My followers

Tuesday 8 November 2011

'මිස්ට විජේසේන'


1970 ගණන් වල මුල භාගෙ පැවති රජය, ආනයන බොහෝ දුරට සීමා කරලා තිබුනෙ. ඒ කාලෙ තමා 'හාල් පොල්ල' එහෙමත් ක්‍රියාත්මක වුනේ. මගෙ මතකය නිවැරදි නං, 1960 ගණන් වල පසු භාගෙ ලංකාවට ගෙනා මෝටර් රථ වලට  තිබුනෙ  5 ශ්‍රී නොම්මර,  6 ශ්‍රී නොම්මර ආවෙ 1976 අව්රුද්දෙ ලංකාවෙ පවත්වන ලද 'නොබැඳි ජාතීන්ගේ සමුළුව' කාලෙ. දැන් ලංකාවට අවරුද්දකට මෝටර් රථ කී දාහක් ආනයනය කෙරෙනවද දන්නෙ නැහැ. 1965 විතර ඉඳල, 1975/76 දක්වා අතර කාලෙ, ආනයනය වෙලා තියෙන්නේ කාර් 10,000 ක් විතර. මගෙ ගණනය කිරීම කොතරම් නිවැරදිද දන්නෙ නැහැ, කාට හරි වැරද්දක් පේනව නං පිළිගන්න සුදානම්.

1977 අලුත් රජයක් පත් වෙලා ටික කාලෙකින්, පවුද්ගලික අංශයට මගී ප්‍රවාහන කටයුතු කිරීමට බලතල ලබා දෙනතුරු, ලංකාවෙ මගී ප්‍රවාහන ඒකාධිකාරය තිබුනෙ ලංගමටයි, ලං.දු.දෙ. ටයි.  නමුත් සතොස, සමුපකාර, වගේ ආයතන වල හැර,  මහා මාර්ග වල භාණ්ඩ ප්‍රවාහනේ වැඩි හරියක් සිදු වුනේ, පවුද්ගලික අංශයෙන්.  70 දශකයේ මුල හරියෙ ලංකාවෙ ධාවන වෙන ලොරි ප්‍රමාණය මදි කියල ආණ්ඩුවට තේරිලාද කොහෙද, ආනයන නීති ලිහිල් කරල මුදලාලිලාට ලොරි චැසි ගෙන්නන්න බලපත්‍ර නිකුත් කළා.

මිළ අඩු නිසා හෝ, එවකටත් ජනප්‍රිය වෙලා තිබුන නිසා හෝ, අමතර කොටස් සුලබ නිසා හෝ, මුදලාලිලා වැඩි දෙනෙක් ආනයන කලේ, බී.එම්.සී. කියල ලොරි චැසි ජාතියක් එංගලන්තෙන්. තවත් හේතුවක් වෙන්නැති ජපන් නව තාක්ශනේ ගැන වැඩි දැනුමක් නොතිබුන නිසා පරණ බාස් උන්නැහෙ කෙනෙක් ගෙන් නිකමටවත් අහල බැලුව නම්, රෙකමන්ඩ් කරන්නෙ, එයාලට රෙපෙයාර් කරල පුරුදු, මේක්ස් ඇන්ඩ් මොඩල්ස් තමා කොහොමටත්.

ඒ කාලෙ, බී.එම්.සී. වලට ලංකාවෙ ඒජන්ත වැඩේ කෙරුවෙ 'කොලට්ස්' කියල කොම්පැනියක් මට මතක විධියට. ඔය ලොරි චැසි 200 ක් විතර ලංකාවට ගෙනාවට පස්සෙ, රජය තීරණය කළා, භාණ්ඩ ප්‍රවාහනේට වැඩිය, මගී ප්‍රවාහනේ අවශ්‍යතාවය ඉහළයි කියල. ඒ තීරණය අනුව ලොරි චැසි ටික වරායෙදිම රජයට පවරගෙන, ලංගම වේරහැර සහ ඒකල බොඩි වැඩපොලවල් වලට යැව්ව, ලොරි බොඩි වෙනුවට බස් බොඩි ගහන්න. බ්ලොග් කියවන වයසක කට්ටියට සමහර විට මතක ඇති ලොරි වල වගේ ඉස්සරහට මුණ තියෙන, ටිකක් විතර වැඩිපුර ගැස්සෙන, තනි දොරේ ලංගම බස් වගයක් ඉස්සර පාරෙ දුවනව.  ඒවයෙ මුණ ටිකක් මේ  පින්තුරෙ තියෙන ලොරියෙ මූණට සමානයි කියල කියන්න පුළුවන්.

මේ බස් දුවන්න පටන් ගත්තම තමා ලංගමට පස්ස බිම ඇනුනෙ. මේ වෙනකොට ප්‍රධාන වශයෙන් ලංගම දිව්වෙ ලේලන්ඩ් සහ බෙන්ස් බස්. ඉසුසු ගෙන්නන්න පටන් ගත්ත විතරයි. ඕනෙම වර්ගෙක බස් අලුත්වැඩියා කරන්න පුළුවන් පළපුරුදු කාර්මිකයෝ හිටියට, බී.එම්.සී. වලට අමතර කොටස් ලංගම ගබඩා වල තිබුනෙ නැහැ. ඔය කාලෙ ලංගම, දේශීය වෙළඳපොලෙන් අමතර කොටස් මිලදී ගැනීමක් කලේ ඉතාම හදිසි අවශ්යතාවෙකට විතරයි. සාමාන්යෙන් කලේ, අමතර කොටස් ඇතිවෙන්න ආනයනය කරල, වේරහැර තියාගෙන අවශ්‍ය පරිදි ඩිපෝ වලට නිකුත් කිරීම.  බී.එම්.සී. වලට අමතර කොටස් ඇනවුම් කලාම එංගලන්තෙ මව් කොම්පැනියෙන් දැනුම් දුන්න, එයාලගෙ ලංකාවෙ තියෙන ඒජන්සියෙන් ගන්න කියල. ලංකාවෙ ඒජන්සියෙන් ඉල්ලුවම කිව්ව, එයාල බඩු ගෙන්නල දෙන්නෙ, චැසි ඇනවුම් කල අයට පමණයි කියල. බී.එම්.සී. කොම්පැනියයි, ලංකාවෙ ඒජන්තයි, එකතු වෙලා ලංකාණ්ඩුවට රිටර්න් එක දුන්නේ එහෙමයි.

ලංගම පුළු, පුළුවන් විදියට ස්පෙයා පාර්ට්ස් විකුණන කඩ වලින් අමතර කොටස් දේශීය වශයෙන් මිළ දී අරගෙන, කාලයක් මේ බී.එම්.සී. බස් ටික දිව්ව, ඒත් වැඩි කාලයක් ඒක කරගෙන යන්න බැරි වුනා. අන්තිමට අමතර කොටස් නැතුව කොට උඩ තියන්න සිද්ධ වුන බී.එම්.සී. ටික, වෙන්දේසියෙ විකුණල දැම්ම තුට්ටු දෙකට. ගත්ත මුදලාලිල ඒවට ලොරි බොඩි ගහල අගේට දිව්ව, එතකොට කොම්පැනියෙ අමතර කොටස් හිඟයක් පේන්න තිබුනෙ නැහැ.

'මිස්ට විජේසේන' ඔය කාලෙ, වේරහැර මධ්‍යම වැඩපොළේ, ඉංජිනේරු මහත්තයෙක්. කාලයක් විජේසේන මහත්තය ඒ කාලෙ වේරහැර වැඩපොළ භුමියෙම, එරොප්පෙ රටකින් පවත්තගෙන ගිය කාර්මිකයන් එහෙම පුහුණු කරන ආයතනේක උගන්නලත් තියෙනව. හැබය් ඒකෙ ආදි ශිෂ්‍යයෙක් කියල නං ආරංචියක් නැහැ.

විජේසේන මහත්තය හැමෝම එක්ක සහයෝගෙන් වැඩකරන, කා අතරත් පොපියුලර් වයස අවරුදු පනහක විතර පොරක්. තාම ජීවතුන් අතර ඉන්නවද කියල නං දන්නෙ නැහැ.

 විජේසේන මහත්තය වැඩට ආවෙ ගියෙ, උඩ පින්තුරෙ තියෙන එක වගේ හෙණ පරන ලදරන් කාර් කට්ටකින්. සමහර දොරවල් එහෙම ලනු කෑලි වලින් බැඳල තිබුනෙ. විජේසේන මහත්තයත් එක්ක අඩියක් පුඩියක් එහෙම ගහන යාලුවෙකුට තිබිල තියෙනව, පරන බී.එම්.සී. ලොරියක්. ඔය ලොරියෙ ස්ටාටර් මෝටරේ, නැවත පණ දෙන්න බැරි තරමටම අබලන් වෙලා. මේක දැනගත්ත විජේසේන මහත්තය, යාලුවට පොරොන්දු වෙලා සපෝර්ට් එකක් දෙන්න බලන්නං කියල.

වේරහැර තිබුන 'කනත්ත' කියල භුමි භාගයක්. එතන තමා රෙපෙයාර් කරන්න බැරි, වෙන්දේසියෙ දාන්න තියෙන බස් ගාල් කරල තියෙන්නෙ. සමහර වෙලාවට, රෙපෙයාර් කරගෙන යන බස් වලට, පාවිච්චියට ගන්න පුළුවන් කෑලි, කනත්තෙ තියෙන බස් වලින් ගලෝගෙන එන එක, අසාමාන්‍ය සිද්ධියක් නෙමේ. හැබය් ඒ කෑලි වේරහැර වැඩපොළේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට කව්රු හරි ගෙනියනව නං ඒක බරපතල හොරකමක්.

විජේසේන මහත්තය කනත්ත පැත්තෙ සංචාරයක් දාල බැලුවම, දැක්ක වෙන්දේසියෙ දාන්න තියෙන බී.එම්.සී. එකක, රෙපෙයාර් කරල හරි ගන්න පුළුවන් තත්වෙ ස්ටාටර් මෝටරයක් තියෙනව. ආපහු ඇවිල්ල හිතවත් ගෝලයො දෙන්නෙක්ව ඇරිය අර මෝටරේ ගලවන් එන්න. ගෙනාවම ඒ ගෝලයො ලව්වම, තමන්ගෙ ලදරන් කාරෙකේ යට පැත්තෙ, මෝටරේ කොහුලණු වලින් ගැට ගැස්සෙව්ව . පුරුදු පරිදි වෙනද වගේ වැඩ ඇරිලා කාර් කට්ටත් එලෝගෙන ආව මේන් ගේට් එක ගාවට.

ඇතුලට, පිටතට, යන වාහන වල රියදුරන් ගේට්ටුවේ පොතේ අස්සන් කරන එක අනිවාර්යයි. ඇතුලට යන වාහන කෙසේ වෙතත්, පිටතට යන වාහන ඔක්කොම වගේ ගේට්ටුවෙදි සෙකියුරිටි එකෙන් චෙක් කරනව. විජේසේන මහත්තය කව්රුත් දන්න අඳුනන ඉංජිනේරු මහත්තයෙක් හින්ද කාර් එක චෙක් කලේ නැතත්, ගේට්ටුවේ පොතේ අස්සන් කරන්න නැවැත්තුව ලදරම. හරියට ඒ වෙලාවෙම කඩා වැටුනේ නැතෑ යට එල්ලල තිබුන ස්ටාටර් මෝටරේ.

විජේසේන මහත්තය පොත අස්සන් කොරන ගමන්ම සෙකියුරිටි කාරයට කිව්ව ' මේ කෙහෙම්මළ හැමතිස්සෙම කඩා වැටෙනව, ඔන්න ඕක අහුලල දාන්න පුතා ඩිකියට ' කියල.

මේ ලිපිය කියවූ අනුරුද්ධ තෝරදෙණිය නමැති මහතෙක් ඊමේල් මගින් මා සඳහන් කල බී.එම්.සී. බස් රථයක පින්තුර දෙකක් 17/11/2011 දින එවා තිබුනා. පහතින් දැක්වෙන්නේ එම බස් රථ වල පින්තුර සහ ඊමේල් එකේ අන්තර්ගතයයි.



ඔබේ බ්ලොගයේ 'මිස්ට විජේසේන' යන ලිපියේ සඳහන් වන් ඔස්ටින් 830WF වර්ගයේ බස් රථ දෙකක ඡායාරූප මෙම ඊමේල්ලුවට අමුණා ඇත.
1972/73 වර්ෂවල මෙයින් බස් රථ කිහිපයක් මාර්ග අංක 212 මහරගම-ඇරැව්වල මාර්ගයේත්, 110 මහරගම-පිළියන්දල මාර්ගයේත් යොදවා තිබුණා එකල කුඩා දරුවකු වූ මා හට මතකයි. මෙය ආසන 24ක බස් රථයකි.

120 comments:

  1. හැබෑටම විජේසේන මහත්තය දැන් ඉන්නේ කැන්ගරු ලන්තෙද ?? ඒ මහත්තයා බ්ලොග් එහෙම ලියන මහත්තයෙක් නෙමෙයි මයෙ හිතේ... හික් හික්...

    ReplyDelete
  2. මෙදා පාරනං කොල්ලා මාට්ටු.. ඔය තියෙන්නේ බුන්ටා හාල් ගෙනියනකොට ඔබා ගෙනිච්ච දේවල්..මං කලින් කිව්වේ නිකමටද..?

    ReplyDelete
  3. විජේසේන මහත්තයට අවුලක් වුනේ නැද්ද ?

    ReplyDelete
  4. අංක එක දෙක කමෙන්ට් අනුමත කරමි.

    ලංගමට හෙන ගැහැව්වේ මේ වගේ මරිමෝඩ වැඩ නිසාත් කොම්පැණි කාරයෝ සෙට්වෙලා ගේම දුන්නු නිසාත්, සේවකයන් ගැනීම දේශපලනය වුනු නිසාත්, දේශපාලන හෙන්චයියන් තනතුරුවලට පති කිරීම නිසාත්, බව මමද කියමි. ( හෙමින් කියන්නේ ඉංජිනේරු මහත්තුරු රට හැර යාමත් බලපෑවද?)

    ReplyDelete
  5. ඒ විජේත් මේ විජේත් හැර වෙනත් විජේ කෙනෙක් වේරහැර සිටියේද ?

    (ඔබා මාමේ, මගේ බ්ලොග් එකට සබ්ස්ක්‍රයිබ් විජට්ටුවක් දැම්මා)

    ReplyDelete
  6. ඉතින් සිකුරිටි මල්ලිට තෙරුනෙ නැද්ද සීන් එක ?
    විජේ ට අවුලක් උනේ ත් නැද්ද ?

    ReplyDelete
  7. විජේසේන හින්දම හොඳයි. විජේවර්ධන වුනානම් තමයි වැඩේ. ඔය විදිහට කෑල්ල කෑල්ල ගෙනල්ල එන්ජිමක් වුනත් ගේන්න තිබ්බා. :D මම දන්න විදිහට තාමත් ඔය ලොකු ලොකු සීන් වලට ලංකාවේ හතර දිබ්බාගෙම ඩිපෝවලින් වේරහැරට යනවා.

    ReplyDelete
  8. ඔය විජේසේන කිව්වට නම විජේ වලින් පටන් ගන්න වෙන එකක්... වර්ධනද මන්ද... හික් හික්

    ReplyDelete
  9. මේකෙ යන්නෙ 'විජේ' ලගේ වැඩම නෙව! :D

    ReplyDelete
  10. මේ කමෙන්ට්ස් දාන අය හැමෝම වගේ ඇයි මේ පොට වරද්දාගෙන?

    ඔබ්සර්වර් ට නිකං කළ කළ දේ පල පල දේ වගේ රිටර්න්ස් එනවා වගේ!

    ReplyDelete
  11. ලංකාවේ රජයේ ව්‍යාපෘති බොහොමයක් අසාර්ථක වුනේ පාලකයන්ගෙ වලේම මේ ව්‍යාපෘත් වල බලධාරීන් ගත්ත තකතීරැ තීරණ නිසා. කාලයක් දේශිවය කරගෙන ගිය බස් බොඩිගැසීම සහ දුම්රිය මැදිරි නිපදවීමත් කොමිස් කාක්කන්ගෙ බලපෑමෙන් නැවතීලා ගියා. ලංකාව කියන්නෙ රමිපාල යුගයෙදි දුම්රිය එන්ජින් පවා නිපදවපු රටක් කියල දන්නෙවත් නැති මිනිස්සු කොච්චර මේ රටේ ඉන්නවද? අද හැම දේටම පිට රටවල් වලට වැඳගෙන ඉන්නවා. අපේ රටේ මිනිස්සුන්ගෙ අවාසනාව.

    ReplyDelete
  12. ඔබා අයියට පින්තූර කීපයක් එවලා ඇති. මම ඒ ටික පෝස්ට් එකක් දාන්න හිටියත් තවම තොරතුරු ටිකක් සොයාගන්න බැරි වුණා. දන්නවනම් ඒ ගැන විස්තර ටිකක් එවන්න.

    ReplyDelete
  13. විජේසේන මහත්තයා තවම ඉන්නවා මොරිස් මයිනර් එකත් තියනවා.මම මේක විජේසේන මහත්තයට තැපැල් කරලා අරිනවා අපහාසෙට නඩු දාන්න කියලා

    ප.ලි.
    අර ඩබල් ඩෙකර් එකේ වර්ම් වීල් එක බෙල්ලේ එල්ලගෙන ගිය කතාවත් දානවද?
    මොකද මේ ඔලුව වටෙන් ඇවිත් නහය අල්ලන්නෙ.ඔය ඉස්කෝලෙට ගිය බවත් ඒකෙ නමත් දැම්මනම් අගේ තව වැඩි වෙයි.

    ReplyDelete
  14. http://umisf.moraspirit.com/cgtti1967/index.php

    Me link eka balanna

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. හහ් හහ් හා...... විජේ ගම කා ගත්ත වගේ......

    ReplyDelete
  17. සිකියුරිටිට තේරෙන්න ඇති විජේසේන නා ගත්ත කියලා...විජේසේනද...නැත්තම් ඔබා මාමමද දන්නෙත් නෑ

    ReplyDelete
  18. විජේවර්ධන කොටසේ වර්ධන ලොප් වෙලා සේන ඇඩ් වෙලා වගේ එකක් පේනවා පේනවා වගේ....

    ReplyDelete
  19. අදත් ලක් ඉතිහාසේ නොදන්න පැත්තක් ඉගෙන ගත්තා ඔබෙන්..ඇත්තටම අර ඉන්ජිනෙරු මහත්තයා තැනට සුදුසු හොඳ මොලයක් තිබ්බ කෙනෙක්...ඒවගේ මිනිස්සු ඉඳලත් හරි මැනෙජ්මන්ට් එකක් නොතිබිම හා දෙශපාලනීකරනය නිසා වෙන්ට ඔන ලංගමට දැන් තියෙන දුක්බර කලදසාව ලබලා තියෙන්නේ...සිතුතී ඔබට

    ReplyDelete
  20. කපටි විජේ . . නරි විජේ . . . ඔය මොන නමින් කීවත් විජේ විජේම තමයි . . . . ආයෙ හෝදන්න දෙයක් නෑ

    ReplyDelete
  21. දැන් ඔය විජේ මහත්තයත් ඔබා අයියා වගේම ඉංජිනේරුවෙක්ද? අනේ හොඳයි දැන් ඔහොම පන්නපු පාර ඒ මහත්තය රටෙනුත් පැන්නුවද?

    ReplyDelete
  22. ඒ කාලේ වාහන වල නම්
    ඩිකියෙත්
    එන්ජිමක් තියෙන්න නැතුව ඇති :D

    ReplyDelete
  23. ඉතින් විජේසේන මහත්තයට පස්සේ මොකද උනේ.. ස්කුරිටි එකෙන් ශේප් කරන් මෝටරේ අරන් ගියාද??

    ReplyDelete
  24. මොකද මේ මෙකැනිකල් ඉංජිනේරු මහත්තුරු ගොඩක් වෙලාවට ලදරම් කාර් පදින්නේ..මයියා දන්න මෙකැනිකල් ඉංජිනේරු ප්‍රොපෙස්ර්ල දෙන්නෙක් ඉන්නව..පැඩ් සිල්වයි, එම්.ආර්.එ වී. ෆනැන්ඩොයි..ඔබා අයියා දන්නවත් ඇති....මේ දෙන්නගේ කාරුත් ඔබා අයියා කිව්ව කාර් වගේම තමයි..පාරේ යන කොට කෑලි හැලෙනවා

    ReplyDelete
  25. විහිළුවෙන් හරි සැහෙන දේවල් දැන ගන්නවනේ ඔබා මාමාගෙන් . පොඩි විජේ වගේ පොරක් වෙන්න ඇති .

    ReplyDelete
  26. ඔන්න ඔබා මාමාගේ බ්ලොග් එකට ඇවිත් ගොඩාක් තොරතුරු දැනගත්තා... ඒක ගොඩාක් වටිනවා හිතුමතේට.... දැන් නම් ඔය බස් කොහේ පාරකවත් දුවන්නේ නැ නේද???

    මොනවා උනත් මේකේ කොතන හරි ඔබා මාමා ගැවිලා ඇති කියලාමයිනේ හිත කියන්නේ....

    ReplyDelete
  27. අප්පද බොල..මට මතක් වුනේ අර වොක්ස් වැගන් කාර් එකක් නවත්තලා ඩිකිය ඇරලා ඩිකියේ එන්ජිමක් අරන් යනවා කියලා කෑ ගහපු රාළහාමිවමිය...

    ReplyDelete
  28. මේක නිකං තමන්ට තමන්ට වෙච්ච සීන් එකක් වගේ .......

    ReplyDelete
  29. හික්ස්! විජේ ගේ මොලේ දාන්න හොඳයි ඇලේ! සික්කා දන්නෙත් නැත්නම් ඒක කාර් එකේ කෑල්ලක් නෙවේයි කියල ඔබා මාමා කොහොමද දන්නේ සීන් එක මුල ඉඳලම අග වෙනකන්???? :)

    ReplyDelete
  30. මොනව උනත් අදනම් කට්ටියට ටිකක් තෙරුනා වගෙ නම් මාරු කලාට . මෙකත් අර විල්බැරො කොම්පැනියෙ විල්බැරො අරන් ගිය කතාව වගෙ .

    ReplyDelete
  31. අතේ මාට්ටු මදිවට විජේ මාමා ෆන් බයිලෙකුත් ඇදලා දාලා . අප්පේ ලොකු තාත්තත් ඔය වගේ ජොලි වැඩ ගොඩාක් කලේ මේ ඩිපෝවේ . සෙහ් ඒවා ලියන්ඩ බෑ අප්පා .

    හැබෑටම මේ ඔබා ලියන්නේ අනුංගේ නම් දලා තමන්ට වෙච්ච දේවල්ද ? මටත් එහෙම සාධාරණ සැකයක් එනවා . වෙන කෙනෙක්ට වෙච්ච දෙයක් මෙච්චර සුන්දරව ලියන්නේ කොහොමෙයි නැතිනම් ..?

    ReplyDelete
  32. ඔය කියන ලොරි මූණ බස් එකක් අපෙ පාරේ ස්කූල් සර්විස් එකක් දිව්වා වගේ මතකයි..නුවර දකුණු ඩිපෝවෙන්.

    විජේ නම් මාර පොරක් නේ... ඒ උනත් ඔබා මහත්තයෝ මේක 'open ended story' එකක් හින්දා සික්කා ටියුබ් ලයිට් පොරක්ද නැත්නම් අංකුට් පොරක්ද කියලා හිතාගන්න වෙන්නේ අපිටම තමයි නේ???

    ReplyDelete
  33. නෑ නෑ මේ ඔබා මාමා ගැන නෙමෙයි :D

    ReplyDelete
  34. ඇත්තටම ඔබා මාමාගේ පෝස්ට් වලින් මාර දැනුමක් ගන්න පුලුවන්, ඕවා ගැන මෙලෝ දෙයක් මම දැනං හිටියෙ නැහැ ...

    ඉතිං පොර අවුලක් නැතුව ෂේප් වෙලාද .......

    ReplyDelete
  35. අර කිව්වත් වගේ බුන්ටා හාල් අදිද්දී විජේ ස්පෙයාපාර්ට්ස් අදින්න ඇති කියලා අනාවැකියක් කියලා කට ගන්න හම්බුනේ නෑ... :)

    මව් කම්පැණියයි, ඒජන්තයි එකතුවෙලා ස්පෙයාර් පාර්ට්ස් වාරණය කරන්න ගත්ත තීන්දුව නම් මාරයි... සාමාන‍යයෙන් වාහනේ විකුණනවට වැඩිය ස්පෙයාර්පාර්ට්ස් වලින් ලාභ ගන්නවා නේද... ඒවගේ ලාභයක් අමතක කරලා රිටර්න් එක දෙන එකට ප්‍රමුඛත්වය දෙනවා කියන්නේ අද කාලේ බිස්නස් වල හැටියට නම් දුර්ලභ තීරණයක් මම හිතන්නේ...

    ReplyDelete
  36. කොහොමද මිස්ටර් විජේසේන ගේ තැනට සුදුසු නුවණ...හැබැයි ඒක වැඩ කරාද කියල අපි දන්නේ නෑ නේ..:)

    ReplyDelete
  37. ඕවට නේද බී.එම්.සී වදුරු මූණ කිවුවේ....
    ඔබා මාමට උනු දේවල් අපූරුවට අනුන්ගේ නම් දාලා දෙන්නේ ඇට්ටි හැලෙන්න

    ReplyDelete
  38. ඔය කියන ජාතියේ බස් එකක් මේ මෑතක් වෙනකම්ම අපේ පැත්තේ ප්‍රයිවෙට් බස් එකක් විදිහට දිව්වා, ඒත් දැන්නම් කොට උඩවත් නැද්ද කොහෙද

    මේ කතාවේ මට පොඩි සාධාරණ සැකයක් මතු වෙන තැනක් තියෙනවා....
    ඔය කියන මෝටරේ ගෙනිච්ච කෙනා මාට්ටු උනෙත් නැත්නම්(මොකද එහෙම මාට්ටු උනානම් ඒක ඔබා අයියම මුලින් කියනවනේ "අපිත් එක්ක වැඩ කරපු එකෙක් මෙහෙම කරන්න ගිහින් මාට්ටු උනා" කියලා)

    01. සික්කා දන්නේ නැහැ කියන්නේ ගෙනිච්ච එකා මාට්ටු උනේ නැහැ
    02. මාට්ටු නොවිච්ච හොරකමක් පිට අය දැනගන්න විදිහක් නැහැ,(ඒ ඉංජිනේරු මහත්තයා තමන් හොරකං කළා කියල තැන තැන කිය කියා යන එකක් නැහැනේ)
    03. ඒක එහෙම වෙද්දී මෙතන තුන්වැන්නෙක් විදිහට පෙනී ඉන්න(හදන) ඔබා තුමා මේක දැනගත්ත හැටි තමයි මට තියෙන ලොකුම පුස්නේ... හික් හික්

    ReplyDelete
  39. ඈ ඔබා මාමේ...නොදන්නා කමට අහන්නේ..නොබැඳි ජාතීන්ගේ සමුළුව කිව්වේ බැඳපු නැති එවුන් සෙට් වෙන සීන් එකක්ද? ඔය මොටරේ කෙස් එක නිසාද රට දාල යන්න උනේ? ඔබා මාම දැන් කැන්ගරු දේශේ කෝච්චි වලත් ස්ටාටර් මෝටර් ප්‍රවාහනය කරනවය?

    ReplyDelete
  40. ඔබා අයියෙ නිකමට අහන්නෙ? ඔය කැන්ගරු දේසෙත් ලංගමක් තියනවද? ඒකෙද ඔයත් වැඩ කරන්නෙ?

    ReplyDelete
  41. ඊයෙ ඔබා අයියා පෝස්ට් එක දාලා තප්පර පනස් පහකින් මම දැකලා කියවලා පලවෙනි කොමෙන්ට් එක දාන්න හරිඅ ආසාවෙන්සිංග්‍රීසි එකේ කොටලා කොපි කරලා පෙට්ටියෙ අලවල බටොං ඔබලා බැලින්නම් ඒ පොඩ්ඩට No Internet Access කියලා කහපාට ත්‍රිකෝනෙ වටිලා තියෙනවා. බලා ඉඳලා ඉඳලා හරියන්නෙ නැති නිසා අල්ලලා දැම්මා. දැන් මන් අහන්න හිටපු දේ කට්ටිය අහලා. මම ඇහුවේ ඉතිං සෙක්කෝ ඕකට අහු වුනාද කියලයි.
    අනික ඔබා අයියෙ මම apprenticeship එක කරපු කොම්පැණියෙත් එකෙකුට මෙන්න මෙහෙම කාඩ් එකක් තිබ්බා. මම යන කොටත්. මූ ගිණි වැස්ස වෙලාවෙ අලුත්ම ක්ලච් ප්ලේට් එකක් පෙට්ටිය පිටින්ම ඉහලගෙන අගේට සෙකියුරිටි චෙක් පොයින්ට් එක හරහා ගිහින්. මූව හොඳට සර්ච් කරලත් තමා යවලා තියෙන්නෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  42. කතාවට කලින් එක පසුබිම් විස්තරය නම් හැමදාම වගේ මරු! ඒ කාලේ ගැන හිතින් මවා ගත්තැකිනෙ.

    ReplyDelete
  43. අපෝ අපි දන්නව මේ විජේ කව්ද කියල . අනේ අර කාර් එකත් මරු . යකඩ නිකම්ම ඇඟට ලැබෙන්න ඇති .

    ReplyDelete
  44. දැන් මේ සිද්ධිය ඇත්තටම වුනේ කාටද කියමුකෝ බලන්න... මිස්ට විජේසේනටද? නැත්තං මිස්ට ඔබා... නෑ එක්කෝ ඕනේ නෑ..

    ReplyDelete
  45. @ පිස්සා,
    නොට් ගිල්ටි
    @ මාරයා,
    එගේන් නොට් ගිල්ටි. (මාරයට ඉංග්‍රීසි බැරි හින්ද) "චෝදනාවට නිවැරදි කරු බව කියා සිටිමි"
    @ ඇනෝ,
    මිස්ට විජේසේන මෝටරෙත් කාරෙකේ දාගෙන ගියා විතරක් නෙමේ, සෙක්කන්ට කියල කාරෙකට තල්ලු ස්ටාර්ට් එකකුත් දාගෙන ගිහින් තියෙන්නෙ.
    @ වෙද මහතා,
    සියලුම චෝදනා වලට නිවැරදි කරු බව කියා සිටින අතර, රටින් පිට වුයේ 80 ගණන් අග හරියේ පැවති තත්වය අනුව, ජීවිත අවදානමකටද දෙවරක් පමණ මුහුණ දීමට සිදු වූ නිසාත්, දරු දෙදෙනාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ පරමාර්ථයෙනුත්, තවද හොඳ වෙලාවට යන්න චාන්ස් එක ලැබුන නිසාත් බව කියා සිටිමි.
    @ ඉඳුනිල්,
    ඒ කාලේ වේරහැර කියන්නේ දහස් ගානක් සේවකයෝ හිටි තැනක්. සේවක බස් රථ විතරක් 30 ගානක්ද කොහෙද ධාවනය වුනා. ඒ බස් ධාවනේ සඳහාම ඩිපොවකුත් වැඩපොළ ගාවම තිබුන. විජේ ල ඉන්න ඇති සිය ගානක්.
    මම ගිහින් බැලුව ඔයාගේ විජට් එක, නරක නැහැ, හැබය් ඒක චුට්ටක් විතර කචල්. ඊට වඩා හොඳා "ෆීඩ් බර්නර්" එකේ විජට් එක ඒකෙ යාහු, ෆේස් බුක්, නැතුව කෙලින්ම තමන්ගෙ ඊමේල් ලිපිනයම දාල පෝස්ට් ගෙන්න ගන්න පුළුවන්. උදාහරණෙට ඕනේ නං ගිහින් බලන්න 'හිස් අහස' වෙබ් සයිට් එකට, ඒකෙ ෆොලෝවර්ස් ලට යටින් තියෙන විජට් එක බලන්නකො.
    'බිජ්ජෙ' කතාව ලිව්වට පස්සෙ කාලෙකින් ඉඳුනිල් පෝස්ට් එකක් දාල නැහැ නේද? මන් ඉඳ හිට ගිහින් බලනවා අලුතෙන් මුකුත් දාලද කියල

    ReplyDelete
  46. @ වෙනි,
    සෙක්කන්ට තේරුනේ නැහැ, උන් ලව්වම තල්ලු ස්ටාර්ට් එකක් දාගෙන මිස්ට විජේසේන ගිහින් තියෙන්නෙ.
    @ ගොඩයා,
    මට නං ආරංචි වුනේ දැන් වේරහැර තියෙන්නෙ මෝටර් රථ ලියා පදිංචි කරන RMV එක කියල.
    @ පිස්සා,
    බොට එක පාරකුත් කිව්වෙ 'නොට් ගිල්ටි' කියල තේරුං නැත්තන් මාරයට දීල තියෙන උත්තරෙත් බලහන්.
    දැන් ගිහිල්ල චු කරල නිදා ගනින්
    @ මුහුදු කොල්ලකාරයා,
    ඒ විජේ සහ මේ විජේ සම්පුර්නෙම්ම වෙනස්. විසාල වයස පරතරේකුත් එක්කම
    @ කතන්දර Kathandara ,
    පොට වරද්දාගෙන නේන්නං, ලංකාවෙ නුතන ඉතිහාසෙ කියල දෙන්න ට්‍රය් එකක් දෙනකොට, 'යන්නෙ කොහෙද, මල්ලෙ ලැප් ටොප් එක' කතානෙ කියන්නෙ කෂ්ටිය

    ReplyDelete
  47. @ චන්දික,
    මොනවගේ විස්තරද ඕනේ කිව්වොත් හොයාගන්න බැරි වෙන්නෙ නැහැ. ගූගල් එකෙත් ලංගම ගැන සෑහෙන විස්තර ටිකක් තියෙනව.
    @ ඇනෝ,
    08/11/2011 දින 18:39 සහ 18:44 කොමෙන්ට් දෙකම දැම්මෙ එකම ඇනෝ කියල හිතාගෙන උත්තරේ ලියන්නෙ. වැරදි නං කියන්න.

    ඒකනෙ පිංතුරේ වෙන ජාතියක කාර් එකක් (ඩොජ්) දැම්මෙ නඩු දාන්න බැරි වෙන්න.
    මේ කතාවත් මතක් කරල එව්වෙ, බ්ලොග් කියවන අපිත් එක්ක කුරුනෑගල වැඩ කරපු යාලුවෙක්.
    'වර්ම් වීල්' කතාව අහල තිබුනට දැන් හරියට මතක නැහැ.
    මතක හොඳ එකක් තියෙනව, බ්ලොග් ඒකෙ ලියන්න බැරි. අමරසිරි වගේ නමක් තියෙන, අර සෑහෙන කාලයක්ම ආධුනිකයෙක් වෙලා හිටපු ප්‍රසිද්ධ පුද්ගලයා, ගජන් පින් එකකටත් වඩා ලොකු එකක් සාක්කුවෙ දාගෙන මේන් ගේට් එකට ආව ස්ටෝරිය. ඔයා ෂුවර් එකටම කතාව සහ පුද්ගලයා ගැන අහල ඇති.

    මම ඒ ඉස්කෝලෙට ගිය බව බ්ලොග් කියවන අය දන්නව. ඉස්කෝලේ නම මම නොකිව්වට, මම ඒකට ගිය බව දන්න කට්ටිය ඇරුනම, ලෝකෙ හතර දිග්භාගෙම පැතිරිලා ඉන්න ශ්‍රී ලාංකිකයො ඉස්කෝලෙ නම සම්පුර්ණයෙන් නොදැන ගත්තත්, වචන දෙකෙන් කියන නම හොඳින් දන්නව. අනෙත් එක මම ඔලුව වටෙන් අත දාල නහය අල්ලන්න ට්‍රය් කරන කෙනෙක් නෙමේ. බ්ලොග් එක ලියන ආරූඩ නම, මම බ්ලොග් එක පටන් ගන්න ඉස්සෙල්ල, බ්ලොග් වල කොමෙන්ට් කරන කාලේ ඉඳන්, ගොඩ නැගුනු අනන්‍යතාවයක්. සිංහල බ්ලොග් ලෝකෙ මාව දන්නෙ ඒ නමින්. ඒ නිසා මම එක වෙනස් කරන්න ගියෙ නැහැ. ඒ වුනත් ඕනෙ කෙනෙකුට මාව අඳුනගන්න පුළුවන් බ්ලොග් ඒකෙ දීල තියෙන ඊමේල් ඇඩ්‍රස් එකේ, මගෙ සම්පුර්ණ නම තියෙනව, ඒ වගේම ප්‍රොෆයිල් එකේ මගේ පිංතුරේ දාල තියෙනව. මගේ ෆේස් බුක් එකවුන්ට් එකේ මං ගිය ඉස්කෝල ඔක්කොම, වැඩ කරපු තැන, දැනට වැඩ කරන තැන, ආදී විස්තර ඔක්කොම තියෙනව.

    දීල තියෙන ලින්ක් එකට ගිහින් බැලුව, ස්ටාෆ් එකේ සහ 300යෙ ආධුනික සමහරු මටත් උගන්නල තියෙනව, සමහරු මං ඉන්න රටෙත් ඉන්නව. සමහරු මා එක්ක කුරුනෑගල සහ අවට වැඩ කරලත් තියෙනව. තඹුත්තේගම ඉන්න එක්කෙනා සහ ගම්පහ ඉන්න කෙනා පසුගිය අප්‍රියෙල් මාසෙත් හමු වුනා.
    ලින්ක් එක දුන්නට ස්තුතියි.

    කැමති නං මේ ලිපිනයට ඊයක් එවන්න sanathwijewardene@gmail.com

    ReplyDelete
  48. @ Enemy ,
    පිස්සුද පොර මෝටරෙත් කාරෙකේ දාගන, සෙක්කන්ට කියල තල්ලු ස්ටාර්ට් එකකුත් දාගෙන අගේට යන්න ගියා.
    @ දිල්,
    සෙක්කන්ට තේරුනේ නෑ Enemy ට උඩ කියල තියෙන එක බලන්නකො.
    @ Raj ,
    හප්පේ ඇති යාන්තන්, මේකට ඔබා සම්භන්දද කියල අහන්නෙ නැති පාඨකයෙක් හමු වුනා අන්තිමට, මෑත ඉතිහාසෙ ගැන තව චුට්ටක් තියෙනව මීට ඉස්සෙල්ල දාපු 'හාල් පොල්ල' පෝස්ට් එකෙත්, වෙලාව තියේ නං කියවල බලන්න. ස්තුතියි අගය කිරීමට
    @ ඕනයා,
    ටියුලිප් සුකුරට අධිපති ත් තාම ඉන්නව, අස්ථි දෙක ඉවත් කරලත්. අලුතෙන් සූට් එහෙම මැහුවේ නැද්ද ලඟදි?
    @ ක්සැන්ඩර්,
    අහන්න බලන්න ඊළඟ ප්‍රශ්නය.....උත්තර දෙන්න පුලුහන්ද balanna

    ReplyDelete
  49. @ තාරක,
    දන්නවද මන්ද ඒ කාලේ පිටිපස්සෙ එයාර් කූල් එන්ජිම තිවුන (ෆෝල්ක්ස්වාගන් වගේ) බස් ජාතියක් තිබුන ' ඉකාරස් ' කියල, මට මතක විධියට හන්ගේරියාවෙන් තෑගි දුන්න.
    @ Dinesh ,
    නැතුව සෙකියුරිටි කට්ටිය ලව්ව තල්ලු ස්ටාර්ට් එකකුත් දාගෙන ගිහින් තියෙන්නෙ
    @ Mayya ,
    නම් දෙක නම් මතකය් වගේ, බලමු ලංගම හිටපු කීප දෙනෙක් ඇනෝ සහ නමින් කොමෙන්ට් කරනව, එයාල දන්නව නං මතක් කරල දෙන්න ඉඩ තියෙනව
    @ Bindi ,
    ඇත්ත වට පිටාව ගැන කිව්වම, නිකම්ම ඒ කාලෙ ගැන පොඩි අවභෝදෙකුත් එනව
    @ හිතුමතේ,
    ලොරි බොඩි ගහපුව සමහර විට දුවනව ඇති, කොමෙන්ට් එකක් තිබ්බ ප්‍රයිවෙට් එකක් ලඟක් වෙනකන් දිව්වා කියල. මම ලංකාවෙන් එනකොටත් (අව්. 20 කටත් ඉස්සර) ලංගම තිබුන 'ආපදා රථ' වලට කොන්වර්ට් කරපුව කීපයක්

    මගෙ ගෑවීම කතාව අහල තියෙන එකයි, මේ පෝස්ට් එකේ ලියපු එකයි තමා

    ReplyDelete
  50. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර,
    මාත් ඔය කතාව අහල තියෙනව. ඔය වගේම කතාවක් 'ඕනය' ලියල තිබ්බ අන්තිම පේලියට.

    @ ඔබ නොදු‍ටු ලොවක්.....,
    වැරදි සංකල්පනා පහල කර ගන්න එපා

    @ Sabith ,
    අහපු කතාවක් පනමයි, හැබය් වේරහැර සහ ලංගම හෙන ප්‍රසිද්ධ කතාවක්

    @ ලොකු ඡෝන්
    වැරදි සංකල්පනා පහල කර ගන්න එපා, අහපු කතාවක් පමණයි, වේරහැර සහ ලංගම හෙණ ප්‍රසිද්ධ කතාවක්

    @ සඳරු,
    ලියන්න බැරිම නං මටවත් ඊයකින් එව්වොත් ඉතින් මං වත් ලියන්නන්. සැකිල්ල විතරක් ඇති, සඳරු වගේ ගතියට නැතත් අතින් පයින් ටිකක් දාල ලියන්න බැරියා...හික්ස්.
    ඉස්සෙල්ල උත්තරේම සඳරු ටත්. අහපු කතාවක් පමණි, වේරහැර සහ ලංගම හෙණ ප්‍රසිද්ධ කතාවක්, වැරදි සංකල්පනා පහල කර ගන්න එපා

    ReplyDelete
  51. සමහර අය ලොකුවට කතාකරන සිරිමාවෝගේ මෝඩ ආන්ඩුවේ තවත් මෝඩ වැඩක්

    ReplyDelete
  52. ඊයේ දාපු කමෙන්ටුව පොස්ට් වෙලා නැහැනේ . මන් මේ ඔබා මාමගේ කතා අහන්න හරි ආසයි. විහිලු නිසාම නෙමේ . එක්තරා යුගයක් ගැන දැන ගන්න පුළුවන් හන්දා. ඉතින් ඔබා මාම යුග පුරුෂයෙක් කිව්වට වරදක් නැහැ

    ReplyDelete
  53. To the best of my knowledge CTB had few MAGIRUS DEUTZ buses with rear mounted air cooled diesel engine..Bus was made by German company MAGIRUS and fitted with DEUTZ air cooled diesel engine.IKARUS buses had water cool engines and if you remember we had one pass bus at school

    ReplyDelete
  54. @ kandyan ,
    ඔව් ඔය බස් නුවර පැත්තෙත් තියෙන්න ඇති.
    මිස්ට විජේසේන සෙකියුරිටි කට්ටිය ලවාම කාර් එක තල්ලු ස්ටාර්ට් කරගෙන මෝටරෙත් අරන් ගියා කියල තමා දන්නෙ

    @ පුසා,
    ඔන්න තව ඇත්ත නැත්ත හරියට තේරුං ගත්ත තව එක්කෙනෙක්.

    @ පන්සල් හන්දිය,
    තෑන්ක්ස්. ඔව්..ඔව් එයා ශේප් වෙලා ගියාලු

    @ Beetle ,
    එයාල long term වාසි බලන්න ඇති

    @ සයුරි,
    ආරංචි විධියට හරියටම වැඩ කරල තියෙනව

    ReplyDelete
  55. @ kandyan ,
    ඔව් ඔය බස් නුවර පැත්තෙත් තියෙන්න ඇති.
    මිස්ට විජේසේන සෙකියුරිටි කට්ටිය ලවාම කාර් එක තල්ලු ස්ටාර්ට් කරගෙන මෝටරෙත් අරන් ගියා කියල තමා දන්නෙ
    @ පුසා,
    ඔන්න තව ඇත්ත නැත්ත හරියට තේරුං ගත්ත තව එක්කෙනෙක්.
    @ පන්සල් හන්දිය,
    තෑන්ක්ස්. ඔව්..ඔව් එයා ශේප් වෙලා ගියාලු
    @ Beetle ,
    එයාල long term වාසි බලන්න ඇති
    @ සයුරි,
    ආරංචි විධියට හරියටම වැඩ කරල තියෙනව

    ReplyDelete
  56. This comment has been removed by the author.

    ReplyDelete
  57. @ ItalyDilan ,
    මං හිතන්නෙ 'වඳුරු මුණ' සහ 'ජේ.ආර්' මුණ ඊට පස්සෙ ආව මොඩ්ල්

    @ ලොකු පුතා,
    තව කොමෙන්ට් එකක් තිබුන ප්‍රයිවෙට් බස් ලඟක් වෙනකන් දිව්ව කියල.
    ඉතුරු හරියට උත්තර දෙන්න ඉස්සෙල්ල ලෝයර් කෙනෙක් කොන්සල්ට් කරල එන්නං

    @ Cheetah ,
    ගූගල් සර්ච් එකක් දාල බැලුවන දොස්තර මහත්තය...හිකිස්...
    මෙහෙ දුවන්නෙ ඉලෙක්ට්‍රික් කෝච්චිනේ, එහෙම චෑන්ස් එකක් වත් නැහැ අප්පා

    @ රන්ජා,
    මං මෙහෙ සී.ජී.ආර්. එකේ

    @ Dude
    මේ මේ බොරු එපා, රංජ එනකං නේද හිටියේ.
    ඒ වගේ ලංගම කතා කීපයක් තියෙනව, කොහෙද කියපු ගමං මගෙ ඇඟටනෙ කපන්නෙ

    ReplyDelete
  58. @ බුද්ධි,
    බුද්ධියක් තියෙන එකෙක් එපෑ ඒක තේරුං ගන්න. තෑන්ක් යූ.

    @ ගිම්හානි,
    හ්ම්...අයර්න් සිරප් එහෙම ඕනෙ වෙන්න නැතුව ඇති. මොකෝ ගිම්හානි අද හොඳටම පරක්කු වෙලා, ඔෆිස් ගියෙ නැතුව වත්ද කියල හිතුන.

    @ ගෝල්ඩ් ෆිෂ්
    ඕන් නැත්තං ඕනෙම නෑ....විකාර නැතුව අර බුද්ධිය වගේ මෑත ලංකා ඉතිහාසෙ චුට්ටක් ඉගෙන ගන්න බැලුවනං, මේවා ඉස්කෝලෙන් ඉගෙන ගන්න පුලුහන් ඒවා හෙම නෙමේ, හැමතැනම නෑ, හැමදාම නෑ...

    ReplyDelete
  59. @ නලිනි චන්දිමා
    නැහැ 'යකා බස් ' වල තිබුනේ මුක්කන් මුණක්, මේ කියන ඒවායේ හොම්බ දිගට තිබුන. හුඟාක් දුරට පිංතුරේ තියෙන ලොරියෙ මුණට සමානයි කියන්න පුළුවන්.

    @ Anonymous at 9 November 2011 18:10
    කොයි දේසපාලත් ඔය වගේ තමා.

    @ Bindi
    'යුග පුරුෂයෙක්' අම්මෝ බරපතල වැඩි නැද්ද? Bindi ගේ කොමෙන්ට් ඒක දැකල මං උත්තරේකුත් ලිව්වා කියල බලනකොට ඒක තිබුන, මම කොමෙන්ට් මොදරේෂන් දාල නැති නිසා කොමෙන්ට් කරපු වෙලාවේම පබ්ලිෂ් වෙනවා. පහත තියෙන්නෙ ඔයාගේ කොමෙන්ට් ඒක සහ පිළිතුර.
    Bindi said...
    විහිළුවෙන් හරි සැහෙන දේවල් දැන ගන්නවනේ ඔබා මාමාගෙන් . පොඩි විජේ වගේ පොරක් වෙන්න ඇති .

    8 November 2011 21:36
    @ Bindi ,
    ඇත්ත වට පිටාව ගැන කිව්වම, නිකම්ම ඒ කාලෙ ගැන පොඩි අවභෝදෙකුත් එනව

    Ano @ 9 November 2011 18:52
    Yep...You are absolutely correct. May be 'cos names of Magirus & Icarus sounds similar I got it wrong. Mag was the one with rear mounted air cooled engine not Icarus. I remember a Icarus 'pass bus' running between Kadawath & Werahara, may be it was the same one used @ Angulaana at a later stage. There was one Magirus, also used as a paas bus @ Werahera. I remember a discarded generator coupled to Magirus engine lying in the yard of old training school, Werahera.

    ReplyDelete
  60. අම්මෝ....කාලෙකින් හොඳක් ඇහැව්වා. වෙල්කම් සර්....

    ReplyDelete
  61. ඔන්න ඕකනෙ ඔබා අයියා කියන්නෙ. කොමෙන්ට් කියවලා බලන්න. මම ඇතුලු තව ඉතාම කීපදෙනයි ඕක ඔබාට වෙච්ච වැඩක් කියලා නොකිව්වෙ. ඒකටවත් කෙලෙහි ගුණයක් නැති හැටි අප්පා..!
    henryblogwalker the Dude.

    P.S. Even in the previous posts I haven't commented it was you even I knew it was you. LOL

    ReplyDelete
  62. @ බුද්ධි,
    පොදු සතුරා මේ දවස් වල ෆුල් සයිලන්ට් වගේ, අසනීපෙන්ද දන්නැහැ.

    @ Dude,
    'කෙළෙහි' ගුණ දන්නෙ පඩික්කම Dude.

    වෙලාවට කෙළෙහි ගුණ දක්කන්න ගියෙ නැත්තෙ, කෙළල තියෙන්නෙ අන්තිම වාක්කියෙන් තාප්පෙටම, නිකං නෙමේ කඩ්ඩෙන්.

    ReplyDelete
  63. මම නොදන්න අයිසෙක් නිව්ටන්! ඔන්න කෙළෙහි ගුණ නොදන්න බ්ලොග්වෝලරයා කියන එකා ආයෙම තාප්පෙටම කෙලලා. මම දැන්නෙ දන්නෙ ඔබා ඉස්කෝලෙක වෝඩන් කෙනෙකුත් වෙලා හිටියා කියලා.

    ගිහින්ම බලන්නකො කරලා තියෙන ඩැමේජ් එක
    http://wp.me/p1HmH1-ay

    ReplyDelete
  64. ඔබා අයියා කොමෙන්ට් වලට රිප්ලයි කොරනකොට බීලදබං හිටියේ..අයියගෙ හාල්පොල්ල කියොල දාපු කොමෙන්ටුවට අයියා රිප්ලයිත් කොරල තියෙද්දි ආයි කියවන්ඩ කියන්නේ..." ඔබා අයියට ඔව මතකැ කොච්චරනම් කියලා වැඩද නේද..."D....

    ReplyDelete
  65. // බී.එම්.සී. කොම්පැනියයි, ලංකාවෙ ඒජන්තයි, එකතු වෙලා ලංකාණ්ඩුවට රිටර්න් එක දුන්නේ එහෙමයි.//

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඒ කාලෙත් තිබිල තියෙනව...

    ReplyDelete
  66. @ Dude,
    ගිහින් කියවල බැලුව, මඩක් ගහන්නෙ කියල තේරුනාට, මං ටියුබ් ලයිට් වෙන්නැති, හරියටම පෝස්ට් එක තේරුං ගන්න බැරි වුනා. හෙන්රිගේ ක්‍රියේටිව් ටැලන්ට්ස් අපරාදෙ නාස්ති කරනවද කියලත් හිතුන. කෝකටත් ආයෙමත් කියවල බලන්නං.

    @ Raj,
    ..." ඔබා අයියට ඔව මතකැ කොච්චරනම් කියලා වැඩද නේද..."D....
    ඒක නේන්නං, හැබය් පිළිතුර ලියන කොට මතක් වුන, රාජ් 'හාල් පොල්ල' ටැ කොමෙන්ට් එකක් දාල තිබුන නේද කියලත්.

    @ සපතේරු උන්නැහේ,
    ඒවා සිංහල රජ කාලෙටත් ඉස්සර ඉඳන් පැවතගෙන එන ඒව නෙව

    ReplyDelete
  67. ලංගම අද පවත්නා තත්වයට පත්වී ඇත්තේ "ඔබා" නිසා බව මගේ විශ්වාසයයි ,වැඩි තොරතුරු පසුව ගෙන එම් ........

    ReplyDelete
  68. කතාව විහිළුවකට ගත්තට ඒක ඇතුලෙන් දීපු පණිවිඩයයි විස්තර ටිකයි නම් විහිළු නෙමෙයි නේද ?

    අහින්සක. අ.පේ.

    ReplyDelete
  69. @ රොබින්,
    වැඩි විස්තර දැනට ඕනේ නැහැ, රොබින්ගේ බ්ලොග් එකේ කොමෙන්ට් වලට උත්තර දීල එහෙම, අලුත් පෝස්ට් එකක් ලියන්න කල්පනා කළා නං මොකද? හෙහ්...හෙහ්...හෙහ්...

    @ අහිංසක,
    පෝස්ට් එකේ විතරක් නෙමේ, සමහරුන්ට දීපු පිළිතුරු වලත්, ලංගම වගේම, රට ගැනත් තොරතුරු ටිකක් තියෙනව. ඉස්සෙල්ල පෝස්ට් එකෙත් (හාල් පොල්ල) ඒ වගේ විස්තර ටිකක් ඇති.

    ReplyDelete
  70. http://www.elakiri.com/forum/showthread.php?t=199317

    Try this link anw will be able to see most popular Mercedes Benz of CTB

    ReplyDelete
  71. කොහොමද එහෙනම් වැඩේ !!!
    නියමට ගේම් එක සෙට්ල් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අර වාහනේ ගොඩ දැම්මද ?

    ReplyDelete
  72. මිස්ට විජේසේන අර කාර් එකේ යන්න ඇත්තෙ පිටගැස්මට බෙහෙත් හෙම විදගෙන වෙන්න ඇති නේද?
    මරු ඇන්ටික් එකක්නෙ...
    අර කතාවට උඩින් දාල තියෙන ඉතිහාස පාඩම නියමයි....
    ඔය කියන බස් ජාතියත් මට යාන්තම් වගේ මතකයි....

    ReplyDelete
  73. අර ලංගම ෆේමස් බෙන්ස් එක වගේ එකක්නම් 117 පාරෙ දිව්ව. ඒත් මුණ ඉස්සරහට පැනපු ටොයෝට ලොරියක් මොඩිෆයි කරපු එක ඇරෙන්න වෙන ඒවගේ බස් මතකෙට එන්නෙම නෑ!

    වඳුරු මූණ කිව්වෙ අර රතු ස්ලයිඩින් දොර තිබ්බ ලොරිය නේද? ඊට ටිකක් හුරුයි GMC වඳුර කියන මොඩල් එක. ගූගල් එකේ GMC VANDURA කියල ගහල බලන්න.

    කොලට් එක කඩල එතන තමයි දැන් AMW එකේ අළුත් ෂෝරූම් එක දාල තීන්නෙ.

    ReplyDelete
  74. හුඟ දවසකින් බ්ලොග් කියවන්න ආවේ.....
    මෙන්න ඔබා මාමා හත්පොලේ ගාගෙන.........
    අයියෝ...බනිස්.....!!

    ReplyDelete
  75. ඔන්න ඔහෙ මේක ඔබා කරපු එකක් නොමෙයි කියමුකො.
    ඊ ගාව එකත් ලිවුවනං බලන්න.

    ReplyDelete
  76. ඔබා ගේ කතා නිකම් ඉතිහාස පොතක් වගේ තමයි. මට මතකයි තාමත් ඔය වගේ මූණු තියෙන පරන බස් ඔය ලොකු වතු තියෙන ගෙවල් වල පාක් කරලා තියෙනවා ගම් වල. රත්නපුර පාරේ එහෙම තැනක් මම දැකලා තියෙනවා. ඒකට මගේ යාළුවෙක් නම් කීවේ එහෙම ඒවා පේන්න පාක් කරලා තියෙන්නේ ඒ කාලේ යමක් කමක් තිබුනා කියලා පෙන්වන්නලු.

    ReplyDelete
  77. @ඔබා මාමා : ෆීඩ් බර්නර් එකට සෙට් කරපු සබ්ස්ක්රයිබ් විජට්ටුවක් දැම්මා. බොහොම ස්තුතියි උපදෙස් වලට. :-)

    ReplyDelete
  78. Anonymous (on 10/11/2011 at 17:15 Hrs.)

    Thanx for the link. Had a look at it. It was called the 'Agamathi Benz' because P.M. Bandaranayaka has gone on a parade, waving a flag, in this bus on 01/01/58

    @ මධුරංග,
    ඒ විස්තර දන්නෙ නැහැ බොලේ

    @ Miyuru ,
    බොහොම ටික දෙනයි ඉතිහාස පාඩම ගැන සිත යොමු කලේ.

    @ ඉන්දික උපශාන්ත ,
    මම ගුගල් ගිහින් බැලුව, ඒකෙ තියෙන්නේ වෑන් එකක්. මං කියන බස් එක ඉන්දික, ලොරි චැසියකට බස් බොඩි ගහපු ලොකු එකක්.

    @ පිසාචයා ,
    වෙල්කම් බැක්. ඕව ඔහොම තමා පුතා, මඩ ගහන එකාගේ ඇඟේත් ගෑවෙනවමනේ.
    අලුතින් මොනවත් ලඟදි ලියන්න හෙම අදහසක් නැද්ද?

    ReplyDelete
  79. @ ප්‍රසන්න,
    ඊගාව එකෙන් ආපහු කුරුණෑගල යන්න තමා හිතා ඉන්නේ, බලමුකො.

    @ Il mondo di una povera pazza ,
    ලඟදි ලංකාවට ගිය වෙලාවේ දැක්ක, ගෙවල් වල පාර්ක් කරල තියෙනව, පිත්තල කෑලි එහෙම හොඳට පොලිෂ් කරපු බක්කි කරත්ත

    @ ඉඳුනිල්,
    මේ වග උත්තර ලියල ඉවර වෙලා ඒ පැත්තෙ ගිහින් බලන්නං

    ReplyDelete
  80. //'යකා බස් ' වල තිබුනේ මුක්කන් මුණක්, මේ කියන ඒවායේ හොම්බ දිගට තිබුන.//

    මේ බස් ජාතිය නිකං මිනිස්සුන්ගේ හැඩරුව තියෙන ඒවානේ.

    මිස්ටර් විජේසේනගේ මූනත් මේ වගේද?...:D

    ReplyDelete
  81. හෙහ් හෙහ් කතාවට වඩා අගේ අර පඳුර වටේට තලන තැලිල්ල තමා.

    ReplyDelete
  82. @ පොඩි කුමාරිහාමි,
    මේකනේ සීන් එක, අවරුදු දා හතේ විතර ඉඳල යකඩම අත ගාපු එවුන්ට, දැනෙන්නෙ ඒවත් පණ තියෙන ඒව වගේ.

    මිස්ටර් විජේසේනගෙ මුණ අර පිංතුරේ තියෙන එයාගෙ කාර් එකේ මුණ වගේ


    @ නවම් මාවත,
    මළ ලෙඩක් වෙලා තියෙන්නේ මට, උඹේ පෝස්ට් එකක් දැකල, ඔබීටත් එක්කො බ්ලොග් සයිට් එකක් ඕනෙලු නැත්තං එයාගෙ කථා මේකෙ ලියන්න ඕනෙලු. මං වැඩේට ෆුල් රෙඩි.
    ප්‍රශ්නෙ තියෙන්නෙ එයා කියන්නං ලු, මමලු ලියන්න ඕනෙ.

    මං ඒත් කිව්ව මේව කියෝන උන්ට නාකියෙකුගෙ වල්පල් අහල එපා වෙලා ඉන්නෙ, උංට තව නාකිච්චියෙකුගෙ කතාත් කියවන්ඩද කියන්නෙ කියල. ම්හු..කියන එක අහං නෑ...

    තනිකර උඹේ වැරැද්ද.

    ප.ලි.
    ඕනයගේ ගෑනිටත් බ්ලොග් එකක් ලියන අදහස දා ගන්න බැරි වෙයිද?

    ReplyDelete
  83. wijesena mahaththaya name 1 wenas karala wenta! :D :D

    oba mamage kathanadara wala thiyanawa o/L wala social Studt walata wadagath thorathuru! mmm! hama kathawakama wage eewa thiyanawa!

    kathawa nam maxxa! :D :D

    ReplyDelete
  84. ඒ කාලෙ ලන්ගමෙ බොහොම ආදර්ශමත් ආයතනයක් .. ඔහොම පොඩි හොරු ටිකක් ඉන්න ඇති...ඔය මිස්ටර් විජෙසේනගෙන් පටන් අරන් සබාපති ගොල්ල දක්වා නිලදාරිනුයි අවන්ක සෙවක මහත්තුරුයි එකතුවෙලා තමයි ලන්ගමේ කකා හිටියෙ දේශපාලුවො කන්න ගන්නකොට.. ඊට පස්සෙ සමොසමේ ඔක්කොම හොරකම් කරපුවාගෙ ප්‍රතිපල මහජනයාට ලැබෙනවා දැන්..

    ReplyDelete
  85. හිනා වෙලා පන යනවා......

    ReplyDelete
  86. @ සරත්,
    ඉස්සර ලංගම කතාවක් තමා 'කොලේ යන හරක, කොලේ ටිකක් කනව' කියල. මහා පරිමානෙ කොමිස් ගැහිලි එහෙම අපි අහලවත් තිබුනෙ නැහැ. ඒ කාලේ හිටපු එක සභාපති කෙනෙක්, පිටරටින් බස් ගෙන්නුවම එයාට දුන්නු කොමිෂන් එක වෙනුවට, ඒ සල්ලි වලින් ෆ්ලයින් ස්කොඩ් එකට කාර් ගෙන්නලා දුන්න. පස්සේ හිටපු ඇමති කෙනෙක් නං සෑම නිල වාහනයක්ම, එයාගෙ පුතාගේ (ලංකාවේ ඒජන්ට්) කොම්පැනියෙන් ගන්න බල කළා.


    @ ගීතික දිල්රුක්,
    දැකල පුරුදු නැති නමක් නිසා, කව්ද කියල නිකමට ප්‍රොෆයිල් එක බැලුව. ඒ හරහ ගිහින් ඔයාගෙ බ්ලොග් එකත් බැලුව. අලුත් පෝස්ට් වැටුනම ඊමේල් එකක් එවන්න රික්වෙස්ට් එකකුත් දාල ආව.
    තෑන්ක් යූ මේ පැත්තෙ ගොඩ වුනාට.

    ReplyDelete
  87. ෂඃ, මරු පෝස්ට් එකක්නේ! අපේ ළමා කාලයට ගියා වගේ.... හරිම සුන්දර කාලයක් ඒක.... පාරවල්වල තදබදයක් නෑ; පාරවල් අයිනේ විශාල හෙවන වැටෙන මාර ගස්; දැන් වගේ වායු දූෂණයක් නෑ; පාරවල් අයිනේ කුණුගොඩවල් නෑ, තිබුණත් තිබුණේ දිරායන කෙසෙල් කොල, කඩදාසි, මස් මාලු ඔතන හබරල කොල වගේ දේවල්.... අද වගේ පොලිතීන්, ප්ලාස්ටික් වගේ දේවල් පාර අයින්වල වීසි කර දාලා තිබුණේ නෑ. සේරම නොපිටට හැරවුනේ කොන්ට්‍රෝල් එකක් නැති විවෘත ආර්ථිකය ආවට පස්සේ. බොරලැස්ගමුව, පන්නිපිටිය වගේ කොළඹට ආසන්න සුන්දර ගම්මාන විනාශ වුනේ ඊට පස්සේ තමා. අනේ පුළුවන්නම් 1970 ගණන්වල වෙච්ච මේවගෙ දේවල් ගැන තව තවත් ලියන්න... ඔබට ධෛර්යය...!!!

    ReplyDelete
  88. නෑ නෑ, මං කිව්වෙ GMC Vandura ත් ටිකක් BMC වඳුරට කිට්ටු පෙනුමක් තීන්නෙ කියල. මං ඔය කියන මුක්කං මූණ දැකල නෑ.

    මටනං ඕනම වාහනයක පේන්නෙ මොන විදියෙ හරි මිනිස් මූණක ඉරියව්වක්!

    ReplyDelete
  89. @ රෝහිත,
    ස්තුත්යි කොමෙන්ට් එකට, මගේ කතා ඉතින් වැඩි හරියක් මගේ තරුණ කාලේ එව්ව තමා, අහල ඇතිනෙ සින්දුව
    'ඔබ බුදු වෙන සමයේ බොරලැස්ගමුවේ....මා හිටියා නං පිළියන්දල පැත්තේ.....මා එමි ඔබ සරණ සොයා....'

    @ ඉන්දික,
    කෙලින්ම අර උඩ තියෙන පිංතුරේ මූනම තමා, හිතා ගන්නකො ලොරියකට බස් බොඩියක් ගහල කියල.

    ඊයෙ පෙරේද දැක්ක කාර් එකක, පිටිපස්ස නිකං කාර් එක පුකෙන් හිනාවෙනව වගේ. මට හිතට ආපු එක කෙලින්ම කියල ඔබීගෙන් රැවුම් සංග්‍රයකුත් ලැබුන, ලංකාවෙන් අලුතෙන් ආපු කට්ටියක් ලඟ හිටිය හින්දද කොහෙද.

    ReplyDelete
  90. http://www.travellerdave.co.uk/?p=4403
    Go to this link to see the right Austin 830 WF shape

    ReplyDelete
  91. @ Anonymous,
    That was the problem mate, I didn't remember the correct model name of that 'Austin 830 WF'

    I just did a google search to find a similar shape.

    Thank you very much.

    ReplyDelete
  92. විජේ ලගේ හැටි ඔහොම්මමද කොහෙද.. නේද ඔබා මාමේ..

    ReplyDelete
  93. @ Wasundara,
    කොහෙද මේ ටිකේ හිටියෙ? මං හිතුව තරහ වෙලාද කියල කොමෙන්ට් එකක් වත් නොදාන්නෙ.

    ReplyDelete
  94. පහුගිය ටිකේ ගොඩක් බිසී උනා.. දැන් ෆ්‍රී.. මුලක ඉදන් පටන් ගන්න ඕනි.. දැන් මග ඇරිච්ච කතා ටික කියවන්න..

    ReplyDelete
  95. පොඩි නිවැරදි කිරීමක්:

    1968, 1969, 1970 කාලයේ අලුතින් ලියාපදිංචි වන මෝටර් රථවලට ලැබුණේ 5 ශ්‍රී නොම්මර. 1971 වසරේ මුල් කාලයේ තමයි 6 ශ්‍රී ශ්‍රේණිය පටන් ගත්තේ. එය අවසන් වුණේ 1976 වසරේ අවසන් භාගයේ (මට මතක හැටියට 1976 ඔක්තෝබර්, නැතිනම් නොවැම්බර්), එනම් නොබැඳි ජාතීන්ගේ සමුළුවෙන් පස්සේ.

    1976 දී ආරම්භ වුණු ශ්‍රේණිය තමයි 7 ශ්‍රී. එය අවසන් වුණේ 1978 අප්‍රියෙල් මාසයේ පමණ. එතැනින් පටන් ගත් 8 ශ්‍රී අවසන් වුණේ 1978 වසරේදී ම ඔක්තෝබර් මාසයේදී පමණ. ඉන්පසු 9 ශ්‍රී නොම්මර 1979 වසරේ අවසාන භාගය දක්වාත්, 10 ශ්‍රී නොම්මර 1980 මැද භගය දක්වාත් නිකුත් වුණා.

    එකල මේ නොම්මර මෝටර් කාර්වලට පමණක් නොව, මෝටර් සයිකල්වලටත් ලැබුණා. ලියාපදිංචි වන මෝටර්සයිකල් ප්‍රමාණය අධික ලෙස ඉහල ගිය නිසා, 10 ශ්‍රී ශ්‍රේණිය අවසන් වූ පසු මෝටර් කාර්වලට පමණක් 11 ශ්‍රී ත්, මෝටර් සයිකල්වලට 80 ශ්‍රී ත් ලැබුණා. මෝටර්සයිකල් ලියාපදිංචිය කොතරම් ඉහළ ගියාද කිවහොත් 1981 ජනවාරි වන විට 84 ශ්‍රී ආරම්භ වී තිබුණා.

    මෝටර් කාර්වලට 1981 මැද භාගයේදී දී 12 ශ්‍රීත්, 1983 සැප්තැම්බරයේ පමණ 13 ශ්‍රීත්, 1985 දෙසැම්බර් මස 14 ශ්‍රී ත් ලැබුණා.

    15 ශ්‍රී ශ්‍රේණිය 1987 දී ත්, 16 ශ්‍රී ශ්‍රේණිය 1989 දී ත් ආරම්භ වුණා. ඒත් 16 ශ්‍රී ශ්‍රේණිය අවසාන වීමට පෙර, 1990 ජනවාරි 1 දා සිට 'ශ්‍රී' අකුර හලා එය ඉරි කෑල්ලකින් ආදේශ කෙරුණා.

    ReplyDelete
  96. @ රෝහිත,
    බෙහෙවින්ම ස්තුතියි පැහැදිලි කිරීම පිළිබඳව.

    5 ශ්‍රී ශ්‍රේණිය පටන් අරගත්තෙ කොයි අව්රුද්දේද කියලත් කියන්න පුළුවන් නං ලොකු දෙයක්. මට මතක විධියට 5 ශ්‍රී ශ්‍රේණිය හුඟාක් කල් ඇදුන එකක්.

    ReplyDelete
  97. 5 ශ්‍රී කාණ්ඩය කොයි කාලයක පටන් ගත්තාද කියන්න නම් මම දන්නේ නැහැ හරියට. එය සමහර විට 1964 හෝ 1965 වාගේ කාලයක විය හැකි යි. තව දුරටත් සොයා බලා ඔබට දන්වන්නම්.

    ඩීසල් බස් වලට 1929 සිට ලැබුණු නොම්මර අයත් වුණේ IC කියා කාණ්ඩයකට. IC යන්න යෙදුණේ Compression Ignition වැකියේ මුලකුරු දෙක මාරු කිරීමෙනු යි. 1940 වන විට IC 409 නොම්මරය ලැබුණු බසය ලියාපදිංචි වී තිබුණා. වේරහැර ලංගම වැඩපොළේ සේවක ප්‍රවාහනය සඳහා IC කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබූ බස් ධාවනය වුණා මට මතක යි.

    1956 දෙසැම්බර් 1 දා සිට බස් ලියාපදිංචි වුණේ 22 ශ්‍රී කාණ්ඩය යටතේ. ඒ කාණ්ඩය යටතේ ලියාපදිංචිය අවසන් වූ පසු 1961 දෙසැම්බර් මස 23 ශ්‍රී කාණ්ඩය ආරම්භ වුණා. එය අවසන් වුණේ 1979 අගෝස්තු මාසෙයේ යි.

    ඉන්පසු ඇරඹුණේ 29 ශ්‍රී කාණ්ඩය යි. එය ඉක්මනට ම අවසන් වී, 1981 දී 30 ශ්‍රී ඇරඹුණා. ඒ යටතේ බස් 9999 ක් ලියාපදිංචි වූ පසු 1985 දී 60 ශ්‍රී ඇරඹුණා.

    1990 ජනවාරි 1 දා කාර්වල නොම්මර මෙන් 'ශ්‍රී' අකුර ඉරි කෑල්ලකින් ආදේශ කෙරුණා. ඉන්පසුව නොම්මර වල යෙදුණේ 60- යන්න යි.

    1990 ගණන් වල 61- සහ 62- කාණ්ඩ සම්පූර්ණ වී 63- කාණ්ඩය ඇරඹුණා. එහෙත් 63- කාණ්ඩය අවසන් වීමට පෙර 2000 වසරේ අගෝස්තුවේ දී GA යන ඉංග්‍රීසි අකුරු යුගල යටතේ බස් (සහ අනෙකුත් වර්ගවල මෝටර් වාහන) ලියාපදිංචි වුණා.

    2005 අග භාගයේ සිට බස් පමණක් NA කාණ්ඩය යටතේ ලියාපදිංචි වීම ඇරාඹුණා. NA, NB, NC කාණ්ඩවල බස් දැනට මාර්ගවල දැකිය හැකි යි.

    ReplyDelete
  98. පරන උනාට සෑහෙන්න වටිනවා (අලුත් කොමෙන්ට් ටික)

    ReplyDelete
  99. අද තමයි මග හැරුණ පොස්ට් ටික කියවන්න ලැබුනෙ..දැන් නම් ඔබා අයියගෙ බ්ලොග් මම කැමතිම විදිහෙ ට්‍රැක් එකකට වැටිලා තියනවා.ඔය මඩ ටික ගහන්න ඉස්සර පඳුර වටේ කොටලා අවුස්සල දෙන ඉතිහාස පාඩම නම් කියවන්න හරිම ආසයි. ඒ කාලෙ ගැන ටිකක් වැඩි පුර ලියන්න...

    රෝහිතගෙ කොමෙන්ට් එකටත් ස්තූතියි..

    ReplyDelete
  100. හ්ම්ම්ම්.. මට මතකයි මේ මුණ තියන සමුපකාර ලොරි. බස් නම් මතක නෑ.

    ReplyDelete
  101. එළ කතාව ඔබා මාමා අයියේ....! මේ වගේ ඉතිහාසගත කතා ඉතින් අපි කොහොම කියලා අහන්නද ඔබා මාමා අයියා හිටියේ නැතිනම්......! වන් මොර්.... වන් මොර්....!

    ReplyDelete
  102. @ රෝහිත,
    පොඩි නිවැරදි කිරීමක්. I C හැදුනෙ වචන මාරු කරල නෙමේ. Ignition by Compression කියන එකෙන්.

    වේරහැර ලංගම වැඩපොළේ සේවක ප්‍රවාහනය සඳහා දුවපු IC 3262 එහෙම මට මතකයි. 409 ත් එහෙම එකක් කියල යාන්තමට මතකයි, ඔව් 409 කිරිඳිවැලට දුවපු පාස් බස් එක එලෙව්වෙ මහින්ද කියල එක්කෙනෙක්, මගෙ මතකෙ හරි නම් නව පිළියන්දල කෑල්ලෙ මිකැනික් කෙනෙක් මහින්ද

    65 දී 5 ශ්‍රී දුවනවා මතකයි. මං හිටපු ඉස්කෝලේ ප්‍රින්සිපල් පර්ජෝ 404 එකක් ගෙනාව ඒක 5 ශ්‍රී

    කොමෙන්ට් දෙකෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත. බෙහෙවින්ම තුති.

    ReplyDelete
  103. @ ලොකු ජෝන්,
    මාත් නොදැන හිටිය දේවල් ගොඩක් ඉගෙනගත්ත. ස්තුත්යි කොමෙන්ට් එකට

    @ ලකී,
    හ්ම්...අනිත් අයගේ මතකයන්, ඒ වගේම පොත් වලින් ජාලෙන් ඉගෙන ගත දේවල් හෙමත් මතු වෙලා එනව වගේ පේනවා. ස්තුත්යි කොමෙන්ට් එකට

    @ ක්සැන්ඩර් | Xander,
    ඊයේ පෙරේද පොඩි වුන් ඕව දැකල නෑ......හෙහ්...හෙහ්...හෙහ්...

    @ දුමී,
    නොට් වන්, දෙයාර්ස් ලොට් මෝ ටු කම් මේට්....!!!

    ReplyDelete
  104. විජේසේන මහත්තයත් මාර වැඩ තමා කොරන්නේ නේ...?
    හික්ස් කස්ටියට හිතුනේ නැත්ද එන්ජිම නැතුව කොමද යන්නේ ඒක ඩිකියට දාලා! කියලා?
    ඉංජිනේරු මහත්තයලට එහෙම පුලුවං ඇති!

    ReplyDelete
  105. @ ගලයා,
    එන්ජිම නෙමේ ස්ටාටර් මෝටරේ විතරයි වැටුනෙ, තල්ලු ස්ටාර්ට් එකකින් යන්න පුලුහන්

    ReplyDelete
  106. @ Observer,

    නිවැරදි කිරීමට ස්තුතියි.

    මා කුඩා කාලයේ "නව පිළියන්දල" යනුවෙන් ඩිපෝව සඳහන් වූ බස් රථ ධාවනය වුණා මතකයි. ඒ කුමන ඩිපෝවද? එනමින් ඩිපෝවක් තිබුණාද? තිබුණා නම් කුමන නගරයේද?

    ReplyDelete
  107. @ රෝහිත
    ඔව්, 'නව පිළියන්දල' නමින් ඩිපෝවක් තිබුන. ඒකෙ ධාවන අංශයක් තිබුනෙ නැහැ, ඉංජිනේරු අංශයක් විතරයි. ඒක තිබුනෙ වේරහැර මධ්‍යම වැඩ පොලේ ප්‍රධාන ගේට්ටුවෙන් එළියෙ. ඒක ලංගම කට්ටිය හැඳින්නුවෙ 'පිළියන්දල කෑල්ල' කියල. ඒකෙන් කලේ සේවක බස් රථ [පාස් බස්] ධාවනය විතරයි. පාස් බස් එලෙව්වෙ, මගීන් සහිතව බස් එලවන්න ඒ කාලේ රියදුරන්ට ලංගමෙන් නිකුත් කල ඒ,බී හෝ සී, කාර්ඩ් තිබුන පිළියන්දල කෑල්ලේ සහ වේරහැර වැඩ කල මිකැනික්ල, ෆෝමන්ල ඉංජිනේරුවො, වගේ ඉංජිනේරු අංශෙ සේවකයො. ඒ කාලේ ඔය පාස් බස් වල ඉන්ධන පොම්ප සීල් කඩල, ගවනර් එහෙම ඇජස් කරල හදල තිබුනෙ ඉගිල්ලෙන්න.

    පාස් බස් එකක් පිටිපස්සෙන් හෝන් ගහගෙන එනව දකින කොට, පාරේ දුවන බස් වල ඩ්‍රයිවර්ල අයින් කරල ඉඩ දෙනව. මං දවසක් මාතලේ බස් එකේ යනකොට අත්තනගල්ල පාස් බස් එක පිටිපස්සෙන් ඇවිල්ල හෝන් ගැහැව්වම, අයින් කරල ඉඩ දෙන ගමන් මාතලේ බස් එකේ ඩ්‍ර යිවර් කියනව ' ඕව එළවන්නෙ මිකනික්ල, අණක් ගුණක් නැති එවුන් ' වගේ දෙයක්.

    77 න් ඉස්සෙල්ල පාරෙ දුවපු හොඳම වාහන වලින් වැඩි හරියක් ලංගම. සී.ඩබ්.ඊ. එකටත් තිබුන හොඳ අලුත් ඉසුසු ලොරි ෆ්ලීට් එකක්. මිනිරන් සංස්ථාව වගේ ඒවාට තිබුන අලුත් 911 බෙන්ස් එහෙම. ඊබර්ට් සිල්වා වගේ කොම්පැනි වල විනෝද චාරිකා යන බස් තිබ්බට ඒවා ලංගම ඒවාට කිට්ටු කරන්න තරං අලුත් තත්වෙ ඒව නෙමේ.

    ඉසුසු එන්න ඉස්සෙල්ල ලංගම තිබ්බ, ලේලන්ඩ් පවර් ප්ලස්, 1113 බෙන්ස් [දෙකම ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් එන්ජින්] එහෙම ඉස්තරම්ම බස් ජාති.
    රත්මලාන ඩිපෝ එකේ, ඩබල් ඩෙකර් එකක් දිව්ව, තනි තට්ටුවෙ 'පවර් ප්ලස්' එකට එන එන්ජිමක් තියල.

    ReplyDelete
  108. "නව පිළියන්දල" (නපි පිළිබඳව පැහැදිලි කිරීම ගැන ස්තුතියි. මට දැන් මේ මතක් වුණු කාරණයක් සඳහන් කරන්නම්:

    1970 ගණන්වල මුල් කාලයේ පටන් මහරගම සිට මා පසල් ගියේ ලංගම ඩබල් ඩෙකර් බස් රථවල. ඒවා ඉතා සැප පහසු බස් රථ. සීට් නිමවා තිබුනේ වෙල්වට් වලින්. ඔහොම ගිහිල්ලා 1975 වර්ෂයේ අග හරියේ දවසක හිමිදිරි උදෑසන මම ආවා මහරගම නගරයේ 138 බස් නැවතුම් පොළට. වෙනදා එන ඩබල් ඩෙකර වෙනුවට එදා ගෙනත් ගැසුවේ අලුත් අශෝක් ලේලන්ඩ් තනි තට්ටුවේ බසයක්. බස් නැවතුම් පොළේ සිටිය හැමෝටම අන්දුන් කුන්දුන්.... මහරගම ඩිපෝවේ අනිල් නමැති ටයිම් කීපර් මහත්තයා එතැන හිටපු සියළු දෙනාටම කිව්වා මින් ඉදිරියට ඩබල් ඩෙකර් නොයොදවන බවත්, හැමෝටම කොළඹ යන්න වෙන්නේ අශෝක් ලේලන්ඩ්වල බවත්. කුඩා දරුවකු වූ මගේ හදවත කීරි ගැසී ගියා මතකයි ඒ කතාව අහලා. ඩබල් ඩෙකර් බස්වලට මම ඒ තරම් ආදරය කළ කෙනෙක්. අනිල් මහත්තයා කිව්වා වගේ ඉන්පසුව කවදාවත් 138 රූට් එකට ඩබල් ඩෙකර් වැටුණේ නැහැ.

    ReplyDelete
  109. "නව පිළියන්දල" (නපි) පිළිබඳව පැහැදිලි කිරීම ගැන ස්තුතියි. මට දැන් මේ මතක් වුණු කාරණයක් සඳහන් කරන්නම්:

    1970 ගණන්වල මුල් කාලයේ පටන් මහරගම සිට මා පසල් ගියේ ලංගම ඩබල් ඩෙකර් බස් රථවල. ඒවා ඉතා සැප පහසු බස් රථ. සීට් නිමවා තිබුනේ වෙල්වට් වලින්. ඔහොම ගිහිල්ලා 1975 වර්ෂයේ අග හරියේ දවසක හිමිදිරි උදෑසන මම ආවා මහරගම නගරයේ 138 බස් නැවතුම් පොළට. වෙනදා එන ඩබල් ඩෙකර වෙනුවට එදා ගෙනත් ගැසුවේ අලුත් අශෝක් ලේලන්ඩ් තනි තට්ටුවේ බසයක්. බස් නැවතුම් පොළේ සිටිය හැමෝටම අන්දුන් කුන්දුන්.... මහරගම ඩිපෝවේ අනිල් නමැති ටයිම් කීපර් මහත්තයා එතැන හිටපු සියළු දෙනාටම කිව්වා මින් ඉදිරියට ඩබල් ඩෙකර් නොයොදවන බවත්, හැමෝටම කොළඹ යන්න වෙන්නේ අශෝක් ලේලන්ඩ්වල බවත්. කුඩා දරුවකු වූ මගේ හදවත කීරි ගැසී ගියා මතකයි ඒ කතාව අහලා. ඩබල් ඩෙකර් බස්වලට මම ඒ තරම් ආදරය කළ කෙනෙක්. අනිල් මහත්තයා කිව්වා වගේ ඉන්පසුව කවදාවත් 138 රූට් එකට ඩබල් ඩෙකර් වැටුණේ නැහැ.

    ReplyDelete
  110. @ රෝහිත,
    මං හිතන්නෙ පස්සෙ කාලෙක ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් අවුරුදු පහක් දුවල අයින් කරපු ඩබල් ඩෙකර් ගෙනාවම 138 රූට් එකේ ආයෙමත් ඩබල් ඩෙකර් දිව්ව කියල. ඒ වුනාට ඒක මට හරියටම ෂුවර් නැහැ.

    ReplyDelete
  111. @ඔබී

    ඒක මෙහෙමයි: 1989 දී ලංකාවේ එවකට සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් තැන්පත් ග්ලැඩ්ස්ටන් මහත්තයා ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් එකේ දුවලා අයින් කරපු ඩබල් ඩෙකර් 20ක් නැතිනම් 25ක් විතර ලංකාවට ගෙන්නලා ලංගමයට පරිත්‍යාග කළා. එයින් කිහිපයක් මහරගම ඩිපෝවටත් ලැබුණා. ඒවා වැඩිපුර යෙදෙව්වේ 112 රූට් එකට. ඔබ කිව්වා වගේ 138 රූට් එකටත් ඒ බස් යෙදෙව්වා, but not regularly.

    ReplyDelete
  112. ඔය Ashok Leyland කියන්නේ ඉන්දියාවේ cattle transport වලට ගන්න ලොරි චැසියට ගහලා තියෙන බස් බොඩියක්. මට නම් ඒවා දකින කොටත් කේන්තියි. මහ අමුම අමු ජරාවක් ඔය Ashok Leyland. ඒවා කිසිම ආකාරයකින් මගියා ගැන නොසලකන ඩිසයින් එකක්. එකක් දොර පටුයි; ඊළඟට, ඒ බස්වල පඩිපෙළට ළමයෙකුට, නැත්නම් බඩදරු අම්මා කෙනෙකුට, එහෙමත් නැත්නම් වයසක අයට ගොඩ වෙන්න බෑ මොකද හරිම උසකින් ඒ පඩිපෙළ තියෙන්නේ. බස්වල තියෙන්න ඕනේ පේව්මන්ට් එකට වඩා වැඩිම වුණොත් අඟල් 10ක් උස ෆුට්බෝඩ් එකක්. එතකොට තමයි මගියාට පහසුවෙන් සහ ආරක්ෂිතව බසයට ගොඩ වෙන්න පුළුවන් වෙන්නේ.

    ReplyDelete
  113. Hi Observer,
    By chance I found this page & It's amazing to read about Mr Wijesena . I know him very well. & When I was @ Werahera central workshop I heard this story. Apart from that he was a good guy, I wonder where is he now ???
    Btw did U know CTB paid 3 Million Rupees for 165 Voll- Bodied Mercedes- Benz buses in 1957?
    Cheers.

    ReplyDelete