'No Standing' පෝස්ට් එකේ තටමල,
තටමල, කියාගත්තෙ වෙන මොනවත්
නෙමේ, පොඩි කාලෙම ඉංග්‍රීසි
චුට්ටක් කට ගාගන්න මට වාසනාව ලැබුන හැටි.
තාත්තටයි, අම්මටයි, ඒ කාලෙම හිතෙන්න ඇති ඔය
ජාත්‍යන්තර භාෂාව, අක්කටයි, මටයි, මල්ලිටයි, උගන්නන එක අපේ අනාගතයට
ප්‍රයෝජනවත් වෙයි කියල. ඒ හින්ද වෙන්නැති හැමදාම 'ඩේලි නිවුස්' පත්තරෙයි, ඉරිදට 'ඔබ්සර්වර්' පත්තරෙයි, අපේ ගෙදරට ගෙනාවෙ.
හැබැයි ඒ දවස් වල හවසට නිකුත් වුන 'ජනතා' පත්තරෙයි ඉරිද 'සිළුමිණ' කියන පත්තරෙයි නොවරදවාම
ලැබුන. ඊට අමතරව අපට ලැබුන රීඩින් මැටීරියල් තමා, හැම මාසෙම 12 වෙනිදට සහ 26 වෙනිදට නිකුත් වුන 'නවයුගය' සගරාවයි, සඳුදට ආව 'මිහිර' පත්තරෙයි, බ්‍රහස්පතින්දට ආව 'වනිතා විත්ති' යය්. අපට ලැබුන තව එකක් තමා 'Reader 's Digest ' සඟරාව. ඒ
කාලෙ ලංකාවට ආවෙ හොංකොං වල ගහන එඩිෂන් එක
'වනිතා විත්ති'ය ඇරුනම අනික් ඒවා
ඔක්කොම බේරේ ගෙදරින් ගහපු පත්තර. 'නවයුගය' ලස්සන වෛවර්ණ පිට කවරයක්
එක්ක ආව සඟරාවක්, දැන් වගේ පත්තරයක් නෙමේ.
නවයුගේ ඒ දවස් වල කොටස් වශයෙන් පලවෙන ළමයින්ට කියවන්න පුළුවන් තත්වෙ නවකතාවක්
ගියා. හුඟාක් වෙලාවට පරිවර්තනයක්. 'ගී ද මෝපසාන්' වගේ කතෘ වරුන් ගැන දැන
ගත්තෙ, නවයුගෙන්. තව ඉලේන්
පෙරේරා කියල නෝනා කෙනෙකුයි,
නම අමතක චායාරුප ශිල්පී
එයාගෙ මහත්තයයි, විදේශ වල සංචාරය කරමින් චායාරුප එක්ක
ලිපි ලිව්ව නවයුගේට.
අපි පොඩි කාලෙ, මිහිරට සිංහලෙන් සහ ඩේලි නිවුස් එකේ ළමා පිටුවට
ඉංග්‍රීසියෙන්, ළමා කතා ලියපු, සිබිල් වෙත්තසිංහ
මහත්මිය තාමත් ළමා පොත් ලියනව කියල, 'බින්දි' ගෙ පෝස්ට් එකකින් දැන ගත්තම, හිතට ඇති වුනේ පුදුම සතුටක්.
ඒ කාලෙ නවයුගේ සත 60
යි, මිහිර සත 25 යි. බයිසිකලේ ඉස්සරහ,
පස්සෙ, ඒ වැඩේටම සවි කල පෙට්ටි දෙකක
පත්තර පුරෝගෙන, පත්තර කාරය ගෙයක් ගානේ
උදේටයි, හවසටයි, එනව. පත්තර බයිසිකලේ ඉස්සරහ,
පොලිෂ් කරපු රීප්ප පටියක් වගේ එකක 'ආරෝග්‍ය ශාලා' ස්වීප් කියල, ලොතරය් ටිකට් හයි කරලා
තියෙනව, ඒවා එකක් සත 50 යි. ආ...තව ජිම්කානා
ස්වීප් කියල එකකුත් තිබ්බ,
ඒවත් සත 50 යි. තාත්ත ඉඳල හිටල
හොස්පිටල් ස්වීප් එකක් ගන්නව මතකයි. එකම එක පාරක් සැනසිල්ලක් ඇදුන, රුපියල් 50 ක්ද කොහෙද. මිහිර,
නවයුගේ, එන දවස් වලට මල්ලියි මායි
පත්තර කාරය එනකම් බලාගෙන ඉන්නෙ. අක්ක බලාන ඉන්නෙ වනිතා විත්තිය, නවයුගේ එන දවස් වලට සහ
ඉස්සෙල්ල මතක් කරන්න බැරි වුන 'සරසවිය' සිනමා පත්තරේ එන දවසට.
හැමදාම ගන්න ගෙවල් වලට,
ඕඩර් කරලා තියෙන පත්තර,
සඟරා, වැඩිහිටියෙක් නොහිටියත් කොහොමත් දීල යනව. ඒ
ගෙවල් වලට බිල ගෙනත් දීල සල්ලි ගන්නෙ මාසෙ අන්තිමට. පත්තරේ, විතරක් නෙමේ, පාන්, කිරි, එහෙමත් ගම්පහ ටවුමෙ
බෙදුවෙ ඒ සිස්ටම් එකට. ඉඳල හිටලා පත්තර, පාන්, එහෙම ගන්න ගෙවල් වලින් කලේ, ඒ වෙලාවට සල්ලි දීල ගන්න
එක.අනිත් ටවුන් වලත් එහෙම වෙන්නැති. හැබය් මාබොදලේ හෝ අම්මගෙ ගම
තිරිවානකැටියෙ ලියුම් ඇරෙන්න වෙන ඩිලිවරි එනව මං දැක්කෙ නෑ
මගේ ළමා වියෙන් අවුරුදු
හතරක් විතර ගත වුනේ, 'No Standing' පෝස්ට් එකේ සඳහන් කල කොළඹ ඉස්කෝලෙ නේවාසිකාගාරෙ. ඉස්කෝලෙ නිමාඩුව ඇරුනම, මාසෙකට එක සති අන්තයක විතර, මාවයි කොළඹ ඉස්කෝලෙක බෝඩිමක හිටපු අක්කවයි, ගෙදර එක්ක එනව. මග ඇරුනු පත්තර සඟරා කියවන්න, මාබොදලේ යන්න, තිරිවානකැටියෙ යන්න, මාරපොල යන්න, කීයක් කියල රාජකාරිද
නිමාඩු කාලෙට.
අමතක වුනානෙ කියන්න, මාරපොල කියන්නෙ ඔබීලගේ ගම. උඩුගම්පොල හන්දියෙ ඉඳල දිවුලපිටියට යන පාරෙ නයිවල හන්දියට චුට්ටක් මෙහා. ඔබීල, අපේ තාත්තගෙ පැත්තෙන් නෑදෑයො. වෙන එකක් තියා ඔබීගෙ මල්ලිට ඇරෙන්න, ඒ පවුලේ ඔබීත් ඇතුළුව අනිත් දරු තිදෙනාට දාල තියෙන්නෙත්, අපේ අම්ම යෝජනා කරපු නම්.
රත්නපුරේට චුට්ටක් එහා, තිරිවානකැටියෙ
අම්මලගෙ ගමේ, පුංචි කෝච්චියෙ යන ගමන තමා, අපේ ජොලිම
ට්‍රිප් එක ඒ කාලෙ. ඕපනායක යන පුංචි කෝච්චිය කොටුවේ ස්ටේෂන් එකෙන් පිටත් වෙන්නෙ, 'උඩරට මැණිකෙ' පිටත්
වෙන වෙලාවටමයි, උදේ 10:10
ට. මගදි එන්ජින් ට්‍රබල්, සිග්නල් ප්‍රොබ්ලම්, ට්‍රැක් ප්‍රොබ්ලම්, [රේල්වේ වැඩ
කරපු තාත්තගෙ වචන ඒව] හෝ වෙනයම් කරදරයක්, ඒ කියන්නේ හරකෙක් හැප්පුනේ නැත්තන් හෝ
පතල් කාරයෝ රේල් පාර යටින් දෝනාවක් හාරලත් නැත්තන්, හැතැම්ම 60 ක් විතර දුර තිරිවානකැටිය ස්ටේෂමට ලඟා වෙන්න
පුළුවන් හවස හතරට විතර. නිකමට ගණන් හදල බලන්නකො කෝච්චියෙ ඇවරේජ් ස්පීඩ්
එක. උදැල්ලක් හැටියට කියන්නං, හැතැම්ම දහයක් කියන්නේ කි.මී. දාසයක්. හැබය් ඔය
උත්තරේට එන ස්පීඩ් එකට වඩා චුට්ටක් හයියෙන් යනව පුංචි
කෝච්චිය. මගීන් විතරක් නෙමේ බඩු පටවන්න, බාන්න, තැපැල් මලු පටවන්න, බාන්න, මග තියෙන
හැම ස්ටේෂන් එකේම සෑහෙන වෙලාවක් නවත්ත ගෙනත් ඉන්නවනෙ. ඒ අතරේ, අවිස්සාවේල්ලේදී
ෂන්ටින් පාරක් දාල, සෙකන්ඩ් ක්ලාස් පෙට්ටිය ගලෝල සයිඩිමකට දාන්නත් සෑහෙන
වෙලාවක් ගන්නව.
ඒ වෙනකොටත් පුංචි කෝච්චියෙ පලවෙනි පන්ති මැදිරි
තිබුනෙ නෑ. තාත්තගෙ වොරන්ට්, ෆස්ට් ක්ලාස් වුනාට, අපිට යන්න වුනේ,
සෙකන්ඩ් ක්ලාස් තිබුන එකම
මැදිරියේ. ඒකත් අවිස්සාවේල්ලට විතරයි, එතනින් එහාට
තර්ඩ් ක්ලාස්. ඉතින් අම්ම කරන්නෙ බත් මුල් එහෙම අපිට
දිග ඇරල දෙන එක වේලපහම. ටොයිලට් එහෙම තිබුනෙත් සෙකන්ඩ් ක්ලාස් පෙට්ටියේ විතරයි. මටයි, මල්ලිටයි, නං ගානක්
නෑ. අවිස්සාවේල්ලෙන් එහාදි අපි චූ බරයි කිව්වොත්, තාත්ත දොරක්
ඇරල, අපිව
දෙන්නව එක්කෙනා, එක්කෙනා, දෙපාරට ෆුට් බෝර්ඩ් එකේ උඩම පඩියෙ හිටෝලා
හයිය්යෙන් අල්ල ගන්නව. අපි ඉතින් හුලන් වැදි, වැදි, රේල් පාර
අයිනට චූ පාර දාන්නෙ හෙණ ජොලියෙ.
හැබැයි, රේල්වේ පඩි දවස් වල, දවස් දෙක තුනක්, ෆර්ස්ට් ක්ලාස් පෙට්ටිය ඕපනායක යනව. මට මතක විදියට
එකවුන්ටන්ට් මහත්තුරු එහෙම ඒ දවස් වලට කෝච්චියෙ එහා මෙහා යන හින්දද කොහෙද. තාත්ත අපේ තිරිවානකැටිය ට්‍රිප් එක හුඟාක්
වෙලාවට ඒ දවස් වලට සෙට් කර
ගන්නව.
ආපහු එන ට්‍රිප් එකේ
මගදි කන්න ආතම්ම බැඳල දෙන ඉඳිආප්ප මුල තාම මතකයි. කෙහෙල් කොලේ තවල ඔතන ඉඳිආප්ප මුලේ, හැමදාම ෂුවර් වෑන්ජනයක්
තමා, වේලපු හාල්මැස්සො එහෙම දාල හිඳේන්න උයන කොහිල දළු. අනික කුනිස්සො දාල හදන පොල් මැල්ලුම. මේ ලියන
ගමනුත් කටට ඛේඨය ඉනුව.
හප්පට සිරි මේ මං යන්නෙ
කොහෙද? 'No Standing' ඉවර කරල 'Kiss and Ride' එකත් අදම කියල දාන්න හිටියෙ. මීට පස්සේ නං පඳුර වටේ
තලන්නෙම නෑ, කියන්න ආපු එක කියලම
ඉවරයක් කොරනව.
එහෙනං ඉතුරු හරිය ඊළඟ
පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්න. හෙට අනිද්දම ලියල දාන්නන්.
මාත් ගොඩක්ම ආස කලේ ඉස්සර නිවාඩුවට කොච්චියේ මාතර යන්න! කොච්චර ජොලිද ඒ කාලේ!එහෙ ගියාම තාත්තගේ අක්කලාගේ පුතාලයි නංගිලාගේ පුතාලයි අපි සෙට් උනාම ආයි ලෝස් නැතුව කෙලින්ම රගර් ටීම් එකක සෙනග ඉන්නවා..පස්සේ බක්කියේ නැගලා පොල්හේන යන ගමනත් මරු!මේ පාර ගියාම ටිකක් හොයලා බැලුවා බක්කි ගැන.මාතරටම තිබුන අන්තිම බක්කී මෑන් නිමලුත් පපුවේ අමාරුවක් හැදිලා මැරුනා කියලා තමා ආරංචි උනේ!
ReplyDeleteඅප්පේ...මගේ මතකයත් ආපහු retrieve උනා මේ පෝස්ට් එක කියවලා. අපේ අම්මයි අප්පච්චියි එකතු කරපු නවයුගය දැන් තියෙන්නේ මගේ සන්තකයේ. ඒවගේ එකතු කරපු 'ලපටි පෙල' කියලා 1950-60 කාලේ තිබුන පත්තර වලින් කීපයක් මං ලඟ තියනවා. ලංකාවේ පලවෙනි චිත්‍ර කතාව ගියේ ඒකේ. නම 'නීලා'. දැනුත් කියවනවා වෙලාවක් ලැබුනාම. දැනුම් ආකරයක්. තව සඟරාවක් තමයි 'ශ්‍රී'. සිංහල Readers Digest.
ReplyDeleteදැන් එතකොට Kiss and Ride රයිඩ් දාන්නේ කවද්ද???
පුදුම සතුටක් එක්කම ලොකු දුකක් ඇති වුනා. මගේ අතීතය මතක් වුනා චිත්‍රපටියක් වගේ මගේ ඉදිරියේ පෙන්න ගත්තා. දුක් වුනේ අපේ දුවට තාම බැරි වුනා චෝච්චි ට්‍රිප් එකක් එක්ක යන්න.
ReplyDeleteමූත් දැන් මාරයා වගේ වේගෙන එනවා.. යන්නෙ කොහෙද මල්ලෙ ඉඳිආප්ප.. :))
ReplyDeleteඅර නවයුගය සඟරා සෙට් එකක් තියෙනෝ අපේ ගමේ, මම තාමත් ඉදහිට ඇදලා බලනවා.. ඉලේන් පෙරේරා ලිවුව ලිපි පෙල 'මා ගුවනින් යද්දී' වගේ එකක් නේද..?? ඇයි 'පඩිතුමා' කාටුන් එක..!!
මම කියවන්න ආවෙ එකක් කියෙව්වේ එකක්..
ReplyDeleteහම්බේ මේ මොකෝ...
මෙච්චර පත්තර ගොඩක්...ඒකනේ ඔබා මාමා මෙච්චර දේවල් දන්නේ ..කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ....
නවයුගය අදටත් මම නම් කියවනවා අදටත් අනිත් සඟරා එක්ක බලද්දී මේක ඉස්තරම්..ආ ඇයි මනහර.....සඟරාව....ඒකත් මරු....
ඒත් දැන් ලේක් හවුස් පත්තර විකිනෙන්නේ නෑ...පත්තර කඩයක් තියෙන නිසා කියන්නේ...
ඒවා ගොඩක්ම ආපහු යවනවා...
හැත්තෑ ගනන් වල චූ කොල්ලො උනු මටත් ඔය පත්තර ටික මතකයි.. ඇයි චිත්‍ර කතා පත්තර .. සිත්තර, දසුන, මධුර, සතුට ...! අපි පොඩිම කාලෙ ඕපනායකටට හරි කහවත්තට හරි එක්ක යනවා කෝච්චිය පෙන්නන්න.. ගානක් නෑ අයියෙ පඳුර වටේ තැලුවෙ නැත්නම් රහ එහෙ මෙහෙ වෙනවා ! ලියන්න ඕනි ටික ලියන්න ..
ReplyDeleteයන්නෙ කොහෙද . . ?? පොල්ලෙ මල් . . . . .
ReplyDeleteඔන්න ඔහොමයි ඔබාගෙ කතා කීම . . . වැඩිය හිතන්න දෙයක් නෑ එක අතකිං බලද්දි . . . .ජීවිත කතාවෙ මේ අංතිම ටික ගෙවද්දි කොහොමත් ඔය වගේ මෙමොරි ලොස්ට් එනව . . . බලද්දි කියන්න ගිය කතාව නෙමේ ඉවර කරල තියෙන්නෙ . . . . .
ප.ලි.
ඔය කියපු පත්තර ටික නං හරි . . එතකොට අයිය කවදද "බුදු සරණ" කියවන්න පටංගත්තෙ ?????
කියවීම මිනිසා සම්පුර්ණ කොරයි !!!!
ReplyDelete@ ඕනයා
ReplyDelete+ ++++++1
@ ඔබා අයියා
ඕනයට ලකුණු දැම්මා කියලා ..ඔබා අයියා අමනාප වෙනවා එහෙම නෙවෙයි...මේ පඳුර වටේ තැලිල්ල හරි අපූරුයි..ඒ කාලෙ ගැන අහන්නත් ආසයි.බ්ලොග් ලෝකෙ මේවා අත්දැකීමෙන්ම ලියන්න පුලුවන් අය අතර ඔබා අයියා ඉස්සරහින්ම ඉන්නවා
වෙලාවක් ලැබුනොත් තවත් පඳුරක් තලලාම ඇට ටික තවාන් දාමු...
@ ඕනයා :- වයසක මනුස්සයානෙ බං.. මේ කියන දේ මේ අමතක වෙනවා.. :D :D
ReplyDeleteඔබා.. අදනම් මගේ ඇස් වලට මොකක්ද උනා. මම කරපු වැඩේ රෙදි කෑල්ලක් අරන් ඒ වතූර ටික පිහදලා දැම්ම. මොකෝ කොමෙන්ට එකක් දාන්නම එපයි. අර කූනිස්සෝ දාපු පොල් මැල්ලුම කියන එක මතක් උනා. අපේ අම්මා සෑහෙන වයසයි. ඒත් මම හෙට උදේ යනවා එහේ. එයා කැමති උනා මම හෙට උදේ එහේ එනවට ඉඳි ආප්පයි. අර කියපු වෑන්ජනෙයි. රතු ළුණූ වලින් හදපු සීනී සම්මබෝලෙයි එක්ක වලදන්න. ඔබාට් පින්. අර වතුර ගතිය තාමත් ඇස් වල තියෙනවා. අයි සර්ජන්ට් කෙනෙකුට පෙන්නන්න වෙයි වගේ...
ReplyDeleteයන්නේ කොහෙද මල්ලේ පොල් වුනාට කතාවේ ගතයුතු දෑ බොහෝය...
ReplyDeleteමාතලන්ගේ කමෙන්ටුව බලල මටත් ටිකක් වගේ එහෙම වුනා, ගෙදර මතක වෙලා.
මටත් ඉස්සර මිහිර, විජය පත්තර කියන්නෙ මල මසුරන් වගේ තමා
ඒ ලෙවල් ඉවර වෙනකනුත් කාමරේ පරණ පත්තර මිටි ගණන් එකතු කරගෙන ඉඳලා පස්සෙ කාවෝ කාල සවුත්තු වෙලා තිබ්බ නිසාත්, ආපහු කියවන්න වෙලාවක් එන එක නැහැ කියල හිතට ආපු කාලකණ්නි හැඟීමක් නිසාත් ඒවා විසි කරලා දැම්මා.
දැන්නම් මතක වෙද්දීත් දුකයි. ඒත් ඉතින් "ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැහැයි" කියනවනේ.
ඒත් මම බලුවා kiss කෝ කියලා
ReplyDeleteඅපේ කාලේ "සීදේවි" පත්තරේ 12.50 හික් හික් .....
ReplyDeleteමං මේ බල බල ආවේ මාතෘකාවේ තියෙන ටික කතාව් ඒකොතනද තියෙන්නේ කියලා. බැලින්නම් ඒක නෑනේ.. පොඩි මෑන් කියපු දේ හරිද මන්දා...
ReplyDeleteඅනේ චිත්‍ර ශිල්පියෙක් වත් හිටියා නම් පුංචි ඔබාමා චූ කරන දර්ශනය ඇඳ ගන්න තිබුණා!
ReplyDeleteඔබාලා කෝච්චියෙන් ඕපනායක ගිහින් තියෙනවද?
ReplyDeleteමම හැමදාම ගෙදර යන ගමන් කෝච්චි පාර බල බලා ගිහින් තියෙනවා. අපේ කාලේ කෝච්චි තිබ්බේ නෑ නේ.
මට මතක විදියට මම මුලින්ම කෝච්චියේ ගියේ බලංගොඩ ඉඳන් මාතරට හෝ තංගල්ලට ගිහින් කෝච්චියෙන් එතනින් කොළඹට.
අර පත්තර කතාව නම් මටත් මතකයි. ඉස්සර අපේ ගෙදරටත් සෙනසුරාදාට පත්තර ගෙනත් දෙනවා බයිසිකලේකින්. මට මතක තියෙන කාලේ අපේ ගෙදර එක එක වයසවල අය හිටපු නිසා මනහර, සිරිකත, රැජින, විජය, මිහිර little star, readers digest මුතුහර, ඇත්ත හා දවස පත්තරේ ගත්තා කියලා මතකයි. තව තැපෑලෙන් රසියන් සඟරා ගෙදරට ආවා. ඒ කාලේ අපිට ටී වී වත් තිබුනේ නැද්ද කොහෙද. මට මතක විදියට ඉස්සර හැම ගෙදරකම මිනිස්සු පත්තර පොත් පත් කියෙව්වා අදට වඩා.
ඔබාගේ කතා කියෙව්වම අතීතය මතක් වෙන එක අහන්න දෙයක්ද?
කිස් කිව්වම මාත් පැනගෙන ආවා. අපි තරහයි....
ReplyDeleteකෝච්චියේ ගමනනම් කියල වැඩක් නෑ. ඉස්සර අපිත් ඉස්කෝල නිවාඩුවට අනිවාර්යෙන් කෝච්චියේ ට්‍රිප් එකක් යනවමයි. වොරන්ට්ස් තියනවනෙ අම්මටයි තාත්තටයි දෙන්නටම. ගොඩාක් වෙලාවට ගියේ බදුල්ලේත් ත්‍රිකුණාමලෙත් ..
ඔබා මාමේ, අපිත් ඉන්නේ ඔය තිරිවානාකැටියට හැතැප්මක් දුරින්, තිරිවානකැටිය හන්දියෙන්ම පටන් ගන්න කලවාන පාරේ "අර කළුවා ඇවිත් ගියාය" කියන ගමේ.. :D
ReplyDeleteඔය කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ ඉඳලා ඕපනායක දක්වා කොටස පහු කාලෙදි ගලවල ඉවත් කරලා තියෙනවා. කොටින්ම ඒ අපි ඉපදෙන්නත් කලින්.දැන් අවිස්සවෙල්ලෙන් ගමන ඉවරයි. අවුරුදු 30 කට විතර ඉඳලා ආයෙමත් ඕපනායක මාර්ගය නැවත පටන් ගන්නවා වා වා කිව්වත් තවම නැහැ. ප්‍රධාන හේතුව අපේ අයියලා පැරණි දුම්රිය මාර්ගය උද ඉදිකිරීම් කිරීම්. දැන්නම් කියන්නේ රත්නපුර නගරය මග හැරලා (නැත්නම් නගරයෙන් භාගයක් කුඩු) වටයක් දමලා ගොහින් ඕපනායක , ඇඹිලිපිටිය හරහා හම්බන්තොටට මාර්ගය ඉදිකරන්න අදහසක් තියෙනවාලු.
හැබැයි මම හිතන්නේ හම්බන්තොටට ජලය සැපයීමට මල්වල ප්‍රදේශයේ කළු ගඟට වේල්ලක් බැඳලා හදන්න යෝජනා කරලා තියෙනේ ජලාශයට ඔය යෝජනා කරලා තියෙන විකල්ප දුම්රිය මාර්ගය යට වෙනවා.. ලංකාවේ සැලසුම්..
අදටත් අපේ නිවෙස් ඉදිරිපිටින් පැරණි දුම්රිය මාර්ගය තියෙනවා. අද හවස් වෙලා ෆොටෝ එකක් දාන්නම්.
ඔබා මාමා ටයිම් මැෂින් එකක් වගේ . මන් නම් කැමතියි මේ පරණ කතා කියවන්න . අපේ තාත්තත් රත්නපුරේ , කහවත්තේ . පොඩි කාලේ ඕක තමයි අපේ ලොකුම ගමන . අවුරුද්දට ගමේ නොයා දිවය ලෝකේ යමු කිව්වත් අපි කහවතු ගමන අත නාරින ළමයි . ඔය පරණ රේල් පාර බස් පාර දෙපැත්තට මාරු වේවි යන හැටි බල බල යන එක මට විනෝදයක් වුනා . හරි යන්නේ නැහැ පොස්ට් එකක්ම දාන්නවෙනවා .
ReplyDeleteඔබා අයියේ ඉස්සෙල්ලම කියන්ඩ ඔන මම අකුරු කොරන්ට ගියේ ගම්පහ බණ්ඩාරනායකේට...අයියගේ කැම ටිකනම් පංකාදුයි...අපේ අවාසනාවට දැන් අවිස්සාවෙල්ලෙන් එහාට කොච්චි යන්නැනේ..හැබ ඉතින් ඔය අයිය කියල තියෙන ගම්දනව්වල කරග් ගහලනම් තියෙනව..
ReplyDeleteතව තලපං අයියේ..තව තලපං..අතාරින්න එපා...
ReplyDeleteඔය කිව්ව සඟරා නව යුගය සහ ශ්‍රීත් සමඟින්ම කියෝපූ ජෙන්ටල් මැන්ස් කෙනෙක් තමා ඉතිං මාරයා ගොයියත්... අපේ මහ උන්දෑ ඔව්වා එකතු කොරං හිටියා කාලෙක ඉදන්..උන්දැගෙන් බැනුං අහ අහ මං ඕවා ගැට ගහලා තිබුන ලණු ලිහ ලිහ බැළුවේ...
@ඕනයා...
මොකක්ද යකෝ ඔහොමත් කියනවද මූණ බලාගෙන..පොඩ්ඩක් වයස ගැනවත් හිතන්න ඕන නේද..අදද හෙටද දන්නෙ නැති උන්දලගේ හිත් තලන්ට එපා බං..:D:D:D
අඩේ අමතක උනා මිහිර විජය පොඩිකාලේ මගේත් ආසම පත්තර දෙක...
ReplyDeleteපුන්චි කෝච්චිය ගැන චන්ද්‍රා අනගිරත්න මෙහෙම ලියලා තිබ්බා
ReplyDeleteපුන්චි කෝච්ච්ය යයි හරි වේගෙන්
පැය හතරට එක සැතැප්මෙ වේගෙන්
කොල්ලයි කෙල්ලයි නැග්ගම කොටුවෙන්
පව්ලක් බහිනවා ඕපනායකින්
කියන්න නම් වචන නෑ ඔබයියෙ කතාව්. මමත් පොඩි කාලෙ අපේ තාත්ත ගෙනෙනව රිවිරැස පත්තරෙයි මිහිර පත්තරෙයි. අපිට ඉතින් පයින් යන්න ඕනෙ හැ: 2ක් මාවනැල්ලෙ ටවුමට.
ReplyDeleteයන්නෙ කොහෙද මල්ලෙ පොල් උනත් විස්තරේ හොදය. ඉතිරිය කඩිනමින් දැමීමට කටයුතු යොදන්න. පත්තර-සගරා අතරට ප්ලේබෝසි සගරාව නොදැම්මේ කුමන හේතුවකටද? එහි පාඨකයෙකු වූයේ පසු කාලයේද?
ReplyDelete//කෙහෙල් කොලේ තවල ඔතන ඉඳිආප්ප මුලේ, හැමදාම ෂුවර් වෑන්ජනයක් තමා, වේලපු හාල්මැස්සො එහෙම දාල හිඳේන්න උයන කොහිල දළු. අනික කුනිස්සො දාල හදන පොල් මැල්ලුම.//
ReplyDeleteඅද දවසම වෙන වැඩක් කරන්ට බෑ...:D
අද නම් ගිහින් තියෙන්නේ කොහෙද දීලා තියෙන්නේ ඉඳි ආප්ප. හැබැයි හරිම රහයි...:))
ඉඳි ආප්ප පාර්සලේට නම් බඩගින්නක් ආවා නිකන්... මොනා කරන්නද... ඉස්සර ත්‍රීකුනාමල කෝච්චියට ඉදි ආප්ප විකුනන්න නගින මනුස්සයගේ ඉදි ආප්ප මුල මතක් උනා....
ReplyDeleteමාතලං ට උන කෙලිය මටත් උනාද මන්දා...
අපූරු මතක සටහන් නේද?
ReplyDeleteපානදුර වටේ තැලුවට කමක් නෑ .. හරියට වැහිබර දවසක කොපි වතු මැදින් දඟර රේල්පාර අයිනෙන් රත්නපුරේ ගිහින් ඉදියාප්ප කෑව වගේ.
ReplyDeleteඔන්න බලහල්ලකෝ මුගේ කැත හිත ඉලේන් පෙරේරා මතකයි උන්දැගෙ මහත්තය මතක නෑ..................:D
ReplyDeleteහිතින් රවුමක් ගිහින් ආවා................:D
ආ මම ගාවත් ඔය අම්ම කියවපු ශ්‍රී සගරානම් මහ ගොඩක් තිබ්බ, මාත් පොඩි කාලේ පස්ස උඩ දගෙන ඕවා කියෙව්වා
ReplyDeleteපුංචි කෝච්චියෙන් නුගේගොඩ ඉඳන් මරදානෙට අනන්තවත් ගිහිල්ල තිබුනට, නුගේගොඩ ඉඳන් අනිත් පැත්තට ගිහින් තියෙන්නෙ පුන්චි කෝච්චිය සෑහෙන්න කාලයක් නවත්තලා තිබිලා පස්සෙ ඒක ලොකු කෝච්චියක් කරාට පස්සෙයි. ඒත් මහරගමට යනකන් විතරමයි. පුංචි කෝච්චියයි, රේල් පාරයි වටේ බැඳුනු ඒ පැත්තෙ මිනිස්සුන්ගේ ලොකු ඉතිහාස කතාවක් තියෙනවා......තිස්ස අබේසේකරගේ "අයාලේ ගිය සිතක සටහන්" කියන පොතේ ඒ කරුණු කාරණා බොහොමයක් හරිම අපූරුවට ලියවිලා තියෙනවා....
ReplyDeleteඔබා මාම අයියාගේ ළමා කාලෙට ගොඩක් කිට්ටුවෙන් යන ළමා කාලයක් මටත් තිබුනා. හැබැයි ඒ ළමා කාලය අපේ පොඩු එවුන්ට දීගන්න බැරුව, ගලේ පහරපු බළලෙක් වගේ තමයි මට දැන් ඉන්න වෙලා තියෙන්නෙ....!
ඒ වගේම අපේ ගෙදරටත් වරදින්නෙ නැතිවම ගත්ත පත්තර දෙකක් තමයි මිහිර පත්තරෙයි, විජය පත්තරෙයි. මට මතකයි, ඔය පත්තර දෙක එන දවසට, ඉස්කෝලෙ ගිහින් ගෙදර ආපු හැටියේ දවල්ට කන්නෙවත් නැතිව, අම්මගෙන් සල්ලි ඉල්ලගෙන කඩේ දුවන හැටි. බත් කන ගමන් තමයි පත්තර කියවන්නෙ....! ඔය පත්තර කියවිල්ලෙන් තමයි මමත් හොඳට කියවන්න පුරුදු උනේ...! පස්සෙ කාලෙකදි විදුසර පත්තරෙත් ඔය ලිස්ට් එකට එකතු උනා...! අම්මා නොවරදවා ගන්න පත්තර ටික තමයි, තරුණි, සිරිකත සහ නවලිය....!
ReplyDeleteඒවායෙ යන "සිතට සහනයක්" වගේ වෛද්‍ය උපදෙස් තීරු එහම කියවලා තමයි අපේ සමාජයේ "ටැබූ සබ්ජෙක්ට්" කරගෙන ළමයින්ගෙන් හංගන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ.
මට මතකයි නවයුගයෙ තිබුන එක කවියක් චිත්‍ර එක්ක....
ReplyDelete''උඩ යන උකුස්සන්.....
බිම යන මහ රකුස්සන්....
මුහුදු කූනිස්සන්.........
ඔබට සෙත දෙයි හාල් මැස්සන්.... "
ඒවා අපේ සීයා එකතු කරල බන්දල තිබුන එක පොතක් වෙන්න.
ඔබා මාමාගෙ වයස ගැන මට දැන් නම් සැකයි....
අපේ සීය නැති වෙලත් දැන් අවුරුදු 20ක් විතර වෙනවා....
හික්....හික්......
මරු මරු. මිහිර පත්තරේනම් කියවල තියෙනව අනෙක් ඒවනම් හරියට කියවල නෑ කවදාවත්.
ReplyDeleteමිහිර පත්තරෙයි විජයයි නං අනිවර්යෙන් කියව්වා.පස්සේ විදුසරත්.ඔබා මාමාගේ පොස්ට් එක දැක්කාම හිතෙනවා අපේ පොඩි කාලේ හරි හිස් නේද කියලා.මෙච්චර අද්දැකීම් ගොඩක් අපිට ආය කවදාවත් එකතු කරගන්ඩ බැරිවෙයි.ඉස්කෝලෙන් ග්‍රවුන්ඩ් එකටයි,ග්‍රවුන්ඩ් එකෙන් ගෙදරටයි,නිවාඩු කාලෙට පවුලේ පස්දෙනා විතරක්ම යන ට්‍රිප් එකයි ඇරුනාම වෙන කිසිම මතකයක් නැති හැටි දුක්කිතයි,නැත්තන් එක්කෝ අර සඳරු කියනවා වගේ අද්දැකීම් අමතක වෙලාද මන්දා....:(
ReplyDeleteමතකද නවයුගය සගරාවෙ තිබුන මේ ඇඩ් එක, ජාතික කිරි මණ්ඩලේ..
ReplyDeleteමෝදර වැල්ලෙන් මාළුත් අරගෙන
හම්බන් වැල්ලෙන් හාලුත් අරගෙන
කිරි මණ්ඩලයෙන් කිරිත් ලබාගෙන
අම්මේ හනිකට මා එනවා..
ඕකෙ පිටුව පුරා ලොකු චිත්‍රයක් තිබුනා ළමයෙක් කරේ මල්ලක් එල්ලගෙන, එක අතකින් කිරි බෝතලේකුයි, අනික් අතින් මාළු කූරියො දෙන්නෙකුයි උස්සගෙන දුවගෙන එනවා.. :)
අනේ බුන්ට සීයේ මේ පඳුරු තැලිල්ල තව දිගට ගෙනියන්ට. මම නං කැමතියි ඒකට......අර ඕනයා කියන ඒනවං රුපියල් දාහකට මායිං කරන්ඩ එපා.
ReplyDeleteහිතේ මැවෙන්‍ට ලියන්නෙ අර කියෝපුවල ප්‍රතිඵල තමා.
පෝස්ට් එක කියවල ඉවරවෙනකොට කෙළ උනල කටේ. ඒ මදිවට කිසුත් නෑ.... දිවියම කන්න ඕනෙ...
ReplyDeleteකොහෙද හදිස්සියට මම පානදුරක් ගැන කියවල නේ.. පඳුර.. පඳුර.. පඳුර වටේ තැලුවට අවුලක් නෑ කියල මට කියාගන්න ඕනේ උනේ..
ReplyDelete@ Sabith ,
ReplyDeleteමාතර ඉඳල ඔය සෙට් එකත් දාගෙන,පොල්හේනට කරත්තෙ ඇදපු ගොනාට පපුවේ අමාරුව හැදුන් නැති එකයි පුදුම වෙන්න ඕනෙ කාරනේ
@ kandyan ,
'නීලා' කියන්නේ අර අලියෙක් එහෙමත් හිටිය ටාසන් වගේ කතාව නේද? මන් හිතා හිටියේ ලංකාවේ පලවෙනි චිත්‍ර කතාව'ලන්දේසි සටන' කියල.
@ වෙද ගෙදර මහ වෙදනා,
'උඩරට මැණිකේ' ඔබ්සවේෂන් සැලූන් එක බුක් කරල බදුලු ට්‍රිප් එකක් යන්න. ගියාට, පස්සෙ දුක් වෙන්න වෙන්නෙ නෑ ගමන ගිය එක ගැන. මතක ඇතුව වීඩියෝ කැමරාවක් අරන් යන්න, ස්ටිල් කැමරාවට අමතරව.
@ බුරා,
'පඬිතුමා' සහ 'යෝධයා' නැගලම ගියේ, මිහිරේ. ලිව්වේ එස්.ඒ.දිසානායක කියල කෙනෙක්
@ ගලයා,
'මනහර' ත් දැන් සෑහෙන කාලයක් තිස්සේ ගහන සඟරාවක්, පටන් ගත්තේ 'රීඩර්ස් ඩයිජෙස්ට් ' ආරෙට, සමහර ආටිකල් ඒ කාලේ නං 'රීඩර්ස් ඩයිජෙස්ට්' එකෙන් අමුවෙන්ම කොප්පෙ ගහල තිබුනෙ.
@ Weni
ඒ කාලේ වෙනකොටත් අඟුරු කෝච්චිද දිව්වෙ ? එහෙම නැත්තන් ඩීසල් එව්වද?
@ ඕනයා,
මගේ නං ජීවිත කතාවෙ අන්තිම හරිය ගෙවන්නෙ කියල හොඳ අවභෝදෙන් ඉන්නෙ. හිතට දුකක් නෑ, හෙට ගියත්. ජීවිත කාලෙකදී කරන්න ඕනෙ හරියෙන්, නොකරපු දේකට තියෙන්නේ පොතක් ලියපු නැති එක විතරයි. බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තයින්, ඒකත් තරමක් දුරට හරි කලා කියල හිතාගෙන සැනසෙන්න පුළුවන්. උඹේ කතාවට හොඳ උත්තර තියෙනවා, කිව්වොත් හිත රිදෙයි කියල හිතෙන හින්ද කියන්නෙ නෑ.
@ ChammA
සම්පුර්ණයෙන් එකඟයි.
@ ලකී ,
ඊගාවට තවන් දාලම වටේ යන්න හිතාගෙන ඉන්නෙ.
@ පොඩි මෑන්,
අමතක වෙන එක නං නාකි වෙන්නත් ඉස්සර ඉඳල තිබ්බ ලෙඩක් මට. මේ මතක තියෙන හරිය හොඳටම ඇති.
@ මාතලන් ,
වයසට ගියත් තාම අම්ම ඉන්නවනෙ ඉඳල හිටල හරි ආස දෙයක් උයල දෙන්න, ඒක කොයි තරං වාසනාවක්ද? මට ඒ වාසනාව නැති වුනත් මං වෙන විදියකට වාසනාවන්තයි කියන්න පුළුවන්, ඔබීට එයාගෙ අම්ම, ඒ වගේම අපේ අම්ම, ලෙවල් එකටම රසට උයන්න පුළුවන් නිසා.
@ ලොකු පුතා ,
මට බ්ලොග් ලියන කෙනෙක් පොරොන්දු වුනා 'නවයුගය' එයා එකතු කරපු මිටියක්ම කියවන්න දෙන්න, ලබන අප්‍රියෙල් මාසේ ලංකාවට ආවම මාතර යන්න ඉන්නෙ ඒක ඉල්ලගන්න.
@ ලොකු ඡෝන්,
ඉක්මනටම දෙන්නං
@ ඔබ නොදුටු ලොවක්..... ,
මට මතකයි ගම්පහ ඉඳල මරදානට බාග ටිකට් එක කෝච්චියෙ, සත 25 යි, ෆුල් එක සත 50 යි
@ Dinesh ,
නාකින්ට වැරදුනාට පොඩි මෑන්ස් ලට වරදින්න බෑ
@ කතන්දර Kathandara
ඕව ප්‍රසිද්ධියේ කියන කතාද? අර බුද්ධිට හරි හෙන්රිට හරි ඇහුනොත් වසල හමාරයි
@ Il mondo di una povera pazza
'මතක විදියට මම මුලින්ම කෝච්චියේ ගියේ බලංගොඩ ඉඳන් මාතරට හෝ තංගල්ලට ගිහින් කෝච්චියෙන් එතනින් කොළඹට'
මතකෙ කොතන හරි වැරද්දක් තියෙනව.ලංකාවෙ සිතියමක් හොයල බලන්න, ඔය කියන විදියට නෙමේ කෝච්චියෙ යන්න ඇත්තෙ, වෙනවිදියකට, වැරැද්ද හදන විදියක් මට නං හිතන්නවත් අමාරුයි.
71 කේ භීෂණ සමයේ ඔය නොමිලේ එවපු රෂියන් සඟරා ගෙදර තිබුන සමහර තරුණයෝ නුගත් පොලිස් කාරයන්ගේ වද හිංසා වලට ගොදුරු වුනා. වෙන එකක් තියා මාටින් වික්‍රමසිංහ මහත්තය ලියූ 'ගම්පෙරලිය' පොතත් සැකේට භාජනේ වුනාලු.
@ Gimhani
කිස් එකකට ඔච්චර පනින්න ඕන් නෑ, මෙන්න එව්වා 'ෆ්ලයින් කිස්' එකක් අහක යන්න නොදී අල්ල ගන්න
@ ඉඳුනිල්,
ඔය කියන්නෙ 'මාරපන' නේද?
අපේ රටේ සැලසුම් ගැන නං කියල වැඩක් නෑ.
@ Bindi
දාන්න, දාන්න පොස්ට් එකක්. ජෝ අබේවික්‍රමගේ ගමත් ඔය පැත්තේ නේද?
@ Raj
බණ්ඩාරනායකේට ගිය අපේ ඥාති පුතෙක් යක්කල දේවාලෙ ලඟදි මෝටර් සයිකල් අනතුරකින් අවසන් ගමන ගියා,2010 අප්‍රියෙල් වල, අපිත් ලංකාවෙ ඇවිල්ල ඉද්දි, රාජ් දන්නා කෙනෙක්ද?
මාත් එක අවුරුද්දක් බණ්ඩාරනායකේට ගිහින් තිනවා හුඟාක් ඉස්සර
@ මාරයාගේ හෝරාව
අත අරින් නෑ... අත අරින් නෑ...
'ශ්‍රී' සඟරාව මං හිතන්නේ ගෙදරට ගත්තෙ නැත්තෙ 'වැඩිහිටියන්ට වඩාත් සුදුසු' ඒව තිබ්බ නිසා වෙන්නැති.
උඹත් ඉතින් මං වගේ බණ දහමට නැඹුරු එකා නිසා, මං ඕනයට දීල තියෙන උත්තරෙත් තේරුං ගනී.
@ Raj
අපි පොඩි කාලේ 'විජය' තිබුන් නෑ මං හිතන්නෙ
@ Anonymous
චන්ද්‍රා අනගිරත්න ගේ පොත් ඔක්කොම වගේ කියෝලා තියෙනව මාත්
@ ranjith
බලාන යනකොට රන්ජ අමු ඩොටේනෙ හෙහ්...හෙහ්.
@ රාජ්,
ඒ කාලේ ප්ලේ බෝයි නැතුවට හොඳ ඒව තිබුන. අහල තියෙනවද 'මකුණා' කියන පොත ගැන එහෙම?
@ Podi Kumarihami
ලියනකොටත් මගෙ කටට කෙල ඉනුව
@ පිස්සා පලාමල්ල
මාතලන්ට දීල තියෙන උත්තරෙත් කියෝල රහට උයන්නත් පුලුවන්ද කියල බලහන්, බඳින්න ඉන්න කෙල්ලට
@ හරී - පිණිපළස ,
ඔව් ලියන ගමනුත් ළමා කාලෙට ගියා
@ ක්සැන්ඩර් | Xander
ඔන්න එහෙනං නොමිළේම ට්‍රිප් එකක් එක්ක ගියා කෑමත් සමග
අද අවිස්සාවේල්ල-ඕපනායක දුම්රිය මාර්ගය
ReplyDeletehttp://www.ramadasa.name/opanayake-railway.jpg
//'නීලා' කියන්නේ අර අලියෙක් එහෙමත් හිටිය ටාසන් වගේ කතාව නේද? මන් හිතා හිටියේ ලංකාවේ පලවෙනි චිත්‍ර කතාව'ලන්දේසි සටන' කියල.//
ReplyDeleteඔව් ඒක තමයි. අහලා තියෙන හැටියට 'නීලා' තමයි පලවෙනි එක. තව තිබුනා ' රහස් දූපත' කියලා චිත්‍ර කතාවක්. ලංදේසි හටන, ශ්‍රී වික්‍රම එහෙම ආවේ 1970න් පස්සේ.
ඉස්සර කාලේ අපේ පලාතේ පත්තර මෑන් කෙනෙක් හිටියේ නෑ පත්තරේ ගන්න නම් ටවුමේ පටතර කඩේටම යන්න ඕන ඒත් දැන් ඉන්නවා එකට තුනක්ම පත්තර කාරයෝ .. කිරි කාරයෝ හිටියත් බයිසිකල් වලින් නම් කිරි වික්කේ නෑ
ReplyDeleteහෙහ් අපේ පලාතේ හිටි කිරි විකුනන හාදයා තමා "ළමා කිරි" ඌට ඒ නම දැම්මේ ඇයිද කියලා වෙනම කියන්නම්කෝ
ඔබා අයියා ඔයාගේ ළමා කාලේ මතක් කරද්දී මට දැනෙන්නේ අමුතු හැඟීමක් ඒ කාලේ නිකම් වෙන ලෝකයක් වගේ නේද ? සත වලින් ගනුදෙනු කරපු කාලේ , හෑන්ඩ් ෆෝන් නැති කාලේ අප්පා ..
අනේ බොස් ඒ කාලේ ඇන්ද ඇඳුම් ගැනත් විස්තරයක් කරන්නකෝ . ඔය කිටි කිටියේ රෙදි ඇන්ද කාලේ එහෙම ගැන මම පට්ට ආසයි ඔය පට්ට පරන කාලේ දේවල් වලට ..
@ නිශ්,
ReplyDeleteඑයාගේ නම සිටිසන් පෙරේරා.
නොමිළේ ඉඳිආප්ප පාරකුත් එක්ක රවුමක් ගිහිල්ල ඇවිල්ලත් තව කින්ඩි ටෝක් නේද?
@ AmilaArt
'ශ්‍රී' සඟරාව මං හිතන්නේ ගෙදරට ගත්තෙ නැත්තෙ 'වැඩිහිටියන්ට වඩාත් සුදුසු' ඒව තිබ්බ නිසා වෙන්නැති.
@ දුමී ,
තිස්ස අබේසේකරගේ පොත හොයා ගෙන කියවන්න ඕනෙ, අපි දෙන්න ගාව සිංහල පොත් 300 කට කිට්ටු ගානක් තිවුනට තිස්ස අබේසේකරගේ එකක් වත් නෑ. සමහර අපිට ලැබුන දේවල් අපේ ළමයින්ට දෙන්න බැරි වුනාට අපිට නොලැබුන හුඟාක් දේවල් එයාලට දුන්න එක ගැන සන්තෝෂ වෙමු.
"ටැබූ සබ්ජෙක්ට්ස් " එහෙම ඉගෙන ගත්තෙ නැත්තන්, වෙන අනාථ වෙන ක්‍රම වලටනෙ ඉගෙන ගන්නෙ.
@ bhaashaa
මගේ වයස හරියටම අදට අවුරුදු 58 යි මාස 6 යි දවස් xx [දවස් ගාන කිව්වොත් උපන් දිනෙත් අහුවෙනවනේ.]
@ ``` Outsider```
අපේ කාලේ ළමා පත්තරේකට තිබුනේ මිහිර විතරයි.
@ Malya Cruise
ඇයි ටියුෂන්?
@ Buratheno
හප්පේ කිව්වම නෙව මතක් වුනේ, තෑන්ක්ස් බුරා.
@ බුද්ධි
බුද්ධි ඇතුළු පිරිසගේ බලවත් ඉල්ලීම මත ලිවීමේ ආර එලෙසම අඩුවශයෙන් දැනටවත් ගෙනයාමට තීරණය කල අතර කාටවත් නොකියන පොරොන්දුව මත රහසක් එලි කරන්නෙමි 'කරෝලවාඩියට පිටුවල් කර සති දෙකකට පමණ පසු ඕනයාට මානසික රෝගක් හට ගෙන ඇත. දොස්තර රයිපාලගේ නිගමනය අනුව xxx ඌනතාවය නිසා මෙම අභාධය හටගෙන ඇත. රෝගයේ නම පො# සෝකෙ'.
@ පැණි දොඩම්
පව් දිවිය, ඌ මැරෙන්නේ ලේ විස වෙලා
@ ක්සැන්ඩර් | Xander
ගණන් ගන්න එපා, මට තේරුනා. අලුතින් මුකුත් ලියන නැද්ද?
@ ඉඳුනිල්
දීල තියෙන ලින්ක් එක වැඩ නැහැනෙ
@ kandyan, සඳරු,
ReplyDeleteඅපේ වෙලාව රෑ එකොළහත් පහුවෙලා, හෙට උත්තර ලියන්නන්, තරහ වෙන්නෙපා.
@ සඳරු,
අපේ වෙලාව රෑ එකොළහත් පහුවෙලා, හෙට උත්තර ලියන්නන්, තරහ වෙන්නෙපා.
ලින්ක් එක මේ පැත්තෙනම් වැඩ කරනවා. මේ ලින්ක් එක වැඩ කරයි.
ReplyDeletehttp://tinyurl.com/bpqxcly
ඔබා අයියෙ ,,අර ඇක්සිඩන්ට් වෙලා නැතිවුනා කිව්වෙ අපේ පල්ලාවලයාද ? අනේ ඒකා මගෙ ක්ලාස් මේට්නෙ..එතකොටත් මම මෙහෙ නිසා යන්න නම් වුනේ නෑ...
ReplyDelete1975 නැත්නම් 76 වගේ.. දිව්වෙ ඩීසල්ද අඟුරුද කියල නම් දන්නෙ නෑ ඔබා අයියෙ .. බොහෝම සුළු මතකයක් තියෙනවා..කෝච්චි බලන්න ගියා කියලා..අවු. 4ක් නැත්නම් 5ක් නෙ ඒ කාලෙ වයස !
ReplyDeleteබුන්ට සීයා බුදිද? අන්න චුටි මහත්තයා කියලා චන්ඩියෙක් වලව්වට ඇවිල්ලා බුන්ට සීයට සද්දයක් දාලා ගිහිං.....
ReplyDeleteඩොක්ටර් රයිපාල ඔබා අයියත් එක්ක "කේරි" කොලීජියෙ හිටිපොරක් වෙන්ටැ ????
ReplyDeleteප.ලි.
අයිය අහල තියනවද පරන කවියක් තියෙනව . . . "නොමග නොයන් පුතේ . . . නුඹට අතක් ඇතේ . . . " කියල . . .?????
හයියයියෝ... ෂොඳටම ප්‍රාක්කුයි....උත්තර දමාලත් ඉවරද කොහෙද...
ReplyDeleteඅපේ මහ ගෙදරත් තිබුණ අපේ සීය හොඳට පරෙස්සම් කරපු නවයුගය සඟරා මිටියක් පොතක් විදියට බැඳලා.... තවමත් තියෙනවද මන්දා....ඔය ඒ කාලෙ, ඒ කියන්නෙ පණස් ගණන්වල නවයුගයට කවි කතා ලියාපු විල්සන් (මතක හැටියට යූ.ඩබ්ලිව්. විල්සන්) කියල සර් කෙනෙක් අපි හයේ පන්තියෙ විතර ඉන්දැද්දි අපට සිංහල ඉගැන්නුවා... දැන් නම් එයා මිය ගිහින්... වයින් ස්ප්‍රීතු මාරයා.... හිකිස්...
නවයුගයේ තව නැගලා ගිය එකක් තමා 'බගලවතී ඉස්කෝලෙ හාමිනේගෙ' කතා.. මම ඔය ටික අන්තර්ජාලෙ හොයාගන්ට ෆුල් ට්‍රයි එකක් දුන්නා, ම්හු..
ReplyDeleteපලි: ඒක වෙන්ටැ එහෙනං ඕනයා මේ දවස්සොල 'හිතේ සවිය දෑතට ගෙන', හොඳ 'පඩි තකා' වැඩ කොරනවා කියන්නෙ.. :))
@ kandyan
ReplyDeleteමට මතක තිබ්බෙ ලන්දේසි සටන මං ඉස්කෝලෙ යනකාලේ ඒ කියන්නෙ 60 ගණන් වල ආව කියල.
@ හිස් අහස [සඳරු]
ඇඳුම් ගැන විස්තරයක් දෙන්න හිතා ඉන්නේ.
@ ලකී,
පල්ලාවල නෙමේ වාසගම ජයතිලක, වෙන කෙනෙක් වෙන්න ඕනෙ.
@ Weni,
ජෝ අබේවික්‍රමගේ ගමත් ඔය පැත්තේ නේද?
@ බුද්ධි
හ්ම්...හ්ම්....කිව්වට පස්සෙ ගිහින් බැලුව. ඕවට රිටර්න් හම්බ වෙන්න, ඉඩ කඩ නැතුවමත් නෙමේ කියල, හිතන්න අමාරු නැත්තෙමත් නෑ කියල, කියන්න බැරි කමකුත් නැත්තෙම නෑ.
@ ඕනයා
ඇය් බං උඹව කරෝල වාඩියට පිටුවහල් කන්න ටික කාලෙකට ඉස්සෙල්ල උඹේ වෘෂණ කෝෂ ඉවත් කරන්න සැත්කම කරපු ස්පෙෂලිස්ට් බොට ඔච්චර ඉක්මනට අමතක වුනාද? උඹේ ප.ලි.යට බුරා උත්තර දීල තියෙනව.
@ මියුරු,
පේර කන්න ගිහින්ද පරක්කු වුනේ? ඒ පැත්තෙ ගිහින් ආවෙ, ආයෙත් ඇවිල්ල යන්න එන්නං, ෆුට් මාර්ක් තියල නෙමේ ආවේ.
@ බුරා,
ඔව්....වොව්... ටී.ජී.ඩබ්.ද සිල්වා අමතක කරන්න පුළුවන් කතෘ කෙනෙක් නෙමේ, දැන් අවුරුද්දකට විතර ඉස්සර 'කතන්දර' සයිට් එකේ මහදැන මුත්තගේ ගෝලියෙකුට මං නමක් හැටියට 'බගලවතී' යෝජනා කලාම මට මතකයි බුරා ටී.ජී.ඩබ්.ද සිල්වා සිහිපත් කරපු එක.
@බුරතීනෝ:
ReplyDeleteමම නෑ නෙ ඔය "පඩි තකා", "පට්ටං තකා" වැඩ කරන්නෙ . . . මගෙ වැඩිම මනාපෙ තියෙන්නෙ "විනය තකා"වැඩ කරන්න
මසුරන් ඈ
ReplyDeleteඅතීතය ඔය ලෙසට ඔබගෙන් මිස වෙන කාගෙන්ද, කිම්ද යත් අපගේ අතීතය ඔබගේ තරම් මහළු නොවන බැවින් එහි රසයද ඔබගේ තරම් තීව්‍ර නැති බැවින්.......
ReplyDeleteඅහින්සක.......
පඳුර වටේ තලල ගහ උදුරන එකත් ලේසි වැඩේ. පඳුරටම නොතල වටේ තැලුවම ඔය ආපු කොමෙන්ට් වගේ පොඩි පොඩි සත්තු නිකම්ම එලියට පනිනවනෙ, ඉතින් දඩයමට අමතර වාසි.
ReplyDeleteපුංචි කෝච්චියෙ මම ආසම ඒකෙ මැදිරිය තව පොඩි වෙන වෙනම කූඩුවලටත් බෙදල තිබ්බනෙ. ඉතින් ෆුල් ප්‍රිවසි :D
@ ඉඳුනිල්,
ReplyDeleteපිළිතුරු පමා වුනාට සමා වෙන්න, අලුත් ලින්ක් එක වැඩ කළා, ඒ පින්තුරේ හැටියට ආයෙත් රේල් පාර දාන එක කතන්දරයක් විතරයි
@ වර්ණා,
තෑන්ක් යූ, පලවෙනි වතාවට ඊයෙ ඔයාගෙ සයිට් එකටත් ගිහින් බැලුව.
@ ඕනයා,
බොට ඉතින් බුරා උත්තර දෙන් නැතෑ .
@ අහිංසක,
කොහෙන්ද බන් ඒ පණ්ඩිත වාක්කිය උඹේ හිතට පහල වුනේ.
@ ඉන්දික,
මං පුංචි කෝච්චියේ ගිය පොඩි කාලේ, ප්ර්යිවෙසි එතරන් වැදගත් වුනේ නෑ මට.
ප්‍රයිවෙසි හොයන කාලෙ, අපි ඉස්කෝලේ ගිය 'අඟුර' නමින් හැඳින්වූ, ආදරණීය කෝච්චියෙත්, ඒ විදියෙම කොම්පාට්මන්ට්ස් තිබ්බ.
ඒ නිසා වඩා ඉක්මනින් යන 'පවර් සෙට්' එකට වඩා 'අඟුර' තමා අපිට හිතට ඇල්ලුවෙ
මට මතකයි අපේ ගෙදර ගොඩක් ගහල තිබ්බ නවයුගය සඟරාව. ඔකේ මම ආසාම කතාව ගමේ කොල්ලා.. ලිවුවේ කැප්පෙටියාගොඩ අමරලාල් එන් ගමගේ කියල මහත්තයෙක්.. මම සඟරා ඔක්කොම අරගෙන බිම ඉඳගෙන හැම එකේම ඔය කතාව කියවගෙන කියවගෙන ගියා. චරිතත් මට මතකයි.. ගුනදාසයි සිරිපාලයි.. හරිද ඔබෝ ? එතකොට තව එකක් තිබ්බ රසවාහිනී කියලත්.. ඔවුවගේ තිබ්බේ හරිම රසබර හරබර දේවල්.. දැන් එවුවගේ වගේ බහුබූත නෙවෙයි.. මන් අදත් ආසයි එවුවා හොයාගන්න පුළුවන් නම්..
ReplyDeleteපරණ පොස්ට් එකේ ඉතුරු හරිය ලියල ඉවර කරන්න ඕනේ.. කතා ගොඩයි වැඩත් ගොඩයි මේ දවස් ටිකේ. ඉයර් එන්ඩ් එකනේ ඔබා අය්යා..
ReplyDelete@ සරත් ලංකාප්‍රිය ,
ReplyDelete'ගමේ කොල්ලා' මේ පෝස්ට් එක ලියන ගමන් දහ අතේ කල්පනා කළා, ඔය කොටස් වශයෙන් ගිය කතාව මතක් කරන්න. ඔබීයි මායි ෆුල් ට්‍රයි එකක් දීලත් මතක් වුනේ කෙහෙල් කොට පාරුවෙන් ගං වතුරෙ පාරු පැදපු සීන් එහෙම, කතාවේ කෑලි මිස, කතාවේ නම නෙමේ.
බොක්කෙන්ම තෑන්ක් යූ, කතාවේ නම මතක් කලාට.
@ සරත් ලංකාප්‍රිය ,
'ගමේ කොල්ලා' මේ පෝස්ට් එක ලියන ගමන් දහ අතේ කල්පනා කළා, ඔය කොටස් වශයෙන් ගිය කතාව මතක් කරන්න. ඔබීයි මායි ෆුල් ට්‍රයි එකක් දීලත් මතක් වුනේ කෙහෙල් කොට පාරුවෙන් ගං වතුරෙ පාරු පැදපු සීන් එහෙම, කතාවේ කෑලි මිස, කතාවේ නම නෙමේ.
බොක්කෙන්ම තෑන්ක් යූ, කතාවේ නම මතක් කලාට.
මෙන්න ඕනය කරෝල වාඩියට ගිය හැටි
@ ක්සැන්ඩර් | Xander,
ReplyDeleteNo worries mate.
යකඩෝ මේ මොනවද
ReplyDeleteයන්නේ කොහෙද මල්ලෙ පොල්
@ itnishantha,
ReplyDeleteඅයි.ටී. කෂ්ටිය හරි නං කියන්න ඕනේ 'යන්නේ කොහෙද, මල්ලේ ලැප් ටොප් එක' කියල නේද? හෙහ්..හෙහ්..
ඔබා මාමා, නැන්ද නැති කාලෙ Kiss and Ride පාරක් දාන්න වගේ හදන්නේ.....
ReplyDeleteනැන්ද ශෝක් එකට ගෙදර ඉන්නව පුතා
ReplyDeleteපුංචි කෝච්චිය යයි හරි වේගෙන්
ReplyDeleteපැය හතරට එක සැතපුමෙ වේගෙන්
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්
දරුවෙක් බිහිවෙයි ඕපනායකින්!
෴චන්ද්‍ර අනගිරත්න෴
තවමත් පුංචි කෝච්චිය තුනේ පන්තියෙම තමයි ඉන්නෙ... හැබැයි ඉතින්
ගමනේ පොඩි ගතියකුත් තියෙනවා. මූනට මූණ බලාගෙන පැද්දි
පැද්දි යනකොට..