My followers

Saturday 31 December 2011

ඔබා ආයෙත් කුස්සියට රජ වූ වගයි...


මේ දවස් වල තනියම ඉන්න ගමන්, වැඩක් නැති වෙලාවක කාලෙ මරන්නත් එක්ක හිතුන, නිකමට කඩමණ්ඩිය පැත්තෙ ගිහින් එන්න. ගන්ඩ ඇති දේකුත් නැතුව, ලොකු කඩයක් ඇතුලෙ නිකමට කැරකෙන කොට දැක්ක, කඩේ එක එක ජාති මස් වර්ග ප්‍රදර්ශනේ කොරන රාක්ක ටික. මෙන්න මේ විදියට.

'ඔබී' නිර්මාංශික ආහාර කන්නෙ. තේරෙන බාසාවෙන් කිව්වොත් 'වෙජිටේරියන්'. 
බිත්තර දාල හදන්නෙ කියල කේක් හෝ උම්බලකඩ දාල තියෙන්නෙ කියල ලුනුමිරිසක්, පොල්සම්බෝලයක්, නොකන තරං දරුණු 'වෙජිටේරියන්' කෙනෙක් නං නෙමේ. ඒ වුනත් එයාලගෙ ගෙදර ඉස්සර කිරි එළදෙනුන් ඇති කල නිසා, හරක් මස් ගෙදරට ගේනවට වැඩි කැමැත්තක් නෑ. ගෙනාවොත් උයල නොදී ඉන්නෙත් නෑ. ඔය හේතුව නිසා අපි ගේන්නෙ මාළු සහ කුකුල් මස් විතරමයි වගේ.
ඔබීත් ගෙදර නැති වෙලාවෙ මට හිතුන, 'බීෆ් ස්ටර් ෆ්‍රයි' එකක් හදල බලන්න. [වැරදුනොත් අපේ 'කළු' ඉන්නව රස ගුණ බලන්නෙ නැතුව දෙන ඕනෙම දෙයක් කන්න.මේ පහලින් ඉන්නෙ එයා අව්ව තපිමින්.]
ඒ පාර කඩේ ඇතුලෙ කැරකිලා බැලුව වැඩේට අවශ්‍ය දේවල්. හරියයි කියල හිතුන මෙන්න මේ දවල් දැක්කෙ එතකොට.
ඉස්සෙල්ලම දැක්ක, 'බේකින් ට්‍රේ' එකත් එක්කම තෙල්, සව්, ඇටකටු, නැති ග්රෑම් 500 ක විතර මස් කුට්ටියක්.

කෝකටත් කියල, හම එහෙම ඉවත් කරපු, කුකුල් මස් ග්රෑම් 500 ක් විතරත් ගත්ත මෙතනින්.

ඊට පස්සෙ ගත්ත, අවශ්‍යයි කියල හිතුන අනිත් දේවල්, මේ තියෙන්නෙ ඒව.
    හතු

   රතු පාට මාළුමිරිස්[කැප්සිකම්]
    කහ පාට කැප්සිකම්
ලූනු කොළ වගේ ජාතියක් [ස්ප්‍රින් අනියන්]
  අපි නොදන්න කැරට්
 ලොකු ලූනු
පහල පින්තුර වල තියෙන ජාතිත් තිබුන, ඒව ගත්තෙ නෑ. තක්කාලි, මිරිස්, කරපිංචා, දෙහි, එහෙම ගෙදර ගස් වලත්, ඉඟුරු, සෝස්, සුදු ලූනු එහෙම කලිං අරන් ගිය ඒවත්, ගෙදර තිබුන නිසා.
පහල තියෙන සෝස් ජාතියි, තව තක්කාලි සෝස් එකකුයි, ගෙදරම තිබුන.

මේකත් ගෙදරම තිබුන.

දැන් ඔන්න ඔබාගෙ ක්‍රමේට 'බීෆ් ස්ටර් ෆ්‍රයි' හදන්න, ඕනෙ අවශ්‍ය ජාති ඔක්කොම කිව්ව. ඕකට තව ඕනෙ වෙන්නෙ බටර්, මාජරින්, පොල්තෙල්, කෝර්න් ඔයිල්, පාම් ඔයිල්, ඔලිව් ඔයිල් හෝ තමන් පාවිච්චි කොරන ඕනෙම, වසවිස ජාතියෙන් මේධය මේස හැඳි දෙකක් විතර සහ කෑලි මිරිස් [තමන්ගෙ ටේස්ට් එකේ හැටියට අවශ්‍ය ප්‍රමාණය]


ලුනු අමතක වුනා නෙමේ, මං දාන සෝස් වල හැටියට,මට නං ලුනු ඕනැන්නෙ නෑ, ඔයාලට ඕන්නං දාගත්තට මගේ අමනාපෙකුත් නෑ.


මේක අදම ලියල ඉවර කොරන්න හිටියට, 'හෙනහුරෙක්' කඩා වැටුනනෙ මේ දැන්. හෙනහුරාගෙ නම කිව්වොත්  'අශෝක හඳගම'


මතකනෙ අපේ ඉන්දරේ. ඉන්දරෙයි, ඉන්දරේගෙ මල්ලියි ඉන්නෙත් මං ඉන්න කිට්ටුවමයි. [ඉන්දරේ චුට්ටකට ඉස්සෙල්ල ලංකාවට පිටත් වුනා, වාර්ෂික විසිට් එකට] 


  
අශෝක හඳගම, ඒ මල්ලිගෙ වාසිටි ගජයෙක්. සතියකට විතර ඉස්සෙල්ල  ඒ මල්ලි මට දුන්න, අශෝක හඳගමගෙ 'මේ පාරෙන් එන්න' ටෙලියෙ කොපියක් . ඒක මම හුඟක් කාලෙකට පස්සෙ දැකපු හොඳම නිර්මාණයක්. මේක කියවන බොහෝ දෙනෙක් 'මේ පාරෙන් එන්න' බලල ඇති. මල්ලි ඒක දෙන ගමන් කිව්ව, තව හොඳ එකක් තියෙනව අශෝක හඳගමගෙ, ඒකත් හොයල දෙන්නං කියල. මේ දැන් කෝල් එකක් ආව 'බඩු හෑව්' කියල.


කට්ටිය සමා වෙන්න ඕනෙ, මම දැන් යනවා අළුත් එක , [ඒ කියන්නෙ 'නැගෙනහිර වෙරළෙන් ඇසෙන'] අරං එන්න.


සමාව දීල ඉවසා වදාරනවට සැනසිලි තෑග්ගක් හැටියට, 'නැගෙනහිර වෙරළෙන් ඇසෙන' බලල ඉවර වුනු ගමන්, 'බීෆ් ස්ටර් ෆ්‍රයි' එකට අමතරව, 'චිකන් ස්ටර් ෆ්‍රයි' එකකුත් හදන හැටි කියල දෙනව කෂ්ටියට.


සිංහල බ්ලොග් කියවන, කොමෙන්ට් දාන සහ බ්ලොග් ලියන සියලු දෙනාටත්, ඔවුන් සියලු වැඩ අතපසු කර, බ්ලොග් ලෝකයේ සැරිසරණ අතර මෙත් සිතින් ඉවසා වදාරන, ඔවුන්ගේ පවුල් වල අයටත්, හෙට ලබන්නා වූ නව වසර, ගත වුනු වසරට වඩා සුභ පල දායක එකක් වේවා....!!!




ඔබා කුනුහපර කියනව කියල හැමදාම බනින කට්ටිය 'ෆොරිජින් සිගරෙට්' පෝස්ට් එකේ පින්තුරෙ හරියට බලල නෑ, හෙහ්...හෙහ්...හූ..හූ...

91 comments:

  1. මම එක!
    හෆොයි මම මස් කන්නේ නෑනේ... ඉතින් කොහොමද මේක හදන්නේ....සී ෆුඩ් ස්ටර් ෆ්‍රයි එකක් බැරිද?
    කොහොම නමුත් ඔබා මාම ටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. ඔබා මාමේ ඉක්මනට දාන්න හොදේ,,මම හදනවා අලුත් අව්රුද්දෙ හා හා පුරා කියලා :)))

    ReplyDelete
  3. මරු නේ ඔබා අයියේ..මමත් මේ අන්තිම දවස්වල පීසා එකක් ( වගේ එකක් ) හැදුවා..වැඩේ එච්චරම අවුලක් උනේ නැහැ..කන්න පුළුවන් මට්ටමක තිබ්බා..

    ඔබා අයියටත් පවුලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන :))

    ReplyDelete
  4. මේ අවුරුද්දට කොනක් ඉතුරු කොරානේ මාමා...චිකන් එක ඉක්මන්ට දාමූ හොදේ

    ඔබා මාමාටත් පවුලේ සැමටත් සුභම සුභ නව වසරකට ආසිරි පතනවා

    ReplyDelete
  5. වලව්වේ වේකන්සියක් තියනවා එන්ට බැරිද? ඩොලර්වලින්ම පඩි දුන්න හැකි...:D:D:D

    හැබැයි පොඩ්ඩි මස් කන්නේ නම් නෑ.

    ඔබා, ඔබී ඇතුලු අනෙක් ඔබා බබාලාටත්, සුබ නව වසරකට පැතුම්....

    ReplyDelete
  6. කෙනෙක් කිවුවලු "අයියෝ.. මං වෙජිටේරියන්" පොඩි මාළු විතරයි කන්නේ කියල.හැබැයි බොන වෙලාවට හරක් මස් වගේ ඒවා කනවා.

    ReplyDelete
  7. චැහ් අලුත් අවුරුද්දට පරණ කතා ඉතුරු කොරන්ඩ හොද නෑ නෙව . කමක් නෑ කියලා ඔන්න ඔහේ දන්න විදිහට මකුල් කුශ් හදනවා ....
    ඉතින් අලුත් අවුරුද්ද සුභ වෙන්ඩත් තව රස කෑම ජාති රෙසපි මතක් වෙන්ඩත් ප්‍රාර්ථනා කරනවා . ලබන වසරේ හමු වෙමු.

    ReplyDelete
  8. ලබන්නා වූ නව වසර ඔබා මාමාටත් පවුලේ හැමෝටමත් සුභම සුභ වේවා!

    ReplyDelete
  9. අයි අයියෝ අපිටත් කන්න පුළුවන් විදියෙ කෑමක් දාන්නකෝ ඔබා මාමේ, හරක් මස් නම් කන්නේ නෑ... අපේ අම්මත් හරක් මස් තියා කුකුල් මස් වත් අල්ලන්නෙ නෑ.. අපිම හදාගෙන කෑවොත් තමා. :D

    ReplyDelete
  10. දාපං දාපං අයියේ..බොලා හරක් මස් ඔහොම හදන විදිය දැම්මට පස්සේ මං දාන්නං හරක් මස් සාමාන්‍ය ක්‍රමයට උයන හැටි..එකේ පොටෝ ඔක්කෝම තියෙනවා..තියෙන්නේ විනාඩි දහයක් අරගෙන හදන හැටි ලියන්න විතරයි...

    අඩේ අම්මපා බොලා දැන් ලින්ක් වෙනුවට අපිව උසි ගන්නලා තොගේ පරණ පෝස්ට් බලන්න යවන්නද හදන්නේ..අනේ අපිට මොටෝ මොනවා තිබුනත් අර කිව්ව පෝස්ට් එකේ.. අපි නොදන්න ඔබා කොබා...

    ReplyDelete
  11. ඔබා මාමටත් සුභ නව වසරක් වේවා ...! (කලින් මේක ටයිප් කරන්න අමතක උනා නෙව)

    ReplyDelete
  12. ඔන්න මමත් කිව්වා හැපිම හැපි නව වසරක් වේවා කියලා ..ඔබා සහ කුටුම්භියේ හැමෝටම...

    ReplyDelete
  13. කෑම ඒකනම් හදයිද කියල ෂුවර් එකක් නැහැ
    එව්වා පස්සට දාමුකෝ
    ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබා මාමටත් ඔබා පවුලේ සැමටත් සුබ වේවා කියල පතන්නම්...!

    ReplyDelete
  14. සුබ නව වසරක්ම වේවා..!!

    පලි: මටනං අර ෆොටෝ එකෙන් කියන්න හදන දේ තේරුනා, ඒ වුනාට ඕවා කියන්න ගිහිල්ලා මම කුණුහරුප කියනවා කියලා අහගන්නෙ මොකටද.. :p

    පපලි: මස් කන්නෙ නැති කට්ටිය සී-ෆුඩ් කන්නෙ ඇයි..!!?? ඒත් සත්තු නෙවෙයිද..!!?? මං මේ නොදන්න කමටයි අහන්නෙ, මාත් එක්ක ඇරගන්න එන්න එහෙම එපෝ.. :D

    ReplyDelete
  15. සුභ නව වසරක් පතනවා.. මම හරකෙක් මස් කරනවා ළඟ ඉඳලා බලන් ඉඳලා තියෙනවා.ඒ වෙලාවේ දැකපු හා හිතුන දේවල් මෙතන ලිවීම සුදුසු නැහැ.. :P

    ReplyDelete
  16. කඩුව ගිලින හැටි කියලා දීලා එළියට ගන්න හැටි ඊළග වැඩසටහනෙන් කියලා දෙන්නම් වගේ වැඩක් වුණේ... අවශ්‍ය ද්‍රවය ටික කියවලා කඩේ ගිහින් බඩු ගෙනාව එකෙක් හිටියනම් අනාථයි..

    ඔබා, ඔබී කලූ ඇතුලූ සියලු දෙනාට වාසනාවන්ත 2012 වේවා...

    ReplyDelete
  17. ඔබා මාමාටත් සුබ නවවසරක් වේවා !!!

    ReplyDelete
  18. මන් නම් වෙජිටේරියන් ! ඕක හැදුවොත් මස් ටික අයින් කරලා අනිත් වා තමයි කන්න වෙන්නෙ !
    අයියගෙ කලූගෙ මූඩ් එක නම් "ගෙනාපු මස් ටික සවුත්තු උනත් බොස් මට නම් කෑල්ලක්වත් දෙන පාටක් නෑ අෆ්ෆා " වගේ එකක් තමයි.
    ලබන්නාවූ 2012 නව වසර තත්පරයක් තත්පරයක් පාසාම සතුටින් පිරි එකක් වේවා කියලා පතන්නම් !

    ReplyDelete
  19. ඔබා සියේ සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  20. බ්ලොග් ලියන ගොඩක් අය වෙජියෝ වගේ. මට නම් කවුරු හරි උයල දෙනවා නම් ඔය ඕන දෙයක් ඔට්ටුයි. ඔබා මාම ඇතුළු පවුලේ හැමෝටම සුබම සුබ නව වසරක් වේවා.
    ප.ලි. සමාව බාජනෙකට දාන්නේ කොහොමද කියලත් පොඩ්ඩක් කිව්වනම්.

    ReplyDelete
  21. මේක දැන් කියවන්න බෑ. හෙට කියවන්නං.
    ඔබා අයියට සහ පවුලේ සැමට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  22. ආයෙත් සමාව ඉල්ලන්න වැඩක් වුනා මේ දැන්. හෙට අත්‍යාවශ්‍ය රාජකාරියක් නිසා වැඩට එන්න කියල කෝල් එකක් ආව. [මීටරේ 250% කම කැඩෙන හින්ද බෑ කියන්නත් බෑ - පබ්ලික් හොලිඩේ +ඉරිද රේට් එක]

    පාන්දර යන්න ඕනෙ හිංද දැන් යනව නිදාගන්න, අපේ වෙලාව රෑ 10.30 යි. කොමෙන්ට් වලට පිළිතුරු සහ කියවන්න බැරි වුන පොස්ට් කියවන්නෙ හෙට හවස, අදට Good Night & Wish You All A Very Good 2012.......!!!!!

    ReplyDelete
  23. මෙලොදෙයක් කියන්න දෑන් බෑරියෝ.........හෙට කියන්නම්. කචල් බචල් නෑති සාක්කුවට වාසි වෙන හොඳ අවුරුද්දක් වේවා...මම හඳයගෙ නිර්මාන වලට ආදරෙයි.

    ReplyDelete
  24. ඔබාට ඔබීට බබාට අනිත් බබාට එසේම වේවා.....‍!
    ................

    ReplyDelete
  25. Buratheno,

    මස් කන්නෙ නැති කට්ටිය සී-ෆුඩ් කන්නෙ ඇයි..!!?? ඒත් සත්තු නෙවෙයිද..!!?? මේකටත් මේක හා යන ගැටලු ගොඩකටත් උත්තර මේ ලින්ක් එකේ තියෙනවා. මුල ඉදලා කමෙන්ට් දක්වා කියවල බලන්න. ගන්න යමක් තිබුනොත් මුලු බ්ලොග් එකම කියවලා බලන්න. අලුත් අවුරුද්දට හොඳම ආයෝජනයක්.

    නිවැරදිව වෙජිටේරියන් වෙන්නෙ කොහොමද? (http://www.budurashmiya.net/2011/01/blog-post_31.html)

    ReplyDelete
  26. ඔබා අයියත් මේදාසැරේ ලංකාවට ආවනම්...අපිත් එක්ක ගාලු යනවනේ....සුබ නව වසරක්..තව අවුරුදු 500 කට ආසිරි

    ReplyDelete
  27. මොකද ඔබා මාමේ මේ අළුත් අවුරුද්දට පරණ එකක් ඉතුරු කර ගත්තේ.. අදම දාන්නනේ තිබුනේ..

    කොහොම උනත් ඔබතුමාටත් එලබෙන නව වසර සියළු පැතුම් ඉටුවෙන නව වසරක් වේවා..

    ReplyDelete
  28. අම්මේ... ඔබා මාමේ කෝකටත් පලමුව ආරක්ෂාව කියලා ඔන්න ඔය කඩ වල් වල ෆොටෝ ගන්නකොට අවසර අරන් කරන්නකෝ හොදද??
    දේව් නම් ඉතින් වැඩිය ඔවා කන්නේ නැ මාමේ බලමුකෝ..... හදන හැටිවත් ඉගන ගන්න

    ReplyDelete
  29. ඔබා මාමා මුළු පුඩ් සිටියක්ම ගෙදර ගෙනල්ලා නේ.
    මම නම් ඔය කුණුහරුප හොද එවුවා කියලා නෑ. ඕන එකක් කියවලා දානවා. කුණුහරුප කියෙව්වා කියලා ආයේ අපි බඩ වෙනවා යෑ. හික්ස් :)

    අපේ ඔබා මාමටයි ඔබී නැන්දටයි සුබම සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  30. යකෝ තොපිලට තේරෙන්නෙ නැද්ද... ඔබා කුස්සියට ගාල් කරල තියෙන්නෙ.. උයල උයල දැන් පොර වගේ පෝස්ට් දානව..

    මොනව වුණත් ඔබ්/බී දෙන්නටම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  31. අළුත් අරමුණු....අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබා මාමේ !

    ReplyDelete
  32. @ niroshini
    තෑන්ක් යූ, සී ෆුඩ් එකත් එක්කම විස්තරේ දාන්නම්.

    @ වර්ණා
    හෙටම දාන්න බලන්නම්, බැරි වුනොත් අනිද්දා ෂුවර්.

    @ ChammA
    'පිට්සා එකක් වගේ එකක්' මොකද්ද බොලේ ඒ?

    @ ගැමියාගේ පත් ඉරුව
    චිකන් & සී ෆුඩ් ඔක්කොම එක පාරම දාන්න හිතාගත්ත

    @ Podi කුමාරිහාමි
    පඩි නැතත් කමක් නෑ 'අපිට කන්න දෙනවනං, අපිට බොන්න දෙනවනං'
    ඒ වුනත් වලව්වෙ ඔය රාජකාරියට ඉන්න අත්තොන්ගෙන් ඔළුව බේර ගන්න දෙයිද එයාල ?
    ඉන්ඩකෝ සී ෆුඩ් රෙසිපි එකත් ඒ ගමන්ම දාන්නම්

    @ අසරණයා
    ඉංග්‍රීසි දන්නැතුවද, එහෙමත් නැත්තං බොරු ප්‍රතිපත්ති කාරයෙක්ද? හෙහ්..හෙහ්..හෙහ්...

    ReplyDelete
  33. @ sameera
    ඉන්ඩකො, මකුල් කුෂ් සහ සී ෆුඩ් රෙසිපියත් එක පාරම දෙන්නං

    @ පූසා
    එසේම වේවා... තෑන්ක් යූ

    @ Shani
    චුට්ටක් ඉවසන්න සී ෆුඩ් රෙසිපියත් එක පාරම දෙන්නං...

    @ මාරයා,
    සාමාන්‍යයෙන් උයන හැටි නොදන්න හින්දනෙ බං මේ 'ස්ටාර් ෆ්‍රය්' අනං, මනං, හදන්නෙ. ඉක්මනට දාහන් උඹේ රෙසිපිය, ඒ විදියට තමා මාත් වැඩිය කැමති

    @ Shani
    ඔබටත් පවුලේ සැමටත් එසේම පතමි

    ReplyDelete
  34. @ kandyan
    කාලයක් අමතකම වෙලා තිබුන වචනයක් 'කුටුම්බිය'
    ඔබ පවුලේ සැමටත් එසේම පතමි...!!!

    @ ලොකු පුතා
    බොක්කෙන්ම තෑන්ක් යූ

    @ බුරා,
    'සේම් ටු යූ'

    බොරු නං කියන්න එපා, හොඳා තේරුනා නං බ්ලොගේ තියෙන ලිපිනයට ඊයක් එවන්න තිබ්බනේ, දැන් වුනත් බැරි කමක් නෑ.

    ප.ප.ලි. යට කෙහෙල් කොටුවෙ පොඩි එකා අන්න උත්තරයක් දීල තිබ්බ

    @ ඉඳුනිල්
    එසේම වේවා, අපේ තාත්තත්, පොඩි කාලෙම ඔය සීන් එකා දැකල ජීවිතේටම ඉන් පස්සෙ මස් කෑවෙ නෑ

    @ Beetle
    කඩ්ඩෙ උදාහරණෙ නියමයි.

    ඔබටත් පවුලේ සැමටත්, 'කළු' ඇතුළු අප පවුලේ සැම එසේම වේවායි පතනවා

    ReplyDelete
  35. @ න දී
    න දී ඇතුළු පවුලේ සැමටත් එසේම වේවා...!!

    @ වෙනි,
    පොඩි මාළු කන 'වෙජිටේරියන්' කෙනෙක් නෙමේ නේද?
    කළුවා ගෙන්ම අහල බලන්න ඕනේ ඌ ට තියෙන සැලකිලි.
    වෙනිටත් පවුලේ සැමටත් එසේම වේවා...!!

    @ අඹයා,
    අඹයා ඇතුළු පවුලේ සැමටත් එසේම වේවා...!!

    @ රෙපා,
    සමහරු පොඩි මාළු කන වෙජියො
    ඔබ පවුලේ සැමටත් එසේම පතනවා.
    සමාව බාජනේ දැමීමත්, ජනෙල් කුරු අස්සෙන් කෙල ගහනවා වගේ වැඩක් :-)

    @ ප්‍රසන්න,
    ඔබේ පවුලේ සැමට සුබ නව වසරක් වේවා !

    @ ranjith ,
    මාත් හඳයගේ නිර්මාණ වලට කැමැතියි.
    ඔබේ පවුලේ සැමට සුබ නව වසරක් වේවා !

    @ බුද්ධි
    තෑන්ක් යූ.

    @ Raj
    පහුගිය අවුරුදු කීපෙ ආවෙත්, නව වසරෙ එන්න ප්ලෑන් කරල තියෙන්නෙත් අප්‍රියෙල්. දැන් නම් සිද්ද වෙන ඇක්ටිවිටි බලන කොට ඒක වෙනස් කොරල දෙසැම්බර් එන්න හිතෙනව

    ReplyDelete
  36. දැන් වැඩට යනවා, හවස ඉතුරු පිළිතුරු සහ නොකියවූ බ්ලොග් කියවීම.

    Wish everybody a 'Happy 2012'

    Bye for now...!!!

    ReplyDelete
  37. @Buratheno
    සී ෆුඩ් උනත් සත්තු තමයි. ඒකත් නවත්තන්න පුළුවන් නම් නවත්තනවා...නමුත් මස් කන්නේ නැත්තේ අද කාලේ මස් වල හදන සත්තු හදන විදිය නිසා. මස් කන එක නැවැත්තුවේ ආගමික කරුණක් හන්දා නෙවෙයි. PopCo කියන පොත කියවල මසට ඇති කරන සත්තු ගැන තිබ්බ දේ නිසා. මස් විතරක් නෙවෙයි බිත්තර උනත් මම 'caged eggs' ගන්නේ නැහැ free range මිසක්. කිරි උනත් එහෙමයි. එත් කිරි නම් බොනවා...
    මේවා කිව්වේ බුරතිනෝ ඇහුව නිසයි - අනික් අයට මම මස් කන්න හෝ නොකන්න කියන්නේ නැහැ... මගේ ස්ථාවරය පැහැදිලි කරා විතරයි :)

    ලින්ක් එකට ගොඩක් ස්තුතියි. ඒක කියවගෙන යනවා.

    ReplyDelete
  38. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබා මාමේ,,,ඔබා මාමත් හොදටම කන බොන මනුස්සයා වගේ නේ අනේඅ වාසනාවන්

    ReplyDelete
  39. හැපි හැපි මෙව්වා ඔබා මාමට..
    ඔච්චර මස් කන්න එපා...

    ReplyDelete
  40. ඔබා මාම, ඔබී නැන්ද ඇතුළු පවුලේ සැමටම 2012 වසර වාසනාවන්ත නිරෝගී නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  41. මමත් වෙජිටේරියන්...කන බොන වෙලාවට නන්....හික් හික් .....සතා මතක නෑ ඒවෙලාවට....
    සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  42. හදන විදිය ඇති කියලා බඩගින්නෙම බැලුවා කෝ නෑනෙ ඒකටත් ඉතින් ඔබී එනකන් ඉන්නවෙයිද දන්නෙ නෑ ...

    …කමක් නෑ ,සියලු බලාපොරොත්තු සපිරි නවවසරක් වේවා !

    ReplyDelete
  43. පහන් සිලක් සේ නෙතු දැල්වේවා!
    නෙළුම් විලක් සේ සුවද සැදේවා!
    වසන්තයක් සේ දිවි සරු වේවා!
    මේ නව වසරේ කිරි ඉතිරේවා!

    ReplyDelete
  44. පන නහපු හරකෙකුගෙ ඇඟෙං රසම කොටස ගෙනල්ල තියෙන්නෙ.

    සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඊ මේල් කවිකාරි ඇයි මහැදුරු බිරිඳක් කියල උඩින්ම දාලා තියෙන්නේ? එයාගෙ හස්බන්ඩ් මහැදුරු වුනා කියල අපිට පාන්ද?ඇයි මේ ලංකාවෙ වෙන මහැදුරු බිරින්දෑවරු නැද්ද? බොරු පඩ ශෝ!

      Delete
  45. සෑමාගේ පෙම්වතියට පෙන්විය යුතුය..

    ‍හොද නොහොද ඊට පසු...

    බව්වා නම් මරැ ඔබා අයියා. අහිංසකයෙක්, හැම කෑමක්ම චෙක් කරන්න පොරට දෙන්න එපා. ඕකට ඩයබිටික් හැදෙයි..

    ** අර සිංහල සර් මේ පැත්තේ ආවේ නැද්ද :)

    ReplyDelete
  46. බඩු ටික ලෑස්ති කොරගත්තට පස්සෙ ඔහොම කියන එක හරි නෑ....දැන් මේ ටිකට මක්ක කොරන්නද?

    ReplyDelete
  47. දැන් ඔබාස් ජෝයි ඇන්ඩ් ප්‍රයිඩ් කතා සීරිස් එක කුකරි ක්ලාස් එකක් වීගන එනවා වගේ... කොහොම උනත් ලැබුවා වූ 2012 අවුරුද්ද ඔබා ඔබී සහ පවුලේ සියලු දෙනාටමත් අර ලස්සන දඩෝරියාටත් සුබ අලුත් අවුරුද්දක් එක්ක වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  48. සුබ නව වසරක් වේවා

    ReplyDelete
  49. 2012 සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  50. @ Dinesh
    එසේම වේවා

    @ දේවා,
    අවසර ගන්න කියල පොඩ්ඩක් වෙලා බලං හිටිය, කට්ටිය මේ දවස් වල හෙන බිසි, ෆෙස්ටිව් සීසන් එක නිසා, මං ඔන්න ඔහෙ ෆොටෝ ටික ගහ ගත්ත.

    @ මධුරංග,
    ඔබටත් පවුලේ අයටත් සුභ 2012 ක් වේවා...!!!

    @ පැණි දොඩම්
    කොමෙන්ට් එක ඉන් බොක්ස් එකෙත් නෑ, ප්‍රශ්නයක් නෑ.
    පැණි දොඩම් සහ පවුලේ සැමට සුභ 2012 ක් වේවා...!!!

    @ දිල්
    ඔබටත්, බාප්පා, පුංචි අම්මාගේ පවුලේ සැමටත්, වෙන්න හස්බන්ඩාටත්, සුභ 2012 ක් වේවා...!!!

    ReplyDelete
  51. @ niroshini & බුරා,
    දෙන්නගෙ විවාදෙට මං හොට දාන් නෑ.
    දෙදෙනාටම සහ පවුල් වල අයට හැපි 2012 ක් වේවා...!!

    @ ItalyDilan
    තෑන්ක් යූ, දිලාන් ටත් පවුලේ අයටත් හැපි 2012 ක් වේවා කියල ප්‍රාර්ථනා කොරනවා

    @ පිසා,
    බොටත් හැපිම හැපි එහෙම එකක් වේවා...!!!

    @ Miyuru
    මියුරු නැන්දා [hikz]සහ පවුලේ සැමටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරමි

    @ ඔබ නොදු‍ටු ලොවක්
    මේක, කන බොන වෙලාවක අහුවුනොත් අපිවත් කයිද දන් නෑ

    ReplyDelete
  52. @ Loku John
    පව් අප්පා ජෝන තාම බඩගින්නෙද දන් නෑ....හිකිස්....
    Loku John ඇතුළු පව්ලේ සැමටත් සුභම සුභ 2012 ක් වේවා

    @ බට්ටි
    කවියේ ඔබීගෙ නමත් කොහොම හරි වැටිල තියෙනව, බට්ටි නොදැනුවත්වම හෙහ් හෙහ්.
    Thank You & Wish You The Same ...!!!

    @ ඊ මේල් කවිකාරි ,
    ඔබටත්, ඇදුරු තුමාටත්, දරුවන්ටත්, සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!

    @ sAm sRi
    1] ඊට පසු මූණ දීමට සිදුවන ප්‍රශ්න පිළිබඳව කිසිම වගකීමක් භාර ගනු නොලැබේ [ඩිස්ක්ලේමර් එක]
    2] ඌ දුක්ගන්නාරාළ වැනිය, හෙහ් හෙහ්, නමුත් කිසිම පැණි රසක් දෙන්නේ නැත
    3] ඔය පැත්තෙ අද ඇවිල්ල බලන්න බැරි වුනා, මෙහෙට නං තාම ආවෙ නැත, ආවොත් මරු, බ්ලොගේ මගේ නිසා පොර නියම පිරිසිදු සුද්ද සිංහල අහගන්නෙ මගෙන්.

    @ ක්සැන්ඩර් | Xander
    ඒ වෙලාවට හිතෙන දේවල් මිස no සීරිස් කතා...හෙහ්...හෙහ්...
    ඔබා ඔබී සහ දඩෝරියාගෙන් ඔබ පවුලේ සැමට සුභ 2012 කට ප්‍රාර්ථනා...!!!

    ReplyDelete
  53. නැ එයාකාගේ සොබනේ..නැත්නම් බොද්දි හරක් මස් කාවියේ..

    ReplyDelete
  54. @ rawana
    රාවනා රජ තුමාට සහ රජ පවුලේ සැමටත් සුභ 2012 ක් වේවා.
    [සොරි, පස්වාන් දාහක අවසර]

    අලුතෙන් මොනව හරි ලියන්න කල්පනාවක් නැද්ද?

    @ රෝහිත
    ඔන්න රෝහිත මේ පාර කුණුහපර ලියල නෑ...
    රෝහිතටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
  55. @ අසරණයා
    ඒක මිසක්

    ReplyDelete
  56. හෙ හෙ හෙ...... එහෙනම් ඔබා මාමේ මේ අවුරුද්ද පැලෙන්න කන්න ලැබේවා!!! ලැබුවා වූ නව වසර ඔබා මාමාටත් පවුලේ සියළුම දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  57. @ ගොඩයා,
    කාල වැඩිවෙයිද කියල තමා චුට්ටකට බයක් තියෙන්නෙ.

    ගොඩයටත් පවුලේ සැමටත්, [මල්යටත් එක්කම-බ්ලොගත් වහල නිසා මල්යට 'හැපි නිව් ඉයර්' කියන්න විදියක් නෑනෙ] 2012 සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  58. අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා මුලින්ම රිප්ලයි කලේ කෑම පෝස්ට් එකකට.......සුභ ලකුනක්!!!
    ලැබුවාවූ නව වසරේ කෑවට පස්සේ බඩ අප්සට් නොවන්නාවූ නොමිලේ ලැබෙන ප්‍රනීත කෑම වේලවල්(දාන ගෙවල්,දන්සැල්...................etc) බොහෝ ගනනකට හිස්බඩ ගිහින් , බන්ඩි ෆුල් වෙනකන් රිප්ලයි කරන්න ලැබේවා!!!

    ReplyDelete
  59. @ Rajith

    එසේම වේවා...!!!
    රජිත් සහ පවුලේ සැමට සුභ 2012 ක් වේවා....


    [මන් නං තාම සමරනව ...හෙහ්..හෙහ්... ]

    ReplyDelete
  60. සුභ නව වසරක් ඔබා මාමා සහ නැන්දට......

    මේ දවස්වල කලුට නම් හොඳටම සරු ඇති නේද.....

    ReplyDelete
  61. අප්පා අලුත් අවුරුද්දේ කුස්සියට ගේමක් දෙනවා වාගේ . හොඳා හොඳා ලෝක විනාසේ වෙන්ඩ කලින් තියන දෙයක් කාලා බීලා දැම්මා නම් හොඳයි නෙව

    සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත නව වසරක්ම වේවා !!

    ReplyDelete
  62. මාංස කොහොම වෙතත් කැබර්නෙ සොවිනියොං හොඳා අල්සයිමස් ඩිසීස් සමඟ හටං කරන්ට නං. නමුත් ඔය ලේබලය මට අලුත්. ඔබ්සර්වර් මහත්තය වයසට කැපෙන පානය තෝරල තියනව මොනව උනත්.

    ReplyDelete
  63. @ඊ මේල් කවිකාරි,

    ඕක ඔබා අයියා ගෙදර පෙරන එකලු, ඒකයි ලේබලේ අලුත්.. :))

    කැබර්නෙ සොවිනියොං එක එළ wild meat එක්ක ගත්තනං, ඔය හා මස් වගේ.. :D

    @niroshini,

    හපොයි, සොරිවෙන්ටෝනැ.. මං ඒ හින්ට් එක පාස් කරේ ඔයාට නෙවෙයි, ඔයාට පහළින් කමෙන්ට් කරපු, මස් නොකන-සී ෆුඩ් කන මං දන්න කෙනෙකුටයි.. අනේ හිත් රිදවීමක් වුනා නං ගැත්තාට සමාව දෙන්ට.. මගෙයි වැරැද්ද..

    පලි: ඔය ඔබා කියන ඒවට අහුවෙන්ටෙපා, ඔය හදන්නෙ අපි දෙන්නව පටලවන්ට :D

    ReplyDelete
  64. ඇනෝ සර් මහතාව මේ පැත්තට එවන්න විදහක් තිබ්බනම් මරැය.. :)

    ReplyDelete
  65. හපොයි පොටෝඑක දැක්කෙ දැන්. සුභ නව වසරක් වේවා ඔබා අයියට.

    ReplyDelete
  66. මේකත් පුදුම සරණියක්නේ... තෙල් ටිකත් දාල ඉතීය බැලුවම ඒක ලබන සතියේ....

    ඔබා මාම ලෙස්ට උයනව වගේ මේ ටිකේ...

    සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා එහෙනම්

    ReplyDelete
  67. රස කෑමක් හදල දෙන්නම් කියල මහත්තයට කිව්ව විතරයි.... ඉතිරිය පසුවලු .... කමක් නෑ බැරියැ ඉතිරි ටික දැම්මට පස්සෙ .....


    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .... !

    ReplyDelete
  68. පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  69. @ තාරක,
    තාත්තට, මල්ලිට සහ තාරකට සුභ 2012 ක් වේවා....!!!

    කළුට කොහොමත් හැමදාම නත්තල්

    @ සඳරු,
    ඔව් ඔව් තව වැඩි දවසක් නැහැනෙ....හෙහ්...හෙහ්...

    //සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත නව වසරක්ම වේවා !! //
    සඳරුටත් පවුලේ සැමටත් එසේම වේවායි ප්‍රර්ථනා කරනවා.

    @ ඊ මේල් කවිකාරි
    මේක ඔස්ට්‍රේලියාවෙ එකක්, කවිකාරි හිටිය රටවල එච්චර පොපියුලර් එකක් නෙමේ වෙන්නැති.

    ඇල්ස්යිමර්ස් වලට හොඳ නං ගන්න වේල තව ටිකක් වැඩි කොරන්න ඕනෙ.

    @ බුරා,
    කැන්ගරු මීට් එක්කත් නියමයි.

    // අනේ හිත් රිදවීමක් වුනා නං ගැත්තාට සමාව දෙන්ට.. මගෙයි වැරැද්ද..//
    ගෑල්ලමෙක් කට ඇරිය ගමන් ෆුල් ශේප් ටෝක්, අපි වචනයක් කිව්වොත් ෆුල් වළි ටෝක්

    @ රාජ්,
    කොයි ෆොටෝ ගැනද කිව්වෙ?

    රාජ්ටත් පවුලේ සැමටත් සුභ 2012 ක් වේවා...!!!

    @ ඊමේල් කවිකාරි,
    බුරා හාවො මරන් නෑ, හාවො අල්ලනව විතරයි.

    ReplyDelete
  70. ඇත්තටම කැබර්නෙ සොවෙනිඔං/කැබර්නෙ සොවිනියොං කියන්නෙ තද දම්/කලු පාට ලොකු ගෙඩි (අලු ගෑවුනාවගෙ පේන) හැදෙන මිදි වර්ගයක්. බොරලු ගල් වගෙ පොලොවෙ හැදෙන්නේ.ඔය මිදිවර්ගය කොහෙත් තියනව. ප්‍රංසෙ වැඩිපුරම වැවෙන්නෙ බොර්දෝවල. වැලේ දෙ ලුවා වලත් ප්‍රොවන්ස් වලත් හැදෙනවා.

    ReplyDelete
  71. http://en.wikipedia.org/wiki/Cabernet_Sauvignon
    කැබර්නෙ සොවෙනිඔං/කැබර්නෙ සොවිනියොං ගැන

    ReplyDelete
  72. @ බුරා,
    කය්ය ගැහුවට පින්තුරෙ තියෙන දේ දැක්කෙ නැහැනෙ...හු..හු...
    [දැක්කොත් මේ බ්ලොගේ වම් පැත්තෙ උඩ හරියෙ තියෙන ලිපිනයට ඊයක් එවන එකයි තියෙන්නෙ, ඉස්සෙල්ල පාර දිනා ගන්න බැරි වුන රම් හෝ වොඩ්ක බෝතලේ දිනා ගත්තෑකි]

    ReplyDelete
  73. @ පිස්සා,
    ඉස්සෙල්ල පෝස්ට් එකේ පින්තුරෙ තියෙන එක, , ඔස්ට්‍රේලියාවෙ ඉන්න උඹ දැක්කෙත් නැත්තං ඒ ගැන කතා කොරලත් වැඩක් නෑ...හෙහ්...හෙහ්...
    පිස්සටත්, [ෆුල් පිස්සු කෙලින] සුභ අලුත් අව්රුද්දක් වේවා...!!

    ReplyDelete
  74. @ Sammani
    මහත්තයට බොරු පොරොන්දු දුන්න නේද? :-)
    ඔබටත් පවුලේ සැමටත් සුභ 2012 ක් පතනවා

    @ Gaminie Vijith Samarakoon
    ඔබ පවුලේ සැමටත් සුභ 2012 ක් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  75. @ ඊ මේල් කවිකාරි,
    එම මිදි වර්ගය සවුත් ඕස්ට්‍රේලියා සහ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල මාගරට් රිවර් පෙදෙසෙ හොඳට වැවෙනව.

    විස්තර වලට සහ ලින්ක් එකට බෙහෙවින් තුති

    ReplyDelete
  76. සුභ නව වසරක් ඔබා මාමා සහ නැන්දට.....

    ReplyDelete
  77. මෙන්න ඒ පාර ඔබා මාමත් පටන් අරගෙන ඔබා සරණියක්....! මේ වසංගත ගේනවට මාරයට තමයි කවන්න ඕනෙ මස් අමුවෙන්ම...!

    මම නම් හරක් මස් වලට එච්චර පිරියක් නෑ. රසයි වගේ පෙනුනොත් නම ඇදලා දානවා ආපහු බලාගෙන ඉන්නෙත් නෑ...!

    ඔබා මාමා අයියා ඇතුළු පවුලේ හැමෝටම සුභම සුභ නව වසරකට ආසිරි....!

    ReplyDelete
  78. @ නිශ්
    නිශ් සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා....!!!

    @ දුමී,
    ඔබීත් මස් කන්නෙම නෑ. මාත් වැඩියක්ම මකුල් කුස් සහ මාළු තමා. ඒත් ඔබීත් නැති වෙලාවෙ හිතුන බීෆ් පාරකට ට්‍රයි එකක් දෙන්න.

    දුමී, ගම හාමිනේ ඇතුළු පවුලේ සැමට සුභ දායක 2012 ක් වේවා...!!!

    ReplyDelete
  79. හේ හේ මම දන්නව මාමගේ නම පහන්. හැබැයී දෙයියනේ අවුරුදු 75ක එක්කෙනෙක්ට ඒවගේ නමක් ගැලපෙනවද මන්දා?

    ReplyDelete
  80. සියලු කරදර මග හැරී යන
    සියලු භාධක තුරන් වී යන
    සැපත සැනසුම පිරී ඉතිරෙන
    නැවුම් වසරට ආවඩා... ආයුබෝ...

    ReplyDelete
  81. @ඊ මේල් කවිකාරි,

    චෑ චෑ.. අපි හොඳ බවුද්දයොනෙ, හාවො මරන්නෙ නෑ, මරපු එවුන් හිටියොත් කනවා.. :D

    @ඔබා,

    // ගෑල්ලමෙක් කට ඇරිය ගමන් ෆුල් ශේප් ටෝක්, අපි වචනයක් කිව්වොත් ෆුල් වළි ටෝක් //

    මේ නහින දෙහින වයසෙ ඉන්න ඔබා වගේද, ගෑල්ළමයි ෆුල් සේප් එකේ තියාගන්ට එපායැ.. නැත්තං වසලා හමාරයි නෙවැ.. :))

    අනික ඔබා හැදුවෙ නිරෝෂිනිවයි මාවයි අවුස්සලා, මෙතන විවාදයක් ඇතිකරලා, තව කට්ටිය ගෙන්නලා කමෙන්ට් දාගෙන බ්ලොග් එකේ හිට්ස් ගාන වැඩිකරගන්න නෙවැ.. අපි අහුවෙයි ඕවට.. :p

    // කය්ය ගැහුවට පින්තුරෙ තියෙන දේ දැක්කෙ නැහැනෙ...හු..හු.. //

    ඔය කියන්නෙ මොන පින්තූරෙ ගැනද.!? ගියපාර පින්තූරෙ ගැනද.!? ඒකෙ තිබ්බෙ පෝල්, මෝල් වෙලා, රෙඩ් හෙඩ් කෙනෙක් ගාවට ගියපු කතාවක් නෙවැ..

    // හේ හේ මම දන්නව මාමගේ නම පහන් //

    හෙහ් හෙහ්, නිකං පහන් නෙවෙයි, මැටි පහන්.. :p

    ReplyDelete
  82. අවුරුද්දක්ගෙවෙන දවසෙ කොල්ලො කෙල්ලො ටික ලෙඩ්ඩු කරන්න ඔන්න ලියන්න ගත්තා මස් සහ තෙල් ගැන.. අපි නෑ ඔවුවට ..

    ReplyDelete
  83. @ බට්ටි,
    ' පහන් ' කව්ද කිව්වෙ? හිකිස් මරු නම...ඒත් මගෙ නෙමේ. මයි නේම් ඉස් ' බස්තියන් අප්පු '

    @ නෝටියා,
    එසේම වේවා...!!!

    @ බුරා,
    //අනික ඔබා හැදුවෙ නිරෝෂිනිවයි මාවයි අවුස්සලා, මෙතන විවාදයක් ඇතිකරලා, තව කට්ටිය ගෙන්නලා කමෙන්ට් දාගෙන බ්ලොග් එකේ හිට්ස් ගාන වැඩිකරගන්න නෙවැ.. අපි අහුවෙයි ඕවට.. //
    ශ්...ශ්...ශ්... කෑගහන්න එපා බොලේ.....

    @ ඊ මේල් කවිකාරි
    ' බස්තියන් අප්පු '

    @ ජය්යා,
    මස් කෑල්ල දිහා හොඳට බැලුව නං, තෙල් සව අනන් මනං නා, තෙල් දාන්න කිව්වෙ හැඳි දෙකයි.
    අනේ බෝගේ කරුණාව කොල්ලන්ට, මන් නොදන්න ලංකාප්රිය...

    ReplyDelete
  84. ඇත්ත කතාව

    http://www.facebook.com/photo.php?fbid=337009072984317&set=a.169579949727231.37365.100000256806646&type=1&theater

    ReplyDelete