My followers

Friday 16 September 2011

කවද්ද පර්ත් යන්නෙ.....?


මං මේ කියන මනුස්සය ලංකාවෙ සෑහෙන්න ප්‍රසිද්ධ ගත් කතුවරයෙක්. දිගු කාලයක් අගනුවර ප්‍රධාන බෞද්ධ පාසලක ගුරුවරයෙක්ව ඉඳලත් තියෙනව. මගෙ මතකෙ හැටියට ගුරු වෘතියෙ ඇරුනම, රජයේ වෙනත් ආයතන වලත් සේවය කරල තියෙනව. විශ්‍රාම ගත්තට පස්සෙ දැන් පදිංචි වෙලා ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ මෙල්බර්න් නුවර. මේ ගුරු පියාණන් ගෙන් ඉගෙන ගත්ත අය මුළු ලොව පුරාම පැතිරිලා ඉන්නවා කිව්වොත් අතිශෝක්යක් නෙමේ. දැනටත් විශ්‍රාමිකයෙක් කියන්න බැහැ මේ පුද්ගලය, තවමත් පොත් පත් ලියල ප්‍රසිද්ධ කරනව ඇරුනම, ඔස්ට්‍රේලියාවෙ සිංහලෙන් පල කෙරෙන පුවත්පත් වලට ලිපි ලිවීම සහ එම පුවත්පත් පල කිරීමේ කාර්යභාරයට සෑහෙන්න උර දෙන කෙනෙක්.

මේ විශ්‍රාමිකයෙක් නොවන, විශ්‍රාමික ගුරු පියාණන්ගෙ , අර මං කලින් සඳහන් කල අගනුවර ප්‍රධාන බෞද්ධ පාසලේ ගෝලයෙක්, ඔස්ට්‍රේලියාවෙ පර්ත් නගරයේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක (මම දන්න විධියට) ෆැකල්ටියක් භාර මහාචාර්ය වරයෙක්. ඒ පුද්ගලයා ගැනත් සුළු විස්තරයක් කිව්වොත්, මෑන්ස් පර්ත් වල ලාංකිකයන් අතර කැපී පේන්න වැඩ කරන, ඒ වගේම සමාජයේ ඉහල තැනක ඉන්න පුද්ගලයෙක්. සමාජ සේවා කටයුතු, ඒ වගේම සිංහල, බෞද්ධ, කියන සමිති සමාගම් වල නිල තල එහෙම දරන් ඉන්නෙ, අවරුදු විස්සකට වැඩි කාලෙක ඉඳල කියල මං හොඳටම දන්නව. මම මෙහාට සංක්‍රමණය වෙනකොටත් මේ කියන මනුස්සය සිංහලෙන් කිව්වොත්, "සෑහෙන පොරක්". හැබය් තව එකක් කියන්න ඕනෙ, ඕනෙම නැගල යන පොරකට වගේ මේ මෑන්ස්ටත්, ඒ කාලේ ඉඳලම ඊර්ෂියා කාරයන්ගෙන් වෙන්නැති, කතා හැදිල තිබුන. දන්නැද්ද අපේ කෂ්ටිය ඊර්ෂ්‍යාවට කියන කතා, බොරු ශෝභන කාරයා, තමන්ගේ වාසියට වැඩ කරන එකා, අරව මේව.

ඉතින් අපේ පර්ත් මහාචාර්ය තුමා, සම්මන්ත්‍රණයක් හරි මොනවා හරි රාජකාරියකට මෙල්බර්න් ගිය වෙලාවක අහම්බෙන් තමන්ගෙ ගුරුතුමා හමු වුනා. දෙන්නටම හරිම සන්තෝශය්. ඉතින් දෙන්නත් එක්ක ආපන ශාලාවකට ගිහින් කෝපි කෝප්පයක් බොන ගමන් දෙන්නගෙ ආගිය තොරතුරු කතාවුනා. වෙන් වෙලා යන්න ඉස්සෙල්ල ගෝලය ගුරුතුමාට කිව්වා තව දවස් දෙකකින් එයා ආපහු පර්ත් යනවා, ගිය ගමන් සර්ට එයාර් ටිකට් එකක් එවනව පර්ත් ඇවිල්ල යන්න, පර්ත් වල ඉන්න සුමාන දෙක එයාගෙ ගෙදර ඉන්න පුළුවන්, පර්ත් නගරෙ විතරක් නෙමේ බටහිර ඔස්ට්‍රේලියාවෙ බලන්න තියෙන තැන් ඔක්කොටම එක්ක යනව, ඉන්න සුමාන දෙකේ විය හියදම් ඔක්කොම එයාගෙ ගානෙ කියල. අන්න දැක්ක නේද ආදර්ශමත් ගෝලයො, ගුරුවරුන්ට සළකන්නෙ තමන්ගෙ දෙමව්පියන්ට වගේ. බටහිර ඔස්ට්‍රේලියාව පුරා කෙනෙක්ව එක්ක යනව කියන්නෙ ලේසි කෙළියක් හෙම නෙමේ, මුළු රටෙන් බාගෙකට චුට්ටය් අඩු භූමි ප්‍රමාණෙන්, වැඩි හරියක් යන්න තියෙන්නෙ අහස් යාත්‍රා වලින්, කාර් එහෙකින් යන්න බැරි කොමක් නැතුව නෙමේ, හැබය් සුමාන දෙකෙන් නං බැහැ. අනික මෙල්බර්න් ඉඳල පර්ත් වලට රිටර්න් එයාර් ටිකට් එකත් සෑහෙන ගානක්, මට මතක විධියට පැය පහකට කිට්ටු ගුවන් ගමනක්. හිතාගන්නලකො කෂ්ටිය මෙහෙම, මෙල්බර්න් - පර්ත් අතරෙ වෙලාව පැය දෙකහමාරකින් වෙනස්, හරියට රටවල් දෙකක් අතරෙ වගේ. ඉතින් කොහොම රාජකාරියක්ද වියදං අතින් එහෙම බැලුවම අපේ ගෝල මහාචාර්ය තුමා බාර ගත්තෙ. අන්න එහෙමය් පර්ත් කෂ්ටියගෙ වැඩ කිඩ, තමන්ගෙ ගුරුවරයෙකුට, වැඩිහිටියෙකුට, සලකොන කොට එහෙම ඩොලර් එක රුපියලට පේන්නෙ.

මෙල්බර්න් වාසය කොරන, සෙමි රිටයර්ඩ් කියල මං ඉස්සෙල්ලත් කිව්ව, ගුරු පියාණන් ඉතින් පර්ත් චාරිකාවට හෙමීට ලෑස්ති වුනා. තමන්ගෙ ලේඛන කටයුතු එච්චර හදිසි ඒව නෙමේ වුනත් ස්වේච්චාවෙන් කොරන පුවත්පත් වැඩ එහෙම මාසෙකට විතර කොරන්න ලැබෙන්නෙ නැහැ කියල අදාළ කෂ්ටියට කලින්ම දැනුන් දුන්න. යාළු මිත්‍රාදීන්ටත් කිව්ව මෙහෙම ගෝලයෙකුගෙ ආරාධනාව පිට, පර්ත් චාරිකාවකට යනව කියල. පර්ත් වල ඔය කිව්ව දවස් වල ග්‍රීස්ම ඍතුව නිසා, සීතට අඳින ඇඳුම් අවශ්‍ය නැහැ කියල ගෝලය කලින්ම කියල තිබ්බ හින්ද, සැහැල්ලු ඇඳුම් කීපෙකුත් පොඩි බෑග් එහෙකට දා ගත්ත, ටූත් බ්‍රෂ් රෑව්ල කපන ආම්පන්න අරව මේව එක්ක. දැන් ගුරුතුමා ෆුල් රෙඩි ගෝලයගෙ ආරාධනාව පිට පර්ත් ගමන යන්න. ටිකට් එක ලැබුන ගමන් එයාර් පොර්ට් එකට යන්න විතරය් තිබුනෙ.

පලවෙනි සුමානෙ ගතවුනා, දෙවෙනි සුමානෙ බාගෙට ගෙවී ගෙන යද්දී ගුරුතුමා මතක් කරල බැලුව ගෝලය දුරකථන අංකයක් එහෙම දීල ගියාද කියල.....ම්හු...... ඊට පස්සෙ ගෝලය ගැන කිසිම ආරංචියක් වත් නැහැ. මේ වයෝවෘධ ගුරු පියාණන් ලෝක ස්වභාවය තේරුං ගත්තෙ අද ඊයේ නෙමේ. සිද්ධිය අමතක කොරල දාල ඒ මනුස්සය නිකා හිටිය. හැබය් දන්න අඳුනන කීප දෙනෙක් නිකං ඔලොක්කුවට වගේ කාලයක් යනකං කවද්ද පර්ත් යන්නෙ කියල අහපු නිසා, මං මේ දැන් ලිව්ව වගේ, ඒ මහත්තය ලියපු කෙටි කතා එකතුවක නිකමට වගේ කෙටි කතාවක් හැටියට ඔය සිද්ධිය ලියල තිබුන.

79 comments:

  1. චාර්ටර් මිනිස්සු...

    ReplyDelete
  2. ඈ බං ඔබා අයියේ කෝ මට අර එවනවයි කිව්ව ටිකට් එක..? හොඳ වෙලාවට මේක දැක්කම මතක් උනේ..?

    ReplyDelete
  3. @ හේරත්,
    කතාව කිව්ව එකා නෙමේ නේද?

    @ මාරයා,
    බොට ටිකට් එක ලතාගෙ අම්ම දුන්න කියල ආරංචි වුනා...

    ReplyDelete
  4. ඉතින් ඇයි ඒ ඔබා මාමා එහෙම කරේ?

    ReplyDelete
  5. ආදර්ශමත් ගෝලයෙක්. මෙහේ එවුන් තව හොඳයි.

    ReplyDelete
  6. @ මන්තරකාරි,
    ඕන්..රීන් කට්ටු..කට්ටු..කට්ටු.. සොරි මොකද්ද ඇහුවෙ?

    @ හඳයා,
    කැලේ මාරු කොලාට පුල්ලි වෙනස් වෙනස් වෙනවද කොටියගෙ?

    ReplyDelete
  7. කට කතා හැදෙන්නත් හේතු තියෙන්න ඇති.
    කරන්න බැරි ඒව කියල ගුරු හිත් රිද්දපු මෑන්ට එයාගෙම ගෝලයෙකුත් කවද හරි ඔහොම කරාවි..අනිවා....

    ReplyDelete
  8. මාර ගෝලයා! ඌ නම් නියම බෝලයක් බස්සලා තියෙන්නේ ගුරුතුමාට! නියම කතාව ඔබා මාමේ!

    ReplyDelete
  9. @Observer
    අපොයි නෑ. :D
    Observer ට එහෙම කියනවද?.

    ReplyDelete
  10. @ හේරත් සහ සියලු දෙනාටම ගුඩ් නයිට්,

    අපේ වෙලාව පාන්දර දෙකහමාරය්, මං යනෝ බුදිය ගන්ඩ, මෙච්චර වෙලා හිටියෙත් හෙට නිමාඩු හිංද....ට..ටා...


    කස්ටියටම හෙට උත්තර බඳින්නන්

    ReplyDelete
  11. පව් දෙයියනේ ගුරුතුමා... අනේ හැබෑටම මෙහෙමත් ගෝලයෝ... මෙහෙම චාටර් ගෝලයෙක්ගේ කතාවක් ඇහුවමයි...

    ReplyDelete
  12. ඔහොම තමයි සමහර මිනිස්සුන්ගෙ ස්වභාවය.. ගුරු පියානනගෙ හිත නම් රිදෙන්න ඇති හොඳටෝම !

    ReplyDelete
  13. කටේ නරිවාදන් මොකද්ද අස්සෙන් බේරෙනවා කියන්නෙ ඔය වගෙ ඒවට තමයි.

    - අහින්සක. අ.පේ.

    ReplyDelete
  14. අනේ අම්මපා මෙහෙමත් එවුන් ඉන්නව නෙ,,,,,,බැරි නම් නොකිය හිටපන් (මෙහෙම උන් ව වාලක්කඩියම කාපිය ),,,,,,මරු කතාව ඔබා මාමෙ

    ReplyDelete
  15. හරි පව් ඒ වගේ කෙනෙක්ට එහෙම කල එකනම්. සමහරු ඔහොම තමයි කතා කරන්න ගියාම පන දෙන්න වගේ. ඒත් ක්‍රියාව බ්ංදුවයි..
    බැරිවැඩ කියන්න හොඳ නෑ . එහෙම නොකිය හිටියනම් කිසිම ප්‍රෂ්නයක් නැනේ..

    ReplyDelete
  16. ඔය වගේ කතාවක් ඇහුවමයි. ඉතින් පර්ත් ඉන්න කට්ටියට තිබුනේ සල්ලි එකතු කරලා ඔය ගුරුතුමාව ගෙන්නලා , ගෝලයාට බාර දීලා බලන්ට....:)

    පර්ත් ඇවිල්ලම නෑ. ආවොත් කියන්නම් හොඳේ....:D

    ReplyDelete
  17. කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා ඉස්සර අපේ ආච්චී කියනවා.

    ගෝලයින් ගේ වගකීම නං ටිකක් විතර ගුරාලත් දරන්න ඕනෑ!

    ReplyDelete
  18. ගෝලයටත් ඉතින් මොන ප්‍රශ්න තිබුණද දන්නෙ නෑනෙ. බලාපොරොත්තු නොවුණු කරදරයක් ආවද දන්නෙ නෑ. කොහොම වුණත් වෙනත් මනුස්සයෙක්ට පොරොන්දු දීලා, බලාපොරොත්තු ඇති කරවන්න කලින් දෙසරයක් හිතන්න ඕනෙ. :(

    ReplyDelete
  19. ඔබා ඔය වගේ මිත්‍රයෙක් මටත් හිටියා. ඌත් ඔය විදිහට ඉර හඳ පොරොන්දුවෙලා මගෙන් ඔක්කොම උදවු අරන් ගියා ඉන් පස්සේ ආ ගිය අතක් නැහැ. ඔන්න ටික කාලෙකට පස්සේ එයාගේ දෝනිට මේ රටේ විශ්ව විද්‍යාලෙකට වයිද්‍ය විද්‍යාව කරන්න යන්න උනා. ඔන්න ආයිත් මන් මතක් උනා. මම ඉතින් නොයෙකුත් විදිහට උදවු කලා. මුදලින් පවා. අපේ හාමිනේත් කෑම උයාගෙන සතියක් ගානේ ගෙනිහින් දුන්න. අපි කෑමකට යනවා නම් එනකොට කෑම ඔතාගෙන ඇවිත් දීල යනවා. මගේ කාර් එක දන්නවා ඇති කොච්චර එයාගේ වැඩ වලට අදින්න ඇත්ද කියල. ඔන්න අන්තිම අවුරුදු දෙකට එයාට යන්න උනා ජෝහොර් බාරු වල ඉස්පිරිතාලෙකට දැන් ඉතින් අපි ඕන නැහැනේ.. තාත්තවත් අම්මවත් දුවවත් පහුගිය අවුරුදු දෙකේ අපිට කතා කලේ නැහැ. අපේ හාමිනේ ඉතින් අපේ කෙල්ල වගේනේ පවු කියල ඉඳහිට කෝල් කර කර හිටිය . එයාටත් දැන් එපාවෙලා. ඔන්න ඔහොමයි සමහරුන්ගේ වැඩ.. මන් හිතන්නේ දෙමාපියන් දරුවන්ට කල ගුණ සැලකීම පුරුදු කරලා නැති උනාම ඔහොමයි කියල.. තවත් යාලුවෙක් ඉන්නවා තවමත් එහෙමයි ඉර හඳ පොරොන්දුවෙලා ගිහින් අමතක කරලා දානවා. මන් හිතන්නේ පොරොන්දුවෙන වෙලාවට ඇත්තටම කරන්න හිතනවා ඇති.. පස්සේ එකේ වැදගත්කම ටික ටික අඩුවෙලා නැතිවෙලා යනවා ඇති..

    ReplyDelete
  20. අනේ මංදා සමහර මිනිස්සුන්ගෙ හැටි! කරන්න බැරිනම් බොරුවට පොරටෝක් දෙන්නෙ නැතුව ඉන්න තිබුනනෙ... අනික ඔය මහාචාර්‍යතුමත් දැනගන්න ඕනෙ මූද හත්ගව්වක් තියාගෙන අමුඩ නොගහා ඉන්න! ටිකට් එක ඇවිල්ලත් නැතුව ඕක හැමතැනම් කියන්න ගිය නිසානෙ නෝන්ඩි වුනේ...

    ReplyDelete
  21. අර කිව්ව්ත් වගේ මහාචාර්යතුමාත් මීට වඩා බුද්ධිමත් වෙන්න ඕන නේද? ඊට පස්සෙ කිසිම සම්බන්ධතාවයක් නැතුව ඔච්චර සූදානමක් කරගත් එකත් වැරදි..
    ඔබා අය්යත් අර කාටද ටිකට් එකක් එවනව කීවළු නේද? හැබැයි ඔබා අය්ය කව්ද කියල දන්න නිසා වෙන්නැති ටිකට් එක අතට ගන්නකම් ඒ ගැන කථා නෑ.

    ReplyDelete
  22. දැන්වත් ටිකට්එක යවමු නේද ඔබා අයියෙ.

    ReplyDelete
  23. කල කල දේ පල පල දේ... ඔබා මාමත් එක්දහස් නවසිය බර ගනන් වල කොල්ලා කාලෙ කුරුණෑගල පැත්තෙ ගුරුවරයෙක්ට කොලඹ රට බලන්න එක්කන් යන්නම් කියල පොල්ලක් තියල ඇති.... ඒකයි ඔය ටොපිය කැරකුනෙ... :P :P :P

    ReplyDelete
  24. ඔබා අයිය, වැඩේ කැතයි හොඳේ....

    ReplyDelete
  25. @ පිසා,
    කට කතා වලට හේතු නැවකට

    @ මාධව,
    ගෝලය ගැන කියල වැඩක් නැහැ

    @ හේරත්,
    මං දන්නව....මං දන්නව.....

    @ කොට ජීවිතේ,
    ඉස්සර ඔයාගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් වැටුනම දවසකට පස්සෙ හරි ඊමේල් එකක් ලැබුන, දැන් නැහැ, ආයෙත් අලුත් එකට සබ්ස්ක්රයිබ් කරන්න ඕනෙ ඇති මගෙ හිතේ

    @ වෙනි,
    එයා ඕවයින් එහෙම සැලෙන කෙනෙක් නෙමේ.

    @ අහිංසක,
    හෙහ්...හෙහ්..ඇත්ත, ඇත්ත...

    @ සර්ප අය්යා,
    නමය් අවතාරෙය් දෙකම වෙනස් කොලා එහෙනං ඈ....

    ReplyDelete
  26. @ ගිම්හානි,
    මෑන් ඔය ජාතියෙ වැඩ වලට ප්‍රසිද්ධය්. ගුරුතුමා අහිංසක මනුස්සය වුනාට ඔය වගේ දේ ගැන හිතල දුක් වෙන ජාතියේ කෙනෙක් නෙමේ

    @ පොඩි කුමාරිහාමි,
    ඔය කතාව පර්ත් වල දන්නෙ බොහොම ටික දෙනය්. ගුරුතුමාගෙ කෙටිකතා පොතක එක කතාවක් ඕක, ගොතපු කතාවක් නොවන බව හිතුන නිසා පර්ත් වල වැඩේට සම්භන්ද පුද්ගලයා කව්ද කියල විපරම් කරලා බැලුවම තමා දැන ගත්තෙ කව්ද කියල. හැබය් පොඩ්ඩක් වත් පුදුම හිතුනේ නැහැ මහාචාර්ය තුමාගෙ රෙපියුටේෂන් එක එයාට ඉස්සරහින් දුවන හින්ද.

    පර්ත් එනව නං කලින්ම කියන්න, ඒ කාලෙට ලංකාවට යන්න සෙට් කරගන්න....හෙහ්..හෙහ්..(දැන් දන්නවනෙ පර්ත් කෂ්ටියගෙ වැඩ කිඩ)

    @ ක.ශු.
    අනේ මන්ද දෙන්නම ඔබ තුමා ගිය ඉස්කෝලෙම හන්ද මං ඉතිං මොනව කියන්නද?

    @ දොස්තර නෝනා,
    මං දන්න විධියට නං මහාචාර්ය තුමාට මුදල් අතින් එහෙම ප්‍රශ්න තියෙන කෙනෙක් නෙමේ, හැබය් හරිම ලෝබය කියල නං සමහරු කියනව. හැබය් ඕනෙ කෙනෙක් එක්ක කතා කරන්නේ නං පන දෙන්න වගේ කියල මං පුද්ගලිකවම දන්නව.

    ReplyDelete
  27. ඔය ඉස්කෝලෙ හැමෝම ඔහොම නැහැල්ලු හැබැයි! :)

    ReplyDelete
  28. පරණ යාළුවෙක් හමු උනාම දෙන පොරටෝක් ඇත්තටම ප‍්‍රැක්ටිකල් නෑ කියල හැමෝම දැනගන්න ඕන. හමු වුනාම බොක්කෙන්ම ටෝක් දෙනව කරන්න අමාරු බව හිතන්නෙ නැතුව
    අමාරුයි කියල තේරෙනකොට හිමීට මඟඅරිනවා.

    "උඹ වරෙන්කො කට්ටයත් එක්ක අපේ පැත්තෙ පොඩි ට‍්‍රිප් 1ක් මම සේරම බලා ගන්නම්"
    "ගෙට්ටුගෙදර් එකක් ඕගනයිස් කරමු"
    වගේ ඒව අපිත් අහල තියෙනවා කෙරිල නෑ

    ReplyDelete
  29. මම නම් ඒ තරම් පුදුම වෙන්නෙත් නෑ ඔය ගැන... මොකද මෙහේ ආවට පස්සෙ මම දැකපු මුන ගැහුනු හුඟක් මිනිස්සු ඔහොම තමයි... මුදල් පස්සෙම දුවන හරිම ආත්මාර්තකාමි කොට්ටාශයක් වෙලා... එහෙම නොවූ අයත් එහෙම වෙනවද මන්ද...

    ඒත් ඒ අතරේ බොහොම හොඳ මිනිස්සුත් නැත්තෙ නෑ.... ( මම කියන්නේ අපී සිංහල මිනිස්සු ගැන ).

    ReplyDelete
  30. @ සරත් ලංකාප්රිය,
    කියල වැඩක් නැහැ ජය්යො, මේ ළඟදිත් නාවික ඉංජිනේරු පාඨමාලාවක් හදාරන්න ආපු එකෙක්, හදිසියෙ අතමාරුවක් ඉල්ලගත්තෙ සතියකින් ගෙනල්ල දෙන්නං කියල. පස්සෙ බලනකොට ඌ කෝස් එක ඉවර වෙලා ආපහු යන්නත් ගිහිල්ල.

    @ ගීතක,
    ඇදුරු තුමාට පොල්ල තිබ්බෙ මහාචාර්ය තුමා, ඇදුරු තුමා හරි අහිංසක මනුස්සයෙක්, ලොකු කමට නෙමේ හිතවතුන්ට කියල තියෙන්නෙ ලැබිච්ච චාන්ස් එකේ සතුටට. එයා හිතන්න ඇත්තෙ ගෝලයත් එයා වගේ අවංක මනුස්සයෙක් කියල. ඉස්කෝලෙ යන කාලෙ, විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ හරිම හොඳ අවංක පුද්ගලයො, මුහුකුරා ගිය මිනිස්සු වෙනකොට කොය් තරං වෙනස් වෙනවද කියල ගීතකය්, මාය් දෙන්නම දැකල තියෙනවනෙ

    @ ගිම්හානි,
    ඔයා කතාකරන්නෙ මේ පෝස්ට් එකේ කොමෙන්ට් එකක් හැටියට ටිකට් එකක් ගැන ලියපු පොර ගැන වෙන්නැති. හිකිස්....පොර ලඟදි, ලඟදි, ලියපු පෝස්ට් ගිම්හානි කියෙව්වනේ. මෑන්ස්ට දැනටමත් ටිකට් එක ඇදිල වගේ පෙන්නුම් කොරන බවය් මගේ අදහස

    @ ප්‍රසන්න,
    කාටද මාරයටද, එහෙම නැත්තන්........?

    @ අවංක ,
    මං කුරුනෑගල ගියෙ ඉගෙන ගන්න නෙමේ බොලේ, එහෙ එව්වොන්ට උගන්නන්න. කෑගල්ල පැත්තෙ එව්වොත් ආව මතක හැටියට ඉගෙන ගන්න....හෙහ්... හෙහ්...හෙහ්...

    @ සාතන්.
    ඒ කිව්වෙ, මේ කතාව ප්‍රසිද්ධියෙ කිව්ව එකද? හිකිස්...

    ReplyDelete
  31. මචං වෙලාවක එහෙ වරෙං සෙට් වෙන්න කියල ගියාම වතුර විතරක් දෙන උන් කොයිතරංද?

    ReplyDelete
  32. මුහුදු කොල්ලකාරයා +1 :))

    ඔවු ඔවු, එළ කොල්ලොත් ඒකට ගිහිං තියෙනවා.. බොරුනං අහන්ට කකාගෙන්.. :D

    ReplyDelete
  33. අර "මූසිල"යට කරන්න බැරි දේ ගැන දොඩවන්නෙ නැතුව කට පියාගෙන ඉන්න තිබුනනෙ අඩු ගානෙ...

    ගුරත් හැබැයි ඒරොප්පෙ හිටියත්... කාලෙ වෙනස් වෙලා කියන එක තේරුම් ගත්ත නැති පොරක්... හිතන්න ඇති එතුමා පොඩි කාලෙ ගුරුවරු ගැන හිතපු විදිහට දැන් ඉන්න ගෝලයොත් හිතනව ඇති කියල... දැන් එතුමා පොඩි කාලෙ පහුවෙලා.. ගොලය පොඩිකාලෙත් පහුවෙලා කියල අමතක වෙලා වගේ...

    "සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මහලේ.. අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ..."

    .................

    මගුලක් කතා කරනව... ආන් අරෙහෙ එක ගෝලයෙක් හත් පොලේ බනිනව... සිල්ප විතරක් දුන්න.. දුව දුන්නෙ නැතිය කියල...

    ReplyDelete
  34. @ මුහුදු කොල්ලකාරයා,
    මුහුදු කොල්ලකාරයත් එහෙනං ඒ ඉස්කෝලෙ ඈ...එහෙ ගිය කට්ටියම තමා ඒව දන්නෙ, අපි දන් නැහැ ඕන්

    @ රඹා,
    රඹා කියන විධියෙ පොරොන්දු දින නියමයක් නැතුව කිව්වත්,යාළුවො ආවොත්, බැරි අමාරුකන් තිබුනත් මග නොහැර යුතුකම් ඉටු කරන එකත්, ඒ වගේම කව්රු හරි මුලික වෙලා ගෙට්ටුගෙදර් එකක් ඔර්ගනයිස් කලාම නොගිහින් නොඉන්න එකත්, ඔයාල අපි වගේ අයගෙ සාමාන්‍ය ගති පැවතුම් කියල මම පිල්ගන්නම්. හැබය් ඒ විධියෙ ක්‍රියා මාර්ගයක් නෙමේ මං මේ කියන මහාචාර්ය තුමා ක්‍රියාත්මක කලේ, සම්පුර්ණ රැවටීමක්

    @ පිස්සා ,
    සම්පුර්ණයෙන්ම එකඟය්

    ReplyDelete
  35. ඔබා අයියා මේ පැත්තෙ එනව නම් කියන්න..ටිකට් එකක් එවන්නම්...නොමිලෙම ඉන්න තැනකුත් දෙන්නම්...කාලා බීලා ඇවිදලා යන්න හොඳ ෆන් එකක් ගම්මු...හැබැයි සියලු වියදම් මම ගානෙ..හරිය...

    ReplyDelete
  36. @ ඉන්දික උපශාන්ත,
    වතුර ටිකක් දෙන්න වත් පොර ඉන්න එකත් ලොකු දෙයක්, ෆුල් වාෂ්ප වෙන්නෙ නැතුව.....හිකිස්...

    @ බුරා,
    ගුරුතුමා, ගෝලයා, මුහුදු ####, ක.ශු. + බුරා, දැනට පහය්. බලමු අල්ලපු ඉස්කෝලෙ කෂ්ටිය එහෙමත් සිහල, බොදු කොමට එහෙම පැනගෙන එය්ද කියල හෙහ්...හෙහ්...හෙහ්...

    @ සපතේරු,
    කව්ද අප්පේ කෝච්චියක් හොයන්නෙ බෙල්ල තියන්න?

    ReplyDelete
  37. @ ලකී,
    යමය කලින්ම ඉන්විටේෂන් එකක් එව්ව, ඒ නිසා ඉස්සෙල්ල එහෙ යන්න වෙනව. ආපහු ආවොත් විතරක් ලකීගෙ ආරාධනාව භාර ගැනීම කෙසේ වෙතත්, සලකා බැලීමක් කොරන්නං

    ReplyDelete
  38. කරන්න බැරි නම් පොර ටෝක්ස් නොදී හිටිය නම් ඉවර නේ.. කරන්න පුලුවන් දෙයක් කරලා... නැද්ද ඔබා මාමේ..

    ReplyDelete
  39. අයියෝ පව් නේ !!! :( ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ යන්න.....

    ReplyDelete
  40. @ වසුන්දරා,
    වට් ෆො ද ටෙලින්........තෑන්ක් යූ ගොඩ වෙලා යන්න ආවට මේ කොමෙන්ට් ටිකට උත්තර දීල අන්තිම පේලියට ගොඩවෙනවා තව චුට්ටකින්

    @ විහඟ,
    තෑන්ක් යූ ගොඩ වුනාට, තව ටිකකින් අන්තිම පේලියේදී මුණ ගැහෙමු

    ReplyDelete
  41. ඔය වගේ සිද්ධි අනන්තවත් අහන්න ලැබෙනවා.හැබැයි අර ප්‍රොපාට වැඩ හින්දා පර්ත් ගමන අමතක උනාද කියන්න බෑ නේද?

    ඔහොම වෙලාවට ෆෝන් නම්බර් එක හරි ගෙදර ඇඩ්‍රස් එක හරි ඉල්ලගන්න ඕනේ.මට මෙහෙම උනානම් මම ගේ හොයාගෙන ගිහින් සුමාන දෙකක් එහෙ නතර වෙනවා :D

    ReplyDelete
  42. පවු අප්පේ ගුරු පියාණන් . !

    ආසාවෙන් ඉන්න ඇති පර්ත් බලන්න යන්න . සමහර විට වැඩ වැඩි කම නිසාම අමතක වෙන්නැති . එහෙම නැත්තම් ප්‍රොෆෙසර් ගොයියට නොබෙල් තෑග්ගවත් ලැබුනද දන්නෑ .

    මම අහලා තියනවා ඔය ඉගනගෙන වැඩිවෙච්ච අයිට සමහර දේවල් සුටුස් ගාලා අමතක වෙනවා කියලා . එහෙම වුණාද දන්නෑ .

    නැත්තං ඔය කෝපි කෝප්පේ මත් වෙන සුලු මොනාහරි තිබුනද දන්නෙත් නෑ සමහරු බීපු වෙලාවට නිකං බොක්ක වුණත් ගලවලා දෙන්න කතා කරනවා නේ ..එදා ගංජා කෝපිද දන්නෑ දෙන්නා ඇදලා ඇරියේ

    පොඩි විහිලුච්වක් කලාට මටත් සූටි දුකක් ආවා ගුරු පියාණන් ගැන

    ReplyDelete
  43. ඇත්තටම ඔබ්සර්වර් අයිය "මහාචාරිය" කෙනෙක්ද ?????

    ReplyDelete
  44. ටිකට් එක එනකල් ගෙදර මනුස්සයටවත් වත් කියන්න හොඳ නෑ... මහාචාර්ය වුනාට අත්දැකීම් අඩු ඇති....

    ReplyDelete
  45. අයියා අද තමයි ඔයාගේ blog එකට අවේ . ඔයා blog එකක් ලියනවා කියලා දැක්කේ අදනේ. එළකිරි ආ .ජය වේවා..ඔබා අයියා ගේ comment වගේම blog එකත් නියමෙට ඇතැයි හිතනවා.

    ReplyDelete
  46. @ සඳරු,
    මං අහල තියෙන විධියට, මේ මහාචාර්ය තුමා එහෙම අමතක වෙන ජාතියෙ පොරක් නමේ, මෙහෙ කෂ්ටිය කියන්නෙ හෙන ඇන්දිලි කාරයෙක් කියල.

    @ ඕනයා,
    මට කොහෙද බන් ඒ හැටි ලොකු පට්ටම්.

    @ බීට්ල්,
    සැටිපිකේට් ඇත්ත

    @ රාවනා,
    තෑන්ක් යූ ගොඩ වුනාට. වැඩි කාලයක් නැහැ පටන් අරන් ගිය මාසෙ අග හරියෙ පටන් ගත්තේ. නැවත එන්න.

    ReplyDelete
  47. @ ඕනයා .. ඔබා මාමට මහමාරිය කියල නම් පට්ටමක් තියෙනවලු ලොල් :D :P

    ReplyDelete
  48. මටත් ඔහොම සීන් නම් අනන්ත වෙලා තියනවා. හැබැයි එකෙක්ගෙන් එකපාරයි කන්නේ. ඊටපස්සේ ඉතින් ඌ ගැන මම මගේ බයෝස් වලටම දාගන්නවා මතු ආරක්ෂාවට. ඕනෙට වඩා හොඳ උනත් ඕනෙම නෑ කියනවනේ.

    ReplyDelete
  49. ඔහොම මූසිලලත් ඉන්නවනෙ ඉතින්.

    ReplyDelete
  50. @ අවංක,
    මේ දවස් වල ඕනය හැංගි හැංගි ඉන්නෙ

    @ ක්සැන්ඩර්,
    කියල වැඩක් නැහැ

    @ පිනිබිඳු,
    නැතුව...නැතුව....ඕනෙ තරං

    ReplyDelete
  51. ++++ මුහුදු කොල්ල කාරයා, බුරා.................:)

    ReplyDelete
  52. @ නිශ්,
    අප්පට සිරි ගජ තව එකෙක්, දැන් හය දෙනය්

    ReplyDelete
  53. ඔබා අයියට හිතෙන්නෙ නැද්ද ඔය 6 දෙනා නිකං 60 දෙනෙක් වගේ count කොරාන්ට පුළුවන් කියලා.. :D

    ReplyDelete
  54. @ බුරා,
    හපෝ මෙහෙත් පඳුරකට පයින් ගැහැව්වොත් විස්සක් තිහක් විසි වෙනව. ලුතිනන් කර්නල් කාලිංග ගුණරත්න කියල කෙනෙක් (Ex - Military Police ) මෙහෙ නාකි කොල්ලන්ගෙ (Old Boys ) යුනියන් එකේ සභාපති, බුරාගේ යාලුවෙක්ද?

    (වෙලාවට උන් සිංහල බ්ලොග් කියවන්නේ නැහැ කියල මගේ හිතේ)

    ඕනෙ නං කාලිංග ව අඳුනල දෙන්නං...ඌ හොඳ එකා...

    ReplyDelete
  55. හාපෝ අපි ඔය මෙහෙ තියෙන නාකි කොල්ලන්ගෙ යුනියන් එක පැත්ත පලාතෙ යන්නෙ නෑ.. නාකි පප්පලා ඒක බදු අරන් ඉන්නෙ, වැඩක් කොරන්නෙත් නෑ, කරන කොල්ලන්ට කොරන්න දෙන්නෙත් නෑ.. මොකටද නිකං ලේ කෝප කරගන්නෙ කියලා පැත්තකට වෙලා ඉන්නවා.. :D

    ReplyDelete
  56. @ බුරා,
    ඔය කොය් සමිති සමාගන් කාරයොත් එකය් බුරා. පොලිටික්කො වගේ තමා, තමන්ගෙ ප්‍රසිද්ධියට ලාබ ප්‍රයෝජනේට තමා වැඩ, හැබැය් පෙන්නන්න හදන්නෙ සමාජ සේවය කියල... හිකිස්...

    ReplyDelete
  57. යකෝ ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වා නේද....

    ReplyDelete
  58. ඔන්න සිංග්‍රීසි ගැජමැටික් එක බා ගත්ත. දැන් සිංහලෙන් කොටන්න පුලුවන්. ඉතින්? ඔබා, ඔය වගෙ ගෝලයො තමයි වැඩි පුර ඉන්නෙ. මම නම් පුදුම වෙන්නෙ ඔය ට්‍රිප් එක යන්න ලැබුන නම් තමයි.
    අනික කොච්චර වයෝවෘද්ධ වුනත් තවම සීනි බෝලෙට ‍රැවටෙනවනෙ!

    ReplyDelete
  59. @ පැණි දොඩම්,
    නිකම්ම ප්රොෆෙසෙක් නෙමේ බොලේ, ෆැකල්ටියක් භාර ඩොක්ටරේට් එකකුත් තියෙන පොරක්....

    @ Dude,
    ඕව ඔහොම තමා ඩුඩ්.....
    ඕව ඔහොම තමා............

    ReplyDelete
  60. හෙ හෙ හෙ හෙ...... කොරන්න බැරි වැඩ නොකියා ඉන්න ඕනේ. මොනවා වුනත් පව් අර ගුරුවරයා.

    ReplyDelete
  61. ඔබා මාම ඔනයා මොකො හැංගෙන්නෙ? මොනා හරි කුජීත වැඩක් මාට්ටු වෙලා වත් ද?

    ReplyDelete
  62. @ ගොඩයා,
    දැන්නෙ දැක්කෙ ගොඩයො අවතාරෙ වෙනස් කොරල කියල. එන්ඩ එන්ඩ පොෂ් වෙනව වගේ. එයව් අස්සෙ ෆෝන් බිලත් මේ දවස් වල අහස උසට නැගල ඇති නේද?

    @ අවංක පැට්ටා,
    ඕකගෙ වැඩ කිඩ කියල වැඩක් නැහැ, කලොත් කුජීත වැඩක්, කට ඇරියොත් කුජීත කතාවක්

    ReplyDelete
  63. මම අදයි කියෙව්වේ.. කතා කිව්වා වගේ ගුරාත් ඔහොමම වෙන්ට ඇති..

    ReplyDelete
  64. සහතික ඇත්ත ඔබා මාම... මේ පාර පොත් ප්‍රදර්ශනේට ගියපු වෙලාවෙ ඇතා පිට යෑමේදි තියෙන ප්‍රයොජන බලහන් මල්ලි කියල කිසි ගින්නක් නැතුව තාප්පයක් පොඟවලා කඩල දාන්න අයිනකට උනා.

    ReplyDelete
  65. ඔය ජාතියෙ ගෝලයො තමයි වැඩි. අධ්‍යාපනේ විතරක් නෙවෙයි. කොයි ක්ෂේත්‍රයෙත්. ඔච්චර මෝරපු ගුරුතුමාත් සීනි බෝලවලට ‍රැව‍ටුනානෙ.
    obaa, I made this comment two days ago. Wondering what happened to that...

    henryblogwalker aka Dude

    ReplyDelete
  66. @ මාතලන්,
    හෙහ්...හෙහ්...හෙහ්....ගුරා, ගෝලයා සහ කතන්දර, ඔක්කොමල එකම ඉස්කෝලෙ කෂ්ටිය. ඒ විතරක් නෙමේ මුහුදු කොල්ල කාරයා, බුරා එහෙමත් ඒ ඉස්කෝලේ කියල දැනගන්න ලැබුන කොමෙන්ට් වලින්.

    ඩුඩ්,
    මොකද දන්නෙ නැහැ, අදත් උදේ මාතලන් දාපු කොමෙන්ට් එකට මං උත්තර දුන්න දැන් බලන කොට ඒක වැනිෂ් වෙලා.

    ReplyDelete
  67. @ අවංක පැට්ටා,
    බොහොම පරෙස්සමෙන් ඔය සැට් ඒක ආශ්‍රය කොරන්නෙ පැට්ටෝ, ඉස්සෙල්ලම බලහං උඹේ දත් සෙට් ඒක තාම තියෙනවද කියල. ඇස් දෙකත් චෙක් කොරල බලහං, සාමාන්‍යයෙන් ලඟින් ගියොත් ඇහැක් වත් ගලෝගන්නවා. වෙනියගේ පෝස්ට් එකේ දැක්ක පැට්ටත් ඔය සෙට් එකට එදා හේත්තු වෙලා හිටිය කියල, පිසා ඕකුන් ගැන දන්නව, ඒකය් පැත්ත පළාතෙ ආවෙ නැත්තෙ.

    ReplyDelete
  68. හහ් හහ් හා..... මසුරං වටින උපදෙස් ටික.

    ReplyDelete
  69. This comment has been removed by the author.

    ReplyDelete
  70. @ අවංක පැට්ටා,

    මේ වගේ උපදෙස් බොලාට දෙන්න කව්රු හරි ඉන්න එක ගැන "කෘතඥ වෙයන් කොලුවෝ"



    @ uwiniran,

    හප්පේ එහෙම කියන්න එපා, ඒ මනුස්සය හරිම නිහතමානි ගුණ යහපත් මනුස්සයෙක්

    ReplyDelete
  71. අනිවා අනිවා මම නොදන්නවැයි ඔබා මාම ගැන.... (''කොල්ලොන්ගෙම'' හොඳට නේ ඔබා මාමත් කියනෙ) :P :P :P

    ReplyDelete
  72. @ අවංක පැට්ටා

    ඕව මට කිව්වට කමක් නැහැ, ජය්ය ඉන්න තැනක එහෙම කට හොල්ලනව නෙමේ

    ReplyDelete
  73. @ අවංක පැට්ටා,

    අමතක වුනා කියන්න හෙට උදේ අලුත් පෝස්ට් එකක් පාන්දර පබ්ලිෂ් වෙනව

    ReplyDelete
  74. මොනවා වුනත් ඔබා මාමාට තිබ්බා ඒ මහාචාර්යවරයව ගෙනල්ලා සතිදෙකක් තියාගන්න....

    ReplyDelete
  75. @ තාරක,
    මේ පරණ ඒවා බල බල ඉන් නැතුව, අන්න අලුත් පොස්ට් එකක් දාල තියෙනවා ගිහින් ඒක කියවන්න

    ReplyDelete
  76. දැන්නම් ජය්යට ඕව කියල වැඩක් තියේද දන්නැහැ... මොකද්ද එකක් කපල දාල ලු නෙ උන්දැගෙත්. :D :D :D

    එල එල අලුත් පෝස්ට් එකත් බලමි. :)

    ReplyDelete
  77. තමන්ගෙ ගුරුවරයටත් බොරු කරන උගත් ගෝලයෝ අනේ අම්මප..

    ReplyDelete
  78. වැරැද්ද තේරුන හින්ද තමයි කමෙන්ට් එක මැකුවෙ...
    ඒ උනාට ගුරාට ටිකක් කලපනා කරන්න තිබ්බා

    ReplyDelete
  79. අවංක,
    අලුත් පොස්ටෙක බලල හිතෙන දෙයක් ලියල පලයන්...

    @ Outsider,
    එහෙම ලෝකෙක තමා අපි ජීවත් වෙන්නෙ, හැබැය් පුදුම වෙන්න එපා, ඊළඟ පෝස්ට් එකේ කොමෙන්ට් එන විදියට මහාචාර්ය තුමා ගැන තව කතා එලියට එන්න සෑහෙන්න ඉඩ තියෙනව, ඒ වුනාට මං ඒ වැඩේට එච්චර කැමති නැහැ

    @ uwiniran ,
    ඔයාගේ බ්ලොග් එකට මං ගිය පලවෙනි වතාව වෙන්නැති (දැන් දන්න හිංද ඉස්සරහට ගිහින් අලුත් පෝස්ට් තීනවද කියල චෙක් කොරනව) මං ඔයාගෙ කොමෙන්ට් එක ඔයාම මැකුව එක ගැන දොස් කියනව වගේ කොමෙන්ට් එකක් දැම්ම. මං බ්ලොග් වලට අලුත් හින්දද දන්නෙ නැහැ, විවේචන ගුණදොස්, අනුන්ගෙ අදහස් පිළිගන්න කියවන්න මං ෆුල් රෙඩි, මට ගැලපෙන්නේ නැත්තං වහෙන් ඔරෝ නැතුව කෙලින්ම මගෙ අදහසත් කියන්නං

    ReplyDelete