My followers

Thursday 23 February 2012

DANGEROUS....!!!



අහල තියෙනවද 'ඕපල් ' කියල මැණික් වර්ගයක් ගැන ? මධුර ඩික්ෂනරියේ  කියන්නෙ 'අග්නි මාණික්‍ය'  කියල, මහාචාර්ය මලලසේකර උන්නැහෙ කියල තියෙන්නෙ 'උපල මාණික්‍ය' කියල. ලෝකයෙ මැණික් පතල් වලින් ලැබෙන ඕපල් මැණික් වලින් 30% කම ලැබෙන්නෙ, දකුණු ඔස්ට්‍රේලියාවෙ තියෙන 'කුබර් පෙඩි ' කියන කුඩා නගරෙ ආසන්නයේ තියෙන ආකර වලින්. White man 's hole එහෙමත් නැත්තන් 'සුද්දන්ගෙ වල' කියල ඒ පළාතේ ඉස්සර වාසය කළ  ඕස්ට්‍රේලියන් ඇබොරිජිනල් මනුස්සයන්ගෙ  බාසාවෙන් කිවූ  'කුබර් පෙඩි' කියන නාමය  තමයි තවමත් මේ නගරෙට භාවිතා වෙන නම.


ඉහළ චායාරූපෙ තියෙන්නෙ 'කූබර් පෙඩි ' මැණික් ආකර තියෙන ප්‍රදේශෙ, හැම තැනම ගහල තියෙන අනතුරු හැඟවීමේ දැන්වීමක්. 
පහල චායාරූපෙ තියෙන්නෙ 'කුබර් පෙඩි' නගරෙට  ඇතුල් වෙන තැන තියෙන නාම පුවරුව.


'

පහළින්  තියෙන්නෙ කුබර් පෙඩි වල පොලොව මතුපිට පේන්න තියෙන ගොඩනැගිලි. දරුණු කාන්තාර කාලගුණය නිසා මේ නගර වාසීන් ජීවත් වෙන්නේ, පොලොව යට. ඒගොල්ලො පොලොව හාරල හදල තියෙන ගෙවල් වල සාමාන්‍යයෙන් කාමර තුනක්, කුස්සියක්, නාන කාමරයක්, වැසිකිළියක් සහ
විසිත්ත/කෑම  කාමරයක්  [lounge /dinning area] තියෙනව. වායු සමීකරණ මේ ගෙවල් වලට අවශ්‍ය නැතිලු, ගෙවල් තුල දවල් කාලෙ වගේම රාත්‍රියෙත්  දරා ගත හැකි එකම උෂ්ණත්වකින් පවතින නිසා. පොලොව මතුපිට උෂ්ණත්වය  නම් සෙන්ටිග්‍රේට් 50 ට [ෆැරන්හයිට් 100] වඩා වැඩි වෙන දවස් තියෙනවලු.


මැණික් ආකර, පොළොව යට දේවස්ථාන ඒ වගේම පොළොව යට සුසාන භුමි, හෝටල් වැනි දේවල් නිසා ලෝකෙ හැම පැත්තෙන්ම සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ ශක්තියක් තියෙනව  මේ 'කුබර් පෙඩි ' කියන කුඩා නගරෙට. කුබර් පෙඩි නගරයෙ දකින්න තියෙන ගස් යකඩින් හදල වෙල්ඩින් කල ඒව...හෙහ්...හෙහ්...

අධික උෂ්ණත්වය නිසා ගොල්ෆ් ගහන්න නං පුළුවන් රෑට විතරයි. ගොල්ෆ් ගහන කට්ටිය tee-off එකට පොඩි 'තණ නිල්ල' කෑල්ලක්  අරන් එන්න ඕනෙලු, මොකද 'කුබර් පෙඩි' ගොල්ෆ් කෝස් එකේ තණකොළ නැති නිසා.





 Opal Dream, Mad Max Beyond Thunderdome, Red Planet  සහ  Priscilla, Queen of the Desert ඇතුළු චිත්‍රපට ගණනාවකට පසුබිම සපයල තියෙනව 'කුබර් පෙඩි'.


 පහතින් තියෙන්නෙ 'කුබර් පෙඩි' පල්ලියෙ පිටත සහ ඇතුළත දර්ශන කීපයක්.











පහතින් තියෙන්නෙ 'කුබර් පෙඩි' නිවසක ඇතුළත දර්ශන කීපයක්.




 පහතින් තියෙන්නෙ 'කුබර් පෙඩි' හෝටලයක දර්ශන කීපයක්.








 Aboveground Spaceship
  'කුබර් පෙඩි' පොත් සාප්පුව
මේ විස්තර සහ චායාරූප සපයා ගැනීමට උදව් කල තාරක දිල්ශාන් අමරසිංහට මගේ ස්තුතිය.
'තාරක දිල්ශාන්' නමින් කොමෙන්ට් කරන ඔහු සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරන, තම පියාගෙ ව්‍යාපාරයට උදව් දෙන ගමන්  පර්ත් නගරයෙ උසස්  අධ්‍යාපනය ලබන තරුණයෙක්.



කරුණු කාරණා සහ චායාරූප බොහොම අමාරුවෙන් හොයල, මේ පොස්ට් එක ලියල පබ්ලිෂ් කරන්න හේතු වුන කොමෙන්ට් එකක් තියෙනව. ඒක මෙහෙ ඉන්න එක්කෙනෙක්, මෙහෙ ඉන්න එවුන් ගැන, කියපු කියමනක්. කොමෙන්ට් ඒක පළ වුනේ නං වෙනත් බ්ලොග් එකක. {තරහකින් කිවූ දෙයක් නොවේ, දිරිගැන්වීමට ස්තුතිය පල කිරීමක්...හෙහ්...හෙහ්...}

//මේවයෙ ඉන්න එවුන් නොලියන එකේ බින්දිවත් මේවා ලියන එක කොච්චර දෙයක්ද.... එක අතකට ඉන්න තැන ගැන ඒවයෙ ඉන්න එවුන් කියනවට......//

කොමෙන්ට් එක නං ඔයිට වඩා දිගයි, වැදගත් කොටස විතරයි මෙතන දැම්මෙ.

ළඟදීම එනවා....!!! බටහිර ඔස්ට්‍රේලියාව පුරා හාරන රත්තරන් වලින් රන් ගඩොල්, රන් බිස්කට්, රන් කාසි, නිපදවන 'පර්ත් මින්ට් ' කියන රත්තරන් වැඩපොළ පිලිබඳ ලිපියක්.

126 comments:

  1. මේ දැන් ඔය කියාපු කොමෙන්ට් එකත් බලල මේ පැත්තෙ ආව විතරයි! අරින්න එපා ඔබා අය්යෙ...ඒ කියපු කෙනත් රාජාවලී ගැන කිය කිය උන්නට ඉන්න රට ගැන දන්නෙ නෑ නෙ :D

    මෙහෙම තැනක් ගැන මේ ඇහුවමයි. බය නැතුව කන පිරෙන්න සද්දෙ දාල සින්දුවක් අහන්න පුලුවන් ගෙවල් නිසා, මොක නැතත්, වලේ ගෙට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හෝව් බං... රාජාවලී ලියන කෙනා මේකට සම්භන්ද නෑ නේද ? වැරදුනේ බොටද මටද ?

      Delete
    2. හප්පා..රාජාවලී කිව්වේ මට වත්ද? :0

      Delete
    3. හය්යෝ මී සෝස පාට පින්තූර නිසා ටැපලිල!

      අර රාජාවලී නෙමෙයි ඒ කිව්වෙ කෙල්ලො හා කියන්නෙ බෑ කියන එකටයි කියල ලිව්ව කෙනානෙ."xයුරු මොකද xයුරි මොකද" චුට්ටං වෙනසනෙ අප්ප:D

      Delete
  2. අහ් මේ ලියල තියෙන්නේ...
    ස්තූතියි මාවත් මතක් කලාට :)

    ReplyDelete
    Replies
    1. තාරකට ස්තුති කරන්න ඕනෙ මමනෙ

      Delete
  3. එල ලිපියක් ඔබා මාමේ , ලස්සනෙට return 1 දීල තියෙනවා ,ජය වේවා !!

    ReplyDelete
  4. නියම විස්තරයක් ඔබා මාමෙ... කවුරු වුනත් අර කමෙන්ට් එක දාපු මනුස්සයට කීයක් හරි දෙන්න වටිනව... :)

    ReplyDelete
    Replies
    1. මේක ස්පෑම් වලට වැටිල තිබිල දැනුයි ඇදල දැම්මෙ මෙතෙන්ට.

      ඔව්..වොව්.. එයත් ඇවිල්ල පහළින් කොමෙන්ට් එකක් දාල ගිහිල්ල :-)

      Delete
  5. බොටත් ඉතිං ඕවා ගෑල්ළමයෙක්ම කියන්න ඕන නේ.. අපි කිවුවොත් කණකටවත් ගන්නෑ.. මැක්සා පෝස්ට් එක ඔබාඅයියෙ, මෙන්න මේවානෙ ලියන්න ඕන.. :)

    ReplyDelete
    Replies
    1. හරි ...හරි.... මීට පස්සෙ මේවම තමා...

      බුරාගෙ ඉල්ලීම පරිදි කියලත් දානව ඕන් එහෙනං....

      Delete
  6. මේක ඔබාගෙ බ්ලොග් එකද :-)
    තැන්කියු කිව්වා... අලුත් දෙයක් දැනගත්තා...Flintstones මතක් උනා...

    ReplyDelete
  7. ෆට්ට ඔබා මාමෙ. මාරයි ආ..........

    ReplyDelete
  8. හොද ලිපියක්.අපිට කොහෙන්ද කැන්ගරු දේශෙට යන්න චාන්ස්!
    (බැදලා හනිමූන් යන්න මරු පොට් එක.සවුන්ට් පෲෆ් නිසා හරි නිදහස් ඇති නේ)

    ReplyDelete
  9. අනේ මං දන්නේ නෑ අප්පා මේ මිනුස්සු කියන ජාතිය නැති තැනක් නෑනේ..

    ReplyDelete
  10. ඔබා මාමාට කවුරුහරි ඇඬෙන්නම දීලා වගේ..කොහොමහරි කමක් නෑ..හිංහලයන්ගේ දැනුමට මොනාහරි එකතු කරන එකත් හිනස්සන එක තරම්ම වටිනවා...

    ඔය පිංතූර ටික තියෙන ඊයක් ඊයෙ පෙරේදා මට ඇවිත් තිබුනා..පොළව යට නගරය කිව්වට පිංතූර විතරක් හින්දා මෙලෝ රහක් දැනුනෙ නෑ...

    ඔබා මාමාගෙ විස්තරත් එක්ක සෙට් වුනාමනම් පංකාදුයි...ස්තුතියි

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  11. ඉතාමත් හොඳ ඝනයේ ලිපියකි. ලොකු වෙනසකි. දැනුමක් ලැබුවා

    ReplyDelete
  12. කූබර් පෙඩි ගැන ඇහුවෙනං අදමයි. අර City of Ember කතාවටයි චිත්‍රපටියටයි අදහස ගත්තෙ මෙහෙන්ද දන්නෑ.

    ReplyDelete
  13. ඕන්න ඔබා අයියගෙ අකුරු සහ තාරකගෙ ෆොටෝ වලින් අපිත් කුබර් පෙඩි වන්දනාමාන කර ගත්තා..දෙන්නටම පින්..

    ReplyDelete
  14. වටිනා පෝස්ට් එකක් ඔබා මාමෙ. (අද තමයි මුලින්ම කමෙන්ට් එකක් දැම්මෙ)

    ReplyDelete
  15. කලින් අහලා තිබුනට මෙච්චර දැනගෙන උන්නේ නෑ.. ඔස්ට්‍රේලියාවේ පොලොව යට ගෙවල් තියෙනවා කියලා විතරයි දැනන් උන්නේ.. එතකොට ටොයිලට් වල තියෙන්නේ උඩද.... මේ නිකන් මන් අහන්නේ.. (ටෙනියගේ කෑල්ලක්)

    ReplyDelete
    Replies
    1. @ කැන්ඩියන්,
      ඔව්..වොව්..වන ඇන්ඩ් ඔන්ලි ඔබා....

      @ කිරිපුතා,
      තෑන්ක් යූ.

      @ හයි කෝර්ප්,
      හනි මූන් එකේදි ලොකුවට සද්ද කොරන්න වගේ හිතා ඉන්නෙ...හෙහ්...හෙහ්...

      @ කණියා,
      වැඩිකාලයක් යන්න ඉස්සෙල්ල අඟහරු ලෝකෙටත් යන්න ඉන්නෙ

      @ හ‍රී,
      ස්තුතියි විග්‍රයට

      @ ඊ මේල් කවිකාරි,
      දැනුමක් ලබා ගත් එක ගැන සන්තෝෂයි

      @ පරිකල්පන,
      City of Ember බලල නෑ, ඒ නිසා හරියට කියන්න බෑ

      @ වෙනි,
      ඔව්..වොව්...දැන් ඉතින් පිනක් දහමක් කොරගෙන ඉන්න ඕනෙ කාලෙනෙ....හෙහ්...හෙහ්...

      @ සිදු,
      තෑන්ක් යූ, ගොඩවෙලා කොමෙන්ට් එකකුත් දාල යන්න කාලය වැය කලාට.

      @ මාතලන්,
      ඕස්ට්‍රේලියාවෙත් 'කුබර් පෙඩි ' ඇරෙන්න වෙන කොහෙවත් පොලොව යට ගෙවල් තියෙනවා කියල නං අහල නෑ, ටොයිලට් වලවල් ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ :-)

      Delete
  16. ඔබා මාමාටත් රිදෙන්ඩ දෙකක් වදින්ඩ ඕනා නේද හොඳවයින් පෝස්ට් එකක් පබ්ලිශ් කරන්ඩ..

    ඕකට කේන්ති ගන්ඩ දෙයක් නැහැ..ඕක කියපු එයාටත් අදාලයිනෙ..

    අර " Dangerou " කියලා දාලා තියෙන්නේ ඇයි.. ඒතැන් වල හිටපු ගමන් ගිලාබහිනවද..? නැත්නම් ඔය නගරෙත් රත්නපුරේ වගේ මුක්කු උඩ තියන නගරයක්ද :-)

    ReplyDelete
  17. ෆට්ටයි නේ!
    බැරිවෙයිද අපිටත් චෑන්ස් 1ක් ගන්න කූබර්පෙඩි බලන්න යන්න!;)

    ReplyDelete
  18. මෙහෙම නගරයක් ගැන ඇහුවමයි...බය නැද්ද අර පොලව යට ගෙවල් වල ඉන්න..කඩන් වැටුනොත් එහෙම විනාසයිනේ..ස්තුතියි ඔබා මාමේ..ඉන්ටරෙස්ටිං පෝස්ටුවට

    ReplyDelete
  19. කමෝන් ඔබා මාමා... ඇර සොයිසා ඇර...

    ReplyDelete
  20. සාධූ . . . .සාධූ . . . .සාධූ . . . . !!!

    ReplyDelete
  21. මෙච්චර මෙහෙ ඉදලත් මේවගේ සීන් එකක් අදමයි දැනගත්තෙ...බොහොම ස්තුතී කිවුව මාමට...
    අරවගේ කක්කි කතා නොදා ගරු කටයුතු වැඩිහිටියෙක් වගේ මෙන්න මේ වගෙ වැදගන් ලිපි දානවන ම් කොච්චට ශෝයිද මම අහන්නෙ.

    ReplyDelete
  22. එලකිරි ඔබා මාමේ.. ඇත්ත තමයි.. තමන් ඉන්න රටේ දේවල් ගැනත් ලියන එක වටිනවා තමයි.. මමත් හිතාගත්තා ලියන්න..

    ReplyDelete
  23. ගොඩක් හොඳ පොස්ට් එකක්..නොදන්න දෙයක් ගැන දැනගන්න ලැබුනා..

    ඒක නෙවෙයි දැන් අර ඔබ්සර්වර් කියන ලස්සන ලස්සන කතා ලියන අයියා ලියන්නෙ මොන බ්ලොග් එකද..?

    ReplyDelete
  24. ඒ වුණාට පොටෝ කෑල්ලකින් හරි පොඩ්ඩක් ගෑවිලා ගියානම් තමා හොඳ...

    ReplyDelete
  25. මෙන්න ලිපි! මරු ඈ! මම නම් මෙහෙම දෙයක් දැක්කමයි! :)

    ReplyDelete
    Replies
    1. @ සෙනා,
      ඔව්..වොව්..කියපු කෙනාටත් අදාලයි තමා.
      රත්නපුරේ විතරද මුක්කු උඩ තියෙන්නෙ...මං හිතං හිටියෙ ලංකාවම කොට උඩ කියල.

      @ නුවන්,
      අපෝ පුළුවන්, පොඩි දේවල් දෙකයි කොරන්න තියෙන්නෙ, විසා එකක් සහ එයාර් ටිකට් එකක් ගන්න එක :-)

      @ සයුරි,
      ඇත්තටම පොලොව යට කිව්වට ගල් ගුහා මේව, රොක් ෆේස් එකේ හාරල තියෙන්නෙ.

      @ ජීනියස්,
      වැටට උඩින් වෙන්නැති...හෙහ්...හෙහ්...

      @ ඕනයා,
      සුවපත් වේවා දරුව...!!!

      @ කස්ස,
      කුණුහබ්බ නං නෙමේ, ඒ වුනත් ඊගාව එක ඇත්තටම කක්ක කතාවක්

      @ දිනේෂ්,
      හොඳා...හොඳා...අපිත් ඔබ්සර්ව් කන් ඉන්නව

      @ ලකී,
      පොර ලඟදි බුද්ධාගම වැළඳ ගත්තනෙ

      @ බීට්ල්,
      දාන්නත් හදල ගොල්ෆ් ගහන එක්කෙනෙකුගෙ එකක් ආයෙත් නිකා හිටිය :-)

      @ පූස,
      අගය කිරීමට ස්තුතියි

      Delete
  26. මේ මාසෙට කියවාපු ලිපි වලින් මම ආසාවෙන්ම කියවාපු ලිපිය තමා මේක . හෙට වැඩට ගිය ගමන්ම මේ පලාත ගැන වීඩියෝ පාරක් හොයාගෙන නඹන්න ඕනෙ . පොලව යට ජීවත් වෙච්ච කාලයක් මටත් තිබුනා . මට ඒ කාලේ මතකෙට ආවා . මේතරම් ලස්සන තැනක් නොවුණත් මම අපේ ගෙදර පොලව යට තිබුනු කාමරේ ඇතුලේ රෑට ගෙවාපු ජීවිතේට මාරම ආසයි . හිතුනොත් දවසක මම ඒක ලියනවා .

    ReplyDelete
  27. අඩෝව්! කවුද ඩෝ අපේ ඔබා අයියා කුණුඅරප විතරයි ලියන්නෙ කිව්ව එකා? අවුවෙන්ඩෙපා මට. බාවනවා කොනක ඉඳන්.දැනගනියව් මේ බ්ලොග්වෝකරයා ඔඳට ඔඳයි (නරකටත් ඒ වගේම ඔඳයි)

    (රහසින්) අර බුරා කොලුවා කිව්වා වගෙ ඔබා අයියටත් ගෑණු අන්සයක් කිවොත් තමයි ආන්නෙ නේ? අපි කිව්වොත් පෝරියල්.

    පෝස්ට් එක නං එල ද බ්‍රා! යකෝ කමිං ඇට්‍රෑක්ෂනුත් දාලා.

    බොසා, ඇවුවට මල පන්නගන්න කාරි නෑ. අර ස්පේස්ෂිප් ද අහවල් එකේ ආපු උන් ඒනල් ප්‍රෝබ් එකක් වත් දාලා බොසාව බ්‍රේන් වොෂ් කලා වත්ද? (මම ඉතුවෙම බොසා මේ වෙරදි බ්ලොග් එකක් කියලා.) අඩෝව් ඒලියන්ල වුනත් කමක් නෑ.
    අවුවෙන්ඩෙපා අපේ ඔබාට ඒනල් ප්‍රෝබ් දාලා. අඩෝව් අපි එවනවා ජයියව, අරිද???

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මොකක්...anal probe දාලා brain wash කලා කිව්වා....සික්...මේ ඒලියන්ස්ල නං මහ කැත මිනිස්සු...අනික ඕවා මෙහෙ ඉන්න කට්ටියත් කරන්න ගත්තොත්.....හපෝයි..

      Delete
    2. ඔබාගෙ බ්‍රේන් වොෂ් කරන්න නං ඒනල් ප්‍රෝබ් එකක්ම තමා ලකී හරියන්නෙ . . . ඒලියන්ස්ල උනත් දන්නව මිනිහගෙ මොලේ තියෙන්නෙ කොහෙද කියල

      Delete
  28. මොකෝ දන්නේ නෑ මට නම් ඕපල් කිව්වම මතක් වෙන්නෙම බ්ලැක් ඕපල් කියන රට බීම ජාතිය !!!!

    ReplyDelete
  29. ලස්සන පින්තූර ටිකකුත් බලාගෙන නොදන්න දෙවල් ගොඩකුත් දැනගත්තා. හැබැයි අර අන්තිමට කියල තියන දේවල් නං මට තේරුන්නෑ ඔබා මාමෙ.

    ReplyDelete
  30. මම මේ මෙහෙම දෙයක් ඇහුවමයි මාර වටිනවා ඔබා මාමේ පිස්සු හැදෙනවා පින්තූර දැක්කම පොළව යට ඒ තරම් ගතියට හැදුවේ කොහොමද මන්දා ආසාවේ බෑ දැක්කම... ඒ ගෙවල් ඇතුල උෂ්ණත්වේ කොයිතරම් විතර ඇතිද??? අපේ ඔබා මාමා මෙහෙම පෝස්ට් එකක් දායි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ අන්තිම මොහොත වෙනකන්ම මම හිතුවේ කොහෙන් හරි කුණුහරුපයක් ඔබයි කියලමයි... බැලින්නම් ඔබා මාමා හොඳ වෙලානේ... නියමයි ඈ ජය වේවා... කලින් දාපු පෝස්ට් නවත්තන්න එපා හොඳේ....කවුද අර වළලු දාපු අත??

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් කාරයා ලඟදි පාට් එකක් දාලා තිබ්බා.. ඊට පස්සෙද කොහෙද ඔබා මාමා හොඳ වෙලා තියෙන්නේ...

      Delete
  31. මෙහෙම සීන් එකක්නම් ඇහුවමයි. මෙහෙත් සමහර සමර් වල රස්නේ 50 පනින දවස් තියනවා.

    ReplyDelete
  32. අනේ ශෝක් ගෙවල් ටික... ස්තූතියි ඔබා මාමේ. හොඳ ලිපියක් දැන ගන්ට හුඟක් දේවල් තියෙන.......

    ReplyDelete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. වැදගත් ලිලියක්! මාමාගෙ ටුවර් එකක්ද මේ? කව්ද මේ ඇන්ටි??

    http://1.bp.blogspot.com/-mM_zlLuFxMw/T0SwhAmQeOI/AAAAAAAAAfE/bwLZIZySRDI/s1600/Coober+pedi.htm+28.jpg

    ReplyDelete
  35. කරුණු කාරණා සහ චායාරූප බොහොම අමාරුවෙන් හොයල, මේ පොස්ට් එක ලියල පබ්ලිෂ් කරන්න හේතු වුන කොමෙන්ට් එකක් තියෙනව. ඒක මෙහෙ ඉන්න එකියක්, මෙහෙ ඉන්න එවුන් ගැන, කියපු කියමනක්. කොමෙන්ට් ඒක පළ වුනේ නං වෙනත් බ්ලොග් එකක.....

    ඔබා දිරිමත් කල ඒකිට අපේ අවංක ආදර ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. @ සඳරු,
      උඹටත් පොලොව යට කාමරයක් තිබ්බද ?
      මෙලහට නං ඉන්ටර් නෙට් හරහ කුබර් පෙඩි බලන්න ඇති නේද ?

      @ ඩුඩ්,
      බ්‍රේක් පෑඩ් දාගන්න ගිහින්ද කොටහේනෙ, මරදානෙ බාසාව පුරුදු වුනේ ?

      @ මධුරංග,
      බෝතල්මයි සිහියෙ තියෙන්නෙ නේද ?

      @ මාරයා,
      බිංකුන්ඩො නෙමේ ඒලියන් වගේ එවුං

      @ බට්ටා,
      අන්තිමට කියපුව ගණන් ගන්න එපා, එක පොඩි නෝන්ඩියක් දාපු කෙනෙකුට හීන් රිටර්න් එකක් :-)

      @ ගැමියා,
      මේ වගේ එකකට මේ දවස් වල කරුණු එකතු කරනව. ' වළලු දාපු අත' පහතින් කොමෙන්ට් එකක් දාල තියෙනව.

      @ ක්සැන්ඩර්,
      මට නං 40 පයින කොට පිස්සු වගේ, මං ඉන්න පැත්තෙ ලක් එකට හැබැයි 40 පයින්නේ අවුරුද්දකට දවස් කීපයක් විතරයි

      @ අරුන්දතී,
      ස්තුත්යි අගය කිරීමට

      @ මාධව,
      මගේ නෙමේ, කව්ද දන්නෑ ආන්ටි. පින්තුර ගත්තෙ 'කුබර් පෙඩි ' ගැන වෙබ් සයිට් එකකින්

      @ නීල්,
      හෙහ්..හෙහ්...එයත් යට කොමෙන්ට් එකක් දාල තියෙනව

      Delete
  36. අඩේ ඔබා මාම ඩිස්කවරි චැනල් ඒක බැලුව වගේ පට්ට

    ReplyDelete
  37. අන්න නියමයි කියල කට ඇරල කියන්න පුලුවන් පොස්ට් එකක්. නියමයි. මම මෙහෙම තැනක් දැක්කමයි. බොහොමත්ම ස්තූති මේ වගේ වටින පොටෝ ටිකක් එක්ක මේ වගේ පෝස්ට් එකක් දාපු එකට.

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මේ වගේ තව එකක් ළඟදීම එනවා, ඒ වුනාට තව කතාවක් තියෙනවා ඊට ඉස්සෙල්ල දාන්න

      Delete
  38. සුපිරි ලිපියක් , අනිත් ලිපි වලට වඩා වෙනස්, (මම ඔබේ බ්ලොග් එකේ ලිපි කියෙව්වත් ඉස්සෙල්ලම දාන කොමෙන්ටුව )

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ කොමෙන්ට් එකකුත් දාල යන්න කාලය වැය කලාට

      Delete
  39. මේක කියෙවුවාම ප්‍රශ්න හෙන ගොඩාක් අහන්න හිතුනා.ඒත් දෙකක් විතර අහන්නම්.

    1)හදිස්සින්වත් වැස්සොත් ඒ ගෙවල් වලට ජලය කාන්දු වෙන්නේ නැද්ද?. මොකද මම දැකපු විදියට උඩින් තියෙන පස් තට්ටුව රැදවිල තියෙන්නේ ඒ පස්වල තියෙන ඝනත්වය නිසා වගේ.

    2)ඒ ප්‍රදශයේ කිසිම ගොඩනැගිල්ලක් නැද්ද පොලොව මතුපිටින්.

    ReplyDelete
    Replies
    1. (1) මේ ගෙවල් පොලොව යට කිව්වට Rock Face හාරල හදල තියෙන්නේ, ගල් ගුහා වගේ. [4, 5, 7, 8, 11, පින්තුර හොඳට බලන්න.] ඒ නිසා වතුර කාන්දු වෙන්නේ නෑ. අනික ඔය කාන්තාර පෙදෙසට වැස්ස බොහොම අඩුයි.

      (2) තියෙනව, 3 පින්තුරේ බලන්න

      Delete
  40. ඕපල් කාර් දන්නවා උනාට ඕපල් මැනික් නම් දන්නේ අදමයි ඒ වගේම මේ බිංකුඩු නගරේ ගැනත් අදමයි ඔන්න දැන ගත්තේ,,අර දාලා තියන පිචෑර් ලස්සනද ඔබා මාමේ හොයාගෙන බලන්න...
    අඩුවකට තියෙන්නේ අර පොටෝ එකක් විතරයි පෝස්ට් එක ලස්සන වෙන්න...
    ඕට්ටේලියාව ගැන බිංදි ලියන්න ගිහින් ලැජ්ජාවටවත් පටන් ගත්තු එක හොදා මෙහෙමවත් දෙයක් දැන ගන්න,නැත්නම් හැමදාල රැලිවැටිච්ච පුකවල් බලන්න වෙන්නේ මෙතනින්.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඕපල් කියල අරක්කු ජාතියකුත් තියෙනව :-)
      පික්චර් වල නම් ජාලෙන් හොයා ගත්තේ මාත් බලල නෑ.
      ගොල්ෆ් ගහන ගෑල්ළමයින්ගේ පින්තුරෙකුත් දාන්න හිතලත් නිකා හිටිය.

      Delete
  41. වටිනා පෝස්ට් එකක් ඔබා අයියේ. ජීවිතේ පළවෙනි පාරට තමයි මේ වගේ තැනක් තියෙනවා කියලා දැන ගත්තේ. ගොඩක් ස්තූතියි....!

    ඒ වගේම ඔසී වල තියෙන බඩගිනී ටවුන් එක ගැනත් ලියහන්කෝ....!

    ReplyDelete
    Replies
    1. Thanx

      'බඩගිනි ' ගැන විස්තර ටිකක් දන්නව, අපේ පැත්තෙ ඉන්නව වයසක මහත්තයෙක්, විජේසුරිය කියල, එයා ඒ පැත්තෙ වැඩ කරලත් තියෙනව තරුණ කාලේ . එයාගෙනුයි, ජාලෙනුයි තව විස්තර හොයාගෙන පෝස්ට් එකක් ලියන්නං.

      Delete
  42. කූබර් පෙඩීලා බොන්නේ ස්කයි වොඩ්කා වගේ.....

    ReplyDelete
    Replies
    1. බෝතලේ ඇර වෙන මුකුත් දැක්කෙ නෑ නේද ? හෙහ්...හෙහ්...

      Delete
  43. මම කියවපු ලස්සන ලිපියක්. තාරකගේ පින්තූරත් ඒ වගේමයි. අනේ මට නම් මේ කුබර් පෙඩි බලන්ට එන්ටම ඕනි. එනවාමයි. යමුද ඔබා ආයම පාරක්?

    තව කවුද එන්නේ??? :D:D:D

    ReplyDelete
    Replies
    1. මටත් යන්න ඕනේ!
      ඔබා මාමේ මේක නම් හරිම වටින ලිපියක්! ඔය නගරේ බලන්න දැන් නම් හරිම ආසයි...හරියට අර සයි ෆයි ෆිල්ම් වල වෙන ග්‍රහලෝක වල ජනපදයක් වගේ...මට මතක් උනේ පලවෙනි ස්ටා වෝස් ෆිල්ම් එකේ කෑලි :D
      මෙල්බන් ඉදන් ෆ්ලයි කරොත් පැය 1.5 වගේලු යන්නේ...රස්නේ පලාතක් නිසා වින්ටර් එකේ ගියොත් හොඳ වේවිද කියල හිතෙනවා.

      Delete
    2. යන්වනම් අපිත් එනවෝ

      Delete
    3. ඔන්‍න‍ පොඩි කුමාරිහාමිට යන්න නිරෝශිනීයි, කස්සයි, ඉන්නව. ට්‍රිප් එක ඔර්ගනයිස් කරන එක විතරයි තියෙන්නෙ...හෙහ්...හෙහ්...

      Delete
  44. අඩේ මමත් ඔය ඇහුවමයි ඔය නගරේ ගැන... කවුද ඔබා මාමට සද්දෙ දැම්මෙ අහ්.. රැලි ව්ටුන පුකවල් ගැන ලියන ගමන් මෙව්ව ත් ලියන්න ඉතින් හික් හික්...

    ඇත්තටම ආස හිතුන බලන්න කුබර් පෙඩි...

    ReplyDelete
    Replies
    1. සද්දෙ දාපු කෙනා පහලින් කොමෙන්ට් එහෙකුත් දාල තියෙනව, පිස්සත් අඳුනන කෙනෙක්.

      Delete
  45. White man 's hole = සුද්දගෙ හිල කිවුවනං ලස්සනයිනෙ...

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් හෙව්වොත් හිලක් නැත්තං ගලක්... :-)

      Delete
  46. ෂඃ මරුනේ අෆ්ෆා ගෙවල්... පොලව යට උනත් මාරෙට හදලා.. පෝස්ටුවත් එල ඈ...:)

    ReplyDelete
  47. අඩේ අපේ කස්ටිය ගල්යුගේ අත ඇරියට මේ ගොල්ලෝ තාම ගල් යුගයෙනේ... ඔබා මාමාටත් තාරකටත් බොහොම ස්තුතියි.... අගේ ඇති ලිපියක්..........

    ReplyDelete
    Replies
    1. ගල්යුගේ අත ඇරල...මට නං එහෙම පේන්නෑ... :-)

      Delete
  48. නියම පෝස්ට් එකක්.
    ඔබ Flintstones කියන එක වෙන්න ඇති කලබල කට්ටිය කියල ජාතික රූපවාහිනියෙ සිංහලෙන් හඬ කවල ගිය කතාව. ඒකෙ තිබුණෙත් ඔය උපල මාණික්‍යයක් හොයන්න යන කොලු ගැටයෙක් ගැන.
    ඔබ පැත්තට භූමි කම්පා එහෙම එන්නෙ නැත්ද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව සමහර කොටස් මම බලල තියෙනව. ඕක චිත්‍රපටයක් හැටියටත් ආව මගේ හිතේ.

      භුමි කම්පා වාර්තා වෙලා තියෙන බවක් දැන ගන්න නෑ.

      Delete
  49. පොලොව යට ගෙවලුත් එක එක මට්ටමේ ඒවා නේද?

    ReplyDelete
    Replies
    1. අපේ වගේ එක, එක, මට්ටමේ ගෙවල් හදන්න මෙහෙ අනුමැතිය ලැබෙන්නේ නෑ. පාරෙ හරි, ප්‍රදේශයේ හරි, හදන්න පුළුවන් එකම වර්ග ප්‍රමාණයේ, එකම තට්ටු ගන්නේ, ගෙවල් විතරයි. ඉඩමේ ප්‍රමාණය සහ පාරේ ඉඳල ගෙදර ඉස්සරහම බිත්තියට තියෙන දුර පවා සමාන විය යුතුයි. හයි ෆයි ගෙයක් හදා ගන්න ඕනේ නම්, හයි ෆයි පැත්තකට යන්න ඕනෙ.

      Delete
  50. ඔන්න බලන්න ඔබා මාම කියන්නේ කවුද කියල දැන් පේනවනේ . කොයිකටත් ඔට්ටුයි නේද . මන් අහලම තිබුනේ නැති නගරයක් මේක . ඕස්ට්‍රේලියා වේ සත්තු විතරක් නෙමේ මිනිස්සුත් පොලව යට ජිවත් වෙන බව දන්නේ අදනේ . පින්තුර ටිකත් හරිම ලස්සනයි . මෙන්න මේ වගේතැන් ගැන තව ලියන්න . හරිම ආසාවෙන් කියවූවා . මේක නම් හාමුදුරු කෙනෙක්ට වුනත් බැලිය හැකි බය නැතුව . අර කමෙන්ට් එක දාපු කෙනාටත් ස්තුතියි හොඳේ . මින්ට් එක ගැන ලියන්න . අපිට යන්නත් බැරිවුණා එකේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම එත් බැලුවෙ . . මට මේ පෝස්ට් එක කියවන්න පුලුවං උනේ කොහොමද කියල . . .

      Delete
    2. Bindi,
      මින්ට් එක ගැන වැඩි දවසක් යන්න ඉස්සෙල්ල ලියන්නම්.

      ඕනය,
      ඇයි බොගෙ ඇස් දෙකට මුකුත් වෙලා තිබ්බද ?

      Delete
  51. හරිම ලස්සන පෝස්ට් එකක් . ඉඳ හිටවත් මේ වගේ ඒවත් ලියන්න . :D

    ReplyDelete
    Replies
    1. Coming soon "Perth Gold Mint"
      නළු නිළියො කව්ද කියල දැම්ම කියන් නෑ...

      Delete
  52. මේව ලියනඑක ගැනනං මාත් කිව්වද කොහෙද මීට කලින් ඔබාට. මදෑ දැංවත් මොලේ පෑදිච්චඑක :)
    මං මුලින් හිතුවෙ ඔබා කුබර් පෙඩි ගිහිං කියල.

    ReplyDelete
    Replies
    1. හ්ම්...ටිකක් වාඩි වෙලා හිටියම මොලේ කැක්කුමක් එනව අප්ප... :-)

      Delete
  53. ශා...මෙන්න පෝස්ට් කිව්වලු...
    මටත් ප්‍රශ්න ටිකක් තියෙනවා මේ ගෙවල් ගැන.මේ වගේ සිවිලිම හදලා තියෙන්නෙ මොනවා ගෙන්ද?කොන්ක්‍රීට් කරලා වෝටර් පෲෆ් කරලද?? ඉර එලිය ලැබෙන්නෙ ඉස්සරහ ජනෙල් වලින් විතරද?? වාතාශ්‍රය ලැබෙන්න්නෙ කොහොමද??

    ඔන්න දෙන්ටකෝ බලන්න උත්තර...

    ReplyDelete
    Replies
    1. පලවෙනි ප්‍රශ්න දෙකට පිළිතුරු අසරණයට දීල තියෙන පිලිතුරමයි. වාතාශ්‍රය සඳහා කරල තියෙනව කියන්නෙ, ෆෑන් ෆෝර්ස්ඩ් සුලං සැපයුම සහ එක්ස්හොස්ට් ෆෑන් මගින් සුළඟ සංසරණය කිරීම. ඉදිරි ජනෙල් දොරවල් වලින් ලැබෙන ස්වාභාවික එලිය ඇරුනම විදුලි එලිය තමා භාවිතා වෙනවා කියන්නෙ. අවුරුද්දේ දවස් තුන්සිය හැට පහම වගේ ඉර එලිය හොඳට තියෙන නිසා කාර්යක්ෂමව 'සෝලා පැනල් ' වලින් විදුලිය නිපදවෙනවා කියලයි දැන ගන්න ලැබුනෙ.

      Delete
  54. ආ...ආ... මං දන්නව කවුද කිව්වෙ කියල...හී..හී....
    ඒක කියල තියෙන්නෙ නම් ලියපු කෙනාටත් එක්කමයි කියලයි මට හිතුනෙත්... ;P
    මොනව උනත් කමක් නෑ බලන්නකො ප්‍රතිඵලේ.... මල් හතයිනෙ....
    ඇත්තටම මං මේක ගැන ඇහුවෙත් අදමයි.... මේ හෙවල්වල දවල්ටත් ලයිට් දාලද ඉන්නෙ.... හැබැයි අර කිචන් එකේ නම් ලොකු එළියක් පේනව... ස්වාභාවික එළියක් වගේ.... ඒ මොකක්ද....?
    අපට ඕන තව මේ වගේ පෝස්ට්...!!
    බොහෝම ස්තුතියි ....:D

    ReplyDelete
    Replies
    1. නිසුපට, අසරණයට, දීල තියෙන පිලිතුරුත් බලන්නකො.
      සමහර විට ගල විදල 'ස්කයි ලයිට් ' සවි කරල තියෙන්නත් බැරි නැහැ.

      "ඒක කියල තියෙන්නෙ නම් ලියපු කෙනාටත් එක්කමයි කියලයි මට හිතුනෙත්"
      එයාගෙ ප්‍රතිචාරෙත් බලමු....

      Delete
  55. මෙම ලිපිය සියල්ලන්ටම බැලීමට සුදුසු අසභ්‍ය නොවන ගනයේ එකක් බව සහතික කරන අතර මෙය ලියන ලද්දේ ඔබා විසින්මද යන්න ගැන කිසිම සහතිකයක් දිය නොහැකි බවද කවුරුන් හෝ මෙම ලිපිය මෙහි පල කිරීමට බල කිරීම මගින් විශාල මෙහෙවරක් කර ඇති බවද මෙහිලා ප්‍රකාශ කරන්නේ සතුටිනි !!

    ReplyDelete
    Replies
    1. ඒ පිළිබඳව මමද මෙව්ව වෙමි

      Delete
  56. පොලව ඇත්තටම හිරිගල් ගුහා නැත්නම් කබොක් ගල් ගුහා වගේ නේද ඔබ අයිය, ඕව තියෙන්නේ පොලව මට්ටමේ ඉඳල කොච්චර යටින්ද, කඩා වැටිලා අනතුරු වෙලා නැද්ද?
    ඇත්තටම අපූරු පොස්ට් එක. එත් ඔබ අයිය අර අයිඩෙන්ටිටි එක නැත්තටම නැති කරගන්නත් එපා

    ReplyDelete
    Replies
    1. අසරණයට, නිසූපට සහ මියුරුට දීල තියෙන පිලිතුරුත් බලන්න.

      අයිඩෙන්ටිටි එක නැති කොරන් කොහොමද ? හෙහ්..හෙහ්...

      Delete
  57. නියමයි ඔබා මාමේ. කවදාවත් අහලා නැති මේ විස්තර දුන්නට ඔයාට හුගක් පිං.

    ReplyDelete
  58. ගොඩක් වටිනා විස්තරයක් ඔබා මාමේ...
    මේ වගේ පොලව යට ගෙයක ඉන්න එකත් හරි ආතල් ඇති නේද
    කොහොම උනත් ස්වාභාවිකත්වයට කිට්ටුවෙන් ජිවත් වෙන එකේ තියෙන්නේ අමුතු සුවයක්

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒ මිනිස්සු කොහොම හිතනවද දන්නෑ...

      Delete
  59. දැං කට්ටියට පෙනෙනව නේද දිලිසි දිලිසි බැබලි බැබලි තියෙන්නෙ මොකක්ද කියල??

    ReplyDelete
  60. මම නම් ඉග්ලු ගෙවල් ගැන පුංචි කාලේ ඇහුවට පස්සේ මෙහෙම ගෙයක් ගැන ඇහුවමයි... මේ වගේ දේවල් ලියනවනම් කොයිතරම් හොඳද ඔබා ​මාමේ...

    ReplyDelete
  61. ෆට්ට ජොයින්ට් එකක්නෙ ඔබා මාමෙ. පෝස්ට් එක පොඩිඋන්ටක් රෙකමන්ඩ් කළෑකි වගේ. හැබැයි සුවර්ම නෑ.

    ReplyDelete
  62. ammo බය හිතෙනවා දැක්කම. එත් ශෝක් නේද ::)

    ReplyDelete
    Replies
    1. 'බිය නොවන්න දියණිය මැරෙන හැටි පෙන්නන්න මොකෙක් හරි අල්ල ගන්න'

      Delete
  63. දවස් දෙකතුනක් අන්තර්ජාලය නැති පැත්තක උන්නෙ ඒ දවස් ටිකට ගිය දුරක්. එහෙනම් "කුබර් පෙඩි" වලටත් ගිහින් ආවා

    ReplyDelete
    Replies
    1. ජාලෙ තිබ්බ නං 'කුබර් පෙඩි' යතාකි මිලි තත්පර ගානෙන්....

      Delete
  64. හැමෝම ඔබ්සර්වර් ගේ ඔළුව අතගාන වෙලේ මෙන්න ටොක්කක්.

    මේක ලිපියකට වඩා පික්ටෝරියල් එකක් නේද? වචනවලට වඩා ෆොටෝ වැඩියි කියලයි මට පෙනුනේ. "මේ ලිපිය කියවා දැනුමක් ලැබුවා" කියලා මං නං කියන්නේ එක ෆොටෝ එකක් වචන දාහක් වටිනවා කියන අරුතින් යුතුවයි.

    මං පුවත්පත් ලිපියක කියෙව්වා මිනිස්සු කියවන්න කම්මැලි නිසා ටයිම් වගේ සඟරා පවා වැඩිපුර පින්තූර සහ වචන කීපයක් දාන්න පුරුදු වෙලා කියලා.

    කෙසේ වෙතත් ඔබා-මා කළ යුත්තේ මේ වගේ ලිපි තවත් පල කිරීමයි.

    ReplyDelete
    Replies
    1. මං පුවත්පත් ලිපියක කියෙව්වා මිනිස්සු කියවන්න කම්මැලි නිසා ටයිම් වගේ සඟරා පවා වැඩිපුර පින්තූර සහ වචන කීපයක් දාන්න පුරුදු වෙලා කියලා./// ඇත්ත හේතුව ඒක නෙමේ වෙන්ඩැති. මටිප් කරන්ඩ කම්මැලිකම වෙන්නැති :P

      Delete
    2. 'පික්ටෝරියල්' කියන වචනේ මතක් වුනෙත් මේ කොමෙන්ට් එක කියෙව්වම...ඇත්ත මේක ඒ කැටගරියට තමා වැටෙන්නේ. 'ටයිම්' මැගසින් එකත් එහෙම කරනවා නං අපි ගැන කුමන කතාද ?

      මේ දවස් වල පර්ත් මින්ට් එක ගැන ලියනව, එතන පින්තුර ගන්න විශේෂ අවසරයක් ගන්න වෙලා

      Delete
  65. මේ පෝස්ට් එක ලස්සනයි ඔබා මාමේ....අදමයි මෙහෙම තැනක් ගැන දැනගත්තෙ.....ඔබා මාමට ජය වේවා!!!!!!

    ReplyDelete
  66. හරිම ලස්සනයි..මෙහෙම එකක් ඇහුවමයි...ආසාවෙන් බැලුවෙ.ස්තුතියි අපි එක්ක බෙදා ගත්තට...

    ReplyDelete
  67. අර හිටපු ගමන් පතල් කඩා වැටෙනවා වගේ මේ ගෙවල් වලත් වහලෙ කඩන් වැටෙනවද.

    ReplyDelete
  68. නෑ...නෑ...මේවා ගල්ගුහා වගේ...අසරණයට, නිසූපට හා මියුරුට දීල තියෙන පිළිතුරු වලින් වැඩි විස්තර බැලිහැකි

    ReplyDelete
  69. එකෙන්ම සිරා පෝස්ට් එක ඔබා මාමෙ...

    ReplyDelete
  70. ස්වභාව දර්මය ජය ගන්න මිනිස්සු අනුවර්ථනය වෙලා තියෙන අපූරුව. ඇත්තටම ලස්සනයි...

    ReplyDelete
  71. කියන්න තියන ඔක්කොම කියලා තියන නිසා මමත් රසවින්ඳා කියලා විතරක් තියන්නම්....

    ReplyDelete
  72. වැඩේ නියමය්, තවත් ඔවැනි විස්තර බලාපොරොත්තු වෙමි

    ReplyDelete
  73. කියන්න වදන් නෑ, නියමයි, මම අදමයි ඔහොම දෙයක් ගැන දැන ගත්තෙ .......
    ඇත්තටම ආසා හිතුනා එහෙම එකක් ඇතුලට යන්න තිබුනනං කියලා .......

    ReplyDelete