මේක හුඟාක් ඉස්සර අහපු, කාලෙකට ඉස්සර 'අන්තිම පේළිය' බ්ලොග් සයිට් එකෙත් මම පබ්ලිෂ් කරපු, කතාවක්. අසභය කතාවක්ද කියල හිතුන නිසා මේ සයිට් එකේ පළ කරලත්, පැය කීපෙකින් නැවත අයින් කළා. 'මට හිතෙන හැටි' බ්ලොග් එක ලියන, හෙන්රි ද බ්ලොග් වෝකර් මේ කතාවට මහන්සි වෙලා ඇඳල දුන්න චිත්‍රය අපරාදෙ අහක යන නිසා, අසභ්‍යයි කියල හිතුන වචන කපල කොටල නැවත කථාව පළ කරන්න හිතුව.
කට්ටිය දන්නවනෙ ඔය නරිය කියන එකා, මහම මහා, කුප්පම කුප්ප, ජරා වැඩටම නං දරාපු, කැලේ ඉන්න හැම සතාටම දිරවන්නෙ නැති එකෙක් කියල. දවසක් මේක වෙන එකෙක්ගෙ දඩයමකින් හොරා කන්න හිතාගෙන කැලේ එහෙ මෙහෙ නිකං ඇවිදින කොට දැක්ක, කොටි දෙනක් පැටවුන්ට කිරි දෙනව. මූත් බය සැක නැතුව ලං වෙලා, මුගෙ කුපාඩි කමට කිව්ව 'සීදේවි පැටව් ටික, මගෙ මූනමයි පිහිටල තියෙන්නෙ' කියල.
කොටිච්චිට නැග්ග අසුහාරදාහට, 'තොගෙ අම්මට' කියල පැටව් ටිකත් ගසල දාල පැන්න, කෙළවන්නං වල් නරියට කියල හිතාගෙන. නරිය නේද, මාරු කොලා ගියර් හතරම එක පාර, ඔරේ රන්. දැන් නරිය රන් එක දෙනව ෆුල් ස්පීඩ්, කොටිදෙන එළෝනව පස්සෙන් හැටට හැටේ. නරියට තේරුනා බඩු බනිස් වෙන්න තමා යන්නෙ, දුවල බේරෙන්න බැහැ කියල. පහුගිය වතාවක කේජු කෑල්ල මිස් වුනාට, මුගෙ කපටිකම් තවම ඔළුවෙ තියනවනෙ, මූ කොල වැඩේ, ඝනට වැවුණු පඳුරු ගොඩක් හරහ දිව්ව. කොටිදෙනත් ආපු ස්පීඩ් එකෙන්ම පඳුරු අස්සෙන් දුවන්න ගිහිං පඳුරු ගාලෙ හිර වුනා.
නරිය සයිඩ් කන්නාඩියෙන් පස්ස බලන කොට දැක්ක, කොටි දෙනට බඩු හරි කියල. මූ ගැහුව බ්රේක් එක තැන, හැරිල ඇවිල්ල ඉන්ස්පෙක්ෂන් පාරක් දාල බැලුව තත්වෙ. කොටිදෙන හිර වෙලා කෙඳිරි ගෑවෙන සයිස් එකට. කළිනුත් කිව්ව වගේ මූ කුප්පම කුප්ප, කුජීත, සතානෙ. කොටි දෙනගෙ වලිගෙ එහෙම පැත්තකට කරල, නරියෙකුට නරි දෙනක් එක්ක මිස, ආත්මෙට කොටි දෙනක් එක්ක කොරන්න හම්බ වෙන්නැති වැඩේ, කොටි දෙනට කොරල, උගෙ නරි හිනාවකුත් 'හුක්ක හුකේ හූ' කියල දාල, කෝකටත් අඩිය ඉක්මන් කොරල මාරු වුනා.
කොටි දෙනට ඌරු ජුවල්, ඊට හපන් ලැජ්ජාව. බොහොම අමාරුවෙන් සෑහෙන වෙලාවක් දඟලල හිර වෙලා හිටිය පඳුරු ගාලෙන් ගැලවුනා. කේන්තියයි, ලැජ්ජාවයි, හින්ද පැටව් ටිකත් අමතකයි. දැන් හැමතැනම ඇවිදිනව, වල් නරියව හොයල උගෙ බඩ බොකු අදින්නං කියල හිතාගෙන. නරියත් කැලේ සතානෙ, ඌටත් ඉවෙන් වගේ තේරුනා කොටි දෙන ලඟම ගැවසෙනව කියල. හැංගෙන්න ප්ලේස් එකක් හොයන්න වටපිට බලන කොට දැක්ක ගමරාළගෙ ගෙදර. ගොඩවුනා ඉස්තෝප්පුවට, කකුල් දෙකත් උඩට අරන් වාඩි වුනා, ඉස්තෝප්පුවෙ තිබ්බ හාන්සි පුටුවෙ. කනප්පුව උඩ තිබ්බ පත්තරේ අරන් දිග ඇරිය මුළු ඇඟම වැහෙන්න. දැන් මූ ගමය පත්තරේ කියෝන පාර්ට් එක ඇක්ට් කොරාන ඉන්නව.
කොටිදෙන මිදුලට ගොඩවෙනකොටම දැක්ක, ගමය පත්තරේ කියෝමින් ඉන්නව. කොටිදෙන ඇහුව ගමයගෙන් ”මේ පැත්තෙන් ගියාද වලත්ත නරියෙක් එහෙම” කියල. නරිය කටහඬ වෙනස් කොරල, “මේ පැත්තෙන් ආවෙ නං නැහැ, ඒ වුනාට පත්තරේ නං තියෙනව, කොටිදෙනකට නරියෙක් අහවල් වැඩේ කොලා කියල” කිව්ව. කොටි දෙනට ෆුල් හොල්මන්, එක පාරටම කියවුනා “මගෙ ହୁଥଥ වේලෙන්නත් ඉස්සෙල්ල, රිපෝටර් ବେସିଗେ පුතාල මේක පත්තරෙත් දාලනෙ” කියල.
මෙන්න 'නෙලුම් විලේ ' ලින්ක් එකක හංගල Bindi දාල තිබ්බ 'ඕස්ට්‍රේලියා ඩේ ' ගිනි කෙළි බලන්න ආපු ඕස්ට්‍රේලියන් ගෑල්ලමයින්ගේ පින්තුරයක්. මං හෙම පබ්ලිෂ් කොලා නං අහන්න තිබ්බ කට්ටිය කියන කතා හුහ්..