My followers

Thursday 1 March 2012

The Perth Mint (Part I)



1870 ගණන් වනතුරු තිරිඟු, දැව, ගව පට්ටි සහ බැටළු පට්ටි මත රැඳී  තිවුන බටහිර ඕස්ට්‍රේලියාවෙ ආර්ථිකය මහා පරිමාණයෙන් වෙනස් වුනේ රත්තරන් හමුවෙන්න පටන් ගත්තයින්. 1880 වෙනකොට වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, දකුණු ඕස්ට්‍රේලියා වගේ ප්‍රාන්ත වලින් විතරක් නෙමේ, පිටරට වලින් පවා දස දහස් ගන්නනින් සෙනඟ ඇදෙන්න පටන් ගත්ත රත්තරන් හොයාගෙන බටහිර ඔස්ට්‍රේලියාවට. පැඩී හැනන් නම් පුද්ගලයා කැල්ගූලි  වලත්, ඊට ටික කලකට පසුව කූල්ගාඩි  වලත් රත්රන් හොයාගත්තයින් පසුව Gold Rush නමින් හැඳින්වුන රත්රන් පිලිබඳ තදියමක් පැතිරුනා බටහිර ඔස්ට්‍රේලියාවෙ.


ඩේ ඩෝව්න්, නැනයින්, පීක් හිල්, ගාර්ඩ්න් ගලි, ඩෙඩ් ෆිනිෂ් සහ පිනිකල්ස් රත්තරන් තදියම [Gold Rush] එක්කම ඇති වෙලා, ඒ පැති වල රත්තරන් ඉවර වුනාම නැති වෙලා ගිය නගර. ඔය කාලෙම බටහිර ඔස්ට්‍රේලියාවෙ වෘතීය සමිති ව්‍යාපාරෙත් ඇති වුනා කියලයි ඉතිහාසෙ සඳහන් වෙන්නෙ. බටහිර ඔස්ට්‍රේලියාව, එහෙ රත්තරන් ගැන, ඒ වගේම  වෘතීය සමිති  ඉතිහාසය ගැන විස්තර කියවන්න කැමති කෙනෙකුට මේන් මෙතනින් රිංගන්න  පුලුහන්.


ඔය කියන කාලේ, අද වගේ රත්තරන් සහිත පස් ටොන් ගණන් හාරල රසායනිකව පිරිපහදු කරන ක්‍රමයක් තිබිල නෑ. රත්තරන් තියෙනව කියල සැක කරන ස්ථාන වල පස් හාරල, ලංකාවෙ මැණික් ගරනව වගේ ඒ පස් හෝදමින්,  ගෝල්ඩ් නගට්ස් [gold nuggets] නමින් හැඳින්වෙන ස්වභාවික නමුත්, මිශ්‍ර, රත්තරන් මතු කර ගැනීමයි සිද්ධ වෙලා තියෙන්නෙ. වෙනත් ලෝහ එහෙමත් නැත්තන් අපද්‍රව්‍ය මිශ්‍ර නගට් උණු කරල පෙරල,  පිරිසිඳු රත්තරන් ලබාගෙන තියෙන්නෙ. Gold Rush එක කාලෙ හමුවුන රත්තරන් ප්‍රමානෙ, ගෝල්ඩ් රශ් එක නිසාම ඇතිවුන පොඩි නගරවල, ඒ නිසාම කම්මල් විවෘත කල රන් වැඩකාරයන්ට, පිරිපහදු කරන්න හැකියාවක් තිබුනෙ නෑ. මහා පරිමාණයෙන් [ඒ කාලේ හැටියට] වගකීමක් ඇතුව ප්‍රමිතියකට රත්තරන්  පිරිපහදුවට බටහිර ඔස්ට්‍රේලියාවෙ ඇතිවුන රාජ්‍ය ආයතනය 'පර්ත් මින්ට් ' නමින් හැඳින්වුනේ. පර්ත් මින්ට් එක එංගලන්තෙ රජයේ මින්ට් එකේ ශාඛාවක් හැටියටයි ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ. 


පර්ත් මින්ට් එකේ ප්‍රදර්ශනය කෙරෙන ඇත්ත රත්රන් නගට් එකක් 
  


උඩම පින්තුරෙ  වීල් බැරෝ එකේ තියෙන ලොකුම රත්තරන් නගට් එක කිලෝ 25.5 ක් බරයි. ඒක තමා  බටහිර ඔස්ට්‍රේලියාවෙ  හම්බ වෙලා තියෙන  දෙවෙනියට ලොකුම නගට් ඒක. ලොකුම එක කිලෝ ග්රෑම් 26 ක්ලු. ඒක කිරන්න තරාදියක් ඒ ටවුමෙ රන් වැඩකරු [ගෝල්ඩ් ස්මිත්] ගාව නොතිබුන නිසා ඒක තුනට කපල කිරල තියෙන්නෙ. පසුව ලැබුන දෙවනියට බර එක කපල කොටල නැහැ,  අදටත් ලොස් වෙගාස් නගරයේ 'ද ගෝල්ඩන් නගට් ' කියන කැසිනෝ එකේ ප්‍රදර්ශනේට තියල තියෙනවලු. තුන්වෙනියට ලොකු එක, [ඇත්තටම පළවෙනි එක කපල උණු කළ නිසා, අදට දෙවැනි තැන ඉන්න එක] තවම පර්ත් මින්ට් එකේ ප්‍රදර්ශනේට තියල තියෙනව. ඔය තුනම හමු වෙලා තියෙන්නෙ බටහිර ඔස්ට්‍රේලියාවෙ ගෝල්ඩ් ෆීල්ඩ් වල. අදටත් බටහිර ඔස්ට්‍රේලියාවට කියන්නෙ 'ද ගෝල්ඩන් ස්ටේට් ' කියල.


වීල්බැරෝවේ තියෙන, අතක හැඩේ නගට් එකට කියන්නෙ 'ද ගෝල්ඩන් හෑන්ඩ්' ඒක හමුවෙලා තියෙන්නෙ වයස අවුරුදු 11 ක කොල්ලෙකුට. අත්තටු විදහා ගත් කුරුල්ලෙකුගේ  හැඩේ එක 'ද ගෝල්ඩන් ඊගල් ' ඒ දෙකම හමු වෙලා තියෙන්නෙ පොළොව හාරල නෙමේ. පොළොව මතුපිට තිබිල. ඒවායේ අමුතු හැඩය නිසා කුතුහලෙන් පරීක්ෂා කරන විට ඒවයෙ ප්‍රමානෙ හැටියට අධික ලෙස බර නිසා රත්රන් බවට සැක කරල තියෙන්නෙ.
[වීල්බැරෝවේ තියෙන්නෙ ඔක්කොම ප්ලාස්ටික් ආකෘති]




බටහිර ඕස්ට්‍රේලියාවෙ රත්තරන් ප්‍රදේශ [ගෝල්ඩ් ෆීල්ඩ්ස්], අනිත් ප්‍රාන්ත සහ වෙන රට වලින් රැගෙන ආ මිශ්‍ර රත්තරන්, පිරිපහදු කරල රන් කාසි [සවරින්] සහ පිරිසිදු රත්තරන් බාර් නිෂ්පාදනයට 1886 ඉදිකිරීම් පටන් අරන් 1899 විවෘත කළ පිරිපහදුව තමා 'පර්ත් ගෝල්ඩ් මින්ට් ' එක කියල කියන්නෙ.   රත්තරන් පිරිපහදුව ඇරුනම ඔස්ට්‍රේලියාවෙ ව්‍යවහාර වුන කාසි නිෂ්පාදනයත් මේ මින්ට් එකේම තමා සිද්ධ වෙලා තියෙන්නෙ.  


පහල පින්තුරෙන් පෙන්නන්නෙ ඒ කාලෙ එකිනෙකට  යාබදව  තිබුන මින්ට් එක [වමේ] සහ ගිනි නිවන හමුදා මුලස්ථානය [දකුණෙ].


මේ පින්තුරේ තියෙන්නෙ අද පේන්න තියෙන මින්ට් එක 


පර්ත් ගෝල්ඩ් මින්ට් එකේ ඉතිහාසෙ පිළිබඳව විස්තර කියවන්න කැමති අයට මෙන්න ලින්ක් එක. හොඳ රසවත් තොරතුරු ටිකක් තියෙනව එතන. 


'ගෝල්ඩ් රශ් ' කාලෙ රත්තරන් හොයන්න බටහිර ඔස්ට්‍රේලියාවට ආ අයට කියන්නෙ Prospectors කියල. එයාලට  පර්ත් ඉඳල රත්තරන් හමුවුන කිලෝ මීටර් 600 ක විතර දුර යන්න වුනේ, බයිසිකල්, අශ්වයො පිටේ හෝ පයින්. පොළොව හාරන උපකරණ, නිදා ගන්න බ්ලැන්කට් එකක්, කෑම දාගෙන යන පෙට්ටියක් සහ වතුර බෝතලයක් ඇරෙන්න වෙන දෙයක් එයාල උස්සන් ගිහින් නෑ. හුඟාක් කට්ටිය මඟදි සහ කඳවුරු වලදී මිය ගිහින් තියෙනව.


පහත පින්තුර වලින් පෙන්නන්නෙ පර්ත් මින්ට් එකේ තියෙන ආකෘති කීපයක්. 


මෙන්න රත්තරන් හාරපු දෙන්නෙක්.


එයාලගෙ කෑම්ප් සයිට් එකක් 





මෙන්න මියගිය ප්‍රොස්පෙක්ටර් කෙනෙක් භූමදාන කළ තැනක්


පහල පින්තුර වලින් පෙන්නන්නෙ, පර්ත් මින්ට් එකට ඇතුල්වෙන ගේට්ටුවෙ සහ ප්‍රධාන දොරටුවෙ තියෙන පුවරු කීපයක් 








මේ තියෙන්නෙ පර්ත් මින්ට් එක ගොඩ නැංවීමට තැබූ මුල් ගල
 
පර්ත් මින්ට් ගොඩනැඟිලි දෙකේ පින්තූර දෙක හැර අනිත්ව මගෙ ජංගම දුරකථනයෙන් ගත්ත චායාරුප. සමාවෙන්න ඕනේ කොලිටි එක හරි නැත්තං, වයසක මනුස්සයට කැමරාව අරන් යන්න අමතක වුනානෙ.

පර්ත් මින්ට් එක පිළිබඳව සහ එහි නිෂ්පාදන ගැන තව විස්තරයක් ඊළඟ පෝස්ට් එකෙන් ඉදිරි දින කීපයෙදි බලාපොරොත්තු වන්න.

පහත තියෙන ලින්ක් තුනේ බටහිර ඔස්ට්‍රේලියාවෙ රත්තරන් ඉතිහාසෙ ගැන රසවත් තොරතුරු කියවන්න පුළුවන්. අන්තිමට තියෙන ලින්ක් එකේ මිකල්බර්ග් නම් සහෝදරයො තිදෙනෙක් එකතුවෙලා පර්ත් මින්ට් එකෙන් රත්රන් ගඩොල් 49 ක් උස්සපු හැටි විස්තරේ.


103 comments:

  1. අද පලවෙනි කමෙන්ට් එක මගෙන් ද? නිදා ගන්න කළින් දවසටම යමක් ඉගෙන ගත්තද කොහෙද... මොකෝ මේ අලුත් ට්‍රැක් එකක කතා ලියන්නේ.... කළ පව් මැකෙන්න පිං අනුමෝදන් කරගන්නවාවත් ද :D

    උදේට ලින්ක් ටික දිග අරිනකම්... මේ ලිව්ව ටික බොහොම අගෙයි ඔබා uncle...

    ReplyDelete
  2. උදේ පාන්දර ම දැනුම පිරිල ඔලුව පල්ලෙහාට බර උණා. දැන්නං බෙල්ලත් උලුක්කු වෙලා වගේ. ඒක කමක් නෑ, ඉඳලා හිටලා හරි මේ වගේ දෙයක් ලියන එක වටිනවා. නොදන්නා දේවල් කියාදී අපේ බෙලි උලුක් කිරීම පිළිබඳ ඔබා මාමාට මගේ ප්‍රණාමය!

    ReplyDelete
  3. රත්තරං හරි ලේසියට හමිබවෙලා නොවැ
    ඕය හමිබ උනු රත්තරං නිධිය හමුදාවෙන් දාලා අධි ආරක්ෂිත කලාපයක් කරලා වෙන්දේසි එහෙම කලේ නැද්ද රජයෙන්

    ReplyDelete
  4. බැලරට් රන් ආකර බලන්න ගිහින් ගහපු ෆොටෝ සෙට් එකක්ම ඇති... ඒ උනාට ලියන්න විස්තර නොදනී... සහ කම්මැලියි... ඔබා මාම ලියනවනම් ෆොටෝ දෙන්නම් ගමකට...

    ReplyDelete
  5. Hi Sanath,

    Very interesting, thanks for writing about us. We hope you enjoyed your time visiting The Perth Mint as well.
    All the best.

    With regards,
    Samantha Tong

    ReplyDelete
    Replies
    1. Hi Samantha,
      Thank you very much for taking the time to comment. This post mostly contain only background stuff, but part II will be about 'Perth Mint' and it's current products.

      Delete
  6. නියමයි ඔබා අයියා.. අර ලින්ක්ස් ටිකනං දැන් බලන්ට කම්මැලියි, හෙට දිහාට බලඤ්ඤා.. :)

    ReplyDelete
  7. උදේම සයුරිගේ පෝස්ට් එකයි, මේකයි බැලුවා. දැන් දැනෙන්නේ රත්තරන් ගෝනියක් ගිල්ලා වගේ. තව මොනවදෝ කියන්ට ඕනි. ඒත් මෙහේ හරි හීතල හන්දා මුකුත්ම ඔලුවට එන්නේ නෑ.

    උපන්දිනේ දවසේ මමත් උදේම කරන වැඩ. හී හී....

    ReplyDelete
    Replies
    1. සුබ උපන් දිනයක් වේවා !!

      Delete
    2. ප්‍රශ්ණයක්...

      ඔයාගේ උපන් දිනේ පෙබරවාරි 29 ද, මාර්තු 1 ද ?

      සයුරිගේ පෝස්ට් එකේදිත් මම ඊයෙ කමෙන්ට් කලා මට පෙබරවාරි 29 ඉපදුන කෙනෙක් තාම හමුවෙලා නැහැ කියලා... හිහ් හිහ්..

      ඔබා මාමගෙ බ්ලොග් එකේ මොකක්ද අව්ලක් තියනවා වගේ.. අද මාර්තු 1 උනාට මගෙ කමෙන්ට් වල ඩේට් එක තියෙන්නේ.. පෙබරවාරි 29 කියලා.

      Delete
    3. මාර්තු 1දා....:D

      පෙබ. 29 ඉපදුනා නම් කොච්චර එකක්ද? අවුරුදු හතරකට සැරයක් පාර්ටි දාන්ට තිබුනා.

      Delete
    4. පොඩ්ඩි නූලෙන් බේරිලා...සුබ උපන්දිනයක් වේවා...

      Delete
  8. අපේ අය එහෙම හිටියනම් දවසින් සේරම හාරලා ඉවර කරයි

    ReplyDelete
  9. බටහිර ඔස්ට්‍රේලියාව හොඳටම හොඳ වෙන්න ඕන. මමත් එක්ක වැඩ කරපු ගෑනු ළමයෙක් කරපු රස්සාවත් දාල Roma වලට ගියා. පෙබරවාරි 2 අස වෙලා 19 වෙනකොට රටෙනුත් ගියා. ඇමරිකාවේ GS 13 රස්සාවක් දාල යන්න ඔබා අය්යා ඉන්න රට මෙහෙට වඩා හොඳ වෙන්නම ඕන. බලමුකෝ මටත් ආණ්ඩුව ගානෙම කොහේ හරි යන්න ලැබුනොත්....

    ReplyDelete
  10. නියම විස්තරයක්..ලින්ක් දාලා තියෙන එව්වා දිහා ගියේ නැහැ වැරදිලාවත්..ඒවෑ එන පොඩි පෙඩි රස කතාත් එහොමම එකතු කලානං තවත් හොදා...
    කොහොමත් මං ඔය පරණ කව්බෝයි ෆිල්ම් එහෙම බලන්න ආස හාදයා..මේකත් නිකං ඒ වගේ වගේ...

    ReplyDelete
  11. උදේම කියෙව්වෙ රත්තරං පෝස්ටුවක් නෙවැ..

    ReplyDelete
    Replies
    1. @ ගුලියා,
      ලින්ක් ටිකත් ඇරල බැලුවට පාඩු නෑ. ඇහැරුනාම බලහං.
      පෙබරවාරි පොස්ට් කල 'Dangerous' කියන එකත් මේ වාගෙ. මේවත් ඉඳල හිටලා දාන්න ඉන්නෙ. මේ පෝස්ට් එකේ ඉතිහාසෙ චුට්ටක් කිව්වට ඇත්තටම පර්ත් මින්ට් එක ගැන විස්තර තියෙන්නෙ දෙවැනි කොටසෙ.

      @ බට්ටා,
      පෝස්ට් එක හින්ද නෙමේ අමාරුකන් ඊයෙ රෑ ගහපු 'වල් ෆැන්ට' හින්ද :-)

      @ ජිංජි,
      ඒ කාලේ තිබිල තියෙන්නෙ, කලින් ගිය එක්කෙනා හෝ කණ්ඩායම කුඥ්ඥ [stake ] ගහල ලණු ඇදල තමන්ට හොඳයි කියල හිතුන කොටස වෙන්කර ගන්න එක. ඒ කොටසෙ වර්ග ප්‍රමාණෙ අනුව රජයෙන් බදු අය කරගෙන තියෙනව. ඒ කොටස් පිලිබඳ ආරාවුල් වලිනුත් මිණීමරාගෙන තියෙනව කියලයි ඉතිහාසෙ කියවෙන්නෙ.

      රත්තරං ලේසියෙන් නං හම්බ වෙලා නෑ, තමන් වෙන් කර ගත්ත කොටස පුළුවන් තරං හාරල ගරල අතහැර දාල ගිහින් තියෙනව සමහරු මුකුත් නොලැබී. ඒ වගේම ඒ අත ඇරපු කොටස් පස්සෙ ඇවිල්ල සල්ලි නැති කමට හොරෙන් හාරපු කට්ටියට රත්තරං ලැබිලත් තියෙනව.

      @ පිස්සා,
      පින්තුර තියෙනව නං ලැබිච්ච ලීෆ්ලට් එහෙමත් ඇතිනෙ, විස්තර අමතක වුන ඒව සර්ච් කරල හොයාගත්තෑකිනෙ. හැමදාම වල්පල් ලිය ලිය ඉන්නෙ නැතිව මාව ආදර්ශෙට අරං වත් වැදගත් දේවල් ලියන්න පටන් ගනිං :-))

      @ බුරා,
      තෑන්ක් යූ ඇගයීමට. ලින්ක් ටිකත් වෙලා තියෙනකොට බලන්න, ඉන්ටරෙස්ටින් ඒව තියෙනව. දෙවෙනි කොටසෙන් තමයි මින්ට් එක ගැන තව විස්තර ලියන්න ඉන්නෙ.

      @ වලව්වේ ඇත්තො,
      'හැප්පි හැප්පි උපන් දිනක් සහ මෙනි මෝර් රිටන්ස් '

      සයුරිගෙ පැත්තෙ තාම ගියෙ නෑ . එයත් රත්තරං පෝස්ට් එකක් දාල කියල හිතුන මේ කොමෙන්ට් එක දැක්කම.
      සීතල හිදද ඊයෙ රෑ බීපු වයින් තාම වැඩ කරනවද ?

      @ සෙනා,
      බ්ලොග් එකේ නෙමේ අස්පෙට් එක බ්ලොගර්ගෙ. සෙනාගෙ විතරක් නෙමේ හැමෝගෙම කොමෙන්ට් වල වැටෙන්නෙ ලොස් එන්ජල්ස් වෙලාව. අනිත් බ්ලොගර් එකවුන්ට් සයිට් වලත් එහෙමයි.

      @ මරණෙ,
      කොහොමද අපේ දේසපාලලත් සීන් එකට බැස්ස නං...හෙහ්...හෙහ්...

      @ ප්‍රභාත්,
      මොකෝ ඩබල් ඇක්ටිං පාරක් දාල ? :-))
      ඇමෙරිකාවට, එංගලන්තෙ ඇතුළු යුරෝපීය රට වලට වඩා මෙහෙ හොඳයි කියල තමා කියවෙන්නෙ. විශේෂෙන්ම බටහිර ඔස්ට්‍රේලියාවෙ [පර්ත්] ලේඩ්බැක් ලයිෆ් ස්ටයිල් එක හුඟාක් රටවලට වඩා, ඒ වගේම වික්ටෝරියා [මෙල්බර්න්] නිව් සවුත් වේල්ස් [සිඩ්නි] වගේ ඔස්ට්‍රේලියාවෙ අනිත් ප්‍රාන්ත කැපිටල් වලටත් වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ. හැබැයි ඒ මං හිතන විධිය විතරයි, ඔස්ට්‍රේලියාව ගැන නම්.

      @ මාරයා,
      ඊගාව කොටසෙ ලින්ක් එකක් දානවා ටොන් එකක් බර රත්තරං කාසියක් ගැන. ඒකෙ තියෙනව පොඩි වීඩියෝ ක්ලිප් එකක්, නොවරදවා ඒක බලහං
      ඇගයීමට තෑන්ක් යූ.

      @ සිත් රූ සිහින,
      ගෑල්ලමයි කොහොමත් රත්තරං වලට කැමතිනෙ , අඩු ගානේ තව ඒක පෝස්ට් එකක් වත් ලියවෙනව රත්තරං ගැන.

      Delete
  12. මම මේ ආපහු බෑලුවා වෑරදිලා වෙන එකකට වට් ආවද කියල...අම්මප මේ ඔබා මාමා න්වෙන්නම්........පොස්ට් එක නම් මසුරන්

    ReplyDelete
  13. සා ගිහිල්ල බැලුව වගේ දැනුමක් ආව නොවැ ඔබා මාමාගේ පොස්ට් එක කියව්වම :)

    ReplyDelete
  14. නැවත වරක් දැනුවත් උනා. ලින්ක් වලට ස්තුතියි. ඔබා .

    ReplyDelete
  15. මේ වගේ පොස්ට් දැමීම ගැනත් අපි වෙනුවෙන් මේ තැන් වල ඇවිදලා ජංගම දුරකතනෙන් හරි පොටෝ ටිකක් අරන් ඒම ගැනත් ඔබා අය්යා වෙත මගේ ප්‍රමාණය හා.. සොරි සොරි.. ප්‍රණාමය...

    ReplyDelete
  16. අපේ අය හිටිය නම් ඔබ මාමාට ඉතින් උන්හිටි තැන නැතිවෙන්න තිබ්බ ..
    ඇයි .... හාරන හැරීල්ලට බටහිර ඔස්ට්‍රලියාව කියල එකක් ඉතුරු වෙයියැ..
    අඩිය අඟලට තලපු පාරවල් පැය කීපෙන් වාෂ්ප කරපු අයට ඕක මොකද්ද ?? ^_^
    හොඳ පෝස්ටුව මාමේ ...

    ReplyDelete
  17. නියම විස්තරයක්නෙ දීල තියෙන්නෙ.
    ඔබා මාම එහෙම පොඩ්ඩක් රත්තරං තියෙනවද කියල හාරල බැලුවෙ නැතෙයි.

    ReplyDelete
  18. ඔබා මාමා දැං දැං ලියන විදිහ සිත්ගන්නා සුලුයි. මොනා නැතත් හෙන වැදගත් පාටයි!

    ReplyDelete
  19. බොහොම වැදගත් ලිපියක් ඔබා මාමේ.. බොහෝ විස්තර දැනගතිමි. බොහෝම ස්තූතියි.. දිගටම මේවගේ ලිපි බලාපොරොර්ත්තු වෙමි.

    ඇමෙරිකාවෙත් එක පැත්තක ඔය Gold Rush එකක් තිබුනා කියලා මම අහලා තිබුනා.. මේ දවස් වල ලන්කාවේ GEM Rush එකක් තියනවලු නේද.. ?

    අර අන්තිම ලින්ක් එක නම් හිතට ඇල්ලුවා.. බලමු ඒ ගැන කතාවක් ලියන්ඩ පුලුවන් වෙයිද කියලා. ස්තූතියි ඒ ගැන කිව්ව්වට..

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා අන්තිම ලින්ක් එක සෙන්නා ට නම් කියාපු ලින්ක් එකක් කියලා...

      Delete
  20. ඊයෙ තිස්ස අයියගේ එක කියවලා අද මේක කියෙව්වා.. පිට පිට දවස් දෙකක් වැදගත් බ්ලොග් ලිපි දෙකක් කියවපු පලවෙනි වතාවද කොහෙද? අහ් ඇයි වැපාගේ පෝස්ට් එක,,,

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මගෙ පෝස්ට් එක . . ඒක මොනතරං නං වැදගත්ද ???

      Delete
  21. ආ ආ මයි...රත්නපුරෙත් මෙන්න මෙහෙම හදන්න ඕනි අප්පා..මම හරි කවදහරි ඒක මේ තත්වෙට ගෙන්න..මැනික් වෙලදාම සහ මැනික් ව්‍යාපරිකයන්ට තියෙන අඩු සැලකිල්ල හින්ද තමයි අපේ තාත්තල ඉඩම් තිබිලත් පතල් කර්මාන්තෙට අත නොගහන්නෙ..ඒක වෙනස් කරන්න ඕනි..ලංකාව ඔස්ට්‍රෙලියාවට වඩා ගොඩ දාන්න පුලුවන් මේක හරියට සංවර්ධනය කලොත්...

    ReplyDelete
    Replies
    1. @ සුද්දි,
      හප්පේ සුද්දි දැකපු කල්, කොහෙද හැංගිලා හිටියෙ ? අන්තිම පෙලියටවත් කාලෙකින් මොකුත් ලිව්වේ නෑ නේද ?
      තෑන්ක් යූ ඇගයීමට :-)

      @ පුබුදු,
      දැන් ලියන්නෙ ආදර්ශෙට එහෙම ගන්න පුළුවන් ලියවිලිනෙ :-)

      @ ඊ මේල් කවිකාරි,
      හුඟක් අය ලින්ක් වල තියෙන දේවල් බලන්නෙ නෑ අපරාදෙ. වරද්දන්නෙ නැතුව බලන්න මේකෙ දෙවෙනි කොටසෙ ලින්ක් එකක තියෙනව නියම වීඩියෝ ක්ලිප් එකක්.

      @ ක්සැන්ඩර්,
      කොමෙන්ට් එක ගැන මගේ පරිණාමය...සොරි....මෙව්ව එක :- ද

      @ ටිරාජ් අධිකාරි,
      මෙහෙ ඉඳල තියෙන එවුනුත් අපේ එවුන්ට දෙවෙනි නෑ...උන් ගැන පොත් හිටන් ලියවෙලා තියෙනව...හෙහ්...හෙහ්...
      ඇගයීම ගැන මගේ ස්තුතිය

      @ ප්‍රසන්න,
      තාම මෙහෙ කට්ටිය මෙට්ල් ඩිටෙක්ටර් අරං කලේ ඇවිදිනව, එහෙම ඇවිදල පොඩි පොඩි නගට් හමු වුන අයත් ඉන්නව. සමහරු විනෝදෙට කෑම්පින් යනකොට ෆිෂින් රොඩ් වගේ ඒවට අමතරව මෙට්ල් ඩිටෙක්ටර් එකකුත් අරගෙන යන්නෙ.

      @ බුද්ධි,
      උඹ මොකාටද එන්න හදන්නේ ඒ පාර ? බටර් නයිෆ් එකෙන් බෙල්ල කපන්නද ?

      @ සෙනා,
      ඒත් සමහරු කියන්නෙ ඔන්න ඔහෙ ජොලි කතාවක් කියාගෙන ජොලියෙ ඉම්මු කියලනෙ.
      ඇමෙරිකාවේ විතරක් නෙමේ අප්‍රිකාවෙත් Gold Rush තිබිල තියෙනව. ඔව්..වොව්.. ලංකාවෙ Gem Rush එකක් තියෙනව කියල ආරංචි වුනා.
      ඒ ලින්ක් ඒකෙ තියෙන ලින්ක් වලින් තව විස්තර දෙනව. ඒකත් හොඳ කතාවක්.
      ඇගයීමට බෙහෙවින් තුති.

      @ අභීත ,
      ඔව්..වොව්..අපි වගේ වැගදත් බ්ලොග් ලියන කට්ටිය ආදර්ශෙට අරං වත් හැදෙන්න බලහං :-))

      @ පැන්ඩා,
      // අපේ තාත්තල ඉඩම් තිබිලත් //
      ඕව ප්‍රසිද්ධියේ කියන කතාද හැබෑට ? ගෝටලට බැසිල්ලට ආරංචි වුනොත් තාත්තලට ඉඩන් තියෙන එකක් නෑ, පුතාලට උරුමෙන් ලැබෙන්න.

      Delete
  22. මගේ අප්පේ කිලෝ 25ක්. :O පිස්සු හැදිලා ආයෙ හැදෙනවා. මේ වගේ එකක් ලංකාවෙත් තිබුනනං මෙලහට ජනගහනයෙන් බාගයක්ම මරාගෙන.

    ReplyDelete
  23. කියවන එකනම් කියෙව්වා... කියන්න දෙයක් හිතට එන්නෙම නෑනේ..

    ReplyDelete
  24. නියම පෝස්ට් එක...

    අර රත්‍රන් නගට් එකක් හම්බ වෙනවානම් ..... අලේ.....:(( රස්සා නොකර ඉන්න තිබුනා

    ReplyDelete
  25. හ්ම්ම් තනිකරම රත්තරං....පාරෙ යනකොටනම් පේන්න නැතිව ඇති නේද ?:):)....
    කියල වැඩක් නෑ 1kg කෑල්ලක්වත් හම්බුනානම්....

    ReplyDelete
  26. ඉන්න රට ගැන අපිට දැනගන්න දාන එක වටිනවා හුඟක්ම වටින්නෙ පින්තූර

    ReplyDelete
  27. රත්තරං වටින පෝස්ට් එකක්.. ඒක නෙමෙයි ඔබා මාමේ ඔහේ රත්‍රන් වල මිල ගනන් එහෙම කොහොමද? ඊළග පෝස්ට් එකෙන් අපිව ඒ ගැනත් දැනුවත් කරන්නකෝ..

    ReplyDelete
  28. බලාගෙන ගියාම ඔබා මාමත් රත්තරං වටින පොරක්නේ.....ඉස්තරම් ෆෝන් එකක් තියෙනවා වගේ ෆොටෝ වලනම් අවුලක් නෑ....යටම ඉඳන් 5 වෙනි පින්තූරේ හොඳට බැලුවාම පේනවා ෆොටෝ එක ගත්තු කෙනාවත් ඒ ඔබා මාමනම් හි හි ඒ තරම් වයස නෑනේ බොලේ තාම කොල්ලා වගේ.....

    ඔබා මාමා ලියන එකත් ලියනවා සුපිරියටම මේකත් මරු තව කොටස් එයිනේ පින්තූර තමයි සෑහෙන්න වැදගත්.....හොඳ වැඩක් දිගටම ලියමු ආසයි මේ ගැන දැනගන්න ජය වේවා

    ReplyDelete
    Replies
    1. ගැමියගේ කොමෙන්ට් එක ස්පෑම් ෆෝල්ඩර් එකේ තිබිල ඇදල ගත්තෙ, කොමෙන්ට් එකට පිළිතුරු පහතින් තියෙනව.

      Delete
  29. ස්තූතියි දැණුම බෙදා හදා ගත්තට. ඒක තමයි ඔට්ටේලියාව ඔච්චර සශ්‍රීක රටක් වෙලා තියෙන්නේ.. මෙහෙත් ඔන්න කතරගම නිල් වගයක් මතුවෙන්න පටන් අරන් ඒක හොඳම නිලක්ලූ නම "කතරගම නිල්" නියම වැඩේ කියන්නේ. පොලොව උඩට මතුවෙච්ච ඒවා තම්යිලූ වැඩිම ගනන් වලට ගියේ. එහෙම මතුවෙන්නේ කොහොමද අනේ... කවුරු හරි මේ ගැනත් ලිව්වොත්...

    ReplyDelete
    Replies
    1. වෙනසක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ ඔය කියන රත්රන් නිධිය ලොකු අතු අතරේ වෙන්දේසි කරගත් බවක් කියවෙන්නේ නැහැ නේද ? මෙහෙ ඉස්සර වෙලාම අහුලා ගත්ත ගල් කෑලි ටික හැරෙන්න, ඉතිරිය නීත්‍යානුකූලව දළ කාරයින් පැහැර ගත්තා. ප්‍රදේශවාසීන්ටත් වාසියක් වෙන විධියට බෙදා ගන්න තිබුනනම් වඩාත් හොඳ වෙන්නේ වෙන්දේසියක ලොකු ධනවතුන් එක්ක හැප්පෙන්න ගමේ අයට බැරි නිසා , තමන්ගේ ගමේ සම්පත් තමන් ඉදිරියේම පිටස්තර බලවතුන් හුරා කන හැටි ඔවුන්ට බලාගෙන ඉන්න වෙලානේ තියෙන්නේ..

      ප.ලි. ඇත්ත නැත්ත කොහොම වුනත් අද ආරංචියක් ලැබුණා, දැන් එහෙ මැණික් හම්බ වෙන්නේ නැහැ කියලා.

      Delete
  30. ඇයි රත්තරන් ඔච්චර ගණන් ...?

    ReplyDelete
    Replies
    1. @ චන්දික,
      මෙහෙ හමු වෙලා තියෙන ලොකුම නගට් එක ලෝකෙ හමු වෙලා තියෙන ලොකු නගට් වලින් වැටෙන්නේ 26 වෙනි තැනට කියල දැන ගන්න ලැබුන. අනික්වා ගැන විස්තර තාම හොයනව, ලැබුනොත් දෙවෙනි කොටස පබ්ලිෂ් කරන විට ඇතුලත් කරන්නම්.

      @ නරකයා,
      කලින් දවසේ රෑ මොනවද බිව්වෙ ? :-))

      @ නි සූ පා,
      ලැබුනත් රස්සාව නං අත අරින්න එපා, කොයි තරං සල්ලි තිබුනත් වැඩක් නැතිව ගෙදරට වෙලා හිටියොත් පිස්සු හැදෙන්න ඉඩ තියෙනව, අනික මහන්සි වෙලා ඉගෙන ගත්ත ඒව.

      @ මුතුපබලුට මොටෝ රත්තරං ?
      කිලෝවක් කියන්නෙ පවුම් 125 ක්. ලංකාවෙ මේ දවස් වල රන් වටිනාකමේ හැටියට රු ලක්ෂ 75 ක් විතර මගෙ හිතේ ?

      @ ලොකු ජෝන් ,
      සමහරු නම් පින්තුර එක්ක පෝස්ට් දානවට අකමැත්ත කියල ඊමේල් එව්ව.
      කොහොම වුනත් ජෝන්ගෙ ඇගයීම මම අගය කරනව.

      @ දිනේෂ්,
      මෙහෙ විකුණන්නෙ පවුම් වලින් නෙමේ ග්‍රෑම් ගානට. මම ගිය දවසෙ ග්‍රෑම් එකක් ඕස්ට්‍රේලියන් ඩොලර් 85 ක් විතර මට මතක විධියට. පවුමට ග්‍රෑම් 8 යි. ඔස. ඩොලර් එක මං හිතන්නෙ රු 125/= ක් විතර වෙනව. එතකොට පවුම 85000 ක් විතර. මෙහෙ රත්තරං වල පිරිසිඳු කම 99.99% යි, කැරට් 24 ඒවයෙ. පර්ත් මින්ට් එකේ රත්තරං වලට කියන්නෙ ' Four Nines " කියල. ගන්න රත්තරං බිස්කට් වල ගහල තියෙනව 99.99 %

      @ ගැමියා,
      // බොලේ තාම කොල්ල වගේ //
      අප්‍රියෙල් 22 අවරුදු උත්සවේට එනවද ? මොකටවත් නෙමේ රත්තරං නගට් එකක් කටේ ඔබන්න.
      අගය කිරීම ගැන තුති.

      @ මාතලන්,
      'කතරගම නිල් ' ගැන නම් මාතලන්, බුවා, W3 ලංකා වගේ කට්ටිය අතින් තමා ලියවෙන්න ඕනෙ.
      ඔස්ට්‍රේලියාව සශ්‍රීක වුනේ පස්සෙ කාලෙක අපි වගේ එවුං ගොඩ බැස්ස හිංද කියල මං හිතා හිටියෙ...හෙහ්...හෙහ්...

      @ ඉඳුනිල්,
      ඔය තියෙන්නේ මාතලන්ට උත්තරේ :-))

      @ බට්ටි,
      ගෑල්ලමයි හිතාගෙන ඉන්න හේතුව හිංද නං නෙමේ. ගොඩාක් හේතු තියෙනව, එයින් එකක් විතරයි ආභරණ හදන එක :-))

      Delete
    2. හරි, දැං කම්පනාවට ආවෙ....

      Delete
    3. @ නරකයා,
      කෝ ඉතින් කම්පනාවට ආව ඒවා ?

      Delete
  31. මං හිතුවෙ අර වීල්බැරෝවෙ තියන කෑල්ල ඔබාට හම්බවෙච්ච එකක් කියල. :-)
    මරු විස්තරේ මෙන්න මේවගේව ඉදහිට දාන්න.

    ReplyDelete
  32. ප්‍රොස්පෙක්ටර්ස්ලගෙ ජීවිතය, ලෝකෙ ඇතිඋන මුල්ම "ගෝල්ඩ් රෂ් එක", මුල් කාලීන රත්තරන් නිස්සාරනය, රත්තරන් පතල් නිසාම බිහිඋන නගර සහ ඒ ආශ්‍රිත ගොඩක් දේවල් සවිස්තරාත්මකව කියවන්න පුලුවන . . . විල්බර් ස්මිත් ගෙ "වෙන් ද ලයන් ෆීඩ්ස්" පොත කියෙවුවනං (මධ්‍යම අප්‍රිකාවෙ ඇත් දල දඩයම ගැනත් විස්තර තියනව ඒ පොතේ)

    ReplyDelete
  33. @ රාජ්,
    මීට පස්සෙ මේවා තමා දිගටම ලියන්න හිතා ඉන්නෙ....හෙහ්..හෙහ්...

    @ ඕනයා,
    කරෝල වාඩියට වෙලා ජනේලෙන් මූද දිහා බලාගෙන [ බකං නිලාගෙන ] ඉන්න එකේ පොතක් දෙකක් ට්‍රාන්ස්ලේට් කොරල දැම්ම නං බොට හෙණද ? ඉලස්ට්‍රේෂන් වලට කරෝල වාඩියේ බොස් ඩුඩ්, එතනින් ගියාම කෙහෙල් කොටුවෙ පොඩි එකා හෙම ඉන්නෙ චිත්‍ර ඇඳල ඕනෙ නං, ලිඳක් හෙම ඇඳ ගන්න ඕනෙ වුනොත් මට කියහන්

    ReplyDelete
    Replies
    1. නිකං ඉන්න ලොක්ක . . මේ තියෙන එකෙත් පෝස්ට් කෑල්ලක් කොටාගන්නෙ වස කම්මැලිකමේ . . .

      Delete
    2. කෝ ඉතින් කම්මැලි කමේ කොටන පෝස්ට්, මගේ රීඩරේට වැටෙන් නැතුව වත්ද ? :-))

      Delete
  34. හුඟක් ආසාවෙන් කියෙව්ව විස්තරයක්. ඉතිහාස කරුණු කියවීමට ආස හිතෙන විදිහට, රසවත්ව ලියා තියෙනවා. බොහොම ස්තුතියි.

    ReplyDelete
  35. මමත් කැමැත්තෙන් කියෙව්වා, ලින්ක් වලතත් ගිහින් බලන්න ඕනෙ. එතකොට බින්දිලව එක්කන් ගියෙ නැද්ද රත්තරන් බලන්න?

    ReplyDelete
  36. නියම විස්තර ටික ....ඔන්න දැන් මාම නියම ටැක් එකට වැටිල.

    ReplyDelete
  37. අපේ ගෙවල් හරියෙනුත් හම්බෙන්නෙ නෑනේ අප්පා රත්තරං නිධියක්වත් :D

    ReplyDelete
  38. ලින්ක් ටිකත් කියෙව්වා.. සැහෙන්න දේවල් ටිකක් ඉගනගත්තා. අම්මප මේ මැණික් හම්බවෙන විදියට රත්තරන් නගට් එකක් තිබිල එහෙම පය පැටළුනොත් අඳුරගන්න හරි බැරියෑ දැන්.

    ReplyDelete
  39. ඔබා මාමා සම්පූර්නයෙන්ම වෙනස් වෙලා ඒ පාර,,,මේ බ්ලොග් එකේ වටිනාම පෝස්ට් එක... ඔය රත්තරන් හොයපු කස්ටිය ගහ මරා ගන්න ඇති නේ හොදටම,,දේශපාලකයෝ බලෙන් ගන්න ඇති අර කතරගම මැනික් කේස් එක වගේ

    ReplyDelete
  40. රත්තරන් ගැන රත්තරන් වටිනා ලිපියක්!

    ReplyDelete
    Replies
    1. @ දොස්තර නෝනා,
      ස්තුතියි ඇගයීම ගැන, මේ ලිපියෙ දෙවෙනි කොටසක් තියෙනවා, ඒකෙදි තව විස්තර ටිකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව.

      @ හ‍රී-පිණිපළස ,
      තෑන්ක් යූ. ලින්ක් වලත් වැදගත් රසවත් කියල හිතෙන තොරතුරු ටිකක් තියෙනව, ඒව ඔක්කොම ට්‍රාන්ස්ලේට් කරන්න ගියානම් මේ ලිපිය ඉදිරිපත් කරන්න මට මාස 6 ක් වත් යනව...හෙහ්...හෙහ්...

      පිස්සු කතා කරනවද..ගෑල්ලමයි එක්ක යනවද රත්තරං තියෙන තැන් වලට ? බින්ඩිගෙ මහත්තය ගැන අනුකම්පා හිතුන.
      වයසක ඔබීව වත් එක්ක යං නැතුව මං තනියෙම ගියේ. හැබැයි ඔබීට නං පොඩි රත්තරං කෑල්ලක් ගෙනත් දුන්න. :-)) යනකොට කියලවත් ගියෙ නෑ කොහෙද යන්නෙ කියල.
      ඇවිල්ල පොඩි සර්ප්‍රයිස් පාරක් දැම්ම.

      @ කස්ස,
      Thank You, හැබැයි පීලි පනින්නෙ කොයි වෙලාවෙද කියන්න බෑ. :-))

      @ තනියා,
      නිකං හිටියට හම්බෙන්නෙ නෑ, හාරන්න ඕනි, උත්සාහවන්තයා මෙව්ව වෙනව කියල තියෙන්නෙ අහළ නැද්ද ?

      @ ක්සැන්ඩර්,
      ලින්ක් නන්කියවන්නේ බොහොම ටික දෙනයි වගේ.
      බලාගෙන ක්සැන්ඩර් ඕවට පයින් ගහන්නේ සේෆ්ටි බූට්ස් එහෙම දාගෙන නැත්තං, ඕව හරි බරයි, තුවාල වෙන්න ඉඩ තියෙනව.

      @ ඩිලාන්,
      ඔබා මාම බුද්ධාගම වැළඳ ගත්තනෙ......
      බලහං කොච්චර හොඳ ඒව ලියල තිබ්බත්, රත්තරං ගෑවිච්ච ගමන් තමා බොලා වටිනාම පෝස්ට් එක හැටියට මනින්නෙ...හෙහ්...හෙහ්...හෙහ්...
      ගහ මරා ගත්ත තැන් නං තියෙනව කියල අහළ තියෙනව. අර ඕනය මතක් කරපු පොත එහෙම [වෙන් ද ලයන්ස් ෆීඩ්] කියෙව්වම මෙහෙ සිද්ධ වෙලා තියෙන දේවල් එක්ක ලොකු සමාන කමක් තියෙනව කියල හිතෙනව.
      දේශපාලලට නං ඒ වගේ සෙල්ලන් දාන්න ලැබුන කියල දැනගන්න නෑ, කොහොමත් සමාජවාදය කර පින්න ගත්ත රට වලට වඩා මිනිස්සු අතර සමානාත්මතාවල් රැකිලා තිබුන කියල හිතෙන තරං.

      @ පොත් ගුල්ලා,
      හද පතුලෙන්ම ස්තුතියි

      Delete
  41. මාමා අපරාදේ රේල්ලුවේ වැඩ කරන්නේ! ඉතිහාසය උගන්නන්න ගියානම් ටොප්! මං නම් වටින කියන කරුණු ටිකක් දැන ගත්තා!

    ReplyDelete
  42. ඔබා මාම ෙගන් වටින වැඩක්
    Part 2 එකත් එනකන් බලන් ඉන්නවා...

    ReplyDelete
  43. විස්තරේ නම් නියමයි ඔබා මාමෙ...

    මම ඒත් බැලුවා මොකෝ මේ ප්‍රදර්ශනයට තිබ්බයි කියන නගට් කෑලි විල්බැරෝ එකක් කියලා..

    බොහොම ස්තුතියි බුද්ධියට යමක් එකතු කරාට..

    ReplyDelete
  44. ඔබා මාමත් ගුලියක් කාලා ගියාට රත්තරන් හම්බුනේ නෑනෙ හූ හූ.......

    ReplyDelete
  45. රත්තරන් නගට් කිව්වම මට චිකන් නගට් මතක් උනා :)) නියම පෝස්ට් එකක්...අදමයි දැක්කේ නගට්

    ReplyDelete
  46. අතර කතරගම පැත්තේ මැණික් හම්බවෙලා මිනී මරා ගන්නවා.. අපේ වැඩත් ඔයවගේ තමයි හික්ස් !

    ReplyDelete
  47. ඔය තියෙන්නේ රත්තරන් ටිකට රත්තරන් ගැන ලියලා , ඔහොම යන්... ඔහොම යන්

    ReplyDelete
  48. @ මාධව,
    ඉස්කෝලෙ යන කාලෙත් ඉතිහාසෙ ඉගෙන නොගත් මම...හෙහ්..හෙහ්..

    මාත් ඉගෙන ගන්න ගමන් මේක ලිව්වෙත්.

    @ තාරක ,
    තෑන්ක් යූ, පාර්ට් 2 ළඟදීම තිරයේ....

    @ හ‍රී,
    ස්තුතියි,
    එහෙම එලියෙ තිබ්බොත් වැස්සට අහුවුනාම දියවෙයි කියල ආකෘති තියල තියෙන්නෙ එන කට්ටියට බලන්න.:-)) ඇතුළෙ ප්‍රදර්ශනාගාරේ ඔරිජිනල් ඒව තියෙනව ආරක්ෂාව යටතෙ. ඒව ෆොටෝ ගහන්නවත් දෙන්නෑ.

    @ හිත හොඳ පිස්සා,
    මට නම් හම්බුනා වගේ තමා...හෙහ්...හෙහ්..

    @ සයුරි,
    රත්තරං නගට් කන්නද ? චිකන් නගට් නං බයිට් එකට වත් ගත්තෑකි...හෙහ්..හෙහ්...

    @ ජය්යා,
    ආරංචියි...ආරංචියි...අපේ කට්ටිය ගැන මොකෝ මං නොදන්නවෑ ...හෙහ්..හෙහ්...

    @ සුදු මුවා,
    තෑන්ක් යූ, තව කොටසක් ළඟම එනවා...කොහෙද අර යං කිව්වෙ ? :-))

    ReplyDelete
  49. මම එන්න පොඩ්ඩක් පරක්කු වුනා. මේ ගැන විස්තරයක් අදමයි දැක්කේ.සකුනු අප්රිකාවෙත් මෙහෙම තැන ගොඩාක් තියෙනවා ලු නේ.

    වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔව්..දකුණු අප්‍රිකාවෙ, ඇමෙරිකාවෙ, මේ විධියට රත්තරං හමුවෙලා තියෙනව. ඕනය සඳහන් කල, විල්බර් ස්මිත් ලියු නවකතාවක[වෙන් ද ලයන්ස් ෆීඩ්] දකුණු අප්‍රිකාවෙ ගෝල්ඩ් රශ් එක ගැන හොඳ විස්තර තියෙනව. ඉතිහාසෙ කියල තියෙනව ඒ පොතේ නවකතාවක් හැටියට, එපා වෙන් නැතුව කියවන්න.

      Delete
  50. වැදගත් විස්තර ටිකක් දැනගත්තා..මට තාමත් හිතාගන්න බැරි ඇයි මේ ලොකුම එකයි දෙවනියට ලොකුම නගට් එකයි පිරිපහදු කරන්නැතිව තියාගෙන ඉන්නෙ කියලා..

    ReplyDelete
    Replies
    1. @ රූ,
      මම හරියටම දන්නේ නා, හැබැයි අනාගත පරම්පරාවලට පෞරාණික වටනා කමක් තියෙන දේවල් සංරක්ෂණය කරල තියන එක වර්තමානයේ නම් කෙරෙනවා. ඒ කාලේ මිනිස්සු එහෙම කලේ ඇයි කියල පොඩ්ඩක් හොයල බලල පිළිතුරක් ලැබුනොත් දෙවෙනි කොටසෙදි කියන්නම්. බටහිර රටවල වටනා දේවල් එකතු කරන එක සල්ලි කාරයන්ගේ විනෝදාංශයක් වෙලා තිබුනේ නං අද ඊයෙක ඉඳල නෙමේ.

      චන්දික ගේ බ්ලොග් එකේ ලිපියක් පල වෙලා තිබුන, ලෝකයේ ඉතුරු වෙලා තිබුන එකම 'ගැරට් ' වර්ගයේ දුම්රිය එන්ජිම සී.ජී.ආර්. එක යකඩ වලට කපල විකුණුව කියල. මෙන්න මේ චන්දිකගේ ලිපිය කියවල බලන්න.
      http://locolanka.blogspot.com.au/2011/12/h1-class-293-bayer-peacock.html

      Delete
    2. සමාවෙන්න අදයි මේ පැත්තෙ ආයෙත් ආවෙ..
      ලින්කුව දිගේ ගිය පෝස්ටුව කියෙව්වාම ඇතිවුනේ කලකිරීමක්..
      සුදුසු තැන්වලට නුසුදුස්සන් පත්වී ගන්නා නුසුදුසු තීරණ ලැයිස්තුවට (දැනටත් මේක අගක් මුලක් නොපෙනෙන්න දිගයි) මේ කාරණෙත් එකතුවේවි...
      සමහර වෙලාවට ඇස්පනා පිටම මේ වගේ දේවල් සිදුවෙද්දි හරිම අසරණ හැඟීමක් දැනෙනවා..

      Delete
  51. අපේ උන් මැණික් හාරනකොට මැණික් ගිලිනව වගේ උන රත්තරං ගිල්ලේ නැද්ද දන්නෑ!:P

    ReplyDelete
  52. ඕස්ට්‍රේලියාව වගෙ කාන්තාරයක් මෙච්චර පොහොසත් වෙන්නෙ කොහොමද කියලා මමත් හිතහිත හිටියේ.

    තොරතුරු දුන්නට ඔබා අය්යට ස්තුතියි!

    ReplyDelete
  53. ලොකු විස්තරයක් දැන ගත්ත...පින්තූරත් ගොඩා....ක් ලස්සනයි ඔබා මාමේ....ඊළඟ කොටස ඊළඟට නේ......

    ReplyDelete
  54. @ නුවන්,
    කොහොමද කිලෝ 5 ක විතර එකක් ගිල්ල නං...හෙහ්...හෙහ්...

    @ රේන්ජර් මහත්තයා [ගාමිණී]
    රත්තරන් විතරක් නෙමේ, යපස්, ස්වාභාවික ගෑස්, තෙල් සහ තව බේස් මෙට්ල් ජාති කීපයක් තියෙනව වගේම තාමත් මහා පරිමාණයෙන් සත්ව පාලනය, තිරිඟු ,දැව, වෙනත් නොයෙකුත් වගා වගේම මෝටර් රථ කර්මාන්තයේ ඉඳල තව හුඟාක් කර්මාන්ත මෙහෙ කෙරෙනවා. ඒ වගේම මෙහෙ විශේෂෙන් දකුණු ඔස්ට්‍රේලියාවෙ සහ බටහිර ඔස්ට්‍රේලියාවෙ මිදි වගාව ආශ්‍රයෙන් කර්මාන්තයක් නැගලම යනව. මොකද්ද දන්නවද ? ලෝක ප්‍රකට වයින් වර්ග නිෂ්පාදනය... :-))

    @ සිහින මතකයන්,
    ස්තුතියි ඇගයීම ගැන, ඊළඟ කොටසත් හැකි ඉක්මනින් ලියන්නම්.

    ReplyDelete
  55. ෂා නියම ආර්ටිකල් එක ඔබා මාමේ.. දන්නැති ගොඩක් ‍දේවල් දැන ගත්තා.. තව මේ වගේ විස්තර ලියන්න..

    ReplyDelete
  56. ආපහු ඔබා මාම ට්‍රැක් පැනලා...
    මොනවා උනත් වටිනා කියන පෝස්ටුව

    ReplyDelete
  57. අන්න හොඳ ට්‍රැක් ‍පැනිල්ලක් මේක නම්....

    ReplyDelete
  58. ඒක තමයි මටත් හිතාගන්න බැරුව තිබුණේ කාන්තාරෙකුත් තියෙන ලොකුවට ජනගහනයකුත් නැති ඕස්ට්‍රේලියාව කොහොමද ඔය තරම් දියුණු මට්ටමකට ආවේ කියලා. වැදගත් සටහනක්!

    ReplyDelete
  59. ඔන්න මම followers ලගේ 250ය ගැහුවා, නොදන්න රටක නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.

    ReplyDelete
  60. @ Mr Sithi ,
    ඇගයීම ගැන බෙහෙවින් තුති, මේකෙ දෙවෙනි කොටස ඇරුනම තව ඔස්ට්‍රේලියාවෙ දකින්ට ලැබෙන දේවල් ගැන ලියන්න හිතා ඉන්නව ඉඩ ලැබුන වෙලාවට.

    @ ලොකු පුතා,
    තෑන්ක් යූ ලොකු පුතා, මං මේ කල්පනා කොරන්නෙ මං කවදාවත් ට්‍රැක් එකේ හිටියද කියල :-))

    @ Outsider ,
    තෑන්ක් යූ...ආයේ කතා කොරනව ට්‍රැක් එකක් ගැන ;-))

    @ ලහිරු,
    ගාමිණී රේන්ජර් මහත්තයට උඩ දීල තියෙන උත්තරේ කියවන්න ඇති කියල හිතෙනවා.

    @ සොඳුරු මිනිසා,
    250 වෙනි ෆොලෝවර් බවට පත් වීම ගැන සහ පොස්ට් එක ඇගයීම ගැන බෙහෙවින් තුති

    ReplyDelete
  61. නියම විස්තර ටික....හවසට හවසට ඔබා මාමත් උදලු කොටේකුත් අරගෙන පොළව හාරනවා කියන්නේ ඇත්තද...

    ReplyDelete
    Replies
    1. නැත්තං අල බැහැලද කියල බලන්නෙ කොහොමෙයි ?

      Delete
  62. මේක න ඔබයිය ලියාපු එකෙක් නෙමෙයි. කෝ එක අසැබි කතාවක්වත් නෑනෙ. අඩුම ගානෙ අර පින්තූර ගන්නකොට වැරදිලා වැදිච්ච කෙල්ලෙක්වත්. ම්හ්... !
    කවුද මේක ලිව්වේ..... හ්ම්.... ?????

    ReplyDelete
  63. ඔබා අයියා, ඉස්සෙල්ලම සමාව භාජනයකට දාන්න ඕනෙ පරක්කු වුනාට. පහුගිය ටික දවසෙ ජංජාලේ පැත්තෙ එන්න බැරි වුනා.

    ඇත්තටම සිරා පෝස්ට් එකක්. මම හිතුවෙ ගෝල්ඩ් රෂ් තිබ්බෙ USA වල විතරයි කියලා. අර නගට් වලට වැඩිය වීල්බැරෝ එක වටිනවා නේ?

    මේකත් නොකිව්වොත් හරිම නෑ. දැන් පැටර්න් එකකට පෝස්ට් දාන්නෙ නේද? වැදගත් පෝස්ට් එකායි..කක්කා පෝස්ට් එකායි... ඊගාව එක කක්කා නේද?

    henryblogwalker the Dude

    ReplyDelete
  64. ඔබා අයියා, ඔය ගාමිණී විජිත් සමරකෝන් රේන්ජර් කෙනෙක් වෙලා හිටියෙ හුඟාක් ඉස්සර, දැන් බුවා සහකාර අධ්‍යක්ෂ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මට බයිනවද දන්නෙත් නෑ, මම ඒ පැත්තෙ ගියොත් හතරැස් ගඩොලක්මයි අතඇරල තියෙන්නෙ. එක පාරක් ගාමිනීගෙ පොස්ට් එකක පණ පිටින් ඉන්න කෙනෙකුට නිවන් සුව පැතුව :-) වෙලාවට ඒ කාලේ ඩිලීට් ඔප්ෂන් එක තිබ්බ බ්ලොගර් එකවුන්ට් වල.

      Delete
  65. @ නවම්,
    මං එහෙම අසැබි කතාත් ලියල තියෙනවද ? මතකයක් නෑ...ඇල්සයිමර්ස්නෙ :-)

    @ ඩූඩ් ,
    අමෙරිකාවෙ, ඔස්ට්‍රේලියාවෙ විතරක් නෙමේ අප්‍රිකාවෙත් ගෝල්ඩ් රශ් තිබුන. සමාන්‍ය දැනුම බොහොම දුර්වලයි වගේ, ළමයින්ට මොනවා උගන්නනවද දැන් නෑ...මල දිවයිනේ හින්දම හොඳා. අර ඕනයත් දන්නව ගෝල්ඩ් රශ් ගැන....හෙහ්..හෙහ්..

    පැටර්න් එකක්...අසැබි කථා..මතකයක් නෑ...ඇල්සයිමර්ස්නෙ

    ReplyDelete
  66. රත්තරන් දවසින් දවස ගනන් වැඩි වෙන හින්දා මමත් ටිඅක් දවසක් බලං හිටියා කම්නෙට් එකක් දමන්න.. ඔය මදෑ ඕන් හොඳට දැන ගත්තා ඔස්ට්‍රේලියාවෙ රත්තරන් ගැන..

    ReplyDelete
    Replies
    1. වෙනි, අළුත් පෝස්ට් එකක් දාල කියල දැක්ක, තාම ඒ පැත්තෙ එන්න බැරි වුනා, අද හවසවත් එන්නං. මේ දවස් වල පොඩ්ඩක් රාජකාරි බහුල වෙලා :-))

      Delete
  67. අපේ රටේ මැණික් මතුවුණා වගේ නොවැ.. :)

    වැදගත් ලිපියක් ඔබා මාමේ !

    ReplyDelete
    Replies
    1. ආරංචි වුනා අපේ රටෙත් මැණික් ඉල්ලම් මතුවෙලා, දෙස්පාලල ගිල්ල කියල.

      Delete
  68. ඇයි රත්තරං ඔච්චර ගණං???? චාලි චැප්ලින්ගෙ ගෝල්ඩ් රශ් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කර ගත්තා.ඒකෙත් තියෙන්නෙ ඔය සම්බන්ද මොකක් හරි වෙන්න ඇතිනෙ.තවම බැලුවෙ නං නෑ.ඔබා මාමෙ මොකද කියන්නෙ ඔක්කොම පැත්තක දාලා යන්ද රත්තරං හොයන්න.

    ReplyDelete
    Replies
    1. දිනුක,
      චාලි චැප්ලින්ගෙ ෆිල්ම් එක මං හිතන් නෑ ඇත්ත ගෝල්ඩ් රශ් ගැන කියල. rat race වගේ gold rush කියන එකත් වෙන වෙන සිද්ධි වලට යොදා ගන්න වචන

      Delete
    2. මට මතක විදියටනං ඔබා අයියේ චාලි චැප්ලින්ගේ ගෝල්ඩ් රශ් කතාවත් ඔහොම සීන් එකක්ම තමා...

      Delete
  69. මොනතරම් වටිනා විස්තරයක්ද . අපිට බලන්න යන්නත් බැරි වුන එකේ ආසාවෙන් කියෙව්ව .

    ReplyDelete
    Replies
    1. අවුරුදු 20 කටත් වඩා පර්ත් ජීවත් වෙලත් මම පළවෙනි වතාවට මින්ට් එක බලන්න ගියෙ, ඔයාල දක්වපු උනන්දුව නිසා ඇතිවුන කුතුහලය නිසා. ආන්ටි නම් ආපු දවස් වලම ගිහින් බලල තිබුන.

      මේ ලිපියෙ තව කොටසක් ලියන්න තියෙනවා. ටොන් එකක් බර ලෝකෙ ලොකුම රන් කාසිය පර්ත් මින්ට් එකේ හදපු හැටි එහෙම විස්තර ඒ ලිපියෙන් කියන්නම්.

      Delete
  70. බොහොම ස්තුතියි ඔබා මාමේ. කවද හරි පර්ත් එන්න හම්බුනොත් ඕක ඇවිත් බලන්න ඕනේ. කොහෙද ඉතින් මෙල්බන් ඉදන් පර්ත් යනවා නම් ලංකාවටම යන එක ඊට වඩා වාසිනේ :(

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල එයා ටිකට් නං අඩුවට ඇඩ්වර්ටයිස් කරනව

      Delete
  71. සෑහෙන්න වටින ලිපියක්නෙ, අපිට යන්න බැරි එක ඔහොමවත් දැනගන්න ලැබෙන එක ලොකු දෙයක්නෙ, ලංකාවෙ එහෙම මෙහෙම දෙයක් උනා නං මෙලහටත් අදාල පුද්ගලයෝ ඒවායේ අයිතිවාසිකම් කියලා ඉවරයි .......

    ReplyDelete
  72. මෙන්න ඉතින් මං ආව වෙලාව... සමාවෙන්නෝන...

    බලාගෙන යනකොට අර එක්කෙනා එසේ මෙසේ පිනක් නෙවේ කරගෙන තියෙන්නෙ මේ වගේ ලිපි ලියන්න ඔබාව එන්කරේජ් කරලා...හික්ස්...
    ඊළඟ කොටසත් දාමුකො බලන්න....
    //විශේෂෙන්ම බටහිර ඔස්ට්‍රේලියාවෙ [පර්ත්] ලේඩ්බැක් ලයිෆ් ස්ටයිල් එක හුඟාක් රටවලට වඩා, ඒ වගේම වික්ටෝරියා [මෙල්බර්න්] නිව් සවුත් වේල්ස් [සිඩ්නි] වගේ ඔස්ට්‍රේලියාවෙ අනිත් ප්‍රාන්ත කැපිටල් වලටත් වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ.//
    ආයෙ දෙකක් නෑ මට හිතෙන්නෙත් මෙහෙමම තමා.... :D

    ReplyDelete