My followers

Friday 3 February 2012

බල්ලෙක් සිංහයෙක් වුන හැටි



මට මතක විධියට මේ සිද්ධිය වුනේ 1960 ගණන් වල මැද හරියෙ. ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ, ගම්පහ කොළඹ පාරේ දැනටත් තියෙන 'සිරිල් ගරාජ් ' එක ඉස්සරහින් හැරිල යන පල්ලිය පාරෙ, [එවකට] අන්තිම ලයිට් කණුව ඉස්සරහ තිබුන 'කාමන් කොටේජ් ' කියන ගෙදර. පාලිත, කීර්ති, පරාක්‍රම, හරීන්ද්‍ර, එහෙම තමා ඒ කාලේ අහළ, පහළ, හිටිය මගේ සම වයසෙ යාළුවො. පාලිත තමා ' ෆොරිජින් සිගරෙට් ' පෝස්ට් එකේ, සුප්‍රසිද්ධ චිත්‍රපටයක්  නිශ්පාදනේ කළා කියන පුද්ගලය සම්භන්ද කතාව මට ඒ කාලෙ කිව්වෙ. හරීන්ද්‍රගේ තාත්ත ගම්පහ හදිසි මරණ පරීක්ෂක එම්. ඩී.සී.විජේසුරිය කියල එක්කෙනෙක්. හරීන්ද්‍රලගෙ තාත්තගෙ ගම ගම්පහට නුදුරු උඩුගම්පල පැත්තෙ.

ටික කාලයක්, මොනයම් හේතුවක් නිසා හෝ, ගේ කුලියට දීල, හරීන්ද්‍රල උඩුගම්පල තාත්තගෙ මහ ගෙදර පදිංචියට ගිහින් හිටිය. ඒ කාලෙ  නිළියක් [එලොව  ගිහින් මෙලොව ආව], නාට්‍ය නිෂ්පාදිකාවක් [විකෘති], හැටියට ප්‍රසිද්ධ සෝමලතා සුභසිංහ සහ එයාගෙ සැමියා ලයනල් ප්‍රනාන්දු [එවකට ආදායම් පාලක නිලධාරි පසුව යාපනේ පළාතෙ ආණ්ඩුකාරය] ඒ ගෙදර කුලියට අරන් හිටිය.  කෞශල්යා ප්‍රනාන්දු පොඩි බබෙක් එතකොට. ප්‍රනාන්දු පවුල වෙන ගෙදරකට ගියාට පසුව, නම මට මතක නැති වෙනත් පවුලක් හරීන්ද්‍රලගෙ ගෙදර කුලියට අරන් පදිංචි වුනා.

මන් කියන්න යන සිද්ධිය වුනේ, ඔන්න ඔය පසුව ආව කට්ටිය  හරීන්ද්‍රලගෙ ගෙදර ඉන්න කාලෙ. ඒ කට්ටිය  වන්දනා ගමනක් හෝ වෙනයම් ගමනක් ගිහින්, දවස් දෙක තුනක්ම ගෙදර හිටියේ නැති වෙලාවක, ඒ ගෙදරට හොරු පැනල. එයාලගෙ  පැමිණිල්ලට ආව පොලිස්  කන්ඩායම, පරීක්ෂණ  කටයුතු කරල හොරු අල්ලන්න පොලිස් බල්ලො ගෙන්නුවා.

පොලිස් බල්ලො ' ක්‍රයිම් සීන් ' එකට ගේනකොට හවස හයට විතර වෙලා, කරුවල  වැටීගෙන එන වෙලාව.


 හවස හත විතර වෙනකොට අපිටත් ආරංචි වුනා පොලිස් බල්ලො ගෙනල්ල, උන් ඉව කරමින් හැමතැනම ඇවිදිනව කියල. මේක ආරංචි වුනාම අපේ අම්ම ගෙදර හිටිය ' ටෝනි'යව අල්ලල ඌව බඳින්නම ඉස්සරහ ඉස්තෝප්පුවෙ සිමෙන්ති පොළවට සවි කරල තිබුන කොක්කට ඌව දම්වැලෙන් බැඳල.

පොලිසියෙ 'ඩෝග් හැන්ඩ්ලර් ' අපේ ගේට්ටුව ගාව ඉඳන්  'රෙක්ස්...රෙක්ස්...' කියල පොලිස් බල්ලට කථා කරනව. අපේ ටෝනි ගේට්ටුව ගාව ඉඳන් 
'ඩෝග් හැන්ඩ්ලර් ' පොලිස් භටයව කන්න පනිනව .

බලනකොට අපේ අම්ම කරුවලේ කොක්කට බැඳල තියෙන්නෙ ටෝනි නෙමේ රෙක්ස්.

[අපේ ටෝනි සහ පොලිසියෙ රෙ
ක්ස් එකම ජාතියෙ]


 මාතෘකාව මෙයා ගැන 

77 comments:

  1. මොකද්ද මේ කථාවේ සැගවුනු අර්ථය

    ReplyDelete
  2. අනේ මන්දා මෙව්වට මුකුත් කියලත් බෑ.. නොකියත් බෑ.. කට කහනවා කහනවා වගෙයි... හොඳ අයියනෙ අප්‍රේල් එනකොට මේ කියන ඒවා අමතක කරලම එන්න හොඳේ....
    හොඳ වෙලාවටනෙ අයියා අහල පහල නොහිට්ටෙ.. නැත්නම් අයියගෙ බෙල්ලෙන් අල්ලගෙන ගිහින් අම්මා බඳින්නෙ ඔය දම්වැලෙ.. කළුවරෙ කොහොම කියලා හොයන්නද වෙනසක්...

    ReplyDelete
    Replies
    1. "බල්ලෙක් සිංහයෙක් වුන හැටි" මේ නම දාන්න හේතුවක්ද මන්දා ඕක
      ඔන්න මම නමි මොකුත් කිව්වේ නෑ

      Delete
  3. ඔබාලගේ අම්මත් මාර වැඩක්නේ කරලා තියෙන්නේ......

    කීකරු බලු කුක්කා පොලෝසියෙ "රෙක්ස්" අකීකරු බලු කුක්කා ඔබාලගේ "ටෝනි"

    ReplyDelete
  4. ඔබා මාමේ මෙතන කතා කීයක් කිවුවද දැන්.දැන් බල්ලා සිංහයා උනේ කොතනද,,,මේ කතාවේ නම් මොකක් හරි යටි වැඩක් තියනවා

    ReplyDelete
  5. ඇත්තම කතාවක්ද? නැත්තම් කෙප්පයක්ද?

    ReplyDelete
  6. මරු වැඩ නේ කරලා තියෙන්නේ... :)

    ReplyDelete
  7. රීඩර් එකේ පරණ මයිනර් එකක පින්තුරයක් තියෙන පොස්ට් එකක් එනව. ඒක ක්ලික් කරාම එන්නෙ මේ පොස්ට් එකට :S

    ReplyDelete
    Replies
    1. ආං එකනෙ කියන්නෙ. මටත් උනෙ ඕකමයි. මම බැරිම තැන තමයි උදේ කිව්වෙ. බලද්දි පරන බලපු එකක්. 2011/11/drop-hire. කරදරයක් උනා නම් සොරි හොඳේ

      Delete
  8. යන්නේ කොහෙද මල්ලේ පොල් !!! :D තිරිහං වෙන්න හදනවද මන්දා....

    ReplyDelete
  9. අද නම් අරවා විස වෙලා වගේ. ගෙදර හදා ගත්තා කියල නෑ..

    ReplyDelete
  10. අර පොලිස් බල්ලා බඳිනකම් බලා හිටියද?..මේක රට කෙප්පයක්ද කොහෙද?..
    අනික බල්ලව ඉව කරවන භටයා උගෙ දම්වැල අතින් අල්ලන්නෙ ගෙනියන්නෙ..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  11. ඕවා ඔහොම තමයි ..
    ඉඳලා හිටලා බල්ලො සිංහයො වෙනවා ...
    සිංහයො බල්ලො වෙනවා ...

    ReplyDelete
  12. අනේ මන්ද රේසර් advertisement එකක් වද්ද?

    ReplyDelete
  13. අපේ වෙලාව රෑ 12.30 යි වග උත්තර බැඳීම හෙට.
    ගුඩ් නයිට්.

    ReplyDelete
    Replies
    1. නිදහස් දිනයට සම්බන්ධද මන්දා..?

      Delete
  14. මිනිස්සුන්ගේ මැන්ටල් කේස් නිසා සමහරවිට බල්ලෝ මාර කට්ටක් කනවා...

    එක දවසක් අපේ ආච්චිලගෙ ගෙවල් පැත්තේ බලු එන්නත් විදිනවා... ආච්චී ගෙදර ඉන්න බල්ලවත් ප්‍රජා සාලාවට ගෙනිහිල්ලා එන්නත් කරවගෙන ගෙදර ඇවිල්ලා බල්ලව බැඳලා දාලා නාන්න ඔයට ගිහින්... මේ අතරේ කොහේදෝ ඉඳලා ගෙදර ආව සීයා බල්ලව ලිහාගෙන ආයේ ගිහිල්ලා ප්‍රජා සාලාවට... බල්ල ඉතින් කතා කරලා කියන්නයෑ එකපාරක් ඉන්ජෙක්ශන් ගැහුවා කියලා.. ඌත් බල්ලා වගේ පස්සෙන් ගිහින් දෙපාරක් ඉන්ජෙක්ශන් ගහගෙන...

    ReplyDelete
  15. ඔබා මදර් නුත් මාර වැඩනේ කරලා තියෙන්නේ!:P

    ReplyDelete
  16. මේ ලොකු අයියේ උබ රැට කැවේ මොනවද යකො....උබ සිංහල අවුරුද්දට ලංකාවට අවම අපේ මහවෙදනට කියල ඉසකුඩිච්චියක් බැඳගනින්..නැත්තං අපිට මොනව වෙයිද දන්නැ..මෙහෙම ගියොත්..අම්මපා මේ සිංහයා...

    ReplyDelete
  17. මේක බලන් ගියාම පරම්පරාගත රෝගයක්නෙ!!
    henryblogwalker the Dude

    ReplyDelete
  18. අරහෙන් රීඩරේ පිස්සු කෙළිනවා..මෙතනට එන්න ඕන වත්ත වටේ ගිහින්.ආවාට පස්සෙ අතේ පැලවෙන..........නෑ එක්කො ඕන නෑ.....
    කියෙව්වා..රස වින්දා....රෙක්ස් හරි ෂෝක්...ටෝනි ඊටත් වඩා ෂෝක්..සිංහයා නම් ටිකක් අප්සට්..:D

    ReplyDelete
  19. අනේ මන්ද.. නෝටියට නම් හිතෙන්නේ මේක කතා දෙකක කම්බිනේෂන් එකක් කියල...

    1) රෙක්ස් ඇන්ඩ් ටෝනි ස්ටෝරි
    2) බලු සින්හයයාස්‌ (පින්තුරු)ස්ටෝරි

    ReplyDelete
  20. පොලීසියේ සිංහයා වගේ උන්නු බල්ලා ගෙදර බල්ලාගේ තැනටම වැටුනා නේ........... :D

    ReplyDelete
  21. ඔබාගෙ වැඩ සෑමට සැකයි මාමේ... කතාව පෙබරවාරි 4ට සම්බන්ධද මන්දා...

    ReplyDelete
  22. මුළු පෝස්ට් එකම පදුර වටේ තැලිල්ලක්.. මතෘකාවට අදාල කතාව ඉතින් පින්තූරේ විතරයි..

    ඒ මට හිතුන හැටි..

    ReplyDelete
  23. මම හිතුව කතාව පටන් ගන්න තමයි යන්නෙ කියල.

    ReplyDelete
  24. ඔන්න කතාව මට තෙරුන හැටි: උදේම මයිනර් එකේ කඩේ යනව. යද්දි සිංහයෙක් ඉන්නවා. ගෙදර ගෙනත් ටොමීයව බඳිනව. පොලිසියෙන් ඇවිත් රෙක්ස් හොයනවා... අයියෝ මගෙ ඔලුව අ අ අ අ

    ReplyDelete
  25. ඒ පොලිස් බල්ලනම් හුරතල් බල්ලෙක් වෙන්න ඇති..

    ReplyDelete
  26. මගේ යාළුවෙක්ගේ තාත්තා ඩෝග් හැන්ඩ්ලර් බුවෙක්...ගෙදර බල්ලට කථා කරන්න විතරයි බැරි..පොඩි එකෙක් වගේ කියන දේ කරනවා...
    හැමදාම ඔබා මාමගේ මෙව්වා එක අපේ ඒවගේ අප්ඩේට් මෙව්වා වෙන්නේ නෑ නේ...එක්ස්පයර් ද...

    ReplyDelete
  27. මන් හිතන්නේ oba mamaට ඒ වෙලාවේ කොල්ලයි බල්ලයි මාරු වෙලා.

    ReplyDelete
  28. මාතෘකාව ඔබී ඔබාට නිතර කියන කතාවක් ගැන නේද ??

    ReplyDelete
  29. නෝ කමෙන්ට්ස්... මොකක්ද මේ???? පින්තූරේ විතරනේ....

    ReplyDelete
  30. අනේ මන්ද ඔබා මාමේ.
    මේවා දැකදැක අපිත් කට පියාගෙන ඉන්න එක වැරදියි
    හරි හමන් දොස්තර කෙනෙකුට පෙන්නන්න කියලා ඔබී නැන්දටවත් කියන්න වෙයි වගේ
    මාමව එහෙම නෙමෙයි......
    ගෙදර ඉන්නවා කියපු දඩෝරියාව :))

    ReplyDelete
  31. මොනවා උනත් කතාවනම් වෙනද වගේම නියමයි.. ඒත් ප්‍රශ්ණේ මාතෘකාව තමයි..

    ReplyDelete
  32. එලොව ගිහින් මෙලොව ආව, විකෘති, හැටියට ප්‍රසිද්ධ නාට්‍ය නිෂ්පාදිකාවක් සෝමලතා සුභසිංහ?????
    කැතයි හොඳේ අපේ කලා කාරයින්ට මෙහෙම කියන එක.
    හැබෑට එතකොට කෞශල්‍යයා ඔබාගෙ වයසෙද???

    ReplyDelete
    Replies
    1. මට මුලින්ම හිතුනේ මේ කියන්නේ සෝමලතා ප්‍රනාන්දු කියනනේ නැතුව සෝමලතා සුබසිංහ කිව්ව එක වැරදියි කියලා කියනවා කියලයි.

      හැබැයි මිනිහගේ නම නොගත්තු ප්‍රසිද්ධ ගෑනු කීප දෙනාගෙන් කෙනෙක් තමයි මෙවුන්දෑ?

      සෝමලතා නම කෙටි කරළාවත් ද මන්දා සෝමා සුබසිංහ කියලාවත්? අපේ කරුණාවතී නැන්දා නං කරුණා කියලා ඛෙයි කලා. සෝමාවතී නැන්දත් ලිව්වේ සෝමා කියලයි.

      කෞශල්‍යාටත් දැන් හතලිස් දෙකක්වත් ඇති!

      Delete
  33. ඔබා ආච්චිත් ඔබා මාමා වගේමනේ...:)

    ReplyDelete
  34. ම්ම්ම්ම් අදහස් හිතුනත් දාන්න හොඳ නෑ වගේ අප්පා

    ReplyDelete
  35. එහෙම වෙන්න පුලුවන් වෙලාවකට සිංහයො බල්ලො වෙනව.බල්ලො සිංහයො වෙනව. මිනිස්සුත් වෙස් ගන්නකොට ඕක අරුමවක් යැ. බෙල්ට් එක මාරු වෙලා අම්මට......නිදහස සමරන්න නියමයි.

    ReplyDelete
  36. බල්ලෙක් සිංහයෙක් වුන හැටි = ඔබා රජ වෙලා [කුස්සියට]

    අනේ මන්දා, මට විතරද දන්නෑ මේ මාතෘකා දෙකේ සමානකම පේන්නෙ..!!??

    ReplyDelete
  37. වැරදිලා ඔබා මාමව නේද දම්වැලෙන් බැඳල තියෙන්නෙ.

    ReplyDelete
  38. හොයනවා මමත් තාම තේරුම අපි පොඩි බබාලා නිසා තවම මේවා තෙරෙන්නේ නැතුව ඇති මගේ හිතේ

    සිරාවටම බැන්දේ රෙක්ස්වද? අර ඔබා කියන ඒ කොලු ගැටයවද??

    ReplyDelete
  39. මේක නම් දෙකක් නෙවෙයි තුන හතරක්ම ඇනගෙන ලියලා තියෙන්නේ. දැන් ඉතින් ඔය කියන්න හදන්නේ අපේ ගෙදර බල්ලගේ ජන්මේ හොඳයි කියලා වගේ කථාවක්ද??

    ReplyDelete
  40. ඇත්තටම පහල රූපයේ ඉන්නේ මොකෙද්ද...

    ReplyDelete
  41. උඹල අහුවෙන්න එපා මේක මේ හෙන කෙප්පයක්... ඔබාට හිටියලු පොලිස් බල්ලෙක්... ලොල්.

    ReplyDelete
  42. වල් බල්ලෙක්ට පොලිස් බල්ලෙක් මාරු උනා කියන කතාව නම් මරේ මරු.........!

    කොහොමෙන් කොහොම හරි හොරු අල්ලන්න ආපු පොලිස් කාරයන්ට උනේ ජර්මන් ෂෙපඩ් බල්ලෙක්ට කටුවා කාපු වල් බල්ලෙක් අරගෙන යන්න....! පවූ වුවුවුවු.....

    ReplyDelete
  43. මට නම් හොඳටම තේරුනා....හැබැයි කාටවත් කියන්නේ නෑ.:D:D:D

    ReplyDelete
  44. අර UFO වගේ නයෙක් ද කොහෙද...

    ReplyDelete
  45. ඉතින් ඔබා මාමාට කට ඇරලා කියන්න තිබුණානේ මාව බඳින්න එපෝ.... කියලා? අම්මා නම් ඉතින් කලබලේ ට බඳින්න අති කියමුකෝ! ඒකට පොලිස් මාමට කඩා පැනලා හරියනවැයි????

    ReplyDelete
  46. ගෙදර ඉඳපු බල්ලත් මොහොතකට හරි සිංහයෙක් වුණානේ..
    ඇති රෙක්ස්, ඔබා අත්තම්මව කෑලි කරේ නැති එක...

    ReplyDelete
  47. හහ් හහ් හා..... එතකොට ඔබා තමා වීරයා ඈ..... මං හිතන්නෙ මේක තමා ඔබා මාමගේ හොඳම අපබ්‍රන්ස කතාව. ගොඩක් අයට තෙරිලා. ඒ වගේම කට්ටියකට තේරිලා නෑ. සමහරු තේරුනා කියලා නයිත් ඇරලා.....ඩීත් ගහලා...

    ReplyDelete
  48. මෙතන වෙලා තියෙන්නෙ ඔබාගෙ අම්ම වැරදිලා පොලිස් බල්ලව ගැට ගහපු එක නෙමේ . . . . .චූටි විසින් ඔබ්සරවර්ව ගැට් ගහපු එක . . . ඒකයි "සිංහයා බලුවෙච්චි කතාවෙ තේරුම"

    ප.ලි.
    දැං කට්ටිය අහන්න එපා කවුද "චූටි" කියන්නෙ කියල

    ReplyDelete
  49. ඇති යාන්තමි ඔයින් ගියා ඔබා මාමා. තව පොඩිඩෙන් ඔබා මාමාගේ අමිමා ඩොග් හැන්ඩලර්ව ගස් බදිනවා අර කරුවලේ බල්ලා කියලා හිතලා...

    ReplyDelete
  50. පික්ෂුද හැටිද මන්දා :-(
    ඔබා මාමට ඒ කාලේ කස්ටිය හුරතලේට කිව්වේ ටෝනි කියල නේ?....:)

    ReplyDelete
  51. බල්ල මාරු වෙලා, ඔය කියන්නෙ එකම වර්ගයේ උනත් ගෙදර ඉන්න එකා නිකම් බල්ල පොලිසියෙ එකා සින්හයා කියලද...? බම්බුව..

    ReplyDelete
  52. ඔය තේරුනේ කතාව නිකම් මල් හතට....
    අර පහළ පින්තූරෙ ඉන්න මොකාද එකා නිකං රොඩු ගාල වගේනෙ.... :D

    ReplyDelete
  53. හිකිස්....මරු සීන් එක...
    ඔන්න ඔබා මාමේ අදයි මේ පැත්තට ආවේ...ෆලෝ පාරකුත් දැම්මා..ආයිත් එන්නම්කෝ...

    ReplyDelete
  54. හ්ම්ම්.. මං හිතන්නේ මට මේ සැරේ කතාව තේරුනා. බල්ලා ලිහල ඉද්දෙද්දී සිංහයෝ තාම ගැටගහල නේද?

    ReplyDelete
  55. ඇයි යකෝ මට ගහන්න මඩ ඇබින්දක් වත් ඉතුරු කරල නැහැ නෙව.......

    අහින්සක.

    ReplyDelete
  56. මේ කථාව පුරාම තියෙන්නේ ඔබා අයියා කතා කරන රටාව... කථාව මොනා උනත් මට මැවුනේ බෝතලයක් වටකරගෙන අපිත් එක්ක මේ කතාව කියන ඔබා....

    ReplyDelete
  57. ඔන්න ඉතින්...මෙයා වීසා කලින්ම කැනසල් කරගන්න වගේ හදන්නෙ. බල්ලො මයිල් ගාල ආවට සිංහයො වෙන්නෙ කොහෙද ලොක්ක ඉඳ හිට සිංහයො බලු උනාට (ධේනුව ඉස්සරහ)?

    ළමායි කොහොමද ඔබාගෙ සඤ්ඤක "ප"...අර රංගය කැලේ!:D

    ReplyDelete
  58. ඔබා අයියා ආගිය අතක් නෑ...ගැටගහල දාලාවත්ද ?

    ReplyDelete
  59. ඔය දෙවනි පින්තූරෙ ඉන්න බල්ලට උන දේත් කිවුවනම් තමයි හොඳ

    ReplyDelete
  60. හික්ස්! ඔය සීන් එක පවුලේ ජානවලම තියනවා වගේ නේද> :P

    ReplyDelete
  61. කතාව කියවපු , මඩ බාල්දි ගණන් විසි කොරපු, ඔක්කොටම තෑන්ක් යූ. එකෙකෙනාට උත්තර දෙන්න ඕන නැහැ කියල හිතුන, මඩ මිසක් වෙන මුකුත් නැති තරං හින්ද, අපේ වෙලාව රෑ 10 යි, ගුඩ් නයිට්. අද හෙටම අලුත් පෝස්ට් එකක් දාන්නං

    ReplyDelete
    Replies
    1. හැමදාම වෙලාව කියල යන්නෙ ඔබා ටයිම් කීපර්ද? හරි අසාදාරනයි. කී සැරයක් ආවද මඩ ගොහොරුවෙ එරෙන හැටි බලල යන්න

      Delete
  62. දැං මේ බ්ලොග්වල බලු කතා ලියන සමයද? කොහොමිං හරි පොලිස් බල්ලා අන්දුන් කුන්දුන් වෙලා යන්න ඇති යකෝ ඩිටෙක්ටිව් වැඩකට ආපු මාව මොන ඉලව්වටද ගැට ගැහුවෙ කියලා.

    ReplyDelete
  63. බල්ල එලියෙ ඔබා බැදල.

    ReplyDelete
  64. ඈ නයෙකුත් නෑ කතාවකුත් නෑ...

    ReplyDelete
  65. ඈ..... මොකක්ද ඒ කිවුවේ...............
    කෝ සිංහයා??? කවුද එතකොට බල්ලා???

    ReplyDelete
  66. මඩ මිස වෙන මොකුත් නෑ, ඊළඟ පොස්ට් එකේ ඉඳන්වත් කෂ්ටියට වග උත්තර බඳින්නන්.......හෙහ්...හෙහ්...

    ReplyDelete
  67. ඔබාව ගෙදර ඇඳේ බැඳලා තියෙන්නේ ඔබී .. දඩාවතේ යන එක නවත්තන්න .. එත් අතට මාංචු නැති හින්දා ලියන කතාවලින් වැඩි හරියක්ම........

    ReplyDelete