My followers

Sunday 23 October 2011

"උයාසේන බුන්ට"

 

මේකත් මං කුරුණෑගල, ලංගම ප්‍රාදේශීය වැඩපොලේ වැඩ කරන කාලෙ කතාවක්. (කුරුණෑගලඋතුර ඩිපෝවෙවත් අලව්ව ඩිපෝවෙවත් නෙමේ)

 අපේ සෙට් එකේ හිටිය, දයාසේන බණ්ඩා කියල කුරුණෑගල පැත්තෙම එකෙක්. බය නැතුව ඇත්තම නම පාවිච්චි කරන්නෙ, සෑහෙන විශ්වාසයක් තියෙන හින්ද, පොර සිංහල බ්ලොග් ගැන අහලවත් නැහැ කියල. හැබය් ඔය සෙට් එකේ හිටිය, කුරුණෑගලම දෙන්නෙක් තුන් දෙනෙක් නං, මගෙ බ්ලොග් එක කියෝනව, මම මගෙ බ්ලොග් එක ගැන සහ අනෙත් බ්ලොග් වලට යන්න පාර කියා දීල කර ගත්ත කුසල කර්මය නිසා. එකෙක් නං ලඟදි ඉඳන් කොමෙන්ට් එහෙමත් දාන්න තරං දියුණු වෙලා. දයාසේනට ආරංචි වුනොත් ඒ යාළුවන්ගෙන් තමා ඉතිං, ආරංචි වුනොත් මගෙ මළ ගිය දෙමව්පියන්ට දයා පින් දෙන හැටි මැවිල පේනව. දයාසේන බන්ඩගෙ අස්සන කියවනකොට ඒක පේන්නෙ "උයාසේන බුන්ට" වගේ. හැමෝම වගේ මිත්‍රයො පොර ඇමතුවෙ බුන්ටකියන ආදර නාමෙන්.

ඒ කාලෙ රෑට  O .T . පාරක් එහෙම දානකොට  අපේ  කෂ්ටිය ඔය හදන්න ගෙනාපු බස් එකක් හරි, බ්රේක්ඩවුන් වෑන් එකක් හරි, අරගෙන යනව, ගැට්ටුවාන හංදියෙ තිබුන රෑ කඩේකට තේ බොන්න. ඔය ගමන යන්නෙ රෑ එකට දෙකට විතර. දවසක් රෑ තේ බොන්න යනකොට, බුන්ටත් කොහෙද නිදාගෙන ඉඳල ඇහැරිල, දුවගෙන ඇවිත් වාහනේට නැග්ග. කස්ටියම පුරුදු පරිදි, පුරුදු කඩේටම ගිහින් තේ බිව්ව. කඩේ මුදලාලිත්  අපේ  කෂ්ටිය   රෙගියුලර් කස්ටමර්ල නිසා වැඩිය හොඳින් සැලකුවෙ නැතත්, සලකනව වගෙ පෙන්නගෙන තමය් ඉන්නෙ කවදටත්.

දන්නවනෙ, ඉතින් ඔය පොඩි කඩවල සීන් එක, විස්වාසෙට තමා ගනුදෙනු සිද්ද වෙන්නෙ. කට්ටිය  තේ බීල ඉවර වෙලා කවුන්ටරේ ගාවට ගිහින් කියනව, කාපු බීපු දේවල්. වඩේ දෙකය් ප්ලේන්ටියය්, පාන් කාලය් පරිප්පු එකය් ටී එකය්, කොකා කෝල එකය්, බ්‍රිස්ටල් දෙකකුත් දෙන්න මුදලාලි, ආදී වසයෙන්.  මුදලාලිත් ගාන කියල සල්ලි ගන්නව.

බුන්ට කවුන්ටරේ ගාවට ගිහින් කිව්වලු  කළු කෑලි පහය්, ප්ලේන්ටියය් කියල. මුදලාලි ඇහුවලු, “මොන කළු කෑලිද මහත්තය කියල. බුන්ටට පෙන්නන්න විදියක් නැහැ, ෂෝ කේස් එකේ පිඟානක තිබුන කළු කෑලි කනකොට මූට රහ වැටිල ඔක්කොම කාල. දැන් ෂෝ කේස් එකේ කළු කෑලි නැහැ. මුදලාලි ටිකක් කල්පනා කරල ඇහුවලු, "මහත්තය කෑවෙ යටම තට්ටුවෙ, මුල්ලකට වෙන්න, තනි පිඟානෙ තිබුන කළු කෑලිද" කියල. බුන්ට කිව්වලු  " ඔව්...වොව් ඒව තමා මුදලාලි" කියල. මුදලාලි කිව්වලු , "ඒවට සල්ලි ඕනෙ නැහැ මහත්තය, ප්ලේන් ටී එකට විතරක් සල්ලි දෙන්න" කියල. බුන්ටට විස්වාස කරගන්න බැහැ උගෙ ලක් එක.  මු ඒත් ප්ලේන් ටී එකට ගෙවල එහෙම, මුදලාලිගෙන් ඇහුවලු මොකද මුදලාලි කළු කෑලි වලට සල්ලි එපා කිව්වෙ කියල.

මුදලාලි කිව්වලු,  වැඩිය ගානකට නොගෙන   ඒව මහත්තය, පුස් කාපු කළු දොදොල් වගයක්, මං කොල්ලට කිව්ව විසි කරන්න කියල. ඒකට අමතක වෙලාද කොහෙදකියල.

(කියවන කට්ටිය හොඳට අවධාරණය කොරන්න ඕනෙ කාරනාවක් තියෙනව, වෙච්ච දේවල් ඔක්කොම ලියල තියෙන්නෙ "ලු" කියල, මං ඔය පළාතෙවත් උන්නෙ නැහැ.)

89 comments:

  1. අප්‍රේල් ලංකාවට ආවහම මේ කියන විදියට බුන්ට ට එහෙම අහු උනොත්.. ඔබා අයියගෙ බුන්ටාව ගලෝලා තමයි ආයි යවනවා ඇත්තෙ ..

    ReplyDelete
  2. ඒ කියන්නෙ ඔබා මාමාට තමා ඔය සීන් එක වෙලා තීන්නෙ

    ReplyDelete
  3. ඔබා අයියෙ., බුන්ටට දොදොල් අඳුරගන්න බැරිවෙලා තියෙන්නෙ ඒවා ඒ තරම් පුස්කාලා නිසාද නැත්තම් කුරුණැගල පැත්තෙ දොදොල් හිඟද ?

    ඔය තරම් රසයි කියන එකේ දොදොල් ටිකක් පරණ කරලා කන්න හිතෙනවා..

    ReplyDelete
  4. අනේ පව් උයාසේන බුන්ටා...:D:D:D

    ReplyDelete
  5. මෙන්න තව ඇඩ් එකක්,
    මෙන්න තව ඇඩ් එකක්, අන්තිම පේලියේ කොමෙන්ට් දදා හිටපු හසා බ්ලොගක් පටන් අරන්

    ReplyDelete
  6. අහු වුනොත් බුන්ට දෙයි අයියට පරිස්සමින්...

    ReplyDelete
  7. ඇත්ත වශයෙන්ම අපි අගය කරන්න ඒන මේ හැකියාව.. මොන හැකියාවද ඇහැවුවා..ඇයි බොලවු තමන්ට වෙච්ච දේවල් අනුන්ට උනා වගේ ලූ ලූ ගගා කිවීමට ඇති හැකියාවට...

    හැබැයි ලොක්කට අමතක වෙලා අත්සන ගහලාම පෙන්නලා...
    පොඩ්ඩක් කට්ටිය බලන්න නිකං "උයාසේන ඔබා" කියලා නේද ඒකේ තියෙන්නේ..?

    ReplyDelete
  8. දයාසේන ගේ කතාව වගේ විතානගේ ගේ කතා මොකුත් තියෙනවද මම තව ටික දිනකින් වෙරහෙර පැත්තේ කතාවක් මතක් කරලා දෙන්නම් සිරා ට නම් මම විස්තර කියනවා

    ReplyDelete
  9. මම් ලංකාවෙ වැඩකරපු ෆැක්ටරියෙ (ඔබා අයිය දවසක් ගොඩ වැදුනෙ) හිටිය කොල්ලෙක් . . ඩොනල්ඩ් කොස්තා කියල . . . බුවා අත්සන් කරන්නෙ "ඩොනල් කොතා" කියල පැහැදිලි සිංහලෙං . . . .

    ප.ලි.
    දෙන්නකො ලිංක් එක හසාගෙ බ්ලොගට

    ReplyDelete
  10. ඊට පස්සේ ඔබාට බඩ ගියාලූ මාසයක්. අමුඩයක් ගහගෙනලූ වැඩට ගියේ එහෙම.

    ReplyDelete
  11. @ ඕනයා,
    මගේ ඉස්සෙල්ල කොමෙන්ට් ඒකට කොටපුවාම හසාගෙ බ්ලොගේට යන්න පුළුවන්

    ReplyDelete
  12. හිංචි මල්ලිSunday 23 October 2011 at 16:13:00 GMT+5:30

    කවූදෝ කිව්වා තමයි ඔය ඇතුගල පැත්තේ තාමත් මහ පල් ගදක් එනවැයි කියලා. ෂුවර් එකටම ඔබා මාමා දොදොල් කලා ගිහින් කාලක් ක්‍රියා කරපු එකේ සැරද කොහෙදෝ?

    ReplyDelete
  13. හි හි..පව් වැඩේ අප්පා...ඉතින් මුකුත් ලෙඩක් එහෙම හැදුනේ නැද්ද ?

    ReplyDelete
  14. මටත් හිතා ගන්න බැහැ ඇයි යාළුවො එක්ක ගිහින් මොන ජරාව කෑවත් ලෙඩ හැදෙන්නෙ නැත්තෙ ඇයි කියල..

    ReplyDelete
  15. අර ලංකාවේ එකදිගට ලයිට් කපපු කාලේ එකෙක් කඩේකට ගිහින්. මු හොඳට බඩ පැලෙන්න කාල අන්තිමට ඇවිත් මුදලාලි එක්ක හෙන වාදෙලු..

    මොනාද මුදලාලි මේ කෑම? කිසි කමකට නෑ ඕයි. මං අර රෝල්ස් දෙකක්ම කෑව, දෙකම නිකන් ම නිකම් පිටිනේ? අනික ඒ දෙකේම මැද නුල්. මෙහෙමද ඕයි හෝටල් කරන්නේ?
    මුදලාලිත් හෙනටම අවුල් වෙලා අහනවලු ඇයි මහත්තය? එහෙම මොකවත් මං මේසෙට එව්වේ නෑ නේ? නෑ? නැතිවෙන්න බෑ නේ? අර ප්ලේට් එකේ දෙකක්ම තිබ්බේ. ඒ මදිවට තමුසේ මට ගිනිපෙට්ටියකුත් එවල තිබ්බ එකේම තියල. කියනවලු. මුදලාලිත් මු හිටපු මේසේ දිහා බැලුවාලු. ලයිට් කපල හින්ද ඒ හරිය විතරක් හරිම කළුවරයිලු. මුදලාලිට සීන් එක මීටර් වෙලා කිව්වලු
    හරි හරි මහත්තය ඕකට රණ්ඩු වෙන්න ඕනේ නෑ. ඔන්න ඔහේ රුපියල් පහක් ප්ලේන්ටියට දෙන්නකෝ කියල. මුත් රුපියල් පහ දීල ගිහින්. මුදලාලි පස්සේ ළඟ හිටපු එකෙක්ට කියනවලු

    ඒ මහත්තය මේ ලයිට් ගියපු වෙලාවට පත්තු කරන්න යවපු ඉටිපන්දම් දෙකනේ කාල තියෙන්නේ ඒකයි මං ප්ලේන්ටියට විතරක් සල්ලි ගත්තේ කියල.

    ඔන්න කොමෙන්ට් එකට පොස්ට් එකක්ම දැම්ම... හික්..

    ReplyDelete
  16. මම මුලින්ම ජම්බෝ පීනට් කාපු දවසෙ ඔය වගේ වැඩක් උනා. ඒ පැකට් එක ඇතුලෙ තියනවා මොකද්ද පැකට් එකක්.

    මම දන්නවැ ඔහොම දෙයක්. මම හිතුවේ ඔය මයියොක්කා, මුරුක්කු පැකට් වල වගේ තියෙන ලුණුයි මිරිස් කුඩුයි පැකට් එකක් කියලා. මම කඩලා ඒක අරකට ඉහලා දෙක තුනක් කෑවා. රහේ වෙනසක් නෑ වැලිත් එක්ක කනවා වගේ.

    පස්සෙ ඒ පොඩි පැකට් එක කියෝපුවාම මෙන්න ඒකෙ ගහලා තියෙනවා Do not Eat! කියලා. කොල්ලො නං කිව්වෙ ඒක තියෙන්නෙ ඇතුලෙ වියලි බව රැකෙන්න කියලා. ඒක දැක්කා විතරයි මම හිතුවා මම මැරෙයි මේ වහ පැකට් එකක් තමා කියලා. ටිකකින් මගේ පපුව හිර කරනවා වගේ තේරුනා.

    පස්සෙ කුරුලු හමුදාවේ අඳුරන යාලු දොස්තර මහත්තයෙකුට කතා කලාම පොර කිව්වා අවුලක් නෑ කියලා. අන්න එතකොටම පපුව හිර වෙන ගතිය ඇරිලා ගියා.

    ReplyDelete
  17. කට්ටියටම හෙට උත්තර බඳින්නන්, ඔබී මෙහෙ පොඩි වලියක් අදිනව මුනුපුරු පැටියව උන්ගෙ ගෙදර ගිහින් දාන්න කියල. ඌත් වෙලාවකට අත් දෙකම පිරෙන්න දෙනව. ( සිංහලෙන් කියන්නෙ හෑන්ඩ්ස් ෆුල් කියල)

    ReplyDelete
  18. නියම කතාව !!!
    පවු නේද අර උයාසේන බුන්ටා !!! කෑවට පස්සෙන් පහු බඩක් නැතිව යන්නැති නේ !!


    ටෙම්ප්ලේට් එක නියමයි

    ReplyDelete
  19. අපේ පැත්තෙ එකෙක් බේකරි ‍කඩේට ගිහිල්ල බනිස් එකක් කාල ප්ලේන්ටියක් බීල සල්ලි දෙන්න ගිහිල්ල, "ලොකු බනිස් එකයි ප්ලේන්ටියයි" කියල. මුදලාලි බැලුවලු ලෙ‍ාකු බනිස් ඉවර උනේ වේලපහින්මයිලු. බලනකොට මේක කාල තියෙන්නෙ තඩි රවුම් බටර් කේක් එකක්.

    ReplyDelete
  20. ඔබාගේ මේ කතා වෙන කොහේ හරි පලවෙනවද? මම කලින් කියවල තියෙනවා වගේනේ මතක.

    මට නම් ඔය වගේ ඒව සෙට් වෙන්නේම නෑ. කෙස් ගහක් දැකලා කෑම එක රිජෙක්ට් කරත්, මැස්සෙක් ඉන්න කෑම රිජෙක්ට් කලත් ලංකාවේ ගෙවන්නමයි වෙලා තියෙන්නේ?

    ReplyDelete
  21. ඔබා මාමේ... කුරුනැගලත් අලව්වේත් නෙමේ කිවානේ මේක උනේ කුලි.. ත් නෙමේ නේද?? මට නිකන් නිකන් කෙනෙක් ගැන මිටර් උනා.. ඒකයි අහන්නේ....

    ReplyDelete
  22. ඔබා මාමේ, මාත් අවා... මේ කතාව අ.පේ.ත් දාන්න :)

    ReplyDelete
  23. අනේ ඔය කියන බුන්ටට රස දිවක් තිබුනෙ නැද්ද අප්පා

    ReplyDelete
  24. අන්තිම පේලියේ පිහිටෙන් මීට කලින් මේ කතාව අපි නම් ඇහුවා.......

    ReplyDelete
  25. ඊටපස්සෙ ඔය බුන්ට එලිවෙනකං හිටියේ ටොයිලේට්ටුවේ වෙන්ටෑ...
    කොහොමද බූරුස් ගාලා යනකොට තියෙන සනීපේ....

    ReplyDelete
  26. අඩේ හැබෑටම අර අත්සනේ තියෙන්නේ "උයාසේන බුංටා" කියලා නොවැ! :D

    ReplyDelete
  27. ඈ බං මාමේ උඹ මේක හරි ලස්සනට අනුන්ගෙ එකවුන්ට් එකකට දාලා ලියලා තියනවා නේ .....

    අනේ මට හම්බ උනොත් අර අහිංසක උයාසේන බුන්ටා මම කියනවා සේරම විස්තරේ .......

    ReplyDelete
  28. වෙලාවට තමයි උයාසේන නඩු මගට බැස්සේ නැත්තේ නඩු දැම්මනම් එහෙම කඩේ මුදලාලිට බඩු පැකට් .

    උයාසේන කලු කෑලි කාලා යහතින් ගමන ගියාද නැත්නම් තැන තැන නතර වෙවි ගියාද ?

    අත්සන තමා අත්සන ඒ අත්සන මාර ලස්සනයි ..මම ගහන අත්සන කට්ටියට පේන්නේ අටේ ඉල්ලකම වගේලු ..

    ReplyDelete
  29. සඳරූ ගෙ චෙක් පොත් හරි ක්‍රෙඩිට් කාර්ඩ් එක හරි ඉස්සුවනම්.. ගැහුවා අටේ ඉලක්කමක්.. සල්ලි අපේ අතේ !

    ReplyDelete
  30. උයාසේන බුන්ටව නම් දන්නවා... හැබැයි සිග්නේචර් එක දැක්කේ අද... :)

    ReplyDelete
  31. ආයෙ මොකුත් නෑ ඩල්කොලක්ස් ටැබ්ලට් කිලෝ එකක් විතර බිව්ව වගේ හොඳට වැඩේ සිද්ධ වෙන්න ඇති...

    මේක උනේ ඔබා අයියටද කියල ඇහුවොත් දෙන දඬුවම් ගැන කොහේදෝ සඳහන් කරල තිබ්බ වගේ මතක නිසා ඒ ගැන මොකුත් නොකියමි....

    ReplyDelete
  32. මේ උයාසේන බුන්ටගේ අකවුන්ට් එකට දැම්මේ ඔබා මාමගේ වැඩක් කියාලයි ගොඩක් දෙනෙක් කතා වෙන්නේ

    ReplyDelete
  33. @ Weni,
    බුන්ටව අවරුදු ගානකින් දැක්කෙ නැහැ, මේ පාර ලංකාවට ගියාම අනිවා බලන්න යන්න ඕනෙ.

    @ ශානු,
    අනේ මන්ද යටින්ම අන්ඩ ලයින් කරල, ඉටෑලික් වලින් දාල තියෙන ඩිස්ක්ලේමර් එක කියෝල බලන්නකො, මේ ළමයින්ට කොච්චර කිව්වත් හදන්න බැහැ.

    @ ලකී,
    බුන්ට ගැන තව කතා තියෙනව, ඒවත් කියෙව්වම බුන්ට ගැන සෑහෙන අවභෝදයක් ලබාගත්ත හැකි.

    @ පොඩි කුමාරිහාමි,
    පව්ද කියලත් කියනව

    @ අසංක,
    කියවල කොමෙන්ට් එකක් දැම්මට ස්තුතිය්

    ReplyDelete
  34. @ වෙද ගෙදර මහ වෙදනා,
    බුන්ට බ්ලොග් කියවනව කියල නං හිතන්න අමාරුය්, ඒත් දැන් මේ පොස්ට් එකෙත් සඳහන් කළා වගේ කුරුනෑගල පරණ යාළුවො දෙතුන් දෙනෙක් සිංහල බ්ලොග් කියවන්න පටන් අරං. එයාලගෙන් ආරංචි වුනොත් තමා.
    @ මාරයා,
    පල පල යන්න, ගිහින් අර එව්ව සිංදුව වත් අහල ඉංග්‍රීසි දනුම වැඩි දියුණු කොර ගනිං.
    @ ෆර්ඩි,
    ඇය් විතානය එක්ක තරහක් වත් තියෙනවද?
    වේරහැර කතාව ඊයකින් වත් එවන්නකො, ඔය චුට්ටක් විතර අතිනුත් දාල ලියන්න බැරියෑ
    @ ඕනයා,
    හසාගේ බ්ලොග් එක බැලුවද, උට දැම්ම කොමෙන්ට් නං තාමත් පබ්ලිෂ් වෙලා නැහැ.
    @ මාතලන්,
    කොය් තරඟ "ලු" කිව්වත් කව්රුවත් අහන්නෙ නැහැනෙ

    ReplyDelete
  35. @ හිංචි මල්ලි,
    ඕ.ටී. කරන කොට කාලක් ක්‍රියා කරල ඉන්න නිසා තමා බඩේ අමාරුවක් හැදෙන් නැතුව ශේප් වෙන්න ඇත්තෙ.
    @ සයුරි,
    ඌට ඉහෙං බහින රෝගයක් නැහැ
    @ Weni,
    යාළුවො කිව්වෙ, ඕනයා එතනින් ගියාම අවංක පැට්ට වගේ උන්ද? ඒ වගේ යාළුවො ඉන්නවා නං ආයෙ තරහා කාරයො ඕනෙ වෙන්නෙ නැහැ.
    @ ක්සැන්ඩර්,
    අපරාදෙ ඔය කතාව බ්ලොග් පෝස්ට් එකක් හැටියට ලියන්න තිබ්බෙ
    @ බුද්ධි,
    ඕක චුටි මහත්තයට විතරක් සිද්ධ වුනු දෙයක් නෙමේ, මම වෙන බ්ලොග් වල කොමෙන්ට් කීපයක් දැක්ක "ජම්බෝ පීනට්" පැකට් වල තිබුන චුටි පැකට් එක කාපු අය ගැන

    ReplyDelete
  36. @ මධුරංග,
    පව් දත් අහනවා දයාසේන ගැන.
    ටෙම්ප්ලේට් එක ගැන කොමෙන්ට් එකට තෑන්ක් යූ. (මටත් වැඩිය ටෙම්ප්ලේට් එක ගැන ෂුවර් නැහැ, මොකද මම කලර් බ්ලයින්ඩ් නිසා වර්ණ ගැලපෙනවද කියල.)

    @ සබිත්,
    හක..හක.. තමා බුන්ටගෙ මුණ බලන්න තිබ්බෙ ඒ වෙලාවෙ

    @ රාජ්,
    බුන්ට ගැන හදපු කතාද මන්ද, ඌටත් ඔය ලොකු බනිස් කාර්ඩ් එකත් තිබුන, කළු කෑලි ඊට වඩා හොඳය කියල හිතුන පබ්ලිෂ් කරල දාන්න.

    @ Il mondo di una povera pazza ,
    එහෙනං අන්තිම පේලිය පැත්තේ ගොඩ වෙනවා ඇති, මේක කාලෙකට ඉස්සර අන්තිම පේලියේ දැම්ම.
    Click Here

    මෙහෙ අපේ යාලුවෙකුට, චයිනීස් ටේක් අවේ එකකින් ගෙනාව නුඩ්ල්ස් එකක තිබිල දතක් හම්බ වෙලා, නඩු දාන්න කතාව. බලනකොට මෑන් ගෙම දිරපු දතක් කැඩිල හැපිල තියෙන්නෙ.

    @ දේවා,
    අභීත එහෙම නෙමේ නේද?

    ReplyDelete
  37. @ සමනලී,
    මේ කතාව අන්තිම පේලියේ දැම්ම කාලෙකට ඉස්සර.මෙතන ක්ලික් කලොත්, මගේ අන්තිම පේලියේ දාපු කතා ඔක්කොම බලන්න පුළුවන්

    @ ගිම්හානි,
    හොඳට මොලේ තියෙන එකෙක්. දන්නවනෙ සමහර මොලේ හුඟාක් දියුණු අයට, අවට පරිසරය, තමන් කියන කරන ඒව එහෙම ගැන වැඩි අවධාරණයක් නැති ගතියක් තියෙනවා කියල

    @ ගොඩයා,
    ඔන්න සමනලීට උත්තරයක් හැටියට අන්තිම පේළියෙ පබ්ලිෂ් කරපු කතා ඔක්කොටම යන්න ලින්ක් එක දැම්ම

    @ රාජ්, ඌට ඉහෙං බහින රෝගයක් හැදුන් නැහැ

    @ පූසා,
    උගෙ ඔය අස්සන හොයා ගත්තෙ හරිම අමාරුවෙන් හික්z

    ReplyDelete
  38. අප්‍රේල් මාසෙ එනකොට බුන්ටගෙන් කන්නත් බලාගෙනම එන්න ඔබා...අන්න දැන් ඉදන් බුන්ට අමුඩ ගහනව වැඩේ දෙන්න.

    ReplyDelete
  39. @ පන්සල් ජන්ෂන්,
    අනුන්ගෙ එකවුන්ට් එකට දානව මොන කෙං ගෙඩියටද ඌට කියන්නෙ...හික්z

    @ සඳරු,
    අන්න මං දැක්ක වෙනිය අටේ ඉලක්කම ගහල වැඩේ දෙන්න දැනටම ප්ලෑන් ගහනව

    @ වෙනි,
    ඉස්සර මෝටබයික් ලයිසම ගන්න අටේ ඉලක්කම ගහල පෙන්නන්න ඕනෙලු (මට නං කිව්වෙ නැහැ) තාමත් එහෙමද?

    @ බීට්ල්,
    හරිම මහන්සියක් වෙලා ඔය අස්සනේ උදෘතයක් ලංකාවෙන් ගෙන්න ගත්තෙ

    @ සපතේරු උන්නැහේ,
    පෝස්ට් එකේ අදියෙන්ම දාල තියෙන ඩිස්ක්ලේමර් එක කියෙව්වා නං.....හික්z

    ReplyDelete
  40. @ ItalyDilan ,
    රට වටකර වැට බැන්දත්, කට වටකර මක්කෙය් කොරන්නෙ?

    ReplyDelete
  41. ඔබා මාමට ඒ දවස් වල ඉඳං හතලිස් ඇඳිරිය තිබිලා තියෙනව.. හැබෑට බොරුද මම අහන්නෙ

    ReplyDelete
  42. @ cjgayan
    ඒ කාලෙ කොහෙද හතලිස් ඇඳිරියක් කොල්ලො, වයස විසි ගණන් වල මුල හරියෙ

    ReplyDelete
  43. මාරයා කීවා සේ ඔය 'ලු' දාල ලියන්නෙ ඉතිං ඔබාට වෙච්ච දෙයක් නිසා බව පැහැදිලිය. ඇයි ඉතිං තමන්ට වෙච්ච දේ තමුං දන්නෙ නැහැනෙ.

    ReplyDelete
  44. මෙහෙම යාලුවෙක් ලබන්න බුන්ටා ගිය ආත්මේ හුඟක් පින් කරලා ඇති.. අසරණයා බ්ලොග් කියවන්නේ නැති හින්ද උගේ කොළ ඉරනවා මදිවට තමුන්ට උන දේත් ඌට පටවලා ලියනවා.
    බුන්ටෝ.. ගනු කඩුව ඔබා ගනු කොපුවට !

    ReplyDelete
  45. අම්මො මං බ‍යේ හිටියෙ......

    ReplyDelete
  46. ඕක වුනේ ඔබාට කියලා මම නම් කියන්නෙ නෑ. ඇත්තෙම ඔය පොරට ඊට පස්සෙ වුනේ මොකක්ද කියලා ඔබා දන්නවනම් ඌ බ්ලොග් කියවන්නෙ නෑ කියලා හිතන්නෙත් නෑ කියන්නෙත් නෑ. උයාසේන බුන්ටා තමයි UBUNTU OS එකහොයාගත්තෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  47. අම්මො මං බ‍යේ හිටියෙ......

    ReplyDelete
  48. "විදෙශයක සිට පැමිනි ශ්‍රි ලාංකිකයෙකුට කුරුනෑගලදී නාදුනන පිරසකගෙන් ප්‍රහාරයක්" මෙ අනාගත පත්තරයක පිටු අයිනක හෙඩිමක්.

    ReplyDelete
  49. පුදුමේ කියන්නේ "උයාසේන බුන්ටා" අත්සන් කරපු කොළයක් ඔබා මාමා ළඟ මෙච්චර කල් තිබ්බ එකනේ! ;)

    ReplyDelete
  50. කලු උනත් දොදොල් නෙ... ඒවගේ පුස් කෑවත් දො..දො...ල් නෙ..නෙහ්....

    "වෙච්ච දේවල් ඔක්කොම ලියල තියෙන්නෙ ලු කියල.." අනේ බං ඔබා මාමේ ‍තෝ ඉල්ලංනෙ කාලතියෙන්නෙ.....හික්....ඔයා ඔච්චරට දොදොල් කන්න ආසද... කෝ බලන්න ඔය ඔබීගෙ පිංතූරයක් අයිත් දාන්න අපේ සැක ඇරගන්න ......

    X-Porter

    ReplyDelete
  51. අපෝ ඔය ගැට්ටුවාන කඩේ මුදලාලියා ගල් ආඳා..අමුම් අමු ගඩ්ඩා. ඉස්සර අපිත් රෑට රෑවෙලා නුවර යනකොට ඔතනින් ප්ලේන්ටියක් හෙම ගහලා තමයි යන්නේ. දැන්නම් ඒක නැද්ද කොහෙද.

    ReplyDelete
  52. @ Praසන්ன,
    මාරයා කියන ඒව අහන්න එපා, මේ දවස් වල ඌට "අන්ද කයිප්පු" කැවිල ඉන්නෙ

    @ සරත් ලංකාප්‍රිය,
    හොඳක් තියෙන්නෙ මෙහෙම යාළුවො ඉන්න කොට හතුරො අවශ්‍ය නැති එක

    @ බුද්ධි,
    හොඳටම බය වෙලා කියන එක නං සක්සුදක් සේ පැහැදිලිය්, නැත්තං බය වෙච්ච තරං කොමෙන්ට් තුනකිම්ම දාය්ද?

    @ Dude ,
    What the heck is "UBUNTU OS" mate ?

    @ බුද්ධි,
    හොඳටම බය වෙලා කියන එක නං සක්සුදක් සේ පැහැදිලිය්, නැත්තං බය වෙච්ච තරං කොමෙන්ට් තුනකිම්ම දාය්ද?

    ReplyDelete
  53. @ ලොකු ජෝන්,
    කව්ද මේ ලොකු ජෝන් කියල ප්‍රොෆයිල් එක හරහ ගිහින් බැලුව "ආතම්මගේ පෙට්ටගම" සයිට් එක අහු වුනේ එතැනදී, කතා හරියට කියෙව්වෙ නැහැ, ඉන්ටරෙස්ටින් වගේ හිතුන හැබය්, උඩින් පල්ලෙන් කියෝපු ටිකෙන්. කියෝලා කොමෙන්ට් කරන්නන්. බලන්න කැමති කට්ටියට මුලින් ආතම්මගේ පෙට්ටගම කියල සඳහන් කරලා තියෙන තැන ක්ලික් කලොත් එහෙට ගියාකි

    ReplyDelete
  54. මොකක්ද මේ චූටි මහත්තයගෙයි ඔබා අයියගෙයි යටින් යන ගේම් එක..මොකක් වුනත් දෙන්නම හොඳට බයවෙලා ඉන්නෙ...
    බුද්ධියත් රිපීට් කරනවා.....
    ඔබා අයියත් බුද්ධියට එකම රිප්ලයි එක දෙසරයක් ගහලා....හික්ස්

    ReplyDelete
  55. හලෝ ඔබ්සර්වර්
    මම ඔයාගෙ බ්ලොග් එක කියෙව්වට මේ පලවෙනි කමෙන්ට් එක දාන.මේවා කියවනකොට තේරුන හැටියට ඔයා අර වේරහැර තිබුන ප්‍රසිද්ධ ඉස්කෝලෙට ගිහින් තියනවා.මොන අවුරුද්දෙද? මොකද මමත් ඒකටම ගියා

    ReplyDelete
  56. ලොකු ජෝන් ට ඇඩ් එක දැම්මට පස්සෙ මලිති කව්ද කියල බැලුව. හ්ම්....හරියට කියෙව්වෙ නං නැහැ කවි බ්ලොග් එකක් වගේ දැක්කෙ. මං නං කවි කියවන්න හොරය්. ඒ වුනාට කවි කියවන්න කැමති කට්ටියට, මලිති ගේ බ්ලොග් එකට මෙතනින් යතෑකි

    ReplyDelete
  57. @ ලකී,
    ඔය ප්‍රාණ බය කියන එක හැම පුද්ගලයාටම ඇති වෙනවා, මං වගේ නාකින්ට අඩුය්, මොකද යන්න ලං වෙන කොට ෆුල් රෙඩි වෙලා ඉන්නෙ "අද අද මරු එය් පිං කර ගන්නේ " , "කෙලෙසද හෙට මරු නේති සිතන්නේ"

    ඉතින් කොමෙන්ට් පහක් හරි දාල මනුස්සයෙක්ගෙ බය අරින එක යුතු කමක් නෙමේද?

    @ ඇනෝ,
    වට් ෆො ද ටෙලින් ඒ මහා විද්‍යාලෙන් තමා ශිල්ප ඉගෙන ගත්තෙ. 1975 අව්රුද්දෙ පාස් අවුට් වුනේ, පලවෙනි ඇපොයින්ට්මන්ට් එක කර්නිගෝල්, තට්ටෙය් බඩය් එන්න ඉස්සෙල්ල චුත වුනා අලව්ව දිහෑවෙන් 1880 බර ගණන් වල ඇති වෙන්න ටයර් සෑයවල් එහෙම දැක්කට පස්සෙ, චාන්ස් එකක් ලැබිල කැන්ගරු දේශේට පාත් වුනා

    ReplyDelete
  58. Ubuntu is a Operating System like Microsoft Windows, the fun is it's free software.

    henryblogwalker the Dude

    ReplyDelete
  59. ඔබා මාමාගේ පෝස්ට් 1ක් කියෙව්වෙ අදමද මන්දා...
    අනේ පව් බුන්ටා...

    ReplyDelete
  60. එදා දත් සෙට් එක අමතක උනේ නැත්නම් ඔබා මාම බරටම දොදොල් කනවලු....

    ReplyDelete
  61. රජ කෑමක්නේ කාලා තියෙන්නේ.මම හිතන්නේ මිනිහා පරණ දේවල්ම හොයන ජාතියේ මිනිහෙක් වෙන්න ඕනා.අර කොච්චර අලුත් කාර් තිබුනත් පරණ කාර්ම හොයන ජාතියේ මිනිහෙක්.නැත්නම් නිකන් දුන්නත් ඔහොම කයි ඈ.....

    ReplyDelete
  62. @ රන්ජා,
    බොක්කෙන්ම සොරි, උත්තර ලියාගෙන යනකොට රන්ජව මිස් වෙලානෙ. ඒ කාලේ ඉඳම්ම බුන්ට ප්‍රසිද්දය් ගමන ඇතා පිටේ කියල. ඒ නිසා ඌ අමුඩ ගහය් කියල හිතන්න අමාරුය්.

    @ X-porter,
    සොරි පස්සෙ උත්තර බැන්දට තරහ වෙන්න එපා දුව. ඔබීව බලන්නම ඕනේ නං ඊමේල් ඇඩ්රස් එක දෙන්නකො. ඔබීගෙ පින්තුර එවන්නං.

    @ kandyan,
    ගැට්ටුවාන හන්දියේ ඒ කාලේ රෑ කඩ එකය් තිබ්බෙ. ඒකෙ මුදලාලිය එතරන් නරක පොරක් නෙමේ. තව කඩයක් තිබ්බ, ඒකෙ මුදලාලිය අරක්කු වික්ක, පස්සෙ තට්ටු දෙකට, තුනට, බිල්ඩිම නග්ගල පැය ගානට කාමර දෙන සර්විස් එකක් රන් කළා. දන්නවනෙ මොනවටද කියල?

    @ Dude,
    මගේ කොමෙන්ට් එක දැකලද කොහෙද, ඕනය ෆුල් විස්තරයක් එවල තිබ්බ ඊයක් මගින්. මගේ කොම්පියුටර් උපදේශකයවත් අල්ලගෙන ට්‍රය් කොරල බලන්නං. පෝරමේ දවස් වල රාජකාරියකට ඉන්දියාවට යවල කොම්පැනියෙන්

    @ Naughty's Impression ,
    වෙලාව තියෙන කොට පරණ ඒවත් කියෝල බලන්නකො, වැඩිය නැහැ, ටික කාලෙනේ පටං අරං.

    ReplyDelete
  63. @ තාරක ඩිල්ශාන්,
    වට් ෆො ද ටෙලින් පුතා.

    @ Rajith,
    අවතාරෙ වෙනස් කලාද? ඉස්සර ක්‍රිකටර් ලියපු රාජිත්මද?
    ඔව්..වොව්.. සමහරු ඉන්නවා පරණ ඒවම හොයන කට්ටිය...hikz

    ReplyDelete
  64. පව් දෙයියනේ බුන්ටා. ඔය අත්සන කොහෙන්ද ඉස්සුවේ.

    ReplyDelete
  65. ඈ අයියේ... ඉතින් අයියට බඩේ රුජාවක් එහෙම හැදුනෙ නෑ...

    ලස්සනට ලියල තියෙනව වෙන කාට හරි උනා වගේ.. නේද හික් හික්.. මේක අන්තිම පේලියේ ගියාද... කියවල තියෙනව කලින්

    ReplyDelete
  66. @ ඇනෝ,
    ....... පාස් අවුට් වුනේ, පලවෙනි ඇපොයින්ට්මන්ට් එක කර්නිගෝල්, තට්ටෙය් බඩය් එන්න ඉස්සෙල්ල චුත වුනා අලව්ව දිහෑවෙන් 1880 බර ගණන් වල ඇති වෙන්න ටයර් සෑයවල් එහෙම දැක්කට පස්සෙ, චාන්ස් එකක් ලැබිල කැන්ගරු දේශේට පාත් වුනා .....
    From obaas confession.
    Just guess his age dudes.
    He is a living fossil. Hikz..Ha Ha LOL

    ReplyDelete
  67. නොමිලේම බ්ලොග් එකට දීපු ඇඩ් එකට ස්තුතියි කිව්වා ඔන්න. :) මමත් ඔබතුමා ඉන්න කැන්ගරු රටේම තමයි, හැබැයි මෙල්බන් පැත්තේ. දවසක කොහේදී හරි හම්බවෙන්නේ නැතෑ නේද?

    ReplyDelete
  68. @Observer-ඔව් ඔව්.ක්‍රිකටර් ලියපු රජිත් තමයි මේ අවතාරේ වෙනස්කරන් දගලන්නේ :D

    ReplyDelete
  69. @ පිනිබිඳු,
    හොර අස්සන් එහෙම ගහන්න අවශ්‍යතාවක් වුනොත් කියන්න.

    @ පිස්සා,
    කාලෙකට ඉස්සෙල්ල අන්තිම පේලියේ දාපු එකක්.

    @ Dude,
    Your laugh is too loud, I might be the last one to laugh.....(you know the saying, don't you?)

    @ Malithi,
    අලුතෙන් පටන් ගත්ත අපි එකිනෙකාට සපෝට් එකක් දෙන්න එපෑ...

    ReplyDelete
  70. ඔබා මාමේ ඔහෙත් ගොඩ බහින්නකෝ ලබන අප්‍රේල් වල... කවන්නම් හොඳ දොදොල්. '' ඈ යකෝ අපි වගේ ගින්දර යාළුවෝ හිටිය නම් නරක් වෙලා තියෙයි වෙනියට'' :P :P :P

    ReplyDelete
  71. @ අවංක පැට්ටා,
    අප්‍රියෙල් ලංකාවතරණය දින නියමයක් නැතුව කල් දාන්න වෙය් වගේ එන තර්ජන ඝර්ජන වල හැටියට

    ReplyDelete
  72. Yes, "The one who laughs last laughs the loudest".
    (This time no laughs)
    henryblogwalker the Dude

    ReplyDelete
  73. පොස්ට් එකත් පුස් කාල මන් එනකොට . අන්න උයාසේන දොදොල් හදාගෙන පරණ කරනවලු ඔබා මාමට කවන්න .

    ReplyDelete
  74. ලුයන්න දාලද ෂේප් වෙන්න හදන්නේ ඔබා මාමේ! මාමාට සිරිලක සංග්‍රහයක් ලැබෙයි ආපු වෙලාවක! කලු දොදොල් වල අතුරු පළයක් තිබ්බේ නැද්ද ඉතිං!

    ඇත්තටම මාමා දොදොල් වල රස එන්නේ දවසක් දෙකක් විතර පරණ උනාම තමයි! අපි ගෙදර හදන නිසා දන්නවා!

    ReplyDelete
  75. එහෙනම් මං කියන කඩේ නෙවේ ඔය. අර හෝටලේ නම් දන්නවා. කතාවක් තියනවා ආණ්ඩුවේ ලොකු මහත්තැන් කෙනෙක් ඔතෙන්ට පොලිසියෙන් පැනපු වෙලාවේ උඩ තට්ටුවක ජනේලෙන් පැනලා බටයක් දිගේ කොමාන්ඩෝ පාරක් දාලා බේරිලා ගියා කියලා. හම්බ වෙච්චි දවසක නම කියන්නම්. ඔබාත් සමහර විට දන්නවා ඇති.

    ReplyDelete
  76. @ Dude,
    I think the last word should be "longest". In my virsion, I changed it to "loud" because it suited me better, for what I was saying. he..he...he...

    @ Bindi,
    හ්ම්....මේ පාර අමාරුවේ වැටෙන්න සෑහෙන්න ඉඩ තියෙනව වගේ, පරණ යාළුවො කීප දෙනෙක්ම සිංහල බ්ලොග් කියවනව විතරක් නෙමේ, කොමෙන්ට් දාන්නත් පටන් අරන් කියල දැක්ක.
    පරක්කු වෙලා හරි ගොඩවීම ගැන ස්තුතිය්. නෑවිත්ම ඉන්නවට වඩා හෝ, කියවල කොමෙන්ට් එකක් නොදා යනවට වඩා කොය් තරං වටිනවද ඇවිල්ල කියවල කොමෙන්ට් එකකුත් දාන එක.

    @ මාධව,
    දැන් නං ඉතින් දොදොල් කෑල්ලක රස බලන්න ලැබෙන්නෙ කළාතුරකින්, කව්රු හරි ලංකාවෙන් එනකොට ගෙනල්ල දුන්නොත් තමා. ඒ වුනත් ලඟදි විසාල දොදොල් කෑල්ලක් හම්බ වුනා අපිට, ලඟම නෑදෑ කෙනෙක් මෙහෙ පදිංචියට ආව නිසා. ඒක බෙහෙත් වගේ ටික ටික කෑවෙ. ගෙදර හදන දොදොල් එහෙම ඉක්මනට අස්පෙට් යන්නෙ නැහැ, ඒ වුනත් කඩ වල තියෙන, පාන් පිටි වලින් හදපුව, ඒ තරං දවස් තියා ගන්න බැහැ මගෙ හිතේ.

    @ kandyan,
    මං අර "තෝර බලය්" බලය් පෝස්ට් එකේ පලවෙනි පරිච්ඡේදෙ මතක් කරල තියෙන බෝඩිමත් තිබුනෙ ගැට්ටුවාන හන්දියෙ. ඒක ඉස්ස‍ර තිබුන "Kings" කියල හෝටලයක්. ඒ කාලේ එතනටත් හිටි ගමන් පොලිසියෙන් පැනල, ඉන්න කට්ටියම කුදලගෙන යනව. සමහර වෙලාවට, රෑ කෝච්ච වලින් බැහැල යන්න දිහාවක් නැතුව ඔතන නැවතුන අහිංසකයොත් අහු වෙනව.

    ReplyDelete
  77. මම ගැටයා කාලෙ අපේ ගෙදර කාමරයක කුලියට දීල තිබුනා ග්‍රාම සේවක කෙනෙකුට. ඔය පෝරම එහෙම පුරවන වැඩේට මාවත් හවුල් කර ගන්නව සමහරදාට. ගමේ මිනිහෙක් හිටිය මිනිහගෙ නම උඩගෙදර ඩිංගියා.. මිනිහ අස්සන් කරන්නෙ උ ඩිංගියා කියල.
    ඔය අස්සෙම මතක් වෙනව ඇස්. හීන් බන්ඩලා එහෙම.

    ReplyDelete
  78. ඔය කියන විදිහට අයිය ඔය බුන්ට එක්ක අස්සරේ අත ඇරිලා දැන් අවුරුදු 20 ටත් වඩා වැඩිනේ
    ඉතින් අලුතින්ම අත්සන් කරපු අලුත්ම කොලයක් අය්ය ගාව තියෙන්නේ කොහොමද කියන එකනම් ලොකු පුශ්නයක් තමා
    එහෙමනම් බුන්ට ඉන්න ඕනෙත් අය්ය ගාව,
    ගිය පාර තමන්ගේම ෆොටෝ එකකුත් එක්ක අර හරක් ගැන කතාවක් දැම්ම
    ඕකෙන් මේකෙන් දැන් ආපහු කිව්වෙත් තමන්ගේම කතාවක් කියන එක සහසුද්දෙන්ම පැහැදිළියි
    මොකද "ලු" යනුත් තිබුණනේ ගමකට...

    (රහසෙන් අහන්නේ)
    ඕක කෑවට පස්සේ දවස් කීයක් බඩ ගියාද අයියේ....

    ReplyDelete
  79. @nihalw:
    පියාගේ නම: ඇන්. ඒ. සෝමපාල
    මවගේ නම: ඇල්.යූ. ඒ. සුමනාවතී
    අක්කා: වයි. රං මැණිකා
    අක්කාගේ සැමියා: ඇස්. ලොකු බණ්ඩා

    ReplyDelete
  80. @ nihalw & ඕනයා,
    ලීල් ගුණසේකරගේ "අත්සන" හෝ "පෙත්සම" පොත් දෙකින් එකක චරිතයක් හිටිය "ඇස් ලොකුබණ්ඩ" කියල

    ReplyDelete
  81. @ ලොකු පුතා,
    කොලෙය් අස්සනය්, අලුත් කියල හිතුවෙ කොහොමද?
    හරක් කතාවත් හරියට කියවල නැහැ වගේ ලොකු පුතා, එකේ පින්තුර අන්දෙත්, කතාව ලිව්වෙත්, ඒ වෙලාවෙ තමන්ගෙ බ්ලොගේ පොඩි අස්පෙට් එකක් තිබ්බ බුවෙක් කියල ලියල තිබ්බ එක "නොදකින්ඩ" හේතුවක් තිබුනද ලොකු පුතාට?
    තමන්ගෙ තර්ක හිරු දුටු අයිස් මෙන් දියවී යනු දුටු "ලොකු පුතා" ...........ඉතුරු ටික කිව්වය් කියල හිතා ගත්ත නං....හෙහ්...හෙහ්...හෙහ්....

    ReplyDelete
  82. දැං මේක උනේ දයාසේනට නෙව, බුවා ඔබා මාම මේක කියනව කියල දැන්නෙත් නෑ නෙව. කියන විදියට පුස් දොදොල් කෑවෙත් දයාසේන නෙව. ඒ සේරම කතා හරිය කියමු. පොඩි පුරස්නෙකට තියෙන්නෙ ඔබා මාමට මේ පෝස්ට් එකට දාන්න දයාසේනගෙ අත්සන ඔච්චර අළුත් කොලේක හම්බු උනේ කොහොමද කියල.

    ඇත්ත කියන්න, හොරා වගේ අපිට නොකොව්වට මේ පෝස්ට් එක දාන්න කලින් දයාසේනට කියල අත්සන ගහපු කොල කෑල්ලක් තැපෑලෙන් ගෙන්නගත්ත නේද?

    බොරුයි කිව්වොතින් එලඹෙන්න තියෙන්නෙ වෙන දරුණු කාරණාවකට.

    ඒ ඉතිං ඔබා මාමා පට්ට හොර අත්සන් කාරයෙක් කියල තමා.

    ඒ ඇරෙන්න වැරදිලාවත් ඔබා මාම පුස් දොදොල් රහ එහෙම දන්නෙ නෑ නෙව ?

    ReplyDelete
  83. @ Nawam Mawatha,
    මෙම හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉස්සෙල්ල ලෝයර් කෙනෙක් හම්බ වීමට "ඔබා" පිටත්ව යන ලදී.

    ReplyDelete
  84. This comment has been removed by the author.

    ReplyDelete
  85. මගෙ බ්ලොග් එකට දීපු ad එකට ස්තුතියි!

    ReplyDelete