ඔබීගෙ කවි පන්තියක්, සත්‍ය සිද්ධියකි.
රස්නෙත් නෑ, සීතත් නෑ
දවස හොඳය් හැන්දෑවේ
සක්මන සිහියේ රඳවා
පාරට බැස්සා
දවස හොඳය් හැන්දෑවේ
සක්මන සිහියේ රඳවා
පාරට බැස්සා
පාරෙ දුවන වාහන ගැන
සුවසෙත සඳහා ඇවිදින
කිසිවෙක් ගැන නැත සිතුවේ
පියවර නැගුවා
සුවසෙත සඳහා ඇවිදින
කිසිවෙක් ගැන නැත සිතුවේ
පියවර නැගුවා
බඹයක් දුර ගැන සිතලා
ඒ දුර මත දෙනෙත් යොමා
වම දකුණට සිහිය තබා
සක්මනෙ යෙදුනා
ඒ දුර මත දෙනෙත් යොමා
වම දකුණට සිහිය තබා
සක්මනෙ යෙදුනා
එලෙස ටිකක් දුර යන විට
එක්තැන් සිත නෑ කලබල
තවත් විරිය රැගෙන සිතින්
දෙපා පෙරළුවා
එක්තැන් සිත නෑ කලබල
තවත් විරිය රැගෙන සිතින්
දෙපා පෙරළුවා
පියවර නගනා පාරට
සමීපයේ ඇති ගෙවල්ද
පසුවන්නට ඇති නොදැනිම
සතියද තිබුනා
සමීපයේ ඇති ගෙවල්ද
පසුවන්නට ඇති නොදැනිම
සතියද තිබුනා
කවරෙක් හෝ ඈත සිටන්
මදෙස බලා සිටින්න ඇති
අසල තිබූ ගසක් මුල
සැඟවී ගත්තා
මදෙස බලා සිටින්න ඇති
අසල තිබූ ගසක් මුල
සැඟවී ගත්තා
සීරු මාරුවෙන් සිහියෙන්
පසු කරනා විට එම තැන
සද්ද නගා සිනා සිසී
මදෙසට පැන්නා
පසු කරනා විට එම තැන
සද්ද නගා සිනා සිසී
මදෙසට පැන්නා
කලබල නැති පුහුණු සිතක්
තිබුණු නිසා මා නැවතී
මුනිවත රැක සිනහ වෙලා
ඒ දෙස බැලුවා
තිබුණු නිසා මා නැවතී
මුනිවත රැක සිනහ වෙලා
ඒ දෙස බැලුවා
අසල ගේක නිවැසි කෙනෙක්
රැව්ල වවා ගත් මිනිසෙක්
බිය කල මුත් මදෙසට පැන
කෝපය නාවා
රැව්ල වවා ගත් මිනිසෙක්
බිය කල මුත් මදෙසට පැන
කෝපය නාවා
ඉතිරි දුරත් ගෙවා දමා
පැයකින් ආපසු එද්දී
බවුන් වැඩුම නැවතී ගොස්
ඒ තැන බැලුනා
පැයකින් ආපසු එද්දී
බවුන් වැඩුම නැවතී ගොස්
ඒ තැන බැලුනා
ගමනක් ගොස් කාරයකින්
බසින ගමන් මා දැක ඔහු
සිදු වූ ඒ දේ හඟවා
සමාව යැද්දා
බසින ගමන් මා දැක ඔහු
සිදු වූ ඒ දේ හඟවා
සමාව යැද්දා
මුවට නැගුන මද සිනහව
තුලින් ඔහුට දී සමාව
බවුන් වැඩුම නවතා මා
නිවසට ආවා
තුලින් ඔහුට දී සමාව
බවුන් වැඩුම නවතා මා
නිවසට ආවා
