My followers

Thursday 5 January 2012

වයඃ ධම්මා සංඛාරා උපත 1993 විපත 05/01/2012


 මේ දරුව හදාගත්තෙ අපි,    දැන්  ඉන්න ගේ හදාගෙන පදිංචියට ආව,  1993 අවුරුද්දෙ ඉඳල.  මේ අවුරුදු 18 තුල මෙයා සෑහෙන්න වැඩුන. ඇත්තටම මීටර් 10 කට කිට්ටු වෙන්න උස ගියා. මෙයාගෙ අකල් වියෝවට හේතු වුනෙත් ඒ ඉක්මන් වැඩීම කිව්වොත් වැරදි නෑ.


විදුලි රැහැන් වලට මෙයාගෙ අතු කිට්ටු වැඩියි කියල, අතු කපන්න නියෝගයක් ආව ගිය අවුරුද්දෙත් මේ කාලෙම.  අතු අපිට කපන්න බැරි තරම්, මෙයා උස නිසා, වෘතීය ගස් කපන්නො ගෙනල්ල තමා, මෙයාගෙ පණ බේරගත්තෙ පසුගිය වතාවෙත්. වැඩේට ලොකු  වියදමකුත් ගියා.

මේ වතාවෙත්, එහෙම කරල මෙයාගෙ පණ බේර ගන්න තමා ලෑස්ති වුනේ. අතු පාහින්න ඉල්ලපු ගාන ඇහුවමමට 'හාට් ඇටෑක් ' එකක් නොහැදි බේරුනේ නූලෙන්. ගහ බලල, ගාන කියන්න ආව මනුස්සය කීව අනිත් කතාව, ඊට එහා.  බටහිර ඔස්ට්‍රේලියාවෙ විදුලි බලය බෙදාහරින,  'වෙස්ටර්න් පවර් කෝපරේෂන් ' එකේ ඉන්ස්පෙක්ටර්ලගෙ කොම්පියුටරේ  දත්ත වලට, ගහක් ඇතුල් වුනාට පස්සෙ,   එයාල ඒ ගහ හැම අවුරුද්දෙම චෙක් කොරනවලු.  මේ මෑන් කිව්ව විදියටඅපිට දරුවගෙ පණ රැක ගන්න නංහැම අවුරුද්දෙම මේ වියදම දරන්න වෙන එකඉර හඳ වගේ ෂුවර්.

ගහම කපල ඉවත් කරල, අවසාන කටයුතුත් එයාලම කරන්නම් කිව්ව අතු පාහිනවට වඩා ටිකක් වැඩි ගානකටඒ කියන්නෙ, ගහේ අතු, කඳ, ඔක්කොම කොටස්  එයාල අරගෙන යනව විතරක් නෙමේගහ තිබ්බ තැනමි.මී. 300 ක් හාරල ගහේ මුලත් ඉවත් කරනව.  මුල ඉවත් කිරිල්ලට මෙහෙ කියන්නෙ 'ස්ටම්ප් ග්‍රයින්ඩින් ' කියල.

කොහොම හරි තීරනේ කරන්න සිද්ධ වුනා, අවුරුදු 18 ක් හදා ගත්ත දරුවව, තව දුරටත් බලා හදා ගන්නවද, එයාට 'එයුතිනේසියා ' ඉන්ජෙක්ෂන් එක දෙනවද කියල.  තීරනය ආර්ථික වුනත්, තව හේතු තිබුන එතනට එන්න.  ප්‍රධානම හේතුව 'ලෑන්ඩ් මාක් ' එකක් හැටියට විනා මෙයාගෙන් හෙවනක් වගේ ප්‍රයෝජනයක් වත් නැති වීම.  ' කොට්න් පාම් ' වර්ගෙට අයිති, මේ දරුවෙක් වගේ හදා ගත්ත ගහෙන්, පලදාවක් තියා කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ.  ගස් කපන අය, එයාලගෙ ට්‍රක් එකෙන් ඇදන් එන යන්තරේකින්, මුළු ගහම එවෙලෙම ලී කුඩු [කුඩුම නෙමේ 'මල්ච්' ] බවට පත් කරල, ලී කුඩු ගොඩ අරන් යනව. ඕනෙ නං මල් පාත්ති වලට හෙම දාන්න ලී කුඩු ගොඩ තියා ගත්තෑකි අපට. අපේ ගහ කපන කට්ටිය කිව්වෙ ' කොට්න් පාම් ' මල්ච් වල ඇසිඩ් ගතිය වැඩි නිසා, ගස් වලට යොදනව නං, ඊට ඉස්සෙල්ල අවුරුද්දක් වත්, දිරන්න අරින්න ඕනෙ කියල. බලනකොට මෙයාගෙන් එහෙමවත් වැඩක් නෑ.

' උගේ ලෝකය ' ලියන රංග අලුතෙන් බ්ලොග් ලියන කෂ්ටියට,  උපදෙස් මාලාවක්  දාල තිබ්බ. ඒ උපදෙස් අනුව, අද මාතෘකාව යෙදුවෙ. බලමු කොහොමද කියල.


 
පහළින් තියෙන්නෙ 'ඔපරේෂන් ට්‍රී ලොපින් පින්තූර & වීඩියෝ '  





වීඩියෝ අප්ලෝඩ් වෙන්නෑ. ඒ නිසා අපේ වත්තෙ කැලේට වැවිල තියෙන, ගස් සහ මල් වල පින්තුර ටිකක් දාන්නම්. 
ඔන්න රෙසිපි දැම්ම, දැන් ගස් කොළන් දානව. බලමු 'ඔබා' කියන්නෙම කුණුහබ්බ කියන චෝදනාවෙන් ගෑලවෙන්න පුළුවන්ද කියල. 
  












දෙහි


දෙළුම් [අවාරෙ]
කරපිංචා




නාරන්

අඹ

පහළින් තියෙන්නෙ කැළේට වැවුන ගස් වලින් කපාගත් මල් ටිකක්








100 comments:

  1. අපෝ කිවුවා නම් මාටිං මාමලාට අඩු ගානකට කර ගන්න තිබුනා,,,ගස් කදන් කුට්ටි කරලා අපූරුවට බිම දාලා දෙනවා,,, මේ ඔබා මාමද මේවා හිටෙවුවේ

    ReplyDelete
  2. අර මල් ගස් හැදුවේ මාමද?ශා... හරිම ලස්සනයි!

    ReplyDelete
  3. අප්පටසිරි කෙසෙල් ගසුත් තියෙන්නේ ..!! දුරියන් එහෙම නැද්ද..??
    (ප.ලි අර කෙසෙල් ගස් ලග බුලියක් තිබ්බේ @#$!#$ එව්වා ද .??)

    ReplyDelete
  4. මෙයා මේ ගම වටේම ගිහින් පොටෝ ගහල ගෙදර වගේ දාල තීන්නෙ.

    සමහර උන් ට්‍රිප් ගියා කියලත් ඔහොම පොටෝ දානවයි කියල කවුද කියල තිබ්බ.

    චැනල් 5 වැඩ වගේ තමයි. පිළිගන්න අමාරුයි.

    ReplyDelete
  5. ෂා හලි ශෝයි!
    ලත්තන මල් ටික මාමේ....
    මටත් එවන්න බැරිද රෝස අතු ටිකක්???

    ReplyDelete
  6. ඔබා මාම බොරු නේ කියන්නෙ.ඔය ගස් ඔක්කොම මෙහේ හැදෙන එව්වනෙ. :P
    පොටෝ ටික නං මරු!!! :D

    ReplyDelete
  7. 1. තාල කුලයේ ශාඛ බොහොමයක ඵල වලින් මධ්‍යසාර නිෂ්පාදනය කල හැක.

    2. මීයක්‌ කඩන්නේ අත ලෙව කන්න නොවේලු.

    3. ගස් කපන්නන් එකෙකු කොණ්ඩය නොකපන බවක් පෙනේ..

    ReplyDelete
  8. ෆාම් ගස තියෙද්දී පසේ සාරය අඩුවෙනවා කිවුවට ඇස්වහක් නැ කතාවක් නැ නියමට වැවිලා තියෙනවනේ..අපිත් වැවුවා අවුරුදු 15 ක් විතර අඹ ගහක් හැබැයි වඳ ගහක්.මල් විතරයි.අම්මා ඉස්සර කියන්නේ මමයි ඒ ගහයි දෙකම එකවගේ කියල මෙලෝ වැඩකට නැතිලු.ඉතින් බලන්න මාමේ..

    ReplyDelete
  9. මෙි ඔබාගේ පෝස්ටි කරන පලමුවතාව. මොනවා උනත් අද කාලේ අපේ රටෙි මිනිස්සුවත් තමන්ගේ ගෙදෙර වවන්නේ නැති ඒත් එදින් එදා ජිවිතයේදි අපට වැදගත් වෙන ගස් වර්ග ගොඩාක් වවලා තියෙනවා දැක්කා. ඔන්න ඉතිං අර ඔබාම කිවිව චෝදනාවෙන් ඔබා නිදහස් උනා....

    ජයවෙිවා !!!

    ReplyDelete
  10. අපි වවමු - රට නගමු !!!
    ඔය තියෙන්නේ ඉතින් උපරිමේට...

    ReplyDelete
  11. හැබෑට අර බූලිය මක්කටෙයි?

    ReplyDelete
  12. මේ මොකද්ද මේ ටොපික් එක කියල බලන්න ආවේ. පිස්සු හැදෙන තැන් වලින් නේ ටොපික් දාන්න නම් ආදර්ශෙට ගන්නේ.

    ReplyDelete
  13. යකෝ ගිය ගානත් දාපිය.. බොට තිබුනා ඔය කොන්තරත්තුව මට බාර දෙන්න..එහෙමනං මං ඒක කපලා අර බනියගේ "මෝලටවත්" පටෝනවා ඉරන්න

    ReplyDelete
  14. ෂාහ් මාරයිනේ දැන් මාමාට මල් වවන හැටි කියා දෙන්න වෙයිද දන්නේ නෑ ගෑනු ලමයිට ඇත්තටම බූලිය මොකටද??? ස්වයං රැකියාවක්වත් පටන් ගන්නවත්ද ඕස්ටේලියාවේ "බිදුවක් නෑරම ලාංකිකයි" පානය නැතිවත් ඇතිනේ

    ReplyDelete
  15. ඔක්කෝමත් හරි වයසට ගිය කෙසෙල් පදුරට ඔබා සලකන්නෙ නෑ වගේ. ඉඩ තියන වෙලාව‍ට දාන්නකො හොද පොටෝ ටිකක් මේවගේ.

    ReplyDelete
  16. බුලියෙ තියෙන්නේ ෆාම් ටොඩී..

    ReplyDelete
  17. වීඩියෝ එක යු ටියුබෙට දාලා ඒකෙන් එම්බෙඩින් ලින්ක් එකක් අරං බ්ලොගේට දාන්න.

    ReplyDelete
  18. උප්පැන්න සහතිකේ නැති වෙලාද දිනේ හරියට නැත්තේ?

    ReplyDelete
  19. මෙයාල කාට සපෝට් එකට මෙව්ව වැව්වද මංදා. කරපිංචෙ අපෙ ලංකාවෙ ගහට වැඩිය ලොකුයිනෙ

    ReplyDelete
  20. හපෝයි මෙහෙමත් වැඩක්. මේක ලංකාවේද ගත්ත ෆොටො කෑලි ගොඩකට මාරු වෙලා. වයසෙ වැරැද්ද.

    ReplyDelete
  21. ෂා මාරයිනේ ...ලස්සන මල් ටික ...අපිට නම් හැබැහින්ම දැක ගන්න ලැබෙයිනේ.

    ReplyDelete
  22. පෝස්ට් එකේ පින්තූර වල ධාරිතාව වැඩි කම නිසා තමා මේක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලා නැත්තේ . ඔයාට කරන්න තියන ගොඩම වෙද කම තමා පෝස්ට් එක ලියලා පබ්ලිෂ් කරලා ඊට පස්සේ ඒක ක්‍ෂෙනිකවම එඩිට් කරලා ආයෙමත් පින්තූර ටික සම්බන්ධ කරන එක .

    අපේ තාත්තාගේ කෝටස් එක ආයිමත් රජේට බාර දීලා එනකොටත් තාත්තා හදාපු අඹ ගස් කීපය සහ ඒ කෝටස් එක දිහා බලාගෙන අම්මා පැය ගානක් ඇඬුවා මට තවම මතකයි . මිනිස්සු නම් කීවලු අපි ඒ ගෙදර දෙන්න වෙන දුකට අඬනවා කියලා ඒත් ඒ කවුරුත් දන්නෑ ගස් වැල් වුණත් තමන්ට ලං වෙන තරම්

    බුදු හාමුදුරුවොත් තමන්ට බුදු බව ලබා ගන්න වීරිය කරද්දී සෙවන දුන් බෝ ගහ අමතක කලේ නෑ නේ

    ReplyDelete
  23. අපේ වත්තේ තියන සේරම ගස් ජාති මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔබාගේ වත්තෙත් තියනවා නෙව .. !

    ReplyDelete
  24. මොනව වුණත් නියම ගස් ටික....

    ReplyDelete
  25. ඒ පාර මේ මොකාටද එන්න හදන්නෙ?

    ReplyDelete
  26. ඔබා මාම ඒ කාලෙම බඩු අරන් ඇවිල්ල... දැන් නම් ගෙනාවොත් airport එකේම නවත්තගනියි නේද?
    මං ගියපු එක ගෙදරක තිබුණා බතල, මඤ්ඤොක්කා, තැඹිලි පවා... මාම ඒව ගේන්න ට්‍රයි එකක් දුන්නෙ නැත... ආසයි ඒව මෙහේ තියෙනව දකිනකොට.... හැබැයි කෙහෙල් ගස් නම් මෙහේ දැක්කෙම ඔය වගේ ඒව තමා.... :)

    ReplyDelete
  27. කෝ ඔබා මාමේ අර ගේ පිටි පස්සේ "නැන්දට හොරෙන් වවල තියෙන මල්" ටික??

    ReplyDelete
  28. ඔබා මාමේ..කැලේට හැදෙන මල් වලට පෝච්චිත් කැ ලේම හැදෙනවයි??? මම දැක්ක මල් ෆොටෝ වල 7 වෙනි එකේ එහෙම එකක්..
    හැබැයි මල් ටික නම් ඉතින් පංකාදු පහයි..
    රංග අයියගේ උපදෙසත් හොඳින් වැඩ කරලා තියෙනවා වගේ.. :)

    ReplyDelete
  29. ටයිටල් එක දැක්කහම මං හිතුවෙ ඔබී කලින්ම ඇවිල්ලා ඔබාට බඩු හම්බවෙලා තමා කියලයි.. බලනකොට බුවා මෙච්චර කාලයක් හොරට කසියා පෙරන්න ගෙඩි ගත්ත පාම් ගහ කපලා, ඒ දුකට පෝස්ට් දාලා.. ඔච්චර දුක්වෙන්නෙපා ඔබා අයියා, කඩෙන් රටඉදි ටිකක්වත් ගෙනල්ලා ආයෙමත් බඩු පෙරන්න පට්ටාං ගන්න..

    පලි: අර වල් කරපිංචා ගස් හිටෝගෙන මොකෝ..!?

    ReplyDelete
  30. ඔබා මාමේ ඕස්ට්‍රේලියාවේ ගෙවතු වගා තරගවත් තියනවද?

    ReplyDelete
  31. ඔය කියන්නේ කැලේට වැවිලා තියෙන්නේ රෝස මල් කියලනේ! චුට්ටං නයෙක් නේ? :D

    ReplyDelete
  32. මලයා .. අර කහපාට ට තිබුණ ගෙඩි ජාතිය මොකක් ද ...?
    පැෂන් වගේ පෙනෙන්නේ ...
    මං ආස වුනේ ඒ ගෙඩි දෙකට ..

    ReplyDelete
  33. මෙහෙ නම් ඔහොම කසිප්පු පෙරනව බොරු. ඒක හින්දමද කොහෙද රටින් පැනල තියෙන්නෙ.

    ReplyDelete
  34. මන්දා මටනං මේ ලියමනේ තියෙන පොටෝ වලින් තේරුනේ ඔබා මාමලා ඉන්නෙ හෙන නිස්කලංක පරිසරයක කියලා. මේ පෝස්ට් එක මගේ හිතට ඇල්ලුවේ ඒකයි

    ReplyDelete
  35. මේ පාරවල් ටික නම් මරේ මරු. බත් දාගෙන උනත් කතෑකි.
    ඒක නෙමේ අර මල් ටික නම් ලස්සනයි මාමේ. ආස නැද්ද අර ලස්සන රෝස මලක් ඔබී නැන්දෑ කොණ්ඩේ ගහන්න.
    (මම වැරදි දෙයක් කිව්වද මන්දා)

    ReplyDelete
  36. ඔබී හිටවපු මල්, හරියට නිකන් ඔබා මාමගේ වගේ දාලා නේද? ලස්සන මල් ටික මොනවා උනත්..

    ReplyDelete
  37. ඊළඟ සැරේ අයියෙ කිතුල් ගහක් හිටවා ගත්තනම්... රා පොඩියක්වත් බොන්න තිබ්බා !!! ඔය බෝතල් වල දහ ජරාව බොන්නෙ නැතුව !... මොකෝ අයියෙ අර කෙසෙල් පඳුර ? අත ඇරලා දමලා..වයසට යන කොට ඔයිට වඩා කෙසෙල් වලට සලකන්නෝනි ! මල් නම් මෙහෙත් තියෙන ජාතිම තමයි .. අර බූලිය !!!????දැන් පොලෝසියෙන් එයිද දන්නෙ නෑ...!

    ReplyDelete
  38. ඔ* පතන කොල වැලකුත් තියෙන්නේ.......

    ReplyDelete
  39. අනේ ගහ ගැනනම් හරිම දුකයි.. මොනා කරන්න ද ඔබා මාමේ,, ගහේ ලබා උපන් හැටි නොවැ...

    ReplyDelete
  40. ඔබෝ ඔසීවලත් මුල්ල පටස් පෙරන්න ගත්තද බොල... බූලිය සාක්කි.

    ලංකාවෙ අවු 15-20 කට කලින්නේ ඔය ලී ලයිට් කණු අයින් කළේ.. ඒ කියන්නෙ ලංකාව හෙන දියුණු රටක්.

    ReplyDelete
  41. ඇත්ත කතාව ඕක නෙමෙයි. කීප දවසක් පොලීසියට පැමිණිළි ඇවිත් තියෙනවා උඩ රැවුල තියෙන කන්නාඩී දාන පොරක් සරමත් කැහැපට ගහගෙන ඔය ගහේ බඩ ගානවා. හොරෙන් ලයිට් ගන්න..

    ReplyDelete
  42. හප්පේ බොහොම දුක හිතෙන කතාවක්...... දුකට පුං ගහන්න තිබුනා ගහ පත බෑවුනනානම් කම්බි උඩට....

    ReplyDelete
  43. ඔබා යනු කුණුහරප පමනක් නොවේ එම චෝදනාවෙන් ගැලවීම සඳහා ඉඳහිට ඌණපූර්ණයක් වශයෙන් කෑම වට්ටෝරු හා ගෙවතු වගා ගැනද ලියන බුවෙකු යයි යෝජනා කරමි.
    henryblogwalker the Dude

    ReplyDelete
  44. පලෙවෙනි පොටෝ එකේ ලයිට් කම්බි දකිනකොට මම හිතුවෙ මේක ලංකාවෙ කතාවක් කියලා...පස්සෙනෙ වැටහුනේ.....

    ඔබා අයියා මල් නොතලා ගස් කපලා....දැන් වයස නිසා වෙන කාටහරි කියල කරනවා මිසක්කා ඕව තරුණ කාලෙ නම් ඔබා අයියට ටොයිස් වැඩ වෙන්න ඇති....:D

    කවුද මේ අපේ ඔබා අයියා අසභ්‍ය කතා කියනව කිව්ව එවුන්...රට්ටු ඉරිසියාවට කියන දේවල්නේ...

    ReplyDelete
  45. මෙහෙ හොඳයිනෙ. Electricity Board එකෙන් අතුයි ගසුයි සෙරම කපලා අපට ඉතුරුකරලා යනවා අස් කිරීම. අල්ලපු ගෙදර ගස් අපේ වත්ත්ට දැම්මම අපි ඒ වත්තට දානවා උන් අපෙ අතු අපෙ වත්තට දානවා. ඔන්න ඊයෙත් අපෙ පැත්තෙ අතු සුද්ද කරලා පාරෙයි වත්තෙයි හැමතැනම දාලා ගිහින් මෙ සතියෙ ඉතින් ඒවා අස්කරපන්කො ඉතිං ..

    ReplyDelete
  46. අවුරුදු දහ අටක් මල පීදෙනකල් බලන් ඉඳලා... අන්තිමට වැඩේ හරියන්නේ නෑ කියලා තේරිලාද කොහේදෝ බැස්ටිය දුන්නේ... බූලියත් ඒ ලොරියෙම පටෝලා යවන්ඩ.. :D

    ජස්ට් කිඩින් ඈ.. [දරුවෙක් වගේ හදාගත්ත ගහ කිව්වනේ.. දුක හිතුනොත් හෙම...]

    ReplyDelete
  47. මම මුලින්ම හිතුවේ ඔබා මාම සෙත්තපෝච්චි තමයි කියලා, මේ ටොපික් එක දැක්කට පස්සේ
    මොකද ඉතින් නැන්දා ගෙදර නැති අතරේ නටපු නාඩගම් ටික දැක්කට පස්සේ නැන්දගේ අතින් ඒ වගේ සුළු අත්වැරදීමක් උනත් වෙන්න බැරි නැහැනේ

    ඔය අවුරුදු ගානක් තිස්සේ පලක් ගන්නම බැරි ඔය ගහ හැදුවට වඩා හොඳ නැද්ද ඕකෙම සහෝදරයෙක් වෙච්චි කිතුල් ගහක් වවලා හැර ගහ ගත්තනම්
    එහෙනම් ඔබා මාමට අයිස් තේ වෙනුවට පෙණ දාන ගහේ එව්වා බොන්නත් තිබ්බා
    දැන් උනත් පොරමාද නැහැ මගේ හිතේ, ලපටියෙන් මල් හැදෙන කිතුල් පැළ තියෙනවලු කෘෂිකර්මේ :))

    ReplyDelete
  48. @ charithaks ,,
    රීමුව් කලාට වැඩක් නෑ. මං දැක්ක හෙහ් හෙහ්

    @ ItalyDilan
    ඔය වෙලාවටනෙ, ආපහු ලංකාවට යන්න හිතෙන්නෙ

    @ න දී
    නැතුව...නැතුව.. කොහොමද ඔබාගෙ වැඩ කිඩ ?

    @ charith
    ඔන්න...ඔන්න.. ඕන්නැති ප්‍රෂ්න අහනව

    @ ඉන්දික උපශාන්ත
    පෙනෙල වැල හංගල තියෙන්නෙ :-)
    අරාබි හන්දියෙ කොහෙද කෙහෙල් ගස්? ඊරිසියා හිතුන නේද?

    @ Gordonia ceylanica
    හපෝ ලංකාවෙ තියෙන ඒව තරං ලස්සම නෑ

    @ අමුතු සේන
    ඔබා බොරු කියනු නොලැබේ. හෙහ්...හෙහ්...

    @ ඉඳුනිල්
    1) ඇත්ත...ඇත්ත...
    2) හෙනං මොනා ලෙව කන්නද :-)
    3) මාත් දැක්කෙ ඉඳුනිල් කිව්වට පස්සෙ

    @ අසරණයා
    අනේ පව් අසරණයා

    @ Sihina
    තෑන්ක් යූ මේ පැත්තේ ආවට සහ කියවල කොමෙන්ට් එකක් දැම්මට

    ReplyDelete
  49. @ ChammA
    අපි එහෙමයි ඈ.....

    @ දුකා
    එක බූලියක් නෙමේ...රිසයික්ලින් බින් එකක්.
    ඉඳුල්, තණකොළ කපපුව, හෝ දිරන ඕනෙම දෙයක් ඒකට දාල තිබ්බම කාලෙකදි 'කොම්පෝස්ට්' පෝර වෙනව.

    @ ක්සැන්ඩර් | Xander
    පළපුරුදු බ්ලොග් ලියන්නෙක් නෙ පොර.

    @ මාරයාගේ හෝරාව
    ගාන නොදැම්මෙ හිතලමයි, ගාන ඇහුවොත් පිස්සු හැදෙනව. දැනටමත් අහල තියෙන කතා මදෑ 'නයි නැටවිලි' ගැන :-))

    @ ගැමියාගේ පත් ඉරුව
    බුලියෙ විස්තරේ දුකාට ඔය උඩින් දීල තියෙන උත්තරෙන් බලාගත්තැකි

    @ රාජ්
    පොළොවෙ වැලි සහ මැටි තට්ටු නිසා මං ඉන්න පැත්තෙ කෙසල් පැල හොඳට හැදෙන්නෙ නෑ

    @ ඉඳුනිල්
    :-))

    @ කතන්දර Kathandara
    උපදේසෙට ස්තුතියි, ඊළඟ පාර ඒක කරන්නම්, තෑන්ක්ස් එගේන්.

    @ ඊ මේල් කවිකාරි
    විශ්වාස කරයිද මන්ද ඇත්තටම ඒ වගේ කරපිංච ගස් හතරක් තියෙනව. අඹ ගස් දෙකක් තිබුන ගිය අවුරුද්දෙ එකක් හදිසියෙ අභාවප්‍රාප්ත වුනා හේතුවක් නැතුවම.

    @ වෙද ගෙදර මහ වෙදනා
    පිස්සු නං කතා කොරන්න එපා, අපි මේ බෝම අමාරුවෙන් කාන්තාරෙ මැද්දෙ ක්ෂේම භූමියක් හදාගෙන යන්නෙ හෙහ්..හෙහ්..

    ReplyDelete
  50. කොහෙද ඔබා මාමා ඉන්නේ මල් වත්තකද..ලස්සනයි ඈ.....

    ReplyDelete
  51. මල් දිහා බලපුවාම පේනවා 'ඔබී' හොඳ වැඩකාරියක් කියලා. :D

    දහ අටේ දරුවට උනුදේට නම් දුකයි.

    ReplyDelete
  52. ඔබා ලියන්නේ කුනුහරප කියන අභූත (අභූතම නෙවෙයි ඉතින්) චෝදනාවෙන් ගැලවීමට අහිංසක උත්සාහයක නිරත වෙන ඔබා-මා මාමා ට ඒ චෝදනාවෙන් කිසිදාක ගැලවීමට නොහැකි වේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
    කුනුහරප ම ලියපන් මාමේ. ඒව තමයි ඔය කවුරු මොනව කිව්වත් කටවල ඇරගෙන කියවන්නෙ.

    ReplyDelete
  53. @ Bindi
    පින්තුර තරම් ලස්සන නෑ, ඇත්තට දැක්කම -))

    @ සඳරු,
    උපදේසෙට තෑන්ක් යූ. ඊගාව පාර ට්‍රයි කරන්නම්.
    ඇත්තටම සෑහෙන්න දුක හිතුන ගහ කපනකොට. අවුරුදු දහ අටක් හැදුනු ගහ කපල ලී කුඩු බවට පත් වෙන්න වැඩිම වුනොත් විනාඩි 20 ක් යන්න ඇති. ඔබී හිටිය නං සෑහෙන්න දුක් වෙනව, අඬන එකක් නම් නෑ, පෝයට සිල් ගන්න බන දහම් ගැන අවභෝදයක් තියෙන කෙනෙක් නිසා 'අනිත්‍ය' ගැන වැටහීමක් තියෙනව.

    කොස් පැලයක් හිටෝගෙන සෑහෙන කාලයක් සාත්තු කළා, අසාර්ථක වුන ප්‍රොජෙක්ට් එකක් ඒක.

    @ මුහුදු කොල්ලකාරයා
    ළඟදීම දකින්න ලැබෙයි හෙහ්...හෙහ්...

    @ මියුරු,
    අපි ගෙනාපුවා නෙමේ. මෙහෙ එක්කෙනෙක් හුඟාක් ඉස්සර ගෙනාපුවා. එයා කාලෙකට ඉස්සර මහන වුනා, ඒ වෙලාවේ එයාගේ පැල අනිත් යට බෙදල දුන්න.
    මඤ්ඤොක්ක මෙහෙත් ගෙදරක තියෙනව, කීප සැරයක් හිටෝල බැලුව හරි ගියෙ නෑ. බතල නම් කොමන්. තැඹිලි, පොල්, කෙසෙල්, අඹ, සුලබයි කනාවන් කියන හරියෙ. පර්ත් ඉඳල කි.මී. 1000 ක් විතර දුර.

    @ තාරක Dilsh@න
    ශ්...ශ්...කෑ ගහන්න එපා....

    @ Buratheno
    ඊරිසියා කාරය.
    [කරපිංච වෙනුවට තණකොළ කන එවුන්ට ඊරිසියයි තමා]

    @ අපේ ගලේ
    හෙහ්..හෙහ්.. මොන තරඟ තිබුනත් 'rat race' එක නං නෑ.

    @ kumaraya
    පැෂන් ෆෘට් නෙමේ, දෙහි වර්ගයක්.

    @ Outsider```
    මෙහෙ ගෙදරම පෙරා ගන්න කිට් එක කඩෙන් ගන්න තියෙනව, ඇත්තටම.

    @ බුද්ධි
    ඇත්තටම ගම්පහ, යක්කල පාරෙ, අපි හිටපු පැත්තට වඩා හුඟාක් නිස්කලංකයි. විශේෂෙන් ගේ පිටිපස්සට ගියාම අපේ ගම් පළාතකට ගියා වගේ දැනෙන්නෙ.

    ReplyDelete
  54. කරපිංචා වල ගුණ කියල ඔස්ට්‍රේලියන් කාරයට කරපිංච කැඳ පුරුදු කරමු

    ReplyDelete
  55. @ මධුරංග
    අයි ලංකාවෙ අලුත් හයි වේ එක?
    //මම වැරදි දෙයක් කිව්වද මන්දා// පික්ෂුද?

    @ සයුරි
    හිටෝපුව නෙමේ, කැලේට වැවිච්ච.

    @ Weni
    අර ෆාම් එකේ රා බීල රහ වැටිල වගේ

    @ වර්ණා
    ඇත්තටම හරිම දුක හිතුන

    @ පැණි දොඩම්
    මොනා කියනවද? ආසියාවෙ ආශ්චර්ය නෙ

    @ මාතලන්
    කව්ද බොලේ මේකට කිව්වෙ ඔය කතාව, රෝයිටර්ට දැනුන් දුන්න නං ඊට හොඳා....

    @ kandyan
    මෙහෙ ඒ වගේ ගස් කපන්න අවසර තියෙන්නෙ, ෆුලි ඉන්සුවර්ඩ් ප්‍රොෆෙෂනල් අයට විතරයි. මං හිතන්නෙ කැන්ඩියන් ඉන්න පැත්තෙත් එහෙම වෙන්නැති. අය කොරන ගණන් නම් බොහොම සැරයි.

    @ Dude ,
    එම යෝජනාව මා ස්ථිර කොරමි.

    @ Buratheno
    පල...පල...යන්න එනව මෙතන, පැනල දෙන්ඩ.

    @ ලකී,
    //කවුද මේ අපේ ඔබා අයියා අසභ්‍ය කතා කියනව කිව්ව එවුන්...රට්ටු ඉරිසියාවට කියන දේවල්නේ... //
    සපෝට් ඒකට එකෙක් දෙන්නෙක් හරි ඉන්නව එහෙනං.....හෙහ්..හෙහ්...

    ReplyDelete
  56. @ Loku John
    මෙහෙ යන වියදමේ හැටියට ලංකාවෙ ක්‍රමේ හොඳයි කියල හිතෙනව.

    @ Beetle
    ඇත්තටම දුක හිතුන බීට්ල්

    @ ලොකු පුතා
    බොලත් බලං ඉන්නෙ මං 'සෙත්තපොච්චි' වෙනකං නේද? හෙහ්...හෙහ්...

    @ ඔබ නොදු‍ටු ලොවක්
    මේ කැලේට වැවිච්ච මල් ගස්නෙ ...හෙහ්..හෙහ්..

    @ පොඩි කුමාරිහාමි,
    කැලේට වැවිච්ච මල් ගස්නෙ. ඇත්තටම හරියට දුක හිතුන.

    @ Enemy
    මීට පස්සෙ කුණුහරප කියන්නෙම නෑ කියල තීරණේ කළා, බොරු නම් 'නවම්'ගෙ අන්තිම පොස්ට් ඒකට දාපු කොමෙන්ට් එක බලන්නකො.

    ReplyDelete
  57. වෙනිය කිව්ව වගෙ කිතුල් ගහක් හිටෝනව නම් ඇට ටිකක් දෙන්න පුලුවන්. අපේ ගේ පිටිපස්සෙ කලවැද්දෙක් දාල තිබුන ඇට වගයක්.

    ReplyDelete
  58. ප/ලි-

    කාලෙකට ඉස්සර ලොකු හුලගක් ඇවිල්ලා අපේ ඉස්කෝලේ ඉස්සරහට වෙන්න පේලියට හිටවලා තිබුන ඇහැල ගස් සේරම වගේ කඩන් වැ‍ටුනා.ඒ ගස් හිටවලා තිබුනේ අපේ වයිස් ප්‍රින්සිපල් සර්.එදා උදේ ඉස්කෝලෙට ආපු වෙලාවේ මේක දකිනකොට සර්ගේ ඇස්වල කදුලු.......සර් ඒ තරමටම ගස්වලට ආදරෙයි.

    ප/ප/ලි-

    අපි 9 වසරේ ඉන්නකොට ඉස්කෝලෙට මිස් කෙනෙක් අලුතින් ආවා ඉංග්‍රීසි උගන්නන්න.මිස්ගේ වැඩේම ඕෆ් පීරියඩ්ස් වල කොල්ලො ටික ඇදන් ගිහින් ඉස්කෝලෙ වත්ත වටේ මල් පැල හිටෝනවා,ඒවට සාත්තු කරනවා,වතුර දම්මවනවා..........මල කරදරයක් :-/
    මිස්ගේ නම "වරුණි".හැමතිස්සෙම වැඩේ මල් හිටවිල්ල නිසා " මල් වරුණි" කිව්වම මුලු ඉස්කෝලෙම දන්නවා

    රජිත්

    ReplyDelete
  59. අනේ ඒ අතිං ලංකාව කොච්චර දියුණුද. අපිට කිසිම කරදරයක් නැතිව ගහක්ම උනත් කපල දාල යන්න තරං විදුලිබල මණ්ඩලේ කරුණාවන්තයි.

    නැද්ද ඔබා මාමෙ ඔය වත්තෙ අර තනමල්විල පැත්තෙ වැවෙන මල් එහෙම.

    ReplyDelete
  60. කැලේට හැදෙන ඒවා මෙහෙම නම්.හොදට හැදුවොත් කොහොම තියෙයිද??? :O

    ReplyDelete
  61. අනේ අර කහ පාට ගෙඩි මොනවද?

    ReplyDelete
  62. විපත 5/1/2012 කිව්වම මැයි මාසෙද බැලුව. මේ ඇමරිකන් දිනයක් නෙවෙයි බව මතක් වුනේ winter කාලේ මොන මල්ද කියල හිතුවම.

    ReplyDelete
  63. ඔයා අන්තිමට තියෙන මල තියෙනවා නේද ඒක දකිද්දීනම් මට බුදු මලක් එන්නේ. ඇයි ‍හත්වතේ මෙව්වා මුන්දැ‍ගේ කැලේ පිපෙන එව්වලූ. මම බර ගානක් දීලා දවසක් ගෙදර ඉන්න කාලේ ගෙනවා ඔය විදියම මලක් පිපිලා තියෙන මල් පැලයක්. කරුමේ කියන්නේ මල පරවෙද්දී ගහත් වයඃ ධම්මා සංඛාරා වෙලා. මෙව්ව දකිද්දී නම් ඇඩෙනවා.

    ReplyDelete
  64. අප්පේ ඔබා මාමාගේ මල් වලට තියන ප්‍රතිචාර. ත්‍රීවීලර් එකක් හයර් එකට අරගෙන ආවේ කොමෙන්ට් එකක් දාන්න......

    ReplyDelete
  65. ශා ශෝක් වගාවක් තියෙනවනේ ඔයාලට...මේ ගාඩ්න් එකේ වැඩ කරන්නේ ඔබා මාමද ඔබී නැන්දද?

    ReplyDelete
  66. @ ranjith
    'කලවැද්ද' දුනු ඊතල දාල ගිහින් තිබ්බේ නැද්ද ?

    @ prasanna
    //අර තනමල්විල පැත්තෙ වැවෙන මල්//
    ෂ්...ෂ්....කෑ ගහන්න එපා....

    @ නිසුපා
    මේ ළඟ ලස්සන මල් වත්තක් තියෙනව, ඉන්නකො වෙලාවක ගිහිං පින්තුර ටිකක් අරං බ්ලොග් පෝස්ට් එකක් දාන්න.

    @ පොඩ්ඩි
    දෙහි වර්ගයක්, ඩ්රින්ක්ස් හදන්නත් හොඳයි .

    ReplyDelete
  67. මෙන්න මෙයාට කිව්ව නම් හරි නේ

    http://youtu.be/QQTatQauCcs

    ReplyDelete
  68. @ Peter P
    ඉන්නෙ ඇමෙරිකාවෙ කියල හිතුන මම හරිද?

    @ බට්ටි
    ඉස්සර අපේ අම්මත් මල් වැව්වා.
    අම්මගේ ක්‍රෝටන් වලට මං කිව්වෙ 'වැටහිටෝනියාස් ' කියල

    @ ගොඩයා
    ඔව්..වොව්...මං දන්නව උඹට, ඕනයට, හෙම 'ත්‍රී වීල්' උණක් තියෙනව කියල

    @ niroshini
    පෝස්ට් හරියට කියෙව්වෙ නෑ නේද? කැලේට වැවිච්ච ඒවනෙ ඔය.

    ReplyDelete
  69. @ පැන්ඩා
    ලින්ක් එකෙන් ගිහින් බැලුව :-))

    ReplyDelete
  70. @ පොඩ්ඩි,
    ඔයාගෙ බ්ලොග් එකට යන්න බැහැනෙ. මේ පහළින් තියෙන මැසේජ් එක එනව.
    //This blog is open to invited readers only//

    ReplyDelete
  71. අනේ ඔබෝ.. ඔය වගේම පවු වැඩක් කරලා තමයි මන් මේ පාර ලංකාවෙන් ආවේ. මගේ පුංචි ඉඩම් කෑල්ලේ බොහොම ලස්සනට ගස් වැවිල තිබුන හැබැයි කැලේ ගස්.. බලන්න ලස්සනයි.. හැමදාම අසල වැසියෝ (පර්චස් දහයට කොටුවෙලා මාලිගා හදපු අය) මගේ ඉඩමේ ගස් ගැන පැමිණිලි අපේ මාමණ්ඩිට .. ඒ මදිවට පාරේ ටෙලෙෆොන් වයර්වලට බාදයිලු.. ගස් කඩන් වැටෙයිලු.. මදුරුවෝ බෝ වෙනවලු.. සමහරුන්ගේ ගෙවල් මගේ ගස් නිසා ඈතට පෙනෙන්නේ නැතිලු.. අවුරුදු 13 ක් මහන්සියෙන් ආරක්ෂා කල ගස් ඔක්කොගෙම අතු කපල දාල විනාස කරලයි ආවේ..

    ReplyDelete
  72. ඔබාගේ reply එක දැක්කහම මට මතක් උනා කතාවක්. අවුරුදු දෙකකට විතර ඉස්සර මගේ BIL ගේ ගේ ඉස්සරහ තිබුන විශාල Oak ගහ කපන්න notice දාල ගියා local council එකෙන්. මේක කතාව අහපු niece (6 yrs) කාටවත් නොකියා ලියුමක් ලියලා council එකට ගහ කපන්න එපා එයා ගස්වල ආදරෙයි.. oak ගහ එයාගේ යාලුවා කියලා. එක දවසක් Council එකෙන් ගෙදර ආවා niece ව convince කරන්න.

    ReplyDelete
  73. ටොපික් එක දැක්ක හැටියේ මට මතක් වුනේ "උගේ ලෝකේ රංගයා" තමා පහලට එනකොට ලිනක් එක දැක්කම හිනා ගියේ මගේ මතක්වීම සාධාරණ නිසා.

    ගසට නිවන් සුව.. ඇත්තට දරැවෙක් වගේ හදපු ගහක් කපද්දි දුකයි තමා ඒත් මක්කොරන්ටද?

    ස්භාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ !

    ReplyDelete
  74. මං උන්නෙ ඔබයිය වලකජ්ජගහල මේ ඔටෝ පබ්ලිස් වෙච්චී එකක්ය කියල හෙහ්...
    හැබෑට ඔබී නැති අල්ල පනල්ලෙ ගෙදර පුරාම මල්පෝච්චි එහෙම තියල අහවල් දෙයක් කොලැයි පහුගිය දොහේ ?

    ReplyDelete
  75. නැන්දා මහන්සි වෙලා හිටවපු මල් ගස් ටික මාමා හිටෙවුවා වගේ දාලා තියෙන අපූරුව... හොද වෙලාවට නැන්දා ගෙදර නැත්තේ..

    ReplyDelete
  76. @ සරත් ලංකාප්‍රිය
    ගස් ටික නොකප අතු පෑහල ශේප් වුනා නං ඒකත් ලොකු දෙයක්

    @ kandyan
    බටහිර රට වල, සමහර වෙලාවට අපේ රට වලට වඩා ඒ වගේ දේවල් වලට සංවේදීව වැඩ කරනව, විශේෂෙන්ම පොඩි දරුවො සම්භන්ද නම්.

    @ නවම්,
    බොලාත් බලා ඉන්නෙ නාකිය වලකජ්ජ ගහනකන් හෙහ්...හෙහ්...

    @ Dinesh
    කැලේට වැවිච්ච බොලේ :-))

    @ sAm sRi
    // දරැවෙක් //
    වෙලාවට සිංහල භාෂා පොලිස් ඇනෝ මෙහෙ පැත්තෙ ඇවිල්ල නෑ.
    පොර
    වෙද මහත්මයගෙ සයිට් එකේ ඩෙඟා නටනව








    වෙද මහත්මයගෙ සයිට් එකේ

    ReplyDelete
  77. පිත්තල පංචායුදේSaturday 7 January 2012 at 14:12:00 GMT+5:30

    මේ ගස කපා දැමීමට සිදුවීම තනිකරම විදේශීය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්.

    ReplyDelete
  78. අපි හිතන් හිටියේ මේ නාකි හමා බ්ලොග් ලියන්න එනකොට ලස්සන පරන කතන්දර ටිකක් අහගන්න පුලුවන් වෙයි කියලා,
    ඒත් වෙන්නේ මේ යකා පම්පෝරි ගහන එකනේ. මොන මගුලක්ද මේ.......

    ReplyDelete
  79. හිකිස්....... දන්නවනේ මම කවුද කියල...

    ReplyDelete
  80. @ පිත්තල පංචායුදේ
    පොඩි සැකයක් ඇති වේගන එනව ලංකාවට කිට්ටු දුපත් සමුහයක් ගැන, ඉතාමත්ම සාධාරණ හේතු මත, පිත්තල පංචායුදේට පස්සේ කොමෙන්ට් දෙක දාල තියෙන ඇනෝගේ IP ලිපිනය චෙක් කොරල බැලුවම.

    @ Ano ,
    හනේ බොල මං නොදන්න තෝ. දැන් නමින් එන්නෙත් නැතුව හැංගෙනව නේද, ගණන් ගන්න එපා බං,මඩ ගහන කොට ඔහොම තමා, ඇඟේ ගාගන්නෙ නැතුව ගහන්න බෑ,නිකං ඉන්නව නං ස්කයිප් එක පැත්තෙ වරෙං...හෙහ්...හෙහ්...

    මේක බැරිවෙලාවත් කියෝනවනන් කව්රු හරි වෙන කව්රුවත්........නාකි හමා, ලස්සන පරන කතන්දර කියනවා වෙනුවට, දැනට ඉන්න එස්ටැබ්ලිෂ් වෙච්ච පරණ හොඳ පළපුරුදු බ්ලොග් කාරන්ට කෙලින්න පටන් අරන්නෙ. මෙන්න මෙතෙන්ට ගිහින් පොඩ්ඩක් බැලුව නං.

    http://ornaya.blogspot.com/2009/08/12-most-annoying-types-of-facebookers.html#comment-form

    ReplyDelete
  81. ඔබ්සර්වර් අයියා,
    ඇත්තටම හිතේ දුකෙන් ලියන කොමෙන්ට් එකක්. අයිය දන්නව මම අයියට මොන තරම් කැත විහිලු කලත් හිතේ ඇදයක් තියාගෙන ඒව කරන්නෙ නෑ කියල. ඒ වගේම අයිය හොඳටම දන්නව මම මොනම හේතුවකටවත් ඇනෝනිමස් කොමෙන්ට්ස් දාන්නෙ නෑ කියලත් (මොකද මගෙ ජාතකේ හොඳ නිසා).

    මම මේ කොමෙන්ට් එක ලිවුවෙ අයියගෙ මේ ඇනෝට රිප්ලයි දාල තියන කොමෙන්ට් එක නිසා මේ ඇනෝ මම (ඕනයා එහෙමත් නැත්තන් ඇන්ඩර්සන් ළමයා) කියල මට ආපු චෝදනා කීපයක් නිසා ඇත්තටම ඇතිවෙච්චි හිත රිදීමකින්.

    ReplyDelete
  82. ඒ අතරෙ අයිය හිතනවනම් මේ ඇනෝ කොමෙන්ට් එක දාපු අවජාතක වේ*ගෙ පුතා මම කියල . . . . මම ආයෙ කවදාවත් මේ බ්ලොග් එකේ කොමෙන්ට් නොකර ඉන්නම්. කරුනාකරල මට ඒකට මෙතනම උත්තරයක් දෙන්න.

    ReplyDelete
  83. ලංකාවෙ නං ඉතින් ආවා... කපලා බිම දැම්මා ... ගියා ... බබා අපේ.

    ReplyDelete
  84. @ ඕනයා
    //ඇත්තටම හිතේ දුකෙන් ලියන කොමෙන්ට් එකක්//

    //මොකද මගෙ ජාතකේ හොඳ නිසා//

    //මේ ඇනෝ කොමෙන්ට් එක දාපු අවජාතක වේ*ගෙ පුතා මම කියල . . . . මම ආයෙ කවදාවත් මේ බ්ලොග් එකේ කොමෙන්ට් නොකර ඉන්නම්//

    යකෝ 'ඕනය' අඬන්නත් දන්නවනෙ, ඒව උඹේ නං ...හිකිස්.... ඒව කියෙව්වම ඇත්තටම ඒ කොමෙන්ට් දෙක උඹේ නමින් වෙන කව්රුවත් දැම්මද කියල හිතුන.

    පිස්සුද බං පයිසෙකට ගණන් ගන්න එපා... උඹ කියනව නං උඹ නෙමේ කියල එච්චරයි.....දැන් ඉතින් කඳුළු පිහිදාගෙන චූ කොරල බුදිය ගනින්.

    ReplyDelete
  85. @ Gaminie Vijith Samarakoon

    ඊට හපන් ලී වගයක් ඉරා ගන්න අපේම 'වල්දෙල්' ගහක් කපන්න පර්මිෂන් ගන්න වෙච්ච මහන්සිය මතක් වෙනකොට පිස්සු හැදෙනව.

    අලුත් පෝස්ට් එක දැක්ක ගමන් ඇවිල්ල උඩින් පල්ලෙන් කියෝල ගියා, ඊයෙයි අදයි පිස්සු හැදෙන්න වැඩ හෙට උදේ ආයෙ ඒ පැත්තෙ එන්නං

    ReplyDelete
  86. ඔබා මාමගේ ගස් දරුවාට දෙව් මිනිස් සැප සම්පත් කෙලවර අමා මහා නිවන් සුව ලැබෙන්නයි කියල ප්‍රාර්ථනා කොරනවා. කොහොම හරි ඕස්ට්‍රේලියාවෙත් කැලයක් වවාගෙන තියනවා මල් පලතුරු තියෙන නෙව ඔබා මාමේ. කැන්ගරුවෙක් එහෙම ඇතිකරන්න ගත්තේ නැතෙයි. ලංකාවේ කැළෑ වල ඉඩ නැති උනොත් ඔන්න චීටත් එනවා ඔබා මාමගේ කැළෑවේ නවතින්න.

    ReplyDelete
  87. අපි වවමු රට නගමු :)

    ReplyDelete
  88. ඔන්න එහෙනම් අපිත් ආපි මේ පැත්තට...

    වත්තනම් එළ ඔබා අයියේ... කාටද ප්‍රශංසාව හිමි වෙන්නේ... ඕස්ට්‍රේලියානු රජයටද?, පෙටිකෝට් රජයටද ?

    ගස් කපන එකටනම් මාත් තදින්ම විරුද්දයි... අපේ අම්මත් එක්ක හැමදාම රන්ඩු වෙන හේතුවක් තමා ඔය ගස් කැපීම කියන මාතෘකාව..

    ReplyDelete
  89. මල් වත්ත ලස්සනයි..නඩත්තු කරන්න සෑහෙන්න මහන්සි වෙන්න ඔනේ ඇති නේද..ඔන්න මාත් ආවා මල් වත්ත බලන්න

    ReplyDelete
  90. @චීටා,
    චීටගෙ පුල්ලි, වයිරන්, මාරු කරගෙන එන්න වෙයි අලුත් කැලේකට එනකොට හෙහ්...හෙහ්...

    @ සාබිත්,
    ලඟදි මොකුත් ලිව්වෙ නැද්ද?

    @ Senna
    තෑන්ක් යූ මේ පැත්තට ගොඩ වුනාට.
    කැලේට වැවිච්ච ඒවනෙ.

    @පුංචි කුමාරිහාමි
    මොන නඩත්තුවක්ද, කැලේට වැවිච්චනේ, ස්තුතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  91. "ඔබී මල් හා ඔබා වල්"

    මගෙනං හිත ගියේම ඕං අර සරුසාරෙට හැදිච්ච කෙහෙල් පඳුරට....අනිච්චෙ දුක්කේ මට නිකං ඔබාව මතකුනා.....අලබහිනකොට වැල මැරෙනවලු.....

    X-Porter

    ReplyDelete
  92. ඔබා මාම සාර්ථක ගොවියෙක් නෑ නෑ වැවිලි කරුවෙක් නේ... මාත් පටන් ගත්ත පොඩියට තක්කාලි වගාවක් හික් හික්.... මැස්සො වගයක් බෝ වෙලා අප්පා... ලත් තැනම ලොප් වගේ.

    ReplyDelete
  93. මල් ටික නම් පට්ට ඈ.. වවන්න මාමේ වවන්න, වවන්නෝ දිනන්නෝ. හැබෑටම මාමේ මල් බිස්නස් එකක් එහෙම කොරනවද..?? නැත්තම් ජොලියට වවනවද..?? මොකට වැව්වත් වැඩේ නම් එළ ඈ... ජය ශ්‍රී..!!!

    ReplyDelete
  94. @ X-Porter
    ඔබී වල් - ඔබා උල්

    @ පිස්සා,
    මැස්සොත් ජීවත් වෙන්න එපෑ බොල. අනේ උඹයි මායි වවන තක්කලි. බොට තක්කලි ගෙඩියක් ඕනෙ වුනාම කඩෙන් අරං වරෙං, ඕවට වතුර, පොරා, බේත්, දානවට වඩා ඒක ලේසියි.

    @ මන්ඩිපාල
    කැලේට වැවිච්ච ඒව බොලේ.
    තෑන්ක් යූ, මේ පැත්තට ගොඩ වුනාට.

    ReplyDelete
  95. කන්න නෙමෙයි බන්... ආසවට... හොබි එකට... උබට කොහෙද ඔව්ව තේරෙන්නෙ.. හික් හික්

    ReplyDelete
  96. හොබි එකට වවනව නං අර තනමල්විල ජාතියෙ මල් පැලයක් නං වත් නම් කමක් නෑ කිව්වෑකි.

    ReplyDelete
  97. හිරේ විලංගුවෙ යන වැඩනේ මෙව්වො හොබි එකට කොරන්න කියන්නේ...

    ReplyDelete