මේ දවස් වල තනියම ඉන්න ගමන්, වැඩක් නැති වෙලාවක කාලෙ මරන්නත් එක්ක හිතුන, නිකමට කඩමණ්ඩිය පැත්තෙ ගිහින් එන්න. ගන්ඩ ඇති දේකුත් නැතුව, ලොකු කඩයක් ඇතුලෙ නිකමට කැරකෙන කොට දැක්ක, කඩේ එක එක ජාති මස් වර්ග ප්‍රදර්ශනේ කොරන රාක්ක ටික. මෙන්න මේ විදියට.
'ඔබී' නිර්මාංශික ආහාර කන්නෙ. තේරෙන බාසාවෙන් කිව්වොත් 'වෙජිටේරියන්'.
බිත්තර
දාල හදන්නෙ කියල කේක් හෝ උම්බලකඩ දාල තියෙන්නෙ කියල ලුනුමිරිසක්,
පොල්සම්බෝලයක්, නොකන තරං දරුණු 'වෙජිටේරියන්' කෙනෙක් නං නෙමේ. ඒ වුනත් එයාලගෙ
ගෙදර ඉස්සර කිරි එළදෙනුන් ඇති කල නිසා, හරක් මස් ගෙදරට ගේනවට වැඩි කැමැත්තක් නෑ.
ගෙනාවොත් උයල නොදී ඉන්නෙත් නෑ. ඔය හේතුව නිසා අපි ගේන්නෙ මාළු සහ කුකුල් මස්
විතරමයි වගේ.
ඔබීත් ගෙදර නැති වෙලාවෙ මට හිතුන, 'බීෆ් ස්ටර් ෆ්‍රයි' එකක් හදල බලන්න. [වැරදුනොත් අපේ 'කළු' ඉන්නව රස
ගුණ බලන්නෙ නැතුව දෙන ඕනෙම දෙයක් කන්න.මේ පහලින් ඉන්නෙ එයා අව්ව තපිමින්.]
ඒ පාර කඩේ ඇතුලෙ කැරකිලා බැලුව වැඩේට අවශ්‍ය දේවල්.
හරියයි කියල හිතුන මෙන්න මේ දවල් දැක්කෙ එතකොට.
ඉස්සෙල්ලම දැක්ක, 'බේකින් ට්‍රේ' එකත් එක්කම තෙල්, සව්, ඇටකටු, නැති ග්රෑම්
500 ක විතර මස් කුට්ටියක්.
කෝකටත් කියල, හම එහෙම ඉවත් කරපු, කුකුල් මස් ග්රෑම් 500 ක් විතරත් ගත්ත
මෙතනින්.
ඊට පස්සෙ ගත්ත, අවශ්‍යයි කියල හිතුන අනිත් දේවල්, මේ තියෙන්නෙ ඒව.
හතු
රතු පාට මාළුමිරිස්[කැප්සිකම්]
කහ පාට කැප්සිකම්
ලූනු කොළ වගේ ජාතියක් [ස්ප්‍රින් අනියන්]
අපි නොදන්න කැරට්
ලොකු ලූනු
පහල පින්තුර වල තියෙන ජාතිත් තිබුන, ඒව ගත්තෙ නෑ. තක්කාලි, මිරිස්, කරපිංචා,
දෙහි, එහෙම ගෙදර ගස් වලත්, ඉඟුරු, සෝස්, සුදු ලූනු එහෙම කලිං අරන් ගිය ඒවත්, ගෙදර තිබුන නිසා.
පහල තියෙන සෝස් ජාතියි, තව තක්කාලි සෝස් එකකුයි,
ගෙදරම තිබුන.
මේකත් ගෙදරම තිබුන.
දැන් ඔන්න ඔබාගෙ ක්‍රමේට 'බීෆ් ස්ටර් ෆ්‍රයි' හදන්න, ඕනෙ අවශ්‍ය
ජාති ඔක්කොම කිව්ව.
ඕකට තව ඕනෙ වෙන්නෙ බටර්, මාජරින්, පොල්තෙල්, කෝර්න් ඔයිල්, පාම් ඔයිල්, ඔලිව් ඔයිල් හෝ
තමන් පාවිච්චි කොරන ඕනෙම, වසවිස ජාතියෙන් මේධය මේස හැඳි
දෙකක් විතර සහ කෑලි මිරිස් [තමන්ගෙ ටේස්ට් එකේ හැටියට අවශ්‍ය ප්‍රමාණය]
ලුනු අමතක වුනා නෙමේ, මං දාන සෝස් වල හැටියට,මට නං ලුනු ඕනැන්නෙ නෑ, ඔයාලට ඕන්නං දාගත්තට මගේ අමනාපෙකුත් නෑ.
මතකනෙ අපේ ඉන්දරේ. ඉන්දරෙයි, ඉන්දරේගෙ මල්ලියි ඉන්නෙත් මං ඉන්න කිට්ටුවමයි.
[ඉන්දරේ චුට්ටකට ඉස්සෙල්ල ලංකාවට පිටත් වුනා, වාර්ෂික විසිට් එකට]
අශෝක
හඳගම, ඒ මල්ලිගෙ වාසිටි ගජයෙක්. සතියකට විතර ඉස්සෙල්ල ඒ මල්ලි මට දුන්න, අශෝක හඳගමගෙ
'මේ පාරෙන් එන්න' ටෙලියෙ කොපියක් . ඒක මම
හුඟක් කාලෙකට පස්සෙ දැකපු හොඳම නිර්මාණයක්. මේක කියවන බොහෝ දෙනෙක් 'මේ පාරෙන්
එන්න' බලල ඇති. මල්ලි ඒක දෙන ගමන් කිව්ව, තව හොඳ එකක් තියෙනව අශෝක හඳගමගෙ, ඒකත්
හොයල දෙන්නං කියල. මේ දැන් කෝල් එකක් ආව 'බඩු හෑව්' කියල.
කට්ටිය සමා වෙන්න ඕනෙ, මම දැන් යනවා අළුත් එක , [ඒ කියන්නෙ
'නැගෙනහිර වෙරළෙන් ඇසෙන'] අරං එන්න.
සමාව දීල ඉවසා වදාරනවට සැනසිලි තෑග්ගක් හැටියට, 'නැගෙනහිර වෙරළෙන් ඇසෙන' බලල
ඉවර වුනු ගමන්, 'බීෆ් ස්ටර් ෆ්‍රයි' එකට අමතරව, 'චිකන් ස්ටර් ෆ්‍රයි' එකකුත් හදන
හැටි කියල දෙනව කෂ්ටියට.
සිංහල බ්ලොග් කියවන, කොමෙන්ට් දාන සහ බ්ලොග් ලියන සියලු දෙනාටත්, ඔවුන්
සියලු වැඩ අතපසු කර, බ්ලොග් ලෝකයේ සැරිසරණ අතර මෙත් සිතින් ඉවසා වදාරන, ඔවුන්ගේ
පවුල් වල අයටත්, හෙට ලබන්නා වූ නව වසර, ගත වුනු වසරට වඩා සුභ පල දායක එකක් වේවා....!!!
ඔබා කුනුහපර කියනව කියල හැමදාම බනින කට්ටිය 'ෆොරිජින් සිගරෙට්' පෝස්ට් එකේ පින්තුරෙ හරියට බලල නෑ, හෙහ්...හෙහ්...හූ..හූ...