My followers

Thursday 1 September 2011

"ශින්න බෝල ප්‍රොබ්ලම් අය්යා....."

මේ කියන දෙමල මනුස්සයට සිංහල කොඥ්ඥං කොඥ්ඥං තෙරියමා , කොඥ්ඥං කොඥ්ඥං කතා කොරන්නත් පුළුවන්. පොර සාමාන්නියෙන් නිකං සරොං ඇන්දට වැදගත් ගමනක් එහෙම යනකොට, අඳින්නෙ වවුල් සූට් එක, සමාවෙන්න නැෂනල් එක.


හැබය් මොකක් ඇන්දත් පොරගෙ ගමන ඇතා පිටේ (ජොකෙක් නැතුව) තමය්, කොය් තරං වැදගත් ගමනක් වුනත්.

දවසක් මෙයා ඉතාම වැදගත් ගමනක් ගියා ලංගම බස් එකක. කියන්න ඕනෙ නැහැනෙ මොකද්ද ඇඳගෙන ගිය සුට් එක සහ ඇඳගෙන නොගිය ඒව කියල.


බස් එකට නගින කොටම ගත්ත ටිකට් එකක්. පරිස්සමට තියාගත්ත, අර සූට් එකේ දෙපැත්තෙ තියෙන්නෙ ඉන දිහාවට වෙන්ඩ සාක්කු දෙකක්, අන්න එයින් එකක.

බස් එකේ වැඩිය සෙනග හිටියෙත් නැහැ. පොරට ජනේලයක් අය්නෙ, සිංහලෙන්ම කියනවනං "වින්ඩො සීට්" එකකුත් හම්බ වුනා. පොර, හුලන් වැදි වැදි සනීපෙට වට පිටාව නරඹමින්, මිනිහගෙ පාඩුවෙ, අර බස් ස්ටෑන්ඩ් වල එහෙම එනවුන්ස් කරනවා වගේ “ගමන් පහසුව” සලසගත්ත.

ටික දුරක් යනකොට බස් එකට නැග්ග, බාප්පල. අපේ පොරට බය වෙන්න එහෙම කිසිම කාරනාවක් තිබ්බෙ නැහැ. මිනිහ බාප්පල ළඟටම ආවම, සාක්කුවට අත දාල ටිකට් එක එලියට ගන්න ලැස්ති වෙනකොට තමය් තේරුනේ හිටගන්නෙ නැතුව සාක්කුවෙ පතුලට අත දාන්න බැහැ කියල. පොර ඒ වගේ පොඩි පොඩි බාධාවල් වලට සැලෙන කෙනෙක් නෙමෙය්. නැගිටින්න හදනකොට තමය් පොරට ටිකක් අස්පෙට් ගැහුවෙ.

කස්ටියට මතකද මන්ද ඉස්සර සමහර බස් වල කෝච්චි වල තිබුන, හොඳට පොලිෂ් කරල එහෙම ලස්සනට හදපු ලෑලි පටි සීට්.



මේ බස් එකේ තිබුනෙත් ඒ ජාතියේ සීට්. යාලුවගෙ “ෆැමිලි ජුවෙල්ස්” ලෑලි පටි අස්සෙන් පල්ලෙහට බැහැල. දැන් අපේ නඩරාජා, තටම තටම නැගිටින්න ට්‍රය් එක දෙන ගමන් ටික්කන්ට කියනවලු “ශින්න පෝල ප්‍රොබ්ලම් අය්යා….ශින්න පෝල ප්‍රොබ්ලම්…” කියල

66 comments:

  1. හප්පේ මාසෙ පල වෙනිදම හිනා කාලා මැරෙන්න ගියා...

    ReplyDelete
  2. ශින්න බෝල ප්‍රොබ්ලම් ඔබා අයියා ;)
    මේ මාසේත් පට්ට කතා ටිකක් අහගත්ත ඇහැකි වගේ ;)

    ReplyDelete
  3. බාප්පලා කට්ටිය එකතු වෙලා ෆැමිලි ජුවෙල්ස් නිදහස් කර දෙන්න ඇති නේද ? කරදරයකදී පිහිට වෙන එක යුතුකමනේ. කොන්දොස්තර මහත්තය රියදුරු මහත්තයගෙන් එන්ජින් ඔයිල් ටිකකුත් ඉල්ලලා දෙන්නත් ඇති..

    ReplyDelete
  4. හිනාවුනාට ඕක ශින්න ප්‍රොබ්ලම් එකක් නෙවේ. පෙරිය ප්‍රොබ්ලම් එකක්.

    ReplyDelete
  5. සුපිරි... පශ්ට.. හික් හික්...

    ReplyDelete
  6. ඊට පස්සෙ ඇතා පිටිං යන අයට ලෑලි පටි සීට් තහනං කරාලු.

    ReplyDelete
  7. ඊට පස්සෙ එළුවා සහ මුට්ටිය තියරිය දාන්න ඇති නේද ?

    ReplyDelete
  8. ටිකට් එක වගේද ඔබා අයියෙ ජුවෙලරි සෙට් එක, “ශින්න පෝල ප්‍රොබ්ලම් අය්යා….ශින්න පෝල ප්‍රොබ්ලම්…” හිහ් ... හිහ් ...

    ඕන් ඇතා පිට යන අයට හොඳ පාඩම් ......

    ReplyDelete
  9. මේ සාහිත්‍ය මාසයයි.... ලොලේ ලොල් යැ..

    ReplyDelete
  10. හොද වෙලාවට තමයි බාප්පලා නැග්ගේ ..බහින හෝල්ට් එකේදී නැගිටින්න හැදුවනම් මහ විනාසයක් නෙව වෙන්නේ. ඊලග හෝල්ට් එකෙන් තමයි බහින්න වෙන්නේ.....

    ReplyDelete
  11. හික්ස්,,,හිනා කාලා බඩ රිදෙනවා සින්න පෝල ප්‍රොබ්ලම් ඔබා මාමා

    ReplyDelete
  12. ඔබා බ්ලොගියට ලියාපු කතා තුනම මධ්‍ය ප්‍රදේශයෙන් පැන නැංග ඒවා කියලා ඔන්න මම අලුත් නිරීක්ෂනයක් කලා.
    1. අර සංකේතය අනිවා මධ්‍ය ප්‍රදේශයෙන්.
    2.චූ drink සහ ගූ omelet ඒත් මධ්‍ය ප්‍රදේශයෙන්.
    3. කතා කරන්න දෙයක් නැහැ මධ්‍ය ප්‍රදේශයෙන්.
    තව එක දෙයක්. අර ‍freelance යනවට "ඇතා පිටින් යනව කියන එක මට නම් අලුත් යෙදුමක්. තව ටිකක් විස්තර කලෑකිද??
    henryblogwalker aka Dude

    ReplyDelete
  13. ‍හුහ්... හොඳ වැඩේ ෆ්‍රී ලාන්ස් යනවට,
    අපිත් මේ අමාරුවෙන් හරි 365 දවසේම *** සහිතව ඉන්නේ ඔය වගේ අනතුරු වලින් අපේ අනාගත පරපුර බේරගන්ඩ නොවැ...

    ReplyDelete
  14. ප/ලි: කියන්ඩ බැරි වුනානේ.. ආයුබෝං ඔබා අයියට...
    මම මීට කලින් ඔබා අයියගේ වැඩ කිඩ දැකලා තියෙනවානේ,
    මාත් අන්තිම පේලියට නිතර ආගිය ලියාපදිංචි නොවූ සාමාජිකයෙක්....

    දිගටම කථා ලියන්න... අයියට ජය!

    ReplyDelete
  15. දැන් ඇතා පිටේ යන එක තහනම් කරල නේද???
    ඒකත් “ෆැමිලි ජුවෙල්ස්” වල අනාගතය උදෙසා ගත්ත ක්‍රියා මර්‍ගයක් වෙන්න ඇති :D

    ReplyDelete
  16. @ Weni,
    හිනා කෑවට නං කමක් නැහැ පුතෝ, දැම්ම මැරෙන්න නං එපා....වෙන මොකවත් හින්ද නෙමේ, තාම සෙට් වෙන්න වත් චාන්ස් එකක් ලැබුන් නැති හින්ද.

    @ ChammA,
    සාහිත්‍ය මාසෙනේ චම්ම

    @ ඉඳුනිල්,
    එන්ජින් ඔයිල් නෙමේ, පෙට්‍රල් ටිකක් අධෝ මුඛේ ගෑව නං ෆැමිලි ජුවෙල්ස් අමතක කොරල නඩරාජ සීට් එකෙන් විසි වෙන්න තිබ්බ

    @ රාජ්,
    ඔව්..වොව්, ෆැමිලි ජුවෙල්ස් කොහෙ හරි හිර වෙනව කියන්නෙ නඩරාජගෙ අනාගත පරම්පරාව කොහෙ හරි හිර වුනා වගේ තමා

    ReplyDelete
  17. @ අභීත,
    තෑන්ක් යූ මේ පැත්තෙ ගොඩ වුනාට, තාම "උගේ ලෝකෙන්" තර්ජනයක් නැහැ වගේ. හැබැය් රිටර්න් එකට ලෑස්ති වෙලා ඉන්න එක හොඳා

    @ ඉංග්‍රීසි,සිංහල සහ දෙමල ප්‍රසන්න,(Prasanna)
    බස් වල, කෝච්චි වල නැති වුනත්, තාම මල් වතු වල එහෙම ඕව තියෙනව. බලාගෙන පැණි ගමං ගිය වෙලාවක එහෙම හිර කොර ගන්නව එහෙම නෙමේ ඕන්

    @ Luckey,
    එළුව මුට්ටිය තියරිය දැම්මද දන්නැහැ, දැම්ම නං නඩරාජ නිකම්ම නඩරාණි වෙනව

    @ ටෙම්පල් ජන්ෂන්,
    පාඩං නං තමා....මට පොඩි අස්පෙට් එකක් තියෙනව අර "ඕනය" ගැන ඌ කය්යක් ගැහැව්ව, හැමදාම ගමන ඇතා පිටේ කියල, ඇත්තට කිව්වද....අනේ මංද

    ReplyDelete
  18. @ සපතේරු උන්නැහේ,
    අසභ්‍යය සාහිත්‍ය මාසය එහෙම නෙවිනෙ?


    @ ගිම්හානි,
    වෙච්ච වැඩේ හැටියට ඊළඟ හෝල්ට් එකෙන් බහින්න හම්බ වුනා නං නඩරාජට නිවන් ගියා වගෙ

    @ ItalyDilan,
    හිනා වෙලා හරි යන්නැහැ පුතෝ, නිකමට ටිකක් තමන්ම හය්යෙන් අල්ලල බැලුවොත් තේරෙය් වැඩේ භාරධූර කම, හැබැය් ගෑල්ලමයින්ට එහෙම කියන්න එපා

    @ නදී,
    ItalyDilan ට දාපු කොමෙන්ට් එක කියැවීම තහනම්

    @ Henry The Bog Walker aka Dude,
    1) සංකේතය මං දන්න විධියට ලංකාව පුරාම වලංගුය්
    2) වයඹට මධ්‍ය ප්‍රදේශය කියනව නං O.K. පිලිගන්නංකො ඒක (මං හිතා හිටියෙ කන්ද උඩරටට එහෙම කියන්නෙ කියල)
    3) "ශින්න පෝල" කතාව, කව්රුත් පිලිගනීද මංද ඇත්ත කතාවක්, කිව්වෙ ගාල්ලෙ දෙවට හන්දියෙන් හැරිල දෙනියායට යන පාරෙ බෝගහගොඩ කියන ප්‍රදේශේ පදිංචිව හිටපු යාලුවෙක්, තාම මං තුමා පදිංචි වෙලා ඉන්න හරියෙම ඉන්නව. ඕන් නං ඇත්ත නැත්ත අහන්න පුළුවන්, සිද්ධිය වෙලා තියෙන්නෙ ඒ පැත්තෙ

    ReplyDelete
  19. @ තාරක,
    ඇත්ත ...ඇත්ත පුතා.....කුට්ටම පරිස්සං කොරගන්න එක ජාතික වග කීමක් නොවෑ..... අන්තිම පේලියෙ කෂ්ටියට කියන්නත් බැරි වුනා අලුත් පොස්ට් එකක් දැම්ම කියල, හැබැය් එයාල මේකෙ පරණ වර්ෂන් එකක් කියෝල තියෙනව

    @ තාරක දිල්ශාන්,
    මේ නාකි මිනිස්සුන්ගෙ කටවල් දිහෑ බලන් ඉං නැතුව ගිහින් චූ කොරල බුදිය ගනිං

    හිකිස් ..... (ඇද්ද උඹට)


    @ හෙන්රි,
    කියන්න බැරි වුනානෙ " ඇතා පිටේ යනව " කියන්නෙ එහෙම යනකොට හොඬවැල ඉස්සර වෙන හින්ද (අනේ මංද ඉහ නිකට පැහුනෙ ඉඩෝරෙටද? )

    ReplyDelete
  20. ඔබ්සවර් මහත්තයාගේ ජීවන අද්දැකීම් ඇසුරින්ද මේවා ලියන්නෙ? බොහොම විනෝද ජනකයි.
    මට මෙන්න මේ දෙකටත් උත්තර දෙන්ඩකො.
    1. ජාතික ඇඳුමට වවුල් සූට් කියන්නේ ඇයි?
    2. යට ඇඳුමක් නැතිව යන එන එකට ඇතා පිටේ යනවා කියන්නේ ඇයි?
    ඔහොම කතා හැදෙන්නත් මොනවා හරි රසවත් හේතු ඇතිනේ.

    ReplyDelete
  21. ඔන්න ඊට පස්සෙ නඩරාජා ඇතා පිටේ කොහොම වෙතත් අස්සයා පිටේ වත් ගියේ නෑ ලු............
    ඒක නෙවේ ඔබා මාමට ඔහොම දෙයක් උනේ නෑ නේ ? නෑ මං මේ නිකමට ඇහුවෙ

    ReplyDelete
  22. ඔබා ඔබා ඔබා, දැන්නෙ තේරුනේ, හැක් හැක්.
    ඔබා මම මධ්‍ය ප්‍රදේශය කිව්වෙ ලංකාවෙ මධ්‍ය ප්‍රදේශයට නෙවෙයි. ශරීරයේ මධ්‍ය ප්‍රදේශයට. හැක් හැක්. මට කිව්ව එකම තමයි කියන්න තියෙන්නෙ

    henryblogwalker aka Dude

    ReplyDelete
  23. හිනා වෙලා පන ගියේ නැති ටික විතරයි එලම කතාව ඔබා අයියේ !

    ReplyDelete
  24. අද නම් මේ පැත්තේ ආවේ ඇස් වහගන....:D:D:D

    ReplyDelete
  25. හොද වෙලාවට බාප්පල නැංගේ වැරදිලාවත් ජුවෙලරි සෙට් එක දීප්තිමත් වෙන කෙනෙක් හෙම නන්ගනම් ආය එලියට ගන්නව බොරු....

    ReplyDelete
  26. @ පොත් ගුල්ලා,
    1) හරියටම කියන්න දන්නෙ නැහැ. ජාතික ඇඳුම කිව්වට එක පුරාණේ ඉඳල පැවතෙන ලංකාවට ආවේනික වුන ඇඳුමක් නොවෙන නිසාත්, වවුල් ප්‍රතිපත්ති වලින් යුතු දේශපාලකයන් ප්‍රිය කරන ඇඳුමක් නිසාත් වෙන්නැති සමහර විට.
    2) " ඇතා පිටේ යනව " කියන්නෙ එහෙම යනකොට හොඬවැල ඉස්සර වෙන හින්ද.(ඕනෙ නං ඔය ටිකක් උඩින් Dude ට දීල තියෙන උත්තරෙත් බලන්නකො හෙහ්..හෙහ්..හෙහ්..)
    තාම මන් පබ්ලිෂ් කරලා තියෙන්නේ කතා තුනය්, තුනම මට කීව ය නං කිව්වේ ඇත්ත කතා කියල)

    ReplyDelete
  27. @ සමීර,
    නැහැ..නැහැ... ඔබා මාම තාම යහතින් ඉන්නව. කෝකටත් ඇතා පිටේ එහෙම ගමං බිමං යන පුරුද්දක් තියෙනව නං පොඩ්ඩක් පරිස්සං වෙන්න වාඩිවෙන තැන් ගැන.

    @ Dude,
    හිකිස්.....මං එහෙමත් හිතල, ආයෙමත් කල්පනා කළා, හෙන්රි ව‍ගේ දැනුන් තේරුන් තියෙන වැඩිහිටියෙක් ඔය වගේ ඕනෙ නැති කතා කියනව වෙන්න බැහැ කියල. අනික ඉතින් හෑන්ඩ් සිග්නල් දැම්මෙ අතින් නෙ.

    @ සඳරු,
    තෑන්ක් යූ වේවා....හෙට අනිද්ද ඔය පැත්තෙන් අලුත් එකක් එය් නේද?

    @ පොඩි කුමාරිහාමි,
    පොඩි කුමාරිහාමිගෙ පේන්න තියෙන්නෙත් ඇස් දෙක විතරය් ඒකත් වහගෙන ආවම කෝමද?
    වලව්වෙන් අලුත් පොස්ට් එකක් ඊයේ, අද, වැටුනද කියල චෙක් කරල බලන්නත් බැරි වුනා, මේ කොමෙන්ට් දෙක තුනට උත්තර බැඳල වැටට උඩින් හොරෙන් වගේ එබිල බලන්න එන්නන්කො.

    @ තනිකඩ ජීවිතේ,
    හ්ම්.....තනිකඩව ඉන්නකොට ඔහොම තමා.

    ReplyDelete
  28. කතාවේ ඉතිරිටික මෙහෙමයි
    පස්ස සීට් එකේ හිටිය ඔබා මහත්තය තමයි සහයට ඩෑනී වගේ යටින් අතදාල ශින්නපොල උඩට තල්ලු කරලා දුන්නේ.. නැත්නම් ඉතින් සීට් එකත් එක්ක ගැලවිලා එන්න ඉඩ තිබුනා. අනේ අපේ ඔබා කොච්චර සද් ගුණවත් පින්වතෙක්ද ?

    ReplyDelete
  29. අය්යෝ සරත් අය්යගෙ කතාවට හිනා වෙල පනයනවා.

    ReplyDelete
  30. අපේ මාමා කෙනෙකුටත් ඔය දේම උනා..අර නයින්ටි බයික් වල පිටි පස්සෙ බඩු බැඳ ගෙන යන්න තියෙන සීට් එකේ ඉඳ ගෙන ඇවිත්..ගෙදරට ඇවිත් බයික් එක නවත්තලත් බහින්නෙ නැති වෙනකොට ..තමයි කියල තියෙන්නෙ..මතකද ඒ සීට් එක යටින් අත දමන්නත් බැහැ.. සපෝට් එකක් දෙන්න..අපි කලේ හිනා වෙවී හිටිය එක..අන්තිමේ ලොකු මාමාගෙන් ගුටිත් කාලා දිව්ව..බොහොම අමාරුවෙන් පොල්තෙල් වල පිහිටෙන් තමයි ගොඩ ගියේ..අපි හැමදාම ඕක මතක් කරල ඒ මාමාගෙන් බැනුම් ඇහුවා...

    ReplyDelete
  31. @ සරත් ලංකාප්රිය,
    ඔව්...වොව්, ඔබාගෙ සත් ගුණවත් කම කන් දෙකෙන් පෙරෙනව

    @ ගිම්හානි,
    හප්පේ දැන්ම පන යන්න දෙන්න එපා, කව්දෑ මේ ලියන විකාර වලට කොමෙන්ට් එකක් වත් දාන්නෙ?

    @ වෙනි,
    මේ...මේ....මේ....පච කෙලින්න එපා වෙනියෝ, මාමට වුනේ ඕක නේද?

    ReplyDelete
  32. මට නෙවෙයි උනේ මේක.. ඒ කාලෙ අපිට කොහෙද දෙහි දමා ගෙන යන්න සිලි සිලි බෑග්? ඔය චූටි ටීක් බෝල කොහෙ හිර වෙන්නද ?

    ReplyDelete
  33. දෙකඩ උනාම එහෙම වෙන්නේ නැත්ද ඔබා අය්යෙ?

    ReplyDelete
  34. Weni & Thanikada,

    දැන් නිදි මතය් හෙට උත්තර දෙන්නං

    ReplyDelete
  35. පෂ්ඨ... ඔය වගේම් තම්යි "කටේ තන්" කතාව.. දුකා එළටම දාලා තිබුනා...

    ReplyDelete
  36. ලොල්ය ලොල්ය... පට්ටම ලොල්ය!!!

    ReplyDelete
  37. මට මතක්වෙන්නෙම "වල්ලම යනවා" කතාව . . ..

    ReplyDelete
  38. @ වෙනි.
    චූටි ටීක් බෝල තමා ලේසියෙන් අරව මේව අස්සෙ රිංගන්නෙ....හෙහ්..හෙහ්..හෙහ්...

    @ තනිකඩ,
    දෙකඩ වුනාම ඔය දිලිසෙන ඒව එච්චර අරුම නෙමේ......හික්ස්

    ReplyDelete
  39. @ මාතලන්,
    දුකාගෙ මට මිස් වෙච්ච පෝස්ට් එකක්, හොයාගෙන කියවන්න ඕනෙ

    @ ගීතක,
    තෑන්ක් යූ

    @ ඕනයා,
    බොරු කය් කෙල කෙල ඉන්නෙ, ලියහන්කො ඒ වගෙ එකක් වත්.

    ReplyDelete
  40. අර ජයියා කිව්ව එකට හු මිටි තියන්න තමා මටත් වෙන්නේ..මොකද ඇත්තටම ඔබා අයියා එදා අර මනුස්සයට දුන්න සපෝට් එක ගැන මට කිව්වනේ කතා බහ කරපු වෙලාවක..

    ReplyDelete
  41. හෙක් හෙක්,නියම කතාව...........
    පොලීසිවල ඉස්සර( තාම තියෙනවද දන්නෑ) දඩුවමක් දුන්නා නේද වැරදිකරලා ආපු මිනිස්සුන්ගේ කුට්ටම ලාච්චුවකට දාලා වහනවා වගේ එකක්.මටත් මේ යාලුවෙක් කිව්වේ.

    ReplyDelete
  42. අම්මප ඔබා මාමේ ෆට්ට කතාව ......අර හැමෝටම වගේ කතා කියන්න නිමිති පහල වෙන්නේ තමන්ට මොනවා හරි උනාම නේ ....ඔබ මාමට මේ කතාව මතක් උනේ ඔබා මාම ගේ පෙරිය පෝල Comode එකේවත් හිර උනාද? අනිත් එක හැමෝගෙම Blog වලට ගිහිල්ල බැනල ආවට ඔබා මාමත් Post දාන්නේ යලට මහට නේ..

    ReplyDelete
  43. @ මාරයා,
    පල යන්න පච හලන් නැතුව, උඹත් එක්ක කවද්ද මං ටෙලිෆෝන් එකෙන් කතා කලේ?

    @ Rajith Doo,
    හ්ම්....මාත් අහල තියෙනව......නියම සොමි ඇති නේද වැඩේ? (දඬුවමට ලක් වෙන එකාට)

    @ cheeta,
    ඕකනෙ කියන්නෙ, කතාවක් දාන්න හිතෙන්නෙ නැත්තෙ, හැමෝම අහන්නෙ උඹටද ඕක වුනේ කියලනෙ.

    කතාවක් ලියල මේ බලාගෙන ඉන්නෙ Gehan Chandika Wikz (කෝච්චිය) පින්තුරයක් එවනව කිව්ව , ඒක අමුණන්න.

    ReplyDelete
  44. හපෝයි දෙය්යනේ ජුවලරි සෙට් එක....අපි ඉතින් ඕක ආරක්ශා කර ගන්න කොච්චර දේවල් කොරනවද නේද ඔබා අයියෙ.

    ReplyDelete
  45. පපුවත් රිසෙනවා මගේ දැං! අෆොයි මාමේ! මාර කතාව! මිනිහගේ ඝාන්ටාර පූජාට ඊට පස්සේ නම් තියෙන්න නැතුව ඇති නේද? මං කියන්නේ ඇතා පිට ගමන!! හික් හික්!

    "ශින්න බෝල ප්‍රොබ්ලම් අය්යා....."

    පන යනවා හිනා වෙලා! හික් හික්!

    ReplyDelete
  46. සදා අනාථයි කියන්නෙ මේ වගේ වෙලාවල් වලට තමයි...ඉතින් ඊට පස්සේ.....

    ReplyDelete
  47. පිසා,
    අර වල් ජය්ය කියල තියෙන්නෙ ඊට පස්සෙ කතාව උගෙ වර්ෂන් ඒක.....

    ReplyDelete
  48. රන්ජිත් & මාධව,
    තෑන්ක් යූ ගොඩවෙලා, කියෝල,කොමෙන්ට් එකකුත් දැම්මට........කොමෙන්ට් කෑල්ලක් වැටුනම ලියන එකාට හෙන සන්තෝශය්...(මට නං)

    ReplyDelete
  49. ලොලේ ලොල් යැ. අම්මප දඩේ වගේයැ සෙට් එක !

    ReplyDelete
  50. නවම් මාවත,
    සැටිපිකේට් ට්රු

    ReplyDelete
  51. මට හිතෙනවා මේක ඔබා මාමා තරුණ කාලේ ඔබා මාමට ම වෙච්චි සන්තෑසියක්දෝ කියලා . . හික් හික් හික්

    ReplyDelete
  52. ඔය සීන් එකෙන් පස්සෙ තමයි ඔය වර්ගයේ සීට් බස් වලින් අයින් කලා කියන්නෙ

    ReplyDelete
  53. හුවෑක් හුවැක් හැක් හැක්

    ReplyDelete
  54. @ දුකා,
    "ඔබා මාම තරුණ කාලෙ"
    බොලේ දැන් වුනත් නාකිය් කියල හිතෙන් නැහැ, විශේෂෙන්ම කොල්ලො කෙල්ලො ආස්සරේ කොරාගෙන ඉන්නකොට....

    @ අවුට්සයිඩර් ,
    නැහැ, ඊට පස්සේ තමා නඩරාජ ජොකෙක් අඳින්න පටන් ගත්තෙ...හෙහ්...හෙහ්...හෙහ්...

    @ වැප්,
    කොහෙන්ද බං නරි හූව ඉගෙන ගත්තෙ... හිකිස්....

    ReplyDelete
  55. පට්ට ඔබා මාම පට්ටම පට්ට. මටත් මතක් උනා බාල්දියට පාල්දිය, බක මූණට #ක මූණ කියපු කතාව. ඔබා මාමානම් ඔය කතාව දන්නව ඇති.

    ReplyDelete
  56. @ බුදියා,
    නැහැ බොලේ, ලිව්වනං "අන්තිම පේලිය"ට.

    ReplyDelete
  57. දැන් අපේ නඩරාජා, තටම තටම නැගිටින්න ට්‍රය් එක දෙන ගමන් ටික්කන්ට කියනවලු “ශින්න පෝල ප්‍රොබ්ලම් අය්යා….ශින්න පෝල ප්‍රොබ්ලම්…” කියල

    ඕක හරියටම කිව්වෙ "ශින්න පො(ල්ලෙ ) ප්‍රොබ්ලම්" කියලා වෙන්ට ඇති නේද බං?

    ReplyDelete
  58. වෙන්නැති ඇනෝ...වෙන්නැති....

    ReplyDelete
  59. අනේ මේ ඔබා මාමා ඉහ නිකට පැහිල ඉන්න කාලෙ කියන කතා.... මොනවා උනත් නියම කතාව ඔබා මාමෙ....

    අපේ අල්ලපු ගෙදර අයියා ඔය වගේ සිවිල් පිට ගිහිල්ලා යාලුවො හම්බවෙන්න, A/L කරලා ගෙදර ඉන්න කාලෙ.... උන්ට ඉව වැටිල පොර සිවිල් පිටයි ඉන්නෙ කියලා, ඉස්පිරිතාලෙ යන්නම සලකලා ගෙදර එවලා තිබුනා නොවැ.... ගෙදර ඇත්තො කාටවත් කියන්න එපා කියපු කතාව හැරෙන තැපෑලෙන් අපේ කනේ තිබ්බෙ ඒ ගෙදර වැඩට හිටපු ගෑනු පරානෙ....පොර ඉස්පිටිතාලෙන් ගෙදර එනකොට ගමම දන්නවා....

    ReplyDelete
  60. හක හක!එල ඉස්ටෝරිය!ඔබා මාමා මගේ බ්ලොගිය පැත්තේ කාලෙකින් ආවේ නැත්තේ තරහ වෙලයි?
    මාත් ලිව්ව ජොකා කතාවක් !නිවාඩු වෙලාවක ඇවිත් බලන්න!
    http://sabithl.blogspot.com/2011/10/blog-post_21.html

    ReplyDelete
  61. @ මියුරු,
    අනේ පව් අහිංසකය

    @ සබිත්,
    මම චුට්ටකට ඉස්සෙල්ල ඒ පැත්තේ ගිහිං කොමෙන්ට් එකකුත් දාල ආව.

    ReplyDelete
  62. වෙලාවට ඔසී වල ඔය වගේ පුටු නැත්තේ ....හික්ස්

    ReplyDelete
  63. හිනා කාලා මැරෙන්න ආසන්න වුනා හි හි

    ReplyDelete
  64. @ ගැමියාගේ පත් ඉරුව
    බොලේ දැම්ම මැරෙන්න නම් එපා.

    ReplyDelete