My followers

Tuesday 31 January 2012

බවුන් වැඩුම


ඔබීගෙ කවි පන්තියක්, සත්‍ය සිද්ධියකි.
රස්නෙත් නෑ, සීතත් නෑ
දවස හොඳය් හැන්දෑවේ
සක්මන සිහියේ රඳවා
පාරට බැස්සා
පාරෙ දුවන වාහන ගැන
සුවසෙත සඳහා ඇවිදින
කිසිවෙක් ගැන නැත සිතුවේ
පියවර නැගුවා
බඹයක් දුර ගැන සිතලා
ඒ දුර මත දෙනෙත් යොමා
වම දකුණට සිහිය තබා
සක්මනෙ යෙදුනා
එලෙස ටිකක් දුර යන විට
එක්තැන් සිත නෑ කලබල
තවත් විරිය රැගෙන සිතින්
දෙපා පෙරළුවා
පියවර නගනා පාරට
සමීපයේ ඇති ගෙවල්ද
පසුවන්නට ඇති නොදැනිම
සතියද තිබුනා
කවරෙක් හෝ ඈත සිටන්
මදෙස බලා සිටින්න ඇති
අසල තිබූ ගසක් මුල
සැඟවී ගත්තා
සීරු මාරුවෙන් සිහියෙන්
පසු කරනා විට එම තැන
සද්ද නගා සිනා සිසී
මදෙසට පැන්නා
කලබල නැති පුහුණු සිතක්
තිබුණු නිසා මා නැවතී
මුනිවත රැක සිනහ වෙලා
ඒ දෙස බැලුවා
අසල ගේක නිවැසි කෙනෙක්
රැව්ල වවා ගත් මිනිසෙක්
බිය කල මුත් මදෙසට පැන
කෝපය නාවා
ඉතිරි දුරත් ගෙවා දමා
පැයකින් ආපසු එද්දී
බවුන් වැඩුම නැවතී ගොස්
ඒ තැන බැලුනා
ගමනක් ගොස් කාරයකින්
බසින ගමන් මා දැක ඔහු
සිදු වූ ඒ දේ හඟවා
සමාව යැද්දා
මුවට නැගුන මද සිනහව
තුලින් ඔහුට දී සමාව
බවුන් වැඩුම නවතා මා
නිවසට ආවා

93 comments:

  1. ඔබා අංකල්ට ඔබී හම්බු වුන දවස ගැනද මේ ලියල තියෙන්නෙ!://

    ReplyDelete
  2. හයියෝ .. මට කවි ලියන්න නං තේරෙන්නේම නැත.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔබා රිටර්න් එක දුන්නෙ නැද්ද.. එහෙම කොහොමද යකෝ ඔබී බය කරන්නෙ....

      Delete
    2. යකෝ මට මේක තේරෙන්නෙම නැද්ද

      Delete
  3. බවුන් වැඩීම කෙසේ වෙතත් "බැබුන් ලැබීම" වගේ තමයි මටත් ක්ලික් වෙන්නේ.

    ReplyDelete
  4. ඇත්තටම මේක උනේ දැනට අවුරුදු පනහකට හැටකට විතර කලින් වෙන්න ඇති නේද ඔබා සියේ?

    ReplyDelete
    Replies
    1. නුවන් තාරක,
      ඔබීයි, මායි, හමු වුනේ අවුරුදු 50 කටත් වඩා ඉස්සර පුතා.

      පැණි දොඩම්,
      //යකෝ මට මේක තේරෙන්නෙම නැද්ද//
      තණමල්විල පැත්තේ වත් ගියාද ඊයෙ හවස් ජාමෙ? හෙහ්...හෙහ්....

      පොඩි මෑන්,
      හිනා කෑවට කමක් නෑ, 'හිනා කාල මැරෙන්න' නං එපා

      දුමී,
      ඔබීට 'බැබුන් ලැබුනෙ ' අවුරුදු 32 කටත් ඉස්සෙල්ල :-))

      නිසුපා,
      පොඩි මෑන්ස් ගෙ උත්තරේම තමා ..හෙහ්..හෙහ්...

      රෙප් මහත්තයා,
      අවුරුදු 40 කට විතර ඉස්සර, රෙප් මහත්තයෙකුට වෙච්ච වැඩක් මෙතනට ගියොත් බලා ගත්තෑකි.
      http://observer-nireekshaka-observer.blogspot.com.au/2011/08/grand-hotel-kurunegala.html

      Delete
    2. ඔය කියන පෝස්ට් එකට අම්බලම කියන නමින් කමෙන්ට් එකක් දාල තියෙන්නේ මමම තමා ඔබා සියේ.. හෙහ්,, හෙහ්.. හෙහ්,,

      Delete
  5. ඊට පස්සෙ බවුන් වැඩුවෙම නැද්ද? මම මේ කවි ටික කොහේදි හරි දැක්ක......

    ReplyDelete
  6. නැන්දට මාමව හම්බ වෙච්ච දවස ගැන වෙන්ටෑ.
    කෝමද රැවුල වවාගත්ත එකෙක් නැන්දෑ ඉස්සරහට පැන්න ගමන් නැන්දා කුඩේන් තුන හතරක් දුන්නා නම්. හික්ස් :)

    ReplyDelete
  7. "සද්ද නගා සිනා සිසී
    මදෙසට පැන්නා"

    වර්ණපාලට උපදෙස් දුන්නේ ඔබා මාමා වගේ.

    ReplyDelete
  8. ඇත්තටම මොකක්ද මාමේ එදා වුනේ. ඔබිගේ ප්‍රතිචාරය ලැබුනේ සේරප්පුවකින් නේද?

    ReplyDelete
  9. අප්පද බොල..

    "මග තොට රැදි නෙත් දහක් වසා - මතකද අප නෙත් කතා කලා"

    ReplyDelete
  10. ඇයි හත්තිලව්වේ දැක්ක ගමන් ඇඟට පනින්න මොන තරම් විසයක් තිබිලද?

    ReplyDelete
    Replies
    1. ඊ මේල් කවි කාරී,
      ඔබාට කොහෙද රැවුලක් ?

      රාජ්,
      ටික කාලෙකට ඉස්සර 'අන්තිම පේලියේ' පබ්ලිෂ් කොරපු එකක් මේක

      මධුරංග,
      අමතක වුනාද ඔබී හිටියේ සක්මන් භාවනාවක කියල? :-)

      ඉඳුනිල්,
      වර්ණපාල කොහෙද පැන්නෙ, සරමෙන් ඔලුවත් වහගෙන කෑ ගැහුවෙ, 'ෆැමිලි ජුවෙල්ස් ' ටිකත් එළියෙද දන්නෑ

      අසරණයා,
      'පාදපරිචාරිකාව ' කියන එකේ තේරුම වත් දන්නෑ වගේ

      සෑම්,
      හෙහ්..හෙහ්...සෑම් සිංදුත් දන්නව එහෙනං ඈ....

      මල්මධාරා,
      කෙල්ලෙක්ද, කොල්ලෙක්ද ? බ්ලොග් එක පටන් ගන්නෙ කවද්ද?

      Delete
  11. අ.පේ න් එක සැරයක් කියවලා කමෙන්ටුවක් දැම්ම.. ඒ කාලෙ...
    අද කියන්න තියෙන්නෙ, නිතර දෙවේලෙ ඔබා අයියගෙ මූණ දකින කොට රැවුල වවා ගත්ත යකෙක් ඇඟට පැන්නත් බය වෙයිද ඔබා අක්කා ? අහලා නැද්ද අයියෙ හැමදාම දකින කුකුලගෙ කරමලේ සුදුයි කියලා

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව.. මට ආයේ කියන්නට යමක් නැත.

      Delete
    2. වෙනි අයියා අත්දැකීමෙන් කියන්නේ. රැවුලට බය වෙන්නෙම නැති කොට පාට කන්නාඩි දාලත් බැලුවනේ..

      Delete
  12. වෙනියා උත්තරය ලෙසටම දී ඇත,

    ReplyDelete
  13. මමත් කවි වලට බට ලයිට්.. ඒත් මොකෙක්දෝ පැනපු කතාවක් නම් තේරුනා.. මටත් හිතෙන්නේ මුල්ම හමුවද කොහෙදෝ....

    ReplyDelete
    Replies
    1. වෙනියා,
      බොල මගෙ මූන ඒතරන් අජූවද ?

      ක්සැන්ඩර්,
      බොගෙනුත් අහන්න තියෙන්නේ ඒකම තමා

      ඉඳුනිල්,
      හුහ්...ඒක මිසක්

      සෙන්නා,
      මුල්ම හමුව අපි දෙන්නටත් මතක නෑ බොලේ, අවුරුදු 50 කටත් ඉස්සර හෙහ්..හෙහ්..

      Delete
  14. ‍රැවුල අමතක කරමු. බමන මතින් හිටියනම් ඉතින් කවුද කියලා කියන්න ඕනෙ නෑනෙ.
    මරු කවි පන්තිය ඔබී අක්කෙ. ඒක නෙවෙයි ලංකාවට ගිහින් එනකොට මොනවද ගෙදර කරලා තිබ්බ විනාස?

    henryblogwalker the dDde

    ReplyDelete
  15. කිවුවත් වගේ වෙනියා උත්තරේ දීලා තියෙන්නෙ.. ආයෙ මක්ක කියන්නෙයි..

    ඒක නෙවේ, මොකෝ මේ මහ රෑ ජාමෙ පෝස්ට් දාන්නෙ..?? නින්ද යන්නෙ නැද්ද..??

    ReplyDelete
  16. ඔබා මාම යකෙක් වගේ පැන්න එකේ ඉදලා ඔක්කොම මැවිලා පේනවා. සික් ඔබා නැන්දයි, උන්දැගේ කවියටයි කරන ගෞරවයක් කියලා හිතලා මම නිකං ඉන්නවා. නැත්තං සෙනසුරාදා කෙලින්ම අරහෙ වැටෙන්ඩ තිබ්බා නිල් කැටේට මේ සිද්දිය රූප රාමු එක්කලාම.

    ReplyDelete
  17. සිද්ධිය කොහොම උනත් පද පේලි ටික නං මරේ මරු .......

    ReplyDelete
  18. මේකට මං දාපු කමෙන්ට් එක කෝ.....

    මං කිව්වෙ ඔබා නැන්දටයි, මේ ලස්සන කවි වැලටයි කරන‍ ගෞරවයක් විදිහට සලකලා සෙනසුරාදා රූප රාමුවට ඔබා මාමාගෙ යක් රංගනේ වැටෙන එක නැවැත්තුවාය කියලා... ඒක හොයලා පල කරන එකයි තියෙන්නෙ....

    ReplyDelete
  19. මේකට මං දාපු කමෙන්ට් එක කෝ.....

    මං කිව්වෙ ඔබා නැන්දටයි, මේ ලස්සන කවි වැලටයි කරන‍ ගෞරවයක් විදිහට සලකලා සෙනසුරාදා රූප රාමුවට ඔබා මාමාගෙ යක් රංගනේ වැටෙන එක නැවැත්තුවාය කියලා... ඒක හොයලා පල කරන එකයි තියෙන්නෙ....

    ReplyDelete
  20. හික් හික්... මොනා කියන්නද මන්ද...ඔබි නැන්දට හොඳට කවි ලියන්න පුළුවන් වගේ කියල විතරයි මම නම් කියන්නෙ..

    ReplyDelete
  21. ආව් ආව් කෙල්ලට ලව් එකක් එන්න පටන් අරන්..... (එ්කාලේ ඈ දැන් නාකි නැතෑ...)

    ReplyDelete
  22. අර දුමී අයිය කිවුව වගේ බවුන් වඩා බැබුන් ලැබීම... :D

    ReplyDelete
  23. එහෙනම් සතියක් කුරුමානම් අල්ලලයි පැන්නේ ඈ . ..

    ReplyDelete
  24. කවි ටික නම් හරිම අපූරුයි . ..


    බොහෝම සරලව ගලා යන රිද්මයකින් ලියලා තියෙනවා . .

    ඔබී නැන්ඳා අක්කට හොඳ ටේස්ට් එකක් තියෙනවා වගේ . . .
    (එක දෙයයි වැරදි ටේස්ට් එකක් වෙලා තියෙන්නේ . . නේද . . )

    ReplyDelete
  25. මට නම් මේ කවිය මුල ඉඳන් අගටම අකුරක් නෑර තේරුණා... ඔබා ඇන්ටි ගැන ලොකු ගවුරවයකුත් ඇතිවුණා... තව කවි තියේනම් නිතරම දාන්ඩෝ...

    ReplyDelete
  26. ලස්සන කවි පෙලක්. සිත සංසුන් වෙනවා, අර මැදට පනින ඔබා දකිනකල්.
    පින්තූරෙත් කවි පන්තියට නියමෙට ගැලපෙනවා.
    ඔබී මාර දක්ෂයි කීවා කියන්ට. :D

    ReplyDelete
  27. //කවරෙක් හෝ ඈත සිටන්
    මදෙස බලා සිටින්න ඇති//

    ආයිෂ් අප්පා ගුංඩු...

    ReplyDelete
    Replies
    1. ඩුඩ්,
      ඔබී කියන්න කිව්ව ගෙදර තිබුනටත් වඩා හොඳට සහ පිරිසිදුවට තිබුන කියල

      බුරා,
      කොමෙන්ට් එකට පරණ බයිලයක් මතක් වුනා. අහලත් ඇති 'අත වනනව...බෑ කියනව...රෑ දොළහට...නින්ද නැතුව...' වගේ වචන තියෙන එක.

      ටෙම්පල් ජන්ෂන්,
      පද පේලි ටික හොඳ නං ඉතින් වෙන මොනවද. මෙන්න ඔබී වෙනුවෙන් මගෙන් 'තෑන්ක් යූ' එකක්.

      ශානි,
      ඔබී නැන්ද වෙනුවෙන් 'තෑන්ක් යූ '

      නරකයා,
      බොලාම තමා පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට 'නාකි විසේ, ගෙටත් උසේ ' කියන්නෙත්

      පොඩි මෑන්,
      පල පල යන්න

      දුකා,
      ඒකටද මාව ටේස්ට් එකට ගන්න හදන්නෙ ?
      [ ඔබීට නියමෙට, ටේස්ට් එකට බයිට් හදන්නත් පුළුවන් ඈ.....]

      බීට්ල්,
      හප්පේ ඇති යාන්තන් මාව බයිට් එකට ගත්තු නැති කොමෙන්ට් එකක් කියවන්න හම්බුනා.....තෑන්ක් යූ...බොක්කෙන්ම

      පොඩි කුමාරිහාමි,
      එනකොට එන්නෙ දෙක දෙක, බීට්ල් ජාතියේ තව කොමෙන්ට් එකක්. තෑන්ක් යූ. ඔබීට කියන්නන් අනිවා ඩෙෆා.

      සපතේරු උන්නැහේ,
      //ආයිෂ් අප්පා ගුංඩු...//
      අපි පොඩි කාලෙ වචන ටිකක්...හෙහ්...හෙහ්...

      Delete
  28. ඔබා මාමේ නරකද මේකට පිළිතුරු කවියක් ලිවුවොත්..

    ReplyDelete
  29. කවුරු වුනත් ඉක්මනටම ජීවිතේ ගොඩ දාගන්න පාටයි...අපිට හොඳ ආදර්ශ මේව.නියම කවි පොඩ්ඩ මාමේ

    ReplyDelete
  30. කවුද බොලේ අර රැවුල කාර පිස්සා?

    මා අපේ සුරතලා රිකියාව, ඇවිද්දන්න යද්දී පොඩි කෙල්ලෙක් සැඟවී සිට මගෙ ඉස්සරහට පැන්නා, මං බොරුවට භය උනා වගේ පෙන්නුවා, මේ කෙල්ල හැම තැනම කිය කිය ඇවිදිනවා මාව භය කළ විදිය.
    හරිම හුරතල්
    මං බල්ලව අල්ලගෙන ආ විදිය, භය උන විදිය පෙන්වන හැටි..

    ReplyDelete
  31. වෙනි අයියා දීලා උත්තරේ. එතනින් එහාට කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  32. ඔබා අයියේ වැඩේ හරියන්නේ නැහැ..ප්ලේස් එක නැති වෙන්න වගේ යන්නේ...

    ReplyDelete
  33. .
    බවුන් වඩන්නට යනවිට අපේ ඔබී
    බබුන් වගේ ආවාලූ ඇයගේ හබී
    බවුන් වඩන්නට නැතිදෝ ඇයට ලැබී
    පෝරිසාදයෙක් ඔහොමලු ඇත්තෙ ලැබී

    ReplyDelete
  34. මාත් කිව්වේ ලියල තියෙන කවි ටික දාල බ්ලොග් එකක් පටන් ගන්න කියල . එක්කෝ මේකෙම දාන එක හොඳයි . වෙන කොහෙද මේ වගේ විද්වත් විචාර හම්බ වෙන්නේ , නැද්ද .
    සරලයි , රිද්මයක් සහ හොඳ තේරුමකුත් තියෙනවා . සුබ පැතුම් ...

    මට මතක් වෙන්නේ අභිමාන් ෆිල්ම් එක . ඔන්න ටික ටික කොල්ලගේ සින්දු වලට වඩා කෙල්ලගේ සින්දු ජනප්‍රිය වෙනවා . කොල්ලට මේකට ඉරිසියයි . හැබැයි අන්තිමට යුග ගීයක් කියල ආයෙම එකතු වෙනවා .

    ReplyDelete
  35. ithin obi anty ta kiyannako blog ekak patan ganna kiyala.niyamai kavi tika.

    ReplyDelete
  36. බවුන් වඩන ගෑනු කෙනෙකුටවත් පාඩුවෙ ඉන්න දෙන්නෙ නැති හැටි...

    ReplyDelete
    Replies
    1. අන්තිමේදි අක්කට උනේ "බබුන් වඩන්න" . . .

      Delete
  37. හරි හරි හරි ඔබා අයියා..ගැන මුලින්ම ඔබිගේ හිතේ අංකුයක් පැල කොරවපු සිද්දිය නොවැ..හික්..මදැ බවුන් වැඩුවා..

    ReplyDelete
    Replies
    1. Dinesh,
      සොරි ඩොට්.කොම්. මට කවි ලියන්න තියා කියවන්නත් ටිකක් අමාරුයි...හෙහ්...හෙහ්...

      kassa,
      තෑන්ක් යූ ඔබී වෙනුවෙන්

      Dayal Bathee
      අපිටත් ඉන්නව යාන්තන් අවුරුදු තුන පැනපු මුනුපුරෙක්. ඌ තමා දැන් අපි දෙන්නගෙ ජීවිතේ

      ගොඩයා,
      අනේ පලයන් යන්ඩ

      Chamma,
      ඔව්..වොව්... කෙළවෙන්ඩ වගේ යන්නෙ

      ගිම්හානි,
      හප්පේ මං හිතාන හිටියේ තරහම තරහ වෙලා කියල.
      මටත් කවි ලියන්න පුළුවන් කම තිබ්බ නං, කවියට කවියෙන්ම දෙනව හොඳ උත්තරයක්...හෙහ්..හෙහ්..

      Bindi
      //වෙන කොහෙද මේ වගේ විද්වත් විචාර හම්බ වෙන්නෙ//
      අනේද කියන්නෙ...හෙහ්..හෙහ්..
      ' අභිමාන් ' නම් බලල නෑ, ඒ වුනාට ටිපිකල් හින්දි ෆිල්ම් එකක් වගේ.
      //සරලයි , රිද්මයක් සහ හොඳ තේරුමකුත් තියෙනවා . සුබ පැතුම් ...//
      තෑන්ක් යූ, ඔබී වෙනුවෙන්

      Nadee,
      Thank you . ඔබී blog ලියන්න ගත්තොත් කව්ද මට උයල කන්න දෙන්නෙ...හෙහ්..හෙහ්...

      Praසන්ன
      ඒක නේන්නං.
      ඕනයා, උඹත් ඕනේ එකටයි, එපා එකටයි...නෑ ඕනෙ නෑ...කිව්ව කියල හිතා ගනින්.

      Raj
      ඔබීටයි, මටය්, අංකුර පැල වුනේ පොඩි කාලෙ...හෙහ්..හෙහ්...

      Delete
  38. ඔබී නැන්දාගෙ සංසුන් කම ගැන මනාව පේනවා මේ කවි පන්තියෙන්. ඇත්තම කියනවනං සන්සුන් කෙනෙකුට හම්බවෙන්න ඕනැ හොඳම කෙනා තමා එයාට හම්බවෙලා තියෙන්නෙ. ආයෙත් සැරයක් ඇත්තම කියනවනං සන්සුන් කෙනෙකුට හම්බ‍වෙන්න ඕනැ ටිකක් මැන්ටල් කේස් එකක් තමා. එතකොට තමා දෙන්නා ගහට පොත්ත වගේ කැපෙන්නෙ. දෙන්නම සන්සුන් උනොත් හරි දෙන්නම මැන්ටල් උනොත් හරි එතන පොඩි මෙව්වා එකක් හිටිනවා.

    එහෙම බලද්දි ඔබී නැන්දත්, මැන්ටල් මාමාත් දෙන්නම වාසනාවන්ත අය. මගෙන් සුබ පැතුම්!

    මේක කියවද්දි සෙනසුරාදා සිත්තරේට හොඳ විදිහට චිත්ත රූප මැවුනත්, කවිටයට මෙව්වා එකක් වේය යන කාරණාව පෙරදැරි කරගෙනත් ඔබී නැන්දගේ සංසුන් කමට කරන ගෞරවයක් විදිහටත් මේක සිතුවම් ගත කිරීම නවතා දමනවා.

    ..............

    දැන් තමා වැදගත් කොටහ.
    මම ඊයේ රෑ මේක දැක්ක වෙලේ ඉඳං කමෙන්ට් 3ක් දැම්මා. එකක් වත් මෙතන නෑ. මං ඔබා මාමගෙන් ගෞරවෙන් ඉල්ලා සිටිනවා ඒ ගැන සොයා බලන්න කියලා. ඒ වගේම මේ ගැන සොයන්න ත්‍රිපුද්ගප හෝ පංච පුද්ගල කමිටු පත්කොරලා මට අගෞරව කරන්න එපා කියලත් ඉල්ලනවා....

    බලමු මේක වත් පලවෙයිද කියලා!

    ReplyDelete
  39. ලස්සන පද පේලි ටිකක්

    කාට වුනු සත්‍ය සිදුවීමක්ද?
    කොහොම උනත් මුහුනු දුන්න කෙනා නම් නිවිච්ච කෙනෙක් පාටයි

    ReplyDelete
    Replies
    1. මොන නිවිල්ලක්ද . . . . ඔබා එක්ක එක වහලක් යටට වෙච්චිදා ඉඳං ඒ මනුස්සය ඉන්නෙ පිච්චි පිච්චි

      Delete
  40. ඔය තියෙන්නේ ඇනෝ කොමෙන්ට් වලට හපන් එව්වා.. මක්කා වුනත් ලස්සන කවි පන්තිය...

    ReplyDelete
  41. බවුන් වඩන්නවත් දීල නෑනේ මේ මනුස්සය...

    වෙනි අයියා +++++++++++++

    ReplyDelete
  42. අනේ හොඳයි ඔබී අපේ මේකට ආවා
    ඔබාගෙ වල් පඳුරු අතරෙ මල් ගස් මේවා !!

    ReplyDelete
  43. ඔබී නැන්දාගෙන් නියම කවි ටිකක්.....

    ReplyDelete
  44. දැන් ඉතින් පවුල් පිටින් බ්ලොග් ලිව්වනම් හරි.

    ReplyDelete
    Replies
    1. කෙලල තියෙයි එදාට . . . ඔයා හිතන්නෙ මේ ලොක්ක හිච්චි කෙල්ලංගෙ, කොල්ලංගෙ බ්ලොග් වල ලියන කුනුහබ්බ අක්ක දැක්කොත් එදාට මොනවායිං මොනව වෙයි කියලද ???

      Delete
  45. හරිම අපරාදයක්නෙ කරලා තියෙන්නෙ.
    මම කියුවෙ ඔබී ලියන්න ඕන බ්ලොග් එක වෙන කෙනෙක් ලියන එක ...
    හික් හික්

    ReplyDelete
  46. මේ වගේ කවි වලට තමයි මම ගොඩක්ම ආස . සරලයි ලස්නයි . පට්ටයි .. මමත් ලියන්නෙම මේ මේ වගේ ඒවනේ ..

    ජය වේවා ඔබා ඇන්ටි ..

    ReplyDelete
  47. ජයම වේවා! ඔබී අක්කේ. හරිම සරලව ලියවුන ලස්සන පද පෙලක් අක්කේ. සතිය කඩන්නට ඔය එක එක හොල්මන් ආවට හැකිය. සිහියෙන් ඉන්නාවිට කාටවත් බැහැ නොවැ ඒක වෙනස් කරන්නට.

    ReplyDelete
  48. ඔබී නැන්දට හොඳ හැකියාවක් තියෙනවා නේන්නම්..
    කවි ලස්සනයි කිව්වා කියන්න

    ඔබා මාම කුස්සියේ වැඩ කටයුතු ටික බලා කියාගෙන ඉඳලා ඔබී නැන්දට බ්ලොග් එක බලා ගන්න කිව්වනම් නරකද. :)
    එහෙමත් බැහැ වගේ, හැමදාම මේවම තිබිල හරි යන්නෙත් නැහැනේ
    ඔබා ස්පෙෂල් ටිකක් නැතුව නිකන් මොකක්ද මොකක්ද වගේනේ

    ReplyDelete
    Replies
    1. නිශ්,
      ඔබීට වෙච්ච ඇත්ත සීන් එකක්.
      ඕනයා,
      පහලින් තියෙනව බුද්ධිගේ කොමෙන්ට් එකක්, අන්න ඒක කියවල බලහං

      මාතලන්,
      තෑන්ක් යූ.
      ඇනෝ කොමෙන්ට් මොකටද, ඕනය හිටියම හොඳටම ඇති

      පිස්සා,
      ඔය ඕනයා, වෙනියා, එහෙම එකට බොන බෙබේල. උඹත් ගිහිං උන්ගෙ වලේම වැටෙන්නද හදන්නෙ ?

      ජය්යා,
      උඹටත් නාකි වුනත් කමක් නෑ, ගෑනියෙක් ලිව්වොත් කිව්වොත් ඒක හොඳා

      නිසුපා
      ඔබේ වෙනුවෙන් තෑන්ක් යූ. බිත්තර කථාවෙන් පස්සෙ ලඟදි මොකුත් ලිව්වෙ නෑ නේද ?

      පිනිබිඳු
      අදහස හොඳයි...හැබැයි ටිකක් විතර පැහැදිලි මදි...එතකොට උයන්නෙ පිහන්නෙ කව්ද ? හෙහ්...හෙහ්...
      ඕනයා, යකෝ තෝ මගෙ පූරුවෙ වයිරක්කාරයෙක්වත්ද ?

      ලොකු ජෝන්,
      ඔබී මං ලියන ඒවා කියවන්නෙ නැති නිසා හොඳා.

      සඳරු පුතා,
      ඔබී නැන්ද වෙනුවෙන් තෑන්ක් යූ.

      චන්දි,
      ඔබී වෙනුවෙන් තෑන්ක් යූ.

      ලොකු පුතා,
      ඔය තේරිලා තියෙන්නෙ අගේට, පහලින් තියෙන බුද්ධිගෙ කොමෙන්ට් එකත් බලන්නකො

      Delete
  49. දීර්ඝයුෂ සමග සුභ පතනව. ඔහොම සුන්දරව ඔය කාලෙ ඉන්න හැමෝටම බෑ!
    මට හිනා ගියෙ නෑ, ඒත් මහ බරක් දැනුන, ඒ තනියම ඉන්න අම්මයි පන්සල් ගානෙ සීල ව්‍යාපාර ගානෙ ගිහින් විශ්‍රාම සුව විඳින තාත්තයි මතක් වෙලා වෙන්නැති!

    ReplyDelete
  50. ඔබී නැන්දාගෙ සංසුන් කම ගැන මනාව පේනවා මේ කවි පන්තියෙන්. ඇත්තම කියනවනං සන්සුන් කෙනෙකුට හම්බවෙන්න ඕනැ හොඳම කෙනා තමා එයාට හම්බවෙලා තියෙන්නෙ. ආයෙත් සැරයක් ඇත්තම කියනවනං සන්සුන් කෙනෙකුට හම්බ‍වෙන්න ඕනැ ටිකක් මැන්ටල් කේස් එකක් තමා. එතකොට තමා දෙන්නා ගහට පොත්ත වගේ කැපෙන්නෙ. දෙන්නම සන්සුන් උනොත් හරි දෙන්නම මැන්ටල් උනොත් හරි එතන පොඩි මෙව්වා එකක් හිටිනවා.

    එහෙම බලද්දි ඔබී නැන්දත්, මැන්ටල් මාමාත් දෙන්නම වාසනාවන්ත අය. මගෙන් සුබ පැතුම්!

    මේක කියවද්දි සෙනසුරාදා සිත්තරේට හොඳ විදිහට චිත්ත රූප මැවුනත්, කවියට මෙව්වා එකක් වේය යන කාරණාව පෙරදැරි කරගෙනත් ඔබී නැන්දගේ සංසුන් කමට කරන ගෞරවයක් විදිහටත් මේක සිතුවම් ගත කිරීම නවතා දමනවා.

    ..............

    දැන් තමා වැදගත් කොටහ.
    මම ඊයේ රෑ මේක දැක්ක වෙලේ ඉඳං කමෙන්ට් 3ක් දැම්මා. එකක් වත් මෙතන නෑ. මං ඔබා මාමගෙන් ගෞරවෙන් ඉල්ලා සිටිනවා ඒ ගැන සොයා බලන්න කියලා. ඒ වගේම මේ ගැන සොයන්න ත්‍රිපුද්ගප හෝ පංච පුද්ගල කමිටු පත්කොරලා මට අගෞරව කරන්න එපා කියලත් ඉල්ලනවා....

    බලමු මේක වත් පලවෙයිද කියලා!

    ReplyDelete
    Replies
    1. කාට නැතත් ඔබා උඹට බයයි වගේ බුද්ධියො.. :)

      Delete
  51. බූරා,

    නැතුව ඔය මොන දෙසේ හිටියත්, මුතුඇටේට පය තියලා ගෙදර යන්ඩ පාරට දාන්ඩ ඕනෙ අලේ ගෙවල් පාරෙන්නෙ.... මිනිහා ඔහොම හිටියට කාරනා කාරණා හොඳට දන්නවා....

    ReplyDelete
  52. ඔබාට කවි ඇලජික් කියලා කිව්වට මොකද ඔබීගේ කවි වලට ඇලජික් කිව්වොත් ඔබා වසලා හමාරයි...නැද්ද????

    ඔබීට කියන්ට කවි පංතිය කියෙව්වා..ලකුණුත් දුන්නා කියලා...

    ReplyDelete
  53. අවන්කවම කියන්න හිනාවෙලා ආවා විතරද?

    ReplyDelete
  54. ගෙදර ඉන්න යකා එක්‌ක බල්ද්දි මෙක බයවෙන්ට කාරියක්‌ ද කියල ඔබී නැන්දට හිතෙන්ට ඇති.

    ReplyDelete
  55. ඉතින් ඊට පස්සෙ??? ඔබා මාම පිළිතුරු කවියක් ලිව්වෙ නැතෙයි..???

    ReplyDelete
  56. අක්කම කයි ලියන නිසා හොඳයි . . . . ඔබ්සර්වර් අයිය ලිවුව නං . . . කයිය පරවෙනව

    ReplyDelete
  57. මට සියබස්ලකර මතක් උනා මේක කියෙව්වම....

    ReplyDelete
    Replies
    1. ඉන්දික උපශාන්ත
      සුභ පැතුමට ස්තුතියි.
      කොමෙන්ට් ඒක කියෙව්වම මටත් කුතුහලයක් එක්ක පොඩි හිතේ බර ගතියක් දැනුන. ඒත් දෙන්න සන්තෝෂෙන් ඉන්නව නං ඒකත් ලොකු දෙයක්.

      බුද්ධි,
      ඈ බොලේ ඒ කියන්නෙ මං මැන්ටල් කියලද ? මේක පළ කොරන්න නෙමේ තිබ්බේ, හමස් පෙට්ටියටම දාන්න.
      බුරා,
      'බය' මොකද්ද ඒ ?

      කැන්ඩියන්,
      අතක් පයක් කඩා ගන්නද කියන්නෙ ?
      ඔබී වෙනුවෙන් තෑන්ක් යූ.

      Shaggy
      මං බොරු කිව්වත්, හැම පසළොස්වකටම සිල් ගන්න ඔබී බොරු කියයිද ?

      geeth
      වට් ෆො ද ටෙලින් කිව්වලු

      Ashieee
      හෙහ්..හෙහ්..මං ලියන කවි, ලියනවා තියා කවි කියවන්නත් හොරයි මං

      ඕනයා,
      බලහං මේ ලස්සනට, පිරිසිදුව, ලියන බ්ලොගේ, උඹ ඇවිල්ල දෙපිට කැපෙන ඒව ලියල නිකං කක්ක කරල යන්න ලැජ්ජ නැද්ද බොට ?

      ඔබ නොදු‍ටු ලොවක්
      අහල නං තියෙනව, කියවල නං නෑ.එහෙම මතක් වෙන්න හේතුවත් කියල ගියා නං

      Delete
  58. මගෙ ඊය හම්බ උනාදෝ ????

    ReplyDelete
    Replies
    1. හෙව්වා, ඒ වුනාට හම්බ වුනේ නෑ.

      Delete
  59. කලින් ලිපි කියවල තිබුනත් අදයි කොමෙන්ටුවක් දැම්මෙ..

    ලස්සනයි කවිටික ඔබා මාමේ....

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කලාට සහ, අගය කලාට, ඔබීගෙයි මගෙයි ස්තුතිය පිළිගන්න

      Delete
  60. කොහෙද මම කියන්න හිටපු එකම නදී කිව්වනෙ .. මට කලින් ම.

    ReplyDelete
  61. නදීට දීපු උත්තරේම තමා, මරදානෙ මාළිගාවෙ වාසය කොරන කුමාරයටත්...හෙහ්...හෙහ්...

    ReplyDelete
  62. //අසල ගේක නිවැසි කෙනෙක්
    රැව්ල වවා ගත් මිනිසෙක්
    බිය කල මුත් මදෙසට පැන
    කෝපය නාවා//

    මේ කවිය කියන්නේ මමලු:

    එකම ගේක දෙන්නා තුටින්
    කොණ්ඩේ හැලී ගිය කුමරෙක්
    කියවන මුත් මෙය තරහින්
    කෝපය නාවා
    ----------------------------------
    මේක කියන්නේ මගේ කවිය කියවපු ඔබා මාමාලු:

    පෙර කල පවට
    කොණ්ඩය හැලී ගිය කලට
    රැව්ල මට කුමට
    කපමි රැව්ලද හෙට උදේට

    නැද්ද ඔබා මාමේ ඕං පොඩි බයිටක් දෙන්න ආවේ දමනය කරන ලද මනාව පුහුණු කරවපු හිතෙන් බලන්නකෝ.....පැහැදිලි සරල ලස්සන කවි පන්තියක් ඕං හොඳට තේරෙනවා කියවද්දි...ඔබී නැන්දාට ජය වේවා

    ReplyDelete
  63. //පැහැදිලි සරල ලස්සන කවි පන්තියක් ඕං හොඳට තේරෙනවා කියවද්දි...ඔබී නැන්දාට ජය වේවා//
    මේ ටිකට තෑන්ක් යූ එකක් ඔබී සහ මගෙන්.

    උඩ කවි දෙකම ලියවිලා තියෙන්නෙ ඔබාට තට්ටෙ පෑදිලා කියල හිතාගෙන නිසා චුටි නිවැරදි කිරීමක් කොරන්නං. ඔබා නාකියි නං තමා , ඒ වුනාට තාම තට්ටෙ පෑදිලා නෑ කියල කනගාටුවෙන් වුනත් කියන්න සිද්ධ වෙනව....හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි කොණ්ඩේ තියෙනවනේ ඒත් පින්තූරේ දැක්කම පේන්නේ නෑ වගේ මගේ ඇස් අප්සට් හි හි මං මේ ගොඩ කාලෙක ඉඳන් කියන්න හිටියේ ඔබා මාමාට ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් වගේ පෙනුමක් තියෙන්නේ

      Delete
  64. හරි අපූරු මේ කවි ටික
    අනේ මෙමට මග ඇරිලා
    ලැජ්ජාවෙන් පස්සේ ඇවිත්
    කමෙන්ට් කරන්නේ....

    ReplyDelete
    Replies
    1. අපෝ ලැජ්ජ වෙන්න එපා, මටත් ඕක වෙනව අනන්තවත්...හැබැයි මට නං නාකි හින්ද කීහැකි....හෙහ්...හෙහ්....

      Delete