My followers

Wednesday 7 December 2011

" The Telegram "

පින්තුරෙ ගුගල් වෙතින්

" ඔබ මේ පිවිසෙන්නේ පෞරාණික වෙහෙර විහාර, ගල්ලෙන්,  ගිරි ශිඛර,  වලින් අනූන වූ ඓතිහාසික රාජධානියක්ව පැවති,  හස්ති රාජ පුරවරයටයි"

මේ වචන සෙට් එක කුරුණෑගලට ඇතුල්වෙන ප්‍රධාන පාරවල් පහේම,  ටවුමෙ  ඉඳල කි.මී 2-3 කට එහායින්, කාර් එකකින් එන කෙනෙකුගෙ ඇස් මට්ටමට විතර උස, හත්තක හරස් කඩක හැඩයට ඉදි කරපු, කොන්ක්‍රීට් බෝර්ඩ් වල, ලස්සනට  ගහල තිබුන.

1977 අවුරුද්දෙ ආණ්ඩු පෙරළියකින් පස්සෙ, ඓතිහාසික වටිනාකමක් තිබුන ඒ දැන්වීම් පුවරු, කුරුණෑගල එවකට ෆෝර්ඩ් ට්‍රැක්ටර් ඒජන්සියක් ඇතුළු ව්‍යාපාර කීපයක් පවත්තගෙන ගිය සමාගමක, ප්‍රචාරක දැන්වීම් පුවරු බවට පත් වුනා. ඊට පස්සෙ මගෙ මතකෙ හැටියට ඒ බෝර්ඩ් වල ඉංග්‍රීසියෙන් ගහල තිබ්බෙ  ' අසත්යවාදී ලිමිටඩ්, ඒජන්ට්ස් ෆො ෆෝර්ඩ් ට්‍රැක්ටර්ස්, වෙල්කම් යූ ටු කර්නිගෝල් '  වගේ වචන සැට් එකක්.

ඔරිජිනල් බෝර්ඩ් එකෙයි, පස්සෙ වෙනස් වෙච්ච එකෙයි, තිබුන වචන මට හරියටම මතක නෑ, කියවන කාට හෝ මතක තියෙනව නං, එහෙමත් නැත්තං ඒවයෙ පින්තුර තියෙනව නං, මේ බ්ලොග් සයිට් එකේ දීල තියෙන ඊමේල් ලිපිනයට එවන්න ස්තුති පූර්වකව පබ්ලිෂ් කරන්නම්.

මම කුරුණෑගල ගිය අලුතම වගේ නැවතිලා හිටිය, දඹුල්ල පාරෙ ඔය බෝර්ඩ් එක ඉස්සරහ තිබුන ගෙදරක. 'ඩ්‍රොප් හයර්' පෝස්ට් එකට වැටුන කොමෙන්ට් කීපෙක, ඒ නවාතැන ගැන අහල තිබුන හින්ද, හරියටම තැනත් සඳහන් කරන්නම්. කුරුණෑගල ඉඳල දඹුල්ල පැත්තට යනකොට, වැල්ලව පාරට හැරෙන හන්දිය පහු කරල, මුත්තෙට්ටුගල රේල් ගේට්ටුවත් පහු කලාම, වම් පැත්තෙ තිබුන දෙවෙනි ගෙදර හරියටම.

හුඟාක් පස්සෙ කාලෙක දැක්ක, ඉස්සරහ උස තාප්පයක් එහෙම බැඳල, ස්කාගාර සංස්ථාවේ හෝ 'මෙන්ඩිස්' වගේ කොම්පැනියක, ගබඩාවක් බවට පත්වෙලා තියෙනව ඒ ගෙදර.

ඒ ගෙදර ගෘහ මුලික අන්කල් වැඩිය ගෙදර හිටියෙ නෑ. අන්කල් විශ්‍රාම ගිය උසස් හමුදා නිලධාරියෙක්, තව වෙනස් හමුදාවක් පිහිටවල, එක භාරව ඉඳල තියෙනව එක ආණ්ඩුවක් කාලේ. මේ කාලේ වෙනකොට, දහ අට වංගු වලටත් එහා චන්ද කොට්ටාසෙක මන්ත්‍රී කම කාලයක් කරල, ඊට පස්සෙ චන්දෙන් පැරදිලා හිටියෙ. පැරදිලා හිටියට එයා වැඩි කාලයක් ගත කලේ, ඒ කිව්ව චන්ද කොට්ටාසෙ. 1977 චන්දෙන් දිනල අන්කල් අලුතෙන් පිහිටෝපු රජයෙ බලගතු ඇමති කෙනෙකුත් වුනා. 'මහවැලි යෝජනා ක්‍රමය' ගැන ඒ රජයෙ හිටිය දැනුවත්ම පුද්ගලයා හැටියට, හැමෝම කතා වුනේ එයාට මහවැලි අමාත්‍යාංශය ලැබෙයි කියල, නුමුත් තරුණ ඇමති කෙනෙක් මහවැලියට පත් වුනේ.

ගෙදර පාලන කටයුතු ඔක්කොම භාරව හිටියෙ ඇන්ටි. ඒ කාලේ 'ආන්ටි' කියන පොෂ් වචනෙ භාවිතයක් තිබුනෙම නෑ කියන්න පුළුවන්. ඒ ගෙදර හිටපු අක්කල දෙන්නම කසාද බැඳලා වෙන් වෙලා ගිහින්, වැඩිමල් අය්ය තරුණ වියේදිම අකල් මරණෙකට ගොදුරු වෙලා, ලියුකීමියා රෝගෙන්. ගෙදර හිටියෙ මගෙ වයසේම වගේ පුත්තු තුන් දෙනෙක්. බාලම එක්කෙනා දැන් තාත්තගේ චන්ද කොට්ටාසෙම නියෝජනය කරනවා, ලඟදි කරණමක් ගහල පක්සෙ එහෙම මාරු කළා මගෙ හිතේ.

අපේ කතා නායකයාගේ නම සුනිල් කියමුකෝ. එයා තමා තුන් දෙනාගෙන් වැඩිමල්. සුනිල් බොක්කෙම්ම ලව් කළා, අහල පහල ගෙදරක ගෑනු ළමයෙක්ට. ගෑනු ළමය, ඒ දවස් වල කොළඹ බෞධ කාන්තාවන්ටම වෙන් වෙච්ච ඉස්කෝලෙක ටීච කෙනෙක්. සුනිල්ගේ දෙමව්පියො, මේ සම්භන්දෙට ෆුල් විරුද්ධයි. ඇන්ටි කියන්නේ ඒ දවස් වල 'මං එක පුතෙක් වල දාල ඉන්නෙ, සුනිල් වත් අමතක කරලම දානව' කියල. සුනිල් ඕවට සැලෙන ජාතියේ පොරක් නෙමේ, වුනත් චූටි ප්‍රශ්නයක් තිබුන. සුනිල් එදිනෙදා පොඩි බිස්නස් කළා මිස ස්ථිර රැකියාවක්, ස්ථිර අදායම් මාර්ගයක්, තිබුන කෙනෙක් නෙමේ.

සුනිල්ට කෙල්ලව කසාද බඳින්නත් ඕනේ, ඒ වුනත් ගෙදරින් සපෝර්ට් එකක් නැතුව කසාද ජීවිතය ගැටගහ ගන්න හිතන්නවත් බෑ. කෙල්ල නං සුනිල්ට ජොබ් එකක් නැතත්, සුනිල් එක්ක එන්න එක පයින්. ඒ වුනාට සුනිල් ලැස්ති නෑ කෙල්ලවත් අමාරුවේ දාල ඌත් අමාරුවේ වැටෙන්න. සුනිල් එතරන් ඉහලට ඉගෙන ගත්තු කෙනෙකුත් නෙමේ, තිබුන සුදුසු කම් කිව්වොත් හොඳට ගිටාරය වාදනය කිරීමේ හැකියාවයි, කාර් එළවන්ඩ පුලුවන් කමයි විතරයි. ඒ කාලේ වෙන කොට මැද පෙරදිග රැකියාවලට ලංකාවෙන් කට්ටිය යන්න පටන් අරන්. සුනිලුත් දැම්ම ඇප්ලිකේෂන් එකක්, 'යුනයිටඩ් ඇරැබ් එමිරේට්ස්' කියන රටේ, එයාර් පෝර්ට් එකක් ඇතුලෙ ඩ්‍රයිවින් ජොබ් එකකට.

මාස ගානක් බලා හිටිය, උත්තරයක් නැතුව. ඒ දවස් වල බෝඩිමේ හිටියෙ, ලංගම ගිණුම් ලිපිකරු ජොබ් එකක් කරපු අපේ වයසෙම එකෙකුයි මමයි.

රෑ වෙනකොට සුනිල ගිටාර් එක අතට ගන්නව. මිල්ටන් මල්ලවාරච්චිගෙ, අඳෝනා ගීත අහල එපා වුනා අපිට, ඒ කාලෙ.

මදෑ, පඳුරු වටේ තැලුව. දැන් කතාවට බහිමුකො. සුනිල් දාපු ඇප්ලිකේෂන් එකට පිළිතුරක් ටෙලිග්‍රෑම් එකකින් එයි කියල තමා, බලාපොරොත්තුවෙන් උන්නෙ. ඉස්සර මොබයිල් ෆෝන් එහෙම තිබුනෙ නැහැනෙ. මොබයිල් තියා, ලෑන්ඩ් ලයින් ෆෝන් එකක් තිබුනෙත් කලාතුරකින් ගෙදරක. අපේ බෝඩිමේ නං හැබැයි ටෙලිෆෝන් එකක් තිබුන. අන්කල් වැදි පත්තුවෙ චන්ද කොට්ටාසයක් පාර්ලිමේන්තුවෙ නියෝජනේ කොරන කාලෙ, ලැබිච්ච රාජකාරි ෆෝන් එක සල්ලි ගෙවල දිගටම තියාගෙන මගෙ හිතේ. ඒ වුනාට කුරුණැගලින් පිටට කෝල් එකක් ගන්නව නම්, ඒ කෝල් වලට කියන්නෙ ' ට්‍රන්ක් කෝල් ' කියල. එහෙම කෝල් එකක් ගන්න නම් කුරුනෑගල එක්ස්චේන්ජ් එකට කතා කරල ' ට්‍රන්ක් කෝල් ' එකක් බුක් කරන්න ඕනෙ. එතකොට එක්ස්චේන්ජ් එකෙන් කියනව, වන් අවර්, ටූ අවර්ස්, ත්‍රී අවර්ස්,
' ඩිලේ ' කියල. එහෙම කිව්වට සමහර වෙලාවට කෝල් එක ලැබෙන්නෙ පහු වෙනිදට, සමහර වෙලාවට ලැබෙන්නෙම නෑ. හැබැයි අන්කල් චන්දෙ දිනුවට පස්සේ නං ට්‍රන්ක් කෝල් එක බුක් කරන ගමන්ම අහවල් ඇමතිගෙ ' ඔෆීෂියල් ප්‍රයරිටි ' කෝල් එකක් කිව්වම විනාඩි දෙකෙන් කෝල් එක කනෙක්ට් කරල දෙනව. අනික කෝල් එකත් ෆ්‍රී. [මං එහෙම කියල කුරුණෑගල කඩවල් වල ඉඳලත් කෝල් අරන් තියෙනව]


 ඉතින් ටෙලිෆෝන් වල තත්වෙ ඔහොම කාලෙ, හදිසි පණිවිඩ යවන ඉක්මන්ම ක්‍රමේ තමා ටෙලිග්‍රෑම්. ටෙලිග්‍රෑම් කියන කොට මතක් වුනේ, දන්නවද වැඩක්, දැන් පාවිච්චි වෙන්නෙ නැති නිසාද කොහෙද, ටෙලිග්‍රෑම් වලට අයකරන්නෙ තාම පරණ ගාස්තුද කොහෙද. දැන් අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල ලංකාවට ආපු වෙලාවෙ, මට ටෙලිග්‍රෑම් එකක් ගහන්න සිද්ධ වුනා. මතකද 'Drop Hire' පෝස්ට් එකේ සුළු චරිතයක් රඟ පෑ ' අජපාල '. පොර ලංගමෙන් විශ්‍රාම අරන්, දැන් 'සිංහරාජ' අඩවියෙ තමන්ගෙම චුටි තේ වත්තක් බලා කියා ගෙන ඉන්නව. 'අජේ' ගාව මොබයිල් එකක් තිබුනට ගේ ගාව කන්දක් උඩට නැගල ' අවුට් ගොයින් ' කෝල් ගන්නව මිසක්ක, පොරට නෝ 'ඉන් කමින් ' කෝල්ස්. අජපාලට මං ඕස්ට්‍රේලියාවෙන් ගෙනාපු බෙහෙත් වගේකුත් අරන් එහෙ එනව කියන්න පණිවිඩේ දෙන්න, ගම්පහ තැපැල් කන්තෝරුවට ගියා ටෙලිග්‍රෑම් එකක් ගහන්න.

 තැපැල් කන්තොරුවෙ කෂ්ටියට පළවෙනිම ප්‍රශ්නෙ වුනේ, ටෙලිග්‍රෑම් ෆෝරම් එකක් හොයාගන්න එක. දෙවැනි ප්‍රශ්නෙ වුනේ මං ලියපු ලිපිනයට, ටෙලිග්‍රෑම් එකක් තියා ලියුමක් වත් යයිද කියන එක.  ඒ. අජපාල, මහ පන්නිල, රක්වාන. කියන ලිපිනෙට ටෙලිග්‍රෑම් එක බාර ගන්නත් බෑ කිව්ව. පස්සෙ ඔස්ට්‍රේලියාවෙ ඉඳල එවන ලියුනුත්, ඒ ලිපිනයට ගිහින් තියෙනව කිව්වම, අන්තිමට අකමැත්තෙන් වගේ බාරගත්ත. ගාන ඇහුවම තමා මං උඩ ගිහිල්ල බිම වැටුනෙ. ගෙඩි රුපියල්ම තුනයි පනහක්.

දවසක් අපි වැඩට ගිහින් හිටපු වෙලාවක, බලාගෙන ඉඳපු උත්තරේ ඇවිල්ල සුනිල්ට, ටෙලිග්‍රෑම් එකකින්. අපි දවල්ට කන්න ආවාම සුනිල් පණිවිඩේ අපිටත් කිව්ව, ඒ වුනාට පොරගේ මූඩ් එක හෙණ අප්සෙට්. මොකද කියල ඇහුවම 'ඒක හරියන් නෑ, වඩු ජොබ් එකකට එන්න කියල තියෙන්නෙ'  කිව්ව.

ඒ පාර අපිත් කියෝල  බැලුව ටෙලිග්‍රෑම් එක.
'ඉන්ටවීව් ඇට් හොලිඩේ ඉන්, රූම් 78, කාපෙන්ටර්'  කියල තිබුනෙ. සුනිල හිතල තියෙන්නෙ වඩු ජොබ් එකකට ඉන්ටවීව් කෝල් කරල තියෙන්නෙ කියල. 'වඩු ජොබක්' කිව්වම කවද කාපු ටකරන්ද? සුනිල්ට තේරුං කරල දුන්නම 'කාපෙන්ටර්' කියන්නේ ඉන්ටවීව් එකට ඌව කැඳවල තියෙන සුද්දගෙ නම කියල, සුනිලගෙ කට කනේ.

පොරට ජොබ් එක හරි ගියා, තාත්ත ඇමති කෙනෙක් වුනාටත් පස්සෙ හොරෙන්ම ලංකාවට ඇවිල්ල කෙල්ලව බැඳල, දෙන්නම සාජා වල පදිංචියට ගියා. කසාද බඳින කාලෙ වෙනකොට, සුනිල් එයාර් පෝර්ට් එක ඇතුලෙ ඩ්‍රයිවර්ල ඉන්චාර්ජ් ඉන්න තත්වෙට උසස් වෙලා. හුඟාක් කාලෙකට පස්සෙ ලංකාවට ආව, අයිඩෙන්ටිකල් නිවුන් දූ පැටව් දෙන්නෙකුත් එක්ක. පොර දේශපාලන පැත්තට ගියේම නෑ, බිස්නස් එකක් කරගෙන ජීවත් වුනා.

110 comments:

  1. ගෙඩි පිටින්ම 3.50 ද තාම ?? නෑ මයෙ හිතේ... කොහොමත් දැන් නම් ටෙලිග්‍රෑම් ගහනවට වඩ නිකන් ලියුමක් දාන එක හොඳයි. එකම වේගේ...

    අර ටැලිෆෝන් කතාව නම් ඔය ඇහුවමයි. ඔබා මමගේ බ්ලොග් එකට මම ආසම ඔය පරණ සීන් නිසා... ඇමති තුමෙක්ගෙ පුතෙක් අද කාලෙ නම් අනෙ අප්පේ.... එහෙව් එකෙක් ෆිට් උන ඔබා මමත් පොරක් රටේ එහෙනම්

    ReplyDelete
  2. අර උඩ තියන මොකේ හරි අකුරු කියවන්ට ඔය තැපැල් කන්තෝරුවල අයට පුලුවන් උනාලුද ඒ කාලේ. දැන් කාලේ නම් බැරිවෙයි...:D

    ReplyDelete
  3. නියමයි....පදුර වටේ තලලා අල්ලක් වැපිරුවට මොකද මල්ලක් පිරෙන්න අස්වැන්න තියනවා..දැන් නම් මම හිතන්නෙ ඔය ටෙලිග්‍රෑම් සේවය නිල වශයෙන්ම නවත්තලා තියෙන්නේ...

    ReplyDelete
  4. කවුරුවත් දැන් ටෙලිග්‍රෑම් ගහන්නේ නැතුව ඇති.ඒකයි ඒගොල්ලන්ටත් කොළ එහෙම හොයාගන්න බැරිවෙන්න ඇත්තේ.

    ඔබා මාමිටත් මාර යාළුවොනේ ඉඳලා තියෙන්නේ ඒ කාලේ :)

    ReplyDelete
  5. හොඳ වෙලාවට හන්ටර් ගෙන් හරි ෆෙයාබොටම් ගෙන් හරි ටැලිගිරං ආවේ නැත්තේ!

    ReplyDelete
  6. රුපියල් 3.50 හට ටෙලිගරෑන් එක ගෙනිහින් දෙන්න මයෙ හිතෙ බර ගානක් පියොන් ට ගෙවනවා හික්ස් ..
    …දවසක් අපිත් ඔය වගෙ යාලුවෙකුගෙ ගෙදර ගියා යාලුවා උන්නෙ අර කියුවා වගෙ පොඩි තෙ වත්තක. නොකියා ගිය නිසා අතර මගදි ටෙලිගරැං එකක් ගැහුවා "අපි දවල්ට කන්න එනවා" කියලා . කොහොමහරි ඒක හම්බ උනෙ හවස අපි එන්න හදනකොට.

    ReplyDelete
  7. ඔය ඇමතිගේ ගෙදර තියන්නේ වෙලක්ගාව නේද? මම අහලා තියනවා. වෙලක් ගාව ගෙයක් තියන ඇමති කෙනෙක් ගැන. ඇත්තෙන්ම උතුම මනුස්සයෙක් තමයි. මගේ හිතේ කුරුනෑගලට සෑහෙන සේවයක් කලා. ආයූර්වේදෙටත් සෑහෙන දෙයක් කලා.
    ඒ කාලේ ඇමති පුතාලට ඔය වගේ තමයි. ඇමති තාත්තලගේ බලතල නිකම්වත් ලැබුන් නැහැ. අර මීගමුවේ හිටි ඩෙන්සිල් ප්‍රනාන්දු අන්න මිනිස්සු. ඒකට දැන් ඉන්න අයියලා.

    ඒක නෙමේ ඔබ අයියේ දැන් කථාව කෝකද, මම තාම මේ කථාව හොයනවා.

    ReplyDelete
  8. ඉන්ටවීව් ඇට් හොලිඩේ ඉන්, රූම් 78, කාපෙන්ටර්' ...
    හිකිස්‌ කොහොමත් මේක කියෙව්වම ඉතින් වඩු ජොබකට එන්න කිව්වා වගේ හැගීමක් තමා මුලින්ම එන්නේ ;)

    ReplyDelete
  9. අර කිව්වත් වගේ දැන් කතාව කෝකද?
    ටෙලිග්‍රෑම් කියන සේවය නම් තවත් තියනව, ගණන් කොහොමද කියන්න නම් දන්නෙ නෑ. පහුගිය මාස 6 ඇතුලත මට ඔව්වැයින් දෙකක් ඇවිල්ල තියනව.
    Enemy

    ReplyDelete
  10. තැලිච්ච පඳුරු පීර පීර බැළුවා..කෝ දැන් කතාව..?

    ReplyDelete
  11. දැන් රේල් ගේට්ටුව පහු කරපු ගමන් තියෙන්නේ රට සිසිල් බීම ස්ටෝරුව, ඊළඟට භවන රැස්ටොරොන්ට් එක. ඒ කියන්නේ ඔබා මාමා හිටියේ භවනේ. ඕක ගිහින් අහලම බලන්න ඕන. බඩ කට පිරෙන්න කාලා සතියක් විතර කුරුණෑගල මහ ස්පිරිතාලෙම ඉන්නවත් හැකි වෙයිනේ.

    ReplyDelete
  12. තවම ටෙලිගිරෑම් තියෙනවා.. ඇයි ඔෆිස් යන්න කමැලි හිතුනහම ඕකට දහසකුත් එකක් උත්තර බඳින්න බැරි නම් ඔව්වයින් එකක් ගහලා දමලාඅ නිකන් ඉන්නවා.. "අසනීපයි, වහාම නිවාඩු ලබා දෙන්න" කියලා. රු. 10ට වඩා අඩු ගනනක් තමයි යන්නෙ.

    ReplyDelete
  13. ටෙලි ග්‍රැම් තාම තියනවා.ටෙලිකොම් ලයින් එකෙනුත් ගැහුවැකි.ඒත් වෙලාවට යනවද කියලා නම් ශුවර් නැ.ලියුමක් යවන්නේ නැතුව ටෙලිග්‍රැම් එකක් ගහන්නේ ඉක්මනට යන්ඩ උනත් දැන් ලියුම් ඉක්මන් සහ විශ්වාසනීයයි වගේ ටෙලි ග්‍රැම් වලට වඩා...

    ReplyDelete
  14. "ඉස්සර හිටපු ගෙදර පහු කාලෙක ස්කාගාර සංස්ථාවේ හෝ 'මෙන්ඩිස්' වගේ කොම්පැනියක, ගබඩාවක් බවට පත්වෙලා තියෙනව" කිව්වට තිත්ත ඇත්ත ඒ කාලේත් ඒක එහෙම එකක් නේද ඔය නොකිව්වට.... මොනා උනත් අද තලලා තියෙන පඳුරු ටික නම් පංකාදු පහයි.... නොදන්නා දේවල් ගොඩයි.....

    ඔන්න ඕක තමයි ඇන්ටික් ඔබාගෙ තියෙන වටිනාකම... :D

    ReplyDelete
  15. මම ටෙලිග්‍රෑම් එකක් දැකලවත් නෑ.. අපේ ගෙදරටනම ඇවිත් නෑ.. අර උඩ තියෙන එක කොහොම කියවවවද මන්දා..

    ReplyDelete
  16. අප්පා...ඕපයක් ඇහුවම තියෙන සනීපේ...... මොනා උනත් එලටම ලියලා තියෙනවා.....අපේ නෝනත් ඔය කියන කුරුනෑගල පැත්තේ හින්දා ඔය කියන ගෙදර ගැන මයියටත් මතකයක් තියෙනවා

    ReplyDelete
  17. ඒ මටත් හිතෙනව ටෙලිගිරැං එකක් ගහගන්න මටම... :D

    ReplyDelete
  18. අම්මප මොකාද අරක කියවපු එකා... 4ටෝ එකේ තියෙන එකා.. නමනම් කියන්න එපා ඔබා මාමෙ පරණවිතාන ගොයියගෙ ජොබ ගහල යයි...

    ReplyDelete
  19. වතාවක් පුවත්පතක තිබුනා බණ්ඩාරනායක අගමැති තුමාගේ සිංහල භාෂා පනතටත් ඔය ටෙලිග්රෑම් එකක් හේතු වුනාය කියලා.

    එක හාමුදුරු කෙනෙකුට "වස් වසන්ට එපා" කියන පණිවුඩය ලබන තැපෑල කන්තෝරුවෙන් "Was Vasanta Epa" කියල සිංගිරිසියෙන් ලියලා, හාමුදුරුවෝ එක කියවගෙන තිබුනේ "වාස් වසන්ත ඈපා" කියලලු.( කතාව හරියටම මතක නැහැ).ඒත් වැරදියට තේරුම ගැනීමෙන් සිදු වුන අපාහසුතාවක් නිසා කිපුණු හාමුදුරුවෝ ඔය සිංහල භාෂා පනතට බල කාලය කියල එකේ තිබුනේ.

    කතාව ඇත්තනම් , ලංකාවේ තියෙනවාය කියන වාර්ගික අර්බුදයටත් ටෙලිග්‍රෑම් එකක් හේතු වුනා වෙන්න පුළුවන්.
    ---------------------------------
    අපේ හාමිනේ මට කියලා නිතරම ටෙලිග්‍රෑම් යවනවා වැඩ කරන ඉස්කෝලෙට. පණිවුඩය "අසනීපයි, නිවාඩු ලබා දෙන්න-[නම]" තවම රුපියල් පහයි යන්නේ.
    ----------------------------------
    රටේ තැපැල් කන්තෝරු බොහොමයකට නිසි පරිදි පරිගණක පහසු කම් ලැබිලා නැති වුනත්, දැනටමත් ටෙලිග්‍රෑම් ක්‍රමය අහෝසි කොරන්ට පිඹුරු පත් සැලසිලා බාලගිරි දෝෂයට අහු වෙලාලු. විද්‍යුත් ක්‍රමයක් ආදේශ කරන්නලු උන්නැහේලා තටමන්නේ.. හරියට වෙනවානම් හොඳයි.
    ----------------------------------

    ReplyDelete
  20. ටැලිගැරැම් කෙරුවාවලුත් දැන් ඉතින් අතීතෙට.....

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  22. 1970 ගණන්වල ඩිරෙක්ට් ඩයලිං කෝල්ස් ගන්න පුළුවන් වුණේ කොළඹ සහ තදාසන්න නගරවලට, මීගමුවට, ගම්පහට, නුවරට, නුවර-එළියට පමණයි.

    ඒ කාලේ කොළඹ කෝඩ් නම්බර් එක 01, නුවර 08, නුවර-එළිය 0522, ගම්පහ 0332 යනාදී වශයෙන්.

    කොළඹට තදාසන්න නගරවලටත් කෝඩ් නම්බර් තිබුණා. දෙහිවල-ගල්කිස්ස 071, මහරගම 0792, හෝමාගම 0793, කෝට්ටේ 0794 යනාදී වශයෙන්.

    කොළඹට තිබුණේ ඉලක්කම් පහේ නොම්මර (උදා.: කොළඹ 2, පාර්සන්ස් පාරේ පිහිටි ලංවිම නොම්මරය: 01 - 24471).

    නුවර තිබුණේ ඉලක්කම් හතරේ නොම්මර (උදා.: නුවර බ්‍රිතාන්‍ය මණ්ඩලයේ නොම්මරය: 08 - 3140).

    කොළඹට තදාසන්න නගරවලට තිබුනේ ඉලක්කම් තුනේ නොම්මර (උදා.: මහරගම ලංගම ඩිපෝවේ නොම්මරය: 0792 - 275).

    ලංකාවේ අතිත් සෑම තැනකම පාහේ තිබුණේ කෝඩ් නොම්මරයක් නැති, ගමේ නම මුලට යෙදුණු ඉලක්කම් එකේ හෝ ඉලක්කම් දෙකේ හෝ නොම්මර (උදා.: හබරණ 'ද විලේජ්' හෝටලයේ නොම්මරය: හබරණ 11)

    ඉතිං කෝඩ් නොම්මරයක් නැති තැනකට කෝල් එකක් ගන්න නම් 101 අංකය කරකවලා (ඒ කාලේ තිබුනේ එංගලන්තයෙන් ආනයනය කරපු කළු පාට GEC රොටරි ඩයල් ටෙලිෆෝන් මිසක් 'පුෂ් බට්න්' ටෙලිෆෝන් නෙමෙයි) කෝල් එකක් ඉල්ලන්න ඕනේ. ඊට පස්සේ ඔබාමාමා කිව්ව වගේ බලං ඉන්න ඕනෙ කොළඹින් කතා කරනකං. ඒකට මිනිත්තු 20 සිට පැය ගණනාවක් දක්වා ගත වෙන්න පුළුවන්. ඉතිං කොළඹින් රිං කළාම මෙහෙම කියනවා: "අනුරාධපුර 22 නොම්මරේට කෝල් එකක් බුක් කළා නේද? මෙන්න කෝල් එක; දැන් කතා කරන්න". ඉතිං එහා පැත්තේ ඉන්න එක්කෙනාගෙ කටහඬ ඇහෙනවා හරියට කූඹියෙක් කතා කරනවා වගේ.

    මේ තත්ත්වය වෙනස් වුණු හැටි ලියන්නම් මගේ මීලඟ කොමෙන්ටුවේ.

    ReplyDelete
  23. මට මේ ළඟකදී රේඩියෝවේ ප්‍රවෘත්ති වලට කියනවා ඇහුනා ටෙලිග්‍රෑම් නවත්තන්න යන කතාවක්....

    ReplyDelete
  24. @ රෝහිත

    බලාගන ගියාම ඔබතුමත් නොදන්න දෙයක් නැහැනෙ...අපිට ඈත ඉතිහාසය ගැන කියවන්න ඕන තරම් මාර්ග තිබුනත් මේ වගේ තොරතුරු නම් කොහෙන්වත් ලැබෙන්නෙ නැහැ..ස්තූතියි ඔබගෙ කොමෙන්ටුවට..ඉදිරියටත් මේ වගේ විස්තර බෙදල දෙන්න..

    ඔබා අයියටත් ස්තුතියි හේන කොටනවට... (හේන කිව්වට ඉතින් කොටන්නෙම පදුරටනෙ )..කොහේ කෙටුවාම මොකෝ, අස්වැන්න අපටනෙ..

    ReplyDelete
  25. මේක මරු ටෙලිපෝන් පාඩමක් වෙලානෙ.

    ReplyDelete
  26. @ලකී,

    හෆොයි, මම සියල්ල දත් සර්වඥ පණ්ඩිතයෙක් නෙවෙයි. මම සාමාන්‍යයෙන් දන්නේ 1970න් පස්සේ රටේ වෙච්ච් දේවල් විතරයි.

    ReplyDelete
  27. @ Observer,

    පුළුවන්නම් මගේ 7 December 2011 20:44 දාතම/වේලාව දරණ කොමෙන්ටුව මකා දමන්න. එකේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. නිවැරදි කොමෙන්ටුව ඊට විනාඩි 2 කට පසු පෝස්ට් කර ඇති.

    ReplyDelete
  28. මරු ස්ටෝරිය....
    ඔය කියන 'රත්නයක්' වන් කට්ටිය මටත් හම්බවෙලා තියනවා කුරුනෑගල ඉන්න කාලේ,ඔබාගේ යාළුවා හැරුණාම.. වැදිරටේ ඉන්න කරනම් කාරයා ආශ්‍රය කරලත් තියනවා ඒ කාලේ.

    ඒකාලේ මටත් මතකයි අපේ නෑයෙකුත් හිටියා හලෝ ගර්ල් කෙනෙක්. ඒ හින්දා calls ගන්න ඕන උනාම නුවර ටෙලිපෝන් එක්ස්චේන්ජ් එකට යනවා. 'ගල් ඔය' ඉගෙන ගන්න කාලේ පිට පලාතකට කෝල් එකක් ගන්නවාට වඩා බස් එකෙන් ගිහිල්ලා පණිවිඩේ කියලා එන එක ඉක්මන්.මාර කාලයක් ඒක.

    "අසත්යවාදී"???? සත්‍යවාදී ලොක්කත් මේ ලඟදී කප් එක ගැහුවා කියලයි ආරංචිය. පොර ගැන හොඳ කතා ටිකක් තියනවා. set වෙච්ච දවසක කියන්නම්.

    බෝර්ඩ් එකේ විස්තර ලැබුනොත් එවන්නම්. තාම නෝ නිව්ස්.

    ReplyDelete
  29. 'රුපියල් පනහ ගත්තා' කියන එකට 'රැපියෙල් පන නහ ගත්තා' කියලා යවපු ටැලිගිරැම් කතාවක් අහලා තියනවාද?

    ReplyDelete
  30. පෝස්ට් එක උඩ සිට පහලටත් පහල සිට උඩටත් කියෙව්වා. නැත්නම් මතක හිටින්නේ නැ..

    ReplyDelete
  31. අපේ අම්මා හදිසියේ නිවාඩු දාද්දිත් ඉක්කොලෙට ටැලිගැරං ගහන්නෙ මම. මේ ලගදිම ගහපු ටැලිගැරං එකටත් ගියේ රු 5යි. ඒ හින්දා ටැලිගැරැං ගහන්නෙ මගේ ගානේ. ඒවා අපේ යුතුකංනේ.

    දැං කතාව පැත්තට හැරුනොත්, වැඩි කතා බතා ඕන්නැ, අදත් පඳුරටට තැලිල්ල පංකාදු පහයි.

    හැබැයි කතාවේ වැදගත්ම කොටස මගේ දැනුමේ හැටියට නං තියෙන්නෙ වරහං අස්සෙයි.

    ReplyDelete
  32. මම හිතන විදියට 1971 දී තමයි තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව (ඒ කියන්නේ, ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ සීයා නැත්නම් මුත්තා) Microwave Link ස්ථාපනය කරන්න පටන් ගත්තේ. මට මතකයි ඔය කොළඹ කොටුවේ ටෙලිකොම් ගොඩනැගිල්ල ඉදි කරලා, ඒක උඩ Microwave ටවර් අටවලා තියෙන ෆොටෝ එකක් 1971 අවුරුද්දේ Daily News පත්තරයේ මුල පිටේ දාලා තිබුණා. මේ ක්‍රියාවලිය වේගවත් වෙන්න ඇති පාදුක්කේ චන්ද්‍රිකා මධ්‍යස්ථානය 1976 දී විවෘත වුණාට පස්සේ.

    1977 අවුරුද්ද අග ගාල්ලට ඩිරෙක්ට් ඩයලිං පහසුකම ලැබුණා. කෝඩ් නම්බර් එක වුණේ 09. ඊට පස්සේ 1978 දී මාතලේට ඩිරෙක්ට් ඩයලිං ලැබුණා. කෝඩ් නම්බර් එක ඔය දැන් තියෙන 066 මයි.

    1978 අවුරුද්දේ ආපු සුළි සුළඟ ඔයගොල්ලන්ට මතකද මන්දා.... අන්න ඒ සුළි සුළඟෙන් නැගෙනහිර පළාතේ දුරකථන සම්බන්ධකම් සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. මම හිතන්නේ විදේශාධාර හම්බ වෙන්න ඇති, අන්න ඒ අවස්ථාවේදී මේවා යථා තත්ත්වයට පත් කළේ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය වගේ පළාත්වලට ඩිරෙක්ට් ඩයලිං දීලා. කෝඩ් නම්බර් ඔය දැන් තියෙන ඒවාමයි.

    ඊට පස්සේ 1979, 1980, 1981 යන වර්ෂවල දිගට හරහට එක එක පළාත්වලට, ඒ කියන්නේ අනුරාධපුර, පුත්තලම, හලාවත, කුරුණෑගල, හැටන්, බදුල්ල, රත්නපුර, මාතර, හම්බන්තොට වගේ පළාත්වලට ඩිරෙක්ට් ඩයලිං ලැබුණා. යුද්ධයට පෙර යාපනයටත් ඩිරෙක්ට් ඩයලිං ලැබී තිබුණා. කෝඩ් නම්බර් දැන් තියෙන ඒවාමයි.

    මට මතකයි 1981 ජූනි නැත්නම් ජූලි මාසයේ සෙනසුරදා දවසක උදේ වරුවේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කාන්තාවක් කතා කරලා කියනවා "අද ඉඳන් ඔයගොල්ලන්ගේ ටෙලිෆෝන් අංකය වෙනස්. මෙතෙක් කල් ඔයගොල්ලන්ට තිබුණු 274 අංකය මුලට 550 එකතු කරලා එන 550274 කියන අංක හය තමයි ඔයගොල්ලන්ගේ අලුත් දුරකතන අංකය. ඒ වගේම අද සිට මහරගම කෝඩ් නම්බර් එක (0792) අහෝසි යි, ඔයගොල්ලන්ට තියෙන්නේ කොළඹ කෝඩ් නම්බර් එක (01)".

    එදා පත්තරේ ආවහම මට දකින්නට ලැබුණා ෆුල් පේජ් ඇඩ් එකක් මේ අලුත් නම්බරිං ස්කීම් එක එනෞන්ස් කරලා. එදා ඉඳලා කොළඹට තදාසන්න සියළුම නගරවල කෝඩ් නම්බර් අහෝසි කර, ඒවා 01 කෝඩ් නම්බර් එක යටතට අරන් තිබුණා. ඒ වගේම ඩයල් ටෝන් එකත් වෙනස් වෙලා තිබුණා. ඊට කලින් තිබුනේ මහ ගොරහැඩි ඩයල් ටෝන් එකක්. ඒ වගේම කැමති අයට රුපියල් 10,000/= ක ඇපයක් තියලා IDD පහසුකම ගන්නත් පුළුවන් වුණා. පසුව මේ ඇපය රුපියල් 5000/= ට අඩු කළා.

    ඊට පස්සේ ඉතින් ඩිරෙක්ට් ඩයලිං පහසුකම් ව්‍යාප්ත වුණු විදිය විස්තර කරන්න අවශ්‍ය නැහැ. කොහොම නමුත් හොරණ වගේ කොළඹට ආසන්න නගරයකට ඩිරෙක්ට් ඩයලිං පහසුකම ලැබුණේ 1990 ගණන්වල අග හරියේ කිව්වොත් ඔබ පුදුම වේවි!

    ReplyDelete
  33. මෙතන කතා කීයක් තිබුනද ඔබා මාමේ,,පස්සේ කමෙන්ට් කතා 2ක් ආවා,,,මේ වගේ පරන දේවල් දැන ගන්න මමට්ය්හ් හරි ආසයි

    ReplyDelete
  34. අද කතාව ආදර කතාවක් . මට නම් හොඳටම හිත ගියා ඒකට. හින්දි චිත්‍රපටියකට වඩා ලස්සනයි. අද ඉන්නවද ඒ වගේ ඇමති පුත්තු .

    ප.ලි.
    වැඩ වර්ජන හෙම කරද්දී අපි ඔය ටෙලිග්‍රෑම් එකක් ගහනවා අසනීපයි කියල [වැඩ කරපු කාලේ. ]

    ReplyDelete
  35. 1960/1970 කාලයේ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන් දුරකථන ග්‍රාහකයන්ට සැපයූ දුරකථන මෙන්න මේ වීඩියෝවේ දැක්වෙන දුරකථනයට සමානයි. රිං ටෝන් එකත් සමානයි.
    http://www.youtube.com/watch?v=rpsercbT6oA
    ඒ දුරකථන නිපදවා තිබුණේ එංගලන්තයේ GEC සමාගම. රොටරි ඩයලයේ මැද ප්ලෙක්සි ග්ලාස් මුහුණතට යටින් විශ්කම්භය සෙ.මී. 4.5 පමණ වූ ළා කහ පාට රවුම් කඩදාසියක ග්‍රාහකයාගේ අංකය ටයිප් කර තිබුණා.

    ආදර කතාව අස්සේ මේ කරුණුත් කිව්වට කමක් නැහැ නේද? හැබෑටම ඒ සුනිල් දැන් කෝ? එයාගෙ දේශපාලන මල්ලිගෙ නම සීතා දේවියගේ මස්සිනාගේ නමමයි නේද?

    ReplyDelete
  36. හරිම ලස්සන කතාවක් එක්කම වැදගත් කොමෙන්ට් ගණනාවක් ...මට මේ එක්ක මතක් වුනේ වෙන දෙයක් , එය කාළේ දුෂ්කර ගම්මානෙක හිටපු මල්ලි කෙනෙක් තමන්ගේ අම්මට මැලේරියා උණ (කැළෑ උණ) හැදුන බවත් ඉක්මණට අම්මව බලන්න එන්න කියන පණිවිඩයත් කොළඹ රාජකාරි කළ තමන්ගේ අයියට ටෙලිග්‍රැම් එකකින් යැව්වලු  මෙන්න මෙහෙම අයියට පණිවිඩේ ලැබුණ ..Ammata kele una wahama enna ,..... බින්දි කිව්ව වගේ අපිටත් ඔය ටෙලිග්‍රෑම් හරි වටිනවා absent වෙන දවසට

    ReplyDelete
  37. මට නම් මේ කතාවෙ වැදගත්ම දේ ... මේ සිරි ලංකාවෙ ඒ වගේ වැදගත් ඇමතිවරුත් හිටියයි කියල දැනගන්න ලැබුණ එක...

    ReplyDelete
  38. අනේ හැබෑට..මම ජීවිතේට ටෙලිග්‍රෑම් එකක් දැක්ක මුල්ම වතාව තුනේ පන්තියෙදි සංනිවේදනය පාඩමට රූප පොතේ අලවන්න අරගෙන එන්න කීව වෙලාව විතරමයි..එදා දැක්කත් හරි තාම එකක් දැකලා නෑ... :O

    ReplyDelete
  39. @ සියලු දෙනා වෙත,
    කට්ටිය සමා වෙන්න ඕනෙ, මේ දවස් වල සමහර බ්ලොග් එහෙම කියවන්නත් බැරි වුනා.

    අපි වගේ ආධුනිකයො, එයාගෙ සයිට් එකට ආවද ගියාද කියල ගණන් ගන්නේ වත් නෑ කියල, මන්
    හිතාගෙන හිටපු ලේඛිකාවක්, දොස් කියලත් තිබුන ඒ පැත්තෙ ආවෙ නෑ කියල.

    ඔබී ලංකාවට ගිහින් එන්න යනවනේ, මට මාසයක්ම නිමාඩු දීල.
    මතකනෙ දුමී ලියල තිබුන පොස්ට් එකක, බෑග් පැක් කිරිලි එහෙම ගැන.

    ඒ වුනාට පුරුදු පරිදි, සියලු දෙනාටම අද හවස් වරුවෙ වග උත්තර බඳිනවා.

    ReplyDelete
  40. මමත් ඒ කාලේ ඉබ්බාගමුව දිහෑ පැද්දා ටික කලක්...හප්පේ දුර වැඩි නිසා වැඩේ හබක්....

    ReplyDelete
  41. අර කිව්වත් වගේ රෝහිත උන්නැහේත් හෙට අනිද්දට අපිට කියවන්න බ්ලොග් එකක් දිග ඇරියනං හොඳයි වගේ...

    පඳුරු තලන්නෝ කියලා ගෲප් බ්ලොග් එකක් හදලා ඔබාටයි රෝහිතටයි.. බාර දුන්නනං අපිට ඒක සිද්ධියක් වටා ඇති සෑම කරුණක්ම වගේ දැන කියා ගන්න තිබුනා.. තව ඕනනං ඕකට සක්ක ගහන්න සපතේරුයි මහ වෙදනවයි පංගාර්තු කලත් අවුලක් නැහැ...

    අඩුම ගානේ අද අතේ තියෙන මොබයිල් ෆෝන් එක ගැන ඇර වෙන දෙයක් ගැන නොදන්න ළමයින්ට පහුගිය කාලේ සිරි ලංකාවේ ගමන් මගවත් ඉගෙන ගන්ට තිබුනා...

    ඊ ළගට ඔය ටෙලිග්‍රෑම් තවමත් ආරක්ෂාකාරීව පවතින්ට හේතුව මොකක්ද කියලා කියන්නං.. ඒ තමා ආයතන සේවකයින්ට තියෙන හොඳ ආරක්ෂාවක් ඕක..විශේෂයෙන්ම රජයේ සේවකයින්ට...

    හදිසියට නිවාඩුවක් ගන්ට ඕන උනහම කරන්ට තියෙන පහසුම දේ තමා ගහන එක ටෙලි ග්‍රෑමයක්...

    කලින් ලිව් ෆෝම් දීලා නැති උනත් මොන මල ඉලව්ව උනත් ටෙලි ග්‍රෑම් එකක් ගහලා ඒකේ රිසිට් එක ළග තියා ගත්තම නොදන්වා සේවයට නොපැමිණීම කියන බකට් එකෙන් බේරෙන්ට පුළුවන් කමක් තියේ..ඕක ලිපියක් දැම්මටවත් කෝල් එකක් දුන්නටවත් හරියන්නේ නැහැ..ඒකට අපිට පෙන්නන්ට සාක්කියක් නැහැ නෙව..

    ඒත් ටෙලිග්‍රෑම් එක ගහපුවාම අපිට තැපැල් කන්තෝරුවෙන් දෙන රිසිට් එකක් තියෙනවා නෙව..ඒක තමා අවසානෙට අපිට හිටින ගැලවීමේ සාධකය...

    මොන තරං අප්සට් වෙලාවක උනත් "අසනීපයි සේවයට පැමිණිය නොහැක" කියලා වචන හතරේ ටෙලිග්‍රෑම් එක ගහලා කාට හරි කීයක් හරි දීලා මෙඩිකල් එහෙකුත් අරං ගියාම අම්මෙ මුත්තේ කිව්වත් ජොබට කෙලවන්ට බැහැ..

    ඕක හින්දා තමා කොයි තරං උත්සහ කලත් ටෙලිග්‍රෑම් අහෝසි කරන්නට රජයේ සේවකයෝ තවමත් ඉඩක් දෙන්නේ නැත්තේ..මේ මෑතකදී ඕක අහෝසි කරන්ට ගිහින් ඒකට විරුද්ධව හෙන ගෝරියක් ගියා..ඒත් ඒක ඒ හැටිම මාධ්‍යවලින් එළීයට ආවේ නැහැ මයෙ හිතේ.. එව්වා නිව්ස්යෑ...එයිට වඩා ඒවා අපේ අයට තියෙනවනේ...

    ReplyDelete
  42. ඔව් ඉතින් ඉස්සර telegram එකක් ආවම ඉස්සරවෙලාම හිතන්නෙ මරණයක් ගැන වෙන්න ඇති කියලනේ. ඒත් සමහර වෙලාවට telegram එක අදාල තැනට යන්නෙ මරණ ගෙදර ඉවර වුනාටත් පස්සෙ. කාල හරඹය නිසා comments දාන්න වගේම මගේ සටහන් වලට දාන ඒවට උත්තර බඳින්නත් බැරි වෙනවා. අමනාප වෙන්න එපා.
    මැණික්

    ReplyDelete
  43. අන්තිමට කොහොමහරි පටන් ගත්තු තැනට ටිකක් එහායින් හරි ඉවර කළා නේ නේද ඔබා මාමේ?
    ඉස්සර කොල්ලෝ යාලුවොන්ට ටෙලිග්‍රෑම් යවනවලු "බබා හම්බ වුනා, ඔයා වගේමයි" කියලා. ටෙලිග්‍රෑම් එක හම්බවුන ගෙවල්වල කොල්ලොන්ගේ අම්මලා තාත්තලා ඊටපස්සේ කරන කියන දේවල් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ! :P

    ReplyDelete
  44. අති විශිෂ්ටයි සර්.. මෙහෙම පඳුරු වටේ තලනවානං වෙන මොනාද ඔබා අයියා.. බලාන්ටකො රටක් වටින කමෙන්ට්ස් නෙවැ එන්නෙ.. :)

    ReplyDelete
  45. සුසන්ත ටිකක් වැරදියි.. ඔය භවනට මෙහා පැත්තෙන් තියෙන ගෙවල් අළුත් ඒවා... ඔබා අයියා ඉඳලා තියෙන්නේ අර අක්කර කීපයක් මැද තියෙන ගෙදර වෙන්න ඕන... ඒකනම් දැන් ඔය මෙන්ඩිස් හරි සංස්ථාවක හරි ගබඩාවක් තමයි..... පරණ ගෙවල් වලට තියෙන්නේ භවනයි ඒ ගෙදරයි....

    ටෙලිග්‍රෑම් ගැන මගේ මතකය අවදි කලාට ස්තූතියි ඔබා අයියා... ඔන්න අදම මගෙන් ඒ කතාව පබ්ලිශ් එනවා.....

    ReplyDelete
  46. hehe...maru nama suddage....

    me parana kathaa ahanna maath hari kamathiyi...

    ReplyDelete
  47. විදුලි පණිවුඩ යවන්න ඒ කාලේ තිබුණා කෙටි ලිපින සේවයක්. දැන් තියනවද මන්දා. ආයතනයකට පුළුවන් යම්කිසි කෙටි නාමයක් තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් කරන්න.
    එතකොට ඒ නමයි, නගරයේ නමයි ඇඩ්‍රස් කොටුවේ සඳහන් කළාම ඇති ටෙලිග්‍රෑම් එක අරින්න. ඒකේ වාසිය යවන්නාටයි, මොකද ටෙලිග්‍රෑම් ගාස්තුව ටිකක් අඩු වෙනවා වචන ප්‍රමාණය අඩු වෙන නිසා (ටෙලිග්‍රෑම් එකක් අරින කොට ලිපිනයේ වචනවලටත් ගෙවන්න එපැයි).
    උදාහරණයක් හැටියට ලංකා විදුලිබල මණ්ඩලයට පුළුවන් "විදුලි" කියන වචනය රෙජිස්ටර් කරන්න. එතකොට ටෙලිග්‍රෑම් එකක් යවන කෙනා "විදුලි, කොළඹ" කියලා ලිව්වහම ඒක යන්නේ කොළඹ ලංවිම ප්‍රධාන කාර්යාලයටයි. නැත්නම් ලංවිමයේ සම්පූර්ණ ඇඩ්‍රස් එක ලිව්වොත් වැඩිපුර ගෙවන්න වෙනවානෙ...

    1980 ගණන් අග වෙනකං ම පත්තරවල, සඟරාවල ඇඩ්වර්ටිස්මන්ට් දාපු රජයේ සහ පෞද්ගලික ආයතන ඒ ඇඩ්වල ඒගොල්ලන්ගේ ලිපිනය, දුරකථන අංක සහ ටෙලිග්‍රෑම් කෙටි ලිපින සඳහන් කළා.

    මෙන්න උදාහරණයක්:
    මේ 1981 දී Ceylon Observer (දැන් Sunday Observer) පත්තරයේ පළවුණු ඇඩ් එකකින් ගත්තු ලිපිනයක් --

    THE CEYLON RUBBER INDUSTRIES
    191, 4th Cross Street,
    Colombo 11.

    Telephone: 26814

    T'grams: "Balloon"

    එතකොට Balloon, Colombo කියල ටෙලිග්‍රෑම් එකේ ලිපිනය ලිව්වහම ඒක අනිවාර්යයෙන්ම යන්නේ පිටකොටුවේ The Ceylon Rubber Industries ආයතනයටයි.

    ReplyDelete
  48. ඔබාමාමා කියන කුරුණෑගල ගෙදර වටේට දැන් අලුත් තාප්පයක් ගහලා DCSL සමාගමේ (මේ පෞද්ගලික අංශයට විකුණූ රාජ්‍ය ඉස්කාගාර සංස්ථාවයි) ගබඩාවක් බවට හරවලයි තියෙන්නේ. ගිය සතියෙත් මම මෙතන පහුකර ගෙන ගියා.

    ReplyDelete
  49. ටෙලිග්‍රෑම් එකක නං ගාන තාමත් 3.50ම තමයි. මම ලගදිත් අපේ ඔපීසියට එකක් ගැහුව මංතුමා වැඩට එන්නෑ කියල.

    ReplyDelete
  50. ඔයා කියන්නෙ කැප්ටන් සී පී ජේ ගැනද? ට්‍රන්ක් කෝල්ස් ගැනනම් කියල වැඩක් නෑ කෝල් එකක් බුක් කරල තැපැල් කන්තොරුව ලඟ වරු ගනන් වාඩිවෙලා ඉන්න ඕනෙ. ඒ කාලෙ ටෙලිපෝන් නොම්මරේක ඉලක්කම් 3යි තිබුනෙ.

    ReplyDelete
  51. ඒ කාලෙ හිටන්ම දේශ පාලකයන්ගෙ නම් විකුනන එක කරලා තියෙනව

    අන්න ඔහොම තලහන් ඔබා මාමෙ අපිත් දෙයක් ඉගෙන ගන්නවනෙ...........

    ReplyDelete
  52. අඩේ ඔබා මාමගෙ කතාවයි ඒකට යටින් තියෙන ටෙලිෆෝන් ගැන පාඩමයි දෙකම නියමයි.
    ටෙලිග්‍රෑම් තාම තියෙනව. ගිය මාසෙත් මට එකක් ආව.
    ඉස්සෙල්ල ඔය ටෙලිෆෝන් වලට ටෝන් ඩයල් දුන්නෙ ව්‍යාපාරික විදියට අරන් තිබ්බ ලයින් වලට විතරයි. පල්ස් ඩයල් ඒවයින් ස්වයංක්‍රිය පටිගතකිරීම් තියෙන නම්බර වලට කෝල් ගන්න බෑ.

    ReplyDelete
  53. සුභ පැතුම්. මාසයකට වුනත් ඔබා මාමාට ඔටොනොමියක් ලැබීම ගැන.. :D

    ReplyDelete
  54. අප්පුච්චියේ කොමෙන්ට් ටික කියවන්න පොස්ට් දෙකක් තුනක් කියවන වෙලාවක් ගියා. රෝහිත මහත්තයෝ.. බ්ලොගක් ලියන්න ගන්නකො, ඔබතුමාගේ දැනුම අති විශිෂ්ටයි. මම සෑහෙන දේවල් ටිකක් ඉගන ගත්ත.. ඔබා අයියේ..අන්න මරු තැලිල්ල.. මෙහෙම තලන්නකෝ අපිට නිකම් අර ඒ දවස්වල හිටිය වගේ තේරෙන්න.

    ReplyDelete
  55. ඉස්සර මම හිතන් හිටියේ කාර්+පෙන්ටර් කියන්නේ කාර් පේන්ට් කරන කෙනාට කියලා
    සිංහරාජෙ කිට්‍ටුවටත් ටෙලිග්‍රෑම් යනවා එහෙනම්......

    ReplyDelete
  56. නියම කතාව
    ඔබා මාමගෙනුයි රෝහිත (මාමා මය හිතේ) ගෙනුයි නොදන්න ඉති හාසේ අහ ගත්තා.
    රෝහිත ටත් ඉස්සරහට බ්ලොග් 1ක් ඇරියොත් කියන්න කතා එමට ඇති.
    ඔබා ඒ දවස් වල දුන්න ආරම්බයෙන් තමයි දැන් පරන බෝඩිම ස්කාගාරයක් වෙල තියෙන්නේ.

    ආ තව පුරස්නයක් තියෙනවා, දැන් මෙච්චර පරණ විස්තර කියන රොහිතටත් කොහොමද, ඔබා "ඔබා මාමා" වුනේ හැබෑට?

    ReplyDelete
  57. ඔබ කිහිපදෙනෙක්ම කියනවා මට බ්ලොග් ලියන්න කියලා.....

    වැඩේ තියෙන්නේ බ්ලොග් ලියන්න තරම් ඒ කාලේ සමාජය සමඟ එතරම් ගනුදෙණුවක් මගේ තිබුණේ නෑ. 1970 ගණන්වල මම කළේ ඉස්කෝලේ යන එක විතරයි (1983 දක්වා). නමුත් රටේ සිද්ධ වෙච්ච දේවල් ගොඩාක් ගැන මට හොඳ මතකයක් තියෙනවා. පොඩි ළමයෙක් වුණාට ඒ කාලේ මම හොඳ "ඔබ්සර්වර්" කෙනෙක්.

    ReplyDelete
  58. දැන් තරහ මරහ ඉවරද??

    ReplyDelete
  59. ඔබාලා ගියාට පස්සේ ඒ බෝඩිමේ තිබුණ බෝතල් ටික අස්කරනවට වැඩිය ලේසි වෙන්න ඇති DCSL එකේ ගබඩාවකට කන්වර්ට් කරන එක...

    ReplyDelete
  60. යකෝ ඇමති පුතා දුමීලගේ ගමේ නේ ඉඳලා තියෙන්නේ?

    තාම ඉන්නවා වගේ . .

    දුමීට මට අඳුන්නල නම් මොකෝ . . . ??

    ReplyDelete
  61. මගේ ජීවිතයෙත් ටැලිෆෝන් කතා බොහෝයි. මුල්ම වරට ටැලිෆෝනයක් දුටුවේ බටුවත්ත දුම්රිය පොලේදීය.ඒකත් අහම්බෙනි. මට යන්තං අවුරුදු තුනක් උනා පමණයි. රාගම දුම්රිය පොලෙන් දුම්රියට නගිද්දී කකුලේ තිබුනු සෙරෙප්පුව ගැලවී දුම්රිය පල්ලට වැටිනි. වැටුනු සෙරෙප්පුව ඉල්ලා ගිරියෙං කැගසමින් හඬනු දුටු මගීන්ට දුක සිතී බටුවත්තෙ දුම්රිය පොලෙන් රාගම දුම්රිය පොල ස්තානාධිපති තුමාට මගේ වැටුනු සෙරෙප්පුව සොයා දෙන්නැයි ඉල්ලුමක් දුරකතන මාර්ගයෙන් කරනු ලැබිනි. එතැන් පටන් මගෙ ලොවේ පුදුම උපකරණය උනේ දුරකතනයයි. ඊ ළඟ සතියෙදී මට බෝනික්කෙක් උවමනා වු විට කොළඹ සිට දුර කතන මර්ගයෙන් එකක් ගෙන්වා ගැනීමට මට සිතිනි. ගෙදර කට්ටියම එදා හොඳට විනෝද උනා වගෙ මතකයි. ටැලිගිරැං එවන්නේ මළගෙයක් දැනුං දීමටය.

    ReplyDelete
  62. @ රෝහිත
    අදනම් ඔබා මාමගෙ පෝස්ට් එකට වඩා කැපිල පෙණුනෙ රෝහිත මහත්තැන්ගෙ කොමන්ට්ස් ටිකයි.

    @ ඔබා
    ඔබා මහත්තයාගේ කතාවෙ තිබ්බ හොදම හරිය තමයි නැවතිලා හිටපු බෝඩිම අද ස්කාගාර සංස්ථාවේ ගබඩාවක් කියන එකයි. හික් හික්.

    ReplyDelete
  63. අපේ නැන්දත් ඉස්සර ගේ ලඟ ඉස්කෝලෙට උදේට ටෙලිග්රෑම් ගහනවා අසනීපයි කියලා.....

    ReplyDelete
  64. ආං කොල්ලො...දැන් ඉන්න දෙශපාලන පැටවු නයිට් කල්බ් ගානේ දඟලද්දි...මේ කතාව උන්ට ආදර්ශයක් නෙව....

    ReplyDelete
  65. අර පින්තූරෙ තියෙනව වගේ ටෙලිගිරැං එකක් මට හම්බු උනා නං ඕක ලියාපු එකා හොයාගෙන යන්න වෙනව ඒක තියෙන කුණුහබ්බෙ කියෝ ගන්න....
    මාත් ඒ දවස්වල ටෙලිගිරැං ගැහුව වැඩට යන්නෙ නැති දවස්වලට...
    'මිල්ටන් මල්ලවාරච්චිගෙ, අඳෝනා ගීත අහල එපා වුනා අපිට, ඒ කාලෙ.'..හික්ස්....
    ඔබා මාමයි, රෝහිත මහත්තයයි එකතුවෙලා ඉතිහාස පන්තියක් පටන් ගත්තොත් නං ජාති....!

    ReplyDelete
  66. ඔබා අයියා, මම දඹුල්ලෙ ගියානෙ. කුරුණෑගල පළවෙනි වට ටවුමත් පහුවුනාමයි අර බෝඩ් එක මතක් වුනේ. සොරිම වෙන්න ඕනෙ. පස්සෙ ආපහු එනගමන් බලාගෙන එන්න හිතා හිටියත් පාන්දර එකත් දෙකත් අතර තමයි ආපහු ආවෙ. එතකොට කාකිසූට් එකක් මාව අල්ලගෙන පැය බාගෙක ලෙක්චර් එකක් දීපු නිසා ආයෙත් අමතක වුනා. ගැත්තාට අනුම්කම්පා කරන සෙක්වා.

    ReplyDelete
  67. ඇයි අහල නැද්ද 'අප්පුහාමිට කැලෑ උණ' කියල යවපු ටෙලිග්‍රෑම් එකක්, තැපැල් මහත්තය 'Appluhamita kele una' කියල යැව්වම, ඒක 'අප්පුහාමිට කෙල උනා' කියල කියවගෙන වෙච්ච ඇබැද්දිය???

    එල කතාව!

    ReplyDelete
  68. @ පිස්සා,
    රු/= 3.50 වගේ මතක 5/= විතර වෙන්නැති වැඩිම වුනොත්.
    එක පුතෙක් කුරුනෑගල ප්‍රසිද්ධ ගරාජ් එකක ඇප්රෙන්ටිස්ෂිප් එකක් කරල ලංගම ඉංජිනේරු අංශෙ වැඩ කළා සෑහෙන කාලයක්, පස්සෙ කසාද බැඳලා එහෙම, කැනඩාවට ගියා පදිංචියට. [ආණ්ඩු පෙරළියකින් පස්සෙ]
    බාලම පුතා තාමත් තාත්තගේ චන්ද කොට්ටසේ නියෝජනේ කරනවා, හැබැයි කරණමක් ගැහුව ලඟදි.

    @පොඩි කුමාරිහාමි,
    මුල්ම වචන ටික 'වෙල් ඩන් හැරී, හාටියස්ට් කන්ග්රජුලේෂන්ස් ' අත්සනට ඉස්සෙල්ල වචන දෙක ' ස්ටේයින් හියර්' මැද වචන ටික හරියට කිව්ව කෙනාට 'ජොනී වොල්කර්, බ්ලැක් ලේබල්' බෝතලයක් හෝ
    $ 40 ක කැඩ්බරීස් චොකලට් තෑගි ලැබෙනව. දෙකෙන් එකක් තෝර ගන්න පුළුවන්, තරඟය පෙබරවාරි 20 දක්වා විවෘතයි, පළමුවෙන් නිවැරදි පිළිතුර දුන්න කෙනාට තෑග්ග හිමි වෙනව.

    @ ලකී,
    සමහර කොමෙන්ට් වල කියවෙන විදියට තාම නවත්තල නෑ වගේ.

    @ මිතුරු,
    සමහර කොමෙන්ට් වල කියවෙන විදියට තවම ටෙලිග්‍රාම් පාවිච්චි වෙනවලු.

    @ කතන්දර Kathandara ,
    කව්ද මේ හන්ටර්, ෆෙයාබොටම් ?

    @ ලොකු ජෝන්,
    ඇත්තටම ටෙලිග්‍රාම් තියා ලියුම් වත් ඩිලිවර් කරන් නැහැ මගේ යාළුවා ඉන්න පැත්තට. තැපැල් මහත්තය ඉස්කෝලේ ඇරිල යන ළමයින්ට හැමදාම ලියුම් ටික දෙනව, ළමයි තමා ගෙවල් වලට ලියුම් ගිහින් දෙන්නෙ. ටෙලිග්‍රාම් එකක, එකම වෙනස, තැපැල් මහත්තය දැක්කොත් කව්රු හැරී ටෙලිග්‍රාම් එක යන්න ඕනෙ කෙනාගේ ගෙවල් පැත්තෙ කෙනෙක් තැපැල් කන්තෝරුව ගාවින් යනව, ළමයි ඉස්කෝලේ ඇරිල එනකං ඉන්නෙ නැතුව ටෙ.ග්රෑ. එක දීල යවනව.

    @ වෙද මහත්මයා,
    වෙලක් ගාව ගෙදර එක්කෙනා නෙමේ, එයා කුරුණෑගලනෙ නියෝජනේ කලේ. මෙයා ස්ථිර පදිංචිය කු,ගල වුනාට නියෝජනේ කලේ ඈත චන්ද කොට්ටාසයක්, ඉඟියක් දීල තියෙනව පෝස්ට් එකේ.
    කතාවත් තියෙනව, පෝස්ට් එකේ අග හරියෙ චුටියට. සොයන්නාට සම්භවේ.

    @ Chamma ,
    එක නේන්නං පොරට අස්පෙට් ගියෙ.

    @ Enemy ,
    වෙද මහත්තයට කිව්ව වගේ, කතාව තියේ පෝස්ට් එකේ අග හරියෙ. සොයන්නාට සම්භවේ.

    ReplyDelete
  69. @ මාරයා,
    අර කන්නාඩි කුට්ටම දාගෙන හොඳට බලහං, ලක් එක පොඩ්ඩක් තියෙනව නං හම්බ වෙයි.

    @ සුසන්ත,
    රේල් ගේට්ටුව පහු කල ගමන් පොඩි කඩයක් තිබ්බෙ, ඒකත් එහෙනං සිසිල් බීම කාරයො අත්පත් කොරගෙන වෙන්නැති.

    @ Weni ,
    ටෙලිග්රෑම් තාම තියෙනව කියල අහන්නත් සන්තෝෂයි.

    @ Malya Cruise ,
    දැන් ටෙලිග්‍රාම් ගැහිල්ල හොඳටම අඩු වෙලා වෙන්නැති.

    @ ගුලියා,
    දැන් D.C.S.L. ගබඩාවක් කියල පහල කොමෙන්ට් එකක තිබුන, ඒ කියන්නෙ වැඩි වෙනසක් වෙලා නැහැ.

    @ Dinesh ,
    ඔන්න ඒක කියවන්න පුළුවන් කෙනෙකුට තෑග්ගක් දෙන්න තරඟයක් ලෑස්ති කලා, ට්‍රයි එකක් දීල බැලුව නං.

    @ Mayya ,
    දැන් නං ඒ පැත්ත සෑහෙන වෙනස්.

    @ පොඩි මෑන්,
    පරණවිතාන උන්නැහෙ වළලපු තැන දැන් මහ ගස් බං. අන්න ටෙලිග්රාම් එක කියවන්න තරඟයක් ලෑස්ති කළා ට්‍රයි එකක් දීල බැලුව නං

    @ ඉඳුනිල්,
    'අම්මට කැළෑ උණ' එකේ අනිත් එක

    @ පැණි දොඩම්,
    අපි සෑහෙන්න දියුණු වෙලා ඈ...

    ReplyDelete
  70. @ රෝහිත,
    ඉස්සර ගම්පහ අපේ ගෙදර නොම්මරේ 2264

    බොක්කෙන්ම ස්තුතියි, මහන්සි වෙලා විස්තර ඇතුව කොමෙන්ට් කරනවට. 'මිස්ට විජේසේන' පෝස්ට් එකේ දාපු කොමෙන්ට් බලන්නත් සමහරු කැමති වෙයි.

    @ පුසා,
    තාම නං නවත්තල නැතිලු.

    @ ලකී,
    ඉස්සෙල්ල පෝස්ට් එකකත් රෝහිත සෑහෙන විස්තර එක්ක කොමෙන්ට් දාල තියෙනව. රෝහිතට දීපු පිළිතුරේ ලින්ක් එක ඇති බලනව නම්.

    @ ``` Outsider```,
    රෝහිතට පින් සිද්ධ වෙන්න

    @ රෝහිත,
    මැකුවා.

    @ kandyan ,
    අසත්යවාදී ලොක්ක කිව්වේ අප්පුහාමි වෙන්න බෑ, පොර කප් එක ගහල ටිකක් කල් ඇති දැන්, ඒ කාලෙත් සෑහෙන්න වයසයි. ඔය කියන්නෙ ධර්මදාස උන්නැහෙ වෙන්නැති. ධර්මදාසගේ නෝනට පලවෙනි බබා හම්බ වෙන්න ඉන්නකොට එංගලන්තෙ ගියා. ඒ කාලෙ එහෙදි හම්බ වෙන ළමයින්ට ඔටෝමටිකලි එහෙ සිටිසන්ෂිප් ලැබෙනවලු. නිහල තමා ඒ විස්තරේ කිව්වෙ. පොරට ඒ කාලෙත් ෆෝර්ඩ් කැප්රියක් තිබ්බ. අර ඩේවිඩ් පීරිස් කටුනායක රේස් දිනපු මොඩ්ල් එකේම.

    @ kandyan ,
    'හස්බන්ඩ් ඇඩ්මිටඩ් ටු හොස්පිටල්' කියන එක 'හස්බන්ඩ් එක්ස්පයර්ඩ් ඇට් හොස්පිටල්' කියල ටෙලිග්රාම් එකක් නිසා, මට ඉස්කෝලෙ යන කාලෙ බෝඩිමෙන් ගෙදර ගිහින් දවස් දෙක තුනක් ඉන්න චෑන්ස් එකක් වැදුන. ඒක මම 'කතන්දර' සයිට් එකේද කොහෙද කොමෙන්ට් හැටියට මුළු විස්තරේම දැම්ම.

    @ ගිම්හානි,
    ඊට පස්සෙ වත් මතක හිටියද? හිකිස්....

    @ බුද්ධි,
    අනේ උඹේ රු/= 5 හේ යුතුකම්, ඔහොමයි අම්මලට සලකන්නෙ.
    මොනවද බොලේ වහරන් ඇතුලේ තිබ්බෙ?

    ReplyDelete
  71. @ රෝහිත,
    මටත් මතකයි, කොළඹට ළඟ තැන් වලට වඩා ඉස්සෙල්ල යාපනේට ඩිරෙක්ට් ඩයල් තිබ්බ බව. නැවතත් ස්තුතියි ආයෙත් විස්තර ඇතුව කොමෙන්ට් කලාට.

    @ ItalyDilan ,
    නරක නෑනෙ එක පෝස්ට් එකෙන් කතා කීපයක්ම කියෝගන්ඩ හම්බ වෙන එක, රෝහිත තමා මට හිතෙන්නෙ වැදගත්ම හරිය කිව්වෙ.

    Bindi ,
    මට කතාවේ ආදර කොටස අමතක වෙලත් තිබුනේ, Bindi විතරයි තාම ඒ කොටස මතක් කලේ.
    දැන් ඉන්න ඇමති පුත්තු පියාඹනවනෙ.

    @ රෝහිත,
    සුනිල් ඇත්ත නම නෙමේ, ඒ ලඟින්ම යන ඒ වගේ අකුරු තුනේ නමක්. එයා අවුරුදු කීපෙකට ඉස්සෙල්ල හර්ද්යාබාදෙකින් මිය ගියා.
    දේශපාලන මල්ලිගෙ නම රෝහිත කියන එක තමා.

    @ මහේෂ් නිශාන්ත,
    'අම්මට කැලා උණ' කතාව මාත් අහල තියෙන එකක්.

    @ සපතේරු උන්නෙහෙ,
    ඒ කාලෙ එයාලත් වැරදි නොකළ නෙමේ, ඒ වුනත් සාපේක්ෂව ගත්තම බොහොම අඩුවෙන්.

    @ මකුළු පැංචි ,
    ඔය පින්තුරේ තියෙන එක බලා ගන්නකො. ඒක කියෙව්වොත් තෑග්ගකුත් දිනා ගන්න පුළුහන්.

    @ ඔබ නොදු‍ටු ලොවක්.....,
    අපෝ දුර ගැන හිතල ඕවට පස්ස ගහල බෑ......

    @ මාරයා,
    ' පඳුරු තලන්නෝ ' ඇයි වෙන නමක් හොයා ගන්නම බැරි වුනාද? දැන් ඔය මාරයත් පඳුරක් නෙමේ, කැළෑවක්ම තලල තියෙන්නෙ, අඩු ගානෙ පෝස්ට් එකකින් වත් නෙමේ, කොමෙන්ට් එකකින්. ඕකනෙ කියන්නෙ තමන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ පරාලයක් වගේ පේන්නෙ කියල.

    කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළේ හිටිය, මීගමුවේ ඉඳල දිනපතා වැඩට එන ලිවේරා කියල මනුසයෙක්, 'නෝ පේ ' දෙයිය. පොරගෙ කව්ද හිටිය මීගමුවෙ පෝස්ට් ඔෆිස් එකේ. ලිවේර වැඩට එන්නෙ නැති හැම දවසකම එන්නෙ එකම ටෙලිග්රාම් ඒක. ' බඩයමි, ලිවේරා'

    ReplyDelete
  72. @ මැණික්,
    ඉස්සර එහෙම තමා, මරණයේ පණිවිඩේ එන්නෙ විදුලි පුවතකින්.

    කිසි අමනාපයක් නෑ, පුළුහන් වෙලාවට ගොඩවෙලා යන්න.

    @ මලිති,
    අපි ට්‍රේනින් ඉන්න කාලෙ එකෙකුට ආව විදුලි පුවතකින් 'පුතා කරාටේ පන්ති යෑම වහාම නවත්තන්න, තාත්තා'
    ඒක කව්රු හරි නෝටිස් බෝර්ඩ් එකෙත් දාල තිබ්බ.

    @ බුරා,
    තෑන්ක්ස්....ඒක නේන්නං කොමෙන්ට් ටික වටිනව පෝස්ට් එකට වඩා මට. කොයි තරං දේවල් ඉගෙන ගත්තද?

    @ අභීත,
    අප්‍රියෙල් මාසේ ගියාම ෆොටෝ එකක් ගහන් එන්නං. මං හිටපු ගෙදරට අක්කර එකහමාරක් විතර තිබුන. ඒ වුනාට ගේ සෑහෙන්න ඉස්සරහට වෙන්න හදල තිබ්බ නිසා, ඉඩමේ විශාලත්වය තාප්පය බඳින්න ඉස්සරවත් [අපි ඉන්න කාලෙ] පෙනුනේ නෑ.

    අභීතගේ පෝස්ට් ඒක කියෙව්වා, කොමෙන්ට් එකක් දැම්මද මතක නෑ, ආයෙත් ගිහින් බලන්න ඕනෙ.

    @ සයුරි,
    සුද්දන්ට තියෙනව ඔයිට වඩා මරු නම්, මාත් එක්ක වැඩ කරනවා 'බාකර්' කියල එකෙක්. හැබැයි බුරන්නේ නෑ. ෆ්ලෂ් කරන ටොයිලට් ඒක නිර්මාණය කල එකාගේ නම දන්නවද? 'ක්රැප්'

    @ රෝහිත,
    ලංගම ටෙලිග්රාම් ඇඩ්රස් එක 'ට්රාන්ස්බෝර්ඩ්'

    @ රෝහිත,
    මාත් අන්තිමට දැක්කේ ඒ වගේ එකක්

    @ Anonymous ,
    නම් දානවා නං මටත් ඕනෙ තරං නම් කියන්න තිබුන.
    තවම අඳුනන කියන අය එහෙම ඉන්න නිසා තමා කිසිම නමක් සඳහන් නොකලෙ.

    අන්වර්ථ නමක් හරි දාගෙන ආවනම් මොකද ඇනෝ එන්නෙ නැතිව.

    @ රාජ් ,
    එහෙනං මට මතක තිවූ ගැන වැරදි නෑ.

    @ ranjith ,
    අපි ගන්න කාලෙ වෙනකොට ඉලක්කන් හතරක් වෙලා තිබ්බ, මට මතකයි ඊට ඉස්සර ඉලක්කන් තුනේ නොම්මර තිබුනේ කියල.

    ReplyDelete
  73. @ නිශ් ;
    ඔච්චර තමා ගත්ත ප්‍රයෝජනේ...හිකිස්...
    තෑන්ක් යූ අගේ කෙරුවට

    @ ප්‍රසන්න,
    මාත් හිතන්නේ රෝහිත සෑහෙන්න මහන්සි වෙලා කරුණු හොයල දාපු වටිනා කොමෙන්ට් ටික, පෝස්ට් එකටත් වඩා වටිනව කියල.

    ප්‍රසන්නත් දීල තියෙන්නෙ තාක්ෂණික තොරතුරු ටිකක්, තෑන්ක්ස්.

    @ ඉඳුනිල්,
    සුභ පැතුමට ස්තුතියි, හෙහ්..හෙහ්...මාසෙකට ඔටෝනොමියක්....

    @ ක්සැන්ඩර්,
    පුළුහන් තරමින් කියන්න බලන්නන්.

    @ Rajith ,
    සිංහරාජේ කිට්ටුවට ටෙලිග්රාම් යන හැටි ඉස්සෙල්ල කොමෙන්ට් එහෙක කිව්වා ඔන්න මම, පොඩ්ඩක් උඩට ගිහින් බලන්නකෝ, කාටද කිව්වෙ කියලත් මතක නෑ දැන්.

    @ AmilaArt ,
    මං මේ වැඩිය සද්ද නැතුව ඉන්නෙ, කුරුණෑගල-නුවර පාරෙ ගැට්ටුවාන හන්දිය [ස්ටේෂන් හන්දිය] ගාව අලුතින් හදපු තට්ටු දෙකේ බිල්ඩිමක අපි චමරියක් දාගෙන හිටිය කාලයක්. බලමුකො වැඩේ හැටි, ඒකත් ඔය වගේ ස්ටෝරුවකටනේ අන්තිමට අපි ගියාට පස්සෙ කුලියට දීල තිබ්බෙ.

    @ රෝහිත,
    //පොඩි ළමයෙක් වුණාට ඒ කාලේ මම හොඳ "ඔබ්සර්වර්" කෙනෙක්//
    ඒක හොඳ සුදුසු කමක් බ්ලොගක් පටන් ගන්න.
    පටන් අරන් බලන්නකො බැරිද කියල.

    @ නිසුපා,
    දැන් දෙමව්පියෝ දෙන්න විතරක් නෙමේ, සුනිලුත් මිය පරලොව ගිහිල්ල.
    ජීවතුන් අතර ඉන්න කාලෙම තරහ මරහ ඉවර වුනා.

    @ Beetle
    කතාව හරි යන්න තිබුන, ඒත් කොස්සකට තිබ්බෙ ඒ කාලෙ හිස් බෝතලේ ගිහින් දුන් නැත්තන් ඒකටත් චාර්ජ් කරනව. ඒ නිසා බඩු ගේන්නෙ එම්ප්ටි දීලමයි.

    @ දුකා,
    පෝස්ට් එකේ අග 'හයි ලයිට්' කරල තියෙන ටික කියවල නෑ වගේ. සුනිල් අවරුදු කීපෙකට ඉස්සෙල්ල ලංකාවේදී මිය ගියා.

    @ 108543860788859599679,
    ඇත්ත හැමෝටම ටෙලිෆෝන් නෙමේ නම් මොනා හරි පොඩි මතකයන්, බොහෝ වෙලාවට සොඳුරු මතකයන්, තියෙනව. බ්ලොග් කියවන කොට ඒක හුඟාක් වෙලාවට දකින්න ලැබෙනව.

    @ ``` Outsider```'
    සටිෆිකෙට් ඇත්ත, රෝහිත සෑහෙන කරුණු තොගෙකින් අපිව දැනුවත් කලා. ඒ ගැන අපි හැමෝම කෘතඥ වෙන්න ඕනෙ.

    අර යටින් කියාපු එක තමා පෝස්ට් ඒකටත් වඩා හැමෝටම පෙනිල තියෙන්නෙ හැබෑට.

    @ තාරක ඩිල්ශාන්,
    මාබොදලේ පැත්තේ කෂ්ටිය ඔහොම්මයි....හිකිස්...

    @ Raj
    අපුරුවට ආදර්ශෙට නං ගනී, පුළුහන් නං ලියපු එකාටත් පනිෂ්මන්ට් එකක් දෙයි.

    @ Dude
    මං හිතන්නේ දැන් ඒ බෝර්ඩ් නෑ, ලඟදි ආපහු පරණ විදියට ප්‍රතිස්ථාපනය කලේ නැත්තන්.

    හොඳ වැඩේ 'අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය ' කොරනවට.

    ReplyDelete
  74. @ ගීතක,
    ඕක මාත් අහල තියෙනව. ගීතකට කොමෙන්ට් කියවන්න වෙලාවක් නැතුව යන්න ඇති, කීප දෙනෙක්ම මතක් කරලත් තිබ්බ

    ReplyDelete
  75. 1977ට පෙර ඔය "අසත්‍යවාදියා"ගේ ෆෝඩ් ට්‍රැක්ටර් දැන්වීම් නිතරම වගේ වැටුණා 'සිළුමිණ' පත්තරේ. එකම ඇඩ් එක තමා නැවත නැවතත් දැම්මේ. ඒකේ තිබුණා ෆෝඩ් ට්‍රැක්ටරයක කළු-සුදු ෆොටෝ එකක් (ඒ කාලේ පත්තරවල තිබුණේ කළු-සුදු ෆොටෝ විතරයි. කලර් ෆොටෝ ආවේ 1980න් පස්සේ). ට්‍රැක්ටරයේ සීට් එක උඩ ඉඳගෙන ඉන්නවා කොටට කොටේ කලිසමක් ඇඳගත්තු මරු කෙල්ලෙක් straw hat එකකුත් දාලා. අපි පොඩි කොල්ලෝ වුණාට ඒ පින්තූරේ දැක්කම අපිට හරි ජොලි!

    ReplyDelete
  76. අපිත් ඉතින් කතාවක් දෙකක් ගැන කියන්න යන්නේ. ඇවිල්ල බලල යන්න අමතක කරන්න එපා.

    බඩා මාමාගේ ළමා කතන්දර

    ReplyDelete
  77. //ධර්මදාස උන්නැහෙ//

    ඔව්වොව්...එයා තමයි...එයා පලා බබෙක් වෙලා හිටියා...ලොකු තනතුරකුත් තිබුනා...අපේ ඔෆිස් පාටි වලට එහෙම් ඉස්සර එනවා...වයිෆ් Eන්ග් පොර එහේ...දේශපාලනයෙන් අයින් උනාට පස්සේ Uඛ් හිටියා කියලා තමයි ආරංචිය...

    ටෙලිග්‍රෑම් කතාවට තවත් අතුරු කතාවක්....
    ඉස්සර 'ගල් ඔය' ඉගෙන ගන්න කාලේ ගෙදරින් සල්ලි එවන්නේ ටෙලිග්‍රෑම් මනි ඕඩර් වලින්. ඉතින් ඒකාලේ ටෙලිග්‍රෑම් එකක් අවා කියන්නේ ඔක්කොම දන්නවා සල්ලි තමයි ආවේ කියලා.මාරු කරන්න යන්න ඕන අම්පාර මේන් පෝස්ට් ඔෆිස් එකට..හැ 4ක් විතර පයින් යනවා. මල පනින වැඩේ තමයි පෙරහැර වගේ පොරවල් පිටිපස්සෙන් එන එක.

    ReplyDelete
  78. @ඔබා අයියා,

    මට ජොනී එපා මොකද මං විස්කි බොන්නෙ නෑ.. දෙනවානං වොඩ්කා එකක් හරි රම් එකක් හරි දෙන්ට.. මෙන්න මෙහෙමයි ටැලිගැරැං එකේ තියෙන්නෙ..

    well done larry,
    heartiest congrats.
    from party sam**(අන්තිම අකුරු දෙකනං කියවන්ට බෑ අප්පා)
    australians and serf
    staying here

    ReplyDelete
  79. From: Melbourne

    To: Grimmett, Cricket Gnd (Grounds), Sdy (Sydney)

    well done many
    heartiest congrats
    from party sauced
    Australians and self
    staying here

    අන්තිම වචනය නම් අපැහැදිලියි. එය stangetts වැනි යමක් විය යුතුයි. මෙය හොඳට බී ගත්තු (sauced) ඕස්ට්‍රේලියානුවන් පිරිසක් විසින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට යැවූ විදුලි පණිවුඩයක් වගෙයි පේන්න තියෙන්නේ.

    ReplyDelete
  80. රෝහිතගේ පෝස්ට් එකයි, ඔබා අයියගේ කමෙන්ට් එකයි දෙකම මරු.... :))
    (නෑ...නෑ.. වැරදුනා. ඔබා අයියගේ පෝස්ට් එක රෝහිතගේ කමෙන්ට්)

    අර පුත්තරය හොඳ එකෙක් නිසානේ තාත්තගේ අඩිපාරේ නොයා දෑතේ රස්සාවක් කරගෙන පැත්තකට උනේ.
    ඇත්තටම ඔබා තුමා ඒ කාලේ විස්තර කියවන්න ආසයි
    රෝහිතගේ කමෙන්ට් වලින් අපි නොදන්නා බොහෝ කරුණු දැනගත්තා
    බොහොම ස්තුතියි දෙපොළටම

    ReplyDelete
  81. මේක යවලා තියෙන්නෙ මෙල්බර්න්වල ඉදන් සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට නං හා ලබන්නා Grimmett නං ඒක 'well done Clarry' කියලයි මට හිතෙන්නෙ.. කවුරුත් දන්නවනෙ Clarry Grimmett කියන සුප්‍රසිද්ධ පා-දග පන්දු යවන්නා නේද.?? එහෙමනං මේක එයා හොදට සෙල්ලං කරපු තරගෙකදි සුබපතලා යවපු ටැලිගැරැං එකක් වෙන්නැති.. ඔබා අයියා, පොඩ්ඩක් හොයලා බලලා කියන්නකො මේක පිටිපස්සෙ තියෙන (තියෙනවානං) කතාව.. :)

    ReplyDelete
  82. කතාව ඇතුලේ කතා ගොඩායි. පුදුම රසක් තියෙන්නේ ලියන විදියේ. ඔය අම්මට කෙළ උනා කියලා ඇවිත් තියෙන්නෙත් ටැලිග්‍රෑම් එකක් නේ ඔබෝ.....

    ReplyDelete
  83. @ Buratheno

    Grimmettගේ මුලට යෙදෙන නම Clarrie ලියන්නේ කියලා. ඔබ ලියා ඇති පරිදි Clarry කියා නොවෙයි.

    Clarrie Grimmettගේ debut මැච් එක ගැහුවේ 1925 දී Sydney වල. මේ ඒක වෙනුවෙන් යවපු ටැලිග්ගිරැං එකක්ද දන්නේ නෑ.

    ReplyDelete
  84. @Ano 08:19

    ඔවු මටත් ඒක හිතුනා.. ඒත් ඒ වගේ spelling mistakes නොදන්න කෙනෙකු අතින් වෙන්න පුළුවන් නේද (මාව හරියටම නොහදුනන කෙනෙක් මගේ නම ලියනකොට උච්චාරනය ගැන හිතලා මිසක් හරියටම දැනගෙන නෙවෙයි නේ ලියන්නේ)..

    ඩෙබුට් මැච් එක හෝ SCG වල ගහපු වෙනත් මැච් එකක් වෙන්නත් පුළුවන්නේ.. :)

    ReplyDelete
  85. අපේ ඔෆිස් එකේ ඉන්නවා නියම අයියා කෙනෙක්. මූ තමා හැමදාමත් බෙස්ට් ඈටෙන්ඩන්ස් වලට අවෝර්ඩ් එක ගන්නේ. පොර කිසිම මළගේකට, මගුලකට පාටියකට නිවාඩු දාන්නේ නෑ...

    දවසක් කාගෙ හරි මළගෙදරක යන්න බැරි නිසා මූ ලෝභ කමටත් එක්ක ටෙලිග්‍රෑම් එකක් ගහලා.. මෙහෙම...

    //
    කනගාටුයි
    G.M.N
    //

    මුලු ටෙලිග්‍රැම් එකටම වචන දෙකයි... G.M.N කියන්නේ පොරගේ නම කෙටි කරලා....

    ReplyDelete
  86. හපොයි මෑන්ද, අර බිංදු කථාවෙත් ඉන්නව නේද? අපේ හොඳ මිත්‍රයෙක් මම කියන්නම් ඔබා අයියා ගැන මතක ඇතිනේද? මගේ මස්සිනාගේ රෝගියා. හොග්.... හොග්....

    ReplyDelete
  87. @ රෝහිත,
    වයස කීයද කොටට ඇඳපු කෙල්ලො දිහෑ පැණි හලනකොට?

    @ මිගාර ,
    මං ගිහින් බලල ආවෙ මේ දැන්. ප්‍රොෆයිල් එක බැලුවම බ්ලොග් ලෝකෙට, සෑහෙන පරණ බුවෙක් කියල හිතුන. වැටිල තිබ්බ සමහර කොමෙන්ට් වල හැටියට හිතුන, කලටිපොල්, සොරි පොලිටිකල් බ්ලොගක් ලියන්න ඇති කියල ඉස්සර.

    මං මේ කියන දේට පොඩ්ඩක් වත් අමනාප වෙන්න එපා, මිගාර ඇඩ් දානකොට, ඒ දාන පෝස්ට් එකත් කියෝල පෝස්ට් එක ගැන කොමෙන්ට් එකකුත් එක්කම දැම්ම නං හරිම වටිනව කියල මට හිතුන. [මගෙ දුප්පත් අදහසක් පමණයි]

    @ kandyan ,
    ඉස්සර ඉස්කෝලෙ හොස්ටල් එකෙත් ඔය වගේ සීන් එකක් තිබ්බ. කාගෙ හරි ගෙදරින් ඇවිල්ල ගියාම, අනිත් එවුන් පස්සෙන් වැටෙනව, ෂුවර් එකටම රස කැවිලි වගේ ජාති ගෙදරින් ගෙනල්ල දෙනව කියල දන්නවනෙ. ගෙවල් වලින් ගෙන කෑම ජාති වලට ඒ කාලෙ කියන්නෙ 'දානෙ' කියල. හෙහ්...හෙහ්...

    ReplyDelete
  88. බුරා,රෝහිත & ඇනෝ,
    මට හිතෙන්නෙ මේ විදියට කියල.
    Well done Clarry heartiest congrats from partly sauced Austalians and self staying here
    යැව්ව කෙනාගේ නම නං හිතාගන්න බැහැ.
    ඔසියන්ගේ ස්පෙලින් නං අන්තිමයි සාමාන්‍යයෙන්, හැබැයි ඒ කාලෙ එහෙමයි කියන්නත් අමාරුයි.
    ග්‍රිමෙට් ගෙ නියම නම Clarence Victor Grimmett

    ඇනෝ කිව්වා වගේ, Clarrie කියල තමා ඒ කාලෙ භාවිතා වෙලා තියෙන්නේ.ඒ වුනාට ටෙලිග්රාම් එකේ තියෙන්නේ නං Clarry වගේ.

    ටෙස්ට් ඩෙබියු මැච් එකේදී 5/36 අරං තියෙනවා 1925 දි.

    ReplyDelete
  89. @ ලොකු පුතා ඇත්තටම රෝහිතට තමා ස්තුතිවන්ත වෙන්න ඕනෙ.

    @ මාතලන්,
    කතා ඇතුලෙ කතා වලටත් වඩා කොමෙන්ට් වලින් මතුවෙනවනේ ලංකාවෙ ඉතිහාසෙ විතරක් නෙමේ බලනකොට ඔසී ක්‍රිකට් ඉතිහාසෙ කෑලිත් හෙහ්...හෙහ්...

    @ prasanna86k ,
    ඌට වචන හතරකටයි ලිපිනෙටයි ගෙවන්න වෙන්ඩ ඇති. ටෙලිග්රාම් වල මුලකුරු වලට වෙනම චාර්ජ් කරනවා හික්ස්

    @ වෙද මහත්මයා,
    හරි නං හොඳට මතක තියෙන්න ඕනෙ නම කියපු ගමන්. හැබැයි දේශපාලල හින්ද අන්විශ්වාසබල්. පොර මට රු/= දහයක විතර ණයකුත් තියෙනව.
    [මේ කතාව නං අහන්න එපා, පොරට එස්.එස්.සී. ලිව්වෙත් අපේ එකෙක්], මෑන් ගැන තියෙන කතා බ්ලොග් වල එලි පිට කියන්න බෑ, හමු වුන වෙලාවක කියන්නම්

    ReplyDelete
  90. @ඔබයියා...

    ඔබයියේ මිගාර කියන්නේ බ්ලොග් අවකාශයේ පරණම පොරක් තමා... ඒ වගේම මගෙත් ගුරෙක්. පොඩ්ඩක් බලන්න එතුමගේ ගී රස විනිස බ්ලොග් එක එහෙම...

    ඒත් වටිනම බ්ලොග් එක උන්නැහේට වයර් මාරු වෙලා මකලද මංදා... ඉස්සර තිබුනා "පන්හිඳ සමඟ" මිගාර අයියගේ ගණුදෙනුවක්..අන්න ඒක බලලා තමා අපිත් ලියන්න පටන් ගත්තේ...

    ReplyDelete
  91. @ මාරයා,
    ඊයේ පෙරේද ආපු මං පණ්ඩිතකම් කියන්න ගිහින් තරහ වුනාද දන්නෙත් නෑ. නොකියන්නත් හිතල, ආයෙත් මට ඇත්තටම හිතුන දේනෙ කියල, කිව්වෙ.

    ලින්ක් තියෙනව නං එවනවද?

    ReplyDelete
  92. අපොයි නැහැ ඔබා අයියා මොනවත් දෙයක් කිව්වයෑ..ඔහොම කතා නෙවෙයි උන්දෑ ඉස්සර අහගත්තේ..අපි එච්චර ඉවසන උන් නෙවෙයි.. ඒත් ලිවීමට එරෙහිව කර කියා ගන්න දෙයක් නැතිව ගියාම බර ගානක් එකතු වෙලා පෞද්ගලික කාරණා හොය හොය ගහද්දිත් ඉවසගෙන හිටිය මනුස්සයෙක් ඔය...

    ලින්ක් ගැනනං අනේ මංදා හොයලා බලන්න ඕන..මොකද මට පේන විදියට ඒ බ්ලොග් එක මකලා දැන්..ඒත් ගූගල් කෑෂ් පිටු ඇති මං බලන්නං හොයන්න...

    ReplyDelete
  93. @ මාරයා,
    ලින්ක් තිබ්බ පොරගෙ ප්‍රොෆයිල් එකේ

    ReplyDelete
  94. දැන් පහේ කට්ටක් හොයන්නත් හෙන ගේමක් දෙන්න ඕන මං හිතන්නේ!එකක් පහකඉන් බබල්ගම් එකක් වත් ගන්න බැරි වීම හා ආශ්චර්‍ය්ට යන ගමනේ පියවරක් ලෙස සෑහෙන්න කාසිය ලොකු කිරීම :)

    ReplyDelete
  95. @ Sabith
    අප්‍රියෙල් මාසෙ ලංකාවට එනකොට 5/= ට කෝල් බොක්ස් වලින් කෝල් ගන්න පුළුවන් කම තිබ්බ වගේ මතකයි

    ReplyDelete
  96. නියමයි . . . රෝහිතගෙ කොමෙන්ට් ටික නියමෙනුත් නියමයි . .

    ප.ලි.
    මේක නෙමේ අප්ප දාන්න හිටි කොමෙන්ට් එක . . . ඒක ලඟදිම පෝස්ට් එකක් වෙලා කොහෙ හරි වැටෙයි . . . .

    ReplyDelete
  97. ඔබා මාමා වයසක නිසා 70 ගණන්වල තිබුණු තාක්ෂනය ගැන දැනගත්ත ස්තුතියි මාමේ !!

    ReplyDelete
  98. ඔබා මාමා වයසක නිසා 70 ගණන්වල තිබුණු තාක්ෂනය ගැන දැනගත්ත ස්තුතියි මාමේ !!

    ReplyDelete
  99. නියම කමෙන්ට් එක දාල තීන්නෙ බීටල්!

    අපේ ඉස්සරහ ගෙදර අංකල් රාජ්‍ය පරිපාලනේ ඔඩිටර් කෙනෙක්. නවසිය අසූවෙ අග වෙනකල් විදුලිය නොතිබිච්ච රත්මලානෙ කල්දෙමුල්ල පලාතටම තිබ්බ එකම ටැලිපෝනෙ තිබ්බෙ එහෙ. තඩි පිඟං මැටිද කොහෙද රිසීවරේ යට රවුමට තිබ්බ ඉලක්කං කරකව කරකව කෝල් ගැනිල්ල සහ උන්ගෙ ටෙලිපෝන් එක වැදුනම අපේ ගෙදර උන් නින්දෙන් ඇහෙරෙන එක වගේ එව්ව මතක් කොරනකොටත් ආතල්. අපේ පැත්තට ටෙලිපෝන් කණු හිටෙව්ව ( ලී කණු ) විදුලි කණු වලට කලින්. තව පොඩි බැටරියක් හයිකරපු ස්විචෙකකුත් තිබ ෆෝන් එක යට තියල. ලයින් එක ඉස්සල්ලම ඒකට ගිහින් තමා ෆෝන් එකට ආවෙ. පස්සෙ කාලෙක ඒක අයින් කරල දැම්ම.

    තව කටුබැද්දෙ මෝල පාරෙ අංකලයෙක් හිටිය ටෙලිකොම් (ඒ කාලෙ විසංදෙ) ලොක්කෙක්. මිනිහගෙ ගෙදර ලොකු කණුවක් ගහල අමුතු ඇන්ටනාවක් හයි කරල තිබ්බ IDD කෝල් ගන්න.

    ටැලිග්‍රෑම් එකේ කොමාව මාරුවෙලා හිරකාරයෙක් (සරදියෙල්ද කෝහෙද ) මැරුන ජන කතාව අහල තීනවනෙ.

    ReplyDelete
  100. @ ඕනයා,
    මේකෙම දැම්ම නං තමා වටින්නෙ, ඇයි බොට හංගන්න දෙයක් වත් තියෙනවද?

    @ විසිතුරු,
    තෑන්ක් යූ.

    @ අසරණයා,
    මට නාකිය කිව්ව එහෙනං ඈ....

    @ සිංහයා,
    දැන් ඉතින් ආයෙමත් උඩට ගිහින් හොයපන්කො බීට්ල්ගෙ කොමෙන්ට් එක.... පොඩ්ඩක් ඉඳහන් එහෙනං...

    මෙන්න බීට්ල් ට දුන්න උත්තරේම ආයෙත් //කතාව හරි යන්න තිබුන, ඒත් කොස්සකට තිබ්බෙ ඒ කාලෙ හිස් බෝතලේ ගිහින් දුන් නැත්තන් ඒකටත් චාර්ජ් කරනව. ඒ නිසා බඩු ගේන්නෙ එම්ප්ටි දීලමයි//

    'එල්ලන්න එපා, නිදහස් කොරන්න' වෙනුවට
    'එල්ලන්න, එපා නිදහස් කොරන්න' වගේ එකක් නේද?

    ReplyDelete
  101. ගොඩක්දේ දැනගත්ත ඔබා මාමේ සහ රෝහිත ගෙනුත්.

    ReplyDelete
  102. Hi Iresha,
    Thank you for reading & taking an effort to make a comment

    ReplyDelete
  103. කා පේන්ටර් කියලා ලිව්වම ගාන තව ටිකක් වැඩි වෙන නිසා කාපෙන්ටර් කියලා ලියලා. මරු නේ.

    ReplyDelete
  104. @ මධුරංග,
    විහිළුවට නේද කිව්වෙ එහෙම?

    ReplyDelete
  105. මාර ආදර කතාවක්නෙ, දැන් කාලේ ඇමති පුතෙක් එහෙම කලොත් ඉර බස්නාහිරින් පායයි ......

    කමෙන්ට්වල සෑහෙන්න කරුනු තියනවා දැන ගන්න, ආයිත් පාරක් කියවන්න ඕන ......

    ReplyDelete
  106. දැන් කාලෙ ඇමති පුතෙකුට අහු වුනොත් කෙල්ලට අබ සරණයි

    ReplyDelete
  107. දැන් ලේසියෙන්ම ටෙලිග්‍රෑම් යවන්න පුලුවන් ටෙලිකොම් එක හරහා .අපේ අම්මා ඔය ක්‍රමය පාවිචිකරනවා ගොඩක් වේලාවට හැබැයි රුපියල් 15/= ක්ද කොහේද යනවා.....

    ReplyDelete
  108. @ රොබින්,
    රු/= 15 ටත් පාඩු නෑනෙ

    ReplyDelete