My followers

Sunday 11 December 2011

"ඔබා රජ වෙලා" [කුස්සියට]




ලොකු දුවයි, බෑනයි, මුනුපුරු පැටියයි දෙසැම්බර් වල ලංකාවට යන්න ටිකට් බුක් කලේ මාස තුන හතරකට ඉස්සෙල්ල. එහෙම යනකොට, ඉස්සෙල්ලම දැන ගන්න පොර තමා,  අබේපාල මාමා. හේතුව අබේපාල මාමගෙ 'එක්ස්ප්ලෝර් ලංකා' එකටනෙ කාර් එකකුයි ඩ්‍රයිවර් කෙනෙකුයි සපයන්න කොන්ත්‍රාත් එක දෙන්නෙ. ඇනෝ ආතල් කිව්වට 'මාරයා' ශිවාස් රීගල් බෝතලේට ඩ්‍රයිවර් වැඩේට එනව කියල. ඒක මිත්‍යාවක්. මාරයව දකින්න ලැබුනෙත් දෙතුන් පාරයි, ගිය වතාවෙ හිටපු මාසෙටම.

කොහොම හරි ඒගොල්ලො පිටත් වෙන්න තිබුනෙ  ඊයෙ හවස. මම මේක අද [11/12/2011 ඉරිද] ලියන්න ගත්තට කවද පබ්ලිෂ් වෙයිද කව්ද දන්නෙ. කෝම හරි දැන් සුමාන දෙකකට විතර ඉස්සෙල්ල 'ඔබී' පහල වෙච්චි, ටොප් සංකල්පනාවක්, මට සන්නිවේදනේ කලේ මෙන්න මේ විදියට, ' ඔබා ඉස්කෝලෙත් නිමාඩු නිසා, මටත් හිතෙනව ලංකාවට ගිහින් එන්න, බලන්නකො නිකමට වගේ ලොක්කිල යන, එන, ප්ලේන් වලම මටත් සීට් බුක් කරන්න පුලුවන්ද කියල'. මට,මගේ බිරිඳ පිළිබඳව තියෙන සුවච, කීකරු, ස්වාමිපුරුෂ ගතිගුණ ටක් ගාල ඉස්මතු වුනා. ඇරිය, ලැප් ටොප් එක, ගියා ජන්ජාලෙට. ෆුහ්.....මේ තියෙන්නෙ ඉඩ ප්ලේන්වල. දෙපාරක් හිතුවෙ නෑ, බුක් කලා ටිකට්. [මාසයක් විතර මටත් නිමාඩුවක් ලැබෙනව කියන්නෙ ලේසි කෙළියක්ද]

මට හිතෙන්නෙ නං, ලංකාවට යන්න තියෙන ආසාවට වැඩියෙ, ඔබීට පොඩි එකා 'රවී', දකින්නෙ නැතුව මාසයක් ඉන්න අමාරුයි කියල. පහුගිය අප්‍රියෙල් මාසෙ අපි ගත කලෙත් ලංකාවෙ, ලබන අප්‍රියෙල් වලටත් දැනටම ටිකට් බුක් කරල තියෙන්නෙ, එයව් අස්සෙ මොන වෙඩිමකටද නැත්තං ලංකාවට යන්නෙ, නැද්ද හොඳා මං අහන්නෙ. [ඕව, මේව, මේක කියවන කට්ටියගෙන් ඇහුවට, ඔබීගෙන් නං අහයි මං, පවුලෙ සාමය ආරක්ෂා කොර ගන්න එක ඊට වඩා වැදගත් නැද්ද]

කට්ටියම ඊයෙ හවස 1700 පැයට පිටත් වුනා, මැලේසියාව හරහ ලංකාවට. ඔබීට, වැඩිපුරත් ගෙවල කිලෝ තිහක් අරං  යන්න සෙට් කරල තිබ්බට, චෙක් ඉන් වෙනකොට, කිලෝ 34 ක් වෙලා, ඒකට  $ 70 ක් ගෙවන්න වුන කතාව කියන්න, වෙනම පෝස්ට් එකක් දාන්න වෙනව. කොහොම හරි අද උදේ 0830 පැය වෙනකොට කට්ටියම ගම්පහ කියල පණිවිඩේ ආව.

කට්ටියම එයාර් පෝර්ට් ගෙනියන්න කාර් දෙකක් ඕනෙ නිසා, අපේ ලේලි කෙනෙකුයි, එයාගෙ මහත්තයයි, දවල්ම එනව කියල දන්නල තිබුන අපේ ගෙදර. ඔබී දුවටයි බෑනටයි, පොඩ්ඩත් අරං, දවල්ට කන්නත් එක්ක අපේ දිහාවෙ එන්න කියල. කෝම හරි අපේ ගෙදර ඊයෙ ග්‍රෑන්ඩ් ලන්ච් එකක්. කහබත්, බෝංචි හිඳෙන්න, අල හොද්දක්, චිකන් කරි, ඉස්සො තෙල්දාල මදිවට, සැලඩ් එකකුයි, පොල් සම්බෝලෙකුයි ඔබී හදල, මං ගානෙ ෆෘට් සැලඩ් එක. පොඩ්ඩක් අනුමත වෙලාම වළඳන්න තිබ්බ නං මරේ මරු, ඒ වුනාට කාර් එක එලවන්න තිබ්බ හිංද, ඒ වැඩේ අමතක කරල දැම්ම, හිතේ අමාරුවෙන් වුනත්.

අද උදේ, පරක්කු වෙලා නැගිටල එහෙම, ගියා 'කලූ' [අපේ දඩෝරිය] එක්ක රවුමක්. ඊට පස්සෙ ජාලෙ පැත්තෙ රවුමක් ගහන්න කියල, ලැප දිග අරින කොටම මතක් වුනා, ලයිව් පෙන්නන ඔස්-නිව්සීලන්ඩ් ක්‍රිකට් මැච්  එක.

ඔක්කොම තියල, මැච් එක බලන්න පටන් අරං, ටික වෙලාවකින් හීනියට බඩගින්නක් ආව. බය වෙන්න දෙයක් නෑ, ඊයෙ ලන්ච් එකේ ඉතුරු බිතුරු රෑටත් කාල තවත් තියෙනව ෆ්‍රිජ් එකේ. ෆ්‍රිජ් එක ඇරල බැලුව, ඊයෙ ඉතුරු වුන ඒවයින් මොනවද අද දවල්ට සුදුසු කියල. එතකොට තමා මතක් වුනේ, අර ඉස්සො තෙල්දාපු එක. ඊයෙ රෑ ඒකට අත තිබ්බෙත් නෑ, ඒ වුනාට ෆ්‍රිජ් එකේ බඩු ඇත්තෙත් නෑ. කරුමෙට කෂ්ටිය ඒක ඔක්කොම හබේෂ් කරල.

ඔය වෙලාවෙ තමා මටත් 'ටොප් සංකල්පනාවක්' පහළ වුනේ, මටත් බැරිද ඉස්සො තෙල් දාන්න කියල. නිකන් ඉන්න එකේ මාත් ගියා කඩේ, ඉස්සො අරං එන්න. ඉස්සො ගන්න වෙලාවෙ තමා තවත් සංකල්පනාවක් පහළ වුනේ. මාරය කෑම හදනව, ෆොටෝ එක්ක බ්ලොග් එකේ දානව. 'කතන්දර' ත් කෑම හදනව, ෆොටෝ එක්ක බ්ලොග් එකේ දානව. තව ගෑණු ළමයිනුත්  'මාෂ් මෙලෝස්',   'කිසස්' හදන හැටි දාල තිබ්බ. මට හිතුන මාත් දානව ඉස්සො, තෙල්.  හරි ගියොත් පින්තුරත් එක්කම දානව බ්ලොගේ කියල හිතල, අතේ තිබ්බ ෆෝන් කට්ටෙන්,  කඩෙන් ගත්ත බඩු වල ඉඳලම පටන් ගත්ත ගහන්න ෆොටෝ.



ඔන්න මේවයින් තමා වැඩේ දුන්නෙ.

පොතු ඇරපු, තම්බපු, ඉස්සො ග්‍රෑම් 250 යි

ලියාගත් ලොකු ලුණු ගෙඩි එකයි

රම්පෙ සෙන්ටි මීටර් දෙකයි

කරපිංචා කොළ හතරක් විතර

ලියාගත් සුදුලුනු බික් දෙකයි

කෑලි මිරිස් මේස හැඳි එකයි

ලුණු කුඩු තේ හැඳි තුන් කාලයි

බටර්/මාජරින් මේස හැඳි දෙකයි

 තලාගත්  කරාබු නැටි දෙකයි

කරදමුංගු [පොත්ත එක්ක] දෙකයි

අබ තේ හැඳි භාගයයි

කැමති විදියට ලියා  ගත් අමු මිරිස් කරලයි









වැඩේ කරන ක්‍රමේ

ෆ්රයින් පෑන් එකක් ලිපේ තියල බටර්/මාජරින් ටික ඒකට දාන්න. ෆුල් ගින්දරේ නෙමේ,  බාගෙට ගින්දරට ටිකක් වැඩියෙන් ගින්දරෙන්,  බටර් දියවෙනකම් රත් කරන්න. ඒකට දාන්න අබ ටික. අබ පුපුරන කොට, දාන්න රම්පෙ, සුදුලුනු, කරපිංචා සහ අමු මිරිස්. ඒක කලවන් කරල විනාඩි දෙකක් විතර රත් වුනාම ලොකු ලුණු, කෑලි මිරිස් , කරාබු නැටි සහ කරදමුංගු එක්කහු කරන්න. ලුණු රන් වන් පාට වේගන එනකොට ඉස්සො ටිකත් දාල කලවන් කරන්න. ඔක්කොම ටික ගානට ඇවිල්ල කියල හිතෙනකන් විනාඩි දෙක තුනක් රත් වෙන්න අරින්න. ඒ අතරේ සැරෙන් සැරේ පොඩ්ඩක් කලවන් කරන්න. ලිපේ තියෙද්දීම ලූනු ටිකක් , ඉස්සෙක්, කාල බැලුවම බඩු හරිද කියල ෂුවර් එකටම දැන ගන්න පුළුවන්. අත් දුටුවයි, සත්තයි.


බයිට් එකක් හැටියටත් නැගල යනව, බොරු නං 'ඕනය' ගෙන් අහගත්තෑකි, මේක ලියද්දි පොර ස්කයිප් එකේ චැටක් දාගෙන හිටිය මාත් එක්ක.



පහළ පින්තුරේ තියෙන්නෙ දවල්ට කාපු බත් පිඟාන.
පොල් සම්බෝල, පරිප්පු, බෝංචි, ඉස්සො තෙල් දාපුව, චිකන් සහ තව මොනවද පොඩ්ඩක් සමග කහබත් මේස හැඳි තුනක්. ඕකට තව එළවලු සැලඩ් ටිකකුත් කන ගමන් එකතු වුනා. අන්තිමට අමාරුවෙන් වගේ ෆෘට් සැලඩ් ටිකකුත් බස්ස ගත්ත.










89 comments:

  1. "රම්පෙ සෙන්ටි මීටර් දෙකයි" ඔක හරියටම ඔය ප්‍රමානයටම තියෙන්න ඔනෙද ?

    ReplyDelete
  2. මේක මරු...හදන්නත් ලේසිට වගේ..ඉස්සන්ගෙ ගණ්නං තමයි ඉවසන්න බැරි....ඩොලර් 18ක් වෙන්නෙ ඉස්සො කිලෝවද ඔබා මාමෙ

    ReplyDelete
  3. යකඩො අද මම 1 ඒක නෙමෙයි මට කියන්න පුලුවන්ද අර බත් පිගානට අත දාන්නෙ කොහෙන්ද කියලා

    ReplyDelete
  4. @ ලොකු ජෝන්,
    පිස්සු නං කෙලින්න එපා... පස්සෙ බයිට් එක හරි නෑ කියන්නත් එපා.

    @ දොඩම්,
    මේ පැණි දොඩන්මද, වෙන දොඩන් කෙනෙක්ද?

    ඔව් $ 18 කිලෝවකට.
    මට පහුගිය අප්‍රියෙල් වල ගණන් වල හැටියට ලංකාවට වඩා ලාබයි වගේ මතකෙ.

    $ 18 = රු/ 2000 ක් විතර කියල මන් හිතන්නේ මේ දවස් වල

    ReplyDelete
  5. @ ලොකු ජෝන්,
    රාජසිංහ රජ්ජුරුවො යුද්ධ කළා වගේ මැද ඉඳන් එළියට...හිකිස්...

    ReplyDelete
  6. කෝ අපිට???? මම මේ පාන්දර3ට මේක බලන්නේ පට්ට බඩගින්නේ... ඔබාමාමේ වැඩේ කැතයි.

    ReplyDelete
  7. @ ගොඩයා,
    පාන් කාලක් වත් කාල බුදිය ගනිං, වෙන මක්කෙයි කොරන්නෙ?

    ReplyDelete
  8. අලේ...ඔබා මාමත් වැඩට බැහැලානෙ සන්තෝසයි ඈහ්.... ඔන්න මං මේ සති අන්තෙ හැදුවා කුකීස්. ඒකත් කියන්න බැරියෑ පස්සෙ.

    ReplyDelete
  9. ඒ ගමන ඔබා අයියත් පටන් ගත්ත... හවස චෙෆ් ලංකා එකට ගිය වෙලේ ගෝදම්බ රොටි වගයක් අරන් ආව දැන් ඉතින් මේව දිහා බලබලා ඒක බඩට දාගන්න ඕන...

    අර අන්තිමට තියෙන අයිස් ටී බොන්න ඕන කෑමට පසුද පෙරද..

    ReplyDelete
  10. කෝ රෙසපියට අඩි රූල දාල නෑ නේ.... රම්පෙ මනින්න :P ... බුකියේ මගෙත් ඇති කෑම බීම හදපුවා ගිහින් බැලුවට කමක් නෑ :)

    ඔන්න අපිත් රෑට උයන්න යන්න කියලා... රෙසපිය බලාගෙන උයල කාලම ගුණ දොස් කියන්න ම්...

    ReplyDelete
  11. හක් හක් හා . . .. මේක කියවන කට්ටිය දැනගන්න හොඳා . . . . .

    ඔය බයිට් එක ගැන නයි අරින ගමං ඔබා බිබී හිටපු වයින් වීදුරුවෙ කැරපොත්තෙක් ඉඳල අන්තිමට හම්බවුන විත්තිය . . . . . . .

    මම ලයිවු ඇන්ඩ් එක්ස්ක්ලූසිවු දැක්ක ඉස්කයිප්පුවෙං

    ReplyDelete
  12. කෙලින්ම සිංහලෙන් ලියන මේ ගැජට් එක වැඩ කොරනවද කියල නිකමට බැලුව.

    මේක අමුණලා තියෙන්නෙ Some Of The Blogs I Read කියන එකේ අඩියෙ, කොමෙන්ට් බොක්ස් එක යටින් දාන්න හිතුනෙ මේ දැන්. හෙට දිහාට වැඩේ කොරඥඥා.

    ReplyDelete
  13. @ ඕනයා,
    ඒ බොරුවට බං කිව්වෙ, බොට දුක හිතෙයි කියල උඹ වේලි වේලි ඉන්න අස්සෙ මං ඇතුළු හුදී ජනකාය අඩියක් හෙම ගහල ෆුල් සොමියෙ ඉන්නව කියන එක ගැන.

    [ඕන් නං අහල බලහං ඔට්ටේලියාවෙ ඉන්න කාගෙන් හරි, මෙහෙ ආසවටවත් කැ#පොත්තෙක් දකින්න ඉන්නවද කියල]

    ReplyDelete
  14. ඔය චැට් එකේදී දැන ගත්ත තව එක දෙයක් තියෙනව, ඒක නං ඕනයගේ භාෂාවෙන්ම කිව්වොත් 'ලයිවු ඇන්ඩ් එක්ස්ක්ලූසිවු'

    පොරට අමතක වුනාට පස්සෙ මතක් කොරලම දෙන්න ඕනෙ එකක්, අනිත් එක 'අන්තිම පේළියෙ' කෂ්ටියත් දැන ගන්නම ඕනෙ දෙයක්.


    ['රිවේන්ජ් ටේස්ට්ස් බෙටර් වෙන් ඊටන් කෝල්ඩ්']

    ReplyDelete
  15. ඒ කියන්නේ ඔබා මාමට මේ නත්තල් මාසේ ඇත්තටම නත්තල් වගේ... කොල්ලා වගේ ඉන්න පුළුවන්.. අනේ ඇත්තට අර බත් පිගානට වැඩේ දෙන්න පටන් ගත්තේ කොයි හරියෙන්ද?

    අපි මේකට "Observer සරණිය" කියලයි කියන්න ඕන?

    ReplyDelete
  16. කෝ කළේ පැන් නැත සින්දුව?
    දිගටම පරිප්පු කෑමට ලැබේවා!

    ReplyDelete
  17. හැබෑට දුක කියන දෙයක් ගෑවිලාවත් නැද්ද මේ පිරිමි හදවත්වල? කෑම නැති අයට බලා ගැනීම සඳහා පින්තූරු එක්ක පෝස්ට් දාන්නේ.

    බලාගෙන යනකොට ඉවීමට දක්ෂ ඔක්කොම පිරිමි බැඳපු අයනේ...:)))

    ReplyDelete
  18. අප්පට බොල....ඉස්සො කරියේ රඟ.... හොඳා..හොඳා...දැන් ඉතින් මාසයක්ම නත්තල් වගේ... ඉස්සෝ..කහ බත් ...විස්කි.....

    මමත් ඉතින් සතියකට සැරයක් දෙකක් අනුමත වෙන්නේ ඔය Glen Moray සහ Glenmorangie...සමග තමා :-)

    ReplyDelete
  19. මාසෙකින්ද ආපහු එන්නෙ? දැන් හොඳ නිවාඩුවක් කිව්වට සතියක් ගියාම ඉතින් වටිනාකම දැනෙයි මයෙ හිතේ.
    මැණික්

    ReplyDelete
  20. .
    ඔය තියෙන්නෙ ඉස්තරම් විදියටම නේද? දක්ෂ කෝකියො පිරිමිනෙ කොහොමත් නේද?
    මාත් කැම හදල පින්තුර වගයක් පෙන්නුව එක්කෙනෙක්ට. කොහොම හරි දැන් ඒව දැකල ගෙදර එන්නයි ලැස්තිය. මම මේ තාම කල්පනා කරනව එන්න කියනවද නැද්ද කියල.

    ReplyDelete
  21. මාසයක් කියන්නෙ අයියෙ සෙල්ලම් කාලයක්ද ? හිතේ හැටියට කාලා බීලා ඉඳතෑකි !!!

    ReplyDelete
  22. නියමයි ඉස්සෝ තෙම්පරාදුව. Coles එකට වැඩිය මස් මාළු විකුණන චීන කඩවල ඔය කොයි දේත් ලාබයි ඔබා මාමා. වෙනදාට ඕවා ගේන්න යන ඔබී නම් ඒ බව දන්නවා ඇති.

    අනිත් එක තමයි ඕස්ට්‍රේලියාවේ අනිත් කොහෙවත් කැරපොත්තෝ නැහැ කියලා වගකීමෙන් කියන්න පුළුවන්. ඔක්කොම ටික පර්ත් වලට ගිහින්ලු!

    ReplyDelete
  23. මාත් මේ මැච් එක බලන ගමන්, චැහ් මේ NZ කාරයෝ වැඩේ අනාගත්තා නෙවැ.. ලාස්සනට දිනන්ට තිබුන මැච් එක..

    අඩේ ඔබා අයියා මාසයක් රජා වගේ ඉදියි එහෙනං ඈ.. ඒක නෙවෙයි, ඔබී ලංකාවෙ ඉන්න ගමන් මේ බොලොග්ගෙ බලනවද..?? එහෙනං ටිකක් කට පරෙස්සමින්.. :))

    ReplyDelete
  24. ඔබා සරණිය පටන් ගත් වගයි! :D

    ReplyDelete
  25. ඔටොනොමිය හොඳ වුනාට උයාගෙන කන්ට වෙන පුරස්නේ තියෙනවානේ. හැබැයි ඉතින් හිතේ හැටියට ඕනෑම දෙයක් කරන්ට ඇහැකි නේද ඔබා මාමා? කෑම බීම ගැනනම් මේකෙත් ලියන්ට පුළුවනි නේ.. :D

    ReplyDelete
  26. අයියෝ කතාව පටන් ගන්කොට මට හිතුනේ ඔබා මාමාත් එයි කියලා .....

    කමක් නැහැ ආපු වෙලේකවත් හම්බ වෙමුකෝ ......

    මේ ඒක නෙවේ අර යට තියන බෝතල් වල පින්තූර දාලා තියෙන්නෙ මොටෝ ........

    ReplyDelete
  27. මේක නම් අදම හදනවා... අද මං මාළු කඩේ යන්නයි ඉන්නෙ... ඒකෙං නම් මීට වඩා ගොඩක් අඩු ගානට ඉස්සො ගන්න පුළුවන්....
    නෝනල ගමේ ගිය මුල් දවස් ටිකේ නම් කස්ටිය ලොකුකම් පෙන්නගෙන ඉඳියි... ටික දවසක් ගිහින් අර උයලා ෆ්‍රිජ් එකේ දාල ගියපු කෑම ටික ඉවරවෙලා, වේල් දෙක තුනක් තනියම උයාගෙන කන්න උනාම අපූරුවට හිතෙයි අනේ නෝනා හිටිය නං කියලා.... එතකොට ඉතින් අර කතන්දරේ ගියා වගේ ඔය කොහේ හරි දන්සැල් දෙන තැනකටවත් ගොඩ උනානං.....
    අර වරහන් ඇතුලෙ කුස්සියට කියල දැම්මෙ ඔබී ලංකාවෙ ඉඳන් ඔබාගෙ බ්ලොග් එක බලයි කියලද...?
    බලාගෙන.... ඔය තමන් හදාගෙන කන ඒව කාල ඊළඟ දවසෙ මේ පෝස්ටුව ටිකක් වෙනස් කොරල දාන්න වෙයිද දන්නෑ අර වරහන් ඇතුලෙ තියෙන වචනෙ මුලට 'ක'යන්නකුත් එකතු කරලා.... :D

    ReplyDelete
  28. ඔබා අයියා, ඔසියො කෑවා නේද.. :p

    ReplyDelete
  29. ඔබා මාම රම්පෙ සෙන්ටිමීටර් දෙකේ බයිට් එකත් එක්ක අනුමතවෙන්න හිතල වගේ ඔබීව ලංකාවට පැටෙව්වේ..ඇම්බැක්කේ වගේ කැටයම් තියෙන ඇන්ටික් පිඟානක තමයි අපේ අලුත් රජ තුමා රජ බොජුන් අනුභව කොරන්නෙත්. හැබැයි ඔහොම කෑම පෙන්නන එක නම් කතා වැඩේ. උදේ පාන්දරම බඩගිනි උනා.
    කාලෙකින් කොමෙන්ටු නොදැම්මට තරහ වෙන්න එපා ඔබා මාමේ. මේ දවස් වල ෆුල් බිසී. ඔක්කොම බ්ලොග් කියෙව්වට කොමෙන්ටු දාන්නේ දවසකට එකකට දෙකකට විතරයි. අද කොහොම හරි මේකට දාගත්ත කොමෙන්ටුවක්.

    ReplyDelete
  30. මම ම් ඒ හදා ගන්න විදියක් නැතුව ඉන්නේ රම්පේ කෑල්ලේ කේස් එක නිසා.. දිගද පලලද.. ෆුල් අප්ෂෙට් එකේ ඉඳිද්දී අන්තිම පින්තූරේ දැක්කයින් පස්සේ දුක හිතුනා ඔබා ගැන .. ඔය බේත් ජාති බොන්නේ මොන ලෙඩේටද මචං

    ReplyDelete
  31. පොඩි දුකක් ඇති වුනා. මමත් හාමිනේව යවන්න ඕනෙ කැන්ගරුලන්තෙට ටික දව්සක් ඉන්න කියලා. ඒක නෙමේ ඔබා අයියේ දන්නවද වැඩක් අපි මේ ටිකේම හිටීයේ මාබොඳළ. සොයා බැලුවා. ගාඩ් මහත්තයා ගැන හොඳින් දැන ගත්තා. ගෙදරත් දැන ගත්තා. ඤාතීකම්ද හොයා ගත්තා. හෙක්... හෙක්...

    ReplyDelete
  32. හැබෑටම අර ඔසු පැන් වර්ග 3ම බොන්න ඕනද?

    ReplyDelete
  33. ඔය අන්තිමටම දාල තියෙන ඔසු පැන් බෝතල් තුන මදි නේ මාසෙකට? තව බඩු ඉස්ටොක් එකේ තියෙනවැයි?....

    ඔබා මාමෙ මොකද්ද අර අන්තිම පේළියේ අය දැනගන්නම ඕනයි කියපු කාරනාව. ඒකත් කිව්ව නම්.

    ReplyDelete
  34. ඔබා මාමගෙ සතුට බලන්න එපැයි ඔබී ගෙදරින් ගියාම. ඔක්කොමත් හරි අන්තිමට දාපු පින්තූරෙ තමා නරක.

    ReplyDelete
  35. සාර්ථකම ඉහුම් පිහුම් පෝස්ටුව ඔබාගෙනි. මක්නිසාද යත් ප්‍රවීණම උයන්නාය. වෙළදසැලේ සිටම කෑම වර්ගවල ඡායාරුප එක්කර ඇත. අන්තිම ඡායාරූපයේ ඇති ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ කෑමෙන් පසුද?

    ReplyDelete
  36. අන්තිමේට දාල තියෙන්නේ ඩෙසර්ට් එකා වෙන්ටැ??? හිකිස්.. :)
    අයි ඉස්සෙල්ලම කමෙන්ටුවක් දැම්මේ..

    ReplyDelete
  37. ලංකාවෙදි නම් ඔබා මාම ආසම, ගල් ඩැනියෙල්,
    දැන් බලන්න කලු ඩග්ලස්.

    ReplyDelete
  38. ඔබා මාමේ පින්තුර මදි, කන ඒවාත් දාන්න එපැයි.

    ReplyDelete
  39. මං නං කෑම හදන් කන්න නොදන්න නිසා හදපුව ගැන නෙමේ කාපුව ගැන ලියන්න හිතන් ඉන්නව. මේ ඊයෙ පෙරේද කෑඅ එළු ඇට!

    අපේ ගෙදරනං ඔය බෝතල් නිකන් පරනවෙනව. ෂිවාස් එකකුයි බ්ලැක් ලේබලේකුයි තීනව අවුරුදු පහළවක් විතර පරණ! බියර්වගයක් එක්ස්පයර් වෙලා විසි කොලා. වයින් පෙට්ටියක්ම සිකුරුටියන්ට දුන්න. එහෙම කොර කොර තපස් රකිණව වයසට ගියාම හාමිනේව රට ඇරල ඔබතුමා වගේ බුදු වෙන්න!

    ReplyDelete
  40. ඇත්තටම ඔබා මාමා රජ වෙලා නොවැ.

    හදල බලන්න ඕනි ඔබා ඉස්ටැයිල් එකටත්.
    සෙන්ටිමීටර් දෙකේ රම්පෙ කෑල්ලෙ පලළ කීයද?

    ලංකාවෙ ඉස්සෝ ඔ‍යිට ලාබයි ඊයෙ කිලෝව 900යි

    ReplyDelete
  41. බයිට් එකට මරු ඔබා මාමේ....

    මොන මගුලක්ද ඔබා මාමේ... ඔයත් පටන් ගත්තද පින්තූර කෙලිය... සික්.. හැබැයි රෙසිපිය තියෙන එකේ මටත් හදන්න ට්‍රයි එකක් දෙන්න බැරි නෑ.

    අර අන්තිම පින්තූරෙ නම් පංකාදුයි ඈ... මගෙත් ස්ටොක් එකේ තියෙන ජාති. සාක්කුවට ලේසි ජාති නෙව.

    ReplyDelete
  42. ඔබා මාමගෙ පෝස්ට් අපිට පේන්න කාලයක් යනවනෙ...එතකොට පෝස්ටුවේ රස්සෙ ගිහින්...කාලෙක ඉඳන් ඕක වෙනවා... හප්පේ...මහ දවාලේ මේ පින්තූර ටික දැක්කම බඩ බොක්සින් ගහන්න ගත්තා....රස කොහොමද ? අතිවිශිෂ්ඨයිද ?

    ReplyDelete
  43. දැං ඉතිං මේක ඔබී දැක්කම ඔබාට "කුක් ඔබා" වෙන වෙයි සදහටම. හැබැයි පු‍තෝ ඔය නාකි වයසට ඔහොම තෙල් කෑවොත් බඩු හම්බුවෙයි වේලපහම.

    ReplyDelete
  44. ඒ පාර පටන් ගත්තා ඔබා සරණිය මෙන්න, ඔබා මාමත් ගේමට එන්ටර් උනා එහෙනම්...කිවුවත් වගේ මේකේ රම්පා සෙන්ටිමීටර් 2 මැන්නේ කොහොමද? දැන් මේ මාසෙටම අර බෝතල් ගබඩා කලාද දැන්

    ReplyDelete
  45. @ නිසූපා,
    කුකීස් හදන හැටි නං හිතන්නවත් බෑ.
    මම දන්නේ, මස් මාළු, පරිප්පු, බෝංචි, අල, පොල්සම්බෝල, ලුණුමිරිස්, සීනිසම්බෝල, කරවල, හාල්මැස්සෝ, බිත්තර, එළවලු සහ ෆ්රුට් සැලඩ්, වගේ ඒවා ටිකක් විතරයි. ආ...ෆ්‍රයිඩ් රයිස්, නිකම් රයිස්, ඒවත් පුළුවන්.
    සැන්විච් හදන්නත් පුළුවන්. ඔබී බැටර් එක හදල දුන්නට පස්සේ තනියෙම ආප්ප හදාගන්නත් පුළුවන්. ඉඳි ආප්ප හදන එක නම් ඔබීත් අත ඇරල, ඊට වඩා ලේසියි කියල හාල් පිටි නුඩ්ල්ස් තම්බ ගෙන පොල්සම්බෝල, කිරි හොදි, එක්ක කන එක.
    @ සපතේරු උන්නැහේ,
    ඔය උඩින් නිසූපා ට උත්තර හැටියට, හදන්න දන්න ජාති සහ මෙහෙ පුළුවන් ඒව කියල තියෙන්නෙ, අරාබි රටවල් වල එහෙම ඉන්න කට්ටියට පොඩි පහේ ඊරිසියාවක් ඇති කරන්නත් එක්කම.
    අයිස් ටී හිස් බෝතල් සහ පෙට්ටි වල පින්තුරේ දැම්මෙත් ඒ හේතුවටම තමා. ඉස්සර නං ඒව සෑහෙන්න අනුමත වුනා, දැන් ඉතින් වයසක මිනිස්සුනෙ, කෝකත් ඉතින් මද පමණට තමා.
    @ ගුලියා,
    රම්පෙ අඩි රූලෙන් මනින්න බෑ, එකට මෙට්‍රික් ක්‍රමේ රුලක් ඕනේ.
    මං ගිහින් බලන්නම්, නොදන්න ඒවත් තියෙනවද කියල ගුලියගේ බ්ලොගේ.
    කාලෙකින් මුකුත් ලිව්වෙ නෑ නේද?
    @ Dinesh ,
    චුටි ඊරිසියාවක් ආව නේද? හික්ස්...
    මේ බත් පිඟාන කන්නෙ ට්‍රැඩිෂනල් විධියට නෙමේ, මැදින් පටන් ගන්න ඕනෙ.
    තව ක්‍රමයක් තියෙනව, එක තමා මගෙ ෆේවරිට් ක්‍රමේ පොඩි කාලේ ඉඳලම. වැඩිය කැමති නැති දේවල් ඉස්සෙල්ල ඉවර කරනවා [බේත් බොනවා වගේ] ඊට පස්සේ ආස දේවල් රස කර කර හෙමීට කනව.
    @ කතන්දර Kathandara
    කළේ පැන් තාම ෆ්‍රිජ් එකේ තියෙනව.
    පරිප්පු තෙම්පරාදුව තුන් වේලටම 365 දවසෙම උනත් කතෑකි මට, ඒ තරම් ආසයි පරිප්පුවට මං
    @ Podi Kumarihami ,
    හරියට ගෑනු හදවත් වලට දුක දැනෙනව වගේ කතාව පොඩි කුමාරිහාමිගෙ. එහෙම නං ඔබී යයිද ඔබාව දාල ලංකාවට මාසෙකට.
    පිරිමි උයන්න ඉගෙන ගන්නෙත්, ගෑනුන්ගෙන්ම තමා. ඉස්සෙල්ලම අම්මගෙන්, පස්සෙ බිරිඳගෙන්.
    @ kandyan ,
    තව තියෙනව බෝංචි, බණ්ඩක්ක, එහෙම හිඳේන්න උයල වෙන වෙනම පොඩි කන්ටේනර් වල ඩීප් ෆ්රීසර් එකේ. බඩ ගින්නෙ නං ඉන්න වෙන්නෙ නෑ ෂුවර්.
    බෝතල් නං ඔක්කොම හිස් ඒව, හොඳට බැලුවොත් පෙනෙයි, බ්ලැක් ඩග්ලස් එක පෙට්ටිය විතරයි.
    @ මැණික්,
    'ස්කයිප්' සරණං ගච්චාමි මාසයක්ම.
    ඇත්තටම ස්කයිප් එකට පිං දෙන්න ඕනෙ.
    @ Gimhani ,
    හෑ......ගෙදර එන්න ඇහුව, කමින් කලර් ඉස් නොට් ගුඩ්, අම්මට කියන්න ඕනෙ කෙල්ල ගෙට ගන්න කියල.
    @ Weni ,
    අවුරුදු ගානක් අනෙක්සියක තනියම ඉන්න කෙනාට ඕව නොතේරි තියෙයිද?
    අන්න ඕනයා කතාවක් හදල හෙන්රිට බත් පාර්සල් දුන්න හැටි ගැන.
    @ මලිති,
    ඉස්සෝ තෙම්පරාදුව අගය කලාට ස්තුතියි.
    Coles එකට වඩා චීන කඩවල ලාබ නං තමා, එත් ඔබීත් නැති වෙලාවෙ ඉස්සො ග්රෑම් 250 ක් ගන්න යන්න හිතුනෙ නෑ. අනික Coles එකේ cooked ඒව තියෙනවනෙ.
    මෙහෙ හෝල්සේල් මාළු කඩයක් තියෙනව, සෙනසුරාදට රීටේල් විකුනනව. ඔබීයි මායි මාළු ගන්න යන්නෙ එතනට. තෝර මාළු, ඉස්සො, එහෙම කිලෝ එක $ 10 ට වගේ ගන්න පුළුවන්.
    මං හිතන්නෙ ලංකාවෙත් ඒ ගානට ගන්න බෑ.
    කැරපොත්තෝ ටික එකතු කරලා මාල දිවයිනට අරින්න ඉන්නේ, ඕනයට වේලපු ඉස්සො නිෂ්පාදනේට.
    කොහොමත් ඉස්සොයි, කරපොත්තෝයි එක පවුලෙ කට්ටියනෙ, 'ආර්ත්‍රෝප්‍රෝඩා' වගේ නමක් නේද දෙගොල්ලටම තියෙන්නෙ?
    @ බුරා,
    ඔන්න කිවියො බොහොම අමාරුවෙන් වුනත් වැඩේ දීගත්ත ඔසියන්ට, අවරුදු 19 කට පස්සෙද කොහෙද මෙහෙදිම දීගන්න ලැබුනෙ.
    ඔබීට වෙලාවක් නෑ ලංකාවේදී බ්ලොග් කියවන්න. එකම ඩෙන්ජර් එක ලොකු දුවත් ගියා, ඒකි ෆෝන් එකෙන් කියෝනව, අම්මට පෙන්නන්න ඉඩ තියෙනව...හෙහ්...හෙහ්...
    @ පූසා,
    හොඳ වෙලාවට පටන් ගත්තෙ, මාරය කොළඹ ගිහිල්ල හෝ ගාන පොකුණ බලන්ඩද කොහෙද.
    හැබැයි පළවෙනි සහ අන්තිම කෑම පොස්ට් එක මේක
    @ ඉඳුනිල්,
    උයන්ඩ වෙන එකක් නෑ, බත් එකක් ගහ ගන්ඩ විතරයි වෙන්නෙ, සෑහෙන්න කෑම ජාති ඩීප් ෆ්‍රීස් කරල ඔබී ගියෙ. අනික දැනටම සෑහෙන්න ඉන්විටේෂන් තියෙනව කෑමට.
    @ පන්සල් හංදිය,
    අප්‍රියෙල් ආයෙමත් දෙන්නම එනවා, එතකොට හමුවෙමු.
    හිස් බෝතල් පින්තුර කට්ටිය අවුස්සන්න විතරයි.

    ReplyDelete
  46. @ මියුරු,
    කයිය ගහපු විධියට නම් දැන් වෙන කොට හදල තියෙන්න ඕනෙ. කොහොමද ගතියට ආවද? මා කළ දුන් ගුරු කමක් වැරදුනේ නැත. හරි නොගියොත් මුදල් ආපසු.
    කෑම නං මදි නොකියන්න ඩීප් ෆ්රීසර් එකේ තියෙනව, ඔබී යනව කියල ආරංචි වෙච්ච් වෙලාවෙ ඉඳල නැවකට ඉන්විටේෂන් දන්සැල් වලින්, ඒ ගැන බියක් දැනෙන්නෙම නැති තරං.
    ඔබීට ලංකාවෙදි බ්ලොග් කියවන්න වෙලාවක් තියෙයි කියල හිතන්න අමාරුයි.
    'ක' යන්න ඕනෙ වෙන එකක් නෑ, කොයිවත් මද පමණට නිසා...හෙහ්...හෙහ්...

    @ බුරා,
    කෑව කියන්නෙ, දැන්මම 'හෙඩ්ස් රෝල්' වෙන්න පටන් අරං වගේ.
    හියුස්, ක්වාජා, විතරක් නෙමේ පොන්ටිය, හසී, ගැන එහෙමත් ෆුල් විවේචනේ.
    ඉන්දියන් කාරයන්ගෙනුත් ෂුවර් එකටම කයි වගේ. ඒ සීරීස් එකේ පළවෙනි ටෙස්ට් එක දෙසැ. 26
    මෙහෙත් පහුගිය අවුරුදු 5 - 6 ඇතුලෙ ඉන්දියන් ජනගහනේ සෑහෙන්න වැඩි වෙලා, සෑහෙන ග්‍රවුන්ඩ් සපෝර්ට් එකකුත් තියෙයි.
    උන් දින්නොත් නං කනක් ඇහිල ඉන්න නෑ, වැඩියෙම ඉන්නෙ පන්ජාබියො, උන් හෙන අලි ඔළුවො.

    @ චීටා,
    රම්පෙ, කරපිංච, විශේෂෙන්ම සඳහන් කලේ බුරාලට, ඉටලි ඩිලාන් ලට, මිඩ් ඊස්ට් කට්ටියට[සපතේරු,දුමී, දුකා එහෙම], එහෙම ඊරිසියා හිතෙන්න...හෙහ්...හෙහ්..
    පික්ෂුද කොමෙන්ට් නොදැම්මට තරහ වෙන්නෙ නෑ. හැබැයි දැන් මං දන්නවා චීටා ඉස්සෙල්ල වතාවක අන්තිම පෙලියේදී ඇහුවම උත්තර දුන්නේ නැතුව මග ඇරියට කව්ද කියල හෝඩුවාවක්.

    @ මාතලන්,
    තව දාපු දෙයක් පෝස්ට් එකේ කියන්න අමතක වුනා, බඩු හිඟ නිසා, සේර නං දැම්මේ සෙන්ටි මීටර් බාගයක් විතර.
    යට තියෙන්නෙ ඔක්කොම හිස් ඒව, බ්ලැක් ඩග්ලස් එක දෙස හොඳට බැලුවොත් පෙනෙයි ඒක පෙට්ටියක පින්තුරයක් .
    කොහෙද බෝතල් දැක්කම බලන්නෙත් නැතුව වෙරි වෙන්ඩනෙ ලෑස්තිය.

    @ වෙද ගෙදර මහ වෙදනා ,
    එවන්ඩ, එවන්ඩ, ඔබී ජනවාරි 10 වෙනිදා එනවා, ඒත් එක්කම එව්වනං හරි, මාසයක් විතර කල් තියෙනවනෙ ලිය කියවිලි හෙම සෙට් කර ගන්න. මං දන්න විස්තර වල හැටියට ඔයාලට වීසා ගන්න එක නං ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
    ඥාති කමුත් හොයා ගත්තද, නියමයි. වෙද මහත්මයා මාතරනේ, ඒ කියන්නෙ වෙද හාමිනේ වෙන්න ඕනෙ මාබොදලේ පැත්තේ.
    තාත්තලගෙ මහ ගෙදර තිබ්බෙ ඉස්කෝලෙට එහා ඉඩමෙ. ගිය අප්‍රියෙල් මාසේ ඒක කැඩුව, බාප්පගෙ බාල පුතා එතන ගෙයක් හදනව. දැන් නං සෑහෙන්න වැඩ කෙරිලත් ඇති.
    පහු ගිය අප්‍රියෙල් වල මාබොදලේ ගිය වෙලාවෙ මැද පෙරදිග හෝ ඇමෙරිකාවෙ හුඟාක් කල් ඉඳල ආව ජෝඩුවක් හම්බ වුනා, මහත්තයගෙ නම වසන්ත. බ්ලොග් වල කොමෙන්ට් කරන තාරක දිල්ශාන් එහෙම දන්න කෙනෙක්.

    @ විසිතුරු,
    ඒව බොරු ශෝභනේට දාපු හිස් බෝතල් පින්තුර...හෙහ්..හෙහ්..

    @ පැට්ටා,
    බොරු ශෝභනේට දාපු හිස් බෝතල් පින්තුර බන් ඒව ගැන උඹ කලබොල වෙන්න එපා.
    නුදුරු අනාගතේම ඒක හෙළි කරන්නං.

    @ පිනිබිඳු,
    අපෝ කලබල වෙන්න එපා, ඒව හිස් බෝතල් වල පින්තුර, එකක් හිස් පෙට්ටියක් විතරයි, හොඳට බැලුවොත් පෙනෙයි.
    ගියා කියල නෑ, ස්කයිප් එකට නිවනක් නෑ.

    @ රාජ්,
    ළුනු ගෙඩියෙ ඉඳල පින්තුර ගත්ත, ගත්තෙ හැබැයි ඒ වෙලාවෙ හිතිල ෆෝන් එකෙන්. ඔක්කොම පින්තුර කොම්පුටරේට අප්ලෝර්ඩ් කොර ගන්න බැරුව ගියා.
    අන්තිම පින්තුරේ බොරු ශෝබනෙට සහ කට්ටිය අවුස්සන්න දාපු හිස් බෝතල් පින්තුරයක්...හෙහ්..හෙහ්...

    ReplyDelete
  47. @ Ice (අයේෂා කුලතුංග) ,
    කව්ද මේ Ice කියල බලන්න දුවගෙ බ්ලොග් ඒක පැත්තෙත් ගියා, තෑන්ක් යූ මේ පැත්තේ ගොඩ වෙලා යන්න ආවට.

    @ uwiniran
    ඇයි 'ඇවිදින ජොනිය', 'ජැක් ඩැනිය', ඔය වගේ කී දෙනෙක් තව හොඳ එවුන් ඉන්නවද අප්පා, උන්ගෙ නම් මතක් වෙන්නෙත් නෑ.

    @ වර්ණා
    මොබයිල් ෆෝන් එකෙන් පින්තුර ගත්තෙ. සුප මාකට් එක පුරාම පින්තුර ගත්ත, ළුනු ගෙඩියෙ ඉඳන්. කොම්පියුටරේට අප්ලෝඩ් කරන්න ගියාම ඔක්කොම පින්තුර අප්ලෝඩ් වුනේ නෑ.

    @ සිංහයා,
    සිංහයා එළු ඇට කෑවට කමක් නෑ, තණකොළ නං කන්න එපා.
    ශිවාස්, බ්ලැක් ලේබල්, නං පරණ වුනාට කමක් නෑ.
    සෙක්කන්ට බොන්ඩ දුන්නෙ උන් වැඩ ඇරිල යන කොටද, වෙන ප්ලෑන් එකකටද?

    @ නිශ්,
    ලංකාවේ ඉස්සන්ගේ කිලෝ එක 900 ට හම්බ වෙන්නෙ ඔළු, පොතු, වැලි, ඔක්කොම එක්ක හින්ද 1800 ට පාඩු නෑ කියලත් හිතෙනවා. මේවයේ ඒව මුකුත් නෑ,බඩ වැලුත් සුද්ධ කරල තම්බල තියෙන්නෙ.
    ලංකාවේ වැල්ලෙන්ම ගත්තොත් ෆ්‍රෙෂ් බඩු හම්බ වෙනව. මෙහෙ නං ඉතින් ෆ්‍රොසන් තමා. අනික මෙහෙ හුඟාක් වෙලාවට ෆාර්ම් ඉස්සො, රසේ වෙනසක් තියෙනව. හැබැයි පිරිසිදු කම නං ඉහලින්ම තියෙනව.

    @ පිස්සා,
    ෆ්හු..වයසටද මුගෙ කතාව, බයිට් ගැන බීම ගැන.
    මං ඔය දාල තියෙන්නෙ ඉස්සර බීපු හිස් බෝතල් වල පින්තුර.

    @ දිල්
    මං පෝස්ට් පබ්ලිෂ් කරන්නේ නං ලංකාවෙ වෙලාවෙන්. මේක පබ්ලිෂ් කලේ ඊයේ රා, 11.30 ට. මෙහෙ වෙලාව එතකොට පාන්දර 2.30 යි.
    ඔයාට පෝස්ට් එන්නේ ඊමේල් වලින් නම් කොහොමත් පය 12 ක් විතර පරක්කු වෙලා තමා ඊය එන්නෙ.
    'Better late than never' කියල වත් හිත හදා ගම්මු, මක් කොරන්නද?

    රස නං නියමෙටම තිබ්බ

    @ නවම්,
    ඔබා සමහර ජාති කොහොමත් උයනව, ඒක නිකන් හොබි එකක් වගේ.
    රෙසිපිය හරියට කියවල නෑ වගේ, මාහරින් හැඳි දෙකයි ඔක්කොටම දාල තියෙන්නෙ, මාරයාගේ රෙසිපි දැකල තියෙනව නේද කොච්චර තෙල් කෙල්ල අරිනවද කියල.
    'වෙද ගෙදර මහ වෙදන' වත් මුකුත් කිව්වෙ නෑ මේ රෙසිපියට හුහ්...

    බඩු නං නොකෑවත්, නොබීවත්, වෙලාවට හම්බු වෙයි, ඒක විතරයි මේ ජීවිතේ ෂුවර් එකක් තියන්න පුළුවන් එකම දේ. කෝකටත් කොයි වෙලාවෙත් ලැහැස්ති පිට ඉන්න එක හිතට හොඳයි. ගියාට පස්සෙ ඉන්න කට්ටියට කරදරයක් නොවෙන්න.

    @ ItalyDilan
    ඔය රම්පෙ කරපිංච එහෙම විශේෂෙන් සඳහන් කරල තියෙන්නෙ, මැද පෙරදිග, යුරෝපේ, ඇමෙරිකාවෙ, එහෙම ඉන්න කෂ්ටියගේ {ස්වීඩන් ඇතුළුව} කට පොපියනව බලන්න...හෙහ්...හෙහ්....

    ReplyDelete
  48. ලොක්කට වැරදිල වගේ. මෙහෙ (මැද පෙරදිග ) රම්පෙ කරපිංච තීනව ලංකාවට වැඩිය. මේ ලඟදි අපි කැරන් කොකු ගෙනත් උයල කෑව. නාසි ගුරං බත් එක කෙහෙල් කොලෙ ඔතල ඩිනාර් එකයි අසූවයි ( රුපියල් 540)! කංකුංද, මුකුණුවැන්නද, තම්පලද, අරවද මෙව්වද....නම කියහං බඩු ඇති! මෙහෙ ඉස්සො කිලෝව ඩිනාර් එකයි පසීයයි ( රු 450), හොඳ ලොකු ඉස්සො. කිලෝ තුනේ බලය රුපියල් තුන්සීයයි. තෝර කිලෙඔව රුපියල් හයසීයයි (ඩිනාර් දෙකයි ). ඒ නිසා ඔය කැන්ගරු මස් පෙන්නල අපිව වට්ටන්න හිතුව මදි මල්ලි.

    ReplyDelete
  49. අඩෝ මෙහෙ රම්පෙ කරපිංචා තියෙනවා බොල, හොඳ ෆ්‍රෙෂ් බඩු.. බොලා හිතුවද අපි ඉන්නෙ ඇන්ටාර්ක්ටිකාවෙ කියලා..

    ReplyDelete
  50. ඉස්සො ගන්න Coles එකටම ගිහින් නේද? ඇයි මාලු කඩ නැද්ද?

    ReplyDelete
  51. මොන උලව්වකට හෝටල් බුක් කරනවද . මෙච්චර හොඳ කුක් කෙනෙක් ඉන්න හෝටලයක් තියෙද්දී . නැද්ද ඔබා මාමා

    ReplyDelete
  52. දැනුයි දැක්කේ...
    මේක හරියන්නේ නැහැ... පට පට ගාලා කෑම ජාති ටිකක විස්තර දාන්න වෙනවා...

    ReplyDelete
  53. @ ඉන්දික උපශාන්ත & Buratheno
    පොඩ්ඩක් ඉවසල ඉඳහල්ල, ලඟදිම පෝස්ට් එකක් දානව, වෙන කාටවත් නෙමේ බොලා දෙන්නට පෙන්නන්න. අපේ බැක් යාර්ඩ් එකේ තියෙන අඹ ගස් දෙක, දෙළුම් ගහ, කරපිංච ගස් පහ [ඔව් වැරදිලා නෙමේ ගස් පහ] කෙසෙල් පඳුරු දෙක, දෙහි ගහ, නාරං ගහ සහ කැලේට වැවිල තියෙන මල් ගස් පෙන්නන්න. ඊට වඩා ෆ්‍රෙෂ් බඩු කොහෙන්ද? ආ...කියන්න අමතක වුනා, ගොටු කොළ, අමු මිරිස්, කැරට්, බීට්රූට්, මෑ කරල්, වම්බටු, පාස්ලි සහ තක්කාලි ජාති දෙකක්. කංකුන් නං ගලෝල විසි කළා ඒක වැරදි ජාතියක් කියල ආරංචි වෙලා.

    @ ඇනෝ,
    මොකද දන්නැහැ ඔරොප්පු ටෝක්ම දෙන්නෙ, පරණ තරහක් වත් තියෙනවද? හෙහ්..හෙහ්...

    Coles එකට වඩා චීන කඩවල ලාබ නං තමා, එත් ඔබීත් නැති වෙලාවෙ ඉස්සො ග්රෑම් 250 ක් ගන්න යන්න හිතුනෙ නෑ. අනික Coles එකේ cooked ඒව තියෙනවනෙ.

    මෙහෙ හෝල්සේල් මාළු කඩයක් තියෙනව, සෙනසුරාදට රීටේල් විකුනනව. ඔබීයි මායි මාළු ගන්න යන්නෙ එතනට. තෝර මාළු, ඉස්සො, එහෙම කිලෝ එක $ 10 ට වගේ ගන්න පුළුවන්.
    ඉන්දියන් සාගරේ අයිනෙ හිටියට ෆ්‍රෙෂ් බඩු නං හම්බ වෙන්නෙ දන්න අඳුනන කෙනෙක් ෆිෂින් ගියොත් තමා.

    @ Bindi
    දැන් කවද විතරද කඩා පාත් වෙන්න හිතා ඉන්නෙ? කලින් කියල එවන්න [හොඳ හෝටලයක් බුක් කරලා තියන්න එපෑ ...හිකිස්...]
    ඔබී ආපහු එන්නෙ ජනවාරි 11 ද කොහෙද. ඒ වුනාට නොට් අ ප්‍රොබ්ලම්

    ReplyDelete
  54. ෂා...අනේ බොහොම තැනක් යූ ඔබ තුමාට...මම හදන ඉස්සෝ ඔච්චර ලස්සනට එන්නේ නෑනේ..රෙසිපියේ නම් වැඩි වෙනසක් නෑ හැබැයි..මම තක්කලියි මාළු මිරිස් එහෙමත් දැම්මා..ඒකද දන්නේ නැහැ අවුල..

    ReplyDelete
  55. ඔබා අයියත් ඒනම් කෑම කෙලිය පටන්ගෙන වගේ . යකෝ මෙහෙම බලද්දී අපිට විතරයිනේ යන්තම්වත් කෑමක් උයාගන්න බැරි .

    ඉස්සෝ නම් මම කවදාකවත් කටේ නොතියන කෑමක් . එවුවා මට ඇලජික් !!

    අර පහල තියන බෝතල් නම් අනෙ මයෙ අම්මේ .......... . මම ඒ පින්තූරේ සේවු කරගත්තා ..

    ReplyDelete
  56. @ සයුරි,
    මාළු මිරිස් නම් ඔබීත් දානවා, තක්කාලි දැම්මම රස හොඳ වුනාට චුට්ටක් දියාරු ගතියක් හිටිනව නේද?

    ReplyDelete
  57. @ සඳරු,
    බොලේ සමහර මාළු ඇලජික් එවුන්ටත් ඉස්සො කන්න පුළුවන්නේ, ඉස්සෝ නියමම බයිට් එකක්. පව් කියල හිතුන උඹ ගැන, ඉස්සො කන්න බා කිව්වම.
    අපි අම්පාරෙ එනකොට අරවයින් එකක් වත් අරන් එන්නං.

    ReplyDelete
  58. ගොඩාක් ලේට් නම් තමා ඔබා මාමේ...

    හැබෑවටම ඔය පහල තියෙන්නේ මේ හන්දිපත් අමාරුවට එහෙම උලන බේත් තෙල් බෝතල්ද??

    අනුමතවෙනවා කිවේ............. මම බබා නේ කියන්නකෝ...

    ඇ ඔබා මාමේ ඉස්සෝ ඔය තරම් ගනන්ද??

    එහෙමනම් කාලා හමාරයි

    ReplyDelete
  59. MASTERCHEF AUSTRALIA!

    අර යටම පින්තූරෙ තියෙන්නෙ ෆෲට් සැලඩ් කියන එව්වද?

    henryblogwalker the Dude

    ReplyDelete
  60. ඈ ඔබ මාමේ , මේ කෝල්ස් එකේ පරණ වේවි තිබ්බ ඉස්සෝ නටු ටිකක් නේද බොලන් තෙල් දාලා තියෙන්නේ...
    පහුවට බඩ කචල් කොරේ නැතැයි ??? ^_^

    ReplyDelete
  61. මොනව නැතත් අර අන්තිමට තිබ්බේ..අන්න ඒ වතුර බොතල් ටික දැක්කම රස නහර. මෙව්වා උනා අප්පා.........

    ReplyDelete
  62. පෝස්ට් එකේ වැදගත්ම කොටස තියෙන්නේ අන්තිමට මගේ හිතේ....

    ReplyDelete
  63. ඔබා මාමාත් නිකංම නිකං බත් බරියෙක් වගේ පෙනුනට මොකද, රජ වැඩකාරයෙක්නේ බලාගෙන යනකොට!

    ReplyDelete
  64. අර අන්තිමට දාල තියෙන්නෙ අයිස් ටී වෙන්න ඇති.
    කෑම එකටත් වැඩිය පිඟාන නං මරු. චයිනීස් එකක්ද කොහෙද?

    ReplyDelete
  65. ඔබා මාමත් වැඩේට බැහැල තියෙන්නේ.
    අපිත් නිකං ඉන්නේ නැහැ, ඔය වගේ එව්වා හදනවා...
    පොඩි පරහකට කියල තියෙන්නේ අර අන්තිම ෆොටෝ එකේ තියෙන ජාති මෙහෙ නැති එකනේ (හරාම්...හරාම්)
    බියර් තිබුනත් තියෙන්නේ ඇල්කොහොල් නැති පැණිරස ඒවානේ
    ඒවා බොනවට වැඩිය හොඳයි ඔරෙන්ජන් බාර්ලි බෝතලයක් බොනවා

    ReplyDelete
  66. @ දේවා,
    පරක්කු වෙලා හරි ආවනෙ. 'Better late than never ' කියල පුරාන පඬිවරු කියල තියෙන්නෙ කට කහනවටයැ.

    දැන් ඉතිං ආපු එකේ, යටම තියෙන ඒවායින් චුට්ටක් මද පමණට වගේ අනුමත වෙන එකයි තියෙන්නෙ, ඉස්සෙක් දෙන්නෙක් බයිට් එකට අරගෙන, බත් පිඟාන නං ඉවරයි, සොරි.

    අපි ඉස්සො කන්නෙ ඉඳල හිටල.

    @Dude
    'MASTERCHEF AUSTRALIA' බලනව වගේ කරෝල වාඩියේ කට්ටියත්. අන්තිම පින්තුරේ තියෙන්නෙ ෆෘට් සැලඩ් නෙමේ, 'නැටුන් තෙල්' කියල ජාතියක්, සමහරුන්ට නං 'සින්දු වතුර'

    @ Tiraj Adikari
    අපි නං සැලෙයි ඔය ඊරිසියාවට කියන කථා වලට...හෙහ්...හෙහ්...

    @ Raj
    රස නහර මෙව්ව වුන එක ගැන මාත් එව්ව, මෙව්ව, වෙච්චි.

    @ රොබින්
    කෑමට සම්භන්දයක් නැතුවත්, කට්ටිය මොනවද කියන්නෙ බලන්න හිස් බෝතල් පින්තුරෙ දැම්මෙ. බලාගෙන යනකොට වැඩියෙත්ම කොමෙන්ට් ඒම් වෙලා තියෙන්නෙ ඒ පින්තුරේට...හෙහ්...හෙහ්....

    ReplyDelete
  67. @ කෙ. කො. පොඩි එකා,
    කාටද බොල, බත් බැරිය කිව්වෙ, තාම හොඳට බත් කන්න පුළුවන් හරිද?
    රජ වැඩ කිඩ දුන්න කාලෙ නං දැන් පහු වෙලා.

    @ Praසන්ன
    අන්තිමට තියෙන්නේ නං හිස් බෝතල් ටිකක්, පිඟාන නං 'චයිනා' තමා.
    'චයිනා' වචනෙට තේරුං දෙකක් තියෙනවනෙ.

    @ ලොකු පුතා
    ලොකු පුතා ඉන්නේ අරාබියේ වගේ, ඉස්සර කාලෙ සව්දි 'අරම්කො' වැඩ කරපු මං දන්න යාළුවො කට්ටියක් නං , සුද්දෙක්ගෙ නිල නිවාසෙ, බාත් ටබ් එකේ නිෂ්පාදනේ කළා සුදු අරක්කු. අන්තිමට සුද්ද අහු වුනා, ඌ ඩිපෝර්ට් වුනාලු.
    හැබැයි පොර කට්ටියව අහු කරලා දීල නෑ.

    ReplyDelete
  68. පබිලිස් උන්නැහේ පෙන්ෂන් ගිය දවසට ඔබාව චෙෆ් කෙනෙක් කරල හන්දියෙ මාතර කඩෙට දාන්නයි මම හිතන් ඉන්නෙ. කෙල ටොන් එකක් විතර ඉනුව ඉස්සො දැකල නෙවෙයි ඊට පහලින් තිබුන එව්ව දැකල.

    ReplyDelete
  69. ලොක්ක දාහංකො උබේ ඔය කැහැටු ගස් ටික. අන්න මං නත්තල් ගස් ගැන කතාවකුත් දැම්ම. ඉන් පස්සෙ දාන්නං අපේ වත්තෙ රට ඉඳිගස්, නුග ගස්, නිවිති, තක්කලි, කුරිඤ්ඤං ගස්, දෙහි ගස් අනං මනං ගැන. මෙහෙ කාන්තාරෙ උනාට මල්ලි අපිත් අම්බානෙට වවනව හරි...හැප්පිල බලමු.

    ReplyDelete
  70. මේ මහ රෑ බඩගිනි හදෝනවනේ...

    ReplyDelete
  71. @ රංජා,
    ගනේමුල්ලෙත් තියෙනවද මාතර කඩයක්, අප්‍රියෙල් මාසේ දිහා හමු වුනොත් ට්‍රයි එකක් දෙමු කෙළ හලපුව රස බලන්න.

    @ සිංහයා,
    ඉඳහන් ඉඳහන්, කලබොල නොවී අනුන්ගේ ගස් ටිකක් හරි පෙන්නන්නං.

    බොලාගේ ගම මාතර පැත්තෙ වත්ද, මොනාද බොලේ කුරිඤ්ඤං කියන්නෙ?

    @ තාරක Dilsh@n ,
    පොඩි එවුන් මේ මහ රෑ මොන වෙඩිමක් කොරනවද කාල බුදිය ගන්නෙ නැතුව.
    වැල සයිට් වලටවත් එන්ටර් වෙලාද දන්නැහැ.

    ReplyDelete
  72. ඔබා සීයා දැන් " නිදහස් ගොවියෙක් ".... ඉස්සෝ ඩෙවල් එකනම් පංකාදු පහයි පේන හැටියට... හැබෑටම ඔබා සියේ ඔය ඔක්කොම අර පිගානට බෙදාගත්තට පස්සේ අත දාලා කන්න ඉඩ තිබුනෙයි??

    ReplyDelete
  73. පබිලිස් මාමේ ..ආ වැරදුනා ඔබා මාමේ අර ආන්තිමට තිබුනේ මොකැයි සෝස් බෝතල් වගයක් ද?ඒක නෙමෙයි ඔයගේ මේක අපේ ඒවගේ අප්ඩේට් වෙන්නේ නෑ නේ...

    ReplyDelete
  74. @ ඔබ නොදුටු ලොවක්,
    මළා..... ඔබීත් ගෙදර නැති වෙලාවෙ 'මගෙ මේක' වෙන දිහා වල වල අප්ඩේට් වෙන්න ගියොත් මාර කෙළිය...කොහෙන් කෙලවර වෙයිද? හෙහ්...හෙහ්...

    ඉස්සෙල්ල වෙන එක සයිට් එකක වත් අප්ඩේට් නොවුන පාර තමා, ආයෙත් මාතෘකාව එක්ක ලින්ක් එකක් පබ්ලිෂ් කලේ, ඒ පාර ඒක පබ්ලිෂ් වුනා. ගූගලය කෙළින්නෙම පිස්සු, අපේ රටේ මිනිස්සු වගේ....

    ReplyDelete
  75. ෂාහ්.. දෙන්නම් අදම.. දන්නා දෙමලේ නොකිය නොදන්නා ඉස්සෝ තම්බන්න ගිහින් මොකෙන් මොක උනත් අදනම් හදනවාමයි..

    ReplyDelete
  76. @ ක්සැන්ඩර් | Xander,
    මටත් පුළුවන් වුනා නං ක්සැන්ඩර්ට බැරි වෙන්ඩ විදියක් නෑ. ට්‍රයි එකක් දාල බැලුවනං.

    ReplyDelete
  77. ක්සැන්ඩර් | Xander
    මටත් පුළුවන් වුනා නං ක්සැන්ඩර්ට බැරි වෙන්ඩ විදියක් නෑ. ට්‍රයි එකක් දාල බැලුවනං.

    ReplyDelete
  78. ඔබා සියේ ඊලඟට මොනවැයි ලිස්ට් එකේ??

    ReplyDelete
  79. මරදානෙ ගණන් ගෙනියපු 'චොප්පෙ' අය්ය ගැන....

    ReplyDelete
  80. තරහවෙන්න එපා ඔබා මාමෙ, ඔබී නැන්ද ලංකාවට ගියහම මාමට කොහොමද මාසයක් විතර නිවාඩු ලැබෙන්නෙ කියන එක තේ‍රුනේ නෑනෙ අප්ප...

    ReplyDelete
  81. ඉස්සො කෙලල ඇරිය වගේ නෙමේ . . . පහුවදාට සීතල වතුරෙං තමයි හෝදන්න වෙන්නෙ

    ReplyDelete
  82. @ සාතන්,
    කොමෙන්ට් එකෙන් පෙනී යන්නේ සාතන් තවම තනිකඩයෙක් වගයි.

    @ ඕනයා,
    ඔව්...වොව්...'ආත්‍රප්‍රෝඩා ' පිලිබඳ එක්ස්පර්ට් කියනව නං අහන්න එපෑ.

    ReplyDelete
  83. මං පරක්කුද මංදා කාලා තියෙන්නේ මාමා මදි නොකියන්න! මරුනේ! මාමා ඒකාලේ ඩිපෝවේ කුක්ද????

    ReplyDelete
  84. @ මාධව,
    නෑ බොලේ, ඒ කාලෙ බස් හේදුව එකනෙ කොලේ

    ReplyDelete
  85. http://www.facebook.com/photo.php?fbid=337009072984317&set=a.169579949727231.37365.100000256806646&type=1&theater

    ReplyDelete
  86. ඇත්ත කතාව

    http://www.facebook.com/photo.php?fbid=337009072984317&set=a.169579949727231.37365.100000256806646&type=1&theater

    ReplyDelete
  87. බත් පිගාන දැක්කම මගේ යාලුවෙක් ව මතක් උනා. වෙනසකට තියෙන්නේ උගේ පිගාන මීට හුගක් ලොකුයි. දවසක් මැන්ට උගේ නංගි කොත ගහල මේ වගේම වටේටම ව්‍යංජන බෙදල බත් එක දුන්නු ගමන් මූ කෑගැහුවේ මෙහෙට වර මටකියාපිය මේකේ කන්න පටන් ගන්නේ කොතනින්ද කියලා? මට තියන ප්‍රශ්නෙත් එකමයි........

    ReplyDelete
  88. අනේ ඔබා මාමේ...අපේ පොස්ට් වලට කවුද දැන් රිප්ලයි කරන්නේ........?

    ReplyDelete