My followers

Wednesday 5 October 2011

"බෝතල් දෙකක් ගෙනෙන් මචං..."

"තෝර බලය්" පෝස්ට් එකේ මාත් එක්ක රඟපෑව ඉන්දරේ මතකනෙ. අපි දෙන්න කුරුණෑගල ලංගම රාජකාරි කරන කාලේ, වෙන්ඩ මිසිස් ඉන්දරේ හිටියෙ මාතලේ, එයාලගෙ අක්කලගෙ ගෙදර. වෙන්ඩ නෑනය්, මස්සිනය්, දෙන්නම මාතලේ ආණ්ඩුවෙ කන්තෝරු දෙකක රාජකාරි කලේ. කට්ටියම පදිංචි වෙලා හිටියෙ, මස්සිනාට ආණ්ඩුවෙන් දීල තිබ්බ නිල නිවාසෙක.

මස්සිනා නාලක අය්ය, අපිට වඩා අවරුදු කීපයක් වැඩිමල්, දරුවෝ දෙන්නෙක් එවකට හිටපු තාත්ත කෙනෙක්. ඒ වුනාට, ඕනේ දේකට ඔට්ටු, දැන් කාලෙ ගැටවුන්ගෙ බාසාවෙන් කියනවා නං, "එල පොරක්". නෑනත්, අපරාදෙ කියන්න බැහැ, අපි ගියාම ටොප් එකට සළකනව. කෑම, බයිට්, එහෙම හදල දෙන්න කවදාවත් පස්ස ගැහුවෙ නැහැ. අපේ සෙට් එකත්, ඉඳල හිටලා, මාතලේ ගිහින් නයිටක් ගහන්න කවදාවත් අදිමදි කලේ නැහැ, අහන පරක්කුවට රෙඩී.

දැන් හරියටම හේතුව මතක නැහැ, මාතලේ ගෙදර කාගෙ හරි උපන් දිනේකට අපි සෙට් එකටත් ආරාධනාවක් ලැබුන, පාටියට.  කිසිම බරක්පතලක්, වග කීමක්, නැති ඒ කාලෙ, ඔහොම චෑන්ස් එකක් වැදුනම, හරියට ඉබ්බො ටික ඉස්කාගාරෙට අතහැරිය වගේ.   ලංගම වැඩ කරන අපිට, බස් එකේ යන්න සල්ලි යන එකක්යැ, වරුවක් නිමාඩු දැම්ම, විදගෙන ගියා මාතලේ.

මාතලෙන් බැස්සම තමා කට්ටියට මතක් වුනෙත් ඔන්න, පාටියකට හිස් අතින් යන එක හරි නැහැ කියල. තියෙන, තියෙන, විධියට සල්ලි එකතු කරල, වැඩේට හරියන තෑගිත් අරන්, මදි වුනොත් කියල, තව බෝතල් කීපෙකුත් මාතලේ ටවුමෙන්ම අරන්, ගියා නාලක අය්යලගෙ ගෙදෙට්ට.

ගියාම තමා දැක්කෙ, නාලක අය්ය කාරෙකකුත් අරන් කියල. නිල නිවාසෙ සයිඩ් එහෙක, කණු හතරක් හිටෝල, වහලෙට පොල් අතු හෙවිල්ලල, මඩුවක් ගහල, ලඟින් ගියොත් අපිවත් මළකඩ කන සයිස් එකේ, දඬු ෆෝර්ඩ් එකක්, පාක් කරලා තිබ්බ, බැබලි බැබලි.

අපි ඉතින් කාර් කට්ට ගැන වැඩිය හොයන්න, බලන්න, ගියෙ නැහැ. අපි යනකොටත් පාටියට සියලුම දේ සුදානන්. ඉන්දරේ ශේප් එකේ මල් කඩන අතරෙ, අනිත් කට්ටිය නාලක අය්යවත් පෙරදැරි කරගෙන, කෙලින්ම ආපු රාජකාරියට බැස්ස.

වැඩේ නැගලම යනව. ඉන්දරේත් මල් කඩන, අතරෙම හොරෙන් හොරෙන් වගේ දෙක තුනක් ඇනගත්ත. හැබය් ඉන්දරේ ටිකක් පරිස්සමෙන්, ගානට තමා බීගත්තෙ. මොකද තැනේ හැටියට කාඩ් කුඩු කරගෙනත් බැහැනෙ. ඉන්දරේ නාලක අය්යත් එක්ක වගේම, වෙන්ඩ නෑනත් එක්ක, ගෙදර පොඩි වුන් ටිකත් එක්ක, එහෙම චැට් දාගෙන ඉන්නවත්, දෘෂ්ටිපතේට අහු වුනා.

ඉන්දරේ තමන්ගේ කාඩ් එක ගැන සැලකිල්ලෙන් හිටියට, අනිත් එවුන්ට එහෙම ප්‍රශ්නයක් තිබ්බෙ නැහැනෙ. මොකෝ චරිත සහතික ගන්ඩ එහෙ ගියැය්.  නාලක අය්යත් ඇතුලුව සෙට් එකටම, ගානකට ඇවිල්ල, ටිකක් කරුවල වැටෙන වෙලාව වෙනකොට.  දන්නවනෙ ඉතිං, ඉස්සෙල්ල පටන් ගන්නෙ නැගල යන විදියෙ සින්දු වලින්. ටිකක් වෙලා යනකොට සින්දු වතුර, නැටුන් තෙල්, වලට හැරෙන අවස්ථාව වුනා.

මේ වෙනකොට අපේ සෙට් එකේ "කපටි විජේ" කියන සුරතල් නාමෙන් හැඳින්වුන එකෙක්, ටික ටික කොන්ට්‍රෝල් නැති තත්වෙටත් ඇවිල්ල. පොර හෙණ වේග රිද්ම නැටුම් ඉදිරිපත් කරනව විතරක් නෙමේ, පුටු වල එහෙම හැප්පිලා, විසික් වෙලා, වැටෙන්නත් යනව. සැරයක් දෙකක් වැටුනදත් කොහෙද. සැරයක් දෙකක් එලියට ගිහිල්ල කබරයත් ඇද්දලු. හැබය් පොර තව බොන එක නවත්තලත් නැහැ.

දැන් කපටි විජේ අනිත් එවුන්ටත් වාතෙ වෙලා. ඔහොම තව ටිකක් වෙලා යනකොට පොර නියමම ඔරිජිනල් වාතයක් වුනා. දැන් මූව නවත්තන්න බැහැ, අනිත් එවුන්ගෙ ඇඟේ හැප්පෙනව විතරක් නෙමේ, පොර ටෝක් ඉෂූ කරන්නත් පටන් අරන්, වලියටමය් එන්නෙ. මේ ඔක්කොම සීන් කෝන් අතර තුරේ හෙණ වැස්සකුත් පටන් ගත්ත.

මේ වෙලාවෙ ඉන්දරේ, නාලක අය්යගෙන් කාරෙකේ යතුර ඉල්ලගෙන, විජේට දුන්න සල්ලි කොළ වගේකුත් එක්ක. දීල කිව්ව "මචං බඩු ඉවරය්, තරහ නැතුව, ටවුමෙ ලිකර් ෂොප් එකට ගිහින් බෝතල් දෙකක් අරන් වරෙන්" කියල. විජය වැස්සේ තෙමීගෙනම දිව්වා මඩුවට, නැග්ග කාර් එකට.

අපේ සෙට් එකම හොල්මන් වෙලා, දැන් කටිං ලුකිං. එතකොට තමා, නාලක අය්යය්, ඉන්දරෙය් අපිට විස්තරේ කිව්වෙ. නාලක අය්යගෙ කාරෙක, හාෆ් ටර්න් ස්ටාර්ට්, හැබය් එන්ජිමේ රවුම් බාගයක් කැරකෙන කොට නෙමේ, මාතලේ ටවුම වටේ රවුම් බාගයක් තල්ලු කොලාම.  නාලක අය්යගෙ රාජකාරියට, ගමන් වියදන් හම්බවෙනවලු, හැබය් තමන්ගෙ වාහනේ නොම්මරේ අරව, මේව, බටා ෆෝර්ම් එකේ දාන්න ඕනෙලු. මේක දුවන්න ගත්තු කාරෙකක් නෙමේ, බටා ක්ලේම් කරන්න, නමට තියං ඉන්න ලදරමක්.

අපි ඉතිං රෑට කාල එහෙම සාලෙ පැදුරු එලාගෙන නිදා ගත්ත. කාර් එක ස්ටාර්ට් කොරන්න වලි කාල, බැරි තැන, විජයට වැස්සෙම ඩ්‍රයිවින් සීට් එකේ නින්ද ගිහින්.

73 comments:

  1. ඔය වගේ සොඳුරු අතීත සිදුවීම් විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ.....මතක් වෙනකොටත් පුදුම සතුටක් දැනෙන්නෙ.. නේද ඔබා අයියෙ..

    ReplyDelete
  2. හික් හික්..... :D සුපිරි..

    ReplyDelete
  3. වාහනේ ඉන්ගිරිස් අකුරු නම් සීට් බෙල්ට් දාලා යන්න ඔනේ හොඳේ. මගේ යාලුවෙක් ඉන්නවා ළඟදි දවසක දවල් වෙලාවේ පාටියකට ආවා පරණ් ඉන්ගිරිස් අකුරු තියෙන මයිනර් එකේ සීට් එකට තියල ලනුවක් ගැට ගහගෙන. පොර හෙන ආන්ඩූ විරෝධී. සරත් ෆොන්සේකාගේ කස්ටිය. සමාවෙන්න දැන් අපි දවල්ට තමයි බොන්නේ. රෑට ඇඳිරි නීතීය අපිම දාගෙන තියෙන්නේ. 7 වෙන කොට ගෙදර.

    ReplyDelete
  4. අනේ අම්මේ බීමක් නම් හෙන ගැහුවත් කමක් නැහැ ඔබා මාම එතන.. :)

    ReplyDelete
  5. දුවන්නේ නැති බව දැනගෙනත් යතුර දෙන්න ඇත්තේ මේ කරදරෙන් ගැලවෙන්න තමයි.. ඔය වගේ වාහනයක් අපේ ලොකු මචමා ගත්ත. ඕක ස්ටාට් කරන්න ලිවර් එකක් තියෙනවා. එක ඉස්සරහින් ඇතුල් කරලා හත් අට පාරක් ජවු වුව් වැවු වූ කළාම බ්රුම් ගාල ඉස්ටාට් වෙනවා. ඔකේ මයියන්ගනේ ගිහින් අපි නොමැරී බේරුනේ පරණ පිනකට. බ්රේක් නැති මගුල කන්දේදී පස්සට අදිනවා .. අපි බැහැල තල්ලු කරනවා. ඌ අපිව දාගෙන ගියේ තල්ලු කරන්න කියල අපි අක්කට හොඳටම බැන්නා..

    ReplyDelete
  6. ඉන්දරේට සෑහෙන්න ලකුණු වැටෙන්න ඇති මයෙහිතේ :D

    ReplyDelete
  7. ඔබා අයියල ඇතුලු කට්ටියට තිබුණනෙ විජේව දාගෙන මාතලේ ටවුමෙ ඕක තල්ලු කරන්න ආතල් එකටත් එක්ක.

    ReplyDelete
  8. 'අතිශෝක්‍යෙන්ම වැඩිහිටියන්ට පණමය්' මේ පෝස්ට් එකට යන්න බෑ :((

    ReplyDelete
  9. සනත් "විජේ"වර්දන නොහොත් කපටි විජේ කියන්නෙ ඉතිං අපි කවුරුත් දන්න කියන ආතල් කොල්ලෙක් නොවැ

    ReplyDelete
  10. අර කිව්වා වගේ නාලක අයියත් යතුර දෙන්න ඇත්තේ පාටිය හබක් කරන්න හිතාගෙනම වෙන්නැති. ඉන්දරේගේ මගුල කොහොම හරිගියාද කියලා තම්යි හිතාගන්න අමාරු. දවසක් ඔයවගේ බොන පාටියක් දාලා මගේ යාළුවෙකුගේ මගුලකටත් කෙලවුනා. හබයි ඌ දන් අපිට පිං දෙනවා ආගිය අතේ.

    ReplyDelete
  11. @ Chathuranga Jayawardana,
    ඒ පෝස්ට් එක ඉවත් කලා. අවශ්‍යම නං බලන්න මෙතනින්.

    ReplyDelete
  12. පිරිමින්ගේ වැඩ නම් අපට තේරෙන්නේ නැතෝ...කෝ අර පරන පොස්ට් එක?

    ReplyDelete
  13. අර ඕනය කියල තියෙන්න වගේ අපි නොදන්න 'විජේ' නොහොත් 'කපටි විජේ'. හෙහ් හෙහ්. කාර් එක ඇතුලෙ සීතල දැනුනෙ නැතෙයි?

    ReplyDelete
  14. ඒ විජේ හා මේ විජේ හැර වෙනත් විජේලා එසේ කරාවිද ?

    ReplyDelete
  15. පිරිමි තමා පිරිමි ඇත්තට.....හිනත් යනවා කරන වැඩ ඇහුවම..අනේ අනෙ ඔබා මාමා

    ReplyDelete
  16. පාටියට උන දෙයක්....

    ReplyDelete
  17. හික් හික් නියම කතාව

    ReplyDelete
  18. ඕනයා අයියා ගේ කමෙන්ට් එකත් සමග 100% මා එකඟයි... ලොල්

    ReplyDelete
  19. ඔබාට වෙච්ච දෙයක් ලීවද මන්දා ඉන්දරේට වුණා කියලා .. ඔබා මාමත් එක්ක බෝතලේකට සෙට් වුණා නම් මේ කතාවේ ඇත්ත නැත්ත මට හරියටම දැනකියාගත හැකිය .

    කාරෙකේ උන්නේ ඉන්දරේද ඔබාද යන වග ටක්කෙටම කිව හැකිය

    ReplyDelete
  20. All the roads lead to Rome.
    හැම කුණු ගොඩක්ම බේරුවල් බොක්කට.
    තව වෙන මොනවද?
    ඔබා අයියගෙ කොයි කතාවත් ඉවරවෙන්නෙ බෝතලයක් ලඟින්.

    henryblogwalker the Dude

    ReplyDelete
  21. @ඕනයා සහ අනෙක් අයට
    ඔව් ඔව් අපිත් දන්නා කියන සනත් විජේවර්ධන කෙනෙක් ඉන්නවා. එත් ඉතින් පොර නං ඔය පාඩුවේ බ්ලොග් එකක් ලියාගෙන, අනුන්ගේ බ්ලොග් වල කමෙන්ට් එකක් දාගෙන ආතල් එකේ ඉන්න බුවෙක්. පොර නං කපටි විජේ වෙන්ඩ බැහැ, නේද ඔබා අයියේ?

    ReplyDelete
  22. සියල්ල වෙනස් වන ලෝකේ නොවෙනස් එකම දෙය බෝතලයයි කිව්වලු. අද බොන පාටියක හා මේ පාටියේ කිසිම වෙනසක් නොදැනේ.

    ඔබා මේක ලෙසටම ලියා ඇත. වෙනම චිත්ත රූප අනවශ්‍යය, අකුරු වලින් ඇඳ ඇත.

    ReplyDelete
  23. මොනවා උනත් විජේට දීලා තියෙනේ මාරම වැඩේ.. අනිතිමට වෙරි හිදිලා මහන්සියටම වෙන්න ඇති නින්ද යන්න ඇත්තේ???

    ReplyDelete
  24. නියමයි ඔබා මාමෙ අපිටත් ඔය වගේ ට්‍රික්ස් සෑහෙන්ට ඕන වෙලා තියනව නොවැ. අපිත් දැන් පහුකරන්නෙ ඔබා මාම ඔය සීන් එක උන කාලෙ හිටිය වයසනෙ. ගුරු මුට්ටිය තියාගන්නැතිව මුට්ටියෙ සේරම බෙදන්න ඕන හොඳේ!!!
    -බුදියා-

    ReplyDelete
  25. ලෝකයා මොන කතන්දර කිව්වත්..ඇයි අපිට හිතෙන්නෙ මේක ඔබා අයියටම උනා කියල ?

    ReplyDelete
  26. /අපි ඉතිං රෑට කාල එහෙම සාලෙ පැදුරු එලාගෙන නිදා ගත්ත/ මේ මයේ හිතේ වෙන දවසක කොටසක් ...... කපටි කම නම් එහෙමටම තියනවා.....

    ReplyDelete
  27. @අවංක පැට්ටා:
    උඹ වල්ගෙ පාගගෙන වගේ . . .

    @වෙනී:
    මගෙ කොමෙන්ට් එක කියවල ආයෙත් හිතපං

    ReplyDelete
  28. ඔහොම තමයි අමතක වෙලා විජේ කියලම ලියවුනා නේද ? :D

    ReplyDelete
  29. @හරී:
    කට බොරු කීවට දිව බොරු කියන්නෙ නෑ කියල කවුදෝ කියලතියනව නේද ?

    ReplyDelete
  30. අපිත් නං බීල ගත්තු ආතල් ඒමට ඇති.. ලියන්නම්කො වෙලාවල් බලලා.. අර කපටි විජේ හිතූ තරම් කපටි නෑ වගේ.. උට වඩා කපටියෝ ඉන්නවනේ බැලුවම..

    ReplyDelete
  31. @ uwiniran
    කියල වැඩක් නැහැ uniwaran

    @ අභීත,
    තෑන්ක් යූ

    @ මාතලන්,
    මං ඉන්න ස්ටේට් එකේ 1970 න් ඉස්සෙල්ල වාහන වල සීට් බෙල්ට් අත්‍යාවශ්‍ය නැහැ කියල මම හිතන්නෙ. ඒත්, ඒ වගේ වින්ටේජ් වාහන ආසාවට වගේ දුවන අයත් සීට් බෙල්ට් හය් කර ගන්නව. ලංකාවෙ කොය් අවුරුද්දෙ ඉඳල වාහන වලටද සීට් බෙල්ට් අනිවාර්ය?

    අර දාගෙන ඉන්න ඇඳිරි නීතියට හේතුව?

    @ පැට්ටා,
    ඒ කාලෙ නං එහෙමය්, දැන් "මට මහළු වයසේ, බැරිය වෙණ ගායනා පෙරසේ" කියාගෙන ශේප් වෙලා ඉන්නව...හිකිස්....

    @ සරත් ලංකාප්‍රිය,
    ඒක ඇහුවම මතක් වුනා,"සප්ත්‍ය කන්‍යා" කඳු මුදුනෙ හැප්පුන "මාටින් එයාර්" ඩී.සී.8 ගුවන් යන්තරේ බලන්න තනි රෝදෙට බ්රේක් තිබ්බ "වෝක්සෝල් වෙලොක්ස්" එකකින් අපි දහ දෙනෙක් විතර ගිය ගමනක්. එදත් පුරුවේ වාසනාවකට තමා ආපහු ආවේ.

    ReplyDelete
  32. @ පුසා,
    නැතුව...නැතුව....දැන් ඒ ජෝඩුවත්, මිනිපිරියකගේ සුරතල් බලන නාකි ජෝඩුවක්, මං ඉන්න පලාතෙමය් ඉන්නෙ.

    @ ප්‍රසන්න,
    වැස්ස තිබ්බෙ නැත්තං, අපිට තිබුන පිස්සු වල හැටියට ඒකත් කරන්න සෑහෙන්න ඉඩ තිබුන.

    @ චතුරංග,
    තෑන්ක් යූ කොමෙන්ට් කලාට.
    ඔයාට කලින්ම උත්තර දුන්න, ඒ ලින්ක් එකෙන් ගිහින් කතාව කියෙව්වද?

    @ ඕනමැන්ටලයා,
    පල පල යන්න

    @ kandyan,
    නැහැ..නැහැ...නාලක අය්ය නියම ජොලි පොරක්, ඉන්දරේගෙ ප්ලෑන් එකට, විජයව ශේප් කරන්න එහෙම කලේ (ඒකෙන් ඉන්දරේ තව ටිකක් ලකුණු දාගත්ත) කලින් කොමෙන්ට් එකකටත් උත්තරේට කිව්ව වගේ, ඉන්දරේ සහ බිරිඳ, මුනුපුරු හුරතල් බලන නාකි ජෝඩුවක් දැන්, මං ඉන්න පලාතෙමය් ඉන්නෙ.
    "හබයි ඌ දන් අපිට පිං දෙනවා ආගිය අතේ" sic කැන්ඩියන්ගෙ යාළුවා වාතෙකට කර තියන්න ගිහින් යාන්තන් ශේප් වෙලා වගේ.

    ReplyDelete
  33. @ පොඩි කුමාරිහාමි,
    හරියට ගෑනුන්ගේ වැඩ, ගෑනුන්ටවත් තේරෙනව වගේ ...හික්ස්....ඔයා පෝස්ට් ඒක කියෙව්වෙ නැහැ, හෙන්රිගේ චිත්‍රෙ විතරය් බැලුවෙ කිව්ව හිංද, ගෑනු ළමයින්ට අල්ලන්නෙ නැතුව ඇති කියල පෝස්ට් එක මකලම දැම්ම.

    @ මුහුදු කොල්ලකාරයා,
    මං නම් නෙමේ කාරෙක ඇතුලෙ හිටියෙ, හැබය් ඒ කාලෙ මාතලේ නෙමේ හපුතලේ බණ්ඩාරවෙල පැත්තෙත්, ස්වෙටර් නැතුව ඉන්න පුළුවන්

    @ ඉඳුනිල්,
    "පොඩි විජේ" ගැන අහල නැද්ද? පොර ගැන ඒ කාලෙ පික්චර් එහෙකුත් ගහල තිබ්බ වගේ මතක. එතකොට විජේ කුමාරනතුංග.....හික්ස්...

    @ දිල්,
    ඉන්ඩකො ගෑණු කොරන වැඩ ගැනත් පෝස්ට් එකක් දාන්න. වැඩේ කොරේ ඔබී, ඒ නිසා ලියන්න වෙන්නේ හොරෙන්

    @ prasanna86k,
    පාටියට ඇත්තටම අස්පෙට් එකක් වුනේ නැහැ, හැබය් කට්ටිය එකතු වුනාම මතක් කරලා හිනාවෙන්න දෙයක් ඉතුරු වුනා. ලඟදි ඉන්දරේ හමු වුන වෙලාවක ඔයා කතාව මතක් කලා, එකය් ලියල දාන්න හිතුනෙ.

    ReplyDelete
  34. හික්ස්!මොනා උනත් ඔබා මාමා කෙලින්ලු !නේද මාමේ? :)

    ReplyDelete
  35. "බටා ක්ලේ කරන්න කාරෙක ගත්තෙ" මේක හොඳ අදහස්ක්නෙ ඔබාම. අපේ හාමිනේටත් පරණ කාර් කට්ටක් අරන් දුන්නනම් උන්දැගෙ ට්‍රාන්ස්පෝර්ට් එලවන්ස් ලැබෙයිද කියල හොයල බලන්න ඕන.

    ස්ටර්ට් උනානම් මිනිහ තාම කුරුණෑගල පැත්තට පෙරළි පෙරළි ඉඳියි..හික්ස්..

    ReplyDelete
  36. කොමෙන්ට් වලට උත්තර ලියල හති, හෙට උදේට ඉතුරු හ‍රිය....

    ReplyDelete
  37. මාර සීන් එක නේ.... බොන්ට ගියාම වෙන දේවල්....

    ReplyDelete
  38. @ Kasun Nadeeshana,
    බෝම ස්තුතිය්, කතාව එන්ජෝය් කළා කියල හිතෙනවා. වයසක මිනිස්සුන්ගේ පරණ කතා....හික්ස්...

    @ පැට්ටා,
    හා...හා...උඹත් ඉතිං ඕනයටම දෙන්න ලෑස්ති වෙලා ඉන්න එකානේ හෙ..හෙ..

    @ සඳරු,
    හිටපන්කො ඇත්තමය් ඔය පොඩි කුමාරිහාමි කිව්ව වගේ නෙමේ ඊළඟ පාර ලංකාවට ආවාම ෂුවර් එකටම ඔහේ එනවා.

    @ හෙන්රි ද ඩූඩ්,
    මේ කතාව කියවල බැලුවනං,මේ කතාව කියවල බැලුවනං ඒක බෝතලේකින් ඉවර වෙන්නෙ නැති ආදර්ශයක් ගත හැකි කතාවක්.

    ReplyDelete
  39. @ පොත් ගුල්ලා,
    ඕනයා, පැට්ටා, ඇතුළු මඩ සංගමේ කෂ්ටිය. මෙන්න යමක් කොමක් තේරෙන මනුස්සයෙක් කියන දෙයක්. කන් උල් කොරල අහගනියව්.

    ReplyDelete
  40. @ සුජීව කොකාවල,
    සුජීව ඇතුලු කීප දෙනෙක් මම දැක්ක, ඇත්තටම වචන වලින්, චිත්‍ර අඳිනව, සිංහලෙන් විතරක් නෙමේ ඉංග්‍රීසියෙනුත්. (මම කතා කරන්නෙ සිංහල බ්ලොග් ලෝකෙ ගැන.)
    මම වචන වලින් චිත්‍ර අඳින කට්ටියට, කිට්ටු කරන්නවත් බැරි කෙනෙක් සුජීව.

    කොහොම වුනත් ප්‍රශංසනාත්මක සටහනට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනව.

    ReplyDelete
  41. @ Dinesh,
    වෙරි හිඳිල නෙමේ වෙරි වැඩි කොමට නින්ද යන්න ඇති මගේ හිතේ...හික්ස්...

    @ බුදියා,
    අන්න අන්තිම පේලියෙ දාල ඇති, ආදර්ශමත් කතාවක් ඇය් පනින්න ඉස්සෙල්ල හිතන්න ඕනෙ කියල. හෙන්රිට දුන්න උත්තර කොමෙන්ට් එකේ ලින්ක් එක තියෙනව.

    @ Weni,
    ඒ ඕනය, පැට්ට, උඹ එහෙම එකට බොන බේබද්දෝ හිංද

    @ Tanikada ,
    හික්ස්...ඒ මොකද එහෙම හිතුනෙ?

    @ ඕනයා,
    ඔය වෙනියට දුන්න පිළිතුර කියෝල, දැන් වත් බේබදුකොම අතහැරල මනුස්සයෙක් වෙන්න බලහං....

    ReplyDelete
  42. @ හරී-පිනිපලස,
    ඒ විජේ, මේ විජේ, හැර තවත් විජේලා ඇත. එහෙත් "පිනිපලස්" ඇත්තේ එකක් පමණි. එබැවින් වැරදිලාවත් කටවරද්දා නොගැනීමට ප්‍රවේශම් විය යුතුය්.
    (දවසේ අවවාදය)

    @ ඕනයා,
    බොට කීමට ඇති දේ මෙතන කිය නොහැක, අලුත් දුරකථන අංකෙ ඊයකින් එව්වොත් කන පුරා දිය හැක

    @ Xander,
    ඉන්දරේට ඒ කාලේ කියන්නේ, "පඬිතුමා" කියල. (ඒ කාලේ මිහිර පත්තරේ චිත්‍ර කතාවක හිටිය චරිතයක්)

    ReplyDelete
  43. @ Sabith,
    වැටිච්ච වෙලාවලුත් තියෙනව, දැනටත් ලියපු කතා වලින්, ටිකක් විතර කාර්ඩ් එක සවුත්තු වෙලා හිංද, ඒව ටිකක් කල් ඇරල ලියන්න ඕනෙ, දැනට ඔය පන්සල් ගිය කතාවක් වගේ එකක් ලියල...හික්ස්......

    @ ඉන්දික උපශාන්ත,
    දුවන කාර් එකක් වෙන්නම ඕනෙ නැහැ, නොම්මරේ විතරක් තිබුනත් ඇති....හෙහ්..හෙහ්..හෙහ්...

    ReplyDelete
  44. @ හරී-පිනිපලස,
    මේ කාන්තා පක්ෂෙට දිවැස් තියෙනවද මංද?

    @ Anonymous,
    කව්ද මේ ඇනෝ, හිනාවෙන් හිතෙනවා අන්තිම පේලියෙ එක්කෙනෙක් වත්ද කියල. තෑන්ක් යූ ගොඩවුනාට.

    @ ඔබ නොදු‍ටු ලොවක්,
    එකනේ දැන් බීම නවත්තන්න කියල හිතං ඉන්නෙ....හික්ස්....

    ReplyDelete
  45. ඔබා කොහෙද බෝතලයක් එතන..... :D

    ReplyDelete
  46. @Observer
    ඔව් ඔව් අනිවා . මම ගොඩක් කැමතිය් වයසක අයගේ පරණ කතා වලට :D දිගටම ලියන්න

    ReplyDelete
  47. @ තාරක,
    අවවාදයය්...!!!
    මනුස්සයො, බෝතල් එන්ජෝය් කොලාට කමක් නැහැ, බෝතලේට, මනුස්සයව එන්ජෝය් කොරන්න විතරක් දෙන්න එපා.

    @ Kasun Nadeeshana ,
    තෑන්ක් යූ, මතක් වෙන, මතක් වෙන, විධියට ලියන්න බලන්නං

    ReplyDelete
  48. මදෑ ඔයින් ගියා අතක් පයක් නොකැඩී...... ඔය වගේ කස්ටිය වාත වෙලා අත පය කඩා ගත්ත අවස්ථා තියනවා නොවෑ........... බැරි බැරි ගාතේ මොකටද බොනවද මන්දා දහජරාව.... හික්ස්........

    ReplyDelete
  49. හපොයි අහිංසකයට අඹරල නේද ගුලිය හික් හික්

    ReplyDelete
  50. ඔබ තුමාගේ බ්ලොග් එකට ආවේ අදයි. රස කතා අපමණයි. දිගටම ලියන්න!

    ReplyDelete
  51. කපටි විජේ! මොන කපටියෙක්ද මේ! අහුවුනේ නියමෙටම!

    ReplyDelete
  52. @ ගොඩයා,
    බොන එව්වො නං කියන්නෙ හරි අමාරුවෙන් පුරුදු වුනේ, මුලදි හෙණ ජරා රහය් එහෙම කියල

    @ Outsider,
    ඉන්දරේට ඉස්සර කියන්නෙ "පඬිතුමා" කියල, ඒ කාලෙ මිහිර පත්තරේ චිත්‍ර කතාවක චරිතයක් ඇසුරෙන් නම වැටිල තිබුනෙ

    @ dawkinssdodo
    තෑන්ක් යූ ආවට මේ පැත්තේ, මතක් වෙන, මතක් වෙන, හැටියට ලියන්නං

    @ විසිතුරු,
    මේකනේ ඌට ඒ කාර්ඩ් එක හැදුවෙත් මට මතක විදියට ඊට වඩා කපටියෙක්, කව්රුත් නෙමේ ඉන්දරේ .

    ReplyDelete
  53. සොඳුරු සිතේ කොපි කරන්න බැරි වූ ලින්ක් එක:

    http://www.infolanka.com/miyuru_gee/seventy/s112.ram

    ReplyDelete
  54. අප්පෝ අප්පෝ... එච්චර පොඩි නෑ ඔබ අය්යේ.. මම දන්නවා ඔය මිහිර පත්තරේ... අපි පොඩිකාලේ තිබ්බා ඕක.. පඬිතුමා යෝධ මලයා එහෙමත් ඉන්නවා නේද ඕකේ?

    ReplyDelete
  55. ඇඩෙනවා.බීපු වෙලාවට කරන පිස්සු වැඩ නම් කියලා වැඩක් නෑ :D

    අපෙත් ඔය වගේ කාර් එකක් තිබිලා ලගදි විකුණුවා.පරණ කාර් එකක් හින්දා හිතුවෙ කවුරුත් ගන්න එකක් නෑ කියලා.කෝකටත් ඔටෝමාට් එකේ ඇඩ් එකක් එහෙම දාලා ටික කාලයක් හිටියා.
    අලුත් කාර් එකක් විකුණන්න දැම්මට වඩා කෝල් එන්න ගත්තෙ නැතැයි.බැරිම නම් කාටහරි නිකන් දෙන්න කියලා හිටියේ............

    ReplyDelete
  56. @ ඔබා මාම සහ පොත් ගුල්ලා... හෙහ් හෙහ් අපි නොදන්න විජේ.... සයිබර් අවකාසේ කුනුහරුප සංස්ථාව.. හික් හික් හික්.. මල් වන් අපි වගේ ළමයි නරක් වෙනව. :P :P :P

    ReplyDelete
  57. @ ගල්මල්-කොරල්,
    හාර්ට් එකේ බොටම් එකෙන්ම ස්තුතිය්

    @ ක්සැන්ඩර්,
    අපි පොඩි කාලෙත් ගියා ඒ කාටුන්, මට මතකවිදියට් එස්. ඒ. දිසානායක කියල කෙනෙක් ඇන්දෙ.

    @ රජිත්,
    දැන් පරණ කාර් වලට වින්ටේජ් කාර් හැටියට වටිනාකමක් තියෙනවා.දුවන්න පුළුවන් එකක්ද ,මොන අව්රුද්දෙ නිස්පාදනේ කල එකක්ද, ජාතිය මොකද්ද?

    ReplyDelete
  58. @ පැට්ටා,
    මොනාද බං කුණුහරප කියන්නෙ, ගහකට ගලක් කියනව වගේ ඒවද නැත්තන්, ගෑණියෙකුට මිනිහෙක් කියනව වගේ ඒවද?

    ReplyDelete
  59. හරිම අපූරුයි!අදයි මේ පැත්තේ ආවෙ...

    ReplyDelete
  60. @ වීතරාගී,
    ආදරයෙන් පිලිගන්නවා, තෑන්ක් යූ ඇවිල්ල කියවල කොමෙන්ට් එකකුත් දැම්මට. දැන් ලියාගෙන යන පෝස්ට් එක හෙට උදේම පබ්ලිෂ් වෙය්, ඇවිල්ල කියෝල බලන්න.

    ReplyDelete
  61. විජේ කිව්වෙ.... වර්ධන කෑල්ලකුත් තියේ ඒ මනුස්සයට.... නිකමට ඇහුවෙ.... ඉතින් ඔබා අයියේ උදේවත් කාර් එක ස්ටාර්ට් කර ගත්තද ඔබ තුමා... ? අහ් නෑනේ... මම කිව්වෙ විජේ...

    ReplyDelete
  62. ඔබා මාමා තාම කාර් එක ස්ටාර්ට් කරනවලු.. :D

    ReplyDelete
  63. @ පිස්සා,
    පල පල යන්ඩ

    @ වසුන්දරා,
    ඔනයට වගේ වසුන්දරාටත් පොස්ට් එකක් ලියන්න වෙය් වගේ අන්තිම පේලියේ.....හි..හි...

    ReplyDelete
  64. පරන කතා මතක් වෙනකොටත් පුදුම අසාවක් තියෙන්නෙ අප්ප කියල වැඩක් නෑ නෙ.

    ReplyDelete
  65. මම කලින් දාපු කමෙන්ට් එකට මොකද උනේ ? මම කියලා තිබුනේ මටත් හොඳ " බීපු " ඉතිහාසයක් තියෙනවා කියල.
    ඔබාගෙ කතා නියමයි. බ්ලොග් එකත් නියමෙට ඩිසයින් කරල. ජයම වේවා.

    ReplyDelete
  66. ඇයි ඔබා මාමේ ..මං වැරදි දෙයක් කිව්වා යැ.. මං කිව්වේ.. ඔබා මාමගේ.. "ටූ ඩෝර් රේසින් කූප්" එක ස්ටාර්ට් කරනගමන් ඉන්නේ කියල නේ , අර ඔබා මාමා 120 කි.මී. ෆ්‍රී වේ එකේ ස්පීඩ් එක 240 ට ගිහිල්ල මාට්ටු උනේ”

    ReplyDelete
  67. This comment has been removed by the author.

    ReplyDelete
  68. @ නිහාල්,
    කොමෙන්ට් එක හම්බ වුනා, "මොකද මචං වුනේ" පෝස්ට් එකට දාල තිබ්බෙ.

    ස්තුතිය් කොමෙන්ට් එකට, ඕනය නං කොමෙන්ට් එකකින් කියල තිබුන අකුරු හරි නැහැ කියල, ඌට කැලිග්‍රාෆ් අකුරු තේරෙන්නෙ නැතුව ඇති....හික්z
    ඩිසයින් එක නං මට එච්චර ෂුවර් නැහැ නිහාල්, පාටවල් මැච් වෙනවද දන්නෙ නැහැ, මම කලර් බ්ලයින්ඩ්.

    ReplyDelete
  69. @ වසුන්දරා,
    ආ...එහෙනං කමක් නැහැ, මං හිතුව මේ පෝස්ට් එකට අලුතෙන් දාපු පින්තුරෙ තියෙන කාර් එක වත්ද කියල හික්z

    ReplyDelete
  70. වෙලාවට ස්ටාර්ටි නොවුනේ, උනානං මොන දීපංකරේ යයිද දන්නෙ නැහැ .......

    ReplyDelete