My followers

Thursday 22 December 2011

අන්-අයිඩෙන්ටිෆයිඩ් ෆ්ලයින් ඔබ්ජෙක්ට් U. F. O. නොහොත් පියාඹන පීරිසියක්

                                                                        From Google Free Images
කට්ටිය අහල ඇතිනෙ, පෘතුවියෙ සයන්ටිස්ට්ල කාලෙක ඉඳල විශ්වාස කොරනව කියල අඟහරු ලෝකෙ ජීවීන් ඉන්න බව. ඒ වගේම අඟහරු ලෝකෙ සයන්ටිස්ට්ලත් පෘතුවියෙ ජීවීන් ඉන්නව කියල විශ්වාස කළා සෑහෙන කාලෙක ඉඳලම. (සෑහෙන කිව්වේ ආලෝක වර්ෂ ගණනාවක ඉඳල) අපේ ජීවීන් මොන වගේද, කොය් තරං දියුණුද, ආදී විස්තර හොයල බලන්න අඟහරු සයන්ටිස්ට්ල කණ්ඩායමක් අන්අය්ඩෙන්ටිෆයිඩ් ෆ්ලයින් ඔබ්ජෙක්ට්ඒ කියන්නෙයු.එෆ්.ඕ. එහෙමත් නැත්තන් ඉංග්‍රීසියෙන්ම කියනව නං පියාඹන පීරිසියක නැගල පෘතුවියට ආව. මේ යු.එෆ්.ඕ.එක බැස්සෙ ඇමෙරිකාවෙ සෑහෙන්න පාලු කාන්තාරයක් වගේ පැත්තක. ඒ වුනාට ඇමෙරිකන් සැටලයිට්, “යු.එෆ්.ඕ.එකේ ගමන් මාර්ගය, ලෑන්ඩ් කරන තැන දක්වාම ඩිජිටලි වීඩීයෝ කළා විතරක් නෙමේ, ගමන් මාර්ගය අනුව ලෑන්ඩ් කරන ඉස්සව්ව පවා මීටර් දෙක තුනකට වඩා නොවරදින විධියට ඇමෙරිකන්නාසා ආයතනයට, සී. අය් ඒ. එකට සහ එෆ්. බී. අය්. එකට, කලින්ම දැනුන් දීල තිබුනෙ.

පෘතුවියෙ වායුවට, පීඩනයට, හරියන මාස්ක්, ඇඳුම් එහෙම ඇඳගෙන, උන් උන් අතරෙ කතා කරන රේඩියෝ වගේ උපකරණ, ඇන්ටෙනා එහෙම පැළඳගෙන අඟහරුවො යු.එෆ්.ඕ.එකෙන් එලියට බැස්සෙ. එයාලත් ඉතින් හෙන දියුණු කෂ්ටිය නිසා කලින්ම දැනගන්නත් ඇති, “නාසාසයන්ටිස්ට්ලත් එයාල එලියට එනකොට, ආරක්ෂා සංවිධානත් ඇතුව, පිළිගන්න රෙඩි වෙලා ඉන්නෙ කියල. ඔන්න ඉතින් දෙලොවෙම සයන්ටිස්ට්ල බොහොම සුහදව එකිනෙකා දැන අඳුනගෙන, අඟහරු සයන්ටිස්ට්ලව එක්ක ගියා නාසාආයතනයට. ඊට පස්සෙ එයාලට රෙස්ට් එකක් ගන්න එහෙම ටයිම් දීල (ජෙට් ලැග් වගේ නෙමෙය්, “යු.එෆ්.ඕ.ලැග්), සයන්ටිස්ට් කට්ටි දෙක අපිට තේරෙන්නෙ නැති හෙන විද්‍යාත්මක දේවල් ගැන සාකච්චා පැවැත්තුව. ඔය සාකච්චා වල අන්තිම හරියෙදි ප්‍රජනනය ගැනත් කතා වුනා. අඟහරුවො කිව්ව එයාලනං කරන්නෙ කල් යනකොට වැඩ කරන්න බැරි අඟහරුවන් 'ස්විච් ඕෆ් ' කරල, ඒ ඕෆ් කරපු කට්ටියගෙ පාර්ට්ස් රිසය්කල් කරල, ඕනෙ වුනොත් අලුත් පාර්ට්ස් දාල, අලුතෙන් අවශ්‍ය අලුත් අඟහරුවො ප්‍රොඩක්ෂන් ලයින් එකක නිෂ්පාදනය කරනව කියල.

පෘතුවියෙ සයන්ටිස්ට් කෂ්ටියට ඒ කතාව අහල ටිකක් විතර හොල්මන්. එයව් අස්සෙ අරුන් අහනව පෘතුවි කෂ්ටියගෙ ප්‍රජනන ක්‍රියාවලිය පිළිබඳව. අපේ එවුනුත් දන්න සෙල්ලං දාල කියල දෙන්න හදනව, අර යක්කුන්ට තේරෙන්නෙම නැහැ. බැරිම තැන පෘතුවි සයන්ටිස්ට්ල තීරණය කොලා, පෘතුවියෙ ප්‍රජනනය කෙරෙන හැටි ඩිමොස්ට්‍රේෂන් එකකින් අරුන්ට පෙන්නන්න. වැඩේට තරුණ පිරිමි සයන්ටිස්ට් කෙනෙකුය්, තරුණ ලස්සන කාන්තා සයන්ටිස්ට් කෙනෙකුය් ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනා. (දෙන්නට, දෙන්න අනිත් අයට හොරෙන් කොහොමත් ෆිට් එකේ හිටියෙ)

දෙන්නට කාමරයක් දීල, අඟහරුවන්වත් වීදුරු ජනේලයකින් කාමරේ වෙන වැඩ කටයුතු පේන ඔබ්සර්වේෂන් කුටියක පහසුකන් සලසල, ඔන්න වැඩේ කෙරෙන හැටි පෙන්නල දුන්න. අඟහරුවො ඩිමොස්ට්‍රේෂන් එක ගැන හෙන සැටිස්. ඒ වුනාට උන් අහනව කෝ ප්‍රොඩක්ෂන් එක කියල. ඒ පාර අපේ කෂ්ටිය කිව්ව, 'එන්ඩ් ප්‍රොඩක්ට්' එක එලියට එන්න පෘතුවි මාස නමයක් යනව කියල. ඒ පාර අඟහරුවො උන්ගෙ කැල්කියුලේටර් වලින් පෘතුවි මාස ගණන් හදල බලල අහනව, එච්චර කල් යන්නෙ මොකද කියල. අපේ කෂ්ටිය කියනව, උඹලගෙ වගේ නෙමේ, මේක ස්වභාවික ප්‍රොඩක්ෂන් එකක් මිසක් යාන්ත්‍රික ක්‍රමයක් නෙමේ කියල.

අඟහරුවන්ගේ අන්තිම ප්‍රශ්නෙ.ඔච්චර කල් යනව නං අන්තිමට අච්චර හදිස්සි වුනේ ඇයි ?”



මෙන්න නයා, බලාගෙන දෂ්ට කොරයි.....
පහල චායාරූප වල තියෙන්නෙ 'Oba's Pride & Joy '




ඔබාගෙ UFO එක ගැන ගුණ දොස් විවේචනයක් මෙතන.

95 comments:

  1. (කියන්න ලියන්න කියලා හිතට ආපු සියල්ලම ස්වයංවාරනය කර ගනිමින් ..)
    උදේ පාන්දරම හිනා වෙලා ලේ පිරිසිදු කර ගත්තා..කාර් එක ගැන මතකය ආයිමත් අලුත් කර ගත්තා..

    ReplyDelete
  2. "ඔබා කුස්සියට රජවෙයි" කියලා පෝස්ට් දානකොටම මම දැනගත්තා මූට හෙට අනිද්දාම 'පියාඹන පීරිසි' දකින්න ලැබෙයි කියලා.. :p

    ReplyDelete
  3. ඔබා පදින්නෙ කොල්ලො පදින වාහන නෙව... ඈ බොල.. UFO එකක් නේද මේත්... උබ මේ අඟහරු කතා දෙසා බෑවට මුන්දැ ඔබී නැති වෙලාවෙ " ලයිව් සෙක්ස් ශෝ" එකක් අස්සෙ රිංගල වගේ... අපි නොදන්න අඟහරු ලෝකේ...

    ReplyDelete
  4. අප්පද බොල..ඔබා අංකල් අහලා ඇති නේද ඔය කතවෙම තව වර්ෂන් එකක් තියනවා අර ඒරියල් එකේ කතාව..අහල නැත්නම් මට කියන්න මම පර්සනලි කියන්නම්කෝ

    ReplyDelete
  5. ඔතන බොරුවට මුලින් මුලින් සයන්සි‍ෆික් ටොපික් ඇදලා ගත්තට ඇත්තටම පිටසක්වල ජීවීන් ආවේ ඔය අහවල් වැඩේ ගැන හොයන්නමලු.
    සික් විතරක්.
    මම හිතුවේ අපි වගේ එවුන් ඉන්නේ මේ ලෝකේ විතරයි කියලා.

    ReplyDelete
  6. ඔබී නැන්දා ගෙදර නැති වෙලේ වන්ඩිය ඇතුලෙ අඟහරුවන්ට ඩෙමෝ එකක් කරලා පෙන්නපු සන්තෝසෙට යමින් ගමන් උන්ගේ නම්බර් ප්ලේට් එකක් දීල ගිහින්.

    ReplyDelete
  7. ඔබා මාමා තනියම ගෙදරට වෙලා අඟරුවන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ගැන හොයනවා වගේ! ඔය පහල තියෙන UFO එකෙන්ද අඟහරුවන්ව හොයන්න යන්නේ? :D

    ReplyDelete
  8. මේ කතාව අන්තිම පේලියේ ගියා නේදෝ????? කොහොම කොහොම හරි ඔබා මාමා වන්ඩිය ප්‍රදර්ශන කොරගත්තා අඟහරුවන්ගේ පිහිටෙන්..... :D :D :D

    ReplyDelete
  9. නියම ප්‍රශ්නෙ...හික්ස්...

    ReplyDelete
  10. ඇත්තටම අගහරුවගෙ අන්තිම ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද මාමෙ.. ;)

    ReplyDelete
  11. පියාඹන පීරිසි පෙන්නයි ඔබී ගෙදර ආව දවසට. හිස් බෝතල් ටික අයින් කොරල තිබ්බෙ නැත්නම්.

    ReplyDelete
  12. හික්! අච්චර සතුටින් ඔබීගෙ බෑග් පැක් කලේ ඕකට තමයි.

    ReplyDelete
  13. හාමිනේ නැති නිසා පියාඹන පිරිසි එන්නේ නැතිව ඇති. වන්ඩිය එළ..

    ReplyDelete
  14. ඔබා අයියගෙන් මට අහන්න තියන ප්‍රශ්නෙ පිස්ස කලින්ම අහලා. සිඩ්නි හංදියේ ඔය ජාතියේ ෂොප් තියේද? මට අහුවුන් නැහැනේ. රහසෙන් තැන කියන්න හොදේ.
    ඔය පියාබන පීරිසි ගැන වෙනම දවසක කථා කරමුකෝ.
    කාර් එකනම් නියමයි.

    ReplyDelete
  15. ඔය පින්තූරේ තියෙන්නෙත් ඒ වගේ පියාඹන එකක් වෙන්ටැති. :D:D

    ReplyDelete
  16. මේ ඔය වාහනේ තැපැලෙන් මේ පැත්තට එවහංකො ඔබා අයියේ...

    ReplyDelete
  17. පරිස්සමින් ඔබා මාගේ අර පරික්ශනේට එක්කෙනෙක්ව හොයනවලු,ඔය කාර් එකේ නම්බර් ප්ලේට් එක දැක්කම උස්සං යන්න බැරි නෑ.....

    ReplyDelete
  18. 01. පට්ට යුඇෆ්ඕ එකක්නේ.....ඕවයේ, කැමරාවල වගේ ජපං භාන්ඩ වල ඔරිජිනල් ජපං සුවඳ අහන්ඩ මම නං හෙන කැමතියි....

    02. අනික යුඇෆ්ඕ ගැන මතකය ඇවිස්සුනාම හරි කරදර. කාලයක් (දැනුත් එහෙම තමා) තිබ්බා ඔය ගැන හෙන පිස්සුවක්. මැරියන් අදුනගත්තු මුල් කාලේ මම ලැජ්ජාව පැත්තක තියලා, ඒ ගොල්ලන්ගේ අම්මට කතා කරලා හෙන පොත් තොගයක් ගෙන්නා ගත්තා ඔය ගැන තියෙන....

    03.අනික පෘතුවියෙ ප්‍රජනනය කෙරෙන හැටි ඩිමොස්ට්‍රේෂන් එකකින් අරුන්ට පෙන්නන්න යන්නැතුව අරගොල්ලන්ට තිබ්බා අහවල් ඇමරිකා සීඩී ටිකක් ඔතලා දෙන්ඩ. යන ගමන් බලන්ඩ කියලා. මොකෝ ඉතිං ඒවා ඒ ගොල්ලන්ගෙ දේශිය නිෂ්පාදනනෙ...

    04. බුන්ට සීයාට ආය ඉස්පිලි ලෙ‍ඩේ ඇවිදිං, මං දන්නවා කොයිවෙලේ හරි ය යන්නයි ඉස්පිල්ලයි ඇහේ ඇනගන්නවා

    ReplyDelete
  19. කාර් එකේනම් UFO කියල ගහල තියෙන්නේ ඇතුලෙ ඉන්න පුද්ගලයා ගැන වෙන්න ඇති..... :D

    ReplyDelete
  20. හ්ම් තේරුම් ගන්න අමාරුයි වගේ මටනම් :D

    ReplyDelete
  21. හපොයි..මේවට මොනවත් කියන්න බැරියෝ....

    ඔබා අයියගෙ UFO එක නම් ටොප්.....

    @ ගිම්හානි..
    බබා

    ReplyDelete
  22. ඔබාටත් දැන් ආලෝක වර්ෂ බර ගාණක් වෙනව ඇති නේද හික් හික්

    අර කාර් කට්ට කොල්ලෙකුට දීල දාන්න.(මටත් එච්චර වයසක් නෑ)

    ReplyDelete
  23. wow....නියම UFO එකක්නෙ ඔබා මාමේ...ඔබා මාමගෙ වයසෙ හැටියට ඕක වැඩි නැද්ද මම අහන්නෙ ? හික්ස් ....just kidding ... :D

    ReplyDelete
  24. අනේ අම්මපා මේ ඔබාට වල් කතාවක් කුණුහරුපයක් නැතුව කතාවක් කොමෙන්ටුවක් දාන්ඩම බැයිද හැබෑටම..

    ReplyDelete
  25. අප්‍රියල් එකේ එනවා කිවානේ.... ඔබා නැද්දාට පෙන්නන්න මම මේවගේ ප්‍රින්ට් අවුට් ටිකක් රෙඩි කොරලා තියන්නම්කෝ

    ReplyDelete
  26. hiki hiki! aththa! saththaya mathu karana kathawak! maaasa 9k yanawanam ay ochchara hadissi! :D :D

    ReplyDelete
  27. දැන් මේ අපි ලියන එලියන් කතා වලට කෝචෝක් දදා හිටියම මන් හිතුවේ දෙන්න යන්නේ ඇට්ටි හැලෙන්නම කියල. ඔය දීල තියෙන්නේ ඇට්ටි බැට්ටි විතරක් නෙවෙයි කොලත් හැලෙන්න. (කාර් එකනම් පට්ට)

    ReplyDelete
  28. උපනුපන් ජාතිත් පෘථිවි වාසියෙක් මිස අඟහරුවෙක් වී නොඉපදේවා!!
    වන්ඩිය නම් එලකිරි!! ඔයිට වැඩිය ගනන් දීලා ලංකාවෙ අයට රීකන්ඩිෂන් ජපන් වාහන හෝ අලුත් ඉන්දියන් වාහන ගන්න වෙලානෙ තියෙන්නෙ බදු නිසා.
    henryblogwalker the dude,

    ReplyDelete
  29. හේ හේ... පට්ට කතාව. ඕකෙ මොඩිෆයි වර්සන් එකක් තියෙනවා. හිටින්නකෝ වෙලාවක ලියන්න. :D

    චන්දික(කෝච්චියා)

    ReplyDelete
  30. අර කිව්වත් වගේ අහවල් චිත්‍රපටි ටිකක් දුන්නා නම් හොඳට බලලා තේරුම්ගන්න කියලා වැඩේ ක්ලෝස්...ලේසී පහසියු

    ReplyDelete
  31. ඔබා මාමේ මේකත් උඩින්ද යන්නේ? හිකිස්
    මාත් කාර් එකක් ගන්න ගිහින් බැලු කොට එකේ නම්බර් එක 007
    හොඳ වෙලාවට ගත්තේ නැහැ (වෙන අවුල් වගයක් තිබුන නිසා)

    ReplyDelete
  32. දැන් ඔය UFO 255 එක ඇතුලෙ ගමන් බිමන් යන එකත් අඟහරු ලෝකෙන් ආව කියල හිතාන ඔය මොනා හරි ඩිමොස්ට්‍රේශන් එකක් බලන්න ගියාද එක පාරට මේ කතාව මතක් උනේ මේ නහින දෙහින කාලෙ.....

    ReplyDelete
  33. ඔබා මාමෙ ගිම්හානිටත් ඩෙමොන්ස්ට්‍රෙශන් එකක් දෙන්න වෙයි වගෙ නේද ?

    ReplyDelete
  34. මෙ පින්තූරවල තියෙන්නෙ කොට්ටාව - ගල්කිස්ස රූට් එකෙ දුවන එකක් නෙමෙයි නේද ?

    ReplyDelete
  35. වැඩේ කරල පෙන්නුවට ඔබාට තෑගි හම්බවිච්ච එකක් වෙන්න ඇති අර ප්ලේට් එක.

    ReplyDelete
  36. අර UFO එකේ ලස්සන.... කියලා වැඩක් නෑ.. කිවුවත් වගේ ඕක අර අගහරුවන්ට ප්‍රසන්ටේශන් එක කලාට තෑගි හම්බුන එකද?? ඔබා මමා මේ ටිකේ තනියම හන්දා මොනා කරනවද මන්දා...

    ReplyDelete
  37. නැත්තන් අඟහරුවන්ට ඔබා මාම කියවන බුදුසරණ පත්තරයක් වත් දෙන්න තිබ්බ නෙ... තනිකරම ලාංකීය එක්ස්පීරියන්ස් එකක් ගන්න තිබ්බ උන්ට...

    ඔබා මාමගෙ UFO එක නම් එළය ඔබී නැන්දත් ගෙදර නැති එකේ රෑට රෑට වීදි සංචාරයේ යෙදෙනවා කියල අපිට ආරන්චි (වෙනිය තම කිව්වෙ, අල්ලගන්න ඕකව)

    ReplyDelete
  38. ඔබාම මේකෙ යනකොටත් නිකං UFO එකේ ආපු අඟරු ග්‍රහය දිහා වගේ මිනිස්සු බලනව ඇති නෙද? ඇයි ඉතින් මුලින්ම්ම දොරෙන් එලියට එන්නෙ හැරමිටිය. පස්සෙ කෝටු කකුල්. ඉන් පස්සෙ බතල බඩ. අන්තිමට පොල් ඔලුව එක්ක රැවුල් බුරුසුව. හරියට ලුණුමිරිසුයි කේකුයි වගේනෙ. ස්පෝර්ට් කාර් වල යන්නෙ ලොක්කො ස්පෝර්ටි බුවාල. ඔය වයසට ඕනෙමනං හාලියක් අරන් පස්සට තව රෝද දෙකක් හයිකොරගං! හුහ් නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ ඕකනෙ...

    ReplyDelete
  39. ඔබී මෙහෙ එවලා මේකා අරකේ නැගලා බඩු පොට් වටේ ගිහින්ද කොහේද..?

    මට මතකයි එක පාරක් බුකියෙත් ඔහොම පොටෝ එකක් දාලා හොඳට නාගත්තා වගේ යාළුවා...

    ReplyDelete
  40. ඉන්දික උපශාන්ත said...

    ඔබාම මේකෙ යනකොටත් නිකං UFO එකේ ආපු අඟරු ග්‍රහය දිහා වගේ මිනිස්සු බලනව ඇති නෙද? ඇයි ඉතින් මුලින්ම්ම දොරෙන් එලියට එන්නෙ හැරමිටිය. පස්සෙ කෝටු කකුල්. ඉන් පස්සෙ බතල බඩ. අන්තිමට පොල් ඔලුව එක්ක රැවුල් බුරුසුව. හරියට ලුණුමිරිසුයි කේකුයි වගේනෙ. ස්පෝර්ට් කාර් වල යන්නෙ ලොක්කො ස්පෝර්ටි බුවාල. ඔය වයසට ඕනෙමනං හාලියක් අරන් පස්සට තව රෝද දෙකක් හයිකොරගං! හුහ් නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ ඕකනෙ...



    මත් කියන්න හැදුවෙ ඕකමයි......!!!! හිකිස්......

    ReplyDelete
  41. වෙන මනුස්සයෙක් නං මෙ අහගත්ත එව්වට බෙල්ලෙ වැලක් දාගෙන ගහක එල්ලිලා.

    ReplyDelete
  42. ඇයි ඒ අන්තිමට හදිස්සි වෙන්නේ...????

    UFO 255 නම් සොමි භාණ්ඩේ...ඔබා KNIGHT RIDER වගේ යනවා ඇති..

    ReplyDelete
  43. පස්ට වංඩිය බොසා!

    ReplyDelete
  44. අර මෙව්වැක මැනුවල් නිසා කීයකටවත් එපා මට නං. උදේ දැක්කෙ මේ පිංතුරු නොවෙයිනෙ

    ReplyDelete
  45. අද නම් ඔබා අයියා තලල තියෙන්නෙ මාර පදුරකටනෙ..මට නම් දැන් පදුර හොයා ගන්නත් බැ...හේන හොයා ගන්නත් බැ..

    පොටෝ එක මාරු වෙලා නේහ්......තව ටික වෙලාවක් යනකොට අර ඩෙමොන්ස්ට්‍රේෂන් එකේ පොටෝත් දායිද දන්නේ නැ..කෝකටත් අහල පහලට වෙලා ඉන්න ඕන...:D

    ReplyDelete
  46. උඩ කොමෙන්ට් එක ඇනෝ වුනේ මිස්ටේක් එකකින්...ඒක දැම්මෙ මම..

    ReplyDelete
  47. අඟහරුවන්ට මොන මගුල තිබුනත් වැඩක් නෑ මෙලො රහකට නැති ප්‍රජනන ක්‍රියාවලියක්නේ තියෙන්නේ

    ReplyDelete
  48. ඔබා මාමගේ UFO එක අඟහරුවන්ගේ එකට වඩා ගති නොවැ. ඒක නෙවෙයි ඔබා මාමත් ඔකේ ගිහිල්ල බැහැපු හැටියේ කොරන්නේ අර අඟහරුවෝ බලපු ජාතියේ ඒවා බලන එකයි කියන්නේ ඇත්තෙයි?

    ReplyDelete
  49. මටත් මතක් වුනේ නිතරම පිළියන්දල දී දකින 255 බස් එකක්!

    ReplyDelete
  50. මම එත් බැලුව මේ mid life crisis එකක් දෝ කියල. එත් ඉතින් දැන් mid life පැනල දැන් සැහෙන කල් නෙ?

    ReplyDelete
  51. හික්ස්.... ඇත්ත නේන්නං....

    අනේ මන්ද...ඔබී එනකොට කොහෙන් නතර වෙලා තියෙයිද කියලා... එහේ ඉඳන් මේව කියවනව නම් ගෙට පය ගහපු ගමන් පියාඹන පීරිසි බලාගන්න තිබ්බ....

    ලොක්ක...නයා නම් ජාති ඈ.....

    ReplyDelete
  52. @ Weni
    කියන්න ලියන්න කියලා හිතට ආපු ඒවා විතරද මොකද්ද කොරගත්තෙ? එතකොට කොරන්න ගිය ඒව?

    @ බුරා,
    තාම නෑ..තාම නෑ..

    @ පිස්සා,
    තාම 'යන් ඉන් හාට්'

    @ Janaranga Wijaindu Dewasurendra
    අහල නැහැනෙ, ඊයක් එවනවද? බ්ලොග් එකේ ලින්ක් එකත් එක්කම

    @ Rajith
    අපි වගේ එවුන්, මේ...මේ...මාව එහෙම ඕවට ගාව ගන්නව නෙමේ

    @ ඉඳුනිල්
    මේ...මේ...කතා නං හදන්න එපා අහිංසකයට

    @ පූසා,
    හොයන්න දෙයක් නෑ පූස්, උන් රිසයිකල්ඩ් පාර්ට්ස් වලින්නෙ අළුත් ඒවො හදන්නෙ

    @ ගොඩයා,
    හ්ම්..'අන්තිම පේලියෙ' දැම්ම කාලෙකට ඉස්සෙල්ල, මං හිතුව බොලාට අමතක වෙලා ඇති කියල

    @ නිසුපා,
    රිසයිකල් කරන හැටිද?

    @ ranjith
    ඔබී එනකං මතට තිත තියල ඉන්නෙ


    @ සාතන්,
    පොඩි එවුන්ට ඕනෙ කථා නෙමේ ඒව, ගිහින් චූ කරල නිදාගනින්

    @ අනිත් හැමෝටම,
    උත්තර හෙට, දැනට ගුඩ් නයිට්

    ReplyDelete
  53. මම මේ පියාබන දීසියක් දැක්කා මයි. ඔබා මාමා හන්දම හොදා ඉතින්.

    ReplyDelete
  54. අඟහරු කුරුමිට්ටෝ අස්සේ හැංගිලා හිටියේ මාරම මාර දිග නයෙක්නේ....

    ReplyDelete
  55. @ රාජ්
    නැතුව, නැතුව, ඔය තේරෙන්නෙ.

    @ මාතලන්
    කිසි බයක් සැකක් නැතුව ඉන්නව , තැන්ක්ස්.

    @ වෙද ගෙදර මහ වෙදනා
    සිඩ්නි හංදිය ගැන නං දන්නෙ නෑ, මං ඉන්නේ පර්ත් හන්දියෙනේ, මෙහෙ පත්තරේ පිටු කීපයක්ම වෙන් වෙනව ඒ ඇඩ් වලටම.

    @ Podi Kumarihami
    කුමාරිහාමිලගෙ කොමොඩෝර්, පස්සෙ එල්ලං යන්න පුළුවන්, හෙහ් හෙහ්, පෝස්ට් එකේ පහළ දීල තියෙන ලින්ක් වලින් බැලුවොත් kmph 100 ස්පීඩ් එක ගන්න යන තත්පර ගාන හෙම දීල තියෙනව

    @ Raj
    වැඩක් නෑ එවල, ආනයන බදු + නව ගාස්තු ගෙව්වම කාර් එකේ වටිනාකම නෑ..

    ReplyDelete
  56. @ ඔබ නොදු‍ටු ලොවක්,
    පරිස්සන් වෙන්නෙ මොටෝ, පැනගෙනනේ යන්නෙ හෙහ් හෙහ්

    @ බුද්ධි
    1] මේකේ සුවඳ ගිහින් දැන්,අවුරුදු 10 ක් විතර පරණයිනෙ.මෙහෙ තියෙනව හැබැයි කාර් එක ඇතුලේ ස්ප්‍රේ කරන 'නිව් කාර් ස්ප්‍රේ එකක්, මතක් වුනොත් එකක් ගෙනත් දෙන්නං.

    2]//මැරියන් අදුනගත්තු මුල් කාලේ// ඇයි දැන් ඒ වගේ දේවල් කරල දෙන්නෙ නැද්ද?

    3] එහෙම කළා නං අර කට්ටියට කිසි සොමියක් නෑ නෙ

    4] අනුන්ගෙ පොල් පරාල හොයන්න ඉස්සෙල්ල තමන්ගෙ අකුරු හදා ගත්ත නං, කොමෙන්ට් එක කියෙව්වම පේන ඔක්කොමගෙන් එකක් පෙන්නන්නං දැනට, 'අදුනගත්තු'

    @ තාරක Dilsh@n ,
    ඇතුලෙ ඉන්න කෙනා තාරක අඳුනනවනේ : D

    @ Gimhani
    හ්ම්...තේරුං නැති කොටස ඇහු වොත් මේක කියෝන කට්ටිය කියල දෙයි පැනල හෙහ් හෙහ්

    @ ලකී
    ඉස්සෙල්ල දාපු රූප පැහැදිලි මදි කියල හිතුන නිසා අළුතෙන් දැම්ම

    ReplyDelete
  57. @ Outsider
    Import tax & fright ගෙවල ගන්නව නං මට රු/= ලක්ෂ දහයක් ඇති

    @ දිල්
    දුවගෙන් බේරෙන්න බෑ ඉල්ලල

    @ Mahesh Wickramasinghe
    පොස්ට් එක ආපහු කියෙව්ව මට බැරි වෙලාවත් කුණුහරපයක් ලියවෙලාද කියල...ම්හු...හොයාගන්න නං බැරි වුනා

    @ දේවා,
    එයාට ලින්ක් එක නං යැව්ව, මේ දවස් වල කියවන්න නං වෙලා තියෙන වැඩ ශුවර් නෑ

    @ මාධව - மாதவ - Madhawa,
    ඔබා කවදාවත් බොරු නං කියන්නෙ නෑ

    ReplyDelete
  58. @ ඊ මේල් කවිකාරි
    මොකෝ අද නොම්මර තහඩුව නැතුව ඇවිල්ල?
    කොහෙද , අමතක කරන්න හැදුවට මේ 'ස්කයිප් ' එකත් එක්ක බෑ.

    @ ක්සැන්ඩර් | Xander
    ඒලියන්ලත් ජීවත් වෙන්න එපෑ හෙහ් හෙහ්

    @ Dude
    Import tax + fright ඔයා ගෙවල, මට ලක්ෂ දහයක් දෙන්න [Ru/=] කාර් එක Dude ගෙ.

    @ චන්දික(කෝච්චියා)
    ලියන්න .... ලියන්න, ඒ වර්ෂන් එක අහල නෑ

    @ අඹයා,
    එහෙම කළා නං කිසිම සොමියක් නෑනෙව බන්

    ReplyDelete
  59. @ niroshini
    මෙහෙ අපිට ඕනෙ නොම්මරයක් ගන්න පුළුවන්, ඕනෙ නං තමන්ගෙ නම වුනත් ගහ ගන්න පුළුවන්, සුළු ගානක් ගෙවන්න ඕනෙ [පගාව නෙමේ]

    @ නිශ්
    මොන ඩිමොස්ට්‍රේෂන්ද ? වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්නෙ, මේ දවස් වල බුදුසරණ පත්තරේ එහෙම කියවන්නෙත්

    @ Loku John
    ගිම්හානි ගැන නං දන් නැහැ, කොට්ටාව පැත්තට ඔය වගේ ඒවා දිව්ව ඉස්සර, ඒවට කිව්වෙ 'පාස් බස්' කියල

    @ Praසන්ன
    මොන වැඩේ ගැනද මේ කතා කොරන්නෙ? : D

    @ Dinesh
    මොන ප්‍රසන්ටේශන් එක ගැනද මේ කතා කොරන්නෙ? : D

    ReplyDelete
  60. @ පැට්ටා,
    'වෙනි' ඔවැනි කතා කිසි දිනෙක මා ගැන නොකියන බව 100% මේක උඹේ සහ කරෝල කට්ටගෙ කුමන්ත්‍රණයකි

    @ ඉන්දික උපශාන්ත
    තනිකරම ද්වේශයෙන් සහ ක්‍රෝධයෙන් ලිවූ කොමෙන්ට් එකක් බව හොඳාකාරව පෙනී යයි.
    මුළු ලෝකෙම, අතට ගත් නෙල්ලි ගෙඩියක් වගේ දුටු බුදුන් වහන්සේටත්, දේවදත්ත වැනි සතුරන් සිටි කල මා වැනියවුන් ගැන කවර කතාද? : ද

    @ මාරයා,
    බඩු පොට් කියන්නෙ මොනවද බන්ස්? උඹල මල් අදින්න හෙම යන පොට් ද? එහෙම නැත්තං බොලා වගේ වේලෙන එවුන් වෙන මොනා හරි අවශ්‍යතාවක් ඉටු කොර ගන්න යන තැනක් වත්ද?

    @ uwiniran
    'අහෝ යුනිවරන් නොදිටි මොක් පුර'
    උත්තරයක් හැටියට කියන්න තියෙන්නෙ, ඉන්දික උපශාන්ත ට කිවූ දේමයි.
    තනිකරම ද්වේශයෙන් සහ ක්‍රෝධයෙන් ලිවූ කොමෙන්ට් එකක් බව හොඳාකාරව පෙනී යයි. හිකිස්...

    @ ඊ මේල් කවිකාරි
    Who knows, maybe I am just another 'attention seeker’

    ReplyDelete
  61. @ kandyan
    ගිය අවුරුද්දෙ මෙහෙ කාලෙකට පස්සෙ, ටෙනිස් බෝල සයිස් හේල් වැටුන. කවුරුවත් බලාපොරොත්තු නොවූ නිසා, කාර් පෝර්ට් හෝ මොනයම් 'අන්ඩර් කවර්' විදියට පාර්ක් කරල තිබ්බෙ නැති හොඳ කාර් හුඟාක් හේල් damage වලට 'ඉන්සූරන්ස් රයිට් ඔෆ්' වුනා. මේ එයින් එකක්. හේල් damage ඔක්ෂන් එකකින් සෑහෙන්න අඩුවට ලැබුනෙ. මේකෙ වහලෙ උඩ ඇහට පේන් නැති ඩෙන්ට්ස් වගයක් තියෙනව, ඒව රෙපෙයාර් කලේ නෑ, ටයිමින් චේන්, ටයිමින් වීල්, වගේ අතවශ්‍ය දේවල් රීප්ලේස් කරලා දුවනව. මේක ෆැමිලි කාර් එකක් නෙමේ, 'හොබි කාර්' එකක් කියල කියතෑකි. උනන්දුවක් තියෙන අයට බලන්න, රිවීව් එකක සහ ටෙක්නිකල් ඩීටේල්ස් වල ලින්ක්ස් දාල තියෙනව පොස්ට් එකේ අඩියෙම.

    @ Sabith
    Thanx mate

    @ ඊ මේල් කවිකාරි
    මැනුවල් ස්පෝර්ට්ස් කාර් එකක් එලවන්න පුරුදු වුනොත් ඔය කතාව කියන් නෑ ආත්මෙට. kandiyan ට දාල තියෙන රිප්ලයි එකත් බලල, පෝස්ට් එකේ අග තියෙන ලින්ක්ස් වලටත් ගිහින් බලන්න [උනන්දුවක් තියේ නං විතරක්,] සමහර විට අදුරු තුමා ඒව ගැන ඉන්ටරෙස්ට් එකක් ගන්න පුළුවන් හෙහ්...හෙහ්...

    @ ලකී/ඇනෝ,
    ෆොටෝ මාරු කරන්න හේතුව ඔයාට ඉස්සෙල්ල රිප්ලයි එකේ කිව්ව වගේ මතකයි, කෝමටත් උදේ පෝස්ට් එක පබ්ලිෂ් කරන්න යනකොට තමා හිතුනෙ කට්ටිය පොඩ්ඩක් අවුස්සන්න, අන්තිම ටික ඇටැච් කලේ ෆොටෝ එක්ක ඒකට. ඒ වෙලාවෙ අව්ව සැර වැඩියි, මං ෆොටෝ අරං තිබ්බෙ වැරදි සෙටින් එකක කැමරාව ඇජස් කරල. හවස වැඩ කර කර ඉන්න ගමන් හිතුන ෆොටෝ ටික අප්ඩේට් කරන්න.

    ReplyDelete
  62. @ ජීනියස් ,
    කලබොල වන්න එපා දරුව...මෙය හුදු විනෝදයට කියූ කතාවක් පමණකි

    @ චීටා
    මේ දරුවටත් කියන්න තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ කතා වලට නොරැවටෙන්න කියන එක පමණි.
    UFO එක පිලිබඳ විස්තර පෝස්ට් එක අග ඇති ලින්ක් හරහා බලා ගත හැක.
    ප.ලි.
    බඩාගෙ කතා කියවීමට අශාවෙන් බලා සිටිමි, විශේෂෙන්ම 'චීටා' පිලිබඳ කතා, හෙහ් හෙහ්

    @ කතන්දර Kathandara
    මට මතක විදියට 255 දිව්වෙ පිළියන්දල - මොරටුව හෝ කටුබැද්ද හන්දිය අතරෙ.
    මේකෙ 255 දුවල දෙන්නගෙ උපන් දින කම්බිනේෂන් එකක්. අපි දෙන්නගෙ උපන් දින ගත්තනං 119 ලංකාවෙ පොලිස් එමර්ජන්සි නොම්මරේ හින්ද එක අත හැරියෙ, බැරි වෙලාවත් සුදු වෑන් එහෙම එව්වොත් එහෙන් කියල

    @ මුහුදු කොල්ලකාරයා,
    It’s an ‘end of life’ crisis mate.

    ReplyDelete
  63. @ Miyuru ,
    හප්පා ඇති යන්තං ඇත්තට හිතට එන දේම කියන කෙනෙක් කොමෙන්ට් අස්සෙන් ඉඳල හිටල වත් දකින්න ලැබෙන එක, තෑන්ක්ස්.

    @ මධුරංග
    : D ඔන්න එහෙනං පියාඹන පීරිස්සකුත් පෙන්නුව ඈ.....

    @ ලොකු පුතා
    නයා ඇරල දාන්න නේන්නං මහන්සි වෙලා පෝස්ට් එක ලිව්වෙත් hikz ......

    [දැන් කොමෙන්ට් වලට වග උත්තර බඳින්න ඊට වඩා මහන්සි වුනා]

    @ මහිම මදුරංග
    ආන්න ....ආන්න...හීන් ඊරිසියාවක් ඇති වුනා...හෙහ්...හෙහ්...

    ReplyDelete
  64. පියාඹන පීරිසි කිව්වම මම හිතුවෙ ඔබීගෙන් කුස්සියේ ප්‍රහාරයක් කියල. බලාගෙන යද්දි පත නයෙක් පියාඹන පීරිසියක් උඩින් ගිහින්නෙ.

    ReplyDelete
  65. පෝස්ට් එකට කමෙන්ට් එකක් නොවෙයි ඔබා මාමා, කාරෙකට නම් ආසාවේ බෑ...!
    කෝ මිරිස් කරලුයි, දෙහි ගෙඩියි එල්ලලා නෑ නේ?

    ReplyDelete
  66. @ පිනි බිඳු,
    හෙහ් ... හෙහ් ... නයා අරින්නමයි පෝස්ට් එක ලිව්වෙ.

    @ widanarala
    ඒ මොටෝ බොලේ ? ඇස්වහ, කටවහ, දෝස වලටද? hikz

    ReplyDelete
  67. අනේ ඔබා මාමේ නොදන්නා කමටයි අහන්නේ ,මැෂින් වලින් පරම්පරාව හදන්නේ ඔය අගහරු ලෝකේ ඉන්නවා කියන්නේ පිරිමි උන් විතරමද? කෙල්ලෝ කියලා ජාතියක් එහෙ නැද්ද? දන්නේ නැත්තම් ඔය පරික්ශනේ කරපු අයගෙන් වත් අහලා කියන්නකෝ. එහෙම නම් ඉතින් වැරදිලාවත් ලබන ආත්මේ අගහරු ලෝකේ නම් ඉපදෙන්න එපා. හි හි හි

    ReplyDelete
  68. මං මේ දැනුයි දැක්කෙ.. ඔබා අයියා මොකෝ මේ කාර් පාක් එකේ අච්චර ලාස්සනට ඉරි ගහලා මාක් කරලා තියෙද්දි කාර් එක හරහට පාක් කරලා තියෙන්නෙ..?? චුට්ටක් අනුමත වෙලාවත් උන්නැයි..?? :D

    ReplyDelete
  69. //මෙහෙ අපිට ඕනෙ නොම්මරයක් ගන්න පුළුවන්//
    ඔව් ඔව් ඉතින් මාත් ඉන්නේ 'මෙහෙ' තමයි :D :D
    මාත් අහන්න හිටියේ හැබෑට අර උඩ බුරතිනෝ අහල තියෙන එක. මොකද්ද ඔය පර්ත් වල පාක් කරන ක්‍රමයද? නැත්නම් ඔබා මාම තාම එල් බෝඩ් වත්ද (L එකක් ද පේන්නට නැත. ඒකටත් විබාගේ පාස් වෙන්න එපයි) :P

    ReplyDelete
  70. @ බුරා,
    'මයි රෝඩ්, මයි පැට්‍රෝල්' මගෙ කා පාක් එකේ මට කොහොම පාක් කොරන්න බැරිද?

    හෙහ්...හෙහ්...මං වැඩ කරන තැන සෙකුවර් පාක් එක, හවස ඒ වෙලාවට හිස්, උදේ අරං පොස්ට් කරපු පින්තුර ටිකක් කචල් නිසා, අව්ව වැටෙන ඈන්ගල් ගැන බලල හොඳයි කියල හිතුන විදියට පාක් කරලා පින්තුර ටික ගත්තේ, අප්ඩේට් කොරල දාන්න.

    ReplyDelete
  71. @ රෙප් මහත්තයා,
    නොදන්න පොඩි එවුන්ට ඕව කියා දෙන්න ගිහිල්ල කට්ටියගෙන් බැනුන් අහන්න වෙන්නෙ ප්‍රසිද්ධ තැන වල කුණුහරප කියනව කියල හෙහ්...හෙහ්...

    @ niroshini
    දුවගේ බ්ලොග් එක පැත්තෙත් ගිහින් බැලුව පළවෙනි වතාවට, සෑහෙන්න පරණ බ්ලොග් කාරියෙක්නෙ, ඔයාටත් එක්කම උත්තරේ තියෙනව 'බුරාට' දීල තියෙන එකේ.
    [චූට්ටක් උඩට ගිහින් බලන්නකො]
    මං පොඩ්ඩක් බයත් වුනා, පර්ත් වල ඉන්න ඔබීයි, මායි, අඳුනන නිරෝෂිනී කෙනෙක්ද කියලත්.

    ReplyDelete
  72. මම මුලින් හිතුවේ ඔය නොම්බරේ මාම ගද්දි තිබ්බ එකක් කියලා..
    බලන් යද්දි මේ බලෙන්ම Alien කෙනෙක් වෙලානේ...

    ReplyDelete
  73. අප්පට සිරි ඔබා මාම ....මරු වන්ඩිය ආ කොහොමද ඕකෙ නැගල LG optimus black android ෆොන් එකත් අරගෙන ඇවිත් බහින කොට..ඇන්ටිල සූ ගානව ඇති නේද ?
    අනේ ඔබා මාම ඊලග පාර ඔය වගේ එකක් ලංකාවට ඇන්න ආවොත් තවකාලික රියදුරා මම යි හොදේ...

    ReplyDelete
  74. @ තාරක,
    මේක හේල් ඩෑමේජ්ඩ් ඔක්ෂන් එකෙන් ගත්ත ඉන්සූරන්ස් රයිට් ඔෆ් වෙච්ච කාර් එකක්, අන්රෙජිස්ටර්ඩ් ලැබුනෙ.

    නොම්මරේ මගේ ගාව කාලෙක ඉඳන් තිබුන ප්‍රයිවෙට් එකක්.

    මේ ලින්ක් එකෙන් ගිහින් බැලුවොත්, මං ඉස්සෙල්ල මේ නොම්මරේ ගහල තිබ්බ කාර් එක බලන්න පුළුවන්
    http://www.redbook.com.au/cars/research/used/details?R=105938&Silo=Spec&Vertical=Car&Ridx=0&eapi=2

    ReplyDelete
  75. @ පැන්ඩා,
    තෑන්ක්ස්.....පැන්ඩගෙ බ්ලොගේ කොමෙන්ට් එකකුයි, ලින්ක් එකකුයි, දැම්ම කියවල බලන්න.

    ReplyDelete
  76. ඔබාගෙ කතා නං අයේ කියල වැඩක් නෑ. කොහෙද මෙච්චර කල් හිටියෙ.

    ReplyDelete
  77. ඔබා මාමා තරුණ කාලේ වැඩකරයි කිව්වෙ කොහේද....??

    ReplyDelete
  78. @ nihalw ,
    මේ දවස් වල සමහර බ්ලොග් කියවන්නත් බැරි වුනා, නිහාල්ගෙ එක නං කියෙව්ව කොමෙන්ට් කරන්න බැරි වුනාට. [ ඒකට ඊමේල් සබ්ස්ක්රිප්ෂන් දාල තියෙන නිසා පොස්ට් මිස් වෙන්නෙ නෑ]

    @ පිසාචයා ,
    මොකෝ බං දන්නෙ නෑ වගේ අහන්නෙ? ඒ කාලෙ ලංගම බස් හෝදපු එකනෙ කලේ.

    ReplyDelete
  79. කුස්සියේ සිට පියඹා ඔලුව උඩට එන හට්ටි මුට්ටි හඳුනාගත නොහැකි තරමටම ඔබා මැන්ටල් වී ඇත. නැතිනං අහවල් කෙංගෙඩියකටදැයි ඒවාට "අන් අයිඩෙන්ටිෆයිඩ්" ෆ්ලයිං ඔබ්ජෙක්ට්ස් කියන්නෙ . . . .

    ප.ලි.
    ඔබාගේ අසල් වැසි නාකි සුද්දා දිනක් උදේ ඔබාව මෙසේ සිංහලෙං අමතන ලදි . . . .

    හලෝ මිස්ටර් විජේ . .
    වලං ගැට්ට කරේ . . .

    ReplyDelete
  80. @ ඕනයා,
    උබ ඉන්නෙ ඉතා දරුණු '#ර ශෝකය'කින් පෙළෙමින් බව හොඳින්ම දන්න නිසා උඹේ ඊර්ෂ්‍යා පරවශ වචන වලින් නොසැලෙමි.
    මේ අසිරිබර නත්තල් සමයේ කරවල 'කට්ට'ක් සූප්පු කරනවා හැර, බොට වෙන කල හැකි යමක් නැති බව මතක් වන විට, මගේ හදවත ශෝඛයෙන් තැවේ.

    ReplyDelete
  81. දෙන්නගෙ ම නෝනල මෙරට නොවැ ඇයි මේ මඩ ගොහොරුවෙ දෙන්නම??

    ReplyDelete
  82. @ ඊමේල් කවිකාරි,
    ඌට තියෙනව මාත් එක්ක පරණ ක්‍රෝධයක්.
    මෙන්න මේක කියවල බලන්නකො.

    ReplyDelete
  83. @ ඊ මේල් කවිකාරි,

    මොකද්ද ප්‍රශ්නෙ?

    මගෙ ඉස්සෙල්ල පිළිතුරේ,
    'මෙන්න මේක කියවල බලන්නකො.'
    කියන වාක්‍යය උඩ ක්ලික් කරල බලන්න

    ReplyDelete
  84. සිරාවට බොරැ කලබල අපේ එවුන්ගේ.. පට්ට කතාව ඔබා..

    ReplyDelete
  85. පට්ට පට පට ඔබා මාමේ

    ReplyDelete
  86. @ Samindika Srimantha,
    එහෙම්ම කියන්නත් එපා ඉතින්....හෙහ්...හෙහ්...

    @ වර්ණා
    තෑන්ක් යූ, වෙරි මච්

    ReplyDelete
  87. කතාව කලින් කියවලා තිබ්බත් දෙවෙනි පාරටත් කියවලා හිනා වුණා ඇතිවෙන්න. ඒක නෙමේ මරු භාණ්ඩයක්නේ බොල ඒක. ෆට්ටම ෆට්ට UFO එක.

    ReplyDelete
  88. @ ඊ මේල් කවිකාරි:
    ඔබාට පොඩි (පොඩි කිවුවට පොඩිම නෙමෙයි) ඔරොප්පුවක් තියනව මගෙත් එක්ක . . . . මාව මිනිහගෙ බෑන කරගන්න බැරි උනාට . . .
    ඒත් ඔයා හිතල බලන්න මම වැරදිද කියල . . ඔය ලොක්කගෙ බෑන වෙනවට වඩා හොඳ නැද්ද මම බේරෙට පැනල මැරෙනව ????

    ReplyDelete
  89. @ ඔබා අයියෙ - එක සැරයක දමාපන්කො අයියෙ දමන ෆොටෝ සහ කතා..
    @ අවංක පැට්ටා - ඇද්ද අහ ගත්තා.. මන් කීවේ ඔබා අයියා පන්සල් යන්න ඇති තනියෙන් ඉන්න ගමන් නෝනත් මෙහෙ නිසා !

    ReplyDelete
  90. @ පැණි දොඩන්
    ඉස්සෙල්ල කියෙව්වේ 'අන්තිම පේලිය' සයිට් එකේ වෙන්නැති, මං මේක වෙන කොහෙවත් නං දාල නෑ.

    @ ඕනයා,
    My car, my petrol mate. Watch out for a new post, tomorrow morning.

    @ Weni,
    බොක්කෙන්ම තුති, දෙන සපෝර්ට් එකට...හෙහ්...හෙහ්...හෙහ්...

    ReplyDelete
  91. අඩෝ ඔබා . .
    කැත වැඩ කරන්න එපා . . . මම ඊමේල් කවිකාරිට කොමෙන්ට් කරල දාපු ලිංක් ටික කෝ . . . ????

    ReplyDelete
  92. මියුරු අක්කාගේ විජේ අයියා පෝස්ට් එකේ කොමෙන්ටුවේ ලින්ක් එකෙන් පැනගෙන ආවේ ඔබා මාමා ගාව මාර කථා සෙට් එකක් තියෙනවානේ පට්ට ඈ....

    ආ මේ අහන්නමයි හිටියේ අර ගෙදර බස් එකක් හදාගත්තු කතාව ඇත්ත වෙන්නැ..

    ReplyDelete