1970 ගණන් වල මුල බාගෙ, මම වේරහැර පුහුණුව ලබන්න යන කාලෙ තමා ලංකාව මෙට්‍රික් ක්‍රමේට හැරෙන්න පටන් ගත්තෙ. ඒ කාලෙ ප්‍රයිවෙට් බස් තිබුන් නෑ. ලංගම බස් ඇතුලෙ දැන්වීමක් අලෝල තිබ්බ 'ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි ' කියල. හුඟක් ඒ දැන්වීම් වල කව්ද මන්ද 'හැ' යන්න කුරුටු ගාල තිබ්බ. ඔය වගේම කෝච්චි පෙට්ටි ඇතුලෙ සමහර ආසන උඩ ගහල තිබුන දැන්වීමක් 'කාන්තාවන්ට පමණයි ' කියල. ඔය දැන්වීමෙත් පමණයි කියන වචනෙ මැද්දෙ තියෙන 'ම'යන්නයි,'ණ' යන්නයි හැම වෙලාවෙම හූරල දාල තිබුනෙ. අපි ඉස්කෝලේ යන කාලෙ තිබුන තව 'පවර් සෙට්' කියල කෝච්චි වර්ගයක්. කෝච්චියගෙ බ්ලොග් එක පැත්තෙ ගියා නම්, පවර් සෙට් විතරක් නෙමේ, ලංකාවේ ඉස්සර දුවපු, දැනටත් දුවන, ඕනෙම කෝච්චියක් ගැන විස්තර, එන්ජිමේ දිග, බර, ඇතුළු විස්තර එක්කම බලාගත්තෑකි. ඔය පවර් සෙට් මැදිරි ඇතුලෙ ගහල තිබුන දැන්වීමක් 'මෙය ඔබේ ජාතික වස්තුවකි, ඔබේ ඇස් දෙක මෙන් රැකගන්න' කියල. ඔය දැන්වීමෙත් ඕනෙ වෙලාවක ඇස් කියන වචනෙ දකින්න නෑ. යාන්තමට මතකයි ඒ වාක්‍යය ඉංග්‍රීසියෙනුත් ගහල තිබුන 'This is your national wealth, look after it as your health' කියල, ඒක නං හූරල තිබුන කියල මතකයක් නෑ. වාක්‍යය තේරෙන් නැති හින්දද, වෙනස් තේරුමක් එන්න හුරන්න බැරි හින්දද දන්නෙ නෑ. ඔක්කොම දැන්වීම් ඉංග්‍රීසියෙන් විතරක් ගැහුව නම් හූරන්නංගෙන් බේරගන්නත් තිබුන කියල හිතෙනව දැන්නම්.
ලංකාව මෙට්‍රික් ක්‍රමේට හැරෙන කාලෙ නීති සම්පාදනය වුනා, කිසිම වෙළඳ ගනුදෙනුවක් අවුන්ස, රාත්තල්, යාර, අඩි, ගැලුම්, බෝතල්, වලින් කරන්න තහනම් කියල. ඒ කාලෙ වෙන්නැති dram එකත් මි.ලී. 100 බවට පත්වුනේ. ඉස්සර බෝතලේ කියන්නෙ dram අටක්. අපරාදෙ කියන්න බෑ, බාර් කාරයො නම් මි.ලී 750 බෝතලේ අගේට මි.ලී.100 ඒව අටකට බෙදන්න, උන් ගිය ඉස්කෝල වලින් ඉගෙන ගෙන ඇවිල්ල තිබුනෙ. ඔය කාලෙ වෙළෙන්දො ගාව රාත්තල්, කාල්, බාග, අවුන්ස, තරාදි පඩි හෝ හාල් මනින සේරු තිබිල අහු වුනොත් උසාවි දාල දඩ ගහනව. මාකට් එකේ වෙළෙන්දො සෑහෙන කාලයක් යනකම් පරණ පුරුදු විධියටම දෙහි මිරිස් හෙම වික්කෙ කාලෙ, බාගෙ, ගාන කියල. හැබැයි කිරුවෙ ග්රෑම් 100 සහ 200 පඩි වලින්. 1980 ගණන් වල අග හරියෙ මම ලංකාවෙන් එනකොටත්, ගම්පහ මාකට් ලේන් එකේ පදික වෙළෙන්දො හාල් වික්කෙ සේරුවෙන් මැනල. නගර සභාවෙන් පොලිසියත් එක්ක ඇවිල්ල, සේරුත් එක්ක අල්ලන් යනකොට වෙළෙන්ද නෙමේ යන්නෙ, ඒවට යන්න වෙනම කට්ටිය ඉන්නව මාකට් ලේන් එකේ. වෙළෙන්දට තියෙන්නෙ උසාවි දාපුවම දඩේ ගෙවල උසාවි දාපු එකාව බේරගෙන ඌට කීයක් හරි දෙන්න.
මම ලංගමෙන් අයින් වෙලා, මෙහෙ එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කාලෙ, අපේ මස්සිනාට අයිති ග්රොසරියක මුදලාලි වෙලා හිටිය ටික කාලයක්. ඒක තිබුනෙත් මාකට් ලේන් එකේ. අල්ලපු එක පොඩි සිල්ලර කඩයක්, මුදලාලි 'සුදු මල්ලි' කියල තරුණ පහේ හාදයෙක්. ගම මාතර පැත්තෙ. ගමෙන් එක්කන් ආපු නෑදෑ මල්ලිල තමා සහයට හිටියෙ. සුදු මල්ලි ගෙ කඩේ පුංචි නිසා හාල් එහෙම වික්කෙ, සුදු මල්ලිගෙ කඩේ ඉස්සරහ පේව්මන්ට් එකේ. මාකට් ලේන් එකේ ලොකු කඩ හවස හය , හත, අතරෙ වැහුවට, සුදුමල්ලිල මම වගේ පොඩි බිස්නස් කාරයො වහන්නෙ රෑ අට පහුවෙලා. දවසක් මම කඩේ ලෑලි වහනකොට දැක්ක සුදුමල්ලි අමුතු වැඩක් කරනව. මිනිහ ගෝලයො කඩේ වහන්න අස්පස් කරන අතරෙ, එළියෙ තිබුන හාල් ගෝනි වල උඩම, පාර පැත්තට තියෙන හාල් ටික, පරෙස්සමට එකතු කරල වෙනම කඩදාසි බෑග් වලට දානව. මම ඒ මොකටද කියල ඇහුවම, සුදු මල්ලි කිව්ව 'ගෙදර කෑමට මහත්තය' කියල. පහුවෙනිදද කොහෙද, දවල් එකට දෙකට විතර කඩවල මැස්සො ඇහිරෙන වෙලාවෙ, අපි දෙන්න පොඩි කයියක් ගහගෙන ඉන්න කොට තමා සුදු මල්ලි ඇත්ත කතාව කිව්වෙ. හාල් ගන්න එන පාරිභෝගිකයො, විශේෂෙන්ම ගෑනු අය, හාල් හොඳට වේලිලද කියල බලන්න හාල් ඇටයක් දෙකක් හපල බලනවලු. ඒකට හාල් ගෝනියේ උඩින්ම, ඉස්සරහට වෙන්න දාල තියෙන්නෙ, ඉස්තරම්ම හාල් ටිකක්ලු. හාල් මනින්නෙ හැම වෙලාවෙම ගෝනියේ වෙළෙන්ද පැත්තට තියෙන හාල් වලින්ලු. මන් ඇහුව ඒ පාර ගල් වැලි කලවම් තෙත හාල්ද අනිත් හරියෙ තියෙන්නෙ කියල. සුදු මල්ලි මගෙන් අහනව, මහත්තය කියන්නෙ අපි හාල් වේලන්නද, අපිට මෝල් වලින් ලැබෙන ඒව විකුණනව ඇර කියල. මිනිහ එදා මට පෙන්නුව, සේරුව හදල තියෙන හැටිත්. සේරුව පිටතින් ලොකුවට තිබුනට, අඩිය තියෙන්නෙ ටිකක් උඩින්. හාල් ගෝනිය උඩින් ලස්සනට හොඳ හාල් ටිකක් දානවට වෙළෙන්දො කියන්නෙ 'මාලෙ දානව' කියලලු.
පඳුර වටේ තැලිල්ල හින්ද තව පොඩ්ඩෙන් කියන්න ආපු කථාවත් අමතක වෙනව. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ සෑහෙන කාලෙකට ඉස්සර, පිටකොටුවෙ ඉඳල පිළියන්දල පැත්තට ගිය 120 ලංගම බස් එහෙක. මේ වෙලාවෙ බස් එකේ මගීන් ඉඳල තියෙන්නෙ ආසන ගානට වගේ. මගදි මොන ආගමේ හෝ පුජක වරයෙක් නැග්ගොත් බස් එකට, ආසනේ පුජ කරන්න වෙන නිසා ඩ්‍රයිවර් උන්නැහෙ පිටිපස්සෙ වගේ තියෙන 'පුජ්‍ය පක්ෂය' සඳහා වෙන් කල ආසනේ කව්රුත් වාඩි වෙලා ඉඳල නෑ.
ඇස්වාට්ටුව හන්දියෙ බස් එක නැවත්තුවම බෞධ භික්ෂූන් වහන්සෙ නමක් නැගල තියෙනව බස් එකට. කොන්දොස්තර උන්නැහෙ ඩෝප්කාරයව ආයෙත් අවදි කරල ස්වාමීන් වහන්සෙටත් ඉඳගන්න ඉඩ අරන් දීල. ඩෝප්කාරය ඉඩ දෙන ගමන් ඇහෙන නොඇහෙන ගානට කියල තියෙනව 'දෙන්ඩ හිතයි, අපවත් වෙන්න' කියල. භික්ෂූන් වහන්සෙටත්, බේබද්ද කියපු කථාව ඇහුනත්, තමන්ගෙ පාඩුවෙ සද්ද නැතුව ඉඳල. ඊට පස්සෙ මිනිහ නිදාගෙන නෑ, දිගටම තොල් මතුරමින් ඉඳල තියෙන්නෙ.
පඳුර වටේ තැලිල්ල හින්ද තව පොඩ්ඩෙන් කියන්න ආපු කථාවත් අමතක වෙනව. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ සෑහෙන කාලෙකට ඉස්සර, පිටකොටුවෙ ඉඳල පිළියන්දල පැත්තට ගිය 120 ලංගම බස් එහෙක. මේ වෙලාවෙ බස් එකේ මගීන් ඉඳල තියෙන්නෙ ආසන ගානට වගේ. මගදි මොන ආගමේ හෝ පුජක වරයෙක් නැග්ගොත් බස් එකට, ආසනේ පුජ කරන්න වෙන නිසා ඩ්‍රයිවර් උන්නැහෙ පිටිපස්සෙ වගේ තියෙන 'පුජ්‍ය පක්ෂය' සඳහා වෙන් කල ආසනේ කව්රුත් වාඩි වෙලා ඉඳල නෑ.
සමහරු කියනව වගේ 'කණ සාක්කුවෙ' වැටෙන්න බීපු මනුස්සයෙක් නැග්ගලු බස් එකට, කොටුවෙ ඉස්ටේසම පහුකරල චුට්ටක් දුර යනකොට තියෙන බස් හෝල්ට් එහෙකින්. හොස්පිට්ල් ස්ට්‍රීට් එක පැත්තෙ ෆේමස් බාර් එහෙක ඉඳල වෙන්නැති ආවෙ. දෙන්නෙක් වාඩි වෙන්න පුළුවන් ආසනයක් හිස්ව තියෙනව දැක්කම, මිනිහ බුරු ඇඳත් දිග ඇරගෙනම වාඩි වුනාලු. වාඩිවෙලා ජනේලේ පැත්තට හේත්තුවෙලා නින්දක් ගහන්න හදනකොට , කොන්දොස්තර උන්නැහෙ බොහොම අමාරුවෙන් යන තැන අහගෙන ටිකට් එකක් දුන්නලු. ටිකට් එකත් උඩ සාක්කුවෙ දාගෙන අපේ ඩෝප් කාරය ආපහු නින්දට වැටිල.
ඇස්වාට්ටුව හන්දියෙ බස් එක නැවත්තුවම බෞධ භික්ෂූන් වහන්සෙ නමක් නැගල තියෙනව බස් එකට. කොන්දොස්තර උන්නැහෙ ඩෝප්කාරයව ආයෙත් අවදි කරල ස්වාමීන් වහන්සෙටත් ඉඳගන්න ඉඩ අරන් දීල. ඩෝප්කාරය ඉඩ දෙන ගමන් ඇහෙන නොඇහෙන ගානට කියල තියෙනව 'දෙන්ඩ හිතයි, අපවත් වෙන්න' කියල. භික්ෂූන් වහන්සෙටත්, බේබද්ද කියපු කථාව ඇහුනත්, තමන්ගෙ පාඩුවෙ සද්ද නැතුව ඉඳල. ඊට පස්සෙ මිනිහ නිදාගෙන නෑ, දිගටම තොල් මතුරමින් ඉඳල තියෙන්නෙ.
තුන්මුල්ල හන්දියෙ බුදු පිළිමෙ පහු කරගෙන බස් එක යනකොට ඩෝප්කාරය බැරි මරගාතෙ නැගිටල බුදු පිළිමෙට වැඳල වාඩි වුනාලු. වාඩිවෙලා ස්වාමීන් වහන්සෙගෙන් ඇහුවලු 'ඔහෙලගෙත් බොස් නේද අර, ගරුසරු දක්කන්නෙ නැද්ද' කියල.
ඩ්‍රයිවර් උන්නැහෙ ගැහුවලු 'බ්‍රාස් ' ගාල බ්රේක් පාරක්. නැගිටල ආවලු ඩ්‍රයිවින් සීට් එකෙන්, ඇදල දැම්මලු ඩෝප්කාරයව බස් එකෙන් එළියට කුණු මාළු කෑල්ලක් වගේ. ඩෝප් කාරය පාරෙ, බස් එක ගියාලු යන්න.
සැලකිය යුතුයි. අපහාසයක් හෝ උපහාසයක් එල්ල වුනා නම් ඩෝප්කාරයට මිස බුදු දහමට හෝ භික්ෂුන් වහන්සේලාට නොවේ.
ඔබීයි මායි අප්‍රියෙල් පළවෙනිද [කොහොමත් මගෙ දවසනෙ] ලංකාවට යනව, බ්ලොග් අවකාශෙ සැරිසන්න, අප්‍රියෙල් මාසෙ තුල වෙලාව තියෙයිද දන්නෙ නෑ. බොහෝ අය 22 වෙනිද හමුවෙයි කියල හිතෙනව.
දන්නෙම නැතුව ඉස්සෙල්ල [ටිකට් ඉන්ස්පෙක්ටර්] පෝස්ට් එකෙන් හාෆ් සෙන්චරිය ගහල :-)
දන්නෙම නැතුව ඉස්සෙල්ල [ටිකට් ඉන්ස්පෙක්ටර්] පෝස්ට් එකෙන් හාෆ් සෙන්චරිය ගහල :-)