My followers

Friday 26 August 2011

The Grand Hotel - Kurunegala


මේ කියන කාලෙ ලංකාවෙ ජීවත් වුන අඩියක් පුඩියක් ගහන ඕනෙම මනුස්පයෙක්, රටේ තොටේ ඇවිදලත් තියෙනව නං කුරුණෑගල ග්‍රෑන්ඩ් එක,ගාල්ලෙ සිඩ්නි එක, ගම්පහ ග්ලෝබ් එක ආදී ප්‍රසිද්ද (සිංහලෙන් කියනවනං) වෝටරින් හෝල් වන්දනා මාන කරලා තියෙනවමය්. මේ සිද්දිය මට කිව්වෙ, කුරුණෑගල ග්‍රෑන්ඩ් එකේ වැඩ කරපු හිතවත් වේටර් කෙනෙක්, ඇත්තම නම මෙතියෙස්.
ඒ දවස් වල අහල පහල ආණ්ඩුවෙ කන්තෝරු, ඉහල පහල උසාවි, කච්චේරියෙ, එහෙම වැඩ කරන අය, එතකොට ඒ ස්ථාන වලට වැඩ කරගන්න එන අය, ඒ ස්ථාන වලින් වැඩක් කොර ගන්න ඇවිල්ල, වැඩ කොරන කට්ටියට ජරාව පූජ කොරන කට්ටිය, එහෙම තමා ග්‍රෑන්ඩ් හෝටලේ හොඳම කස්ටමර්ල. ඉඳල හිටල ඔය ලංගම වැඩ කොරන මහත්තුරු එක්කෙනෙක් දෙන්නෙක් හදිසියට ඔතනට නොගියම කියන්නත් බැහැ.
ඒ කාලෙ ග්‍රෑන්ඩ් එකේ සිස්ටම් එක තමා වැඩ පටන් ගන්න කොට වේටර්ලට රුපියල් සීයක් දෙනවා මැනේජ්මන්ට් එකෙන්.මැනේජර් ඉන්නෙ ස්ටේජ් එකක් උඩ තියෙන, මුළු හෝටලේම පේන මේසෙක. හෝටලේ වැඩ කොරන වේටර්ල, කස්ටමර් ඕඩර් කරන බීම සහ කෑම කවුන්ටරෙන් ගන්න ඕනෙ සල්ලි දීල. කස්ටමර්ගෙ බිලේ සල්ලි සහ ටිප් වේටර් සාක්කුවෙ දාගෙන, වැඩ ඇරිලා යනකොට, මැනේජෙර්ට රුපියල් සීය බේරල යන්න ඕනෙ. ඔය ක්‍රමේ දාල තියෙන්නෙ කව්රු හරි පොල්ලක් තියල මාරු වුනොත් හෝටලේට කෙලවෙන්නෙ නැතුව වේටර්ට කෙලවෙන්න. හැබය් මෙතියෙස් අය්ය කියන විදියට, කව්රු හරි පොඩි පොල්ලක් ඉඳල හිටල තිබ්බත්, ඒක එච්චර දැනෙන්නෙ නැතිලු. මොකද ටිප් සෑහෙන්න ලැබෙන හින්ද, පොඩි පාඩු කවර් කර ගත්ත හැකිලු. අනික එහෙම පැනල යන එවුන් ආපහු දවසක ආයෙමත් එන එකත් ෂුවර් හින්ද ඒ ආපුවම අල්ලගන්න සෑහෙන දුරට චාන්ස් එකකුත් තියෙනවලු. මේක කියවන කෂ්ටිය හිතය්, වේටර්ල කොහොමද රුපියල් සීයෙන් ඔය රන් එක දුන්නෙ කියල. ඒ කාලෙ ගල් බෝතලයක් රුපියල් අටය්, පොල් බෝතලයක් රුපියල් දහයය්, සෝඩ බෝතලේ සතදහයක්, පහළොවක් වෙන්ඩ ඇති මතක විදියට. මට හොඳට මතකය් කොකාකෝල බෝතලේ සත 25 ට තිබිල 30 ටද කොහෙද නැග්ගුවම අපිට හරි කේන්ති ගිහින් තිබුන.
පඩි දවසට ඉස්සෙල්ල දවස් ටික මාස් පඩි කාරයො දුවන්නෙ රිම් එකෙන් කියන එක කව්රුත් දන්න කාරනාවක්නෙ. කච්චේරියෙ වැඩ කොරපු ජෝන් සිල්වා හවසට වැඩ ඇරිල ගෙදර යන්න බස් එකටනගින්න කලින්, ඩ්රෑම් දෙකක් (දැන් කාලෙ මිනුම් වලින් සීයෙ දෙකක්) දාගන්න පුරුදු වෙලා හිටිය කෙනෙක්. කච්ච්චේරියෙන් වැඩක් කොර ගන්න ආපු කෙනෙක් ගෙන් වාසියක් වෙලා තිබුනොත් ඊට වැඩිය දාගන්නත්, යාලුවන්ට හිතවතුන්ට සංග්‍රයක් කරන්නත්, අමතක කරපු පොරක් එහෙමත් නෙමේ, හිත හොඳ මනුස්සය (අඩියක් පුඩියක් ගහන හුඟක් 


අය, හිත හොඳ මිනිස්සු කියල කියනව, මං හිතන්නෙ ඇත්ත වෙන්නැති). පඩි හෙට කියල දවසක සිල්වට හතේ හත,
කොරගන්නම දෙයක් නැහැ වෙනද දාන ඩ්රෑම් දෙක තියා, එකක් දාගන්නවත් විදියක් නැහැ, සීසන් ටිකට් එක තිබුන් නැත්තන් ගෙදර යන්න විදියකුත් නැති සයිස්. ඔෆිස් එකේ යාලුවන්ටත් ඒ සෙතේමනෙ. ඒත් යාළුවො තුන් හතර දෙනෙකුට, ගෙදර යන්න බස් ගාස්තුව නැහැ කියල බොරු දුක් ගැනවිල්ලක් දැම්මම එක ෂොට් එකකට ගාන යාන්තම් එකතු වුනා.

සිල්ව යාළුවො එහෙට මෙහෙට වෙනකන් ඉඳල හෙමීට ග්‍රෑන්ඩ් එකට ගොඩ වැදිල ඩ්රෑම් එකක් ඕඩර් කලා. ඒක ගැහුවට මෑන්ට මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගෙ, අඩුගානෙ දැනුනෙ වත්නැහැ. තව එක ෂොට් එකක් වත් දාගන්න විදියක් කල්පනා කරන කොට, ටින්කිරි මොලේට නියම අය්ඩියාස් එකක් ආව. පොර ශේප් එකේ ටොය්ලට් එකට ගියා හිස් වීදුරුවත් අරගෙනම. චූ කලා වීදුරුවට හරියටම ඩ්රෑම් එකක මට්ටමට. ටොය්ලට් වල මැස්සො හිඟයක් නැහැනෙ, ෆුල් ට්‍රය් එකක් දාල, එකෙක්ව අල්ලල දැම්ම චු වීදුරුවට. ආපහු වීදුරුවත් අරගෙන හිටපු මේසෙටම ආව. දැන් කිසි කලබොලයක් නැතුව, තමන්ට සර්ව් කොරාපු වේටර් ඒ පැත්තට ආයෙත් එනකන් බලාගෙන හිටිය. වේටර් ඒ හරියෙන් යනකොට, කතාකොරල කිව්වා මල්ලි මගේ ඩ්‍රින්ක්ස් එකේ මැස්සෙක් වැටිල ඉන්නවනෙ, ඔයා දැක්කෙ නැද්ද?”

කන්තෝරු වල වැඩ ඇරෙන වෙලාව කියන්නෙ බාර් වල ඉතින් බිසිම වෙලාවක්නෙ, වේටර් මල්ලිට කතා කර කර ඉන්න වෙලාවක් නැහැ, මිනිහ මැස්ස හිටපු වීදුරුව අරන් ට්‍රේ එකේ තියාගෙන ට්‍රේ එකේ තිබුන වෙන ඩ්රෑම් එකේ වීදුරුවක් සිල්වගෙ ඉස්සරහින් තියල ඊළඟ කස්ටමර් ගාවට ගියා. සිල්වා එක හුස්මට ඒ ඩ්රෑම් එකත් ගැහුව, කෙලින්ම බස් ස්ටෑන්ඩ් එකට ගියා, බස් එකේ නැග්ග, ගෙදර ගියා. රෑට කාල රේඩියෝ එකේ මුවන්පැලැස්ස එහෙම අහල නිදා ගත්ත.
වේටර් මලය මේ අහක යන මැස්සෙක් හින්ද අරක්කු ටික අහක දාන්න නිකමටවත් හිතුවෙ නැහැ. ටිකක් හුස්මක් කටක් ගන්න හම්බ වෙච්ච වෙලාවක, අර වීදුරුවෙ හිටපු මැස්ස අල්ලල, විසි කොරල දාල, වීදුරුව එහෙම්ම ආයෙත් ට්‍රේ එකේ තියාගත්ත.
අපේ කතාවට අදාළ සිද්දිය වුනේ ඊට පස්සෙ. දන්නව නේද අර ටය් බය් දාල උජාරුවෙන් ටවුන් වල ඒ වගේම, ගං වල කඩ වලට, වෑන් වලින් ඇවිල්ල බඩු දාන සේල්ස් රෙප්? ආන් ඒ මහත්තයෙකුත් දවසෙ වැඩ රාජකාරි ඉවර වෙලා, තෝසෙ කඩේට රිංගන්න ඉස්සෙල්ල, ග්‍රෑන්ඩ් එකට ගොඩ වුනා ෂොට් එකක් දාගන්න, පොරත් වාඩිවෙලා ඩ්රෑම් එකක් ඕඩර් කරල, හවස ගත්ත ඊව්නින් ඔබ්සර්වර්එක දිග ඇරගෙන කියවන්න ගත්ත පුතය වගෙ. වේටර් මල්ලිලට කොය් ඩ්රෑම් එකේ වීදුරුවත් පේන්නෙ එක වගේනෙ, එයා මහත්තය ඉස්සරහින් ඩ්රෑම් එකක් තිබ්බ, ගියා අනිත් කස්ටමර් ලට සර්ව් කරන්න. සේල්ස් රෙප් මහත්තය පත්තරේ කියෝන ගමන් දැක්ක එයාගෙ ඩ්‍රින්ක් එක මේසෙට ඇවිල්ල තියෙනව, ටිකක් බඩගින්නෙත් වගෙ හිටියෙ හින්ද පත්තරේ ඇකිලුව, වීදුරුව ගුඩුස් ගාල ගහල දැම්ම.
තුහ් තුහ්ගාල එතනම බිමට කෙල ගැහුව. කෑ ගහල වේටර්ට කතාකොරල ඕඩර් කලා බයිට් එකක්.

වේටර්.......ගේනව ඕය් මට ගූ ඔම්ලට් එකකුයි පාන් පෙති දෙකකුයි

107 comments:

  1. හෙහ්..හෙහ්....ඇත්තටම මේක හැබෑවටම වෙච්ච දෙයක්ද ඔබ්සර්වර් උන්නැහෙ...මිනිස් වකුගඩු වලින් පෙරන ලද පිරිසිදු අරක්කු......

    ReplyDelete
  2. මේක ඔබා අයියට වේටර් කෙනෙක් කියාපු කතාවක්මයි කියල ෂුවර්ද?.. නැත්තන් එදා ඔබා අයිය බාර් එකට ගියාද?.... :)

    ReplyDelete
  3. හරියට හරි සාතන්..මටත් ඔය සේල්ස් රෙප් කතාව ගැනත් ටිකක් සැකයි..බලමුකො..තව ටිකකින් සේරම එලි වෙයි..

    ReplyDelete
  4. ඔබා ලංගම වැඩකරපු බව නම් කියලා තියෙනවා අර කලින් කොමෙන්ට් එකේ. නමුත් සේල්ස් රෙපෙක් වෙලා හිටපු කතාව අදනෙ දන්නෙ.
    henryblogwalker aka Dude

    ReplyDelete
  5. "ඉඳල හිටල ඔය ලංගම වැඩ කොරන මහත්තුරු එක්කෙනෙක් දෙන්නෙක් හදිසියට ඔතනට නොගියම කියන්නත් බැහැ."
    මේ කියන්නේ අපේ ඔබා මාමා ගැන එහෙම නෙවෙයි හොදේ.............

    ReplyDelete
  6. හප්පේ ඔබාමට වෙච්ච දෙයක්. බොගක් දාපු බව අපිට කිව්වනම් නරකයි. කොහොම හරි බොග් පෝස්ට් එකකින්ම හමුවීම පුදුමයක්. ඕන් අනාරාදිතවම මගේ අඩවියටත් දාගත්ත. අද මගේ බොගේ ඔහේ ගැන පෝස්ට් එකකුත් තියෙනව. බොරුනම් බලන්න. මාතලන්ගේ කවි කියන එකේ....

    ReplyDelete
  7. ඒ බයිට් එක ඒ දවස්වල කීයද දන්නෑ නේද ඔබා අයියෙ?

    හසා

    ReplyDelete
  8. ඊයා මේක ඇත්තටම සිද්ද වෙච්ච දෙයක්ද?

    ReplyDelete
  9. ඔබා මාමේ ඕනම දේක රහ දැනගෙනන ඉන්න නම් ඒක කලින් බීල තියෙන්න ඕනනේ. ඒ කියන්නේ මේ රෙපා කලිනුත් ඔය ජාතිය බීලා තියෙනවා කියන එකද?
    මම අර හිංචි මල්ල කියන එකා

    ReplyDelete
  10. කොකා කෝලා ආවේ අසූ ගනංවල නේද? නැත්තං ඒ පෙප්සි ද?

    ReplyDelete
  11. අප්පා ඔබා අය්යත් බොරු කියන්න දන්නේම නෑ නේද

    ReplyDelete
  12. මම නම් කල්පනා කලේ සිල්වගෙ මොලේ තමයි මොලේ.. ඊට පස්සෙත් ඔය ට්‍රික් එක පාවිච්චි කලේ නැද්ද දන්නෙ නැහැ..

    ReplyDelete
  13. හෙක් හෙක්.මට මැවිලා පෙනුනා අර බුවා පෙරේතකමට කටේ හලාගෙන පස්සේ මූණ බෙරි කරගෙන කරගෙන වමනෙ කරන විදිහ...................
    කතාව පට්ටයි.සුපිරියි.තරු දහයයි........

    "පඩි දවසට ඉස්සෙල්ල දවස් ටික මාස් පඩි කාරයො දුවන්නෙ රිම් එකෙන් කියන එක කව්රුත් දන්න කාරනාවක්නෙ,පඩි හෙට කියල දවසක සිල්වට හතේ හත,"

    මේ කතාව නම් ඇත්ත අන්කල්

    අහලා තියෙනවද පඩි න්‍යාය

    "අද හිතේ
    හෙට අතේ
    අනිද්දා හිතුමතේ
    ඉන් අනිද්දට හාමතේ"

    ReplyDelete
  14. ඒ පාර අබේ මාමගේ,රංග බොසාගේ වාර්තා කඩන්න වගේ යන්නේ ඔබා මාමා

    ReplyDelete
  15. මට කල්න්තේ හැදෙන්න ඇවිල්ලා ආයේ ගියා. ..

    පට්ට කතාවලු ඈ

    ReplyDelete
  16. ඔන්න ඔහොමයි ඔබා අයියාට අළුත් ඔම්ලට් වර්ගයක් කන්න හිතුනේ..:D

    ReplyDelete
  17. යකෝ මුන් සේරම අන්තිම පේලියෙ වෙන නම් වලින් ප්‍රොෆයිල් හදන් ඉන්නවද මන්දා... එතන කතාවක් දැම්ම ගමන් ඔබාට ගහනවා... දැන් මෙතනත් වෙන්නේ ඒකමයි... :D

    ReplyDelete
  18. මාරයට ඕන්නං ඔබා අයියගෙන් අහගත්තහැකි ඒ ඔම්ලට් එක හදන්නෙ කොහොමද කියල.

    ReplyDelete
  19. Ade a kaaleta yanna aththam dan kaalen salli aran :D

    Prashna godak hithata awath kasstiya ahala ne okoma :D

    Pissa ( palaamalla.blogspot.com )

    ReplyDelete
  20. පට්ට කතාව, හිනා කියන්නෙ බඩ අල්ලගෙන හිනා .......

    ReplyDelete
  21. මේක උනේ ඔබා අයියට නේද :D :D

    ReplyDelete
  22. හපොයි...... ඕකනේ ඔය එක ජරාවක්වත් අපි බොන්නේ නැත්තේ.......... :)

    ReplyDelete
  23. "ඉඳල හිටල ඔය ලංගම වැඩ කොරන මහත්තුරු එක්කෙනෙක් දෙන්නෙක් හදිසියට ඔතනට නොගියම කියන්නත් බැහැ"....
    හික් හික්

    ReplyDelete
  24. @ Luckey,
    මොනවා කියනවද "ඩබල් ඩිස්ටිල්ඩ්" ගැහුව වගේ තමා ඉතින්

    @ සාතන්,
    බෝ පැලේ වගේ ඉන්න මං බාර් ගානෙ යනවද?

    @ Luckey,
    පිනක් දහමක් කොරගෙන ඉන්න අහිංසකයන්ට තමා ඉතින් ඔය කතා හදන්නෙ

    @ Dude,
    වේටර් වැඩේ නං කොරල තියෙනව

    @ kancha,
    පික්ෂු කතා කියන්ඩ එපා

    ReplyDelete
  25. @ මාතලන්, බොක්කෙන්ම තෑන්ක් යූ කිව්වා ඔන්න

    @ හසා, මතකය් නේද, සෝස් එක්ක බුල්ෂිට් කාපු රෙපා, ආන් උගෙන් ඇහුව නං කියය්

    @ නදී, ඔබා කවදාවත් බොරු කියනවද? ඕනෙ නං අර ඕනය ගෙන් අහල බලන්න, ඌ දෙය් නියම චරිත සහතිකයක්

    @ හිංචි මල්ලි, හා එහෙනං උඹ කියහන්, හොටු මොන රහද කියල

    @ ක. ශු. කෝක් නං හැත්තෑ ගනං වල මැද හරියේ තිබුන කියල ෂුවර්, මි.ලි. 300 විතර වීදුරු බෝතල් වල ආවෙ. පෙප්සි ආවේ ඊට හුඟාක් පස්සෙ. ඒ කාලේ අපි පෙප්සි කියන නම අහලවත් තිබුණ නැහැ

    @ සුජීව කොකාවල, තෑන්ක් යූ කියෙව්වට සහ කොමෙන්ට් එකකුත් දැම්මට

    @ ගිම්හානි, ඕන නං ඔයාගෙ ඔළුවෙ අත ගහල දිවුරන්නං ඇත්තමය් කියල

    @ ගොන්සා, කොමෙන්ට් එකකුත් දැම්මට තෑන්ක් යූ

    @ Weni, මෙතියගෙන් තමා හමු වුන වෙලාවක අහන්න ඕනෙ

    @ Rajith Doo, කවිය අහල තියෙනව වගේ යාන්තන් මතකක් ආව, තෑන්ක් යූ ආයෙමත් මතක් කලාට

    @ Italy Dilan, රංග නං "උගේ ලෝකය" ලියන්නෙම නැති සයිස් වගේ දැන්, අබේපාලට ඇහුනොත් ඩිලාන් ට විතරක් නෙමේ මටත් බොරු දත් තමා දාන්න වෙන්නෙ

    @ සඳරූ, තෑන්ක් යූ.
    සඳරුගෙ අන්තිම පෝස්ට් දෙකම කියවන්න බැරි වුනා, සොරි, හෙට නං කියෝනවමය්.

    ReplyDelete
  26. @ මාරයා, හා පුළුවන් නං දාපන් ඔය ඔම්ලට් එකට රෙසිපියක්....හිකිස්

    @ Beetle, ඉඳල හිටල හරි කව්රු හරි එකෙක් වත් ඔන්න ඔහොම සපෝර්ට් එකක් දෙන එක හෙන හය්යක්

    @ Praසන්ன ඒක තමා මාරයට කිව්වෙ, පුළුවන් නං දීපන්, මේ ඔම්ලට් එකට රෙසිපියක් කියල

    @ Pissa, හිතට ආපු ප්‍රශ්නේ හිතා ගත්තෑකි, අහන්න ඕනෙ නැහැ. උත්තරෙත් කිව්ව කියල හිතාගනින්....හෙහ්....හෙහ්...හෙහ්...

    @ පන්සල් ජන්ෂන්, තෑන්ක් යූ, හන්දිය පැත්තෙ එන්න බැරි වුනා මේ දවස් ටිකේම, හෙට කියවන්න බැරි වුන ඒව ඔක්කොම කියෝනව කියල හිතාගෙන නිමාඩුවක් දැම්ම, බොරු නෙමේ ඕන්...

    @ ChammA, ඕන් ආයෙත් එනව ඕන්නැති ප්‍රශ්න අහගෙන.... ආත්මෙට සේල්ස් රෙප් වැඩේ කොරල නැහැ මං තුමා

    @ RanDil, මං නං අහල තියෙන්නෙ දෙවි වරු පවා අමුර්තය කියල අමුතු නම් දාගෙන අඩියක් පුඩියක් ගහනවා කියල

    @ Tom Sawyer, මහත්තුරු ගියාට මහත්හොරු නං යය්....Tom Sawyer නම හරි නේද? මට Sewer කියන එකේ ඉස්පෙලින් වැරදිලා එහෙම නෙමේ නේද?

    ReplyDelete
  27. ඒ රසට වෙන්ඩැති "වහතු" රස කියනවා ඇත්තෙ එහෙනම්!

    ReplyDelete
  28. මේ ඇත්තටම අහපු කතාවක්ද? නැත්නම් අත්දැකීමක්ද? ඔම්ලට් නම් ආය කන්ට හිතේද දන්නෙත් නැහැ.:)

    ReplyDelete
  29. @ බුද්ධි,
    මං හිතා හිටියෙ අර මොනවද කාපු රිලවට දැනෙන රහ කියල

    ReplyDelete
  30. කොහොමෙන් කොහොම හරි ඔය දේ ඔබා ට උනා මයි කියමුකෝ.. දැන් මේක වේටර් දන්නේ නැතුවනේ කරලා තියෙන්නේ මිට කලින් ඔය බිපු කෙනා ඕවා බිලා තියෙන කෙනෙක් කියන්නත් අමාරුයිනේ අනිවා මේ කතාව මෙකමයි කියලා කියන්න පුලුවන් මේක අර බාත් රුම් ගිහින් වැඩේ කරපු ඔබා අය්යටම තමා නැද්ද මම අහන්නේ.....

    ReplyDelete
  31. @ Podi Kumaarihaami,

    මොකද මන්ද හැමෝටම ඕනෙ වෙලා තියෙන්නෙ මේක අත්දැකීමක්ද කියල දැන ගන්න.

    මේ ඔම්ලට් එක හදන හැටි පොඩි කුමාරිහාමිට ළඟදීම ඉගෙන ගත්තෑකි, මාරයා රෙසිපි එක පබ්ලිෂ් කොරන්න යනව කියල කසු කුසු ආරංචියක් ආව

    ReplyDelete
  32. @ දේවා,
    ෂ්.........කට, කට. ගම කන්න හදනවද?

    ReplyDelete
  33. ඔලුව ඉතින් පෝස්ට් එකේ තමයි එවන්න වෙන්නේ

    ReplyDelete
  34. හික් හික්!! මරු කතාව. අද තමයි මේ පැත්තෙ ආවේ. දිගටම ලියන්න ඔබා මාමේ...!

    ReplyDelete
  35. @ Gimhani,
    කොමෙන්ට් එකත් එක්ක වැටෙන පින්තුරේට වත් අත ගහල දිව්රංනංකො

    @ blog gadol,
    රයිට් පුතා, කොමෙන්ට් එකකුත් දාල දුන්න සපෝර්ට් එක ෆුලි ඇප්රිසිඒටඩ්, බොක්කෙන්ම තෑන්ක් යූ මේ පැත්තේ ආවට. නැවත හමු වෙමු.

    ReplyDelete
  36. හය්යෝ..... හැබැයි හොඳ වැඩේ... බොනවට.... ඔහොම වෙලා මදි......

    -සමනලී-

    ReplyDelete
  37. @ සමනලී,
    හාපෝ ගෑනු ළමය ඔහොම්මය්, "මතට තිත" තියන්නමය් කතාව.

    මේ පැත්තෙ ගොඩ වුනාට තෑන්ක් යූ

    ReplyDelete
  38. මොකද මේ හිටපු ගමන් පින්තූරේ වෙනස් වෙලා තියෙන්නේ???...:D:D:D

    ReplyDelete
  39. ඇත්තටම ඔබා අයියෙ(මාමෙ) මොකක් බං උඹේ ප්‍රෝෆයිල් පික්චැර් එකට කොලේ ......

    කවුද බං ඒ .....

    ReplyDelete
  40. @ පොඩි කුමාරිහාමි & පන්සල් හංදිය,

    ඔන්න ඔහේ ඇත්ත මූනම පෙන්නනව කියල හිතුව.....හෙහ්...හෙහ්...හෙහ්.....!!!!

    ReplyDelete
  41. හැ: ඔබා සීයා "සේල්ස් රෙප්" කෙනෙකුත් වෙලා හිටියද? :0

    කතාව නම් පංකාදු පහයි :D

    ~ විහඟ කොලුවා ~

    ReplyDelete
  42. හ්ම්ම් ඒ මූනත් නරකම නෑ. හික්ස්

    ReplyDelete
  43. @ Sandaru Hettiarachchi,

    මොන "සේල්ස් රෙප්"ද බං ? මං නෙ වේටර්/ජෝන් සිල්වා චරිත ඔක්කොම ඇට් කොලේ...

    @ Gimhaani,

    හැමදාම බොරු කොරන්න බැහැනෙ, ඇත්ත මූනම පෙන්නනව කියල හිතුව....

    ReplyDelete
  44. කීප් ඉට් අප් මාමේ.... ඔක්කොම මාමේ මටත් මාමේ කියන්න පොරක් මේ බ්ලොග් අවකාශෙට ආපු එකම මදෑ....

    ReplyDelete
  45. හොඳට වැදිලා හිටපු එකෙක්ගේ චු හින්ද ඇල්කොහොල් ටිකක් විතර තියෙන්න ඇති මගේ හිතේ.. ඕක දෙන්න තිබුනේ නික්ම අඩිය ගහල මාරුවෙන පොලිසියේ එකෙකුටයි..

    ReplyDelete
  46. @ අබියා,
    අප්‍රියෙල් මාසෙ ආයෙ මොකක් හරි තොය්ලයක් නටමුද? කේටරින් කෙලින්ම මාරයට බාර දෙතෑකි....

    ReplyDelete
  47. @ සරත් ලංකාප්රිය,
    සැටිපිකේට් ඇත්ත, හැබැය් එකක් කියන්න ඕනෙ, ජීවිතේ ප්‍රථම සහ එකම වතාවට පොලිස් කාරයෙක් ගානෙ අඩියක් ගැහුවෙ කුරුනෑගල ග්‍රෑන්ඩ් එකේදි. ඒකට වෙනම පොස්ට් එකක් දාන්න ඕනෙ, මතක් කොරපු එකට (පොලිස් කාරයො) තෑන්ක් යූ සරත්

    ReplyDelete
  48. "අප්පා ඔබා අය්යත් බොරු කියන්න දන්නේම නෑ නේද "

    ගිම්හාණිට ඔච්චර වයසයි කියල මට හිතුනෙම නෑ අප්ප රූපෙ දකිද්දි!

    ReplyDelete
  49. @ ඉන්දික උපශාන්ත,

    අපේ අම්ම හිටියනං තාම මට පුතේ කියල කතා කරන්නෙ

    ReplyDelete
  50. ඔබා සීයේ ඔය වයසට කුණුහරුප භාවිතය අහිතකරයි....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මම කියන්නේ අහිංසකයින්ගේ බ්ලොග් වල කුණුහරුප ගහන්න එපෝ කියලයි.

    විහිළුවක් හොඳේ!!!

    ReplyDelete
  51. ඔබාත් පාන් කාල තියනවද එතනින්....

    ReplyDelete
  52. 28 Aug 2011 1540 පැයට කොමෙන්ට් එක දාපු ඇනෝ,


    බෝ පැලේ වගේ ඉන්න මං කුණුහරප කියල තියෙනවද කවදාවත්?

    ReplyDelete
  53. @ Thanikada Jeewithe,

    ඔය තනිකඩ ජීවිතේ හරි යන්නැහැ, අමාරුවෙ වැටියන් කොහොම හරි ට්‍රය් කොරල, නැත්තං හැමදාම පාන් තමා කන්න වෙන්නෙ

    ReplyDelete
  54. අඩේ ඔබා මාමා, මේකත් ඔයාගෙන්ම අහපු කතාවක්නේ. කෝ අලුත් ඒවා ???? අලුත් ඒවා දාන්නේ අගේ කොරලා එහෙමද?? අලුත් ඒවා කීවේ අලුත් කථා.... අනේ ඊලඟ පෝස්ට් එක අන්තිම පේලියේ ගියෙ නැති එකක් හොඳේ....

    ReplyDelete
  55. නියම කතාව :-D

    "ගම්පහ ග්ලෝබ් එක"
    මේක කොහෙද තිබ්බේ ඔබා අන්කල්?

    ReplyDelete
  56. ඔය කොකා කෝලා සත විසිපහට තිබ්බේ ඇත්තටම කොයි කාලෙද?
    ජෝන් සිල්වගෙ මොලේ තමා මොලේ.

    ReplyDelete
  57. අදනේ දන්නේ ඔබා අන්කල් බ්ලොග් ලියනවා කියලා.....

    ReplyDelete
  58. @@ඉන්දික උපශාන්ත,

    හික්ස්, කලා කාරයෝ එහෙම තමයි.. කාටත් කතාකරන්නේ අය්යේ
    කියලනේ. ඒකයි මම ඔබා අය්යා කියන්නේ....

    ReplyDelete
  59. අති විශිෂ්ටයි .......සර්

    ReplyDelete
  60. ඕකනේ අපි ඔව්ව බොන්නේ නැත්තේ . අලුත් බ්ලොග් එකට සුබ පැතුම් . ඔබා අය්ය කියන්නද .මාම කියන්නද . නිකන්ම ඔබ්සර්වර් හරී ඔබා හරී කියන්න බැහැ. වගේ .Mr ඔබා කියන්නද

    ReplyDelete
  61. මොනාද ඔබෝ මේව මම අන්තිම පේළියෙ කියෝල තියෙනෝ...
    මේක නම් හොඳ පුරුද්දක් නෙමේ. අලුත් බඩු තමා ඕනේ.

    ReplyDelete
  62. රෙප්ලට අනම් මනම් කියනකොට මටත් තද වෙනවා හොදේ. අර රෙප් මහත්තයා ඕඩර් කරපු ඔම්ලට් එක හදන රෙසිපි එක මොකක්ද දන්නේ නැ නේද?

    ReplyDelete
  63. @ ගොඩයා &
    @ පැණි දොඩම්,
    දාපු කතා දෙකම නං අන්තිම පේලියෙ දාපු ඒව තමා, පැණි දොඩම්ල එහෙම අන්තිම පේලිය බලනව කියල දන්නෙත් අදය්. මට තේරුන එක දෙයක් තමා, හුඟාක් සිංහල බ්ලොග් කියවන කට්ටිය මේ කතා දෙකම කියවල නැති බව.

    @ ම,
    "ග්ලෝබ්" එක තිබුනෙ දැන් තැපැල් කන්තෝරුව ඉස්සරහ තියෙන "සණස" බිල්ඩිම තියෙන තැන හෝ ඊට ටිකක් පහලට වෙන්න. තනි තට්ටුවෙ පරණ විශාල ගෙයක් වගේ එකක්.

    @ පොත් ගුල්ලා,
    1975 - 80 අතරෙ කාලේ මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. කතාව කියපු මෙතියෙස් නම් ඒ කාලේ ග්‍රෑන්ඩ් එකට ආව ගිය හැමෝම දන්න කෙනෙක්. ජෝන් සිල්ව සමහර විට මෙතියෙස් මවපු චරිතයක් වෙන්නත් පුළුවන්

    @ තාරක දිල්ෂා@න්,
    තෑන්ක් යූ පුතා ගොඩවෙලා කොමෙන්ට් එකක් දැම්මට

    @ Paradox,
    බොක්කෙන්ම තෑන්ක් යූ

    ReplyDelete
  64. @ Gimhani,
    තාම ඔලුව බේරන් ඉන්නව නේද?

    @ Bindi,
    Thank you,ගොඩ වුනාට, Mr කෑල්ල නැතුව කොය් විදියට ඇමතුවත් කමක් නැහැ.

    @ අම්බලම,
    එහෙනං අම්බලමත් රෙපෙක් වගේ.
    රෙප් මහත්තයා ඕඩර් කරපු ඔම්ලට් එක හදන රෙසිපි එක ලඟදිම "මාරයාගේ හෝරාව" සයිට් එකේ පබ්ලිෂ් වෙනව කියල කසු කුසුවක් යනව මේ දවස් වල.

    ReplyDelete
  65. අඩේ ඔබ්සවර් බ්ලොග් ලියනවා කියලා මම අදනෙ දන්නෙ. හප්පේ මට මඟ ඇරිලා තිබුණේ. දැන් ඉතින් දිගටම පස්සෙන් එනව ඈ..

    ReplyDelete
  66. @ පිනිබිඳු,
    හප්පේ සාදරයෙන් පිලිගන්නවා. ඉතාම ළඟඳි පටන් ගත්තෙ.
    බෝම ස්තුතිය්, ගොඩවැදිල, කොමෙන්ට් එකක් දාල මදිවට ෆොලෝ පාරකුත් දාල. බොක්කෙන්ම තෑන්ක් යූ.

    ReplyDelete
  67. ගිම්හාණි,

    කවුද දැන් කළා කාරය? දෙන්නගෙන් මොකා උනත් ඒක පණාපුත්‍රගෙ වංශෙ එකෙක් වගේ! එළ එළ!

    ReplyDelete
  68. අදමයි ඔන්න මේ බොලොග් එක ගැන දැන ගත්තෙ.....අපේ පැත්තෙ ගොඩ වෙලා හරියට අකුරු පේන්නෙ නැත කියාල මැසිවිල්ලක් කියාල්ත් ගිහිල්ල තිබුනෙ......හෙහ්, හෙහ්,

    අතීත මතක අපූරුයි....ඔබ්සර්වර්,

    ReplyDelete
  69. @ රවී,
    ඔව් ඉස්සෙල්ලම ගියාම අකුරු අප්සෙට්, ඒක කියල කොමෙන්ට් එකක් දාල අනිත් පැත්ත හැරෙන්න හම්බ වුනේ නැහැ අකුරු ටොප් එකට තිබ්බ. ඒ පාර ආයෙත් කොමෙන්ට් එකක් දැම්ම අකුරු හොඳට පැහැදිලිය් කියල, ආයේ හැරිලා බලන කොට අකුරු කචල්. ආයෙත් ගිහින් බලන්නන්.

    ස්තුතිය් මේ පැත්තෙ ඇවිල්ල යන්න ආවට, අලුතෙන්ම පටන් ගත්තම, කට්ටිය ඇවිල්ල කොමෙන්ට් එකක් දාල යනව කියන්නෙ හෙන හය්යක්.

    ReplyDelete
  70. @ රවී,
    දැන් හොඳටම හොඳය්, මේ දැන් ගිහින් ආයෙත් බැලුව.

    ඔයාගේ සයිට් ඒක මට අහු වුනේම නැති එකක්, ඒ වුනාට, පොඩි කුමාරිහාමිගෙ, සොඳුරු සිතගෙ සයිට් වල ඔයාගෙ ලියවිලි සෑහෙන්න කියෝල තියෙනව. පරණ ලිපි ටිකත් කියවන්න ඕනෙ.

    ReplyDelete
  71. හරි, ඔබ්..... ස්තූතියි,

    මේ ඊයෙ පෙරේද කොල්ලො කෙල්ලො අස්සෙ අපෙ වයසට කිට්ටු ඔබ වාගෙ කෙනෙක් බ්ලොග් එකක් ලියන එකත් ලොකු හයියක්....

    We will show them, eh, oba?.......As they say.....Old is Gold

    ReplyDelete
  72. වේටර්ක කලන්තේ දාන්න ඇති මයෙ හිතේ....

    ReplyDelete
  73. @ ප්‍රසන්න,
    වැඩේට සම්බන්ධ වේටර් නෙමේනෙ කිව්වෙ කතාව ප්‍රසන්න, ආෆ්ටර්මැත් ස්ටෝරිය, කිව්වෙත් නැහැ, අපි හිනා වෙලා මැරෙන්න යද්දි, අහන්න මතක් වුනෙත් නැහැ sorry .com

    ReplyDelete
  74. ඔබා, මං මේ ප්‍රශ්නෙම ලියන්නාගෙ බ්ලොග් එකෙනුත් ඇහුවා. මොකක්ද මේ අලුතෙන් දාගෙන ඉන්න පින්තූරේ? මේ ඔබාද? එහකොට මේ ඉන්නෙ ටොයිලෙට් එකේ වාඩිවෙලාද? එහෙනං ඔච්චර හිනා යන්නෙ මොකෝ? ප්‍රශ්ණ වැලයි.
    henryblogwaker aka Dude

    ReplyDelete
  75. ඔබා අයිය [ මම නම් කැමති ඔබා කියන්න... ඒත් හැමෝම මාම කියන පොරකට අපිත් අයියෙවත් කියන එකනොවැ හරි ] පොලිස් කාරයෙක් ගානෙ අඩියක් ගහල තියෙනවනම් අපේ දත් දොස්තරලත් දත් ටික පරිස්සම් කර ගන්න එක හොඳා එන අප්‍රේල් දිහාට...

    ReplyDelete
  76. This comment has been removed by the author.

    ReplyDelete
  77. @Dude,,
    ඔයා දන්නේ නැද්ද වෙලා තියන ජරමරේ. අර මුලින් පින්තුරේ ඉන්නේ බ්ලොග් ලියන්න කලින් ඔබා අය්යා. දැන් පේනවා නේද බ්ලොග් ලියන්න ගත්තට පස්සේ හූනාවගේ වෙලා .ඇයි ඉතින් නොකා නොබී මේවට උත්තර බදින්න එපැයි. හික්ස්

    ReplyDelete
  78. @ Henry the Dude,
    හෙන්රිට ගිම්හානි උත්තර දීල තියෙනවනෙ.

    @ ගිම්හානි,
    Thank you very much.

    @ සපතේරු උන්නැහෙ,
    ඔයාගේ සයිට් එක පැත්තෙ එන්නත් බැරි වුනා මේ ටිකේම, දැන් ගිහින් බලන්නං අලුතින් මොනවත් ලියලද කියල.
    සපතේරු උන්නැහෙ දත් දොස්තරගේ සයිට් එක පැත්තෙ ලඟදි ගියා කියල නං තේරුනා.

    ReplyDelete
  79. @ Henry the Dude,
    හෙන්රිට ගිම්හානි උත්තර දීල තියෙනවනෙ.

    @ ගිම්හානි,
    Thank you very much.

    @ සපතේරු උන්නැහෙ,
    ඔයාගේ සයිට් එක පැත්තෙ එන්නත් බැරි වුනා මේ ටිකේම, දැන් ගිහින් බලන්නං අලුතින් මොනවත් ලියලද කියල.
    සපතේරු උන්නැහෙ දත් දොස්තරගේ සයිට් එක පැත්තෙ ලඟදි ගියා කියල නං තේරුනා.

    ReplyDelete
  80. 4X3 මොනිටර් එ‍කට මේ පේඡ් එකේ පැත්තක් පේන්නෙ නෑ.

    ReplyDelete
  81. අපි මොකටද කාගෙන්වත් කතන්දර අහන්නෙ, ඔන්න දැම්මා පෝස්ට් එකක් .......

    ReplyDelete
  82. හප්පට සිරි, මේ කතාව කලින් අහලා තිබුනට මම අදමයිනේ බොලේ දැනගත්තේ මේක මේ ඔබා අයියට වෙච්චි සීන් එකක් කියලා........!

    ReplyDelete
  83. අදයි දන්නෙ ඔබා මාමා බ්ලොග් එකක් කියනව කියල. නියමයි. ඒක නෙමෙයි අර පාං පෙති දෙක ඉල්ලුවෙ ඔම්ලට් එක මැදිකරන් කන්නද ඈ.... වෙලාව 12.00 බත් කන්න බෑ වගේ.

    ReplyDelete
  84. @ දුමී,
    මට වෙච්ච එකක් නෙමේ බොලේ.....කතාව කලින් දැක්කෙ "අන්තිම පේලිය" සයිට් එකේද? ඒකෙත් දැම්මේ මං තමා ටික කාලෙකට ඉස්සර.

    ReplyDelete
  85. @ Nawammawatha,
    අද හරි දැනගෙන ගොඩ වෙලා, දාල තියෙන පොස්ට් දෙකේම කොමෙන්ට් දැම්ම "නවම්මාවත"ට මෙන්ම "කට කහන" දුමී ටත් "A Big Thank You"

    ඔව්..වොව් වෙන මක්කෙටැය් ඉතින් පාන් පෙති දෙක සැන්විච් එකක් හදන් කන්න වෙන්නැති. කව්දෑ දන්නෙ.

    ReplyDelete
  86. මේක ඔබා අයියට වෙච්ච දෙයක් නෙවෙයි..එයා කරපු එකක්.
    හරි ...මේක ඔබා අයිය කරපු දෙයක් නෙවෙයි නම්, අර බාත් රූම් එක ඇතුලෙ වුන ටික ඔය තරම් හොඳට දන්නෙ කොහොමද ?

    ReplyDelete
  87. @ Luckey,

    ඔලුවෙන් හිටගෙන කිව්වත් කෂ්ටිය අහන නැහැනෙ මේක මට වෙන කෙනෙක් කියපු එකක් කියල. ඊගාවට මේකට මං සම්භන්දය් කියන ගොබිලට හරි ගොබිලිට හරි අර මාරයගෙ රෝස් පාන් එකක් දෙකට පලල, ග්‍රෑන්ඩ් එකේ ඔම්ලට් එකක් මැදට දාල, කවන එක කවනවමය්, ඕන් කිව්ව.

    ReplyDelete
  88. මමත් අදමයි මේ කතන්දරය දැක්කේ... නියමායි ඔබා මාමේ... කොහොමද මූත්‍රා මදු විතේ රස එහෙම?

    ReplyDelete
  89. @ විසිතුරු,

    බීලම බලන්න ඕනෙ. තෑන්ක් යූ ගොඩ වුනාට. අලුත් පෝස්ට් එකක් හෙට උදේ හයට පබ්ලිෂ් වෙනව.

    ReplyDelete
  90. @ Anonymous at 11:13 AM,On Wed, Aug 31,2011

    4X3කිව්වෙ අඟල් වලින්ද? එච්චර චුටි මොනිටර් එකක කොහොමත් අකුරු කියවන්න පුලුවන්ද? කොහොමත් මගේ කොම්පියුටර් දැනීම අල්පය්, කරන්න ඕනෙ වෙනසක් කිව්වොත් ට්‍රය් කොරල බලන්නන්.

    ReplyDelete
  91. @ පන්සල් හංදිය,
    ඔව්..වොව්, මං දැක්ක, ගිහින් බලල කොමෙන්ට් කෑල්ලකුත් දැම්ම

    ReplyDelete
  92. යකෝ මේකෙ කොමෙන්ට් කියවන්න ත්‍රීවීල් එකක් හයර් කරං එන්න එපැයි . .. . . .

    ප.ලි.
    ඒක නෙමේ අයියෙ . . . ඔම්ලට් එක රහද ???

    ReplyDelete
  93. ඕනයා,
    කොහෙද #### ## හැංගිල හිටියෙ, ගිය මාසේ දාපු පොස්ට් එහෙකට අද ඇවිල්ල කොමෙන්ට් දාන්නෙ ?

    ReplyDelete
  94. පිස්සු හැදෙනවා ඔබ්සවර් අයියා! මගේ ඉල ඇට කූඩුව හොදටම රිදෙනවා හිනා වෙලා! ඇත්තම ඇත්ත සිද්ධියක්ද මේක? මං විශ්වාස නම් නෑ! ඒ ‍මොකක් උනත් ආතල් කතාව! හිනා වෙලා පන යනවා!

    ReplyDelete
  95. මාත් ඹබා මාමා කියන්නම්! ඒක හොදයි! දැනෙන නමක්! එහෙනම් ඔබා මාමා එළටම කරන්න!

    ReplyDelete
  96. ඔන්න එහෙනම් 99 වෙනි කමෙන්ට් එක මගෙන්.....
    ආයිමත් එන්ජෝයි කොලාය....

    ReplyDelete
  97. පිසා,
    උඹට තෑන්ක් යූ කියන්න 100 වෙනි ඒක දැම්ම එහෙනං මං ඕන්

    ReplyDelete
  98. @ මාධව,
    ආමන්ත්රණේ මොකක් වුනත් කමක් නැහැ පුතා, ගොඩවෙලා කියෙව්වට තෑන්ක් යූ. ඔයාගෙ බ්ලොගේ පැත්තෙත් ගියා මං....

    ReplyDelete
  99. හෆො........යි .. තව පොඩ්ඩෙන් මැරෙනවා හිනා හිරවෙලා . . . .

    ReplyDelete
  100. අන්තිමට ඇවිත් තමයි කියෙව්වෙ.
    මෙච්චර කාලෙකට මේ තරම් හිනා ගිය සිද්ධියක් බ්ලොග්වල කියෙව්වෙ නෑ අම්මප.
    ගූ ඔම්ලට් කොහොමද දන්නෙ නෑ....

    ReplyDelete
  101. කියෙව්වා ...

    අම්මපා දැන් නම් බෝතය එවේලේ කඩලා තමයි බොන ඕනම බීමක් බොන්නේ තුහ් විතරක් කිව්වලු

    ReplyDelete
  102. @ දුකා,
    තෑන්ක් යූ ඇවිල්ල කොමෙන්ට් එකක් දැම්මට. නහය කපන්න වත් අප්‍රියෙල් දිහා ලංකාවට එනවය්?

    @ අවුට්සයිඩර්,
    ඔම්ලට් එකක් කන ගානෙ මට බනින්න පටන් ගනීද මන්ද? හිකිස්....

    @ වැප්,
    බොන හැම වෙලාවෙත්, ඔම්ලට් එකක් කන හැම වෙලාවෙත් මට බනින්න නං එපෝ....

    ReplyDelete
  103. කසියා ගැසුවා සේ සමානයි..

    ReplyDelete
  104. ඒ කාලේ රුපියල් 100 ක් කියන්නේ අද (2012) මුදලින් රුපියල් 13,000/= ක් පමණ.

    ReplyDelete