මේ කියන කාලෙ ලංකාවෙ ජීවත් වුන අඩියක් පුඩියක් ගහන ඕනෙම මනුස්පයෙක්, රටේ තොටේ ඇවිදලත් තියෙනව නං කුරුණෑගල ග්‍රෑන්ඩ් එක,ගාල්ලෙ සිඩ්නි එක, ගම්පහ ග්ලෝබ් එක ආදී ප්‍රසිද්ද (සිංහලෙන් කියනවනං) වෝටරින් හෝල් වන්දනා මාන කරලා තියෙනවමය්. මේ සිද්දිය මට කිව්වෙ, කුරුණෑගල ග්‍රෑන්ඩ් එකේ වැඩ කරපු හිතවත් වේටර් කෙනෙක්, ඇත්තම නම මෙතියෙස්.
ඒ දවස් වල අහල පහල ආණ්ඩුවෙ කන්තෝරු, ඉහල පහල උසාවි, කච්චේරියෙ, එහෙම වැඩ කරන අය, එතකොට ඒ ස්ථාන වලට වැඩ කරගන්න එන අය, ඒ ස්ථාන වලින් වැඩක් කොර ගන්න ඇවිල්ල, වැඩ කොරන කට්ටියට ජරාව පූජ කොරන කට්ටිය, එහෙම තමා ග්‍රෑන්ඩ් හෝටලේ හොඳම කස්ටමර්ල. ඉඳල හිටල ඔය ලංගම වැඩ කොරන මහත්තුරු එක්කෙනෙක් දෙන්නෙක් හදිසියට ඔතනට නොගියම කියන්නත් බැහැ.
ඒ කාලෙ ග්‍රෑන්ඩ් එකේ සිස්ටම් එක තමා වැඩ පටන් ගන්න කොට වේටර්ලට රුපියල් සීයක් දෙනවා මැනේජ්මන්ට් එකෙන්.මැනේජර් ඉන්නෙ ස්ටේජ් එකක් උඩ තියෙන, මුළු හෝටලේම පේන මේසෙක. හෝටලේ වැඩ කොරන වේටර්ල, කස්ටමර් ඕඩර් කරන බීම සහ කෑම කවුන්ටරෙන් ගන්න ඕනෙ සල්ලි දීල. කස්ටමර්ගෙ බිලේ සල්ලි සහ ටිප් වේටර් සාක්කුවෙ දාගෙන, වැඩ ඇරිලා යනකොට, මැනේජෙර්ට රුපියල් සීය බේරල යන්න ඕනෙ. ඔය ක්‍රමේ දාල තියෙන්නෙ කව්රු හරි පොල්ලක් තියල මාරු වුනොත් හෝටලේට කෙලවෙන්නෙ නැතුව වේටර්ට කෙලවෙන්න. හැබය් මෙතියෙස් අය්ය කියන විදියට, කව්රු හරි පොඩි පොල්ලක් ඉඳල හිටල තිබ්බත්, ඒක එච්චර දැනෙන්නෙ නැතිලු. මොකද ටිප් සෑහෙන්න ලැබෙන හින්ද, පොඩි පාඩු කවර් කර ගත්ත හැකිලු. අනික එහෙම පැනල යන එවුන් ආපහු දවසක ආයෙමත් එන එකත් ෂුවර් හින්ද ඒ ආපුවම අල්ලගන්න සෑහෙන දුරට චාන්ස් එකකුත් තියෙනවලු. මේක කියවන කෂ්ටිය හිතය්, වේටර්ල කොහොමද රුපියල් සීයෙන් ඔය රන් එක දුන්නෙ කියල. ඒ කාලෙ ගල් බෝතලයක් රුපියල් අටය්, පොල් බෝතලයක් රුපියල් දහයය්, සෝඩ බෝතලේ සතදහයක්, පහළොවක් වෙන්ඩ ඇති මතක විදියට. මට හොඳට මතකය් කොකාකෝල බෝතලේ සත 25 ට තිබිල 30 ටද කොහෙද නැග්ගුවම අපිට හරි කේන්ති ගිහින් තිබුන.
පඩි දවසට ඉස්සෙල්ල දවස් ටික මාස් පඩි කාරයො දුවන්නෙ රිම් එකෙන් කියන එක කව්රුත් දන්න කාරනාවක්නෙ. කච්චේරියෙ වැඩ කොරපු ජෝන් සිල්වා හවසට වැඩ ඇරිල ගෙදර යන්න බස් එකටනගින්න කලින්, ඩ්රෑම් දෙකක් (දැන් කාලෙ මිනුම් වලින් සීයෙ දෙකක්) දාගන්න පුරුදු වෙලා හිටිය කෙනෙක්. කච්ච්චේරියෙන් වැඩක් කොර ගන්න ආපු කෙනෙක් ගෙන් වාසියක් වෙලා තිබුනොත් ඊට වැඩිය දාගන්නත්, යාලුවන්ට හිතවතුන්ට සංග්‍රයක් කරන්නත්, අමතක කරපු පොරක් එහෙමත් නෙමේ, හිත හොඳ මනුස්සය (අඩියක් පුඩියක් ගහන හුඟක්
අය, හිත හොඳ මිනිස්සු කියල කියනව, මං හිතන්නෙ ඇත්ත වෙන්නැති). පඩි හෙට කියල දවසක සිල්වට හතේ හත,
කොරගන්නම දෙයක් නැහැ වෙනද දාන ඩ්රෑම් දෙක තියා, එකක් දාගන්නවත් විදියක් නැහැ, සීසන් ටිකට් එක තිබුන් නැත්තන් ගෙදර යන්න විදියකුත් නැති සයිස්. ඔෆිස් එකේ යාලුවන්ටත් ඒ සෙතේමනෙ. ඒත් යාළුවො තුන් හතර දෙනෙකුට, ගෙදර යන්න බස් ගාස්තුව නැහැ කියල බොරු දුක් ගැනවිල්ලක් දැම්මම එක ෂොට් එකකට ගාන යාන්තම් එකතු වුනා.
සිල්ව යාළුවො එහෙට මෙහෙට වෙනකන් ඉඳල හෙමීට ග්‍රෑන්ඩ් එකට ගොඩ වැදිල ඩ්රෑම් එකක් ඕඩර් කලා. ඒක ගැහුවට මෑන්ට මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගෙ, අඩුගානෙ දැනුනෙ වත්නැහැ. තව එක ෂොට් එකක් වත් දාගන්න විදියක් කල්පනා කරන කොට, ටින්කිරි මොලේට නියම අය්ඩියාස් එකක් ආව. පොර ශේප් එකේ ටොය්ලට් එකට ගියා හිස් වීදුරුවත් අරගෙනම. චූ කලා වීදුරුවට හරියටම ඩ්රෑම් එකක මට්ටමට. ටොය්ලට් වල මැස්සො හිඟයක් නැහැනෙ, ෆුල් ට්‍රය් එකක් දාල, එකෙක්ව අල්ලල දැම්ම චු වීදුරුවට. ආපහු වීදුරුවත් අරගෙන හිටපු මේසෙටම ආව. දැන් කිසි කලබොලයක් නැතුව, තමන්ට සර්ව් කොරාපු වේටර් ඒ පැත්තට ආයෙත් එනකන් බලාගෙන හිටිය. වේටර් ඒ හරියෙන් යනකොට, කතාකොරල කිව්වා “මල්ලි මගේ ඩ්‍රින්ක්ස් එකේ මැස්සෙක් වැටිල ඉන්නවනෙ, ඔයා දැක්කෙ නැද්ද?”
කන්තෝරු වල වැඩ ඇරෙන වෙලාව කියන්නෙ බාර් වල ඉතින් බිසිම වෙලාවක්නෙ, වේටර් මල්ලිට කතා කර කර ඉන්න වෙලාවක් නැහැ, මිනිහ මැස්ස හිටපු වීදුරුව අරන් ට්‍රේ එකේ තියාගෙන ට්‍රේ එකේ තිබුන වෙන ඩ්රෑම් එකේ වීදුරුවක් සිල්වගෙ ඉස්සරහින් තියල ඊළඟ කස්ටමර් ගාවට ගියා. සිල්වා එක හුස්මට ඒ ඩ්රෑම් එකත් ගැහුව, කෙලින්ම බස් ස්ටෑන්ඩ් එකට ගියා, බස් එකේ නැග්ග, ගෙදර ගියා. රෑට කාල රේඩියෝ එකේ මුවන්පැලැස්ස එහෙම අහල නිදා ගත්ත.
කන්තෝරු වල වැඩ ඇරෙන වෙලාව කියන්නෙ බාර් වල ඉතින් බිසිම වෙලාවක්නෙ, වේටර් මල්ලිට කතා කර කර ඉන්න වෙලාවක් නැහැ, මිනිහ මැස්ස හිටපු වීදුරුව අරන් ට්‍රේ එකේ තියාගෙන ට්‍රේ එකේ තිබුන වෙන ඩ්රෑම් එකේ වීදුරුවක් සිල්වගෙ ඉස්සරහින් තියල ඊළඟ කස්ටමර් ගාවට ගියා. සිල්වා එක හුස්මට ඒ ඩ්රෑම් එකත් ගැහුව, කෙලින්ම බස් ස්ටෑන්ඩ් එකට ගියා, බස් එකේ නැග්ග, ගෙදර ගියා. රෑට කාල රේඩියෝ එකේ මුවන්පැලැස්ස එහෙම අහල නිදා ගත්ත.
වේටර් මලය මේ අහක යන මැස්සෙක් හින්ද අරක්කු ටික අහක දාන්න නිකමටවත් හිතුවෙ නැහැ. ටිකක් හුස්මක් කටක් ගන්න හම්බ වෙච්ච වෙලාවක, අර වීදුරුවෙ හිටපු මැස්ස අල්ලල, විසි කොරල දාල, වීදුරුව එහෙම්ම ආයෙත් ට්‍රේ එකේ තියාගත්ත.
අපේ කතාවට අදාළ සිද්දිය වුනේ ඊට පස්සෙ. දන්නව නේද අර ටය් බය් දාල උජාරුවෙන් ටවුන් වල ඒ වගේම, ගං වල කඩ වලට, වෑන් වලින් ඇවිල්ල බඩු දාන “සේල්ස් රෙප්” ල? ආන් ඒ මහත්තයෙකුත් දවසෙ වැඩ රාජකාරි ඉවර වෙලා, තෝසෙ කඩේට රිංගන්න ඉස්සෙල්ල, ග්‍රෑන්ඩ් එකට ගොඩ වුනා ෂොට් එකක් දාගන්න, පොරත් වාඩිවෙලා ඩ්රෑම් එකක් ඕඩර් කරල, හවස ගත්ත “ඊව්නින් ඔබ්සර්වර්” එක දිග ඇරගෙන කියවන්න ගත්ත පුතය වගෙ. වේටර් මල්ලිලට කොය් ඩ්රෑම් එකේ වීදුරුවත් පේන්නෙ එක වගේනෙ, එයා මහත්තය ඉස්සරහින් ඩ්රෑම් එකක් තිබ්බ, ගියා අනිත් කස්ටමර් ලට සර්ව් කරන්න. සේල්ස් රෙප් මහත්තය පත්තරේ කියෝන ගමන් දැක්ක එයාගෙ ඩ්‍රින්ක් එක මේසෙට ඇවිල්ල තියෙනව, ටිකක් බඩගින්නෙත් වගෙ හිටියෙ හින්ද පත්තරේ ඇකිලුව, වීදුරුව ගුඩුස් ගාල ගහල දැම්ම.
තුහ් …තුහ්… ගාල එතනම බිමට කෙල ගැහුව. කෑ ගහල වේටර්ට කතාකොරල ඕඩර් කලා බයිට් එකක්.
“වේටර්.......ගේනව ඕය් මට ගූ ඔම්ලට් එකකුයි පාන් පෙති දෙකකුයි”