කොමෙන්ට් එකකට උත්තරයක් හැටියට මගෙ අතින් කියවුනා අපේ 'උයාසේන බුන්ටා'
ඔය පුස් කාපු කළු දොදොල්
එහෙම කෑවට, පොර මොළකාරය කියල. මොළකාරය වගේම බුන්ටා
වැඩකාරය.
බුන්ටට පොඩි අඩු පාඩුවක් තිබුන. අනිත්
මිනිස්සු මොනාද කොරන්නෙ, අවට පරිසරේ මොනාද වෙන්නෙ, වගේ දේවල් ඌට ගානක් වත් නැහැ.
ඌ ජීවත් වුනේ උගේම ලෝකෙක.
එහෙම කිව්වට බුන්ට ආත්මාර්ථකාමී, නරක පොරක් හෙම නෙමේ, හරිම හිත හොඳ යාලුවෙක්. ඌ
ගැන සිංහලෙන් කිව්වොත් ඌ හුඟක් වෙලාවට "ඇබ්සන්ට් මයින්ඩඩ්"
විච්චුරන පැත්තක තියල කතාවට බහිමුකො.
ඔය වටේටම කැරකෙන්න පුළුවන්, ඉඳ ගත්තම, පස්ස පැත්තට සනීප විදියට සස්පෙන්ෂන් තියෙන, කාර්යාලීය පුටු, අපි වගේ පුඟුලන්ට ඒ කාලෙ දකින්න ලැබුනෙ, කණ කැස්බෑව විය සිදුරෙන් මොකද්ද එක දැක්ක වගේ, කළාතුරකින්. චෙයාර්මන්ගෙ එයාර් කන්ඩිෂන් කොරපු කාර්යාලෙට ඇතුල් වෙන්න ලැබුන වගේ වෙලාවකට විතරය්.
එහෙම ඇතුල් වෙන්න වුනේ මොකක් හරි
රියල් සීරියස් ලෙඩක් දාගෙන මිසක්, සේවය අගය කිරීමකට හෙම
නෙමේ කවදාවත්. ඒ හිංද වායු සමීකරණෙ සැප විඳින්ට නෙමේ, ගොතා ගත්ත බොරුව, පැටලවෙන්නෙ නැතුව කියාගන්න එක තමා, ඒ වගේ වෙලාවට, ඔලු කට්ට ඇතුලෙ වැඩ
කොලේ. අනෙක අපි වැඩ කොලේ කුරුණෑගල. මේ කියන කාලෙ, ලංගම වයඹ, අරව, මේව, කියල බෙදල නැහැ. හෙඩ් ඔෆීස් එක තිබ්බෙ
නාරාහේන්පිට. බටා එහෙම ලැබුනත්, කොළඹ යනව කියන්නෙ, දවසක්ම ගත වෙන, හෙන දුෂ්කර ක්‍රියාවක්.
මොනා හරි වැඩකට, හෙඩ් ඔෆිස් ගියා බුන්ට. එහෙදි දැක්ක චෙයාර්මන්ගෙ පුටුව. ඒ ජාතියෙම එකක්
ඌටත් ඕනේ කියල අපේ අනුමැතිය නැතුවම ඌ තීරණය කලා.
බුන්ට හිතා ගත්තොත් ඒක මොන ජාතියෙන් හරි කොරන ජාතියේ පොරක්. බේස් එකට පරණ රිම් එකක්, සස්පෙන්ෂන් ක්‍රියාදාමයට ඌම රෙපෙයාර් කොර ගත්ත ෂොක් ඇබ්සෝබර් එකක්, සීට් එකට අයින් කොරපු මර්සෙඩස් බෙන්ස් ඩ්‍රයිවින් සීට් එකක සීට් එක සහ සීට් බැක් එක, කැරකෙන කොටසට බෙයාරින්, එහෙම දාල බුන්ට දවස් දෙකෙන් හැදුව පුටුවක්. ඒක චෙයාර්මන්ගෙ කැරකෙන පුටුවට වඩා හැම අතින්ම ඉස්තරං එකක් කියන්න පුළුවන්.
මලකඩ හුරලා, ස්ප්‍රේ පේන්ට් ගහල, පොලිෂ් කරන්න ඕනෙ හරිය පොලිෂ් කරල ගත්තම,
අපිට එහෙම බුන්ටගෙ එන්ඩ් ප්‍රොඩක්ට් එක ගැන
පොඩ්ඩක් වත් ඊරිසියාවක් නං ඇති උනේ නැහැ.
බොරුනං එහෙම, මේක කියවන
කට්ටිය පරිස්සං වෙන එක හොඳා අකුණු වලින්.
උයාසේන බුන්ටගෙ ඇත්ත නම, දයාසේන බණ්ඩා. බුන්ට ස්ටෙන්සිල් එකක් කපල, සීට් එකේ පිට හේත්තු වෙන පැත්තෙ, පිටිපස්සෙ ස්ප්‍රේ කලා උගේ ඇත්ත නමෙන් කෑල්ලක් DAYA කියල. හරියට උගෙ පුටුව අපි හොරකං කරය් වගේ.
වැඩපොලේ හිටිය බල්ලෙක්, ඌට හැමෝම ඉතුරු වෙන කෑම
දීල, ඌ බල්ලෙක් නෙමේ, ඌරෙක් වගේ. උගෙ නම
"ටොමිය" (ඌට නම ලැබුන හැටි වෙන පෝස්ට් එකකින් බලාපොරොත්තු වෙන්න -දැම්ම කප් එක ගැහුවෙ නැත්තන්, කියන්න කතා නැවකට). ටොමිය
බල්ලෙක් නෙමේ, වැකියුම් ක්ලීනරයක්. කෑමක් උගෙ ලඟින් ගියත් ඌ ඇදල ගන්නව
අපි දන්නෙත් නැහැ, අපේ කිසි සම්භන්දෙකුත් නැහ, පහුවෙනිද ටොමිය දයා වෙලා. බුන්ටගෙම භාෂාවෙන්
කිව්වොත් කව්ද "### පුතෙක්" අර ස්ටෙන්සිල් එක පාවිච්චි කොරල සිල්වගෙ
ඇඟ දෙපැත්තෙම,
DAYA කියල ගහල.
නම් වෙනස් කිරීම, ටොමිය නං පය්සෙකට ගනං ගත්තෙ නැහැ.