My followers

Saturday 25 February 2012

කක්ක පෙරේරා



මම කුරුණෑගල ලංගම ප්‍රාදේශීය වැඩපොළේ වැඩ කරන කාලෙ ඒ වැඩපොලේම වැඩ කරපු චරිතයක් පෙරේරා. ලංගම මම පුහුණුව ලබපු වේරහැර ආයතනෙම, මට අවුරුදු කීපෙකට පසුව පුහුණුව ලබපු පෙරේර මේ කියන කාලෙ සේවය කලෙත් කාර්මික අංශයේ. පෙරේර ඒ කාලෙ හිටියෙ වැල්ලව පොළට කිට්ටුව, අනාගත බිරිඳ කාන්තිගෙ ගෙදර. එකට හේතු වුනේ, එයාලගෙ ප්‍රේමයට පෙරේරගෙ දෙමව්පියන් සහ සහෝදර, සහෝදරියන්, බලවත් ලෙස විරුධත්වය පෑම.

පෙරේරගෙ පෙම්වතියගේ ගෙදර, ඉස්සර අපිත් අඩියක් එහෙම ගහන්න සෙට් වෙන තැනක්. නැන්දම්මයි, මාමණ්ඩියි, හරිම හොඳ මිනිස්සු. අපි සෙට් වෙන වෙලාවට බයිට් එකක් හදල දෙන්න, කෑම ටිකක් උයල දෙන්න හෙම කවදාවත් පස්ස ගැහුවෙ නෑ. අපි එහෙ නයිට් පාක් ගැහුවොත්, පහු වෙනිද උදේට වැඩට යනකොට ගෙනියන්න ගින්නෙන් තවපු කෙහෙල් කොලේක ඔතපු, මතක් වෙනකොට දැනුත් කටට කෙල උනන, බත් මුලක් කවදාවත් වැරදුනේ නෑ.

මම කුරුණෑගල ඉන්න කාලෙම, පෙරේර කාන්තිව විවාහ කර ගත්ත. වෙඩින් එකයි හෝම්කමින් එකයි එකම දවසෙ. හෝම්කමින් එකක් ගන්න හනිමූන් යන්න එපෑ. අවුරුදු ගානක් එක ගෙදර ඉඳල උන්ට හනිමූන් යන්න අවශ්‍යතාවක් තියෙන්න නැතුව ඇති. දවල් මඟුල් ගෙදර නියමෙට තිබ්බ. අපි ඉතින් කලින් දවසෙ ඉඳල එහෙ, වැඩට උදව්ව කොහොම වෙතත් යාළුවො නියමෙට පෙරේරගේ අන්තිම බැචුලර් දවස සෙලිබ්රේට් කළා. ඒ කාලෙ Stag පාටි කියන ඒව නං අපි අහළවත් තිබ්බෙ නෑ. මගුල් දවසෙ නෑදෑයො හිටියෙ නං කාන්තිගෙ පාර්ශවෙන් විතරයි. එදාම රෑ තිබුන 'ඇස්ටෝන් ' පාටිය. ඒකට වැඩි හරියක් සහභාගි වුනේ ගමේ අහල පහළ කට්ටිය. ලංගම යාළුවො ටික ඒකටත් සහභාගි වුනා විතරක් නෙමේ, එදා නයිටත් එහෙ.

පෙරේර විවාහ වෙලා කාලෙකට පස්සේ, මැද පෙරදිග රැකියාවකට ගියා. අන්තිම වතාවට හමුවෙනකොට විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න දියණියකගෙ පියෙක්. එක්සත් ජාතීන්ගෙ සංවිධානය මගින් දියුණු වෙන රට වල පවත්වාගෙන යන කාර්මික විද්‍යාල වල, විශේෂඥ උපදේශකයෙක් හැටියට ආසියාවෙ සහ අප්‍රිකාවේ රටවල සේවය කරන්නෙ.


මං මේ කියන්න යන සිද්ධිය වෙලා තියෙන්නෙ, පෙරේර බඳින්න ඉස්සෙල්ල, පිස්සු කෙලින කාලෙ. ඒ දවස් වල මෑන් වැඩ කරල තියෙන්නෙ, උඩුබද්දාවෙ  තිබුන ලංගම වැඩපොළක. ඒකත් කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොලේම ශාඛාවක්. ඕනෙම මාසෙක 8 වෙනිද කියන්නෙ, ලංගම ඉංජිනේරු අංශෙ කට්ටියගෙ අවුරුදු දවස. වෙන විධියකට කිව්වොත් පඩි දවස. මේ කියන පඩි දවසෙ පෙරේර යාළුවො කට්ටියක් එක්ක සෙට් වෙලා හොඳට අනුමත වුනාලු.  උඩුබද්දාව පැත්තෙ කට්ටිය ක්ලබ් වල, බාර් වල, රෙස්ටොරන්ට් වල, සෙට් වෙන්නෙ කළාතුරකින්.  හේතුව දංකොටුව පැත්ත වගේම, ඉස්තරන් විදියට පෙරාපුව උඩුබද්දාව පැත්තෙ හොර ස්පොට් වල ලාබෙට තියෙන හින්ද.




හොර පොට් එකෙන් පටන් ගත්ත වැඩේ ඉවර වෙලා තියෙන්නෙ, තව බෝතලයක් දෙකකුත් අරං ඒ පැත්තෙම එක යාළුවෙකුගෙ ගෙදර. ගෙනාපු බෝතලුත් ඉවර කරන ගමන් සින්දුවක් දෙකකුත් කියල, යාළුවගෙ ගෙදරින් උයල දුන්නු කෑමත් රෑට සප්පායන් වෙලා යාළුවො ටික නිදා ගන්න සෙට් වුනාලු.  ගෙයි සාලෙ පැදුරු එලාගෙන තමා කට්ටිය නිදාගෙන තියෙන්නෙ. දාඩිය දානව, ඒක නිසා හුළං ටිකක් වදින්නත් එක්ක කියල පෙරේර පැදුරකුත් ඉල්ලගෙන ගෙදර ඉස්තොප්පුවෙලු නිදා ගත්තෙ.

රෑ ගානට අනුමත වෙලා පරක්කු වෙලා එහෙම නිදාගත්ත නිසා කට්ටියට ඇහැරෙන කොට  එළිය වැටිලලු හොඳට. අනික් අය දත් මදින්න කුස්සියෙන් අඟුරු කෑලි එහෙම ඉල්ලගෙන එළියට එනකොටත් පෙරේර තාම නිදිලු. යාළුවො ටික පෙරේරව අවදි කරගෙන ලිඳ ගාවට යන්න මිදුලට බහින කොට,  මිදුලෙ මහ විසාල කක්ක බෙට්ටක්ලු. යාළුවො එකිනෙකාගෙ මූන බලද්දි පෙරේර කිව්වලු  ' බල්ලෙක්ද කොහෙද මිදුලෙ කැත කරල '  කියල.

ඉස්තෝප්පු කාමරේ නිදාගෙන හිටිය යාළුවගෙ තාත්ත ඒ වෙලාවෙ දොර ඇරගෙන එළියට ඇවිල්ල කිව්වලු  ' ඔව් ඒ බල්ල ලිඳ ගාවට ගිහින් වතුර බාල්දියක් ඇදන් පුකත් හෝදගත්ත '  කියල.

එදා ඉඳල අද වනතුරු, පෙරේර නිකංම පෙරේර නෙමේ,  'කක්ක පෙරේර '

91 comments:

  1. ඔරිජිනල් ඔබා මොඩල් ස්ටෝරියක්. :D

    කලින් පොස්ට් එකෙන් පස්සෙ මම බැලුව අපිට මේ වගේ කතා අහන්න නොලැබේදෝ කියල.

    ReplyDelete
  2. එතකොට බෙට්ට දාල තියෙන්නෙ පෙරේරාද??
    :D

    ReplyDelete
  3. හුටා ඒ පාර වැඩේ කොරලා මදිවට තව චිත්‍රත් ඇඳලා...

    ReplyDelete
  4. උදේ පාන්දර මඩ... ෂුවර්ද ඕක කක්ක පෙරේරා කියල? කක්ක ඔබා නෙමේද?

    ReplyDelete
  5. කක්කි කථා සීරීස් එකක් ගියා කට්ටියගේ,,, ආයෙ පටන් ගනියි වගේ,,, :D

    ReplyDelete
  6. ඒත කොට ඔබා මාමා කියන්නේ ඔය වැඩේ උනේ ඔබා මාමාට නෙමෙයි කියලා අපිට විෂ්වාශ කරන්න කියලා
    ඒත කොට එදා ඉදලා ඔබා මාමාට කිව්වේ කක්කා ඔබා කියලා නෙමෙයිලු

    ReplyDelete
  7. මේවගේ කතාවල තමයි "ඔබා" ගතිය තියෙන්නෙ. හිනා වෙලා බඩත් රිදෙනවා.

    ReplyDelete
  8. පෙරේරගෙ ගෙදර ගිහිල්ල සෙට් වෙලා මිදුලෙ කක්ක කලා මදිවට ඒක පෙරේර කලා කියල මඩකුත් ගහල නේද ඔබා මාම.

    ReplyDelete
  9. ඔබාගේ ආවේනික ශෛලියට ආපහු ඇවිල්ල...

    ReplyDelete
  10. පට්ට ඈ.. ඔරිජිනල් ඔබා කතාවක්.. මම ඔබා බ්ලොග් ලියන්නත් ඉස්සෙල්ල දැනගත්තේ ආපූ ඊයකින්.. අර ච්ත්‍රය පිකාසෝගේ වගේ.. එ කියන්නේ කතාව නැත්නම් චිත්‍රය තේරුම් ගන්න මාර අමාරුයි...

    ReplyDelete
  11. ඔබාමාමේ,චිත්‍රය දැක්කගමන් හිතුනෙ ලිඳ ගැඹුරුයි කඹේකොටයි නේද කියලයි..

    ReplyDelete
  12. කලින් එක හොඳයි..මෙීක හොදා..යි

    ReplyDelete
  13. පට්ට බල්ලෙක්නේ යකෝ ඌ! කොහොම උනත් ඔබා මාමේ ගොඩක් දේ ඉගෙන ගත්තා මේ කතාවෙන්.
    එකක් තමා: හෝම් කමිං එක තියෙන්නේ හනිමූන් එකෙන් පසුව ය.

    ලබාගත් ආදර්සය: හෝම් කමිං එක ගත යුත්තේ වෙඩින් එකට සහ හනිමූන් එකට පසුවය. නැත්තං එක එකාගේ කැත කතා අසන්නට සිදුවේ. :D

    ReplyDelete
  14. ඒත් මම බැලුවෙ පහුගිය ටිකෙ ඔබීවත්ද බ්ලොග ලියන්නෙ කියලා.බොහොම සංවරව. ඔන්න අපි ඔබාගෙන් බලාපොරොත්තුවෙන විදියෙ කතාවක් අද.

    ReplyDelete
  15. ඕක තමා තතුදත්තෝ බොන්ඩ එපා කියන්නේ.. මිනිස්සු බල්ලො වෙනවා..

    චිත්‍රෙනම් කිසිම අදාලත්වයක් නැහැනෙ කතාවට..

    Oba Back to normal.. :-)

    ReplyDelete
  16. මේ කතාත් ලියන්ඩ හරිද! සිත්තරේ මරු.. අර අත්සම ගැහැව්වෙ මෙසේ උඩ ඉඳගෙනද? ඔබා දන්නවද කුරුලු හමුදා වකාවල එන ලීලසේන කියලා අපි හදුන්නපු පොරත් උඩුබද්දාවේ......

    ReplyDelete
  17. මෙන්න පරණ ඔබ මාම අයෙ ඇවිල්ලෝ ;)

    ReplyDelete
  18. පෙරේරා පැනලා දෙන්න ගිහින් වැඩේ අනාගෙන...
    චිත්තර උත්සාහයට 4/10 යි... බෙට්ටයි බල්ලයි ආවනම් තව 4ක් දෙන්න තිබුනා...:-)

    ReplyDelete
  19. අද කාලේ වුනානම් ඒ බල්ලව කානිවල් එකකට ගිහින් පෙන්නලා කියක් හරි හොයා ගන්නවත් තිබ්බා.ළිඳකින් වතුර අදින බල්ලෙක්?.මගේ යාළුවකුගේ ගෙදරත් හිටියා ගස් නගින බල්ලෙක්.

    ReplyDelete
  20. අපි දන්න කියන අයිය කෙනෙකුට වෙච්චි කක්කි වැඩක් කියවන්න මෙතනට යන්න

    අවවාදයයි,
    ඔබෝ . . . කලිං කලා වගේ බොලා මේකත් මැකුවොත් හොඳ වැඩක් කරනව බලාගනිං

    ReplyDelete
  21. ඔබා මාමා අපේ ගමේ නමත් දාලා නේ...හික්ස් ඔබා මාමම කියන්නකෝ කෝකද කියලා....
    කෝ ඔය චිත්‍රේ බෙට්ට දැන්,,,දැන් ඉතින් ආයේ බෙටි සීරීස් එකක් පටන් ගනී,,පුක සීරීස් ඉවරයි නේ

    ReplyDelete
  22. ඔබා මාම යූ ටර්න් එකක් ගහල වගේ...හික්..හික්..හික්...

    හයියෝ... ඔන්න බලන්න බිව්වම සමහර මිනිස්සු තිරිසන්නු වෙනව කියන එකට හොඳම උදාහරණයක්.... ඇයි බොල... වැඩේ කොරල ළිඳ ළඟට ගිහින් හෝදගන්න තරං සිහියක් පතක් තිබ්බ එකාට වැසිකිළිය හොයාගන්න බැරි උනාද....

    ReplyDelete
  23. ඒ ගෙදර තියා පැත්ත පළාතකවත් බල්ලො නැති හැඩයි...නැත්තං ඕක උදේ වෙනකං ඔතන තියෙයිද ?

    ReplyDelete
  24. අර පහුගිය පෝස්ට් එක ඇත්තටම ලීවේ ඔයාමද? :D:D:D

    ReplyDelete
  25. මිනිස්සු බිවුවම කරන දේවල් ..දැන් එතකොට වැඩේ කරල තියෙන්නෙ පෙරේරද?

    ReplyDelete
  26. බල්ල එක බෙට්ටද දාල තිබුනෙ... ??

    ReplyDelete
  27. බල්ල පුක හෝදන එකත් අඳින්න නේ තිබුණේ!

    ReplyDelete
  28. චීයා............. කක්කි කතාවක්! :D

    ReplyDelete
  29. Test comment to check the time difference of comments and the blog post

    ReplyDelete
    Replies
    1. Our time in Western Australia is 9.45 pm

      Can someone tell me what/where time is shown on comments, Thanx.

      Delete
    2. This happened after the recent modifications in blogger couple of months ago..

      Delete
    3. දෙකක් දන්නව දැන්...බුරා ඉන්නෙ කොහෙද කියන එකයි,[ඒක කොහොමත් දැනන් හිටියෙ] අනික මං ඊයෙ මැච් ඒක දිනෝල ලංකාව උඩටම ගෙනාව සන්තෝශෙට බුරා බොන්නෙ මොනවද කියලයි...

      Delete
    4. මොනාද, මාලිබු ද..?? :)

      Delete
  30. ඒකනෙ ඔබා අයියා අපි කොහෙ ඉඳන් කොමෙන්ට් කලත් මේකෙ වැටෙන්නෙ Los Angeles වෙලාවනෙ...:D

    ReplyDelete
  31. ඔබාඅයියා, චිත්තරේ නරකම නෑ.. තව දිගටම ප්‍රැක්ටිස් කරන්ට, අර බුද්ධියාට ගේමක් දෙන්න පුළුවන් මට්ටමට එන්ට.. :D

    පලි: මේ කතාව කියවනකොට මට හිතට ආපු දෙයක් තිබුනා, මෙතනට අදාල නොවන නිසා කියන්න යන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකත් කියලම දැම්ම නං...ඕන हुथ्थक पानं विस्सयी කියල...

      Delete
    2. බලනකොට ඔබා අයියා හින්දිත් දන්නවනෙ....අපිනං ගූගල් ට්‍රාන්ස්ලේටරෙන් බැලුවා....හික්ස්

      Delete
    3. හිතට ආවෙ මොකද්ද දන්නවද..?? පෙරේරා අද වෙනකොට විශේෂඥ උපදේශකයෙක්ගෙ මට්ටමට එන්න තරං කොයි තරම් දැනුමක් ලංගමෙන් ලැබුවද කියලා (පොර සමහරවිට පස්සෙ තව ඉගෙනගත්තද කියන්න නම් ඉතිං මම දන්නෙ නෑ).. ඒ තරම් සුපිරි මට්ටමක තිබ්බ ලංගමේ නේද අපේ දේශපාලකයො කාලා දැම්මෙ..!?

      Delete
  32. හි හි මාර වේගවත් යාළුවෙක්නේ ඔබා මාමට ඉඳලා තියෙන්නේ නැත්තන් කොහොමෙයි වෙඩිමෙ වැඩ සේරම එක දවසේ කොරන්නේ... වැසිකිලිය මිස් වුනේ කොහොමද දන්නේ නෑ හැබැයි....

    ReplyDelete
  33. බුරාට විශේෂ සැළකිල්ලක් දැක්කුවට කෂ්ටිය සමාව භාජනෙකට දාන්න ඕනෙ..මට ෆුල් අස්පෙට් ගිහිං හිටියෙ මේ අප්‍රභංස වෙලාවල් හිංද...ඔක්කොටම වග උත්තර බඳින්නෙ හෙට... අද සෙනසුරාද හවස...ඔබීගෙ අනුමැතිය ඇතුව අනුමත වෙන්න තියෙන්නෙ අදයි හෙටයි විතරයි... [අනිත් දවසට හොරෙන්]

    ReplyDelete
  34. හික්ස්ස්ස් මාර පෙරෙරා කෙනෙක්නේ :D

    ReplyDelete
  35. ඉරිසියා හිතෙන්ට තරං ආතල් සිද්දි වලින් පිරුණු ජිවිතයක් ඔබා මාමට තිබිල තියෙන්නෙ.....

    ReplyDelete
  36. ඔබාගේ කක්කා ස්ටයිල් එක නැවතත්!

    ReplyDelete
  37. ඔය චිත්‍රෙ අනික් පැත්තෙ අස්සං කොල්ල තීන්නෙ කවුද?

    ReplyDelete
  38. පට්ට කක්කා කතාවක් නේන්නම් . මේක දැකලා මටත් කක්කා කතාවක් මතක් වුණා අදාල උදවියගේ අනුමැතිය ගත් විගසම මමත් ඒක පල කරනවා .. තිබිච්ච බර නිසාම තමයි බුවා එලියේ නිදාගන්නම් කියලා පැදුර ඉල්ලගෙන තියෙන්නේ !

    ReplyDelete
  39. 'විශේෂඥ උපදේශකයෙක්' දැන් එච්චර ඩයල් එකක්ද?

    මේ කතාව කියද්දි මතක් වුනේ ටොමීගෙ ඔලුවට රෙන කතාව හි..හි..

    ReplyDelete
  40. අම්මෝ මෙතන තියෙන ගූ ගඳ

    ReplyDelete
  41. අඩේ ඔබා මාමගේ කතා කියවන්ඩ කියවන්ඩ ආහයි ! ඒවා කියවලා හිනා වෙලාම පන යනවා !

    ReplyDelete
  42. මොකෝ මේ ච්ත්තරේ නම අප් සයිඩ් ඩවුන් ගිහින්

    ReplyDelete
    Replies
    1. ඇයි දැක්කේ නැද්ද අර කියල තිබ්බේ අද අනුමත වෙන දවස කියල...

      Delete
  43. ඔව්වා ඉතිං කොලු කමට කරන එව්වනේ... ඒවට කාඩ් ගහන එකනම් අන්තිම නරකයි. අනික වෙර වෙලත්නේ...

    ReplyDelete
  44. අපොයි අපි නම් පෙරේරල නෙවේ හරිය !

    ReplyDelete
  45. වෙල්කම් බැක්... අම්මේ.. පරණ ලංගමේ කතාවක් අහන්න අපි පෙරුම් පුරාන පුරාන ඉන්න එපැයි. එක නෙවෙයි ඔබා අයියේ.. මේ තරම් පොරවල් හිටි ලංගමේ නේද දැන් මේ බස් එකක ටයර් එකක්වත් හදාගන්න බැරුව ගාල් කොරන්නේ?

    ReplyDelete
  46. හෆ්ෆටසිරි... දංකොටුව..... උඩුබද්දාව.... අපිට කිට්ටුවටම ඇවිත් තියෙනවා එහෙනම්...!!!

    ReplyDelete
  47. දෝ ඒක්‌සෑම් කර්තාහේ
    උත්තර ප්‍රමාද් පටික් ඒක්‌ හෝ!!

    ReplyDelete
    Replies
    1. දෝ නසර් ජාහුවා, ඒක් මිනිට් ආගයා ඔබා චාචු කෝල් කර්තාහේ! බට් ආචල් හේ නහී, ඕර් කාජල් දෝ කහී, භාරත් දෝස්ත් ඕස්ට්‍රේලියා ටයිම් චේන්ජ පැය දෙක තුනකිං! අධිෂ්ඨාන් හෝගයා දෝස්ත්!

      Delete
  48. Back to life, Back to reality. Welcome Back.

    අර චිත්‍රෙ බැලුවම නං චූටි මහත්තයටයි මටයි අනාගතය ගැන බය හිතෙනවා.
    ඇයි ඔබා අයියේ ළිඳක් ඇන්දේ? දුම් දමන කක්කා බෙට්ටක ක්ලෝස් අප් එකක්නෙ දාන්න තිබ්බෙ. අඳින්නත් එච්චර අමාරු නෑනෙ. බලාගෙනම අඳින්න තිබ්බා. ලිඳනම් හිතෙන් මවාගන එපායැ අඳින්න!!!

    henryblogwalker the Dude

    ReplyDelete
  49. ඔබ අයිය වැසිකිලියේ නිදාගෙන හිටි නිසා පෙරේරාට බඩු

    ReplyDelete
  50. ඔබා මාමා මේ චිත්‍රේ ඇන්දේ හොරෙන් අනුමත වෙලාද? අනිත් පැත්තට අත්සන දාලා තියෙන නිසා ඇහුවේ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. ඔය කියලම තිබ්බේ අද ලයිසන් ඇතුව අනුමත වෙන දවස කියල..

      Delete
  51. Welcome oba mame :D

    Habay kakki wade hode... Kakki kola maditawa ara kohewath inna perera kenekwa alllala... Eka blog ehekath daala :D

    ReplyDelete
  52. වෙලාවට ඔබා මාමව ලිඳ විතරක් අඳින්න මතක් වෙලා තියෙන්නෙ.. :D

    ReplyDelete
  53. ගානට බිව්වා නම් ඔය වැ‍ඩේ වෙන්නේ නැහැ....
    හැකස්...

    ReplyDelete
  54. පින්තුරේ බෙට්ට ඇදපු නැති එක ලොකු අඩුවක් ඔබා අන්කල්

    ReplyDelete
  55. අම්මට සිරි ඩුඩ්ලා බුද්ධිලා කැලෙනේ. ඔහොම යන් ඔහොම යන්.පිකාසෝ ටත් දෙන්න පුළුවන් බැටේ....;) මට නං හිතෙන්න කක්කා ඔබා වගේ එකක් වැඩිය ගැලපෙනවා කියලා. :)

    ReplyDelete
  56. යන්තං ආපහු පරණ රිදම් එකට ඇවිත් තියෙන්නේ... ලොකු දෙයක්
    අර බල්ලා තමයි දවසකටවත් බල්ලා :)

    ReplyDelete
  57. ' ඔව් ඒ බල්ල ලිඳ ගාවට ගිහින් වතුර බාල්දියක් ඇදන් පුකත් හෝදගත්ත '

    හික් හික් හික්. නෝ කමෙන්ට්ස්...

    ReplyDelete
  58. ප්‍රවීන බ්ලොග් රචක ...සහ චිත්‍ර ශිල්පී

    ReplyDelete
    Replies
    1. අන්න කතාව. දැං අපිට ප්‍රවීනා බ්ලොග් රචිකාවියක් හා ප්‍රවීන බ්ලොග් රචකයෙක් කැන්ගරුලන්තෙන් ලැබිල තීනව. එළ!

      Delete
  59. පින්තූරෙ අඳිනකොට බෙට්ට හරි පුක හරි අඳින්නෙ නැතුව ළිඳ ඇන්දෙ ඇයි කියලවත් තේරුම් ගන්න බැරි කට්ටිය (මහත්වරු නෝනලාගෙන අහගන්න. නෝනලා තම තමන් මතක් කරගන්න) කල්පනා කරන්නකො මල් මල් සාරියකට ගැලපෙන හැට්ටෙ තෝරන්නෙ මොන පාටටද කියල.

    ReplyDelete
  60. මටත් මේ කතාව සැකයි වගේ ඔබා මාමේ....

    ReplyDelete
  61. ඔබා මාම මේ චිත්‍රෙ ඇන්ඳෙ ඔලුවෙන් හිටගෙනද, නෑ අර අත්සන නිසා ඇහුවෙ?

    ReplyDelete
    Replies
    1. බැනුම් අහන්න වෙන නිසා නම නොකියමිSunday 26 February 2012 at 22:36:00 GMT+5:30

      හයියෝ..ඔයාට නම් පිස්සු..ඔබා අයියා කොහොමද ඔලූවෙන් හිටගන චිත්‍ර අදින්නෙ..ඔබා අයියා ගෙදරට අඳින්නෙ සරම..ඔලුවෙන් හිටගත්ත ගමන් සරම මුනට වැටිලා මොනවත් පේන්නෙ නැතිව යනවනෙ....:D

      Delete
    2. වෙලාවකට සරම නැතිවත් ඉන්නවා කියලා අල්ලපු ගෙදර ඇලිසන් ආච්චි කිව්වේ..

      Delete
  62. යාළුවගේ තාත්තා සීන් එක බලං ඉන්න ඇති පොර රෑ ජාමේ කරපු....හික් හික් මරු කාඩ් එක..අපේ එකෙකුත් බීලා වමනේ දාලා බල්ලෙක් කක්කා කරලා කිව්වම මාමා ඇහුවේ බල්ලෝ බීට් කනවද කියලා.....

    ReplyDelete
  63. ඔබා මාමට මහ කක්කි යාලුවොනෙ ඉන්නෙ........

    ReplyDelete
  64. මහා විසාල කක්ක බෙට්ට මට මැවී මැවී පේනවා. හික් හික් හික්

    ReplyDelete
  65. මේ වගේ කක්කි කතා වලට හිනා වෙනවා ඇරෙන්ඩ වෙන මොනවා කියන්ඩද කියල මට නං හිතා ගන්ඩ බෑ.
    කොහොමත් චිත්තරේ ට ලිඳ විතරක් නං මදි තමා.

    ReplyDelete
  66. ඒ කාලෙත් ලිවින් ටුගෙදර් තිබිල එහෙනම්..

    ReplyDelete
    Replies
    1. සයුරිගෙ බෝය් ෆ්‍රෙන්ඩාTuesday 28 February 2012 at 03:32:00 GMT+5:30

      ආසය් ඒත් බයය්

      Delete
  67. කොමෙන්ට් ඔක්කොම කියෙව්ව.....එකින් එකට උත්තර දෙන්න කට නලියනව, ඒත් වෙලාව ඇත්තෙම නෑ. කට්ටිය සමාවෙන්න ඕනෙ. ඒ අතරේ ඊළඟ පොස්ට් එක ලියනව. කියවූ, කොමෙන්ට් දැමු සියල්ලන්ටම බොක්කෙන්ම තෑන්ක් යූ.

    ReplyDelete
  68. හෙහෙ ඊයා කක්කා පෙරේරා.. :ඩි

    ReplyDelete
  69. හිකි හිකි! කක්ක පෙරේරා! මරු කතාව! ඇත්තටම ඒක කලේ පෙරේරමද???

    ReplyDelete
  70. ඔබා එන්ඩ එන්ඩම පොඩි එකා වෙනවාද මන්දා අර ඇඳලා තියෙන්නේ දෙකේ පන්තියේ පොඩි එකෙක්ගේ චිත්රයක්නේ .. අනේ පවු ඔබී අක්ක.. ..මේ කක්ක කතා කාරයා එක්ක කොහොම ඉන්නවාද මන්දා..

    ReplyDelete
  71. ඒ කියන්නෙ ඒ කාලෙත් වෙඩින් එකයි හෝම්කමින් එකයි එකම දවසෙ අරගෙන තියනවා එහෙනං ........
    මොනා හිතිලද දන්නෑ පෙරේරා ලොක්කා ඔය අසික්කිත වැඩේ කොලේ ........

    ReplyDelete