My followers

Monday 5 September 2011

රේල් පාර දිගේ......

පිංතුරය ගූගල්/ලංකා රේල්වේ ෆෝරම් අනුග්‍රහයෙනි
මේ සිද්ධිය වෙලා දැන් අවරුදු හතළිහකට කිට්ටුය්. මේකත් ඇත්තම කතාවක්. අවරුදු හතරක පාඨමාලාවකින් පස්සෙ, පලවෙනි පත්වීම ලැබුන යාළුවො හතර දෙනෙක් බණ්ඩාරවෙල ගිහින් බෝඩිමක් හොයාගෙන නතර වුනා. රැකියාව කරගෙන සන්තෝෂෙන් හිටියට, මේ හතර දෙනාගෙන් එක්කෙනෙකුට ගෙදර ප්‍රශ්න වගයක් තිබුන. එයාගෙ නම බණ්ඩාර, ගෙවල් කුරුණෑගල කිට්ටුව. බණ්ඩාරගෙ තාත්ත අසනීප ගතියෙන් හිටියෙ, අම්මය් නංගිය් විතරය් ගෙදර. මහ ලොකු ප්‍රශ්න නොවුනත්, බණ්ඩාර කීප වතාවක්ම ප්‍රධාන කාර්යාලෙ පැත්තෙ රස්තියාදු වෙලා, බොහොම අමාරුවෙන් කුරුණෑගලට ස්ථාන මාරුවක් හදා ගත්ත.



මේ යාළුවො හතර දෙනා නැවතිලා හිටපු නවාතැන ගැනත් පොඩි අතුරු කතාවක් තියෙනව. ඒකත් මේ ගමන්ම කියල ඉන්නංකො. මෙයාල නැවතිලා හිටිය බෝඩිමේ අයිතිකාර නෝනට දුවල හතර දෙනෙක් හිටිය. තාත්ත ඒ වෙන කොට මිය පරලොව ගිහින් කාලයක් ගත වෙලා. ගෙදර අයිති නෝනට කට්ටිය නම දාල තිබුනෙ, "මහානාම" කියල, ගෙදර ලොක්ක නිසා වෙන්නැති. එක දුවෙක් තමා කුස්සිය භාරව හිටියෙ, උයන පිහන වැඩ එහෙම, කොටින්ම බත් ලැබුනෙ එයාගෙන් කිව්වැකි, ඒ නිසාද කොහෙද එයා "භද්දිය". එක දුවෙක්ට පොඩි වපරයක් තිබුනලු, ඒ නිසා එයා "වප්ප". තව දුවෙකුට දිග ලස්සන කොණ්ඩයක් තිබිල තියෙනව, එයා "කොණ්ඩඥ්ඥ". බාල දුව පස්සෙ කාලෙක ඔය හතර දෙනාගෙන් බය්ල පියා කියන හුරතල් නාමෙන් හැඳින්වුන එක යාලුවෙක් තම බිරිඳ කර ගත්ත. ඒ බාල දුව ඔය කියන කාලෙ පෝනි ටේල් එකක් දාන්න පුරුදු වෙලා හිටියලු, ඒ නිසා එයාට නම දාල තිබිල තියෙන්නෙ "අස්සජි" කියල. ඔය නම් සැට් එක, වැඩ කරන තැන හැමෝම දැනගෙන හිටියට, බය්ල පියා තමන්ගෙ බිරිඳ සුජාතටත් කියල තියෙන්නෙ, බැඳලත් ටිකක් කල් ගියාට පස්සෙ කියලය් ආරංචි වුනේ.



මේ කට්ටිය නැවතිලා හිටපු බෝඩිම තිබුනෙ බස් පාරක් අයිනෙ වුනාට, බස් එකක් එනකං ඉන්නවට වඩා ලේසියෙන්, රේල් පාරට බැහැල, රේල් පාර දිගේ ටවුමට එන එක ඉක්මන්. ඒ කාලෙ දැන් වගේ තරඟෙට දුවන ප්‍රය්වෙට් බස් තිබුන් නැහැ. ඉතිං බණ්ඩාර, බණ්ඩාරවෙලින් පිටත් වෙලා කුරුණෑගල එන දවස උදා වුනා. එදා යාළුවො ටිකත් බණ්ඩාරගෙ අඩුම කුඩුම ටිකත් අරන්, රේල් පාර දිගේ එන්න පිටත් වුනා ටවුමට, කොළඹ යන බස් එකක් අල්ල ගන්න හිතාගෙන. ඇඳුන් එහෙම දාගත්තු ටිකක් විතර ලොකු සුට්කේස් එක තිබිල තියෙන්නෙ බණ්ඩාරගෙ අතේ.



රේල් පාර දිගේ ටිකක් දුර එනකොට, රේල් පාර අයිනෙ ගෙදරක ඉඳල ලස්සන ගෑල්ලමයෙක් දුවගෙන ආවලු රේල් පාරට, බණ්ඩාරව බදාගෙන අඬන්න පටන් ගත්තලු වැලහින්න වගෙ, "අනේ රත්තරන් ඔයා මට නොකියම යන්න යනව නේද, මෙහෙම මාව තනි කරල යන්ඩ දුක නැද්ද, ලබන මාසේ අපි බඳින්න නේද හිටියෙ" අරවද මේවද ලෝකෙ නැති ඒවා කිය කිය. යාලුවන්ටත් ෆුල් හොල්මන්ලු වැඩේට, වෙන මොනවත් හින්ද නෙමේ, බණ්ඩාරය උන්ටත් හොරෙන් කොහොමද මේ සිරා ලව් සීන් එක ගෙනිච්චෙ කියල.



ඒ අස්සෙ කෙල්ලගෙ ගෙදර ඉඳං තව ගැන්සියක්ම දුවගෙන එනවලු රේල් පාරට, කෙල්ලගෙ අම්ම,තාත්ත, අය්යල ,මල්ලිල, අක්කල නංගිල කියල හිතන්න පුළුවන් සෙට් එකක්. බය්ල පියා කිව්වෙ, ඌ නං හිතාගත්තෙ බඩු බනිස් තමා, අංබානකට කන්න වෙනව මේ බණ්ඩාරයගෙ වැඩ හින්ද කියල.


අර දුවගෙන ආපු කෂ්ටිය කෙල්ලව ඇදගෙන ගියාලු ගෙදර. කෙල්ලගෙ අය්ය කෙනෙක් මුන් සෙට් එකෙන් සමාව ඉල්ලුවලු, " අනේ මහත්තුරු සමා වෙන්න ඕනෙ අපිට, නංගිගෙ පෙති ඉවර වෙලා" කියල.

67 comments:

  1. නංගිගේ පෙති ඉවර වෙලා තියෙන්නෙත් මාර දවසක තමා.
    උදේ පාන්දර හිනා.

    ReplyDelete
  2. කට්ටිය බන පොතුත් කියවනවා වගේ. පේන්නේ නැද්ද ගෑනු ලමයින්ට දාලා තිබුනු නම් ටික...:)

    ReplyDelete
  3. නම් ටික නම් නියමෙට ගැලපෙනව..බලා හිටිය වගෙ ලියල තියෙන නිසා..ඔබා අයිය මේ හතර දෙනාගෙන් කෙනක්ද මන්දා?

    ReplyDelete
  4. මට කිවූ ආකාරයටනං ළමයි..ඔය කෑම බීම වල රහ කොච්චරද කිව්වොත් භද්දිය මිසිස් ඔබී නොවී බේරුනේ මහානාමගෙන් වැදුන දැවැන්ත හයේ පාරක්..ආ නැහැ නැහැ ඉලපත් පහරක් හින්දළු... ඒක මතක් කරනකොටත් ඔබා අයියට තාමත් කෙඳිරි ගෑවෙනවා කියලත් කිව්වා..අනේ මංදා..වේදනාවටද එහෙම නැත්තං..:D:D:D

    ReplyDelete
  5. සුවර් එකටම ඔය හතර දෙනාගෙන් එක්කෙනෙක් ඔබා අයිය නේද?

    ReplyDelete
  6. මොනා වුනත් මරු නම් ටික ඔබා අයිය... මාරෙ අයිය කියනව වගේ ඉලපත් පාරක් කෑව වත්ද?...

    ReplyDelete
  7. හත්තිලව්වයි පෙති ඉවර වෙලා මෙහෙම වෙලා බේරුණ එක මදැයි. තව ඩිංගෙන් මෙවුවා එකත් මෙවුවා වෙලා මෙවුවා වෙන්න තිබුණා. මගේ අම්මෝ!!!!

    ReplyDelete
  8. වෙලාවට ගෙදර මිනිස්සු ආවෙ. නැත්තන් බණ්ඩාරට කට්ටිය එකතු වෙලා ගෑණු ළමයව බන්දලත් දෙයි.

    ReplyDelete
  9. පෙති කිව්වෙ..? මිතුරි වගෙ උපත් පාලන පෙත්තක්වත්ද?
    henryblogwalker aka Dude

    ReplyDelete
  10. මරු කතාව. ඊට වඩා ලස්සන නම් ටික. මගෙත් එකම පවුලේ යාළුවෝ හතර දෙනෙක් හිටියා. උන්ගේ වාසගම දන්තනාරායන. මම උන්ට දාලා රෙජිස්ටර් වෙච්ච නම් ටික තමයි කෘන්තක, රදනක, චාර්වක, පුරස්චාර්වක දන්තනාරායන. කාළයක් මම වැඩ කරපු කාර්යාළයක ජොලි පොරක් හිටිය. එයයි නෝනයි කෙල්ලෙකුට ට්‍රයි. මුල් තුන් දෙනාම කොල්ලෝ. නම් බුද්ධදාස, ධම්මදාස, සංඝදාස, අපේ ඔෆීස් එකේ ඉන්න කාළේ ඊ ගාව ට්‍රයි එකේ ප්‍රථිපලෙත් ආවා. ඌගේ නම ආනන්ද. ඊට පස්සෙ ට්‍රයි කරන්න හම්බ උනේ නෑ. අර පොඩි උන් ටික දාලා ඌ ඇක්සිඩන්ට් එකකින් පරළෝ ගියා.

    ReplyDelete
  11. ඇදිරි වැටෙන යාමෙක ඔය සිද්ධිය උනානම් තමයි පොඩ්ඩක් ගතියක් තියෙන්නේ... මම අහන්නේ බොරුද ඔබා මාමේ...

    ReplyDelete
  12. ඉතිං ඊටපස්සෙ බණ්ඩාර ඒ ගෑනුළමයට පෙති පැකට් එකක් ගිහිං දුන්නද?

    ReplyDelete
  13. හිහ් .... හිහ් .....
    මම හිතුවෙ සිරාවටම බණ්ඩාර ලොක්කට කෙලියා තමා කියලා, බැලුවාම පෙති ඉවර වෙලානෙ, මේ ඇත්තටම ඔබා මාමා (අයියා) ඔය වැඩේට සම්බන්ධ නැද්ද .......

    ReplyDelete
  14. නංගිගේ පෙති ඉවරවෙනකම්ම අය්යලා බලාගෙන හිටිය එක වැරදි,.ඔය වගේ ලෙඩෙක් ගැන මීට වඩා සැලකිළිමත් වෙන්න එපයි නේද???

    ඔය හතර දෙනාගේ ලිස්ට් එකේ අනිවාර්යෙන්ම ඔබා අය්යත් ඇති..

    ReplyDelete
  15. මටත් අහන්න හිතෙන්නම ඇත්තද මේ මාරය කියල තියෙන්නෙ කියල

    ReplyDelete
  16. කෙල්ලෝ ඉන්න බෝඩිමක නවාතැන් ගත් කොල්ලෙකුට ලැබෙන අනිවාර්ය ත්‍යාගය බයිලා පියාට.
    රාත්‍රී කාලයේ කොටු පැනීමේ ශුරතාව වෙනුවෙන් ලබන ත්‍යාගය තව පොඩ්ඩෙන් බණ්ඩාරට,
    (කොල්ල හොද නිසා බේරිලා)
    අවවාදය: පෙති ගහන අය නිතරම පෙත්තක් ලග තබා ගන්න

    ReplyDelete
  17. හිනාවෙලා පණ පලයං කීවලු.... මම නම් ඔය කෙල්ලෝ සෙට් එක ගැන කලින් ඇහුවා සීයෙන්..... මම හිතුවේ කස්ටිය පස්සෙන් එන්නේ බණ්ඩාරයව පෙති ගහන්න කියලා. බලාගෙන ගියහම පෙති ඉවරවෙලානෙ...

    ReplyDelete
  18. ඒ ලස්සන ගෑල්ලමය බලන්න යනකොට ඔබා අය්යත් පෙති පැකට් එකක් අරන්ද ගියේ?

    ReplyDelete
  19. ඕනනේ ඉතින් ඔබා සහෝදරයා තමුන්ගේ කෑල්ල අයින් කරලා කතාවක් ලියනවා.. ඔය කතාව සම්පුර්ණ වෙන්නේ මෙහෙමයි. ඔබා තමයි ගැන්සියේ පොරදානියා. හොරෙන් ගෙනිච්ච ලව් එක අර රේල් පාර අයිනේ ගෙදර ගැල්ළමය එක්ක කාටවත් නොදැනෙන්න .. ඒ අතරේ තමයි ඔය වප්පත් එක්ක ඇයි හොඳයිය පටන් ගත්තේ. වප්පගේ වපරේ හින්ද වප්ප හිතුවේ ඔබා කෑමට පෙරේතකමට වැඩියෙන් කන්න බද්දියත් එක්ක මුකුළු කරනවා කියලයි.. හැබැයි ඇත්ත කතාව වප්පත් එක්කත් මුකුළු දාපු එකයි.. එක දවසක වප්පට අහුවෙනවා රේල්පාර අයිනේ කෙල්ලත් එක්ක ඔබා කයියක් ඔබාගෙන ඉන්නවා. ඔන්න වැඩේ කෙල උන දා. වප්පා ඔබා දිහා බලාගෙන බැන්නට එක වැදුනේ කෙල්ලටයි ඇයි වප්පගේ ඇස් තිබුනේ කෙල්ල දිහා බලාගෙනනේ.. ඔන්න ඒකිට දැන් ටිකක් මනස අබිලික් උනා./ ඔය අතරේ බණ්ඩාරය යන්න යනකොට කොට්ට මෙට්ට උස්සන් ගියේ ඔබානේ. කෙල්ල හිතුවා ඔබා චිට් එක දෙන්න යනවා කියල. ඇවිත් පැනල බදාගත්තේ බන්දාරයවයි ඔබාට යන්න දෙන්න එපා කියල.. අයියෝ .. අපේ ඔබී අක්ක ඔය කතාව දන්නවනම් ඔබා දිහා ඇහැක් වහල තමයි බලන්නේ..

    ReplyDelete
  20. දැන් ඔය ගෑල්ළමයට ඔය පෙති ගන්න හේතුව ඇති කලේ කවුද දන්නේ නෑ නේ

    ReplyDelete
  21. අර නම් ටිකනම් සුපිරියටම ගලපලා තියෙනවා.මරු........
    මම නම් හිතුවෙම බණ්ඩාරට එකම කෑමක් ලෑස්තිකරලා ඇති කියලා කට්ටිය ඔක්කොම වට කරන් එනකොට.

    ReplyDelete
  22. හි හි.. මදැ ඔයින් ගියා...

    ReplyDelete
  23. මං දන්නා තරමින් බෝඩිමේ කෙල්ලෝ ඔබ්සෝවර් සහ මිතුරු සමාගමටත් අන්වර්ත නම් දාලයි තිබිල තියෙන්නේ.

    මෙන්න ඒවා. අපේ ඔබ්සෝවර් ට හෙම කියන්න එපා, හරිය?

    ඔබ්සෝවර් - කාලා, කාලාම ආරලා ආපු හින්දා -ආලාර කාලාම

    බයිල පියා - කියන තරමක් කියන්නේ බියලා නිසා - සම්මා සංකෙප්ප

    රෑ කාලේ කෙල්ලගේ ගෙදර ගිහින් අහුවෙලා සරමත් නැතුව දුවගෙන ආපු බංඩාරේට - නිඝන්ඨ නාත පුත්ත

    ReplyDelete
  24. මෙහි කොනක ඔබා අයියා නොසිටින්නේද ?

    ReplyDelete
  25. කෙල්ලට ඇත්තටම පිස්සු හැදුනේ මුගේ ම බූට්‌ පාරකින් ද දන්නේ නැහැ. හිටි ගමන් පිස්සන්ටත් සිහි ඇති වේ.

    ReplyDelete
  26. මරු කතාව! ෂුවර් එකටම ඔබා අයියත් ඉන්නව වෙන්න ඕනෙ මේ අතරේ...

    ReplyDelete
  27. තව ඩිංගෙන් මගුලක්....!

    ReplyDelete
  28. අනේ අපොයි පෙත්ත ඉවර වෙලා වෙලා තියන දෙයක් .. !

    කෙල්ලන්ට දාලා තියන නම් ටික දැක්කාම ඉල නෑ ..හිනා වෙලා

    ReplyDelete
  29. නම් ටික නම් සිරා තමයි! අස්සජි! හික් හික්! හැබැයි අර කෙල්ලට වෙච්ච දේට නම් මං හිනා වෙන්නේ නෑ මාමේ! ඒ කෙල්ල පවු! ඒත් බණ්ඩාර නම් එකසිය ගාණට රත් වෙන්න ඇති නේද ඒ වෙලේ??

    ReplyDelete
  30. ඔය හතර දෙනාගෙන් එක්කෙනෙක් ඔබා මාම ද, මටත් හිතෙන්නේ කෙල්ලට පෙති බොන්න වෙන්න ඇත්තෙත් බණ්ඩාරයා හින්දම තමයි :)
    - ගන්දරයා -

    ReplyDelete
  31. ඔබ්සවර් = ආලාරකාලාම
    හික් හික් හී ගැලපෙනම නම කතන්දර ..ඇත්තමයි ළඟක හිටියනම් මේ කතාවට රන් පවුමක් කෙසේ වෙතත් අලුත්ම අලුත් දිලිසෙන රු 5හේ කාසියක්වත් කටට දමන්න වටිනවා.. කෝ මේ ආලා... නැහැ ඔබ්සර්වර් අයියා ?

    ReplyDelete
  32. පට්ට කතාවක්. ඔබා අයියත් මෙකේ කොනක ඉන්නවා. මිට පස්සේ කාලාම අයියා කියල කාඩ් එකක් වැදෙන්නත් බැරි නෑ. බලාගෙන..

    ReplyDelete
  33. නියම නම් ටිකක් !!!!
    කොටින්ම ගෙදර නිකන් ආවාස ගෙයක් වගේ. හික්ස් :)

    ReplyDelete
  34. පොත් ගුල්ලා,
    හිනා ගියා නං ලොකු දෙයක්, මට හිතුන ගොං කතාවක් ලිව්වද කියලත්...තාම අලුත්නෙ.

    පොඩි කුමාරිහාමි,
    අවසර, ඔය නං ටිකේ කතාව ටික කාලෙකට කලින් වන් සීරෝ එකෙත් දැම්ම. ඒකෙ "ඔබ්සර්වර්" සහ "Observer" නං දෙකෙන් මගේ චූටි කතා දෙක තුනක් තියෙනව. වෙලාව තියෙන කොට පුළුවන් නං ගිහින් බලන්නකෝ

    වෙනි,
    බලා හිටිය නං කියන්නෙ ඔහොම නෙමේ......

    මාරයා,
    මං කුරුනෑගල ඉන්න කාලෙ, ඔය බණ්ඩාරවෙල බෝඩිමට කීප සැරයක් විසිට් ගහල තියෙනව, අනේ ඒ ආන්ටි හරි ස්වීට්, බය්ල පියා හින්ද අස්සජි ඇර, අනිත් තුන්දෙනාගෙන් ඕනෙ කෙනෙක් කර තියන්න තිබ්බ.

    රන්ජිත්,
    නැහැ..... කිව්වොත් නැහැ...ඊළඟට ඔය කතාව කියන එකාට සය්බර් කනේ පාරක්.....

    සාතන්,
    මාරයා ගංජ ගහල ඉන්නෙ, බොරු නං අද දාල තියෙන පෝස්ට් එකය්, ඒකට මං දාල තියෙන කොමෙන්ට් එකය් බලන්නකො

    ReplyDelete
  35. Gehan,
    මෙව්ව වෙන එකත් ලේසි කෙලියක් නෙමේ

    පිනිබිඳු,
    ආයෙ දෙකක් නැහැ, ගෙදර කෂ්ටිය සැරට හිටිය නං, යාළුවො ටික බණ්ඩාරව කෙල්ලට බන්දල දීල ශේප් වෙනව....හිකිස්....

    හෙන්රි,
    දන්නෙ ඕව විතරනෙ, තව පෙති ජාති තියෙනව.....ඔය අලුතෙන් බ්ලොග් ලියන්න පටන් ගන්න එවුන්ව සනීප කොරන්න එහෙම, ඒවට කියන්නෙ "පිස්සන්ට දෙන බේත් පෙති" කියල

    Raj,
    ඔය නං ටිකේ කතාව ටික කාලෙකට කලින් වන් සීරෝ එකෙත් දැම්ම. ඒකෙ "ඔබ්සර්වර්" සහ "Observer" නං දෙකෙන් මගේ චූටි කතා දෙක තුනක් තියෙනව. වෙලාව තියෙන කොට පුළුවන් නං ගිහින් බලන්න.

    ReplyDelete
  36. මාතලන්,
    දන්තනාරායන ලට ඊට වඩා සුදුසු නං කොහෙන්ද?
    අර දෙවනි නං සෙට් එකේ තාත්ත ගැන ඇහුවම නං සංවේගයක් ඇතිවුනා. පොර තව ටික කාලයක් හිටිය නං සැරියුත් මුගලන් දෙන්නත් නැවත ඉපදෙන්න තිබ්බ.

    හොඳ මිනිස්සු, ජොලි පොරවල්, තමා ඉස්සෙල්ලම අපිව දාල යන්නෙ මාතලන්

    අභීත,
    පිස්සුද, අභීත බොරු කියනවද?
    ඇත්තටම සීන් එක වුනේ උදේ පාන්දර, මං කතාව සිද්ධ වෙච්ච විදිය මට දැන ගන්න ලැබුන විදියට ලිව්ව මිස ඒ ගැන හිතුවෙ නැහැ, අභීතගේ අදහස හරියටම හරි, පොඩි ත්රාසයක් ඇඩ් කොරන්න තිබ්බ

    ප්‍රසන්න,
    බණ්ඩාර ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, මාරු වෙලා තියෙන්නෙ ගියර් හතරම එක පාර මාරු කොරල

    පන්සල් ජන්ෂන්,
    ඉඳා කන පැලෙන්න එකක්.....කලින්ම කිව්වනෙ රන්ජියට, ඊගාවට ඕක අහන එකාට කන පැලෙන්න ගහනව කියල

    ReplyDelete
  37. ගිම්හානි,
    ගෑනු ළමයින්ට කනට ගහන්න බැරි නිසා ඔයා බේරුනා.

    ඔය කියන කාලෙ මගෙ යාලුවෙක් නුවර ඉඳල කොළඹ ක්ලිනික් එකකට එනව, මානසික ආභාධයක් තිබ්බ එයාගෙ අය්යගෙ බේත් පෙති ටික ගෙනියන්න. ඒ කාලෙ පහසුකන් හුඟක් අඩුය්, ඇත්තටම මාසෙකට සැරයක් පෙති ගෙනියන්න බණ්ඩාරවෙල ඉඳල කොළඹ එන එක ඒ අයට ලේසි වැඩක් නෙමේ වෙන්නැති

    හරී-පිනිපළස,
    මාරයා ගංජ ගහල ඉන්නෙ, බොරු නං අද දාල තියෙන පෝස්ට් එකය්, ඒකට මං දාල තියෙන කොමෙන්ට් එකය් බලන්න.

    ReplyDelete
  38. අම්බලම,
    බය්ල පියා දැන් මං දන්න විදියට විශ්‍රාමිකයෙක්, බිරිඳත් සමහර විට විශ්‍රාම අරන් ඇති. බණ්ඩාරත් දැන් විශ්‍රාම අරන් ටිකක් කල්. බණ්ඩාරය බඳින්න ඉස්සෙල්ල ටිකක් කොබා කියල කට කතා ගිහින් තිබ්බත් ඔය දෙන්නම නරක එවුන් නෙමේ.

    ගොඩය,
    උඹ තවම ලංකාවෙද?

    තනිකඩය,
    උඹත් ඉල්ලන්නෙ කනේ පාරක් වගේ

    ජය්යො,
    උඹ මලක් වත් ඇදගෙනද මේ අකුරු වරද්ද වරද්ද මොනවද කොටන්න හදන්නෙ? අර රන්ජියට කිව්ව වගේ කනට ගහනව කියන්නත් බැහැ වයසක මනුස්සය හින්ද. මලක් ඇද්ද නං අඩියක් පුඩියක් ගැහුව නං පැත්තකට වෙලා නින්දක් ගහපන්....

    ItalyDilan,
    පොඩි කාලෙ ඉඳන් තිබ්බ අස්පෙට් එකක්, අපේ අහිංසක බෝ පැල කිසිම සම්භන්දයක් නැහැ

    ReplyDelete
  39. හරිම ලස්සන ෆිල්ම් එක.ඔක්කොම තියෙනව.
    සිනහව,කඳුල,ත්‍රාසය,ආදරය,වලි.....ඔක්කොම....!!!

    ReplyDelete
  40. හානේ මම දැනුයිනේ දැක්කේ බ්ලොග් එක. මෙච්චර කල් දැනන් හිටියේ නැහැනේ අන්කල් බ්ලොග් එකක් පටන් ගත්තා කියලා. දැන් ඉතින් අපිට හොඳ කතා ටිකක් රස විඳින්න පුලුවන්.... :D


    කට්ටිය මාර නම් ටිකක්නේ දාලා තියෙන්නේ. අරිසෙන් අහුබුදු පරාදයි...

    කොට ජීවිතේ

    ReplyDelete
  41. මට පේන්නෙ අර ළමය ඇත්ත කියන්න ඇත්තෙ... ගෙදර උන්ගෙ හිතේ පිස්සු හින්ද කියවනව කියල... දැන් කැළණියෙ විස්සවිජ්ජාලෙ එකෙක් මොකක් හරි හොඳ දෙයක් හොයාගත්තත් කට්ටිය හිතන්නෙ නාථ දෙයියන්ගෙ කේස් එකක් කියලනෙ...
    .........
    මෙක ඇත්තම එකක් .. ඉස්සර අපේ ඉස්කෝලෙ හිටිය මැලේ පවුලක අයියයි මල්ලියි.. අයියගෙ නම "අච්චො".. මල්ලිගෙ නම "කිච්චො"... ඒ දෙන්නට අක්කකෙනෙක් හිටිය අක්කගෙ නම "කුම්භා"... නංගි කෙනෙකුත් හිටිය.. නම වෙන එකක්.. ඒත් අපි කිව්වෙ "නිදිකුම්බා" !

    ReplyDelete
  42. ලොවෙත් නැති ලොවි ගහෙත් නැති කතාවක්නේ... හැබැයි මට ෂුවර් ඔබා යය මේකේ කොණක අය්තිකාරයෙක්..

    ReplyDelete
  43. ඊට පස්සෙ ඔය ගැහැණු ළමයගෙ ගෙදර කවෘත් නැති වෙලාවක ඒ ළමයගෙ පෙත්ත ඉවර වෙනකං ඉන්නවලු ඔබා මාම පෙත්තක් එහෙම කාරිය ගහල :P lol :P

    ReplyDelete
  44. Rajith Doo
    කස්ටියම හිතල තියෙන්නෙ එහෙම තමා අන්තිම තප්පරේ වෙනකන්

    තනෝජා රාජපක්ෂ,
    සාදරයෙන් පිලිගන්නවා

    ක. ශු.
    ඔබී කියනවා, අඳුරන දෙන්නට කතන්දර දීල තියෙන නම් හරියටම හරිලු. බයිල පියා කියන්නෙ නිකං නෙමෙය්.....සින්දු වතුර, නැටුන් තෙල් අවශ්‍ය නැහැ ඌට බය්ල කියන්න, බොරු ඇද බාන්නත් දෙය්ය

    ChammA,
    සය්බර් කනේ පාරක් ඕනෙද?

    සුජීව,
    අනේ නෑ....බණ්ඩාරය බෝ පැලේ වගේ එකා, ඇල් වතුරත් නිවල බිව්වෙ

    ReplyDelete
  45. ගීතක,
    නොම්මර 500, කිරුල පාර, නාරාහේන්පිට. කියන තැනට ගිහිල්ල මගෙ සර්විස් රෙකොර්ඩ් එක චෙක් කොරල බලන්න, කවදාවත් බණ්ඩාරවෙල ප්‍රදේශයෙ වැඩ කොරල නැහැ මං තුමා.

    ප්‍රසන්න,
    මගුලක් නෙමේ, අවමගුලක්. කෝච්චියක් එහෙම ආවනං බණ්ඩාරය බෙල්ල තියනව.

    සඳරු,
    අර තට්ට මෑන්ස් නං කියන්නෙ, කෙල්ලෝ කොල්ලන්ටත් හොඳ නම් දාල තියෙන්න ඇති කියල.

    මාධව,
    ඔය නම් ටික මං "වන් සීරෝ" එකේ දාල බවුද්ධ තලිබාන් ඇනෝ කෙනෙක් ගෙන් බැනුන් අහන්නත් සිද්ධ වුනා

    ගන්දරයා,
    බණ්ඩාරය එහෙම කෙනෙක් නෙමේ, අන්තිම අහිංසකය. මං වගේම තමා.

    ReplyDelete
  46. Weni & cjgayaan,
    බලං ඉඳපල්ල "කතන්දර" බොලාට තට්ටෙන් සොමිය දෙනකන්.

    මධුරංග,
    හොඳ ආවාස ගේ... ඔය බෝඩිම ගාවම තව බෝඩිමක් තිබුන ඒකෙ හිටියෙත් ඔය ආයතනේම වැඩ කොරපු කෂ්ටිය. රෑට ගෙවල් දෙක ක්ලබ් හවුස් වගේ. කැරම්, කාර්ඩ්, දාම් ගේම් වලට අමතරව පඩි දවස් කිට්ටුව එහෙම ලාවට අඩියක් පුඩියකුත්........

    ReplyDelete
  47. පිසා,
    මේක අන්තිම පේලියේ දාන්න හිටිය කතාවක්. බලාගෙන යනකොට කොහේ දැම්මත් එකය්, "උඹටද මේක වුනේ?" තමා හැමෝටම තියෙන ප්‍රශ්නෙ....හෙහ්....හෙහ්....හෙහ්....

    කොට ජීවිතේ,
    සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා. විභාග ඉවරද? අලුත් පෝස්ට් දැම්මේ නැහැ නේද බ්ලොගේ ලඟදි?
    ඔය ආයතනේ වැඩ කරපු අය නම් දාන්න, පද හදන්න කප් ගහපු ඈයො .

    සපතේරු උන්නැහේ,
    සමහර පොඩි කාලේ වැටෙන නම් ජීවිතේටම රෙජිස්ටර් වෙනවා. අපේ නෑදෑ අක්කල දෙන්නෙක් ඉන්නවා, දැන් වයස 60 ගණන්. එක්කෙනෙක් "චංක" අනිත් එක්කෙනා "බංක" පොඩි කාලේ අම්ම හුරතලේට කියපු නම්ලු. අහල ඇතිනේ උක්කුන් සීයල, උක්කුන් ආච්චිලා එහෙම.

    ReplyDelete
  48. අලුත් කොල්ලා,
    තෑන්ක් යූ....ගොඩවෙලා, කියෝල කොමෙන්ට් එකකුත් දැම්මට.

    ක්සැන්ඩර්,
    නෑ.....බොලේ නෑ.....අහිංසක මනුෂ්පයට කතා හදන්න එපා.

    අවංක පැට්ට,
    අවංක පැට්ට ඒ කාලේ පොඩි එකාලු, ඌව එක්කං ගියාලු පාන අල්ලන්ඩ, ඒකලු ඒක ඔච්චර හොඳට විස්තරේ දන්නෙ.....හිකිස්....

    ReplyDelete
  49. මගේ බ්ලොග් එක වෙනස් කලා. දැන් ඒකට දාලා තියෙන්නෙ අලුත් නමක්. මේ URL එකට ගිහින් බලන්නකෝ...
    http://kinnaravi.blogspot.com/

    එකම එක අලුත් පෝස්ට් එකක් විතරයි තාම දාන්න හම්බ උනේ... මේ මාසේ අන්තිම විභාගේ ඉවරයි. ඊට පස්සේ ඉතින් දිගටම ලියන්න පුලුවන්...:)

    කොට ජීවිතේ

    ReplyDelete
  50. @ කින්නරාවි/කොට ජීවිතේ,
    ඔයාගෙ අලුත් බ්ලොග් එක පැත්තේ ගියා. දැන් පාසැල් ලියන්නෙම නැද්ද?

    ReplyDelete
  51. ඔව් ඒක ඇත්තලු.. ඔබා මාමටත් වයස හන්දා පානක් නැතුව අඳුරෙ වැඩේ කොරගන්න අමාරුයිලු... හිකිස් කොකිස්.. :) :) :)

    ReplyDelete
  52. මම අහලා තියනවා ඔය දීග තල දෙන්න බැරිව ඉන්න දූලා ඉන්න අම්මලා කරනවැයි කියන්නේ ගෙදර බෝඩිමක් දාලා හොඳ වැදගත් රස්සවල් කරන ඉලන්දාරි නවත්ත ගන්න එක. අර පරස්තාවක් කරගන්න බැරිව ඉන්න දූලගේ ප්‍රශ්නේ එතනින්ම ඉවර වෙනවා.....! අන්කල් ඔබා අයියටත් එහෙම පිනක් සෙට් උනේ නැතෙයි....?

    ReplyDelete
  53. දුමියෝ,,
    කතාව සම්පුර්ණ ඇත්ත. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ ඒ කාලේ මජං අතගාන එවුන්ව වැදගත් රස්සාවල් කොරන එවුන් හැටියට අම්මල නොහිතපු එකය්, ටිකක් ඔලුව තියෙන, මජං අතගාන එවුනුත් සීන් කෝන් එක තේරුං අරගෙන බඳින්නෙ කව්ද කියල හිතල බලන්න පටන් ගත්ත එකය්.

    හැත්තෑ ගණන් වලත්, ඔය මජං අත ගාන මෝඩ හැත්ත, ලොක්කන්ගෙ සොක්කන්ගෙ , ක්වාටර්ස් වල ගෙනත් තියාගෙන ඉන්න නාකි කෙල්ලන්ට කියන්නේ "කෙකි" කියල ...හිකිස්......ඒ අහිංසක කෙල්ලන්ට තුන් හිතකින් වත් අපහාසෙට එහෙම කිව්වා කියල හිතන්න එපා....ඒ වුනාට කොල්ලො මෝඩයෝ කියල හිතන කෂ්ටිය තොප්පිය සයිස් හරි නං දා ගත්තට විරුද්ධත්වක් මගෙන් නං නැහැ...

    කොහෙද බං මට එහෙම වාසනාවක්......ඇටෙන් පොත්තෙන් එන්න කලින් ලව් කොරන්න පටං අරං ඊට එහා (හොරෙන් මිසක්) බලං නැතුව තිබ්බෙ නැතෑ කර....

    ReplyDelete
  54. ලංකවේ හිටියනම් කොහෙද ඔබා මාමා මේවට කොමෙන්ට් දාන්න වේලාව. සති 2යි හිටියේ අප්පා.......

    ReplyDelete
  55. @ Godaya,

    ලංකාවට එන එක මාසෙකට වත් එන්න එපෑ

    ReplyDelete
  56. අඩේ අපි ඔබා මාමා ඔබා අයියා කිව්වට හරි නම බයිලා පියා නොවැ . . .

    ඉතිං කොහොමෙයි . .

    අස්සජී සනීපෙන් ඉන්නවැයි අයියේ ??

    ReplyDelete
  57. @ දුකා,
    ඔබීට වෙන නං කියන්න ගිහින් අත පය කඩා ගන්න බැහැ........දුක්ගන්නාරාළ ඉන්නෙත් ළඟ පාතක නෙමේ නොවැ....

    ReplyDelete
  58. Baila Piya keewe ape P/W eke hitapu Mr. Piyasena neda mata Mr. Sirisena hamu unama me gena kiyannam, Etakota ara Nihal Piyadasa, Robinson, wage ayata sambanda kata nedda? Paramount eken kala Grand eken beela kiyapu kata ehama( Grand eken beela Paramount eken kala) tawa news ekak tiyenawa Paramount eke Namal Accedent wela denata masa dekakata witara antra una

    ReplyDelete
  59. @ Ferdi,
    ග්‍රෑන්ඩ් එකේ කතාවක් මෙතන තියෙනව.
    http://observer-nireekshaka-observer.blogspot.com/2011/08/grand-hotel-kurunegala.html

    කොන්දොස්තර නිමල් මතකද, පස්සෙ කාලෙක අලව්වෙ ඩිපෝ ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙලා හිටිය, ඌ ගැන කතාවක් මෙතන තියෙනව.
    http://observer-nireekshaka-observer.blogspot.com/2011/08/blog-post.html

    චන්දරේලගෙ ගමේ පාරක ඒ කාලෙ බස් එකක වෙච්ච තව ඇත්ත කතාවක් මේ ලින්ක් එකෙන් කියෙව්වැකි.
    http://observer-nireekshaka-observer.blogspot.com/2011/09/blog-post.html

    සිංහලෙන් කොමෙන්ට් ලියන්න ලේසිය් මේ සයිට් එකට ගියාම.
    http://www.google.com/transliterate/Sinhalese

    නාමල් ඇක්සිඩන්ට් එකකින් මලා කියල මම කුරුනෑගල වැඩ කරපු බව දන්න යාලුවෙක් ඇක්සිඩන්ට් එකේ පින්තුරත් එක්ක විස්තර ඒ දවස් වලම එවල තිබුන.
    තෑන්ක් යූ, නිහාල් රොබා එහෙම මතක් කලාට. මේ දවස් වල දයාසේන ගැන කතාවක් මතක් වෙලා තියෙන්නෙ ඒක ලියන්න ඕනෙ අද හෙටම.

    ReplyDelete
  60. මේ කතාව කලින් කියෙව්වට කමෙන්ට් එකක් දැම්මද මතක නෑ.... මොනා නමුත් සුපිරිම සුපිරි නම් ටික නොවැ....

    ReplyDelete
  61. @ පිස්සා පළාමල්ල,
    ඔය නම් ටිකේ කතාව වන් සීරෝ එකේ දැම්ම ටික කාලෙකට ඉස්සර, එතනින් කියවන්න ඇති මගෙ හිතේ

    ReplyDelete
  62. ඔබා අයියා . . . කොමෙන්ට් එකක් දාන්න එන්න පරක්කු උනා . . . . . ඒක නිසා වෙන මොකුත් නොකියා ඉන්නං

    ReplyDelete
  63. @ ඕනයා,
    ඇය් කියන්න තියෙන දෙයක් කියහන්, හැබය් උත්තරේකුත් තියෙනව කියලත් මතක තියා ගං....

    ReplyDelete
  64. @ Gordonia ceylanica,
    Thank you very much for visiting.

    ReplyDelete