My followers

Saturday 26 November 2011

'කශාන් දුරවිට' A.K.A. 'බෝලකලුවිල දුමී'



ලංකා වාසී බ්ලොග් ලියන්නන්, කියවන්නන්, කොමෙන්ට් කරුවන් ඇතුළු සියලුම සිංහල බ්ලොග් සමග යාන්තමින් හෝ සම්භන්ද කමක් ඇත්තවුන් වෙත කෙරෙන හදිසි නිවේදනයයි.


දැනට විනාඩි කීපයකට පෙර, 'ඉන්ටර්පොල්' ජාත්‍යන්තර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින්, කලකට පෙර 'බෝලකලුවිල දුමී' නමින් බස් කොන්දොස්තර වරුන් බිය ගැන්වූ, එම චෝදනාවට සහ තවත් චෝදනා රැසකට ප්‍රශ්න කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ පොලිසියෙන් සොයමින් සිටි, සෑහෙන කලක් අරාබි හන්දියේ සැඟවී සිටියේ යයි සැක කරනු ලබන, 'කශාන් දුරවිට' නමින් පෙනී සිටින පුද්ගලයෙකු, දැනට පැය දෙක තුනකට පෙර, ආගමන සහ රේගු නිලධාරීන්ගේ ඇස් වලට වැලි ගසා, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ශ්‍රී ලංකාවට ඇතුල් වී, කළුබෝවිල ප්‍රදේශයේ සැඟවී සිටින බවට රහසිගත ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබී ඇති බව වාර්තා කරයි.


මොහු දක්නට ලැබුනොත් හෝ, මොහු පිළිබඳව කිසියම් ආරංචියක් ලැබුනොත්, 'උගේ ලෝකය' ලියන රංගට හෝ ඉස්සර 'ටිකක් හිනාවෙන්න' පුළුවන් කතා ලිවූ , දැනට බ්ලොග් කියවන්නන් රට වටේ ගෙන යාමට ෆුල් ට්‍රයි එකක් දෙමින් සිටින, 'අබේපාල' නමින් පෙනී සිටින, දන්ත වෛද්‍යාචාර්ය වරයාට හෝ වෙන කොරන්න දෙයක් ඇත්තේම නැත්තන්, ළඟම පොලිසියට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටී.


හිනා කතා කියා ඔබේ ඉල ඇට බිඳ දැමීමට දක්ෂතාවයක් ඇති බැවින් කිසිම හේතුවක් නිසා 'කශාන් දුරවිට' A.K.A. 'බෝලකලුවිල දුමී' අසලට කිට්ටු නොවන ලෙස සියලුම බ්ලොග් ලියන්නන්, කියවන්නන් සහ කොමෙන්ට් කරුවන් වෙත පොලිසිය දැනුම් දී සිටී.


වැඩි විස්තර දැන ගැනීමට ලැබුණු ගමන් වාර්තා කිරීමට බලාපොරොත්තුවෙන්, දැනට සමු ගන්නම්.

58 comments:

  1. අප්පට සිරි... දුමියා ලංකාවට ඇවිත්ද? එළමකිරි..... කෝ ඌ තවම මට කෝල් එකක්වත් දුන්නේ නෑනේ..... මේ පාර මොන ගිනිවිජ්ජුම්බරයක් කරගෙනද දන්නේ නෑ.... මතකනේ ගිය පාර වෙච්ච දේ....

    ReplyDelete
  2. අයිබොවන්ඩ කිව්ව ලොක්කා එහෙනං

    ReplyDelete
  3. ලංකාවට සාදරයෙන් පිළිගනිමු..

    ReplyDelete
  4. හික්ස් ආයෙත් ඇවිල්ලා! :D

    ReplyDelete
  5. බෝලකලුවිල දුමී දරුණු ගනයේ අපරාධකරුවෙක් වගේ.........

    ReplyDelete
  6. බෝල..කලු..???
    අනේ මංදා..ඔබා අයියා දන්නවා ඇති නෙව...

    ReplyDelete
  7. ඒක නෙවෙයි ඔබා අයියේ..ළගදිද අර පොටෝ එක ගත්තේ..ඒක ලස්සනයි ඈ..:P

    ReplyDelete
  8. ඈ... ආයෙත් ඇවිත්ද?? බ්‍රේකිං නිව්ස් !! ඔබාමා පබ්ලිශර්ස්

    ReplyDelete
  9. අඩේ දුමි අයියා ඇවිත් එහෙනම් :D :D

    ReplyDelete
  10. කැන්ගරු දේශයේ OIA නියෝජිතයෙකුගේ විශේෂ සොයා ගැනීමක්..

    ReplyDelete
  11. මුකුත් නොකියා කට පියා ගෙන සිටීම නුවණට හුරුය..දරුණු ගනයේ අපරාධකරුවකු නම්... අනේ මල්ලියෙ , අයියෙ.. පුතේ.. අපි නම් අහින්සක මිනිස්සුය...

    ReplyDelete
  12. හික් හික් මරු පින්තූරයක් නේ දාලා තියෙන්නෙ.

    ReplyDelete
  13. ඔබා අයියෙ . . . ඔය බෝල කලුවෙච්චි බුවාගෙ වෙඩිං ඇල්බම් එකෙංද බං ඔය පිංතූරෙ ඉස්සුවෙ ?????

    ReplyDelete
  14. ඉවරයි . . . ඌ "මචෝ කාටවත් කියන්න එපා" කියලා ඔබා මාමට කියලද?

    සොරිම ඩොට් කොම් තමා එහෙනම් . . . . හික්ස්

    ReplyDelete
  15. ඔක්කොම අය නත්තලට ගෙදර එනව වගේ අපෙ බින්දිත් එනවා

    ReplyDelete
  16. බොල ඔබා මාමා අයියේ, තෝ මට අහුවෙයංකෝ......! අර කොකාට වාරයක් ආවනං තාරාවටත් වාරයක් එනවැයි කියනවනේ.....!

    ඈ බොල අයියේ, බොලා කොහොමද මම අර හෙළුවෙන් වනන වෙලාවෙ ෆොටෝ කෑල්ලක් ඇල්ලුවෙ ?

    ReplyDelete
  17. දැන් අඩු ඔබා මාමා විතරයි...!

    ReplyDelete
  18. හිකිස්....
    බෝල කලු දුමි.. හොදටම ෂුවර් ද ඔබා මාමා...???
    මොකුත් නොකියා ඉන්න එක හොදා වගේ...සුදු වෑන් එහෙම එව්වොත්...?

    ReplyDelete
  19. ඩියුටි ෆ්‍රී කියලා කඩයක් තියෙනවා ඇරෝප්ලේන් නවත්තන් හෝල්ට් එකේ. ඒකේ තියෙනවා අර ප්ලේන්ටී පාට බීම. ලස්සන බෝතල්වල දාලා. ඉතුරු ටික කියන්න ලැජ්ජයි දුමියෝ...

    ReplyDelete
  20. මාතලන් මොටෝ ප්ලේන්ටී බොන්නෙ අර ඕන තරං විස්කි තියෙද්දි ඩියුටි ෆ්‍රී එකේ?

    ReplyDelete
  21. කලුබෝවිල දුමී කිව්වාම බස්කාරයෝ ඒ පැත්තේ තාම බයයි. බොරු නම් කට කහන කතා කියන මහත්තයාගෙන් අහන්න :))

    ReplyDelete
  22. ආසයි අෆ්ෆා පොඩ්ඩක් මුන ටිකක් බලාගන්න... මෙච්චර කල් ඔය තරම් අපරාධ කලා කියලා නම් දැන ගෙන උන්නෙ නැ.... ඔබා මාමාත් එනවැයි

    ReplyDelete
  23. කවුද ඒ මැරයා එයාගේ ලින්ක් ඒක එවන්න පුළුවන් ද එයාගේ කතා කියවන්න

    ReplyDelete
  24. @මාතලන්, යූ ආ වෙල්කම් බඩී..... ගිව් මී යෝ ෆෝන් නම්බර්.....!

    @අසරණයා, දුමීගේ කට කහන කතා , ඔබා මාමා දීපු පලිලිසිට්යෙන් අඩු ගානෙ මගේ බ්ලොග් එක කියවන එක පාඨකයෙක් හරි වෙඩි උනානේ..... හික් හික් හික් හික්....!

    ReplyDelete
  25. හප්පේ කළුබෝවිල චන්ඩියා ලංකාවට ගිහිල්ලද.....

    ReplyDelete
  26. අනෙ මන්දා මටනම් මොකවත් තෙරෙන්නෙ නෑ තෙරුම් ගත්ත දවසක ආයෙත් කොමෙන්ට් කරන්නම්

    ReplyDelete
  27. ඒ කියන්නේ මේ දවස් වල කළුබෝවිල පැත්තට යාම භයානකයි වගේ...

    ReplyDelete
  28. ඔන්න මම දැන ගත්තා දුමී ගේ නම :)

    ReplyDelete
  29. ඉතිං දුමී මෙහෙ නං රහස් පොලිසිය සිංගප්පුරු ගියෙ මොකටද?

    ReplyDelete
  30. පොඩ්ඩි හිතුවේ දුමී කියන්නේ කලු කොල්ලෙක් කියලා. බලාගනයනකොට එයා සුදුයිනේ. :D

    ReplyDelete
  31. ලඟ ලඟම කට්ටිය වෙච්චි කොට යන්න කලින් ගොඩ වෙමු දුමී අපේ අහට. කෙලින්ම පාරේ, හොරු 225 ඉන්න හන්දියට කලින් හන්දියේ පාර අයිනෙම මම ඉන්නවා. මහ වෙදනා කියලා බෝඩ් එක ගහලා තියනවා. ආරාධනාවක් මේ කෙලින්ම එන්න.

    ReplyDelete
  32. ඔබාට මූ තාරාව කිව්ව එහෙනං ඈ! උඹව පුතේ කැනගරුවෙක්ගෙ බඩේ ස්ටෆ් කරල රෝස්ට් කැනගරු දානයක් දෙයි සෙනසුරු මාරුවෙ අපල කැපෙන්නත් එක්ක කියල ඔබීට අහු උනෝතීන්නං!

    ReplyDelete
  33. දුමියා ඇවිල්ලා නම් සන්තෝසයි අප්පා ..ඒත් මේකව දැකගන්න බෑ නෙව

    ReplyDelete
  34. @ලොකු ජෝන්:
    මෙතනයි මෙතනයි කියවන්න . .
    (ඔන්න මමත් පොඩි ඇඩ් එකක් දාගත්ත)

    @පොඩි කුමාරිහාමි:
    කවුද කිවුවෙ දුමී අයිය කලුයි කියල . . දුමිය "ලා" සුදුයි . . . සිංහලෙං ඕෆ් වයිට් කියලත් කියනව ඔය පාටට

    ReplyDelete
  35. මම අදමයි දන්නේ දුමී ව හිහි.

    ReplyDelete
  36. දුමී අයියා ලංකාවට ගියාට වැඩයෑ..... අපි මෙහෙනේ.......... නැත්නන් අර ඇන්ඩයියලාගේ ගෙදරදි ඇල්ලුවා වගේ අඩව්වක් අල්ලන්න තිබ්බා......

    ReplyDelete
  37. ගොඩේ . . . මේ මොහොත වනවිට ඔය කියන විදියෙ අඩවුවක් ඇල්ලෙමින් පවතිනව දුමී අයියගෙ සහභාගීත්වයෙං කොහුවල ගිහාන්ස් එකේ . . . ගිහාන්ස් ඉතිහාසයෙ පලවෙනි වතාවට උපන්දින කේක් එකක් කපනව බාර් එකේ . . . අද මගේ ලෝකය ලියන රංගගෙ උපන්දිනේ නෙ . . ඒ වෙනුවෙන් . .

    ReplyDelete
  38. සාදරයෙන් පිලිගනිමු............. ඈ දුමී අයියේ එනගමන් අහුල ගත්ත plane කතාවක් වත් නැතෙයි

    ReplyDelete
  39. ආහ්.... ඇවිත් වගේ...

    ReplyDelete
  40. awilla awilla! :D :D :D ehenam mee paarath mona hari thiyei apita! :D :D

    ReplyDelete
  41. හනේ හනේ... මේ ඔබා මාමා තමයි දවසකටවත් මිනිහා... කැලෑ පත්තරද, මඩ පත්තරද, පබ්ලිසිටිද, රාසක්ද.... ඕන එකකට අංක එක....අරකා ඉතින් දැන් ඉවරයි නෙව.....

    ReplyDelete
  42. ඇත්තට ඔබ අයියේ අර රේල්ලුව තියෙන්නේ බීබීසී එකේ අල්ලපු ඉඩමේද?

    ReplyDelete
  43. මම අදමයි මේ පැත්තට ආවෙත්..මම ඉතින් පුංචි එකියක්නෙ... ^_^ ලොකු කට්ටියව අඳුරනවා අඩුයි හික් හික්...

    විහිළුවට කිව්වෙ ඕං...:D

    ReplyDelete
  44. අඩේ සෙට් වෙන වෙලාවක අපිටත් කියපල්ලෝ.........

    ReplyDelete
  45. කොහෙන්ද අර පින්තූරය හොයා ගත්තෙ? ඉස්සර කාලෙ photo එකක්ද?
    මැණික්

    ReplyDelete
  46. අභීත,හසී,Raj,සී.ජේ.ගයාන්,පූසා,Rajith,මාරයා,සිහින, චම්මා, ඉඳුනිල්,වෙනී, නදී, ඕනයා,දුකා, කවිකාරි, දුමී,මාළුවා, සහෝධරයා, මාතලන්,හසිත, දේවා, අසරණයා,
    ඔබ නොදුටු ලොවක්, ලොකු ජෝන්, දිනේෂ්,ලොකු පුතා, සයුරි, 108543860788859599679 , වලව්වෙ ඇත්තො, වෙද මහත්මයා, ඉන්දික, සඳරු, වර්ණා, ගොඩය, සූරී, නිසුපා, මාධව,මියුරු, ක්සැන්ඩර්, හිතුවක්කාරි,පැණි දොඩම්, මැණික් සහ කියවූ සැමට තුති.

    ReplyDelete
  47. දැකල නං නෑ..ඒත් මේක කියෙව්වම බයෙන් හිත කීරි ගැහෙනවනෙ අප්පා :D

    ReplyDelete
  48. ඔය කියන දුමි ලොකු මැරයෙක්ද අප්පා... බලමුකො

    ReplyDelete
  49. @ මකුළු පැංචි,
    නොදැක ඔයා ඔය බය වෙලා ඉන්නෙ, දැක්කොත් ෂුවර් එකට තොයිලයක් නටල, නූල් බැඳල එහෙම තමා කෙළවර වෙන්නෙ.

    @ රංජා,
    ඕනය, වෙනියා එහෙම පොරව අඳුනනව, පොඩ්ඩක් විස්තර අහල බලන්නකො.

    ReplyDelete
  50. අඩඩා බෝල කලුවිල දුමි අයියා ලංකාවට ඇවිත් දෑ.

    ReplyDelete
  51. @ මධුරංග,
    බොහොම ප්‍රවේසමෙන් කළුබෝවිල-දෙහිවල පැත්තෙ හෙම යනව නං

    ReplyDelete
  52. මේකා ලංකාවට යන්නෙම අපි නොයෙන කාල වලමනේ.

    ReplyDelete
  53. @ පිස්සා,
    නෑ බන් අපි යන්නෙ අනිත් එවුන් නොයන කාලෙක.

    අනිත් එවුන් යන්නෙ නත්තලට, උඹයි මාය් තමා නියම ශ්‍රී ලාංකිකයො විදියට සිංහල අවුරුද්දට ගමේ යන්නෙ.

    ReplyDelete