උඩ තියෙන පින්තුරෙන් පෙන්නන්නෙ ඔස්ට්‍රේලියාව තුල යුරෝපයේ රටවල් ටික ඔක්කොම තිබ්බත් තවත් ඉඩ ඉතුරු වෙනව කියල. තව සිතියමේ පෙන්නන ප්‍රාන්ත අග නගර [state capital cities] අතර දුර වගේ සුළු විස්තර ටිකකුත් තියෙනව. ඔස්ට්‍රේලියාවෙ හිටපු අගමැති වරයෙක්, මට මතක විධියට බොබ් හෝක් නැමැත්තා කිව්ව කථාවක් මම මාතෘකාව හැටියට දාල තියෙන්නෙ. ඔස්ට්‍රේලියාවෙ සිතියම දෙස බැලුවමත් මනුෂ්‍යයෙකුගෙ පස්ස පැත්තක් වගේ පේනව. කිව්ව හේතුව මම හරියටම දන්නේ නැති වුනාට එයා ඔස්ට්‍රේලියාව හැඳින්නුව එක වතාවක 'ලෝකෙ පුක' එහෙමත් නැත්තන් 'Arse end of the world' කියල.
මම මීට ඉස්සෙල්ල පබ්ලිෂ් කල 'Disability Pension' පෝස්ට් එකේ කොමෙන්ට් වලට උත්තර ලියන්න වෙලාව තිබුනෙ නැති වුනත්, සමහරුන්ව උපහාසෙට ලක් කරල ඇනෝ කෙනෙක් දාපු කොමෙන්ට් සහ මට මඩ ගහපු කොමෙන්ට් ඇතුළුව ඔක්කොම කොමෙන්ට් කියෙව්ව. එක්කෙනෙක් අහල තිබුන දරු කමට හදා ගන්න බැරිද කියලත්...හෙහ්...හෙහ්... කොහොම වුනත් සමහරු අවස්ථාවක් ලැබුනොත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන්න කැමති බව කොමෙන්ට් වලින් මට හිතුන. මීට කලිනුත් අපේ සිංහල බ්ලොග් අවකාශෙට සම්භන්ද කීප දෙනෙක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීම ගැන මගෙන් පුද්ගලිකවත් විමසුව. ඒ නිසා මට හිතුන හැමදාම කුණුහරප ලියන එකේ වෙනසකටත් එක්ක ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන්න කැමති අයට අවශ්‍ය වෙයි කියල හිතෙන විස්තර ටිකක් පළ කරන්න. මේ විස්තර මන් මේ විධියට නොකිව්වත්, අන්තර්ජාල පහසුකම් තියෙනව නම් කෙනෙකුට සර්ච් කරල හොයා ගන්න බැරි රහස් නම් නෙමේ.
ඔස්ට්‍රේලියාව, ලෝක ආර්ථික ප්‍රශ්න තියෙන මේ දවස් වලත්, අනෙත් රටවලට වඩා ආර්ථික අතින් ශක්තිමත් කියල හිතන්න පුළුවන්. දැනට මාස ගණනක ඉඳලම ඕස්ට්‍රේලියන් ඩොලරයේ අගය ඇමෙරිකන් ඩොලරයට වඩා වැඩියි. ඔස්ට්‍රේලියාවට තියෙන එක ප්‍රශ්නයක් තමා රටේ විශාලත්වය අනුව ජනගහනය මදි කම. හොරෙන් බෝට්ටු වලින් සංක්‍රමණය කරන ටික දෙනෙකුත්, ලෝකෙ සමහර රට වල තියෙන යුද්ධ සහ ඇතිවුන ස්වාභාවික විපත් නිසා ඕස්ට්‍රේලියන් රජයෙන් සරණාගතයන් හැටියට භාරගත් ටික දෙනෙකුත් මෙහාට ආවට, ඒ අයගෙන් මෙහාට සෑහෙන කාලයක් යනකන් එච්චර වැඩක් නෑ. හේතුව ඒ අය අතරෙ ඔස්ට්‍රේලියාවෙ කර්මාන්ත සහ කෘෂිකර්මයට හෝ තොරතුරු තාක්ෂනයට අවශ්‍ය පුද්ගලයෝ නැති තරම් නිසා.
ඔස්ට්‍රේලියාවෙ අනාගත අවශ්‍යතා වලට, අනාගත පරම්පරාව පුහුණු කරගෙන යනව වුනත්, වර්තමාන අවශ්‍යතාවන්ට ඕනේ කරන පිරිස අඩුයි. ඒ නිසා Skilled Migrants කියන කැටගරියෙ අයට මෙහෙට සංක්‍රමණය කරන්න අවස්තාව උදා කරල තියෙන්නෙ. ඕස්ට්‍රේලියන් රජය උත්සාහ කරන්නෙ, වෙන රටවලින් පුහුණු පුද්ගලයන් මෙහාට ඇද ගන්න. ඒ රට වලට ඒක 'බ්‍රේන් ඩ්රේන් ' එකක් වුනාට ඕස්ට්‍රේලියන් රජය ඒ බව පයිසෙකට ගණන් ගන්නේ නෑ. සමහරුන්ට පේන්න පුළුවන් ධනපති ආර්ථික ක්‍රමේ වැරද්දක් කියල. කොහොම වුනත් මේ දවස් වල ඔස්ට්‍රේලියාවට අවශ්‍ය කරන වෘතීන් ලිස්ට් එකක් සහ අනෙත් විස්තර මෙතනින් ගිහින් බලන්න පුලුවන්. කෙලින්ම ලිස්ට් ඒක බලනව නං මෙතනින් PDF ලියවිල්ලක් විධියට බලන්න පුළුවන්.
ලින්ක් හරහා ගිහින් බැලුව නම් Skilled Migrant කැටගරි කීපයක් තියෙන බව දකින්න ඇති. ඒ කොයි කැටගරියෙන් බැලුවත් තමන්ට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය ලකුණු ප්‍රමාණයක් සුදුසු කම් අනුව ලබා ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ ඒ කැටගරියට අවශ්‍ය ලකුණු ප්‍රමාණයන් කොයි තරම්ද කියල මෙතනින් බලන්න.
ඒ ලකුණු ප්‍රමාණය තමන්ට ස්කෝර් කරන්න පුලුවන්ද කියල අයදුම් පත ඉදිරිපත් කරන්න හිතන්නත් ඉස්සෙල්ල මෙතනින් බලන්න පුළුවන්. මොකද අයදුම් පතත් එක්ක සෑහෙන මුදලක් ගෙවන්න ඕනෙ ප්‍රොසෙසින් ගාස්තුව හැටියට. අයදුම් පත පවා මුදල් ගෙවලයි ගන්න වෙන්නෙ. ඕස්ට්‍රේලියන් රජයට යන වියදම පියව ගන්න එක ඇරෙන්න සුදුසුකම් නැති අය නිකරුනේ අයදුම් පත් ඉදිරිපත් කරල අනවශ්‍ය වියදම් සහ කාලය නාස්ති කරන එක වලක්ක්වන්නත් වෙන්නැති එහෙම මුදල් අය කරන්නෙ සමහර විට. නිකම් දෙනව නම් දෙමළ පත්තරෙත් ගන්න අය ඉන්නවනෙ.
මම ඔය දුන්න විස්තර ඔක්කොම සංක්‍රමණිකයන් සඳහාම වෙන් වූ ඕස්ට්‍රේලියන් රජයේ දෙපාර්තමේන්තුව ඒ කියන්නෙ Dept. of Immigration නිළ වෙබ් අඩවියට මෙතනින් ගිහිල්ල ඒ හරහා හොයා ගන්න පුළුවන්. ස්ටුඩන්ට් වීසා, විසිටින් [ටුවරිස්ට්] වීසා, ඇතුළු සියලුම වීසා කැටගරි සඳහා විස්තර එතන තියෙනව. ලංකාවෙ ඉඳල අයදුම් පත් ඉදිරිපත් කරන අයට මුදලක් අයකරල සහය දෙන ඔස්ට්‍රේලියාවෙ Dept. of Immigration එකෙන් අනුමත ලංකාවෙ ආයතන ලිස්ට් එකත් ඒ වෙබ් අඩවියෙන්ම බලන්න පුලුවන්.
මේ පෝස්ට් එක පබ්ලිෂ් කරන්න තත්පර ගානකට ඉස්සෙල්ල, ඊයකින් ආව ලෝකෙ එක, එක, පාර්ලිමේන්තු වල ඇතුළෙ සහ පිටතදි දේසපාලල දාපු ගොන් පාට් සහ ගහ මරා ගැනිලි ගැන වීඩියෝවක්. අනිත් ලින්ක් වලට නොයන කට්ටියට වුනත්, මේක ඉන්ටරෙස්ටින් වෙයි කියල හිතෙනව. මෙතනින් ගිහින් කැමති නං බලන්න.
මේ පෝස්ට් එක පබ්ලිෂ් කරන්න තත්පර ගානකට ඉස්සෙල්ල, ඊයකින් ආව ලෝකෙ එක, එක, පාර්ලිමේන්තු වල ඇතුළෙ සහ පිටතදි දේසපාලල දාපු ගොන් පාට් සහ ගහ මරා ගැනිලි ගැන වීඩියෝවක්. අනිත් ලින්ක් වලට නොයන කට්ටියට වුනත්, මේක ඉන්ටරෙස්ටින් වෙයි කියල හිතෙනව. මෙතනින් ගිහින් කැමති නං බලන්න.
පුක පැත්තේත් හොඳම හරියේ වෙන්න ඕනෑ පර්ත් තියෙන්නේ.
ReplyDeleteඅදාල නැත
ReplyDeleteකොච්චර රහට පෙනුනත්,අපායට වැටෙන්න සහ ඒ අපායෙන් ගොඩ එන්න හිත ශක්තිමත් අය පමනක් ම මෙහි එත්වා.
ReplyDelete@ Kassa,
DeleteA message from Podi kumaarihaami
අද නම් එන්ට හොඳටම පරක්කු උනා. හොඳ විස්තරයක්. මේ පැත්තට එන්ට හිතාගෙන ඉන්න අය මෙය හොඳින් කියවා බලනු ඇතැයි හිතනවා.
අර කස්සට කීවොත් නරකද එක, එක්කෙනාව බය කරන්ට එපා කියලා. :D
ඕස්ට්‍රිලියාවෙ යන්න හිතාන ඉන්න අයට නං වැදගත් වෙයි මේක
ReplyDeleteපුක ගැන කියන්න දෙයක් නෑ. පුකේ වටිනාකම දන්නේ ඒකේ රස විඳපු අය විතරයි. අර වීඩියෝ එකනම් පස්ට. එකේ සිංදුව මරු. බීට් එකත් මරු..
ReplyDeleteඅපොයි බෑ මේක දමලා කොහෙවත් යන්නෙ නෑ අයියෙ...
ReplyDeleteඕස්ට්‍රේලියාවට මයිග්රේට් කරන්න..!!?? හපොයි, මමනං එන්න චාන්ස් එක තිබිලත් ඔය පැත්තෙ නං එන්නෙ නෑ.. මට යුරෝප් හොඳා.. :D
ReplyDeleteනිකම් මොකටද අප්පා මුතු කැටයක් දාලා පුක පැත්තකට යන්නේ අපිනම් යයි
ReplyDeleteNetwork paththa thamai man nam karanne! bt digree 1k ooni athi needa mama! mata nam Digree 1k thami naththe! wena wena certificates nam nathi wenna hav! :D :D
ReplyDeleteමමත් ආසයි ඔට්ටේලියා එන්න. ඊට කලින් වෙන රටකට ගිහින් ඩිගිරියක් හදාගෙන එන එක තමයි ලාබ.ඔහෙ යුනිවසිටි පී එක මාර ගනන්නෙ. ඒ හිංද මගෙත් හිතේ තියන්නෙ ඔය කියන ස්කිල් එක වෙන රටකට හරි ගිහින් හදාගෙන ඔට්ටේලියාවට සංකමනය වෙන්ඩ.
ReplyDelete@ කතන්දර Kathandara,
ReplyDeleteපර්ත් නරකම නෑ, එත් හොදම හරිය නිව් සවුත් වේල්ස්, බ්ලූ මවුන්ටන්ස් පැත්තෙ කියලයි ආරංචිය
@ neel,
අන්තිම හරියෙ තියන ලින්ක් එකෙන් එහෙනං වීඩියෝ එකවත් බලන්න, පෝස්ට් එකට අදාළ නං නෑ
@ කස්ස
අපායෙත් අප්සෙට් එක තියෙන්නෙ ඉන්ටවල් ඉවාරවෙනකන් විතරයි, කතාව දන්නෙම නැත්තං කස්සට ලින්ක් එක එවන්නං...හෙහ්...හෙහ්..අන්තිම පේළියෙ ගියෙ.
@ හරී - පිණිපළස,
ඔව් අනිත් අයට බලන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනව අන්තිමට තියෙන ලින්ක් එකේ, පෝස්ට් එකට නං අදාළ නෑ, චුට්ටක් හිනාවෙන්න පුළුවන් වෙයි.
@ මාතලන්,
Post එකේ කිව්ව වගේ අන්තිම තප්පරේ දැක්කෙ ඊය, පෝස්ට් එක හුඟක් අයට වැඩක් නැති වෙයි කියල හිතුන හින්ද [කුනුහරපත් නෑනෙ] ඔන්නොහෙ කට්ටියට බලන්න කියල ඇඩ් කොලේ...හෙහ්...හෙහ්..
@ Weni,
පික්ෂුද උඹලත් දාල ගියොත් කව්ද බං අන්තිමට බොගක් දාන්න සොරි බ්ලොගක් ලියන්නවත් දර්මදීපෙ ඉතුරුවෙන්නෙ ? :-))
මාත් එනවා ඕට්ටේලියා....... නියම විස්තර ටිකක් වගේ ලින්ක් ටික ඕපන් කරාට තාම බැලුවෙ නෑ මට යන්න පුලුවන්ද කියලා.... පුලුවන් නම් අනිවා එනවා...
ReplyDeleteමේ යන විදිහට මෙහෙ ඉන්න බැරිවෙයි ඉස්සරහට......
බොහොම ස්තුතියි විස්තර වලට....
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
මම නම් මේ දවස් වල චීන ඉගෙන ගන්නවා චීනේ යන්න , හිතුනොත් බැසිල් මහත්තයත් එක්ක ඉන්දියාවේ යනවා වැසිකිලි හදන්න , හිතුනොත් රුසියාවේ තෙල් ආකරේක වැඩට යනවා එහෙම නැතුව ඔය ඊනියා අධිරාජ්‍යවාදී බටහිර(?) රටවලට අපි යන්නේ නෑ
ReplyDeleteබට් ,තැන්කූ ඈ ...
@ Buratheno,
ReplyDeleteපොඩි ප්‍රශ්නයක් තියෙනව එක්කො මේ වෙලාවේ ඕනෙ නෑ, 'නිදහස් සිතුවිලි' පැත්තෙ ආවම අහන්නං :-D
මොකද්ද බොලේ ඒ මෙතන අහන්න බැරි පොඩි ප්‍රශ්නෙ..!!?? සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්ද..?? ;)
Deleteනොබී මොන ප්‍රශ්නෙද බං විසඳන්න පුලුහන්...අනික අද සෙනසුරාද හවස...හෙහ්..හෙහ්...වයින් ෂුට්ටක් බීවෙ නැත්තං ගෑණි හිතයි මූට අසනීපයක් වත්ද කියල. [ කොහොමද මගෙ න ණ ල ළ හෙම තාම ?]
Deleteමටත් පුක බලන්න එන්න මාර ආසාවක් අප්පා තියෙන්නෙ....අම්මපා කවදහරි එනවාමයි!!
ReplyDeleteබලන්න ආවොත් පර්ත් පැත්ත එක්ක ගිහින් පෙන්නන්නං
Delete@ කනියා.
ReplyDeleteසැටිෆිකේට් ට්රූ
@ මාධව,
ලින්ක් හොඳට බැලුවද, මොනවත් තේරෙන් නැති තැනක් තියෙනව නං ඊයක් එවන්න
@ සිහින,
ලින්ක් වලින් අදාළ සයිට් වලට ගිහින් හෙමීට කියවල බලන්න තේරෙන්නෙ නැති තැනක් තියෙනව නං ඊයක් එවන්න
@ හරී,
ලින්ක් වලින් ගිහින් වෙලා අරන් කියවල බලන්න.
@ Buwa,
අඟුරු, යපස්, රත්තරන් ආකාර වල නම් ජොබ් තියෙනව කියල ආරංචියි, ඒ වුනාට රට නං අදිරාජ්යවාදීයි :-D
අපිත් කාලයක් ට්‍රයි කලා. අපේ වෙලාවට හරි ඕස්ට්‍රේලියාවෙ වෙලාවට හරි වැඩේ පත්තු වුනේ නෑ. ඒක කූරු ගහලා බලන්න කලින් මෙහෙ එන්න සිද්ද වුනා.
ReplyDeleteඔබා අයියා කරපු වැඩේ පට්ටයි. සාමාන්‍යයෙන් ඉන්දියන් කාරයො එකෙක් ගියොත් රොත්ත බුරුත්තම ගෙන්නගන්නවා කියලා මට කිව්වෙ ඉන්දියන් කාරයොමයි හිනා වෙවී. (අන්න මේ අවුරුද්දෙ පොර ආවේ නෑ. කැනඩාවෙ ගිහින්ලු.) ඒකට අපේ උන්. සාමාන්‍යයෙන් අපේ උන් අපේ තව එකෙකුට එන්න තියෙන මං අහුරන්න තමයි ෆුල් ට්‍රයි එක. ඒකයි ඔය දාපු ආටිකල් එකේ වටිනාකම.
අපිට විතර වීසා රිස්ට්‍රික්ෂන්ස් නෑ මේ අපි ඉන්න රටේ එවුන්ටවත් කිසිම රටකින්. අපි වීසා ගන්න ගියාම අහන ප්‍රශ්ණ සෙට් එකට ආත්ම ගෞරවයත් නැති වෙනවා. අපිට එහෙම වුනේ අපේ එවුන් පනින්න ගත්තා නිසයි, සරණාගත කේස් එකයි හන්දයිනේ?
henryblogwalker the Dude
//අපේ වෙලාවට හරි ඕස්ට්‍රේලියාවෙ වෙලාවට හරි// හෙහ්...හෙහ්..
Deleteහෙන්රි ආවෙ නැත්තෙ මගෙ වෙලාවද දන්නෑ, තව ඕනයත් ආව නං හෙම මට වෙන රටක් හොයා ගන්න තමා වෙන්නෙ
Agree with Dude. Good job Oba. Thanks.
Deleteහ්ම් . . . ඒ ගැන සිතමින්
Delete@ Prabath,
DeleteThanx mate
වටිනා විස්තර ටිකක්
ReplyDeleteThanx Bindi, කාට හෝ එක්කෙනෙක්ටවත් ප්‍රයෝජනයක් වුනොත් සන්තෝෂයි
ReplyDeleteඅපෝ මටනම් ඔය අහලකින් යන්නවත් සුදුසුකං නෑ! :D
ReplyDeleteජොබ් ලිස්ට් එක හරියට බැලුවද ? එකේ බ්‍රික් ලේයර්ස් [මේසන්] , වඩු කාර්මික හිටන් තියෙනව. හැබැයි කඩ්ඩත් ඕනෙ.
Deleteබෑ බෑ ඔබා මාමේ! කඩ්ඩනම් අවුලක් නෑ. දවසක් සුද්දෙක් එක්ක මම කඩ්ඩෙන් කතාකරලා සුද්දා බය වෙලා දිව්වා. ඒ තරමට කඩ්ඩ හොඳයි. එකම අවුල මම කරලා තියෙන්නේ බ්රික්ලේයර් කෝර්ස් එක නෙමෙයි. ඇසිස්ටන්ට් බ්රික්ලේයර් කෝර්ස් එක!
Deleteකඩ්ඩද වෙන මොකවත්ද දැම්මෙ, සුද්ද බය කරන්න ?
Deleteදැන් නිදා ගන්න යනෝ...ඉතුරු කට්ටියට හෙට උත්තර දෙන්නං.... මම හෙටත් නිමාඩු... :-))
ReplyDeleteපදිංචියට කේසේ වෙතත් රට තොට බලා කියා ගන්න එන්න නම් ආසයි... Opera House & Times Square ( NY ) වල බලන්න ආස ලිස්ට් එකේ උඩින්ම තියෙනවා..
ReplyDeleteආවොත් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා මට පුළුවන් තරං එක්ක ගිහින් පෙන්නන්නං, සිතියමේ බැලුවොත් පෙනේවි හෙණ විශාල ඒරියා එකක් කියල....ඒකයි පුළුවන් තරං කියල කලින්ම කිව්වෙ...හෙහ්..හෙහ්..
Deleteමට පේන්නෙ මෙහෙ ඉන්න උන්ව ඇද ගන්න ඔබා මාම දරන අහිංසක උත්සහයක් වගෙ
ReplyDeleteතමන්ගෙ එව්වො එක්ක ඉඳල පුරුදු වුනාම ඒක , එක ලෙඩක්
Deleteමොකක්ද එකේ තියෙන වැරැද්ද? රට ඉන්න එකෙක් ලංකාවට එවන කියකින් හරි නේද ජෝනා පරණ පොල් හරි ගෙන්නන්නේ
Deleteවීඩියෝව නම් මරු වල් එව්වත් තියෙනවා :)
ReplyDeleteකොට් ඇන්දට කිසි මහත්මා ගති නැති අයත් ඉන්නවා.
ඔය ෆෝම් පුරවන්නේ නැතුව හොරෙන් පැන්නොත් මොකද කරන්නේ? ආයේ පිටුවහල් කරනවද?
'කලිසං ඇන්දට මම මහත්තයෙක් නෙමේ ಹುತಿಗೆ ಪುತ್ಹೋ' කියල මම පළවෙනි වතාවට කිව්වෙ මාතලේ ටවුමෙ ගණන් කාරයෙකුට. මගෙ සමහර පෝස්ට් වල ප්‍රධාන චරිතෙ රඟපාන ඉන්දරෙත් අපායට සහාහට ළඟ හිටිය ...හෙහ්..හෙහ්..
Delete//ඔය ෆෝම් පුරවන්නේ නැතුව හොරෙන් පැන්නොත් මොකද කරන්නේ? ආයේ පිටුවහල් කරනවද?//
මං දන්න විධියට 99 % විතර
oya kiwwa nisama video eka balanna gatte hithuwata wada shoine....ape rate kattiya karana wada monada kiyala hithenawa ela aaaa...
Delete@ ගැමියා,
Deleteඒක තමා මං කීවෙ වීඩියෝ ඒක බලන්න වටිනව කියල
monawa kiwwath balanna misak meka daala yanna matanam hitha denne na. dan me welaaweth ape ratata kana dewal ape muralita karapu dewal mata nam amathaka na. suddo okkoma usa walata (ara oya kiyapu (puka) dena eka thamai waredda.
ReplyDeletehttp://www.google.com/transliterate/Sinhalese
Deleteමේ වෙලාව ඕස්ට්‍රේලියාව අපේ රටට මොකක්ද මහත්තයෝ කරන්නේ ?
Deleteඇමරිකාවට අහවල් එක දෙන්නේ මොකටද ,ඕස්ට්‍රෙලියාව ලෝකේ අනික් සියලුම ආර්ථිකයන් කඩා වැටෙත්දි බොහොම ශක්තිමත්ව ඉන්න හැකියාවක් තියන රටක් , අපේ උන්නැහේලා චීනෙටයි , ඉන්දියාවටයි දෙන දීම අනික් රටවලට ආදේශ කරන්න එපා !
රන්ජා,
Deleteබලන්න හරි ඇවිල්ල යන්න නං වටින රටක්
බුවා,
බුවා හරි, ඔස්ට්‍රේලියාව රටක් හැටියට ලංකාවට උදව් මිසක් වෙන මොනවත් කරල නෑ. සුනාමියෙන් පස්සෙ එහෙම සෑහෙන්න උදව් කළා. මුරලිට රටක් හැටියට කරපු වැරැද්දක් නෑ, විනිශ්චයකාරයෙකුගේ තීරණයක් මිස.
මේ පාර නං ඇත්තටම ඔබා දොයි.... Good Night :-))
ReplyDeleteහොඳ විස්තරයක්, ඒ ගැන උනන්දු අයට වැදගත් වෙයි.. මටනම් Migrate කරන්ඩ අදහසක් නැහැ.
ReplyDeleteමාත් ඕස්ට්‍රේලියාවට රිංගගන්න කැමතියි. work experience නැති එක තමයි කේස් එක.
ReplyDeleteමමත් එන්න ඕන ඔය පැත්තේ ටුවර් එකකට... ඉතාලි ඉදන් ඉද්දි එච්චර ගානකුත් නැත්ද කොහේද... ඔබා මාමා ඉන්න නිසා මාර්ගෝපදේශනයත් පහසු වේවිනේ..
ReplyDeleteඔබාමාමාගේ තවත් එක් ප්‍රජා සත්කාරයක්..........
ReplyDeleteරටේ බුද්ධිමය සම්පත් පිටරටට ඇදලා ගන්න හදන ඩොලර් කාක්කෙක් කියලා ඔබා මාමටත් බඩු බනිස් වෙයිද දන්නෑ.සුදු වෑන් එකක් බැරිනං සුදු බෝට්ටුවක් හරි එවලා උස්සයි බොලේ පරිස්සමෙං කරන මගුලක්.අපේ රජ්ජුරුවංගෙ හෙංචයියෙක් ගූගල් එකටයි කොකා කෝලා එකටයි කෙළවපු එකේ ඕස්ට්‍රේලියාව එච්චර කජ්ජක් වෙන්න බෑ.
ReplyDelete@ සෙනා,
Deleteඑහෙනං අන්තිම ලින්ක් එකෙන් ගිහින් වීඩියෝ ඒක වත් බලන්න...හෙහ්...හෙහ්..
@ කිරිපුතා,
Work එක්ස්පීරියන්ස් හදා ගන්න තාම වයස තියෙනව නේද ?
@ දිනේෂ්,
එන්න...එන්න...ෆුල් සපෝට් එකක් දෙන්නම්...
@ හිත හොඳ පිස්සා.
හෙහ්...හෙහ්...
@ දිනුක ,
එයාලට අපි වගේ ලපයි, සිපයි ගැන හොයන්න වෙලාවක් නෑ. ඊට වඩා කොච්චර ලොකු රාජකාරි තියෙනවද ? :-))
හැබෑටම මම අන්තිම ලින්ක් එක බැලුවෙ නෑ නේන්නම්. දැන් ඔෆිස් එකේ ඉන්නේ බලන්ඩ බෑ බ්ලොක්. හවසට කාමරේට ගිහින් තමා බලන්ඩ වෙන්නේ.
Deleteඒක බැලුවොත් මටත් ඕට්ටේලියා යන්ඩ හිතෙයිද ?
බලලම තමා තීරණේ කරන්න වෙන්නෙ, ඔෆීස් එකේ බලන්න බැරි එකක් නං නෙමේ ඇත්තටම...
Deleteමම නම් අන්තිම ලින්ක් එකට විතරයි ගියේ... :)))
ReplyDeletemona mala magulak unat lankawa daala yanna ba appa onemanam masekata witara yanna puluwan...mehe tiyena sanaseema koi taram salli hambunat wena ratakata gihin ganna bariwei...habai oba maame sahenna watinawa post eka....kawudo manda ara video eka wal kiyanakan mama ekata giye na...dan oba maama pin athe wada walata sahenna barai wage neda....
ReplyDeletepitarata wistara mewwa
ahagena inna oyala
dewarak hithala balala
yannala hithala ohela...
meka jaya sri ge sinduwak wachana harida manda habai metanta godak galapenawa
ලොවක් වටින පුකක් නොවැ..
ReplyDeleteමමත් ඇත්තමයි මාමාගෙන් අහන්න හිටියේ මේ ගැන .මොකද මං දන්නා කෙනෙක් ඇහුව ඕස්ට්‍රේලියා යන විදියක් ගැන.මම මේක ඒ යාලුවට පෙන්නනම්.ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබා මාමගේ පාරන පොස්ට් කියවාවිද දන්නේ නැහැ.
ReplyDeleteවීඩියෝව නම් මරු ඔබා මාමේ ඒ භාශාවත් මට තේ රුනා...ඕට්ටේලිය යන්න බැරි වෙයි අප්පා,,මම ඕලේවල් විතරයි පාස්,,,,
ReplyDeleteඉන්ටම යන්නනම් හිතෙන්නෙ නෑ.හම්බ කරගෙන එන්න බැරිද දන්නෙ නෑ.
ReplyDeleteඅපේ කාලේ වෙනකොට ඔස්ට්‍රේලියාවට කස්ටිය ගන්න එකක් නැද්ද දන්නෑ!:P
ReplyDelete(ඔස්ට්‍රේලියාව අපිට පුක පෙන්නාවි ඒ පාර :D)
@ Shani,
Deleteඒක තමා වැදගත්ම ලින්ක් එක
@ ගැමියා,
සින්දුව නං අහල තියෙන බවක් මතක නෑ, මාසෙකට වුනත් එන්න පුළුවන් නම් බලන්න වටින රටක්, හැබැයි අපේ රටේ කට්ටියට විසිටින් වීස එකක් වත් ගන්න ලේසි නෑ.
@ සෑම්,
නැත්තන්...නැත්තන්...
@ අසරණයා,
ඇයි ගෑල්ලමයෙක්ද ?
@ ඉතාලි දිලාන්,
ඕ ලෙවල් ඇති, ඉංග්‍රීසි දැනුම සහ රැකියාව අර ලිස්ට් එකේ තියෙන එකක් නම්. ඉස්සර නං ඉංග්‍රීසි දැනුම වුනත් ඒ තරං බැලුවෙ නෑ, දැන් නම් හොඳටම බලනව.
@ නිසූපා,
ඔව් එහෙමත් බැරි කමක් නෑ. මෙහෙ ඉන්නම ඕනෙ කියල නීතියක් නෑ.
@ නුවන්,
තව කාලයක් යනකන් ස්කිල්ඩ් මයිග්‍රන්ට්ස් ගන්න එක නවත්තයි කියල හිතන්න බෑ, හැබැයි රැකියා ලිස්ට් එක වෙනස් වෙයි. එදා ඉඳල අද වෙනකම් ලිස්ට් එකේ වෙනස් නොවී තිබුන රැකියාවක් 'මෝට මිකැනික් '
http://www.toeflgoanywhere.org/Australia/
DeleteTOEFL® scores are accepted for both
Australian student visas and course admissions.
For more than 45 years, Australian institutions have accepted TOEFL scores for admissions. Now, they are also accepted for all Australian student visas. So no matter where in the world you live – including China, India and Vietnam – you can take the world's most accepted, most respected English-language test both for admissions and to apply for your visa. One test, one step.
The new visa requirements apply to all student visa applications logged on or after November 5, 2011. For more information about applying for Australian visas, visit http://www.immi.gov.au/.
On the visa application, where it asks you to provide a "test certificate number" for your English language proficiency test, use the Registration Number found on your TOEFL score report.
උඩින් පල්ලෙන් කියෙව්වා, දැන් වෙලා නෑ, හෙට හරියටම කියවනවා ......
ReplyDeleteතෑන්ක්ස් ඔබා මාමා ....
පුක පැත්තේ යන්න ආසයි..කොහෙද තාම වෑන්ස් එකක් නෑ නේ....
ReplyDeleteෙමහාට එන්න අහන ෙක ෙනක්ට ෙගඩිය පිටින්ම ෙදන්න ෙම් ෙපා්ස්ට් එක මාර වටිනවා......
ReplyDelete@ පන්සල් හන්දිය,
Deleteෆේස් බුක් මැසේජ් එකට පිළිතුරක් එව්ව. දැක්කද ?
රායිට් වෙලාව තියෙන වෙලාවක අනිත් ලින්ක් කොහොම වුනත් අන්තිම එකටවත් ගිහින් බලන්න...හෙහ්...හෙහ්...
@ ඔබ නුදුටු ලොවක්,
මං දැනන් හිටියේ නෑනෙ, ඒ ජාතියේ කියල. :-))
@ තාරක,
තාරක එවපු ඊයකින් තමා ඔස්ට්‍රේලියාවෙ සිතියම ඉස්සුවෙ...
ශෙහ් අපේ පාලිමන්ට් එකේ ඉන්න අය්යලා සෙට් එක නෑ නේ........... කැතයි හොදේ !
ReplyDeleteබලමුකො පුලුවං උනොත් ඔය පැත්තෙ ඇවිල්ල යන්න.
ReplyDeleteඔන්න ඔබා මේ පාරනම් හරි පාරට ඇවිත් තියෙනවා....
ReplyDeleteහැබැයි විමලේ දැන ගත්තොත් නම් ඔබාටත් අධිරාජ්‍යවාදී පොරක් කියලා කෑ ගහනවාමයි....
අයෙනම් වෙන කොහෙවත් යන්නේ නැහැ....
ReplyDeleteලබන මාසේ දෙයියනේ කියලා ලංකාවට පැක් වෙන්න පෙරුම් පුරන වෙලාවේ ඔබා මාමත් දාන්න හදන ලෙඩ... :(
අන්තිම ලින්ක් එක තමයි මටත් ගොඩක් වැදගත් උනේ.... :))
නිමාඩුවකටද, එහෙම නැත්තං ඉන්නම යනවද ලංකාවට ? අප්‍රියෙල් මාසෙම අපි දෙන්නත් ලංකාවෙ. 22 සයිබර් අවුරුදු උස්සවේටත් යන්න ඉන්නෙ.
Delete@ සම්මීර,
ReplyDeleteඇයි සමීර හදන්නෙ සුදු ප්ලේන් එකක් වත් මෙහාට එවන්නද ?
@ ප්‍රසන්න,
එන්න...එන්න...පර්ත් ආවොත් ෆුල් සප් එකක් දෙන්නං...
@ දිනූ,
හරි පාර කිව්වේ....? අම්පාර වගේ එකක්ද
හරි පාර කිව්වේ මේ පාර කුණුහරුප ලියලා නැති නිසා.....
Deleteවෙන රටකට යෑමට ඉන්න නිසා උවමනාවක් උනේ නැහැ ලින්ක් වලට යන්න. අන්තිම එකටනං ගියා
ReplyDeleteඅන්තිම එක තමා වැදගත්ම එක ;-))
Deleteඔන්න මමත් අපේ දෝණිට ලින්ක් එක යැව්ව කියවන්ට කියල.
ReplyDeleteදෝණි ඔස්ට්‍රේලියාවට එන්න හෙම හිතේ තියෙනව නම් ප්‍රයෝජනවත් වෙයි
Deleteමගේ නම් ඉස්සර ඉඳලම ආසාව තිබ්බේ ඔස්ට්‍රේලියාවට යන්න. මම නම් කොහොමහරි එනෝ..
ReplyDeleteYou are most welcome...!!!
Deleteඅද නම් එන්ට හොඳටම පරක්කු උනා. හොඳ විස්තරයක්. මේ පැත්තට එන්ට හිතාගෙන ඉන්න අය මෙය හොඳින් කියවා බලනු ඇතැයි හිතනවා.
ReplyDeleteඅර කස්සට කීවොත් නරකද එක, එක්කෙනාව බය කරන්ට එපා කියලා. :D
කස්සට ගෙඩිය පිටින්ම මැසේජ් එක දුන්න ඔන්න.
Deleteපරක්කු වුනාට ආව එක ෆුලි ඇප්රිශියේටඩ්
කියවන එක, කොමෙන්ට් එකක් ලියල යන එක [බැනල හරි], මම හද පතුලෙන්ම, සිංහළෙන් කියනව නං බොක්කෙන්ම, අගේ කොරන බව කියවන හැමෝටම මෙයින් ප්‍රකාශ කොරමි.
ReplyDeleteඑය දොහොත් මුදුන්දී (සාදුකාරයක් නැතිවම ) පිලිගත් බව මින් ප්‍රකාශයට පත් කරමි. :D:D:D
Deleteඔස්ට්‍රේලියාවට විතරක් නෙමෙයි හැම රටටම "මිනිස්සු" ඕනේ කරන කාලයක් මේක :)
ReplyDeleteලංකාවට හැර
Deleteහි හි අන්තිම ලින්ක් එක සිරාම සිරා ;)
ReplyDeleteඒක සංක්‍රමණය කරන්න උනන්දුවක් නැති අයගෙ විනෝදය පිණිස :-))
Deleteදුමියත් මට නිතරම බනිනවා ඔබා අයිලගේ පුක පැත්තට පැන ගන්න ට්‍රයි එකක් දීපන් කියලා . . අපේ පරන ඔපීසියේ ගොඩක් දෙනෙකුත් ඔහේ ඇවිත් පදින්චි වෙච්චි . . අපේ ගෙදර උන්දෑයි මායිත් උත්සාහ කලොත් ලකුනු ප්‍රමානේ ගන්න ඇහැකි කියලා යාලුවොත් කියනවා තමා. . . හිටපු ගමන් හිතෙනවා මේ යන්න හීන මවාගෙන ඉන්න දිවිය ලොකේ (අපේ සිරි දේසේ) කියල හිතාගෙන ඉන්න එක අපායක්ද කියලත් .. . ඒත් ඕන්න ඔහේ අපායම හොඳා කියලා ඒක මත්තෙම නැහෙන්නයි අපි දෙන්නගේම කැමැත්ත. . .
ReplyDeleteමොනවා උනත් තැන්කූ ඈ . . නිවාඩු වෙලාවක ඔක්කෝම ටික කියෝලා බලන්ට ඕන . .
Surveyor 232212
DeleteSurveying and Spatial Sciences
Institute
PDF විධියට තියෙන ලිස්ට් එකේ මුල හරියෙම තියෙනව දුකාගෙ රාජකාරියත්. ඊයේ පෙරේද ආපු ගෑනු ලමෙකුත් හමුවුනා ඒ සුදුසුකම් වලින්. එයා නම් සර්වේයින් අමාරුයි කියල වෙන රැකියාවක් කරන ගමන් තව දුරට ඉගෙන ගන්නව.
බලං යනකොට ඔබා ඔක්කොම හොඳ එව්වොටික ඔහෙට ඇදගයි වගේ. ඕනයට මොකද වෙන්නෙ?
Deleteසිරාවට දුකා අය්යේ ඔය කොන කපපු ඔටුවන්ට කඹුරන්නේ නැතුව වැදගත් රටකට පැනගනිල්ලකො දැන්වත්
Delete@ ඊමේල් කවිකාරි,
Deleteඅදුරුතුමාට නං ඕනෙ වෙලාවක එන්න පුළුවන්. හැබැයි ඒ වගේ අය ලංකාව දාල ගියොත් ලංකාවට මොකද වෙන්නෙ ?
@ බුවා,
ඔව් දුකාගෙ ට්‍රේඩ් එකට මෙහෙ සෑහෙන ඉල්ලුමක් තියෙනව.
ලංකාවට ඇර අරක්කු තියන ඕනෙම රටක් ඕකේ
ReplyDeleteඋඹ ඉන්න ඕනෙ නියම රටේ තමා ඔය ඉන්නෙ :-))
Deleteඅරක්කු නැති රටවලුත් තියේද ???
Deleteබුවා,
Deleteමේ මම ඉන්නෙ එහෙම එකක ඕයි !!
+++++
Deleteයන්න මෙයා දුකේ වැටිල ඉන්න මට ඔයත් හිනාවෙනව
Deleteමගේ කඩ්ඩ හොදනෑ. මේ දවස්වල ට්‍රයිඑක දෙන්නෙ අර උස්සපු 9න් එකක් හොයාගන්න. ඊට පස්සෙ මාත් ඔට්ටේලියාවෙ.
ReplyDeleteමොනවද 9 ක් උස්සල තියෙන්නෙ ?
DeleteP.S.
ඔබී මේ දැන් කටුගෙය බිඳීම පිළිබඳව මාව දැනුවත් කළා :-))
ඇත්තටම ඔබා මටත් බැරි වෙයිද ඔය පැත්තේ එන්න ?
ReplyDeleteදීල තියෙන ලින්ක්ස් චෙක් කරළ බැලුවද ඕනෙ කරන කොලිෆිකේෂන් තියෙනවද කියල ?
Deleteවැදගත් දෙයක් ලියනකොටවත් පු** ගැන කතා නොකර ඉන්න බැරි හැටි අපේ ඔබාට..
ReplyDeleteආ මෙන්න මෙයා කියන කතාව බලහල්ලකො. සරීරෙ වැදගත්ම මෙව්වා එක "පුක" වෙච්චිකොට..හෙහ් හෙහ්.....
Deleteආන් එහෙම කතාකොරහන් නවම්....මගෙ පැත්තටත් කව්රු හරි ඉන්නව කියලවත් පේන්න...හෙහ්...හෙහ්...
Deleteකවුද යකෝ පුකට විරුද්දව කතා කරන්නෙ ??? දෙන්නෙ පුකෙන් දුං යන්න
Deleteඅගමැතිට තමන්ගෙ රටට පුක කියන්න පුලුහන් නං මන් වගේ පුඟුලෙක් කිව්වම මොකෝ බොල ?
ReplyDeleteනුවර පර්ත් සිට නුඹ දුක් විඳින්නේ
ReplyDeleteකවර පවින් දෝ මා නම් නොදන්නේ
පවර සිනුවරේ පුර සඳ දිලෙන්නේ
මිතුර පින් කරපු අයටය පෙනෙන්නේ
-Rasika
හය්යෝ...පර්ත් ලේඩ් බැක් ලයිෆ් ස්ටයිල් එක දාහෙන් සම්පතයි. සිඩ්නි , මෙල්බර්න්, ඔබීයි මායි දෙන්න විසිට් දාල බැලුව කාලෙකට ඉස්සර. ඕනෙම නෑ කියල හිතුන. අපේ අක්කල සිඩ්නි, අක්කගෙ එක දුවෙක් මෙල්බර්න් ඉන්නව. පව් කියල හිතෙනව.
Deleteමල්ලියි මායි දෙන්නම තීරණේ කළා අපිට මෙහෙ හොඳා කියල.
කවියෙන් ගහල වට්ටන්න හැදුවෙ නේද...හෙහ්...හෙහ්..
විස්තර ටික අදනෙ දැක්කෙ..ඕවා කියවලා ඇනලයිස් කරන්න ගියාම ඔළුව කචල් වෙන නිසා මම නම් වැඩේ අතෑරලා දැම්මා..
ReplyDeleteඅන්තිමට තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න, කචල් වෙච්ච ඔලුව ආයෙත් නිර්කචල් කර ගත්තැකි
Deleteඔබා මාමේ , ඇත්තටම හොඳ පොස්ටුවක්. මගෙනුත් කීප දෙනෙක්ම ඇහුවා ඔස්ට්‍රලියා එන ක්‍රමේ.
ReplyDeleteමං immi සියිට් එක බලන්න කියුවහම එයිට පස්සේ මුනවත් බලන් නැතුව ගියා. මේ ගැන අහන ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ අපි ගාව
කෙම් වගේ රහස් ක්‍රම හංගගෙන තියන් ඉන්නවා කියල වෙන්න ඇති..... :)
කොහොම උනත් ඉගෙන ගත්ත කෙනෙක්ට නම් මෙහෙට එන්න අමාරු නැහැ... ජිල්මාට් දාල එනවට වැඩිය එක කොච්චර සිම්පෙල් ප්ලෑන් එකක්ද ?
හෙදි වෘතියට අනිත් රට වල වගේම ඔස්ට්‍රලියා වෙත් අම්බානට ඩිමාන්ඩ් එක තියෙනවා (ඔබා මාම වගේ වයසක කස්ටිය වැඩි වෙද්දී ඒ අය බලා ගන්නත් එපයි )...
ලේසියෙන්ම ටැක්ස් එක්ක හැට දාහක් විතර අවුරුද්දකට හම්බ වෙනවා ...තාම ඉගෙන ගන්න ගෑල්ළමයින්ට කියුවේ ......
බේබි බුමර්ස්ල නාකි වෙලා හින්ද දැන් නර්ස්ලට දොස්තරලට, ඊගාවට මිනී පෙට්ටි කාරයන්ට ෆුල් වැඩ...හෙහ්..හෙහ්..
Deleteමමත් අහන කට්ටියට හැමදාම නිවැරදි තොරතුරු දුන්න. සමහරු අමනාපත් වෙන්න ඇති ඊට වඩා උදව්වක් කලේ නෑ කියල. ඊට වඩා උදව්වක් අපිට කරන්න බැරි බව දන්නෙ ටික දෙනයි. දුන්න තොරතුරු පාවිච්චි කරලා සමහරු ආව. එයාලව එයාපෝට් එකෙන් අරන්, නවාතැන් දීල, ගෙවල් හොයාගන්න සහ රස්සාවල් හොයාගන්න උදව් කළා. එහෙම උදව් කල සමහරු දැන් කෝල් එකක්වත් දෙන්නෙ කලාතුරකින්, එයාලටත් වැඩ ඇතිනෙ. හැමෝමත් එහෙම නෑ කියලත් කියන්න ඕනේ.
එහෙම ආපු ජෝඩුවක් මෙහෙදි රණ්ඩු වෙන්න පටන් ගත්ත. දෙන්නම ඇවිත් අපි දෙන්නට වෙන වෙනම දෙන්නගෙ වැරදි කියනකොට අපි දෙන්නටම කිව්ව, එකට ඉන්න බැරි නම් දික්කසාද වෙන්න කියල. දැන් ඒ දෙන්න කියනවලු අපි එයාලගෙ පවුල කඩා ඉහිරවන්න හැදුව කියල.
ඔය ගැන කතා කිරීමට ගොඩ් කිහිප දෙනෙක්ම හිත් අමනාප කම් ඈති කර ගත් හෙයින් ඔය විශය ගැන බොහොම කල්පනාවෙන් කතා කරමි.
ReplyDeleteඉගෙන ගන්න යන අයට ලියපු ලිපියක් මේ....
ඉගෙන ගන්න රට ගිහින් අමාරුවෙ වැටෙන හැටි...