙ කියන්න ඇදුමින් මිනිස්සු මනින්න බෑ කියලා ... "මහත්තයා" ඊට පස්සෙ දිගටම එන්න ඇති මයෙ හිතෙ. මොකද දැන් යාලුවොනෙ. ..

    ReplyDelete
  31. @ වෙනි,
    උඩ පින්ථූරෙ තියෙන්නෙ ඒ සිග්නල් එක දාන හැටි.
    @ රාජ්,
    තාමත් පණ අදිමින් හරි ලංගම දුවනව කියල අහන්නත් ආසය්.
    @ සරත්,
    "ඔය මල්ල අරන් ගියාම එක කෙල්ලෙක්වත් බලන්නේ නැහැ"
    ඒ දැන්, ඉස්සර ආණ්ඩුවෙ හෝ සංස්ථාවක රැකියාවක් කරනව කියන්නෙ සෑහෙන පොරක්. විවුර්ත ආර්ථික ක්‍රම එහෙම ඇවිල්ල, ක්‍රමේ වෙනස් වෙන්න ඉස්සෙල්ල, මාසිකව ස්ථිරව පඩියක් ගන්න කෙනෙක් දිහාවේ කෙල්ලෝ විතරක් නෙමේ කෙල්ලන්ගේ දෙමව්පියොත් හොඳට බලනව.
    @ මියුරු,
    මේක වෙනස් බෑග් එකක්. මේ බෑග් එකට ඒ කාලෙ කිව්වෙ "ජේම්ස් බොන්ඩ්" බෑග් කියල. ජේම්ස් බොන්ඩ්, මිෂන් එකකට යනකොට "Q" හදල දෙනව මේ වගේ බෑග් එකක්, මිෂන් එකට අවශ්‍ය ගජමැටික්ස් දාල.
    @ පොඩි කුමාරිහාමි,
    දැනටත් බයේ ඉන්නෙ, මෙහෙ ඉන්නව සෑහෙන ලංගම කට්ටියක්. ලක් එකට පර්ත් වල හරි අඩුය්, ඒත් අර ඉන්දරේ එහෙම ඉන්නෙ මෙහෙ, මෑන් තාම දන්නෙ නැහැ මේ බ්ලොග් එක ගැන මගෙ හිතේ

    ReplyDelete
  32. ලංගමේ වැඩ කරන කොන්දොස්තර මහත්තයෙක් කසාද බැන්දලු . . . රෙජිස්ටාර් රාලහාමිගෙ පොතේ අස්සං කරන්න තියනවනෙ. . . මූ පෑන අතේ තියාගෙන ඇටි කෙහෙල් කාපු සනත් අයිය වගේ බලාගෙන ඉන්නවලු . . . කට්ටියටත් හෙනම චාටර්ලු වැඩේ . . . බැරිමතැන එතන හිටපු සීන් එක තේරුං ගත්ත ඩිපෝ එකේ සගයෙක් ඇවිල්ල මනමාල මහත්තය වාඩිවෙලා හිටපු පු‍ටුව හයියෙං හොලවන්න ගත්තලු .. . ඔය ගහන්නෙ මනමාල මහත්තය අස්සන යස අගේට. . . .

    ප.ලි.
    ඉස්සර අපේ ලොකු මාමත් (ඔව් ඔව් . . ලයනල් ගොයිය තමයි) ඔය බෑග් එක පාවිච්චි කලා නෙව . . . ඒකෙ තිබුනෙ වැඩි හරියක්ම "අරිං" පත්තර

    ReplyDelete
  33. @ ඩුඩ්,
    ඔය ඉන්නෙ ඒ සිග්නල්, බෑග්, එහෙම තාම මතක තියෙන කට්ටිය. ඩුඩ් මටත් වඩා නාකිද?
    @ සයුරි,
    ඒ සිග්නල් එක තමා, උඩ පින්තුරේ තියෙන්නෙ, බෑග් එක නං වෙනස්. සිග්නල් එකේ වෙනස තියෙන්නෙ බස් එකට අත අල්ලන්නෙ පොලව අතගාන තරමට නැමිල.
    @ ගිම්හානි, එක්කෙනෙක් ලැප් ටොප් එකය්, අනිත් එක්කෙනා ලැප් ටොප් බෑග් එකය් ගෙනිච්ච නං දෙන්නම ගොඩ.

    @ පන්සල් හන්දිය,
    "දෝවේ බස් අනතුර" කියන්නෙ කොළඹ ඉඳල බදුලු ගිය රෑ බස් එක, බණ්ඩාරවෙලට ටිකක් එහා දෝව කියන හරියෙ වංගුවකදී මීටර් 100 ක් විතර ප්‍රපාතෙකට පෙරලුනා. කොන්දොස්තරය්, තව කීප දෙනෙකුය් ඇරෙන්න, රියදුරුත් ඇතුළුව හුඟක් අය මැරුණ ඒ අනතුරින්. ලංගම ඒ කාලෙ දොඹකර රථ තිබුන ඒ බස් එකේ සැකිල්ල ආපහු පාරට ගන්න. ඔය අනතුර වුනේ 60 ගණන් වල අග හරියෙ. 70 ගණන් වල මුල හරියෙ මම වේරහැර ඇප්රෙන්ටිස්ෂිප් එකක් කරන කාලෙ මට මතකය්, ඒ බස් එක හදල නැවත ධාවනයට දැම්ම. අපිට ආරංචි වුනා සමහර රියදුරන් ඒ බස් එක එලවන්න අකමැති වුනා කියල.

    අනිත් ප්‍රසිද්ධ අනතුර තමා "මීරිගම" දුම්රිය අනතුර. මීරිගම දුම්රිය ස්ථානයට ලඟා වෙමින් තිබුන, තලේමන්නාරමේ ඉඳල එන රාත්‍රී දුම්රිය, විල්වත්ත රේල් ගේට්ටුව අසල තිබුන, සිග්නල් එක නොලැබුන හින්ද, ස්ලෝ කරනකොට නැවත සිග්නල් ලැබිල. ඒ වෙලාවේ වේගය වැඩි කරන කොට එන්ජිම මැදිරි වලින් ගැලවිලා ඉදිරියට ගිහින්. එහෙම වුනාම වැකියුම් බ්රේක් පද්ධතිය ක්‍රියාත්මක වෙලා, ඉස්සරහ බ්රේක් වෑන් එක, ඊට පස්සේ තිබුන බඩු මැදිරි වලට වඩා ඉක්මනට බ්රේක් වීම නිසා, බඩු ගැල් නැගල ඉස්සරහ බ්රේක් වෑන් එක උඩ. පිටිපස්සෙ ඈඳල තිබුන මගී මැදිරි ඉස්සරහ අනතුරු වෙච්ච මැදිරි වල හැපීමෙන් සිද්ද වුන අනතුරෙන් ඉදිරියෙම මැදිරියේ හිටිය උප නියාමකගෙ ජීවිතේ බේරුනත් කකුල් දෙකම කපන්න වුනා.මගීන් විශාල සංක්‍යාවක් මරුමුවට පත් වුනා. ප්‍රධාන නියාමක මානසික ආභාදෙකට ගොදුරු වුනා.
    මේ අනතුර සිද්ධ වුනේ, 60 ගණන් වල මුල හරියෙ. මේ අනතුර පිළිබඳව මීට වඩා ටෙක්නිකල් තොරතුරු දන්නව ඇති ගිහාන් චන්දික සහ එයාට බ්ලොග් එක සඳහා තොරතුරු සපයන මිතුරු කැල.

    ReplyDelete
  34. @ රාජ්,
    ඔය බෑග් එකේ, එක උඩ එක හරස් අතට බෝතල් තුනක් විතර පැක් කරන්න පුළුවන්, අතරට පත්තර කඩදාසි දාන්න ඕනෙ සද්ද වෙනවට.
    @ අසංක,
    අපි ජීවත් වෙන ලෝකෙ නා නා විදියෙ මනුස්සයො ඉන්නවනෙ
    @ . වෙද ගෙදර මහ වෙදනා,
    වෙද මහත්තයත් ඉස්කෝලේ යන කාලෙ සෙල්ලන් දාල තියෙනවා එහෙනං. කොමෙන්ට් එක කියෙව්වම ඉස්කෝලෙ ගැන නං චූටි හෝඩුවාවක් ආව. ශාන්ත කියල නම පටන් ගන්න ඉස්කෝලෙකට නේද ගියෙ?
    @ Kasun Nadeeshana ,
    තෑන්ක් යූ. කසුන් අප්‍රියෙල් මාසෙන් පස්සෙ මොනවත් ලියල නැහැ නේද?
    @ මය්යා,
    After reading your comment I added tha converter. (I had it before but removed 'cos it was producing squares in my posts)Pls let me know whether it is working properly.Thanks

    ReplyDelete
  35. ඊට පස්සේ ඩීසල් ගහන එකා අර කරත්ත කාරය විස්සක ගහන්න කිව්වම හරකට විස්සක ගැහුව වගේ ගැහුවලු ඩ්‍රයිවර්ට ඩීසල් . . හරි නේද?

    ReplyDelete
  36. @ අවංක පැට්ට,
    නැත්තන් බොලේ kunuharapa නිකංම කියවෙය්ද මෑන්ස්ට?
    @ දිල්,
    හැබැය් පසුගිය අප්‍රියෙල් මාසේ ලංකාවට ආවම නං ඊට ඉස්සෙල්ල අව්රුද්දට වඩා ලංගම බස් දැක්ක කියල හිතුන. ඕව ගේනකොටත් කොමිස් ලැබෙනවත් ඇති සමහර විට. කෝච්චියේ එනකොට ඔරුගොඩවත්ත පැත්තේ යාර්ඩ් එකක සුදු පාට බස් දෙසීයක් විතර නවත්තල තිබ්බ දැක්ක සෙකියුරිටි එහෙම දාල. මං හිතුවෙ සේල් යාර්ඩ් එකක් කියල. කෝච්චියේ හිටි කෙනෙක් කිව්ව ලංගමට ගෙන්නපු බස් කියල
    @ ලකී,
    මං කියන කාලෙ සාපේක්ෂව බැලුවම ලංගම හදිසි අනතුරු අඩුය්. මගෙ එක කාලෙක රාජකාරියේ කොටසක් වෙලා තිබුන ලංගම වාහන සම්භන්ද වුනු හදිසි අනතුරු පරීක්ෂා කරලා ඩෑමේජ් එස්ටිමේට් කරන්නය්, වාර්තාවක් හදන්නය්. ඒ කාලෙ මම දැක්ක දෙයක් තමා හුඟක් අනතුරු සිදු වෙලා තිබුනේ අනෙක් රියදුරන්ගේ වරදින්. සමහර මහේස්ත්රාත්වරු, පොලිසියෙන් දෙන වාර්තාවට වඩා පිළිගන්නව ලංගම ඉංජිනේරු අංශයෙන් දෙන හදිසි අනතුරු වාර්තාව.
    @ ක්සැන්ඩර්,
    1970 ගණන් වෙනකොට DI කොම්පැනිය ලංකා සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලේට පවරගෙන තිබුනෙ. ඒ බෑග් එකේ රත්රන් පාටින් ගහල තිබුන DI මාර්ක් එක කවදාවත් වෙනස් කලේ නැහැ.
    @ NihalW,
    පොඩි කුමාරිහාමි තමා බස් කතා ලියන්න කියල තිබ්බෙ. ෆොන්ට් වල ප්‍රශ්නයක්ද, පොඩි කුමාරිහාමිගෙ ප්‍රශ්නයක්ද?

    ReplyDelete
  37. ඔන්න වැඩේ. අද කාලෙත් ඔය වගේ කොල්ලො කොච්චර නම් ඉන්නවද. ඒකෙ ඇති වැරැද්ද්කුත් නෑ අර වගේ තව කෙනෙකුට කරදරයක් වෙන්නේ නැත්නම්... ඩ්‍රයිවර් මහත්තය අනිවා නුවර කෙනෙක් කියලා කියන්න පුළුවන්...

    ඒකනෙවේ මාමෙ අර සිග්නල් එක මොකක්ද හැබෑටම......

    ReplyDelete
  38. අපේ ගාල්ලෙ ගෙව ලඟ උන්න පොඩි පොඩි රස්සා කරන මනුස්සයෙකුත් අපේ තාත්තගෙ පාවිචිචි කරල අහක් කරපු බෑග් එකක් ඉල්ලගෙන ඒකෙ තමා ගමේ යනකොට ඇඳුං කැඩුං එහෙම දාගෙන ගියේ. හැබැයි බුවා නං ඇන්දෙ සරං.

    හැබෑට අර සිග්නල් එක මොකක්ද කිව්වෙ නෑ නොවැ

    ReplyDelete
  39. @ මයියා ( Mayya) - මේකත් පොඩ්ඩක් කියවන්නකො මල්ලි..
    observer ayya...can't read your blog from the office PC..why don't you add sinhala converter , which was developed by Dhanika, to this blog..it will BE really helpful to those guys like me who DO not have sinhala fonts in office computers...cheers!!!

    ReplyDelete
  40. හිංචි මල්ලිThursday 27 October 2011 at 20:39:00 GMT+5:30

    ඔක්කෝටම කලින් ඔබා මාමාගේ බ්ලෝග් එක දාගත්තා මගේ ගූගල් කියවනේට. නැත්තන් ඇඩ් එකක් දානකම් මගෑරෙනවා. මමත් ලංගමේක යන්න ආසයි ඒත් උතුරු ඩිපෝවේ එව්වා දැම්මම හෝදන එකක් නෑ. මේ කට්ටියට ඔය රෙදි හෝදන කුඩු කම්පැනි කාරයෝ පගාවක් වත් දෙනවද දන් නෑ බස් හෝදන් නැතිව ඉන්න. සුදු එකක් ඇදන් විනාඩි පහක් බස් එක ඇතුලේ හිටියෝත් ඒ ඇඳුම ගුරුම ගුරු පාටයි.

    ReplyDelete
  41. ලංගම ඉස්සර තමයි ජනතාවට ලං වෙලා හිටියේ දැන් ඉතින් පොඋද්ගලික සේවය වගේම තමා. හැබැයි තාමත් රාත්රී බස් සේවය වගේ හොඳ දේවල් වල නටබුන් ටිකක් තියනවා. මම නම් අවුරුදු 5 කින් විතර බස් එකකක ගියේ නැ වගේ තමා මතකය. ඒ හින්දා අලුත්ම තත්වය ගැන පැහැදිලි අදහසක් නෑ.

    ReplyDelete
  42. අපේ මාමටත් තිබ්බා ඔය වගේ හම් බෑග් එකක් ..ඒක ඇතුලේ කාමර 3 වගේ තිබ්බා මතක හැටියට..එකක මිනිහගේ ෆයිල්,එකක බත් එක..අනිකේ පොඩි කාලේ බෝතල් පොඩ්ඩක්....බත් කාලා බොන්නේ වතුර පොඩ්ඩයි කියල මම පොඩි කාලේ හිතුවේ....

    ReplyDelete
  43. මොනා නැතත් ඔබා අයියගේ ගේ කතාව නොබලා පුලුවන්ද ?

    ම්ම මේතරම් දවසක් නොකියා හිටියට මගේ තාත්තගේ පැත්තේ නෑදෑයෝ හතර දෙනෙක්ම වැඩ කලේ ලංගමේ තමයි

    තාත්තගේ අයියා සහ තාත්තගේ අක්කා මේ දෙන්නා තමයි අපේ ඩිපෝව හොල්ලගෙන හිටියේ . අපේ නැන්දට ඒ කාලේ වගේම අදටත් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා පුදුම බයයි . එයා පාරේ ඉන්නවා නම් බස් නිකම්ම නතර කරනවා

    එල කතාව අයියන්ඩි

    ReplyDelete
  44. @ ප්‍රසන්න,
    ඒ කාලෙය්, දැන් කාලෙය්, ලොකු වෙනසක් වෙලා කියල හොඳට පේනව. ඉස්සර දැන් තරං පුද්ගලික වාහන (මෝටර් සය්කල්, කාර්) තිබුනේ නැහැ. සී. ජී.ආර්. එකය් සී. ටී.බී. එකය් තමා පොදු ජනතාවගෙ ප්‍රවාහන පහසුකම් සැලසුවෙ. ත්‍රී වීල් කියන ඒවා ආවේ පුද්ගලික බස් දුවන්න පටන් අරගෙනත් කාලෙකට පස්සේ.

    කිව්වොත් විස්වාස කරය්ද දන්නෙ නැහැ, දුම්රියෙ ආපන ශාලා මැදිරිය තරු හෝටලයක් වගේ. කොටුවෙ, මරදානෙ එහෙම දුම්රිය ස්ථාන වල තිබුනේ ඝාම්බීර පෙනුමක්. හැම දුම්රිය ස්තානෙකම මල් වවල එහෙම, ඒ වගේම පිරිසිදුවට ලස්සනට තිබුන.දැන් ඕනෙම දුම්රිය පළක් දැක්කම, ඊට වඩා හොඳ හරක් මඩු තියෙනව කියල හිතෙනව.

    ලංගමත් ඒ වගේ තමා. ඩිපෝ, බස් ස්ටෑන්ඩ්, බස් රථ, ඉතාම පිරිසිඳුව පවත්වගෙන ගියා. බස් රථ වල කාර්මික තත්වය ඉතා ඉහලින් තිබුන. සති 4 න්, 8 න්, 12 න්, 24 න්, සෑම බස් රථයකම ඩොකින් (සර්විස්) එකකට ගත්ත. රනින් රෙපයාර් අංශය සහ ඩොකින් අංශය කියල සෑම ඩිපොවකම අංශ දෙකක් තිබුන. සමහර වෙලාවට ඩොකින් ෆෝමන් බස් ඩොක් එකට ගේන්නෙ, බස් ස්ටෑන්ඩ් එකට ගිහින් බස් එක අත් අඩංගුවට අරගෙන.

    ඒ කාලේ අඩු පාඩු නොතිබුනා නෙමේ, ඒ වුනාට බස් වල කාර්මික තත්ත්ව ඉතාම ඉහලින් පවත්තගෙන ගියා.

    @ mier,
    බෙහෙවින්ම ස්තුතිය්.

    @ මාධව,
    මොනව කියනවද? එදත් එහෙමය්, අදත් එහෙමය්.

    @ නිසුපා,
    මාත් ලංකාවට ආවම හැකි හැම අවස්ථාවකම ලංගම බස් වල යන්න හරිම ආසය්. ගම්පහ ඉඳල ඉඳිගොල්ලට යනකොට බස් එක ගැනය්, සේවකයො ගැනය් හුඟාක් දේවල් ඔබ්සර්ව් කරන්න පුළුවන්, ප්‍රය්වෙට් බස් වගේ "නගින්න නගින්න යන්නය් යන්නෙ" කිය කිය, ඊළඟ බස් එක පස්සෙන් ඇවිල්ල ඉස්සර කරන්න හදනකන් සෙනග එකතු කර කර එක තැන පල් කරන්නෙත් නැහැනෙ

    @ . Naughty's Impression ,
    බෝම ස්තුතිය් කොමෙන්ට් එකට

    ReplyDelete
  45. @ Kandyan ,
    ලංගම ඕවට කිව්වෙ, "ග්‍රේඩ් ෆෛව් බෑග්" කියල.
    ඒ බෑග් ලංගමින් නොමිළේ නිකුත් කළේ පස් වෙනි ශ්‍රේණියෙන් ඉහල නිලධාරීන්ට

    @ මුහුදු කොල්ලකාරයා,
    ටියුබ් ලයිට්.
    LV කියල ඉස්සර දුම්රිය වල, අන්තිම මැදිරිය පිටිපස්සෙ ලොකු ඩිස්ක් එකක් එල්ලනවා, තේරුම "ලාස්ට් වැගන්"
    TB නං ක්ෂය රෝගෙට ඇරෙන්න වෙන මොකට කියනවද දන්නෙ නැහැ.

    @ ඕනයා,
    උඹලගෙ ලොකු මාම කොන්දොස්තර කාලෙ, ගෑණු ලමේකුට අර අතිං ලියන බස් ටිකට් එකක්, "කෙළිමුනේ - මහකෙළිය" කියල ලියල දීල, වැඩ තහනං කොරල හිටිය මතකය්.

    @ දුකා,
    ඔය කරත්තෙ නං මොකද්ද දන්නෙ නැහැ, මට මතක් වුනේ ඉස්සර පොඩි බව්සර් ටැංකියක් හය් කරපු කරත්තයක් එනව ගෙවල් ගානෙ භූමිතෙල් විකුනන්න.

    @ නවියා,
    ආ.. ඒක තමා "සිග්නල් කැටියක්" කියන්න ඇත්තෙ.
    සිග්නල් එක තමා උඩම පින්තුරේ තියෙන්නෙ. බස් එකට අත අල්ලන්නෙ පොළොව අත ගාන්න තරං නැමිල

    ReplyDelete
  46. @Observer,

    නිහාල් හිනා මූනු දාන හැටි මට කියලා දුන්නා. ඒත් තාම ඕක මට හරියට කරගන්ට බෑනේ. සමහරවිට 'ගුරු මුෂ්ටි ' (මුට්ටිද දන්නෙත් නෑ ) තියාගෙන වෙන්ටැති කියලා දෙන්ට ඇත්තේ...:)

    ඊලඟට සමහරු අපේ නම් දාලා සිංදු ඉල්ලනවලු. ඉල්ලන අය අහන්නෙත් නෑ. නම් කියන අය දන්නේ නැති හන්දා ඒ අය අහන්නෙත් නෑලු. ඒකත් ඉතින් අර හිනා මූනු දානවා වගේ වැඩක් නේද?...:D

    ReplyDelete
  47. මම AL කරද්දි ස්කෝලෙ ගියේ ලංගම සිසු සැරිය පාසල් බස් සේවයෙන්. ඒ හින්දා මමත් හරිම ආදරෙයි ලංගමට.

    ReplyDelete
  48. @ නවම්මාතා,
    ඔය කියන මනුස්සය තමන්ගේ උවමනාව ඉටු කර ගන්න මිස ශෝබනෙට බෑග් ඒක අරන් ගිය කෙනෙක් නෙමේ වෙන්නැති.

    සිග්නල් එක තමා උඩම පින්තුරේ තියෙන්නෙ. බස් එකට අත අල්ලන්නෙ පොළොව අත ගාන්න තරං නැමිල

    @ හිංචි මල්ලි,
    රීඩරේට දාගත්තට ස්තුතිය්.
    ඉහලින් ප්‍රසන්නට දීල තියෙන උත්තරේ කියවල බලහංකො තරහ නැතුව.

    @ itnishantha ,
    තෑන්ක් යූ කොමෙන්ට් එකට. වෙලාව තියෙනව නං ඉහලින් ප්‍රසන්නට දීල තියෙන පිළිතුර කියෝල බලන්නකො. ඉස්සරය් , අදය්, මහජන ප්‍රවාහන සේවයන් වල වෙනස ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙය් මගෙ හිතේ.

    @ ඔබ නොදුටු ලොවක්,
    වැඩට යනකොට කාලෙ බෝතලයක් නං අරන් ගියේ, මාම එතරාම්ම නරක කෙනෙක් නෙමේ.
    කොමෙන්ට් එකට ස්තුතිය්. "ඔබ නොදුටු ලොවක්" නමෙන් කොමෙන්ට් දැක්කට, කවදාවත් බ්ලොග් එකට ගොඩ වෙලා නැහැ මම, මට මතක හැටියට. මේ පෝස්ට් එකේ කොමෙන්ට් වලට උත්තර ලියල ඉවර වෙලා හොයා ගෙන එන්නම්.

    @ සඳරු,
    මේ මතු වෙන්නෙ තව ලංගම සම්භන්ද කම් තියෙන කට්ටිය. තාත්තගේ පැත්තේ හතර දෙනෙක්ම ලංගම හිටියනං තවත් ඊට වඩා මොනවද?
    සඳරු අපේ ඩිපෝව කියන්න ඇත්තෙ ෂුවර් එකටම අම්පාරෙ ඩිපෝවට වෙන්නැති. මම අන්තිම වතාවට අම්පාරෙ එනකොට සඳරු ඉපදිලත් නැතුව ඇති මගෙ හිතේ.
    මගෙත් එක්ක වේරහැර පුහුණු වුන මුස්ලිම් යාලුවෙක් පසු කාලෙක අම්පාරෙ ඩිපෝ එන්ජිනියර් හැටියට වැඩ කළා.

    ReplyDelete
  49. @ පොඩි කුමාරිහාමි,
    තරහ අවසර වලව්වෙ ඇත්තො, මට නං ප්‍රොෆයිල් ෆොටෝ එකේ ඇස් දෙක පේන්නෙ හිනා වෙලා ඉන්න කෙනෙකුගේ විදියට.

    //හැම තිස්සෙම හිතට එන ‘අර අහවලා මට ආදරේ නෑ’ කියන සිතුවිල්ල වෙනස් කරගන්නේ කොහොමද?…//
    අහල මනෝ විද්‍යාව පිලිබඳ පෝස්ට් වල කොමෙන්ට් දානකොට, නිහාල් ටත් හිතුනද දන්නෙ නැහැ මෙතන චාන්ස් එකක් තියෙනව කියල. හෙහ්....හෙහ්...හෙහ්....

    @ විසිතුරු,
    "සිසු සැරිය" මං අහල තියෙනව, ඉස්සර තිබුනෙ නිකංම පාසල් බස්. ඒ කාලෙ රියදුරු, කොන්දොස්තර මහත්තුරු හරිම අකමැතිය් පාසල් සේවය බස් වල වැඩ කරන්න. හැබය් සමහර තරුණ රියදුරු, කොන්දොස්තර මහත්තුරු, ටික දෙනෙක් හිටිය පාසල් බස් වැඩ කරන්න ආස.

    ඒ කාලෙ "රිවිරැස" කියල ඉරිදා පත්තරේක, ජයවීර කියල තරුණ ලංගම රියදුරෙක් සහ, අචලා කියල පාසල් සිසුවියක් අතර ප්‍රේමයක් පිළිබඳව කොටස් වශයෙන් නවකතාවක් ගියා. කිව්වට විස්වාස කරය්ද මන්ද, ජයවීරලා වෙන්න හදපු ඩ්‍රයිවර්ලා, අචලල වෙන්න හදපු ඉස්කෝලේ යන කෙල්ලො, වැහි වැහැල ඒ දවස් වල.

    ReplyDelete
  50. ela ela dan nam lesatama peanawa...lanagama kiwwama mathak wenne ape school bus eke thamai....eke ethule thibbe nette brothel ekak witharai..anith siyaluma pas paw thibba..driver uncle wai ..konda unclewi thaamath mewila penawa...

    ReplyDelete
  51. පට්ටයි..මරේ මාරු...
    තෝ හින්දා මං නැතිව "ඔබ හින්දා මං" කියලා දැම්මොත් මොකද ;)

    ReplyDelete
  52. @ Myya,
    Thanx for the info mate, I'm glad that u r able to read it through ur office comp.

    Was ur school bus a unisex one? when we were school kids, all the fun was in trains.

    @ ChammA,
    මේ මේ බොරු බය්ල නැතුව ගිහින් බ්ලොග් එකේ අලුතෙන් මොනා හරි ලිව්වොත් මොකද?

    ReplyDelete
  53. ඔබා මාමා,

    ඩැයිවර් රාළහාමි එහෙම කිව්වම, තෙල් මලයා බටේ අල්ලං හිටපු හැටි මට මැවිලා පේනවා. කොහොමත් ඩැයිවර් මහත්තයගේ බාසා විලාසය මගේ හිත ගත්තා.....

    ඉස්සර ඔබා මාමා අපේ බ්ලොග් වල කමෙන්ට් විදිහට කතන්දර ලිව්වනෙ. කල කල දේ පල පල දේ කියලා දැං මං ලියන්න යන්නෙ මේකේ කතාවක්. මේ දෙවෙනි වතාව ඉස්සෙල්ලම ලිව්වෙ එදා...(http://observer-nireekshaka-observer.blogspot.com/2011/09/blog-post_10.html)

    සභාවෙන් අවසරයි මම මෙතෙන්ට පැමිණියේ කතාවක් කියන්නයි.

    ඔන්න එකමත් එක රටක ඩීපෝවක තිබුනු පරණපහේ බස් වගේකට අලුත්පහේ ඇංජිං ගෙනල්ලා හයි කරාලු. පෂ්ෂෙ ඉහලින් ආවලු ඕඩරයක් මේ සත්ක්‍රියාව ජනතාවට දැනගන්න ඇංජිං හයිකරපු හෑම බස් එකකට පස්ස පැත්තෙ ඒ ගැන ලියන්න කියලා.

    බස් ඔක්කගේම ලේසියෙන් ඒක ලියන්න පුලුවන් වෙන්න මුලින්ම ස්ටෙන්සිල් එකක් කපා ගත්තලු ඩිපෝවෙම පොරකට කියලා. ඒකෙ ලියවෙන්න ඕනේ "නව එන්ජින් 500 යේ ව්‍යපෘතිය යටතේ මෙම බස් රථයට නව එන්ජිමක් සවිකර ඇත." කියලලු. ඕගොල්ලන්ටත් මතක ඇතිනෙ ඔහොම පස්ස පැත්තෙ ලියපු බස් ඒකාලේ ඕන හැටියෙ අපි දැක්කනේ. කෝමඅරි අර ස්ටෙන්සිල් කපන්න වැඩේ බාර ගත්තු පොර ඒක හවස් අතේ ලස්සන අකුරු වලින් ඉටිකිරිස් වෙන්ඩ කපලා දුන්නලු. මම නොකිව්වට මොකද පොර ටිකක් අහවල් ඒවා බීලා, ටිකක් මෙව්වා ගතියෙන්ලු අරක ඇන්දේ. හැබැයි වැඩේ නං දීලා තිබ්බලු නප්පි නදර් වෙන්ඩ.

    අර ඔබා මාමා පුස් දොදොල් කාපු දවසේ වගේ රෑ ඕටි පාරක් අල්ලන කට්ටියක් තමාලු බස් වලට ඕක තියලා උඩිං තීන්ත ස්ප්‍රේ කොල්ලා රෑ තිස්සෙ වැඩේ කරන්න බාර ගත්තෙ. කිව්ව විදිහටම සෙට් එක වැඩේ ලෙසටම කොල්ලා තිබ්බලු.

    පවුවෙන්දා උදේ ඔබා මාම වගේ ටිකක් ඩිපෝ එකේ මෙව්වා එකක් තිබුනු පොරක් ඒක කියෝපුවාම තරු විසිඋනාලු කන්දෙකෙන්. ඔලුවෙන් විසිඋනේ පැණි කුරුල්ලො රංචුවකුයි, කොම්බුයිලු අර ච්ත්‍ර කතා පත්තරඔල වගේ. පොර බැලුවලු අනිත් බස් දිහා. ඔක්කොම තාප්පෙටලු. ඇයි එකම ස්ටෙන්සිල් එක තියලනෙ මැ ඔක්කොම ලිව්වෙ. වැඩේ කියන්නෙ අර ස්ටෙන්සිල් එක කපපු පොර අහවල් ජාතිය බීලා මෙව්වා එකෙන් අර ස්ටෙන්සිල් එක කපපු හින්දා අකුරු පොඩ්ඩක් එහා මෙහා වෙලාලු. ඉතිං බස් වල අන්තිමෙ ලියවිලා තිබුනෙ මෙහෙමලු,

    "නව එන්ජින් ව්‍යාපෘතිය යටතේ මෙම බස් රථයට එන්ජින් 500 ක් සවිකර ඇත කියලලු.

    සභාවෙන් අවසරයි. මගේ කතාව මෙයින් අවසානයි. අසා සියි ඔබ සැමට ස්තුතියි!

    ReplyDelete
  54. @ කෙහෙල් කොටුවෙ පොඩි එකා,
    ස්ටෙන්සිල් කිව්වම චුටි ඇත්ත කතාවක් මතක් වුනා, උයාසේන බුන්ට ගැනම, තව පොඩ්ඩෙන් ඒක බොට උත්තරයක් හැටියට ලියනවා, ඊට වඩා හොඳා කියල හිතුන තව පොඩ්ඩක් අතින් පයින් දාල, පෝස්ට් එකක් හැටියටම පබ්ලිෂ් කොරන එක hikz තෑන්ක් යූ වේවා...!!! මලකඩ කාල තියෙන අච්චාරු මොලේ හැඳි ගෑවට.

    ReplyDelete
  55. driver karaya bella kapaganna athi

    -prasanna86k-

    ReplyDelete
  56. //ලංගමත් ඒ වගේ තමා. ඩිපෝ, බස් ස්ටෑන්ඩ්, බස් රථ, ඉතාම පිරිසිඳුව පවත්වගෙන ගියා.//

    ගුඩ් ශෙඩ් එකේ ඩීසල් පොම්පෙ ඔය ප්‍රොසීඩියර් එකෙං මගෑරිල මයෙ හිතේ ඒ දවස් වලම

    @බුද්ධි:
    හූ හූ . . . උඹ පරක්කුයි . . . ඕක මෙතන ගියා

    ReplyDelete
  57. OB ට මතකද දන්නෑ නුවර දිව්ව යකා බස්. single ඩෙකර් බස් කියලා තමයි කිව්වේ. ඒවයේ පිටිපස්සේ තියන බොක්ස් එකට කිව්වේ කුස්සිය කියලා. කොන්දලා දෙන්නෙක් හිටියා. ඒවට පුදුම පැටවිල්ලක් පටවන්නේ. ඒ උනාට යකා බස් මාර ආතල්. කට කපලා යන වෙලාවට පස්සේ කොන්දා බෙල් තුන ගහනවා ඉස්සරහා කොන්දා ඩ්‍රයිවර්ට කියනවා නවත්තන්න කියලා. ඔන්න එතකොට දෙන්න ඇරගන්නවා. දැන්නම් ඒවා නෑ මං හිතන්නේ.

    ReplyDelete
  58. ඕනේ,
    හාහා ඒකට මක් වෙනවැයි! මමත් ඕක දැක්කෙ පත්තරෙන්. හැබැයි අවුරුදු 10කට විතර කලින්.

    ඒ උනාට ඒ කතාව කියෝලා අපේ ඔබා මාමට අලුත් කතාවක් මතක් වෙලානේ......ඒ මදැ..... හුහු....

    ReplyDelete
  59. ලංගමෙ මැරිල නෑ ඔබා දැන් ටික ටික නැගිටින්න හදනව ඒත් දැන් ඉන්න ඩ්‍රයිවර්ලයි කොන්දොයි හින්ද ගොඩ යන්න අමාරුයි. උන් ප්‍රයිවට් බස් කාරයන්ගෙ ජරාව කාල තමුන් රස්සාව කරන ආයතනය වලලන්න හදනව.

    ReplyDelete
  60. ඉස්සරට වැඩිය සෑහෙන්න හොඳයි හැබැයි ලංගම දැන්!

    ReplyDelete
  61. @ ගෝල්ඩ් ෆිෂ්,
    මොකෝ බොලේ ඇනෝ ඇවිල්ල? බය නැතුව වරෙන් පුතා, "ගුනෙ අය්යගෙ කාමරෙ" වගේ තමා, අගුලු දාල නෑ දොරේ....

    @ ඕනයා,
    මං කියන කාලෙ උඹ පටි ජංගි ඇඳගෙන, හොටු ලේන්සුව හර්නෙල් කට්ටකින් එල්ලගෙන, බාලාංසෙට යනව වෙන්නැති,
    තාම තාත්තගෙ අස්ථි අස්සෙ නෙමේ නං

    @ kandyan ,
    ඒ බස් වලට අපි ඇප්රෙන්ටිස් කාලෙ කිව්වේ, 'ගය් පහ' කියල. නුවර එකෙක් තමා නම දැම්මෙ. ඒක - Leyland "Guy " - with a five cylinder engine
    ඇත්තටම ඩබල් ඩෙකර් එකක් අදින්න පුළුවන් පවර්ෆුල් එන්ජිමක් තිබ්බ, සිංගල් ඩෙක් බස් එකක්, නුවර පැත්තෙ කට්ටිය "යකා බස්"කියල කියල කිව්වෙ ඒවායේ පෙනුම නිසා. kandyan කියන්නෙ, ඇතුල් වෙන තැනම, කොන්දොස්තර කැෂියර් මේසෙක වාඩි වෙලා හිටපු බස් ජාතිය කියල මං හිතන්නෙ. බෝල බෙන්ස් එකත් දැකල ඇති ඔය කියන විදියට kandyan

    ReplyDelete
  62. @ බුද්ධි,
    ඕනය ගෙ හූවට මොකද කොරගන්න ඕනෙ කියල ප්‍රසිද්ධියෙ කියන්න බැරි එක ගැන මං අවංකවම මෙව්ව වෙනව. (හතුරගෙ, හතුරො, මගෙ මිතුරො)
    ස්ටෙන්සිල් එකෙන් මතක් වුන කතාව ලියල ප්‍රිවීව් එහෙමත් බැලුව, තාම ගැලපෙන මාතෘකාවක් හිතාගන්න තරං අනුමත වෙන්න බැරි වුන නිසා, (ඩොලර් දෙකේ) වීරයා වගෙ ඔහෙ ඉන්නව.

    @ රන්ජ,
    රට කරවන එවුනුත් එහෙම කරන කොට, "එදා වේල ටුවර්ස්" කට්ටිය ගැන කුමන කතාද රංජො ?

    @ සබිත්,
    පරණ ලංගම සේවකයෙක් හැටියට අහන්න ආසම නිවුස් එකක් පුතා. ජීවිතේ පටන් ගත්තෙ එතනින්, ඒක නැති වෙලා යනව දකින කොට මාර දුකක් ඇති වුනේ. පොඩි හරි බලාපොරොත්තු සහගත ආරංචියක් හරි වටිනව. ඒ වුනාට පවතින තත්වෙ හිංද කිසි දෙයක් ගැන බලාපොරොත්තු තියා ගන්නව කියන්නෙත් මෝඩ කමක් කියලත් හිතෙනව සබිත්

    ReplyDelete
  63. ඔව් වොව්.... යකා බස් 80 අග වෙනකම් තිබුනා. කොන්දා ඉන්නේ කැෂියර් වගේ ඉඳගෙන ඒ නිසා හොරෙන් යන්න ලේසියි පිටිපස්සේ කුස්සියට රිංගපුවාම. ලව් සීන් ඔක්කොම තියෙන්නේ කුස්සියේ තමා. අපි ඉස්කෝලේ යන කාලේ ඔය බස් එකක් යනවා නුවර - ගුරුදෙනිය රූට් එකේ. දවසක් ඉස්කෝලේ ඇරිලා අපි කස්ටිය පයින් එනවා නුවරට. ඔන්න යකා බස් එකක් කට කපලා එනවා ඇද ඇද මාලිගාව පැත්තේ ඉඳලා උඩහට. එකේ ෆුට් බෝඩ් එකේ පොරක් එල්ලිලා එනවා බොහොම අමාරුවෙන් පොරගේ සරම හුලං පාරට බැලුමක් වගේ පිම්බිලා. අපි ලඟින් බස් එක පාස් වෙනකොටම අපේ එක්කෙ ඇද්දෙ නැතෑ අර පොරගේ සරම. හිතාගත්තෑකි නේද කොහොම තියෙන්න ඇති කියලා. ඔය කියන අපේ පොර German ටෙක් ගිහින් ලන්ගමෙත් ටික කාලයක් වැඩ කරලා දැන් ඉන්නේ "Down Under".

    ReplyDelete
  64. බලාපොරොත්තු කියන්නේ කොහොමත් දෙපැත්ත කැපෙන පිහියක් නෙ බොස්!

    ReplyDelete
  65. @ kandyan ,
    පොරගේ නම කියල ඊයක් එවන්නකො, සමහර විට දන්න කෙනෙක් වෙන්නැති. ලංකාවෙදි දන්න කෙනෙක් වෙන්න බැහැ, kandyan ලත් එක්ක ඉස්කෝලෙ ගිය වයසෙ කෙනෙක් නං

    @ සබිත්,
    සහතික ඇත්ත පුතා.

    ReplyDelete
  66. සනත් අංකල්, කතාව නම් පට්ට. කොච්චර කිව්වත් ලංකාවෙ කට්ටිය තාම මිනිස්සු මනින්නෙ ඇදුමින්. මාත් කැම්පස් යනකොට එහෙම බොහොම සරල ඇදුමක් තමයි ඇඳගන යන්නෙ. ඒ ලේසියට. හැබැයි එතකොට මිනිස්සු බලන්නෙ අපතයෙක් දිහා බලනව වගේ. මටම හිනා. මාත් ඉතින් අපතය වගේ යනව. ස්පෙශලි පොලිසියෙ අයගෙන් 95% එහෙම තමයි.
    -බුදියා-

    ReplyDelete
  67. ඔබා අයියේ,
    මේ බස් රස කතානම් එලකිරිස්ය
    මොකද මේවා හැමෝටම අත්දකින්න ලැබෙන දේවල් නෙමෙයිනේ
    මෙව්වා එකතු කරලා පොතක්වත් ගහමුද..

    ReplyDelete
  68. @ බුදියා,
    කලින් වතාවක ඉගෙන ගත්ත පාඩමක් නිසා, මීට පස්සෙ මං ලංකාවට ආවාම, හැකි සෑම අවස්ථාවකම ගමනක් යනකොට තරමක් දුරට වත් හොඳට ඇඳල යන්න ඕනේ කියල හිතා ගත්ත.

    @ ලොකු පුතා,
    ඊළඟ පෝස්ට් එකත් ලංගම ගැන, හැබය් වර්ක් ෂොප් එකක් ඇතුලෙ සිද්ධ වුනු දෙයක්. හෙට පබ්ලිෂ් වෙනව.

    ReplyDelete
  69. //හිතාගන්න තරං අනුමත වෙන්න බැරි වුන නිසා, (ඩොලර් දෙකේ) වීරයා වගෙ ඔහෙ ඉන්නව.//

    ඔය ඩෙ‍ෆිනීශන් එකට අනුව "ඩොලර් දෙකේ වීරයා" යනු "ගලේ රීපු පූසා" වැනි එකෙක් බව ඔබා බුද්ධියාට නොකියා කියයි . . .

    @බුද්ධි:
    හූ හූ . .

    @ඔබා:
    මට මතක විදියට බුද්ධිය ලියල තිබුනෙ "යුරෝ දෙකේ වීරයෙක්" ගැන . .

    ReplyDelete
  70. ඊට පස්සේ සිද්ද උන දේ ලියන්න ඕනේ නෑ හිතාගන්න පුලුවන්. මහත්තයා ලංගමේ වැඩ කරපු කෙනෙක් ද ?

    ReplyDelete
  71. කියෙව්වට මොකද කමෙන්ට් එකක් දාන්න බැරි වුනා . ඔය රජයේ හම් බෑග් එකේ දාගෙන හාල් පොල්ල කාලේ හාල් සේරු දෙකක් ගේනවලු අපේ මාමණ්ඩි . කුරුණෑගල ඔඩිට් වලට ගිහින් එද්දී . ඔය කියන විදියට ඒ කාලේ ඔබා මාමා කුරුණෑගලද වැඩ කළේ. බලන්න අපිට කොච්චර ලස්සන කතා අහන්න හැකි වුනාද ඔබා මාමා බ්ලොග් ලියන්න ගත්තයින් . යුග කීපයක් එක්වෙන ලස්සන තැනක් නේද මේ බ්ලොග් අවකාශය

    ReplyDelete
  72. සීසන් එකෙන් ඉස්කෝලේ ගියපු කාලේ මතක් උනා ආයෙමත්.....

    ReplyDelete
  73. @ ඕනයා,
    ඔය 'කොහිල කොටුවෙ' පොඩි එකාගෙ විහිලු කතාවක්නෙ, කොය් රටක වත් රටට ඇතුල් වෙන කොට ට්‍රොලි වලට සල්ලි ගන්නෙ නැහැ, සමහර රට වල රටින් පිට වෙන කොට කීයක් හරි ගත්තට. එහෙම නැත්තන් කෝමද අපි , උඹල, වගේ එවුන් ආත්මෙට වෙන රටකට යන්නෙ?

    @ මධුරංග,
    ඔබ්සර්වර්, ඔබා, අය්ය, අන්කල්, ඕනෙ එකක් මධුරංග. මහත්තය නැතුව.
    ඔව් 71 -75 වේරහැර ආධුනික, 75 -88 කුරුණැගල, ගිරිඋල්ල, කෑගල්ල, මාහෝ, අලව්ව.

    @ Bindi ,
    මං 75 හේ පළවෙනි පත් වීමට කුරුණෑගල ගියෙ. 77 චන්දෙන් පස්සේ හාල් පොල්ල අයින් වුනේ. Bindiගෙ මාම සමකාලීනයෙක් වෙන්න ඕනෙ. හාල් පොල්ල ගැන කීවම කතාවක් මතක් වුනා, හෙමීට ලියන්න ඕනෙ.
    කුරුණෑගල ලංගම කතාවක් තව ටිකකින් පබ්ලිෂ් වෙනව.

    @ රොබින්,
    අතීතය සුන්දරය්. ස්තුතිය් කොමෙන්ට් එකට

    ReplyDelete
  74. යුරෝ දෙකේ විරයා කතාවේ යුරෝ දෙක ගැන කතාව විහිලුවක් නෙමෙයි. ඇත්ත සීන් එකක්. පිර්රට ඉන්න අයගෙ කමෙන්ට් වලිනුත් එක තහවුරු වෙනවා. ඇයි ඔහෙට එද්දි ශල්ලි ගන්නැද්ද?

    මේතියෙන්නෙ කමෙන්ට්ස්

    1. ඔය ට්‍රොලිවලට කාසි හොයන එක හරි අමාරු වැඩක් නම් තමයි. ඒත් අක්කට කියන්ට තිබුනේ අය්යා ලංකාවට එන්ට කලින් සල්ලි ටිකක් මාරු කරගෙනම එන්ට කියලා.

    2.ItalyDilan said...
    ඇත්තටම බුද්ධියෝ යුරෝ 2ක් හොයන්න පුදුම අමාරුවක් තමා තියෙන්නේ,,පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා ඔය ට්‍රොලියක් හොයන්න,,,මෙහෙම දෙයක් තියනවා ඔය යුරෝ දෙක දාන්නේ මිනිස්සු හැමතැනම ට්‍රොලි දාලා යන එක නවත්තන්න,,,මොකද යුරෝ 2 ආයේ ගන්න පුලුවන්,ට්‍රොලිය නියම තැනින් තියලා,,,

    3. හරී - පිණිපළස said...
    ගානක් නෑ අර කෑලි කැපුවට කතාව හොඳට ඇවිත් තියෙනවා, මෙහෙත් ඔය සමහර කඩ සාප්පු වල දිරාම් එකේ කාසියක් නැතුව ට්‍රොලියක් ගන්න බෑ. ඉතින් කඩ ඇතුලෙදි කවුරුවත් ට්‍රොලිය අත හරින්නෙත් නෑ වැරදිලාවත්. අක්ක දීපු සල්ලි වලින් වඩේ කන්න ඇති නේද දුකටත් එක්ක??

    ReplyDelete
  75. @ බුද්ධි,
    මං ගිහින් තියෙන හුඟක් රට වල (ස්ලේව් අයිලන්ඩ්, නාග් ඩීප්,ඩෙල්ෆ්ට් අයිලන්ඩ්ස්,සිලෝන් එහෙම) කරත්ත වලට සල්ලි ගන්නෙම නැහැ, හැබය් කරත්තෙ තමන්ම හොයා ගන්න ඕනෙ. දැන් ඉන්න ඔස්ට්‍රේලියාවෙ, සමහර එයාර් පෝර්ට් වල ඇතුලට යනකොට කරත්තෙට සල්ලි ගත්තට, එයාර් පෝර්ට් එකෙන් එලියට එනකොට කරත්තෙ නොමිලේ.

    ReplyDelete
  76. ඔබාමාමෙ,මේකත් දැක්කෙදැනුයි..මුලින්කියපුදේනම් සහතික ඇත්ත..ලංගමේපුහුනුව....ඩිපා,මම කොරියාවෙ වාහනයක් එයෙව්වෙ ඕකට පිං සිදුවෙන්ට..(දසදහස් වාරයක්)

    ReplyDelete
  77. @ chamiyaddehige,
    අහන්නත් සන්තෝෂයි

    ReplyDelete