My followers

Friday 23 September 2011

මහ විසාල පීසා එකක්

චායාරුපය ගුගල් ෆ්‍රී ෆොටෝස් වෙතින්


අවුරුදු විස්සකට විතර ඉස්සර, අපි පර්ත් වලට සංක්‍රමණය කරන වකවානුවෙ, බෞද්ධ විහාරස්ඨාන තුන හතරක් තිබුන මෙහෙ.  එයින් එකක් පර්ත් නගරෙ ඉඳල කි.මී. හැට,හැත්තෑවක්, විතර දුරින් පිහිටවල තිබුන ආරණ්‍ය සේනාසනයක්. ඒ ආරණ්‍ය සේනාසනේ ශාඛාවක් වගේ පන්සලක් නගරයෙම පිහිටවල තිබුන.  ඔය දෙක තමා මම දන්න තරමින්, අපි අදහන ථේරවාදී බෞද්ධ පන්සල් වශයෙන් තිබුනෙ. අනිත් ඒව චීනෙ වගේ රටවල් වලින් සංක්‍රමණ වුනු අය අදහන, මහායාන බෞද්ධයන් වන්දනා මාන කල පන්සල්. ඔය මම සඳහන් කල පන්සල් වලට අමතරව පසු කාලෙක, වහලෙට රත්තරන් පාට එහෙම ගාපු, තවත් විශාල මහායාන පන්සලක් පර්ත් නගරයට නුදුරින් ඉදි වුනා. ඒ කාලෙ ඔය එකම පන්සලකවත් ලංකාවෙන් ආව සිංහලෙන් ආගමික කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක් හිටියෙ නැහැ. පසු කාලෙක එවැනි ස්වාමීන් වහන්සේලා දෙනමක් වරින් වර, කලින් සඳහන් කල ආරණ්‍ය සේනාසනේ වැඩ වාසය කළා. ඔය පන්සල් වලට අමතරව, ථෙරවාදී භික්ෂුනීන් වහන්සේලාට "ගිජිගිනප් කියන පළාතෙ ඉදිවුන නව ආරණ්‍ය සේනාසනයකුත්, තවමත් බටහිර ඔස්ට්‍රේලියාවෙ බෞද්ධයන් පවත්වගෙන යනව.



ලංකාවෙන් සංක්‍රමණය වුනු බෞද්ධ සැදැහැවතුන් පිරිසක් එකතු වෙලා, දැනට අවුරුදු පහළොවකට විතර ඉහතදී, අලුතෙන් පන්සලක් පිහිටව ගත්ත.  අලුත් පන්සලට ගොඩනැගිල්ලක් තිබුනෙ නැහැ, ඒ වකවානුවෙ, කුලියට ගත්ත නිවසක තමා පන්සල පිහිටෙව්වෙ.  තණකොළ කපන මැෂිම, අනෙත් ආයුධ උපකරණ එහෙම, පරෙස්සමට ඉබ්බෙක් දාල ආරක්ෂා සහිතව තියන්න පුළුවන්, ඔස්ට්‍රේලියාවෙ  "ගාර්ඩ්න් ෂෙඩ්" කියල හඳුන්වන මඩුවක් ප්‍රධාන ගෘහය පිටුපස්සෙ තිබුන.  මේ  "ගාර්ඩ්න් ෂෙඩ්" ඒක ශුද්ධ පවිත්‍ර කරල, තීන්ත ගාල එහෙම, බුදු ගේ හැටියට භාවිතයට ගත්ත.  දාන ශාලාව, ලැගුම් ගෙය, සැදැහැවතුන්ගේ රැස්වීම් ශාලාව, ආදී මෙකී නොකී කටයුතු ඔක්කොටම පාවිච්චි කලේ ප්‍රධාන ගෘහය.



"ටුවරිස්ට් වීසා" එකකින් ලංකාවෙන් තාවකාලිකව වැඩම කරව ගත් ස්වාමීන් වහන්සෙ නමක් ඒ කාලෙ අපේ සිංහල, බෞද්ධ, පන්සලේ වැඩ වාසය කලේ. ඉතින් වීසා එක ඉවර වෙන කාලෙ වෙනකොට, ස්වාමීන් වහන්සෙ ආපහු ලංකාවට වැඩම කරන්න ඕනෙ. ඔය අතරතුරේ පන්සලේ සමිතියෙන් ස්පොන්සර් කරල වෙනත් ස්වාමීන් වහන්සේ නමක් පර්ත් වලට වැඩම කරව ගන්නවා. පසු කාලෙක ඕස්ට්‍රේලියන් රජයට කරුණු ඉදිරිපත් කරල, සෑහෙන උත්සාහයකින් පස්සෙ, භික්ෂුන් වහන්සෙ නමක් ස්ථිරවම පර්ත්, සිංහල බෞද්ධ විහාරස්තානයට වැඩම කරව ගන්න අපේ සැදැහැවතුන් සමත් වුනා. ඊට ඉස්සෙල්ල ඉතින් ස්වාමීන් වහන්සේල මාස තුනකට හෝ හයකට සැරයක් වෙනස් වුනා, වීසා ලැබිල තිබුන විධියට. සමහර අවස්ථා වල ආගමනය සහ විගමනය ඕවර්-ලැප් වීමෙන් ස්වාමීන් වහන්සේල දෙනමක් වැඩ සිටිය අවස්ථා මෙන්ම, එකම ස්වාමීන් වහන්සෙ පර්ත් විහාරස්තානයට එක වාරෙකට වඩා වැඩම කල අවස්තාවනුත් තිබුන.



වර්තමාන සිංහල, බෞද්ධ විහාරස්ථානය මම ඉස්සෙල්ල සඳහන් කල තත්වයට වඩා හුඟාක් ඉදිරියෙන්. පන්සලටම අයත් භූමියක, අලුතින් ඉදිකළ යහමින් ඉඩකඩ තියෙන රැස්වීම් ශාලාවක් හැටියටත් භාවිතා කල හැකි විහාර ගෙයක්, දාන ශාලාවක්, මුළුතැන් ගෙයක් ආදී සියලුම පහසුකම් ඇරුනම සෑහෙන්න විශාල කාර් පාර්ක් එකකිනුත් සමන්විතය්. ලංකාවෙන් වැඩම කරව ගත්ත බෝධි අංකුරයත් දැන් ටිකක් උස ගිහින්.  අල්ලපු වැටේ තිබුන නිවස විකුනන්න දාල තියෙනවා දැකල, පන්සලේ සමිතිය, භික්ෂුන් වහන්සේලාට ලැගුම් ගෙය හැටියට ඒ නිවස මිලට ගත්ත. දැනට ස්ථිරව පන්සලේ වැඩ වාසය කරන, ගරුතර නායක ස්වාමීන් වහන්සේට අමතරව, බොහෝ වෙලාවට ලංකාවෙන් තාවකාලික වශයෙන් වැඩම කරන ස්වාමීන් වහන්සේල එක්කෙනෙක් හෝ දෙන්නෙක් බොහෝ වෙලාවට පර්ත් පන්සලේ වැඩ වාසය කරනව.


පන්සල ආරම්භ කල කාලෙ, පන්සලට යන එන අය හිටියෙ බොහොම අඩුවෙන්. දාන භාර ගත්ත අයත් කලින් දවසේ හවස හීල් දානෙය්, දවල් දානෙය්, ගෙනල්ල පන්සලේ ශීතකරණය ඇතුලෙන් තියල යන එක තමා හුඟක් වෙලාවට කලේ. දවල් දවසේ හැමෝම වැඩ නිසා ඒ ගැන ඉතිං දොසක් කියන්නත් බැහැ. දානෙ රත් කරගෙන වළඳන්න අවශ්‍ය මය්ක්රොවේව් අවර්න් එකක් එහෙමත් පන්සලේ තිබුන. සෙනසුරාද ඉරිදා දවස් වලට පන්සලේ වැඩම කරල ඉන්න ස්වාමීන් වහන්සේව නිවසටම වඩම්මල දානෙ පිලිගන්නන්න බොහෝ දෙනෙක් උනන්දු වුනා.

එක කාලයක්, කියවන්න ලියන්න උනන්දුවක් තියෙන ස්වාමීන් වහන්සෙ නමක් අපේ මේ පන්සලේ තාවකාලිවකව වැඩ වාසය කළා. ගෙදර තිබුන පොත්පත් ගිහින් දුන්නට අමතරව, බොහෝ දිනවල වැඩ ඇරිල එන ගමන් හාමුදුරුවන්ට කියවන්න පත්තරේ ගෙනත් දීල, ටික වෙලාවක් කතා කරමින් ඉඳල එන්නත් මට පුරුද්දකට ගියා. ඒ කටයුතු වලින්  හාමුදුරුවො එක්ක සෑහෙන මිත්රත්වයකුත් ගොඩ නැගු,  එක සෙනසුරාද දවසක අපේ මල්ලිලගේ ගෙදරට හාමුදුරුවො වඩම්මල දානයක් පිරිනමන්න ඒ පවුලෙ උදවිය සුදානම් කරල තිබුන. පොඩි වුනාට දානෙ වැඩ කටයුතු වලට මල්ලි ගෙදර ඉන්න ඕනෙ නිසා මම භාරගත්ත, හාමුදුරුවො වඩම්මන භාරධුර රාජ කාරිය.

මම ඉතිං වෙලාවට පන්සලට ගිහින්, ස්වාමීන් වහන්සේව කාර් එකට නග්ග ගත්ත. කාර් එකේ යන ගමන් දෙබස.
හාමුදුරුවො       :- හරි වැඩේනෙ මහත්තය ඊයේ වුනේ
මම                     :- ඇය් හාමුදුරුවනේ, මොකද වුනේ?
හාමුදුරුවො       :- ඊයේ හීල් දානෙට ගන්න, පෙරේද රෑ සරත් මහත්තය ගෙනත් දුන්නනෙ මහ විසාල පීසා එකක්
මම                     :- ඉතිං හාමුදුරුවනෙ පීසා වළඳන්න අකමැති නිසා බඩගින්නෙ ඉන්නවත් වුනාද?
හාමුදුරුවො        :- නැහැ..නැහැ...මය්ක්රොවේව් එකේ දාල රත් කරගෙන වැළඳුව
මම                      :- එහෙනං මොකද්ද ප්‍රශ්නෙ හාමුදුරුවනේ?
හාමුදුරුවො        :- මට ඊයේ දවස පුරාම පාචනේ හැදිලා හිටියෙ මහත්තය ඒ පීසා එක වළඳල
පොඩ්ඩක් විතර ටියුබ් ලයිට් වෙලා තමා මට වැඩේ මීටර් වුනේ. දන්නවනෙ  අපේ  සිංහල බෞද්ධයො, පන්සලකට දානෙකට පුජ කොරන වෙලාවට හොඳම එකනෙ පුජ කොරන්නෙ.  සරත ගිහින් දීල තියෙන්නෙ අඟල් දහසයක විෂ්කම්භය තියෙන, ස්ලයිස් අටේ, තඩි ෆැමිලි පීසා එකක්. අපේ හාමුදුරුවොත් නොදන්න කමට, පුජ කොරපු එක අහක දාන්නෙ නැතුව මුළු පීසා එකම වළඳල, ඉස්පිටිතාලෙන් මෙහා නවතිච්ච එක ලොකු දෙයක් කියලය් මට නං හිතුනෙ.

නිවසේදීම පීසා හදා ගත හැකි පොඩි පීසා අවර්න් එකක්

.
පීසා සමග එකට යන බීමක්

80 comments:

  1. ඔන්න අපි පර්ත්වල සිද්ධවෙන බෞද්ධ කටයුතු ගැන විස්තරයකුත් දැන ගත්තා. හාමුදුවෝ පීසා එක ඔක්කොම වලඳන්නේ නැතුව කෑල්ලක් , දෙකක් ෆ්‍රිජ් එකේ දාලා තිබ්බානම් හොඳයි නේද පස්සේ වෙලාවක වලඳන්ට.

    අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ වැඩ ඉන්න ආර්ණ්ය තියෙන්නෙත් පර්ත්වල නේද? ඒ පැත්තෙත් ඉඳලා, හිටලා යනවද?...:)

    ReplyDelete
  2. @ Podi Kumarihami,
    අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ තමා පර්ත් වල ඉඳල කි.මී. 60 විතර දුර තියෙන ආරණ්‍ය සේනාසනයේ නායක හාමුදුරුවෝ. බ්‍රිතාන්‍ය ජාතිකයෙක්, තරුණ වයසෙදි මහන වෙලා තියෙන්නෙ. අද කාලෙට ගැලපෙන විධියට, කාටත් තේරුං ගන්න හැකි විධියට ලස්සනට බන කියනවා. ලංකාවටත් කීප වතාවක් වැඩම කරලා තියෙනවා.

    ඔව්...ඒ පැත්තේ යනවා. විශේෂෙන්ම පිටින් කව්රු හරි ආවම අපි අසාවෙන් එක්ක යන තැනක්, පන්සල් ගමන වගේම සයිට් සීයින් ට්‍රිප් එකක් හැටියටත්. දවල්ට අපිත් මොනවා හරි කෑමට අරන් ගියාම, ඉන්ටර්නැෂනල් කෑම වේලක් කාල එතැකි.

    ReplyDelete
  3. විස්තර ගොඩාක් දැන ගත්තා..අළුතින් වඩම්මන හාමුදුරුවන්ට දානෙ ගැන මුලින්ම කියල දුන්නනම් හරි නේද? නැත්නම් පිසා වලඳපු හාමුදුරුවන්ට වෙච්ච ඇබැද්දියම ආයිමත් වෙන්න පුළුවන් !

    ReplyDelete
  4. අනේ මාමේ අපිටත් පීසා රොටියක් එවන්ටෝ. මාමේ මොකටෙයි ඔය ගූගල් ෆ්‍රී ෆොටෝ කියන්නේ

    ReplyDelete
  5. තමන්ගේ මව් රටෙන් ඈත්වෙලා ගියත් ගොඩක් අයට තමන්ගේ ආගම දහම අමතක වෙලා නැති එක අහන්නත් සතු‍ටුයි.!

    ReplyDelete
  6. ඔය කිව්වමයි මතක් උනේ මටත් 2005 වර්ෂයේ අග භාගයේ නැත්තං 2006 වර්ෂයේ මුල කාලේ වගේ ආරාධනාවක් ආවා නෙව කැන්ගරු දේශයට වැඩම කොරන්ටයි කියලා ඔය කිව්වා වගේ ටුවරිස්ට් වීසා කේස් එහෙකින් තමා ඒකත් කොරන්ට සූජානං උනේ...
    ඒත් ඉතිං ඒ දවස්වල මෙහෙ ගිනි රාමෙට වැඩ..එව්වා අතරමග දාලා ගියානං මයේ දුප්පත් දායක ඇත්තන්ට අබ සරණයි නෙව..ඒ ගැන හිතලා අර ගැන සලකා බලන්ටවත් වෙලාවක් අහු උනේ නැහැ..
    හැබැයි මට ආරාධනා කරපු දායක මහත්තයානං අර කලින් පෝස්ට් එකේ මහාචාරියතුමාගේ ගෝලයා වගේනං නෙවෙයි පස්සෙ පස්සෙත් සෑහෙන කරදර කොලා ඔය ගැන...
    අවසානේදී මං පන්සලෙන් එළියට එන වෙලාවෙත් උන්නැහේගේ මාමණ්ඩි සෑහෙන දත කෑවා මාව කුදලලා එහෙ අරින්ට... ඒ වෙනකොට මට ඔය හැම දේම එපා වෙලා හිටියේ..මං එන්ට ආවා...

    ReplyDelete
  7. අප්පච්චියේ මදෑ ඔයිං ගියා :D

    ReplyDelete
  8. ෆැමිලි පීට්සා එකක් තනියෙම කාල හාමුදුරුවො ඔය තත්වෙන් හිටිය ඇති තමයි.

    @ මාරයා මාරයත් ගියානං අපටත් අහගන්න තිබුණ පීට්සා කාල වෙච්ච කතන්දර ටිකක්.

    ReplyDelete
  9. හිහි...හිහි......කවද කාපු පීසද......
    ඒක නෙවෙයි ඔබා මාමෙ දැන් කොහොමද පංසලේ තත්වෙ.හොඳ මට්ටමක තියෙනවද....

    ReplyDelete
  10. හෆ්ෆා පීට්සා කෑලි අටක්? ඒත් ලාර්ජ් සයිස් එකෙන්.... මගෙ අම්මෝ .... පාචනේ නෙවෙයි හාමුදුරුවන්ට විජලනේ නොහැදිජ්ජ එකම ඇති.

    ReplyDelete
  11. හොඳ පන්සල් කතා ටික. ලංකාවේදී පන්සලකට නොයන අයත් පිට රට ගියාම පන්සල් සොයා සොයා යන්නේ නේද..
    ඔබා අයිය හාමුදුරුවන්ට පීට්සා දෙනකොට පොඩි එකක් ගෙනෙහින් දෙන්න හොදේ.

    ReplyDelete
  12. පීසා කෑවම බඩ යනවද අප්ප. මමනම් හොඳ වෙලාවට කවදාවත් කාල නෑ හාංදුරුවොත් පීසා වළඳන කාලෙක.

    ReplyDelete
  13. අහන්නත් දෙයක්ද ඉතින් ෆැමිලි පිසා එකක් සම්පුර්ණයෙන්ම වැළදුවාම ඔහොම වෙනවා කියන එක..ඔයින් ගියා මදෑ..

    ReplyDelete
  14. කොහොම වැළඳුව ද මන්දා . කෑල්ලක් දෙකක් කද්දී බඩ පිරෙනවනෙ . අනික ඉතින් තමන්ගේ බඩේ තරම නොදැන හිටීම පුදුමයි. .මේ ඔබා මාමා අතින් දාපු එකක්ද දන්නේ නැහැ .

    මොනවා වුනත් ඔස්ට්‍රේලියාව වගේ රටවල ඉන්න ලාංකිකයින්ට නම් පන්සල් දහම් පාසල් හෙම තියනව නේද . කට්ටිය ස්ථිර පදිංචියක් නැති නිසා බෞද්ධ රටක් වුනත් අපිට අපේ විදිහේ පන්සලක් නැහැ

    ReplyDelete
  15. හප්පා... කොහොම එච්චර ලොකු එකක් කෑවද මංදා.. අහන්නත් සතු‍ටුයි කට්ටිය ආගම දහම ‍රැක ගන්න එක ගැන.

    ReplyDelete
  16. ඔය කිව්වට මට හිතෙන්නෙම මාරයා ඔස්ට්‍රෙලියා යන්න ඇති; ඔය පීසා කන්න ඇත්තෙත් මිනිහම තමයි. ඕක වහ ගන්න තමයි අර ඊයෙ පෙරේදා දවසක ජීවිතේ පළවෙනි පීසා එක කෑවය කියලා ප්‍රසිද්ධ කරේ- හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා.

    අජාන් බ්‍රහ්මවන්සො වැඩ ඉන්න කිට්ටුව කිව්වා නේද? :D අපි එන්නද ඔය පැත්තෙ රවුමක්? එක්ක යනවද?

    ReplyDelete
  17. මේ වගේ ඉතිහාසයක් තමයි රෝම බෞද්ධ විහාරයටත් තිබ්බේ. (මුලින්ම කුලියට ඉඳලා දුප්පත් අහින්සක මිනිස්සුන්ගේ ආධරෙන්.)ඒත් පස්සෙ කාලෙක හමුදුරුවන්ට උවමනා වුනා පන්සලක් ගන්න. ඉතින් අර ගෙවල් ශුද්ධ පවිත්‍ර කරන මිනිස්සු වගේ (අපහාසයක් නෙවි) දුක් විඳලා හොයන මුදල් දීලා බෑන්ක් ලෝන් එකක් හරහා පන්සලක් ගත්තා. සුනාමි ආවා. මෙහේ රජයෙන්, මිනිස්සු සුනාමි හින්දා ආධාර දුන්නා. වැඩි විස්වාසයට හාමුදුරුවන්ටම සල්ලි දුන්නා. හාමුදුරුවෝ ඒ සල්ලි වලින් ලෝන් එක රිලීස් කරලා පන්සල ගත්තා එයාගේ නමටම. දායකයෝ දායක සභාව වගේ අයට නැතිව ඊලඟ අයිතිකරු හාමුදුරුවන්ගේ සොහොයුරිය. දැන් දායකයෝ උසාවි යනවා. ඔන්න මෙහේ නම් පන්සල් වල හැටි...

    ReplyDelete
  18. දීකිරට බළල්ලු පූසෝ ඥාව්වෝ ඔක්කෝම සාක්කි කිව්වළු...

    @නලිනි...

    ලොකු මැඩොම්ට පොඩ්ඩක් වැරදුනා නේද..?
    ඔතන මං හිටියනං හිතනවද ඔහොම අමාරු වෙයි කියලා පීසා එකක් කාලා...?

    ඕනනං පීසා එකම ගිලලා කට දැවිල්ලට කන්න තව පාන් බාගයක් හෙව්වොත් මිස..:D

    ReplyDelete
  19. පිසා දානයක් ගැන මං මේ ඇහැව්වමයි!
    සාදු, සාදු!
    පිසා විතරයි නේද දුන්නේ?

    ReplyDelete
  20. @ Weni,
    දැන් ඉන්නේ ස්ථිරවම පදිංචි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ නමක්, උන්වහන්සේ වැඩම කරලා දැන් සෑහෙන කලක්, ඒ නිසා මෙහෙ කෑම බීම, සිරිත් විරිත් ගැන දැන් හොඳ වැටහීමක් ඇති. තාවකාලිකව වැඩම කරන ස්වාමීන් වහන්සේලටත් අවශ්‍ය උපදෙස් දෙනව ඇති මයෙ හිතේ. ඒ වගෙ ප්‍රශ්න ඉන් පසුව ඇති වුනා කියල දැන ගන්න ලැබුනෙ නැහැ.

    @ හිංචි මල්ලි,
    ගූගල් සර්ච් එකට තමන්ට අවශ්‍ය මොන විදියෙ ෆොටෝ එකක්ද කියල දැම්මම, තෝර ගන්න ෆොටෝ ගොඩාක් ලැබෙනවා. සමහර ඒවා අයිතිකාරයො ඉන්න, සල්ලි ගෙවල හෝ අවසර අරන් විතරක් උපුටා ගන්න පුළුවන් ඒවා. ෆ්‍රී ෆොටෝස් කියන ඒවාට එහෙම ප්‍රශ්නයක් නැහැ උපුටා ගන්න පුළුවන්. නිකම්ම ලැබුනත් ලැබුනෙ කොහෙන්ද කියල සඳහන් කරන එක සදාචාරාත්මක යුතු කමක් හැටියට මං නං සලකන්නෙ. එතන නීතිමය පැත්ත ගැන මට ඒ තරං දැනුමක් නැහැ, සමහර විට මේ කොමෙන්ට් දකින, දන්න කියන කෙනෙක් ඉදිරිපත් වෙලා අපිට පැහැදිලි කරලා දෙන්න සෑහෙන අවස්තාවක් තියෙනව. බලමු එහෙම වෙය්ද කියල.

    @ Rajith Doo,
    ඇත්තටම සතුටට කාරණයක්. මට පෝස්ට් එකේ සඳහන් කරන්න අමතක වුනු කාරණයක් සඳහන් කරන්න මේ කොමෙන්ට් එක උපයෝගි කරගන්නම්. දැන් කාලෙක ඉඳල පර්ත් පන්සලේ දහම් පාසලක් සහ සිංහල පාසලක් පවත්වාගෙන යනවා. සමහර ලංකාවෙන් සංක්‍රමණය කල දෙමව්පියන්ගෙ දරුවො, මෙහාට එනකොට ඉතා ලාබාල වයසෙ, සමහර ළමය් ඉපදිලා තියෙන්නෙ මෙහෙ. ඒ දරුවො ඉස්කෝලෙදි සිංහල හෝ බුදු දහම ඉගෙන ගන්නෙ නැති නිසා, පන්සලෙන් ලැබෙන සිංහල භාෂා සහ දහම් දැනුම ඉතාම අගය කල යුතු දෙයක්.

    ඒ වගේම ඉරිද දිනවල ඒ දරුවන් පන්ති වලට රැගෙන එන දෙමව්පියන්ගෙ සති අන්ත සුහද හැමුවත් ඉතා වැදගත්. ඒ පන්ති වලට එන දරුවන් වෙසක්, පොසොන්, ඒ වගේම අව්රුදු උත්සවය වගෙ අවස්ථා වලදි ඉදිරිපත් කරන භක්ති ගීත, නැටුම්, නාට්‍ය වගෙ ඒවත්, දරුවන්ගේ වගේම දෙමව්පියන්ගෙත් සුහද බව වර්ධනය වීමට හුඟාක් ඉවහල් වෙනව.

    පන්සලේ කටයුතු පිළිබඳව හුඟාක් විස්තර කිව්වට මම පන්සල් සමිතියෙ හෝ කොමිටියෙ නැහැ, පන්සලට යැවෙන්නෙත් ඉතාම කලාතුරකින් දැන්. එහෙම ප්‍රකාශ කලේ මම පන්සල වෙනුවෙන් ඇඩ් දානව කියල කව්රුවත් හිතය් කියල.

    @ මාරයා,
    හප්පේ ඒ කාලෙ වැඩිය නං පලවෙනි වතාවට පීස වළඳල දැන් මෙලහට අව්රුදු 5 - 6 ක්. දැන් ස්ථිර පුරවැසි භාවය ලැබිල පර්ත් පන්සලේ වැඩ ඉන්න නායක ස්වාමීන් වහන්සේත්, මුලින්ම වැඩම කලේ "ටුවරිස්ට් වීසා" එකකින් තමා. මාරයා උන්නාන්සෙත් දායක මහත්තයගෙ ඉල්ලීම පිලි අරං වැඩම කළා නං, මෙලහට තවමත් දේශීය, විදේශීය, සැදැහැවතුන්ගෙන් වැඳුම් පිදුම් ලබන, ගරුතර බුද්ධ පුත්‍රයෙක්.

    පස්සේ කාලෙක සිවුරු හැරියත්, අර කොන්දොස්තර නිමල් වගෙ කියන්න තිබ්බ " ඔය ලොකු ලොකු මහත්තුරු හු.. පදේ කියල මහ ලොකුවට දැන් බැන්නට, සිවුරෙ ඉන්න කාලෙ මගෙ කකුල් දෙකත් හෝදල වැඳල තියෙනව" කියල. බ්ලොග් අවකාශයෙ ඉන්න ඕනය වගෙ එකෙකුට ඔය වගෙ දෙයක් එක පාරක් කියා ගන්න චෑන්ස් එක හම්බ වුනා නං අව්රුදු දහයක් සිවුරෙ හිටියත් පාඩුද මං අහන්නෙ හොඳා...

    ReplyDelete
  21. මන් හිතන්නේ නොදන්නා කම නෙවෙයි .. නොදන්නා කෙනෙක් උනත් පමණට වඩා කන්නේ නැහැනේ.. බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ කෑහැකි මුළු ප්‍රමාණයෙන් අඩක් කන්න කියලයි.. ඔය පන්සලේ හාමුදුරුවරු සිල්වත්ද කියල මන් දන්නේ නැහැ මෙහෙ නම් ලංකාවෙන් ඇවිත් සිල්වත්ව ඉන්න අයට වඩා දුසිල්වත් අය වැඩියි.. ලොකු හාමුදුරුවෝ කොට බයක් ඇඳගෙන ගිහින් රජාගෙන් නම්බ්ය් නාමයක් ගත්ත ළඟදී..

    ReplyDelete
  22. මෙහෙ නං ගොඩක් ලංකාවෙ පන්සල් තියෙන්නෙ ගෙවල් වල තමයි. ටිකක් ඈතට වෙන්න අරණ්‍ය සේනාසනයක් තියෙනව. හැබැයි ඒකෙ ලංකාවෙ හාමුදුරුවරු නෑ.

    ReplyDelete
  23. @ Chandika,
    මොකට කියනවද චන්දික.

    අලව්ව හදිසි අනතුර ගැන, ඇත්තටම සිද්ධ වුනේ මොකද්ද කියල පින්තුර සහ විස්තර එක්ක පෝස්ට් එකක් දැම්මනං හරි වටිනවා

    @ ප්‍රසන්න,
    ආහාර අපතේ නොයවන එක ලාංකික අපගෙ තියෙන එක හොඳ පුරුද්දක්නෙ ප්‍රසන්න. දැන්නම් පන්සලේ සෙනග ගැවසෙන නිසා ඉතුරු හරිය දායකයෙකුටවත් දෙන්න තිබ්බ. ඒ කාලෙ සමහර දවස් වලට කිසිම කෙනෙක් පන්සලට ගොඩවෙන්නේ නැතිලු.

    @ පිසාචයා,
    ඇය් බොට මහන වෙන්න වත් හිතුනද?

    @ අවංක පැට්ටා,
    පාචනං හැදුනනන් විජලානං නියතන්
    පානීනං ජලජන් සුඛං විහරනන්

    බොට මේ පාලි ගාථා තේරෙනවද මන්ද? තේරුම හොයා ගන්නම අමාරුනං ඔය මාරයා උන්නාන්සෙගෙන් වත් අහල බලහං

    @ ගිම්හානි,
    මම ඔය චෝදනාවට "නොට් ගිල්ටි" මේ පාර වෙසක් කූඩුව බලන්නවත් පන්සල පැත්තෙ යන්න බැරි වුනා. ඉඳල හිටල ලංකාවෙන්, ඊස්ටර්න් ස්ටේට්ස් වලින්, එහෙම ආගන්තුකයො ආවම "සර්පන්ටයින්" හෝ "ගිජිගිනප්" ආරණ්‍ය සේනාසන පැත්තෙ යැවෙන්නෙ sight seeing ට්‍රිපක් සහ අන්තර්ජාතික දානයක් වළඳන්න චෑන්ස් එක නිසා

    ReplyDelete
  24. සම්පූර්ණ පීස එකක් කාපු පලියට පාචනේ හැදෙන්නේ කොහොමද? බැක්ටීරියාවක් හෝ වයිරසයක් බඩට යන්ඩ ඕනෙනෙ. එක්කෝ ටිකක් වැඩිපුර බඩ එලිය යන්ඩ ඇති. නැත්තන් ඉතින් පීස කඩේ unhygienic.

    ඒක නෙමේ මොකද ඔබ්සර්වර් මහත්තය මකරන්දය පැත්තෙ ඇවිත් මට කෝච්චියකට බෙල්ල තියන්ඩ කියල බැනල ගියේ? මට නං තාම අන්දෝ සංසාරයක් හිතාගන්ඩ බැහැ. බුරා නං කියන්නේ ඔබා මහත්තයට එදා ටිකක් වැඩිවෙලා කියල.

    ReplyDelete
  25. @ Outsider,
    කෝකටත් පලවෙනි වතාවට කනකොට එක ස්ලයිස් එකක් විතර ට්‍රය් කොරල බැලුව නං හොඳා මං හිතන්නෙ. හාමුදුරුවො වළඳල තියෙන්නෙ එහෙම නෙමේනෙ.

    @ ChammA,
    ඉස්පිටිතාලෙන් මෙහා නැවතුනු එක ලොකු දෙයක්. ලේසි විධියට "ස්ටෑන්ඩින් සිටින් බඩ ගොයින්" (ඉඳල හිටල බඩ යනව) එකක් නෙමේ හැදිලා තියෙන්නෙ

    @ Bindi,
    කිසි දෙයක් අතින් දාලත් නැහැ, කිසි කෙනෙකුට මඩ ගහලත් නැහැ.
    හැබෑට Bindi ඉන්න රට මොකද්ද?

    @ කින්නරාවි,
    කට...කට...කෑව නෙමේ කො.ජී. වැළඳුව. ඇත්තටම සතුටු එච්චර ලොකු එකක් වැළඳුව එක ගැනද එහෙම නැස්තන් ආගම දහම රැකගෙන ඉන්න එක ගැනද?

    @ නලිනි චන්දිමා,
    එහෙම ආව නං මාරයා නෙමේ, "මාරයා උන්නාන්සෙ". මිනිහම තමයි නෙමේ "උන්නාන්සෙම තමය්". පොරගෙ ඒ කාලෙ සාශනික නම හොයල කියල එව්වොත්, මෑන්ස් මද කියල වෙරිෆය් කොර ගන්න එක ඒ හැටි අමාරු නැහැ.

    අපොය් එන්න ෂුවර් එකටම එක්ක යන්නං. ඔබීගෙය් මගෙය් ෆේවරිට් ට්‍රිප් එකක් තමා "සර්පන්ටයින්" ආරණ්‍ය සේනාසනේට විසිටර්ස්ල එක්කං යන එක. ඒ කිට්ටුව තියෙනව "සර්පන්ටයින් ෆෝල්ස්" කියල දිය ඇල්ලක්, ඩෑම් එකකුත් එක්ක. අපේ දියළුම, දුන්හිඳ, එක්ක සංසන්දනය කොරන කොට මේ දිය ඇල්ල හරියට පොඩි එකෙක් චූ කොරනව වගෙ, ඒ වුනාට පරිසරය එහෙම හරිම ලස්සනය්. සේනාසනේට ගිහින්, නොමිලේ ඉන්ටනැෂනල් ෆුඩ් ෆෙයාර් එකක් රස විඳලා, දිය ඇල්ල, ගොවිපළවල් එහෙමත් බලල ඕනෙ නං වයින් හදන තැනකට ගිහින් නොමිලේම වයින් ටේස්ටින් පාරකුත් දාල අවශ්‍ය නං වයින් බෝතල් ටිකක් නිෂ්පාදනාගාර මිලටම අරගෙන එන්නත් පුළුවනි.

    ReplyDelete
  26. අඩේ ඔබයියා...

    දැන් හදන්නේ ලොකු මැඩම්ට වයින් පොවන්නද..? හොඳට හිටී...

    ReplyDelete
  27. @ Il mondo di una povera pizza ,
    හිකිස්....ඔය වගේම සීන් එකක් මෙහෙත් වෙන්න ගිහින්, දායක සභාවේ කෂ්ටියට නුවණ තිබ්බ හින්ද යාන්තමට ශේප් වුනා. හැබය් හාමුදුරු නමක් නෙමේ වැඩේ දෙන්න හැදුවෙ දායක සභාවෙම හිටිය ජෝඩුවක්. පන්සල පටන් ගත්ත දවස් වල හිතවතෙක් හිටිය දායක සභාවේ කොමිටියෙ, එයා මේ කතාව කිව්වෙ. පන්සල පිහිටුවන්න, ඉතාම පරණ ගෙයක් තියෙන සෑහෙන විශාල ඉඩමක් මිලට ගන්න දායක සභාව ලැහැස්ති වෙලා, බැංකු ණයක් ගන්න මුලික තැන්පතුව, ඒ කාලෙ හිටිය දායක පිරිස අමාරුවෙන් එකතු කොරගෙන තියෙනව. ඒ කාලෙ පන්සලේ සමිතිය, රජයේ ලියා පදිංචි සමිතියක් නෙමේ නිසා, බැංකුවෙන් ණයක් දෙන්න අදි මදි කොරල. මගෙ ඉස්සෙල්ල පෝස්ට් එකේ සඳහන් කල මහාචාර්ය තුමා සහ බිරිඳ ඉදිරිපත් වුනාලු සමිතියෙ සල්ලි තැන්පතුව හැටියට දාල එයාල දෙන්නගෙ නමට ගේය් ඉඩමය් ගන්න. එයාල දෙන්නම කරන්නේ ඉහල වැටුප් එක්ක රැකියාවල් නිසා ඒ වැඩේ එයාලට ලෙහෙසියෙන් කරන්න පුළුවන් කම තිබ්බ. පන්සල් සමිතිය පටන් ගත්ත කාලෙ නිසා එච්චර ශක්තිමත් තත්වෙක තිබිල නැහැ ආර්ථික වශයෙන්. අර දෙන්නගෙ සැලසුම අනිත් අයට තේරිලා තියෙන විධියට, ටික කාලයක් ගෙවාගෙන යනකොට සමිතිය කඩා වැටෙය්, එතකොට ඉතුරු ණයත් එක්ක ගේය් ඉඩමය් එයාලට ඉතුරු වෙය් කියල. මුලික තැන්පතුවය්, අව්රුද්දක හමාරක වාරික මුදලය් වෙන කව්රු හරි ගෙවල, ඉතුරු හරිය ගෙවන්න නිකන් ඉඳලම ගේකුය් ඉඩමකුය් ලැබෙනව නං කව්ද අකමැති? කොහොමත් මහාචාර්ය තුමාගේ කෙරුවාවල් දායක සභාවේ උදවිය දන්න නිසා ඒ වැඩේට අකමැති වෙලා.

    @ මාරයා,
    කව්ද බං, බළල්ලු පූසෝ ඥාව්වෝ ?

    @ කතන්දර,
    මම පිරිනැමුවන් දානෙ අංග සම්පුර්නව දෙනව, අනිවා ඩෙෆා.

    ReplyDelete
  28. in a hurry ! comment on pizza later..!

    I don't know why ..? trust me ...till today I thought Observer is a Burgher... lol :D

    ReplyDelete
  29. @ සරත් ලංකාප්‍රිය,
    ඔය ඉතින්..... පුරුදු පරිදි අකුරුත් වරද්ද වරද්ද සාසනේටත් අගව්රව කොරල. කොය් වල යන්ඩද මන්ද?

    @ මුහුදු කොල්ලකාරයා,
    මෙහෙ ආරණ්‍ය සේනාසනේ ඉස්සර වැඩ හිටිය හාමුදුරු නමක් දැන් ලංකාවට ගිහිල්ල.
    පසුව මහණ වුනු ලංකාවෙ හාමුදුරු නමකුත් ධර්ම ප්‍රචාරක වැඩ වලට ලංකාවට වැඩම කළා, ඇත්තද දන්නෙ නැහැ, ලංකාවෙදි සිවුරු හැරලා කියල ආරංචි වුනා.
    මෙහෙ ගේ දොර ඉඩ කඩම් තිබුන කෙනෙක්, එයා මහණ වුනේ දූ දරුවො දීග තලග ගියාට එහෙම පස්සෙ. බැඳලා හිටිය නෝනා නං තාම පර්ත් වල ඉන්නව.
    තව ලංකාවෙ එක්කෙනෙක්, මහණ වෙන්න සුදානමින්, අනාඝාරික තත්වෙන් ආරණ්‍ය සේනාසනේ හිටිය, ළඟකදී ගිය වෙලාවක නං දැක්කෙ නැහැ.
    භික්ෂුනී ආරණ්‍ය සේනාසනේ ළඟදීම ලංකාවෙ කෙනෙක් සසුන් ගත වෙනව. එයා මය්ක්රෝ බයොලොජි පිළිබඳව ඩොක්ටරේට් එකකුත් තියෙන තරුණ කාන්තාවක්.

    @ පොත්ගුල්ලා,
    මං කියන පීසා එකේ සයිස් එකය්, ඒ වගෙ පීසා එකක තියෙන මේධය ප්‍රමානයය් දැක්ක නං පොත්ගුල්ලා ඔහොම කියන්නේ නැහැ. අනික අන්හය්ජිනික් කෑමක් විකුණල කොම්ප්ලේන් එකක් ආවොත් කඩේ වැහිල විතරක් නෙමේ සෑහෙන වන්දියකුත් ගෙවන්න වෙලා තමා වැඩේ කෙලවර වෙන්නෙ.
    ෂ්...ෂ්...ෂ්....කා ගහන්න එපා, මං මේ දැන් ගිහිල්ල අර කිව්වා කොමෙන්ට් එක බැලුව, ඒකෙ බුරාට ගහපු මඩ පාරක් ටයිප් කොරන ගමන්ම, වෙනි/ලියන්න ට විසි කොරපු මඩ ටිකකුත් ටයිප් කොරල, දෙකම වැරදිලා ඒක පෝස්ට් ඒකෙ කොමෙන්ට් හැටියට වැටිලා. නාකි වෙන කොට ඔහොම තමා. ලක් එකට වෙනිය දැකල නැහැ, දැක්කනෙ බුරාගේ රිටර්න් මඩ පීප්පෙ සයිස් එක, වෙනියත් දැක්කනං වසල හමාරය්.
    සමාවෙන්න ඕනෙ පොත්ගුල්ලට නෙමේ ඒ එකක් වත් කියල තියෙන්නෙ

    @ මාරයා,
    මැඩම්ල වයින් බිව්වම බලන්න ඕනෙ, බලං ඉන්න කෂ්ටියට හරි ජොලි. හැබැය් ගානට බිව්වොත්, වැඩි වුනොත් බබීත් සුං....බබීගේ.........සුං

    වෙලාවට ඔබී බොන්නෙ නැහැ. (ඒකෙත් හැටි කියන්නෙ ඉතින්, ඔබී නොබොන හරීයත් ඉතින් මං එපෑ බොන්න)

    @ සපතේරු උන්නැහේ,
    හිකිස්.....ඔව්...වොව් කළු පාට ලංසියෙක්. අපේ මාමණ්ඩි නං පොඩි කාලෙ ඉඳලම කියන්නෙ මට සුදුපුතා කියල

    ReplyDelete
  30. සමහරු ඔබයියේ වයින් නොබිත් වයින් වෙලා දඟලනවා..දැකලා නැතෙයි..:D

    ReplyDelete
  31. අඩේ මොකද්ද මට ගහපු මඩ ..? හිටුකො මන් ගිහිල්ල බලන්න..

    "@ ලියන්නා/Weni,
    උඹත් එක්ක බෑ.......ලෝකෙ නැති එක එක නං වලින් එං නැතුව එක නමකින් වරෙන් බං, අපිට පිස්සු වට්ටන්නෙ නැතුව, බැරිම නං ඔය කියපු ට්‍රේන් එකට බෙල්ල තියහන්"

    ඈ සුදු ඔබා අයියෙ.. මොන කමෙන්ට් එකටද බන්z මේ ටික කිව්වෙ ? මටත් ටියුබ් ලයිට්නෙ ..

    ReplyDelete
  32. @ මාරයා,
    මොකදෑ නැත්තෙ බොලේ සය්බර් අවරුදු උත්සවේ මතක් වුනා....හෙහ්....හෙහ්.....හෙහ්...දැන් බය නැතුව කිව්වෑකි. කොට ජීවිතේ ගොඩවෙලා ගිහින් නොවැ, ආපහු එන එකක් නැති වෙය් මයේ හිතේ.
    සය්බර් උත්සවේ කොට ජීවිතේ නැටුවෙ බීල නෙමේනෙ

    @ ලියන්නා/වෙනි,
    මටත් ටියුබ් ලයිට් වුනාම බොට ටියුබ් ලයිට් නොවී තියේයැ. අර බුරා කියල තියෙන හරිය ඇත්ත වෙන්නැති.....හිකිස්....

    ReplyDelete
  33. එසේ මෙසේ වැලදිල්ලක් නෙමෙයි හාමුදුරුවොත් වලදල තියෙන්නේ..

    ReplyDelete
  34. මම දන්නවා ඔබා මාම මේක ලිව්වේ හරිම හිතේ අමාරුවෙන් කියල. හිතේ තියෙන ශ්‍රද්ධාවට හාමුදුරුවෝ ගැන දුකෙන් නෙවෙයි. ඔය පීස එක වළඳන්න මාමවත් සහභාගී කර නොගත්තු එක ගැන දුකෙන් සහ තරහෙන්. ඒකනේ ඕක කන්න ලැබුණානම් පීසා එකත් එක්ක බොන බීම බෝතලේ ෆොටෝ එකකුත් දාල තියෙන්නේ. ඇත්තට ඔය මෙගා සයිස් පීසා එකක් තනියම කෑවොත් බඩ යාවිද? හැබැයි ඔබා මාමට නොකියා. දැනගත්තොත් හාමුදුරුවන්ට වගේ ෂුවර් එකට බඩට බඩු තමයි.

    ReplyDelete
  35. ඔබා මාමගේ ප්‍රොෆයිල් ෆොටෝ එක දැක්කම හිතෙන්නේ හාමුදුරුවරු නැති වෙලාවට ඔබා මාමත් වැඩ බලන රාජකාරිය කරනවා කියල.

    ReplyDelete
  36. අගල් 16 ෆැමිලි පීසා එකක් අපිටත් තනියෙන් කන්න බෑනේ... ඕනිමනම් දෙන්නෙක් එක්ක කන්න පුළුවන්...

    ReplyDelete
  37. ඔබා අයියලා හොඳ ආගමික වැඩ ටිකක් කරගෙන යනව වගේ... හොඳයි හොඳයි!

    අර හාමුදුරුවන්ට නම් පව් වැඩේ නේද වෙලා තියෙන්නේ?
    දානෙ දෙන කෙනත් ඉතිං දැනගන්න ඕනේ... එක්කෙනෙකුට කන්න ෆැමිලි පිට්සා එකක් ගෙනියන එක පිස්සු වැඩක්නෙ! අපේ සමහරු භක්තියට කියල කරන්නෙ ඔය වගේ මොංගල් වැඩ තමා...
    කාපු හාමුදුරුවොත් මැදුම් පිලිවෙත තමා අනුගමනය කරලා තියෙන්නෙ නේද?

    ReplyDelete
  38. පීසා පූජා කරන ගාථාව කියලා පීසා කෑමේ ආදිනව ගැනත් කියන්න තිබුනා. එහෙනම් වැඩේ ගොඩ.

    ReplyDelete
  39. @ වසුන්දරා,
    වට් ෆො ද ටෙලින් කිව්ව

    @ චීටා,
    ෂ්......කෑ ගහන්න එපා බං අනිත් එවුන්ටත් තේරුනොත් මං ඉඳල හමාරය්.
    පොඩ්ඩක් අනුමත වෙලා දෙන්නෙක් තුන් දෙනෙක් බෙදාගෙන කෑව නං කිසි අස්පෙට් එකක් නැහැ.
    දෙන්න, තුන් දෙනාගෙන් එකෙක් හැටියට ඔබා සිටිය යුතුමය්, අනිවා ඩෙෆා

    දෙවෙනි කොමෙන්ට් එක ගැන කිව්වොත් අපේ පන්සල පැත්තෙ ගිය කාලයක් මතක නැහැ, හාමුදුරුවොත් කියනවද දන්නෙ නැහැ "අරූ චන්ඩිය වෙලා, පන්සල පැත්තේ එන්නෙවත් නැහැ" කියල.

    @ දිනේෂ්,
    විහිලු කොරනවද? අඩුම තුන් දෙනෙක් ඕනෙ.
    හතර දෙනෙකුය්, මං පින්තූරේ පෙන්නපු පිසා වලට ගැලපෙන බෝතලයක් නෙමේ, ඊට වඩා සැර බෝතලෙකුය් තිබ්බ නං බයිට් එකය්, ඩයට් එකය් දෙකම හරි

    ReplyDelete
  40. @ ගීතක,
    මොනවා කියනවද? අපි එහෙමය් ඈ... ගොක් කොලයක් ඇදෙන තැනක, බෙර පදයක් වැයෙන තැනක ඇටෙන් පොත්තෙන් තේරෙන කාලේ ඉඳන් අපි ඇති.(බෝතලයක් බයිට් එකක් එහෙමත් සෙට් වෙනව නං ඉතිං අනිවා ඩෙෆා)

    පන්සල මතක් වුනෙත්, ක.ශු. මතක් කල දේකින්, ඒ හින්ද දාපු දෙවැනි පෝස්ට් එක මේ, පොර අහල තිබුනනෙ මගෙන් පර්ත් පැත්තෙ කතා නැද්ද ලියන්න කියල. කතා සැට් එකක්ම මතක් වුනා ඒකෙන්, ඒ වුනාට ලියාපු කුණුහරප කතා එකක් දෙකක් තියෙනවා තාම, ඒවා අහක දාන්නත් බැහැනෙ, ඒවත් අතරින් පතර දාන්න ඉන්නෙ.
    පන්සල ගැන පෝස්ට් එකක් ලිව්වට, බැරි වෙලාවත් මාව බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනා ගිය ආගම් භක්තිකයෙක්ගේ තත්වෙට ප්‍රොමෝට් කරන්න එහෙම එපා. තාම ඔමාර් කය්යාම් වගේ ඉන්න අහිංසක පොරක්. හැබැය් ගීතක මතක් කොරාපු මැදුම් පිළිවෙතේ තමා කෑම, බීම, සංගීතය, ආදී මෙකී, නොකී, ඔක්කොම

    @ කැන්ඩියන්,
    පිසා පුජ කොරන ගාථාව

    ඒක පීසංච දානංච
    දස දහස් පීසංච ලබ්භති
    පීසා කෑ පසු පඩඥ්ඥ
    පුක්‌ඥ්ඥ විනස්සති

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. සමහරවිට අර පීසා එක්ක යන බීම එකවත් බීලද දන්නේ නැ ,මුළු පීසා එකටම වග කිව්වේ!!

    ReplyDelete
  43. කවදාවත් පීට්සා කාලා නෑ අප්පා . හැබැයි පීට්සා කියලා හිත රවට්ට ගන්න පුලුවන් කෑම ජාතියක් නම් අපේ පැත්තේ කඩවල තියනවා .

    බිත්තර ආප්ප කියන්නේ ඒවට අපේ කොල්ලෝ ඉතින් පීට්සා කනවා කිය කියා බිත්තර ආප්පේ කනවා ..

    අපිටනම් ඔයිං හතක් කෑවත් බඩනම් යන්නේ නෑ . ටින්ටස් ඇණ වුණත් මේ සඳරුට දිරවගන්න පුලුවන්

    ReplyDelete
  44. @ ඩොන්ගා අය්යා,
    වයින් බෝතලේකුත් දානෙට පිරිනැමුණු වගක් දැන ගන්න ලැබුනෙ නං නැහැ. හෙහ්...හෙහ්.....අනික මේක හීල් දානෙට නොවෑ, උදේම ඕව පාවිච්චි කොරන සිරිතක් තියෙනවෑ .

    @ සඳරූ,
    පීසා කාල නැහැ කියල කිසිම අස්පෙට් එකක් හිතට ගන්නව එහෙම නෙමේ ඕන්, සඳරුට එයින් කිසිම අඩු පාඩුවක් වුනේ නැහැ කියල හිතා ගන්න.
    ඔය දළුගම දිහාවෙ , නුවර පාරෙ තියෙන "පීසා හට් " එකකින් දවසක් මාය් තව දෙන්නෙකුය් පීසා කෑව, අපි තුන් දෙනාටම මෙලෝ රහක් නැහැ. හැබය් ගාන නං පිටරට පීසා ගානමය්.

    ඇත්තටම ඒ පීසා වලට වඩා මොන විදියට හැදුවත් බිත්තර ආප්ප හොඳය්. ශෝභනේට කන පීසා වලට වඩා ලුණු මිරිස් සමග ආප්ප හොඳා මට නං.

    ටින්ටැක්ස් ඇන කෑවට කොමක් නැහැ, ලුනුත් එක්ක හෙම කනව නෙමේ ඕන්, කූරිය ගහන්නෙ මළකඩ කාල.

    ReplyDelete
  45. ඔබා අයියා පංසල පැත්තෙ නොගිය එකට උන්නාන්සෙ කියන්නෙ චන්ඩියා වෙලා පැත්තෙ පලාතෙ ආවෙ නැහැ කියලද එහෙම නැත්නම් මෙහෙ උන්නාන්සෙලා සාම්ප්‍රදායිකව කියන විදියට ආනමාළු කෝලිකුට්ටු කුනු වෙලා යනවා.. කෝ මේ ඔබා මහත්තයා ! කියලද දන්නෙ නැහැ !

    ReplyDelete
  46. වෙනි,
    ඕකෙ තියෙනව තව දිගට කතාව, "රොටිය දුන්නම රෝල් කොරනවා, තේ එක දුන්නම ඇඟේ හලා ගන්නව" ආදී වශයෙන් දිගට ෆුල් ස්ටෝරිය නං මතක නැහැ දැන්.

    ReplyDelete
  47. //ඒක පීසංච දානංච
    දස දහස් පීසංච ලබ්භති
    පීසා කෑ පසු පඩඥ්ඥ
    පුක්‌ඥ්ඥ විනස්සති//

    ආහාර පූජා කරන්නේ ඔය විදිහට නෙමේ. ඕක පූජා කලාට පස්සේ පිදීමේ ආනිසංස (ආදීනව) කියන ගතාව.
    පූජා කරනකොට මෙහෙමයි කියන්නෙ.

    "අධිවාසේතු නො භන්තේ - පීසන්ච පරි කප්පිතන්
    අනුකම්පන් උපාදාය - පතිගන්හාතු පරිස්සමෙන්"

    ReplyDelete
  48. පීට්සා කාලා බඩ යනවා. හාමුදුරුවෝ ටොයිලට් වඩිනවලු. ඔබා මාමාට ඊළඟ දවසේ උදේ කිව්වේ. වැඩ්ඩා වැඩිල්ලක් මචන් බගයක් අඳනේ කියලලු. පීට්සා වෙන්න බෑ. ගිලන්පසට සැර ජාතියක් ගත්තද දන්නේ නෑ. නිකන් ගල් පොල් වගේ. මයික්‍රෝවේව් කතාව දැක්කම කතාවක් මතක් උනා.
    අපේ යලුවෙක් ලන්ඩන් ගියා වැඩි දුර අධ්‍යාපනයට (වැඩිපුර හම්බකරන්න.) සල්ලි කාරයෝ උනාට මයික්‍රෝ දැකලා නෑ. නැවතුනේ අප්පච්චිගේ යලුවෙක්ගේ ගෙදර. හොඳ යාලුවෙක් නිසා පොඩි ගානක් මාසිකව ගන්නේ. (ඊට වඩා හෝටල් ලාබ බව පස්සේ දැනගෙන තියෙන්නේ.) මෙකේ වැඩිපුරම දාන්නේ බත් මාළු පිනි. (ලන්ඩන් ගිහිල්ලත් කරවල කන කෂ්ඨියනේ) හාවා හඳ දකිනව වගේ ඉඳල හිටල සොසේජ් එකක් එහෙම විනාඩියෙන් තම්බල දෙනවා. කSඨිය ගෙදර නැති දවසක පොරට බඩගිනියි. වේලිචච පාන් ගෙඩියක් තියෙන්වා. කන්න දෙයක් නෑ. බිත්තර තියෙනවා. තම්බන්න ලේසිම ක්‍රමේ. දැම්ම මයික්‍රෝ එකේ. ඩෝං.... පටෝං... ගෙදර උන්දැ එනකොටත් මූ බිත්තරත් එක්ක ඩාන්ස්. එදාම ගෙදරින් දොට්ට.
    හේතුව ඊට කලින් පත්තරේකට වතුට වැටිලා ගෙදරින් බැනුම් අහන්න වෙයි කියලා ඒක දාලා රෙදි වේලන ඩ්‍රයර් එකට. නැවතුනයින් පස්සේ බැලුවම පත්තරේ නෑලූ. එදා ඌ බේරිලා..

    ReplyDelete
  49. Pizza.........yummy yummy ......... පින්තූරයේ තියෙන පීට්සා එක දකිද්දී කටට කෙලත් ආවා... අතදිග ඇරලා දාලා තියෙන්නේ මාගරීටා පීට්සා එකක් නේද ?

    .... කාලයක් මම ඉතාලියෙ ජීවත් උනා මගේ පුංචිලා එක්ක..එතකොට නම් බඩ පැලෙන්න පීට්සා කනවා...අර කිව්වත් වගේ ලංකාවේ පීට්සා නම් මෙලෝ රහක් නෑ...නිකම්ම නිකන් පිටි ගුලියට සෝස් මහා ගොඩාක් දාලා දෙන්නේ...

    ReplyDelete
  50. @ මාතලන්,
    අර කව්ද කොළඹ ගියා වගේ (අපි පොලිටිකලි කොරෙක්ට් කස්ටියනෙ - ඒ හින්ද කොළඹ ගියෙ කව්ද කියං නැහැ)

    හැබය් බිත්තර මෛක්රො වේව් එකේ තම්බන ලේසි ක්‍රම වේදයක් තියෙනවා, දන්නැති කෂ්ටියට දැනගන්න මෙතන ලියන්නං.

    තම්බන්න අවශ්‍ය බිත්තර වෙන වෙනම ඇලු - ෆොයිල් වල ඔතන්න. බිත්තර පාවෙන සයිස් එකට, ප්ලාස්ටික් මෛක්රො වේව් සේෆ් භාජනේකට වතුර දාන්න. ඔතපු බිත්තරත් ඒ භාජනේට දාන්න. වතුරට ලුණු තේ හැන්දක්, දෙකක් දාල දිය කොරන්න බිත්තර දාන්න ඉස්සෙල්ල. සොෆ්ට් බොයිල් නං විනාඩි 2.5 හාර්ඩ් බොයිල් නං විනාඩි 4 (එක බිත්තරේට) ගණන් හදල මෛක්රො වේව් කොරගන්න. අත්දුටුවය් සත්තය්, වැරදුනොත් ගාස්තු ආපසු ගෙවනු ලැබේ.

    වැඩේ ෂුවර් නැත්තන්, එක බිත්තරේකින් ට්‍රය් කොරල බලන්න. ඔය කිව්වේ වොට් 1000 මෛක්රො වේව් අවර්න් එකකට, තම්බන වෙලාවල් අවර්න් එකේ වොට් ගානෙ හැටියට අඩු හෝ වැඩි වෙන්න ඕනේ. ඔය ක්‍රමේට මට වැරදිලාම නැහැ තවම, අවරුදු විස්සක් විතර කාලයක් තුල ලාභම සහ ගණන් වැඩි මෛක්රො වේව් අවර්න් වල ට්‍රය් කොරල තියෙනවා. ගණන් වැඩි ඒවා නං වැඩ කොරපු තැන් වල ඒව.

    ReplyDelete
  51. අනේ මන්ද ඇයිද කියල.. මට නම් මෙහේ තියෙන පන්සල් වලට්ය යන්න හිතෙන්නෙම නෑ අප්පා....

    සඳරුවො... බිත්තර ආප්ප හොඳයි බන්.. මට නම් අල්ලනෙම නෑ පිසා.

    ReplyDelete
  52. @ කැන්ඩියන්,
    පිසා පුජ කොරන ගාථාව
    ඒක පීසංච දානංච
    දස දහස් පීසංච ලබ්භති
    පීසා කෑ පසු පඩඥ්ඥ
    පුක්‌ඥ්ඥ විනස්සති

    මෙන්න සාදුකාරයක් දුන්නා තුන් පාරක්ම!සාදු, සාදු, සාදූ!

    ReplyDelete
  53. බටහිර ඕස්ට්‍රේලියාවේ බෞද්ධයො ගැන සෑහෙන දෙවල් ඉගෙනගත්තා. මටත් ඔය හා සමාන කතාවක් මතක් වුනා. මේ ෆුල් ට්‍රයි එක ඒක නොකියා ඉන්න. මොකද ඒක ලෙඩක් වෙන්න පුලුවන් නිසා.
    henryblogwalker the Dude

    ReplyDelete
  54. අජාන් බ්‍රහ්මවංෂෝ හාමුදුරුවන්ගෙ බන ලංකාවට ආවෙලාවක අහල තියනවා. ඉන් පස්සෙ එතුමා ලියූ පතපොත කියවන්න ගත්තා. සමහර නොවැටහුන කරුණු තේරුම් යන්න ගත්තේ එතකොටයි. මටත් ආසවක් තියනවා ඒ ආරණ්‍ය සේනාසනයට යන්න. බලමුකො දව්සක පුලුවන් වෙයිද කියල.පීසා කන්න නම් මම කැමති නැහැ. පීසා එක කෙසේවෙතත් පීසා අවර්න් එකට හිත ගියා.
    මැණික්

    ReplyDelete
  55. @ දිල්,
    "මාගරිටා"නෙමේ "බාබෙකියු මීට් ලවර්ස්" හෙහ්...හෙහ්.. හෙහ්....පිසා අවර්න් එක ආපු පෙට්ටියෙ තියෙන පින්තුරෙ, ඇත්ත එකක් වගේ නේද? ඔබීටත් හොයන්න බැරි වුනා ඇත්ත එකක්ද කියල

    ReplyDelete
  56. @ පිස්සා,
    මෙහෙ තියෙන පන්සල් වලට යන්න නොහිතෙන එක හේතුවක් තමා, ඒවයෙ ඉන්න "අයිති කාරයෝ සහ පුත්‍රයෝ" සීමා සහිත සමාගම්

    @ කැන්ඩියන්,
    පොත් ගුල්ලා, දීල තියෙන ගාථාව දැක්කෙ නැද්ද, ඒකත් නරක නැහැ

    "අධිවාසේතු නො භන්තේ - පීසන්ච පරි කප්පිතන්
    අනුකම්පන් උපාදාය - පතිගන්හාතු පරිස්සමෙන්"

    @ Dude,
    මාත් මේ බයේ ඉන්නෙ, පෝස්ට් එකටත් වැඩිය කොමෙන්ට් වලට උත්තර දෙන්න ගිහින් කොහේ හරි කට වැරදුනාද කියල. එක අතකට මොනවට බය වෙන්නද, එක තැනකවත් බොරුවක් කියල නැහැනෙ.

    ReplyDelete
  57. @ දිල්,
    සමාවෙන්න වැරදි පින්තුරෙ ගැන ඉස්සෙල්ල කිව්වේ, උඩ තියෙන පින්තුරෙ මස් මාංශ පේන්න නැහැ වගේ තමා, මාගරීටා එකක් වෙන්න පුළුවන්

    @ මැණික්,
    මම හරිද මන්ද, මැණික් ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ කියල හිතුන, පර්ත් ආවොත් අජාන් බ්‍රහාම් තුමාගේ පන්සලට අනිවාර්යයෙන්ම අපි දෙන්න ඔයාව හෝ එන කට්ටියම එක්ක යන්නන්.

    ලංකාවේ පීසා නං එක පාරය් කෑවෙ එපා වුනා, මෙහෙ ඒවා නං නරකම නැහැ. ඒත් ලුණුමිරිස් එක්ක හෝ කෙහෙල් ගෙඩියක් එක්ක ආප්පයක්, එහෙමත් නැත්තන් කිරි හොදි, පොල් මැල්ලුන් එක්ක ඉඳිආප්ප කනව විතර කොහෙද පීසා?

    ReplyDelete
  58. මම දැනට ඉන්නෙ කැනඩාවෙ. බලමු දවසක් ඔය පැත්තෙත් එන්න. හ්ම්ම්.... ලංකාවෙ කෑම තරම් ඉතින් ඕවගෙ මොන රසයක්ද?
    මැණික්

    ReplyDelete
  59. @ මැණික්,
    එහෙනං අජාන් බ්‍රහ්මවංසෝ හාමුදුරුවන් ගැන ඇමෙරිකාවේ ඉන්න අයත් දන්නව. මම ඉස්සෙල්ල කොමෙන්ට් එකක හාමුදුරුවෝ ගැන ඉතාම සුළු හැඳින්වීමක් කලා , මට මතක විදියට පොඩි කුමාරිහාමිට උත්තරයක් හැටියට.

    ඊළඟ වතාවේ ලංකාවට යනකොට හැමදාම ටච් කරන යුරෝපය වෙනුවට ඔස්ට්‍රේලියාව හරහා යන්න. පර්ත් තමා ලංකාවට ලඟම ඕස්ට්‍රේලියන් ප්‍රාන්ත අග නගරය. ආවොත් ඔබීය් මාය් මෙහෙ ඉඳුම් හිටුම් සහ සයිට් සීයින් බලා ගන්නම්. ටිකට් බුක් කරන ගමන්ම දින වකවානු අපිටත් දන්වන්න මෙහෙ හරහා යනවා නං. හොඳ එක්ස්පීරියන්ස් එකක් වේවි

    ReplyDelete
  60. @ පොත් ගුල්ලා,
    ඔය කිව්වට මාර උන්නාන්සෙගෙන් වත් අහල බලල මිස ඔය ගුල්ලො කිව්ව පලියට ගාථා කට පාඩං කොර ගන්න මං ලෑස්ති නැහැ...හිකිස්....

    ReplyDelete
  61. මං හිතන්නෙ හැමෝගෙම කොමෙන්ට් වලට උත්තර දුන්න, කාව හරි මතක බැරි වුනා නං සමාව භාජනේකට දාන්න ඕනෙ

    ReplyDelete
  62. අපරාදේ හාමුදුරුවන්ට ෆ්‍රිජ් එකකුත් ගිහිං දුන්නනම් පීසා එක තියාගෙන කනවනේ...

    ReplyDelete
  63. පිසා එකක් මෙහේ හාමුදුරු නමකට වලදන්න දුන්නොත් මොනවා වෙයිද කියලා මම මේ කල්පනා කලේ,... දීලම බලන්න ඕනා...

    ReplyDelete
  64. @ ප්‍රසන්න,
    පන්සලේ ෆ්‍රිජ් එකක්, මය්ක්රෝ වේව් අවර්න් එකක්, ආදී උපකරණ නොතිබුනා නෙමේ. සම්පුර්ණ පීසා එකම වැළඳුවේ ඇය්
    කියල නං හිතා ගන්න එක කියවන අයට භාරය්.

    @ දේවා,
    මෙහෙදී පීසා එක වැළඳුවෙත් ලංකාවෙ ස්වාමීන් වහන්සේ කෙනෙක්ම තමා....හිකිස්...කැලේ මාරු වුනාට පුල්ලි මාරු වෙය්ද? කෝකටත් පූජ කොරලම බලන්න, පිං සිද්ධ වෙනවනෙ.

    ReplyDelete
  65. ඔබා අය්යේ, පොඩි උදවුවක් කරනවද? පර්ත් සිට ලංකාවට බඩු පෙට්ටි යවන තැන් කිහිපයක් ගැන දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද? ස්තූතියි.

    ReplyDelete
  66. සැහෙන්න බණ දහම් ඉගෙන ගත්ත . සඳරු ..ඔය කොයිකත් එකයි. පිසා කියන්නේ ලේසියෙන් කන්න ඇහැකි සහ අනික් කෑම වලට සාපේක්ෂව ටිකක් මිල අඩු කෑමක් පිටරටවලදී . කෝකත් වැඩි වුනහම එපා වෙනවා . ආප්ප හදාගන්න නොදන්නා ඈයෝ ඔයාට ඉරිසියා කරයි. [ මන් නම් නෙමේ මන් ආප්ප ඉදි ආප්ප කෝකත් හදනවා පුළුවන් විදියට ] .

    ReplyDelete
  67. හැක් හැක් හැක් මට මොකෝ නොතේරෙන්නෙ ඕවා.... :D

    ReplyDelete
  68. @ Anonymous ,
    sanathwijewardene@gmail.com ලිපිනයට ඊයක් එවන්න. මම විස්තර එවන්නම්, මේ දැන් නම් බැහැ, විතර තියෙන්නේ ගෙදර, මම තාම වැඩ, රෑ වෙලා එවන්නං

    @ Bindi ,
    මාරයාගෙන් ඉගෙන ගන්නවට වඩා බන දහම් ඉගෙන ගත්ත නේද? හිකිස්.

    ආප්ප, ඉඳිආප්ප හදන්න දන්නව කිව්වම මතක් වුනේ. අපේ ගෙවල් ගාවම ඉස්සර පදිංචි වෙලා හිටිය ලංකාවෙන් ආපු නෝන කෙනෙක්, ඔබී ගෙන් ආප්ප හදන හැටි අහගෙන ගියා. ඊට මාසෙකට පස්සෙ විතර මෙහෙ සිංහල සංස්කෘතික සමිතියෙන් පල කරන සඟරාවෙ එයා ලියල තිබුන ආප්ප හදන්න රෙසිපි එක. ආරංචි විදියට එයාට තාමත් ආප්ප මික්ස් එකට පදම අහුවෙලා නැහැල්ලු. හෙහ්...හෙහ්...හෙහ්....

    @ පැට්ටා,
    මං නොදන්නා අවංක පැට්ටා

    ReplyDelete
  69. ඒත් ලුණුමිරිස් එක්ක හෝ කෙහෙල් ගෙඩියක් එක්ක ආප්පයක්, එහෙමත් නැත්තන් කිරි හොදි, පොල් මැල්ලුන් එක්ක ඉඳිආප්ප කනව විතර කොහෙද පීසා?


    ආයෙත් අහල... මට නම් ඔය පිසා බර්ගර් බ්ලා බ්ලා අල්ලනෙම නෑ...


    ලංකාඅවෙ පීසා නම් නොකන තරමට හොඳා... හපොයි එව්වා.. මොකට ඔච්චර හොඳ කෑම තියෙන රටේ අපේ එව්වො පිසා හට් යනවද මන්ද

    ReplyDelete
  70. @ පිස්සා පළාමල්ල,
    ලංකාවෙ ඩොමිනෝස් , පීසාහට් , මැකර්ස්, වගේ තැන් වල ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකට තියෙන්නේ බෝර්ඩ් එක විතරය්. සොරි ගානත් ඉන්ටර්නැෂනල් තමා, කොලිටිය ගැන නං කියල වැඩක් නැහැ.

    මේ දවස් වල උපාධි ප්‍රධානෝත්සව වලට ලංකාවෙ ළමයින්ගේ අම්මල තාත්තල එනව. අපිට කරෝල, කැවුම්, තල කැරලි, (කාටවත් කියන්න එපා හොඳ ජාති වලින් පොල්) එහෙම යහමින් ලැබුන. ඔක්කොටම වැඩිය වටින්නේ කරෝල තමා, දෙය්යන්ට ගහන ඒව ගැන වැඩි දුර කියන්න ඕනෙ නැහැනෙ.

    ReplyDelete
  71. සික්... කරෝල නම් කඩේකින් හරි ගත හැකි... දෙයියන්ට ගහන එව්ව... ඕව ඔට්ටු නෑ

    ReplyDelete
  72. @ පිස්සා පළාමල්ල,
    මෙල්බර්න් වල සමහර ලංකාවෙ කට්ටිය කරන කඩ වල බඩු හෑව්. හෙමීට ගිහිං අයිති කාරයගෙන්ම ශේප් එකේ අහල බලන්න ඕනෙම නං

    ReplyDelete
  73. ඔබතුමා දමන කමෙන්ටුත් පංකාදුයි. බ්ලොග් එකත් පංකාදුයි. වෙන බ්ලොග් එකකට ගියත් කමෙන්ට් ලිස්ට් එකේ ඔබ්සවර්ගේ කමෙන්ට් එකක් තියෙ නම් ඉස්සෙල්ලාම ඇහැ යන්නේ ඒකට. කමෙන්ට් දාන වැඩෙත් දිගටම කරගෙන යන්න....

    ReplyDelete
  74. Kenny ,
    ස්තුතිය් මේ පැත්තට ගොඩ වෙලා කොමෙන්ට් එකකුත් දාල යන්න උනන්දු වීම ගැන. අය්ය, අන්කල්, මාම, ඔබා වගේ ආමන්ත්‍රණයක් හොඳටම ඇති අප්පේ.
    කොමෙන්ට් දාන එක නවත්තන්න අදහසක් නැහැ.

    ReplyDelete
  75. පීසාත් එක්ක බොන බීම කියල දාලා තියෙන්නෙ මේ වයින් එකක්ද

    ReplyDelete
  76. @ පිණිබිඳු,
    හ්ම්...ඔව්, මේක නං හැබය් ඉතාලි වයින් එකක් නෙමේ, ඕස්ට්‍රේලියන් රතු වයින් එකක්. පින්තූරේ උඩ ක්ලික් කරල ලොකු කරල බලන්න, හුඟාක් පරණ වයින් එකක් නොවුනත් "2005 වින්ටේජ්" වයින් එකක්.

    ReplyDelete
  77. මමත් මේ පාර වෙසක් එකට පන්සලට ගිහින් දන්සැලක් කාලා, ඔබී නැන්ද ලියපු භක්ති ගීත ටිකකුත් අහල ආවා....

    ReplyDelete
  78. @ Tharaka Dilshan,
    මෙහෙට ගොඩවෙලා යන්න ආවට ස්තුතිය්, අලුත් පෝස්ට් දැම්ම කියල එවන්න ඊමේල් ලිපිනය sms කරන්න

    ReplyDelete
  79. හාමුදුරුවන්ගෙන් පස්සේ නංගිලට යන පන්සල ඉතාලියේ විතරක් නෙමෙය්, තව රටවල් වල තියෙනවා....

    ReplyDelete
  80. @ prabhath,
    පන්සල තියෙන්න තැන, කොහේ වුනත් ඔය වගේ වැඩ අනන්තවත් වෙනව.

    ReplyDelete