My followers

Thursday 3 November 2011

'හාල් පොල්ල'

'නෙළුම් විල'ලියන Bindi, මගෙ 'තෝ හින්ද මං' පොස්ට් එකේ දාපු කොමෙන්ට් එකක් නිසා මතක් වුනු කතාවක් කියන්නං. ආයෙත් කට්ටියව කුරුණෑගල අරං යන්නයි හදන්නෙ.

මම, එකදාස් නවසිය හැත්තෑ පහේ,  ඉස්සෙල්ලම කුරුණෑගල යන කාලෙ, රජයෙන් පනවපු කෙම්මුර දවස් දෙකක් තිබුන. ඒ අඟහරුවාදයි, සිකුරාදයි. ඔය දවස් දෙකේ ලංකාව පුරාම බත් කන්න තහනම්. ගෙදරදී හොරෙම්ම කෑවත්, කිසිම හෝටලේක, කැන්ටිමක, බත් කන්න දීල අහු වුනොත්, ඉතිං බඩු බනිස් තමා. කාපු එකාට කොහොම වුනත් විකුනපු මුදලාලිට නං අබ සරණයි. අඟහරුවාදයි, සිකුරාදයි, හෝටල් වලින් කැන්ටින් වලින් වේලක් ශේප් කර ගන්න අයට ලැබුනෙ මඥ්ඥෝක්ක, බතල, කඩල, කව්පි, එහෙම උදේට, දවල්ට, රෑට තුනටම. මට මතක විදියට පාන්, ඉඳි ආප්ප, ආප්ප, වගේ පිටි වලින් හදන කෑමත් ඔට්ටු නැහැ. කට්ටියට හිතාගත්තෑකිනෙ, ඔබා වගේ නාකි පොරවල් තවමත් ස්ලිම්, ෆිට් ඇන්ඩ් සෙක්සි, ඇපියරන්ස් එක (හිතේ) තියාගෙන ඉන්නෙ කොහොමද කියල.

සහල් සහ වී ප්‍රවාහනයත් ඔය කියපු කාලෙ රජයේ ආයතන වලින්.   කියන්නෙ, සතොස, සමුපකාර, වී අලෙවි මණ්ඩලේ, වගේ ඒවයින් විතරමය්.  ඕනෙම කෙනෙකුට බස් එකේ, දුම්රියෙ, හෝ තමන්ගේම වාහනේක ගෙනියන්න අවසර තිබුනෙ  එක්කෙනාට  හාල් කිලෝ දෙකය්.

හාල් නිෂ්පාදනය කෙරෙන පළාත් වල ඉඳල, කොළඹට එන වාහන පරීක්ෂා කරන්න, ලඟදි අවසන් වුන යුද්ධෙ කාලෙ වගේ, ප්‍රධාන පාරවල් වල චෙක් පොයින්ට් දාල තිබුන. ඔය චෙක් පොයින්ට් වල රාජකාරි කලේ, ඒ කාලෙ තිබුන රජයට, සපෝර්ට් කට්ටියගෙන් හැදුන පළදාවර්ධන සමිති, ගොවි කාරක සභා, වගේ ඒවයෙ සාමාජිකයො.  වේතනයකුත් ගෙවන්න ඇති.  එයාලට බැකප් එකට, ඔය හැම චෙක් පොයින්ට් එකකට රාළහාමි කෙනෙක් ගානෙත් හිටිය.  දුම්රිය වල වැඩේ සිද්ධ වුනේ කොහොමද කියල කියන්න මට හරි මතකයක් නැහැ. බස්, කාර්, ලොරි, නං "හාල් පොල්ල" නමින් හැඳින්වුන ඔය චෙක් පොයින්ට් වල,  දිවා රාත්‍රී දෙකේම (24/7) අනිවාර්යෙන්ම චෙක් කෙරුන.

එකදාස් නවසිය හැත්තෑ හත වෙනකොට, කුරුණෑගල ලංගම ප්‍රාදේශීය වැඩපොළේ  හිටිය, කොළඹ සහ ඒ අවට ඉඳල වැඩට එන දහ දොළොස් දෙනෙක්. පස්සෙන් පහු කාලෙක නිට්ටඹුවේ ඉඳල, ඊටත් පස්සේ කාලෙක, ගම්පහ ඉඳල, ලංගමේ කට්ටිය 'පාස් බස්' කියල කියන, ඉස්සරහ බෝර්ඩ් එකේ 'ලංගම සේවක පිරිස' කියල ගහල තියෙන, බස් ධාවනය වුනා කුරුණෑගලට. ඒ වුනාට ඒව පටන් ගන්න ඉස්සර සිද්ධ වුන සිද්ධියක් මං මේ කියන්නෙ.

අර කොළඹ ඉඳල, කුරුණෑගලට වැඩට එන සෙට් එකේ හිටිය බෝගොඩ කියල පොරක්. ඒ කාලේ 35 - 40 අතරෙ වයස ඇති. හැබැයි අකලට තට්ටෙ යහමින් පෑදිලා තිබුනෙ. වයස 20 ගණන් වල මුල හරියෙ හිටිය අපිට නං, බෝගොඩ තට්ටය, පොල් නාකියෙක්.

බෝගොඩගෙ බිරිඳ, මුදලාලි හාමිනේ කෙනෙක්. කොම්පඥ්ඥ වීදියෙ, සිංහලෙන් කියනව නං ස්ලේව් අයිලන්ඩ් වල පොඩි හෝටලයක් තිබුන බෝගොඩටයි, බිරිඳටයි.  මිසිස් බෝගොඩ තමා හෝටලේ රන් ඒක දුන්නෙ, දෙන්න පදිංචි වෙලා හිටියෙත් හෝටලේ පිටිපස්සෙ.

බෝගොඩ බිස්නස් මයින්ඩඩ් පොර. මිනිහ ඔය කාලේ ලංගම රාජකාරිය ඇරෙන්න පොඩි පහේ සයිඩ් බිස්නස් එකක් කරගෙන ගියා. ඒ තමා කොළඹට හාල් ප්‍රවාහනේ කෙරීම.'බෝගොඩ හෝටලේ' කෙම්මුර දවස් දෙකේ නැතුවට අනිත් දවස් පහේම දිවා රාත්‍රී බත් කන්න එන කස්ටමර්ල සෙට් එකක් හිටිය. ඒ නිසා හෝටලේට හාල් අත්‍යාවශ්‍ය වුනා වගේම බෝගොඩ තව කීප තැනකටත් හාල් වික්ක. මේ වැඩේට හාල් ගන්න, වැඩපොළ අවට කුඹුරු තියෙන අයගෙ ගෙවල් ටිකක් සෙට් කරගෙන තිබුන බෝගොඩ.



දවල් කෑම විවේකෙ බෝගොඩගෙ රාජකාරිය තමා තව සපෝටර්ල දෙතුන් දෙනෙකුත් එක්කගෙන ගිහින් අර කිව්ව ගෙවල් වලින් හාල් එකතු කර ගෙන  එන  එක. ඊට පස්සෙ මිනිහ කරන්නෙ, හාල් කිලෝ දෙකේ විතර ප්‍රමාන වෙන, වෙනම, පැක් කිරිල්ල. ඒ කාලේ ෂොපින් බෑග් තිබුනෙ නැහැ, සිමෙන්ති උර කියල ජාතියක තමා හාල් පැක් කලේ. හවසට වැඩ ඇරිල යනකොට කොළඹ ඉඳල එන සෙට් එකේ හැමෝටම අර පැක් කරපු බෑග් වලින් එකක් හරි දෙකක් හරි ඉෂූ කරනව.

කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේදි කොළඹ බස් එකට නැග්ගම, වැඩිපුර තියෙන හාල් පාර්සල් ටිකත් හැමදාම එකට බස් එකේ යන වෙන ආයතන වල වැඩ කරන අයට බෙදා හරිනවා. මේ වැඩේට සපෝර්ට් එක දෙන කට්ටියට බස් එක තේ බොන්න නැවත්තුවම, බෝගොඩ ගානෙ ප්ලේන්ටියක් සිගරට් එකක් එහෙම අරන් දෙනව.

පොල්ගහවෙල, අලව්ව, අතරෙ යාන්ගල්මෝදර කියල තැනක හාල් පොල්ල තිබුනෙ. එතැනදී බස් එක චෙක් කරන වෙලාවට කා ගාවත් තිබුනෙ හාල් කිලෝ දෙකේ ප්‍රමානෙ පාර්සල්. බස් එක කොළඹට ගියාම, බෝගොඩ හාල් ටික ඔක්කොම එකතු කරගෙන ටැක්සියක දාගෙන හෝටලේට ගෙනියනව. ඒ කාලේ ත්‍රී වීල් තිබුනෙ නැහැ. බෝගොඩගෙ හිතවත් ටැක්සි කාරයෙක්, හැමදාම වෙලාවට එනව රේගියුලර් හයර් එකට. සමහරු කිව්වෙ ඒ ටැක්සියත් බෝගොඩගෙ කියල. මේ විදියට හාල් කිලෝ තිහ හතලිහක ප්‍රමාණයක් බෝගොඩ දිනපතා කොළඹට අදිනව. ගණන් හදල බැලුවම බෝගොඩ මාසෙට හාල් ටොන් බාගෙකට වැඩිය කොළඹට ප්‍රවාහනේ කරනව ඇඟට නොදැනිම.

බෝගොඩ ඔය විදියට සමාදානෙන් සතුටෙන් රාජකාරියයි බිස්නස් එකයි කරගෙන ඉන්න අතරෙ තමා 1977 තිබුන රජය, මැතිවරණෙන් පැරදුනේ. අලුතෙන් ආපු ආණ්ඩුව ඉස්සෙල්ලම කොරපු වැඩක් තමා, බෝගොඩගෙ බඩට ගහන එක, මිනිහ අලුතෙන් බලේට ආපු පක්සෙ සපෝටර් කෙනෙක් වෙලත්. ඒ කිව්වෙ හාල් පොල්ල ඉවත් කිරීම.

ඕනෙ කෙනෙකුට, ඕනෙ තරං, හාල් සහ වී ලොරි ගණන් ඕනෙ දිහෑක ගෙනියන්න පුළුවන් වුනාම බෝගොඩ ගෙ බිස්නස් එකට හුලං. වැඩ පොලේ හිටිය, අපේ කෙහෙල් කොටුවේ චුටි මහත්තය, හෙන්රි, වගේ හොඳට චිත්‍ර අඳින්න පුළුවන් ආර්ටිස්ට්ල කීප දෙනෙක්ම. හාල් පොල්ල ඉවත් කල දවසට පහු වෙනිද උදේ වැඩට එනකොට නියම කාටුන් එකක් දාල තිබුන නෝටිස් බෝර්ඩ් එකේ. චිත්‍රෙ අකුරු වලින් මොනවත් සටහනක් දාල තිබුනෙ නැහැ. තිබුනෙ හාල් පොල්ලෙ බැරියර් එක උස්සල තියෙනව, බෝගොඩ විදියෙම තට්ටයෙක්, උස්සල තියෙන බැරියර් එකේ එල්ලිලා සිය දිවි නසා ගෙන.




කාටුන් එක ගුගල් පිහිටෙන්

81 comments:

  1. බත් කන්ට කරලා තියන සටනක්!!!

    කියන්නත් වගේ හැබෑට ඔය සෙක්සි ඇපියරන්ස් එක තාම තියෙන්නේ දැනුත් බත් වැඩිය නොකන හන්දද?...:D

    ReplyDelete
  2. ඒ කාලේ අපි නොහිටියට ඔය වගේ කතා නම් අහල තියනවා අනන්තවත්....හරිම කටුක කාලයක් වගේ පෙන්නේ...ඒත් ඒ ක්‍රමේට කැමති අයත් ඉන්නවා නේද?

    ReplyDelete
  3. හරි ඔබා අයියා අපි බෝගොඩව අතාරිමු... දැන් කියහංකෝ බොලා මොනවද ඒ දවස්වල එහෙ ඉදලා ගම්පහට ඇද්දේ කියලා.. බොලානං මුකුත්ම අදින්න නැතිව ඇති නේද..? අනේ මංදා ඒ දවස්වල කුරුණෑගල ඩිපෝ එකේ හිටිය සීයලනං කියන්නේ නට් එකක් මුරිච්චියක් බේරගන්න නැහැ කියලා.. හොඳ වෙලාවට හාල් පොළු මිස යකඩ පොලු දාලා නැත්තේ..හැක් හැක්...

    ReplyDelete
  4. පව් අප්පා බෝගොඩ...

    එතකොට 35-40 වයසෙ හිටිය බෝගොඩ තට්ටය පොල් නාකිය උනා නම් ඔය 55-60 අතරෙ ඉන්න නා.............කි පොරවල්වලට කිව්වෙ මොකක් කියලද හැබෑටම....

    ReplyDelete
  5. අපි කතා වලින් විතරක් අහල තිබුනු දුෂ්කර කාලයක් ලස්සනට විස්තර කරලා.. මට මතකයි ගොවිතැන් කරපු අපෙ තාත්තා සහ අයියා ඒ දවස්වල වැඩිපුර වී හංගන්නෙ ගේ ඇතුලෙම ලොකු වලක් හාරලා ඒක ඇතුලෙ කියල කියනව !
    දෙවැනි ජේදයේ වරහන් ඇතුලෙ තිබ්බ වචනෙ අයින් කරන්න තිබ්බෙ, මෙතන කට්ටිය කියන කතන්දර බලා ගන්න !

    ReplyDelete
  6. ඔය හාල්පොල්ල නිසා මුකුත් රටට යහපතක් එහේම උනාද..ඒකාලේ වෙච්චි දේවල් ඒතරම් නොදන්න නිසා ඇහුවේ..කතාව අතරින් අතීත ලංකා සමාජය ගැනත් දැනගත්තනේ ඒකයි....
    ඇත්ත විවෘත ආර්ථීකේ ආවට පස්සේත් ඔය වගේම පොදුවේ ලංකා සමාජේ යම්යම් හැල හැප්පිම් උනානේද...ඒව ගැනත් ඔබේ අද්දැකීම් දැනගන්ඩ ආසයි...

    ReplyDelete
  7. හිංචි මල්ලිThursday 3 November 2011 at 07:33:00 GMT+5:30

    ඔය ඩිපෝවේ හිටියෙම තට්ටයෝමද දන් නෑ. අර කිව්වා වගේ හාල් කෙසේ වෙතත් නට් මුරිච්චි ඇදපු අය නම් ඉන්න ඇති ඕන තරම් ඔය නොකීවට

    ReplyDelete
  8. මමත් අහල තියේ ඔ‍ය කාලෙ ගැන... හැබැයි දැන් නම් හාල් පොළු නැත්තත් ඉතින් එදා වේල හොයා ගන්න මිනිස්සුන්ට අමාරුයි නේ කිලෝ 2 කට වඩා ගන්න...

    ඔබා අයිය මොනාද දන්නෙ නෑ කල බිසි නස් ඒ කාලේ...

    ReplyDelete
  9. ඔය කාලේ අපි ගොඩක් පොඩියි ඒත් මට හොඳට මතකයි එක දවසක් හොල්ට් එකේ ඉන්න කොට පොරක් හිටියා ඔය සිමෙන්ති උරේකුත් අරන්. බස් එකක් ආවා නැවත්තුවා. රාළහාමි කෙනෙක් බැස්සා. ඒ කාළේ සෙනග නෑ මේ වගේ පොර ඇහුව කාගෙද අර බෑග් එක කියලා. එතකොටයි අම්මයි මමයි දැක්කේ උරේ අයිති මාමා මිසින් කියලා. 3-4 දෙනෙක් රැස්වෙලා රාළහාමිත් එක්ක. සිමෙන්ති උරේ චෙක් කරාම හාල්. සේරූ 10 විතර තියෙන්න ඇති. රාළහාමි හොඳ එකෙක් ඌ එතන තියෙන කඩේ මුදලාලිට කිව්ව මම ගියයින් පස්සේ අයිති කෙනා එයි. මේ බෑක් එක ඒ මනුස්සයට දෙන්න කියලා. ඉතින් අපෙ ගමන ගිහිල්ලා එනකම් මට ඉවසුමක් නෑ අරක අයිතිකාරයට දුන්නද කියලා මුදලාලිගෙන දැන ගන්නකම්. ඒක ඒ මනුස්සයට දුන්නා කියලා මුදලාලි අංකල් කිව්වම මට හරි සතුටුයි. කන්න නැතත් මනුස්සකම තිබුනා.කාළකන්නි කාළයක් නමුත් ඒ කාළේ මිනිස්සුන්ට ඒක දැනුනේ නැත්තේ ළෝකය ගැන දැනගෙන උන්නේ නෑ ඉන්ගිරිස් පත්තර කියවන අය ඇරුනහම අනිත් අය. කොහොම හරි "අපෙ අම්මා" අපිට දීපූ සැප "ආඩම්බරකාර තාත්තා" ගෙනුත් ලැබෙයි වගේ..

    ReplyDelete
  10. අනේ ඒ කාලේ හාල් ගෙනිහින් තියෙන්නේ දැන් කාලේ කුඩු ගෙනියනව වගේනේ ...ඒත් මම බැලුව ඔබා අය්යගේ ස්ලිම් .සෙක්සි වීමේ රහස . මේකයි එහෙනම් ඈ ....
    …යාන්ගල්මෝදර ලොකු දුම්රිය අනතුරක් උනා පසු කාලෙදි නේද ?

    ReplyDelete
  11. harima amaaru kaalayak newa thibila thiyenne....hoda welaawata 'kana' ekata withaarai thahanci.....kana ekata thawa akurak issarahen dhaalaa karana ekatath thanchi watu na nam thamai hoda....:)) ehenam 77 ta kalinma gedara yaanna wenawa...

    ReplyDelete
  12. ඔය කාලේ මට හොඳට මතකයි. මම අවුරුදු 6 - 7 පොඩි එකා. ඒ වුනත් මගේ උදේ වැඩ මුරේ ආරම්භ වෙන්නේ පාන් පෝලිමට ගිහින්. උදේම පාන් පෝලිමට නොගියොත් පාසැල් ගෙනියන්න දෙයක් නැහැ. අපේ මල්ලි හම්බ වුනේ මේ කාලේ. අම්මට හැමදාම බත් දෙන්න ඕනෙ නිසා අපේ ආච්චි උදේම ගමෙන් එනවා හාල් උරයක දාල ඇඟට තද කරලා රෙද්ද ඇදලා. එතකොට හොයන්න බැහැ.

    මේ මොනවා වුනත් මේ දේවල් කල විදිය හරි නැති වුනාට ඒ කාලේ තමයි ලංකාව හරි මඟට ගන්න තිබුනු කාලේ. ඒත් මේ පිස්සෝ පිස්සු නැටුව. අනික පාසැල්වල ඉංග්‍රීසි ඉගැන්වීම බල්ලට ගියා. ඉතිහාසය ඉගැන්වීමත් එහෙමමයි. අනේ නටපු නාඩගමක්. මතක ඇති අයට මතක ඇති.

    ReplyDelete
  13. අපි තේ බිව්වෙ හකුරු එක්ක. ඒකත් රස හකුරු නොවෙයි. ගෙදරකට තුං දෙනෙක් වත් පාං පෝලිමෙ තියන්න ඕනැ පාං එක හමාරක් ගන්ට. එකාට දෙන්නෙ භාගයයි. අපිට කුඹුරු තිබුන නිසා හාල් තිබුන. නමුත් අස්සැන්න ගෙට ගන්නෙ හොර පාරෙං තාර පාරෙ ගේන්නෙ නැහැ මම තුනේ පංතියෙදි චේගුවෙර කාරයො ගැහුව කියල ඉස්කෝල වැහුව.මට ඉහල පංතියට ඩබල් ප්‍රොමෝශන් දුන්න ප්‍රින්සිපල්ට දෙන්ට "හෝර්ලික්ස්" තිබුන. පහේ පංතියෙදි මඥ්ඥොක්ක බතල වැව්වා. හයෙ ශිෂ්‍යත්තෙං කොලඹ ආව. අටේ පංතියෙදි බුමිතෙල් චීත්ත අවසන් වරට ගවුං ඇන්දා. අපෙ අම්මල සිරිමට චන්දෙ දුන්නට අනිත් මිනිස්සු ජේ ආර් දිනෙව්වා. බඩගින්න ජයගත්තා

    ReplyDelete
  14. ඔය කාලෙදීම තම හිත හොඳ චන්ඩිකුට ගේමක් දීපු විනත් සජේවර්දන කියලා ඇණ මුරිච්චි ජාවාරම් කාර මහත්තයෙක් මහා ඉස්පිරිතාලේ ටික දවසක් ඉඳලා, සිංගප්පුරුවේ සති කීපයක් ඉඳලා ඔස්ට්‍රේලියාවට පැනගත්තේ...

    ReplyDelete
  15. ඔය හාල් පොල්ලට පිංසිද්ධවෙන්න 77දී ජේආර් උන්නැහේට හයෙන් පහක් ලැබුන.
    හාල් විතරක් නෙවේ ඒකාලෙ මිරිස් පොල්ල එහෙමත් තිබිල තියනවා. පාර හරහා ඇදල තියන පොල්ල පහත් කරල වාහන නවත්තල චෙක් කරන හිංද නේද "පොල්ල" කියන කෑල්ල වැටුනෙ?

    ReplyDelete
  16. ස්ලිම්, ෆිට් ඇන්ඩ් සෙක්සි, ඇපියරන්ස් එක ගැනනං කතා කරල වැඩක් නෑ.
    අර මාරය කියල තියෙනව වගේ ඇණ මුරිච්චි ඇදපු කට්ටිය හිටියෙ නැද්ද?

    ReplyDelete
  17. ඔය කාලෙදි මට අවුරුදු 10ක් විතර ඇති..මට මතකයි ඔය සිද්දි. ඒත් ඒකෙන් යම් යම් හොඳ දේවලුත් සිද්ද උනා. මිනිස්සුන්ගෙ කම්මැලිකම ගියා හැම වත්තකම අඩු ගානෙ මිරිස් ගහක් වත් හිටෙව්ව. ඕක ඔරොත්තු දුන්නෙ නැත්තෙ නාගරික පැලැන්තියට. ගමේ ඉපදුන අපිට ඕක එච්චර තදින් දැනුනෙ නෑ. හේතුව අපි හැමදෙයක්ම ගමෙන්ම සපයගත්ත. කඩෙන් කියල ගත්තෙ භූමි තෙලුයි සීනියි වගේ දේවල් විතරයි.

    ReplyDelete
  18. හාල් පොල්ල ගැන අපේ තාත්තත් කියල තියෙනවා මතකයි... බෝගොඩට ඇත්තටම මොකද වුනේ...?

    ReplyDelete
  19. අපිනම් ඔය කාලෙ නෑ නොවැ.මොනවා වුනත් සෑහෙන අමාරු කාලයක් වගේ.

    ReplyDelete
  20. තව අවුරුදු කීපෙකින් අපේ ඔබා ජයියා රන්ජා ගොඩයා ඕනයා යනාදී වශයෙන් අපෙත් නම් යොදාගෙන මෙහෙම මඩ කතා ලියන එක නම් සිකුරුය. ඒ කාලේ ඔබා එක්ක වැඩ කල උන් දන්නවා නම් පර්ත් වලට ටිකට් අරන් ඇවිත් ඔබාට ගහනවාය..

    ReplyDelete
  21. ඔය කතාවෙ දේශපාලන පැත්ත කතා කරන්න ගියොත් මල් පොකුරම පනිනවා. ඒත් මට මතකයි තාත්තා ‍රැවුල කපන්නෙ ශාප කර කර. මොකද චැම්පියන් කියලා තිබ්බ එකම බ්ලේඩ් වර්ගයෙන් එක පැත්තකින් එක පාරකට වඩා ‍රැවුල කපන්න බැරිලු. කවුරු හරි පිටරට ගියොත් යාලුවන්ට ගෙනත් දෙන හොඳම තෑගි වලින් එකක් තමයි විල්කින්සන් රේසර් බ්ලේඩ් එකක් හෝ පැකට් එකක්.
    එතකොට එක සුද්දෙක් වෙරළෙ ඉඳගෙන අලුත්ම ගිණි පෙට්ටියෙන් ගිණි කූරක් ගහලා සිගරට් එක පත්තු කරගෙන ගිණි පෙට්ටිය විසිකලාලු. අපේ පොරක් ඇයි කියලා ඇහුවලු. මූ කියනවලු. ලංකාවෙ ගිණි පෙට්ටියක පත්තු වෙන්නෙ එකම කූරයි. හොඳ වෙලාවට මට ඉස්සෙලම අහුවුනේ ඒක කියලා. ඒකෙන්ම ගොඩක් දේ කියවෙනව නේද?
    henryblogwalker the Dude

    ReplyDelete
  22. හැමදාමත් වගේ අදත් හරිම රසවත් කතාවක්, බොහොම ස්තුතියි.

    ReplyDelete
  23. ඔබා අංකල් ඒ කාලෙ රන් කරල තියෙන්නෙ අපේ ඒරියා එකේ නෙව. ඒ උනාට ඉතින් ඔය කියන කාලෙ අපි නම් ලොවෙත් නෑ. මොනව උනත් ඔය කියන බස් එක නම් තාමත් යනවද කොහෙද. "ප්‍රාදේශීය වැඩපොල" කියල ගහපු පාන් ගෙඩියක් වගේ බස් එකක්. අපි ඉස්කෝලෙ යන දවස් වල පරක්කු උනහම සමහර දවසට ඕකෙ අපිව එක්කන් යනව.

    ReplyDelete
  24. මං අහල තියනවා ඔය කතා ගැන.. මගුල් ගෙදරකට රෙදි ගන්න හිටන් නීති තිබ්බලු. එන්න පුළුවන් අයගේ ගානක් එක්ක රජයේ කෙම්මුර දවස් ඇරලා ගන්න වෙන කතාවකුත් මං අහල තියනවා මොකද එයාලට බත් දෙන්න විදියක් නෑ නේ නැත්තන්. මිනිස්සු වැව්වා එත් එකෙන් මිනිස්සුන්ට රටට හොඳකට වැඩ උනේ මිනිස්සුන්ට බඩගින්න වැඩිවෙලා වෙන දේවල් අමතක උන එක. එත් එක ලෝක ස්වභාවය. ඔය මං ඉපදෙන්න අවුරුදු කීපෙකට උද වෙච්ච සිද්ධියක් හින්ද අහපු දේවල් තමා තියෙන්නේ.

    ReplyDelete
  25. අපිට නං ඔය කාලේ ගැන හාංකවිසියක් වත් නිච්චියක් නෑ.....
    මොකෝ ඒ කාලේඅපේ අම්මා ඉපදිලත් නෑ නොවැ....අප්පොච්චි නං ජංගි කොට ගහං හිටපු කාලෙ වෙන්ටැ....
    හැබෑටම හාල් රත්තරං ද ඔය කාලේ ....අහ් ඔය කොරලා තියෙන්නේ ඒ කාලේත් මරු මරි වැඩ...
    ඔය මැතිණි හ‍ඳෙං හරි හාල් ගෙනත් දෙන කතාවක් කියාලා තිබ්බලු නේද...අනේ මංදා ඔව්වනං ඉත්ං පොතකින් කියෝනවා ඇරෙන්ට..ඒවත් ඉතිං ලියන මිනිහා මොන පක්ෂෙද කියන එක මත රඳා පවතිනවා නේ,....
    එක අතකින් කණගා‍ටු වෙන්ට දෙයක් නෑ...රටේම තාත්තා අපිටත් ඒ ඉතිහාහය කකුල් දෙක ගාවටම ගෙනත් අතාරියි මෙහෙම ගියොත්...
    ස්ලිම් ඇන්ඩ් සෙක්සි වත් කියාලා......

    ReplyDelete
  26. අපොයි මට නම් ඔහොම උනා නම් මම Kamikaze එකෙක් වගේ ගිහින් සේරම දූවිලි කරනවා(වග කිව යුත්තන් :D).
    මම ඉපදුනේ ඔයිට ගොඩක් කාලෙකට පස්සේ. වැඩි විස්තර කවුරුත් කියලා නෑ. අපේ ආත්තා නම් ටිකක් කියනවා මතකයි. ඒත් ඒ විස්තර මදි සම්පූර්ණ සිද්ධිය හිතා ගන්න.

    ReplyDelete
  27. ඔබා මාමා සෙක්සිද කියලා ඔබීගෙන් අහලා බලන්න ඕනි.

    ඒ වගේද කතාව... ඉතිහාසේ නියමෙට තියනවා! මරු කතාව ඔබා මාමා! ඉතිං ඊට පස්සේ ඌ හාල් ඇද්දේ කොහොමෙයි??/

    ReplyDelete
  28. 1976 විතර තාත්තා එක්ක කතරගම ගිහිල්ලා එනකොට හාල් පොල්ලක් ගාව නවත්තලා අපි ගිය තාත්තගේ 403 කාර් එක චෙක් කරනවා මට හොදට මතකයි....

    ඔබා අය්යා ....හාල් කිලෝ දෙකක් නෙමෙයි සේරු දෙකක් නැත්නම් රාත්තල් දෙකක් කියල තමයි මට මතක....

    ReplyDelete
  29. මමත් ඔයකාලෙ පොඩි කොල්ල. අපෙ අම්මයි තත්තයි නම් කොහොම හරි අපිට ඒ කාලෙ බත් ගිල්ලුවා. එක වෙලාවකට හිතෙනවා ඒ කට්ට තව ටික කාලයක් කවනම් අද අපි හොඳ තත්වෙක ඉන්නවා කියලා. මොකද අපි හැමදාම කන්නෙ ඉක්මන් චූන් වැඩ කරන්න ගිහින්නෙ.

    ReplyDelete
  30. ඔය ගැනනම් ඉතින් අම්මලා තාත්තලා කියන දේවල් තමයි දන්නේ... ඇත්තටම ඊට පස්සේ බෝගොඩට මොකද උනේ???

    ReplyDelete
  31. හික් හික් . . .
    මැතිනි හෝටන් තැන්නෙත් අල වැවුව නොවැ ඒ කාලෙ . . . තාමත් හෝටන් තැන්නෙ තියනව අල වවන්න කපල හදපු බිං කෑලි.

    @ඔබා ඒ කාලෙ කරපු බිස්නස් එක ගැන හොයපු කට්ටිය:
    ඔබා ඔය නට් ඇන්ඩ් බෝල්ට් වගේ පොඩි පොඩි වැඩ කලේ නෑ . . . චන්ඩි බන්ඩියා දිහෑ බැලුවාම තේරෙන්නෙ නැද්ද ලංගමේ ඩීසල් වලට මොකද උනේ කියල . . . .???
    පසුකාලීනව මිසිස් ඔබ්සර්වර්ට තමා ඕවයෙ ඵල විපාක අත්විඳින්න සිද්ද උනේ.

    ReplyDelete
  32. හප්පේ....අපි ඉපදෙන්න හිතලාවත් නැති කාලෙක ඕක උන හන්දා හොඳට ගියා..මට මතකයි ගමේ අම්මා නොහොත් මගේ අත්තම්මා ඔය හාල් පොලු කතාව රහ කර කර කියනවා....හැබෑටම ඔය කාලේ මැතිනි කන්න ඇත්තෙ කේක් වෙන්නැති... :P

    ReplyDelete
  33. හාල් පොලු නේද,
    කොච්චරවත් අපේ කතන්දර සීයලා කියපු කතාවක් තමයි ඔය. ඔය හාල් පොල් වලට අමතරව තව තව පොලු වර්ග තිබ්බලු.

    ඔය වගේ අපේ කාලේ කතාවක් මම කියන්නං. අපේ ඇත්ලටික් උගන්නපු සර් ගේ හදන කාලේ. ඒ ගෙදර බාස් ල කලේ ගල් බැඳපු එක විතරයි. අනිත් ඔක්කොම වැඩ කලේ අපි. ඒකනේ ගුරු ගවුරවේ කියන්නෙ. අත්තිවාරං කැපිලි, පස් තැලිලි, ගල් ඇදිලි, කොංක්‍රීට් ඇනිලි වගේ හෙන බර වැඩ.

    අන්තිමේ ගේ හදලා ඉවර වේලා උලුවහු තියන්න යද්දි තමා ගුරු ගවුර‍වේ පිටින් දාලා තේක්ක කඳං ගෙන්න බැහැ කියලා තේරුනේ. පොර කලේ ආණමඩුව පැත්ත පොරක් අල්ලලා තේක්ක කඳං හොයලා දිග පලල මැනලා එහෙම්ම දොරවල් උලුවහු හදෝලා පස්සෙ ඒවා මස් කරපු එක.

    පස්සෙ යාලුවොත් එක්ක සති අන්තෙ අපි යනවා ආණමඩු. ගිහිං සිමෙන්ති උරවලින් අරව ඔතලා බස් එකේ දාගෙන එනවා එකා දෙක ගානේ වගේ. සීට් මැද ඒවා දං එද්දි සමහර මිනිස්සු බයිනවත් එක්ක. ඒත් මාසෙං වැඩේ ගොඩ.

    ඇත්තම කියනවං ඔයිට ගොඩක් ලේසියෙන් වැඩේ කර ගන්න තිබ්බා. එකපාර ඔක්කොම ලොරියක පටෝගෙන රු 100 කොලවලට රු දාහක් මාරු කරලා සර්ම ලොරියෙ ඉස්සරහා ඉඳගෙන ආවනං.

    ගුරු ගවුරවෙ හින්දා අපි ඕවා කියන්න ගියෙ නෑ.

    ReplyDelete
  34. මාත් පොඩි එකා කාලේ අම්මත් එක්ක ගමේ යනවා හාල් ගේන්න. නුවර - කටුගස්තොට පාරේ හාල් පොල්ල තිබුනේ අපේ ගෙවල් ලඟ. කටුගස්තොට පාලම ලඟ. පොල්ල ලඟ බස් එක නවත්වපුවාම බැහැලා පයින් එනවා. පයින් එන අය බලන්නේ කලාතුරකින්. ගේන්නේ හාල් සේරු හතරයි, තව සෙරු 6-7 විතර උයපු බත්. බත් ගේන්න පුළුවන් ඕන තරමක්. හැම සුමානෙම ඔය ට්‍රිප් එක ගහනවා. කරටි කැඩෙනවා උස්සන් ඇවිත්. ඔය කියන කාලේ මතක් වෙනකොට නම් මලම තමා.

    ReplyDelete
  35. "ස්ලිම්, ෆිට් ඇන්ඩ් සෙක්සි, ඇපියරන්ස් එක"
    හෙහෙහ්හ් අවුරුදු උත්සවේදී දැකපු ඔබා මාමා වෙන කෙනෙක්ද කියලා මං මේ කල්පනා කරන්නේ! :D

    ReplyDelete
  36. අහලා තියනවා ඒත් මතක නෑ අප්පා .. මොකෝ අපි ඔයි කාලේ උන්නයැ ..

    ඒත් මට මතකයි අපි පොඩිම පොඩි කාලේ මිනිස්සු ජන්ද පෙලපාලි යනවා .මෙන්න මේ වගේ සටන් පාඨ කියමින්

    හාල් පොල්ල මිරිස් පොල්ල මතකද යාළු
    ඒව තවත් ඕනද යාළු //

    ReplyDelete
  37. අපේ මාමණ්ඩි නම් හාල් විකුණලා නැහැ ඔන්න . අපි උපන් කාලෙනේ . පස්සේ දැනගත්ත මිසක ඒ කාලේ නම් බරක් පතලක් තේරුනේ නැහැ .තාත්තා ජේ ආර්ගේ දිනුම ගැන සතුටු වුන එක නම් මතකයි . පස්සේ ලාම්පු කලගෙඩි සටනත් මතකයි . සිරිමාව කළෙක දාල පාකරලා යවන්න ඕන කියල කැලණියේ රැස්වීමකදී කියනවා මට ඇහුන . බලන් ගියහම පරණ මතක හරි අගෙයිනේ
    වත්ත පුරා තිබුන බතල පාත්ති තිබුන . කොයි වරද තිබුනත් හැමගෙදරකම මොනවා හරි හිටවපු එක නම් වටිනවා . චිනේ වියට්නාමේ වගේ ක්‍රමයක් නේ කරන්න හැදුවේ . අසීමිත පීඩනය නිසා දරන්න බැරි වුනා . අනික ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටවල ඔහොම ක්‍රමයක් ගෙනියන්න බැහැ. තනිපක්ෂ ක්‍රමේ ඇති චීනා සහ වියට්නාමය ඒ පාරේ ගිහින් පස්සේ ආර්ථිකය විවුර්ත කළේ හෙමින් . අනේ මන්ද කොයික හරිද කියල . එකක් කියන්න ඕන . තනි පක්ෂේ නිසා පාරක් තොටක් හැදුවත් දිග කාලෙකට හිතල හදනවා මෙයාල . ඇයි චන්ද වාසි ගන්න උවමනාවක් නැහැනේ . ඒ හින්ද රටක් විදිහට දියුණු වෙනවා . පුද්ගල මට්ටමෙන් මොනවා හිතනවද මන්දා . අපට කියන එකක්යැ. පගාව ගන්නෙත් වැඩි හරිය ආයෝජකයින්ගෙන් . එව්වත් රට ඇතුලට එන ඩොලර් නේ . ලොකුවට පාඩුවක් නැහැ .

    ReplyDelete
  38. පරා හරි. ඔය කාලෙ තිබ්බ එලවන්ස් එක හාල් සේරු දෙකයි, ඊට අමතරව මිරිස් සේරුවයි, පොල් ගෙඩි හතරයි ද කොහෙදත් තිබ්බ. අපේ තාත්තගෙ පළවෙන් ඩිමෝෂන් එක හම්බ උනේ ඔය පොල්ලක හිටපු උන්ට ගහල හාල් ගෙනාපු හන්ද. ඇයි අපි හතරදෙනෙක් හාල් සේරු දෙකකින් මොනා කන්නද මාස දෙකක්! තාත්ත දෙමාසෙකට පාරක් ආවම ගමෙන් හාල් ගෙනල්ල දාල යනව ඇතිවෙන්න. සර්විස් අයිඩෙන්ටියට එව්ව කරගන්න පුළුවන් කම තිබ්බලු ඒ කාලෙ.

    ඕනෙ, මැතිනි බං අල වැව්ව විතරක් නෙමේ, ගිංතොට තුනීලෑලි එකට කැනඩා මැෂින් ගෙනල්ල සිංහරාජෙ කපල පටවන්න ගත්ත, කොස්ගමට සිරීපාදෙ කැලේ පැටෙව්ව. අපිට බතල කවන ගමන් ෆීලික්ස් ඩයස්ලගෙ අස්සයොන්ට ඉම්පෝර්ටඩ් කෑම කැව්වලුනෙ, ඒක්නෙ මුලින් චන්දෙ දුන්න උන්ටත් පස්සෙ එපා උනේ! අන්තිමට ගෑණි කොරපු හොඳ ගොඩකුයි, අපේ රටේ එදා මෙදා පහළවෙච්චි නියම ජාත්‍යන්තර පිළිගැනීම තිබ්බ නායිකාවයි දෙකම කුණු කූඩෙට ගියා.
    මෙව්ව දැකලත් ආඩම්බර තාත්තල යමක් ඉගෙන් ගන්නෙ නෑ වගේ!

    ReplyDelete
  39. @ පොඩි කුමාරිහාමි,
    ඔය තේරුනේ අගේට

    @ සයුරි,
    ක්‍රමේ හොඳයි කියපු අයම පස්සෙ දොස් කියන්න පටන් ගත්ත.

    @ මාරයා,
    මං හිතන්නෙ අඩුවෙන්ම කඩපු සිල් පද වලින් එකක් වෙන්නැති 'අදින්නා දානා'

    @ මියුරු,
    පුත්තලන් බූරුවො හත් දෙනෙකුගේ විතර වයස නාකි මෝඩයෝ කියල හෙහ්...හෙහ්...

    @ වෙනි,
    වචනෙ තිබ්බත් කියන කට්ටිය ඔය දැනටමත් කියන්න පටන් අරන් තියෙන්නෙ

    @ රාජ්,
    මං රාජ් ට දිග උත්තරයක් ලියන්න හිටියේ. පස්සෙ බලනකොට කොමෙන්ට් වලින් ඒ කාලේ තත්වෙ කීප දෙනෙක්ම විග්‍රහ කරලා තියෙන නිසා අවශ්‍ය නැහැ කියල හිතුන. ඒ වුනාට ඒ
    කාලේ අත්දැකීම් පිලිබඳ තව පෝස්ට් ඉදිරියෙදි ලියවෙනව.

    @ හිංචි මල්ලි,
    ඔය ටිකක් උඩ මාරයට දීල තියෙන උත්තරේ බලන්නකො

    @ පිස්සා,
    රස්සාව කරගෙන, හවසට පොඩි සොමියක් දාගෙන හිටිය මිස, බිස්නස් කරන්න හිතුවෙ වත් නෑ

    ReplyDelete
  40. @ මාතලන්,
    ඇත්ත ඒ කාලේ මනුස්ස කම් තිබුන පොලිස් රාලාමිලත් හිටිය.

    @ ගිම්හානි,
    යාන්ගල්මෝදර විසාල දුම්රිය - පුද්ගලික බස් අනතුරක් සිද්ධ වුනා. මමත් දැක්කෙ ඒ පුවත පින්තුර එක්ක අන්තර් ජාලෙන් කියවන පත්තර වලින්

    @ මය්යා,
    මනුස්සයන්ට කන්න හිඟ වුනාම, තහංචි නැතත්, ඒ කිව්ව ඒවත් සීමා වෙන්න ඇති

    @ වෙද ගෙදර මහ වෙදනා,
    හ්ම්.. පාන් පෝලිම් තිබුන, රෙදි පෝලිම් තිබුන, බයිසිකලේට ටයර් එකක් ගන්න පෝලිම් තිබුන, එකී මෙකී පෝලිම් හුඟක් තිබුන. පෝලිම් යුගේ ඉවර කරනව කියල, ඇට ජාති 8 ක් දෙනව කියල තමා ඊළඟ කට්ටිය බලේට ආවේ. ඊට ඉස්සෙල්ල කට්ටියත් බලේට ආවේ හඳෙන් හාල් ගෙනත් දෙනවද කොහෙද කියල.

    @ කවිකාරි,
    ගම්පහ හෝටලේක ඉස්සරහ බෝර්ඩ් එකක් ගහල තිබුන, ලංකා තේ, සුමාත්‍රා තේ, අරාබි තේ කියල වෙන වෙනම මිළ දාල. වෙනස, හකුරු සමග, සීනි සමග, රට ඉඳි ගෙඩියක් එක්ක තේ තිබුනෙ

    @ ඉඳුනිල්,
    ඒ කියන කාලේ ඉඳුනිල් කියල චුටි එකෙක් තාම විනය තකාගෙන උක්කුං බොනවලු.....හෙහ්...හෙහ්....

    @ රාජ්,
    ඒ කාලේ පොලු, පෝලිම්, හිඟයක් තිබුන් නැහැ. රාජ් කිව්ව හේතුව තමා ඒ චෙක් පොයින්ට් වලට 'පොල්ල' කියල කියන්න හේතුව.

    ReplyDelete
  41. @ ප්‍රසන්න,
    මොකද නැත්තේ ඕනෙ තරං හිටිය. ඒ ගැන බ්ලොග් එකක් ලියන්න තරං කතා තියෙනව

    @ රන්ජා,
    භූමිතෙල් නං මතක නැහැ, සීනි රේෂන් කරල තිබුනෙ. මම හිටපු නවාතැනේ කෝපරෙටිව් ඉන්ස්පෙටර් කෙනෙකුත් හිටිය හින්ද හොඳට ගියා. සමහර දුප්පත් අය සීනි සලාකෙ විකුණලත් ජීවිතේ ගැටගහ ගන්න පොඩි උදව්වක් ලබා ගත්ත.

    @ ප්‍රසන්න,
    බෝගොඩ අලුතෙන් ආව රජයට පාක්ෂිකයෙක් නිසා, උසස් වීමකුත් එක්ක ඒ කාලේ CBS කියල කිව්ව පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් ගරාජ් එකට ස්ථාන මාරුවක් ලැබිල ගියා.

    @ මදුශංක,
    අමාරු කාලයක් වුනත්, අපේ වයසේ වැරැද්ද හින්දද කොහෙද ජොලියෙ හිටිය. දැනුත් ලේසි කාලයක් නෙමේනෙ.

    @ ජය්ය,
    මං ඒත් බැලුව වෙනදට හැමදාම මේ පැත්තෙ ගොඩවෙලා යන ගොඩය ගෙන් කොමෙන්ට් කෑල්ලක් නැත්තෙ මොකද කියල...හෙහ්..හෙහ්. මේ බෝගොඩ ඒ ගොඩයට කිසිම සම්භන්දයක් නැති බව කාරුණිකව සලකන්න.

    @ හෙන්රි,
    අපේ තාත්තත් එක්ක වැඩ කරපු ලංසි අන්කල් කෙනෙක්, ඒ කාලේ මෙල්බර්න් වල හිටිය. හැම අව්රුද්දේම ක්‍රිස්මස් කාර්ඩ් එකක් එක්ක විල්කින්සන් බ්ලේඩ් තල කීපයක් එවනවා

    @ mier ,
    අගය කරල කොමෙන්ට් එකක් දැමීම ගැන ස්තුතිය්.

    @ Enemy,
    බොලේ ඒ පාස් බස් තාම දුවනවද? පාන් ගෙඩිය වගේ තමා ඒ බෙන්ස් වල ශේප් එක. ලංගම කට්ටිය කිව්වේ 'බෝල බෙන්ස්' කියල. 'වෝල් බොඩි බෙන්ස්' කියලත් කිව්ව, බොඩි එක හදල තිබුනෙ ජර්මනියෙ 'වෝල්' කියල සමාගමක. ඒ කලේ ගම්පහ, නුවර සහ කුලියපිටියෙ ඉඳල එකම ජාතියෙ 'පාස් බස්' තුනක් කුරුණෑගලට ආව.

    ReplyDelete
  42. @ ක්සැන්ඩර්,
    මගුල් ගෙදරක කෑම දෙන්න අවසර තිබුනේ 50 දෙනෙකුට විතරය්. (ඒක නං එක අතකට හොඳා කියෙල හිතෙනව)

    @ ගලයා@,
    'ස්ලිම් ඇන්ඩ් සෙක්සි' නෙමේ 'සලීම් ෆිට් ඇන්ඩ් සෙක්සි'. ෆිට් කෑල්ල අමතක වුනොත් හබක්...
    මේ පෝස්ට් එක නං ලිව්වෙ පැත්තක් අරං නෙමේ, දැකපු අහපු දේ පමණයි. ප්‍රධාන හේතුව තියෙන පැති ඔක්කොම දිරවන් නැති නිසා.

    @ හේරත්,
    කට්ටියගෙ කොමෙන්ට් කියවල බැලුවොත් හුඟක් දුරට තත්වේ තේරුං ගත්ත හැකි.

    @ මාධව,
    ඌට හාල් අදින්න ඕනෙ වුනේ නැහැ ඊට පස්සෙ. පොර බලේට ආපු රජයෙ සපෝර්ටර් කෙනෙක්, ප්‍රොමෝෂන් එකක් එක්ක ගෙවල් පලාතට මාරු වුනා.

    @ පරා,
    70 ගණන් වල මුල හරියෙම ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරිල තිබුනෙ. ඒ දවස් වල බස් වල කොච්චි වල පෝස්ටර් ගහල තිබුන 'ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි' කියල. ඉස්කෝලේ යන ළමයි 'හැරෙයි' කියන එකේ 'හැ' යන්න කුරුටු ගාල දානවා ඔය පෝස්ටර් වල.
    සේරු වලින් විකුනන්න තහනං කරලා තිබුනත් මට මතකය් 80 ගණන් අග වෙනකලුත් කඩ වල කොහොම වුනත් ගම්පහ මාකට් ලේන් එකේ පදික වේදිකාවෙ හාල් වික්කෙ සේරු වලින්. සමහර වෙලාවට නගර සභාවෙන් පොලිසියත් එක්ක ඇවිල්ල සේරු අත්අඩංගුවට ගන්නව.
    හැබය් හාල් සේරුවෙයි කිලෝ එකෙය් වෙනස ගණන් ගන්න බැරි තරං අල්පයි.
    ඒ කාලේ හාල් පොලු නීතිය තිබුනෙ කිලෝ වලින් කියල මට හොඳටම මතකයි, මොකද සියලු වෙළඳ කටයුතු මෙට්‍රික් ක්‍රමේට කෙරෙන්න ඕනෙ කියල නීති පනවල තිබුනෙ

    ReplyDelete
  43. @ ලොකු ජෝන්,
    ඔය මතය දරපු අය ඒකාලෙත් සෑහෙන්න හිටිය.

    @ දිනේෂ්,
    බෝගොඩ අලුත් ආණ්ඩුවේ පාක්ෂිකයෙක්. උසස් වීමක් එක්ක ගෙවල් පැත්තට ට්‍රාන්සර් වුනා.

    @ ඕනය,
    මැතිනි හෝටන් තැන්නේ අල වැව්වා වගේ, ඩඩ්ලි හාමුත් මාන කැළෑ වල ෆොටෝ ගැහුව, නිලධාරීන්ට රැවටිලා අලුතින් වවපු කුඹුරු කියල.
    දෙගොල්ලොම එක්කෙනෙකුට, එක්කෙනෙක්, පරාද නැහැ.
    කොමෙන්ට් එකේ ඉතුරු හරියට දෙන්න තියෙන්නේ මාරයට දීපු උත්තරේම තමා.
    අන්තිමම කෑල්ලට උත්තරේ, ඕනෙම නං ඊයකින් එවන්නං

    @ දිල්,
    එක කොමෙන්ට් එකක දැක්ක ඇමති කෙනෙක්ගේ අස්සයින්ටත් කෑම ඉම්පෝර්ට් කලා කියල.

    @ buddhi,
    මගේ ගම්පහ ගෙදර, මුලින් හදල ඉවර කරපු කොටසෙ උළුවහු, දොරවල්, ජනෙල්, බාල්ක යට ලී, තේක්ක බුරුත වගේ හොඳම ජාති. ඒ කාලේ මං වැඩ කලේ මාහෝ ඩිපෝවෙ. පොලිසියේ රාලාමි කෙනෙක් ලී මඩුවක් සහ ලී බඩු සාප්පුවක් කලා, දළදාගම හන්දියට කි.මී. දෙක තුනක් කුරුනෑගල පැත්තට වෙන්න. පොර රිසිට් එක්කම බඩු සප්ලයි කරනව. පොර කරන්නෙ උසාවියේ වෙන්දේසි කරන හොරට ප්‍රවාහනේ කරලා අහු වෙන කොටන් වලින් සුළු ප්‍රමාණයක් නීත්‍යානුකුලව ගන්න එක. ඊට පස්සෙ බය නැතුව හොරට කපන ලී වලින් බිස්නස් එක කරගෙන යනවා. පහුගිය අප්‍රියෙල් මාසේ, මං එතන පහු කරලා යනකොට නියම පොෂ් ලී බඩු සාප්පුවක් දැක්ක. ඒ කාලේ එයා ගාව, හොඳම කළුවර පුටු සෙට් එකක් රු/= 35,000 යි. අපිට ඒ කාලෙ හිතන්නවත් බැරි ගානක්. සාජන් නල්ලතම්බි ෂෝ එක කරපු තට්ට මෑන් ඒ සෙට් එකක් අරං ගියා.

    තව එකක් කළුවර ලී ප්‍රවාහනේ කරන්න තහනම් වුනාට මෝල් ගස් තහනම් නැහැ. දුප්පත් පහේ බිස්නස් කාරයො කලේ කළුවර ලී වලින් ටිකක් මහතට මෝල් ගස් හදල දෙපැත්තට පිත්තල රවුම් (විල්ල) ගහල කෝච්චියේ අරං ගිහින් මොරටුවේ ලී බඩු සාප්පු වලට විකුනපු එක. එනකොට විල්ල ආපහු ගේනවා ඊළඟ ලෝර්ඩ් එකට ගහ ගෙන යන්න.

    ReplyDelete
  44. @ කැන්ඩියන්,
    මේ ඉන්නෙ තව හාල් කට්ට කාපු එක්කෙනෙක්. කැන්ඩියන්ල හාල් ඇද්දෙ විකුනන්න නෙමේනෙ. බෝගොඩ, 'හාල් පොල්ල' උගෙ වාසියට හරෝ ගත්ත පොරක්.

    @ පුසා,
    ෂ්...ෂ්..ෂ්...කට...කට. කාටවත් ඇහුනොත්. මේව කියෝන අයගෙන් දෙතුන් දෙනය් මාව දැකල තියෙන්නෙ

    @ සඳරු,
    ඒ කාලෙ විරුද්ධ පක්සේට සපෝර්ට් පත්තරේක කාටුන් එකක් තිබ්බ ආණ්ඩුවට පක්ෂ කට්ටියක් මැයි දින පෙලපාලියේ යනව.
    "මිරිස් නැතුව හොදි කන්නං
    සීනි නැතුව තේ බොන්නං
    අපේ මැතිනි කියනවා නං
    හාල් නැතුව බත් කන්නං" කියල බැනර් අරගෙන.
    හැමෝගෙම පිටේ හැබය් අර සෙල්ලන්, බඩු වයින් කරන යතුරක් හයි කරලා තිබ්බ.


    @ බින්ඩි,
    බින්ඩි ගේ කොමෙන්ට් එකෙන් හාල් පොලු කතාව මතක් වුනා මිස, බැරි වෙලාවත් මාමත් හාල් බිස්නස් කලා කියල හිතුනෙ නැහැ. ඒ කාලෙ කව්රුත් අවසර තියෙන හාල් සේරු දෙක තමන්ට හරි යාලුවෙකුට උදව්වට හරි අරගෙන ගියා.
    අපේ ගෙදරත් බතල, මයියොක්ක, මිරිස්, බටු, ඉරිඟු, අනං, මනං, හරියට වැව්ව. අපේ තාත්තත් හෙණ UNP කාරයෙක්. මට මල්ලිට එහෙම තේරෙන කාලෙ වෙන කොට ඇතිවුනේ වාමාංශික අදහස්. තව කාලයක් යන කොට මොලේ කොලොප්පන් වුනා ලංකාවෙ වැඩ කටයුතු සිදු වුන ආකාරෙ දැකල.

    @ ඉන්දික,
    සේරු/කිලෝ කතාවට පොඩ්ඩක් මං පරාට ලිව්ව පිළිතුරත් බලන්නකො වෙලාව තියෙනව නං. මිරිස්‌ කවදාවත් සේරු වලින් වික්ක මතකයක් නැහැ, රාත්තල්/කිලෝ වලින් මිස.
    තාත්තල, දරුවන් බඩ ගින්නෙ නොතියන්න ඉන්දිකලගෙ තාත්ත වගේ, ඒ කාලෙ තමන්ට කරන්න පුළුවන් හැම දේම කලා.
    ඉන්දික කොයිම දේශපාලුවෙකුටවත් රට හදන්න ඕනෙ කමක් නැහැ, කොයි එකාත් කරන්නෙ තමන්ගේ මඩිය ලොකු කර ගන්න එක, පක්ෂ බේදයක් නැතුව.

    ReplyDelete
  45. ඔය හාල් පොල්ල කියන එකේ අනිත් වර්ෂන් එක තමා දැන් ලංකාවේ දුවන්නෙ .......

    අයියෝ බෝගොඩ .......

    ReplyDelete
  46. ඉස්සර අපේ සීයත් කියනවා ඔවා හොරෙන් ගේන හැටි!

    ReplyDelete
  47. ඔබා මාමේ : 77ටත් අවුරුදු හතරකට පස්සේ මම විනය තකාගෙන උන්නේ... :P

    ReplyDelete
  48. ගොඩක් පරණ මතකයක්නේ මේ අවුස්සන්නේ...

    මමත් මේ කියන කාලේ වෙද්දී ඉපදිලා නැහැ ඒත් අපේ අම්මල තාත්තල කියන කතා වලින් යම් රූපයක් මැවිලා තියෙනවා ඒ කාලේ ගැන
    අපි ගම වල මිනිස්සු උනාට අපිටත් ඒ කාලේ කුඹුරු තිබිල නැහැ
    ඒ කාලේ අපේ අම්මල තාත්තලත් යම් ප්‍රමාණයක දුකක් විඳලා නැතුව නෙවෙයි
    ඒත් අපේ රට වෙනස් කරනවානම් වෙනස් කරන්න තිබුනේ ඒ කාලේ තමයි
    යම් යම් නිවැරදි කිරීම් කිහිපයක් කලානම් ඔය ක්‍රමයෙන් අපේ රට ගොඩ ගන්න තිබ්බා
    ඒ වැරදි වල පිහිටෙන් සහ මිනිස්සුන්ගෙ බඩගින්නක් පිටින් දාල JR ගොඩ ගියා කියල තමයි මට හිතෙන්නෙ

    ReplyDelete
  49. ඔබා මාමේ!අර කියපු විජට්ටුව දැම්මා!දැන් මිස් වෙන්නේ නැතුව කියවන්න පුලුවන් මේල් එක ඇවිත් ගැහුවොත්!

    ReplyDelete
  50. අම්මෝ... ඉපදුනේ මඩ ගොඩකද? අනේ යාලුවා පව්.
    මැණික්

    ReplyDelete
  51. @ පන්සල් හන්දිය,
    බෝගොඩ අලුතෙන් ආපු ආණ්ඩුවේ සපෝටර් කෙනෙක්, පොර ප්‍රොමෝෂන් ට්‍රාන්සර් එකක් අරං කොළඹට ගියා.

    @ සාබිත්,
    කාගේත් සීයල හරි, තාත්තාල හරි ඒ කාලෙ සෑහෙන කරදර වින්ද තමන්ගේ දරුවන්ගේ කුස පුරවන්න. දැන් කියලත් වැඩි වෙනසක් තියෙනවද?

    @ ඉඳුනිල්,
    හාපෝ මේ චුටි එකෙක්නෙ... මගෙ ලොකු දුවත් ඊට අව්රුද්දක් වැඩිමල්.
    තාම අර විජට් එක බ්ලොග් එකේ දාල නැහැ නේද මං ඊයෙ ඒ පැත්තෙ ගිහිං බැලුව.
    ඉන්දුනිල්ට ඉස්සෙල්ල කොමෙන්ට් එක දාල තියෙන සාබිත් නං, ඔන්න ඒ විජට් එක අලුතින් දාල එයාගෙ බ්ලොගේ.

    @ ලොකු පුතා,
    ඇත්ත, තිබුන රජයත් අලුතෙන් බලයට ආව රජයත් ගැන ලොකු පුතාගෙ නිගමනේ සෑහෙන දුරට හරි.

    ReplyDelete
  52. @ සාබිත්,
    හරි පුතා, මේ කොමෙන්ට් වලට උත්තර ලියල මං යන්නං ඒ පැත්තෙ ගිහිං එන්න. තෑන්ක්ස්.

    @ මැණික්,
    අලුතින් බලයට පත් වුනු රජයේ පාක්ෂිකයෙක් නිසා, මෑන්ට හිටියට වඩා හොඳ වුනා.

    ReplyDelete
  53. එතකොට ඔබා මාම දැන් පොල් නාකියෙක් නේද?
    -බුදියා-

    ReplyDelete
  54. @ඔබා මාමා : අර වගේ විජට්ටුවක් දාන්න කීප වතාවක් ට්‍රයි කළා.ඒත් ගැලපෙන එකක් ලැබුනේ නැහැ.අද හෙට බලමු.හරියන එකක් නැත්තන් හදලා හරි දාමු. :D

    ReplyDelete
  55. @ ඉඳුනිල්,
    මේ දීල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒ විජට් එක ගන්න පුළුවන්

    @ බුදියා,
    පොල් නාකියෙක් නෙමේ බං පුත්තලන් බූරුවො හත් දෙනෙකුගෙ විතර වයස නාකියෙක්.

    ReplyDelete
  56. ඒ කාලේ ගැන මම අහලා තිබුනට වඩා ගොඩක් දේවල් ඔබා මාමගේ පෝස්ට් එකෙනුයි කමෙන්ට් වලිනුයි දැනගන්න ලැබුණා.අර ඇදලා තිබුණු එක දැක්කට පස්සෙ බෝගොඩට හෙන මල ඇති නේද?.නිර්මානාත්මක මඩ ගැසීමක්!

    ප.ලි
    අපේ ගෙවල් ලගත් ඇන්ටිලා දෙන්නෙක් මරාගන්නවා බල්ලෙක්ගෙ කරදරේ හින්දා.වාග් ප්‍රහාර අවසන් උනායින් පස්සේ මඩ ප්‍රහාරත් එමටයි.වැඩේ කියන්නේ බල්ලටයි ගෙදර උන්ටයි බැනලා බෝඩ් කෑලි අලවලා යන්නේ අපේ තාප්පේ

    ReplyDelete
  57. @ Rajith,
    දෙගොල්ලටම කියන්න තාප්පෙ නෝටිස් බෝර්ඩ් එකක් හැටියට පාවිච්චි කරනව නං ඒකට ඇති වෙන්න ගෙවීමක් කරන්න කියල.

    ReplyDelete
  58. ඒ කාලේ අපි වින්දපු කරදර නම් එමටයි.බයිසිකලයට ටයර් එකාක් ගන්න පරන න්දා
    මේ කමෙන්ට් එක දාන්න ඕනේ කලින් ලිපියට අර දයාසේන බුටගෙ බල්ල දැක්කහම මතක් වුනේ.මමත් ඔයා ගිය මහා ව්ද්යාලෙට ගියා. අපේ බැච් මේට් කෙනෙක් හිටියා සුරතල් නම "ටොමියා". නියම නම කිව්වට කවුරුවත් දන්නෙ නෑ.පොඩ්ඩක් ඔය පැත්තෙ ඉන්න ටිකක් ජූනියර් කෙනෙක්ගෙන් අහලා බලන්න.නම වැ‍ටුනේ මිනිහා බිම ඉන්ද ගන්න කොට වටේ කරකැවිලා වාඩි වෙන හින්දයි.බොහොම ප්‍රසිද්ධ චරිතයක් මෙන්න පොඩි උදව්වක්.අපි අර ජනප්‍රිය සින්දු හදපු කට්ටිය.

    ReplyDelete
  59. @ අන්තිමට කොමෙන්ට් කල ඇනෝ,
    තාම ටියුබ් ලයිට් එක පත්තු වෙන්නෙ නැහැ. අකමැත්තක් නැත්තං, වම් පැත්තෙ කොලම් එකේ තියෙන මගෙ ප්‍රොෆයිල් එකේ, අඩියෙම ඇති ඊමේල් ලිපිනයක්.ඒකට එවන්නකො ඊයක්. තෑන්ක්ස්.

    ReplyDelete
  60. හික්ස්.අවුලක් නෑ මාමේ.උදේට පාන් ගන්න කඩේ ආපුවෙලාවට බෝඩ් කෑල්ල දැකලා පටන්ගන්න වලියෙ තියෙන ආතල් එක සල්ලිවලින් මනින්න බෑ.මාත් ඉතින්‍ ‍ෆ්‍රී පබ්ලිසිටි දෙනවා

    ReplyDelete
  61. ඔය බෝල බෙන්ස් බස් එකක් නිට්ටඹුව කූරුනෑගල පාස් බස් එක විදිහට දුවනවා තාමත් මම හිතන්නෙ. මම අන්තිමට ගිහින් තියෙන්න 2000 අවුරුද්දෙ. ඒවෙනකොටත් ඔරිජිනල් ලී සීට් පවා හොඳට තිබුනා. මාස හයකට කලින් ලංකාවට ගියවෙලාවෙත් මම දැක්කා ඔය බස් එක තාම දුවනවා.

    ReplyDelete
  62. @ Rajith,
    ආ...එහෙනං කමක් නෑ

    @ Reader,
    කාලයක් නිට්ටඹුවේ ඉඳලත්, කාලයක් ගම්පහ ඉඳලත්, දුවපු 'බෝල බෙන්ස්' එකේ නොම්මරේ මට මතක විදියට 22 හෝ 23 ශ්‍රී 4748

    ඔය විදියෙම බෙන්ස් එකක් සංරක්ෂණය කරල නිට්ටඹුව ඩිපෝ එකේ තියල තිබුන 'අගමැති බෙන්ස්' එක කියල. 1950 ගණන් වල බස් කොම්පැනි ජනසතු කරල, ලංගම පිහිටවපු වෙලාවෙ, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්තය මහජනතාවට අත වනාගෙන, පොඩි ට්‍රිප් එකක් ගිය බස් එකක් ඒක. තාම නිට්ටඹුවේ ඩිපෝවෙ තියෙනවද නං දන්නෙ නැහැ ඒක.

    පස්සෙ කාලෙක ජේ.ආර්. ජයවර්දන මහත්තය, අර විදියට ජනසතු වුනු බස් කොම්පැනියක අයිතිකාරයෙකුගේ පුතෙක් වුන, විජේපාල මෙන්ඩිස් මහත්තයට ගමනා ගමන ඇමති කම දුන්නම, ලංගමෙන් පළිගන්න, මැන්ඩිස් මහත්තය, ප්‍රයිවෙට් බස් දුවන්න පනත ගෙනාව කියලත් ඒ කාලේ කථාව තිබුන.

    ජේ. ආර්. මහත්තය කියන්නෙත් සිංහලයන්ගෙන් පළිගන්න එළාර රජ්ජුරුවො නැවත ඉපදිලා කියලත් කථාවක් තිබ්බනෙ.

    ReplyDelete
  63. හප්පේ ඔබා මාමා නෙමෙයි ඔබා සීයා...ඔය කාලේ අපි ඉපදෙන්න හිතලවත් නෑ.....

    ReplyDelete
  64. ක‍ටුබැද්ද සෙන්ට්‍රල් එකෙත් තියනවා වොල් බොඩි බෙන්ස් එකක්.22ශ්‍රි2558. කලුතර පාස් බස් එක.

    ReplyDelete
  65. @ ඔබ නොදුටු ලොවක්,
    එහෙනං ලෝකේ තව දකින්න දේවල් හුඟාක් තියෙනව.
    ඇත්තටම සීය කෙනෙක් තමා, වයස අවරුදු තුනක මුනුපුරු පැටියෙකුත් ඉන්නව

    @ ඇනෝ,
    Reader නමින් කොමෙන්ට් කලෙත් මේ ඇනෝමද? එහෙම නැත්තං ඉස්සෙල්ලත් ඇනෝ කොමෙන්ට් එකක් දැම්මද මේ පෝස්ට් එකටම? ලංගම සම්භන්දයක් තියෙන කෙනෙක් වගේ කියල හිතෙනව, බැරි වෙලාවත් ඔය කියපු කළුතර පාස් බස් එක තියෙන ඉස්කෝලෙට එහෙම ගිය කෙනෙක්ද?

    ReplyDelete
  66. අනේ එවහංකො යකෝ . . .අයියෙ . . .

    ReplyDelete
  67. ඔව් ඔව් ඔයා වේරහැර සෙන්ට්‍රල් එකට. මම ක‍ටුබැද්ද සෙන්ට්‍රල් එකට.

    ReplyDelete
  68. @ Ano,
    අද පබ්ලිෂ් කරපු 'මිස්ට විජේසේන' පෝස්ට් එකේ කොමෙන්ට් එකක් හැටියට මේ ලින්ක් එක එව්වෙත් ඔයාමද?

    http://umisf.moraspirit.com/cgtti1967/index.php

    ඔයා නෙමේ නං ගිහින් බලන්න 300 බැච් එකේ කට්ටියගෙ වෙබ් සයිට් එක, මාත් දැක්කෙ අද, මං අඳුනන සෑහෙන ගානකගේ නම් සඳහන් වෙලා තියෙනවා ඒකෙ.

    ReplyDelete
  69. @ Ano,
    අද පබ්ලිෂ් කරපු 'මිස්ට විජේසේන' පෝස්ට් එකේ කොමෙන්ට් එකක් හැටියට මේ ලින්ක් එක එව්වෙත් ඔයාමද?

    http://umisf.moraspirit.com/cgtti1967/index.php

    ඔයා නෙමේ නං ගිහින් බලන්න 300 බැච් එකේ කට්ටියගෙ වෙබ් සයිට් එක, මාත් දැක්කෙ අද, මං අඳුනන සෑහෙන ගානකගේ නම් සඳහන් වෙලා තියෙනවා ඒකෙ.

    මම වේරහැර වුනාට, අන්තිම අව්රුද්ද හිටියේ සහ ෆයිනල් එක්සෑම් කලේ කටුබැද්දේ. අපි තමා කටුබද්දෙන් අවුට් වුන පලවෙනි බැච් එක.(1975 වර්ෂයේ)

    ReplyDelete
  70. Anoයි මමයි එක්කෙනෙක් නෙවේ. මගෙ ලංගමට තියෙන සම්බන්ධෙ බස්වල ගිහිල්ලා තියෙන එක විතරයි :).නිට්ටඹුවේ 'බෝල බෙන්ස්' එකේ නොම්මරේ 22 ශ්‍රී 4748 තමයි මටත් මතක විදිහට.

    ReplyDelete
  71. ඔව් ඔව් මම තමයි ඔය ලින්ක් එක එව්වෙ.

    ReplyDelete
  72. අන්තිම ඇනෝ,
    අකමැත්තක් නැති නං මේ ඊමේල් ලිපිනට ඊයක් එවන්න. අඳුන ගන්න කැමතියි.

    ReplyDelete
  73. Last Ano,
    Sorry the email address is

    sanathwijewardene@gmail.com

    ReplyDelete
  74. @ Reader ,
    තාම ඒක දුවනව කියල අහන්නත් ආසයි.
    ස්තුත්යි, දැනුවත් කිරීම ගැන.

    ReplyDelete
  75. අරක්කු ගෙනියාම ගැනත් ඔය වගේ නීතියක් තිබුනු බවත්, අනිල් මුණසිංහ මහත්මයා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලෙඛම් වෙලා ඉන්දැද්දී බෝගොඩ මෙතඩ් පාවිච්චි කරපු ඇත්තොන්ව අල්ලන ක්‍රමයක් තිබිනු බවත් අහලා තියෙනවා...

    ReplyDelete
  76. සමාවෙන්ට අමාත්‍යංශ ලෙඛම් නොවෙයි, ලංගම සභාපති නේද????

    ReplyDelete
  77. @ Widanarala,
    ඔව්, 70 ගණන් වල මුල හරියේ අනිල් මුණසිංහ මහත්තය ලංගම සභාපති. ඒ කාලේ එයාගෙන් ලංගමට ලොකු සේවයක් වුනා කියල තමා, ඒ කාලෙත් පසුවත් කියවුනේ.

    ලංකා සම සමාජ පක්ෂය එවකට පැවති රජයෙන් වෙන් වුනාම, එයාට ලංගම සභාපති ධුරය අහිමි වුනා. මට මතකය් එයා වේරහැර වැඩපොළට ඇවිල්ල, වර්ක් ෂොප් එකින් එකට ගිහින්, සේවකයන්ගෙන් සමු ගත්ත.
    මම ඒ කාලේ ආධුනිකයෙක්, ඒ අවස්ථාවේ මම හිටියෙ මොනවා හරි දේකට බේත් ගන්න 'මෙඩිකල් සෙන්ටර්' එකේ. එතනටත් එයා ආව.

    ඒ කාලේ කෙනෙකුට ගෙනියන්න අවසර තිබුනේ මත්පැන් බෝතල් දෙකය්. ලිකර් ෂොප්, බාර්, නැති පොඩි ටවුන් වල අරක්කු විකුණන අය කලේ ලොකු නගර වලට ධාවනය කෙරෙන බස් වල සේවකයන් ලවා අරක්කු
    ගෙන්න ගැනීම. කොන්දොස්තරල ටවුමෙන් අරක්කු අරගෙන අඳුනන මගීන්ට බෝතල් දෙක ගානේ බෑග් වල දාල බෙදල දීල ගමනාන්තයේදී එකතු කරගෙන මුදලාලිට දෙනව. ඒ සඳහා ගෙවීමක් කලා, මුදලාලිල බස් සේවකයන්ට. ඔය ක්‍රමය නවත්තන්න අනිල් මුණසිංහ මහත්තය උත්සාහයක් ගත්තද, එක සාර්ථක වුනාද, කියන එක මම හරියට දන්නෙ නැහැ. හැබැයි ඊට හුඟ කාලෙකට පස්සෙත්, අරක්කු ප්රාවාහන ක්‍රමේ ක්‍රියාත්මක වුනා කියන එක නම් හොඳට මතකයි.

    ReplyDelete
  78. බත් කන්න පුදුම වදයක් විඳින්න එපැයි මාමේ !!
    අම්මෝ මෙහෙම කාලයක් අපට උදා නොවුන එක නම් හොදා !!!

    ReplyDelete
  79. යාන්ගල්මෝදර කියන්නෙ මට මතක විදියට අර කෝච්චි හරස්පාරක් තියෙන හරිය නේද.......
    මාරය අයිය ඇහුව වගේ ඔබා මාමා මොනවයි ඒ දවස් වල ගම්පහට ඇද්දේ.....

    ReplyDelete
  80. @ මධුරංග,
    ඔයාල එක අතකින් වාසනාවන්තයි කියන්න පුළුවන්.

    @ පිසාචයා,
    ඔව් එතන තමා, ලඟදි බස් කොච්චි අනතුරකුත් වුනා එතන.
    මාරයට මේ දවස් වල පිස්සු බලු බේත් දීල ඉන්නෙ

    ReplyDelete