My followers

Saturday 20 August 2011

"හෑන්ඩ් සිග්නල්"



මේක ඇත්ත කතාවක්, කතානායක ලංගම බස් කොන්දොස්තරගෙ නම මට මතක විදියට නිමලසිරි. අපි නිමල් කියමුකො.

පොර ඒ දවස් වල වැඩ කලේ කුරුණෑගල උතුරු ඩිපෝවෙ. ලංගම කස්ටියගෙ භාෂාවෙන් කියනවනං “උතුරෙ “. පොර ඉස්සර මහණවෙලා ඉඳලත් තියෙනව. ගම වැල්ලව දිහාවෙ වුනාට උසස් පෙළ එහෙම ඉගෙන ගෙන තියෙන්නෙ, මරදානෙ ශ්‍රී ලංකාරාම පිරිවෙනේ. සිවුරෙ ඉන්න කාලෙ හරි කොළඹ පැත්තෙත් කර වෙච්ච පොරක්, කුරුණෑගල උතුර ඩිපෝව විවුර්ත කරනකොට සර්ව රාත්‍රික පිරිතටත් සහභාගී වෙලා තියෙනව, මහන දම් පුරන කාලෙ. (ඩිපෝවේ පිරිතට වැඩම කල එක ගැන වෙනම කතාවක් තියෙනව ඒක පස්සෙ කියන්නං)

නිමල් දවසක් වැඩ, කුරුණෑගල – දඹුල්ල බස් එකක. බස් ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනකොටම බස් එකේ කට කපල ලෝඩ් එක, නිමල් දැන් බෙල් තුන ගහල යන්නෙ. බෙල් තුන ගහන්නෙ ඞ්රයිවර්ට සිග්නල් එක, ආයේ සෙනග ගන්න නවත්තන්න එපා, බස් එකේ වෙන ඉඩ නැහැ කියල. ඕනෙ නං මාරයාගෙ හෝරාව ලියන, මාරයාගෙන් අහල බලන්න පුළුවන් ඔය සිග්නල් ගැන. මාරයත් කාලයක් මහන වෙලත් ඉඳල තියෙනව වගේම කොන්දොස්තර ජොබ් එකත් කොරල තියෙනව. උතුර ඩිපෝ එක ගාවට එනකොටත් නිමල් මගීන් ඔක්කොටම ටිකට් කඩල ඉවර නැහැ. කුරුණෑගල, ෆ්ලයින් ස්කොඩ් කස්ටියගෙ කන්තෝරුව තිබුනෙත් කුරුණෑගල උතුර ඩිපෝවෙමය්. බස් එක ඒ හරියට එනකොට නිමල් දැක්ක, අර යුනිෆෝම් නැතුව පනින ෆ්ලයින් ස්කොඩ් ටීම් එකක් ඩිපෝව ඉස්සරහ ඉඳල බස් එකට අත අල්ලනව.

ඞ්රයිවර් ට බ්රේක් එකට කකුල තියන්න හම්බු වුනේ නැහැ නිමල ගැහුව ආයෙමත් බෙල් තුන. නිමල දන්නව මුං කට්ටිය නැග්ගොත් ඌට බඩුම තමා කියල. පැසෙන්ජර්ල බර ගානකට ටිකට් කඩලත් නැහැ, අනික පැසෙන්ජර්ලගෙන් අහපු ගමන් ලැබෙන උත්තරේ, සල්ලි දුන්න ඒ වුනාට,”ටිකට් ලියල දෙන්නන් මගදි, පරක්කු වෙලා තියෙන්නෙ” කියල කොන්දොස්තර කිව්ව කියල. බොරුත් නෙමෙය්.

ඞ්රයිවරුත් නොදන්නව නෙමේනෙ කේස් එක, පොරත් නවත්තන්නෙ නැතුව ඇරල දැම්ම. නිමලත් නිකන් ඉඳපිය. මු ගහගත්ත ටිකට් පොත කිහිල්ලෙ, වං අතේ මාපට ඇඟිල්ලය්, දබර ඇඟිල්ලය් එකතු කරලා රවුමක් හදල, දකුණු අතේ දබර ඇඟිල්ල රවුම ඇතුලෙ එහාට මෙහාට කොරල ටික්කන්ට පෙන්නුවා, අපේ රටේ මෛය්තුන සේවන සිම්බල් එක. (හු# ගනිං කියන හස්ත මුද්රාව)

එදා සේවය අවසන් කොරල ඩිපෝවට බස් එක දාල, සල්ලි එහෙම බැඳලා ගෙදර යන්න ඉස්සෙල්ල නිමල්ටය්, ඞ්රයිවර්ටය් දෙන්නටම ලැබුන විනය පරීක්ෂණයක් පවත්වනතුරු සේවය අත්හිටුවීමේ කොළ කඩදාසි. ඞ්රයිවර් ට චෝදනාව, ෆ්ලයින් ස්කොඩ් ටීම් එකට බස් රථය නොනවත්වා ධාවනය කිරීම, කොන්දොස්තර නිමල්ට චෝදනාව- ෆ්ලයින් ස්කොඩ් ටීම් එකට අසභ්‍ය හස්ත මුද්රාවක් කරලා අපහාස කෙරීම. ඒ වෙලාවට හදපු චෝදනාවක්, මං හිතන්නෙ මීට කලින් කිසිම සේවකයෙකුට ඔය ආකාරයෙ චෝදනා පත්‍රයක් හදන්න නිලධාරීන්ට සිද්ද වෙලා නැතුව ඇති.

ඉතින් විනය පරීක්ෂණය දවසත් ආව. ඞ්රයිවර් නිදහසට කිව්ව, ෆ්ලයින් ස්කොඩ් ටීම් එක යුනිෆෝම් වලින් නෙමෙය් හිටියෙ, ඒ නිසා එයා හිතුවෙ , සාමාන්‍ය මගීන් කියල, කොන්දොස්තර බෙල් තුන ගහල, සිග්නල් කරල තිබුනෙ බස් එකට වෙන සෙනග ගන්න ඉඩ නැහැ කියල. ඒකය් බස් එක නැවැත්තුවෙ නැත්තෙ කියල.

නිමල්ට නිදහසට කරුණු කියන්න වාරෙ ආවම පොර කිව්ව, “මන් දැක්ක සෙනග වගයක් බස් එකට අත අල්ලනව, මං ඒගොල්ලන්ට හෑන්ඩ් සිග්නල් එකකින් කිව්ව බස් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැකියල”

විනය පරීක්ෂණයෙන් දෙන්නම නිදහස්. හිඟ පඩිත් එක්ක ආපහු වැඩ.

129 comments:

  1. එලම තමයි ඔබා අයියා

    ReplyDelete
  2. මගෙ බ්ලොගේ පලවෙනි කොමෙන්ට් එක දාල ඔන්න "වැප්" තිබ්බ කාටවත් කඩන්න බැරි වාර්තාවක්

    ReplyDelete
  3. ඔබා අන්කල් ලියන්න ගත්තා එහෙනම් බ්ලොග් එකක් නියමයි.

    ප.ලි:වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න,කමෙන්ට් කරන්න ලේසිවෙන්න.

    ReplyDelete
  4. ඔබා මාමා ලියපු සහ අපි කියවපු කතාවක්... ඒත් ඉතින් ඔයා ලියන ඒවා කීපාරක් කියෙව්වත් රස එලෙසමනේ.... එල එල........

    ReplyDelete
  5. @ නදී, ඔන්න වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළා, තෑන්ක් යූ ගොඩවුනාට.
    @ ගොඩයා, තෑන්ක් යූ

    ReplyDelete
  6. ඔබාගෙ බ්ලොග් එකට ජයම වේවා. බෙල් තුනම ගහලා තියෙන්නෙ. නවත්තනෙපා. ඔයොමම යං.

    ReplyDelete
  7. හේල්...........ඔබාමා(මා). ඔය තියෙන්නෙ නිල් කැටේට නියම බ්ලොග් එකක් හදාගෙන. දැං ඉතිං පටන් ගත්තා වගේ දිගමට ලියන එකයි තියෙන්නෙ. නැත්තං වැඩේ ෆර්ඩියා වෙයි.

    අපි නං අර බස් වලට පනින අයට කියන්නෙ ටික්කෝ කියලා. ටික් ටික් ගගා පනින හින්දා.

    ReplyDelete
  8. නියමයිනේ.... දැන් ඉතිං තව කතා සාගරයක පීනන්න පුළුවන්...!

    ReplyDelete
  9. ඔබා මාමගේ අලුත් බ්ලොග් එකට ජයෙන් ජය.. හැබැයි අන්තිම පේලියේ කතා ලියන එකයි.. කොමෙන්ට් දාන එකයි අමතක කරන්න එපා..

    ReplyDelete
  10. උණුසුම් සුභපැතුම් උදේ පාන්දරම henryblogwalker ගෙන්

    ReplyDelete
  11. සුබ පැතුම්. අද සිට මම මේ බ්ලොග් එක ඔබ්සර්ව් කරමි!

    මේ කතාවට ඕනෑ පින්තූරයක්. හැබැයි ඔය කියල තියෙන සංඥාවේ එකක් නම් එපා.

    ReplyDelete
  12. අඩේ මෙන්න ඔබා අයියත් බ්ලොග් ලියනෝ... දැන් ඉතින් ඉතුරුවෙලා තියෙන ඉල ඇට ටිකටත් දෙයියන්ගෙම පිහිටයි. :D ඉල ඇදෙනවා මේ කතා වලට හිනාවෙලා.. :D

    ReplyDelete
  13. ජය වේවා! සාර්ථකව දිගටම ලියන්න!

    ReplyDelete
  14. මේ විදියට ගියොත් වෘත්තීය කමෙන්ට්කරුවන් අමාරුවෙ වැටෙනව...
    මේක නම් නියම කතාව... ලංගමේ මේ තරම් දියුනු වෙන්න හේතුව දැනුයි මට වැටහුනේ....

    ReplyDelete
  15. ජයවේවා !
    දැන් ඉතිං තියෙන්නෙ දිගටම ලියන එක තමයි.

    ReplyDelete
  16. අන්න මොළේ ඇති කොන්දොස්තරලා. මිනිහා කියලා තියෙන්නේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නෑ කියලනේ. හික්ස් :)

    ReplyDelete
  17. මං පොඩ්ඩක් පරක්කු උනා..ඒත් ඉතිං කාලෙක ඉදලා කියලා කියලා ඇති වෙලා හිටියේ මේක පටන් ගන්න කියලා..දැන් යාන්තං පටන් ගත්ත එකම මදෑ...

    එහෙනං ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නැති වෙන තරමට කට්ටිය යන එන කතා පිරිලා ඉතිරිලා යන බ්ලොග් අඩවියක් බවට මේ අඩවිය පත් වේවා කියලා අපේ ඔබා අයියට හදවතින්ම සුභ පතන්නේ අර හස්ත මුද්‍රවත් භාවිතා කරලම තමයි ඈ...

    ReplyDelete
  18. හික් හික්... තැනට සුදුසු නුවන ඕකයි.. ජයවේවා ඔබා මාමා

    ReplyDelete
  19. අහ් එල කතාවකින්ම පටන් අරන් තියෙන්නේ

    (මේක කලින් ඔබ තුමාම ඊමේල් කරලා එව්වා කියලා මම නම් කාටවත් කියන්නේ නෑ ඕන් හරිය). .

    ජය වේවා . . .

    ReplyDelete
  20. ආ මේ තියෙන්නෙ.. හැමදාම අද එයි හෙට එයි කිය කියා බල බලා හිටපු බ්ලොග් එක..පහු වෙලා හරි මගෙනුත් උනුසුම්ම උනුසුම් සුභ පැතුම !!

    ReplyDelete
  21. @ Dude, තෑන්ක් යූ කිව්වා

    @ ක. ශු. එච්චර වැඩ දාන්න තාම දන්නෙ නැහැ. ඉගෙන ගෙන එන්නං, තෑන්ක් යූ උදේම ගොඩ වුනාට.

    @ චන්දික, ඊයේ ඔයාගේ එකට ගොඩ වෙලා S4 ගැන කියෝල චුටි කොමෙන්ට් එකක් දැම්ම. ස්තුතිය් මෙහෙටත් ආවට.

    @ මුචලින්ද, ස්තුතිය් කොමෙන්ට් එකක් දැම්මට.

    @ ගීතික දිල්රුක්, තාම වෘතියෙන් අයින් වෙන්න හිතුවෙ වත් නැහැ.

    @ Praසන්ன තෑන්ක් යූ, ෆුල් ට්‍රය් එකක් දෙන්නං...

    ReplyDelete
  22. @ මධුරංග , කලින් මහන වෙලත් හිටපු පොරක්නෙ (මාරයා වගේ) කිඩ්නිය හොඳ ඇති

    @ මාරයා, කොහෙද නම කියනකොටම මතු වෙලානෙ. හස්ත මුද්‍රාවත් එක්කම හරි සුබ පැතුමට තුති

    @ සහෝදරයා, සුබ පැතුමට ස්ත්තිය්

    @ දුකා, ෂ්.....කට....කට....
    තෑන්ක් යූ මෙහෙත් ආවට

    @ Weni,ස්තුතිය් ආවට, ඊයෙ කරදරයක් නැතුව ගෙදර ගිහින් වගේ...

    @ වසුන්දරා, හප්පේ තව නූලෙන් මිස් වෙන්න ගියෙ, පික්ෂුද අන්තිම පේලිය අමතක කරනවද එහෙම? ලව් ඉlove ගැන කොහෙද නැත්තන් කතා කොරන්නෙ. තෑන්ක් යූ මෙහෙට ගොඩ වුනාට

    ReplyDelete
  23. ඔහොම යන් ඔහොම යන්. මට වාර්තාව තියන්න පුලුවන් වේයි වගේ.
    සුබ පැතුම් අය්යේ...

    ReplyDelete
  24. බොලේ බුද්ධිය මිස් වුනා නං ඉඳල හමාරය්, කෂ්ටියට තෑන්ක් යූ කියපු වාර ගාන ගැනල බලනකොට එකෙක් අඩුය්.

    බස් වලට පනින එවුන්ට "ටික්කො" සහ කෝච්චියට පනින එවුන්ට "බාප්පල" කියන එක බුද්ධියො මං හිතන්නෙ බස්, කෝච්චි, දුවන්න පටන් ගත්ත කාලේ ඉඳන් පැවත එනව ඇති. ඕන්නං කොච්චියගෙන් අහල දන ගන්න බැරි වෙන එකක් නැහැ.

    තව පොඩ්ඩෙන් බොට තෑන්ක් යූ කියන්නත් අමතක වෙනව, "තෑන්ක් යූ" කිව්ව කෙහෙල් කොටුවෙ පොඩි එකාටත් එහෙනං ඈ

    ReplyDelete
  25. සුභ පැතුම් ..... ඔබතුමාව ගොඩක් තැන්වල දැකල තිබුනා , ඒ කමෙන්ටුවල හැටියට බ්ලොග් ලියවිල්ලකින් දකින්න ආසාවෙන් හිටියේ

    ReplyDelete
  26. කොමෙන්ට් වලිං අප හැම පිනවූ අයියා . . . .
    අන්තිම පේලියේ වලි දාගෙන උන්නා . . . .
    බ්ලොගක් පටංඅරගෙන උගෙමයි කියලා . . . .
    අ.පේ. පැත්තෙ ආයෙත් නේවිද මන්දා . . . .

    ReplyDelete
  27. මට ඊයෙ රෑ යන්න බැරි උනා අයියෙ.. අර බාත් රූම් එකේ ගහපු බල්ටියෙ ප්‍රතිඵල තමයි..කිව්වෙ නැතුවට පොඩ්ඩක් සීරියස් කේස් එක..ටික ටික තමයි හොඳ වෙන්නෙ..ඩොක්ස් කිව්ව ආයි නටල වැඩි කර ගන්න එපාය කියල.. යන්න බැරි වෙච්ච එකට මට හරි දුකයි..

    ReplyDelete
  28. නියමයි ඔබා අයියෙ...

    ReplyDelete
  29. පළමු ලිපියම එළ.. දැන් ලියන්න හිටු කියල..

    ReplyDelete
  30. මම ඒත් බැලුව කමෙන්ට්ස් වලත් එළ කතා දාන පොරකට මොක ද බ්ලොගයක් නැත්තෙ කියලා. ඔය පටන් අරගෙන තියෙන්නෙ එළ එළ ! ! (ලියන්නගෙ Blog ලින්ක් එකෙන් තමයි ආවෙ)

    ReplyDelete
  31. හුට්ටපටස්.ඕව එතකොට හීරලු හස්ත මුද්‍රාද?

    ReplyDelete
  32. හෙ හෙ... ප්‍රසිද්ධ පාඨක තුමාගේ රචනය ඇරඹුනු වගයි. ඹරේ මරු කතාව ඔබ්සවර් මාමේ

    ReplyDelete
  33. ඔබා අංකල් ලියන්නට ගත් දවසේම අති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් බ්ලොගයේ පැත්තේ පැමින ඇත...කුජීතය...
    අම්මපා එනවාය හැමදාම කියවා කුප්ප කමෙන‍්ට් එකක් දමා යන්න

    ReplyDelete
  34. මටත් නිකා ඉන්න බැරි නිසා ආව මේ පැත්තේ.... මේක කලින් කියෙව්වා වගේ වගේ අන්තිම පෙලියේද මන්දා.... මොනවා උනත් මමත් ඔන්න බෙල් තුනම ගැහුවා.... හස්ත මුද්‍රාව නම් දැම්මේ නෑ,,,, ඇදල ඔය ගැම්මට ම ගියා නම්...

    ReplyDelete
  35. පරක්කුයි අපි නම්.. ඔන්න සමාවෙන්ඩ හොඳේ..

    ජය වේවා.. එහෙනම් අපිත් ඔන්න සාමාජිකත්වෙ ගත්තා.. ඈවිත් යනව ඔන්න ඉතින් රස කතා කියවන්ඩ අපිත් ... :)

    ReplyDelete
  36. හප්පා! ඇතියන්තන් ඔබ්සර්වරුත් බ්ලොග් එකක් පටන් අරන් තියෙන්නෙ. දැන් ඉතින් ඉල ඇදෙන කතා කියෙව්වහැකි. මේ කතාව තෙලස්ත්රෝ එකෙත් දැම්ම වගේ මතකයි!

    ReplyDelete
  37. මේ වගේ රස කතා අහන්නට අපිත් එනවා , දිගටම ලියන්න ..

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. කමෙන්ට් කරනවා දැක දැක උන්නු ඔබ තුමාගේ පලවෙනි පොස්ට් එකේ ඉදන්ම එකතු වෙන්න ලැබුන එක ගැන මට ගොඩාක් සතු‍ටුයි
    දිගටම ලියන්න ජයවේවා කියලා අපිත් ඔන්න මෙහේ නවතිනවා

    ReplyDelete
  40. අනේ දැන්නේ දැක්කේ. තරහා වෙන්ට එපා පරක්කුවෙලා ආවාට. සුබ ගමන්.

    අපි අල්ලගන වලව්වේ නවත්තගනී කියලා බයට නේද ඔය වැඩේ කලේ?...:D

    ReplyDelete
  41. මමත් කාලෙක ඉදන් බලන් හිටියේ ඔබා මාමගේ බ්ලොග එනකන්

    ReplyDelete
  42. මරේ මරු ඔබා අයියා...

    දිගටම ලියන්න ශක්තිය දෛර්යය වාසනාව ලැබේවා,....

    ReplyDelete
  43. මුලින් කමෙන්ට් දැම්මෙ පෝස්ටුව නොකියවා බ්ලොගය පටන් ගත්තාට.. හික් හික්.. බ්ලොගයක් පටන් ගත්තු එක හොදයි. දිගටම ලියමු..ජය!!

    ReplyDelete
  44. ඔබා මාමාට සුභ පැතුම් චිරාත් කාලයක් බ්ලොග් ලියන්නට,,,

    ReplyDelete
  45. අම්මෝ මෙන්න අපේ නියම බ්ලොග් කාරය එලි බැහැලා එල කතාවකුත් එක්ක.. අනුන්ගේ බ්ලොග්වල කමෙන්ට් දදා හිටිය ඇති කියල හිතෙන්න ඇති.. උණුසුම් සුබපැතුම් සහෝදරයා.. අහන්න දෙයක් නැහැ දැනටම තියන ප්‍රතිචාර වලින් පැහැදිලියි ගමන ..

    ReplyDelete
  46. ඔන්න අපිත් මේ පැත්තේ ඇවිත් යන්න අවා.. මාරු කතා ටිකක් අහගන්න රීඩර් එකටත් දමාගත්තා... ඔබ්සර්වර් අය්යේ.. ජය...

    ReplyDelete
  47. @ ගිම්හානි, වාර්තාවක් තියන්න ඉන්නව කියල යන්තං වත් දැනන් උන්න නං පරණ ජොබ් එකම කරල සටනක් දෙනව, එත් දිනුන් කියල හිතන්න එපා, පරණ ජොබ් එක අත ඇරල නැහැ හරිද...

    @ බුවා, බොක්කෙන්ම තෑන්ක් යූ... ඇවිල්ල කොමෙන්ට් එකක් දැම්මට

    @ ඕනයා, උඹ බේරිලා කියල එහෙම බැරි වෙලාවත් හිතන්න එපා...කවි ලියල ශේප් වෙන්න හැදුවට...උඹ කවද්ද බොල කවි ලිව්වෙ? පිසාට හරි ජය්යට හරි ගානක් දීල වත් ලියෝ ගත්තද?

    @ Weni,ඕනය වගේ එවුන් ආශ්‍රය කලාම සිද්ධ වෙන දේවල් ඕව....

    @ සාතන්, කොය් බ්ලොගේට ගියත් කොමෙන්ට් එකක් දකින්න ලැබෙන සාතන්ගෙනුත් පලවෙනි දවසෙම කොමෙන්ට් එකක් ලැබීම ගැන සන්තෝශය්

    @ Outsider, අවුට්සය්ඩර් කොමෙන්ට් එකක් නොදාන බ්ලොග් එකක් නැති තරං, බ්ලොගක් පටන් ගත්තම තමා තේරුනේ කොමෙන්ට් එකක් කොච්චර වටිනවද කියල, පොඩ්ඩක් දිව ගාල තිබුන, අන්තිම පේලියට කතන්දර දෙක තුනක් ලියල, මගෙ බ්ලොගේ පලවෙනි පෝස්ට් එකත් අන්තිම පේලියෙ කලින් පබ්ලිෂ් කරපු එකක්

    @ රඹා, ස්තුතිය් පලවෙනි දවසෙම ආවට, ලියන්නත් ෆුල් පබ්ලිසිටි එකක් දීල කියල දැක්ක. දෙන්නටම බොක්කෙන්ම ඉස්තුතිය්

    @ සිතුවම්, "හීරළු හස්ත මුද්‍රා" ගැන චුට්ටක් කියල තිබ්බ මාරයගෙ කොමෙන්ට් එකේ, මේ කතාවම ඉස්සර කාලෙක අන්තිම පේලියෙ පබ්ලිෂ් කොලාම "කතන්දර" ත් කොමෙන්ට් එකකට දාල තිබ්බ නියම හස්ත මුද්‍රාවක්. තෑන්ක් යූ පලවෙනි දවසෙම ඇවිල්ල කොමෙන්ට් එකක් දැම්මට

    ReplyDelete
  48. දැන් නං හති, අර වලව්වෙ ඇත්තන්ගෙන් වත් උපදෙසක් ගන්න වෙනව හැම කොමෙන්ට් එකටම උත්තර බඳින ලේසි ක්‍රම වේදයක් තියෙනවද කියල. කතන්දර, මාරයා, හිස් අහස, එහෙමත් ඕකට උපදෙස් ගන්න හොඳ කෂ්ටිය මං හිතන්නෙ, කෙහෙල් කොටුවේ පොඩි එකත් නරක් වෙන්න බැහැ, දත් දොස්තරගෙන් නං අහල වැඩක් නැහැ, පොර උත්තර දෙනව කවදාවත් දැකල නැති හින්ද, එක පෝස්ට් එකක නං කිව්ව හැමෝටම උත්තර දෙනව කියල...ඒත්..ම්හු....ඒකට දුන්නු චැලේන්ජ් එකට වත් උත්තරයක් ලැබුන් නැහැ.

    හෙට ඉරිදා වුනාට හෙන වැඩක් තියෙනවා, කොමෙන්ට් දාපු ඔක්කොටම බොක්කෙන්ම ස්තුතිය්, අනිද්දට ඔක්කොටම වෙන වෙනම උත්තර දෙනව...දොස්තරගෙ වගේ බොරු පොරොන්දුවක් හෙම නෙමේ ඕන්

    බ්ලොග් ලියන එකත් ලේසි කෙලියක් නෙමේ කියල නං තේරුනා....අර ලියපන්, ලියපන්, කියපු කෂ්ටිය හොයාගෙන උන්ගෙ ගෙවල් වලට යන්ඩ හිතෙනව.... අන්තිම පේලියෙ, හිතිච්ච වෙලාවට කුණුහරපයක් ලියාගෙන ඕනය වගේ එවුන් එක්ක වලියක් ඇදගෙන හිටිය නං ලේසිය් වගේ...

    ReplyDelete
  49. අඩේ මෙන්න ඔබ්සර් අයියා බ්ලොග් එකක් ලියලා.නියමයි.පදම් භාෂාවට මම හරි කැමතියි.දැක්කද වෘත්තීය කමෙන්ට් කරුවෙක් බ්ලොගයක් ලිව්වම තියෙන අප් එක.

    ReplyDelete
  50. බබා ලට මූණ ඔබා ගෙන කියවන්න මෙන්න ඔබාගෙන් හැබෑම අඩවියක්! එළ කිරි...

    ReplyDelete
  51. ලියන්නා ට අමතක නැහැ ඔබ්සවර් අයියට නිකන් ලියන්නගෙ බ්ලොග් එක ගැන කිව්ව විතරයි අ.පේ එකෙ ඕක ලියල දීපු බකප් එක..

    ReplyDelete
  52. //@ Weni,ඕනය වගේ එවුන් ආශ්‍රය කලාම සිද්ධ වෙන දේවල් ඕව....
    කුණුහරපයක් ලියාගෙන ඕනය වගේ එවුන් එක්ක වලියක් ඇදගෙන හිටිය නං . . . //

    ඈ බොල බූරු *** . . . . . බොට පලවෙනි පෝස්ට් එකේදිවත් මාව කන්නෙ නැතුවම බැරිද . . . ????

    ReplyDelete
  53. ඔබා අයියෙ ආශ්‍රය කරන්න හිතුව විතරයි...!!!
    මෙහෙම උනා..
    හා හා ඕන මල්ලි කේන්ති ගන්න එපා ඔව්වට..කරෝල වාඩියට ගුවන් ප්‍රහාරයක් වත් එල්ල කරයිද දන්නෙ නැහැ ඔබා..පරිස්සමෙන්

    ReplyDelete
  54. http://liyanna-liyanna.blogspot.com/2011/08/blog-post_6551.html?showComment=1313903476146#c6687458275757124316

    මම ඔය උඩ තියන ලින්ක් එක දැකලා ආවෙ, හත්තිලව්වෙ දන්නෙවත් නෑනෙ. අදනෙ මම දන්නෙ .........

    හදවතින්ම සුබ පැතුම් ඔබ්සවර් අයියා (මාමා), හැමදාම බ්ලොග්වල කමෙන්ට් කරලා දිරි ගන්වන ඔයා මෙහෙම වැඩක් පටන් ගත්තා කියන්නෙ අප්‍රමාණ සන්තෝසයි ........

    @Gimhani,
    මොකද ගිම්හානි නඟත් දැන් බ්ලොග් එකක් පටන් ගන්න හිතුවොත් නරකද ......

    ReplyDelete
  55. කාලෙකට පස්සෙ ජාලෙට ගොඩ වැදුනෙ අද....මෙන්න පරණ කෙනෙක් ගෙන් අලුත් එකක්...නියමයි..නියමයි..ඔන්න අපිත් බෙල් එක ගැහුවා....

    ටිං...ටිං....ටිං
    කාලෙකට පස්සෙ ජාලෙට ගොඩ වැදුනෙ අද....මෙන්න පරණ කෙනෙක් ගෙන් අලුත් එකක්...නියමයි..නියමයි..ඔන්න අපිත් බෙල් එක ගැහුවා....

    ටිං...ටිං....ටිං

    @ ගිම්හානි..

    හරි තියලා බලමුකො වාර්තාව...

    ReplyDelete
  56. @Luckey

    ඔන්න ඉතින් වාර්ථාවක් තියන්න යනව කීවම ඊරිසියා හිතුනා නේද

    ReplyDelete
  57. සාදරයෙන් පිළිගමු.... දැන් ඉතින් ඔබ්සර්වර් පාඨකයෙක් විතරක් නෙමෙයි.... ලියන්නෙක්..... හෙ හේ.... අපිත් එනවා හැමදාම...අර කීවත් වගේ , පින්තූරයකුත් සොයල (කතාවට ගැලපෙන )ඇලෙව්වොත් ගොඩක් ලස්සන වෙයි...

    ReplyDelete
  58. ඔබාමා(මා), ඒක තමා මමත් බැලුවේ...! මං අමතක උනාද කියලා. අර ඕනයා කියපු දේත් හිතට ගත්තොත් හොදයි මයෙ හිතේ

    ReplyDelete
  59. @ අලුත් කොල්ල, තෑන්ක් යූ පුතා
    @ රත්ගමයා, නිකමට කියල එවහන් කොය් කැම්පස් එකටද යන්නෙ කියල, දන්න අඳුනන කාට හරි කියල නවක වදේ කියන එකේ උපරිම සොමිය අරන් දෙන්න ෆුල් ට්‍රය් එකක් දෙන්නං
    @ ගුලියා, කෑ ගහන්න එපා බං, ටික දෙනය් අන්තිම පේලිය පැත්තෙ යන්නෙ, ඊළඟ පොස්ට් එකත්....නෑ ඕනෙ නැහැ කියන්න....
    @ ජීවිතේ මල්, ස්තුතිය් ඇවිල්ල කොමෙන්ට් එකක් දැම්මට, ෆුල් ට්‍රය් එකක් දෙන්නං
    @ මුහුදු කොල්ලකාරය, උඹට, ගුලියට, දුකාට, ස්මරණ ශක්තිය ඕනෙවට වඩා වැඩිය් වගේ...තෑන්ක් යූ ගොඩ වුනාට.
    @ මහේෂ් නිශාන්ත, තෑන්ක් යූ....ෆුල් ට්‍රය් එකක් දෙන්නං....
    @ දේවාගේ අඩවියේ දේවා, බොක්කෙන්ම ස්තුතිය්. මං කොමෙන්ට් දදා හිටියට තේරීලා තිබුන් නැහැ, ලියන කට්ටියට කොමෙන්ට් කොච්චර වටිනවද කියල, අන්තිම පේලියට කතාවක් දෙකක් දාල ඒවාට කොමෙන්ට් ආවම තමා ඒ ගැන අදහසක් ආවෙ. තෑන්ක් යූ.
    @ පොඩි (ද මන්ද) කුමාරිහාමි, බුදු අම්මෝ වලව්වෙ ඇත්තො තරහ කොරන් කොහොමද? අලි බලන එවුන්, කෑම හදන කට්ටිය, ඒ ඇරුනම බොරු ශෝබනේ දාගෙන ඉන්න එවුන්, අරහෙ මෙහෙ, කී දෙනෙක් ඉන්නවද වලව්වෙ ආවතේව වලට.....ඔය යක්ෂයො ටික මාව නැති කම්බස් කොරල දාය් වලව්වට විරුද්ධව බැරිවෙලාවත් වචනක් වත් කිව්වොත්. හප්පේ කෂ්ටියට කියන්න විහිලුවට එහෙම කිව්වෙ, පුළුවන් වෙලාවට මේ පැත්තෙත් ඇවිල්ල යන්න කියල.
    @ Italy Dilan, සාදරයෙන් පිළිගන්නව, කොමෙන්ට් නං හැමදාම දකිනව, බ්ලොගක් ලියන්නෙ නැහැ නේද? නැස්තන් මට බ්ලොග් එක මිස් වෙලාද?
    @ sameerausa ,බොක්කෙන්ම ස්තුතිය්....ආයෙමත් පෝස්ට් එකක් දාපුවම එන්න....
    @ හිම කුමාරි, මං ඒත් බැලුව කොමෙන්ට් එකක් දාල ආයෙත් ඩිලීට් කොලේ ඇය් කියල, තෑන්ක් යූ ආවට ආයෙත් එන්න....
    @ චුටි ටීචර්, (හරී-පිනි පලස) හප්පේ, දැක්ක කල්....අමතක වෙලා හිටියෙ එහෙම නැහැ..... තෑන්ක් යූ ආවට
    @ සරත් ලංකාප්‍රිය බොලේ.. අමුතු නං වලින් ආවම අඳුන ගන්නත් ටිකක් අමාරුය්, අමාරුය් වගේ.....දන්න පුරුදු නමෙන් ආව නං එහෙම...අන්තිම පේලියේ එවුන් ඇවිල්ල අදාළ විෂයයන්ගෙන් පිට කතා කොරය් කියල බයක් එහෙම ඇති වුනා නෙමේනෙ.... හෙහ්..හෙහ්...හෙහ්....ගණන් ගන්න එපා ජය්යෝ, උඹව සාදරයෙන්, ආදරයෙන් පිලි අරන් තෑන්ක් යූ කිව්ව ඔන්න....

    ReplyDelete
  60. @ Xander, හද පතුලෙන්ම ස්තුතිය් ඇවිල්ල කොමෙන්ට් එකක් දැම්මට
    @ JHOTHISHALANKA , හෙහ්... හෙහ්.... "වෘතීය කොමෙන්ට් කරුවො"....නියම ටය්ටල් එක..තෑන්ක් යු...ඇවිල්ල කොමෙන්ට් එකක් දාල යන්න වෙලාව පොඩ්ඩක් මිඩංගු කොලාට
    @ ඉන්දික උපශාන්ත, අන්තිම පේලියට අනං මනං ලියද්දිත් ඇවිල්ල කොමෙන්ට් එකක් දාල ගිය බව එහෙම අමතක නැහැ....තෑන්ක් යූ...ආයෙත් ඇවිල්ල යන්න
    @ Weni , අපි ඉතින් අලුත් කෂ්ටියනෙ සිංහල බ්ලොග් ලෝකෙට, පරණ උදවිය අපිට ෆුල් සපෝර්ට් එක දෙන අතරෙ, අපිත් ඉතින් පිට කහ ගන්න එපෑය
    @ Bloody ඕනයා, බොට විහිළුවක් වත් කරන්න බැහැනෙ... ඕකනෙ කියන්නෙ අර මාළු අල්ලන්න ගිය එකෙකුත් කිව්ව කියල, "අන්තෝනිට විහිළුවක් වත් තේරෙන් නැහැ" කියල. උඹ ඉතින් දන්නව ඇතිනෙ ධීවරයන්ට අධිපති ශාන්ත අන්තෝනි මුනීන්ද්‍රයන් වහන්සෙ කියල. දන් නැත්තන් දන්න කෙනෙකුගෙන් කතාවය්, විස්තරෙය් ඔක්කොම අහගනින් (අනිත් එක බොලා හින්ද මට මේක නිකමටවත් මගේ පලවෙනි පෝස්ට් එක කියල හිතුනෙම නැහැ, උඹ මතක් කොරන කන්... ...තෑන්ක් යූ....)
    @ පන්සල් හංදිය, තෑන්ක් යූ කල්හාර, ඔව්..වොව්...ගිම්හානිටත් කාලෙ හරියාගෙන එන්නෙ
    @ Luckey ස්තුතිය් කොමෙන්ට් එකක් දැම්මට, ආයෙත් පුළුවන් වෙලාවට ඇවිත් යන්න ටිං...ටිං....ටිං
    @ ගිම්හානි, බලං ඉන්නකො වාර්තා තියන්න
    @ සොඳුරු සිත, ඔව්..වොව්.. කතන්දරත් ඔය පින්තුර සීන් එක මතක් කළා, තාම වැඩ කිඩ දාන්න දන්නෙ නැහැ, යාලුවෙක් ඉන්නවා ළඟ පාත කොම්පියුටර් වැඩ දන්න, එයාට සනීප නැහැ මේ දවස් වල, නැගිටල ආපු ගමන් උදව්වක් ගත්තැකි...... නවයුග සඟරා අමතක වෙලා නැහැ... ඒ ටික තියල තියන්න, අපි දෙන්න මාතර පැත්තෙ එනව කොහොමටත්, එතකොට හමු වෙලාම අරං යන්නන්...
    @ බුද්ධි, චුට්ටක් පැහැදිලි මදි, මාළු කාරය කියපු කොය් දේද කිව්වොත් ......සාමාන්නයෙන් ඌ කියන දේවල් මේ කනින් ගත්ත අනිත් කනින් පිට කොලා....

    ReplyDelete
  61. අඩේ ඔබා අයියේ..උඩ තියෙන රිප්ලයි ටික දැක්කම මට හිනත් යනවා..ඉඳලා ඉඳලා කන්න වෙච්ච කට්ටක් නේද බොලේ...

    ඇරු මාටියා..අත අරින්න එපා...කොහොම හරි බ්ලොග් එකත් ලියලා..කොමෙන්ට් වලටත් රිප්ලයි කරගෙන..ඇඳගෙන යමන්..මෙච්චර කාලයක් ආතල් එකේ හිටියා මදෑ...

    අපි කන කට්ටම කමු හවුලේ..

    ReplyDelete
  62. @ මාරයා සහ බ්ලොග් ලියන සැමෝම වෙත, ජීවිතේට කාල නැහැ මෙහෙම කුනක්....බුදු අම්මෝ, කොමෙන්ට් එකක් දාගෙන පැත්තකට වෙලා හිටියනං කිසි උණක් නැතුව සනීපෙට ඉන්නව...වෙනද බලන එක බ්ලොග් එකක් වත් බලන්න බැරි වුනා....හෙට නං මේක පැත්තෙ එන්නෙවත් නැහැ..දවසම කොරන්නෙ අනිත් බ්ලොග් කියෝන එක කියල හිතා ගත්ත...

    ReplyDelete
  63. අන්තිම පේලියෙ එවුන් ටික තරහ වෙලාද දන්නෙත් නැහැ

    ReplyDelete
  64. එහෙම කියලා බැහැ ලොක්කා...

    අපිත් ආසයි ලොක්කා කන සාක්කුවේ දාගෙන හරි කොමෙන්ට් වලට උත්තර ලියනවා බලන්ට..

    ReplyDelete
  65. මේ ඔබා අයියෙ (මාමෙ) පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා, ඔයා අපේ බ්ලොග් වල දාන හැම කමෙන්ට් එකකටම අපි උත්තර දීලා ඇති, අපිට උත්තර නැත්නම් මේ බ්ලොග් එක අපි වර්ජනේ කරනවා සහතිකයි .....

    ReplyDelete
  66. මාත් ආවෝ.......
    අන්තිමට හරි ඔළුව දැම්ම ඕන්....
    ඕනය අයිය කිව්ව වගේ අ.පේ අමතක කරනව එහෙම නෙවෙයි....
    දැනටමත් එහෙමද මන්ද.....!!

    ReplyDelete
  67. ජයවේවා ඔබායියේ... :)

    ReplyDelete
  68. @ මාරයා & කල්හාර,(පංසල් හංදිය),
    ඔන්න කොමෙන්ට් කියෙව්ව, තෑන්ක් යූ කියලත් කිව්ව. කන සාක්කුවෙ දාගන්න නං හම්බු වෙන එකක් නැහැ වගේ මේ යන විදියට.

    @ පුතා,
    ස්තුතිය් ඇවිල්ල කොමෙන්ට් එකක් දැම්මට, ඊළඟ පොස්ට් එකෙන් ආයෙත් හමුවෙමු.

    @පිසා,
    පික්ෂුද කොහෙන්ද පටන් ගත්තේ කියල අමතක කොරනවද එහෙම? නිකං නෙමේ ඔබී ලව්වා කවි පන්ති දෙකක්ම ලියල එක දවසේ එව්වෙ. උඹ කොමෙන්ට් එකක් කවියෙන්ම දාල තිබ්බ වගේ දැක්ක, චෙක් කොරපු කොම්පීටරේ සිංහල නැහැ, කොටු ගොඩක් විතරය් දැක්කෙ. තෑන්ක් යූ ඇවිල්ල කොමෙන්ට් එකක් දැම්මට.

    ReplyDelete
  69. ඔබා සීයේ කලින් මේක මම කියවලා තිබ්බත්...ආපහු කියවලා එන්ජෝයිස් වුනා ;) එලස් තව තව කතා දාන්න.....

    ReplyDelete
  70. @ සඳරු,
    ඔව්...සඳරු, මේක මන් කලින් අන්තිම පේලියට දාපු එකක්. ස්තුතිය් කියවල යන්න ආවට.

    ReplyDelete
  71. අයුබෝවේවා බ්ලොග් කෙරුවාවට!

    ReplyDelete
  72. හි හි මරු සිද්දිය තමා.දිගටම ලියමුකෝ හොඳ හොඳ කතා ටිකක් අපිටත් දැන ගන්න.

    ReplyDelete
  73. දැන්නම් ඔබසවර් අන්කල්ට කාගෙවත් ගෑස් බලන්නේ නැතුව හිතේ හැටියට කතා ලියන්න පුළුවන්
    චියර්ස්ස්ස්ස්ස්ස් කිව්වා!!!!

    ReplyDelete
  74. මේකේ මට ෆලෝස්ල පෙන්නන්නෙ නැහැනෙ .....

    ReplyDelete
  75. @ සබිත්,
    තෑන්ක් යූ වේවා...!!!

    @rmpmcreation ,
    ස්තුතිය් ගොඩ වුනාට, ට්‍රය් එකක් දීල බලන්න හදන්නෙ

    @ මරණේ,
    මාරයා කලින් ඇවිල්ල ගියා, මරණෙත් ආව දැන්. අපි කාටද බය.....අපිට කව්ද බය.....
    ස්තුතිය් ගොඩ වුනාට

    @ පංසල් හංදිය,
    දැනට දෙවැනි පේලියෙ මුලින්ම තියෙන්නේ මල් ටික අගේට....

    ReplyDelete
  76. ජය වේවා ලියමු ලියමු....... ඔබා අංකල්.....!

    ReplyDelete
  77. ‍මේක නිකං දක්ෂ ක්‍රීඩකයෙක් අවුරුදු ගානක් ඒ.ටීම් එකේ ගස්සලා නැෂනල් ටීම් එකට ගෙනාව වගේ. දැනටමත් 51 ෆලෝ කරලා කොමෙන්ටු හැත්තෑ ගනනකුත් තියනවා. සෙන්චරියටත් එහා යන්න පුළුවන්.කොහොමත් ජේෂ්ඨ ක්‍රීඩකයෙක්නෙ!

    ReplyDelete
  78. @ නිෂ්, ස්තුතිය් ආවට, නැවත හමුවෙමු.

    @ රාජ්, මොන ජ්‍යෙෂ්ටද රාජ්, තාම අව්රුද්දක් වත් නැහැ සිංහල බ්ලොග් කියවන්න පටන් අරගෙනත්, තාම "ඒ" ටීම් එකේ තමා සෙල්ලං කොරන්නෙ. තෑන්ක් යූ, ගොඩවෙලා කොමෙන්ට් එකක් දැම්මට.

    ReplyDelete
  79. අප්පට සිරි ඔබා අයියා බ්ලොගක් ලියනවා .. අඩේ පට්ටයි ඈ ! කතාව නියමයි දිගටම ලියන්න ඕන හොඳේ !

    ඔබා අයියා ඉතින් කතාවක් කීවොත් ආයේ සුපිරිම තමා ..

    ReplyDelete
  80. ඔබා අය්ය,
    ඔයට ඕනද ලස්සන මේල් එකක් තියනව බිල් ගේට්ස් daughter ගැන.
    ඕනනම් කියන්න එවන්නම්... mail id එක දෙන්න.

    ReplyDelete
  81. @ සඳරු,
    මං හිතං හිටියෙ උඹ තාම කනත්තෙ බුදි කියල අර බාගෙ මදි වෙලා තව කොහෙන් හරි කාලක් ක්‍රියා කොරල. මං මේ ඊයේ ඉතුරු වෙලා තිබ්බ චුට්ටක්, අහක දාන්න බැරි නිසා කටේ වක්කොරන් බ්ලොග ඇරල බලනකොට උඹත් ඇවිල්ල ඉන්නෙ, හප්පේ මහද පිනා ගියා...ස්තුතිය් ගොඩ වුනාට...හැබය් පරිස්සමෙන් ඉඳහන්, ඇය් දන්නවද? මට හිතේ තියෙනව උඹව බලන්න එන්න....හෙහ්.....හෙහ්...බොරුවට එහෙම නෙමේ කිව්වෙ.

    ReplyDelete
  82. @ ගිම්හානි,
    sanathwijewardene @gmail .com
    නිදා ගන්නෙ නැද්ද අද? සොරි අපේ වෙලාව රෑ 11 පහු වුනාට ඔයාල තාම රෑට කාලත් නැතුව ඇති

    ReplyDelete
  83. ගින්දර තමා.. ඔබා පටන් අරන් තියෙන්නෙ කාලය දීපය දේශය ඔක්කොම බලල.
    ගින්දර වගේ හන්ද ඇස් දෙකත් රිදෙනවා වගේ. හොඳ යූ අයි පොරක් කන්සල්ට් කරමුද...

    ReplyDelete
  84. e mail no eke harida. eke error ekak enewane

    ReplyDelete
  85. ඔබා අයියත් බ්ලොගක් පටන් අරන් තියෙන්නේ මේ..එල එල, දිගටම ලියන්න සුභ පතනවා..මෙච්චර කල් කමෙන්ට් වලින් පළකරපු අදහස් දැන් පුළුවන් නේ පොස්ට් විදියට එලියට දාන්න.. :)

    ReplyDelete
  86. @ පැණි දොඩම් - බොක්කෙන්ම තෑන්ක් යූ කිව්වා ඔන්න, මේ පැත්තෙ ගොඩ වුනාට.

    @ ගිම්හානි - මේකට එවන්න එහෙනං,
    swijewardane@pta.wa.gov.au

    @ ChammA -
    ඇත්ත චම්ම, බලමු ට්‍රය් එකක් දීල, ස්තුතිය් සුභ පැතුමට....

    ReplyDelete
  87. palaweni post 1nma maru ekata wade deela thiyanawa! maara kathawa ! hodata liyanna! niyamai! api digatama mee paththe enawa katha balanna! rasa widinna!

    ReplyDelete
  88. පරක්කු වෙලා හරි හොයාගත්තා... අන්තිම පේලිය රොක් කරන ඔබා අයියාට මේ බ්ලොග් එක ගේමක්ද... :D සුභ පැතුම්...!!!

    ReplyDelete
  89. @ මාධව,

    හද පතුලෙන්ම ස්තුතිය් ආවට. සාදරයෙන් පිළිගන්නව. කිව්වා වගේ ආයෙත් එන්න.

    ReplyDelete
  90. @ Beetle,

    බීට්ල් නං මේ කතාව "අන්තිම පේලිය" සයිට් එකෙත් කියෝල ඇති . තෑන්ක් යූ ඇවිල්ල කොමෙන්ට් එකක් දැම්මට. කොමෙන්ට් දදා විතරක් ඉන්නකොට නොතේරුනාට, "අන්තිම පේලිය"ට සහ "වන්සීරෝසීරෝ" සයිට් වලට කතා කීපයක් පොස්ට් කලාට පස්සේ තමා තේරුනේ, කියවන ය කොමෙන්ට් එකක් දාපුවම ලියන කෙනාට කොය් තරං සන්තෝෂද කියල.

    ReplyDelete
  91. එළමකිරි තමයි ඔබා අයියා...ඉළ ඇදේ-කට කනේ!

    ReplyDelete
  92. @ ඉන්දික,
    තෑන්ක් යූ,ගොඩ වෙලා යන්න ආවට. ආයෙත් එන්න.

    ReplyDelete
  93. @ චතුර,
    ස්තුතිය් කියවල කොමෙන්ට් එකක් දැම්මට. කොමෙන්ට් එකක් දාල යන එක, විශේෂෙන්ම අලුතින් පටං ගත්තු කෙනෙකුට ලොකු හය්යක් කියල, කියන්න ඕනෙ නැහැනෙ

    ReplyDelete
  94. ඔබා ඉතිං කෝ අලුත් කතා? හෑන්ඩ් සිග්නල් දාලා බලා ඉන්නවා!
    හරි ඔබාගෙ කතාව කියනකොට මට මතක් වුනා මේක. අර බෙල් තුන ගැහුවම ඊට පස්සෙ එක්ස්ප්‍රස්නෙ. දවසක් කවුද එකෙක් (ඔබාද කොහෙද) බෙල් තුන ගහලා කොන්දා බිම ඉන්දැද්දි. බස් එක ගිහින්. කොන්දා පාරෙ ගිය ආපදා සේවයෙ නැගල ඕවටේක් කරල පාර අයිනෙ හිටගෙන ඉඳලා මල පැනල. ඩ්‍රයිවර් නවත්තලා පුදුම වෙලා කට ඇරගෙන ඉන්නකොට කොන්දා බස් එකේ එල්ලිලා අහනවලු. "XXX ද ඕයි බස් එක ඇද්දෙ?" ඩ්‍රයිවර් ටත් තද වුනාලු. "අර YYY ටින් ටින් ගාපු නිසානෙ ඕයි ඇද්දෙ කිව්වලු ඩ්‍රයිවර්. ඊට පස්සෙ ඔක්කොම හරිලු.

    නරක වචන මුකුත් පාවිච්චි කරල නෑ ඕන්. henryblodwalker aka Dude

    ReplyDelete
  95. කෝ පෝස්ට් ?
    එකක් දාල නිකන් ඉන්නේ විහිලු කරනව ද අපිට ?
    තෙලාස්ට්‍රෝ එකේ දාපු පෝස්ට් ටික හරි ආයෙ දාන්න.

    ReplyDelete
  96. ela ela, OBA aiya niyameta liyala thiyenawa, ara kiwwath wage den ithin non-stop liyanna oone. Bell 3ma gahala ne thiyenne.
    Jaya Wewa........!!!!!!

    ReplyDelete
  97. ඔබතුමාට බ්ලොග් එකක් නැතිබව දැනන් හිටියෙ නෑනෙ! :)
    කොහොමහරි දැන් පටන් ගත්තනෙ... ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  98. හෙහ්...හෙහ්...හෙහ්...හෙන්රි, මං ඉතින් ලංගම හිටපු මිනිහ හින්දද කොහෙද ඔය කතාව හොඳට හුරුය් වගෙ.
    ඊගාව පෝස්ට් එකට වැඩි දවසක් බලා ඉන්න වෙන්නෙ නැහැ, අන්තිම පේලියට දාපු එකක්ම දානව කියල හිතාගෙන ඉන්නෙ. හේතුව පුතෙකුගේ ගරැජුවේෂන් එකකට අම්මෙකුය්, තාත්තෙකුය්, ඇවිල්ල අපේ ගෙදර නැවතිලා ඉන්නෙ. එයාලව රට තොට පෙන්නන්න එක්ක යන්න වගෙ වැඩ රාජකාරි අතරෙ, අතරින් පතර රස්සාවටත් යන්නත් තියෙනවා. වැඩට ගිය වෙලාවට තමා මොනව හරි කොම්පියුටරේ කොරන්න නිදහස තියෙන්නෙ. ඔය අස්සෙ යාලුවෙක් එවපු ඊමේල් එකකුත් ට්‍රාන්ස්ලේට් කරලා අන්තිම පේලියට යැව්ව, ඒක පබ්ලිෂ් වෙලාද කියලවත් තාම බලන්න බැරි වුනා.

    ReplyDelete
  99. @ රඹා,
    ජෙනිවින් හේතුවක් උඩ (ඔය හෙන්රිට දුන්න පිළිතුර බලන්නකො) පෝස්ට් එකක් දාන්න පමා වෙන්නෙ, රඹා කිව්ව විදියට තමා කරන්න හිතා ඉන්නෙ.

    ReplyDelete
  100. @ සමීර විජයවර්ධන,
    හෙන්රි සහ රඹා දෙන්නට උඩ දීල තියෙන පිලිතුරම තමා සමීර ඔයාටත්.

    සමීර, මගේ බ්ලොග් පෝස්ට් එක කියවල කොමෙන්ට් එකක් දාල යන්න කාරුණික වීම ගැන බෙහෙවින් ස්තුතිය්. නැවත හමු වෙමු අද හෙටම.

    ReplyDelete
  101. @ ගීතක-ඇත්ත කතා,
    මේ මං බ්ලොග් එකක් පටන් ගත්තමය්. සිංහල බ්ලොග් කියල ජාතියක් තියෙනව කියල දැන ගත්තෙත්, ගිය අව්රුද්දෙ අග භාගෙ. යාලුවෙක් එවපු "W3ලංකා" පෝස්ට් එකක් හ‍රහ "කතන්දර" සයිට් එකට ගොඩ වීම නිසා. කතන්දරගෙන් තමා සිංහල ටයිප් කරන විදිය එහෙම අහගත්තෙ. ඊට පස්සෙ තමා, මාරයාගෙ සයිට් එකේ ලංගම ගැන ලියපු පෝස්ට් වගයක් එහෙම කියවල, අනිත් ඒවටත් ගිහින් සිංහල බ්ලොග් ලෝකෙ සැරි සරන්න ගත්තෙ.

    ඔයාගේ සයිට් එකටත් ලඟදි සැරයක්, දෙකක්, ගොඩ වුනා කතන්දර හ‍රහ, ඊයෙ කොමෙන්ට් එකක් දැම්ම, ඒකට ඔයාගෙන් ප්‍රතිචාරයක් තිබ්බද වත් තාම බලන්න බැරි වුනා.

    බොහොම ස්තුතිය්, ඇවිල්ල කියවල කොමෙන්ට් එකකුත් දැම්මට.

    ReplyDelete
  102. ඔබා අයියත් එහෙනම් පටන් ගත්තා නේද? හොඳයි හොඳයි හැමදාම අන්තිම පේළියේ ඉඳලා හරියන්නෑනේ...සුභ පැතුම්..

    ReplyDelete
  103. @ Prasannajith,
    Thank you, ඇව්ල්ල සුභ පැතුවට. අන්තිම පෙලියත් අත අරින්න බැහැ එහෙම ලේසියෙන්, එතනින්නෙ පටන් ගත්තෙ. නැවත හමුවෙමු ඊළඟ පොස්ට් එකෙන්. අන්තිම පෙලියටත් යවපු කතාවක් පබ්ලිෂ් වෙලා තියෙනව අද, වෙලාව තියේ නං ගිහින් බලන්න.

    ReplyDelete
  104. අඩේ ඔබා අයියා, අද තමා දැක්කෙ අලුත් බ්ලොගේ.. සංතෝසයි සංතෝසයි, ඇරලා යං ඈ..

    මේකෙ පාට පොඩ්ඩක් වෙනස් කරමුද..?? ඇස් දෙක රිදෙනව බං දිගටම කියවගෙන යනකොට.. කමෙන්ට්ස්වල ෆොන්ට් සයිස් එකත් වැඩි කරමු.. අපටත් හතලිස් ඇදිරිය තියෙනව බොල.. :)

    ReplyDelete
  105. @ බුරා,
    අනේ මන්ද මේ නාකි යක්කුත් එක්ක බැහැ. ඔන්න පාට වෙනස් කලා, පළලත් වැඩි කලා, අකුරු සයිස් වෙනස් කොරන හැටි දන්නවා නං කියමු බලන්න. මට ක්‍රමේ හොයා ගන්න බැරි වුනා තවම.

    තෑන්ක් යූ, ගොඩවෙලා කොමෙන්ට් එකකුත් දැම්මට.

    අන්තිම පේලියෙ කාලෙකට ඉස්සර දාපු පෝස්ට් එකක් සංස්කරණය කොරගෙන යනව, හෙට වෙනකොට පබිලිස් කොරන්න පුළුවන් වෙය් මගේ හිතේ.

    ReplyDelete
  106. හත්තිලව්වයි මම දැක්කෙ අදනෙ... දැන් ඉතින් ඔබාට ඇරියසුත් එක්ක හම්බවෙයි කට්ටියගෙන්..

    ජය !!!

    ReplyDelete
  107. කතාව නම් මැක්සා.ඔය හැන්ඩ් සිග්නල් එක හරි ප්‍රයෝජනවත්.දැන් නම් භාවිතා වෙනවා අඩුයි.ඉස්කෝලේ ගිය කාලේ නම් ගොඩක් වෙලාවට පාවිච්චි උනා.දවසක් ඉස්කෝලේ මිස් කෙනෙක්ටත් මාට්‍ටු වෙන්න ගියා.

    ReplyDelete
  108. නමය නපුරු නිසා තව කමෙන්ට් එකක් දාලා 110 ටම කමෙන්ට් නැග්ගුවා ඕන් ....... :DD

    ReplyDelete
  109. @ Sapatheru unnahe,
    හප්පේ අපේ සපතේරු උන්නැහෙත් ඇවිල්ල තියෙන්නෙ, තෑන්ක් යූ ඇවිල්ල කොමෙන්ට් එකකුත් දැම්මට, ආයෙත් හමුවෙමු.

    @ Rajith Doo,
    කොමෙන්ට් දෙකක්ම දාල...හෙහ් ...හෙහ්...තෑන්ක් යූ....ආයෙත් එන්න.

    ReplyDelete
  110. අනෙ අප්පේ!
    ඔබ්සර්වර් මහත්තය බ්ලොග් එකක් පටන් ගත්ත කියල අදනේ දන්නේ. පොඩි ප්‍රචාරයක් දෙන්ඩ එපැයි, අපිටත් දැනගන්ඩ. අර මාරයගේ පෝස්ට් එකට ගිහින් නිකමට ඔබ්සර්වර් මහත්තයාගේ බ්ලොග් profile එක view කරල බැලුව. මෙන්න බොලේ බ්ලොග් එකක් පටන් අරන්!
    හොඳයි, හොඳයි. අපේ උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  111. @ පොත්ගුල්ලා,
    හෙහ්....හෙහ්....හෙහ්...ඔහේ හිතුන පටන් ගන්න කියල, ඉස්සර "අන්තිම පේලිය" සයිට් එකට දාපු කතා දෙකක් තමා ටිකක් සංස්කරණය කරලා මුලින්ම දැම්මෙ. ඔයාගේ සයිට් එකට ටික දවසකින් ගොඩ වෙන්නත් බැරි වුනා, සමාවෙන්න.
    ස්තුතිය්, මෙහාට ගොඩවෙලා, කියවල කොමෙන්ට් කලාට. නැවත හමු වෙමු.

    ReplyDelete
  112. සුබ පැතුම්......ඔබා,

    අපූරු කතාවකින්ම වැඩේ පටන් අරං තියෙන්නෙ.....එළ, එළ,

    ReplyDelete
  113. @ Ravi,
    Didn't see this comment until much late, anyway Thanks Mate, I appreciate a word of encouragement from people like you.
    Sanath
    (Observer)

    ReplyDelete
  114. ඔබා අයියේ, එලම වැඩක් නෙව මේක.... මම පරක්කු වැඩිද මන්ද.... කොහෙද ඉතින් ලංකාවේ හිටපු ටිකේ මොන ඉස්පාසුවක්වත් තිබුන එකක් යෑ......! හොඳ හොඳ කතා ටිකක් අහගන්න පුළුවන් වෙයි ඕං අපිට..... ජය වේවා කිව්වා ඔන්න....!

    ReplyDelete
  115. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කිව්වලු, ඉස් ඉස්සෙල්ලම මෙහෙමනං පහු වෙනකොට තනි ඇහෙන් තමා කියවන්න වෙන්නෙ. ජය වේවා !

    ReplyDelete
  116. @ දුමී,
    මං හිතා හිටියෙ මෙලහට, ආපහු ගිහින් කියල, ඒත් දවස් කීපෙකට ඉස්සෙල්ල දැක්ක වෙන බ්ලොග් එකක තාම ලංකාවෙ කියල.
    දැන් නං ආපහු අරාබි හන්දියේ වගේ. තෑන්ක් යූ, මෙහෙටත් ගොඩ වුනාට.

    ReplyDelete
  117. @ Nawammawatha,
    හිකිස්.....දැන් තව හැදෙන්න දෙයක් නැහැ බොලේ....යන ලෝකෙට මොනා හරි කොර ගන්න ඕනෙ කාලේ. බෝම ඉස්තුතිය් මෙහෙටත් ගොඩවෙලා කොමෙන්ට් එකකුත් දැම්මට.

    ReplyDelete
  118. නියමයි. අදනෙ දැක්කෙ. ලියමු.. ලියමු. මගෙන් උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
  119. බොහොම ස්තුතිය් නිහාල්

    ReplyDelete
  120. ඔන්න ඔබා මාමේ මගේ කොමෙන්ටුවේ බලය ඈ :DDDD

    ReplyDelete
  121. @ වැප්,
    වට් ෆො ද ටෙලින්?

    ReplyDelete
  122. මෙතනට ආවෙ වෙදගෙදරින් පත්තුවක් බැදගෙන මොකද මමත් ඔය බස් එකෙ උන්නා හික් හික්ස් ...

    ReplyDelete
  123. @ ලොකු ජෝන්

    ඔව්..වොව්... මං දැක්ක වෙද ගෙදරින් නොමිළේ ඇඩ් එකක් දීල තියෙනව

    ReplyDelete
  124. ෆට්ටම.. ෆට්ට..

    එතකොට අර එක අතක් මුනින් අතට අනිත් අතේ අල්ල උඩ තියලා කියන්නේ මොකක්ද ඔබෝ.. :)

    ReplyDelete
  125. This comment has been removed by the author.

    ReplyDelete
  126. ඉහත දැක්වෙන කොමෙන්ටුව මා විසින් පල කරන ලද්දක් නොවේ. ‍ගූගල් ගිණුමේ මුරපදය යම් විදිහකින් කෙනෙකු අතට පත් ව සිදු කරන ලද අසික්කිත වැඩක් බව කණගාටුවෙන් පවසමි.

    ඔබ්සර්වර් මහතා ..... මට සමාවෙන්න

    ReplyDelete