මේ දරුව හදාගත්තෙ අපි, දැන් ඉන්න ගේ හදාගෙන පදිංචියට ආව, 1993 අවුරුද්දෙ ඉඳල. මේ අවුරුදු 18
තුල මෙයා සෑහෙන්න වැඩුන.
ඇත්තටම මීටර් 10 කට කිට්ටු වෙන්න උස ගියා. මෙයාගෙ
අකල් වියෝවට හේතු වුනෙත් ඒ ඉක්මන් වැඩීම කිව්වොත් වැරදි නෑ.
විදුලි රැහැන්
වලට මෙයාගෙ අතු කිට්ටු වැඩියි කියල, අතු කපන්න නියෝගයක් ආව ගිය අවුරුද්දෙත් මේ කාලෙම. අතු අපිට කපන්න බැරි තරම්, මෙයා උස නිසා, වෘතීය ගස් කපන්නො ගෙනල්ල තමා, මෙයාගෙ පණ බේරගත්තෙ පසුගිය
වතාවෙත්. වැඩේට ලොකු වියදමකුත් ගියා.
මේ වතාවෙත්, එහෙම කරල මෙයාගෙ පණ බේර
ගන්න තමා ලෑස්ති වුනේ. අතු පාහින්න ඉල්ලපු ගාන ඇහුවම, මට 'හාට් ඇටෑක් ' එකක් නොහැදි බේරුනේ නූලෙන්. ගහ බලල, ගාන කියන්න ආව මනුස්සය කීව අනිත් කතාව,
ඊට එහා. බටහිර ඔස්ට්‍රේලියාවෙ
විදුලි බලය බෙදාහරින, 'වෙස්ටර්න් පවර් කෝපරේෂන්
' එකේ ඉන්ස්පෙක්ටර්ලගෙ කොම්පියුටරේ දත්ත වලට, ගහක් ඇතුල් වුනාට පස්සෙ,
එයාල ඒ ගහ හැම
අවුරුද්දෙම චෙක් කොරනවලු. මේ මෑන් කිව්ව විදියට, අපිට දරුවගෙ පණ රැක ගන්න නං, හැම අවුරුද්දෙම මේ වියදම
දරන්න වෙන එක, ඉර හඳ වගේ ෂුවර්.
ගහම කපල ඉවත් කරල, අවසාන කටයුතුත් එයාලම කරන්නම් කිව්ව අතු පාහිනවට වඩා ටිකක් වැඩි ගානකට. ඒ කියන්නෙ, ගහේ අතු, කඳ, ඔක්කොම කොටස් එයාල අරගෙන යනව විතරක් නෙමේ, ගහ තිබ්බ තැන, මි.මී. 300 ක් හාරල ගහේ මුලත් ඉවත් කරනව. මුල ඉවත් කිරිල්ලට මෙහෙ කියන්නෙ 'ස්ටම්ප් ග්‍රයින්ඩින් '
කියල.
කොහොම හරි තීරනේ කරන්න සිද්ධ
වුනා, අවුරුදු 18 ක් හදා ගත්ත දරුවව,
තව දුරටත් බලා හදා ගන්නවද, එයාට 'එයුතිනේසියා ' ඉන්ජෙක්ෂන් එක දෙනවද
කියල. තීරනය ආර්ථික වුනත්, තව හේතු තිබුන එතනට
එන්න. ප්‍රධානම හේතුව 'ලෑන්ඩ් මාක් ' එකක් හැටියට විනා
මෙයාගෙන් හෙවනක් වගේ ප්‍රයෝජනයක් වත් නැති වීම. ' කොට්න් පාම් ' වර්ගෙට අයිති, මේ දරුවෙක් වගේ හදා ගත්ත ගහෙන්, පලදාවක් තියා කිසිම
දෙයක් ලැබෙන්නෙ නෑ. ගස් කපන අය, එයාලගෙ ට්‍රක් එකෙන් ඇදන් එන යන්තරේකින්, මුළු ගහම එවෙලෙම ලී කුඩු [කුඩුම නෙමේ 'මල්ච්' ] බවට පත් කරල, ලී කුඩු ගොඩ අරන් යනව.
ඕනෙ නං මල් පාත්ති වලට හෙම දාන්න ලී කුඩු ගොඩ තියා ගත්තෑකි අපට.
අපේ ගහ කපන කට්ටිය කිව්වෙ ' කොට්න් පාම් ' මල්ච් වල ඇසිඩ් ගතිය
වැඩි නිසා, ගස් වලට යොදනව නං, ඊට ඉස්සෙල්ල අවුරුද්දක් වත්, දිරන්න අරින්න ඕනෙ කියල. බලනකොට මෙයාගෙන් එහෙමවත් වැඩක් නෑ.
' උගේ ලෝකය ' ලියන රංග අලුතෙන් බ්ලොග්
ලියන කෂ්ටියට, උපදෙස් මාලාවක් දාල
තිබ්බ. ඒ උපදෙස් අනුව, අද මාතෘකාව යෙදුවෙ. බලමු කොහොමද කියල.
පහළින් තියෙන්නෙ 'ඔපරේෂන් ට්‍රී ලොපින් පින්තූර
& වීඩියෝ '
වීඩියෝ අප්ලෝඩ් වෙන්නෑ. ඒ නිසා
අපේ වත්තෙ කැලේට වැවිල තියෙන, ගස් සහ මල් වල පින්තුර ටිකක් දාන්නම්.
ඔන්න රෙසිපි දැම්ම, දැන් ගස් කොළන් දානව.
බලමු 'ඔබා' කියන්නෙම කුණුහබ්බ කියන චෝදනාවෙන් ගෑලවෙන්න පුළුවන්ද කියල.
දෙහි
දෙළුම් [අවාරෙ]
කරපිංචා
නාරන්
අඹ
පහළින් තියෙන්නෙ කැළේට වැවුන ගස් වලින් කපාගත් මල් ටිකක්