My followers

Tuesday 18 October 2011

පුඩිමක් හදන අලුත්ම විදියෙ රෙසිපියක්


"මාරයාගේ හෝරාව" මාර සරණිය කියල, කෑම හදන හැටි කියල දෙනව. "කතන්දර" බ්ලොග් එකෙත් ලඟදි කෑම ජාති කීපයක් හදන හැටි කියල දුන්න. මාත් කල්පනා කලා, කාලෙකට ඉස්සෙල්ල ඉගෙනගත්ත, පුඩිමක් හදන අලුත්ම විදියෙ රෙසිපියක් ඉදිරිපත් කරන්න.

අපේ අසල්වැසියො  කට්ටියක් එකතු වෙලා, පෝය දවසෙ පංසලේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලට, වෙනදට වඩා සුපිරි විදියට දානයක් පිරිනමන්න තීරණය කළා. හැම ගෙදරින්ම වගේ දානයේ වගකීම භාර ගත්ත. ඒ කියන්නෙ බත් ජාති කීපයක්, මාළු පිනි, අතුරුපස විතරක් නෙමේ, පිරිකර පවා එක එක ගෙදරින් භාරගත්ත. මම අඳුනන එක ගෙදරකින් භාර අරන් තිබුනෙ අතුරුපස සඳහා පුඩිමක්. දැන් ඔය පිරිකර ඇරෙන්න අනිත් හැම ජාතියක්ම ස්වාමීන් වහන්සේලට විතරක් නෙමේ දානෙට සම්භන්ද වෙන ඔක්කොටම ඇති වෙන්න පිළියෙළ කරන්න ඕනෙ. පුඩිම භාර ගත්ත ගෙදර නෝන මහත්තය කට්ටියටම ඇතිවෙන්න ලොකු පුඩිමක් කලින් දවසෙ හවසම හදල, ෆ්‍රිජ් එකේ දාල තිබ්බ. මේ පුඩිම හදපු රෙසිපිය මට කිව්වෙ, පුඩිම හදපු නෝනගෙ, මහත්තය.

දානෙ දවසෙ පුඩිමත් අරන් පන්සල් යන්න දෙන්න දෙමහල්ලො ලෑස්ති වුනා. දන්නවනෙ ඉතින්, යන්නෙ පන්සල් වුනත් කාන්තා පාර්ශවේට ගෙයින් එලියට බහින්න ලෑස්තිවෙන්න ගතවෙන කාලය, පුරුෂ පක්ෂෙට වඩා ටිකක් වැඩිය් කියල. මේ ගෙදරත් ඉතින් වෙනසක් නැහැ. මහත්තය කලිසමක්, කමිසයක් ඇඳගෙන රෙඩි වෙලා නෝන ලෑස්ති වෙලා එනකන්, මොකටද නිකරුනේ කාලෙ නාස්ති කරන්නෙ කියල, පත්තරේ දිග ඇරගත්ත. ඔය අතරෙ නෝන මහත්තය ලෑස්ති වෙලා ඇවිල්ල කලින් දවසෙ ෆ්‍රිජ් එකේ දැම්ම පුඩිම එලියට අරගන්නව, පත්තරේ බලමින් හිටියත් මහත්තයට දැනුන. සුළු වෙලාවක් නිශ්ශබ්දතාවයෙන් ගත වුනා. ඊට පස්සේ නෝන මහත්තය කා එක්කද ටෙලිෆෝන් සාකච්චාවක් පටන් ගත්ත. පන්සලට යන්න තව කාල වෙලාව ඇතිවෙන්න තිබුන නිසා මහත්තය ඒ ගැන වැඩිය කලබල වුනේ නැහැ.

පත්තරේ කියෝන මහත්තයට ඇහෙන්නෙ සාකච්චාවෙ එක පැත්තක් විතරය්. ඒත් තේරෙනව, නෝනගෙ සාකච්චාව යන්නෙ අසල්වැසි නෝන කෙනෙක් එක්ක කියලත්, කතා වෙන්නෙ වැරදිච්ච පුඩිමක් ගැන කියලත්, නෝනල දෙන්න හොයන්නෙ වැරදුනේ කොතනද, ඒක නිවැරදි කරන්න විදියක් තියෙනවද, ආදී කරුණු කියල. එක අවස්තාවක නෝන කියන්න පටන් ගත්ත, පුඩිම හදනකොට ඒකට පාවිච්චි කල දේවල්. මහත්තය සූප සාස්තරේ ගැන වැඩි යමක් දන්නෙ නැති වුනාට, පොරට තේරුනා නෝන පුඩිමට අත්‍යාවශ්‍යම අමු ද්‍රව්‍යයක් අමතක කරල කියල.

මේ යකාටත් කට පියාගෙන ඉන්න බැරි ලෙඩක් තියෙනවද කොහෙද. මෝඩය වගේ අහපි "ඉතින් ඕකට බිත්තර දැම්මෙ නැද්ද" කියල.

105 comments:

  1. පුඩිම අල්ලලා කටේ ඔබන්න ඇති....

    ReplyDelete
  2. @ ප්‍රසන්න86K,
    හරි නං දාන්න තිබ්බෙ මාළු ටැංකියෙ

    ReplyDelete
  3. ඔබා මහත්තය සර්ධාවන්ත බෞද්ධයෙක් වගේ බුදුසරණ බලනව නේ? ඕක ෆොටෝ එකට විතරද දන්නෑ!
    අර ෆෝන් එකේ ඉන්නේ එතකොට ඔබී නෝනද? (ඕක දාන්ඩ නිල අවසරයක් ගත්තද? නැත්තන් ඔබ‍ට බිත්තර නැති පුඩින් කවයි!)

    ReplyDelete
  4. හෆ්ෆට සිරි ! ඊට පස්සෙ දවස් ගනනක් මහත්තයා බත් කන්න ඇත්තෙ දත් නැතුව වෙන්න ඇති !

    ReplyDelete
  5. ඔබා අයිය බුදු සරණ කියවනවා.... අනේ සන්දුක්කාරේ.... අපි රැවටෙයි ඔව්වට... ඉතින් ඊට පස්සෙ දවස් කීයක් කඩෙන් කෑවද ඔබා අයියේ...

    ReplyDelete
  6. ඊට පස්සෙ එහාපැත්තෙ ටෙලිපෝන් එකේ හිටපු ගෑනු කෙනාට ඇහුනලු ඔබා අයිය යටිගිරියෙන් කෑගහන සද්දෙ.
    දානෙ එතනිංම ඉවරයි ලු.

    ReplyDelete
  7. නෑ ඉතිං ඊට පස්සේ

    ReplyDelete
  8. ඒ පුඩිමෙන් කමක් නැහැ..මට කියහංකෝ අයියේ උඹ දැන් ඔය බුදුසරණ පත්තරේ මැදින් තියාගෙන කියවන අනිත් පත්තරේ මොකක්ද කියලා..?

    ReplyDelete
  9. සිකේයියා! මං දැක්ක ගමන් අහන්ඩ ගිය දේ මාරයා අහලනෙ. පොටෝ එක ඔහොම්ම අනිත් පැත්ත හැරෙව්වනම් බලාගන්ට තිබ්බා හොඳ හොඳ සෙල්ලං.....

    ඒත් අපි සතුටු වෙන්ඩ ඔනා ඔබාමාමාගෙ අදර්ශයට. බලන්ඩ දෙන්නා දෙමහල්ලො ගෙදෙට්ට ගේන්නෙ බුදුසරණ පත්තරෙ. දෙන්නෙ දාන. කරන්නෙ පිං අතේ වැඩ.

    පොඩ්ඩක් ඉන්ඩකො කරුණු හොයා ගත්තැකි මේ පින්තුරේ විශ්ලේෂණය කරලා....

    ReplyDelete
  10. පුඩිම් කන්න ඇති ඊට පස්සෙ...

    ඇත්තටම ඔබා මාමමයි කියල කියන්න පුළුවන්ද ඉතිං... ඇත්තටම බුදු සරණ පත්තරේමටද කියෙව්වෙ...

    ReplyDelete
  11. කථාවට වඩා කමෙන්ට් එකක් දාන්න ඕන උඩම තියෙන පිංතුරෙට... නික්ම් මේ වගේ එකක් එකේ caption එක විදිහට දැම්මොත් කොහොමද ඔබා අන්කල්....

    හක්කෙ බුදුරැස්.. බොක්කෙ දඩමස්.....

    එහෙම නැත්නම්

    නම සිද්ධාර්ථ වැඩ අජාසත්ත....

    :P :P :P :D :D :D

    ReplyDelete
  12. මාරයගේ ප්‍රශ්නෙට උත්තරේ මටත් දැන ගන්න ඕනෙ.

    ReplyDelete
  13. මට පේන විදියට අර නරියගෙ කතාව වගේ මේකත් අර මොකක්ද වේලෙන්නත් කලින් මේ බුවා පත්තරේටත් දාල වගේ.
    henryblogwalker the Dude

    ReplyDelete
  14. Braking News...!

    ඉහලින් දක්වා ඇති බුදුසරණ පත්තරයක් අතින් ගෙන සිටින පින්තුරය සම්පූර්යෙන්ම සාවද්‍ය ඡායාරෑපයක් බවත්, එය පොටොෂොප් මුදෘකාංගය යොදා නැවත සකස් කළ එකක් බවත් දැනට කරගෙන යන පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

    මෙම ඡායාරෑපය නිර්මාණය කිරීම සඳහා යොදාගත් මුල් පින්තුරයේ ඔබා මහතා බලන්නෙ කිනම් දෙයක්දැයි ඉටිකිරිස් ලෙස පැහැදිලිව දක්නට තිබෙන අතර එය ප්‍රසිද්ධ කිරීම සඳහා නිසි බලධාරීන්ගේ අනුමැතිය ලැබෙන තෙක් බලාසිටින බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

    ReplyDelete
  15. Breaking News
    එම පත්තරය වැල පත්තරයක් වීමට බොහෝ ඉඩ ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසයි
    henryblogwalker the Dude

    ReplyDelete
  16. මෙම ඡායාරූපයේ ඉනෙන් පහල කොටසද ක්‍රොප් කර ඇත්තේ හිතාමතාම බව අපට මේ දැන් ලැබුනු ප්‍රවෘතියකින් හෙලිදරවු වුනා.
    henryblogwalker the Dude

    ReplyDelete
  17. දැන් 'බුදු සරණ' පත්තරෙත් කියවනවද?...:D

    ඔබා නෝනා නේ ෆෝන් එකේ ඉන්නේ. හරි හැඩයි.

    ReplyDelete
  18. " ඉතින් ඕකට බිත්තර දැම්මද... " හි ...හී...හී...ඔබා මාමා සුමානයක් යනකම් කනෙ පුළුන් ගහගෙනලු උන්නෙ...ඔබී බනින ඒවා ඇහෙන්නෙ නැති වෙන්න....."

    ඒකෙන් මේකෙන් වැඩක් නෑ..අර මාරයියට උත්තර දෙන්න වේවී

    ReplyDelete
  19. වැදගත්ම ප්‍රශ්නයට පිළිතුරු නැහැ ?

    ReplyDelete
  20. ඉහලින් දක්වා ඇති බුදුසරණ පත්තරයක් අතින් ගෙන සිටින පින්තුරය සම්පූර්යෙන්ම සාවද්‍ය ඡායාරෑපයක් බවත්, එය පොටොෂොප් මුදෘකාංගය යොදා නැවත සකස් කළ එකක් බවත් දැනට ඔප්පු වී හමාරයි.

    මෙම ඡායාරෑපය නිර්මාණය කිරීම සඳහා යොදාගත් මුල් පින්තුරයේ ඔබා මහතා බලන්නෙ කිනම් දෙයක්දැයි ඉටිකිරිස් ලෙස පැහැදිලිව දක්නට තිබෙන අතර, ඔබ පුල පුලා බලා සිටි එම ඔරිජිනල් පින්තුරය මෙම ලින්ක් එකෙන් නැරඹිය හැකියි.

    http://www.facebook.com/photo.php?fbid=289745627710662&set=a.189842527700973.45565.100000256806646&type=3&theater

    ReplyDelete
  21. ප්‍රශ්නේ මාරයා අහලනේ...
    බුදු සරණ ඇතුලේ තියෙන්නේ නව සරණ පත්තරේ නේ.. ඔය ඉන්නේ නෝනද ...? බලෙන් අරන් ඇව්ල්ලා වගේ... නැත්තන් මේ වගේ එකෙක් එක්ක ඒවීය...

    ReplyDelete
  22. ඔන්න ඊටපස්සෙ බිත්තර නැති පුඩිම ඔබා අයියගෙ තට්ටෙ දිගේ බේරුනාලු.. මල වෙඩිමයිලු.....

    X-Porter

    ReplyDelete
  23. මේ අවස්ථාවේ අර අතේ තිබ්බ පත්තේ පිළිබඳව විවිධාකාර වූ ප්‍රවෘත්ති මූණු පොතේ පැතිර යමින් පවතිනවා! :D

    ReplyDelete
  24. මට මැවිලා පේනවා බුදුසරණ පත්තරේ අතරින් පුඩිම බේරෙනවා... :)

    ReplyDelete
  25. බිත්තර දාන්න ඒ නෝනා කිකිළියෙක්ද මාමේ ?

    අහින්සක - අ.පේ.

    ReplyDelete
  26. @ පොත්ගුල්ලා,
    මං නං සැදැහැවත් බෞධයෙක් තමා. ඕනෙ නං ඔබී ගෙනුත් අහල බලතෑකි.

    @ වෙනි,
    ඒ මොකෝ බං එහෙම කිව්වේ?

    @ පිස්සා,
    පින්තුරේ ඉන්නේ මං කියලද හිතුවෙ?

    @ ප්‍රසන්න,
    භාසා තුනක් කලවන් වුනාම ඔහොම හිතෙනව...හික්z

    සී.ජේ.ගයාන්,
    ඉතිං කිතුල්..... හෙහ්...හෙහ්...හෙහ්...

    ReplyDelete
  27. ෂ: බුදුසරණ පත්තරේ ඇතුලෙ මොකක්ද කියල බලාගන්න තාක්ෂණයක් නෑනෙ. මොකද ඔය පත්තරේ බලන මහත්තය කියන දේවල්වල හැටියට බුදුසරණ පත්තරයක් අවුරුදු පනහකින්වත් බලන කෙනෙක් වෙන්න බෑ...:D
    නෝන නං දැක්කෙ අදමයි.

    ReplyDelete
  28. @ මාරයා,
    කෙහෙල් කොටුවෙ පොඩි එකා පහලින් කියල තියෙන්නෙ, උගෙන්ම අහගනින්...

    @ බුද්ධි,
    අර උඹ මුණු පොතේ දාල තියෙන ඒව ඔය මාරයවත් එක්කං ගිහින් පෙන්නහන්

    @ සාතන්,
    ඔබා මාම දැහැමෙන්, සෙමෙන්, ජීවත් වෙන මනුස්සය

    @ අභීත,
    පින්තුරෙ ඉන්න මනුස්සය දන්නව නං මේ බ්ලොග් එකේ ඒ අහිංසක මනුස්සය ගැන කියන දේවල්, පොර බෙල්ලෙ වැල දාගන්නව.

    @ වෙද ගෙදර මහ වෙදනා,
    අන්න බුද්ධිය පහලින් දාල තියෙනව මූණු පොතේ ලින්ක් එකක්, වේද මහත්මයත් ගිහින් බැලුවනං

    ReplyDelete
  29. ඉතින් ඕකට ඇත්තටම බිත්තර දාලා නැද්ද..? හික්ස්

    ReplyDelete
  30. කතාව කියවන්න ගත්තත් හරි , අර ඔබ්සර්වර් බුදුසරණ පත්තරේ බලන ෆොටෝ එක දැක්කම මට හිනාව නවත්ත ගන්න බැරි උනා!!!
    මොකෝ දන්නෑ එහෙම උනේ!:D :D

    ReplyDelete
  31. @ Dude,
    මේ..මේ..බයිල වැඩක් නැහැ, මගෙ ඊළඟ පෝස්ට් එකට චිත්‍රයක් ඇඳල දෙනවද? මං ඕනෙ කරන්නේ මොකද්ද කියල ඊයක් එවන්නං..

    @ බුද්ධි,
    කව්ද උඹේ නිසි බලධාරිය? මේරියන්ද?

    @Dude {again},
    බුද්ධියට මාව තනියම කාල ඉවර කරන්න බැරුව ඉන්නෙ, දැන් ඔය ඉන්නෙ "සහයට ඩෑනී" කෙනෙක්

    @ පොඩි කුමාරිහාමි,
    මම ඉතිං කවදටත් දැහැමෙන් තමා ජීවත් වෙන්නෙ, ගිය සතියෙ ලංකාවෙන් ආව කට්ටියක් එක්කගෙන "සර්පන්ටයින්" පන්සලටත් ගියා. අජාන් බ්‍රහ්මවන්සෝ හාමුදුරුවොත් හමු වුනා, පින්තුර ටිකකුත් ගත්ත බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතාගෙන.

    @ දිල්,
    මං වැරදිලාවත් කිව්වද ඕක වුනේ අපේ ගෙදර කියල....හික්z

    ReplyDelete
  32. හරි හරි මම විස්වාස කොරා ඕං ඔබා මාම බුදුසරණ පත්තරේම තමා කියෙව්වෙ කියලා....:P :D

    ReplyDelete
  33. හැබෑටම ඔබා මහත්තයෝ බිත්තර දාන්නැතිව පුඩින් හදන්න බැරිද?

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. නෑ ඉතින් පුඩින් හදපු පිඟාන මූනට වදින කොට මන් අනුමාන කලා දත් කීපයක් එක්කමයි පස්සෙ බිම මොප් කලේ කියලා !!
    ඔරිජිනල් ෆොටෝ එක වෙනස් කරලා මෙතන දමලා.. ආන්න ඒක අරෙහෙ මූනු පොතේ !
    ප.ලි - මීට පෙර කමෙන්ටුව අභ්‍යාස වචන රාශියක් තිබූ බැවින් මා විසින්ම මකා දමන ලදී.. හිකීස් !

    ReplyDelete
  36. ඔය පුඩිං වගේ දේවල් හදනකොට ගොඩක් වෙලාවට වරදිනවා. ඒ උනාට ඒක වෙනස් වෙනස් විදිහට කන්න පුළුවන්....!

    අපේ දුකාටත් ඔය වගේ අකරතැබ්බයක් උනානේ කාලෙකට ඉස්සෙල්ලා...!

    ReplyDelete
  37. @ චන්දික,
    මට නෙමේ නේද? කමක් නැහැ චන්දිකටත් එසේම වේවා....!!!

    @ ඉඳුනිල්,
    මොකද්ද අප්පේ ඒ තරං වැදගත් ප්‍රස්නෙ?

    @ බුද්ධි,
    හ්ම්...ඒ ලින්ක් එකෙන් ගිහින් මාත් බැලුව. "ප්ලේ බෝය්" කියන්නෙ ඇත්තට කියවන්න හොඳ නැති පත්තරයක් වත්ද? පින්තුරෙ අයිති කාරයාගෙන් අහන්න ඕනෙ මොකද්ද ඒ පත්තරේ කියල.

    @ මාතලං,
    ටෙලිෆෝන් කරන නෝනට, පින්තුරෙ ඉන්න මහත්තයත් එක්ක ගියාට නරකක් වෙලා නැතුව ඇති, කොහොමත් මං ඔය අනුන්ගෙ පවුල් වල අබ්යන්තර විස්තර හොයන්න යන් නැහැනේ.

    X-porter,
    අහිංසක මගෙ? මං මොන වැරද්දක් කොලාටද?

    ReplyDelete
  38. ඔබා අයියා,

    මේ බොක්කෙන්මයි කියන්නෙ. මම මේක දාන්න කලින් ඔබා අයියගෙන් ලිඛිත අවසරය ඉල්ලුවා. බොරුනං බලන්ට මේල් දෙකක්ම ඇති.

    මීට කලින් අපේ සහොදර පිරිසට මේ වගේ සුට්ටි විහිලු කරද්දිත් මම නිසි අවසරය අරං තමා ඒවා පබ්ලිෂ් කොලේ....

    ඒත් මේකෙ ගතිය යයි කියලා ඔබාමාමා මුකුත් කියන්ඩ කලින්ම දාලා දැම්මා. ඒත් මං බයේ හිටියෙ මාම මක්කවත් කියයිද කියලා...!

    ReplyDelete
  39. @ පූසා,
    පූසා බලාගෙන "වීදුරු ගෙවල්" වල ඉඳන් ගල් මුල් විසි කරන්නෙ.

    @ දිනේෂ්,
    දැන් ඔය බුද්ධිය කියන්නෙ ඒක "බුදු සරණ" පත්තරයක් නෙමේ කියල, අන්න ඌ දාල තියෙන ලින්ක් එකෙන් පොඩ්ඩක් ගිහින් බැලුව නං.

    @ අහිංසක,
    නෝනා කිකිලියෙක්ද කියල ඒ මහත්තයගෙන්ම තමා අහන්න වෙන්නෙ.

    "අහිංසක" නමින්ම කොමෙන්ට් කරනවා නං, කොමෙන්ට් බොක්ස් ඒක යට තියෙන Name/URL කියන තැනට ගිහින් "අහිංසක" කියන ඒක ගහල කොමෙන්ට් කරන්න. URL එකක් අත්‍යාවශ්‍ය නැහැ නමක් තිබුනම ඇති. එතකොට ඇනෝ නෑවිත් කෙලින්ම "අහිංසක" නමින්ම එතැකි. එහෙමත් නැත්තං ගුගල් ගිහින් ප්‍රොෆයිල් එකක් ඕපන් කරන්න. ඔයාගේ වර්ඩ් ප්‍රෙස් ප්‍රොෆයිල් එකෙනුත් කොමෙන්ට් කරන්න පුළුවන්.

    @ රාජ්,
    අන්න බුද්ධිය තාක්ශනේ පාවිච්චි කොරල. බුදු සරණට, අබ සරණය් දැන්.
    ඌ දීල තියෙන ලින්ක් එකෙන් ගිහින් බැලුව නං

    @ ලකී,
    නැහැ කියල තමා නිවුස් ඒක ආවෙ.

    @ මුහුදු කොල්ලකාරය,
    ඕකනෙ කියන්නෙ, හැමෝම හිතං ඉන්නෙ බුදුසරණ කියවන්නෙ මං කියල, මං කියෙව්ව නං කියවන්නෙ "ඔබ්සර්වර්" පත්තරේනේ

    ReplyDelete
  40. මම මේ කිසිම මඩක් පිලිගන්නෙ නැත. ඔබා මාමා යනු සද්ගුණවත් බෞද්ධයෙකි ..........

    මොකද ඔබා මාමේ හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා වන්දි ඉල්ලලා නඩුවක් දාමුද ........

    මේවා සහගහන අපරද .....

    ReplyDelete
  41. @ අවංක පැට්ටා,
    ඔබා මාම කියවන්නෙ "ඔබ්සර්වර්" පත්තරේ බන්ස්

    @ කැන්ඩියන්,
    මගෙ සුප සාස්ත්‍ර දැනුම බොහොම අල්පය්. ඔය පාන් ගෙඩියක් කපනව වගේ වැඩක් ඇරෙන්න, ඊට එහා වැඩ ගැන දැනුමක් නැති තරං. Mrs. කැන්ඩියන් ගෙන් පොඩ්ඩක් අහල බැලුව නං

    @ වෙනි,
    මේ දැන් ඕනය කිව්ව, වෙනියගේ බ්ලොගේ හොඳ කොමෙන්ට් එකක් දැම්ම කියල. මට නං තාම බලන්න යන්න බැරි වුනා. වෙනි aka ලියන්න ගැන තව ඕනෙ නැති කතා වගේකුත් නං කිව්ව, ඒව ප්‍රසිද්ද ස්ථාන වල ලියන්න කියන්න පුළුවන් ඒව නං නෙමේ

    @ දුමී,
    දුකාගේ කතාව දුකාම කියය්ද, දුමීට කියන්න වෙය්ද බ්ලොග් පෝස්ට් එකකින් වගේ අප්‍රසිද්ධියේ.

    @ බුද්ධි,
    සිංහලෙම්ම කිව්වොත් "නෝ වොරීස් මේට්" මේල් බලන්න බැරි වුනා හුඟ වෙලාවකින්, මේ වෙලාවෙ මං වැඩ, ඒ අස්සෙ තමා කොමෙන්ට් වලට කටඋත්තර දෙන්නෙත්, අලි මදිවට හරක් කියල ඕනයත් බැස්ස ඔස්ට්‍රේලියාවට (ස්කයිප් එකෙන්) හරක කිව්වේ ඕනයට හෙම නෙවි ඕන්.
    මං අර ලින්ක් ඒක කොමෙන්ට් කීපෙකම මතක් කළා කෂ්ටියට, මොකද පින්තුරෙ ඉන්නෙ මං නෙමේ හින්ද ඉතිං ප්‍රශ්නයක් නැහැනෙ.

    ReplyDelete
  42. මං වගේ බුදුසරණ නෙට් එකෙන් බැලුවා නං ඉවරනේ!
    http://www.lakehouse.lk/budusarana/

    ReplyDelete
  43. @ පන්සල් හන්දිය,
    සද්ගුණවත් බෞද්ධයෙක් හින්ද හොඳා, නැත්තං බුද්ධියා ඇතුළු සෙට් එකම අල්ලල, බර ගානක් වන්දි ඉල්ලල, අර ඇමෙරිකාවෙ එහෙම කියන විදියට "ක්ලාස් ඇක්ශන්" කියන ජාතියේ නඩුවක් දාන්න තිබ්බ. ඔන්න පන්සල් හන්දියට විතරය් තේරුනේ, මං ගැන.
    (මං නොදන්න පන්සල් හංදිය හුහ්...)

    @ ඕනයා,
    ලින්ක් එකෙන් ගිහින් බැලුව. නරක නැහැ.
    (දාපු කොමෙන්ට් එක හොඳටම ඇති, අර රත්ගම ගහල තියෙන බෝර්ඩ් එකේ තියෙනව වගේ කියන්නං - ආයෙ නාවට කමක් නැහැ)

    ReplyDelete
  44. @ කතන්දර Kathandara,

    මං ඒ මනුස්සය හම්බ වුනාම කියල, දීල තියෙන ලින්ක් එකත් දෙන්නං.

    ReplyDelete
  45. ඔය වයසට බුදුසරණ නොබලා වෙන මොන පත්තර බලන්නද මාමා නේද?
    මාමට බුදුසරණයි :)

    ReplyDelete
  46. biththara nodama haduwa pudima nam uparimai! man ahuwamai biththara nathi pudimak gana! eekath kamak ba! Fbukiye thiyana pic 1 nam maxxxx! :D :D :D :D oba maama nam hama masema gannawa wagee?? :D :D

    ReplyDelete
  47. ඔබා මාමා ඇත්තම කියන්න දවස් කීයක් කාරෙක ඇතුලේ නිදා ගන්න උනාද බිත්තර සිද්දියෙන් පස්සේ

    ReplyDelete
  48. කෝ ඉතින් රෙසිපිය .දැන් බුදුසරණ පත්තරේ විකිනෙනවලු හෝ ගාල . ඕගොල්ලෝ පත්තරේ ගෙන්න ගන්නේ තැපෑලෙන්ද . මේ දානෙත් අර පීසා දීපු පන්සලටම වෙන්න ඇති . ඔබා නෝනා සිරියාවයි කිව්වා කියන්න

    ReplyDelete
  49. අලුත් රෙසිපි අත්හදා බලන්න ඉස්සෙලම හාමුදුරුවන්ට වළඳන්න දෙන සිස්ටම් එකත් නරක නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
  50. @ නදී,
    අර බුද්ධිය කියන්නෙ මං බැලුවෙ වැල පත්තර කියල, ඒ වුනාට මගෙ වෙලාවට මං නෙමේ හන්ද හොඳා පින්තුරෙ හිටියෙ

    @ මාධව,
    ඔක්කොම කියෝ ගත්ත අර හැම මාසෙම ගන්නව කිව්වෙ මොනාද කියල නං තේරුනේ නැහැ පුතා

    @ Italy Dilan,
    ඇත්තම කියනවනං ඔබී හෙන ටොලරන්ට් හින්ද අපි දෙන්න අතරෙ වුනා නං, අපි දෙන්න හිනා වෙනවා සෑහෙන්න. වැඩේ වුනේ වෙන කෂ්ටියකට, එහෙ නං මොනා වුනාද දන්නෙ නැහැ, මහත්තය හරිම අහිංසකය වුනාට නෝන හෙන ඇරගන්ට්.

    @ Bindi,
    රෙසිපිය ඕනෙම නං අර නෝනගෙං අහල කියන්නං, හැබය් අහන්න ගිහිල්ල ගුටි කන්න වෙය්ද දන්නෙත් නැහැ.
    බුදුසරණ විතරක් නෙමේ හැම පත්තරයක්ම තැපෑලෙන් ගෙන්න ගන්න පුළුවන්, හැබය් දවස් හතරකින් විතර ලැබෙන්නෙ. ඊට වඩා ලේසියෙන් ඕනෙම ලංකාවේ පත්තරයක් ඔන් ලයින් බලන්න පුළුවන්.
    පත්තරේ නම ගුගල් වගේ සර්ච් ඇන්ජිමකට ගහල බලන්නකො.

    ReplyDelete
  51. @ Dude,
    අර බණ කතාවකත් කියන්නෙ මොනවද අල වගයක් ගෙදරක තම්බල, කනකොට කට කහනව කියල, ගෑනි විසි කොරන්න හදනකොට, මිනිහ කිව්වලු, අපරාදේ ඕක විසි කොරන්න එපා, තව ටිකකින් හාමුදුරුවො පිණ්ඩපාතෙ වඩිනව එතකොට පූජ කොරන්න කියල

    ReplyDelete
  52. අපි දැක්කා ඔබා අයියන්ඩි හොරෙන් බලන පත්තරේ මොකද්ද කියලා ඒක ක්‍රීඩා පත්තරයක් ප්ලේ කරන්නයි තියෙන්නේ

    පුඩිම කියන්නේ වටලප්පම වගේ ජාතියක් නේද ? අපේ නංගි දවසක් ඔය වගේ පුඩිමක් හදලා ඒක කාපු ගෙදර හැමෝටම බඩ ගියේ නැතැයි .එදා ඉඳන් මම පුඩිං කන්නේ නම් නෑ

    ReplyDelete
  53. ඔය බුද්ධියගේ බොරු.
    ඔබා මහත්තය ඇත්තටම බල බල ඉන්නේ බුදු සරණත් නෙමේ, සෙල්ලන් කොල්ලත් නෙමේ.

    රේස් කොලේ!

    ReplyDelete
  54. බ්ලොග් පෝස්ට් එකට වැඩිය ෆේමස් වෙලා තියෙන්නේ වැල ෆොටෝ එක වෙන්න ඇති... මම ආවෙත් වැල ෆොටෝ එකේ ලින්ක් එකකින්... :D

    ReplyDelete
  55. ඔබා අයිය මීට කලිනුත් කියල තිබ්බ ඔබා අයිය කාපු රසවත් ඔම්ලට් එකක් ගැන . . . . මෙන්න මෙතන . . . .!!!

    ප.ලි.
    බිත්තර දාන කතාව ඇහෙද්දි මට නිකමට හිතෙනව ඔබා අයිය කියන්නෙ "මගුල් කෑම" කතාවෙ හිටි නරියවත් ද කියල . . . .??? කිකිලියෙක් කසාද බැඳල තියෙන්නෙ කිවුවම එහෙම හිතෙන එක වැරදි නෑ මං හිතන්නෙ

    ReplyDelete
  56. ඇතුලෙ තියෙන්නෙ ප්ලේ බෝයි මැගසින් එකක්. ඒවයෙත් තියෙනවා හොඳ හොඳ පුඩින් වල පිංතූර.

    ReplyDelete
  57. පො.කු ගේ බ්ලොග් එකේ ඔබා අයියා කීව එකට මෙන්න උත්තරේ - //@ වෙනි,
    වන් ලාස්ට් ශොට් බිෆෝ ගොයින් ටු ස්ලීප්, කසාදයක් බැඳ ගනින් බං තව නාකි වෙන්න ඉස්සෙල්ල, අරහෙ ඕනය එහෙම උඹට වෙන කතා හදන්න පටං අරං//
    ඔය වෙන කතා ටික මටම කියපන්කො ඕනයා, මන් බ්ලොග් පෝස්ට් එකක් ලියන්නම්.. හොඳයිනෙ ඔබා අයියෙ කතා හදන එක ! අපිත් දෙමු අත හිත !
    කසාදයක් නම් බඳින්න කැමතී..ඒත් ඉන්න එක අයින් කරන්න කැමති නැහැ.මන් අවංක පැට්ටගෙන් වත් උදව් ගන්න කියල බැලුවෙ !

    ReplyDelete
  58. ඔබතුමා තාම යහතින් ඉන්නවද? දැන්වත් පාඩුවේ පත්තර කියවන්න පුරුදු වෙන්න අනුන්ගේ දේවල් වලල කණ නොදා... වයසට යනකොට ඕප දූප හොයන ගතිය වැඩි වෙනවද මන්දා! :D

    ReplyDelete
  59. කොහොම උනත් පත්තරේ කියවල තියෙන හැටි පේනවා දීල තියෙන උත්තරේ දැක්කාම.. පත්තරේ තිබ්බේ පුඩින් රෙසිපියද දන්නේ නැ.. මේක දැක්කම මගේ යාලුවෙකුට උන වැඩක් මතක් උනා. මගේ යාළුවා තව එක්කෙනෙක් එක්ක සෙට් වෙලා පිසා හදන්න පත්තරේ තිබ්බ රෙසිපියකුත් අරන් වැඩේට බැස්සලු.. ඉතින් ඕවගේ තියෙනවා නේ.. පිටි ටිකක් ගන්න... තෙල ටිකක් දාන්න.. ඊස්ට් එක පසකින් තබන්න.. ඔය වගේ දේවල්.. ඉතින් පිසා එක හදාගෙන කෑවටත් පස්සෙලු දැක්කේ.. පසෙකින් තබපු.. ඊස්ට් එක පසෙකින්ම තියෙනවා කියල.. රොටි ආකාරයට සාදාගත් පිසා පළමු වතාවට තමයි උන් දෙන්න එදා කාල තියෙන්නේ..

    ReplyDelete
  60. ශිහ් ... මං කලින් දාපු කොමෙන්ට් එකට මොකද උනේ??

    ReplyDelete
  61. දැන් ඔබා අයියට කටේ ඔබාගෙන කන්න පුඩින් හම්බවෙන්න ඇති නේ?

    ReplyDelete
  62. මගේ කමෙන්ට් එක:- ඔබී නෝනා හදලා තියෙන්නේ බවුද්ද පුඩිමක්නේ .. එහෙම නැතුව වැරදිලා වෙනද බැහැ. ඒ මොකද එතුමි බන බාවනා කරන සිල්වත් ඇත්තියක් හින්දා බිත්තර කඩලා පුඩින් හැදීම පවුකාර වැඩකි.
    අපේ හාමිනේ ප්‍රශ්න දෙකක් ඇහුවා.
    ඔබී නෝනා ගාන සබන් ජාතිය මොකක්ද ?
    ආච්චී කෙනෙක් කියල කිවුවාට මෙයා තරුණ උනේ කොහොමද ?
    ඔන්න බලමු.. මන් මෙහෙ ලෝකෝත්තර පැත්ත බලනකොට අපේ නෝනා ලවුකික දේ ගැනමනේ හිතුවේ..

    ReplyDelete
  63. ඔන්න අයියේ ඔය පින්තූරේ ඔරිජිනල් එක තිබුනා බුද්ධි ගාව... හික් හික්

    ReplyDelete
  64. අහ් මම දකිද්දි පරක්කු වෙලා නෙව.... හික් හික්

    ReplyDelete
  65. @ සඳරු,
    ක්‍රීඩකයා, ක්‍රීඩා පුවත් පතක්නෙ කියවන්නෙ, සඳරු ට විතරය් එක තේරුනේ.

    වටලප්පන් කියන්නෙ මං හිතන විදියට, බිත්තර සහ සීනි වෙනුවට බිත්තර සහ හකුරු හෝ පැණි දාල හදන පුඩිමක්.

    පව් නේද නංගිට.

    @ පොත් ගුල්ලා,
    රේස් කොලේ.... මොකද්ද ඒ?

    ඒකනෙ "වැල සම්තිං, වරක නතිං" කියල පුරාණ පඬිවරු කියල තියෙන්නෙ.

    @ ඕනයා,
    තෑන්ක් යූ, ලින්ක් එක දැම්මට. හොයාගෙන ගිහින් කියෙව්ව උඹ තව පොඩ්ඩෙන් කරෝල වාඩියට නොගියනන් අභිය එක්ක එකතු වෙලා කරන්න ගිය ජොබ් එක කරපු පොරක් තමා එකේ නං ඔම්ලට් එක රහ බලල තිබ්බෙ.

    නරියගෙ කතාව අහල නැහැ, ඒ නිසා ඒ ගැන කිසිවක් කිව නොහැක.

    @ නිහාල්,
    නිහාලුත් හොඳ හොඳ පුඩින් කන්න ආසය් කියල දන්නව. මට මතක් වෙන්නෙ අර ජොගින් යාම නවත්තල ගෙදරම ජොග් කරන්න මැෂින් එකක් තෑගි ලැබුන හැටි හික්z

    ReplyDelete
  66. ශුවර් එකට ඔය පුඩිම හදන හැටි ඉගෙන ගන්ට ඇත්තේ ටීවී එකේ යනකොට....නැත්තං ඔක වරදින්ට විදිහක් නැනොවැ...

    ReplyDelete
  67. @ Weni,
    ඉන්න එකක් ගැන නං නෙමේ ඌ කතා හදන්නෙ, ජයයගේ මොඩ්ල් එකද කියල තමා උගෙ කතාව නං.

    @ වජිරදේවි,
    අනේ මේක මං යාන්තං වත් සම්භන්ද කතාවක් නෙමේ, ඒ හස්බන්ඩ මට කියපු එකක්.

    වජිරදේවි ගේ බ්ලොග් එකක් තියෙනවද? මම ප්‍රොෆයිල් එක හරහා බ්ලොග් එකක් තියෙනවද බැලුව. ප්‍රොෆයිල් එක බ්ලොක් කරල තිබුන. බ්ලොග් එකක් තියෙනව නං ලින්ක් එක දෙනවද?

    @ වසුන්දරා,
    යීස්ට් වලින් වෙන්නෙ රොටිය පිපෙන එක විතරය්. සමහරු නං කැමති තුනී පීසා වලට. මෙහෙ පීසා ඕඩර් කරනකොට thin , thick හෝ medium කියල බේස් එක ඉල්ලන්න පුළුවන් තමන් කැමති ආකාරෙට

    @ ක්සැන්ඩර්,
    මම කොමෙන්ට් මොඩරේට් වෙන්න දාල නැහැ, එවෙලේම පබිලිස් වෙනව.

    @ ජය්යා,
    පලවෙනි කොමෙන්ට් එකට උත්තරේ "මාත් එහෙම තමා, දැහැමෙන් සෙමෙන් රජ කරන්නෙ"
    නෝනගේ ප්‍රශ්නෙට උත්තරේ "මගෙ ගානි ගාන්නේ සත පහේ බෝල සබන්"

    ReplyDelete
  68. This comment has been removed by the author.

    ReplyDelete
  69. @ පිස්සා,
    ඕක තමා අපායට ගියත් කලිං යන්න කියන්නෙ

    @ Raj, ඒ කතාව නං සැටිපිකේට් ට්රූ

    @ නලිනි චන්දිමා,
    මේකට ඉස්සෙල්ල පෝස්ට් එකත් බලන්න, ඒ කතාවෙ රඟපානව දොස්තර නෝනා කෙනෙකුත්.

    ඩොක්ටගෙ බ්ලොග් එකට මම ඊමේල් සබ්ස්ක්රිප්ෂන් එකක් දාල තියෙන්නෙ, ඒ වුනාට පෝස්ට් එකක් පබ්ලිෂ් වෙලා දවසකට විතර පස්සෙ ඊමේල් එක එන්නෙ. දැන් ටිකකට ඉස්සෙල්ල දැක්ක අලුත් පෝස්ට් එකක් දාල කියල, තාම කියවන්න නං බැරි වුනා.

    ReplyDelete
  70. @ නලිනි චන්දිමා,
    ඉස්සෙල්ල එක නෙමේ, සොරි, ඊටත් ඉස්සෙල්ල එක, "මොකද මචං වුනේ" කියන පෝස්ට් එක.

    ReplyDelete
  71. ආ .. එහෙම කතාවක්ද කිව්වෙ ??? මගෙ ඇඟේ ලේ නැතුව හිටියෙ මේකා වෙන මොනා හරි කුජීත කතාවක් කියලා මගේ ශ්‍රී නාමය කෙලසන්න හදනවයි කියලා !

    ReplyDelete
  72. @ Weni.
    "මගේ ශ්‍රී නාමය"

    Hikiz

    ReplyDelete
  73. මේ ලෝකෙ දෙකට් අනවන හැම පත්තරයක්ම එහෙ මෙහෙ අරං යන්න ලේසියට සාමාන්‍යයෙන් නවන්නෙ මුල පි‍ටුව උඩට එන්න. ඒත් මේ පත්තරේ නවල තියෙන්නෙ පිටිපස්සෙ තියන පින්තූරෙ ඉස්සරහට හිටින්න. දැං කිව්වනං බලන්න මොකෑ ඒ කියල ?

    ReplyDelete
  74. බොලේ අර බුද්ධි මහත්තයා දාපු පින්තූරෙ නේද ඔරිජිනල් එක? ඔබා මාමේ ඔව්වා හොඳ නෑ!

    ReplyDelete
  75. This comment has been removed by the author.

    ReplyDelete
  76. @ නවම්මාවත,
    මේක මළ කෙළියක්නෙ,ලේක් හවුස් කාරය පත්තර නවන හැටිත් මගෙ වැරැද්දද? හිකිz

    @ විසිතුරු,
    බෝ පැළයක් වගේ ඉන්න, ඇල් වතුරත් නිවල බොන, දැහැමෙන්, සෙමෙන්, ජීවත් වෙන අහිංසක ඔබාටත් මඩ ගහන එවුං කොය් වල යන්න හිතා ඉන්නවද මන්ද

    ReplyDelete
  77. This comment has been removed by the author.

    ReplyDelete
  78. //@ විසිතුරු,
    බෝ පැළයක් වගේ ඉන්න, ඇල් වතුරත් නිවල බොන, දැහැමෙන්, සෙමෙන්, ජීවත් වෙන අහිංසක ඔබාටත් මඩ ගහන එවුං කොය් වල යන්න හිතා ඉන්නවද මන්ද
    20 October 2011 20:10//

    ඔබා යන වලටමම තමයි . . . .

    ReplyDelete
  79. මට නම් තේරෙන්නෙ නෑ මේ කියන කතා වල ඇත්ත නැත්ත.....

    @ වජිරදේවි,
    අනේ මේක මං යාන්තං වත් සම්භන්ද කතාවක් නෙමේ, ඒ හස්බන්ඩ මට කියපු එකක්.



    @ නවම්මාවත,
    මේක මළ කෙළියක්නෙ,ලේක් හවුස් කාරය පත්තර නවන හැටිත් මගෙ වැරැද්දද? හිකිz

    ReplyDelete
  80. @ ඕනයා,
    පාන්දර එකට දෙකට නිදාගං නැතුව මක් කොරනවද බොල? බොටත් කියන්න තියෙන්නෙ ගිහින් චූ කොරල ඇවිත් නිදාගන් කියල තමා

    @ නිශ්,
    වජිර දේවිට කිව්වෙ සැටිපිකේට් ඇත්ත. මනුස්සයෙක් පත්තරයක් බලන පින්තුරයක් අමාරුවෙන් හොයාගෙන දැම්මෙ, ඒක ලේක් හවුස් පත්තරක් වුන එකය්, ඒක නමල තියෙන හැටිය් ගැන මං මක් කොරන්නද? මේ අවනඩු කාට කියන්නද?

    ReplyDelete
  81. මට පෙන්නේ මගේ බ්‍රවුසරේ අවුලක් වෙලා වගේ.. සමාව භාජෙනට දාල සොරි වෙන්න ඔබා අය්යේ..

    ReplyDelete
  82. ඔස්ට්‍රේලියාවෙ ඉතින් "බුදුසරණ" හොයනවට වඩා අරව හොයාගන්න කොහොමත් පහසු ඇතිනෙ...

    .................

    ඒක් නෙමෙයි ඔබා අයිය... මේ උදේ හවස ටෙම්ප්ලේට් එකත් එක්ක සෙල්ලම් දාන එක හොබි එකද...

    ReplyDelete
  83. @ ක්සැන්ඩර්,
    සමාව ඉල්ලුවෙ මොකක් ගැනද? ඔන්න කෝකටත් සමාව දැම්ම භාජනේකට.

    @ සපතේරු උන්නැහේ,
    අරව කිව්වෙ මොනවද මන්ද? "බුදුසරණ" නං ඔන් ලයින් බලන්න කතන්දරගෙ කොමෙන්ට් එකේ ලින්ක් එකක් තියෙනව.
    ටෙම්ප්ලේට් ගැන - තාම අලුත්නෙ, වඳුරට කණ්නාඩිය අහු වුනා වගේ තමා.

    ReplyDelete
  84. ඔබා මාමේ,

    ඔන්න උදේ මම ගියා මාලු ගන්ඩ. එහෙදි ඇත්තටම හිටියා තෝරබලයි කියලා මාලු ජාතියක්. වෙනස තමා බලයට වඩා තදයි. පාට රතු නෑ කලුයි. කරමල පෙන්නලා කිව්වා ඒ උන්ගෙ හැටිලු. පරණ වෙලා නෙමේයිලු.

    ඒත් මම හොඳට බැලුවා මේ රැවුල කපපු ගං කබරයි ද දන්නැ ඔබා මාම කිව්ව විදිහට කියලා. අද කිලෝ එකම 150/-යි. ඒත් මම කෝකටත් ගන්තෙ නෑ. මං ඒ මාලු නැන්දට කිව්වා "කෝකටත් මම ඔබා මාමගෙන් ඇත්ත නැත්ත අහලා ඇවිල්ලම ගඤ්ඤං කියලා."

    ReplyDelete
  85. @ බුද්ධි,
    තොර බලය් කියා මාළු ජාතියක් නොමැත, එය තනිකර බොරුවකි, ඔබාට කෙහෙල් කොටුවෙ පොඩි එකට දිය හැකි අවවාදය එපමණකි.

    ReplyDelete
  86. මළ කෙළියය්. මගේ මේ පෝස්ට් එකට ගිම්හානිගෙන් කොමෙන්ට් එකක් වැටී නැත.

    මේ පෝස්ට් එක, පරිප්පු නැති හෝටලයක්, එහෙමත් නැත්තන් බන්ඩෙක් නැති පොලිසියක් වගේ කියල හිතෙන තත්වයට පත් වී ඇත. ගිම්හානි තරහ වෙලාද ?

    ගිම්හානිගෙන් කොමෙන්ට් එකක් නැත්තන්, බ්ලොග් එක ලිවීමෙන් වැඩක් නැත. මං බ්ලොග් එක ලිවීම අත හැරියොත්, ඒකට වග කිව යුත්තේ ගිම්හානි මිස වෙන කිසිවෙකු නොවේ.

    ReplyDelete
  87. ඕක මොකක්ද ඔබා අයියා...බිත්තර නැති පුඩින් හදන රටනෙ...හික්ස්

    ReplyDelete
  88. පලමුවෙන්ම සමාවෙන සේක්වා සිත් රිදීමක් උනානම්...

    එහෙමත් තරහ වෙනවද ඔබා අය්යත් එක්ක. පසුගිය ටිකේ මම පොඩ්ඩක් බ්ලොග් අවකාශෙන් ඈත් වී සිටියා . බ්ලොග්ස් කීපයක් මිස් උනා. පසුව දැක්කත් පරක්කු වැඩි නිසා කොමෙන්ට් කලේ නෑ ..

    මගේ කොමෙන්ට්වල මෙච්චර වටිනාකමක් තියනවද අය්යෙ . මෙච්චර ප්‍රවීනයො කොමෙන්ට් දාල තියෙද්දී .. කොහොම උනත් ඔබ මට දක්වන හිතවත් භාවය මට මහ මෙරක් වගේ...

    අනෙ මගේ කොමෙන්ට් නෑ කියල බ්ලොග් ලිවීම අත්හරින්නනම් එපා ඔන්න හොඳේ .. හැකි සෑම අවස්ථවකම ඉන්නව ඔබ සමග..

    ජය වේව!

    ReplyDelete
  89. මොකක්ද ගිම්හානි මේ කල වැඩේ... ඔය කොමෙන්ට් එක නොදා හිටියනං කොයි තරං සෝක්ද අප්පා.. මේ වල් කතා කියන එක එතනින්වත් නවත්ත ගන්ට තිබුනා..සික්..ඔයා වැඩේ කෑවා..දැන් ඉතිං ආයෙත් හෙට උදේට මොනවා හරි වරත්තු කතාවකුත් එක්ක මේ හාදයා ආයෙමත් එනවා..ඔයා කල විනාසයක්...

    ReplyDelete
  90. උදේ පාන්දරම ගිම්හානි විසින් පුඩිමට බිත්තරයක් දමා ඇති සෙයකි..

    ReplyDelete
  91. ඊටපස්සේ හම්බවෙච්ච දඩුවම වෙන්න ඇති "බුදුසරණ" පත්තරේ කියවන එක... :D

    ReplyDelete
  92. ලකී,
    අදත් ගිහින් බැලුව, මොකද අලුත් පෝස්ට් නැත්තෙ?

    @ ගිම්හානි,
    සමාව කෙලින්ම භාජනේකට දමන ලදී. පරක්කු වෙලා හරි ගිම්හානිගේ කොමෙන්ට් එක හෙණට වටී. ඒ නිසා පරක්කු වුනත් කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපෝ......

    @ මාරයා,
    ඔව්...වොව් බොට අන්තිම පොස්ට් එක දාන්න පොයින්ට් එක දුන්න එකට සලකන හැටි තමා ඔය..."කෘතඥ වෙයන් කොළුවො....කෘතඥ වෙයන්" රොමාගෙ වාසනාවෙ කිව්ව වගේ.

    @ ඇනකොන්ඩා,
    ඇනකොන්ඩා කියන්නෙ අප්‍රිකාවෙ ඉන්න විසකුරු සර්පයෙක් කියලය් මං අහල තියෙන්නෙ.... මං හරිද?

    ReplyDelete
  93. @ Thaaraka Dilshaan,
    mokada bole gewal gaawama inna ekaa anthimatama koment koranne?

    ReplyDelete
  94. ඈහ්...මේ මොන හරුපයක්ද ?...මම බ්ලොග් ලියන්නෙ නෑනේ ඔබා අයියෙ...

    ReplyDelete
  95. ගණන් ගන්න එපා ලකී.. ඔහොම තමා දැන් වයර් මාරු වෙච්ච ගමන්ම තමා..:D:D:D

    ReplyDelete
  96. @ ලකී,
    එතකොට Lucky කියල බ්ලොග් එක ලියන්නෙ වෙන කව්රු හරි වෙන්නැති. සොරි ඩොට් කොම්

    @ මාරයා,
    ගිහින් චූ කරල නිදා ගනිං. දැන් රෑ වෙලා ....

    එක්කො උඹ වැඩ වෙන්නැති... පඩි පිට බ්ලොග් ලෝකෙ සැරිසරන්නෙ....

    P.S.
    අපිට කොහෙද ඔහොම බාප්පල?

    ReplyDelete
  97. සොරි වෙන්න ඕනේ ඔබා මාමේ.
    මේක දැක්කේ පරක්කු වෙලානේ....

    ReplyDelete
  98. ඔය පත්තරේ බලන කෙනාව හරියටම කවුද කියලා ඕනෙනම් හොයාගන්න පුලුවන් අර ෆොටෝ එකේ ඉන්න නෝනගේ හෝඩුවාවෙන්.කොහොමද මගේ රහස් පරික්ශක මොලේ!

    ReplyDelete
  99. @ තාරක ඩිල්ශාන්,
    කමක් නැහැ පුතා "Later is better than never" කියනවනෙ.

    @ Rajith ,
    මොලේ ගෙනිහින් දාන්න හිතෙනව ඇලේ.

    ReplyDelete
  100. yako biththara dana gahanu kenek mama ahuwe adayi

    ReplyDelete