My followers

Monday 2 January 2012

කන්දක් විළිලා, කෙන්දක් වැදීම


ටෙලි ඩ්‍රාමා එකක් බලන්න ගිහින්, 2011 දෙසැම්බර් අන්තිමට ලියපු පොස්ට් එක ඉවර කරන් නැතුව මගදි නවත්තන්න වුනානෙ. ඉතුරු හරිය ලියන්න ඉස්සෙල්ල කොමෙන්ට් වලින් දැක්ක දෙයක් තමා, වෙජිටේරියන් වගේම, මාළු විතරක් කන අයත් , ඒවගේම ගවමස් නොකන අයත් බොහෝ දෙනෙක් ඉන්න බව. ඒ නිසා චිකන් සහ මාළු වගේම එළවලු වලිනුත් මේ 'ස්ටර් ෆ්‍රයි' එක හදන්න පුළුවන් කියල පෙන්නල දෙන්නත් හිතුන මේ ගමන්ම.


උඩින්ම තියෙන පින්තුරෙන් පෙන්නල තියෙන්නෙ මම ඒකට ගත්ත 'ඇට්ලෑන්ටික් සැමන් ' කියන මාළු ග්රෑම් 500 ක විතර ප්‍රමාණය. ඔය විදියම, රතු පාට, රසත් ලොකු වෙනසක් නැති, ' ටැස්මේනියන් සැමන් ' කියල වර්ගෙකුත් මෙහෙ තියෙනව. ලංකාවෙ නං මේ වැඩේට තෝර, බල, කෙලවල්ල, තලපත් එහෙමත් නැත්තන් මෝර වගේ මාළු ජාතියක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. ' තෝර බලයි ' වුනත් ප්‍රශ්නයක් නෑ.


මාළු පිළිබඳව යමක් කමක් ඉගෙන ගන්න අවශ්‍ය අය, අහන්න ඕනයගෙන්.


 
විශේෂ ඉල්ලීමක්
සිංහල බ්ලොග් ලෝකෙ,   මාළු පිළිබඳව එකම විශේෂඥය වන, 'ඕනයගෙ' බ්ලොග් එකට යන්න පුළුවන් මෙතනින්. මේ ලින්ක් එක හරහ ගිහිල්ල,  පෝස්ට් එක නොකියෙව්වත්, ඒකෙ වැටිල තියෙන කොමෙන්ට් පළවෙනි එකේ ඉඳලම කියවල කොමෙන්ට් එකත් දාල ගියොත් මගේ අවංක ස්තුතිය ඔබට.


දැන් බහිමු වැඩේට.
ඉස්සෙල්ලම අවන් එක සෙන්ටිග්‍රේඩ් අංශක 250 කට විතර රත් කර ගන්න. හරක් මස් කුට්ටිය අවන් එකේ විනාඩි 45 ක් විතර බේක් කර ගන්න. එහෙම කලාම ලැබෙන්නේ මෙන්න මේ වගේ මස් කුට්ටියක්.
දැන් මස් කුට්ටිය තමන් කැමති ගන කමට පෙති වලට කපල, ඒ පෙති කැමති බයිට් සයිස් එකට කපා ගන්න. පහලින් තියෙන්නෙ මං කපා ගත්ත විදිය.
ගෙදර තියෙන සෝස් ජාති ඔක්කොගෙන්ම මේස හැන්ද ගානෙ භාජනේකට දාල කහ කුඩු තේ හැඳි බාගෙකුයි, ගම්මිරිස් කුඩු තමන් කැමති ප්‍රමානෙකුයි ඒකටම දාන්න. කපා ගත්ත මස් ටිකත් ඒ බාජනේටම දාල හොඳට අතගාල, වහල, පැත්තකින් තියන්න. [කැමති ප්‍රමාණයක් ලුනුත් දාගත්තට කමක් නෑ, මං නං ලුනු දැම්මෙ නෑ, සෝස් වල ලුණු, විතරක් නෙමේ, විනාකිරිත් තියෙන නිසා]
ඉස්සෙල්ල පෝස්ට් එකේ, මම සඳහන් කරපු එළවලු, ළුනු, එහෙම මතකනෙ. ඒ එළවලුම නැති වුනත් ඒ වගේ එළවලු ජාති තමන් කැමති විදියට කපා ගන්න. මස් ග්රෑම් 500 න් හදනව නං ඔක්කොම ජාති එලවලුත් ග්රෑම් 500 - 600 කට වඩා වැඩි කරන්න එපා. හැබැයි තමන් කැමති එළවලු වැඩියෙනුත්, වැඩිය කැමති නැති ඒව අඩුවෙනුත් ගත්තට ප්‍රශ්නයක් නෑ.
මස් සහ එළවලු ඔක්කොම දාන්න පුළුවන් සයිස් ෆ්රයින් පෑන් එකක් ලිපේ තියල ඒකට බටර්, මාජරින් හෝ ඕනෙම කන්න පුළුවන් මේධයක්, මේස හැඳි දෙකක් දාන්න. ගින්දර ෆුල් වැඩි කරන්න එපා. තෙල් රත් වෙනකොට අබ තේ හැඳි බාගයක්, කෑලි මිරිස් මේස හැන්දක් [මිරිස් තමන් කැමති විදියට අඩු වැඩි කොර ගත්තට කමක් නෑ] රම්පෙ, සේර, කරපිංච, දෙකට හෝ තුනට පලපු සුදු ළුනු බික් තුනක් විතර දාල අබ ටික ඩාන්ස් දාන කන් රත්වෙන්න අරින්න. ආ..අමු මිරිස් කරලකුත් හීනියට ලියල දැම්මට කමක් නෑ, තලාගත්ත පොඩි ඉඟුරු කෑල්ලක් එක්ක. ඔය ටික රත් වෙන වෙලාවට එන්නෙ නියම සුවඳක්.
ඉස්සෙල්ලම ලිපේ තියෙන භාජනේට දාන්න කපාගත්තා කැරට් ටික.
බෝංචි එහෙමත් තියෙනව නං ඊගාවට දාන්න. දැන් අනිත් එළවලු තියෙන ඒව දාන්න. ඊටපස්සෙ මස් ටික දාල, මස් විනාඩි දෙකක් රත් වෙන්න අරින්න. 
අන්තිමට හතු ටිකත් දාල භාජනේ වහල, ගින්දර නිමල විනාඩි තුන හතරක් තියෙන්න අරින්න. ඊට පස්සෙ ඔක්කොම කලවන් වෙන්න හැඳි ගාන්න.

දැන් බඩු රෙඩි. වැඩේ සිම්පල් නේද?
මෙන්න 'එන්ඩ් ප්‍රොඩක්ට්' එක.
මම කුකුල් මස් සහ මාළු කපන්නෙ මෙන්න මේ ප්‍රමානෙට.


කුකුල් මස් හෝ මාළු ' ස්ටර් ෆ්‍රයි ' කරනව නම් එළවලුත් එක්ක එකටම දාල ෆ්‍රයි කරගන්න.

කුකුල් මස් හෝ මාළු වලින් 'ස්ටර් ෆ්‍රයි' එක හදනව නම් අවන් එකේ බේක් කරන්න අවශ්‍ය නැහැ, හැබැයි කටු නැතුව ගත්තොත් තමා හොඳ.
වෙජිටේරියන් අයට, මස් මාළු නැතුව, මේ විදියටම ' වෙජිටබල් ස්ටර් ෆ්‍රයි ' එකක් කරදරයක් නැතුව හදා ගත්තෑකි.

කොයි විදියට හැදුවත් හතු අන්තිමට දාන්න.
මේක ඔය පොඩ්ඩක් අනුමත වෙන කට්ටියට ' බයිට් ' එකක් හැටියටත් හොඳයි.

91 comments:

  1. ඇයි මේ හොඳට උයන්ට පුලුවන් පිරිමි ඔක්කොම කලින් බැඳලා තියෙන්නේ? :D

    ReplyDelete
  2. හපොයි. අලුත් අවුරුද්දේ ඉස් ඉස්සල්ලාම කමෙන්ට් එක මගෙන්....:D:D:D

    ReplyDelete
  3. හදල බලන්න ඕනෙ...පෙනුම නම් නියමයි රසත් ඒ වගේම ඇති ඉතින්...

    ReplyDelete
  4. අපේ කුස්සි බොහොමයක ඔය ඉරුම් පට්ටල නම් නැහැ ඔබා මාමේ.ගේමක් දීලා පිහියෙන් හීනියට කපා ගන්ට වෙන්නේ..

    ටැස්මේනියන් සැමන් වගේ නෙවෙයි ටැස්මේනියන් ඩේවිල් මස් වල රස..

    ReplyDelete
  5. මං දැක්ක හොදම රෙසිපිය. එන්ඩ් ප්‍රොඩක්ට් එක දැක්කම කෙ‍ළ උණනව.මට පේන්නෙ ඔබී අක්ක මේ අසර‍‍‍‍‍‍‍ණයගෙන් හොදටම වැඩගන්නව. පව්!

    ReplyDelete
  6. දැක්කාමනම් ආසාවේ බෑ. කොහෙද අපේ ගෙදරට ගේන්නේ කුකුළා විතර නොවැ.

    ReplyDelete
  7. ඔය තියෙන්නෙ පට්ට රෙසපියක් ට්‍රයි කරල බලමු..

    ReplyDelete
  8. අපි වැඩට යනෝ, පස්සෙ ඇවිත් ගේම දෙඤ්ඤං ඈ.. :))

    ReplyDelete
  9. රහ ඇති නේ ම්ම්ම්.

    ReplyDelete
  10. හ්ම්ම් කුකුලෙක් ආදේශ කරලා බලනවා ......... වැඩේට මාලුත් හොදයි ( තෝර )

    ReplyDelete
  11. මිදී තිත්තයි කිවුවලු... අපිට කොහෙන්ද බූල් බල්ලෝ.

    ReplyDelete
  12. මමත් අනිවා හදනවා ඔබා මාමේ.. අම්මේ කටට කෙලත් උනනවා... :)))

    ReplyDelete
  13. @ පොඩි කුමාරිහාමි,
    2012 පලවෙනි කොමෙන්ට් එකට තෑන්ක් යූ, වෙරි මච්.
    කලින්ම බැන්දට, ඔබී ඉන්නකොට උයන්නෙ නෑ, ලේසියට.

    @ හරී,
    පෙනුම වගේම නියමෙට ආව රසත්

    @ ඉඳුනිල්,
    ටැසී ඩෙවිල් කෑවොත් [හොයාගන්න එපෑ කන්න] හිරේ විලංගුවෙ තමා, වඳ වෙලා ඉවර වෙලා, ආයෙත් ඉන්නවා කියල කියන වර්ගයක්.

    @ රාජ්
    ඔබී ඉන්නව නං මලාට උයන්නෙ නෑ...හෙහ්...හෙහ්...

    @ පූසා
    ඇයි බොලේ ඔය දාල තියෙන්නෙ කුකුළ උයන හැටිත්.
    දීල තියෙන ලින්ක් එකෙන් ඕනයලගේ දිහාවෙ ගියේ නැතෙයි?

    @ වර්ණා
    කරල බලන්න ඕක, එනව නියමෙට

    ReplyDelete
  14. කුකුල් මස්, මාළු අවන් එකේ දාන්න ඕනද ?කුකුල් මස්, මාළු අවන් එකේ දාන්න ඕනද ? කොච්චර වෙලාවක් ද ?

    ReplyDelete
  15. @ cjgayan
    ට්‍රයි කරලා බලන්න අත් දුටුවයි, සත්තයි, මා කල දුන් ගුරු කොමක් වැරදුනේ නැත, හරි නොගියොත් මුදල් ආපසු...

    @ Buratheno
    අර ඊය එනකං තාම බලා ඉන්නවෝ....

    @ න දී
    බය නැතුව ට්‍රයි කරල බලන්න

    @ sameera
    කුකුලත් නියමෙටම එනව

    @ අසරණයා
    එ මොකද බොලේ එහෙම කිව්වෙ, ඕක හදන්න ගෑල්ලමයි හෙම ඕනෙ නෑ, කොල්ලන්ටත් හදා ගත්තෑකි

    ReplyDelete
  16. අවුරුදු සුභයි වගේ!

    කටට කෙළ ආව! කෝ අර අයිස් ටී?

    ReplyDelete
  17. @ Anonymous,
    සොරි ඒක පැහැදිළිව කියල නැහැ මම, කුකුල්මස්, මාළු අවර්න් එකේ දාන්න අවශ්‍ය නෑ..

    ඒක පෝස්ට් එකට ඇඩ් කරන්නම්. තෑන්ක් යූ.

    ReplyDelete
  18. ටොපික් එක දැක්කහම මන් හිතුවෙ.. පොඩි බඩ ගෙඩියකුත් තිබ්බා අර ගිය සයිබර් සැනකෙලිය කාලෙ.ආස්සරේ කලෙත් ඕ.ඕ...ඕ..ඕනි නෑ එක්කො ඔව්වා...ඔබී අක්කත් ගෙදර නැති වෙලාවෙ..හම්බ වුනාවත්ද ළමයෙක් වත් කියලා ????!!!! ආආආආඅ මේ අර කෑම නේ.. ඉතින් කළුවාට දුන්නද ඕකෙන් එක කෑල්ලක්වත් ?

    ReplyDelete
  19. අනෙ අප්පෙ මගේ නං හිත ගියේම අර *තු හැඩේට කපපු හතු වලට..(ඒ හතුම වෙන්ටෑමයි හිතේ...) එන්ඩ් ප්‍රොඩට්‍ටුව බලංම ඕං සොට් එකකුත් දැම්ම..... නව වසරේ සෝක් පෝස්‍ටු පොඩ්ඩ... මේ වසරෙත් හීනියට නවාගෙනම හිටියෑකි..... තැංකූ..... ඔබඔබා....

    X-Porter

    ReplyDelete
  20. මරුනෙ... නොයෙක් විදියෙ ස්ටර් ෆ්‍රයි හදල තියෙනව... මේකත් ට්‍රයි කරල බලන්න ඕන... හැබැයි මකුල් කුස් තමා... මරක් හස් ගේන්නෑ අපේ ගෙදරට...

    අනේ ඔබා මාමෙ පෝස්ටුවේ ඔක්කොම මට පේන්නෙ නෑනෙ... සමහර තැන්වල ග්‍රීක් අකුරු... මට විතරද මන්දා එහෙම පේන්නෙ... යුනිකෝඩ් නෙමේද පාවිච්චිය....

    ReplyDelete
  21. ශීහ්..... කී බෝඩ් එක පුරාම කෙල.....

    ReplyDelete
  22. යකෝ මේකා මරැ කෝකියෙක්නේ.. රාජ් කිව්ව වගේ ඔබී අක්කා ගොඩ.. සෑමාගේ සෙදුරිය 'කිටී' ගෙදර ගෙනාපු දවසට හදවනවා ෂුවර්.. මේ පෝස්ට් මම බදිනකල් මකන්ට එපා ඔබා.. :)

    ReplyDelete
  23. කවද කාපු මාළුද? මට නම් හොඳයි වෙජිටබල් එක...ම්ම්ම් දැක්කම ආසාවේ බෑ.

    ReplyDelete
  24. @ ඉන්දික උපශාන්ත

    අයිස් ටී කොහෙද ඔබා ලඟ?
    ඒවා හැම තැනම නෑ, හැමදාම නෑ!

    ReplyDelete
  25. අර බේක් කිරීම අනවශ්‍ය වැඩක් බව මගේ රෙසිපියට අනුව කිව හැක!

    ReplyDelete
  26. අද මම තනියම සමරන්න ඉන්න මගේ උපන්දින පාටියට මේක නියම කෑමක් වගේ.. අඩුම කුඩුම ටික හොයා ගන්න පුළුවන් උනොත් ඉක්මනට ඇත්තමයි මම අද මේක හදනවා...

    ReplyDelete
  27. මරු කෑමක් වගේ අර මුලින් රාජ් කීවා වගේ ඔබී අක්කා අය්යාව මරවලා වෑඩ ගන්නවා වගේ.කටනම් හිතෙන්නේ කෙල්ලොන්ට වඩා හොදට කොල්ලොන්ට උයන්න පුලුවන් කියලා.කම්මෑලි කම නිසා උයන්න පෙලඹෙනවා අඩුයි ඒකයි අවුල.

    ReplyDelete
  28. ඔබා අයියේ ලංකාවට වරෙන් බං..අපි දාමු ලොකු කෑම කඩයක්..උඹ තමයි ඒකේ හෙඩ් කුක් ඔං........

    ReplyDelete
  29. කටට කෙලත් ඉනුවා. හිටින් මාමේ මම් පාන් රාත්තලක් ගේනකන්.
    අඩේ මාමලෑ රටේ මස් නිකන් කොඩොල් අල වගේ නේ. ඒ පාටමයි. ලේ පාටක් ඇත්තෙම නෑ.

    ReplyDelete
  30. ඕක කන්න බෑ බොලව්.. රැවටෙන්න එපා.. ඔක ෆට්ට ඇඹුලයි... ලුණුත් කෑ.. පුස් රහකුත් එනව වගේ...

    ReplyDelete
  31. ඔබා කුස්සියට රජ වෙලා ඈ. හිටින්කො මගෙත් රෙසිපියක් මග එනවා. ඇයි බොලව් හැමෝම හිටු කියලා කෑම හදන හැටි දානවා. මෙව්වට රිටන් එක දෙන්නම්කො.

    ReplyDelete
  32. මාත් අමාරුවෙන් හරි හදල බලන්න ඕනෑ..
    ඔබා මලයගෙ බ්ලොග් එක SBU සින්ඩියෙ පේන්ට නෑනේ ...

    ReplyDelete
  33. ඇත්තමයි අප්පා...පොඩීට හිතුන දේම මටත් හිතුනා...දිල්ගෙ වෙන්න මහත්තයට තේ එකක් හදා ගන්නවත් බැරිද මන්දා....ඉතින් කොහෙ කෑම හදන්නද ? අපරාදේ...එක්කෝ අපි ඒ කාලේ ඉපදෙන්න තිබ්බා...නැත්තම් මෙයාලට නොබැඳ ඉන්න තිබ්බා....අපි උපදිනකල්වත්....හි හී හී...ඔබී මේක දැක්කොත් විනාසයි
    ......

    ReplyDelete
  34. @ මිහිරි ..
    මටත් ඒ වගේම තමයි ..
    චීන අකුරුයි ජපන් අකුරුයි .. තව රුසියන් ද කොහෙදො .. කවලමට තමයි සමහර කොටස් පේන්නෙ.

    ReplyDelete
  35. බීෆ් ස්ටර් ෆ්‍රයි එකනම් රස පාටයි මාමේ.....! කටට කෙලත් ඉණුවා.....!

    ඔටු දේස් නම් සැමන් කන්න ගියොත් මාසෙ පඩියෙන් භාගයක් විතර වියදම් වෙනවා.....

    ReplyDelete
  36. හප්පෙ ඇති යන්තං හදන හැටි දැම්මා ගිය සතියෙ බඩගින්න තාම තියනවා. ඔය බොරුද මං අහන්නේ

    ReplyDelete
  37. ට්‍රය් එකක් දීලම බලන්න ඕනේ... බීෆ් තමා හදන්න හිත. කොහේ.. මේ ටිකේ කාබොනාරා ඇන්ඩ් පැස්තා හදන්න සෙට් උනා නේ.. දැන් එක ඉවර වෙලා යන්නේ ඔබා රෙසපියට.. ඔන්න ඔබා මාමා කියපු හින්ද ඕනය ඉන්න දිහාවෙත් ගියා..

    ReplyDelete
  38. අපි ඉතින් කවදද ඉවුවේ ? මේ ටික මුද්‍රණය කරලා තියාගත්තා නම් මම බැඩ්න්හ දාකට මගේ ගෑනිටවත් කියලා මේ කෑම හදව ගන්න හැකි වේවි නේද ?

    ReplyDelete
  39. නැන්දා පොඩ්ඩකට එහෙ මෙහෙ උන ගමන් රජ මගුල් නේද.. ඉදපන් මාමේ මම ඔහෙට ඇවිල්ලා හරි නැන්දට කියනවා.....
    මොක උනත් වැඩේ නම් නැගලා යනවා වගේ... නැද්ද හා......... ?

    අහින්සක....

    ReplyDelete
  40. ඔබා සරණියෙන් මාර සරණියට පහර ගහන්න වගේ යන්නේ,,කෙල්ලෝ ඇවිල්ලා ඉන්න හැටි පේනවා නේ අරූගේ රෝල්ස්,රොටි කාලා ඇති වෙලා නේ ඉන්නේ දැන්...
    ඔය සැමන් මාලු නම් මමත් ආසම මාලු වර්ගයක් කෑම වර්ග ගොඩක් හදන්න පුලුවන් ඕකෙන්,,,,හීනි පෙති කපලා අමුවෙන් උනත් කන්න පුලුවන් දෙහි,විනාකිරි ,වගේ දාලා

    ReplyDelete
  41. ඔච්චර විලිලන්න ඕන නෑ බයිට් හදන්න. ඔබා මේක ගව මස් කන අයට. මස් හොඳින් සෝදා වතුර බේරෙන්ට ඇරල ලුනු වතුර ටිකක් ඉහල පොඩි කෑලි වලට කපල ගැඹුරු තෙලේ බැද ගන්න. වෙන මොනවත් ඕන නෑ. උම්බලකඩ වගේ මරු බයිට් එක. ගම්මිරිස් අරව මේව කිසි දෙයක් අවශ්‍ය නෑ. හැබැයි ගානට බැදෙන්න ඕන. කර වුනොත් වැඩක් නෑ.
    ඔය ඇට්ලැන්ටික් සැමන් වලට මම නං ආස නෑ. නිකම් දිය රහයි.

    ReplyDelete
  42. කටේ කෙල උනමින් පවතින නිසා වැඩිදුර මුකුත් නොකියමි !!

    ReplyDelete
  43. නියම බයිට් එකනෙ ඔබා මාම අවුරුද්දට හදල තියෙන්නෙ.
    ඇත්තටම මොකක්ද අර මස් කපන ඉරුම් පට්ටලේ...

    ReplyDelete
  44. නරකද ඔබා ආයිත් මෙහෙ ඇවිත් කේටරින් සර්විස් එකක් පටන් ගත්ත නම්.. එල මෙහෙ කුලියට උයන මිනිස්සුත් ප්ලේට් ගානට ගනන් හදන්නෙ, රුපියල් 35ක් 40ක් ගන්නව දානයක් එහෙම උයන්න. අපේ ගෙදර මස් ජාති මොකුත් උයන්නෙ ගෙනෙන්නෙ නෑ

    ReplyDelete
  45. තෑන්ක් යු ඔබා මාමේ!
    ෆ්‍රිජ් එකේ සති ගානක් ගල් වෙලා තියෙන සැමන් චන්ක් එක මෙහෙම හදල බලන්න ඕනේ :D

    ReplyDelete
  46. කුකුලු මස් වලින් දවසක හදලා බලන්න ඕනෙ.සෝස් තමා ගෙදර නැත්තෙ.ටිකක් එවන්න බැරිද ඔබා මාමෙ???

    ReplyDelete
  47. ඔන්න මාමේ උඹට බඩේ අමාරු හැදුනොත් එහෙම මාව විතරක් අල්ලගන්න එපා...
    මමත් ඉතින් උයන පිහන වැඩ වලට බොහෝම කැමති කෙනෙක්නෙ
    ලංකාවට ගියාම මේක ට්‍රයි කොරල බලන්නම්
    එතකන් බලල කෙල ගිලින්න හරි මේ පෝස්ට් එක මකන්නේ නැතුව තියන්න කියල තමයි කියන්න තියෙන්නේ

    ReplyDelete
  48. අම්මපා මේ දාලා තියෙන ෆොටෝ ටික නම් මරේ මරු. මොකද කෑම නොහදම ෆොටෝ ටික කාලා බඩ පුරව ගන්න පුළුවන්.
    එක් නෙවෙයී හැබෑටම දැන් ඔබා මාමා හදන්නේ අර මාර අයියගේ මාර සරණියට එරෙහි ඔබා සරණියක් පටන් ගන්නද?

    ReplyDelete
  49. දැක්කත් බඩ පිරෙනවා~උභ අලුත් අවුරුද්දක් වේවා ඔබානිස්ට~

    ReplyDelete
  50. @ සිංහයා,
    'ඔබී' ලංකාවට ගියාම මට අවුරුදු සහ නත්තල් ඔක්කොම එකට :-)
    අයිස් ටී තියෙන්නෙ 'කතන්දර' ගාවනෙ

    @ Weni
    ජය්ය ගැනද කිව්වෙ?
    'කළු' වෙනියව මතක් කොරන්න කිව්ව :-)

    @ X-Porter
    හා...හා..'මජ්ජ පමා' හොඳද?

    @ Miyuru
    'යුනිකෝඩ්' ඒ මොකද්ද? මන් ටයික් ගහන්නේ මෙන්න මේකෙන්
    http://www.google.com/transliterate/Sinhalese

    @ uwiniran
    ඊයා... :-)

    @ sAm sRi
    දන්වැලක් හොයා ගත්තයි?

    @ Shani
    වෙජිටේරියන් කට්ටියට වැඩේ ලේසියි, මස් නැතුව එළවලු 'stir fry' දාන ගන්න එක විතරයි තියෙන්නෙ

    @ ඊ මේල් කවිකාරි
    අප්‍රියෙල් ලංකාවට එනකොට එකක් ගෙනල්ල දෙන්නන්

    @ කතන්දර Kathandara
    ඔව් 'රෙයාර්' කන්ඩ කැමති කට්ටියට බේක් නොකර හොඳයි.

    ReplyDelete
  51. @ Dinesh,
    Wish you a happy birthday & many happy returns of the day

    @ අසංක
    මේ කොමෙන්ට් එක 'ඔබී'ට පෙන්නන්නම ඕනෙ. -)

    @ ඊ මේල් කවිකාරි
    යාලුවගෙ බ්ලොග් එක පැත්තෙ දැන් ගිහිං බලන්න, කොච්චර දියුණු වෙලාද කියල එක දවසට.

    බුද්ධි ප්‍රසාද් [කෙහෙල් කොටුවේ පොඩි එකා] ගෙ ෆේස් බුක් පේජ් එකත් චෙක් කරල බැලුව නං අගෙයි

    @ Raj
    අපි කෑම කඩ දැම්මොත් ඊළඟට ඉපදෙන්නෙ කටවල් නැති වුන් :-)

    @ මධුරංග
    හ්ම්.. ඒ වුනාට කියන්නෙ 'රෙඩ් මීට්' කියල

    @ පැණි දොඩම්
    ඊරිසියා කාරය.... :-))
    @ පිණිබිඳු
    ගෑල්ලමයි උයන එව්ව කාල කට්ටියට එපා වෙලා ඇත්තෙ....හෙහ්...හෙහ්....

    @ kumaraya
    'SBU සින්ඩියෙ' මොකද්ද බොලේ ඒ?
    ට්‍රයි කොරල බලන්න, ඕක සෑහෙන වාරයක් පාවිච්චි කරල තියෙන රෙසිපියක්.

    @ දිල්,
    //තේ එකක් හදා ගන්නවත් බැරි//
    එහෙම තමා මාත් ඉන්නෙ ඔබී ගෙදර ඉන්නකොට...හෙහ්...හෙහ්...

    @ කුමාරය
    අකුරු පිලිබඳ දෙවැනි කොම්ප්ලේන් එක, මං නං දන්නෑ මොකද කොරන්නෙ කියල, බලමු දන්න කෙනෙක් කොමෙන්ට් එකකින් වත් උපදෙසක් දෙයිද කියල.

    @ දුමී
    මෙහෙත් කිලෝ එක $ 26 - 30 අතරෙ, ඉඳල හිටල $ 10 ට ස්පෙෂල් දාපුවාම ටිකක් වැඩිපුර ගෙනල්ල වේලකට ගන්න සයිස් පෝෂන් වෙන් කරල ඩීප් ෆ්‍රීස් කරනව.

    ReplyDelete
  52. @ Loku John
    එහෙනං මේ අවුරුද්දෙ වත් බඩ කට පිරෙන්න කමු බොමු :-))

    @ ක්සැන්ඩර් | Xander
    හදලම බලන්න, මම කීප සැරයක්ම හදල තියෙනව, හැම සැරේම ටොප් එකට ආව, වරදින්න තැන් බොහොම අඩුයි.
    තෑන්ක් යූ, ඕනයට සපෝර්ට් එකක් දුන්නට

    @ සඳරු,
    මේව ගෑණු හදන එව නෙමේ, 'පිරිමි ස්පෙෂල් '

    @ අහින්සක
    නැන්ද එහෙ මෙහෙ වෙච්ච ගමන්, මෙහෙ නත්තල් අවුරුදු ඔක්කොම එකට සමරනව.

    @ ItalyDilan
    මෙහෙත් ඒ හීනියට පෙති කපපුව ඕන්නං ගන්න තියෙනව, සැන්විච් වලට මරු

    @ nihal gurusinghe
    මං හදන විදියට 'මීඩියම්' වගේ එන්නෙ, ඕකම බේක් නොකර ගත්තොත් 'රෙයාර්' වගේ එනව . වැඩි වෙලාවක් fry කලොත් 'වෙල්ඩන්' විදියට.
    මහන්සිය නොබලා හැදුවොත් , බයිට් එකත් එක්කම එළවලුත් කැවෙනව, රසත් හොඳයි.

    @ Praසන්ன
    ඒක මස් විතරක් නෙමේ ගෙදර හදන පාන්ගෙඩිය කපන්නත් ගන්නව. නියම භාන්ඩෙ, මි.මි. 2 - 50 ඝන කමට පෙති කපන්න පුළුවන්.

    @ රන්ජිත්
    අපි පටන් ගත්තොත් කේටරින්,අලුතෙන් ඉපදෙන එවුන් කටවල් නැතුව උපදී

    @ niroshini
    එහෙනං දැම්ම එළියෙන් අරං තියන්න. මෙහෙ නං කිලෝ එක 26 - 30 අතරෙ , ඔහෙ කොහොමද ගණන්?

    @ නිසුපා
    'ගෙදර යන ගමන් ' කියන තැනට ගිහිං බලන්න, මෙහෙ තියෙන ඒව හැම ජාතිම වගේ තියෙනව දැක්ක, එක එක සෝස් නැති වෙන්න බෑ

    ReplyDelete
  53. @ ලොකු පුතා
    ඇයි, ඉන්න පැත්තෙ ඕන කොරන දේවල් හොයා ගන්න නැද්ද, එහෙම නැත්තං උයන්න පහසුකම් නැද්ද?

    @ බට්ටි
    ආයේ රෙසිපි නොදාන්නයි හිතා ඉන්නෙ, ඔබී තව දවස් කීපෙකින් එනව. :-))
    මේ බට්ටියි, 'අන්තිම පේළිය' බට්ටියි එක්කෙනෙක්ද ?

    @ Sabith
    සාබිත්ටත් 'සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!'

    ReplyDelete
  54. https://www.keellssuper.com/defaultnew.asp බොරු නම් බලන්න පින්තුරේ එක්කම තියෙනවා

    ReplyDelete
  55. ආන්ඩුවේ අවවාදය:-අලුත් අවුරුද්දේ මස් තෙල් සහිත ආහාර ගැනීම අගුන බවත් කොලෙස්ටෙරොල් වැඩි කිරීමට හේතුපාදක වෙන බවත් සියල්ලෝම තරයේ සිතට ගනිත්වා.
    ඔබී ගෙදර නැති වේලේ තමුන්ට කෑමට තහනම් ආහාර උයාගෙන කනවා මදිවාට එවුවාට ප්‍රසිද්දියක් දීම මගින් ඔබා අනිත් අහින්සකයින්වත් අමාරුවේ දැමීම ගැන ඔබීට කොම්ප්ලේන් කරනවාමයි..

    ReplyDelete
  56. මේවා විදේසීය කුමන්ත්‍රණ අප්පා . . .

    කටේ කෙල ටික ඔක්කෝම කී බෝඩ් එකේ . . ශික් . .

    ReplyDelete
  57. මට තේරුන්නෑ අනේ මොකද්ද මේ කියලා තියෙන්නේ?
    මේ බට්ටියි, 'අන්තිම පේළිය' බට්ටියි එක්කෙනෙක්ද ?

    ReplyDelete
  58. මේක හදල කෑවට පස්සේ මක්කැයි උනේ.

    ReplyDelete
  59. @ ඊ මේල් කවිකාරි
    නීසුපට තමා සෝස් හොයා ගන්න බෑ කිව්වෙ, බලමු එයා ආයෙ මේ පැත්තෙ එයිද කියල.

    @ සරත් ලංකාප්‍රිය
    කොහෙද ගල් ගෙඩියක් යට හැංගිලා ඉඳල, එලියට ඇවිත් දැන් කේලන් කියන්නද ලෑස්තිය? :-))

    @ දුකා
    මේක හදනවා නං ඔහෙ [අරාබි හංදියේ] අමු ද්‍රව්‍ය හිඟයක් නෑ නේද?

    @ බට්ටි
    'අන්තිම පේලිය' කියල සාමුහිකව ලියන blog සයිට් එකක් තියෙනව. ඒකෙත් 'බට්ටි' කෙනෙක් ඉන්නව.
    http://tlr.thelastrow.net/

    @ රෙප් මහත්තයා
    තාම නං fuse එක ගහල ගියෙ නෑ :-))

    ReplyDelete
  60. කෝ බොල මාමේ මගේ කමෙන්ට් එක.. මම මේකට කමෙන්ට් කලේ පබිලිශ් කරපු ගමන් නෙව... වැදිල වැඩි වෙලා වෙන බ්ලොග් එහෙක පෝස්ට් කලාවත්ද ??

    ReplyDelete
  61. // ආයේ රෙසිපි නොදාන්නයි හිතා ඉන්නෙ, ඔබී තව දවස් කීපෙකින් එනව. :-)) //

    ආ දැන් කස්ටිය ලෑස්ති වෙන්න, තුන්වෙනි ලෝක යුද්ධෙ පට්ටාං ගන්නලු යන්නෙ.. අර එදා පෝස්ට් එකේ කියපු පියාඹන පීරිසි එහෙම දකින්න පුළුවන් වෙයි.. ඔබාව අවසානවරට පණපිටින් දකින්න කැමැති අය දැන්ම යන්න, තව සීමිත දින කීපයයි තියෙන්නෙ..

    ReplyDelete
  62. @ පිස්සා,
    මං ජී මේල් ඉන්බොක්ස් එකත් චෙක් කොලා...ම්හු ඔහෙ නෑ...උඹ වෙරි මරගාතෙ වෙන කොහෙ හරි පෝස්ට් කරන්න ඇති :-))

    @ බුරා,
    දැන් ෆුල් රෙඩි වෙලා ඉන්නෙ...ගේ අතුගාල, මොප් කොරල, හිස් බෝතල් බින් එකට දාල එහෙම.....බින් කලෙක්ෂන් දවස, ඔබී එන්න දවසකට කලින්... :-))
    [ අර පෝස්ට් එකේ උඩ දීල තියෙන ලින්ක් එකෙන් ඕනයගේ බ්ලොග් එක පැත්තෙ ගිහින් ආවෙ නැද්ද, මේ දවස් දෙකට පොර නැගලම ගිහිල්ල, අඩු ගානේ කොමෙන්ට් ටික වත් කියෝල, ෆුට් ප්‍රින්ට් එකක් තියල ආවොත් නං අගෙයි]

    ReplyDelete
  63. @ බුරා,
    පින්තුරෙ හංගල තියෙන කුනුහපරේ දැක්කෙ නෑනේ තාමත්, පොල් මෝල් කතාව නෙමේ, බුරා වලිගෙ පාගන් ඉන්නෙ ...හු..හු..

    ReplyDelete
  64. අඩේ අර පෙති කපන මැසිමනං එළ... නිකං ඉන්න එකේ බැරිද ඔබා අයියෝ බොලාගේ බඩ ගෙඩියේ ඉස්සරහ පැත්තත් ඒකට දාලා සැහැලා ගන්න...

    @දිල්...

    අනේ ඒ අහිංසකයා ඉව්වේ තේ බිව්වේ නැතිවට මොකද ඒකා ලොකු කරුමයක් නෙව කොරලා තියෙන්නේ දිල් හදන ජාති කන්ට වෙලා...

    ReplyDelete
  65. එහෙමනං අර ගිනිපෙට්ටියෙ දකුණු පැත්තෙ යට තියෙන 'රෙඩ් හෙඩ්' එක ගැනද ඔය කියන්නෙ.!? (මයෙ තියෙන කුප්පකමටද මන්දා මට ඒක පේන්නෙ එහෙමයි)

    ReplyDelete
  66. ඔබී ඉක්මනට එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා...අපිට තව රෙසිපි ටිකක් දැන ගත්ත හැකි...:)

    ReplyDelete
  67. @ මාරයා,
    දැන් කොල්ලව දැක්කොත් ඔහොම කියන්නෙ නෑ, ලඟදි ගත්ත පිතුරයක් ඕන්නං එවන්නං, හැබැයි යාළු නළුවෙක්ගෙ කියල කාටවත් කියන්නෙ නැත්තං :-))

    @ Buratheno
    යාන්තං ඇති දැක්ක හෙහ් හෙහ්

    ReplyDelete
  68. @ සයුරි
    දැනුත් කතා කළා, නෝ සච් ලක් :-))

    ReplyDelete
  69. මං ඒක කලින්ම දැක්කා.. ඒ වුනාට මං හිතුවෙ ඒ තියෙන්නෙ ඒ ගෑණු දැරිවිගෙ අත, මයෙ තියෙන කුප්පකමට මට එහෙම පේනවා කියලයි.. :D

    ඔබාට මතකද අර පින්තූරයක් තියෙනවා 'How to test if your mind is corrupted' කියලා අර ඩොල්ෆින්ලා වගයක් (සහ කපල් එකක්) ඉන්න.. ඔය ඩොල්ෆින්ලා 9දෙනා හොයාගන්න මට පැයක් විතර ගියා නෙවැ.. :D

    ඒක දැකලා නැත්තං මෙතනින් බලාන්ට.. How to test if your mind is corrupted

    ReplyDelete
  70. ඔබී ගෙදර එනකොට කුස්සිය කක්කුස්සිය වගේ කියයි...වලං පිහං ටික හොඳට හේදුව නේද....

    ReplyDelete
  71. @ ඔබ නොදු‍ටු ලොවක්
    බිම අතු ගාල මොප් කළා, හිස් බෝතල් අයින් කළා, හෙට එන්නේ කියල අද තමා වලන් පිගන් හෝදන්න ඉන්නෙ :-))

    @ බුරා,
    ඒ අතේ මං හරහට ඇඳපු පෑන් පාර පේන් නෑ නේද :-)) ?

    තාම එක ඩොල්ෆියෙක් දැක්කේ නෑ...
    Thanx for the link

    ReplyDelete
  72. ඇයි ඔබා කෙල්ලගෙ අතේ පච්චයක් කෙටුවෙ? මුලින් මං හිතුවෙ පිංතූරෙ ජාලෙං ගත්ත එකක් කියල. හපොයි මුන්දැ නෝන එනකොට දුං කෝච්චියක් වෙලා ඉඳියි මට හිතෙන්නෙ.

    ReplyDelete
  73. @ ඊ මේල් කවි කාරි,
    දුම් සහ දුමට අදාළ භාණ්ඩ [ගිනි පෙට්ටිය හැර] මගේ නොවේ, දුම අත ඇරල සෑහෙන කාලයක් දැන්.

    ReplyDelete
  74. මං හිතුවෙ ඒක ටැටු එකක් කියලා.. :)

    අර ඩොල්ෆියො මාත් දැක්කෙ නෑ සෑහෙන වෙලාවක් යනකං, අන්තිමට යාළුවෙක් තමා එකා එකා ඇගිල්ල තියලා පෙන්නුවේ.. :D

    ReplyDelete
  75. @ Buratheno,
    යාළුවගෙ දුම් ආම්පන්න පින්තුරෙ ගන්න කොට, ඌ තම අයිඩියා එක දීල කිව්වෙ කී දෙනෙක් නෝටිස් කොරයිද කියල බලමු කියල.

    මටත් ඩොල්ෆින්ස් හොයා ගන්න බැරුව ගියා, මාත් එක්ක වැඩ කරන පොරකට පෙන්නුව ගමං, නම දෙනාම වෙන වෙනම පෙන්නුව ඌ.
    [ උගේ වයස හැබැයි 68 ක් :-)) ]

    ReplyDelete
  76. ඉස්සෙල්ල ඩවසෙම ඔන්න මම ආපු ගමන් කියෙව්වෙ කෑමක් ගැන..කෑවෙ නැතත් පින්තූර ටික දැක්කම කටට කෙළ උනනවා.. :D

    ReplyDelete
  77. මේ කෑම හදන එව්වමනෙ කට්ටිය දැන් ලියන්නෙ. අපි ඉතින් බත් පාන් වලට එහා දෙයක් කන එකක්යැ.

    ReplyDelete
  78. අනේ මන්දා බොලව්. දොස්තරලා සින්දු කියනවා, දේශපාලුවො රඟපානවා, ඉන්ජිනේරුවො උයනවා?
    henryblogwalker the Dude

    ReplyDelete
  79. @ සිත්රූ සිහින
    සාදරයෙන් පිලිගන්නවා. ආයෙ රෙසිපි නොලියන්න හිතන් ඉන්නෙ. නැවත හමුවෙමු.

    @ Outsider ,
    එහෙම කියන්න එපා, හෙහ්..හෙහ්...ඉඳල හිටලවත් වෙනස් දේවල් කාල බලන්න එපෑ....
    :-)

    @ Dude
    'නොදකින්ඩ ' මෙච්චර දවස් ගිහින් හිටියෙ කොහෙද? අපිව අමතක වෙලා කියල හිතුන :-))

    ReplyDelete
  80. ඔබා අයියගෙන් අහන්න අමතක වුනා.. අර මං මැච් බලන්න කියලා දුන්නු ලින්ක් එක වැඩද..??

    ReplyDelete
  81. @ Bura,
    මම ඒ සයිට් එකට ගියා, ඒක තුල අවශ්‍ය තැනට යන්න පොඩි අපහසු කම් වගයක් ඇති වෙලා මගදි අත ඇරල දැම්ම. දැනට ඔස්ට්‍රේලියාවෙ යන මැච් එක 'ෆ්‍රී ටු එයාර්' ටී.වී එකේ පෙන්නන නිසාත්, ලංකාවෙ මැච් එක 'ඊ.එස්.පී.එන්. ක්‍රික්ඉන්ෆො' සයිට් එකෙන් බලන නිසාත්, ආපහු බුරා දුන්නු ලින්ක් එක ට්‍රයි කොලේ නෑ

    ReplyDelete
  82. එහෙනං සමහරවිට plugin හරියට වැඩ කරන්නෙ නැතිව ඇති.. මමනං මේ දැනුත් ඒකෙන් ඔසී මැච් එක බලන ගමන්..

    ReplyDelete
  83. ඔන්න අද තමයි හරි හමන් වෙලාවක් ලැබුනේ පෝස්ට් එක කියවන්න...

    නංගි පෙන්නලා අක්ක දුන්නා වගේ වැඩක් නෙ කරලා තියෙන්නේ...

    මාළු වලට මනාපයී..හරක් මස් වලට නොමනාපයි... කමක් නෑ මාළු ආදේශ කරලා බලමු.

    ReplyDelete
  84. ඇත්ත තත්වෙ

    http://www.facebook.com/photo.php?fbid=337009072984317&set=a.169579949727231.37365.100000256806646&type=1&theater

    ReplyDelete
  85. @ බුරා,
    තෑන්ක්ස්, මන් ආයෙමත් ට්‍රයි කලේ නං නා තාම

    @ kandyan ,
    මාළු එක්ක එක්ක ට්‍රයි කළා මම, නියමෙටම ආව.

    @ බුද්ධි,

    අහෝ බුද්ධික, නොදිටි මොක්පුර.

    http://​ornaya.blogspot.com/2009/​08/​12-most-annoying-types-of-f​acebookers.html#comment-fo​rm

    මේ ලින්ක් එකෙන් ගියොත් එකෙක් දෙවිනේ කියල ඉස්සෙල්ලම ලියපු බ්ලොග් පොස්ට් එක ගලෝල දාල කියල දැක ගන්නට හැකි වෙයි. හැබැයි බුද්ධියට සිද්ද වෙන්න යන දේ ගැන..... නෑ ඒක ගැන පස්සෙ කථා කොරමු.

    ReplyDelete
  86. මම රස්සාවට ගිය අළුත, ජ්‍යේෂ්ඨ වෛද්‍යතුමෙක් මට උපදේශයක් දෙනවා මෙන්න මෙහෙම.

    "මල්ලී, කුකුල් මස් කෑල්ලක් නොකෑවොත් ජීවිතෙන් කාලක් නෑ"
    "මල්ලී, හරක් මස් කෑල්ලක් නොකෑවොත් ජීවිතෙන් බාගයක් නෑ"
    "මල්ලී, ඌරු මස් කෑල්ලක් නොකෑවොත් ජීවිතෙන් තුන් කාලක් නෑ"
    "මල්ලී, ඔය මස් මොකක් හරි එක්ක අඩියක් නොගැහුවොතින් ජීවිතයක් නෑ"

    ReplyDelete