My followers

Tuesday 27 December 2011

'ෆොරිජින් සිගරෙට්'

දැන් ගම්පහ නගරෙ සහ ඒ අවට කාර්, මෝටර් බයිසිකල්, බස්,ලොරි, වෑන් විකුණන සේල් තියෙනව වෛවාරන්ය නම් වලින්, ගණන් කරල ඉවර කොරන්න බැරි තරං. ඒ වුනාට අපි පොඩි කාලේ ගම්පහ තිබුනෙ ඒ ජාතියෙ එකම, එක, සේල් එකයි. හැබැයි ඒ සේල් එක දිවයින පුරා නම් දරාපු එකක්. වාහන ගන්න, යාපනේ ඉඳලත් ඒ කාලෙ මිනිස්සු එනව කියල තමයි, අහල තියෙන්නෙ. අදටත් ඒ සේල් එක තියෙනව,  මං හිතන්නෙ, ඒ කාලෙ සේල් එක කරපු මුදලාලිගෙ දරුවො, මුනුපුරෝ, වෙන්නැති දැන් රන් එක දෙන්නෙ.

මං ඉස්කෝලේ යනකොට, අටේ පන්තියේ විතර කාලෙ, සමාන්තර පන්තියක හිටිය  'ටීයකියල යාලුවෙක්.  උන්ගෙ තාත්තගෙ 'නික් නේම්' එකම තමා පොරටත් ලැබිල තිබුනෙ. තාත්තට ඉස්සර කරපු බිස්නස් එකක නමක් මුලට දාල පෙරේරා. මූටත් මුලදි බිස්නස් එකේ නම කිව්වට, පස්සෙ ඒකෙ මුල අකුර  'T'  විතරක් පාවිච්චි කොරල ලේසියට  'ටීයකිව්වෙ.  'ටීය'  තමා අපි දන්න කියන කෙනෙකුට, ඉස්සෙල්ලම චිත්‍රපට නළුවෙක් බවට පත් වුනේ.

අර ඉස්සෙල්ල සඳහන් කරපු සේල් එකේ මුදලාලි චිත්‍රපට නිෂ්පාදනේට අත ගැහුව.  මං දන්න විදියට හැදුවෙ හැබැයිඑකම එකයි.  ඒ කාලෙ සම්භාව්‍ය වගේම ගැලරියටත් නැගල ගිය චිත්‍රපටයක් පොර නිස්පාදනේ කොලේ.  නම කිව්වොත් 'අන්සතු මල්' වගේ එකක්.  ඕකෙ ප්‍රධාන නළුවපස්සෙ කාලෙක අපේ රටේ පාර්ලිමේන්තුවෙ 'කථානායක' තනතුරත් දැරුව. පොර කතානායක තනතුර දරන කාලෙ, ගත්ත තීරණයක් නිසා, එයාගෙම පක්ෂෙ,බොහොම අඩුවෙන්, පාර්ලිමේන්තුවෙ කථා කරල තියෙන,  ගම්පහ පළාතේ මන්ත්‍රී කෙනෙක් කිව්වලු 'කතානායක තුමා ඔය කථා කොරන්නෙ ගැලරියට' කියල. කතානායක තුමා දීල තියෙන උත්තරේ, 'ගරු #### මන්ත්‍රී තුමා  ජංගි කොටේ ඇඳන්, ගැලරියෙ විසිල් ගහන කාලෙ,  මං ගැලරියට කථා කොලේකියල. දන්නෙම නැතුව පඳුර වටේට තලන්න පටන් ගත්තනෙයං ආපහු කතාවට.

මේ පිචර් එක බලල තියෙන කට්ටියට මං කියන්න යන සීන් එක මතකත් ඇති.  පිචර් එකේප්‍රධාන නළුව කොරනව, හෙණම පීචන් වැඩක්.  පොර පැණි හලන කෙල්ලගෙ,  තාත්තගෙ කුඹුරෙ,  කපල පාගන්න රෙඩී ගොයං  කොලේකට, යාලුවොත් එක්ක ගමේ සංචාරයක් යන ගමං,  ගිනි තියනව.  ගොයං කොලේ ගිනි ගන්නව දැක්ක පොඩි එකෙක්, සරමත් උස්සගෙන,  දුවල ගිහින් කෙල්ලගෙ තාත්තට නියුස් එක දෙනව.  ආන් ඒ පොඩි කොල්ල තමා 'ටීය'.  ලංකාවෙ ප්‍රේක්ෂක ජනතාවගෙ හෝ,  'ටීය'ගෙ,  ලක් එකක් තිබිල, උගෙ නළු වෘත්තිය එතනිම්ම ඉවර වුනා.

අද කාලෙ වගේම, ඉස්සර කාලෙත්, කාර් සේල් කාරයො ලේසි පාසු පොරවල් නෙමේ. මෑන්ට ප්‍රසිද්ධියට වඩා වැදගත් වෙන්න ඇති  'ඉන්කම් ටැක්ස් '  වලින් ශේප් වෙන එක.  අනික, පිචර් එක හදන්නත් ඉස්සෙල්ල පොරට තේරෙන්න ඇති, මේක නැගල යන, සල්ලි හොයන, එකක් කියල. හේතුව අනුමාන කොරනව මිස හරියට කියන්න දන්නෙ නෑ,  පිචර් එකේ නිෂ්පාදක හැටියට නම වැටුනෙ,  'චිත්‍ර'යක්  වගේ මුල නමක් තියෙන,  'වයසින් අඩු සුරිය' කෙනෙනෙක්ගෙ.  නිෂ්පාදක හැටියට නම වැටුන පොරත්ඒ කාලෙ ගම්පහ නගරෙ හැමෝම වගේ දන්න කියන කෙනෙක්.

චිත්‍රපටියට සම්භන්ද වෙන්න ඉස්සෙල්ල මෑන්ස් ගමං  බිමන් ගියෙ බයිසිකලෙන්. චිත්‍රපටිය හැදෙන කාලෙ  'දඬු ෆෝර්ඩ්'  එකක් හෝ  'මොරිස් එයිට්'  එකකට දියුණු වුනා.  පිචර් එක ප්‍රදර්ශනේ වෙනකොට, ගමන බිමන  'බෙන්ස්' එකකින්.  [කොහොමද 'පොඩි ඔබාගෙ' ඔබ්සවේෂන්]  ඊටත් පස්සෙ පොර හැදුවඒ කාලෙ හැටියට ඉස්තරම් ලෙවල් එකේ ගෙයක්.  මම ගේ ඇතුල දැකල නං නෑ.  ආරංචියෙ හැටියට ගේ ඇතුලෙ  'ස්විමින් පූල්එකකුත් තියෙනවලු.  අඩු ගානෙ 'පොන්ඩ්' එකක් වත් ඇති.  ගේ වටේ බිත්ති ඔක්කොම, කළුගලෙන්  වගේ තමා මගෙ  මතකෙ හැටියට.  ගේ නං තාම ඇති ගම්පහ, පරාක්‍රම පාරෙ.

ඔන්න ඔය කියපු ගේ හදන කාලෙ තමාමෙන්න මේ කියනසීන් කෝන් එක සිද්ධ වෙලා තියෙන්නෙ.  ගේ හදල ඉවර වෙන කාලෙ, ඔය සුකුරුත්තන් වැඩ, ඒ කියන්නෙ  'ෆිනිෂින් ටච්'  වගේ වැඩ කොරන, බාස්උන්නැහෙ කෙනෙක්, වැඩක් කොරමින් ඉන්න තැනට ආපු ගෙවල් අයිතිකාරය,  සිගරෙට් එකක් පත්තු කොර ගත්තලු. ඒ කාලෙ ඔය ෆොරිජින් සිගරෙට් වලට සාමාන්නිය මිනිස්සු කියන්නෙ  'නැව් සිකරට්'  කියල.

බොසා පත්තු කොරන් තියෙන්නෙත් කොහෙන්ද හම්බු වෙච්ච පැකට් එකකින්  'නැව් සිකරට්'  එකක්. බීඩි බොන බාසුන්නැහෙත්, සිගරෙට් දුමේ ස්මෙල් එක නිසා පෙරේත බැල්මන්ට් එකක් දැම්මලු.  බොසාට පව් කියල හිතිලබාසුන්නැහෙටත් දුන්නලු  'නැව් සිකරට්'  එකක්. බාසුන්නැහෙත්  'නැව් සිකරට්'  එක පත්තු කොරන්,  දුං උගුරක් දෙකක් ඇදල හෙම,  ' සර් මට තව එකක් දෙන්න බැරිද'  කියල ඇහුවලු. බොසාට චුට්ටක් විතර මල පැන්නත්,  ' ඒ මොකටද බාසුන්නැහෙකියල අහන ගමං   තවෙකක් දුන්නලු.  ' බත් කාල බොන්න, සර්'   කියල බාසුන්නැහෙ  'නැව් සිකරට්'   එක කනේ ගහ ගෙනආපහු කොරමින්  හිටිය   වැඩේට බැස්සලු.

වැඩේ කොරගෙන යන බාස්උන්නැහෙට, බොසා ආයෙත් 'නැව් සිකරට්' එකක්  දික් කලාලු.  බාස පොඩ්ඩක් මවිත වෙලා  'ඒ මොකටද සර්කියල ඇහුවලු.  
බොසා කිව්වලු,   ' තමුසෙට ගෙදර ගිහින්, ගෑනිට හු#ල ඉවර වෙලා බොන්න'   කියල.

124 comments:

  1. දුම් පානය ශරීරයට අහිතකර වීමට පුළුවන .
    හිතාගන්න අමාරුයි මේවට මොනාද කියන්නේ කියල .:D

    ReplyDelete
  2. වටේ යනවා විතරක් නෙමේ දැන් ප්‍රහේලිකා පුරවමිනුත් තමා කතාව කියවන්ට වෙලා තියෙන්නේ...:D:D

    අර අන්තිම වාක්‍යය අතින් දාපු එකක් නේද?:)))

    ReplyDelete
  3. නිදි කිර කිර මේක කියෙව්වේ... නින්දත් නෑ කිරත් නෑ... කතාව ලොවෙත් නෑ... :D

    ReplyDelete
  4. @ ගිම්හානි,
    දුම් පානය සරීරෙට අහිතකයි තමා,l බැරි වෙලාවත් මේක දුමට 'ඇඩ්' එකක් කියල නං හිතන්නවත් එපා.

    @ පොඩි කුමාරිහාමි,
    මොකද්ද අප්පේ ප්‍රහේලිකාව?
    අන්තිම වාක්‍ය අතින් දාපු එකක් නොවේ යැයි අවංකවම ප්‍රකාශ කොරමි.

    @ ගුලිය,
    නින්ද නං කමක් නෑ කියමුකො, කිරට මොකක් වුනාද බොලේ?
    [ඔහේ වෙලාව මං දන්නව, මෙච්චර රෑ වෙනකන් මොකද කරන්නෙ, වැල පිචර් බලනව වගේ නරක වැඩ හෙම නෙමේ නේද?]

    ReplyDelete
  5. පරසතු මල් එකේ තියෙන ගේ නේද දැන් ගම්පහ දිසාපති කාර්යාලය? මං හිතුවේ ඒක තමයි චිත්‍රා බාලසූරිය ගේ ගෙදර කියලා.
    මේ කතාවේ හැටියට ඒක වෙන්න බෑ!

    ReplyDelete
  6. බොසා හැබෑ සාධාරනයි ! මොකද බාස් උන්නැහැගේ අවශ්‍යතා ගැන සෑහෙන්න දුර දිග හිතලා තියෙනවා. ඔය චිත්තරපටිය හම්බ වුනොත් ආඉ බලන්න ඕනි ඔය කියන ටීයව ! කවුරුහරි ටීවී එකේ යන එකක් වත් කොපි කරලා සීඩී එකකට ගහල ඇතිනෙ ! හොයා ගන්න බැරි වෙන එකක් නෑ .

    ReplyDelete
  7. පොඩි ඔබා ඒ කාලේ ඉඳලම පියාඹන පීරිසි ගැන සෑහෙන අවධානෙන් ඉඳල තමයි වයසට ගිහින් UFO එකක් ගන්න ඇත්තේ නේද? ඔය අන්තිම කෑල්ල නම් ෂුවර් එකටම බාස් අහගත්තා එකක් වෙන්න බෑ. මොකද ඕක කියන වෙලාවේ ඔබා එතන හිටිය වෙන්න බැරි නිසා. මේ කතාව අහගන්න ඇත්තේ ඔබාම තමයි ඩිපෝ එකේ ජොබ් එක කරන කාලේ බොසාගෙන්.

    ReplyDelete
  8. ඉකේයියා.. මෙයා කිව්වොත් කියන්නේ මහ කුප්ප කථාවක්....

    ReplyDelete
  9. මම හිතන්නෙ බොසා ඔය කියන වැඩේ කොරල සිගරට් එකක් බොනව ඇති.. ඒකනෙ බාසුන්න්ගේටත් කිවුවෙ... ඒත් ඔය හති දාන වෙලාවට අමාරු නැද්ද සිගරට් එකක් බොන්න,,,, ??

    ReplyDelete
  10. බොසා දවසට සිකරට් කීයක්‌ බිව්වද දන්නේ නෑ නේද ඔබා මාමා?

    පවු ටීයගේ අම්මා...

    ReplyDelete
  11. මේ වාක්කෙ කියා ගන්ට ගහපු වටයක් ..අනේ අම්මපා...

    ReplyDelete
  12. අර ගල්පල්ලිය එහේම නොවෙයිනේ..කලු ගලේන් හදල තියෙන්නේ..හික්...එතකොට අපේ වාහන සෙල් උන්නැහැ නන්ද මොටර්ස් ද ඔබා අයියේ..

    ReplyDelete
  13. චඃ , ඔබා මාම කට ඇරියොත් කුණු හබ්බයක් ම තමයි...

    ReplyDelete
  14. හික් හික්...මරු කතානේ ඔබා මාමත් කියන්නේ..

    ReplyDelete
  15. @ කතන්දර Kathandara
    දිසාපති කාර්යාලෙ තියෙන්නෙ ඒ ගෙදර තමා. ඒක තියන ලොකු ඉඩමෙ, තව බිල්ඩින් හුඟක් පස්සෙ හදල තියෙනව.
    මට මතක හැටියට, කොළඹ පාරෙන් පල්ලිය පාරට හැරෙන හරියෙ [සිරිල් ගරාජ් ඒක අසල] ගෙයක් කුලියට අරන් පොර හිටියෙ, බයිසිකලේ යන කාලෙ.

    @ Weni ,
    චිත්‍රපටය මෙහෙත් හොයාගන්න තියෙනව, ලංකාවෙ ලේසියෙන් හොයා ගන්න පුළුවන් වෙන්න ඕනෙ.
    හොයා ගෙන බලන්න, ඇත්තටම හොඳ චිත්‍ර පටයක්. [මහගමසේකරත් සම්භන්ද එකක්]

    @ චීටා
    ලංගම වැඩ කොරන කාලෙ, අපේ සෙට් එකට ඒ වගේ ටෝක් ඉශූ කොරන්න පුළුවන් එවුන් පහල වෙලා හිටියෙ නෑ, සොරි. හෙහ්...හෙහ්....

    @ අභීත
    මීට පස්සෙ 'හුන්නස්ගිරි' කියල කියන්නං...හික්ස්...

    @ ඉඳුනිල්
    කව්ද දන්නෙ නිකං හම්බුනාම විතරක් සිගරෙට් බොන පොරක්ද කියල, බොසා

    @ පැන්ඩා
    ඕක නිකම්ම කිව්වා නං, බොලා ලංකාවෙ සිනමා ඉතිහාසෙ ඉගෙන ගන්නෙ කොහෙන්ද?
    [ඊයක් එව්ව ලැබුනද?]

    @ Raj
    නෑ....නෑ..ගල් පල්ලිය නෙමේ, සේල් එක නං හරි.

    @ Tiraj Adikari
    පෝස්ට් ආයෙත් දෙපාරක් කියෙව්ව, ...ම්හු...එක නරක වචනයක් හොයා ගන්න බැරුව ගියා. : -)

    ReplyDelete
  16. @ පොඩි මෑන්
    අම්මප පොඩි එකාටත් හිතෙන ඒව.
    [පොඩ්ඩෙන් පොඩි එකාව මිස් වෙන්න ගියෙ]

    ReplyDelete
  17. @ ගිනි කුරුල්ලා ,
    ඕන් කුනුහපර හෙම මං කිව්ව ඒව නෙමේ හරිද?

    ReplyDelete
  18. සේල් එක දනිමි... ගම්පහ දිස්ත්‍රික්කේ වුණාට ඉතින් අපිට ලග කොළඹ නිසා ගම්පහ කරක් ගැහුවේ අඩුවෙන්..

    ඔබා.. බාසුන්නැහැ පාලම යටින් නැව යවලා.. නැව් සුරැට්ටුවක් ගහන්න ඇති නේද බොල.. එල එල..

    ReplyDelete
  19. මේකේ වහෙං ඔරෝ සීන් ටිකනං තෙරුන් නෑ...හැබැයි අවසාන ටික තේරුණා.... ඒ ටික ඇති... හුක් හුක් හුක්....

    ReplyDelete
  20. ඔබා මාමා නම් සිගරට් බොන්නේ නෑනේ? ;)

    ReplyDelete
  21. ඔබා අයියා නම් සිගරට් බොන්නෙ නැතිව ඇති මගෙ හිතේ.........දුම්බීම මෙව්ව එකට අහිතකරයිනෙ....

    ReplyDelete
  22. ඔය කියන්නේ" පරසතුමල් " ‍ෆිල්ම් එකද ?
    එකේ රගපාපු කෙනෙක් අද රටේ ප්‍රදානම පු‍ටුවක ඉන්නවා මගේ හිතේ.....!!!!!!

    ReplyDelete
  23. එතකොට ඔහොමයි පරසතු මල් චිත්‍රපටියේ පසුබිම් කතාව උනේ?

    ReplyDelete
  24. සමහරු ඉන්නවනෙ ටොයිලට් එකට යන්නත් සිගරට් එකක් ඕනෙ වෙන අය...නැත්තම් යන්නෙ නෑලු...නොදෝමකිං....

    ReplyDelete
  25. @ sAm sRi
    මං හිතන්නෙ මම ඉපදෙන්නත් කලින් ඉඳල ගම්පහ තිබුන කාර් සෙල් එකක් ඒක.

    @ නරකයා....!!
    වහෙන් ඔරෝ මුකුත්ම කියල නෑ, මතක් වුන ඉතිහාසෙ පොඩ්ඩක් විතර කියල දැම්මෙ.

    @ පූසා,
    සියලු දුශ්චරිත නවත්තල දැන් ටික දොහක්....

    @ ලකී
    කොයිව එකටද බොලේ ඒ?
    @ රොබින්
    පොස්ට් එකේ සඳහන් කල 'කථානායක' තනතුර දරපු කෙනා හැර, අදට ඉහල පුටුවක ඉන්න කෙනෙක් ගැන නං දන්නෙ නෑ.

    ReplyDelete
  26. ඔබා ද බබාගෙන් ලුණු ඇඹුල් නැති රස කතාවක්.. හැබැයි අවසන් කෑල්ල ඔබා විසින් ෆ්‍රී දුන්න එකක්ද කොහෙද..

    ReplyDelete
  27. @ ක්සැන්ඩර් | Xander
    මං අහල තියෙන්නෙ නං එහෙමයි, ඕක ඒ කාලෙ එතරම් අප්‍රසිද්ධ කතාවකුත් නෙමේ ගම්පහ පැත්තෙ නං

    @ දිල්
    දිල්ගෙ වෙන්න මහත්තය නං සිගරෙට් බොන්නෙ නෑ කියල දැන් 'බුදු ෂුවර්'
    පෝස්ට් ඒක දුමට ඇඩ් එකක් කියල නං බැරි වෙලාවත් හිතන්න එපා

    ReplyDelete
  28. @ ජීනියස් ,
    මම හුඟාක් ඉස්සර අහපු කතාවක්. ලේසි පාසු කෙනෙක් නෙමේ කතාව කිව්වෙ, පසු කාලෙක පිට රටක ලංකාව නියෝජනේ කරමින් 'මහ කොමසාරිස්' තනතුරක් පවා දරපු කෙනෙක්.

    ReplyDelete
  29. ඕක ටිකක් ප්‍රසිද්ධ කතාවක් ඔබා අයියෙ,
    මම අහල තියෙන්නෙ මල ගෙදරකදි ගෙදරක සිගරට් දෙනකොට එකෙක්, එකක් පත්තු කරගෙන තවත් එකක් කනේ ගහගෙන.
    බෙදපු හාදයා ඇහුවම "කාලා බොන්න" කියලා.
    අරූ තව එකක් දීලා
    "ඉඳා මේක **කලා බීපන් " කියලා.

    ReplyDelete
  30. මෙ 77 ට කලින් කතාවක් මයෙ හිතේ ...

    ReplyDelete
  31. ලොක්කා දැන් ලංකාවෙ සිකරට් දුන්නට ගින්දර දෙන්න තහනම්. බලාගෙන ලංකාවට එනකොට ඔය පොරිජින් ඒවා ගෙනාවට කමක් නෑ හැබැයි ගින්දර එහෙම දෙනවා බොරුයි.

    ReplyDelete
  32. ඔබා අයියේ මේ කථාවක්ද ? කථා මාලාවක්ද? ලියමුකෝ හොද මෙගා ටෙලියක්. නැගල යයි.
    අනික අර ගිම්හාණි බබාට පොඩ්ඩක් තේරෙන්න ලියන්න හොදේ පව්නේ.

    ReplyDelete
  33. ලොක්ක මොකද මේ ෆොරිජින් සිගරට් කියන්නෙ? ජින් එක්ක බොන ජාතියක්ද නැත්තං ජින් දාල හදන එකක්ද?

    ඔය චිත්‍රපටි හදන්නෙ ටැක්ස් වලින් බේරෙනවටත් වඩා කළු සල්ලි සුදු කරන්න සහ සැප ගන්න.

    ReplyDelete
  34. චිත්‍ර ගෙ අය්ය තැපැල් මාස්ටර්. එයාගෙ දුව අපි එක්ක ඉගෙන ගත්තා. තව ගම්පහ හිටිය ප්‍රසිද්ද වෙද මහතෙක් අපෙ අම්මගෙ අය්ය වෙන. එයාගෙ ඩිස්පැන්සරිය තිබුනෙ ගම්පහ මීමැඩුම ඉස්සරහ. ගේ තිබුනෙ චිත්‍රා පාර ගම්පහ. මිනිහ හෙන UNP කාරය. ඒකාලෙ නගර සභා චන්දෙට ඉල්ලුව. පහු කාලෙක කාටද නැතිඋන ID එකක් ගන්ට ඇපයක් අත්සන් කරල අමාරුවෙ වැටුන මොකද අත්සන් කරල තියෙන්නෙ JVP කාරයෙකුටලු.ඉස්සර JRඑනවලු මනුස්සයගෙ ගෙදර චන්දෙ කාලෙට.චිත්‍රා පාර ඔබාල දන්නව ඇතිනෙ??

    ReplyDelete
  35. @ uwiniran
    ඇත්ත...ඇත්ත...හැම කතාවෙම වගේ වෙනස් වර්ෂන් තියෙනව, හැම කෙනාම අහල තියෙන්නෙ බලන කොට වෙනස් අවස්ථාවක. සමහර අපේ කියල හිතාගෙන ඉන්න ජනකතා වුනත් වෙනත් රටවල වෙනස් වර්ෂන් වලින් තියෙනවනෙ.

    @ Loku John
    චිත්‍රපටිය හැදුනෙ මට මතක විදියට හැට ගනං වල පසු භාගෙ.
    මන් කාටවත් ගින්දර නං දෙන්නෑ...හෙහ්...හෙහ්...

    @ වෙද මහත්මයා,
    ඇත්තක්ද, බොරුවක්ද, කියන්න නං දන්නෙ නෑ, බ්ලොග් ලියන කොමෙන්ට් දාන අය අතරෙ කතාවක් යනව 'ගිම්හානි' කියන්නෙ, කෙල්ලෙක් නමින් කොමෙන්ට් දාන කොල්ලෙක් කියල. පුද්ගලිකව මගේ අදහස නං ඒක බොරු කට කථාවක්.

    @ සිංහයා,
    'වෙල් ජින්' බීල තියෙනවද? මේව බොන්නෙ අන්න ඒව එක්ක.
    ලංකාවෙ දැන් නං සල්ලි තියෙන අය ගාව [මිඩ්ල් ඊස්ට් එහෙම නොගිය] කළු ඒව ඇරෙන්න වෙන සල්ලි ජාතියක් නැතුව ඇති

    ReplyDelete
  36. ඔබා මාමා "හොඳ වැඩ" ඔක්කොම නැවැත්තුවද? සික් විතරක්

    ReplyDelete
  37. @ ඊමේල් කවි කාරී,
    ඔයාගේ යාලුවගෙ තාත්ත දහම් පාසලේ [ඉරිදා ඉස්කෝලෙ] ඉගැන්නුවද?
    'මීමැඩුම' එකට අල්ලපු එක ඩිස්පැන්සරියක්. ඒක 'හෝමියෝපති' එකක් වගේ මට මතක. ['මීමැඩුම' එක ඉස්සරහ තිබ්බෙ පොලිසිය.]
    චිත්‍රා පාර හොඳට මතකයි.

    @ රංග - මගේ ලෝකය
    ෂ්...ෂ්...කෑ ගහන්න එපා...
    [කියන්නා කෙසේ කීවත්..........]

    ReplyDelete
  38. දැන් එතකොට අර විෂ්කි බෝතල් දිහා ඔබා බලන්නෙවත් නැද්ද?

    ReplyDelete
  39. ඕක නැතුව දැන් ඒක කරන්න බැරි මිනිස්සුත් ඉන්නවා..ඒ තරම් ඇබ්බැහි වෙලා

    ReplyDelete
  40. අර අන්තිම වාක්‍ය කිව්වට පස්සේ බාස්උන්නැහේ "එකක්නම් මදි මහත්තයෝ" කියල කිව්වේ නැද්ද දන්නේ නැහැ, නේද ඔබා මාමේ :))

    ReplyDelete
  41. ගිම්හානි කොල්ලෙක් කියලා කට කතාවක් යනවා කියලා ඇහුවමයි.

    කොල්ලෙක් නම්, එයා පැණි පාට, හැන්ඩියෙක්ද දන්නේ නෑනේද? ...:D:D:D

    ReplyDelete
  42. අපේ එකෙක් හිටියා උගේ කාඩ් එක අම්මියා..මූත් ‍ෆිල්ම් ඇක්ටර් කෙනෙක්,වයස 6 දී ගෝල්ෆේස් එකේ තඩි කාලතුවක්කුවකින් ලිස්සලා ඇවිල්ලා අම්මී කියලා අම්ම ලගට දුවන සීන් එකකට මූ ඉදලා තියෙන්නේ,පලවෙනි හා අන්තිම ‍ෆිල්ම් එක උගේ,කාඩ් එක තාමත් ඒ විදියටම තියෙනවා.....එළ කථාව...අර අන්තිම වැකිය මරු ඈ...නැවිගට් කියන්නේ වෙන ජාතියක්ද....නේවි කට් මම හිතන්නේ....

    ReplyDelete
  43. ඔබා මේසං වැඩ කොලේ . . . . ලංගමෙං වැඩ තහනං කොරල හිටියවත්ද ?????

    ReplyDelete
  44. මම හිතාගෙන හිට්යෙ නැව් සිකරට් එහම නැත්නම් "නැවිකට්" කියල කිව්වෙ ඒ කාලෙ තිබ්බ john player's Navy Cut වලට විතරයි කියල... බ්‍රිස්ටල්, ෆෝ ඒසස්,ත්‍රී රෝසස් වගේ ඒවටත් නැව් සිකරට් කිව්වද ඒ කාලෙ...

    ReplyDelete
  45. @ඊ මේල් කවිකාරි,

    අපොයි නැතෝ...එයාව එහෙම එපාවෙන්නේ නෑ. මම ඇහුවේ නිකමට දැනගන්ට විතරයි...:D:D:D

    ReplyDelete
  46. අහ් මයියත් ගම්පහ තමයි.....නගරසභාව පුස්ථකාලය පැත්තේ එහෙම දන්න කියන අය ඉන්නවද....

    ReplyDelete
  47. කමක් නෑ වැඩේ කරල ඉවරවෙලානෙ බොන්න කිව්වෙ. මං හිතුවෙ ...ට පෙර ගන්න කියල!:)

    ReplyDelete
  48. අප්පට සිරි පොඩ්ඩි අක්කගේ පැණි පාට..;)

    ReplyDelete
  49. ගිනි කුරුල්ලෝ... පොඩ්ඩි රන්වන් පාට. ගෙම්බා පැණි පාට.:D:D:D

    ReplyDelete
  50. @ඔබා අය්යා
    කවුරු උනත් කියපු එක හරියටම හරි.

    @පොඩ්ඩි
    ඔව් මම පැණිපාට හැන්ඩියෙක් තමා :D

    ReplyDelete
  51. අපොයි ඒ පාර නම් ඔයත් එක්ක කතා කරන්ටත් ලැජ්ජයි ලැජ්ජයි වගේ හී හී....

    අද මගේ වැඩේ මෙහෙමයි. :)))

    ReplyDelete
  52. පොඩ්ඩි අක්කාගෙන් දෙයක් ඉල්ලුව තාම ලැබුනේ නෑනේ..:/

    ReplyDelete
  53. (1) ඔබ්සන් විස්තර කරන චිත්‍රපටියේ ප්‍රධාන නළුවා පත් වුණේ නියෝජ්‍ය කථානායක ධුරයට 1989 වසරේ දී. එයා කථානායක වුණේ නැහැ.

    (2)මීට අවුරුදු පහකට නැතිනම් හයකට පෙර මේ චිත්‍රපටිය DVD තැටියකට නැගුණා. තවම available ද දන්නේ නැහැ. Torana වෙබ් සයිට් එකට ගිහින් බලන්න.

    (3) ඔබ්සන්ගේ බ්ලොග් එක දැන් ටික ටික වැල සයිට් එකක් වේගනයි එන්නේ. කෝ අර පොරොන්දු වෙච්ච පැරණි ලංගම රස කතා?????

    ReplyDelete
  54. @ රංජා,
    ඉස්සෙල්ල පෝස්ට් එකේ දැම්මෙ හිස් බෝතල් වගයක් රංජෝ, බෝ පැලැටිය වගේ ඉන්න ඔබා රහමෙර බොයි කියල හිතනවද? ඇල් වතුර බොන්නෙත් නිවල

    @ සාබිත්,
    එහෙම පොරවලුත් ඉන්නව කියල නං ඇහුවමයි. මං දන්නා පොරක් හිටිය හැබැයි මුඩිය පෑගුනත් ඒ වැඩේට ලැස්ති වෙන

    @ ලොකු පුතා
    කියන්න බෑ, ඔය වෙලාවෙ මැස්සෙක් වත් වෙලා බිත්තියෙ වහල උන්න නං කියල හිතෙනව බාසගේ මූන බලා ගන්න

    @ Podi Kumarihami
    ඇයි ගෙම්බ වලව්වෙන් පැනල ගියාද? ඕකනෙ කියන්නේ 'ගෙම්බ ලාහට එක්කහු කරනව වගේ' කියල

    @ ඊ මේල් කවිකාරි
    ආ... හැමෝටම මතක් වෙන්නේ පොඩි කුමාරිහාමි ගෙ ගෙම්බනේ.

    ReplyDelete
  55. "කාලා බොන්ට" සහ "හු#ලා බොන්ට" ..............
    හොඳ වෙලාවට ඔබා මහත්තයා සිකරට් නොබොන්නේ.

    චිත්තර පටිය නම් බලලා නැහැ ඒත් මට මතකයි ඒකාලේ අපේ ගේ ලඟ බාබර් සාප්පුවේ පරසතු මල් පෝස්ටර් එකක් තිබුනා ගාමිණී ඉන්න.

    ෆිල්ම් එක තියන ලින්ක් එකක් එහෙම් දන්නවානම් දාන්ට පුළුවන්ද???

    ReplyDelete
  56. ඕක වෙලා තියෙන්නේ ඩිපෝ එකේ බස් හදන කොට ලු ලු ලු ..

    ReplyDelete
  57. (I am Traffic Ano)
    කිරි දොවල දොවල දොවල දොවල දැම්ම නේද ගොම බිංදුවක්.
    ඒකෙ එක තරුවක් නොදා තරු තුනක් ම දැම්මනං හොඳයි මට හිතෙන්නෙ. ඕක ඉතිං දන්නෝ දනිති නෙ.
    ඒක මේක කෙසේ වෙතත් ඒ වැඩෙන් පස්සෙ දුමක් අදින එක ශරීරයට බොහොම අහිතකරයි මං හිතන්නෙ. මහන්සිය නිසා දුම තදින්ම ඇදෙනව. ඇඟට පොඩි කික් එකක් එයි. ආයෙත් පාරක් වැඩේට බහින්න හිතාගෙන නැත්තං ලොකු වතුර වීදුරුවක් බොන එක තමයි හොඳ.

    ReplyDelete
  58. ඔබා මාමා කොහොමද දන්නෙ බාසුන්නැහේ එහෙම කරලා ඉවර උනහම සිගරට් එකක් බොනවා කියලා ?

    ReplyDelete
  59. ඇත්තටම ඇයි සිගරට් බොන්නේ ඔයාල.බොන්නකෝ බීඩි

    ReplyDelete
  60. ඔබාට මෙයිට වැඩිය ඩීසන්ට් එන්ඩ් එකක් දාන්ට තිබුනෙ නැතිද? මම හිතන්නෙ ඔබී එනතුරු ඔබා xx කතන්දර ලියාවි. ගිම්හානිල වගෙ පොඩි එව්වො නරක් වෙයි.

    ReplyDelete
  61. @ ඔබ නොදු‍ටු ලොවක්
    'නැවිකට්' කියල ඒ කාලේ කිව්වෙ 'කැප්ස්ටන්' කියන වර්ගයේ සිගරෙට් වලට. පිටරට සිගරෙට් වලටයි 'නැව් සිගරෙට්' කියල මිනිස්සු කිව්වෙ. ඒක මං හිතන්නෙ හුඟාක් පරණ වචනයක් වෙන්නැති, පිටරැටියෝ ආවෙ ගියෙ නැව් වලින් හින්ද හැදුනු වචනයක් වෙන්නැති

    @ ඕනයා
    ලංගම බස් හෝදපු කට්ටියගෙ ඒ කාලේ වැඩ තහනං කොලේම නෑ, එහෙම කොලා නං උඹ බෙට්ට තද වෙලා වතුර එකක් ගෙනියන්නෙත් නැතුව දිවුලපිටිය ඩිපෝවෙ කක්කුස්සි ගිය වෙලාවෙ පව් කියල වතුර එකක් ගෙනත් දෙන්නෙ කව්ද හොඳයි?

    @ සපතේරු උන්නැහේ
    'ඔබ නොදුටු ලොවක්' ට දුන්න උත්තරේම සපතේරුටත් හරි. ''නැවිකට්' කියල ඒ කාලේ කිව්වෙ 'කැප්ස්ටන්' කියන වර්ගයේ සිගරෙට් වලට. පිටරට සිගරෙට් වලටයි 'නැව් සිගරෙට්' කියල මිනිස්සු කිව්වෙ. ඒක මං හිතන්නෙ හුඟාක් පරණ වචනයක් වෙන්නැති, පිටරැටියෝ ආවෙ ගියෙ නැව් වලින් හින්ද, හැදුනු වචනයක් වෙන්නැති මං හිතන විදියට'

    බ්‍රිස්ටල්, ෆෝ ඒසස්,ත්‍රී රෝසස් වගේ ඒව ඇරෙන්න, ඔය පෝස්ට් එකේ සඳහන් කාර් සේල් අයිති මුදලාලිත් සිගරෙට් කොම්පැනියක් පටන් අරන්, 'ටූ ෆින්ගර්ස්' කියල සිගරෙට් එකක් වෙළඳ පොලට දැම්ම. පස්සෙ ආරංචි වුනා, සිලෝන් ටුබැකෝ එකෙන් වටිනා කමට වැඩිය විශාල ගානක් දීල 'ටූ ෆින්ගර්ස්' හදපු මැෂින් මිලට ගත්ත කියල.

    @ Podi Kumarihami
    එහෙනං කමක් නෑ.

    @ Mayya
    ඉස්සර තිබ්බ තට්ටු දෙකේ, පෙට්ටිය වගේ චුටි හතරැස් එක ගැනද කියන්නෙ. එකෙන් තමා මම ඩබ්.ඒ.ද සිල්වා, පියදාස සිරිසේන, මාටින් වික්‍රමසිංහ වගේ ඒ කාලෙත් පරණයි කියන්න පුළුවන් ලේඛකයන්ගෙත් , එවකට අලුත් කියන්න පුළුවන් ගුණදාස අමරසේකර, කරුණාසේන ජයලත් වගේ ලේඛකයන්ගෙ පොතුත්, 'රසකතා' වගේ කෙටි කතා වලටම වෙන්වුන පත්තරත් කියවන්න පුරුදු වුනේ.

    ජේම්ස් හැඩ්ලි චේස්, ඇලිස්ටෙයාර් මැක්ලේන්, අගතා ක්‍රිස්ටි, හැරල්ඩ් රොබින්ස් වගේ ඇමෙරිකන් ලේඛකයන්ගෙ පොත් ටිකකුත් තිබුන.

    ReplyDelete
  62. @ රාජ්
    කුනුහපර කියනවා නේද මේ? මේක ගෑනු ළමයි එහෙමත් කියෝන බ්ලොගක් කියල රාජ්ට අමතක වුනාද?

    @ ගිනි කුරුල්ලා
    මේ....මේ.....පොඩ්ඩිගේ පාට හොයන්න, බලන්න, වලව්වෙ ඇති කොරන ගෙම්බෙක් ඉන්නවලු.

    @ Gimhani
    මම නං කිසි සේත් විස්වාස කළෙත් නෑ, කරන්නෙත් නෑ....

    @ Podi Kumarihami
    //අද මගේ වැඩේ මෙහෙමයි//
    හ්ම්.....දැන් දවස් හය හතක් ගියා, අලුතෙන් මොනා හරි ලියන්න කාලෙ හරි

    @ ගිනි කුරුල්ලා
    ගෙඹි කුමාරයගෙන් අවසර අරන් ඉන්න වෙයි මං හිතන්නෙ

    ReplyDelete
  63. @ රෝහිත
    [1] නිකංම ඉන්න එකේ අහල ගියත් මදෑ , කිව්වලු
    [2] තෑන්ක්ස් ෆො ද ඉන්ෆො
    [3] එකම ටොපික් එකේ ඉන්න එක හරි නෑ කියල හිතුන හිංද කතා කීපයක් ලිව්ව ලංකාවෙ දුම්රිය සේවේ,දේශපාලනේ එහෙම මෑත ඉතිහාසේ ගැන. මේ පෝස්ට් එකේ එකම හංගපු කුණුහපර වචනයයි තියෙන්නෙ. ලංකාවෙ මෑත ඉතිහාසෙ ව්‍යාපාර, සිනමාව විතරක් නෙමේ දේශපාලනය ගැන පවා කතා කරපු හරිය අත ඇරල, එකම එක වචනයක් නිසා 'වැල සයිට් එකක්, වේගන එන්නෙ' කියල චෝදනා කරන එක සාධාරණද රෝහිත ? [3] උත්තරේ ගණන් ගන්න එපා, බස් කතාවක් තියනවා කියන්න, එත් ඒකට ආගම් ප්‍රශ්නයක් එයිද කියල හිත, හිත, ඉන්නෙ මේ දවස් වල. 'වැල' චෝදනාව වගේ නෙමේ, ආගමකට අගව්රව කලා කියන චෝදනාව සෑහෙන්න සීරියස් වෙන්න පුළුවන්.

    @ kandyan ,
    මම ටිකක් හොයල බලන්නම්. ලැබුනොත් ඊයක් එවන්නං. DVD එකක් හොයා ගන්න බැරිවෙන එකක් නෑ ලංකාවෙන්, 'තොරානා' වෙබ් සයිට් එකත් 'කප්රුක' කියන වෙබ් සයිට් එකත් චෙක් කරලා බලන්න. 'බ්ලැක් & වයිට්' වුනාට හොඳ චිත්‍ර පටියක්.

    @ rawana
    මේ...මේ...අහිංසකයන්ට මඩ ගහන් නැතුව අර ඕපන් කොරාපු වෙබ් සයිට් එකේ මකුළු දැල් කඩල දාල මොනා හරි ලිව්වොත් මොකද? :-)))))

    @ Traffic Ano ,
    වැඩේ කොරත්, නොකරත්, දුම නං සරීරෙට අහිතකරම තමා.

    අර 'වතුර වීදුරුවෙ' කථාව මං ඉස්සෙල්ලම ඇහුවෙ ගම්පහ 'පච ගහ' යටදි. 'පච ගහ' කියන්නෙ උසාවි පාරට හැරෙන තැන ඉස්සර තිබුන අඹ ගහකට. ඒක යට තෙල් බේත් කාරයො, මැජික් කාරයො, එහෙම දිනපතා සෙනග රැස් කොරගෙන තමන්ගෙ 'දෙකයි පනහ' හොයා ගන්න ට්‍රයි එකක් දුන්න. 'වාජීකරණ' ටැබ්ලට් එකක් කියල එකක් විකුනපු පොරක් තමා අර වතුර වීදුරුවේ කථාව කිව්වෙ. පොරගෙ ටෝක් එකේ හැටියට ඒ ටැබ්ලට් එක බිව්වම නැගල තියෙන ඒක බහින්නෙ නැතිලු, බස්ස ගන්න නං වතුර වීදුරුවක් බොන්න ඕනෙලු. :-)

    @ දුමී ,
    ඒක නං මං දන්නෙත් නෑ... මට නං 'ස්ලීපින් ටැබ්ලට්' පහක් විතර ගැහුව වගේ නින්ද යනව, අහවල් සිගරෙට් ද? බොට කියන්නං බාස හම්බුනොත් උගෙන් අහල.

    ReplyDelete
  64. Navy Cut කියන නම ආවේ මෙහෙමයි:

    16, 17 සහ 18 වන ශත වර්ෂවල ඉංග්‍රීසි මුහුදු යාත්‍රිකයෝ දුම්වැටියක් තනා ගැනීම සඳහා ඔවුන්ටම විශේෂිත ක්‍රමයක් අනුගමනය කළා.

    කැන්වස් නූලකින් බටයක් වැනි යමක් තනා එයට දුම්කොළ සහ නොයෙකුත් කුළුබඩු පුරවනු ලැබුවා (හරියට සාරවිට වගේ). ඉන්පසු ඒ කැන්වස් නූල් බටය තදින් අඹරනු ලැබුවා. ඒකේ ප්‍රතිඵලය වුණේ දුම්කොළවලින් සමන්විත කඹයක් වැනි යමක් නිර්මාණය වීමයි.

    (මේ පින්තූරය බැලුවොත් මං කියන දේ තේරෙයි:
    http://1.bp.blogspot.com/_6xNhsiH0psc/THg7x_-Te8I/AAAAAAAAAiY/e4OUT_J8bOg/s1600/IMG_9904_navy_cut_slices.jpg )

    ඊළඟට, පාන් කපනවා වගේ මේ දුම්කොළ කඹයෙන් සිගරට් කොට කපා ගනු ලැබුවා. ඔය ආකාරයට හදාගත්තු සිගරට්වලට තමයි "නේවි කට්" සිගරට් කිව්වේ.

    Capstan සිගරැට්ටුව පළමු වරට අලෙවි කෙරුණේ 1894 දී එංගලන්තයේ. "නේවි කට්" යන්න සමහර විට ඉංග්‍රීසිකාරයින්ට පැරණි කාලය සිහිගන්වන්නට කරපු ප්‍රචාරක උපක්‍රමයක් විය හැකියි.

    ReplyDelete
  65. @ඔබ්සන් (27 December 2011 19:44), ටේක් ඉට් ඊසි.... මම මේ වැල සයිට් එකක් කිව්වේ නිකං විහිළුවට, ගණන් ගන්න එපා...
    ඇයි අහලා නැද්ද "අයි ස්ටාටඩ් අ ජෝක්...."

    ReplyDelete
  66. හික්ස්... ලොක්කට නැට්ටටම තදවෙලා වෙන්නැති එහෙම කියන්නැත්තෙ....

    සිගරෙට්ටෙකේ ඉතිහාසෙත් දැන ගත්ත මේකෙන්... මං අහල තියෙන්නෙත් 'නැවිකට්' කියල....

    ReplyDelete
  67. @ රෝහිත'
    Thanx for the info, again.
    ඔය විස්තර ටික නොදන්න සහ, ඒ ගැන හොයල බලන්න කැමති කට්ටිය මේව කියෝනව රෝහිත.
    දුන්න ලින්ක් එකට මම තාම ගියේ නෑ ගිහිං බලන්නම්

    // @ඔබ්සන් (27 December 2011 19:44)//
    I replied with toung in cheek, mate.

    @ මාධව - மாதவ - Madhawa,
    Thank you very much

    ReplyDelete
  68. @ ඊ මේල් කවිකාරි ,
    හික්ස්...ඔබී...මගේ කථා ඉස්සෙල්ලම එදා ඉඳන්ම අහන්නෙ එයා තමා. සමහර ඒවා මතක් කොරන්නෙත් ඔබී. ලංකාවෙ හිටියත් එච්චර වෙනසක් නෑ මේ දවස් වල, 'ස්කයිප්' දෙය්යන්ගෙ ආනුභාවෙන්.

    ReplyDelete
  69. @ Miyuru
    සිගරෙට් ඉතිහාසෙ කියවන්න ඔය ටිකක් උඩ තියෙන 'රෝහිත' ගෙ කොමෙන්ට් එක බලන්නකො.

    ReplyDelete
  70. @ Miyuru,
    Rohitha's comment about 'Navy Cut's

    ReplyDelete
  71. හපෝයි අපි මේව බලල නරක් වෙනෝ...
    ඒක නෙමේ මොකද්ද මේ ගිම්හානිගෙ කතාව .. මමත් ඇහුවේ අදමයි..

    ReplyDelete
  72. @ අසරණයා

    ඉස්සෙල්ලත් උත්තරේ ලිව්ව ඒක පේන්න නෑ... මැකිල මොන ක්‍රමෙන් හරි.
    මතක් වුනේ 'කේක් නැත්තං පාන් කාපල්ලා' වගේ උත්තරයක් සහ 'අසරණය'ගෙ, 'කිතුල් ගහ' පෝස්ට් එකට ඇනෝ කෙනෙක් ෆුල් 'මල්ටි බැරල්' ප්‍රහාරයක් එල්ල කොරල කියන්න.

    ReplyDelete
  73. සිගරැට් ගැන ලිව්වට මම ජීවිතේට සිගරැට් එකක් කටේවත් තියපු කෙනෙක් නෙවෙයි. අපේ ළඟ නෑදෑයෝ කවුරුවත් දුම්බොන අය නොවෙයි. මට සිගරැට් බොන කෙනෙක් ළඟ මිනිත්තු 5ක් වත් ඉන්න බෑ; හිටියොත් බොහොම ඉක්මනට ඔලුවේ කැක්කුමක් එනවා.

    ReplyDelete
  74. @ පැණි දොඩම්,
    //හපෝයි අපි මේව බලල නරක් වෙනෝ...//
    මල කෙලියයි දොඩම් නරක් වුනොත් කුණු බක්කියට තමා.

    //ඒක නෙමේ මොකද්ද මේ ගිම්හානිගෙ කතාව//
    ඒක තමා සිංහල බ්ලොග් සීන් එකේ අලුත්ම කතාව...හෙහ්...හෙහ්...

    'කට වටකර වැට බඳින්න බෑනෙ' , මං තාම මේ බ්ලොග් සීන් එකට අළුත් වුනත්, ටික ටික තේරෙන්න පටං අරං තියෙන්නෙ සමහරු නිකං බොරු ටෝක් ඉෂූ කොරනව කියල, හුඟාක් වෙලාවට නිර්නාමිකව.
    මට කිව්ව අය ඒ කතාව විශ්වාස කොරන්නෙත් නෑ කිව්ව, මං විශ්වාස කොරන්නෙත් නෑ.

    ReplyDelete
  75. @ රෝහිත

    ස්වභාවිකව මනුස්ස සරීරෙට කිට්ටු දෙයක් නෙමෙයිනෙ. ඒ නිසා පටස් ගාල රිජෙක්ට් කොරනව.

    ඒ වගේම තමා සත්තුත්, සිගරෙට් එකක දුම වැදෙනකොට ඈතට යනව. මං ඒක දැකල තියෙනව, මගෙ යාලුවෙක්ගෙ ගෙදරදි. එයාගෙ බල්ල හරි ආදරෙයි එයාට. නමුත් සිගරෙට් එකක් පත්තු කොර ගත්ත ගමං ලඟට වත් එන්නෙ නෑ

    ReplyDelete
  76. දුම් බීමෙන් ලිංගික අප්‍රානිකත්වය ඇතිවෙනවා නේද ? ඒ වුණාට ඒ දුමට හැකියි හිත ඇතුලේ රැඳුනු දුක මොහොතකට ගිනි තියලා අලු කරලා දුම් ගහලා එලවලා දාන්න .

    නැවි සිගා එකක් බොන්ඩ තිබ්බනම් අප්පා කියලා වැඩක් නෑ !

    ReplyDelete
  77. ඔබි ලංකාවට එවලා ඔබා වල් කොල්ලෙක් වෙලා. අන්න ඔබා මාමගේ පොස්ට් එක දැකලද කොහෙද චෝප්පෙගේ ජිවිත කතාව මේ සතියේ මව්බිම පත්තරේ දාල තිබුනා ඔබිටවත් කියලා ගෙන්නගන කියවන්න ?.

    ReplyDelete
  78. හප්පේ මට නම් පෙන්න බෑ ඔය සිගරට් බොන කස්ටිය..:) අරක්කු තව ශේප් :ප

    ReplyDelete
  79. ඔව් අයියා මොනවා හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ.මං ඒවා ගැන හිතන්නේ නැහැ.

    @සයුරි මමනම් සිගරට් බොන්නේ නැහැ මොකද කියන්නේ

    ReplyDelete
  80. @ අසරණයා : හික් හික්...ඒ වුනාට හොරෙන් බිඩි බිව්වා නේද :)

    ReplyDelete
  81. // මං තාම මේ බ්ලොග් සීන් එකට අළුත් වුනත්, ටික ටික තේරෙන්න පටං අරං තියෙන්නෙ සමහරු නිකං බොරු ටෝක් ඉෂූ කොරනව //

    හික් හික්.. තව ටික කාලයක් ගියාම ඔබාත් පිරිමියෙක් නෙවෙයි ගෑණියෙක් කියලා කට කතාවකුත් එන්න පුළුවන්.. :D

    // මට කිව්ව අය ඒ කතාව විශ්වාස කොරන්නෙත් නෑ කිව්ව //

    ඉතිං මොන මල හත්තිලව්වටද තමන්වත් විශ්වාස නොකරන දෙයක් තව කෙනෙකුට කියන්නෙ..!!??

    ReplyDelete
  82. @සයුරි ඒ ඉස්සරනේ දන් මොනවත් වැරදි වැඩ නැහැ.

    ReplyDelete
  83. @ අසරණය & සයුරි,
    ඕන් මං අනුන්ගෙ කථා වලට කට දාන්න එන්නෙ නෑ, දැනටත් බුරා කියන්න පටං අරං ඔබා වෙස් වලාගෙනද කියල :-)

    ReplyDelete
  84. හිස් අහස
    වැඩේට මලකුත් හොඳා කියල අහල තියෙනව

    රෙප් මහත්තයා
    අනිවා, ඩෙෆා, ගෙන්න ගන්න ඕනෙ.

    බුරා
    //හික් හික්.. තව ටික කාලයක් ගියාම ඔබාත් පිරිමියෙක් නෙවෙයි ගෑණියෙක් කියලා කට කතාවකුත් එන්න පුළුවන්.. :D //
    දවසේ කියමන :-)

    //ඉතිං මොන මල හත්තිලව්වටද තමන්වත් විශ්වාස නොකරන දෙයක් තව කෙනෙකුට කියන්නෙ..!!??//
    ඇත්ත නේන්නං....
    ප.ලි.
    මේ දවස් වල ක්‍රිකට් බලනවද? අපිට ලංකාව ගහන මැච් එක ෆ්‍රී ටී.වී. එකේ පෙන්නන්නෙ නෑ. දැනට ලංකාවෙ තත්වෙ නං හොඳා ස්කෝර් එකේ හැටියට.
    අනිත් මැච් එක ඔසියෝ දිනුවොත් හොඳා කියල හිතෙනව, මෙහෙ ඉන්න ඉන්දියන් කාරයන්ගෙ කයිවාරු අහල එපා වෙලා, විශේෂෙන්ම පන්ජාබියන්ගෙ

    ReplyDelete
  85. දුම් බොන්න හොද නැහැ බොලව්. ඔන්න මේක කියවලා නොබොන උන් බොන්න හදනවා නෙමෙයි..
    මට මතක වෙනවා පොඩි කාලේ සෙල්ලම් ගෙවල් හදනකොට අපි, අපේ මල්ලි, එහා ගෙදර අයියයි, ඊටත් එහා ගෙදර මල්ලි, වේලිච්ච ගස්ලබු කොලයක් තලා බිඩියක් වගේ බීවා. හැක් හැක් හැක් ..

    @ අසරණයා
    බිඩි බොන්න ඔව් බිඩි අගට ගුණයි.. අනේ මගේ කට..

    ReplyDelete
  86. දැන් එතකොට ඔබා මාම මොනවැයි බොන්නෙ ඔය බැරි වැඩ කොරල එහෙම ඉවර වෙලා..... ඔබා මාම අරිනව ඇත්තෙ රොකට් මයෙ හිතෙ.. :P :P :P

    ReplyDelete
  87. @ වර්ණා ,
    සිගරෙට් පැකට් වල ගහල තියෙන්නෙත් 'සවුක්කියට අහිතකර වන්නට පුළුවන' කියලලුනෙ. 'වන්නට පුළුවන' ඉටිගෙඩිය....අහිතකරම තමා....ඇයි දන්නෑ කෙලින් කියන්නෙ නැත්තෙ?

    @ පැට්ටා ,
    වතුර බොල වතුර

    ReplyDelete
  88. හ්ම් හ්ම්.. අරක්කු තව හොඳයි තමා. මටත් සිගරට් නම් පේන්න බෑ. බොන එකත් ඉවරයි නොබොන එකත් ඉවරයි.

    ReplyDelete
  89. @ Shani
    හ්ම්... අරක්කු වලට නං ඉතින් හුඟක් වෙලාවට බොන එකා විතරනෙ ඉවර වෙන්නෙ.

    ReplyDelete
  90. හප්පේ යන යන හැම බ්ලොග් එකකම ඔබා මාමාව දැක්කට මොකද අද තමයි ඉස්සෙල්ලම ආවේ එනකොටම තියෙන්නේ කැරකිලා යන කථාවක්නේ අප්පා.අන්තිම පේළියේ දාලා තිබුන් ඇම්ඩාගේ අක්කා දිව්‍ය ලෝකෙ යන කතාව දැක්කාම තමා එන්න හිතුනේ මේ පැත්තේ එල එල දැං ඉතිං මටත් වැඩක් තියේ මේ සේරම කියවන්න.ජය වේවා ඔබා මාමේ.

    කිසිම මත්ද්‍රව්‍යයක් හොද නෑ ෂිහ් මම නම් බොන්නෙත් නෑ

    ReplyDelete
  91. අන්තිම පේලියට ඒ දාපු කතාව බොහොම සැර බාල කොරන්න වුනානෙ,සැර වැඩියි කියල.
    බොහොම ඇල් මැරුන වර්ෂන් එකක් පබ්ලිෂ් කොරන්න වුනේ :-(

    තෑන්ක් යූ, මේ පැත්තෙ ගොඩ වුනාට.

    ReplyDelete
  92. ඔසියො ලාස්සනට ගහන්න තිබ්බ මැච් එක අනාගත්තනෙ, දැන් ඉතිං වැඩේ අමාරුයි.. අපේ මැච් එකනං දිනන්න චාන්ස් එක වැඩියි, තව 75-100 ගැහුවොත් කොහොමත් ගොඩ.. මමනං මැච් බලන්නෙම ඔන්ලයින්, මෙන්න මේක ට්‍රයි කොරලා බලාන්ට..

    http://www.cricket-365.tv/

    ReplyDelete
  93. මං ඒක දැක්ක ඔබා මාමෙ... දෙන්නටම බොහොම ස්තුතියි හොඳේ...

    හයියෝ... අර ක්‍රිකට් සහ ඉන්දියන්කාරයො ගැන කිව්ව කතාව සහතික ඇත්ත... කණක් ඇහිල ඉන්න නෑ පම්පෝරි ටික... භාෂාවත් එක්ක එපා වෙනව අහන් ඉන්නකොට... ඇත්තටම පන්ජාබියො තමයි වැඩියම කයිය ගහන්නෙ... අරේ වා වා... (උන් නේද එහෙම කියන්නෙ..?)

    ReplyDelete
  94. @ බුරා,
    හසිය ටිකක් වෙලා අල්ලන් හිටියොත් බැරි වෙන එකකුත් නෑ. එම්.සී.ජී. එකේ 4ත් ඉනින් එකේ කව්රුවත් 200 ට වඩා චේස් කරල දිනල නැහැලු, ඒත් 'ක්‍රිකට් බයි චෑන්ස්'.
    ස්තුතියි ලින්ක් එකට ට්‍රයි කොරල බලන්නං

    @ Miyuru
    උං කතා කොරන කොට ඔලුවට පොල්ලෙන් ගහනව වගේ මට දැනෙන්නෙ [අපි සිංහලෙන් කතා කොරන කොටත් එහෙමද?] හොර හැත්ත හෙමිං කතා කොරන්නෙත් නෑනෙ. අනික උංගේ භාසාව තේරෙන්නේ නැති යාළුවො කීදෙනෙක් හිටියත් උං පටන් ගන්නව උංගේ බර බරේ. කන්ඩ ගියත්, කතා කොරන්ඩ ගියත්, අප්පිරිය හිතෙන විදියට තමා හැසිරෙන්නෙ.

    ReplyDelete
  95. ඕන් මාත් අද තමයි හා හාපුරා කියල ඔබා මාමගෙ බ්ලොගෙ බලන්ට ආවෙ... පෝස්ට් එක ඉවර වෙලා කොමෙන්‍ටු බලන කොට කතාව අමතකත් වේගෙන ආව නෙව... හප්පේ කොමෙන්‍ටුවල තව තව පෝස්ට් වලට කරුනු තියෙනවනෙ ...........

    ReplyDelete
  96. චීය ! හරිම ගුජුප්සාජනක අවසානයක් !! කොහොම උනත් ඉන්ටවල් එකේ සිගරට් බිව්වම පර්ෆෝමන්ස් බහිනව බං මාමෙ, උඹත් හරියට නොදන්නව වහේනෙ මේ කියවන උන්ට ලණු දෙන්නෙ.

    ReplyDelete
  97. හුරේ මම තමයි 100 !
    හැබැයි දුම්පානය ට මම නම් තදින් ම විරුද්ධයි

    ReplyDelete
  98. @ nawammawatha,
    කව්ද බොල පොඩි වුන්ට සිගරෙට් බොන්න කිව්වෙ?
    මලක් නං ඇද්දත් කමක් නෑ

    ReplyDelete
  99. කොමෙන්ට් දැමූ කව්රුවත් උඩම තියෙන චායාරූපෙ හරියට නිරීක්ශනේ කොරල නෑ.... :-)

    ReplyDelete
  100. @ niroshini,
    හපෝ....මාත් දුම ප්‍රොමෝට් කොරන්නෙ නෑ.
    නවම්ට දීල තියෙන උත්තරෙත් බලන්නකො :-)

    ReplyDelete
  101. @ Sammani'
    තෑන්ක් යූ, මේ පැත්තේ ගොඩ වුනාට. සන්තෝෂයි අඳුන ගන්න ලැබීම ගැන

    ReplyDelete
  102. ඒ කියපු එකට නම් ඔබා මාමගෙ කටේ මසුරං දාන්න වටිනව... මුලදි මුලදි මාත් උන් එක්ක කෑම කන්න වාඩිවෙලා අන්තිමට මං උන්ගෙ කටවල් දිහා බලන් ඉන්නව විතරයි... සද්දෙත් එහෙම තමා.... දැන් නම් මං පැත්ත පළාතෙ යන්නෑ... කඩේක කැෂියර් එකේ හිටියොත් බලන්නකො කොහොමද කියල....

    ReplyDelete
  103. @ Miyuru,
    කඩවල් වල, පෙට්‍රල් ස්ටේෂන් වල, වැඩ කොරන එවුං හුඟාක්ම ස්ටුඩන්ට් ආපු පන්ජාබියො. ඕකුන් කොහොමත් උංට වඩා ශ්‍රේෂ්ට ජාතියක් නෑ කියල හිතා ඉන්නෙ, උං දකුණු හෝ මධ්‍යම ඉන්දියානුවන්ට සලකන්නෙත් අත පල්ලෙන් වැටිච්ච එවුන්ට විදියට. කතා කලොත් කියන්නේ උංගේ ෆාම් එකේ සයිස් එකයි, ඉන්න හරක් ගානයි, ඔසියන්ගේ වැරදියි තමා. හැබැයි හුඟාක්ම ඔය ස්ටුඩන්ට් එන්නෙත් එහෙ සල්ලි සල්ලි තියෙන පවුල් වල එවුං, එහෙම එවුන්ගෙ ඔලු ගෙඩිය කොහොමත් සාමාන්‍ය එවුන්ට වඩා ඉදිමිලා ඇත්තෙ.

    ReplyDelete
  104. මමත් අහල තියෙනව ඒ තමුන්ගෙ රටේම අයව පහත් කරල කතා කරන විදිය...

    ReplyDelete
  105. @ Miyuru
    ඕකුන් ගැන කතා කොරන්න මහන්සි වෙන එකෙත් තේරුමක් නෑ.
    ක්‍රිකට් කයිය නං ටික දවසකටවත් නවතීවි අද ඇන ගත්ත නිසා

    ReplyDelete
  106. කඩේ වසා නිදා ගන්න යනෝ [අදට] අපේ වෙලාව දොළහ පසු වී විනාඩියයි

    ReplyDelete
  107. ඔය වගේ බොස් කෙනෙක් ලැබෙන්න පෙර පින් කරලා තියෙන්න ඕනේ.බොසා හිතුවද දන්නෑ අනිත් උනුත් ඌ වගේ කියලා..........

    ප/ලි;
    ගොසිප් සයිට් එකක දාලා තිබුන කතාව ඇත්ත එහෙනම් "ඔබාමාමාට සිගරට් කොම්පැනියක බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කමක් ලැබුනා කියලා"

    ReplyDelete
  108. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  109. @ Rajith,

    එහෙනං ගොසිප් සයිට් වලත් නම වැටෙන 'පොරක්' ඔබා, හෙහ්...හෙහ්..හෙහ්...

    @ nawammawatha,

    නවම් පවුලේ සැමටත් එසේම වේවා...!!! යි පතමු - ඔබී &ඔබා

    ReplyDelete
  110. අන්න නියම මනුස්සයෝ.
    අහවල් වැඩේට පස්සෙත් බොන්න කියලා සිගරට් දෙනවා. මරු මරු

    ReplyDelete
  111. @ Chami Adihetti,
    Thanx for reading & commenting mate

    @ මධුරංග
    :-) අහවල් වැඩේ? හෙහ්..හෙහ්..

    ReplyDelete
  112. ඈ ඔබා මාම මේසන් වැඩත් කරැයි ?? පින්තුරෙයි කතාවයි ප්‍රෙහෙලිකාවකුයි එහෙම නෑ නේ ???

    ReplyDelete
  113. ඊළඟ පොස්ට් එකේ ඇහැට ඇඟිල්ලෙන් ඇනල පෙන්නලත් පින්තුරෙ තියෙන එක, කව්රුවත් දැක්කෙ නෑ, ඔස්ට්‍රේලියාවෙ ඉන්න උඹ දැක්කෙත් නැත්තං ඒ ගැන කතා කොරලත් වැඩක් නෑ...හෙහ්...හෙහ්...

    ReplyDelete
  114. තේරුනේ නෑ නෙව... පින්තූරෙ දිහා බලාන උන්නා...

    චැම්පියන් රුබි එකයි... පෝල් මෝල් ස්ලිම් එකයි... පේපර් එකයි.. ෆිල්ටරුයි... අවුරුදු 80 ක් විතර නාකි ගෑනු පරානෙයි... තේරෙන්නෙ නෑ බොල

    ReplyDelete
  115. මමත් දෙතුන් පාරක් බැලුවා තාම මුකුත් හොයා ගන්න බැරිවුනා...
    අපි ඉතිං ඔය සබ්ජෙක්ට් වලට නෑනේ...

    පිස්සා අයියත් ඉන්නේ ඕස්ට්‍රේලියාවෙද???

    ReplyDelete
  116. @ පිස්සා,
    ඊයක් එව්වා

    @ තාරක,
    සබ්ජෙක්ට් එකේ ඉන්න ඕනෙ නැහැ, හොඳ ඇහැක් තියෙන්න විතරයි ඕනෙ...හෙහ්...හෙහ්...

    පිස්ස ඉන්නෙ මෙල්බර්න්

    ReplyDelete
  117. තාරක : ඔව් බන්... ඔය ඔබා මාම කිව්ව අහ තමා...

    ඊය ආවා... මම හොඳටම ටියුබ් ලයිට්

    ReplyDelete
  118. නැවිකට් නැත්නම් නේවිකට් සිගරට් ලංකාවෙ හදපු ඒවා. නැව් සිගරට් වගේ තව තව නැව් බඩු හැට හැත්තැ ගනන්වල සෑහෙන්න තිබුණා. විස්කි ජින් එහෙමත්. මේවාට මේ නම වැටුනෙ නැව් වලින් පන්නපු දේවල් නිසා.
    වරාය ඇතුලෙන් වගේම වරායට ඇතුළුවෙන්න පොරොත්තුවෙන් ඉන්න නැව් වලින් ‍උස්වැටකෙයියාව පැත්තෙ වෙරලටත්, දියඹට යන අපේම මාළු මරන අයගේ ට්‍රෝලර් වලටත් මේ බඩු සෑහෙන්න ලැබුණා.
    සිගරට් වර්ග අතුරෙන් මතක ඒවා නම් “පෝල් මෝල්“, “ඩන්හිල්“ සහ “මාල්බරෝ“ ය.
    අපේ තාත්තා මම ඒ කාලේ සිගරට් මරුවෙකි. තාත්තා දවසට පැකට් එකක් දෙකක් බොන්නට ඇතැයි සිතමි. මම දන්න කාලේ බිව්වේ කහපාට පැකට් එකක ආ නේවි කට් සිගරට් වර්ගයක්. මතක හැටියට ගෝල්ඩ් ෆ්ලේක් වෙන්නට පු‍ළුවන්. ගෝල්ඩ් ලීෆ් ආවේ පහු කාලයකදි. ඒක නෙවෙයි. තාත්තා බීපු සිගරට් වර්ගය, ටුබැකෝ කොම්පැණියෙන් නතර කරන ලද අතර ඒ ගැන විරෝධය දක්වා ලියුමක් යවන්නටත් දක්වා තාත්තාගේ සිගරට් ලැදියාව බරපතලව තිබුණා. ලියුමට පිළිතුරු ලෙස ටුබැකෝ කොම්පැණියෙන් ගෙදරටම ඇවිත් තව වර්ගයක සිගරට් බන්ඩල් දෙකක් දීලා ගිය වග මතකයි. ඒත් එයා අන්තිමේ සිගරට් බිම නතර කලා. මැරුණේ නහරයක් පුපුරලා. පිළිකා වලින් විඳෙව්වේ නම් නැහැ.
    තාත්තාට ෆිල්ටර් ටිප් ඇල්ලුවේ නැත. අන්තිමේ පුරුදු වුනේ ත්‍රී රෝසස් වලටයි. ඒ කාලයේ සිගරට් පෙට්ටි එකතු කිරීම මෙන්ම, සිගරට් පෙට්ට් හින් තිරු වලට කපලා ඒවායින් එක එක රූප භාණ්ඩ හැදීමත් කෙරුණා.
    සිගරට් කොම්පැණි වලට ලෝකයම අල්ලන්න ඉඩ ලැබුණේ ලෝක යුද්ධය නිසාය කියා හිතනවා.දුම්කල වගාව ඇමරිකාවේ යම් ප්‍රාන්ත වල ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබුණා. ඒ නිසාම සිගරට් විකිණීම දේශපාලනික අවශ්‍යතාවයක් කරගන්නත්, ඒ මගින් මුළු ලෝකයේම ආර්ථිකයට බලපෑම් කරන්නත් සිගරට් කොම්පැණි වලට පුළුවන් කම තිබුණා. තවමත් මේ තත්ත්වය වෙනස් විය යුතු තරම් වෙනස් වී නැති බවයි මගේ හැඟී‍ම.

    ReplyDelete
  119. @ ඇනෝ,
    //මේවාට මේ නම වැටුනෙ නැව් වලින් පන්නපු දේවල් නිසා//
    ඇත්තටම 'කැප්ස්ටන් ' කියන සිගරෙට් වර්ගෙ වෙළඳ නාමය යටින් පොඩියට 'නෙවිකට්' කියල සඳහන් කරලා තිබුන. ඊට අමතරව, නැව් කඹයක් ඔතපු නැන්ගුරමක පින්තුරෙකුත් පැකට් එකේ තිබුන.

    කොමෙන්ට් එකේ ඉතුරු හරිය ගැන නං එකඟ වෙන අතර දුම් පානය හොඳ දෙයක් හැටියට ප්‍රොමෝට් කිරීම පෝස්ට් එකේ අභිප්‍රායක් නොවුන බවද අවධාරණය කරමි

    ReplyDelete