'No Standing' පෝස්ට් එකේ තටමල,
තටමල, කියාගත්තෙ වෙන මොනවත්
නෙමේ, පොඩි කාලෙම ඉංග්‍රීසි
චුට්ටක් කට ගාගන්න මට වාසනාව ලැබුන හැටි.
තාත්තටයි, අම්මටයි, ඒ කාලෙම හිතෙන්න ඇති ඔය
ජාත්‍යන්තර භාෂාව, අක්කටයි, මටයි, මල්ලිටයි, උගන්නන එක අපේ අනාගතයට
ප්‍රයෝජනවත් වෙයි කියල. ඒ හින්ද වෙන්නැති හැමදාම 'ඩේලි නිවුස්' පත්තරෙයි, ඉරිදට 'ඔබ්සර්වර්' පත්තරෙයි, අපේ ගෙදරට ගෙනාවෙ.
හැබැයි ඒ දවස් වල හවසට නිකුත් වුන 'ජනතා' පත්තරෙයි ඉරිද 'සිළුමිණ' කියන පත්තරෙයි නොවරදවාම
ලැබුන. ඊට අමතරව අපට ලැබුන රීඩින් මැටීරියල් තමා, හැම මාසෙම 12 වෙනිදට සහ 26 වෙනිදට නිකුත් වුන 'නවයුගය' සගරාවයි, සඳුදට ආව 'මිහිර' පත්තරෙයි, බ්‍රහස්පතින්දට ආව 'වනිතා විත්ති' යය්. අපට ලැබුන තව එකක් තමා 'Reader 's Digest ' සඟරාව. ඒ
කාලෙ ලංකාවට ආවෙ හොංකොං වල ගහන එඩිෂන් එක
'වනිතා විත්ති'ය ඇරුනම අනික් ඒවා
ඔක්කොම බේරේ ගෙදරින් ගහපු පත්තර. 'නවයුගය' ලස්සන වෛවර්ණ පිට කවරයක්
එක්ක ආව සඟරාවක්, දැන් වගේ පත්තරයක් නෙමේ.
නවයුගේ ඒ දවස් වල කොටස් වශයෙන් පලවෙන ළමයින්ට කියවන්න පුළුවන් තත්වෙ නවකතාවක්
ගියා. හුඟාක් වෙලාවට පරිවර්තනයක්. 'ගී ද මෝපසාන්' වගේ කතෘ වරුන් ගැන දැන
ගත්තෙ, නවයුගෙන්. තව ඉලේන්
පෙරේරා කියල නෝනා කෙනෙකුයි,
නම අමතක චායාරුප ශිල්පී
එයාගෙ මහත්තයයි, විදේශ වල සංචාරය කරමින් චායාරුප එක්ක
ලිපි ලිව්ව නවයුගේට.
අපි පොඩි කාලෙ, මිහිරට සිංහලෙන් සහ ඩේලි නිවුස් එකේ ළමා පිටුවට
ඉංග්‍රීසියෙන්, ළමා කතා ලියපු, සිබිල් වෙත්තසිංහ
මහත්මිය තාමත් ළමා පොත් ලියනව කියල, 'බින්දි' ගෙ පෝස්ට් එකකින් දැන ගත්තම, හිතට ඇති වුනේ පුදුම සතුටක්.
ඒ කාලෙ නවයුගේ සත 60
යි, මිහිර සත 25 යි. බයිසිකලේ ඉස්සරහ,
පස්සෙ, ඒ වැඩේටම සවි කල පෙට්ටි දෙකක
පත්තර පුරෝගෙන, පත්තර කාරය ගෙයක් ගානේ
උදේටයි, හවසටයි, එනව. පත්තර බයිසිකලේ ඉස්සරහ,
පොලිෂ් කරපු රීප්ප පටියක් වගේ එකක 'ආරෝග්‍ය ශාලා' ස්වීප් කියල, ලොතරය් ටිකට් හයි කරලා
තියෙනව, ඒවා එකක් සත 50 යි. ආ...තව ජිම්කානා
ස්වීප් කියල එකකුත් තිබ්බ,
ඒවත් සත 50 යි. තාත්ත ඉඳල හිටල
හොස්පිටල් ස්වීප් එකක් ගන්නව මතකයි. එකම එක පාරක් සැනසිල්ලක් ඇදුන, රුපියල් 50 ක්ද කොහෙද. මිහිර,
නවයුගේ, එන දවස් වලට මල්ලියි මායි
පත්තර කාරය එනකම් බලාගෙන ඉන්නෙ. අක්ක බලාන ඉන්නෙ වනිතා විත්තිය, නවයුගේ එන දවස් වලට සහ
ඉස්සෙල්ල මතක් කරන්න බැරි වුන 'සරසවිය' සිනමා පත්තරේ එන දවසට.
හැමදාම ගන්න ගෙවල් වලට,
ඕඩර් කරලා තියෙන පත්තර,
සඟරා, වැඩිහිටියෙක් නොහිටියත් කොහොමත් දීල යනව. ඒ
ගෙවල් වලට බිල ගෙනත් දීල සල්ලි ගන්නෙ මාසෙ අන්තිමට. පත්තරේ, විතරක් නෙමේ, පාන්, කිරි, එහෙමත් ගම්පහ ටවුමෙ
බෙදුවෙ ඒ සිස්ටම් එකට. ඉඳල හිටලා පත්තර, පාන්, එහෙම ගන්න ගෙවල් වලින් කලේ, ඒ වෙලාවට සල්ලි දීල ගන්න
එක.අනිත් ටවුන් වලත් එහෙම වෙන්නැති. හැබය් මාබොදලේ හෝ අම්මගෙ ගම
තිරිවානකැටියෙ ලියුම් ඇරෙන්න වෙන ඩිලිවරි එනව මං දැක්කෙ නෑ
මගේ ළමා වියෙන් අවුරුදු
හතරක් විතර ගත වුනේ, 'No Standing' පෝස්ට් එකේ සඳහන් කල කොළඹ ඉස්කෝලෙ නේවාසිකාගාරෙ. ඉස්කෝලෙ නිමාඩුව ඇරුනම, මාසෙකට එක සති අන්තයක විතර, මාවයි කොළඹ ඉස්කෝලෙක බෝඩිමක හිටපු අක්කවයි, ගෙදර එක්ක එනව. මග ඇරුනු පත්තර සඟරා කියවන්න, මාබොදලේ යන්න, තිරිවානකැටියෙ යන්න, මාරපොල යන්න, කීයක් කියල රාජකාරිද
නිමාඩු කාලෙට.
අමතක වුනානෙ කියන්න, මාරපොල කියන්නෙ ඔබීලගේ ගම. උඩුගම්පොල හන්දියෙ ඉඳල දිවුලපිටියට යන පාරෙ නයිවල හන්දියට චුට්ටක් මෙහා. ඔබීල, අපේ තාත්තගෙ පැත්තෙන් නෑදෑයො. වෙන එකක් තියා ඔබීගෙ මල්ලිට ඇරෙන්න, ඒ පවුලේ ඔබීත් ඇතුළුව අනිත් දරු තිදෙනාට දාල තියෙන්නෙත්, අපේ අම්ම යෝජනා කරපු නම්.
රත්නපුරේට චුට්ටක් එහා, තිරිවානකැටියෙ
අම්මලගෙ ගමේ, පුංචි කෝච්චියෙ යන ගමන තමා, අපේ ජොලිම
ට්‍රිප් එක ඒ කාලෙ. ඕපනායක යන පුංචි කෝච්චිය කොටුවේ ස්ටේෂන් එකෙන් පිටත් වෙන්නෙ, 'උඩරට මැණිකෙ' පිටත්
වෙන වෙලාවටමයි, උදේ 10:10
ට. මගදි එන්ජින් ට්‍රබල්, සිග්නල් ප්‍රොබ්ලම්, ට්‍රැක් ප්‍රොබ්ලම්, [රේල්වේ වැඩ
කරපු තාත්තගෙ වචන ඒව] හෝ වෙනයම් කරදරයක්, ඒ කියන්නේ හරකෙක් හැප්පුනේ නැත්තන් හෝ
පතල් කාරයෝ රේල් පාර යටින් දෝනාවක් හාරලත් නැත්තන්, හැතැම්ම 60 ක් විතර දුර තිරිවානකැටිය ස්ටේෂමට ලඟා වෙන්න
පුළුවන් හවස හතරට විතර. නිකමට ගණන් හදල බලන්නකො කෝච්චියෙ ඇවරේජ් ස්පීඩ්
එක. උදැල්ලක් හැටියට කියන්නං, හැතැම්ම දහයක් කියන්නේ කි.මී. දාසයක්. හැබය් ඔය
උත්තරේට එන ස්පීඩ් එකට වඩා චුට්ටක් හයියෙන් යනව පුංචි
කෝච්චිය. මගීන් විතරක් නෙමේ බඩු පටවන්න, බාන්න, තැපැල් මලු පටවන්න, බාන්න, මග තියෙන
හැම ස්ටේෂන් එකේම සෑහෙන වෙලාවක් නවත්ත ගෙනත් ඉන්නවනෙ. ඒ අතරේ, අවිස්සාවේල්ලේදී
ෂන්ටින් පාරක් දාල, සෙකන්ඩ් ක්ලාස් පෙට්ටිය ගලෝල සයිඩිමකට දාන්නත් සෑහෙන
වෙලාවක් ගන්නව.
ඒ වෙනකොටත් පුංචි කෝච්චියෙ පලවෙනි පන්ති මැදිරි
තිබුනෙ නෑ. තාත්තගෙ වොරන්ට්, ෆස්ට් ක්ලාස් වුනාට, අපිට යන්න වුනේ,
සෙකන්ඩ් ක්ලාස් තිබුන එකම
මැදිරියේ. ඒකත් අවිස්සාවේල්ලට විතරයි, එතනින් එහාට
තර්ඩ් ක්ලාස්. ඉතින් අම්ම කරන්නෙ බත් මුල් එහෙම අපිට
දිග ඇරල දෙන එක වේලපහම. ටොයිලට් එහෙම තිබුනෙත් සෙකන්ඩ් ක්ලාස් පෙට්ටියේ විතරයි. මටයි, මල්ලිටයි, නං ගානක්
නෑ. අවිස්සාවේල්ලෙන් එහාදි අපි චූ බරයි කිව්වොත්, තාත්ත දොරක්
ඇරල, අපිව
දෙන්නව එක්කෙනා, එක්කෙනා, දෙපාරට ෆුට් බෝර්ඩ් එකේ උඩම පඩියෙ හිටෝලා
හයිය්යෙන් අල්ල ගන්නව. අපි ඉතින් හුලන් වැදි, වැදි, රේල් පාර
අයිනට චූ පාර දාන්නෙ හෙණ ජොලියෙ.
හැබැයි, රේල්වේ පඩි දවස් වල, දවස් දෙක තුනක්, ෆර්ස්ට් ක්ලාස් පෙට්ටිය ඕපනායක යනව. මට මතක විදියට
එකවුන්ටන්ට් මහත්තුරු එහෙම ඒ දවස් වලට කෝච්චියෙ එහා මෙහා යන හින්දද කොහෙද. තාත්ත අපේ තිරිවානකැටිය ට්‍රිප් එක හුඟාක්
වෙලාවට ඒ දවස් වලට සෙට් කර
ගන්නව.
ආපහු එන ට්‍රිප් එකේ
මගදි කන්න ආතම්ම බැඳල දෙන ඉඳිආප්ප මුල තාම මතකයි. කෙහෙල් කොලේ තවල ඔතන ඉඳිආප්ප මුලේ, හැමදාම ෂුවර් වෑන්ජනයක්
තමා, වේලපු හාල්මැස්සො එහෙම දාල හිඳේන්න උයන කොහිල දළු. අනික කුනිස්සො දාල හදන පොල් මැල්ලුම. මේ ලියන
ගමනුත් කටට ඛේඨය ඉනුව.
හප්පට සිරි මේ මං යන්නෙ
කොහෙද? 'No Standing' ඉවර කරල 'Kiss and Ride' එකත් අදම කියල දාන්න හිටියෙ. මීට පස්සේ නං පඳුර වටේ
තලන්නෙම නෑ, කියන්න ආපු එක කියලම
ඉවරයක් කොරනව.
එහෙනං ඉතුරු හරිය ඊළඟ
පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්න. හෙට අනිද්දම ලියල දාන්නන්.