My followers

Monday 30 January 2012

විනය තැකූ ප්‍රින්සිපල්

මේකත් මගේ පරණ පෝස්ට් වල ගරු රඟපෑම්  කීපයක්ම කල ඉන්දරේ සම්භන්ද කතාවක්.

 
වේරහැර ලංගම අභ්‍යාස විද්‍යාලේ පුහුණුව ඉන්දරේ කලේ,  මට වඩා අව්රුදු දෙකකට   විතර ඉස්සෙල්ල. ඔය අවුරුදු හතරෙ ට්‍රේනින් එකෙන් අව්රුද්දක්ම,  ඒ කියන්නෙ  තුන්වෙනි  අවුරුද්ද  ගත කරන්නෙ ලංගම ඩිපෝවක හෝ වැඩපොළකසාමාන්නයෙන් තමන්ගෙ ගෙදර ඉඳල දිනපතා පුහුණුවට යන්න පුළුවන්  ඩිපෝවක්  හම්බ වෙනව ඒ අවුරුද්දට.

 
'හාමු මහත්තය'නැත්තං  කෙටියෙන්  'හාමු’  කියල හඳුන්නපු ඉන්දරේගෙ බැචෙකුයි, ඉන්දරෙයි වැටුනෙ  ගම ගාල්ලෙ  නිසා, ගාල්ලෙ ඩිපෝවට. 'හාමුවේරහැර ට්‍රේනින් එකට තෝර ගන්න, ඉන්ටර්වීව් එකට ඇවිල්ල තියෙන්නෙසුදු කිටක් මරල, ටයි පොල්ලකුත් දාගෙන. ඒ මදිවට  උංගෙ තාත්තත් එක්ක, පරණ 'දඬු ෆෝඩ්' එකකනම රෙජිස්ටර් වෙලා තියෙන්නෙ  ඉන්ටර්වීව් එකටත් ඉස්සෙල්ල.


ඉන්දරෙයි,  හාමුවයිගාල්ලෙ ඩිපෝ ට්‍රේනින් ඉන්න කාලෙඩිපෝවෙ වැඩ කරන අය අතරෙ ලොකු කුල භේද ප්‍රශ්නයක් තිබිල තියනව. හාමු මොකද්ද ප්‍රශ්නෙකට ඩිපෝවෙ ෆෝමන් කෙනෙක් එක්ක වචන හුවමාරුවක් වෙලා,  කුල භේද ප්‍රශ්නයක් නිසා වැඩේ සෑහෙන්න දුර දිග ගියාලු. අන්තිමට ගුටි කෙලියක් නොවී නැවතිලා තියෙන්නෙ අනූ නමෙන් . ඉන්දරේ කිව්ව කථාව මට හරියටම මතක නං,  හාමු ගාල්ලෙ ටවුමෙ සෙට් එකකුත් ලැහැස්ති කොරගෙන තියෙනව, වලියට සපෝට් එක ගන්න. ඒ අස්සෙ හාමුගෙ තාත්තත් දඬු ෆෝඩ් එකෙන්  ඩිපෝවට ඇවිල්ල සද්දයක් දාල ගියා කියල කිව්ව වගේ තමා මතක.

 
කොහොමින් හරි අන්තිමට වුනේ , වැඩේ වේරහැර අභ්‍යාස ආයතනෙට දැනගන්න ලැබුනට පස්සෙ ඉන්දරෙයි, හාමුයි, ඉන්ටඩික්ට් වෙච්ච එක.  හාමුට නං ආපහු පුහුණුවට එන්න චෑන්ස් එක ලැබිලම නෑ, පොර ඩිස්මිස් වෙලා .ඉන්දරේ ආපහු ඇවිල්ල, අවුරුදු හතර සම්පුර්ණ කරල අවසාන පරීක්ෂනෙන් ෆස්ට් ඩිවිෂන් පාස් වෙලා තියෙනව. ඒ කාලෙ පුහුණුවෙන් ෆස්ට් ඩිවිෂන් පාස් වෙනව කියන්නෙ හරියට විශ්ව විද්‍යාලෙ අපර් ක්ලාස් එකක් අරන් ඩිග්‍රිය ගැහුව වගේ.

 
ෆස්ට් ඩිවිෂන් එහෙමත් නැත්තං පළමු පෙළ සාමාර්ථයක් ගන්න අයට  'ගෙඩෝර්  වැනේඩියම්වර්ගයේ ඉස්තරම්ම  ජර්මන්  ටූල් බොක්ස් එකක් තෑගී ලැබෙනවට අමතරව, ඩිමොස්ට්‍රේටර් කෙනෙක් හැටියට ආයතනේම ස්ටාෆ් එකට ජොයින් වෙන්නත් අවස්තාව ලැබෙනව.  



අභ්‍යාස  විද්යාලෙම සේවය කරන්න ලැබෙන කට්ටියට තව චාන්ස් වදිනව. ඒ කියන්නෙ ඉක්මනින් උසස් වීම් වගේ ඒව. ලොකුම චාන්ස් එක තමා, ශිෂ්‍යත්ව වලට බටහිර ජර්මනියෙ අඩුම ගානේ අවුරුදු දෙහෙකවත්  පුහුණුවකට යන්න ලැබෙන එක. [පන්දම ඇල්ලීමේ හැකියාවත් සෑහෙන්න බලපානව කියල තමා මං නං අහල තිබ්බෙ]


ටූල් බොක්ස් එක ලැබුනද කියන්න නං දන්නෙ නෑ,  හැබැයි ඉන්දරේගෙ පළවෙනි පත්වීම 'පුන්ඩලුඔය'  ඩිපෝවට.  අභ්‍යාස  විද්යාලෙම ඉන්න  ලොකු ආසාවක් තිබ්බෙ නැතත්, වෙලා තියෙන අසාධාරණේ ගැන කට පියාගෙන ඉන්න හිතුං නෑ ඉන්දරේට.  ඉන්දරේ  ගියා ප්‍රින්සිපල්  හම්බ වෙන්න. ගිහින් ඇහුව ඇයි ෆස්ට් ඩිවිශන් පාස් එකක් තියෙන තමන්ට,  අභ්‍යාස  විද්යාලෙට පත්වීමක් දීල  නැත්තෙ කියල. ප්‍රින්සිපල්ගෙ උත්තරේ, 'විනය  නරක ළමයි ඉස්කෝලෙ  තියාගන්නෙ නෑ'. මදෑ කොළා.



මුලින් ඔය කිව්වෙ අතුරු කථා. [පඳුර  වටේ  තැලිල්ල]  මේන් ස්ටෝරිය, සිංහලෙම්ම කිව්වොත්  ප්‍රධාන කථාව, සිද්ධ වුනේ ඉන්දරේ අර වැඩ තහනං වෙලා හිටිය කාලෙ. වැඩ තහනං වෙලා මාස ගානක් ඉන්නකොට, කොරන්න වෙන වැඩකුත් නැති නිසා,  දවසක් ඉන්දරේ හවස් යාමෙ ගිහිං තියෙනව යාළුවෙකුගෙ ගෙදර. යාළුවගෙ ගෙදරට වෙලා කයිය  ගහගෙන ඉන්නකොට හොඳටම රෑ වුනාලු. 70 ගණන් වල මුල හරියෙ මොබයිල් ෆෝන් තියා, ගමක  ගෙදරක  ලෑන්ඩ් ලයින් ෆෝන් එකක්වත්  තිබුන නං තමා පුදුමෙ. රෑ වෙලා ගෙදර යන්න බස් තිබිලත් නෑ,  එදා  ගෙදර එන්නෙ  නෑ කියල ගෙදරට දැනුන් දෙන්න විධියක් තිබිලත් නෑ ඉන්දරේට.



 

වෙලාවට ඉන්දරේ ගෙදරින් පිටත් වෙනකොට අම්මට කියල තියෙනව කොයි යාළුවගෙ ගෙදරද යන්නෙ කියල.  ඒ නිසා එදාම ගෙදර යන්න බැරි වුන එක ගැන  ඉන්දරේ  වැඩිය කලබල  වෙලා  නැහැ.  යාළුවගෙ ගෙදරින් රෑ කෑමත් සප්පායන් වෙලා නිදා ගන්න ලැස්ති වුනාම තමා උභතෝකෝටික ප්‍රෂ්නෙකට මුණ දෙන්න වුනේ ඉන්දරේටයි, 
යාළුවටයි.


හුඟාක් කළිසන් කාරයන්ට වගේ ඉන්දරේගෙ යාළුවටත්  තිබිල තියෙන්නෙ එකෝම එක සරමයි. [ මටත් කසාද බඳිනකම්ම තිබ්බෙ එක සරමයි,  'ඒක සාඨක බමුණ'  කියල නමකුත් හදල,  'ඔබී'  තමා මගෙ සරම් ගණන වැඩි කලේ ]  තත්වෙ තවත් නරක් වෙලා තියෙන්නෙ ඉන්දරේගෙ යාළුවට අයියල,  මල්ලිල, ඉඳලත්  නෑ.  ඉඳල තියෙන්නෙ ඔක්කොම අක්කල,  නංගිල.  ඉතින් කාගෙන් කියල සරමක් ඉල්ල ගන්නද?

කොරන්නම දෙයක් නැති තැන,  යාළුව අක්ක කෙනෙක්ගෙ නයිටියක් හෙමීට ශේප් කොරන් ඇඳගෙන,  ඉන්දරේට උගෙ එකම සරම දීල.  ඊට පස්සෙ දෙන්නම සතුටෙන් සමාදානෙන්  ඉස්තෝප්පු කාමරේට වෙලා නිදා ගත්තලු.  හුඟක් රෑ වෙනකං කයිය  ගහගෙන හිටිය හින්ද, දෙන්නට ඇහැරිලා තියෙන්නෙ පාන්දර නමේට දහයට විතර.  ඇහැරිච්ච ගමන් යාළුවගෙ ගෙදරින් ලැබුණු දේකුත් උදේට කාල,  ඉන්දරේ වහාම ගෙදර ගියාලු.

ගෙදර ගියාම අම්ම කිසි අප්සෙට් මුඩ් එකක් නං පෙන්නල නෑ. ඒත් කිව්වලු,
ඉන්දරේ යහතින්ද බලන්න කියල, උදේම බාප්පව තාත්තගෙ බයිසිකලේ දීල යාළුවගෙ ගෙදර පිටත් කළ බවත්, බාප්ප ඇවිත්, ඉන්දරේ තාම නිදි නිසා ඇහැරවන්නෙ නැතුවම  ආපහු ආව කියල කිව්ව බවත්.

'තෝර  බලයි '  කතාව කියවපු කට්ටියට මතක ඇති,  වයසෙන් ඉන්දරේට වඩා පොඩ්ඩක් විතර වැඩිමල්, නෑ කමට බාප්ප වුනාට යාලුවෙක් වගේ දුකට සැපට හිටිය  බාප්ප. ආන් ඒ බාප්පව  තමා,  ඉන්දරේ යහතින්ද  බලන්න අම්ම පිටත් කොරල තියෙන්නෙ යාළුවගෙ ගෙදෙට්ට.


අම්ම ටිකක් එහාට මෙහාට වෙනකං ඉඳල,  බාප්ප ඉන්දරේව පැත්තකට අඬ ගහල  අහනවලු '
තාම රස්සාවකුත් නැතුව,  මොකද්ද  ###  කොරගත්තෙ තෝ ?  තොට අමතක වුනාද තාම ඉගෙනගන්න මල්ලියෙකුයි , නංගියෙකුයි ඉන්නව කියල තොට ?'

බාප්ප,  යාළුවගෙ ගෙදර ඉස්තෝප්පු කාමරේ ජනේලෙන් දැක්ක දේයි,  දැකල හිතා ගත්තු දේයි,  කියවන  කට්ටියට ටියුබ්  ලයිට්  නොවේවායි  ප්‍රාර්ථනා කොරමින් මගේ
අද දවසේ කතාව  අවසන් කරමි.

.

97 comments:

  1. යන්තං එකද කොහෙද?

    ReplyDelete
  2. අනේ මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ අය්යෝ...:D:D:D

    ReplyDelete
    Replies
    1. මං මේකට පොඩිවෑං රිප්ලයි එකක් ටයිප් කරලා අයි මකලා දැම්මා :P

      Delete
    2. කුමාරිහාමිට ඇත්තටම තේරුනේ නැද්ද? නැත්තං ලැජ්ජා හිතුනද?

      Delete
  3. බාප්පට තරු උසික්කා වෙන්ඩැති. හැබැයි තොරබලයි කතාවෙදී වගේ මූ ගැන ෆට්ට ඉරිසියාවකුත් ඇති වෙන්ඩැති කියලා යි මට හිතෙන්නෙ..... වැඩිපුරම දොස් කියන්ඩ ඇත්තෙ ඒකයි.....!

    ====================================
    ====================================
    ====================================
    ====================================
    ====================================
    ====================================
    ====================================
    ====================================
    ====================================
    ====================================
    යන්තං ආයි ට්‍රැක් එකට වැටිලා නේද?

    ReplyDelete
  4. බාප්පා හිතන්න ඇති කොල්ලා කොටුවක් පැන්න කියලා. ඇත්තටම කොයි කාමරේද රෑ හිටියේ?

    ReplyDelete
  5. ගොඳ වෙලාවට ෂොට් එකක් දාගෙන නැත්තේ! නැත්නම් වෙන්න ඕන න්ඇති දේවලුත් වෙන්න තිබ්බා! :D

    ReplyDelete
    Replies
    1. සාබිත්,
      ෂොට් එකක් දාගත්ත නං ඔය ප්‍රශ්න මුකුත් නෑ, කළිසම පිටින් බුදිය ගන්නවනෙ

      Delete
  6. ඒ බාප්පා කැත හිතෙන් බලල ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. අසරණයා,
      ඕකනෙ කියන්නෙ 'චේතනා' කොයි තරං පරිශුද්ද වුනත් වැඩක් නෑ කියල

      Delete
  7. කොටු කොටු තමයි...
    ලොකු වැඩිද මන්ද

    ReplyDelete
    Replies
    1. අංජන,
      මොකද්ද බොලේ ඒ හරුපෙ ?

      Delete
  8. මං නං දන්නේ විද්‍යා දදාති විනයං කියන එක විතරයි!

    ReplyDelete
  9. ඇත්තට ඔය කියන එකම සරම අවුරුදු කීයක් ඇන්දද?? ඉරුනෙම නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි කවිකාරියේ දන්නේ නැද්ද හොඳන්නේ නැති ඇඳුම් ඉරෙන්න නැහැ කියල.

      Delete
    2. ඒකත් එහෙමද? අපේ ගෙදර ඉරෙන්නෙ තුවා. හෝදලාම වැඩිකමට.

      Delete
    3. බුද්ධි,
      මොකෝ බං කුමාරිහාමිට ටයිප් කොරපු උත්තරේ මකල දැම්මේ, පබ්ලිෂ් කරලම මැකුව නං අඩු ගානෙ මටවත් කියවන්න තිබ්බනේ, හෙහ් හෙහ්
      ඔව්..වොව්..ඊරිසියාව තමා බාප්පට නැත්තන් වෙන මොකද්ද?

      පොඩි කුමාරිහාමි,
      බොරු නේද කියන්නෙ ?

      ඇනෝ,
      ඔන්නොහෙ පො.කු. ට උත්තරයක් කියල දැම්ම නං

      වෙද මහත්මයා,
      ඔබා ලිව්වොත් කුණුහරපයක් කියල කට්ටිය කියන නිසා එහෙම නැති කතාවක් ලිව්වම එකත් එහාට මෙහාට හරෝනවනේ ඉතින්, ඇත්තෙම නැද්ද මට ගැලවීමක්

      කතන්දර Kathandara
      ඇයි, අප්ප මාදෝ අමත පදං, ආප්ප කාපං ඇති පදං

      කවිකාරි,
      රෑට විතරක් අඳින සරම, අවුරුදු ගානක් ඇන්දෑකි .
      තුවා මොකටද කවදාවත් හෝදන්නෙ ? පාවිච්චි කරන්නේ නාල නැත්තන් මුණ කට හෝදල පිරිසිදු වෙලානෙ. ඒ නිසා තුවා කිළුටු වෙන්න විදියක් නැහැනෙ. [මං ඔබීට ඉදිරිපත් කරන තර්කයක්]

      Delete
  10. ඉන්දරේ යනු අන්වර්ථ නාමයක් වන අතර මේ කතාව සත්‍ය සිද්ධියක් මත පදනම්ව ඇත. වෙරි මතින්ම රාත්‍රියේ එලි බැහීමෙන් පසුව පැමිණි ඉන්දරේ හෙවත් විජයන්දරේ වෙනත් කාමරයකට ඇතුළුව නිදා ගත්තේය.

    ReplyDelete
  11. හප්පා...මරු බාප්පා.එත් පිනා මොකෝ විනයම තැකුවෙ??

    ReplyDelete
  12. මේ වෙලෙත් ඔබා මාමට නෙමේ නේ වෙලා තියෙන්නේ,,, සරම විතරක් මැදට දාලා ශේප් වෙලා,, අපි නම් සරමට යටින් ලස්සන කලිසමක් අදිනවා...

    ReplyDelete
  13. බාප්පා නියම පොරක්...ඉන්දරේගේ අම්මට ගින්න දුන්නානම් කපෝති!

    ReplyDelete
    Replies
    1. Indranatha Thenuwara
      පලවෙනි වතාවට මං හිතන්නෙ මේ පැත්තෙ කොමෙන්ට් එකක් දැම්මෙ, සාදරයෙන් පිළිගන්නව.

      ඉඳුනිල්
      පෝස්ට් එකේ කොහෙවත් සඳහන් වෙලා තියෙනවද කව්රුවත් තිතට මත තිබ්බ කියල ?

      sithuwam
      පිනාලගෙ හැටිමනෙ ඔය

      ItalyDilan
      සරමට යටින් ලස්සන කකිසන් අඳින්නේ මොකාට/මොකීට පේන්නද බොලේ ?

      kandyan
      බාප්ප මොන වගේ පොරක්ද කියල හරියටම දැන ගන්න ' තෝර බලයි ' පෝස්ට් එකට මේ පෝස්ට් එකේ දාල තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්නකො

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අර දුමී ලියලා තියෙන Monkey Butt Remedy එකෙයි මේ කතාවෙයි මොකුත් සම්බන්දයක් තියෙනවද?
      මම සාමාන්‍යයෙන් බට ලයිට් නිසයි ඇහුවෙ!

      henryblogwalker the Dude

      Delete
  15. පුදුමයි බාප්පත් විනය තකා වැඩක් කරගන්න චාන්ස් එකක් නොඉල්ලුව!

    ReplyDelete
  16. හෙහ් හෙහ් හෙහ් ඉන්දරේගේ බාප්පා මොනවද ඔය දැක්කා කියන්නේ.

    ReplyDelete
  17. යාලුවෙක් ගිය හින්දා හොදයි... ලොකු අයියා ගියානම් බඩුම තමයී....

    ReplyDelete
  18. මරුවටම තියෙන්න ඇති බාප්ප දැකපු සීන් එක . . . . ඉන්දරේ නයිටි කෑල්ලක් එක්ක එක ඇදේ මහ දවල් වෙනකං නිදි . . . .

    ReplyDelete
  19. නයිටිය ඇඳගෙන කොහොම හිටියද මන්ද?සරම ඇඳගෙනවත් ඉන්න බැරි එකේ!:DD

    ReplyDelete
  20. මේ කථාව ඉන්දරේගෙන් අහලා ඔබා මාමත් ඔබී නැන්දාගේ නයිටියක් ඇදගෙන නිදා ගත්තාලු

    ReplyDelete
  21. මේකට නම් බුද්ධිගේ කාටුන් එකක් නියමෙට ගැලපෙයි

    ReplyDelete
  22. ඔබා මාමාගේ සරම් ගාන නැන්දා ආවට පස්සේ වැඩි උනාය කියන කතාව ගැන සෑහෙන හිතන්න වෙනවා දැන්නම්.....

    ReplyDelete
  23. හික් හික් පිස්සු හැදෙයි කිව්වලු මම නම් සරම් වලට ආසම නෑ වෙලාවට හි හි

    ReplyDelete
    Replies
    1. සරම් වලට අකමැති ගැමියොත් ඉන්න එහෙනම්?
      henryblogwalker the Dude

      Delete
    2. යකෝ මුගේ නමටත් ලැජ්ජයිනේ... ගැමියා සරමට අකමැතිය. අනේ කාලේ

      Delete
    3. බුවා,
      :- (

      Dude
      ඒ කතාව, මං කිව්වේ Dude ගෙ කතාව, මටත් බට ලයිට්

      ඉන්දික උපශාන්ත
      ඌ සිංහය වගේ අදර්මිෂ්ට එකෙක් නෙමේ වෙන්නැති

      රෙප් මහත්තයා
      මුකුත් නෑ, අර උඩ තියෙන පින්තුරෙ වගේ සීන් කෝන් එකක් විතරයි

      අභීත
      බෝ පලේ ගියා නං ඉතින් බණක් දහමක් කියල දෙනවා මිසක් වෙන මොකද්ද වෙන්නෙ ?

      ඕනයා
      පෝස්ට් එක හරියට කියෙව්වෙ නැද්ද බං, අර පැහැදිලිව කියල තියෙන්නෙ පාන්දර නමේ දහය කියල. වෙන වැඩක් නැති එවුන් ඊටත් හිමිදිරියෙ නැගිටල මොන හුන්නස්ගිරියක් කොරන්නද ?

      නුවන් තාරක,
      ඇත්ත...ඇත්ත...නයිටිය කැහැපොට ගහන්නවත් බැහැනෙ නේන්නං

      yuga
      ඒ අහවල් එහෙකටද බොලේ...හෙහ්...හෙහ්...

      Bindi
      බුද්ධිය තමා අංක එකට කොමෙන්ට් එකක් දාල තියෙන්නෙ, මෙලහටත් ඇඳලද දන්නැහැ

      Dinesh
      හිතුවට කමක් නෑ, ඊට එහා මොකුත් නැතුව

      ගැමියා,
      මට නං පිජාම අරහං

      Delete
  24. කාලා වරෙන්කො..... විනය තකාම වැඩ කෙරිල්ලක් තිබිලා තියෙන්නේ ඒ කාලේ.....

    ReplyDelete
  25. නෝ කමෙන්ට්ස් ඔබා අයියේ...

    ReplyDelete
  26. සරම කරේ කිව්වලු....මේක ඇත්තටම ඔබා මාමට එහෙම වුන දෙයක් නෙවෙයිනෙ...

    ReplyDelete
  27. මටත් හිතුනෙම මේක ඔබා මලයට වුන දෙයක් ම කියලයි.

    ReplyDelete
  28. නයිටියෙන් ටෙන්ට් එක ගහල නෙවෙයිලුද තිබ්බේ?

    ReplyDelete
  29. ඉන්දරේව විකුණනවද මන්දා?

    ReplyDelete
  30. ෆට්ට ස්ටෝරිය... මට මතක් වුණා මයි නේම් ඉස් කාන් ෆිල්ම් එකේ ෂාරුක් අලි ගවුමක් ඇඳන් ඉන්න සීන් එක.. හි හි

    ReplyDelete
    Replies
    1. ගොඩයා
      එහෙම තමා බං ඒ කාලෙ, ඒකනෙ විනය නරක ළමයෙක් ෆස්ට් ඩිවිෂන් පාස් වුනේ

      මධුරංග
      ජුලි හතයි

      ChammA
      නෝ කොමෙන්ට්ස් කියන්නෙත් කොමෙන්ට් එකක්නෙ බොලේ

      හිතහොඳ පිස්සා
      සහසුද්දෙන්ම නෑ...හෙහ්...හෙහ්...

      kumaraya
      ඔබා ඒ පලාතෙවත් හිටියේ නැත

      malmadhara
      නයිටියෙන් කොහොමද බොලේ කුඩාරන් ගහන්නේ :-))

      Beetle
      මොකෙද්ද ලයික් වුනේ, කුඩාරමටද, නැත්තන්......?

      Dude
      හනේ අම්මප ඉහ නිකට පැහිච්ච මනුස්සයෙක් නේද මේ ?

      ``` Outsider```
      නෑ...නෑ.. ඉන්දරේමයි කථාව මතක් කලේ බ්ලොග් එකේ ලියන්න කියල, ඉන්දරේ කොමෙන්ට් නොකලට බ්ලොග් එක කියෝනව

      Shani
      ඒ පිචර් එක නං බලල නෑ,

      Delete
  31. ඔන්න ඔහොමයි එහෙනම් නයිටි ඇඳන් හිටිය ඉන්දරේව රේප් කරේ නේ.... :D

    ReplyDelete
  32. හයියෝ ඉන්දරේ නිදිලු නයිටි බුවාව බදාගෙන...බාප්පා කොර වෙන්ටෑ....

    ReplyDelete
  33. මං දවසක් රෑ වෙලා ගෙදර එනකොට හාමිනේගෙ යාළුවෙක් හාමිනේගෙ නයිටියක් ඇ‍ඳගන හාමිනේගෙ ඇ‍ඳේ නිදි. අනූ නමයෙන් බේරුනේ.

    ReplyDelete
  34. ඔබා මාමේ මතෘකාව.. දැම්මේ උපදෙස් වලට අනුකූලවද ?

    ReplyDelete
  35. මට පෙන්නේ දැන් ඔබා අය්ය සිරා බ්ලොග් කරුවෙක් වීමේ කෝස් එක කරනවද කොහෙද.. තැලිල්ල නම් සුපිරි.. කතාව පංකාදු පහයි.

    ReplyDelete
  36. හිකිස්....මොනව වුනත් අම්මත් හොඳ ඉවසීමක් තියෙන අම්ම කෙනෙක් වගේ...වෙන ගෙදරකනම් ගෙදර ගේට්ටුව ඇරගෙන එන්න දෙන්නෙ නැහැනෙ..“මොකද්ද යකෝ කරගත්තෙ“ කියල අහන්න....:P

    ReplyDelete
    Replies
    1. ගුලියා
      ඔන්න ඔන්න ගුලියත් අවලං කතා කියනව

      .ඔබ නොදු‍ටු ලොවක්
      කොහොම තියෙන්න ඇද්ද උදේ වෙනකොට කුණු කෙල ගඳ ?

      ඇනෝ,
      අනූ නමෙන් බේරුනේ, හාමිනේගෙ යාළුවද, හාමිනේද ?

      Senna
      උපදෙස් 'උගේ ලෝකෙ' න්

      ක්සැන්ඩර් | Xander
      'උගේ ලෝකෙ' න් දුන්නු උපදෙස් අකුරටම පිළිපදිනවනේ මාතෘකාවෙ ඉඳලම...හෙහ්...හෙහ්...

      නිසපුගේ ලෝකය....
      බාප්ප අම්මට සීන් කෝන් එක කියල නෑ

      Delete
  37. ඇඳුමෙන් පැළඳුමෙන් මිනිස්සු මනින්න යන්න එපා කියන්නේ ඕක තමයි..

    ReplyDelete
  38. ඕක තනිකරම බාප්පාගේ වැරැද්ද....! එහෙමත් ගෙදරක ජනේලෙකින් එබිකං කොරන සිරිතක් තියෙනවද ? පීප්ප කරයෙක්ද කොහෙද !!!

    ReplyDelete
    Replies
    1. හප්පේ අහිංසක බාප්පගෙ වැරැද්ද නෙමේ, මට පෝස්ට් එකේ කියන්න අමතක නැති වුනා, ඒ ගෙදර හදා ගෙන යන එකක්, ජනෙල් පියන් හයි කොරල තිබිල නෑ

      Delete
  39. නියම කතාව ඔබා අයියා, එක සාටකේ බහු කරගන්න ඔබී වගේ කෙනෙක් ලැබුනු නිසා හොඳයි ඉතින්.

    ReplyDelete
  40. ඔබාගෙ සරම් ගානේ කතාව නම සැටිපිකෙට් ඇත්ත. මට කැම්පස් කාලේ තිබ්බ සරම් දෙකක් හැබැයි එහෙම තිබ්බේ ඇතුල්වෙනකොට විතරයි.. ඊට පස්සේ ඇඳපු සරම කාගේද කියල කවුරුත් දන්නේ නැහැ. ඒ තරමට ගජේ.. බොරු කියන්නේ මොටද බඳින කාලේ නම් සරම් දෙකක් තිබ්බ. ජයි හාමිනේ තමයි ගාන වැඩි කලේ..

    ReplyDelete
  41. ඔය කියන උතුමංලා කාගෙත් අල්මාරිවලට දෙවන තුන්වන සරං අරං දාපු (මං ඇතුලු) නෝනලා සැමට මගේ ප්‍රනාමය.......ඇයි දෙය්යනේ මේ පිරිමි හයිජිං පාඩම ඉගෙනගෙනම නැහැ නෙව. අදටත් ඇදුරු එකසැරේ සරං දෙකක් කඩෙං ගත්තොත් කුනුකුනු ගානවා මොකටද දෙකක් මේ ගෙයි සරං තියෙද්දි කියලා. පරණ එව්වටමනෙ කැමති.

    අපේ පුතා මට දාල තියන නමක් තමා "ගන්නකො දෙකක් ඇයි එකක්" කියල. ඒ මම මොනවා හරි ගන්න කොට වැඩියෙන්ං ගන්න පුරුදු වෙලා තියෙන නිසා.පුතා නං සරං අඳින්නේ නැත.

    ReplyDelete
  42. මාමේ පොඩි බඩුවක් එව්වා ඊ මේල් එකට බලන්න.කතාව නියමයි.

    ReplyDelete
  43. ඔබා මාමගෙ සරම් ගාන වැඩිවුනේ ඇයි කියල වෙනම විශ්ලේෂණයක් කරන්න වටිනව.

    ReplyDelete
  44. හික් හික් අඩේ ඔය සරම් නැතිව නිදා ගන්න බැරිද අප්පා

    මේ අපි යසට දොයිය ගන්නෙ

    ReplyDelete
  45. ඔය සරං කේස් එකනං අපිට පොදු දෙයක්ද මන්දා... තියෙන එකම එකත් ඉරිලා... හරි පැත්ත බලලා දැම්මෙ නැත්තං පරම්පරාවම එළියෙ....

    ReplyDelete
  46. මරු කතාව.බාප්පට නම් තිබිල තියෙන්නෙ මහා නරක පුරුද්දක්‌.
    ලගදි ඉදන් මෙ පැත්තෙ ආවට අදයි comment කරෙ.
    ජය වෙවා! ඔබා මාමට.

    ReplyDelete
    Replies
    1. Chandi
      ඔබී හින්දම තමා ඔලුව බේරගෙන ඉන්නෙ කොහොමටත් මං

      සරත් ලංකාප්‍රිය
      එහෙනං මම විතරක් නෙමේ, අහන්නත් සන්තෝසයි

      ඊ මේල් කවිකාරි
      මට දැන් ආඩම්බරෙන් කියන්න පුලුහන් මේ වෙනකොට සරන් දහයක විතර අයිති කාරයෙක් කියල, ඇඳලම නැති ඒව වැඩි හරියක්. [කාටද ආඩම්බර ඔබීට මිසක්]

      Praසන්ன
      කොරාට කමක් නෑ, ප්‍රසිද්ද කොරනව හෙම නෙමේ

      ඇනෝ,
      තෑන්ක් යූ.

      නිශ්
      ඇඳගෙන නිදා ගන්න කට්ටියගෙත් උදේට ඉනේ තියෙනවද ?

      නරකයා....!!
      ඕක 'ඒක සාඨක' කට්ටිය කාටත් පොදුයි බං

      geeth
      තෑන්ක් යූ, කොමෙන්ට් එකකුත් දාලම යන්න මහන්සි වුනාට

      Delete
  47. මං හිතුවෙ බාප්ප නෙවෙයි අරූම රෑ අවදිවෙලා මතක නැතුව අතවර කරන්න ගියා කියල.

    ReplyDelete
  48. මටත් සරං කතන්දරේ පොඩ්ඩක් අවුල්,
    රෑට සරම ඇඳන් නිදා ගත්තත් උදේට ටයි එකයි බෝ එකයි විතරයි.....

    ReplyDelete
  49. "විනයා තකා" පිළිබඳ ලියවුන කතාවක්..

    ReplyDelete
  50. මට මේ කතාව තේරුනත් තේරුනේ නැත්තේ මේ ටික :
    //'ඔබී' තමා මගෙ සරම් ගණන වැඩි කලේ//
    ඒ ඇයි??

    ReplyDelete
  51. ඉන්දරේ ඉදල හමාරයි..

    ReplyDelete
    Replies
    1. රාජ්
      වල් හිත මිසක් වෙන මොකද්ද ? හෙහ්...හෙහ්... මං කිව්වෙ රාජ් ගෙ

      uwiniran
      ඕක පොදු කට්ටිය හුඟක් ඉන්නව, ලැජ්ජ වෙන්න ඕනෙ නෑ

      මාතලන්
      මාතෘකාවට උපදෙස් 'උගේ ලෝකෙන්'

      නිරෝෂිනී
      ආදරේට වෙන්නැති...හෙහ්...හෙහ්...

      ඊ මේල් කවිකාරි
      නිරෝෂිනීට කසාද බැන්දම හරියටම තේරෙයි

      sAm (සෑම්)
      ඒ මොකෝ, ඉන්දරේ තමා කථාව බ්ලොග් එකේ ලියන්න කිව්වෙ

      Delete
  52. වෙලාවට බාප්ප වෙනකාටවත් නොකිය අරූගෙන්ම ඇහුව, කතාව ගම පුරා ගියා නම් විනාසයි නෙව... මටත් තාම එක සරමයි, කොට කලිසම් ගොඩයි තියෙන්නෙ, මම ඒක කිව්ව දවසෙ ඉදන් වෙන්ඩ හාමිනේ තව සරමක් අරන්දෙන්න ට්‍රයි කොරනව.. දුන්නොත් මම නොගන්නෙත් නෑ, ඒත් අරන් දෙන්න වෙලාවක් තාම සෙට් වුනෙ නෑ... හැක්... හැක්... අපි ඉස්කෝලෙ යන කාලෙ කට්ටිය සෙට් වෙලා කියපු කුණු හබ්බ කතාවකත් මේ පෝස්ට් එකේ මාතෘකාව තිබුණ. මාතෘකාව දැක්ක ගමන් මම හිතුවෙ ප්‍රින්සිපල්ට බඩු පැකට් කියල... හැක්...හැක්...ජය ශ්‍රී..!!!

    ReplyDelete
  53. කොහොමට තියෙන්න ඇද්ද නයිටි කෑල්ලත් එක්ක නිදි වදිද්දි.... සංසාරේ.. ඔබා මාමට උනු දෙයක්.

    අහ් නෑනේ මේක මේ ඉන්දරයටනේ...

    ReplyDelete
  54. ඕක තමයි කියන්නෙ ඉන්දරේගෙ බාප්පා හරියට ඉගෙන ගෙන නෑ.. හරි නම් ඇහැට දැක්කත් විශ්වාස නොකර පොඩ්ඩක් හොඳටම බලලා තීරණය කරන්න තිබ්බෙ නයිටිය ඇඳන් හිටියෙ ස්ත්‍රී පරාණයක්ද , නැත්නම් පිරිමි පරාණයක්ද කියලා ?

    ReplyDelete
  55. විනය තැකූ කියන එක වැරදියටමයි කියවෙන්නේ.. ඇයිද මන්ද

    ReplyDelete
  56. මන්ඩිපාල
    දැන්නේ දන්නෙ 'ඒක සාඨක'යෝ මෙච්චර ඉන්නව කියල.

    පිස්සා
    //නිදි වදිද්දි//
    ඒක කුණුහබ්බයක් නේද ?

    Weni ,
    නයිටිය උස්සල වෙන්නැති බලන්න කිව්වෙ

    පිස්සා,
    තොගෙ වල් හිත බොල, වල් හිත, වෙන මොන හුන්නස්ගිරියක් ද ?

    ReplyDelete
  57. ඉතින් ඒ බාප්ප දැක්ක දේ සාධාරණයි මම නම් හිතන්නෙ. මොකද ලගට ඇවිල්ල බලන්නයැ ඉන්නෙ කව්ද කියල...? එක නෙමෙ ලස්සනම වැඩේ ඉන්දරේට රෑ මොනවත් හිතුනෙ නැද්ද දන්නෙ නෑ.

    ReplyDelete
  58. Shaggy,
    බොටත් ජය්යෙන් ඉන්ජෙක්ෂන් ඕනෙ වෙලා වගේ....හෙහ්...හෙහ්...

    ReplyDelete
  59. ඇඩේනව ඇස්දෙකටම ලොකු අයියේ...හික්..

    ReplyDelete
    Replies
    1. නොහඬන්න දරුව කම්පා වී පලක් නැත

      Delete
  60. මේක මම කියෙව්වෙ ඊයේ ඒත් කමෙන්ට් එකක් දාන්න වෙලාව සෙට් උනේ දැන්, බැරි වෙලාවත් බාප්පා දැක්කා නං නයිටිය ඇඳන් ඉන්නෙ කොල්ලෙක් කියලා මොනා හිතයිද .........

    ReplyDelete
  61. පුතණ්ඩිය gay කියල හිතයි හෙහ් හෙහ්

    ReplyDelete
  62. මම කැම්පස් බාගෙට නැවත්තුවට කැම්පස් එකේ සෙට් වීම් ෆන්ෂන් වගේ දේවල් වලට දිගටම ගියා. ඔහොම දවසක් සෙට් වෙලා ගෙදර යාගන්න බැරුව යාලුවෙක්ගෙ ගෙදර ගියා ඌත් එක්කම. පාන්දර දෙකට විතර උගේ කාමරේ ජනේලෙන් ගෙට රිංගලා දෙන්නම දොයිය ගත්තා. අරූ ආතල් එකේ අන්ද උඩ. මම බිම පැදුරේ. මම ඔය දවස් වල කොන්දේ එහෙම වවලා හිටියේ. අනික මම සුදු කොල්ලා. (ලජ්ජාවෙන්). මූණ වහෙම්ම රැවුල වවලා හිටියත් මූණ බිත්තිය පැත්තට හරවන් නිදාගෙන හිටියේ. කොහොම හරි අරූගේ තාත්තා උදේ නැගිටලා කාමරේට ඔලුව දාලා බලලා. තාත්තා අරූ එලියට එනකන් කේන්තියෙන් පුපුරා පුපුරා ඉඳලා ආපු ගම න්කනෙන් අල්ලලා ඇහුවලු... "තෝ දැන් බීලා ගෙදර එනවට මදිවට ගැනියෙකුත් උස්සන් ආවද" කියලා.

    ReplyDelete
  63. මම මේ පෝස්ට් එක දැක්කේ දැන්නේ
    අපි එනකොට කස කාරයෝ විතරක් නෙමෙයි පෙරහැර ඔක්කොමත් ගිහින් නොවැ :(
    සරම් අඳින්නේ නැත උදවිය ගැනනම් දැනෙන්නේ කණගාටුවක් ඔබා මාමේ

    ඉතින් ඔබා මාමේ යාළුවට මුකුත් වැරද්දක් උනේ එහෙම නැහැනේද ඔයාගේ අතින්

    ReplyDelete
  64. සියල් එහම නෙමේ නේද නය්ටිය ඇදන් හිටියේ

    ReplyDelete
  65. මං නම් හිතුවේ 70 දශකයේ ගේ කුරුලු කතන්දරයක් කියලා! හිකිස්!!

    ReplyDelete