My followers

Monday 14 November 2011

'මාර දූතියො'

චිත්‍රය ඇන්දේ 'මට හිතෙන හැටි' සහ 'Hey Dude' ලියන හෙන්රි බ්ලොග් වෝකර් විසිනි

මේ කියන කාලෙ, මහ නගර සභා ලංකාවෙ තිබුනෙ මගෙ හිතේ, අත් දෙකේ ඇඟිලි ගානටත් අඩුවෙන්. මතක ඒව කීපයක් තමා කොළඹ, මහනුවර, කුරුණෑගල, යාපනේ, එහෙම. දැන් නම් ගම්පහත් මහ නගර සභාවක්. මං කුරුණෑගල වැඩ කරන කාලෙ, එහෙ මහ නගර සභාවෙ, ඉලෙක්ට්‍රිකල් ෆෝර්මන් මහත්තයට අයිති, ඉලෙක්ට්‍රිකල් වැඩපොළක් තිබුන.  එයාගෙ පුතාල තමා බිස්නස් එක කරගෙන ගියෙ. ඒ පුතාල, 'තෝර බලයි' සහ බෝතල් දෙකක් ගෙනෙන් මචං' පෝස්ට් වල චරිත නිරූපනය කල ඉන්දරේ සමග හොඳ හිතවත්.
අපේ සෙට් එකේ හිටපු වැඩ කාරයන්ගෙන්, උයාසේන බුන්ට නමින් හැඳින්වුන දයාසේන බණ්ඩා සෑහෙන වැඩ කාරයෙක් වුනාට, ඉන්දරේ ඊටත් වැඩිය හැම අතින්ම වැඩර් කෙනෙක් කියන්න පුළුවන්. මොකද ඉන්දරේට මෝටර් කාර්මික වැඩ වගේම, යන්ත්‍ර සුත්‍ර (ලේත්), වාහන විදුලි, ගෘහ විදුලි, වැඩත් ඒ වගේම චිත්‍ර ඇඳීම, කලාත්මක නිර්මාණ සැලසුම් සහ ඉදි කිරීම වගේ ඒව ගැනත් විශාල දැනුම් සම්භාරයක් එක්ක, උපතෙන්ම ගෙනාපු හැකියාවකුත් තිබුන. අද වෙනකොට පරිඝනක ක්ෂේස්ත්‍රයෙත් සෑහෙන දුරකට ගිහින් ඉන්නෙ.
ඉන්දරේ මට වැඩිය අවරුදු දෙකක් විතර සීනියර්, මට ඉස්සෙල්ල කුරුණෑගල ගිහින් තිබුනෙ. මේ සිද්ධිය වෙනකොට මම කුරුණෑගල ගිහින් නැහැ. අදටත් අපේ සර්කල් එකේ මතක් කරන කතාවක් මේක. ඒ කාලෙත් බිස්නස් කරන අය, තමන්ගෙ ව්‍යාපාරෙ ඇඩ් එකක් විධියට වෙසක් එකට එක, එක, සෙල්ලන් දානව. සමහරු ඔලු බක්කො නටෝනවා වගේ සිම්පල් වැඩකලාට, අර කලින් කියපු ඉලෙක්ට්‍රිකල් වැඩපොළ කරගෙන ගිය කට්ටිය, ඊට වඩා ටිකක් විතර ඇඩ්වාන්ස් වැඩක් ප්ලෑන් කළා. වැඩේ සම්පුර්ණයෙන්ම භාර දීල තිබුනෙ අපේ ඉන්දරේට.
ඉලෙක්ට්‍රික් වැඩපොළ ඉස්සරහ එයාලගෙ ෂෝ රූම් එකේ තමයි වැඩේ ක්‍රියාත්මක වුනේ. මෙතන තිබුනෙ, බුදු රජාණන් වහන්සෙ පියවර කීපයක් වැඩම කරනව. එතකොට තන්හා, රතී, රංගා, කියන මාර දුතිකාවන් තිදෙනා බුදු රජාණන් වහන්සෙ ඉදිරියට ඇවිල්ල නටන්න පටන් ගන්නව. බුදු රජාණන් වහන්සෙ නැවතිලා තමන්ගෙ අත ඔසවල, මෛත්රිය දක්වන හස්ත මුද්‍රාව පෙන්නුම් කරනව. විනාඩි කීපයක් නැටුම ගියාම, ලයිට් ඕෆ් වෙනව, ලයිට් නිමිල තියෙන සුළු වෙලාවෙ හාර්ඩ් බෝර්ඩ් වලින් හදල තියෙන රූප හතරම ආපහු පටන් ගත්ත තැනටම යනව. ආයෙත් ලයිට් එනව, ඉස්සෙල්ල සීන් එකේම ආයෙමත් රිපීට් වෙනව.
කියන කොට ලේසියි වගේ දැනුනට, මේකෙ තිරය පිටුපස වැඩ රාජකාරි හුඟක් තිබුන. සියලුම දේවල් ක්‍රියාත්මක වුනේ විදුලි මෝටර්, මේකටම නිර්මාණය කල ගියර් වීල්, කප්පි සහ විශේෂ නූල් වලින්. ඉන්දරේ තව යාළුවො කීප දෙනෙක් එක්ක සති අන්ත වල, හවස වැඩ ඇරුනට පස්සෙ එහෙම සති හයක් විතර මහන්සි වෙලා තමයි, වෙසක් එකට ඉස්සෙල්ල දවස වෙනකොට යාන්තන් වැඩේ ඉවර කරගෙන තියෙන්නෙ.
දන්නවනෙ ඉතිං තොරන්, මහා කූඩු රාජයො එහෙම ගහන කොට ඔක්කොම කවර් කරගෙනනෙ නිර්මාණය කරගෙන යන්නෙ. වැඩේ කලින් දැක්කොත් ඒකෙ අගය අඩු වෙනවනෙ. මේ වැඩෙත් එහෙමම තමා කෙරිල තියෙන්නෙ. කොහොම හරි වැඩේ ඉවර වෙලා, පලවෙනි පාරට ටෙස්ට් කරල තියෙන්නෙත් ඒ විධියටම තමා, වාසනාවට.
ස්විච් එක ඔන් කලාම බුදු රජාණන් වහන්සෙ පියවර කීපයක් වැඩම කරල නටන්න පටන් ගත්තලු. මර දූවරු තිදෙනා ගල් ගැහිල බලාගෙන හිටියලු.
ප.ලි.
පොඩි නූල් මාරු වීමක් වෙලා තියෙන්නෙ. ඒක හරිගැස්සුවට පස්සෙ වැඩේ නියමෙට ක්‍රියාත්මක වුනා
කියලයි

ආරංචි වුනේ.


78 comments:

  1. හහා..නියෙමට තියෙන්ඩ ඇති වැඩේ....දැන්නං පෙලක් බුදුහාමුදුරුවන්ගේ අනුගාමික උන්නාන්සෙලා හැබැවටම ඔයවිදිහට නටනවනේ ලංකාවේ..

    ReplyDelete
  2. අර කොලිටි ඇෂුවරන්ස් තොරන් වලටත් දාන්න ඕනෙ.

    ReplyDelete
  3. මම වතාවක් දැක්ක මිහින්තලේ වටේ තිස්ස දුවනව . . මුවා පන්නනව . . .

    ප.ලි.
    මට හිතුන ඉන්දරේ, බුන්ටටත් වඩා වැඩ්ඩ කියල . . ඔබා පවුලත් අරං ලංකාවෙං පැන්න කියද්දිම

    ReplyDelete
  4. ඉන්දරේට මාර සනීප ඇති කාඩ් වදිනකොට... කොහොමට වෙයිද ටෙස්ට් කොලේ නැත්නම්.....

    මං මේ වගේ කතාවක් කලින් අහල තියෙනව වගේ මතකයි. හැබැයි ඒක නම් වෙලා තිබුනෙ රූකඩ සංදර්ශනයක වෙරි මරගාතෙ රූකඩ නටවන්න ගිහින් නූල් මාරු වෙලා....

    ReplyDelete
  5. මේ වගේ නූල් මාරු වෙනව මාත් දැකල තියනව. එත් වෙලවකට උවමනාවෙන්ම කරනවද කියලත් හිතිල තියනව..

    ReplyDelete
  6. අනුං ගේ නූල් අදින කාටත් මේවා හොඳ පාඩං!

    ReplyDelete
  7. මම කතාව තුන් පාරක් කියවලා බලාත් ඩ්‍රින්ක් එකක් දාපු සීන් එකක් ගැන කිසිම සඳහනක් නැති පෝස්ට් එකක් බව සහතික කරමි.
    henryblogwalker the Dude

    ReplyDelete
  8. මොන පිස්සුද ඔය කියුවට නූල් මරුවෙලා කියලා මටනම් පීනෙ මූඩි මාරුවෙලා නූල් ගැටගහන්න කලින් .
    …අපරාදෙ ...

    ReplyDelete
  9. මාතෘකාවයි චිත්තරෙයි දකිනකොට මට හිතුනෙ ඔබා පරණ ලව් සීන් එකක් වත් කියන්න යනව කියල!:D

    ReplyDelete
  10. බැරිවෙලාවත් ඕක ටෙස්ට් නොකර පෙන්නුවා නම් අපේ ඔබා අද මේක ලියන්න ඉතිරිවෙන එකක් නැහැ.. මාරධුතියෝ වටවෙලා ඔබාව ඉවර කරන්න තිබුනා. ඒ මොකද ඔකේ නුල් මාරු කරන්න ඇත්තේ වෙන කවුරිවත් නෙවෙයි ඔබානේ !!

    ReplyDelete
  11. හපොයි මම බය උනු තරම. මම හිතුවේ අඳුනන කීපදෙනෙක්ව මාර දූතියෝ කියලා කතාවක් හදලද කියලා...:D

    ReplyDelete
  12. දැන් ඉන්න හාමුදුරුවරු ගොඩකගෙ නූල කැඩිලනෙ!

    ReplyDelete
  13. ................කලාත්මක නිර්මාණ සැලසුම් සහ ඉදි කිරීම වගේ ඒව ගැනත් විශාල දැනුම් සම්භාරයක් එක්ක, උපතෙන්ම ගෙනාපු හැකියාවකුත් තිබුන.

    ඔය මොන හැකියාව තිබුනත් කාටද අනේ මේ වගේ බ්ලොග් ලිවීමේ හැකියාව තියෙන්නෙ. කියවද්දි නිකං බලා ඉන්නවා වගේනේ....පුහ්....අර ඔක්කොම කෙලි යටයි මේ හැකියාවට.

    ඩුඩි කියන්නැහේ මමත් අස්නං කොරනවා මේකේ රහමෙර නැති අමු පොස්ට් එකක්ය කියලා.

    ආ...තව එකක් කකාගේ ලින්ක් දැමීමේ පරම හැකියාව එළකිරිවගේ ඔය පුරුදු වේගෙන එන්නෙ ඔබා මාමත්. කකාගෙ ලින්ක් පංතියකටවත් ගියාද? එක ගමේනෙ ඉන්නෙ නේද?

    ReplyDelete
  14. මුචලින්ද නාගය දරනෙ ගහන්නෙම නෑ වටේ යනවා... වගේ සිද්දියක්...

    ඔබා අයියේ අර බොරලැස්ගමුව දිහා නම් මේ දවස් වල ගජරාමෙට නටනවලු... නූල කැඩිලද මන්දා...

    ReplyDelete
  15. ඔබා මාමාට මතකද දන්නේ නෑ මම මේ වගේම සීන් එකක් ලීවා අන්තිම පේලියේ. ඔය වගේම සීන් එකක්. මෙන්න ලින්ක් එක.
    http://www.thelastrow.net/2011/05/31/%E0%B6%86%E0%B6%BD%E0%B7%80%E0%B6%9A-%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA/
    ඔය ලනු පැටලෙන එක වයර් පැටලෙන එක හෙන කොමන්.

    ReplyDelete
  16. ඉන්දරේට උදවුවට ගිය ඔබා මාමා නුල් ගැට ගහලා තියෙන්නේ මාර දුතිකාවන් ගේ රුප දැකලා, බුදුන්ගේ කාලයේ සිදු වුන තැන හැබැහින් හිටපු උන්ගේ ෆිගර්ස් හිතින් මවාගෙන(ලු).

    ReplyDelete
  17. @Dude : අන්තිම සීන් එකෙදි ඔබා මාමා ඩ්‍රින්ක් එකක් දාන් ඇවිත් තියෙන්නේ, පෝය දවස හින්ද අතඅරින්නත් හොඳ නෑනේ කියලා...

    ReplyDelete
  18. අපොයි අන්න කලබලේට සිරිල් වල ඉස්පෙලින් වැරදිලා.. සොරි ඈ...

    ReplyDelete
  19. වෙසක් තොරනක් ළඟින් යනවලු සුද්දොත් එක්ක ගයිඩ් කෙනෙක්. තොරණේ බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නේ. මහපටැගිල්ලයි දඹරගැල්ලියි කෙලවරෙත් එකතු කරන් අනෙක් ඇඟිලි 3 කෙලින් තියන් ඉන්න හස්ත මුද්‍රාවෙන්ලු. සුද්ද ඇහුවලු ගයිඩ්ගෙන්

    Cyril, Why is Buddha's showing his hand like that..?

    සිරිල් අඥ කොරොස් උනාලූ. ගයිඩ්ලගෙ හැටි තමයි, දන්නේ නෑ කියල පෙන්නන්නේ නෑ.. මොකක් හරි උත්තරයක් දෙනවා.. අරූට ආවලු උත්තරේ..

    Ah..., Sir, this thoran made for five days. Now 2 days over. Another 3 days more..

    ReplyDelete
  20. හෆ්ෆා.. ඕක කවුරුවත් පලෑන් කරල කරපු දෙයක් නොව්යිලුද ? මන් කිව්වෙ නූල් මාරු කරපු එක ?

    ReplyDelete
  21. ඔය සිද්දිය දැන් කාලේ වුනානම් වෙන්නේ එහෙම තමා. එහෙව් මාර දූතිකාවොත් ඉන්නවා දැන් කලේ.

    ReplyDelete
  22. ඇත්තටම ඔබා මාමේ ඕකට මාමගේ සම්බන්දයක් නැද්ද ඉතින්... ටෙස්ට් එකක් හින්දා ජයටම ගියා... අද කියවපු ගොඩාක් බ්ලොග් මගේ ජිවිතේ තවත් කතා ගොඩාක් මතක් කලා... හිතුමතේ..

    ප.ලි : සොරි වෙන්න ඕනා ඇඩ් එකට... අන්න මාමේ තවකොටහක් දැම්මා

    ReplyDelete
  23. දැං මෙහෙ මහණ කට්ටිය සර් ඩී බී ජයතිලකගෙ බංගලා බෙදාගන්ට බැරුව නටනවා දඟලනවා. මේක දැකල ඇදුරු තුමාගෙ පුංචි අම්ම කිව්වෙ. සර් ඩී බී දැනං හිටියනං කට්ටිය මෙහෙම කරයි කියල හිටපු නැදැයින්ට දේපොල බෙදල මැරෙයි කියල

    ReplyDelete
  24. ඔය ඉන්දරේට ගොක්කොල මගුල්පොරු , පිරිත්මන්ධප එහෙමත් හදන්න පුලුවන්ද , ඔය ඉලෙක් ට්‍රිකල් පෝමන් කෝ නාර ම්මලද

    ReplyDelete
  25. මෙන්න වැඩක්!! මම කියනවට පින්තූරෙ උඩට මවුස් පොයින්ටර් එක ගෙනියලා ක්ලික් කරන්නෙ නැතුව පල්ලෙහා බාර් එකේ වැටෙන විස්තරේ බලන්න. දැක්කද පින්තූරෙට ඔබ දාලා තියෙන නම් තුන. මේව නම් කුමන්ත්‍රණ!

    ReplyDelete
  26. මං ඉතා වගකීමන් කියන්ට කැමතියි මේ කතාවට ඔබා අයියාගේ කිසිම සම්බන්ධයක් නැති බව. මේ බවට සාක්ෂි ඔබා අයිය විසින්ම රිප්ලයි කොමෙන්ට් එකකින් සපයනවා ඇති.

    ReplyDelete
  27. ඇති ඔයින් ගියා. වෙනද ලියන කතා නිසා මම හිතුවෙ අදත් එහෙම එකක්වත්ද කියල
    මැණික්

    ReplyDelete
  28. @අන්තිම ඇනෝ:
    යකෝ . . . ඔබා තමයි දවසකටවත් ඔබා . . .

    ReplyDelete
  29. ඉන්තේරුවෙන්ම කියන්න පුළුවන් ඔබාගේ සම්බණ්ධයක් නෑ කියලා. එහෙම උනානම් ඔතන මාර දූතියෝ ටික ඉන්න විධියක් නෑ.

    ReplyDelete
  30. අප්පා...හිනාව නවත්ත ගන්නත් බැරි උනා....:)) මට මැවිලා පෙනුනා සීන් ඒක හි හි....

    ReplyDelete
  31. ෂා... දැන් ඔබා අර ගුගල්, මයික්‍රොසොෆ්ට් වගේ ලොකු කම්පැණි වලින් ඊස්ටර් එග් දානවා වගේ හැංගුණු දේවල් දානවා වගේ පෝස්ට් වල...

    ඇනෝ තමයි දවසකටවත් ඇනො :)

    ReplyDelete
  32. හොඳ වෙලාවට ඒ කාලේ දේශප්‍රේමියෝ හිටියේ නැත්තේ . නැත්නම් ඕක ආරංචි වෙලා විජාතීය කුමන්ත්‍රණයක් කියල ලොකු අඩව්වක් අල්ලන්න තිබ්බා .

    ReplyDelete
  33. //Meddi%2C+Poddi+and+Sanndhaa//

    අනේ ඔබෝ ඔය උඩින් තියන මාර දූතියන් තුන්දෙනාගේ පින්තූරේ තියන ලින්ක් එකේ නම තමයි ඔය තියෙන්නේ. හොයන හැටි කියලා දුන්නේ බූරා. කවුද මේ මෙඩ්ඩි සහ පොඩ්ඩි? අපි දන්න අයද?...:D

    සඳා කියන්නේ කවුද?...:D

    ReplyDelete
  34. ඕං බලාන්ට ඔබා අයියා, මේ අහිංසක මාවත් ගාවගෙන නේ මේවට.. :)

    ReplyDelete
  35. ඔබා අයියා කරන වැඩ වලට බයේ බෑ. ඔය දාල තියෙන ලින්ක් හෙම කොහෙ කොහෙ යන ඒවද දන්නෙ නෑ බොලවු. අනික මේකෙ මතුපිටින් විතරක් නොවෙයි හැංගිලත් මඩ ගහනවනෙ අප්පා. අන්ඩර්කවර් මඩ ගහන එකම බ්ලොග් එක මේකද දන්නෙ නෑ.

    ප.ලි.
    @පොඩි කුමාරිහාමි: මම හිතන්නෙ ඔය තෙලැස්ට්‍රෝවෙ (the lastrow.org) කෂ්ටිය. උං සෙට් එක දැන ගත්තම ඔබාගෙ තට්ටෙ පලයි. සාදු සාදු

    henryblogwalker the Dude

    ReplyDelete
  36. ඊට පස්සේ මාර දූතියෝ නටන හැටි දිහා බලන් හිටිය ඔබාමාමා අග පසග දිහා උපේක්ශාවෙන් බලලා අනිත්‍ය මෙනෙහි කරලා නිවන් පසක් කරගත්තලු

    අනේ සාදු!

    ReplyDelete
  37. @පොඩි කුමාරිහාමි:
    මෙඩ්ඩි සහ සඳා කියන්නෙ අන්තිම පේලිකට ලියන දෙන්නෙක් . . . .
    කරුමෙ කියන්නෙ පොඩ්ඩි කියන්නෙ කවුද කියල ඔයාට තාම තේරුං ගන්න බැරි උන එක නෙ . . .

    ReplyDelete
  38. යකෝ රූකඩ උනත් බලහල්ලකො හෙන්රියගෙ ගෑණු තුන්දෙනාගෙ සිරියාව, අපේ ගෑණු වගේද පුහ් !

    ReplyDelete
  39. @ Raj ,
    'නෝ කොමෙන්ට්ස්' බොදු තලිබාන් කට්ටියගෙන් ගුටි කන්න බෑ ඕවට කොමෙන්ට් කොරල

    @ පිනිබිඳු,
    මේකට ඇත්තටම තොරණක් කියන්නත් බෑ

    @ ඕනයා,
    පවුල තියල ලංකාවෙන් පැන්න එකෙකුට මං මොනවා කියන්නද, පවුල එහෙමවත් රැකේ නං කමක් නෑ

    @ ප්‍රසන්න,
    කියවල කොමෙන්ට් කෑල්ලකුත් දාල යන්න කාරුණික වීම ගැන තුති

    @ මියුරු,
    මං පලාතෙවත් හිටියෙ නෑ, ඔය කාලෙ මං කුරුණෑගලට ගිහිනුත් නෑ, ඒ වුනාට මේකත් ෂුවර් එකටම වෙරි සීන් එකක් තමා කියල මට හිතෙන්නෙ නං

    ReplyDelete
  40. @ ගිම්හානි,
    අපිට කොහොමත් නූල් මාරු වෙච්ච ගමන්නෙ ඉන්නෙ.....හික්ස්....

    @ කතන්දර Kathandara ,
    ක. ශූ. හුඟක් අය අදින්නෙ තමන්ගෙම නූල් නෙ.

    @ Dude ,
    හිතුවෙ ඔය හරිය කලේ අමුවෙන් කියලද?

    @ ලොකු ජෝන්,
    මේ ඉන්නෙ තේරුන කෂ්ටිය, වැඩේ සිද්ධ වුන හැටි

    @ රාජ්,
    මට ඉතිං අලුත් , පරණ කියන්න තියෙන්නේ එක ලව් සීන් එකනෙ. ෆස්ට් & ලාස්ට් ලව් එක ඔබී.

    ReplyDelete
  41. @ සරත්,
    මඩ ගහන්න පටං ගන්න කොට පෝස්ට් එක කියෝලත් නැහැ වගේ, කලින්ම කියල තියෙන්නෙ දැක්කෙ නැද්ද බොල, ඒ කාලෙ මං කුරුණෑගල ගිහිල්ලත් නෑ කියල

    @ පොඩි කුමාරිහාමි,
    වලව්වෙ ඇත්තො තාම බය වෙන්න වුනේ නැහැ, පහළ වැටිල තියෙන කොමෙන්ට් දැක්කම තමා කුමාරිහාමි බය වෙන්නෙ, තරහ අවසර......

    @ ඉන්දික,
    පූන නූල ගැන වෙන්නැති මේ කියන්නෙ...

    @ බුද්ධි,
    බාගෙට නගින කොට මුරුංග අත්ත කඩා වැටුන බං...

    රහ මේර නැතුව ඉන්දරේ මේ වගේ ක්‍රියාන්විතයක් දියත් කෙරුව කියලද හිතේ....බල්ලො කක්ක නොකා ඉඳී....ඌරො පියාඹන්ට පටන් ගනී...

    @ පිස්සා,
    ඒ සමයේ මා හිටියා නං බොරලැස්ගමුවේ....
    එමි ඔබෙ සරණ සොයා....

    සින්දුව අහල ඇතිනෙ

    ReplyDelete
  42. @ ගොඩයා,
    ගිහින් බැලුව බං, නියම සීන් කෝන් එක. මට මිස් වුන පෝස්ට් එකක්, කොමෙන්ට් කෑල්ලකුයි තරුයි දාල ආවෙ.

    @ ඉඳුනිල්,
    අහිංසක මං අහපු කතාවක් විතරයි, ඔය කාලෙ ඇතුගල කියන්නෙ මොකද්ද කියලවත් දන්නැහැ බොලේ...

    @ තාරක,
    ඒ කාලෙත් දැනන් හිටපු එකක් තමා පෝය දවසෙ බිව්වොත් එහෙම අපාගත වෙන එක ෂුවර් කියල

    @ පැට්ටා,
    ඔය මුද්‍රාවෙ නියම නම කිව්වෙ නෑ පෝස්ට් එකේ, ඕකට කියන්නෙ 'ආනන්දය මෙන්න' කියපු මුද්‍රාව කියල, කාටවත් කියනව හෙම නෙමේ...

    @ මාතලන්,
    ඔය කියන්නෙත් 'ආනන්දය...මෙන්න' කියපු මුද්‍රාව ගැනමනෙ?

    ReplyDelete
  43. @ වෙනි,
    ප්ලෑන් කොරන්න දෙයක් වෙන්න නෑ, කෂ්ටිය ගානට අනුමත වෙලා ඉන්න ඇත්තෙ. (මං ඔතන හිටියෙ නෑ කියල නැවත අවධාරනේ කොරනව)

    @ වෙද ගෙදර මහ වෙදනා,
    වෙද මහත්මයා දැන් ඉන්න මාර දුතියො කිව්වෙ බ්ලොග් ලියන, කොමෙන්ට් දාන, ගෑල්ලමයින්ට හෙම නෙමේ නේද?

    @ හිතුමතේ,
    මගෙ සයිට් එකේ ඔයා නෙමේ කව්රු වුනත් ඇඩ් දැම්මට මගේ කිසිම අමනාපයක් නැහැ. හැබැයි ඒ මගෙ එකේ, සමහරු ඒකට විරුද්ධ නිසා ඒ ගැන හිතල බලල දාන්න ඇඩ්.
    මම ඔයාගෙ බ්ලොග් එක කියවනව, අපි දෙන්නම මේ වැඩේට අලුත් කට්ටිය නිසා, ඔයාට දාපු කොමෙන්ට් එකක පොඩි අදහසක් පල කළා, ඒ ගැන හිතල බලන්න.
    සුභ ගමන්...!!

    @ කවිකාරි,
    බංගලා නෙමේ, පේරෙ වලටත් නීති දාන්න සෙට් එකක් ඉන්නවලු, අන්තිම පේලියෙ ගෑනු ළමයෙක් ලියල තිබුන ඒ ගැන පෝස්ට් එකක්. අර වල් ඕනයගෙන් ලින්ක් ඉල්ලගෙන ඔයාට කොමෙන්ට් එකක් හැටියට ලැබුන ගමං

    @ Suren ,
    ඉන්දරේගෙ නමේ මුල අකුර චුට්ටක් වෙනස් කල ගමං සුරේන් දන්නව කව්ද කියල. මං හිතන්නෙ දැනටත් නොදැන නෙමේ කතා කරන්නෙ කියල.

    පොර මගුල් පෝරු, ගොක් කොළ වැඩ කලේ, පොඩි කාලෙ. අපි දන්න කාලෙ වෙනකොට ඊට හුඟක් ඉහල හිටියෙ. දැන් නං ඌ කියන කොම්පීටර් ග්‍රැෆික්, ෆොටෝ ෂොප්, ගැෆික් ඩිසයින්, වගේ ඒව මට තේරෙන්නෙ නෑ

    ඉලෙක්ට්‍රිකල් ෆෝර්මන් [ලංගම නෙමේ, කුරුණෑගල මහ නගර සභාවෙ] වලලපු තැන වල දැන් මහ ගස් ඇත්තෙ, සුරේන් දන්නව කට්ටිය. ඔය කියපු වැඩපොල/ෂොප් එක දුවපු කට්ටිය තමා පොසොන් එකට අනුරාධපුරේ ගිහින් එද්දි, කාර් එක රේල් පාර උඩ නැවතිලා පවුලේ වැඩි දෙනෙක් එකටම කනගාටුදායක විදියට නැති වුනේ 70 අග හෝ 80 මුල ගණන් වල.

    සුරේන් මතක් කල නිසා මේ කතාව සහ විජේසේන මහත්තයගෙ කතාව දැම්මෙ.

    තව මොනා හරි මතක් වුනොත් ඊයක් එවන්න.
    සිරෝසිස්, විජය & තටා බෝය් මතක් කළා කියන්න

    ReplyDelete
  44. හෙට වග උත්තර බඳින්න පොරොන්දු වෙනවා අනිත් කට්ටියට

    ReplyDelete
  45. හක හක හක හක අම්බෝ අයියෝ හිනා වෙලා පන යනවෝ.... මට බැරියෝ.... :D :D :D :D

    ReplyDelete
  46. මාර දුතියෝ තුෂ්නිම්බූත වෙලා ගල් ගැහිලා ඉන්නවා.. බුදු හාමුදුරුවෝ කැපිලා වගේ නටනවා... හිකි හිකි හිකි

    ReplyDelete
  47. ඔබා
    ඉන්දරේට පණිවිඩේ දුන්නා
    බුන්ටටත් ඉන්දරේ කියන්නම් කිව්වා
    ඊලග පාර සබ්බුව දෙනවා කිව්වා ආපු ගමන්ම
    මීට
    රොබින්...

    ReplyDelete
  48. අර පච්චෙ මාරු වෙලා කෙට්වා වගේ සීන් එකක් නෙව.....හොක් හොක් මරුවා බුදු වේවා.....අම්ම සමග වාසේ....හොකෑස්

    ReplyDelete
  49. @ ඇනෝ,
    නමක් නැතුව ආවට ඇනෝලටත් ඕන් නැති මගුලක් නෑ නෙව heh..heh...

    @ ක්සැන්ඩර්,
    රිප්ලයි කොමෙන්ට් මොටෝ බං, පෝස්ට් එකේම දීල තියෙද්දි

    @ මැණික්,
    හැමදාම එක විදියටම ලියන එකත් ඉතින් හරි නෑනෙ.

    @ ඕනයා,
    පනින් නැතුව පෝලිමේ වරෙන්

    @ කැන්ඩියන්,
    ඇයි අප්පේ මාර දුතිකාවන්ට මක්කෙය් වෙන්නෙ

    ReplyDelete
  50. @ සයුරි,
    කියවල කොමෙන්ට් එකකුත් දැම්මට තුති

    @ Beetle ,
    ඒක නේන්නං මේ ඇනෝලටත් ඕන් නැති වෙඩිමක් නැහැ නොවැ...

    @ බුවා,
    ඒක නං සැටිෆිකේට් ට්රු බුවා

    @ පොඩි කුමාරිහාමි,
    සඳා, මෙඩ්ඩි & පොඩ්ඩි අන්තිම පේලියට ලියන අය. චිත්‍ර ඇන්ද බ්ලොග් වෝකර්, මොන විදියෙ සම්භන්දකම් ඒ තුන්දෙනා එක්ක පවත්තගෙන යනවද කියන්න නං දන්නේ නැහැ.

    @ බුරා,
    අන්ගුලිමාලගෙත් ඉස්සර නම 'අහිංසක'

    ReplyDelete
  51. @ Henryblogwalker the Dude ,
    පලන්න තාම නාකි වුනාට තට්ටෙ පෑදිලා නෑ.
    අන්තිම පේලියේ කෙල්ලන්ට පලන්න තට්ටයෙක් අල්ලලා දෙන්න තමා චිත්‍රෙ යටින් ලින්ක් එහෙමත් එක්ක තට්ටය අල්ලගන්න පාර කියල දුන්නෙ.

    @ Rajith ,
    සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිවන් දකිත්වා...!!!
    [මතක ඇතුව නිවන් යන්න ඉස්සෙල්ල පත්තු කොරාන යන්න වෙයි]

    @ ඕනයා,
    බොට කොච්චර කිව්වත් අහං නැහැ, පෝලිම කඩාගෙන පනිනව....

    @ නවම්,
    මෙන්න ඕනය ඕනේ වෙන ටයිම් ඒක...
    ඕනයෝ.....මෙහෙ වරෙන්. බොට පුලුවන්ද මේ නවම්ගෙ කොමෙන්ට් ඒක චුටි මැණිකෙට පෙන්නන්න

    ReplyDelete
  52. @ අඹය,
    ඔය මං ලිව්වට වඩා හොඳට එන්ඩ් එක ලියල තියෙන්නෙ.

    @ රොබින්,
    හූ...ඌ..ඌ..හූ....ඌ....ඉන්දරේ ඉන්නෙ මෙහෙ....

    @ වාලක්කඩියා,
    ඒකත් මරු සීන් එක...

    ReplyDelete
  53. අම්මපා මේකත් අර මාර පරාජය වගේනේ..තනිකර අබ්ලික් සිද්දියක්නේ..මරු මරු

    ReplyDelete
  54. චිත්‍රත් ඇඳලා බැනුමුත් අහන එකම චිත්‍ර ශිල්පියා මමද දන්නෙ නෑ. දැන් බලන් ගියාම මූ මට ගහනවා, මට මූ ගහනවා වගෙ වැඩක්නෙ වෙලා තියෙන්නෙ. දැන් දෙන්නගෙම තට්ටෙ නැති නිසාත්, කාගෙ හරි තට්ටෙ පැලිය යුතු නිසාත් කැකිල්ලෙ තියරියට අනුව තල්ලෙ තියෙන බ්ලොගර් කෙනෙක්ව සෙට් කරමු.

    henryblogwalker the Dude

    ReplyDelete
  55. ඉහත කොමෙන්‍ටුවේ 'තල්ලෙ' යන වචනය 'තට්ටෙ' යනුවෙන් නිවැරදි විය යුතු බව ඕස්ට්‍රේලියානු රජයට සහ එහි වැසියන්ට කරන නිවේදනයයි
    henryblogwalker the Dude

    ReplyDelete
  56. තට්ටෙ තියන බ්ලොගර් කෙනෙක්නං ඉන්නවා දන්න කියන ඕනනං අර කෙහෙල්කොටුවේ කොල්ලට කියලා අන්දවලා පෙන්නන්නත් බැරි නැහැ.ඔබ්සවර් ලොක්කට අතට අහුවෙන මායිමේ ඉන්නේ.අන්න පලනවනං තට්ටේ මල් හතයි.

    ReplyDelete
  57. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර ,
    කියවල කොමෙන්ට් එකකුත් දැම්මට ස්තුතියි.

    @ Dude ,
    දන්න එකම මනුස්සය ලියන බ්ලොග් එකේ නම විතරක් කියන්නං 'කතන්දර'

    @ Anonymous , [ 16 November 2011 10:12 ]
    ඔය කිව්වට පොර ඉන්නේ කි.මී. 5000 ක් විතර එහායින්. කොටින්ම කිව්වොත් පැය දෙකහමාරක් වෙලාවත් වෙනස්, හරියට වෙන රටක වගේ.

    ReplyDelete
  58. මෙඩ්ඩිටයි සඳාටයි.. පොඩ්ඩිටයි කරලා තියෙන අපරාදයක්..

    ReplyDelete
  59. ටෙස්ට් කොරද්දී මහජනතාව බලං ඉන්න නැතුව ඇති නේද . . බලන් හිටිය නම් අර චූටි කුරුල්ලා සහ කපුටා කතාවේ වගේ කූඩුවත් කඩලා . . හදපු එකාගේ XXX තමා ජනතාව නතර වෙන්නේ හික්ස්

    ReplyDelete
  60. @ වසුන්දරා,
    මේ හෙන්රිය කොරන වැඩනෙ. ඔයා ඕක කියන්න හෙම එපා "අන්තිම පේලියේ"

    @ දුකා,
    වෙලාවට ෆුල් කවර කොරගෙන ටෙස්ට් කොරල තියෙන්නෙ. හෙහ්...හෙහ්...

    ReplyDelete
  61. මොනවා කරන්නද අප්පා, නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  62. ඇට්තටම ජනතාව ඕක දැකලා කුපිත වුණානම් . කස්ටියට පෝය කියලා නෑ මිය පරලොව යන්න වෙනවා සිකුරුයි ..දන්නැද්ද අපේ අය


    පින්තූරේ මතට මූසිකය ගෙන විත් බිම බැලුවෙමි ..

    එල එල ..

    ReplyDelete
  63. හරියටම අර ඔබා මාමා නටනකොට නැන්දා තක්බීර් වෙලා බලන් ඉන්නවා වගේද හා ?


    අහින්සක...

    ReplyDelete
  64. @ Dude ,
    නඩු නං හාමුදුරුවන්ගෙ වෙන්නැති, ඒ වුනාට බඩු අ.පේ.

    @ සඳරු,
    බොටත් නිකන් ඉන්න කොට මීය අත ගාන්නැතුව ඉන්නම බැහැ නේද?

    @ අංගුලිමාල [අහිංසක]
    දුවපිය යන්ඩ මෙතනින්, ඔබීගෙ ඉලපත් පාර නොකා.

    ReplyDelete
  65. ඉන්දරෙයි බුන්ටයි එකතු වෙලා ලංකාවෙදි ගේමක් දෙනවා කියලා තමා අපිට ආරන්ච් කොකටත් පරිස්සම් වෙලා ඉදීම හෝදා..

    ReplyDelete
  66. ඔනයත් ලියල තිබුන ඔය වගේ කතාවක්..අංගුලිමාල බුදු හාමුදුරුවො පස්සෙන් එලවනව වෙනුවට බුදු හාමුදුරුවො අංගුලිමාල පස්සෙන් එලවන සීන් එකක්.

    ReplyDelete
  67. ඒක නම් හිතල කරපු එකක්....!

    ReplyDelete
  68. @ රොබින්,
    ඉන්දරෙයි, බුන්ටයි, එකතුවෙන්න ඉස්සෙල්ල 'කණ කැස්බෑව විය සිදුරෙන් පුර හඳ දකින්න ඕනෙ'

    @ රංජා,
    ඌ ඒක මේ පොස්ට් එකේ කොමෙන්ට් එකක් හැටියටත් දාල තිබුන. ඊට වඩා හොඳා උගේ මේ පොස්ට් එක කියවල බලන්න

    @ prasanna86k,
    කෝකද? ඕනය කියපු එකද? හිතල කොලා නං ඕකත් කොනක ඇති ෂුවර් එකටම

    ReplyDelete
  69. හොඳටම පරක්කු වෙලානේ මම ඇවිත් තියෙන්නේ
    ඔබා තුමා හැමදාම එක එක්කෙනාගේ වැඩ කිඩ කියකිය පෝස්ට් දානවා
    ඒත් කවදාවත් තමන්ගේ කියලා ව්‍යාපාරයක් මෙතන දාල නැහැනේ
    ඇහුවොත් කියන්නෙ මම නෙමෙයි මේක අහවලා කරපු දෙයක් කියලා...
    ඇත්තටම අයිය කරපු දේවල් මුකුත් නැද්ද ;-)

    ReplyDelete
  70. mmmm! maru kathawa! hebei meeka man wena widiyakata ahala thiyanawa! mmm! :D :D

    ReplyDelete
  71. @ මාධව - மாதவ - Madhawa,
    මේක මාත් අහපු කතාවක්. ඉන්දරේ ඔය මර දූ වරු හදපු එක ඇත්ත වුනාට, නුල් මාරු වෙච්ච එක යාළුවො හදපු කාඩ් එකක් වෙන්න බැරි නෑ. හැබැයි ඇත්තද බොරුද කියල ඉන්දරේ කවදාවත් කිව්වෙ නෑ හිනා වෙලා නිකා හිටිය මිසක්.

    ReplyDelete
  72. මගෙත් නූල් මාරු උණාද මංදා...
    පට්ට වැඩේ වෙලා තියෙන්නේ!

    ReplyDelete
  73. @ ගලයා,
    හා...හා...නූල් ටැපලුනොත් මහ විනාසයක්...

    ReplyDelete
  74. හෆොයි. ඔයින් ගියා මදැයි. ටෙස්ට් කරලා බලපු හින්දම හොදයි. නැත්නම් ඉතිං ගිනි විජ්ජුම්බරයයි.....

    ReplyDelete
  75. @ නචියා ,
    ගිනි විජ්ජුම්බරයයි දත් අහනව තව පොඩ්ඩෙන් ඉන්දරේ කපෝති

    ReplyDelete