My followers

Saturday 10 September 2011

"කරුමෙට කකුල් පහය්"

ඔබා & ඔබී වගේ වයසක ජෝඩුවක් සෑහෙන්න දුර ගමනක් යන්න පිටත් වුනා, ඒ දෙන්න වගේම සෑහෙන්න අබලන් කාරෙකේ. කිලෝමීටර් හාරසිය ගානක දුරක් හින්ද මගදි කන්න කෑම බීම එහෙමත් දා ගත්ත කාරෙකට, පිටත් වෙච්ච ගමන්ම ටැංකිය පිරෙන්න පැට්රෝලුත් ගහ ගත්ත ලඟම තිබ්බ ෂෙඩ් එකෙන්. වයසක ජෝඩුවනෙ , කිලෝ මීටර් සීයක් වත් ගියෙ නැහැ පාරෙ අය්නක කාරෙක නවත්තල අරන් ගිය වඩයක් දෙකක් හපල හෙම, උණු වතුර බෝතලෙන් කෝපි කෝප්ප දෙකකුත් වක් කොරාන බිව්ව. ටිකක් වෙලා මහන්සි ඇරල, ගහකට මුවා වෙලා චූ පාරක් දාල එහෙම, දෙන්න ආයෙත් ගමන පිටත් වුනා.

කරුමෙක මහත කියන්නෙ, කෂ්ටිය අහල ඇතිනෙ කරුමෙට කකුල් පහය් කියල. ඒ කියන්නෙ අපි බේරෙන්න කකුල් දෙකෙන් දුවනකොට, කරුමෙ අපේ පස්සෙන් එළවන්නෙ, කකුල් පහකින්. කවදාවත් දුවල බේරෙන්න බැහැ කරුමෙන්.   මේ වයසක ජෝඩුව පාරෙ වංගුවක් ගනිද්දි, ඉස්සරහින් ආපු ලොරි තඩියක හැප්පුනා කාර් කට්ට. දෙන්න එතනම මිය පරලොව ගියා. නෝනා අවසන් හුස්ම හෙලලා විනාඩි දෙකක් යන්නැති ඕනනං, මහත්තයත් නෝනා පස්සෙන්ම ගියා.

මේ වයසක ජෝඩුව, රහසින් වත් පව් කරපු අය එහෙම නෙවි. දෙන්නම ගියෙ දිව්‍ය ලෝකෙ. ඉස්සෙල්ල ගියෙ නෝනා, මොකද එයානෙ ඉස්සෙල්ල අවසන් හුස්ම හෙළුවෙ. දිව්‍ය ලෝකෙ දොරටු පාල දෙය්යොත් මේ නෝනව සාදරයෙන් පිලිගත්ත. පිං පොත චෙක් කරල බලල එහෙම, නෝනට දැනුන් දුන්න වීසා ප්‍රෂ්න එහෙම මොනවත් නැහැ, කෙලින්ම ඇතුල් වෙන්න පුළුවන්, හැබය් දිව්‍ය ලෝකෙට ඇතුල් වෙන්න ඉස්සෙල්ල ලේසි, සරල ප්‍රශ්නයක් අහනව එකට උත්තර දෙන්න ඕනෙ කියල.  නෝනත් දැන උගත් මනුස්සය හින්ද ලේසි ප්‍රශ්නෙකට පහු බහින කෙනෙක් නෙමේ, ප්‍රශ්නෙට මුහුණ දුන්න. දොරටුපාල දෙය්ය ඇහුවෙ "good" කියන්න අකුරු කියන්න කියල.නෝනා ලේසියෙන්ම උත්තර දීල ඇතුලට යන්න හදන කොටම,දොරටුපාල දෙය්යන්ගෙ iphone එකට ඇමතුමක් ආව, උද්‍යාන පාලක දෙය්යන්ගෙන්, තණකොළ කපන මැෂිමක ප්‍රශ්නයක් සම්භන්දව.

දොරටු පාල දෙය්යන්ට චුට්ටකට උද්යානෙට යන්න වුනා, ඒ ප්‍රශ්නෙ විසඳන්න.

දොරටුපාල දෙය්යෝ, අලුතෙන් ආපු නෝනට කිව්වා, මෙතන ගේට්ටුව විනාඩි පහකට විතර බලාගන්න, කව්රුත් අලුතෙන් ආවොත් මොනව හරි සිම්පල් ප්‍රශ්නයක් අහල ඇතුලට ගන්න කියල. නෝනත් පැනල භාර ගත්ත, ජොබ් එක, දිව්‍ය ලෝකෙට ආපු ගමන්ම මේ වගේ භාරධුර රාජකාරියක් පැවරුණු සංතෝශෙටත් එක්ක.

දොරටුපාල දෙවියො, ඇතුලට වැඩම කරල විනාඩි දෙකක් ගියෙ නැහැ, කව්ද ආවෙ, දිව්‍ය ලෝකෙ ගේට්ටුව ගාවට.   අර නෝනගෙ මහත්තය. අපේ නෝනත් ඉතින් මහත්තයට, දිව්‍ය ලෝකෙ ගේට් ප්රොසීඩියර් එක එහෙම විස්තර කරල දීල සිම්පල් ප්‍රශ්නෙ අහන්න ලැහැස්ති වුනා. මහත්තයත් ඉතිං කිසි චකිතයක් නැතුව ඉන්ටර්වීව් එකට මූන දුන්න. නෝන ඇහුව ප්‍රශ්නෙ.


කියන්න බලන්න ඉංග්‍රීසි අකුරු ටික "චෙකොස්ලෝවැකියා " කියල ලියන්න.

පින්තුරය ගූගල් ෆ්‍රී ෆොටෝස් වෙතිනි

දන්නැති කෂ්ටියගෙ මතු ප්‍රයෝජනය සඳහා....." Czechoslovakia"

83 comments:

  1. අද මමයි පලවෙනියා,,,, ලෙෆ්ටිනන්ට් කියන්න තියෙන්නෙත් ඔහොම ස්ද්දියක්....

    ReplyDelete
  2. වඩේ හපල කන්න පුළුවන් තරම් නාකි ජෝඩුවක් ?????

    ReplyDelete
  3. මනමේ සීන් එකක්. නෝනා දොරටුපාල දෙයියන්ට හිත්ලන්න ඇති. උපායමාර්ගික දික්කසාදයක්..

    ReplyDelete
  4. අනේ පව් අර අසරණ ස්වාමි පුරෂය.. :)

    ReplyDelete
  5. මේ වගේ කතාවක් නම් කලින් අහල තියනවා...ඒ උනාට ඔබා මාම ලස්සනට ලියල තියන නිසා කියවගෙන ගියා. හැබෑද ඔබා මාම අනුමත වෙලා ගෙදර එද්දී ගේ ඇතුලට ගන්නකොටත් ඔබී නැන්ද ඔය වගේ ප්‍රශ්න අහල හැමදාම වගේ මාම තුමාට එළියේ මදුරුවෝ තලතල නිදා ගන්න වෙනවා කියන්නේ .....????

    ReplyDelete
  6. කෝකටත් කියලා ඒ වචනේ ලියලා පේන තැනක එල්ලගත්තා...:D

    ReplyDelete
  7. කතාව පැත්තක තියෙද්දී මට තියෙනවා ප්‍රශ්නයක් අහන්න. ඔය "කරුමේ" කියන්නේ බෙල්ලන්විල පෙරහරේ අලියෙකුටද ? ඒ මොකද මම අහල තියෙනව කවි පදයක් මෙහෙම.."බෙල්ලන්විල මහ පෙරහැර එක අලියට කකුල් පහයි " එතකොට අලි ඇරෙන්න තවත් කකුල පහේ සත්තු ඉන්නවද ?

    ReplyDelete
  8. ඔන්න ඔහොමයි ගෑණුන්ගේ හැටි නේද ? කොච්චර කලත් ඔච්චර තමයි.....! ම්ම්හ්...!

    ReplyDelete
  9. අඩේ අර ඩයල් එක කෙලින්ම අපායටම යන්න ඇති....

    ReplyDelete
  10. අපායට ගියත් කලින් යන්න කියන එකේ ඇත්තක් තියෙනවා නේ :D

    ReplyDelete
  11. @ අභීත,
    ලුතිනන් කියලවත් කියන්න බැරියෑ

    @ Weni,
    දැන් අලිත් දාන්නෙ බොරු දත්

    @ ඉඳුනිල්,
    මැරෙනකම්ම හිටියනෙ ඒකටත්

    @ සාතන්,
    අනේද කියන්නෙ

    @ චීටා,
    එලියෙම වගේ තමා හැමදාම නිදා ගන්නෙ

    ReplyDelete
  12. @ පොඩි කුමාරිහාමි,
    මහත්තයට පේන්නද? නැත්තන් කුමාරිහාමිට බලා ගන්නද? (මහත්තයද, වෙන්ට මහත්තයද දන් නැතෝ...)
    අනුලා බිසව මොන වගේ ක්‍රියා මාර්ගයක් ගනීද ඔවැනි අවස්තාවක, දිරවන් නැති හස්බන්ඩෙක් හිටිය නං ඒ වෙලාවෙ?

    @සරත් ලංකාප්‍රිය,
    මං හිතන්නෙ පොඩි ළමය් හොඬ වැලට කකුලක් කියල රැවටිලා වෙන්නැති.... හිකිස්....

    @ dumee,
    ෂ්....දුමී, බලාගෙන, මේ පෝස්ට් එක ඔබීට පෙන්නන්න තාම හිතුවෙ නැහැ, ගම හාමිනේට පෙන්නන රිස්ක් එක ගන්නවද කියල ඉස්සෙල්ල තීරණය කොරල හිටියනං...හිකිස්...

    @ ප්‍රසන්න,
    නැහැ අර අඩියේ තියෙන කාර්ටුන් එකේ වගේ පොර තාම ගේට්ටුව ගාව බලා ඉන්නවලු.....හෙහ්...හෙහ්....හෙහ්....

    @ ගුලියා,
    සැටිෆිකේට් ට්‍ රූ

    ReplyDelete
  13. හරි අකුරු දැනන් හිටියත් මිනිහ වරද්දලම කියන්න ඇති . . . . හෆොයි මේ ගෑනි ඉන්නත් මෙතන ඉන්නවනම් අපාය මීට වඩා හොඳයි කියලා හිතලා . . හික්ස්

    ReplyDelete
  14. ඔන්න ඕකනේ මම කසාද බදින්න කැමති නැත්තෙ.................

    ReplyDelete
  15. @ දුකා,
    දුමියට දුන්නු අවවාදෙම තමා දෙන්න තියෙන්නෙ

    @ Rajith Doo,
    ඒක තමා අන්තිමට අත බලපු සාස්තර කාරය කිව්වෙ "මේ මහත්තයට සෑස්තර කියන්න බැහැ, අල්ලෙ රේඛා නැහැ" කියල.....හෙහ්....හෙහ්...හෙහ්...

    ReplyDelete
  16. අදනේ මේ පැත්තට එන්න පාර දැක්කේ. අපූරුයි කතා ටික, ඔක්කොම කියෙව්වා ඔන්න!

    ReplyDelete
  17. ඔබා මාමගේ පෝස්ට් වලට කොමෙන්ට් උනනවද මංද.? :D කතාව සුපිරියි..

    ReplyDelete
  18. වැඩි වෙනසක් වෙන එකක් නැහැ.හිටියෙත් අපායෙ...හරි උත්තරේ දුන්නොත් ආයෙත් බිරින්දැ ලඟ......උත්තරේ වැරදුනොත් ඒත් ඉතින් අපායෙ....

    ( අපේ හාමිනේ මෙය නොදකීවා..නැත්නම් මමත් අපායෙ )

    ReplyDelete
  19. ඔබා මාමාට සහ ඔබී නැන්දාට තව චිරාත් කාලයක් අපිත් එක්ක ඉන්න ලැබේවා.
    පිරිසිදු සිතින් පතමි....

    ReplyDelete
  20. ඔබා සහ ඔබී වගේ කියලා කතාව පටන් අරන් තිබ්බට ඔබා සහ ඔබීගෙ වගෙ අබලන් කාර් එකක් තිබ්බට, ඔබ සහ ඔබී වගෙ වඩේ හපන්න පුලුවන් දත් තිබ්බට, ඔබා සහ ඔබී වගෙ ගස් පිටිපස්සෙ හැංගිලා චූ කෙරුවට, අර පොරගෙත් ඔබාගෙ වගෙ ඉස්පෙලින්ං හෝප්ලස් වුනාට, ඊටීසී, ඊටීසී, ......ඔබාගෙයි ඔබීගෙයි වගෙ ලවක් අර ජෝඩුවගෙ තිබිලා නෑ.

    මම එහෙම නෙවෙයි ඔව්වා කිව්වෙ ඕං, ඔබා අයියම තමයි.

    henryblogwalker the Dude

    ReplyDelete
  21. අපිටත් ගේට්ටුවේ ඉන්න චාන්ස් එකක් ලැබෙයි නේ කවදා හරි :-D

    ReplyDelete
  22. නිව්මෝනියා කියල ලියන්න නං මං දන්නවා!
    ඒක නෙමේ ඕක ඉංගිරිසි දිවියලෝකයක් වගේ නේද?
    අපි මැරිලා නං යන්නේ සිංහල එකකට.
    ඒකේ අවසර පදය පිපිඤ්ඤා!

    ReplyDelete
  23. ගෑණුන්ට තැනක් දුන්නෙත් විනාශයක් තමයි හික් හික්..

    ReplyDelete
  24. උපරිමයි! ඇත්තටම ගෑනු ඔහොමත් කරනවනේ!

    ReplyDelete
  25. මෙවරත් හතර හිනා.
    වැඩිපුර හිනා කමෙන්ට්ස් කියවල.
    ඔය ගේට්ටුවට කියන්නේ Perly Gates කියලයි මයෙ හිතේ. දන්න විදිහට ඔතන ඉන්නෙ ශාන්ත පීතර තුමා.

    ReplyDelete
  26. අදම ස්පෙලින්ග්ස් ටික පාඩම් කරගන්න ඕන

    ReplyDelete
  27. සියා අපායට යන්න හෑරුණාද මන්දා ..

    Chekoslovakiya අකුරු හරිද ?

    ReplyDelete
  28. අම්මෝ... මමනම් සිරාවටම වැටෙන් පනිනවා ඕන් ... අර කෙහෙම්මලටය ප්‍රශ්න කරන්නේ?

    ReplyDelete
  29. නෝන හිතන්න ඇති දෙන්නම් වැඩේ කියලා...මල කරදරේ මේ මිනිහගෙන් . මට මෙතනටවත් ඇවිත් නිදහසේ ඉන්න ලැබෙන්නෙ නෑ මෙතනටත් රිංගුවොත්...

    ReplyDelete
  30. ඔන්න ඕක හොඳට මතක තියා ගනිල්ලා කොල්ලනේ....

    ReplyDelete
  31. ඔන්නඕලු ඇත්ත.කොතන ගියත් යන්නෙ වයිෆ් එක්කනම් පරිස්සමින්.දන්නවනෙ හැටි...නේ ඔබා මාමෙ. :D

    ReplyDelete
  32. යසයි දිව්යලෝකෙ යනවට. අපි වගේ අපායට වෙලා හිටියනං ඉවරයිනෙ.

    ReplyDelete
  33. @ මලිති,
    ස්තුතිය් ඇවිල්ල , කියෝල කොමෙන්ට් එකකුත් දැම්මට. ලඟදි පටන් ගත්ත අපි වගේ අයට කොමෙන්ට් එකක් වැටෙනව කියන්නෙ හරිම අගෙය්.

    @ සුධීර,
    තෑන්ක් යූ කොමෙන්ට් එකට, මලිතිටත් කිව්ව වගේ කොමෙන්ට් හරි වටිනවා මට

    @ පිසා,
    බොටද එසේම වේවා...!!! කැම්පස් එකෙන් පිසාචියක්ද සැට් වේවා...!!!

    @ ලකී,
    විහිං කෝච්චියට බෙල්ල තියන කට්ටිය බේරන්න හරිම අමාරුය්.....ගුඩ් ලක්....!!!

    @ හෙන්රි,
    හප්පට සිරි ගජ මේ කොමෙන්ට් එක නං ඔබීට පෙන්නිහෑකි...ඉතිං ඒකට පොස්ට් එකත් පෙන්නන්න එපෑ ඊට ඉස්සෙල්ල......මග හිටියොත් මා නසී......ගෙදර ගියත් මා නසී, සීන් කෝන් එකක්නෙ

    ReplyDelete
  34. @ මරනෙ,
    ඇය් බං ගේට්ටුවෙ ඉන්න නං ඉස්සෙල්ල කප් එක ගහල ඉන්න එපෑ.....

    @ ක.ශු.
    වෙනිය වගේ එකෙක් බැරි වෙලාවත් කලින් ගිහින් හිටියොත් එහෙම "මංඤ්ඤංද තුංකිංඤ්ඥං" වගේ ඒවත් ලියන හැටි ඉගෙන ගෙන ගියොත් හොඳා....hoping hope against hope kathie won't do the same to you...he..he..he...

    ReplyDelete
  35. @ මාධව & අවුට්සය්ඩර්,
    ඔට්ටුය් උඹලා දෙන්නම තාම බැඳලා නැහැ.....හිකිස්....

    @ පොත් ගුල්ලා,
    උඹව බේර ගන්න විධියක් ඇත්තෙම නැහැ, දැනටම අකුරු වරද්දගෙන.."Pearly Gates" සහ "St . Anthony"

    ReplyDelete
  36. @චම්මා,
    පොත් ගුල්ලා & කශු, ට දුන්න අවවාද ගැන සීරියස් හිතන්න වෙය්.....හිකිස්....

    @චම්මා,
    පොත් ගුල්ලා & කශු, ට දුන්න අවවාද ගැන සීරියස් හිතන්න වෙය්.....හිකිස්....

    @ සඳරු,
    බොටත් කියන්න තියෙන්න ඒ ටිකම තමා......

    ReplyDelete
  37. මම අකුරු ටික පාඩං කරගත්තා.. ‍හදිසියෙන් ගේට්ටුවේදී මගෙනුත් ඔබ ප්‍රශ්නෙම ඇහුවොත්.......... :D

    ReplyDelete
  38. කොයිකටත් අකුරු ටික කට පාඩම් කරගෙන තියා ගන්න එක හොඳයි වගේ.

    කොට ජීවිතේ

    ReplyDelete
  39. මම නම් යන්නෙ ඩූඩ් යන එකට තමයි.. මොකද එකා ඉංග්‍රීසි වචනයක් අහයි සුවර් එකටම.. "ඩික්" එකම කට පාඩම් කර ගන්න ඕනි..නැද්ද ඔබා අයියෙ? ක.ශු ඉන්න එකක් පැත්ත පලතෙ යන්නෙ නැහැ.. අර නිරුවත් වානරය පොතෙන් මොනවහරි ඇහුවොත් එහෙම..අපි කොර වෙනව !

    ReplyDelete
  40. හාපෝයි! ගෑණියෙකුට ඔය වගේ වැඩක් බාරදීලා ගිය අර දෙයියා කවුද??? එකත් එකටම ඒ දෙයියාව ඉන්ටඩික් කොරන්න ඇති නේද සක්කර දෙයියෝ?

    ReplyDelete
  41. @ සඳරු,
    දන්නැති කෂ්ටියගෙ මතු ප්‍රයෝජනය සඳහා....."Czechoslovakia"

    @ Xander,
    වැටෙන් පැනල අහු වුනොත්, සක්රයට පයින්නෙ මල. කේස් එක කොහෙන් කෙලවර වෙය්ද දන්නැහැ.

    @ ගිම්හානි,
    ඔය විතරය් නෝනල හිතන පැත්තෙන් ඇත්ත උත්තරේ කිව්වෙ

    @ පැණි දොඩම්,
    මේව විහිලු කතා කියල අමතක කරනවා හෙම නෙමේ

    @ කල්,
    ඔය තේරෙන්නෙ, ඔය තේරෙන්නෙ.....

    @ ප්‍රසන්න,
    අපේ රටේ අපායය් දිව්‍ය ලෝකෙය් වැඩි දුරක නෙමේනෙ.....

    ReplyDelete
  42. @ සෝරෝ,
    උඹ තාම තනිකඩය වෙච්ච එකේ, දැන්ම ඕව ගැන වොරි වෙන්න එපා. අද ජොලි කරල හිටහං බං හෙට මැරුණත් හිතට සැපය් කියල

    @ කින්නරාවි,
    අකුරු පාඩං කර ගන්න ඕනෙ ඔයා නෙමේ පාසල් හරිනං....හිකිස්....

    @ Weni,
    ඔව්...වොව් Dude හොඳ එකා, හැබය් ඔය "ඩික්" කටේ ගහන වැඩ වැලට යන්න එපා දිවිය ලෝකෙ යන්නවත්.
    ක.ශු. ඉන්න පළාතේ යන්න එපා අන්විශ්වාසබල් පොර. බ්ලොග්ම කීයක් කියල ලියන, ලියපු, පොරක්ද? ටැබූ, ඇනෝ ආතල්, අරව මේව එක්ක.

    @ ගීතක,
    හිකිස්.....ගෑනුන්ට ඇහුනොත් බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ.

    ReplyDelete
  43. දැන් ඔබා මාමට ඔය වචනෙ පාඩම්ද.

    ReplyDelete
  44. ඔබා මාමේ හොඳටම ශුවර් ද අර අංකල් දිව්‍ය ලෝකෙටමයි ගියේ කියල?..

    ReplyDelete
  45. ඒ උනාට එක සැපයි ඔබා අය්යේ.. ඉල්ලගෙන තමුන්ගේ ගැනිගෙන් කනවට වඩා වැට පැනල මාට්ටු වෙන එක සනීපයි..

    ReplyDelete
  46. ඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයාලා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
    පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....

    ජයවේවා!!
    www.yakagethithpola.blogspot.com

    ReplyDelete
  47. @ පිනිබිඳු,
    මං සිංහල කතාකොරන එකකට යන්න හිතාගෙන ඉන්නේ.....හෙහ්...හෙහ්...

    @ අවංක පැට්ටා,
    ඇය් පැට්ටො බොට මාව අවිස්වාසද?

    @ Xander,
    වැටවල් නං පැන්නට කොමක් නැහැ, කොටු පැනල එහෙම ගෑනිට මාට්ටු වුනොත් නං තත්වය සෝචනීයය්.

    ReplyDelete
  48. @ යකා මහත්තයා,
    බ්ලොගේ පැත්තෙ ගිහින් බැලුව. ඇත්තටම පේපෑල් හොරට යුස් කොරන්න පුලුවන්ද? ගස් යන වැඩක් නෙමේද?

    ReplyDelete
  49. මටනං කවදාවත් යන්න වෙන එකක් නැහැ..

    @Luckey...

    හිටිං මම මේක ප්‍රින්ට් කොරලම ගෙනිහුං දෙන්ට...:D

    ReplyDelete
  50. @ මාරයා...

    පරිස්සමෙන් යමං...අපේ ගෙදරට යන පාරෙත් මේ වගේ ගේට්ටුවක් තියනවා...

    ReplyDelete
  51. @ මාරයා,
    හිකිස්.....ඇය් ගෑනියෙක් නැති හින්දද?

    ReplyDelete
  52. අපිට ගේට්ටුව ළඟටවත් යන්ඩ ඇහැක් වෙයිද දන්නෑ. :D

    ReplyDelete
  53. ඕක තමා දිවියලෝකෙට ගියත් ඉස්සෙල්ල යන්න කියන්නෙ....

    ...................

    මෙන්න තව දෙකක්... මෙන්න අකුරු පිලිවෙල .. උනන්දු අය සද්දවෙන හැටි හොයාගන්නව හොඳා..

    Rendezvous

    Bourgeoisie

    ReplyDelete
  54. @ නලිනි චන්දිමා,
    ෂුවර් ඩොක්ටර්ට යන්න පුළුවන් වෙය් ඇතුලටම, ප්‍රශ්නයක් වුනොත් වෙන්නෙ මහත්තයට (ඩොක්ටර් ලෙඩක් දැම්මොත් හෙම)
    බොහොම ස්තුතිය් මේ පැත්තේ ගොඩවෙලා කොමෙන්ට් එකකුත් දැම්මට

    @ සපතේරු උන්නැහේ,
    මං නං අහල තියෙන්නේ, අපායට යතත් ඉස්සෙල්ල යන්න කියල.....
    දීල තියෙන වචන දෙක උච්චාරනේ කොරන්නත් මං නං දන්නව හැබය් සමහර සුද්දොත් දන්නැහැ කියල අහල තියෙනවා ඒක වෙන්නැති The R.V.කියල හෙම කියන්නෙ.

    ReplyDelete
  55. සොරිම තමා! හැබැයි චොකොස්ලෝවැකියා ඕන්නැ මගෙන්නං වෙන්ස්ඩේ කියන්න අකුරු ඇහැව්වත් දිවිය ලෝකෙන් දොට්ට.... මොනවා පුලුවන් උනත් ඒක බෑ.

    අර කකා පිපිඥ්ඥා කියද්දි මටත් මතක් උනා පොඩි කතා ටිකක්. (ඉස්සර ඔබා මාමා අපේ ඒවල කතා දැම්මා. ඔන්න දැං අපි කතා දානවා ඔබා මාමගේ එකේ. කළ කළ දේ ඵල ඵල දේ!!!!)

    සබාවෙන් අවසරයි මම මෙතෙන්ට පැමිණියේ කතා ටිකක් කියන්නයි.

    කතා 01. මේක දන්න එකක්.

    පරීක්ෂකයෙක් ඉස්කෝලෙක පන්තියට ඇවිදිල්ලා ළමයිගෙන් ප්‍රශ්ණ අහනවලු. ළමයි දන්නැලු. පරීක්ෂකයා කිවවලු. ඕගොල්ල වගේ නෙමේ අපි, අපෙන් ඕනැ දෙයක් අහන්න අපිට පුලුවන්. ඒ වගේ ඕගොල්ලත් හැම දේම දැනගන්න කියලා. ඉතිං ළමයෙක් ඇහැව්වලු පිපිඥ්ඥා කියලා ලියන්නෙ කොහොමද කියලා. පරීක්ෂකයාට එක පාරටම මාඥ්ඤමික තත්වයක් ඇවිල්ලා එක ලියන හැටි අමතක උනාලු. එයා කියපි ලු කැකිරි මොකෝ පිපිඥ්ඥා මොකෝ ළමයි ඒ වගේ තැනක් ආවොත් කැකිරි කියලම ලියලා දාන්ඩ කියලා.

    කතා අංක 02. මේකත් දන්න එකක්.

    මිනිහෙක් මැරිලා හිටියලු කොම්පඥ්ඤ වීදියේ. පාන්දර ආපු රාළහාමීල දෙන්නට පොලිස් රිපෝට් එක ලියන්න ගියාට කොම්පඥ්ඤ විදිය කියලා මක් කරලවත් ලියාගන්න දැයෙන්නැලු.

    ඉතිං පොත අතේ තිබ්බ රාළහාමී අනිත් කෙනාට කිව්වලු "මේ මචං කව්රුත් දකින්ඩ කලින් මේ මිනිය ගිහිං මැලේ විදියට දාමුද?" කියලා.

    හක්ක හක්ක හා.....

    අපොයි තව කතාවක් මතක් උනා. ඒ කියන්නෙ කතා අංක 03. මේක නං පොඩි කාලෙ ඉදලා දන්න එකක්. :D

    ඔන්න ටැපික් රාලහාමි කෙනෙක් හිටියලු එයා හෙන වසයිලු. නීතියටමලු වැඩ. කෝමඅරි හෙල්මට් නැති එක්කෙනෙක්ව ඇල්ලුවලු. රාලාමි ඇහැව්වලු,

    "කොහෙද මේ හෙල්මට් නැතුව යන්නෙ" කියලා.

    පොර කියපිනං ලු "කොම්පඥ්ඤ වීදියට" කියලා.

    රාළාමිට තනි අවුලලු ඒක ලියන්ඩ දන්නැති හින්දා. ඒ හින්දා ක‍රකෝලා ඇහැව්වලු වෙන ප්‍රස්නයක්.

    "මොකද්ද රස්සාව?"

    පොරත් ඇරියේ නැලු. පොර කියපිලු "ස්පාඥ්ඤෙට පිපිඥ්ඥා යවනවා" කියලා.

    රාළාමිට ඌරු ජුවල් ගියාලු. තරුත් විසිඋනාලු. ඒක දැක්කලු අර බයික් පොර.

    හරි ඒ දෙකම වැඩක් නෑ මට කියනවා තමුන්ගේ නම මොකද්ද කියලා. දැං පොර දන්නවලු තරු විසිඋන හැටියෙන් රාළහාමිට සඥ්ඤකෙන්ම උත්තර දුන්නොත් වැඩේ ගොඩ දාගත්තැකි කියලා.ඉතිං පොර කියපිනංලු,

    "අඥ්ඥා කොන්ඩඥ්ඥගේ පඥ්ඥාදාස" කියලා.

    රාළහාමි ගත් කටටම කිව්වලු,
    "හාහා අනිත් දවසෙ හෙල්මට් නැතුව ආවොත් අල්ලලවා. අදට සමාව යන්ඩ පුලුවන් කියලා".

    මගේ කතා ටික මෙයින් අවසානයි අසා සිටි ඔබ සැමට ස්තුතියි!
    .................

    ReplyDelete
  56. ගෑණු නෙ ගෙ හැටි කිව්වලු.... ඒ මනුස්සය ට අපායට යන්න සිද්ඩ වුනා එහෙනම් ගැනි නිසා....

    බුද්දි... පරණ කතා සැට් එකක් මතක කොරල තියෙන්නේ....

    ReplyDelete
  57. බුද්ධි,
    සභාවේ වේගවත් අත්පොලසන් නාදය සමග කන් පසාරු කරගෙන යන විසිල් හඬ......

    ReplyDelete
  58. @ පිස්සා පළාමල්ල,
    ගෑනුන්ට අනං මනං කියන්නෙ කව්රුවත් මේ පැත්තෙ නැති වෙලාවක් බලල නේද? ඔව්..වොව් මොනව කොරන්නත් ඔලුව බේරගෙන එපෑ...

    ReplyDelete
  59. අපේ ගැනූ මනුස්සය මේක කියවන්නෙ නෑ කියල 100% අනිවා නිසා අවුලක් නෑ... හික් හික්

    ReplyDelete
  60. Czechoslovakia ? මොකක් !

    මට වසල නෝන්ඩිය

    ReplyDelete
  61. @ පිස්සා,
    අපි නොදන්නා ගෑනු පරාන හිකිස්...ඊයක් එව්වා චුට්ටක් බලහං...

    @ සඳරු,
    කොහෙද බං නෝන්ඩියක්, දන්න ඕනෙ කෙරුමෙක් ගෙං අහල බලහං, "හෙන්රිදබ්ලොග්වෝල්කර්" වගේ එකෙක් දෙන්නෙක් ඇර ඕකෙ ස්පෙලින් හරියට දන්න එවුන් ඉංග්‍රීසි උපං එංගලන්තෙ වත් නැතුව ඇති, මාත් හරි අකුරු ටික හොයා ගත්තෙ ගූගල් හරහ විකිපීඩියා ගිහින්

    ReplyDelete
  62. ඔය චන්ඩියා වගේ ටෝක්ස් දෙන්නෙ අනිවා ඔබී නැන්දා ගෙදර නැතුව ඇති... නැන්ද අහලක පහලක හිටියනම් ලියයි මෙයා... අපි නොදන්න ඔබා...

    ReplyDelete
  63. ඔබා මාමාගේ ගෙවල් පැත්තට ආවමයි. ඒකෙන් මේකෙන් ගාස්තුත් ගියා රෝද තුනේ වාහනේකට........
    ඔබී නැන්දා මෙය දකීවා කියන්නමයි හිත....... හික්ස්....

    @ චූටි මහත්තයා

    අපොයි ලියපු සඤ්ඤක ටික වැරදියි ඕන්. පිපිඤ්ඤා,ස්පාඤ්ඤ, කොම්පඤ්ඤ. වෙන්ට එපැ. සිංහල දිවිය ලෝකෙට යන්නත් ලේසි නෑ. හික්ස්.....

    ReplyDelete
  64. @ අවංක පැට්ටා,
    ඇඩෝව්... යක්කුන්ට බය නං සොහොනෙ ගෙවල් හදනවද ඩෝව්....?
    (ඔබී ඒත් ඇහුව අලුත් පොස්ට් දැම්මේ නැද්ද කියල, මං කිව්ව මේ දවස් වල වැඩ වැඩිය් වෙලාවක් නැහැ කියල)

    @ හා පැටික්කි,
    අවංක පැට්ටට දුන්නු උත්තරේම තමා දෙන්න තියෙන්නෙ.... හැබය් ඇඩෝව්... ඩෝව් කෑලි අතහැරල දාල. ඕනෙම නං ඒවයෙ ස්ත්‍රී ලිංග වචන හොයා ගන්න.....හිකිස්...

    ReplyDelete
  65. මං අද නෙව දැක්කෙ ඔබා මාමගෙ බ්ලොග් එක...!!!
    මට මතක් වුනේ පුංචි කාලෙ දවසක් ඉංගිරිස් පන්තියෙ ඉස්පෙලිං පාඩං ගන්න වෙලාවෙ මට මක්කරලවත් මතක හිටින්නෙ නෑ ඉස්ටෝබෙරි කියන එකට අකුරු... හපොයි ඒ පාර මගෙ යාලුව පියුමි කරපු වැඩේ ඒක මගෙ සුදු ගවුමෙ කොලර් එකේ ලිව්ව ඒක බල බල කියන්ඩ කියල... වැඩ් කියන්නෙ මගෙං ඉස්ටෝබෙරි අහන්නෙ නැතුව ඉතුරු සේරම ඇහුව.... ගෙදර ඇවිල්ල අම්මගෙං බැනුං ඇහුව

    ReplyDelete
  66. @ Hansakinkini,
    පොඩි කුමාරිහාමිගේ පොස්ට් එක දැකල මං හිතුවෙ විවාහය කියල, කොමෙන්ට් කියවගෙන යන කොට තමා තේරුණේ රෙජිස්ට්‍රේෂන් එක කියල. කොහොමත් දෙන්නගෙ ඇඳුම් නං හොඳට හිතට ඇල්ලුව.
    බොහොම ස්තුතිය් මේ පැත්තේ ගොඩ වැදුනට, නැවත හමුවෙමු.

    ReplyDelete
  67. විශේෂ නිවේදනයක් සියලුම බ්ලොග් ලේඛකයන් සහ පාඨකයන් වෙත

    හෙන්රි ද බ්ලොග් වෝල්කර් aka Dude පණිවිඩයක් එවල තියෙනව එයාගෙ කොම්පියුටරේ අස්පෙට් එකක් නිසා බ්ලොග් කියවන නමුත් මේ දවස් වල කොමෙන්ට් කොරන්න බැහැ කියල.

    ReplyDelete
  68. අන්න ඒකනෙ කියන්නෙ.... පුලුවන්නම් මේක ඔබී නැන්දට පෙන්නලා ඊට පස්සෙ මූනත්තහඩුවේ පොටෝ එකක් ගහල අවතාරෙ හැටියට දාන්න බලමු

    හැබෑටම ඇඩොව් අඩෝ කියනෙකෙ ස්ත්‍රී ලිංග පදේ මොකද්ද?

    ReplyDelete
  69. @ අවංක පැට්ටා,
    ඇඩෝව් කියන එකේ ස්ත්‍රී ලිංග පදේ "සමනලය" වෙන්ඩ නං බැහැ කියල මගෙ හිතේ

    ReplyDelete
  70. ඒකනෙ අවුරුදු ගනනක් එකට හිටියත් ගමනක් යනවනම් ඉතින් තනියමම තමයි යන්න ඔනෙ...

    ReplyDelete
  71. @ රන්ජා,
    බොලේ 10 වෙනිද දාපු පොස්ට් එකකට 16 වෙනිද කොමෙන්ට් දාන්න රන්ජ අසනීපයක් වත් එහෙම හැදිල ඇඳේ එහෙම හිටියද?

    ReplyDelete
  72. ඔබා මාමාගේ පෝස්ට් 1ක් කියෙව්වෙ අදමද මන්දා... ඔබායි ඔබීයි වගෙ ජෝඩුවක් කිව්වේ මාමාත් නැන්දාගෙන් අහන්න ඉන්නේ ඔය වගේ වචනයක්ද?

    ReplyDelete
  73. @ මන්තරකාරි,
    තෑන්ක් යූ, මේ පැත්තේ ගොඩ වෙලා යන්න ආවට, ආයෙත් එන්න.

    ReplyDelete
  74. අයියෝ මට මෙ කතාව මිස් වෙලානේ තිබිලා තියෙන්නේ.... කමක් නෑ ඔන්න දැන් කියෙව්වා.... හේ හේ එල කතා පොඩ්ඩ :D

    ReplyDelete
  75. අද නේ පලවෙනි සැරේ ආවට පස්සේ ඔබා මාමගේ සයිට් එක පැත්තේ ආවේ.. යසයි යසයි.. අන්තිම පේලියේ කතා ලියන්නේ නැතුව කරන වැඩේ... (මට මතක විදිහට මේක අන්තිම පේලියේ තිබ්බේ නෑ)

    ReplyDelete
  76. කවුරු කවුරුත් බය වෙන්න කාරිනෑ... දැන් ඒ රට රටවල් දෙකක් ...නේ...චෙක් ,ස්ලෝවැකියා...

    ReplyDelete
  77. මිසිස් ඔබ්සර්වර් පැංසං ගිය ගුරුතුමියෙක් විත්තිය දන්නව . . . . ඒත් මම හිතුවෙ නෑ මෙච්චර වයසට ගිහිල්ලත් එතුමිය බොලා වගේ නැට්ට නැති හරකෙක්ගෙං ස්පෙලිංස් අහයි කියල . . . . .පවු උන්දැ

    ReplyDelete
  78. @ විහඟ,
    පරක්කු වෙලා හරි ආවනේ, තෑන්ක් යූ.

    @ වසුන්දරා,
    ආයෙත් පොස්ට් එකක් දැම්මම සැනෙකින් කියන්න එකේ ඇඩ් එකක් දාන්නං. අන්තිම පේලිය පැත්තේ හැමදාම එනවා.

    @ ඇනෝ,
    කව්ද මේ ඇනෝ? දන්න කියන ඇනෝ කෙනෙක් වත්ද? තෑන්ක් යූ ගොඩ වුනාට.

    @ ඕනයා,
    ඇය් උඹ නැට්ට තියෙන හරකෙක්ද? හරි හරි, "මිල කල නොහැක" එකේ බොගෙ කර ඇඹුවට, නැට්ට කපල දැම්මෙ නැහැනෙ...වැරැද්ද මගෙ, අහු වෙච්ච වෙලාවෙ නැට්ටත් කපල දාන්න තිබ්බෙ

    ReplyDelete
  79. හරි හරි ඔබා මාමාගේ බ්ලොග් එක මං බූක් මාර්ක් කරගත්තා..

    ReplyDelete
  80. @ Wasundara,
    I appreciate it very much, thank you.

    ReplyDelete
  81. "abracadabra" ok thamai apen sure ekatama ahanne....

    ReplyDelete