Transit Officer කියන වචන Revenue Protection කියන වචන වෙනුවට සඳහන් වීම විතරයි වෙනස.හැබැයි Revenue Protection Officer (ටිකට් චෙකර්) කෙනෙක් ළඟ තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ටිකට් චෙක් කරන්න 'පාම් රීඩර් එකක් ' සහ 'වෝකි ටෝකි රේඩියෝවක් විතරයි. නමුත් Transit Officer කෙනෙක් ළඟ බැටන් එකක්, මාංචු කුට්ටමක් සහ pepper ස්ප්‍රේ කෑන් එකක් තියෙනව. මේ තියෙන්නෙ Transit Officer කෙනෙක් ගැන ට්‍රාන්ස්පර්ත් වෙබ් සයිට් එකේම තියෙන විස්තර වලින් ඉතා සුළු කොටසක්.
Transit officers are issued with handcuffs, batons and OC (capsicum spray) and trained in their appropriate use. They also use two-way radios to communicate with a central office and other transit officers. When patrolling trains they inspect passengers' tickets or Smartrider cards, using a small hand-held reader. Transit officers must also be familiar with computers and word processing software to compile reports and record any incidents from their patrol. They will also be trained in using first-aid and fire-fighting equipment in case of emergency.
පහතින් තියෙන්නෙ ට්‍රාන්සිට් ඔෆිසර්ල දෙන්නෙක්ගෙ පින්තුර (දෙගොල්ලම වැඩ කරන්නෙ දෙන්නෙක්ගෙන් සමන්විත කණ්ඩායම් හැටියට)
ට්‍රාන්සිට් ඔෆිසර්ලට දුම්රියකදී හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භුමි භාගයක් තුලදි වැරද්දක් කරන අයෙකුව අත්අඩංගුවට අරගෙන පොලිසියට භාර දෙන්න බලතල තියෙනව. ඒ අයට තියෙන බලතල, පොලිස් නිලධාරියෙකුට තියෙන බලතල වලට සමානයි. පිස්තෝලයක් සහ ටේසර් ගන් එකක් හැර පොලිස් නිලධාරියෙක් ළඟ තියෙන උපකරණ සියල්ලම එයාලටත් තියෙනව. ඒ බලතල පිලිබඳ විස්තර කැමති නං මෙතනින් බලාගන්න පුළුවන්. මේ නිලධාරීන් දෙගොල්ලගෙම නිළ ඇඳුම්, බටහිර ඕස්ට්‍රේලියාවේ පොලිස් නිළ ඇඳුමට බෙහෙවින් සමානයි.පහතින් තියෙන්නෙ පොලිස් කාන්තාවකගෙ පින්තුරයක්.
බටහිර ඔස්ට්‍රේලියාවෙ දුම්රිය සහ බස් ධාවනය කරන ට්‍රාන්ස්පර්ත් විතරක් නෙමේ මුළු ඔස්ට්‍රේලියාවේම සියලුම ප්‍රාන්ත [states]වල පොදු මගී ප්‍රවාහන ආයතන පිලිබඳ විතර මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.
අපේ ලංකාවෙ වගේ ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට ටිකට් නිකුත් කරන ක්‍රමයක් නෙමේ ට්‍රාන්ස්පර්ත් එකේ තියෙන්නෙ. බස් කෝච්චි දුවන ප්‍රදේශ, කලාප [zone] වලට බෙදල ඒ කලාපෙන් කලාපෙට ටිකට් නිකුත් කරන්නෙ. තමන් ටිකට් අරන් තියෙන කලාපෙ ඕනෙම බස් නැවතුමකින් හෝ ස්ටේෂන් එකකින් බහින්න පුළුවන්. බස් ටිකට් එක කෝච්චියටත්, කෝච්චි ටිකට් එක බස් එකටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නෙ එක සේවාවකින් ටිකට් එක අරගෙන, මගදි බැහැල තව සේවාවකින් ගමන නිම කරන්න පුළුවන්. ඒ පිළිබඳව විස්තර කියවන්න කැමති කෙනෙකුට මෙතනින් බලා ගත්තැකි.
අපේ ටිකට් පරීක්ෂක විකී, පන්ජාබි ජාතිකයෙක්. මම ටික කාලෙක ඉඳන් අඳුනන නිසා දන්නව විකීගේ ඉංග්‍රීසි කතාව තරමක් දුර්වල බව. මේ කියන දවසේ මම නිමාඩු. මම ගමනක් යමින් හිටිය කෝච්චියට විකී තව ටිකට් පරීක්ෂකයෙක් එක්ක ගොඩ වුනා මගදි. දෙන්නත් එක්ක එක කෙළවරක ඉඳන් ටිකට් චෙක් කරගෙන මන් ඉන්න කිට්ටුවටම ආව. මන් ඉඳගෙන හිටිය කිට්ටුවම හිටි මගියෙක් එක්ක විකීගෙ දෙබසක් ඒ විධියටම පහතින් ලියල තියෙන්නෙ.
මගියෙකුගෙ ටිකට් එක පරීක්ෂා කල
විකී ' යූ ට්‍රැවලින් ටූ ජෝන්ස්, විත් ඔන්ලි වන් ජෝන් ටිකට් '
මගියා ' අයෑම් ඔන්ලි වන් ජෝන් '
විකී ' යූ බෝට් දිස් වන් ජෝන් ටිකට් ඉන් ජෝන් වන්, නව් යූ ආර් ඉන් ජෝන් ටූ '
මගියා ' නෝ මෑන්, අයෑම් ටෙලින් යූ, දෙයාර්ස් නෝබොඩි එල්ස් ට්‍රැවලින් විත් මී.
අයෑම් බයි මයිසෙල්ෆ් '
අයෑම් බයි මයිසෙල්ෆ් '
විකී ' සොරි, බට් අයි හැව් ටු ඉශූ යූ අ ෆයින්, ෆො ට්‍රැවලින් ඕව ද ටිකට් ඇලොකේෂන් '
විකිය Z අකුර සද්ද කරන්නෙ J අකුර වගේ. ඌ 'සෝන් ' කියනකොට සද්ද වෙන්නෙ 'ජෝන් ' කියල. ඒ මදිවට මගියගේ නමත් ජෝන්. විකිය කියන්නෙ, මගිය එක සෝන් එකකට ටිකට් අරන් සෝන් දෙකක් ගමන් කෙරීමෙන් දඩ කොලයක් ලියන්න වෙනව කියල. මගියා කියන්නෙ ජෝන් ල දෙන්නෙක් මෙතන නෑ, මන් තනියෙම ගමන් කරන්නෙ කියල. මගියගෙ හිතේ, එක ටිකට් එකෙන් දෙන්නෙක් යනව කියල චෝදනා කරනව කියල. අන්තිමට අහක හිටපු මාත් කට දාල තමා මගියට වැරැද්ද පෙන්නල දෙන්න වුනේ.
පස්සෙ දවසක විකීගේ යාළුවො ඉන්න තැනක මන් ඔය කතාව කියල විකී මාස ගානක් යනකම් මාත් එක්ක කථා නොකරත් හිටිය.
මේ පෝස්ට් එකට මන් ඉල්ලන්නත් ඉස්සෙල්ල මල්මධාර චිත්‍රයක් ඇඳල එව්ව. මෙන්න ඒ චිත්‍රය.
All photographs shown in this post are from Google
පස්සෙ දවසක විකීගේ යාළුවො ඉන්න තැනක මන් ඔය කතාව කියල විකී මාස ගානක් යනකම් මාත් එක්ක කථා නොකරත් හිටිය.
මේ පෝස්ට් එකට මන් ඉල්ලන්නත් ඉස්සෙල්ල මල්මධාර චිත්‍රයක් ඇඳල එව්ව. මෙන්න ඒ චිත්‍රය.
All photographs shown in this post are from Google
කතාව සුපිරි.. උඩින් තියෙන විස්තර ටික තවත් සුපිරි.... ඒක නිසා කුණුහරප නැති ඔබා මාමගේ ලිපියක් උනත් පංකාදු පහයි...
ReplyDeleteමම එක......... :D
Deleteහුටා... මේ කියෝලා තියෙන්නෙ ඔබා මාමගෙ එකනෙ...
ReplyDeleteබුකියෙ ලින්ක් එකකින් ආවෙ. කතාවෙ මුල බලද්දි හිතුනෙ කාටහරි ඉන්දියාවෙ වෙච්ච සිද්දියක් කියලා.. පර්ත් දැක්කම තමා පොඩ්ඩක් විමසිලිමත් වුනේ..
කතාවට අමතරව දැනුමට යමකුත් දාලා තියෙන්නෙ හොඳා හොඳා..
ඉන්දියාවෙ උන් කොහේ ගියත් නාන්බව තමයි පේන්නෙ...
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
යුවර් හාබර් බිගර් දෑන් අවර් හාබර් කීවෙත් ඉන්දියාවෙ එකෙක්ලුනෙ.
ReplyDeleteඋඩින් දාල තියෙන තොරතුරු ටිකත් පංකාදුයි.
ඔබා අයියා කුණු හරුප හැර අනිත් දේවලුත් ටිකක් දන්නවා වගේ .... හිකිස් ... කොහොම උනත් ඉන්දියන් එකෙක් යන තැන නාන එක උන්ගේ ජාතික ප්‍රතිපත්තියක්
ReplyDeleteඑල එල...නියමෙටම දීලා තියෙනවා
ReplyDeleteසික් මේකෙ නෑනෙ ඇඟ කිලිපොලන ගතියක් කිසිම (එක කුණුහරුපයක් නෑ නෙව)
ReplyDeleteමේක දැක්කොත් ආපහු මාස ගානක් කතා නොකර ඉන්නව :)
ReplyDeleteහී හී...ලස්සන කතාව. මේ අර ගෑනු ලමයගේ සාක්කුවේ තියෙන්නේ මොනවද දන්නේ නෑනේද?
ReplyDeleteඇයි සාක්කුව අතගාන්නද අහන්නේ...:D
Deleteකෝ පොඩ්ඩක් ඉන්ඩ බලමු....ආ... අර ළමයගේ සාක්කුවේ තිබ්බ එකම තමා.
Deleteඅයියෝ පොකූ අක්කේ ඒ තියෙන්නේ මත්පැන් පානය කලාද කියලා දැනගන්න පුම්බන්න දෙන අයිටම් එකනේ
Deleteඈ බං ගැමියෝ, බීලා ගියාම ඒවත් දෙනවද
Deleteඅපරාදේ අපි බීල වාහන එලවන්නේ නැත්තේ කියල හිතෙන්නේ මෙව්වා ඇහුවම තමා.... :)
මමනං කියන්නෙ සාක්කුවෙ තියෙන්නෙ හැලප දෙකක් කියල
Deleteහෙන්රි අයියත් කථා කරලා තිබුනේ oya ජෝ අකුර ගැන.. :D
ReplyDeleteකැතරින් ජීටා ජෝන්ස් කියලා නිලියක් ඉන්නවා නේද ?
පහුගිය කාලේ ලංකාවේ ගොඩක් තිබුනා හයි සෙකුයුරිටි ජෝන්ස්
ඒ කියන්නෙ ඔබා මාමට ඉන්දියාවෙ උන්ට මඩ ගහලා එහෙත් වරෙන්තු තියනවා වගෙ.
ReplyDelete@ අභීත,
Deleteතෑන්ක් යූ .....
හොඳට මතක් කරල බලහං දැන් කොච්චර කාලෙකින් කුණුහරපයක් කිව්වෙ නැද්ද කියල. මේ ටිකේම දැම්මෙ, කාට හරි මොනව හරි ඉගෙන ගන්න පුළුවන් තොරතුරු එක්ක පෝස්ට්. ලින්ක් කියලම කොයි තරං දැම්මද ?
@ හරී,
බුකියේ කව්ද දැන් නා ලින්ක් එක දැම්මෙ, කාට උනත් මගේ ස්තුතිය.
වෙලාවට ඉන්දියාව මේ පාර ට්‍රයි සීරීස් එකේ ෆයිනල් ආවෙ නැත්තෙ, ආව නං කනක් ඇහිල ඉන්න හම්බවෙන්නෑ
@ කිරිපුතා,
තෑන්ක් යූ, හාබර් කතාව නං අහල නෑ
@ සුදු මුවා,
ඔව් ඔව්...හැම එකම පොඩ්ඩක් දන්නව...එකක් වත් හරියට නොදන්න එක තමා පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ :-)
@ අඩවි රජා,
තෑන්ක් යූ
@ අලුත් කොල්ල,
මොකෝ පොඩ්ඩක් ඔකඳ වෙන්නවත් හිතුනද...හෙහ්...හෙහ්...
@ සාතන්,
ආයෙ දෙකක් නෑ, හැබැයි ඌ වීස ප්‍රශ්නෙකට ඩිපෝට් වුනා.
@ පොඩි කුමාරිහාමි,
ඒක දන්නෙ ඉතිං මමයැ, කුමාරිහාමිනෙ.
අර නවකතාවක් ලස්සනට ට්‍රාන්ස්ලේට් කරගෙන ආව පුංචි කුමාරිහාමිට මොකද වුනේ, වැඩේ නැවත්තුවද ?
@ ඉඳුනිල්,
හෙන්රිගෙ පෝස්ට් ඒක නිසා තමා, මේ කතාව මතක් වුනේ. ඒකෙ කොමෙන්ට් එකක් දැම්ම මම, මේ කතාව යාන්තමට කියල හෙන්රිගෙන් චිත්‍රයක් ඇඳල ඉල්ලල. මල්මධාරත් චිත්‍රයක් ඇඳල එව්ව.
@ ලොකු සෝන්,
මට වරෙන්තු නැත්තෙ කොහෙද, දැන් ලොකු සෝනුත් වරෙන්තුවක් නිකුත් කරයිද දන්නෑ...හෙහ්...හෙහ්...
හලෝ ලොකු සෝන්. දැක්ක කල්. එකකොට මහ සෝන් කියන්නෙ මහ ජෝන්ද? අලේ නොදන්න කමටයි ඇහුවෙ.
Deletehenryblogwalker the Dude
මේ කතාවෙ කිසිම ඔබා ගතියක් නෑ... ඔබා ගතිය එන කතාවක් ඊලඟට අපි බලාපොරොත්තු වෙනවා... :D
ReplyDeleteඔබා මාමේ, මෙහෙම ගිහින් ඔයාට කුණුහරුප අමතක වෙයිද දන්නේ නෑ.... කතාව සහ විස්තර එල. ඔයාටත් ඕනේ නැති දෙයක් නෑ නේද ???? අනුන්ගේ ඒවාට කට දානවා....
ReplyDeleteවැදගත් තොරතුරක්. හැබැයි අනිත් අයගේ කතාවලට ඇහුන්කන් දෙන පුරුද්ද නං තාම නැති වෙලා නෑ නේද:P
ReplyDeleteකෝවක දාල මකල ගත්තත් ඔබා ඔබාමයි මචං
Deleteගොඩක් ඉන්දියන් කාරයින්ගේ pronunciation ඔහොම තමයි.. ඒක උන්ගේ අධ්‍යාපනේ වැරැද්ද..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම බලා හිටියෙ මේ කතාව කවදද දාන්නෙ කියලා. අර කිව්වත් වගෙ ඔබා අයියා යුනිෆෝම් එක විස්තර කරපු නැති හන්දා මම ඇන්දෙ යුනිවර්සල් ටිකට් චෙකර් කෙනෙක් ටයි කෝට් එක්ක.
Deleteඇත්තෙන්ම මම අහන්නමයි හිටියෙ ඔබා අයියා වැඩ කරන TransPerth සේවය ගැන විස්තර.ඒ එක්කම ඔබා අයියා බස් වලින් පටන් අරන් කෝච්චි වලින් නතර වුනේ කොහොමද කියලා. එතකොට අර 'අඟුරු කකාවතුර බිබී' සයිට් එක වගෙ කෝච්චි ගැන තව විස්තර. ඕකෙත් මියුසියම් එකක් හෙම ඇතිනෙ. අනික හැමදාම දකින නිසා ඔබා අයියට සාමාන්‍ය වගෙ පෙනෙන විස්තර අපිට හරිම ඉන්ටරෙස්ටිං වෙන්නත් පුලුවන්. ඒ ගැනත් විස්තර දාන්නකො කුණුහරප වලට අතුරුපසක් හැටියට, ඒවාට භාදා නොවෙන්න. නැතිනම් මම ඇතුලු පාඨකයො තරහා වෙයි.
henryblogwalker the Dude
ඔව් ඔව්.. ඉන්දියන් කාරයින්ගේ ජාතික ප්‍රතිපත්තිය නෑම. ඔබා මාම හෙනම සප් එකක් දීල මයේ හිතේ උට හොඳට නාගන්න. මමත් කියල තිබ්බ ඊජිප්තු එවුන්ගේ නෑමක් ගැන ඔය වගේම.
ReplyDeleteමං මේ බැලුවේ මේ පෝස්ට් එක ඔබාගේමද කියලා.....:D
ReplyDeleteමේ ඉංදියාව එක්ක තරහවටද මේක කලේ..ඔය ත් අකුරු වලට ට් කියන සෝ,ජෝ කියන ලෙඩේ පිලිප්පීන්,චීන උන්ටත් තියනවා,,ඔබා මාමේ ඇත්තටම අපිට ඔහොම අකුරු ටැපලෙන එක අඩුයි නේද
ReplyDeleteහොඳ වෙලාවට විකීට සිංහල බෑ නේද? නැත්නම් මේ ලිපිය දැකලා අයෙම තරහ වෙයි. ඔබා මාමා දැන් ලිපි දාන්නේ ලින්ක් කරලා සියළු විස්තර සහතව නේද? හොඳයි ඒක.
ReplyDeleteඋච්චාරණයේ දෝස තියෙද්දි කතා කරන දේවල් තේරුම් ගන්න හරි අමාරුයි.. එහෙනම් ඔබා මාමත් මම වගේ භාෂා පරිවර්ථක වැඩක් කරලා වගේ.. :)
ReplyDeleteඉතාලියේ නම් මේ ටිකට් චෙක් කරන අය ඉන්නේ හොදට ටයි කෝට් ඇදලා..
@ පිස්සා,
Deleteඑහෙම තමා බං වෙනසකුත් තියෙන්න එපෑ. ඉඳහංකො මොනව හරි මතක් වුනොත් කියන්නං
@ ගොඩයා,
මං ඉස්සර කුනුහරපත් කිව්වද ? ඇල්සයිමර්ස්නෙ මතක නෑ.
තෑන්ක් යූ, අගේ කොලාට :-)
@ බුද්ධි,
ඈ බං දන්න අඳුනන කෙනෙක් අමාරුවෙ වැටුනම උදව් කරන එක වැරද්දක්ද ?
@ sameerausa ,
උන්ගෙ රේඩියෝ කොම්ස් අහගෙන ඉන්නකොට හිනා වෙලා පණ යනව.
@ Dude ,
ඇත්තටම මතක් කල එකත් හොඳා, රේල්වේ මියුසියම් එකක් තියෙනව නේන්නං. යන්න ඕනෙ බලන්න වෙලාවක, මාත් තාම ඇතුලට ගිහින් බලල නෑ.
@ Xander
ඌට වැඩියම තරහ උගෙ සගයො සභාවක් මැද්දෙ මං කථාව කිව්ව එක ගැන. මට යාන්තමට මතකයි ඔයාගේ කථාව, මිස් වුන කට්ටියට බලන්නත් එක්ක ලින්ක් එක දාන්නකො කොමෙන්ට් එකක් හැටියට.
@ ප්‍රියන්ත,
ඇයි ඒ ? මේ වගේ තොරතුරු එක්ක පෝස්ට් කීයක් ලිව්වද ? ඒ වුනාට මතක තියෙන්නෙ යාන්තමට කුණුහරපයක් ගෑවුන පෝස්ට් දෙක විතරයි නේද ? අන්තිම අසාධාරණයි :-)
@ ඉතාලි දිලාන්,
හප්පේ අපේ බිග් බ්‍රදර්ස්ල එක්ක තරහ වෙලා කොහොමද ?
අර මං ලින්ක් එක දීල තියෙන හෙන්රිගේ බ්ලොග් එකේ අන්තිම පෝස්ට් දෙක බලන්නකො, අපේ කට්ටිය ටපල ගන්න හැටි ලස්සනට කියල තියෙනව. කොමෙන්ට් එක්කම කියවන්න.
@ හරී-පිණිපලස,
වෙලාවට ඌට සිංහල නං බෑ, අනික වීස ප්‍රශ්නෙකට ඌ ඩිපෝට් වුනා.
කී දෙනෙක් ලින්ක් වලින් ගිහින් බලනවද කියන එක නං ටිකක් විතර සැකයි
@ දිනේෂ්,
විශේෂෙන් Z අකුර වෙනුවට J අකුර සද්ද කලාම මොන යකාටද තේරෙන්නෙ....හෙහ්...හෙහ්..
ශීත කාලෙට ඔය යුනිෆෝම් එකට හොඳ සුඑඩ් ජැකට් එකක් තියෙනව. ටයි දාල සෙරමෝනියල් හැට් එකක් දානව මේ කට්ටිය උසාවි යනකොට සාක්කි දෙන්න.
ඔබා මාම හිටිය හන්ද විකිය බේරුනා එදා. තොරතුරු නම් වටිනවා ඈ
ReplyDeleteදෙබස කියවද්දී මමත් ජෝන් උනා මොකක්ද මේ කියන්නේ කියලා.. පස්සේ යට තියන සීන් එක දැක්කාම තමා හරි ගියේ.
ReplyDeleteමේ කොමෙන්ට් එක ස්පෑම් ෆෝල්ඩරේ තිබිල පස්සෙ අහු වුනේ කනියො.
Deleteසමහරුන්ට එහෙම වෙයිද කියල හිතිල තමා යටින් පොඩි පැහැදිලි කිරීමක් කලේ :-)
ඔබා මාමා හිටිය හින්දා විකි ගොඩ නැත්තන් ගුටිත් කන්න වෙනවා එදා.
ReplyDeleteඉන්දියානු විරෝධී රාජ්ජ ප්‍රතිපත්තිය දැන් අනිකුත් ක්ෂේත්‍ර වලටත් කාන්දු වෙලා !!
ReplyDeleteඊයේ බංගලි මැච් එක පැරදුනෙත් ඉන්දියාවට කෙලවන්න.
දැන් බොග් මාමිලත් පෞද්ගලික මට්ටමින් ඉන්දියානු චරිත ඝාතනය කරන්න පටන් අරන්! මේ එකට ඩින්ක් එක දාන යාළුවො ගැන නේද මඩ ගහන්නේ?
ලයිවූ ටැපික් පීඩ් එකේ මන් දැක්ක ඉන්දියාවෙ පන්ජාබ්වලින් කීප දෙනෙක්ම මාමිගේ අඩවියට එනවා. අපිලටත් එක්කම කන්න වෙයිද දන්නේ නෑ.
ඔබා අයියගේ පෝසට් එළ.....මේකෙම ජීවත්වෙලා මේකෙම පස්වෙන්න නියමිත අපි වගේ හාල්පාරුවන්ට වෙනත් රටක් ගැන පැහැදිලිව විස්තර කරලා අපිව දැනුවත් කරන එකම කොච්චර දෙයක් ද ? විදෙස්ගත වෙලා ඉන්න අනිත් අය ඔහොම ලියන්නෙ නෑනෙ....
ReplyDeleteලංකාවෙත් එක්තරා අහිංසක ගැමියෙකුට ඔය වගේ අවුලක් වුනාලු, කළුතර ඉඳලා බණ්ඩාරගමට බස් එකක යන්න ගිහින්....
හොඳ හෙළයෙක් වෙච්ච බස්පලුවා ටිකට් එක ලියලා දීලා තියෙන්නෙ කළු-බණ්ඩා කියලා සිංහලෙන්මයි.
ටිකට් එක බලපු මගියා "මහත්තයෝ මම කළුබණ්ඩා නෙවෙයි රංබණ්ඩා" කිව්වලු.
@ සිතුම් පැතුම්,
Deleteනැත්තන්..නැත්තන්...
තෑන්ක් යූ
@ මඩිස්සලේ නිශාන්,
සමහර ඉන්දියන් කාරයෝ කස්ටමර්ස් ලට කතා කරන විධියට බලන් ඉන්න මිනිස්සුන්ටත් හිතෙනව උන්ට ගහන්න :-)
@ බඹරා,
පන්ජාබි දේශෙන් එන්නෙ එහෙ ඉන්න ලංකාවෙ කව්රු හරි වෙන්න ඕනෙ, පන්ජාබියො කොහෙද සිංහල කියවන්නෙ. බංග්ලාදේශ්, පන්ජාබ් වගේ දිහා වල UN උපදේශක රැකියාවල් එහෙම කරන ලාංකිකයො ඉන්නව.
@ Sumith Niriella,
//විදෙස්ගත වෙලා ඉන්න අනිත් අය ඔහොම ලියන්නෙ නෑනෙ....//
නැහැ සුමිත් කීප දෙනෙක්ම එහෙම ලියනවා. 'මම කියවන සමහර බ්ලොග් ' කියල දෙපැත්තම තියෙන බ්ලොග් චෙක් කරල බලන්න. ඔයාට සෑහෙන බ්ලොග් ගානක් හමු වෙයි ඒ වගේ තමන් වැඩ කරන හෝ පදිංචි වෙලා ඉන්න රට ගැන ලියන කට්ටිය. දැනට අද කොමෙන්ට් දාල තියෙන ඉතාලි දිලාන්, දිනේෂ් සහ හරී-පිණිපලස දැනට එක පාරට මතක් වෙන අය. තව බූරු බබා, නෙලුම් විල එහෙමත් වැඩියෙන්ම ලියන්නෙ ඒ වගේ පෝස්ට්.
සුමිත්ගෙ බස් කථාව කිව්වම මතක් වුනේ. ඔය වගේ කෙටියෙන්නේ සාමාන්යෙන් කොන්දොස්තරල ටිකට් ලියන්නෙ. කුරුනෑගල, පුත්තලම්, පාරෙ කොන්දොස්තර කෙනෙක් හරියටම ටිකට් එක ලියල දෙනවලු හැබැයි ගෑණු අයට. මහකෙළිය-කෙළිමුනේ කියල. දෙකම ඒ පාරේ තියෙන ගම් වල නම්.
ඕනනං අභීත, ඕනය, වගේ කුරුනෑගල පැත්තේ කට්ටියගෙන් අහල බලන්න පුළුවනි.
මෙව්වට මොනවා හරි කියන්න ගිහිල්ල අර 22 වෙනිදා අහු උනාම පරණ තරහත් හිතේ තියාගන මොනවා කොරයිද කියලා බයයි අෆ්ෆා
ReplyDeleteමලා ජෝන් කිව්වලු..
ReplyDeleteඇදල තියෙන චිත්තරය සුපිරි.. යාළුවට කියන්න ඒක සිරා කියලා..
@ රෙප් මහත්තයා,
Deleteදැනට කියල තියෙන හරිය ඇති එදාට අල්ල ගන්න. තව කීප දෙනෙක් ඉන්නවා :-)
@ සෑම්,
යාළුවා සෑම් අඳුනන්නේ නැති කෙනෙක් නෙමේ, සෑම්ගෙ බ්ලොග් එකේ රෙගියුලර් කොමෙන්ට් කරන තව බ්ලොග් ලියන්නෙක්, ලින්ක් එකෙන් ගිහින් බලන්න අඳුනනවද කියල :-)
ජර්මන් අය එක්ක ඉංග්‍රීසි කතා කරලා බලන්ඩ ඔබා අයියෙ පිස්සු හැදෙයි..ඉංග්‍රීසි වචනෙ නියම සද්දෙටම කියනවා. Bus බුස් Buffet බෆෙට් Business බුසිනෙස් අනික සද්දෙට කියන්නෙ ශ සබ්දය Brother බ්රශර් father ෆාශර් ..සෑහෙන්ඩ වෙලාවක් යනවා කියන්නෙ මොනාද කියලා තේරුම් ගන්ඩ..
ReplyDeleteහෙහ් මරු වැඩේ තව පොඩ්ඩෙන් වෙන්නෙ, ඔබා මාමා එතන නොහිටියනම්. චිත්‍ර දෙකම මරු..
ReplyDeleteමම අහලා තියනවා ඔය පන්ජාබ් කාරයෝ.. ඕනම වැඩක් කරන්ඩ පැකිලෙන්නෑ කියලා. උන්ගෙ ජාතියෙ හිගන්නෙක්ව බේතකටවත් හොයා ගන්ඩ බැරිලු. ඒක ගැන කතාවකුත් තියනවා මෙතන කියන්ඩ බෑ කමෙන්ට් එක දිග වැඩි වෙනවා..
බලන්න මාමා හොඳ වේගන නේ එන්නේ.කොච්චර වටිනා ළිපිද දැන් පල කරන්නේ.
ReplyDeleteඅරාබියේ වුන් "පාකින්" කියනවට කියන්නේ "බාකින්" කියල නේ.
හි හි අපි ඔය ජාතියේ අයයි තව වෙන යුනිෆෝම් අඳින අයයි පන පිටින් දැක්කනේ . අපිටත් ඔබා මාමා ඔය'' ජෝන් '' ගැනයි පවුලටම යන්න පුළුවන් ටිකට් ගැනයි සේරම විස්තර කියල දුන්න නිසා හරිම පහසු වුනා . හැබැයි බස් ගැන නම් ඔබා මාමාට වඩා නැන්දගේ දැනුම වැඩියි . අර පූස් බස් ගැන නැන්දා තමයි කියා දුන්නේ .
ReplyDeleteප. ලි.
කරපිංචා කොළ තවම පාවිච්චි කරනවා . මෙච්චර කල් ගිහිනුත් තවම මුකුත් වෙලා නැහැ .
ඉන්දියාවෙ උන්ගෙ උච්චාරනේ ගැන නියමෙට කියන්නෙ රසල් පීරස් පොරගෙ ශෝ වල
ReplyDeleteමේ තියෙන්නෙ එක ශෝ එකක්..
http://www.youtube.com/watch?v=Nn5jlrxcpkI
කතාව නම් සුපිරි !!! කුණුහරුප නැති කතාත් පට්ට නේ !
ReplyDeleteමේ කොච්චි වල හොරෙන් යන්න බැරිද දන්නෑ :P
ReplyDeleteමඩක් ගැහුවෙ නැතිව ඔබා තුමා ගේ යාළු හිත මිත්‍ර ආදින් තවත් ඉතුරුවෙලා ඉන්නවද.... නැතත් කමක් නැහැ අප්‍රේල් වල සෙට්වෙනවනේ කට්ටියක් නේද..
ReplyDeleteඔබා මාමට කුණුහරුප අමතකම වෙනවා මෙහෙම ගියොත්...කවුද මේවට වගකියන්නේ....???
ReplyDeleteඅර ටිකට් ක්‍රමය නම් මාරයි...ඒක නෙමේ ඔබා මාමේ එහේ කෝච්චි ඇක්සිඩන්ට් එහෙම වෙන්නේ නැද්ද??
ඔබා මාමේ දැන්නම් මේ බ්ලොග් එකත ටිකක් කම්මැලි වීගෙන වගේ එන්නේ.... :(
ReplyDeleteඒත් ඉතින් ඉන්දියන් කාරයෙක්ව චාටර් කරද්දී සපෝට් එකක් නොදී අහක බලාගෙන යන්නේ කොහොමද
කෝ කෝ කොහෙද ඉන්නේ ඉන්දියන් කාරයෝ...
ඕකුන් ගැනනම් කතා කරන්න එපා ඔබා මාමේ,
එක කට්ටියක් ඉන්නවා උන්ට R අකුරුද කොහෙද කන්න දීල තියෙන්නේ පොඩි කාලේ
කට ඇරියොත් R අකුරු එහාට මෙහාට පනිනවා
තව එවුන් ටිකක් හිතාගෙන ඉන්නවා ලෝකේ හොඳම රට "කේරලේ" කියලා
උන් හිතාගෙන ඉන්නේ කේරලේ කියන්නේ ඉන්දියාවේ කොටසක් නෙමෙයි වෙනම රටක් කියලා
@ වෙනි,
Deleteහිතාගනින්කො මෙහෙ අච්චාරුව කොහොම ඇද්ද කියල. යුරෝපයේ , ඇමෙරිකාවේ, අප්‍රිකාවේ, උප මහාද්වීපික සහ ආසියානු රටවල් ඔක්කොගෙන්ම ආපු එවුන් අමුතුම ඇක්සන්ට් වලින් උන්ගේ භාසාවලුත් සැලඩ් එකට මිශ්‍ර කලාම, එතකොට තමා ඇත්තටම 'හොදි ඕන් නැත්තේ ' හෙහ්...හෙහ්...හෙහ්...
@ සෙනා,
චිත්‍ර ඇගයීම ගැන බෙහෙවින් තුති.
මට පෙනුන හැටියට පන්ජාබියොත් තමන් අනිත් අයට වඩා හුඟාක් උසස් සත්ව කොට්ටාසයක් කියල හිතා ඉන්නෙ. විශේෂෙන්ම දකුණු ඉන්දියානුවන්ට වඩා.
කියන්න බෑ කිව්වා කතාව පොස්ට් එකක් හැටියට වත් දැම්ම නං
@ අසරණයා,
පාකින් බාකින් කථාව මම බ්ලොග් පෝස්ට් එකක දැක්ක. එක සෝන් ජෝන් එකට එහා...හෙහ්..හෙහ්..
@ Bindi
කොහොමත් කාන්තා පක්ෂෙ දැනුම වැඩිනෙ පූස් බස් හෙවත් CAT බස් වලට ඒ නම කියන්නෙ Central Area Transport කියන තේරුමෙන්. ඒවා දුවන්නෙ පර්ත් නගරයෙ CBD [Central Business District ]කියන හරියෙ.
මම අදයි දන්නෙ ඔයාල කරපිංචා අරන් ගිය බව. මෙහාට නං පිටරටකින් ඔය වගේ දේවල් ගෙන්න දෙන්නෑ වගේම interstate ගෙනියන්න දෙන්නෙත් නෑ
@ පොඩි මෑන්ස්,
රසල් පීරස්ගෙ ෂෝ මන් බලල නෑ මන් හිතන්නෙ. යූ ටියුබ් එකේ තියෙන 'ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාරේ ' දකින්න ඇතිනෙ. පොඩි මෑන් දීල තියෙන ලින්ක් එකත් චෙක් කරලා බලන්නං
@ මධුරංග,
ඇත්ත..ඇත්ත...මීට පස්සෙ මන් ඕන් කුණුහරප කතා හෙම කියන් නෑ
@ නුවන්,
පුළුවන්, අහුවුනොත් දඩය $ 100 යි. දවස් 28 ක් ඇතුලත නොගෙව්වොත් ඊළඟ සෑම දවස් 28 කටම $ 13 ගනනේ වැඩි වෙනව. නොගෙවම හිටියොත් රියදුරු බලපත්‍රය, පාස්පෝර්ට් වගේ ඒවා අවලංගු වෙනව.
@ නීල්,
අයි නීල් එන්නෙ නැද්ද, ලංකාවෙන් පිටද ඉන්නෙ ?
@ ගැමියා,
මම මෙහෙ දැන් අවුරුදු විස්සකට ටිකක් එහා හිටිය, තාම බටහිර ඔස්ට්‍රේලියාවෙ නං වුනේ නෑ. අවරුදු කීපෙකට උඩදි නිව් සවුත් වේල්ස් වල අනතුරක් වුනා.
@ ලොකු පුතා,
R අකුර කිව්වම මතක් වුනේ ඉස්සර ඉන්දියන් ක්‍රිකට් කොමෙන්ටේටර් කෙනෙක් කිව් එකක් ' එනදර් ෆෝර් ෆොර් මදර් ඉන්ඩියා '
මට දැනිල තියෙන විදියට කේරලයන්ට වඩා පන්ජාබියන්ගේ ඔලුව ලොකුයි, හැබැයි ට්‍රාන්ස්පර්ත් එකේ පන්ජාබියො, කේරලයන්ට, වඩා ඉන්න හින්ද වෙන්නත් පුළුවන්.
ඔන්න ඕකට හොට දාලා මමයි විකියි කැවා කෑමක් හොදි ඕන නැ. හැක් හැක් ...
ReplyDeleteශා අමතර දැනුම ටිකකුත් දීලා තියෙන්නේ...මරු මරු
ReplyDeleteහොඳ ලිපියක්.
ReplyDelete(මේ ටිකේ ලිපි බලනව ගොඩාක් අඩුයි. කාර්යාලයේ වැඩ අධිකයි. )
@ රාවනා,
ReplyDeleteඔව්..වොව්...රාවණාට තියෙනවා නං පරණ වලියත් ඔය කට්ටියත් එක්ක :-)
@ සයුරි,
මගේ ඉලක්කය ජනතාවට සේවයක් කිරීමයි හෙහ්...හෙහ්..
@ ගිම්හානි,
මන් නං හිතුවෙ තරහම වෙලා කියල
අනේ නැහැ මොනවට තරහ වෙන්නද ? අනිත් අයගෙත් ලිපි බලනව අඩුයි . ගොඩාක් මග හැරෙනවා . ඒත් ඉතින් මොනව කරන්නද රාජාකාරිය කරන අතරනෙ ලිපි බලන්නේ .
DeleteNo worries
Deleteඔය ලාංඡනේද අතේ ගහං ඉන්නේ..අඳුරගන්න ලේසියට ..
ReplyDeleteකුරුල්ලෙක් හෝ කිඹුලෙක් නෙමේ :-)
Deleteහොඳ වෙලාවට විකියට ඉංග්‍රීසි බැරිඋනේ.
ReplyDeleteනැත්තං ඊළඟට ඔබා මාමගෙ ටිකට් චෙක් කරානං එමෙහ ටිකට් නැතිව ගිය කෙනෙකුත් මාට්ටු වෙනවනෙ.
විකියට බෝලෙ බස්සල කොහොමහරි එදා හොරෙන් ගියා නේද?
හෙහ්..හෙහ්...මාත් වැඩ ට්‍රාන්ස්පර්ත්, මට ෆ්‍රී පාස් එකක් තියෙනව, මට විතරක් නෙමේ ඔබීටත් තියෙනව. ඒක ට්‍රාන්ස්පර්ත් වැඩ කරන ඔක්කොටම තියෙන වරප්‍රසාදයක්. :-)
Deleteප්‍රසන්න සීන් එක තියෙන්නෙ විකීට ඉංග්‍රීසි පුලුවං උනා නං නෙමේ . . . සිංහල පුලුවං උනා නං අද මොනවායින් මොනව වෙයිද මේ බ්ලොග් එක කියෝල ???
Deleteඔබා අයිය කථාවත් එක්ක දැම්ම විස්තර නම් කාටත් වටිනවා. මෙන්න මෙහෙමනේ පදුර වටේ තලන්නේ. නියම ශිල්පීය ක්‍රම වලින්ම අද පදුර තලලා. නියම වැඩක්. මගෙන් මල් මිටක්!!
ReplyDeleteඉඉන්දියන් කාරයන් අනාගන්නෙ නැති තැනක් නෑ. ඔබාගෙ කුණුහරුපයක් ඇහුවෙ නැතුව නිකං මොකද්ද වගේ....
ReplyDeleteඉන්දියන් ගෑනූ ලමයිනුත් එනවා නොවෑයි ටිකට් චෙක් කරන්න :D
ReplyDeleteඇත්තටම නියම චිත්‍ර ටික..කතාවත් සුපිරි..
ReplyDelete(ඔබා මාමගෙ හැම පෝස්ට් එකටම කමෙන්ට් දාන්න බෑනෙ අනේ අපි ගෑනු දරුවොනෙ..ඒ නිසා වෙනදට හොරෙන්ම කියවල සද්ද දාන්නැතුව යනවා..මේ පෝස්ට් එක නම් අවුලක් නෑ ඕන්..:P)
ගෑනු දරුවො උනාට ඔයගොල්ලොත් මනුස්සයො නේද,
Deleteලෝකෙට බය වෙන්න එපා.
ඔබා අයියගෙ පොස්ට් එකක් කියවලා, කම්පියුටරේ ඉස්සරහම ඉඳගෙන හයියෙන් හිනා වෙලා, කොමෙන්ටුවක් දාල යන්න.
[මාකටින්වලට මට වෙනම ගානක් ලැබෙනව]
ඕවට තමා නංගී ":D" තියෙන්නේ.. ඒකෙන් පොරෝජන් ගන්ඩ.. :D
Deleteහෙන්රි සර්ගෙ ඉංගිරිස් පන්තිය පැත්තෙ ගියානම් ඔහොම වෙන්නෙ නෑනේ...
ReplyDeleteහැමොම කිවුවට කුනුහරුප නෑ කියලා අර උඩ තියෙනව අතේ ගහපු කතාවක්
මාත් ඒක දැක්කා නරකයො. මම හිතුවෙ පස්සෙ තරඟයක් එයි කියලා පුලුවන්නම් හොයාපල්ලකො මේකෙ කුණුහරපේ වගෙ. ඒකයි සද්ද නැතුව හිටියෙ.
Deleteඕක ඔබාට මිස් වුනොත් මේක ලිව්වෙ ඔබා නෙවෙයි
henryblogwalker the Dude
This comment has been removed by the author.
ReplyDeleteඅමතක වෙන්න කලින් කියන්නොනැ අපූරු චිත්තරේ කියලා..
Deleteඔය ඉන්දියන් අයගෙ උච්චාරණයනම් හරිම ලොජිකල් කියලා තමා කියන්න වෙන්නෙ..අපි කොච්චර උන්ට හිනාවුනත් වචන අග තියන ආර් අකුරු සද්ද කරන එකට ඒක නම් සම්පූර්නෙන් වැරැද්ද ඉංගිරිස්කාරයොන්ගෙ..කියෙවෙන්න ඕන නැත්නම් මොන කෙංගෙඩියකටද අප්පා වචන වලට අකුරු එකතු කරන්නෙ..ඉගෙන ගන්න වුනත් අමාරුයි නොවැ..
ආ..mind your language කියලා ජොලි ටීවි සීරිස් එකක් තිවුනා මේ වගේ රට රටවල උච්චාරණ ගැන..
Deleteහොයාගෙන බලන්න පුළුවන් නම් නියමයි..
http://www.youtube.com/watch?v=JtKqaQZ2gaQ
පන්ජාබ් එවුන් තමයි ඉන්දියන් එවුන්ගෙන් හිත හොඳම එවුන්, අනිත් එවුන්නම් මහ කූටකයෝ.
ReplyDeleteසමහරුන්ට කේරළයො හොඳයි කියල හිතෙනව. මට පේන්නෙ නං උන් කොයිකත් තනි වුනාම නරක නෑ, කට්ටිය සෙට් වුනාම නං ළඟ ඉන්නේ කව්ද කියල බලන් නෑ. කටේ සද්දෙයි, ආක්‍රමණශීලී හැසිරීමයි බොහොම ඉහල යනව.
Deleteකේරලයො නං මතක් කරන්නවත් එපා
Deleteඉන්දියන් අය ගේ ඇක්සන්ට් එක ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ.
ReplyDeleteඔහොම කිව්වට හැබැයි ඉතින් අපේ ඇක්සන්ට් එක කොහොමට ඇහෙනවද දන්නෙත් නැහැ නේද? :D
මට ඔය රටේ යාලුවෝ නම් ගොඩ ඉන්නවා. හැබැයි මම ආස නැතිම එක තමයි, දැක්ක ගමන් අපිවත් ඉන්දියානු කියල හිතාගෙනම කතා කරන එක. සමහරු කෙලින්ම අහන්නේ 'ඔයා ඉන්දියාවේද' කියල වත් නෙවෙයි. 'ඔයා කේරලේද' කියල එහෙම.
අහන ඉන්න අමාරු උනාට එක අතකින් ඉන්දියන් ඇක්සන්ට් එක අඩු ගානේ තේරෙනවා හරි. වියට්නාම් අය කතා කරද්දී මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. තුන් හතර පාරක් අහන්න වෙනවා මට නම්. මගේ වියට්නාම් යාලුවෙක් ඉන්නවා, එයාගේ නම අපි කාටවත් කියාගන්නවත් බහ. නිකම් 'ඤා?' වගේ එකක්. ඒක කියන්න ඕනේ නිකම් උච්ච ස්වරයෙන් ප්‍රශ්නයක් අහනවා වගේ. එයා දැන් නම වෙනස් කරලා ඉංග්‍රීසි නමක් අරන් ඉන්නේ ඔය කේස් එක නිසා.
මගේ රැකියාවත් ට්‍රාන්ස්පර්ත් නිසා, මට රේඩියෝ කොමියුනිකේෂන් දවස පුරාම ඇහෙනව. ලංකාවෙ අය නං ඉන්නෙ බොහොම ටික දෙනයි. සමහර ඉන්දියන් අයගේ ඇක්සන්ට් එක නම් නරක නෑ, වැඩේ තියෙන්නේ මෙහෙ කට්ටිය කතා කරන එකම ඇහිල, අමුතු ඇක්සන්ට් එකක් ඇහුනම සමහර වෙලාවට හිනාත් යනව. ලංකාවෙ කට්ටිය ඕස්ට්‍රේලියන් ඇක්සන්ට් එකෙන් කතා නොකලත් හුඟාක් වෙලාවට කථාව පැහැදිළියි.
Deleteවියට්නාම්, චීන, තායි, කාගේත් උච්චාරණය අපිට තේරුම් ගන්න අමාරුයි.
නිරෝෂිනී ඉන්දියාවෙද ? :-)
ඔය පින්තූරෙ තියෙන්නෙ ඔයාගෙ කෑල්ලක්නම් ඔයා කේරල කෙනෙක් වගේ තමයි....හික්
Delete@නිරෝශිනී,
Deleteකේරලයො හිතාන ඉන්නෙ උං ඉන්දියාවෙ නෙමේ කියල. උංට අනුව කේරලය කියන්නෙ වෙනමම රටක්. උං නැශනෑලිටි එක විදියට ඇහුවොත් කියන්නෙ "කේරලයන්ස්" කියල. මලාට ඉන්දියන් කියන්නෙ නෑ
ඒකයි මලබාරියො එහෙම කේරලද ? කියල අහන්නෙ
@ ඕනයා: මම හිතුවෙ 'කේරලයිට්' කියලා. සමහරු කියන්නෙ එහෙම. සැටිෆිකට් ටෲ. ඒ කට්ටිය හිතන් ඉන්නෙ ඒක වෙනම රටක් කියලා තමයි
Deletehenryblogwalker the Dude
Where are you from ?
Deletei'm from UK ( united Kerala )
මේක තමා මලයොන්ගෙ අලුත්ම කෑල්ල..
සෙන්නා,
Deleteඵෂ්ඨ !
@ වෙද මහත්මයා,
ReplyDeleteබොහොම ස්තුතියි.
තණමල්විල මල් නෙමේ නේද ? නෑ.. නිකං ඇහුවෙ ඒව බේතටත් ගන්න හින්ද :-)
@ රාජ්,
ලඟදි බුද්ධාගම වැළඳ ගත්තනෙ
@ ඇනෝ,
ඔව් ඉන්දියන් ගෑණු ළමයිත් කීප දෙනෙක් ඉන්නව ඒ ටීම් එකේ, ලංකාවෙ එක ගෑණු ළමයෙක් සහ පිරිමි අය දෙන්නෙක්ද කොහෙද ඉන්නව මන් දන්න විධියට
@ සිත් රූ, සිහින,
තෑන්ක් යූ.
සමහර ගෑණු ළමයි නං කොමෙන්ට් දානව. කොමෙන්ට් කලේ නෑ කියල අමනාප වෙන්නෙ නෑ. කොහොමත් හැම පෝස්ට් එකේම stats බැලුවම කියවන දහ දෙනෙකුට එක්කෙනෙක් වත් කොමෙන්ට් කරන්නෙ නෑ.
@ නරකයා,
කව්ද හෙන්රි සර් කියන්නෙ ? අපේ හෙන්රි බ්ල්ග්වෝකර් ද ?
අපි පොඩි කාලෙ ගම්පහ එයාගෙ ගෙදර ඉඳන්ම ඉංග්‍රීසි පන්ති කලා ඩබ්ලිව්. හෙන්රි කියල මහත්තයෙක්. නිකමට කල්පනා කලේ එයාගෙ පුතෙක් හෝ මුණුපුරෙක් ඉංග්‍රීසි පන්ති කරනවද කියල. සමහර විට හෙන්රි කියන නම තියෙන කට්ටියගෙ අන්ගේම [genes] වල ඉංග්‍රීසි තියෙනවද දන්නෙත් නෑ. :-)
@ රූ,
සැටිෆිකේට් ට්රූ කථාව, සද්ද කොරන් නැති අකුරු කොයි තරං තියෙනවද ඉංග්‍රීසි වචනවල. ෆිසික්ස්, සයිකොලොජි, එහෙම එක පාර මතක් වුන ඒව.
Mind Your Language සෑහෙන්න පරණ සීරීස් එකක්, ඒක තාම යනවද ? දුන්න ලින්ක් එකෙන් ගිහින් බලන්නම්.
මයින්ඩ් යුවර් ලැංවේජ් දැං යන්නෙ නෑ අයියා. නෙට් එකෙන් හොයාන බාගත්තොත් මිසක්
Deleteහෙන්රි බ්ල්ග්වෝකර්
Deleteඅමතක උනාද කොලවරි සින්දුව ඔය කෑ ගහන කොයි කවුරුත් දෙමල ආරට ඒක කිව්වනේ
ReplyDeleteඉන්දියන් කාරයෙක් මෙහෙමත් කිව්වලුනෙ. "The phone goes Green, Green, Green and i pink up the phone and said "Yellow?!"
ReplyDelete@ කලාකාරයා,
ReplyDeleteමන් අහල නෑ ඒ සින්දුව, ලින්ක් එකක් තියෙනවා නං දෙන්න. තෑන්ක්ස්.
@ පිනිබිඳු,
හෙහ්..හෙහ්..යාන්තමට මතකයි ඔය කතාව අහල තියෙනව වගේ.
,,වියට්නාම්,චීන,තායි කාගෙත් උච්චාරණය අපිට තේරුම්ගන්න අමාරුයි,, ඕකට තව කාම්බෝජ,මියන්මාර් වගේ පූස්වොයිස් එකතුවෙන්න ඕනෙ මාමේ...හරිම කන්කලුයි
ReplyDeleteසම්පුර්ණ ඇත්ත. විමුක්තිත් ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ වත්ද ?
Deleteමගේ කාර්යාල මිත්‍රයත් ඉන්දියන් කාරයෙක් .. එයාටත් ඉසෙඩ් කියවන්න බැහැ ජයන්න නැතුව. ඌ මට අලුතින් කාර්යලේට ආපු ගෑනු ළමයෙක් අඳුන්වල දුන්නේ jOY කියල. පස්සේ මම දැනගත්ත ඇත්ත නම zOE කියල..
ReplyDelete//එයාටත් ඉසෙඩ් කියවන්න බැහැ ජයන්න නැතුව//
DeletePls read this Henry Blog Walker post
http://matahithenahatty.wordpress.com/2012/03/14/%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92-%E0%B7%84%E0%B7%9D%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8/
අගේ ඇති පොස්ටුවක් නොවැ.
ReplyDeleteකවුරුත් ඉන්දියන් එවුන්ගේ ඇක්සන්ට් ගැන කතා කරන හින්ද අපේ ඒවත් මොන වගේද කියල පොඩ්ඩක් බලමුකෝ ... ;)
http://www.youtube.com/watch?NR=1&feature=fvwp&v=පේඩ්ක
http://www.youtube.com/watch?v=0WDD2jdwdeU&NR=1&feature=endscreen
මේ වීඩියෝ එක රසවත් වෙන්නේ මෙහෙ කාලයක් ජිවත් වෙලා අත්දැකීම් තියෙන ඔබා මාම වගේ අයටයි. අනිත් අයට මේකේ තියෙන
හාස්‍යය ටිකක් තේරෙන්නේ නැති වෙයි.
ඇක්සන්ට් එකක් තිබීම කිසිම වරදක් නැති දෙයක්. එංගලන්තේ ම ඉන්න අයිරිෂ් , ස්කොට් ජාතිකයන්ගේ ඇක්සන්ට් උනත් හරිම අමාරුයි තේරුම් ගන්න. පන්ජාබ් අය හැම එක්කෙනාම වගේ සාමාන්‍ය නමට අමතරව පොඩි කලේ පාවිච්චි කරපු සුරතල් නාමය ලොකු උනත් පාවිච්ච් කරනවා .. බන්ටි , විකී , මින්ටු , පින්කි , හැරී, සෝනි වගේ .... . ඒක පිට රටකට ගියහම දා ගන්න අලුත් නම් නෙවෙයි.
තවත් එකක් කියන්න හිතෙනවා.... ලංකික මධ්‍යම පාන්තික අපිට බොහෝ කොට වැඩ කරන තැන් වලදී , පොදු ප්‍රවාහන සේවා වල , ටැක්සි ඩ්‍රයිවර් ල විදියට , සෙවන් එලෙවෙන් වල හම්ඹ වෙන්නේ දුප්පත් පහේ සාමාන්‍ය ඉන්දියානු පහල මද්යම පාන්තික හෝ ගම් වලින් ආපු ඉන්දියන් ජාතිකයෝ. ඒ අය රජයේ ඉස්කෝල වල හින්දි භාෂාවෙන් අද්යාපනය ලබපු අය. නගර වල 80% පමණ ප්‍රථමික පන්තියේ ඉඳන් පෞද්ගලික ඉස්කෝල වල අද්යාපනය ඉංග්‍රීසියෙන් කරන අයගේ ඉංග්‍රීසිය හැසිරවීම ඉතාම ඉහලයි .. සුපිරියි.
@ Tiraj Adikari,
ReplyDeleteThank you very much for the appreciation.
ලින්ක් දෙකෙන් පහල එක බැලුව, උඩ එක බලන්න බෑ.
නම් ගැන කියල තියෙන එක ඇත්ත වෙන්නැති කියල හිතෙනවා, මාත් දන්නා ජිමී, ස්ටීව්, වගේ නම් තියෙන අය ඉන්නව, හැබැයි ඇත්ත නම වෙනත් එකක්.
ඉන්දියාවේ නගර වලින් ආව අයගෙයි ගම වලින් ආව අයගෙයි ඉංග්‍රීසි වෙනස් බව මාත් දැකල තියෙනව.
පොදු ප්‍රවාහන සේවා වල , ටැක්සි ඩ්‍රයිවර්ල විදියට , සෙවන් එලෙවෙන් වල, ඉන්ධන පිරවුම් හල වල, වැඩ කරන හුඟක් මට හමුවෙලා තියෙන තරුණ ඉන්දියානුවො හැබැයි ඉංදියාවෙ දුප්පත් අයගෙ දරුවො නෙමේ. ස්ටුඩන්ට් වීස වලින් ඇවිල්ල, මෙහෙ ඉල්ලුම තියෙන රැකියාවල් වෙලා තිබුන, හෙයාර් ඩ්‍රසින්, කොමර්ෂල් කුකින්, වගේ කෝස් කරල මෙහෙ පුරවැසි භාවය ලබා ගත අය. ස්ටුඩන්ට් විසා එකකින් මෙහාට එන්න, දුප්පත් අයට ලේසි නෑ.
අනික මන් දන්න එවුං මාත් එක්ක කය්ය ගහනව, උන්ගෙ තාත්තල ගැන එහෙම සහ එයාලගෙ බිස්නස් වල, ෆාම් වල සයිස් එක ගැන එහෙම.
රජයේ සේවකයෙකුගේ පුතෙක් කියල මට හමු වුන එකම පුද්ගලයගෙ තාත්ත, උන් ඉන්න පළාතටම පොළිසියේ ලොක්කෙක්.
තව එකෙක් දන්නවා මම, ඌට උපාධියක් තියෙනව ඉංදියාවෙ විශ්ව විද්යාලෙකින්. මෑන්ගෙ වාසගමයි, විශ්ව විද්‍යාලෙ නමයි එකයි. මොකද කියල බලන්න විස්තරේ අහපුවම දැනගන්න ලැබුනෙ, එයාගෙ ලොකු තාත්තගෙ නම විශ්ව විද්‍යාලෙට දාල තියෙන්නෙ. ලොකු තාත්ත ඒ පැත්තෙ මහ ඇමැති.
වැඩකටයුතු අපේ රටේ වගේම ඇති.
එන්න පරක්කු වුණා නොවැ ඔබා මාමෙ.....මැච් බලන දවස් වල ඉඳල ඉන්දියන් කාරයො නම් පේන්න බෑ....දැන් බුවා ඔබාමාම එක්ක ශේප්ද?
ReplyDeleteඌ ශේප් වුනා, ඒ වුනාට පොර ඉන්දියාවට ගිහින් එද්දි, වීස ප්‍රශ්නයක් වෙලා ඩිපෝට් වුනා, දැන් මෙහෙ නෑ.
Deleteමරු සිඥ්.
Deleteමම කලින් වැඩ කරපු තැනකත් හිටියා අර උඩම වගේ ඉන්න සිං කෙනෙක්. කොන්ඩේ ඒ වගේ කරගනිපු.
මේ බ්ලොග් එකට ආවත් මට කොමන්ට් කරන්න බැරිකමක් තියෙනවා. රිප්ලයි මිසක් කොමන්ට් කරන්න බෑ. එපා වෙනවා එතකොට...
වටිනා කියන විස්තර ලියනවා නේද ඔබා මාම දැන්.
@ Il mondo di una povera pazza aka
Deleteබූරු බබා,
ඉන්දියන් කාරයොත් චීන්නු වගේම ලෝකෙ පුරාම පැතිරිලා .
මම ඒත් බැලුව සමහරු කොමෙන්ට් දාන්නෙ වෙන අයට රිප්ලයි හැටියට, ඇයි ඒ කියල.
ඒක එහෙම නං බූරු බබාට විතරක් තියෙන ප්රෂ්නයක් නෙවි. හැබැයි මොකද්ද කරන්න ඕනේ කියල නං දන්නෙ නෑ.
//වටිනා කියන විස්තර ලියනවා නේද ඔබා මාම දැන්//
හැමදාම එහෙමනෙ ලිව්වෙ :-)
ගොඩක් ස්තුතියි ඔබා අයියට මගේ සිත්තරෙත් දැම්මට.
ReplyDeleteඒත් පෙන්සිල් ඩ්‍රෝවිං එකක් ඩිජිටල් කැමරාවෙන් කැප්චර් කලාට ලස්සන නැහැ කියල මටම පේනවා.
ආයේ දවසක ඇන්දොත් වෙනස් මෙතඩ් එකකට කරන්නම ඕනේ
Image editing software එකක් පාවිච්චි කරලා contrast එකයි sharpness එකයි වැඩි කරලා බලන්න ... :)
Delete@ මල්මධාර,
Deleteචිත්‍රය අඳින්න සෑහෙන්න හිත යොමු කල බව පෙනුන, වෙනෙකක් තියා කොයි තරම් ඩීටේල්ස් වලට ගියාද කිව්වොත් වීදුරුවෙන් පේන මගීන්ගෙ රිෆ්ලෙක්ෂන් පවා ඇඳල තිබ්බ.
මල්මධාර වුන මහන්සිය ගැන ස්තුතියි, මගේ හිතේ තියෙන පෝස්ට් එකකට පින්තුරයක් හෙව්ව ගූගල් ආදිය සර්ච් කරල, සාර්ථක වුනේ නෑ. මධාරට මම විස්තර ඊයකින් එවන්නම්, පුළුවන් නම් චිත්‍රයක් ඇඳල දෙන්න.
ඔබා අයිය,
Deleteඔව් වොව් ඇඳලා දෙන්නම් බොහොම කැමැත්තෙන් . විස්තර ටික ඊයකින් විද්දොත්.
@Tiraj Adhikari
තැනක්යු ටිරාජ් මම ඒක ට්‍රය් කලා.
@malmadhara: ඇත්තටම ලස්සන චිත්‍රයක්. පන්ජාබ් කාරයගෙ රැවුල් කොන උඩට කරකවලා තියෙන හැටි මට මතක් වුනේ නෑ අඳිනකොට.
Deletepencil drawing එකක් කැමරාවෙන් කැප්චර් කරන්න මෙහෙම කරන්න. චිත්‍රයට හොඳට එලිය වැටෙන්න ඕනෙ. එලියෙන් තිබ්බොත් හරි නැත්නම් ටේබල් ලෑම්ප් එකක් සෙට් කරන්න. ෆ්ලෑශ් ඕෆ් කරන්න පුලුවන්නම් ශටර් ස්පීඩ් අඩු කරන්න. කැමරාව හුඟක් ලංකරන්න පුලුවන් විදියෙ එකක් නම් මැක්රෝ දාන්න. මම හිතන්නෙ ඔය චිත්‍රය ඔයිට වඩා හොඳට ගන්න පුලුවන් වෙයි. අන්තිමට කම්පියුටරේට අප්ලෝඩ් කලාට පස්සෙ වින්ඩෝස් පික්චර් මැනේජර් එකෙන් ඇරලා ඔටෝ කරෙක්ට් කරලත් බලන්න. හොඳනම් විතරක් සේව් කරන්න.
ජය!
Obaa ayiyaa tell thisn to malmadhaara
henryblogwalker the Dude
@ Tiraj Adhikari,
ReplyDeleteThank you very much
heh...heh....pankaadui obaa...
ReplyDeleteThanx Ranjaa
Deleteඉන්දියාවේ උන්දලානම් නැති රටක් නැහැ නේද?
ReplyDeleteලංකාවේදිනම් ටිකට් පරීක්ෂා කරන්න එන අය කරන්නෙ හොරෙන් යන අයව ලඟම තියෙන ස්ටේෂන් එකෙන් බස්සලා ස්ටේෂන් මාස්ටර්ට බාර දෙන එක එයාට දඩේට ගෙවන්න සල්ලි නැත්තම්. දුම්රිය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නනෙ දුම්රිය ආරක්ෂක හමුදාව (Railway Protection Force-RPF). මේකො හුඟක් වෙලාවට වැඩ කරන්නෙ ආරක්ෂක සේවා වලින් විශ්‍රාම ලැබූ හෝ ඉවත් වූ අය. ඔස්ට්‍රේලියාවෙ වගේම ලංකාවෙ ආරක්ෂන නිලධාරින්ටත් අත්අඩගුවට ගැනීමෙ බලය තියෙනවා.
ඉස්සර හිටියෙ ටිකට් චෙක් කරන්න පෝටර්ලගෙ ඊළඟ උසස් වීම හැටියට පත් වුන කට්ටිය. හුඟක් වෙලාවට සෑහෙන වයස කට්ටිය.
Deleteපෝස්ට් එකත් හොඳයි... පිංතුර ටිකත් ලස්සනයි... විකීට සිංහල අකුරුත් ඉගැන්නුවොත් එළම තමා !!!
ReplyDeleteදැන් ඉතින් උගන්නන්න ලැබෙන්නෙ නෑ, වීස ප්‍රශ්නයක් නිසා විකී ආපහු ඉන්දියාවටම යැව්ව....පව්...
Deleteසමහර විදේශිකයොන්ගේ වචන උච්චාරනයනම් මෙලෝ හසරක් තේරේන්නේ නැහැ ,දන්න ඉංග්‍රීසි ටිකත් අමතක වෙනවා ඒ වෙලාවට.....
ReplyDeleteඕස්ට්‍රේලියන් කාරයොත් ඒ වගේ තමා, ටිකක් කල් මෙහෙ හිටියට පස්සෙ තමා එයාල කියන ඒවා හරියට තේරෙන්න පටන් ගන්නෙ
Deletemr. observer , කරුණාකරලා මට කියන්නකෝ ඔයගොල්ලෝ සිංහල බ්ලොග් ලියන්න සිංහල අකුරු අමුනගන්න විදිහ. පින් අත් වෙයි මහත්තයෝ..
ReplyDeleteමේ කොමෙන්ට් එක ලිව්වේ කොහොමද සිංහලෙන් ?
Deleteමම පාවිච්චි කරන්නේ පහල තියෙන දෙක, පහසු එකක් තෝර ගන්න.
http://www.google.com/transliterate/Sinhalese
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/
හික්ස්......මරේ මරු......
ReplyDeleteඉන්දියානු ප්‍රනවුන්සේෂන් අප්සෙට්.
ReplyDeletehttp://www.blogger.com/blogger.g?blogID=5214374916679685423#editor/target=post;postID=987081953004431889
අපේ ඉන්දියානු උපදේශකයො නිතර පාවිච්චි කරපු වචන තමයි 'කොන්ජර්වේෂන්' (conservation) 'ජූ' (zoo). මුල් දවස්වල අපි නන්නත්තාර වෙලා හිටියේ. පස්සෙ ටික ටික පුරුදු උනා ඒ ඇක්සන්ට් එකට.
ReplyDeleteඅනිත් ප්‍රාන්තවල අය, මහරාෂ්ට්‍ර එවුන් තමයි කපටි කයිරාටික එවුන් හැටියට සලකන්නෙ.