My followers

Friday 10 February 2012

Living together



වෘතියෙන් ස්ප්‍රේ පේන්ටර් කෙනෙක් වුන මනෝජ් වීරසිංහ, ඔස්ට්‍රේලියාවට මීට අවුරුදු 10 කට ඉස්සර සංක්‍රමණය කරන විට එයාගෙ වයස අවුරුදු 30 ක් ලු.  මනෝජ් වැඩි කාලයක් පදිංචිව ඉඳල තියෙන්නෙ, දකුණු ඔස්ට්‍රේලියාවෙ, ඇඩිලේඩ් නුවර. එහෙ ඉන්න කාලෙ, තමන්ට හුරු පුරුදු රස්සාවෙන් ජීවත් වෙලා තියෙන්නෙ. මනෝජ්ට සහෝදර සහෝදරියො නම දෙනෙක් ඉන්නව, ඒ අය පදිංචිය ලංකාවෙ.  සහෝදර සහෝදරියන්ගෙන්  සමහරු රස්සාවල් කරනව, සමහරු විවාහ වෙලා. මනෝජ් ඕස්ට්‍රේලියාවේදි ලබාගත් ආදායමෙන් සෑහෙන ප්‍රමාණයක් තමංගෙ පවුලෙ අයට උදව් කරන්නත් යොදවල තියෙනව. 

මනෝජ් ඇඩිලේඩ් නුවර හැමදාම තනියෙන් ජීවත් වෙලා නෑ. එහෙදි හමුවුන ඕස්ට්‍රේලියන් ජාතික කාන්තාවක් සමග ඇතිවුන මිත්‍රත්වක් ආදරයක් බවට පත් වෙලා. පසුව දෙන්න 'Living together' කියන ක්‍රමේට ඉඳල තියෙනව. මනෝජ්ගෙ  ආදරවන්තිය  මත්පැනට හුරු වුන, නිතර සමාජශාලා වලට ගිහින් විනෝද වෙන්න, ඒ වගේම ගෙදර උයන පිහනවට වඩා පිටින් ආහාර ගන්න එහෙම පුරුදු වුන කෙනෙක්. එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන අතර, ලංකාවෙ පවුලෙ උදවියටත් උදව් පදව් කල මනෝජ් අතේ, මුදලක් ඉතුරු වුනේ නෑ කියන එක එතරම් පුදුම වෙන්න කාරනාවක් නෙමේ. 

කාලයක් මේ විධියට ජීවත් වුන මනොජ්ටත්, ආදරවන්තියටත්, දෙන්නට දෙන්න ගැලපෙන්නැති බව තේරෙනකොට, එයාලගෙ  වාසනාවට වගේ, දරුවො ඉඳල නැහැ. ඉතින් මේ දෙපළ තීරණය කරල වෙන් වෙන්න. දෙන්න වෙන් වෙලා වැඩි කාලයක් යන්න කලින්, මනෝජ් වැඩ කරපු ආයතනය පාඩු ලැබීම නිසා වහල දාල. මනෝජ් තීරණය කරල, හුඟාක් කාලෙකින් තමංගෙ නෑදෑ හිතවතුන්  දැක්කෙත් නැති නිසා ලංකාවට  ගිහින් එන්න.

ඔස්ට්‍රේලියාවෙ සියලු බැඳීම් වලින් නිදහස් වුන මනෝජ් කුරුල්ල වගේ ලංකාවට ගියා. නැතිවුන බැඳීම් සහ ඇතිවුන  නිදහස,  නැති කරගන්න ලංකාවෙදි මනෝජ්ට වැඩි කාලයක් ගත වුනේ නෑ.


ආපසු ඔස්ට්‍රේලියාවට එන්න හදිසි හේතුවකුත් නැති නිසා ලංකාවෙ ටික දවසක් නෑදෑ හිතවතුන් බලන්න එහෙම යමින් කාලය ගත කල මනෝජ්ට තමන්ගෙ ඥාති කාන්තාවක් හමුවුනා අහම්බෙන් වගේ. දැන් වයස 40 ක් විතර වුන මනෝජ්ට වඩා අවුරුදු කීපෙකින් බාල මේ තැනැත්තිත් මොනයම් හේතුවක් නිසා හෝ මේ වෙනකොටත් විවාහ වෙලා ඉඳල නෑ. වැඩිය දිග නැති කථාවක්  ඉතාම කෙටියෙන් කිව්වොත්, මේ දෙන්න අඳුනගෙන වැඩි කාලයක් නැති වුවත්, වැඩිහිටියන්ගෙත් ආශිර්වාදය ඇතුවම යුග දිවියටත් එළඹුනා.

ආව කියල කරන්න රැකියාවකුත් නැති නිසා, මනෝජ්ට ආපහු ඔස්ට්‍රේලියාවට යන්න හදිසියක් තිබුනෙ නෑ. මෙහෙම මාස කීපයක් සතුටෙන් ගත කරද්දි මනොජ්ගේ අතේ තිබුන මුදලත් ක්ෂය වෙලා ගියෙ ඇඟට පතට නොදැනි. ඒ අතරෙම තමා මනෝජ්ගෙ  බිරිඳට දරුවෙක් ලැබෙන ලකුණුත් පහළ වුනේ.

ඕස්ට්‍රේලියන් පුරවැසියෙක් වුන මනෝජ් සමග විවාහ වුනාට, ඕස්ට්‍රේලියන් නීති රීති රෙගුලාසි අනුව, මනෝජ්ගෙ  බිරිඳට ඕටෝමැටිකලි ඔස්ට්‍රේලියාවට යන්න වීස ලැබෙන්නෙ නෑ, . ඒ සඳහා, විවාහ සහතිකේ ඇතුළු තව අවශ්‍ය ලියවිලි සමග අයදුම් පතක් ඉදිරිපත් කල යුතුයි. අනික ඒ වගේ වීසා එකක් දවසෙන් දෙකෙන් ලැබෙන්නෙ නෑ කොහොමටත්, අඩුම මාස තුනක් වත් කල් යනව.

ලංකාවෙ ආදායම් මාර්ගෙකුත් නැතුව, දරු පවුලක් නඩත්තු කරන්න තියා,  තමන්ට ජීවත් වෙන්නවත් විධියක් නැති නිසා, මනෝජ් අනිවාර්යයෙන්ම ආපසු ඔස්ට්‍රේලියාවට යා යුතුම වුනා. මේ වෙනකොට රත්තරන්, යපස්, ස්වභාවික ගෑස් [natural gas] ආදී කර්මාන්ත නිසා බටහිර  ඔස්ට්‍රේලියාව රක්ෂාවල් සුලභ  ප්‍රාන්තයක්  බවට පත් වෙලා තිබුන. මෙහෙ අය කියන විධියට 'වෙස්ටන් ඕස්ට්‍රේලියා වල මයිනින් බූම් එකක් ' එහෙමත් නැත්තන් අමු හිංගලෙන් කිව්වොත් 'ආකර කර්මාන්තෙ නැගලම යන කාලයක් '  මේ බූම් එකට ප්‍රධානම හේතුව, යපස් සහ  ස්වභාවික ගෑස් වගේ දේවලට චීනෙන් තියෙන විශාල ඉල්ලුම. මුළු ලෝකෙම, විශේෂෙන් යුරෝපය ආර්ථික උද්ධමනෙකට යට වෙලා ඉන්න වෙලාවෙ, ඔස්ට්‍රේලියාව විතරක්  ඔළුව උස්සගෙන ඉන්නෙ තාමත් ඒ නිසා වෙන්න ඕනෙ. මේ දවස් වල ඇමෙරිකන් ඩොලරයට වඩා ඕස්ට්‍රේලියන් ඩොලරය වටිනා කමින් වැඩියි. [කාටද ආඩම්බර...හෙහ්..හෙහ්..]  කොහොමත් ඕස්ට්‍රේලියානුවො තමන්ගෙ රට හඳුන්වන්නෙ  ' ලකී කන්ට්‍රි ' කියල, බලාගෙන යන කොට ඒකෙ වැරද්දක්කුත් නෑ, කොයි තරං ලකීද කිව්වොත් මං වගේ එව්වො පුරවැසියො කර ගන්න තරං ලකී. 


බටහිර ඔස්ට්‍රේලියානුවො කියන්නෙ, රටේම ආර්ථිකේ රඳා පවතින්නෙ බටහිර ඔස්ට්‍රේලියාවෙ ආකර කර්මාන්තෙ [mining industry ] නිසාය, අපිට ෆෙඩරල් ආණ්ඩුව සළකනව මදිය,    හරි නං අපි වෙනම රාජ්‍යයක් පිහිටෝගන්න ඕනෙය, අපි උපද්දන සම්පත් අපිම තියා  ගන්න ඕනෙය වගේ කථා. මේගොල්ලො නං ඕව හැබැයි කියන්නෙ තනිකරම විහිළුවට.

'මයිනින් බූම්' එක නිසා අනෙත්  ප්‍රාන්ත වලින් බටහිර ඔස්ට්‍රේලියාවට රැකියාවල් සඳහා සෑහෙන පිරිසක් ඇදී එනව. ඒ නිසාම ගෙවල් වල මිළ, ඒ වගේම ගෙවල් කුලී එහෙමත් අහස උසට නැගල. කථාව පැත්තක තියල දන්නෙම නැතුව මම පඳුර වටේ තලන්න පටන් අරන්නෙ. ඔය කිව්ව රැකියා සුලභ බව නිසාම අපේ කථා නායක මනෝජ් තීරණය කළා මේ පාර බටහිර ඔස්ට්‍රේලියාවෙ අගනුවර වන පර්ත් නගරෙට ගොඩ බහින්න.

මනෝජ්ගෙ ඔය තීරණේ හේතු  වුනා දෛවෝපගත විධියට පොරට  ' ඔබී සහ ඔබා' මුණ ගැහෙන්න. ඒකෙන් වුනේ හොඳක්ද, නරකක්ද, හොඳක් හෝ නරකක් වුනේ කාටද, පර්ත් මනෝජ්ට සැළකුවෙ කොහොමද ආදී විස්තර 'Living together part 2'  වෙතින් ළඟදීම බලාපොරොත්තු වන්න.

73 comments:

  1. ඉතිරි ටිකත් ඉක්මනට දැම්මනම් නේද හොද..

    ReplyDelete
    Replies
    1. කොයි අප්පා ඉතුරු ටික ???මාමේ ඉක්මනට ලියන්ඩෝ

      Delete
    2. එදිරි & නදී,
      ඉක්මනටම දානවා

      Delete
  2. ඕනයගෙ බ්ලොග් එකේ කියපු එකට සාදුකාර දීල පැලට ඇවිත් බලනකොට කිව්ව එක පබ්ලිෂ් වෙලා... හෙඩිම දැක්කම ඔය දාල තියෙන්නෙ මේ සැරෙත් කියල හිතුන.... ඒත් කියවල බැලුවම ඇත්ත තමා....
    ඒත් තවම කසකාරයො විතරනෙ.... කෝ අප්පා පෙරහැර....? පෙරහැර යනකොට කසකාරයො කලින්ම ගියපු බව අමතක වෙයි... ඒ නිසා ඉක්මනට ඉතුරු ටිකත් දැම්ම නම්....

    ReplyDelete
  3. මනෝජ්ට කරදරයක් වෙලා නැතුව ඇති කියලා හිතනවා........

    ReplyDelete
  4. මනෝජ්ට උපදෙස් ලැබෙන්න ඇති, පවුල් කීපයක් එක පාර රන් කිරීමට උපදෙස්..

    ReplyDelete
  5. මදැයි කට මැත මැදගෙන ආව ලිවින් ටු ගෙදර බලන්න කියලා. බලාගෙන යනකොට මේ ගෙදර මුකුත්ම වෙලා නෑනේ.....!

    ReplyDelete
  6. ඕන නැති උන්ගෙ බ්ලොග් කියවලා මේ ඔබා අංකලුත් නරක් වෙලා.

    හුහ් මතුසම්බන්දයි.....!

    ReplyDelete
  7. මනෝජ් ඊට පස්සේ ලිවින් ටුගෙදර් ඉන්නේ ඔබා මාමා එක්කද මන්දා :-D

    ReplyDelete
  8. ඔබා අයියා ලගට ආවනම් බය වෙන්නෙ මොනාටද ඉතින් .

    ReplyDelete
  9. ඔන්න ඔන්න ඉතිං ඔබා අයියටත් ඒ ගමන එපිසෝඩ් වලින්කතා දාන ලෙඩේ හැදිලා. අර අමතක වෙන අසනීපෙ සනීප ඇති කියලා හිතනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
  10. ‍මනෝජ් මේ වෙද්දි ජීවතුන් අතර ඉන්නවද?... ;)

    ReplyDelete
  11. කෙලගෙන ආවා මදැයි! ඉක්මනට දාහං මාමේ හොඳම ටික

    ReplyDelete
  12. පාර්ට් ටූ කියවලම මමත් තීරණය කරනවා ලිවිං ටු ගෙදර් පර්ත් වලටවත් යනවදෝ කියලා...

    ReplyDelete
  13. මාත්තුරුකාව දැක්ක ගමං මට හිතුනා අදත් වල් කතාවක් කියලා :D
    ඔබා මුනගැසී මනෝජ් ට වූ හදිය දැනගන්න ඉක්මනට පාට් ටූ එකත් දාන්න.

    ReplyDelete
  14. ඔබා කතාවෙං බැරිඋනොත් ආදර්ශෙං හරි . . ඒත් බැරිම උනොත් හෙඩිමෙං හරි ගේම දෙනව

    ඊමේල් කවිකාරි සහ මියුරු, මේ ඔබේ අවධානය පිනිසයි

    ReplyDelete
  15. හප්පා මෙයත් ගනන් උස්සනව ටෙලියක් වගේ කොරලා, ඉතුරු ටිකත් ඉක්මනට දැම්මනන්, ඉතුරු කොටස ලබන සතියේ නැතුව.. (මුන්ටත් නිකන් කියවන්න හම්බවෙන එකත් ඩිමාන්ඩ් කොරනව නේ කට *ක වහගෙන කියවන්නේ නැතුව, ඔබා අය්යට වෙන වැඩ නැතුවට යැ මෙව්ව ලිය ලිය ඉන්නව ඇරෙන්න නැද්ද? ;) )

    ReplyDelete
  16. හොඳක්ද නරකක්ද නේද මටනම් හිතෙන්නෙ ඔබාට නම් හොඳ වෙයි මොකද තව එකෙක්ගෙ කුනු අවුස්සන්න පුලුවන්නෙ .. හෙක් හෙක් අනෙ මනොජ් මට නම් දුකයි. ඌ ගැන ...

    ReplyDelete
  17. මනෝජ්ගෙ ඔය තීරණේ හේතු වුනා දෛවෝපගත විධියට පොරට ' ඔබී සහ ඔබා' මුණ ගැහෙන්න. ඒකෙන් වුනේ හොඳක්ද, නරකක්ද, හොඳක් හෝ නරකක් වුනේ කාටද, පර්ත් මනෝජ්ට සැළකුවෙ කොහොමද ආදී විස්තර 'Living together part 2' වෙතින් ළඟදීම බලාපොරොත්තු වන්න.

    බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ මටනම් හිතාගත හැකි... හොඳක් උනේ ඔබාටයි ඔබීටයි... ගෙදර තිවුණ ස්ප්‍රේ පේන්ටින් වැඩටික මනෝජ් ඉටිකිරිස් වගේ කරලා දෙන්න ඇති... :D

    ReplyDelete
  18. අපි කන හැටි ලිපා දනී කිවුවලු.....හැබැයි ලංකාව තරම්ම මේරට ලකී නෑ මාමෙ

    ReplyDelete
  19. අහ්හ් ඔබා මාමේ මාර සිද්දියනේ..

    ReplyDelete
  20. ඔන්න ඉතිං මට හිතෙනවා හරියට ඉත්තෑවගෙ ගෙට කබල්ලෑවා රිංගුවා වගේ සීන් එකක්.ඔබා මාමා එක්ක ඒවා කොහෙද නේද????

    ReplyDelete
  21. ඔය කතා සීරීස් නම් මට අරහං!ඇයි හොඳම තැනට ඇවිත් නතර වෙනවා...ඊගාව එක කියවද්දි කලින් එක මතක නෑ!

    ReplyDelete
  22. බටහිර ඔස්ට්‍රේලියාව වෙනම රාජ්‍යක් වෙන්ට කලින් ඔස්ට්‍රේලියාව වෙනම රාජ්‍යක් වෙන්ට එපැයි. :D

    මෙහෙ ලොකු ආච්චි ගෙ උපන් දිනේ දවසෙ ඔහෙ නිවාඩු නේ? ඒත් අපිට වැඩ! :(

    ReplyDelete
    Replies
    1. හික් හික්.. දාපං පහක් මල්ලි.. :D

      Delete
  23. මේක හරියන්නෙ නැහැ...

    1.No standing
    2.Kiss and Ride
    3.Living together

    ඔබා අයියා ජයග්‍රාහී තුන්වන වතාවටත් හේන බාගෙට කොටන ලදී....ඉතුරු කොටස හිතාගන්න..

    ReplyDelete
  24. ඔබා මාමට ඒ මනුස්සයා හම්බුනා නම් ආයේ අහන්න් දයක් නෑ..

    ReplyDelete
  25. අප්පෝ ඔබා අන්කල් මොකද්ද සවුත්තු වැඩ කරන්නේ??? ඉතුරු ටික හෙටම දාන්ඩ...

    ReplyDelete
  26. ඔබා මාමෙ ඔය වයසට ඔය මයිනිං වැඩ පුළුවන්ද ආ?

    ReplyDelete
  27. ඇන්ඩගේ මංජුට පස්සේ මනෝජ් හෙන ගේමක් දෙයි කියල මං හිතුවේ... මොකද ඕනමැන්ටලේ බලපු ගමන්නේ මේ පැත්තේ ආවේ එහාට කමෙන්ට් එකක්වත් කොටන් නැතුව...

    ReplyDelete
  28. හපොයි මාර්තුකාව තරං ඇතුල රහ නෑනෙ ඔබා අංකල්....

    ReplyDelete
  29. අර "CURRENT READERS" කියන තැන මොකක්ද උර චක්‍ර මාලයක් වගේ කැරකෙනවා මම බය වු‍නා නොවැ..

    ලෝඩ් වෙන්නෙ නැහැ මාමේ ඒක..

    ReplyDelete
  30. ඉක්මනට ලියන්ඩ මාමා !!!

    ReplyDelete
  31. පඳුර තලලා තලා ඕන හරිය තලන්න යද්දි පොල්ල ගෙවිලා..

    අවුලක් නෑ..පඳුර තැලුවායින් රටේ ලෝකෙ දේවල් පොඩ්ඩක් දැනගත්තා..


    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  32. අද කතාවේ ලිවීමේ රටාවේ වෙනසක් තියෙනවද මන්දා.කියවද්දී අමුත්තක් දැනුනා.හැමොමෝම බැනපු නිසා මම මාමට බනින්නේ නැහැ.එත බාන්න කියල හිතාගන්නකෝ..

    ReplyDelete
  33. එපිසෝඩ් 2 කියවලාම කොමෙන්ට් කොරන්නම් ඈ...

    ReplyDelete
  34. කවදද ඊලග,,මේ කාගෙවත් කැමැත්ත අකමැත්ත වැඩක් නෑ ඔබා මාමා ඔයාට ඕනා වෙලාවට දාන්න,ඔබා මාමගේ ගෙදර ඔලුවෙන් හිටියත් හිටගෙන හිටියත් කාටත් මොකෝ....

    ReplyDelete
  35. පඳුර වටේ තැලිල්ලත් නරකම නෑ. කතන්දරේ ඉතුරු කුට්ටියත් ඉක්මනට දාලා, ඔන්න ඔහේ තව පඳුරක් තලලම දාන්ට, සෑර්

    -අලි මොටා -

    ReplyDelete
    Replies
    1. ඇවිත් තාප්පෙන් හොඬවැල දාලා ගියාට කමක් නැද්ද, ? මේ කස්ටිය කියන්නෙ සෑර් කුට්ටි කරන බිස්නස් එකක් පටන් ගත්තා කියලා. ඔය කොටන් අදින වැඩ එහෙම තියනවා නං කියන්ට, අපිත් දෙන්නම් සපෝට් එකක්.

      -අලි මොටා -

      Delete
  36. ''Living together' උනාට ඒ ගැන නෙමේනෙ ඉතින් කතාව. ආපහු අපි ඉතින් එතන්ට යනවද? :D

    ReplyDelete
  37. ඉතුරු ටික ඉක්මනට කොටන්න මාමේ . living together හිටිය මනුස්සය මෙයාව හොයන ආවද දන්නේ නැහැ

    ReplyDelete
  38. අර australian lady එක්ක මට living together කරන්න බැරිද දන්නෑ!:P

    ReplyDelete
  39. ඔබා මාම මිනිහව ස්ප්‍රේ කරන්න ඇති.

    ReplyDelete
  40. " කොයි තරං ලකීද කිව්වොත් මං වගේ එව්වො පුරවැසියො කර ගන්න තරං ලකී. " එල පාර්ට් එක

    ඔබා මාමෙ මමත් Mining Enginerring කෙනෙක්ලු ඒ මාවත් ඔහෙට ගන්නකො :D
    අ.පේ හැලපයා

    ReplyDelete
  41. ආ.. ඔය ඇහෙන්නේ බෙර සද්දේ... :D

    ReplyDelete
  42. දැන් ඔබා මාමායි නැන්දයි හම්බ උනාට පස්සෙ මනෝජ් ගොඩ ගියාද ..........
    කෝ ඉතුරු ටික ......

    ReplyDelete
  43. මොකක් ගැන ලිවුවත් රසකරල ලියන්න අපේ ඔබාට තියෙන්නේ පුදුම හැකියාවක්..ඔය චුට්ටක් විතර අමතකවෙන ලෙඩේ තමයි ඉතින් වරදකට කියලාතියෙන්නේ,.. එකත් ඉතින් වාසියට හදාගත්ත එකක්නේ..

    ReplyDelete
  44. ඒ මනුස්සයට පස්සෙ කාලෙක හිතුනද දන්නෙ නෑ ඔබී හමු නොවුනා නම් කියලා.....

    ReplyDelete
  45. පාට් 2 කියවන්න එන්නම්... අපි ගියා... :)

    ReplyDelete
  46. පඳුර වටේ තලලා සැහෙන්න කථාවට වඩා පඳුරුනේ
    පොඩි කථාවක් උනත් පෝස්ට් 10ක් 15ක් ඇදගන්න සිරාම ක්‍රමේ
    මනෝජ්ගේ අවාසනාවන්ත කාලය උදාවෙන්නේ ඉන්පසුවලු
    බලමුකෝ ඊලඟ කොටසින් අහිංසකයට උන සන්තැසිය

    ReplyDelete
  47. කෝ අප්පා කතාව...........

    ReplyDelete
  48. අර තැලිල්ල නම් නියමයි.. එක නෙවෙයි ඔබා අය්යේ අර මොකද්ද අපි වගේ ........... මේ රටේ පුරවැසියෝ කරගන්න........ ලකී කිව්වේ?

    ReplyDelete
  49. කොමෙන්ට් ඔක්කොටම වෙන වෙනම උත්තර ලිව්ව දෙපාරක්. දෙවැනි පාරටත් උත්තර වැනිෂ් වුනා. සොරි ඩොට් කොම් මං යනව නිදා ගන්න, අපේ වෙලාව රෑ....... වෙලාව කියන්න ගිහිනුත් බැණුන් අහල තියෙන හිංද අද වෙලාව කියන්නෑ. අනිද්ද දවල්ට කථාවෙ ඉතුරු හරිය පෝස්ට් කරන්නං, එතකං සමාවල් ඔක්කොම භාජනෙකට දාල තියන්න කියල බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

    කියවපු, බැනපු, නොබැනපු, ඔක්කොටම බොක්කෙන්ම තෑන්ක් යූ, [බොක්කෙන්ම තෑන්ක් යූ කිව්වෙ විහිළුවට හෙම නෙමේ, මොනවා හරි ලියන්න හිතෙන්නෙ බැනල හරි යන්න කියවන, කොමෙන්ට් දාන, කට්ටියක් ඉන්න හිංද]

    ReplyDelete
  50. ජනතාවට වෙලාව දක්වන්නෝ...නවතම ආයතනයනම්
    විමලධර්ම බ්‍රෝ නොවේ...
    ඩබ්ලිව් ඒ සිල්වා බ්‍රෝ නොවේ
    බී පී ඩි සිල්වා පු නොවේ


    ඔබා-ම බ්ලො...වේ

    ReplyDelete
  51. ඔබා සහ ඔබිට තමා වාසි උනේ...නැද්ද ?? :D
    දෙවැනි කොටස නොකියවා අදහස් ප්‍රකාශ නොකරමි..

    ReplyDelete
  52. "Living Together" මං ආසම විවාහ ක්‍රමය...සුද්දො එන්න කලින් උඩරට නීතියත් ඒ වගේලු.
    ලංකාවෙත් ප්‍රසිද්ධ චරිත කීපයක් "Living Together" විදියට ඉදලා තියෙනවා. කිසි අවුලක් නෑ.
    ලෝක ප්‍රසිද්ධ චරිත ගත්තම සාත්‍රෙ + සිමොන් ද බොවා "Living Together"
    අපි තමයි කළු......

    ReplyDelete
  53. දැන් ඔය ලිවින් ටුගෙදර් කියන්නේ එතකොට ජිල් ගහන එක එළිපිට කොරන එක නේද ...................

    ReplyDelete
  54. ඕකනම් ඔබා මාමටම ආවේණික වෙච්ච කතා ලිවිල්ලක්.... :D

    ReplyDelete
  55. ඔන්න බලමු, ඉඳල ඉඳල ඇවිල්ල කියවන්න ලැබුනේ කතා බාගයයි. ඉතුරු හරියත් ඉක්මනට කියනකන් බලාගෙන ඉන්නන්කෝ.

    ReplyDelete
  56. ඔන්න ඔන්න ඔබා මාමත් පටං අරං කොටස් වසයෙන් දෙන්න.....අපිටත් බැරිද ලිවිං 2 ගෙදර් හරි ගෙදරින් එලියේ හරී සීන් එකකට සෙට් වෙන්න....

    ReplyDelete
  57. "කොයි තරං ලකීද කිව්වොත් මං වගේ එව්වො පුරවැසියො කර ගන්න තරං ලකී. "
    අනේ මගේ කට....එහේ නෙවෙයි මෙහේ ලක් එක.......

    ReplyDelete
  58. ඔබා මාම හම්බුනානම් මනෝජ්ට වඳින්න ගිය දේවාලෙ අර කොහෙද කඩා වැටුන වගේ වැඩක් තමා වෙලා තියෙන්නෙ....

    ReplyDelete
  59. මේකත් අර සෑමගේ සිතූ සහ කුසූගෙ වගේ ආදර කතාවක්ද?

    ReplyDelete
  60. කොයි තරං ලකීද කිව්වොත් මං වගේ එව්වො පුරවැසියො කර ගන්න තරං ලකී.


    අනේ හප්පේ... මාත් මේ කල්පනා කරේ ඇප්ලයි කරනවද මෙහෙම්ම ඉන්නවද කියලා...

    ReplyDelete