My followers

Thursday 1 December 2011

Drop Hire

                                                පින්තුරේ ගූගල් ෆ්‍රී ෆොටෝස් වෙතින්


මතකනෙ අපේ ඉන්දරේ. පොරව අඳුරන්නේ නැති අය ඉන්නව නං 'තෝර බලයි' එහෙමත් නැත්තන්  'බෝතල් දෙකක් ගෙනෙන් මචං' එහෙම කියවල බලන එකයි තියෙන්නෙ, නිකං ඉන්න වෙලාවක.
ඉන්දරේට හිටිය සුවිශේෂ යාළුවෙක්‌. ඒ දෙන්නගෙ යාළුකම පැවත ගෙන ආවෙ, දෙන්න වේරහැර අභ්‍යාස ලාභීන් කාලෙ ඉඳල. පසු කාලෙක, ඉන්දරේ විවාහ වුනේ යාළුවගේ නංගි සමග,  යාළුකම තවත් තහවුරු වුනා

ඒ විතරක් නෙමේ යාළුව කර කාරෙට ගත්තෙ, ඉන්දරේගෙ නංගිව. යාළුවො  දෙමස්සිනෝ වුනා. හොඳම හරිය තමා, මගුල් ගෙවල් දෙක මනමාලියන්ගෙ ගෙවල් වල ගත්තට, ජෝඩු දෙකම 'මධු සමය' ගත කලේ, එකම හෝටලයක වීමත්, ජෝඩු දෙකේම 'හෝම් කමින් ' එක, ගාල්ලෙ ඉන්දරේලගෙ ගෙදර පැවැත්වීමත්.

දෙන්නම ලංගම නොයෙකුත් පළාත් වල සේවය කරල, කසාද බඳින්න ඉස්සෙල්ල කාලෙ වැඩ කලේ කුරුනෑගල. ඒ කාලෙ වෙනකොට ලංකාවෙ කට්ටිය මැද පෙරදිග රැකියාවල් වලට යන්න පටන් අරං.  ඉන්දරෙයි, වෙන්න මස්සිනයි, දෙන්නත් ගියා මැද පෙරදිග.

හොඳ කතා ටිකක් තියෙනව, රට යන්න සම්මුඛ පරීක්ෂණ වලට ගිය ඒව, ලංගමෙන් අස්වීමේ සහතිකේ ගත්ත හැටි,  ගැන එහෙම . ඒ වුනාට පඳුර වටේ තලන්නෙ නෑ, මාතෘකාවෙන් පිට පනින්නෙ නෑ, කියන ස්ථිර නිගමන වලට ඇවිල්ල මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්ත නිසා, අද ඒව කියන්න යන්නෙ නෑ. සමහරුන්ට මතක ඇති, ඕනය එහෙම 'Kiss & Ride'  පෝස්ට් එකට කොමෙන්ට් දාල තිබුන, වයසට අනුව මගෙ කල්පනාව අඩු වේගන යනව ඇති කියලත්, සැක පහල කොරල.

ඉන්දරෙයි,  මස්සිනයි, තව ඒ කාලෙ කුරුනෑගල එකට වැඩ කරපු කීප දෙනෙකුයි, ලංකාවෙ එකම ඒජන්සියකින්, එකම රටට, වැඩට ගියා. කට්ටිය වැඩ කලේ ජෝර්දානයේ, අකාබා කියල වරායක. අපේ බුන්ට, සිරෝසිස් කියල තව යාළුවෙක්,‌ එහෙම  ඒ රටේම වෙන තැනක ඔය කාලෙම වැඩට ගියා, මට මතක විධියට එකම ඒජන්සියෙන්. දෙගොල්ලො ගැනම එහෙදි වෙච්ච ඒව ගැනත් සෑහෙන්න කතන්දර තියෙනව.

අවුරුදු දෙකක් විතර වැඩ කරල, කට්ටියම වගේ ආපහු ආවම ලංගමටම ආයෙත් ජොයින් වුනා. ඉන්දරෙයි, මස්සිනයි, ආපහු ලංගමට ජොයින් වෙන්න කලින් කොන්ත්‍රාත් වැඩ කළා කාලයක්. දෙන්න කරපු එක කොන්ත්‍රාත් එකක් තමා 'නැවත වන වගාව'. ඒකට අයිති වුනේ, අක්කර සිය ගණන් ආණ්ඩුවෙන් එළි කරපු කැළෑ වල නැවත ඉක්මනට වැවෙන ගස් වර්ගයක් පැල කිරීම.  බුන්ට,  ඉන්දරේලගෙ ඔය ප්‍රොජෙක්ට් වල සුපර්වයිසර් වැඩකුත් කළා කාලයක්. ඒ විස්තර වෙනම කියන්නන්.

මේ කියන කාලෙ, ඒ කියන්නෙ 80 ගණන් වල මුල හරියෙ, ඉන්දරෙයි, මස්සිනයි, නැවතිලා හිටියෙ කුරුනෑගල, සමන්පුරේ. ඉන්දරේලගේ ලොකු මාමගෙ ගෙදර. 'තටා බෝයි' සහ 'විජේ' කියල තව අපේ ලංගම යාළුවො දෙන්නෙක් පදිංචි වෙලා හිටිය, සමන්පුරේට ටිකක් එහා තෝරයායෙ.

කුරුණෑගල පැත්තෙ කට්ටිය නං දන්නව සමන්පුරේටයි, තෝරයායටයි අතරෙ තියෙනව 'බඩගමුව මුකලාන' කියල කැළෑවක්. ඔය කැළෑව මැද්දෙන් තමා කුරුණෑගල ඉඳල දඹුල්ල පැත්තට යන පාර තියෙන්නෙ.

ඒ කාලෙ පාරෙ, ඔය හරිය දවල්ටත් කරුවලයි,   රැහැයියො කෑ ගහනව. දැන් ඔය කැළෑව හරියෙ පාර දෙපැත්තේ බඩඉරිඟු තම්බල විකුණන පොඩි කඩ මං හිතන විධියට විස්සක් වත් තියෙනව. ඉස්සර තිබුනේ එකම එක කඩයයි, හැබැයි එක රෑටත් විවෘතයි.

ඉන්දරේලගෙ 'වන වගාව' ප්‍රොජෙක්ට් එක ගියේ මාතලේ පැත්තෙ වුනාට, ඒක භාරව තිබුන රජයේ දෙපාර්තමේන්තුවෙ කාර්යාලෙ තිබ්බෙ, කුරුණෑගල කච්චේරිය එහෙම තිබුන, කාර්යාල සංකීර්ණයේ.

කොන්ත්‍රාත් එක ස්ටෙප් එකෙන්, ස්ටෙප් එක, ඉදිරියට යනකොට ප්‍රගති වාර්තාවල් ඉන්දරේල ඉදිරිපත් කරනවා.

එතකොට කන්තොරුවෙ මහත්තයෙක් ඇවිල්ල චෙක් කරල , ඉවර කරල තියෙන වැඩ වලට,'පාට් පේමන්ට්' ගෙවීමක් අනුමත කරනව.

ඉන්දරෙයි, මස්සිනයි, සහයට අපියි, ගිහින් කන්තොරුවෙ පේමන්ට් අනුමත කරන පොරගෙ ඉඳල, එකවුන්ටන්ට්, ගිණුම් ලිපිකරු, කාර්යාල කාර්ය සහායක, එකී නොකී හැම එකාටම ජරාව දීල, තව සෑහෙන රස්තියාදුවකුත් වෙලා තමා, යාන්තන් බැංකු වහන්න ඉස්සෙල්ල චෙක් එක අතට ගන්නෙ. චෙක් එක බැංකුවට ගිහින් මාරු කරගත්තම, ඒ ප්‍රීතිය බුක්ති විඳල එහෙම තමා, සියලු දෙනා සතුටින් විසිර යන්නෙ. සමහර දවසට විසිර යන්නෙත් නෑ, ඉන්දරේලගෙ ලොකු  මාමලගෙ ගෙදර හරි, මෙතනදි කලින් නම නොකියවුණු 'අජපාලය'ගෙ නවාතැනේ හරි මහ රෑ වෙනකම්  ' ප්‍රීතිය බුක්ති විඳල' නිදා ගන්නව.

ඔය කියපු එක 'වන වගා' කොන්ත්‍රාත් එකක, ෆයිනල් පේමන්ට් එකක් ලැබුන එක වතාවක, රුපියල් ලක්ෂ දෙකකට චුට්ටක් වැඩියෙන්.  80 ගණන් වල මුල හරියෙ ලක්ෂ දෙකක් කියන්නෙ, අපි එකම තැන තියෙනව වත් දැකලවත් නැති මුදලක්.  රට ගිහින් වැඩ කොරපු එකෙක් ඇරෙන්න, අපේ සෙට් එකේ වුන් එහෙම මුදලක් ජීවිතේට අත ගාල නෑ. ගාන කොච්චර ලොකු වුනත් ඒකෙ බයට 'ප්‍රීතිය බුක්ති විඳීම' අත අරින්න ඉන්දරේවත්, මස්සිනාවත්, සහයට හිටපු  තටා බෝයි, විජේ, අජපාල සහ මම ලැස්ති වුනේ නෑ.

සජීවී බිලින් ගහක් වහළෙ පසාරු කරගෙන යන ශාලාවක් එහෙම තිබුන නිසා 'වෘක්ෂ ලතා මණ්ඩපය' නමින් අපි හඳුන්වපු, 70 ගණන් වල  ඉඳන්  අපේ රාජ සභාව රැස් වෙච්ච, 'පැරමවුන්ට්'  කියන ආපන ශාලාවෙ  එදා අපි 'ප්‍රීතිය බුක්ති වින්දෙ'.  කොහොම හරි තොවිලෙ ඉවර වෙන කොට රෑ 11 ත් පහුවෙලා. බස් ස්ටෑන්ඩ් එකට නිකමට ගිහින් බැලුව, අතරමං වෙච්ච බස් එකක් වත් තියෙනවද කියල. ම්හු...නෝ සච් ලක්.  ලක්ෂ දෙකකට ටිකක් වැඩි මුදල ඉන්දරේගෙ බෑග් එකේ, කට්ටියට හිතේ හයියට තිබුනෙ, බුක්ති වින්ද ප්‍රීතියයි, පිරිස් බලයයි.

  කාලේ වෙනකොට 'ත්‍රී වීලර්' තිබුනෙ නැහැ. බස් ස්ටෑන්ඩ් එක ගාව හයරින් කාර් පාක් එකේ, එකම එක ලදරන් කාර් එකක් තිබුන ඒ වෙලාවෙ. අපේ දුරම යාළුවො දෙන්නගෙ ගෙවල් තෝරයායෙ හිංද, ඩ්‍රයිවර් උන්නැහෙගෙන් ඇහුව තෝරයායට යන්න කීයක් ගන්නවද කියල. හැරිල යන පාරවල් වලත් යන්න තියෙනවද, ගෙවල් කීයක් ගාව නවත්තන්න වෙනවද, ඩ්‍රොප් කරල එන්න විතරයි නේද, ගියාට පස්සෙ වෙන දිහෑවල යන්න කතා කරන්නෙ නෑ නේද, ආදී වශයෙන් සෑහෙන ප්‍රශ්න පත්තරේකට උත්තර දුන්නට පස්සෙ, පොර අන්තිමට ගානකට පොරොන්දු වුනා.

දැන් කාර් කට්ටෙ නැගල ගමන් පහසුව සලස ගන්න ගමන් අපි තීරණේ කලා, තෝරයායෙ යාළුවො දෙන්න, ඒ කියන්නේ 'තටා බෝයි' සහ 'විජය' ඉස්සර වෙලා බස්සල, අනිත් කට්ටිය ආපහු එන ගමන් සමන්පුරෙන් බැහැල, ඉන්දරේලගේ මාමලගෙ ගෙදරට හරස් පාරේ යන්න තියෙන චුට්ට දුර පයින් යන්න. බඩගමුව මුකලාන මැද්දෙන් යනකොට මට මීටර් වුනා, පොලොන්නරුව ඩිපෝවෙ 'බ්රේක් ඩවුන්' වෑන් එක, සිංහලෙන් කියනව නං 'ආපදා රථය' අර කලින් කිව්ව කඩේ ගාව නවත්තල තියෙනව.

 තට්ටය බස්සන්න ගියාම තමා තේරුනේ, ඌට අපිට වඩා 'ප්‍රීතිය' වැඩියි කියල. බොහොම අමාරුවෙන් කාර් එකෙන් බස්ස ගත්තට පස්සෙ මේක ගෙට ගිහින් බුදියගන්නෙ නැතුව, අපිට පරෙස්සමෙන් ආපහු යන හැටි ඉඳල, සල්ලි ආයෝජනේ කරන හැටි දක්වා උපදෙස්, අවවාද කෝටියයි. ඒ අස්සෙ ඩ්‍රයිවරයට මළ පැනල අපේ පමාව ගැන. 'ඩ්‍රොප් හයර් නං ඩ්‍රොප් හයර්, නෑදෑ ගමනක් කිව්ව නං මන් කීයටවත්, මේ ගානට, මේ හයර් එක එන්නෙ නෑ' ඩෝප් කාරයෝ එක්ක හයර් ගියාම සිද්ධ වෙන දේවල්, අරවද, මේවද, ලොකු ටෝක් ගොඩයි. මේකගෙ කන්දොස්කිරියාව හිංද මුගෙ කාර් එක හයර් කලාට වඩා හොඳා, අමාරුවෙන් හරි පයින් ගමන ගියා නං කියල අපිට හිතිලා තිබ්බේ මේ වෙන කොට.

තටාබෝයි ගෙ ගෙදර දොරට තට්ටු කරල, රාණි අක්කව ඇහැරවල, පොරව ගෙදරට බාර දීල එතනින් පිටත් වෙනකොට ටිකක් වෙලා ගියා තමා, ඒ වුනාට බස් ස්ටෑන්ඩ් එකේ වේලි වේලි හිටිය ඩ්‍රයිවරය මග දිගට ටෝක් ඉෂූ කරන්නෙ, ඌට රෑ තිස්සෙ එන්න තිබ්බ හයර් ඔක්කොම, අපි හිංද නැති වෙච්ච සයිස් එකෙන්. ඔහොම අපිට බැණ බැණ බඩගමුව කැලේ මැද්දෙන් එද්දි එක පාරටම කැස්සක් දෙකක් කැහැල, කාර් කට්ටෙ එන්ජිම නැවතුනා. ඩ්‍රයිවර් බැහැල බොනට් එක ඇරගෙන කූරු ගානව. ඒ අස්සෙ අපි කතාවෙන්නෙ, ඊළඟ වංගුවෙන් එහා පැත්තෙ, කඩේ ගාව නවත්තල තිබ්බ බ්රේක් ඩවුන් වෑන් එක ගැන.

ටිකක් වෙලා කූරු ගාල ඩ්‍රයිවර් උන්නැහෙ, ආපහු කාර් එකට නැගල කියාපි 'මහත්තේලා බැහැල තල්ලුවක් දාන්න' කියල. අපි බැස්ස, වුනාට තල්ලු දාන්න නැවතුනේ නෑ. කඩේ පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්ත. ඩ්‍රයිවර් උන්නැහෙ ඒ පාර කෑ ගහල අහනව 'මහත්තේලා කොහෙද යන්නේ' කියල, අපේ එකෙක් හැරිල කිව්ව 'ඩ්‍රොප් හයර් නං ඩ්‍රොප් හයර්' ඩ්‍රයිවර් උන්නැහෙ කියල.

ප.ලි.

අපි බ්රේක් ඩවුන් ඩ්‍රයිවර්ට කතා කරල, එයාල කාල ඉවර වුනාම, සමන්පුරේට චුට්ට දුර ගිහින් දම්ම ගත්ත.

හයරින් කාර් ඩ්‍රයිවර් උන්නැහෙ, කැලේ මැද්දෙ එදා රෑ මොනා කොරගත්තද දන්නෙ, එයාම විතරයි

60 comments:

  1. ඔහොම පොර ටෝක් ඉශූ කරන එව්වන්ට නම් ඔහොම කලාට කිසිම පවක් නෑ අයියෙ.. අපිත් මේ ළඟදි ත්‍රී වීල් කාරයෙකුට ඔහොම කලා.. ඌ හයර් එක පොරොන්දු වෙලා මඟදි හරියටම ප්යන තැන අහලා ගාන වැඩි කරන්න ටෝක් දෙනවා.. අපි ඌට ඒ ආපු හෝල්ට් දෙකට රු. 50 ක් දීලා බැස්ස !

    ReplyDelete
  2. කොහොම කලත් වැඩේනං බලු ෂරි...

    ඒ යකාවේලි වේලි හිටිය එක ඇත්ත වෙන්න ඇති..ඒත් බෙබාලා දාගෙන යනවා මදිවට යන යන තැන පැල වෙන කේෂ් කියන්නේ සෑහෙන කාලය නාස්තියක්...මිනිස්සුන්ට බොන්න සල්ලිත් තියේනං කේවල් කරන්නේ නැතිව අර යකාටත් ඔය සතුට ලැබෙන්න කියලා ඇත්තම කතාව කියලා ගානක් පොරොන්දු වෙලා එක්ක ගියානං ඉවරයි නෙව...

    මුංට බොන්න සල්ලි තියෙනවා.. අර යකා පරක්කු වෙනවා කියලා කියෝන කොට කෑ නුගහ ඉන්නවා ඔයි තව මෙච්චරක් දෙන්න කියලා කිව්වනං ඉවරයිනේ...එව්වා අමාරුයි...අම්මපා ඔය කොල අසමජ්ජාති වැඩේට ඕක කොල කස්ටියටම කවදා හරි දවසක පාරක අතරමං වෙලා ලයිට් කනු ගැන ගැන යන්න වෙයං...

    අහ් ඒ කියනකොට මතක් උනේ..අර කලින් කතාවක කඩ්ඩ ගැන හෙන ටෝකක් දීගෙන ඇවිත් එක පාරටම ඒ කතාව අල්ලලා දැම්මේ මොකද..? අර ඇනෝවා ඇවිත් කියාපු බෝඩ් බල බල පයින් ගිය කතාව ඇත්තවත්ද..?

    හූ හූ හූ...ඔන්න කල කල දේ පල පල දේ කියන්නේ ඕකට තමා...තෝර යායෙදි කොරපු පව ගෙවලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේදී..ඇප නැහැ නේද...

    "න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ
    න පබ්බතානං විවරං පවිස්ස
    න විජ්ජතී සෝ ජගතිප්පදේසෝ
    යත්ථට්ඨිතෝ මුඤ්ච්‍යෙය පාපකම්මා"

    ReplyDelete
  3. මට අර හයරින් කාර් එකේ ආපු ඩ්‍රයිවරයා ගැන පොඩි දුකක් හිතට ආවා.මොකද ඔහොම දෙයක් උනාම කන්න වෙන කට්ට ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.මමත් ඔය වගේ දේවල්වලට අනන්තවත් මුහුණදීලා තියෙනවා.

    සල්ලි ටික කොහොමහරි පරිස්සම් කරගෙන ආවා නේද?

    ReplyDelete
  4. අනේ බං ඔබා අයියෙ, මෙහෙම ලබ්බට පොල්ලෙන් ගැහුවා වගේ කතා කියන්න එපා බොල.. ‍පොඩ්ඩක් විතරවත් පඳුර වටේ තලාපං, එතකොට තමා රස වැඩි.. :)

    ReplyDelete
  5. මේක ඇතුලේ තියෙන කථා වලින් පේන්නේ තව අවුරුදු පහ හයකට ඔබා අයියට කථා ගොඩ ගැහිලා තියෙන බවයි....

    මෙහෙම බලද්දි ඔබා අයියට හදිස්සියට කාර් එකක් රෙන්ට් එකට දෙන්නත් භය හිතෙනවා නොවැ....

    ReplyDelete
  6. අභීත කියන්නාවගේ සෑහෙන කථා ( මගෝඩි කථා) ඇති නෙව,,කම්මැලි නොවී ලියන්න ඔබා මාමෙ :D

    ReplyDelete
  7. අදනං කතාව කෙලින්ම දීල තියෙනව. ඒ උනාට අර වගේ ගතියක් නෑ වගෙයි.
    @ මාරයා, යකෝ බණ කියනවනං තේරුමත් දාහං.

    ReplyDelete
  8. පව් අප්පේ අර ඩ්‍රයිවර්. අච්චර සල්ලි තිබිලත් ටිකක් ඒ මනුස්සයට වැඩිය දුන්නානම් යස අගේට ගමන යනවානෙ.

    ReplyDelete
  9. චික් ඔහොමත් කතා කියනවයැ බන් ඔබා අයියේ ................... ඔය පොඩ්ඩක් වත්ත වටේ තලහන්.

    ඩෝප් කාරයො ඩෝප් කාරයො ඩ්‍රොප් කරන එක තරන් එපා කරපු දෙයක් තවත් නෑ......

    ReplyDelete
  10. onna kiyewwa.. thawa thiyana ewwa liyannako...me oba dannawada richard de seram kiyala porak uthur hari dakune hari wedakarapu?

    ReplyDelete
  11. පොර ටෝක් දීමේ ආනිසංස ඩ්‍රයිවරයා එදා ඉගෙනගන්න ඇති. ඒත් මං මේ කල්පනා කලේ ඩ්‍රයිවරයා මොත්තයක් දාලා කට්ටිය හැලුවාද දන්නෑ. ඌ බය වෙන්න ඇති මුන් එක්ක ගියොත් ගමන කොහෙන් කෙලවර වෙයිද දන්නේ කියලා ;-)

    කුරුණෑගල හිටපු දව්ස්වල මමයි තව යාළුවෝ තුන්දෙනෙකුයි මාස හයක් විතර ගෙයක් අරන් හිටියා මරළුවාවේ. තව එකෙක් හිටියා අටමුනේ. ගොන්සාල් එකෙන් අමෲතය දෙක තුනක් එහෙම අරගෙන හවසට අටමුනේට සෙට් වෙනවා. ඒ දවස්වල හිටියා බැදපු වැව්මාලු විකුණන පොරක් බඩගමුවට ටිකක් මෙහා. නියම බඩු. CTB North Depot ඒ කිට්ටුව නේද???

    ReplyDelete
  12. අනේ මටත් දුකයි ඒ ඩ්‍රයිවර් ගැනනම් .. පව් වැඩක් කොහොම උනත් .

    ReplyDelete
  13. එදා පොළොන්නරුවේ බ්රේක් ඩවුන් එක අල්ල ගන්න හිතල ආවාට , අර තට්ටය ගෙට දාගන්න ගත කරපු කාලය අතරතුර බ්රේක් ඩවුන් එක පොළොන්නරුවට පිටත් වෙලා බඩගමුව කැලේ මැදින් කට්ටිය ට සමන් පුරේට පයින් වෙලා ඒ අතරතුර කාර් එක ස්ටාර්ට් කරගෙන එම මිනිහ එහෙම ආවේ නැහැ නේද

    ReplyDelete
  14. දිට්ඨධම්මවේදනීය කර්මයක් හැටියට ඔබා මාමා වතාවක් 2004 දෙසැම්බරයේදී ඔස්ට්‍රේලියාවට යමින් හිටියදී සුමාත්‍රා දුපත ආසන්නයේ අහස්යන්තරේ ඇන්ජිම කුරු කුරු ගාල නතර වුනේ. ලංගම පුරුද්දට දොරෙන් එලියට පැන්නලු. එතනින් එහාට වුනු දේ හැමෝටම හිතා ගන්ට පුළුවනි....

    ReplyDelete
  15. ඔන්න කස්ටිය ලදරමෙන් බැහැලා යනවලු. ඩැයිවර් උන්නැහෙ සීට් එකේ වාඩිවෙලා හිතනවලු "මෝඩ රැල ඩොප් මරගාතෙ මට වැඩියෙන් සල්ලි දීලා මගින් බැහැලා යනවා , උන් හිතුවද දන්නෙ නෑ කාර් එක ඇත්තටම කැඩුනා කියලා." බැලින්නම් ඌ කස්ටියව හලන්න තමයි කාර් එක කැඩුන විදිහට ඇට්ටින් පාරක් දාලා තියෙන්නෙ. හික් හික් ..

    ReplyDelete
  16. අනේ පවු අර ඩ්‍රයිවර්.. අඩුගානේ ඒ මනුස්සයට හයර් එකවත් දුන්නද ඔබ තුමන්ලා...

    ReplyDelete
  17. අපි මෙ දැන් හැදෙන කොල්ලෝ මහ අසමජ්ජාති කියල බැන්නට ඒ කාලෙනෙ නියම අසමජ්ජාති කොල්ලො ඉඳල තියෙන්නෙ... අර ඩ්‍රයිවරයට අලිය ගැහුවද කොටිය කෑවද කියල දන්නැතුව මහ රෑ දාල ඇවිත් තියෙන්නෙ...

    ....

    ඔබා අයියා ජෝර්දානයෙ තියෙන වරායට පැත්තට කියන්නෙ "ඇකබා" කියල... ."Lawrence of Arabia" කියන movie එක බලල ඇති නේද.. ඒක shoot කරල තියෙන්නෙ ඒ පැත්තෙ...

    ReplyDelete
  18. කරපු වැඩේනම් බොහොම තාර්කිකයි...ඒත් ඉතින් පව් අප්පා ඩ්‍රයිවර් මහත්තයා..

    ReplyDelete
  19. ඔබා අයියේ..බොලාට තිබුනේ අර බ්‍රෙක් ඩවුන් වැන් එකේ ඇවිත් අරුගේ කාර් කට්ටත් හදල දෙන්ඩ නේ බං පවු අර වයසක උන්දැ..පපුව ආමරුව හැදිලා මැරිලද දන්නැ..ඔං හොල්මන් කොලොත් අපිනම් නෑ..ලොකු අයියත් නවගුන වැල ගනං කොර කොර නේද ඉන්නේ...හික්..

    ReplyDelete
  20. මොනවද ඔබා මාමා අයියෙ ඉක්මනට වැවෙන ගස් ජාතිය.. ගස්ලබු ද?

    ReplyDelete
  21. පඳුර වටේ වැඩියමත් තලලා නැහැ. හැබැයි ටිකක් වෙනදටත් වැඩිවෙන්නම තලලා. කථාවට පේලි දෙකයි. ඉතිරි ටික හනේ මන්ද?
    කොහොමහරි වැඩේ නම් අජපල් ඔබා ලොක්කා. (අපි නම් තල්ලුව දාල පොරව යවලා තමයි යන්නේ. සල්ලිද........????? සල්ලි නම් කොහොමත් දෙන්නේ නැහැ. සල්ලි දෙන්න තියෙන්න එපාද. මහපොළින් කන අපිට කොහෙන්ද ටැක්සිවලින් යන්න සල්ලි. අපෝ ඒවත් දවසක ලියන්නම්.)

    ReplyDelete
  22. //ටිකක් වෙලා කූරු ගාල ඩ්‍රයිවර් උන්නැහෙ, ආපහු කාර් එකට නැගල කියාපි 'මහත්තේලා බැහැල තල්ලුවක් දාන්න' කියල.//
    මං හිතං හිටියෙ කස්ටිය බස්සල ඩ්‍රයිවර් හයර් එකත් එපා කියල ඇද්දුව කියල. මොකද ඔය සෙට්එක හලල යනඑක හොදයි හයර්එක යනවට වැඩිය:D

    ReplyDelete
  23. @ වෙනි,
    අන්තිමට කොමෙන්ට් කියෝල බලනකොට 'වෙනි' විතරයි වගේ සපෝර්ට් එකට කතා කරල තියෙන්නෙ.

    @ මාරයා,
    ඩ්‍රයිය අපෙන් නෝර්මල් ගානට වඩා තුන් ගුණයක් සල්ලි අරගෙන ගමන පිටත් වුනෙත්.
    කොහොමත් වේලි වේලි හිටපු එකා, එදා ශේප් වුනේ අපේ හයර් එකෙන්.
    උඹේ බණට අන්න Praසන්ன උත්තර දීල තියෙනව.

    @ Rajith ,
    ඔව්..වොව්...සල්ලි ටික ශේප් කරන ආව.

    @ බුරා,
    ඊගාව එකේ දෙන්නං ඇට්ටි හැලෙන්න

    @ අභියා,
    බය හිතිල වෙන්නැති, කාර් එකක් දෙන්නං කියල හෙණ පොලු රාජයෙක් තිබ්බෙ....හිකිස්....

    @ හරී - පිණිපලස,
    ලියන්න නං බැරියැ, මුංගෙ කට කැඩිච්ච කතා අහන්නත් එපෑ ඊට පස්සෙ

    @ Praසන්ன,
    බලමු, ඊගාව එකේ පොඩ්ඩක් වට පිට තොරතුරු ටිකකුත් කියන්න

    @ නිසුපා ,
    ඒකා තුන් ගුණයක් සල්ලි අතට අරන් ගමන පිටත් වුනෙත්

    @ නිශ්,
    තලන්නන්...තලන්නන්, ඊගාව පෝස්ට් එකේ

    @ ranjith ,
    ඒ කාරනාව ගැන ඊයක් එව්වා, පිළිතුරක් නං තාම ලැබුන් නැහැ.

    ReplyDelete
  24. @ kandyan ,
    බැදපු මාළු විකුණුව පුත්තලන් පාරෙ වැව ගාවත්. නියම බයිට් එක.
    ඔව්, බඩගමුවේ කැලේ පටන් ගන්නෙ කුරු/උතුර ඩිපෝ එක ගාව ඉඳල.

    මරළුවාවට යන පාරට හැරෙන තැනට එහා රේල් ගේට්ටුව පහු කරල, දෙවැනි ගෙදර කාලයක් මං බෝර්ඩ් වෙලා හිටිය.

    kandyan, මතකද ගේට්ටුවක් නැති, මරලුවාවේ රේල්වේ ලෙවල් ක්රොසින් එකේ ප්‍රේමදාස කියල ප්‍රොක්ටර් කෙනෙක්
    එයාගේ කාර් එක 'යාල් දේවි' එකට තියල පැන්න, ඉන්සුරන්ස් ක්ලේම් කරන්න.

    @ ගිම්හානි,
    අහිංසක අපි ගැන දුක් වෙන්න තමා කවුරුත් නැත්තෙ

    @ සුරේන්,
    නෑ...නෑ ... පස්සෙ ආරංචි වුනා, පොර කාර් එකේ පස්සෙ සීට් එකට නැගල එළි වෙන කන් නිදා ගෙන හිටිය කියල

    @ ඉඳුනිල් ,
    ඒ සනත් විජේවර්දන නෙමේ, උපාලි විජේවර්දන කියල එක්කෙනෙක්

    @ ලොකු ඡෝන් ,
    කාර් එකේ හිටපු සෙට් එක ඩ්‍රයිවර්ට වැඩිය කාර් බස් ගැන දන්න එවුන් ලොක්ක

    @ Dinesh ,
    ඌ නෝර්මල් ගානට වඩා තුන් ගුණයක් සල්ලි අරගෙන ගමන පිටත් වුනේ

    @ සපතේරු උන්නැහේ ,
    ඇත්ත...ඇත්ත.... දැන් හැදෙන එවුන් ගැන නං කියල වැඩක් නෑ....
    උන් අපෙන් වත් ආදර්ශයක් අරන් හැදෙන්න ට්‍රයි ekak නෑ
    "Lawrence of Arabia" බලල දැන් හුඟාක් කල්, ඔමාර් ෂෙරිෆ් නේද මේන් පාර්ට් එක කලේ.
    'ඇකබා' වලට යාළුවො කිව්වේ 'අකාබා' වගේ මට මතක තිබ්බෙ, අවුරුදු 30 කටත් වඩා පරණ සිද්ධියක්නෙ මං කිව්වේ.

    @ සයුරි,
    කිසි පවක් නෑ.... ඌ අපෙන් හයර් එක වගේ තුන් ගුණයක් සල්ලි ගත්ත ගමන පිටත් වෙන්නත් කලින්

    @ Raj
    එකක් ෂුවර්, ඌට කරදරයක් වෙලා නෑ කියල පස්සෙ ආරංචි වුනා, වෙච්ච එකම කරදරේ කාර් එකේ නිදා ගන්න සිද්ද වුන එක

    @ පැණි දොඩම්
    පැණි දොඩම්ට මතක් වුනෙත් පලතුරක්මයි, නෑ 'එයුකැලිප්ටස්' කියල ජාතියක්.

    ReplyDelete
  25. @ වෙද ගෙදර මහ වෙදනා ,
    අර බුරා එහෙම කියන්නෙ, පඳුර වටේ තැලුව මදි කියල.
    වෙද මහත්තයට විතරයි තේරුනේ මෙතනත් ශේප් එකේ තලල තියෙන්නෙ පඳුර වටේ තමා කියල.

    බුරා මං හිතන්නෙ මොලේ කොලොප්පන් වෙලා ඉන්නෙ ක්‍රිකට් බලල, මොකද පොර බලාගෙන ඉන්නෙ ඔස්ට්‍රේලියාව පරද්දන්න, ඒ වුනාට බුරා සපෝර්ට් කරන නවසීලන්තේ අම්බානකට කනව ඕස්ට්‍රේලියාවෙන් මේ දවස් වල

    @ රාජ් ,
    ඌ රට කපටියෙක් ගමන පිටත් වුනේ සල්ලි අතට අරගෙන. පොර අපිට කිව්ව රෑට හයර් ගියාම මිනිස්සු බැහැල දුවනවලු සල්ලි නොදී

    ReplyDelete
  26. @ වර්ණා,
    කිසි පාපයක් නෑ, ඌ සාමාන්‍යයෙන් ගන්න ගැන වගේ තුන් ගුණයක් සල්ලි අරන් ගමන පිටත් වුනෙත්.

    වර්ණාගේ පොස්ට් එකක මතකයි දැදුරු ඔය ගැන සඳහනක් තිබුන, වර්ණාත් කුරුනෑගල පැත්තෙද?

    ReplyDelete
  27. හොක් හොක් හොක්..... අපි නොදන්න බඩගමුව කිවලු..... අර කීවත් වගේ පොඩ්ඩක් වෙන්න පඳුර වටේ තැළුවා නම් හොඳද මන්ද???

    ReplyDelete
  28. @ ගොඩයා,
    හොඳට බලහං, ඕකෙත් වැඩි හරියක් පඳුර වටේ තමා, කතාව තියෙන්නෙ අන්තිම චුට්ටෙ. වෙද මහත්මයගෙ කොමෙන්ට් එක බලහන්කො.

    ReplyDelete
  29. මෙදාපාර වටේ තල තියෙන්නෙ තලන්නෙ නෑ කියල තඩි පචේකුත් අතෑරලමයි . . . අනේ බොල ඔබෝ . . . .

    කාර් කාරය බඩගමු මූකලානෙ දාල ගිය එකගැන නං බයවෙන්න කාරියක් නෑ . . මොකෝ ඕකෙ මීමින්නෙකුට, නරියෙකුට වඩා ලොකු සතෙක් ඉන්නව කියලයැ

    ReplyDelete
  30. ඇයි බොල කබරයි?
    බය වෙන්න ඕනෙ එදත්, අද වගේම, කකුල් හතරෙ එවුන්ට නෙමේ, කකුල් දෙකේ එවුන්ට. බොලාගෙ ගම නෙ කොහොමත්.

    ReplyDelete
  31. ඔබා අයියට මේ ඊයෙ පෙරේදා South Africa වලින් කාපු කෑම අමතකවෙලා වගේ.. ඔසියන්ට ගහනවානං, බලුකිස්ථානෙට හරි සපෝර්ට් අපි.. :D

    ReplyDelete
  32. හරි ෂෝක්... ඔන්න ඔහොම තමා බීල ඉන්නකොට කරන්න ඕනේ. එහෙම නොකරනම් අර ඩ්‍රයිවරය හිතන්නේ නෑ නේ බීල ඉන්න ඇත්තේ කියල.

    ReplyDelete
  33. අර මරාළුවට යන පාර ගාව ගෙදරක හිටිය කිව්වේ? ඔය හරියේ මගේ නෑදැයෝ කට්ටියකුත් හිටිය.. තවම ඒ අත්තම්ම නම් ඉන්නවා..

    ReplyDelete
  34. @ බුරා,
    හෙහ් ..හෙහ්... මෙහෙ N.Z. එවුන් ඔසියො කාත් එක්ක සෙල්ලන් කරත් ග්‍රවුන්ඩ් එකට එන්නෙ 'we support N.Z. and any other team playing against Australia' කියල ගහපු ටී ෂර්ට් ඇඳන්.

    ඕනෙම රටක එවුන් ගෙන් අහල බැලුවොත් උන්ට දිරවන්නෙම නැති ටීම් එක තමා ඕසී ක්‍රිකට් ටීම් එක.

    @ ක්සැන්ඩර් | Xander
    නැවතිලා හිටපු තැන හා අවට ගැන ෆුල් විස්තරයක් දෙන්නන් ඊළඟ පෝස්ට් එකෙන්

    ReplyDelete
  35. වැඩි ගානට හයර් එක පොරොන්දු වෙලා ඒ ගානත් එයාටම දුන්නනම් ඔබා අයියල කරපු වැඩේ වරදක් මම කියන්නෙ නැහැ...
    ඔය වගේ මිනිස්සු හදන්නේ ගාන කඩාගන්න පුළුවන් වෙච්ච වෙලාවේ ගානත් කඩාගෙන තව අතරමගදීත් කට කියවලා තව කීයක්‌ හරිත් කඩා ගන්න

    (ඔන්න අයියේ මම පොඩි සපෝර්ට් එකක් දුන්නා...)

    ReplyDelete
  36. අපි හිටියේ මරළුවාව පාරේ හැතැක්මක් විතර දුරින්. ඔව් මට මතකයි ඔය accident එක ගැන. ඒ පැත්තේ මිනිස්සු කියනවා ඔය සිද්ධිය ගැන. අපි මිල්ලව හිටපු කාලේ වැව් මාලු කාරයෙක් හැමදාම හවසට එනවා. හැම්දාම ගෙදර තිලාපියා හරි ලූල්ලු හරි වරදින්නෑ. දන්නම් කාපු කාලයක් මතක නෑ. හෙරින්ග්සුයි, මැකරලුයි , farmed සැමනුයි කාලා එපාවෙලා තියෙන්නේ.

    ReplyDelete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. @ ලොකු පුතා,
    මුං ඔක්කොම මාවම කන්න හදද්දි, එකෙක් හරි සපෝර්ට් එකට ඉන්නව කියන්නෙ හෙන හයියක්....හෙහ්...හෙහ්...

    @ kandyan ,
    අපිට නං ඉන්දීය සාගරේ මාළුම හම්බ වෙනව, ඒ වුනාට හුඟාක් වෙලාවට ඩීප් ෆ්‍රීස් කරපුව නිසා, රසේ නං පොඩි වෙනසක් තියෙනව.
    ඊගාව පෝස්ට් එකේ ඒ මතක් කරපු බෝඩිම හා අවට ප්‍රදේශය පිළිබඳව පොඩියට පඳුර වටේ තලන්න හිතේ තියෙනව. ඒකට තමා මම
    අර 'මේ ඔබ පිවිසෙන්නේ...' බෝර්ඩ් එක ගැන විස්තර හෙව්වෙ. හොයා ගන්න බැරි වුනා, මතක තියෙන විදියට වචන ටික ලියන්න ඉන්නෙ, කව්රු හරි මතක තියෙන කෙනෙක් පෝස්ට් එක කියෙව්වොත් නිවැරදි කරන්න ඉඩ තියෙනව

    ReplyDelete
  39. වැඩේ කැතයි!

    ReplyDelete
  40. @ Gordonia ceylanica,
    කොමෙන්ට් වලට දීල තියෙන උත්තර වෙලාව තියෙනව නං බැලුවොත් වැඩේ කැත නැති බව ඒත්තු යයි

    ReplyDelete
  41. ඩ්‍රයිවර් පව්. කතාව ලියන්ට මහන්සි උනු එක්කෙනෙත් පව්. නිදි මරාගෙන ලියනව ඇතිනේ...:D

    ReplyDelete
  42. මං ඒත් හිතුව වලව්වෙ ඇත්තො පිටරට සවාරියක් වත් ගිහිල්ලද කියල

    ReplyDelete
  43. හයර් එක ආපු මනුස්සයා රැහැයියෝ එක ෆන් එකේ ඉන්න ඇති...

    ReplyDelete
  44. පඳුර වටේ තලන්නැතිව එකපාර අතෑරියාමත් නිකං පාළුයි පාළුයි වගේ.... පව් අයියෝ අර ඩැයිවර් උන්නැහේ.....අර අමු කැලේ රෑ මැද ඒකව දීය කෑවද දන්නෑ... බේබද්දො එක්ක හයර් යනවට උන්දට හොඳ පාඩම......;P

    ප.ලි.
    මේ දවස්වල වැඩ වැඩි හින්දා මං උත්තර බඳින්න ප්‍රමාදයි....සමාවෙන්නෝනෙ...

    ReplyDelete
  45. What happened to the rest of NO STANDING story.Looks like going to be lissalaa yanna.

    ReplyDelete
  46. අන්න හරි ඔබා මාමේ !!!
    ඩෝප් හයර් නම් ඩෝප් හයර් !!!
    ආයේ ඉතින් මොකටද වාහනේ තල්ලු කරලා පච වෙන්නේ.

    ReplyDelete
  47. @ prasanna86k ,
    ෂුවර් එකටම හෙහ් හෙහ්

    @ Miyuru ,
    ඔව් වොව් ඩෝප් කාරයො එක්ක හයර් යනවට හොඳ වැඩේ, මාත් ගියා කියල ලියල තිබුනද පෝස්ට් එකේ?
    කොයි කාලේද පෝස්ට් එක ලියල, දැන් මතකත් නෑ මොනවද ලිව්වෙ කියල, පරක්කු වෙලා ආවම ඔහොම තමා.
    (Just joking)

    @ Anonymous on 4 December 2011 at 15:32 ,
    ඒක ඉතුරු හරිය ලියන්න ඉන්නෙ ඇනෝ මොනා හරි නමකින් ආපු දවසට.
    (අමතක වෙලා නෑ, ඒක ළඟදීම ලියනවා, ඇනෝ පනින්න ගිහිල්ල නාගත්ත කියල කතාව ලිව්වම තේරෙයි. හෙහ් හෙහ්)

    @ මධුරංග ,
    ඉඳල හිටල හරි කව්රුවත් සපෝර්ට් එකට ඉන්න ඒක හෙන හයියක්

    ReplyDelete
  48. ඩ්‍රයිවර් තැන කපටියා .. අයියේ ඔහේලව එලවගන්න ඕනෙ නිසාම කාර් එක බොරුවට කැඩුණා වගේ රඟදක්වන්න ඇති ..

    ReplyDelete
  49. පව් කාර් බුවා...එලිවෙනක්ං ඉදලා කස්ටියගෙම පරම්පරාවට පිං දීලා යන්න ඇති..ඒක නෙමේ අර ලස්ස දෙකෙන් මොකද කරේ..පාටිම දැම්මද....

    ReplyDelete
  50. සේරටම කලින් ඔන්න මන් මේක තමයි කියෙව්වේ . බේබද්දෝ ටිකකට අහුවෙලා අර මනුස්සයා ඔයින් බේරුනා මදැයි . මටත් හිතෙන්නේ කරදරේ බැරි තැන කාරෙක බොරුවට කැඩෙන්න ඇති

    ReplyDelete
  51. මයිනො සෙට් එක මයිනරේට කෙළල!

    ReplyDelete
  52. අර ඩ්‍රැයිවර් ඉන්පස්සේ කාර් එකේ බෝඩ් එකක් ගැහුවලු

    "බෙබාලට ඩ්‍රොප් හයර් වලට පික් ඇන්ඩ් ඩ්‍රොප් ගනන අය කරනු ලැබේ" කියලා . .

    හික්ස්

    ReplyDelete
  53. බේබද්දො ටික හලන්න කරපු රඟ පෑමක්ද දන්නෙ නෑ... අපොයි ලක්ශ 2ක් ඒ කාලේ නේ... කෝටියක් වත් වටිනව ඇතිනේ... ඉතින් ඒක බෑග් එකේ දාන් බොල ප්‍රීති උනා ? අනේ උබල... තමයි මිනිස්සු :D

    ReplyDelete
  54. ඔබා මාම ඒ කාලෙ ඔය කරපු අපරාද වලට තමා දැන් තියෙන හැම බ්ලොග් එකකින්ම ඇති වෙන්න මඩ නාන්නෙ...

    ReplyDelete
  55. @ සඳරු,
    ඒකත් කියන්න බෑ තමා, ඒ වුනත් පස්සෙ ආරංචි වුනා පොර එළි වෙන කම් කාර් එකේ පස්සෙ සීට් එකේ නිදා ගෙන හිටිය කියල.

    @ ඔබ නොදු‍ටු ලොවක්,
    එහෙම පාටි දැම්ම නං මෙලහට අපි වැලිගම්පිටි ගිහින්

    @ Bindi ,
    නෑ ආරංචි වුනා මෑන් එළි වෙන තුරු කාර් එකේ බුදියන් හිටිය කියල

    @ ඉන්දික උපශාන්ත,
    කාටද බොලේ මයිනො කිව්වෙ?

    @ දුකා ,
    ඌ අපෙන් ට්‍රිබල් චාර්ජ් කරල තමා ගමන පිටත් වුනෙත්

    @ පිස්සා,
    පොල් බෝතලේ රුපියල් 10 - 12 විතර ඒ කාලෙ ඒ මුදල මං හිතන්නෙ කෝටි දෙකක් විතර වටිනව.

    @ අවංක පැට්ටා,
    පල පල යන්ඩ

    ReplyDelete
  56. බ්ලොග් ලියන්නවත් කියවන්නවත් මේ දවස් වල වෙලාවක් නෑ.

    ඒත් මම අද මෙ පැත්තෙ ආවේ වැඩිහිටියෙක්ගෙ බ්ලොග් එකක් කියෝලා අපි වගේ තරුණ ළමයින්ට ගන්න තියෙන ආදර්ශයක් තියේද බලන්න.

    සිකේයියා..... බලන්ඩ කරලා තියෙන වැඩේ..

    ReplyDelete
  57. හපොයි බෙබාලත් එක්ක වැඩ කරන එකේ අමාරුව තේරෙන්නෙ නොබී හිටියොත් තමයි. මම ඩ්‍රයිවරය වුණානම් ඔය හයර් එක අමුවෙන්නම් යන්නෙ නෑ. අමුවෙන් ගියාගෙන්නෙ කැලේ මැද්දෙ ලගින්න වුණෙත්.

    ReplyDelete
  58. @ කෙ.කො. පොඩි එකා,
    උඹේ කොතනද දන්නැහැ පොඩි?

    ඒවා මොනා වුනත්, මේ වගේ ආදර්ශමත් චරිතයක් අනුගමනය කලොත් කවදාවත් වරදින්න ව්ධියක් නෑ, ෂුවර් එකටම අපායෙ යතෑකි.

    @ Outsider,
    සටිෆිකෙට් ට්රූ. ඇත්ත නේන්නං, පොර අපිත් එක්ක සෙට් වුනානන් බෑග් එකේ තිබ්බ ඉතුරු බෝතලේටත් සහභාගි වෙන්න තිබ්බ අනිවාර්යෙන්ම.

    ReplyDelete
  59. එහෙම සෙට් උනානම් පොරට ගෙදර යන්න තව කාර් එකක් හොයන්න වෙනවා....

    ReplyDelete