My followers

Showing posts with label දිව්‍ය ලෝක කතා. Show all posts
Showing posts with label දිව්‍ය ලෝක කතා. Show all posts

Saturday, 10 September 2011

"කරුමෙට කකුල් පහය්"

ඔබා & ඔබී වගේ වයසක ජෝඩුවක් සෑහෙන්න දුර ගමනක් යන්න පිටත් වුනා, ඒ දෙන්න වගේම සෑහෙන්න අබලන් කාරෙකේ. කිලෝමීටර් හාරසිය ගානක දුරක් හින්ද මගදි කන්න කෑම බීම එහෙමත් දා ගත්ත කාරෙකට, පිටත් වෙච්ච ගමන්ම ටැංකිය පිරෙන්න පැට්රෝලුත් ගහ ගත්ත ලඟම තිබ්බ ෂෙඩ් එකෙන්. වයසක ජෝඩුවනෙ , කිලෝ මීටර් සීයක් වත් ගියෙ නැහැ පාරෙ අය්නක කාරෙක නවත්තල අරන් ගිය වඩයක් දෙකක් හපල හෙම, උණු වතුර බෝතලෙන් කෝපි කෝප්ප දෙකකුත් වක් කොරාන බිව්ව. ටිකක් වෙලා මහන්සි ඇරල, ගහකට මුවා වෙලා චූ පාරක් දාල එහෙම, දෙන්න ආයෙත් ගමන පිටත් වුනා.

කරුමෙක මහත කියන්නෙ, කෂ්ටිය අහල ඇතිනෙ කරුමෙට කකුල් පහය් කියල. ඒ කියන්නෙ අපි බේරෙන්න කකුල් දෙකෙන් දුවනකොට, කරුමෙ අපේ පස්සෙන් එළවන්නෙ, කකුල් පහකින්. කවදාවත් දුවල බේරෙන්න බැහැ කරුමෙන්.   මේ වයසක ජෝඩුව පාරෙ වංගුවක් ගනිද්දි, ඉස්සරහින් ආපු ලොරි තඩියක හැප්පුනා කාර් කට්ට. දෙන්න එතනම මිය පරලොව ගියා. නෝනා අවසන් හුස්ම හෙලලා විනාඩි දෙකක් යන්නැති ඕනනං, මහත්තයත් නෝනා පස්සෙන්ම ගියා.

මේ වයසක ජෝඩුව, රහසින් වත් පව් කරපු අය එහෙම නෙවි. දෙන්නම ගියෙ දිව්‍ය ලෝකෙ. ඉස්සෙල්ල ගියෙ නෝනා, මොකද එයානෙ ඉස්සෙල්ල අවසන් හුස්ම හෙළුවෙ. දිව්‍ය ලෝකෙ දොරටු පාල දෙය්යොත් මේ නෝනව සාදරයෙන් පිලිගත්ත. පිං පොත චෙක් කරල බලල එහෙම, නෝනට දැනුන් දුන්න වීසා ප්‍රෂ්න එහෙම මොනවත් නැහැ, කෙලින්ම ඇතුල් වෙන්න පුළුවන්, හැබය් දිව්‍ය ලෝකෙට ඇතුල් වෙන්න ඉස්සෙල්ල ලේසි, සරල ප්‍රශ්නයක් අහනව එකට උත්තර දෙන්න ඕනෙ කියල.  නෝනත් දැන උගත් මනුස්සය හින්ද ලේසි ප්‍රශ්නෙකට පහු බහින කෙනෙක් නෙමේ, ප්‍රශ්නෙට මුහුණ දුන්න. දොරටුපාල දෙය්ය ඇහුවෙ "good" කියන්න අකුරු කියන්න කියල.නෝනා ලේසියෙන්ම උත්තර දීල ඇතුලට යන්න හදන කොටම,දොරටුපාල දෙය්යන්ගෙ iphone එකට ඇමතුමක් ආව, උද්‍යාන පාලක දෙය්යන්ගෙන්, තණකොළ කපන මැෂිමක ප්‍රශ්නයක් සම්භන්දව.

දොරටු පාල දෙය්යන්ට චුට්ටකට උද්යානෙට යන්න වුනා, ඒ ප්‍රශ්නෙ විසඳන්න.

දොරටුපාල දෙය්යෝ, අලුතෙන් ආපු නෝනට කිව්වා, මෙතන ගේට්ටුව විනාඩි පහකට විතර බලාගන්න, කව්රුත් අලුතෙන් ආවොත් මොනව හරි සිම්පල් ප්‍රශ්නයක් අහල ඇතුලට ගන්න කියල. නෝනත් පැනල භාර ගත්ත, ජොබ් එක, දිව්‍ය ලෝකෙට ආපු ගමන්ම මේ වගේ භාරධුර රාජකාරියක් පැවරුණු සංතෝශෙටත් එක්ක.

දොරටුපාල දෙවියො, ඇතුලට වැඩම කරල විනාඩි දෙකක් ගියෙ නැහැ, කව්ද ආවෙ, දිව්‍ය ලෝකෙ ගේට්ටුව ගාවට.   අර නෝනගෙ මහත්තය. අපේ නෝනත් ඉතින් මහත්තයට, දිව්‍ය ලෝකෙ ගේට් ප්රොසීඩියර් එක එහෙම විස්තර කරල දීල සිම්පල් ප්‍රශ්නෙ අහන්න ලැහැස්ති වුනා. මහත්තයත් ඉතිං කිසි චකිතයක් නැතුව ඉන්ටර්වීව් එකට මූන දුන්න. නෝන ඇහුව ප්‍රශ්නෙ.


කියන්න බලන්න ඉංග්‍රීසි අකුරු ටික "චෙකොස්ලෝවැකියා " කියල ලියන්න.

පින්තුරය ගූගල් ෆ්‍රී ෆොටෝස් වෙතිනි

දන්නැති කෂ්ටියගෙ මතු ප්‍රයෝජනය සඳහා....." Czechoslovakia"